Blog

  • අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට

    අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබාදෙන බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සඳහන් කළේය.

    එදිනට තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතයි.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද එදිනම සාක්ෂි විමසීම සඳහා කැඳවන බව එම කාරක සභාවේ නියෝජිතයෙකු සඳහන් කළේය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර තිබෙන අතර එහි අවසන් වාර්තාව ලබන මස අවසානයට පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි.

  • ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටෙයි.. තිලංග මැදිහත් වී රෝහල් ගත කරයි

    ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටෙයි.. තිලංග මැදිහත් වී රෝහල් ගත කරයි

    අද ශ‍්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය නරඹමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ අසනීප වීමෙන් බිම ඇද වැටී ඇත. එම අවස්ථාවේදී තරගය නැරඹීම සඳහා පැමිණ සිටියි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල විසින් වහාම ගිලන් රථයක් ගෙන්වා අවිශ්ක ප්‍රනාන්දුගේ පියා රෝහල් ගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස් කර ඇත.

    අවිශ්කගේ පියා විශේෂ ආරාධිතයන්ගේ කුටියේ තරගය නරඹමින් සිටියදී එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා වහා ගිලන් රථයක් ගෙන්වා ඔහුව රෝහල වෙත යොමු කර තිබේ.

    ලාබාල ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු අද දිනයේ සාර්ථක පිතිහරශයක යෙදෙමින් වේගයක් ලකුණු 82ක් ලබා ගත්තේය.

    තරයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තේය. පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පන්දු වාර 44.4කදී කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 242ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

    ඒ අනුව තරග 03කින් යුතු තරගාවලිය 2-0ක් ලෙස මේ වන විටද ශ‍්‍රී ලංකාව ජයගෙන සිටී.

  • සහරාන්ගෙන් පසු තවත් මුස්ලිම් ත්‍රස්තවාදියෙක් මතුවෙයි! සිංහලයින්ට එරෙහිව මරන තර්ජන නිකුත් කරමින් වීඩියෝ නිකුත් කරයි

    සහරාන්ගෙන් පසු තවත් මුස්ලිම් ත්‍රස්තවාදියෙක් මතුවෙයි! සිංහලයින්ට එරෙහිව මරන තර්ජන නිකුත් කරමින් වීඩියෝ නිකුත් කරයි

    ජාතිවාදය ඇවිස්සීමේ කටයුත්ත තවත් මාසයක කාලයක් ඇතුලත නවතා නොදැමුවහොත් රට තුල ලොකු කෝලාහලයක් ඇති වන බව ‘රිෂාම් මහරුෆ්’ නම් පුද්ගලයෙකු සදහන් කරයි.

    සමාජ ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ‘අපි ලංවෙනකොටත් බයක් ඇතිවන තත්වයක් අපි ඇති කරනවා’ යයිද එහිදී ඔහු සදහන් කරයි.

    පූජ්‍ය ජඹුරේවෙල චන්ද‍්‍රරතන හිමියන්ටද මෙම වීඩියෝව මගින් අනතුරු අගවා ඇත.

    මේ ගැන උන් වහන්සේ විසින් පොලිස් මූලස්ථාවයට පැමිණිලි කිරීමටද කටයුතු කර තිබේ.

  • සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සොයාගෙන එයි (වීඩියෝ)

    සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සොයාගෙන එයි (වීඩියෝ)

    විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අතින් ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මුණ ගැසී පැමිණිලි කර තිබේ.

    රාමනායක මහතා සමඟ ඔවුන් එක්ව මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන් ද එම හමුවට සහභාගි වූහ.

    සුමධුර ධර්ම දේශක, මාපිය වන්දනා කරවන හිමි නමකට එහිදී චෝදනා එල්ල විය.

    අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් මහනායක හාමුදුරුවරුන්ට දැනුවත් කරන බවද රාමනායක මහතා එහිදී පැවසීය.

  • මින් පෙර ගෝඨාභිගමනය කළ ගෝඨා මෙවර කාටත් හොරා පැන ගිය හැටි (වීඩියෝ)

    මින් පෙර ගෝඨාභිගමනය කළ ගෝඨා මෙවර කාටත් හොරා පැන ගිය හැටි (වීඩියෝ)

    මින් පෙර ඇමෙරිකාවේ සිට උත්සවශ්‍රීයෙන් “ගෝඨාභිගමනය” කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සිංගප්පුරුවේ සිට මහ රාත්‍රීයේ පැමිණ මාධ්‍යයටවත් පෙනී නොසිට හොර රහසේ පැනගොස් ඇත.

    සිංගප්පුරුවේදී හදවත් සැත්කමට භාජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී 11.45ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව සදහන්ය.

