Blog

  • ගම්මට්ටම, බිම් මට්ටම කිය කියා බොරුවට රට වටේ තම්මැට්ටම් ගහන අය රටක ජනාධිපති වෙන්න සුදුසුද..?

    ගම්මට්ටම, බිම් මට්ටම කිය කියා බොරුවට රට වටේ තම්මැට්ටම් ගහන අය රටක ජනාධිපති වෙන්න සුදුසුද..?

    “එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය  වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි. ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා අඩලා වැඩක් නැහැ. රෑ වැටුණ වලේ දවල් වැටෙන්නනම් අපි කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂ උප නායක වශයෙන් මම වගකීමෙන් යුතුව කියන්නේ, තවමත් අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කරලා නැහැ. දේශපාලඥයන් වශයෙන් නිතරම අපි නිවැරදි වියයුතුයි. අපි කරන සියලු දේ ජනතාවට හිතකර නොවන්න පුළුවන්. නමුත් අනිත් පක්ෂ වලට වඩා අපි ජනතාව ගැන හිතලා කටයුතු කරන පක්ෂයක්. මේ රට සිංහල බෞද්ධ රටක් . නමුත් සියලු ජාතීන්, සියලු ආගම් වලට  ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය මත ජීවත්වීමේ අයිතිය අපි සුරක්ෂිත කල යුතුයි. ප්‍රාදේශීය මට්ටමෙන් කාණූ, බෝක්කු ගැන කතා කරන්න පමණක් නොවෙයි, රටේ ආර්ථිකය, ජාතික සංවර්ධනය, ව්‍යාපාර සංවර්ධනය, විරැකියාවට පිළීයම් සෙවීම ජාතික ආගමික, සහජීවනය, අපනයන රටාව ආදිය පිළීබදව සිතන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්, මේ රට ජාත්‍යන්තරයට ගෙනයන්න පුළුවන් ජාතික මට්ටමේ පුද්ගලයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, මිහින්තලයේ මහානායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා පුදබිම ආශ්‍රිතව සිදුකිරිමට නියමිත නවීකරන ක්‍රියාවලියේ මූලික වටයේ සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “ඔක්තෝබර් මාසේ 05 දා වනවිට මේ විහාරස්ථාන භූමියේ සිදුකළ යුතු සංවර්ධන කටයුතු නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අගමැතිතුමා පොසොන් පොහොයදා මෙම ස්ථානයට පැමිණ පොරොන්දු වූ පරිදි මෙම කටයතු සිදු කරනවා. ඒ වෙනුවෙන් වන මූලික සාකච්ඡා අද ආරම්භ වුණා.

    මෙම ස්ථානය දෙආකාරයකින් නවීකරණය කරනවා. ප්‍රධානම වශයෙන් මෙම ස්ථානයේ ඓතිහාසික වැදගත්කමට, පෞරාණික වටිනාකමට සහ පූජනීය බවට  හානියක් නොවන අයුරින් මෙම නවීකරණ කටයුතු සිදුකරන්න අපි පියවර ගන්නවා. මෙම ස්ථානය නරඹන්න දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙනවා. නමුත් ඒ තුළින් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියලා නායක ස්වාමීන්වහන්සේ අපට පෙන්නලා දුන්නා.  උන්වහන්සේගේ අනුදැනුම සහ අනුශාසනා අනුව අපි මෙහි නවීකරණ කටයුතු සිදු කරනවා. පෝය දින හැරෙන්නට සවස් කාලය වෙද්දි මෙම ස්ථානයට පැමිණීම ටිකක් දුෂ්කරයි. ලංවිම මගින් මෙම ස්ථානයට විදුලිබල සැපයුම තුළින් වෙනසක් ලබාදීලා තිබෙනවා. නමුත් ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

    දේශපාලනය තියන්නේ දිනකට දෙකකට සීමා වෙලා කළයුතු දෙයක් නෙමෙයි. දේශපාලන පක්ෂ දෛනිකව ක්‍රියාකාරි වියයුතුයි. ඒ තුළින් ත්‍රස්තවාදය , අන්තවාදය සම්පූර්ණයෙන් නැතිකොට සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියළු ජාතීන් එකමුතුව සමගිව එකම රටක් වශයෙන්  ජීවත්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.

    යම් යම් පිරිස් කියනවා පසුගිය අප්‍රේල් 21 සිදුවු බෝම්බ ප්‍රහාරය ආණ්ඩුව සිය වාසියට හරවාගෙන කියලා. නමුත් එම සිද්ධිය අපි කව්රුත් දන්නා පරිදි අනපේක්ෂිත සිද්ධියක්. සුළු පිරිසක් එකතු වෙලා අන්තවාදීව කටයුතු කරලා මුලු රටක්ම විනාශ කළා. එවැනි තත්ත්වයක් ආයෙ කවදාවත් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරිම ආන්ඩුව සතු කාර්යයක්. ඒ නිසා අපි එම කටයුත්ත අනිවාර්යයෙන්ම කරනවා. පාස්කු ඉරිදා ඇති වූ ප්‍රහාරයත් සමග එක් අයෙකුට චෝදනා එල්ල වුනත්,  මුස්ලිම් මන්ත්‍රීවරුන් දියලුදෙනා ඉල්ලා අස්වුනේ පරීක්ෂණ කටයුතු පහසුකරන්න. එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ සී.අයි.ඩී. වාර්තාව පසුගියදා නිකුත්වුණා. එම වාතාවෙන් ඔප්පු වුණා එසේ ඉල්ලා අස්වූ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් චෝදනා නොමැති බව. ත්‍රස්තවාදීන් සුළු පිරිසක් සිදුකල විනාශකාරී කටයුත්තකට අනෙක් අයටයි වන්දි ගෙවන්න සිද්ධ වුණේ ” යැයි පැවසීය.

  • එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භීතියෙන් සිහිසුන් වෙති

    එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භීතියෙන් සිහිසුන් වෙති

    ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නේ යැයි පුවත ලැබුණු පසු මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දැඩි තැතිගැනීමකින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

    බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රදවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බලාගත්ත අතේ බලාගෙන සිටින බවත් දැඩි අතරින් පෙනෙන බවත් වෙනදා පැවති ගති පැවතුම් එක්වරම වෙනස් වූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    වෙනදා රූපවාහිනිය නරඹමින් සැහැල්ලුවෙන් සිටි ඔවුන් ඊයේ දිනයේ සිත ආහාර පාන නොගෙන සිටි බවත් ඇතැම් සිරකරුවන් ක්ලාන්ත වී ගිය බවත් නිලධාරීහු කියා සිටිති.

    මේ වන විට බන්ධනාගාරය මරණ දඬුවම ලැබූ සිරකරුවන් 455 දෙනෙකු රඳවා සිටී. මත්ද‍්‍රව්‍ය ජාවාරම් සම්බන්දයෙන් වරදකරුවන් වී මරණ දඬුයම නියම වී සිටින සිරකරුවන්ට එම දඬුවම ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීම අනුව බන්ධනාගාරය විසින් සිරකරුවන් 18 දෙනෙකුගේ ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යවා තිබින.