    මේ වන විට අයහපත් සෞඛ්‍යය තත්වයෙන් පසුවන ගෝඨාභය රාජපක්ෂ මහතාට මාස 06ක් වත් අඩුම තරමින් අනිවාර්යෙන්ම විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අතර එසේ නොවුවහොත් ජීවිතය දැඩි අවදානම් තත්වයකට පත්විය හැකිබවටද අනතුරු අඟවා ඇත. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපතිවරණයට කැඳවීමට දඟලමින් සිටින කොල්ලො කුරුට්ටන් රැලකගේ බලාපොරොත්තු සුන් වී ඇතැයිද වාර්තාවේ.

    මේ අසනීප තත්වයෙන් පසුවන ගෝඨාභය මහතාගේ සුවදුක් බැලීමට දින දෙක තුනකට පෙර සිංගප්පුරුවට ගිය ඔහුගේ සමීපතමයෙකු වන ජෙනරාල් වීරාද සොයිසා මහතා සමඟ සිටින ජායාරූපයක් වන අතර මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඳී වැහැරී ගොස් සිටින අයුරු මෙයින් පෙනෙයි.


  • සජිත් O/L ෆේල් බව අජිත් පී පෙරේරා ප්‍රසිද්ධියේ පිළිගනී (වීඩියෝ)

    සජිත් O/L ෆේල් බව අජිත් පී පෙරේරා ප්‍රසිද්ධියේ පිළිගනී (වීඩියෝ)

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට අ.පො.ස.(සාමාන්‍ය පෙළ)විභාගයේ සමත් කමවත් නොමැති බව එම පක්ෂයේම රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා හිරු නාලිකාවේ සලකුණ වැඩ සටහනේදී ප්‍රසිද්ධියේම පිළිගත්තේය.

    සජිත්ට ශ්‍රී ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් ඔහුට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙන බවට ඔහු සිය නිවසේ ජායාරූප එල්ලාගෙන සිටින බවට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සජිත් ගැලවු රෙදි ඇන්දවීම වෙනුවෙන් අජිත් පී පෙරේරා අවසානයේ කීවේය. එහෙත් අපොස සාමාන්‍ය පෙළවත් නැතිව සජිත් ප්‍රේමදාස නම් අයවලා විසින් එවැනි උපාධියක් ලබාගත්තේ කෙසේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී සජිත් ප්‍රේමදාසගේ රෙදි අපුල්ලන්න ගිය අජිත් ජී පෙරේරාට ඇප නැති විය.


  • ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා මම කියලා නෑ-මහින්ද (Video)

    ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා මම කියලා නෑ-මහින්ද (Video)

    මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව තමන් කිසිදු විටෙක පවසා නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

    පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුව ඊයේ දිනයට මාස 3ක කාලයක් ගත වී ඇති බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා එයට තම කණගාටුව පළ කරන බව ද කියා සිටියේය.

    තුවාල ලැබූ අය අදටත් රෝහල්වල මිය ඇදෙන බව පැවසු රාජපක්ෂ මහතා, ඔවුන් කෙරෙහි රජයේ නිසි සැලකිල්ලක් නොමැති බව ද පැවසීය.

    රටේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි එක් කෙනෙක් පවසන විට තව කෙනෙක් ආරක්ෂාවක් නොමැති බව පවසන බවත් සඳහන් කර සිටි රාජපක්ෂ මහතා, සරත් ෆොන්සේකා මහතා ඉතා පැහැදිලි ලෙස තවමත් ත්‍රස්තවාදය තුරන් වී නොමැති බව පවසන බවද කියා සිටියේය.

  • වසර 25 ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය රැකගෙන ඉන්න අපට මේවගේ විහිළු වැඩ කරන්නෙපා..

    වසර 25 ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය රැකගෙන ඉන්න අපට මේවගේ විහිළු වැඩ කරන්නෙපා..

    “එ.ජා.ප. යට අද මේ තත්තවයන් ඇති කරන්නේ, මෑතකදී පවත්වන්නට නියමිත ඡන්දයෙන් දිනන්න ඕන කියලා දගලන, අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති පුද්ගලයින් කිහිපදෙනෙක් එකතු වෙලා. එක්කෙනෙක් ගම්පහින්. අනෙක් පුද්ගලයා මාතරින්. අනිත් කෙනා හම්බන්තොටින් තමයි මේ කඩාකප්පල් වැඩකරන්න ඉදිරිපත් වෙලා සිටින්නේ. මේ අය එක්වෙලා අපේ පක්ෂය නැති කරන්න දගලනවා. මොවුන් අඩුගානේ තම ආසනය, කොට්ඨාශය, දිස්ත්‍රික්කය පවා දිනාගන්න බැරිවුණ පුද්ගලයෝ. මොවුන් එකතුවෙලා ඩි.ස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් බාරොන් ජයතිලක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වගේ පුද්ගලයින් ගොඩනැගුව, රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකා නිදහස් ප්කෂයත් නැති කරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක වගේ අයට අපේ පක්ෂයට හිරිහැර කිරීම තමයි තිබෙන එකම අරමුණ. අපි නිර්භීතව මේ පක්ෂය ආරක්ෂා කරනවා. අපි බයෙන් දේශපාලනය කරන්න ඇවිත් නැහැ. නමුත් මේ අයට විරුද්ධව නීතිමය කටයුතු කලයුතුම නිසයි අද මම මේ පැමිණිල්ල සිදුකරන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකලේ, ඊයේ (20) පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිලිතුරු වශයෙනි. පසුගිය දින කිහිපය තුලදී නොයෙක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අමාත්‍යවරයා වෙත එල්ලකර ඇති අසත්‍ය චෝදනා, අපහාස සහ තර්ජන පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය කරුණානායක මහතා මෙසේ පොලිස් මූලස්ථානයට පැමිණ ඇත.

    මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වු අමාත්‍යවරයා,

    ” අද අපේ පක්ෂය විනාශ කරන්න පිටස්තර පුද්ගලයින් යොමුවෙලා සිටිනවා. ඔවුන් අපේ චරිත ඝාතනය කරන්නත් පෙළඹිලා. ඒ නිසා අද මම පොලිස් මූලස්ථානයට ආවේ එ සම්බන්ධයෙන් 03 ක් ගැන පැමිණිලි කරන්නයි.

    ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එ.ජා.ප. ය නිවැරදි වේලාවට, නිවැරදි තීන්දුව ගන්නවා. අනෙක් අය කෑ ගහන පලියට, ඒ අයට ඕන විදියට අපි තීන්දු ගන්නේ නැහැ. තමන්ගේ ආසනය, කොට්ඨාශය, දිස්ත්‍රික්කය පවා වසර 15 කට දිනාගන්න බැරිවුණ පිරිසක් තමයි අද මේ කෑගහන්නේ. ඡන්දයක් කිට්ටු වෙද්දි, බලහත්කාරයෙන් නායකත්වය ගන්න හදන ක්‍රියාවක් තමයි මේ. වරක් ගල් ගහලා බලය ගන්න හැදුවා. චරිත ඝාතනය කරලා අපේ නායකයෝ නැති කරන්න හැදුවා. තවත් වරක් කල්ලි හැදුවා. මේවා වෙන පක්ෂ වලින් කරන් වැඩ. එයාලා කියන්නේ අපි වෙන පක්ෂ සමග සම්බන්ධකම් පවත්වනවා කියලා. වසර 25 ක් තිස්සේ පක්ෂය රැකගෙන ඉන්න අපට මේවගේ විහිළු කතා කරන්නෙපා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට අවශ්‍ය, රටට උරුම පක්ෂයක්. ඒ නිසා අපි සාමූහිකව පක්ෂය රැකගත යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් ඇතිව රටක් ඉදිරියට ගෙනියන්නනම්, පාලකයන් උගත් පිරිසක් වියයුතුයි. කාටවත් බැනලා, කෑගහලා, දෝෂාරෝපණය කරලා රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ සදහා සෑමදෙනාම එකමුතුව ඒකරාශිවෙලා කටයුතු කළ යුතුයි. රට හදන්න පුළුවන් එකම පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ඒ පක්ෂය තුලින් දක්ෂයන් ඉදිරියට ගෙනඒමට හදන අවස්ථාවේ චරිත ඝාතනය කිරීම නොවෙයි අවශ්‍ය වන්නේ “යැයි පැවසීය.

  • සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)

    සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි.

    සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් මෙම ඉල්ලීම සිදුකළේය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, නිහඬ චරිතයක් ලෙස කථානායකවරයා හැඳින්විය හැකි බවයි. දේශාපලනයෙන් ඔබ්බට ගොස් ඔහුගෙන් සිදුවු සේවය ගැන ඇගයීමක් සිදු කල යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන දැනට සිටින කාලීනම දේශපාලනඥයා කරූ ජයසූරිය බවයි.

    කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ආරියවංශ දිසානායක මහතා කියා සිටියේ, කරූ ජයසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අභීතව කටයුතු කළ අයෙක් බවයි. සජීත් ප්‍රේමදාස මහතාට තව කාලය ඇති බවත් දැන් අවස්ථාව කරූ ජයසූරිය මහතාට ලබා දීමට පක්ෂයේ කෘතියාධිකාරි මණ්ඩලය තීරණය කළ යුතු බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.


  • Face App මෘදුකාංගය ගැන අමෙරිකාව විමර්ශනයක් ඉල්ලයි

    Face App මෘදුකාංගය ගැන අමෙරිකාව විමර්ශනයක් ඉල්ලයි

    ෆේස්ඇප් මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන මෙම මාදූකාංගය මේ දිනවල අතිශය ජනප්‍රිය වී ඇති බවයි.

    සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙන ෆේස්ඇප් මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අවධාරණය කර ඉල්ලා සිටියේය.

    පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන රුසියාවේ නිෂ්පාදිත මෙම මාදූකාංගය මේ දිනවල වඩාත් ජනප්‍රියයි. ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමක යන කරුණු සලකා බලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය ආරම්භ කළ යුතු යැයි ඔහු ඉල්ලා සිටියේය.

    පරිශීලකයන්ගේ ඡායාරූප වෙනස් කරමින් ඔවුන් තවත් වසර කිහිපයකින් පෙනෙන්නේ කෙසේදැයි පෙන්වීම මෙම මෘදුකාංගයේ කාර්යයක්. ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරන අතර එහිදි පරිශීලකයන්ගේ මුහුණුවලට රැළි වයසක පෙනුමක් ලැබෙන පරිදි ඔවුන්ගේ ඡායාරූප සංස්කරණයක් සිදුකරයි.

    රුසියාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි සෙනට් සභික චක් ෂූමර් ඇමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික ආරක්ෂණ ආයතනයෙන් ද ඉල්ලා සිටියේය. මෙම මෘදුකාංගය ඔස්සේ විදෙස් රාජ්‍ය ද ඇතුළුව  ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත තෙවැනි පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී මතුවන බව එෆ්.බී.අයි වෙත ලිපියක් යොමු කරමින් සෙනට් සභික චක් ෂූමර් සඳහන් කර තිබෙනවා.

    අමෙරිකාවට එරෙහිව සයිබර් අවකාශය තුළ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන විදෙස් බලවතෙකුට ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත ලබාදීම ඉතා සංකීර්ණ හා ගැටලුකාරී තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.

    ෆේස්ඇප් මෘදුකාංගය භාවිතයට පැමිණියේ මීට වසර දෙකකට පෙරයි. මේ වනවිට ‘ගූගල් ප්ලේ’ සේවාව තුළ වැඩිම වතාවක් බාගත කරන ලද මෘදුකාංගය බවට පත්ව ඇත්තේ ද ෆේස්ඇප් මෘදුකාංගය වන අතර  එහි පරිශීලිකයන් මේ වනවිට මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

  • වෙනසක් ඇති කරන්න හදන කෙනාට පහර දෙන එක තමයි අපේ රටේ වෙනස…(වීඩියෝ)

    වෙනසක් ඇති කරන්න හදන කෙනාට පහර දෙන එක තමයි අපේ රටේ වෙනස…(වීඩියෝ)

    “අපි මේ රට හදන්න නම්, බය නැතිව තීන්දු තිරණ ගත යුතුයි. ඒ වාතාවරණය වෙනස් වෙලා තිබෙන්නේ අද එක් එක් කොමිසන් පත්කර තිබීම තුළින්. නමුත් සත්‍ය දේ කරනවානම් බය වෙන්න අවශ්‍ය නැහැ. කව්රු මොන සංදර්ශන ඇති කළත්, අවසානයේ යතාර්ථය වෙනස්කරන්න බැහැ. අපි වෙනසක් ඇති කරන්නනම්, ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි. අපි නිදහස ලබාගත්තට, සුදු හමට ගරු කරන මානසිකත්වයකින් තමයි කටයුතු කරලා තිබෙන්නේ. එය වෙනස් කළ යුතුයි. එකට වැඩ කරන, රට මුල්කරගෙන, අපේ සංකල්ප ඉදිරියට ගෙනයන යුගයක් ඇති කළ යුතුයි. අතීතයේ බැලුවොත් හාල් නිකන් දෙනවා, සිනි අඩුවට දෙනවා. සමෘද්ධීය දෙනවා. නමුත් දුප්පත්කම නැතිවෙලා තියෙනවාද. තාමත් එදා වගේමයි. පවුල් ලක්ෂ 55 ක් රටේ සිටිනවා. ඒකෙන් අඩකටම තාමත් උදව් අවශ්‍ය තත්ත්වයක සිටින්නේ. ඒ වෙනස ඇති කරන්න තමයි අපි වෙනස්විය යුත්තේ. රටක් ඉදිරියට ගෙනයනවා කියන්නේ, උපතේ සිට මරණය දක්වා සැමදෙයක්ම නොමිලයේ දෙන එක නෙමෙයි. සමෘද්ධියට කෝටි 4600 ක් ගෙවනකොට,  ලංවිම සහ ලෙකෝ කෝටි 3900ක් ජනන වියදමට වඩා අඩුවෙන් විදුලිය ලබාදීම තුළින් ජනතාවට සහනාධාරයක් ලබාදෙනවා. ඒක ගැන කව්රුත් කතා කරන්නේ නැහැ” යැයි විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ පස්වරුවේ වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර තිබූ ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් මෘදුකාංගයක් හදුන්වාදීමේ වැඩසටහනට සහභාගි වෙමිනි. ලංකා විදුලි පුද්ගලික සමාගමේ විදුලි පාරිභෝගික ජනතාව වෙනුවෙන් හදුන්වාදුන් My leco  මෘදුකාංගය මගින් බිල්පත් ගෙවීම්, කලින් ගෙවන ලද බිල්පත් පරීක්ෂා කිරීම, පැමිණිළි ඉදිරිපත් කිරීම, ඉල්ලීම් ඉදිරිපත් කිරීම, දෛනික විදුලි ගැටළු විසදා ගැනීම ආදි සේවාවන් රාශියක් ලබාගැනීමේ හැකියාව හිමිකර දී තිබේ