  • ජනපති අපේක්ෂකයෙක් නම් කිරීමට නිදහස් පක්ෂයෙන් තීරණයක්

    ජනපති අපේක්ෂකයෙක් නම් කිරීමට නිදහස් පක්ෂයෙන් තීරණයක්

    ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරිමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (26) රාත්‍රී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

    මෙහිදී වත්මන් දේශපලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සදහන්.

    මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු නම් කර නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කළ යුතු බවට මෙහිදී යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. අදාල යෝජනාව ඒකමතිකව සම්මත වූ බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල 06 වන සාකච්ඡා වටය ඊයේ (26) පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත් විය. අදාල සාකච්ඡාව සාර්ථකව සිදු වූ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

  • මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි! ඉදිරි දින කිහිපය තීරණාත්මකයි!

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි! ඉදිරි දින කිහිපය තීරණාත්මකයි!

    දැනට මරණ දඬුවම නියම කර බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 04 දෙනෙකුට මරණ ලබා දීමට තීරණය කල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    එම පිරිසට මරණ දඬුවම ලබා දීම සදහා වන නියෝගයට තමන් මේ වන විට අත්සන් තැබූ බවත් ඔහු සදහන් කරයි.

    ඒ අනුව දඬුවම ක‍්‍රියාත්මක කරන දිනයද තීරණය කර ඇතැයි ඔහු පැවසීය.


  • රාජිත, සිරිසේනගේ දත් ගලවයි (වීඩියෝ)

    රාජිත, සිරිසේනගේ දත් ගලවයි (වීඩියෝ)

    ජී 7 සමුළුවේ දී ලෝක නායකයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලඟට පැමිණ ලබාදුන් ගෞරවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    2015 වසරට පෙර ශ්‍රී ලංකාව පිළිබදව ලෝක නායකයින් දක්වන ලද ප්‍රතිචාරය වර්තමානයේ දක්නට ලැබෙන බද අමාත්‍යවරයා පවසයි.

    හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ 06 වන ගුණසමරු උත්සවය වෙනුවෙන් ජා-ඇල ප්‍රාදේශීය රෝහලේ රුපියල් මිලියන 20 ක මුදලක් වැය කරමින් ඉදිකිරිමට යෝජිත අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයට අද (24) පස්වරුවේ මුල්ගල තබමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය. වර්තමානයේ කසකිස්ථානය, බලුකිස්තානය වැනි රටවල් වලින් පමනක් ජනාධිපතිවරයාට ආරාධනා ලැබෙන බවද අමාත්‍යවරයා පවසයි.

    මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ද ශ්‍රී ලංකාවට පැමිණියේ තුට්ටු දෙකේ නායකයින් පමනක් බවත් භාර්යාවන් 32 ක් ඉන්න රාජ්‍ය නායකයෙක් ද ලංකාවට පැමිණි බවත් එම තත්ත්වය වත්මන් නායකත්වය විසින් යළි උදාකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

    “දොස්තර ජයලත් ජයවර්ධන මහතා ගිනස් වාර්තා තබමින් වෛද්‍ය ශාස්ත්‍රය ජනතාවට කියා දුන්නා. සැම පුද්ගලයෙකුටම වෛද්‍ය උපකාර සිදු කළා. මමත් ජයලත් ජයවර්ධන මහතාත් හොද මිත්‍රයන්. ඔහු ප්‍රබුද්ධ දේශපාලනඥයෙක්. ජාතිය, ආගම, කුලය බලා ජනතාවට සේවය කළේ නැහැ. යුධ ගැටලු පැවැති කාලයේ දී උතුරේ ජනතාවටත් සේවය කරමින් සංහිදියාව ගොඩ නැගීමට යුග මෙහෙවරක් කළා.”

    “හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩි බණ්ඩාරනායක මහතා බලය ලබාගන්නා විට අයවැය අතිරික්තයක් තිබුනා. අයවැය හිඟයක් තිබුනේ නැහැ. නමුත් ජාතිය, ආගම ප්‍රශ්න මත රට කෑලි වලට කැඩුනා. පවුලක වුනත් ප්‍රශ්න තිබුනා නම් සාර්ථක වන්නේ නැහැ.

    රටේ තිබූ සමගිය නැති වුනා. අපේ රටට නිදහස ලබාගත්තේ සියලු දෙනා එකමුතු වෙලා. එය අපට තනියෙන් බුක්ති විදින්න බැහැ. විවිධ චෝදනා එල්ල කරන අයට වඩා මම හොද බෞද්ධයෙක්. මම පිළිගන්නේ බුද්ධ දර්ශණයයි. ඔය එක එක්කෙනා කියන දර්ශණ මම පිළිගන්නේ නැහැ.

    එකමුතුව ලබාගත් නිදහස කෑලිවලට කඩමින් 1956 සිට තවම ජාතිය ආරක්ෂා කරනවා. පසුගිය කාලයේ සිට ආගමත් ආරක්ෂා කරන්න අපේ අය පුරුදු වුනා. වර්තමානයේ අපි මාලදිවයිනටත් පිටුපසින් සිටින්නේ. ඊනියා දේශපාලනඥයින් මෙය පිළිගත යුතුයි. ජාතිය පිළිබද ප්‍රශ්න ඇති කරලා අපේ රට කාලකණ්නි රටක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ අපේ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි.

    ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් ලක්ෂ 04 ඉක්මවනවා. අපි අපේ අදහස් ප්‍රකාශ කරන්නේ රට හදන්නයි. රට හදන්න පුළුවන් කටින් නොව මොළය භාවිතා කරලයි. සිංහල බෞද්ධ දේශපාලනය තිබෙන්නේ ඡන්ද ලබාගැනීමටයි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම එදා ක්‍රියාත්මක කළා නම් අද ප්‍රශ්ණයක් ඇති වෙන්නේ නැහැ කියලා සමහරු කියනවා.

    අපේ ආණ්ඩුව අපේම ප්‍රචාරක කටයුතු නතර කළා. අපි ඉටු කළ සේවාවන් ජනතාව අතරට ගියේ නැහැ. මම මීගමුව රෝහලේ තට්ටු 08 ක ගොඩනැගිල්ලක් ඉදිකරනවා. නමුත් මම මීගමු රෝහලට ගිය අවස්ථාවේ එළියේ සිටි පොහොට්ටුවේ 25 ක් විතර කෑගහලා තිබුනා. එය තමයි අපේ මාධ්‍යයට ප්‍රවෘත්තිය වුනේ.

    මම එම මිනිස්සු දැක්කෙත් නැහැ. අපේ රජයේ සිටින්නේ පසේ බුදුවරු. නමුත් අපි බය නැතිව කියන්න තිබෙන දේ කියනවා. 2019 සහ 2020 මැතිවරණ අපි අනිවාර්යයෙන්ම ජයගන්නවා. 

    අපේ රටේ ඉන්නේ බත් කන ජනතාවක්. ලංකාවේ මොනතරමි නොතේරෙන පුද්ගලයින් සිටියත් බුද්ධිමතුන් ද සිටිනවා.”

  • එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ..

    එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ..

    “එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ. සියල්ලන්ම එකම පක්ෂයක්. එක්කෙනෙක් දෙන්නෙක් පීලි පැනලා කතා කළාට ඒක පක්ෂයේ ස්ථාවරය නෙමෙයි. එ.ජා.ප.යෙනුත් වැරදි සිදුවෙලා තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් නොමග යවන ප්‍රකාශ කරලා, පක්ෂය නැති කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ සියලු දේ නිවැරදි කරගෙන,  ජනතාව තුල විශ්වාසයක් ඇතිකරන්න පුළුවන් ගමනක් අපි ආරම්භ කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා මරදාන බුහාරි තයිකා මුස්ලිම් පල්ලියේ 234 වන සාංවත්සරිකය සහ දානමය අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට අතිඋතුම් As Shaik Afzalul Thaika Nasir Alim උලමාතුමාද සහභාගි විය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

    “අද අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අත්වැල් බැදගෙන සිටින්නේ. ඒ අනන්‍යතාවය සනාථ කරන්න තමයි, අද අපි මේ මුස්ලිම් පල්ලියට පැමිණියේ. එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් තුළීන් අපි ඉදිරියට යන්න ඕන. ශ්‍රී ලාංකික යන පදනමෙන් ගියොත් අපි කාටවත් වරදින්නේ නැහැ.

    නොයෙක් පුද්ගලයන් කිසිම ස්ථාවරයක් නොමැතිව. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබද විවිධ අදහස් සහ නාමයන් ඉදිරිපත් කරනවා. නමුත් මම වගකීමෙන් කියන්නේ, තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයා පිළබදව තීරණයක් අරගෙන නැහැ. රටට ඔබින, ජාතික මට්ටමෙන් නායකත්වයක් දෙන්න පුළුවන් දේශපාලන පරිණතයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන්නේ. එහෙම නැතිව, තමන්ගේ ප්‍රදේශයේවත් ජයග්‍රහණයක් හිමිකරගන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වන්නේ. විශේෂයෙන්ම ඒ පුද්ගලයා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු යන සැම පාර්ශවයක්ම ආරක්ෂා කරන්න, ජීවත් කරවන්න හැකියාවක් තිබෙන අන්තවාදි නොවන පුද්ගලයෙක් වියයුතුයි “යැයි පැවසීය.

  • ජූජිත්ට දින දෙයි

    ජූජිත්ට දින දෙයි

    පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරනලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි  31  සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) නියම කළේය.

    මෙම පෙත්සම විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනියගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ දින කැඳවීය

  • වසර ගණනකට පසු මහින්ද ෆොන්සේකාගේ පිට කසයි (වීඩියෝ)

    වසර ගණනකට පසු මහින්ද ෆොන්සේකාගේ පිට කසයි (වීඩියෝ)

    රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති ආණ්ඩුවේ සිටින එකම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ස මහතා පවසයි.

    ඊයේ(23) රාත්‍රීයේ මහනුවර, ගැටඹේ ප්‍රදේශයේ පැවති මධ්‍යම පළාත් වෘත්තීය දේශකයන්ගේ හමුවීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

    ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දෙන විනයක් රට තුළ පැවතිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රටක ආරක්ෂාව නැතිනම් අනෙක් සියලු දේ කඩා වැටෙන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.

    වසර ගණනාවක් නොතිබුණ ආරක්ෂාව යළි ගොඩනගා බියෙන් තොරව ජීවත් වීමට හැකි යුගයක් තමා ලබා දුන් බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, මිනිස්සුන්ට තමා යුද්ධය ජයග්‍රහණය කරන බවට විශ්වාසයක් පැවති බව ද කියා සිටියේය.

    දිනක් කැබිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරය එල්ල කල අවස්ථාවේ තමා ආරක්ෂක මණ්ඩලයේ සිටි බවත් ඒ මොහොතේ සියලු දෙනා ජනතාව වෙත ගොස් මිනිස්සුන්ගේ බය නැති කල බවද හෙතෙම පැවසීය.

    යුද්ධයක් පැවතියත් කිසිවිටෙකත් ජනතාවට බර පැටෙව්වේ නැති බව ද පැවසු විපක්ෂ නායකවරයා, එක් පැත්තකින් අද වන විට එය වැරදි බව හැඟෙන බවත් ජනතාවට දැනෙන්න දෙන්න ඕන බව ද පැවසීය.

  • වඳ සැත්කමට රාජ්‍ය අනුග්‍රහයත්..! සාෆියා පිටුපස රාජිතයද..? (වීඩියෝ)

    වඳ සැත්කමට රාජ්‍ය අනුග්‍රහයත්..! සාෆියා පිටුපස රාජිතයද..? (වීඩියෝ)

    ශ්‍රී ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මන්ත්‍රීවරයා පැහැදිලි කරමින් පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවන බවයි.

    බලහත්කාරයෙන් ජාතියක් වඳ කිරිම සමූල ඝාතනයක් බවත්  ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතු බවත් මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.  එමෙන්ම පාරලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තුරු හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද ඒ මහතා පවසයි.

    එහිද වැඩිදුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා,

    “ජනතාව දකින විධියට සහරාන්ට වඩා ත්‍රස්තවාදියා ශාෆි ශිහාබ්දින් කියන වෛද්‍යවරයා.  දැනට තමන් බලහත්කාරයෙන් වඳභාවයට පත් කළ බවට දහසකට අධික පැමිණිලි සංඛ්‍යාවක් ශාෆිට එරෙහිව ලැබී තිබෙනවා.

    තවම මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ කරලා නෑ.  රෝහල් ආරංචිමාර්ගවලට අනුව මොහු කරන ලද සැත්කම් ප්‍රමාණය 4000ක් නම් 4,000ක් කරන විට 1,000ක් වඳ වෙනවා කියන්නේ සැත්කම් කළ අයගෙන් 25%ක් වඳ වෙලා කියන චෝදනවාව එල්ල වෙනවා.  ශාෆි කියන විධියට සැත්කම් 8,000ක් කළා කියමුකො. ඒත් 12.5%ක් වඳභාවයට පත් වෙලා.  මොන පැත්තෙන් ගත්තත් සැක කටයුතුයි. 

    නමුත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවේ.  ඒ නිසා ඔහුට චෝදනා නැගිය හැක්කේ බරපතල තුවාල සිදු කිරීම කියන වරදට.  බරපතල තුවාලයක් කියන්නේ සදාකාලිකව පවතින තුවාලයක්.  

    ඒ සඳහා උපරිම දඬුවම වසර 7යි. බරපතල තුවාල සිදු කිරීම ඇප ලැබිය හැකි වරදක් නේද? සාෆිට ඇප ගන්න පුළුවන් නේද කියල කාට හරි හිතෙන්නට පුළුවන්. නමුත් ඇප පනතේ ඉතාම පැහැදිලිව කියනවා මහජන කැලඹීමකට තුඩු දිය හැකි පුද්ගලයෙකුට ඇප ලබාදෙන්න එපා කියලා.