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “අපට අලුතෙන් හිතන්න පුළුවන් නව තාක්ෂණය යොදාගන්න පුළුවන් වුණානම්,  අපේ ආයතන ඉබි ගමනින් යන ගමන වඩාත් ශක්තිමත්ව, සාර්ථකව, අර්ථවත්ව, පාරිභෝගිකයා මුල්කරගනිමින් කටයුතු කරන්න පුලුවන් වේවි. ඒ නිසා තමයි අපි CEB Care මෘදුකාංගය හදුන්වා දුන්නේ. ඒ තුළින් පාරිභෝගිකයාට යම් වාසියක් ලබාගන්න අවස්ථාව උදාකරලා දුන්නා. ඒ වගේම අද හදුන්වා දෙන මේ My leco මෘදුකාංගය තුළින්ද විදුලි පාරිභෝගික ජනතාවට තම දැනුම වර්ධනය කරගනිමින් අවශ්‍යතා ඉටුකරන්න වැඩපිළිවෙලක් හදුන්වා දී තිබෙනවා.  1983 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් තරගකාරිත්වයක් තුළින් පාරිභෝගිකයාට වඩා හොද සේවයක් සහ කළමණාකරණයක් ඇතිවෙයි කියන විශ්වසයෙන් තමයි මේ ලෙකෝ ආයතනය බිහිවුණේ. එතුමාගේ මනා ඉදිරි ඉදිරි දැක්ම තුළින් අනාගතයේදී ලංකාව ලෝකයට සම්බන්ධ කරන්නේ කෙසේද යන සංකල්පය තුළීන් තමයි අද ලංකාව මේ තත්ත්වයටවත් ඉදිරියට විත් තිබෙන්නේ.

    අද අපි වෙනස් වෙන්න අවශ්‍යයි. පාරිභෝගිකයා මුල්කරගෙන වැඩකරන යුගයක් ඇතිකළ යුතුයි. අද බොහෝ ආයතන කඩාවැටී තිබෙන්නේ තැනේ හැටියට වැඩකරන්නේ නැති නිසයි.  අපි නිරන්තරයෙන් පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කළ යුත්තේ, පාරිභෝගිකයා නොමැතිනම් අපේ පැවැත්මක් නොමැති නිසයි.  ඒ නිසා ඒකාධිකාරය පසෙකලා, පාරිභොගිකයා මුල්කරගත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.

    එදා දර වලින් තමයි අපි විදුලිය නිෂ්පාදනය කළේ. පසුව ජලවිදුලිය. ඊට පස්සේ තෙල්, එල්.එන්.ජී., ගල් අගුරු. සූර්ය බලය,  සුළං මේ ආදි විවිධ ප්‍රභේදයන්ට මාරු වුණා. අවම මිලට ජනනය කරන්න අවශ්‍යයනම්. අපි අළුතින් සිතිය යුතුයි. එදා දර වලින්  නිෂ්පාදනය කළා කියලා. අදත් ඒකෙන්ම නිෂ්පාදනය කරන්න බලාගෙන හිටියොත්,අපිට පාරිභෝගිකයාට සහනදායි, සාර්ථක ඉදිරි ගමනක් නැතිවෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයත් අවම මිලට විදුලිය ජනනය කිරීමට අවශ්‍යනම්, අළුතින් හිතන්න ඕන. නැතිනම් ආයතනය මූල්‍ය බර තුළින් කඩා වැටෙන්න පුළුවන්. නවීකරණය තුළින් අද ලෝකය පරිවර්ථනයකට භාජනය වෙලා. අපිත් ඒ ආකාරයෙන් පරිවර්ථනය විය යුතුයි. තාක්ෂණයේ දියුණුවත් සමගින් සංකීර්ණ පුළුල් පරාසයක් අද සරලත්වයට පත් වෙලා. අද දේශපාලඥයෝ ළිදේ ඉන්න ගෙම්බෝ වගේ. ඉදිරියක් පෙනෙන්නේ නැහැ. වෙනස්වන කෙනාට චෝදනා කරනවා දූෂිත වැඩ කරනවා කියලා. කොහොමද අපි මේක වෙනස් කරන්නේ.