    බලහත්කාරයෙන් ජාතියක් වඳ කරනවා කියන්නේ සමූල ඝාතනයක්.   ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතුයි.  පාරලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තෙක් හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපති කටයුතු කළ යුතුයි.

    සිංහල ජාතිය වඳ වෙන බවට ආණ්ඩුවේ නිල ලේඛණ අනුව අපි පෙන්වා දුන්නාට පස්සේ වඳ කිරීමේ ජාවාරමක් පිළිබඳ අපිට තොරතුරු ලැබුණා.  දෙවන දරුවා ලබන්න මවක් රෝහල් ගත වුණාට පස්සේ ඇයට වඳ සැත්කමකට යොමු වෙන්න කියලා රෝහලෙන් දැඩි බලපෑමක් එල්ල වෙනවා. 

    තුන්වන දරුවා ලැබෙන්න රෝහල් ගත වුණු ගුරුවරියකට හෙදියක් පුදුම විධියට ඇවිටිලි කරනවා වඳ සැත්කම කර ගන්න කියලා.  ඒකට අදිමදි කළාම සැමියාට දුරකතන ඇමතුමක් බලෙන්ම අරගෙන පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම ගැන සැමියාටත් උපදෙස් දෙනවා. වඳ සැත්කම් කිරීමට හෙදිය මෙතරම් උනන්දු ඇයි කියලා මට ප්‍රශ්නයක් වුණා.  

    වඳ සැත්කම් සිදු කරනවාට කවුරු හරි අන්තවාදි සංවිධානයකින් මුදල් ගෙවනවා ද කියන සැකයක් ඇති වුණා.  මේ ගැන සොයා බලද්දි තමයි හොරේ හෙලි වුණේ.  වඳ සැත්කම් කරනවාට මුදල් ගෙවන්නේ දිරි දීමනා ගෙවන්නේ අන්තවාදි සංවිධානයකින් නොවේ.  ආණ්ඩුවමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාරයාංශයයි. වඳ සැත්කම් කරගන්න අයටයි ඒ සදහා පොළඹවන අයටයි දිරි දීමනා ලබා දෙන්නේ.

    1980 දශකයේ දී “පුංචි පවුල රත්තරන්” කියන සංකල්පය යටතේ “අපි දෙන්නයි – දරු දෙන්නයි” කියන තේමාව ප්‍රචලිත කලේ ලංකාවේ 2% ආසන්න ජනගහන වර්ධන වේගයක් පැවැති නිසා.  දැන් ජනගහන ර්වධන වේගය 0.8%යි.  සිංහලයින්ගේ නම් 0.5%යි. 

    ජර්මනිය වැනි ජනගහන වර්ධනය ඇද ගෙන වැටුණු රටවල් දිරි දීමනාව ගෙවන්නේ වඳ සැත්කමට නොවේ.  දරු ප්‍රසූතියටයි.  ලංකාවත් පීල්ල මාරු කරන්න කාලය උදා වෙලා කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට සිහිපත් කරනවා.  දැන් තේමාව විය යුත්තේ “පුංචි පවුල රත්තරන්” නොවෙයි “වැඩුණු පවුල ඉස්තරම්” කියන එකයි.  ඒ නිසා තව දුරටත් ආණ්ඩුවෙන් දිරි දීමනා ගෙවලා වඳ සැත්කම් සිදු කිරීම අවශ්‍ය නෑ.  ඕනෑ කෙනෙකුට වඳ සැත්කම කර ගන්න පුළුවන් සිය කැමැත්තෙන්. හැබැයි දිරි දීමනා ගෙවීම අවශ්‍ය නෑ.

  • හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

    හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

    පසුගිය පාස්කු ප්‍රහාරය වලක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

    අද(24) දින නීතිපති විසින් පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    විශේෂ පරික්ෂණ මණ්ඩලයේ නිර්දේශ තවදුරටත් නීතිපතිවරයා විසින් සළකා බැලීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි උපදෙස් දී ඇත.

  • Pakistan vs South Africa – Match Highlights | ICC Cricket World Cup 2019

    Pakistan vs South Africa – Match Highlights | ICC Cricket World Cup 2019

    2019 ලෝක ක්‍රිකට් ශූරතා තරඟාවලියේ පාකිස්ථානයට සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟයෙන් ලකුණු 49ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්ථානය සමත්විය.

  • ඥානසාර හිමිගෙන් ඇඟේ මයිල් කෙළින් කරවන අනාවරණයක්! ගැහැණු ළමුන් 7000කට වැඩි පිරිසක් මුස්ලිම් කරලා.. (Video)

    ඥානසාර හිමිගෙන් ඇඟේ මයිල් කෙළින් කරවන අනාවරණයක්! ගැහැණු ළමුන් 7000කට වැඩි පිරිසක් මුස්ලිම් කරලා.. (Video)

    මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වහබ්වාදී සංවිධාන 50කට අධික ප්‍රමාණයක් මෙරට ක්‍රියාත්මක බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ජූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසති.

    එම අන්තවාදී සංවිධාන මඟින් පසුගිය වසර 05 තුළ සිංහල ඇතුළු අනෙකුත් ජාතීන් සහ ආගම්වල ගැහැණු දරුවන් 7000කට වැඩි පිරිසක් සූක්ෂම මාර්ග ඔස්සේ මුස්ලිම් කර ඇතැයි හෙළිදරව් කර සිටියේය.

    https://youtu.be/55CCt1Maxrg?t=5
  • නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!

    නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!

    නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    පසුගිය ආරෝවන්, තරහ මරහ අමතක කර ආණ්ඩුව අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ, විවෘත ආරාධනාවක් කළේය. ඊට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු දක්නට ලැබිණ. 

    මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ එම කථාව ඔහුගේම වචනවලින් මෙසේය.

    ‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක් සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක පහක කාලයක් පමණයි. ඒ නිසා මේ අවුරුදු හතරහමාරක කාළ සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි. මේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව ඇවිත් තියෙනවා.

    මේ කාළය තුළ ආණ්ඩුව නරක් විමට ප‍්‍රධානතම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබුණා. මේ රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වය ඇති වුණෙත් 19 වන සංශෝධනය නිසයි. 18 වන සංශෝධනය තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම නුසුදුසුයි. 18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.

    ඒත් 19 වන සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා. මේ සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් ඇති වුනා. ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා.

    18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන් රට අස්ථාවර වෙනවා. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි. 19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ඨට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා” යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.

  • යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය (වීඩියෝ)

    යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය (වීඩියෝ)

    කිරින්ද – යාල මුහුදු තීරයේදී රුදුරු රළ පහර බිළිගත් එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ ඛේදවාචකය

  • බැසිල්ගෙන් ගෝඨාට තවත් කණේ පහරක්..!

    බැසිල්ගෙන් ගෝඨාට තවත් කණේ පහරක්..!

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීම පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය ලබන අගෝස්තු මස 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඔහු පවසන්නේය.

    සිය පක්ෂ නියෝජිතයින් මෙන්ම සහෝදර දේශපාලන පක්ෂවලට ද පක්ෂ සම්මේලනය සදහා ආරාධනා කරන බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

    එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ද පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී ප්‍රකාශයට පත් කරනු ඇති අතර එම අපේක්ෂකයාට සිය පුර්ණ සහය ලබාදෙන බව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

  • වඳ කරලා විතරක් නොවෙයි දස වධත් දීලා… වෛද්‍ය සාෆිගේ ජනසංහාරය ගැන තවත් හෙළිදරව්වක්..!!!

    වඳ කරලා විතරක් නොවෙයි දස වධත් දීලා… වෛද්‍ය සාෆිගේ ජනසංහාරය ගැන තවත් හෙළිදරව්වක්..!!!

    අම්මාවරුන්ගේ අනුහස නොදකින අමනයෙකුගේ ක‍්‍රියා පටිපාටිය පිළිබඳව, මනුෂ්‍යත්වයේ නාමයෙන් සිතන බහුතර රටවැසියන් අතරේ සාෆි වෙනුවෙන් තවමත් කඬේ යන හොරිකඩයන් නැත්තේ නොවේ.

    වර්ග සංහාරය ගැන ආණ්ඩුව නිහඬයි

    සිංහල ජාතියට එරෙහිව සංවිධානාත්මකව දියත් කරන ලද මෙම වර්ග සංහාරය පිළිබඳව රජයට තවම වගේ වගක් නැත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ප‍්‍රශ්නයක් ඇදගෙන කැබිනට් මණ්ඩලය රැස් නොකරන, පළාත් සීමා මායිම් පිළිබඳව සහ මැතිවරණ ක‍්‍රමය පිළිබඳව ප‍්‍රශ්නයක් මතු කරගෙන ඡුන්ද කල්දමන රටක, සාෆි ගැන සෙවීමට ආණ්ඩුවක් කරට ගනීවි යැයි සිතන්නට තරම් අපි බොළද නොවෙමු. පාස්කු ඉරිදා දිනයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ, කෘර ඝාතකයන්, අපේ උගත් දරුවන් යැයි සඳහන් කරමින්, සිය සිංහල විරෝධය ත‍්‍රස්තවාදියා ශුද්ධ කරන තැන දක්වා දුරගෙන ගිය, කලාකරුවන් සිටින රටක, සාෆි කියන්නේ අපේ දොස්තර කෙනෙක්… සිංහල නාරි හා ප‍්‍රසව වෛද්‍යවරු කුසිත නිසා සාෆි මෙතරම් කැපකිරීමෙන් වැඩ කළ නිසා එතුමාට ගරහන එක හරිදැයි” ඒ ‘ජනතා’ කලාකරුවෝ අපෙන් ඇසුවොත් අපි පුදුම නොවෙමු. එක් කාලයකදී දෙමළ ත‍්‍රස්තාවාදයේ කඳුළු, මිනිසත්කමට හරවා එන්. ජී. ඕ. ව්‍යාපාර කරගෙන ගිය මේ පිරිසට, කුරුණෑගල මව්වරුන්ගේ කඳුළු සඳහා කිසිදු අදහසක් තවම පහළ වී නැතත්, සාෆිගේ නිරවද්‍යතාව පිළිබඳව ඇති තරමට ගොන් කතා කීමට හැකියාව ලැබී තිබේ.

    වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ දහසකට ආසන්න මවුවරුන් අතරින් 200 කට ආසන්න මවුවරුන් පිරිසක් ස්ථිර වඳභාවයට පත්ව ඇති බවට සැක පහළ වී තිබේ. ඒ මවුවරු සියලූ දෙනා වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම්වලට භාජනය කළ අය වෙති.

    එම මවුවරු 200 දෙනා ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු විවිධ සංකූලතාවන්ට සහ අතුරු ආබාධවලට ලක්ව සිටිති.

    වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් අතරින් 400 කට වැඩි පිරිසක් තවමත් සිටින්නේ තමන් වඳභාවයට පත්වූවේද යන්න සැකහැර ගැනීමේ පරීක්‍ෂණයකට සහභාගි වීම සඳහාය. ඔවුන් ෂාෆි විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු පළමු දරුවා බිහිකර වසර 2-3 ක් අතර කාලයක් ගතකළ අයය.

    කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මවුවරුන් 400 කට වැඩි පිරිස ද ස්ථිර වශයෙන් දරුවන් අහිමි මවුවරුන් 200 දෙනා මේ වන විට විවිධ සංකූලතාවන්ට සහ රෝගාබාධයන්ට ලක්ව සිටිනා බවය. ඒ ආබාධවලින් ඔවුහු දැඩි පීඩාවන්ට ලක්ව සිටිති.

    දිවයිනට දිගටම මඩ

    මේ මහා අපරාධය හෙළිදරව් කළ ‘දිවයින’ට විවිධ සමාජජාලා වෙබ් අඩවි ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැවැන්ත මඩ ප‍්‍රහාරයන් එල්ල කරමින් සිටියි. කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත දිනෙන් දින ලැබෙන පැමිණිලි දෙස බලද්දී එහි කිසියම් රහසිගත සිදුවීමක් වී ඇති බව බැහැර කළ නොහැක.

    එවැනි තත්ත්වයක් යටතේත් සාෆි වෙනුවෙන් පෙනී සිටින සනුහරය සිය කාර්යය නවතා නැත.

    කුරුණෑගල රෝහලේ දී කාලයක් තිස්සේ සිදුවූ මේ අපරාධය පිළිබඳව නිවැරැදිව සොයා ගැනීම ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීඹ රජයේ මෙන්ම අදාල බලධාරීන්ගේ ද වගකීමක් වන්නේය.

    එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට සහාය වනවා වෙනුවට අප කළ හෙළිදරව්ව පන්න පන්නා පහරදීම ඉතාම නින්දිත කි‍්‍රයාවකි.

    ‘දිවයින’ සිදුකළේ කුරුණෑගල රෝහලේ දීර්ඝ කාලයක් තිස්සේ බුර බුරා නැගෙමින් තිබූ ගිනි කන්ද පුපුරුවා හැරීමකි.

    එය අප සිදුකළේ අපගේ පෞද්ගලික වාසියකට හෝ පෞද්ගලික වරප‍්‍රසාද ගැනීමේ පටු අරමුණකින් නොවන බව අවධාරණය කළ යුතුය.

    කුරුණෑගල, දඹුල්ල මෙන්ම ගලේවෙල රෝහල්වලට සිසේරියන් සැත්කම් සඳහා පැමිණි මවුවරුන්ගෙන් බහුතරයක් අන්ත දිලිඳු අහිංසක හරිහමන් අධ්‍යාපනයක් නොලැබූ අය වෙති. ඔවුන්ගෙන් බහුතරයකට රෝහලෙන් ලබා දෙන වෛද්‍ය වාර්තා කියවා තේරුම් ගැනීමට හැකියාවක් නැත.