    අපි දැන් ස්මාර්ට් මීටර් වලට පරිවර්ථනය විය යුතුයි. රට පුරාම දීපව්‍යාප්තව මේ වෙනස ඇති කළ යුතුයි. අපේ විදුලි ඒකක නිෂ්පාදන වියදම රු. 23.50. යි. විකිණූම් මිල රු. 16.00යි. ලෙකෝ ආයතනයට යම් ගණනකට මෙය ලැබෙනවා. එම ආයතනයට පාඩුවක් සිදුවන්නේ නැහැ. නමුත් ලංවිම මෙහි බර උසුලගෙන යනවා. මේ තත්ත්වය රටට ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය සමතයකට පත් කරන්න න්ම්,  අපි විදුලි ජනන වියදම පුළුවන් තරම් අඩු කල යුතුයි. ගෘහස්ත පාරිභෝගික මිල කිසිසේත්ම අසාධාරණ අන්දමින් වැඩිකරන්නේ නැහැ. මෑතකදි ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. සූර්යබල සංග්‍රාමයත් සමග. අපි ලංවිමට මෙන්ම පාරිභෝගිකයන්ට සහනයක් වන අන්දමේ වෙසනක් ඇති කරන්නයි උත්සාහ කළේ. නමුත් ඒ තුළින් අපේ චරිත ඝාතනය කිරීමට පවා සමහරක් පෙළඹුණා. ඒකට හේතුව තමයි කුහක කමින් ව්‍යාපාර කරන පිරිසක් සිටීම. මෙය වෙනස් කල යුතුයි. මේ වනවිට රු. 45.00 ක් වැනි මුදලකට ලබාදෙන විදුලි ඒකකත් පවතිනවා. අපි හැකි ඉක්මනින් මෙය වෙසන් කල යුතුයි. අපි විදුලි ඒකක 4200 ක් නිෂ්පාදනය කරනවා. අපේ සැබෑ ඉල්ලුම ඒකක 5500. මෙහෙම රටක් ඉදිරියට ගෙනයන්නේ කොහොමද. අපි අළුතින් හිතලා, නිර්මාණශීලීව වැඩ කරලා, හොද දේශපාලන නායකත්වයක් ලබාදීලා‍ රටට වෙනසක් ඇති කළ යුතුයි. නමුත් මේ රටේ සිදුවෙන්නේ වෙනසක් ඇතිකරන්න හදන කෙනාට පහර දෙන එකයි. ඒක තමයි අපේ රටේ වෙනස.

    අද මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍යනම්, ජාතික ආරක්ෂාවක් අවශ්‍යයි, ජාතික ආර්ථිකයක් අවශ්‍යයි, තරුණයා මුල්කොටගත් වැඩපිළිවෙලක් අවශ්‍යයි.  නැතිනම් රට කඩාවැටෙනවා. ඒ තත්වයට වෙනසක් ඇති කළොත් තමයි, රට ඉදිරියට ගෙනයන්න හැකිවන්නේ. ඒක තමයි අවශ්‍ය වන්නේ. නලවලා කතා කිරීම, සුරංගනා ලෝකයක් පෙන්වීම නෙමෙයි කළ යුත්තේ. අද ගෙවල් හදනවා. නමුත් එක පර්චස් එකක ගෙවල් හදලා හරියන්නෙ නැහැ. වර්ගඅඩි 300, 400 මුඩුක්කු ගෙවල් හදලා හරියන්නේ නැහැ. ජනතාවගේ දුප්පත්කම නැතිකරනවා මිසක්, දුප්පත්කමෙන් රැකගෙන ඉන්න එක නෙමෙයි අව‍ශ්‍ය වන්නේ “යැයි පැවසීය.

  • නියෝමාල් රංගජීවට සහ එමිල් රංජන්ට අධිචෝදනා

    නියෝමාල් රංගජීවට සහ එමිල් රංජන්ට අධිචෝදනා

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන විත්තිකරුවන්ට ඊයේ (18) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

    ඒ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරණයට පත් කිරීමේ සිද්ධියේ චෝදනාවලට අදාළවයි.

    මෙම නඩුව අද ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

    විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුවත් නඩු විභාගය ආරම්භ වීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්න ලෙස ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවයි.

    විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කිරීමට යන ඉල්ලීම පිළිබඳව සුදුසු අවස්ථාවේදී විරෝධතා දැක්වීමට තමන් අපේක්ෂා කරන බවයි.

    ඒ අනුව එක් එක් විත්තිකරුවෙකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියම කළේය. විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවත් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන ඇපකරුවන් මෙම අධිකරණ බල සීමාව තුළ පදිංචිකරුවන් විය යුතු බවටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝගයේ සඳහන් වුණි.

    රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින ඉමදුව ගේ ඉන්දික සම්පත් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පලා ගොස් ඇති බවත් ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීම සඳහා ඉදිරියේ දී ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවත් දන්වා සිටියේය. අනතුරුව නඩුව නැවත අගෝස්තු මස 01 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

    2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නඩු පවරා තිබෙයි. මෙම සිද්ධියේදී මරණයට පත් වූ රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අය බව ද නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා වල සඳහන් වේ.

    දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි මතභේදයට තුඩු දුන් මෙම නඩු කටයුත්ත ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බැවින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් පත්කොට ඇත.

  • කංජිපානි ඇතුළේ හිටියත් කුඩු ජාවාරම් දිගටම ක‍්‍රියාත්මකයි

    කංජිපානි ඇතුළේ හිටියත් කුඩු ජාවාරම් දිගටම ක‍්‍රියාත්මකයි

    ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැුගෙන ඒමෙන් පසුව දැනට පොලිසිය භාරයේ සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ කුඩු ජාවාරම මේ වන විටත් පාකිස්තාන මත්කුඩු ජාලය හරහා සකී‍්‍රය ලෙස කි‍්‍රයාත්මක වන බව බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.

     රැඳවුම් භාරයේ සිටියදීම කංජිපානි ඉම්රාන් විසින් සිය මත්කුඩු ජාලයේ මෙරට ඒජන්තයන් දුරකථන ඔස්සේ අමතමින් සියල්ල මෙහෙයවමින් සිටින බවද බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

     ඩුබායිහි සැඟවී සිටින කාලයේදීත් කංජිපානි ඉම්රාන් සිය මත්කුඩු ජාවාරම කරගෙන ගියේ පාකිස්තාන කුඩු ජාලය ඔස්සේ බවටද පසුගිය දිනවල අනාවරණය වී තිබිණි.

     කංජිපානි ඉම්රාන් ඩුබායිහි සිටියදී සිය ගෝලබාලයන් යොදවා ශ‍්‍රී ලංකාවේ මිනිස් ඝාතන ගණනාවක් සිදු කළ බවට අනාවරණය වී තිබුණද, එම ඝාතනවලට යොදා ගත් ගිනිඅවි ඇතුළු අවි ආයුධ සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගැනීම මෙතෙක් සිදුව නැත.

     මෙසේ තිබියදී කංජිපානි රැු`දවුම් භාරයෙන් මුදාගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරවීමට ඔහුගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින අතර එම තත්ත්වය තුළ ඔහු බන්ධනාගාරගත කෙරුණහොත් මෙරට බන්ධනාගාර තුළ පවතින ¥ෂිත කි‍්‍රයාවලිය නිසා කංජිපානි ඉම්රාන්ගේ කුඩු ජාවාරම තවදුරටත් ප‍්‍රබල වනු ඇතැයි පොලිස් මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

     පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව එම විමර්ශනවලට ප‍්‍රමුඛත්වය දීම නිසා මාකදුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් පිළිබද සිදු කෙරුණු විමර්ශන මන්දගාමී බවට පත්වීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

  • ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතනය මෙවර ඉරාජ්ගේ කලිසමත් ගලවයි

    ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතනය මෙවර ඉරාජ්ගේ කලිසමත් ගලවයි

    ඉරාජ් වීරරත්න විසින් නිරතුරුව සිදුකළ සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් මීට පෙර ඔහුගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතන මෙවර ඔහුගේ කලිසමද ගලවා ඇති බව ඔහු විසින් අටවා ගත් අලුත් පිටුවේ සඳහන් කර තිබුණේ මෙසේය.

    තමාගේ ෆේස්බුක් පිටුව ගැලවූ පසු ඉරාජ් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ, රජය විසින් මෙය සිදුකළ බවය. එහෙත් ඊට ඇති සාක්ෂි විමසූ අවස්ථාවේ ඉරාජ් විසින් පැවසූයේ වැල් බයිලාය.

    ආණ්ඩුව විසින් ඉරාජ්ගේ පිටුව ගැලවූ බවට ඉරාජ් විසින් සිදුකරන ලද්දේ බොරු රංගනයක් බවත්, ආණ්ඩු විරෝධී ෆේස්බුක් පිටු විශාල සංඛ්‍යාවක් ආණ්ඩුව විසින් ඉවත් කර ඇති බවටත්, විවිධ වැල් බයිලා ගසමින් ඉරාජ් ආණ්ඩුවට එරෙහිව නැඟු චෝදනා කිසිඳු විද්‍යාත්මක පදනමක් හෝ අවම තරමේ තාර්කික කරුණක්වත් නොමැති මනස්ගාත ගොන්නක් බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සහ ශ්‍රී ලංකා තොරතුරු සංගමය නිවේදනය නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

    එවැනි පසුබිමක් තුළ ඉරාජ් විසින් තම ජීවිකාව කරගෙන යෑමට ආරම්භ කළ අලුත්ම ෆේස්බුක් පිටුවත් තම වෘත්තීය කොන්ත්‍රාත් දේශපාලනය වෙනුවෙන් ආණ්ඩුව ඇතුළු විවිධ පුද්ගලයින්ට මඩ ගැසීමට යොදාගැනීමත් සමඟම ෆේස්බුක් ආයතනය ඉරාජ්ට රතු නිවේදන එවා ඇත. මේ අනුව තවදුරටත් ඉරාජ් විසින් ෆේස්බුක් ආයතනයේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තම දේශපාලන කොන්ත්‍රාත් සිදුකිරීමට යෑමෙන් මෙම පිටුවත් අහිමි වී යෑමේ අවදානමක් පවතී.