    රෝහල් බලධාරීන් පවසන්නේ ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන්ට වඩා පැමිණිලි නොකළ මවුවරුන් ගණන ඉතා ඉහළ අගයක් ගන්නා බවයි.

    මේ හේතුව නිසාම රෝහල් බලධාරීන් ෂාෆි සිදුකළ සියලූ සිසේරියන් සැත්කම් පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙයි.

    එවිට ෂාෆිගේ කෙරුවාව හෙළිකර ගත හැකිවනු ඇත.

    මව්වරුන් එන්නේ මුදලටද?

    කුරුණෑගල, දඹුල්ල රෝහල් සඳහා මව්වරු දහසකට ආසන්න ප‍්‍රමාණයක් පෝලිම් ගැසී පැමිණෙද්දී එක්තරා පුද්ගලයෙකු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබුණේ, සංවිධානාත්මක ආකාරයෙන් මුදල් ලබා දෙමින් මෙසේ මව්වරුන් ගෙන්වා ගන්නා බවය. ඒ සඳහා කිසිදු පදනමක් නොමැතිව මෙසේ කතා ගොතනා ඔහුම, සාෆි පිළිබඳව වූ අනුකම්පාවෙන් ළය රිදුම් දෙමින්, ‘දිවයින’ට චෝදනා කරන්නේ, සාෆිට දිවයින චෝදනා එල්ල කරන ලද්දේ, කුමන පදනමින්ද යන්න අසමිනි.

    හේමන්ත රන්දුනු මෙම ආනාවරණය සඳහා කරුණු රැස් කරගත් ආකාරය මීට දෙසතියකට පෙර දිවයින ඉරිදා සංග‍්‍රහයෙන් අපි හෙළිකෙරුවෙමු.

    සාෆිගේ දේශපාලන හයිය

    සාෆිගේ වර්ගවාදය පිළිබඳව පළමු සැක සංකා මතු කරන ලද්දේ ඔහු සමග එකට සේවය කරන වෛද්‍යවරුන් සහ හෙද සේවක පිරිස් මිස දිවයින විසින් නොවේ. හේමන්ත රන්දුනු විසින් සිදු කරන ලද්දේ, ඒ පිළිබඳව මාධ්‍ය ආචාර ධර්ම මත පිහිටා ගවේෂණය කිරීමය. දිවයින හෙළිදරව්වට වසර කිහිපයකට පෙර, සාෆි විසින් සිංහල මව්වරු බලහත්කාරයෙන් වන්ධ්‍යාකරනයට ලක්කරන බව රෝහල් පරිපාලනය වෙත දන්වන ලද්දේ ඔහු සමග ප‍්‍රසූතාගාරයේ එකට සේවය කරන වෛද්‍යවරියකි. දේශපාලන ගැම්මෙන් ඔද්දල් වී සිටි සාෆි, එම වෛද්‍යවරිය වෙත කිහිප වතාවක්ම චෝදනා එල්ල කළේය. සාෆි විසින් කරන ලද තර්ජන හමුවේ එම වෛද්‍යවරිය වෙනත් රෝහලක් සඳහා මාරුවීමක් ලබා ගත්තාය.

    සාෆිගේ මෙම ක‍්‍රියාව පිළිබඳව දිවයින අනාවරණයට සති කිහිපයකට පෙර, ඔහු සමග එකට ප‍්‍රසූතාගාරයේ සේවය කරන හෙද නිලධාරිනියක් රෝහල් පරිපාලනයෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ සාෆි වෛද්‍යවරයා විසින් ඉතාම සැක කටයුතු ආකාරයෙන් සිංහල මව්වරු උදෙසා කටයුතු කරන ආකාරය පිළිබඳව සොයා බලන ලෙසය.

    වේගයෙන් විජ්ජාවට

    එසේ සාෆි පිළිබඳව ප‍්‍රසූතාගාරයේ සිටම චෝදනා එල්ල වෙද්දී, සමහරු අපෙන් තවමත් අසන්නේ, අන් කිසිවෙකුට නොදැනෙන්නට සාෆිට මෙවැනි හරඹයක් කළ හැක්කේ කෙසේද යන්නය. සාෆි සිය විජ්ජාව සිදු කිරීම සඳහා භාවිතා කරන න්‍යායය වනුයේ අසාමාන්‍ය වේගය සහ අසාමාන්‍ය කලබලයය. සිංහල මව්වරු සඳහා ඔහු ශල්‍යකර්මයක් කිරීමට විනාඩි පහළොවක් වැනි කෙටි කාලයක් සහ මුස්ලිම් මව්වරුන්ට විනාඩි තිහකට ආසන්න කාලයක් එම ශල්‍යකර්මය සඳහා භාවිතා කරනු ලබයි. මේ වේගයේ තේරුම අංශ දෙකකින් ගත හැකිය. ‘‘සිංහල එකාට මොන පරිසමක්ද…? සිංහල දරුවෝ වදන බඩට කෙලවෙලා පලයන්..,’’ යන අදහසින් යුක්තව හැසිරෙන සාෆි, මුස්ලිම් උදරය අතිශය පරිස්සම් සහගත ආකාරයට ශල්‍යකර්මයට ලක් කරයි.

    අත නොතබන පැලෝපීය නාලය

    ඔහුගේ මෙම අසාමාන්‍ය වේගය හේතුවෙන් සෙසු කාර්ය මණ්ඩලය ද ඒ මොහොතේ සිටිනුයේ අවසිහියෙන් මෙනි. ඒ අතරවාරයේ සිංහල මවකගේ බඩ අස්සට අත දමා, පැලෝපීය නාලය විනාඩි කිහිපයක් මිරිකාගෙන සිටීම සාෆිට ඉතා පහසුය. වෛද්‍යවරුන් වෙත ශල්‍යකර්ම සඳහා පුහුණුව ලබා දෙන විට පවසන්නේ, පැලෝපීය නාලය අතිශය සංවේදී නිසා, එයට කිසිවිට අත නොතැබිය යුතු බවය. එවැනි සංවේදීතාවක් සහිත කලාපයක්, කලබලකාරී තත්ත්වයක් මවමින් මිරිකාගෙන සිටීම සඳහා සාෆි වෙත සංවිධානාත්මක අන්තවාදය විසින් පුහුණුවක් හෝ උපදෙසක් ලබාදී ඇද්දැයි රජය විසින් මෙම පරීක්ෂණයේදී සොයා බැලිය යුතුය.

    සාෆි, රාජ්‍ය මුදල් අවභාවිතයේ

    සිසේරියන් සැත්කමක් සඳහා මවක් යොමු කිරීමට සාධක ගණනාවක් බලපානු ලබයි. එම සාධක නොමැතිව සිසේරියන් සැත්කම් සිදු කිරීම සෑම අතින්ම අපරාධයකි. සාමාන්‍ය ආකාරයට දරුවෙකු ලැබෙනවාට වඩා සිසේරියන් සැත්කමක් සිදු කිරීම, එම මවගේ ජීවිත අවදානම අතින් ඉහළය. අනිත් පැත්තෙන් බැලූ විට වියදම අතින්ද එසේය. සාමාන්‍ය ශල්‍යකර්මයක් සඳහා රුපියල් විසිපන්දාහක පමණ වියදමක් රෝහලක් තුළදී රජය දරනා අතර සිසේරියන් සැත්කමක් සඳහා එය රුපියල් ලක්ෂයකට අධික මුදලක් බවට පත්වේ. සාෆිගේ ප‍්‍රියතම විෂයය වනුයේ සිසේරියන්ය. සාමාන්‍ය ආකාරයෙන් දරු ප‍්‍රසූතියක් සඳහා සූදානම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා යොමු කිරීමට අවශ්‍ය කිසිදු සාධකයක් නොමැති තත්ත්වයක් තුළදී, සාෆි විසින් සිසේරියන් සැත්කම් සිදු කරන ලද බවට සාක්ෂි රාශියක් මේ වන විට හමුවී තිබේ. සාෆි වෛද්‍යවරයාගේ මෙම ක‍්‍රියා කලාපය මුළුමනින්ම වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි. හිපොක්‍රොටිස් දිවුරුම ලබා දී පැමිණි අයෙකු මෙසේ රෝගියෙකු අනවශ්‍ය ආකාරයේ ක‍්‍රියා පිළිවෙතක් සඳහා බලහත්කාරයෙන් යොමු කිරීම, ඔහු හෝ ඇය වෙද නලාව පැත්තක දමා වෛද්‍ය වෘත්තියෙන් ඉවත් කළ යුතු තත්ත්වයකි. එසේම රාජ්‍ය මුදල් අවභාවිතවේ යෙදවීම සම්බන්ධයෙන් ද සාෆිට එරෙහිව මෙතැනදී පියවරක් ගත යුතුය. සාමාන්‍ය ආකාරයෙන් සිදු කරන ශල්‍යකර්මයකට වියදම් වන මුදල මෙන් හතර ගුණයක් පමණ අනවශ්‍ය ආකාරයෙන් සහ ආචාර ධර්ම පද්ධතියන්ට එරෙහිව යෙදවීම සම්බන්ධයෙන් සාෆි වෛද්‍යවරයාට එරෙහිව තවත් පරීක්ෂණ සිදු කළ යුතුය.

    සිංහල හා මුස්ලිම් මැහුම්

    සිසේරියන් සැත්කමක් නිමවා එම මව් කුස වැසීමේදී ස්ථර දෙකකදී මැහුම් දැමිය යුතු වුවත් සිංහල ජාතිය වඳ කිරීම සඳහා වන චේතනාවෙන් කටයුතු කරන සාෆි නියමිත පරිදි ස්ථර දෙක සඳහා මැහුම් යොදන්නේ, මුස්ලිම් අම්මලා වෙත පමණි. සිංහල මව්වරු වෙත ඔහු විසින් එක ස්ථරයක් සඳහා පමණක් මැහුම් යොදන්නේ, වර්ගවාදයෙන් ඔද්දල් වූ හිසින් යුක්තවය. එවැනි ආකාරයෙන් එක් ස්ථරයක් පමණක් මසා දැමූ මව්වරුන් හට පසු කාලීනව නොව ඒ මොහොතේ පටන් විවිධ ආබාධ හට ගැනීම සිදුවේ. මෙවැනි සිද්ධියක් අරාබිකරයේදී සිංහල වෛද්‍යවරයෙකු අතින් සිදු වූවා නම් ඔහුට අත්වන ඉරණම කවුරුත් දනිති. වන්ද්‍යකරණය පැත්තකට දමා මෙසේ වර්ගවාදී ලෙස මව් කුහර මසන්නේ නම්, ඒ සඳහා සාෆිට දිය යුතු දඬුවම සුළු පටු නැත.

    පසුගිය සතියේ එක් මවක් කුරුණෑගල රෝහල වෙත පැමිණියේ, සාෆි හපන්කමක් පිළිබඳව තවත් තොරතුරක් රැගෙනය. සාෆි විසින් කරන ලද සිසේරියන් සැත්කමෙන් පසු ඇයට තව වතාවක් දරු පල අහිමි වී තිබුණි. ඊට අමතරව තවත් අසාධාරණයක් සඳහා ඇය ලක්ව තිබුණි.

    මහ රෑ තනියම වැඩ

    පළමු දරු ප‍්‍රසූතිය සඳහා මෙම මව කුරුණෑගල රෝහල වෙත ඇතුල් වන්නීය. වෛද්‍යවරුන් විසින් ඇය යොමු කර තිබුණේ, සාමාන්‍ය දරු ප‍්‍රසූතියක් සඳහාය. එදින මධ්‍යම රාත‍්‍රියේ ඇයව බලෙන් ප‍්‍රසූතාගාරය වෙත රැගෙන ගිය සාෆි, සිසේරියන් සැත්කමක් සඳහා ඇය භාජන කරනු ලැබුවේ තනිවමය. සාෆි වෛද්‍යවරයා තමාව බලෙන් තල්ලූ කරගෙන ගොස් තනිවම අනවශ්‍ය ආකාරයෙන් සිසේරියන් සැත්කමක් සඳහා යොමු කරන ලද බවට ඇය පවසන චෝදනාව, රෝහලේ සාෆි පිළිබඳව විමර්ශනය කරන නිලාධාරීන් පවා එක්වර පිළිගත්තේ නැත. මෙවැනි චෝදනාවක් අසත්‍ය ආකාරයෙන් ඉදිරිපත් කළහොත් ඒ සඳහා දඬුවම් ලැබෙනු ඇතැයි රෝහලෙන් පවසද්දීත්, එම මව තමන්ට වූ අසාධාරණය සත්‍යම බව පවසා සිටියාය. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහලේ ඇති අදාළ මවගේ, වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඒ සඳහා අන් කිසිදු වෛද්‍යවරයෙකු හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙකු අත්සන් තබා නොමැති බවය. ඒ වැනි අවස්ථාවකදී වෛද්‍යවරු සහ රෝහල් කාර්යය මණ්ඩලයේ පිරිස් ඒ ඒ කාර්යය සඳහා අත්සන් තැබිය යුතු වුවත්, එම සියලූ තැන් හිස්ව තබා සාෆි පමණක් එක් ස්ථානයක අත්සන් තබා තිබුණි. මෙවැනි සිද්ධි ගණනාවක් සාෆි පිළිබඳව අනාවරණය වී ඇත්තේ, ඔහුට ඇති වන්ධ්‍යාකරණ චෝදනාවට අමතරවය.