    එය ෆේස්බුක් ආයතනය සමාජ විරෝධී කටයුතු සිදුකළ ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවීමෙන් නොනැවතී දෙවන පිටුවෙන් ඔහුගේ කලිසමද ගලවා, ඉතුරු වූ ජංගි කැබැල්ලද ඔලුවෙන් ගැලෙව්වාක් මෙන් වනු ඇත.

  • බුද්ධ ධර්මයෙන් ගැලවුම් කාරයන්..(වීඩියෝ)

    බුද්ධ ධර්මයෙන් ගැලවුම් කාරයන්..(වීඩියෝ)

    මෙහි ඇති සියලු හඩපටයන් උපුටාගැනීම් බවත්, නිරපේක්ෂත්වයේ මගින් තැනින් තැන ගත් සාරාංශයක් පමණක් බවත් කරුනාවෙන් සලකන්න .

    https://www.youtube.com/watch?v=O0owgF7fUQk
  • ගණන් බැරි මංගල නිසා රටට වෙන වින්නැහියක්  (වීඩියෝ)

    ගණන් බැරි මංගල නිසා රටට වෙන වින්නැහියක් (වීඩියෝ)

    “කතරගම ප්‍රදේශයේ වරින්වර විදුලිය විසන්ධි වෙනවා කියලා චෝදනා තිබෙනවා. කතරගම පමණක් නොවෙයි රටේ නොයෙක් තැන්වල මේ තත්ත්වය මෙහෙම සිද්ධ වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි නිසි ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම. දැන් අපි නිසි ජනන සැලැස්මක් ඇති කිරීමට ක්‍රියාකරමින් සිටිනවා. තව මාස 06 ක් 07 ක් යනකොට ස්ථිර ජනන සැලැස්මක් තුළින් මේ ආකාරයේ වරින් වර විදුලිය බිදවැටීම් සම්පූර්ණයෙන් නවත්වන්න හැකිවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස් සමග කතා කරලා, එකම තීන්දුවකට ඇවිත් තිබෙන්නේ ස්ථාවර විදුලි ජනන සැලැස්මක් සහිත විදුලි පද්ධතියකට ගමන් කරන්න” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අම්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    කතරගම කිරිවෙහෙර සහ දේවාල පරිශ්‍රයේ පැවති විදුලි ආලෝක පූජාව ඇතුළු පුදපූජා රාශියකට සහභාගි වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

    විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කරුණානායක මහතා කතරගම පුදබිමේ, පිවිසුම් මාර්ගයන්හි පැවති විදුලි අඩුපාඩු සම්පූර්ණ කරදීම සහ කතරගම පූජා භූමියට විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමාධිපති ස්වාමීන් වහන්සේ, කතරගම බස්නායක නිළමේ මෙන්ම මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමියද අමාත්‍යවරයාට විශේෂ ස්තුතියක් පුදකරන ලදී.

    වැඩිදුරටත් මාධ්‍ය හමුවේ සිය අදහස් දැක්වූ කරුණානායක මහතා,

    “ඛනිජ තෙල් සංස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයෙන් කෝටි 6900 ක් ගෙවන්න තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රු. කෝටි 8100 ක් ලැබෙන්න තිබෙනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ අපට අරමුදල් ලබාදිය යුතු ස්ථානයක්. නමුත් මුදල් අමාත්‍යාංශය මේ අවස්ථාවේ දෙන එකම විසදුම තමයි ණයක් ගන්න කියන එක. ණයක් ගත්තම විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් යන දෙකටම ණය බරක් ඇති වෙනවා. මේ වගේ කිසිම ඉදිරි දැක්මක් නැතිව වැඩ කිරීම තුළින් නිකරුණේ ආණ්ඩුවේ වියදම් වැඩිවන එක පමණයි වෙන්නේ. පොලී ප්‍රමාණය වැඩිවන විට බැංකු පොහොසත් වීමක් විතරයි වෙන්නේ. අපි මොනදේ වුනත් ගෘහස්ත පාරිභෝගික විදුලිබිල කිසිසේත් වැඩි කරන්න දෙන්නේ නැහැ. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ගැටළුවලට අතදාන්න බලාගෙන ඉන්නේ. මුදල් අමාත්‍යාංශයෙන් ලබාදිය යුතු මුදල් අපට ලබාදෙනවානම්, මේ ගැටළු මේ ආකාරයෙන් ඇතිවන්නේ නැහැ “යැයි පැවසීය.