    දොස්තර සාෆි පූජකයෙක් වීම

    මුස්ලිම් මවක් දරු ප‍්‍රසූතියකින් දරුවෙකු බිහි කරනා අවස්ථාවේදී සාෆි එහි සිටී නම්, එම වාට්ටුව වෛද්‍ය ස්ථානයක් නොව ආගමික ස්ථානයක් සේ දිස්වෙන බවට රෝහලේදී ඔහු සමග එකට කටයුතු කරන පිරිස් චෝදනා කරනු ලබයි. මුස්ලිම් දරුවා බිහිවන විට, ආගමික පාඨ හඬගා කියමින් සාෆි හැසිරෙන්නේ, වෛද්‍යවරයෙකු ලෙස නොව ඉස්ලාම් පූජකයෙකු සේය. බෞද්ධ දරුවෙකු බිහිවන විට, බෞද්ධ වෛද්‍යවරයෙක් තබා දරුවා බිහිකරන අම්මා හෝ වෙනත් නෑදෑයෙකු ප‍්‍රසූතාගාරය තුළ පිරිත් කියාගෙන රඟ දෙන්නේ නැත. මේ සිංහල බෞද්ධ රටේ, බෞද්ධයන් ද එසේ නොකරන විට සාෆිගේ මෙම උමතුව කියා පාන්නේ ඔහුගේ වර්ගවාදී හැසිරීමය. කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රසූතාගාර තුනක් තිබේ. සාෆි සාමාන්‍යයෙන් සේවයේ යෙදෙන්නේ ‘සී’ නම් ප‍්‍රසූතාගාරයේය. අනිත් ප‍්‍රසූතාගාර දෙකේ, මුස්ලිම් මවක් දරුවෙකු බිහි කරන්නේ නම්, සිය යාතිකාව පවත්වා, අදාළ කටයුතු කිරීමට සාෆි එම වාට්ටු සඳහා බලෙන් පැමිණීම සිරිතය. එපමණක් නොව, කුරුණෑගල රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන, ඕනෑම මුස්ලිම් රෝගියෙකු සාෆිගේ නෑයෙකි. නැතහොත් හිතවතෙකි. සාෆි එම රෝගීන්ගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කරමින් තමන්ගේ පුද්ගලික අවධානය ඒ පිරිස් වෙත යොමු කිරීම සිරිතය. මෙවැනි අවස්ථාවකදී එක් මහලූ මුස්ලිම් මවකගෙන් රෝහල් සේවකයෙකු විමසා ඇත්තේ ‘‘ඩොක්ටර් සාෆි, ඔයාගේ නෑදෑයෙක්ද…’’ යනුවෙනි. සාෆියෙක් පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව පැවසූ මුස්ලිම් අම්මා පවසා ඇත්තේ, තමන් පිළිබඳව සොයා බලන ලෙස අදාළ පල්ලියෙන් සාෆි වෙත දැනුම් දෙන්නට ඇති බවය. අන්තවාදයේ ඒ තරම්ම සැලසුම් සහගතය.

    තුන්වෙනි දරු උපතට සූදානම් වන මව්වරු වෙත වන්ධ්‍යාකරණ සැත්කම් පිළිබඳව දැනුම්දීම වෛද්‍යවරයෙකුගේ සාමාන්‍ය සිරිතය. එම මව්වරුන්ගේ අනුමැතිය ඇතිව නෛතික ආකාරයෙන් වන්ධ්‍යකරණය සඳහා මවක් ලක් කරන්නේ අනතුරුවය. සාෆි විසින් ඒ වැනි අවස්ථාවලදී, හැකි තාක් මුස්ලිම් මව්වරු එම වන්ධ්‍යා සැත්කමෙන් ඉවත් කිරීම සිදු කරනු ලබයි.

    සාෆි පිළිබඳව අලූත්ම කතාවක් රැගෙන තවත් කාන්තාවක් පසුගිය සතියේ කුරුණෑගල රෝහලට පැමිණියාය. උදරයේ අමාරුවක් සෑදී රෝහල්ගත කර තිබූ ඇයගේ ගර්භාෂය සාෆි විසින් ඉවත් කර දමා තිබුණේ ඇයට කිසිදු දැනුම්දීමක් නොකරය. කකුලේ අමාරුවට ඇසක් ඉවත් කළා සේ සාෆි විසින් නොසන්ඩාල ආකාරයෙන් සිංහල දරුවෙකු ඉපදීම වැළැක්වීම සඳහා කරන ලද මෙම සැත්කම් හේතුවෙන් ඇය අද වන විට බරපතළ රෝගී තත්ත්වයන් ගණනාවකට මුහුණ දී තිබේ. මෙවැනි විශාල ශල්‍ය කර්මයකදී අදාළ විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ එම ශල්‍යකර්මය සිදු විය යුතු වුවත් අනවශ්‍ය ආකාරයෙන් බලයක් ආරෝපණය කරගෙන සිටින සාෆි, සඳහා ඒ කිසිවක් වැදගත් නොවීය.

    සාෆිට අයත්ව තිබූ රස කැවිලි ව්‍යාපාරයක් පිළිබඳව ද මේ වන විට හාහෝවක් මතුව තිබේ. කුරුණෑගල ප‍්‍රදේශයේ පාසල් ආපන ශාලා සඳහා බූන්දි වැනි පැණි රස ආහාර සපයන ලද්දේ සාෆි බවට කට කතා පැතිර යමින් තිබේ. ඒ අතර සාෆිගේ දියණියන් දෙදෙනා විසින් තමන් ඉගෙන ගත් පාසලේ දැරියන් වෙත, සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදාදීමක් සිදුකිරීම පිළිබඳව ද එම පාසලේ දෙමව්පියන් අතර සැකයකට තුඩු දී තිබේ.

    මෙවැනි චෝදනා මධ්‍යයේ සාෆි සේවය කරන ලද ‘සී’ ප‍්‍රසූතාගාරයේ නොව වෙනත් ප‍්‍රසූතාගාරයක තවම මුස්ලිම් වෛද්‍යවරුන් දෙදෙනකු සේවයේ යෙදී සිටීම හේතුවෙන් කුරුණෑගල ප‍්‍රදේශයේ රෝගීහු නොසන්සුන් බවට පත්ව සිටිති. එම වෛද්‍යවරු සාෆි වැන්නන් නොවන්නට ඇතත් ඇතිවී තිබෙන තත්ත්වය මත රෝගීන්ගේ පාර්ශ්වයෙන් මෙන්ම අදාළ වෛද්‍යවරු දෙදෙනා පිළිබඳව ද සිතා තාවකාලිකව හෝ ඔවුන් එම සේවයෙන් වියුක්ත කොට තැබීම යුක්ති යුක්තය.

    සාෆිගේ වර්ගවාදී නාඩගම තවම අවසන්ව නැත. ඔහුට එරෙහිව තවම දියත් වන්නේ පොලිස් පරීක්ෂණ පමණය. මෙවැනි චෝදනාවක් මීට පෙර සමස්ත ලෝකයෙන්ම වාර්තා වී තිබුණේ නැත. නාසිවාදීන් වත් යුදෙව්වන්ට මේ ආකාරයේ අපරාධයක් සිදු කර නොතිබුණි. වෛද්‍ය විද්‍යාත්මක සහ අතිශය සංකීර්ණ මෙන්ම සංවේදී මෙම ප‍්‍රශ්නය පොලිස් පරීක්ෂණයකට ලඝු කර තැබිය නොහැකිය. ඒ සඳහා ජනාධිපති කොමිසමක් අවශ්‍ය බව සියලූ පාර්ශ්වයන් අවධානය කර තිබේ. සාෆි වෙතද එවැනි අවස්ථාවකින් තමා පිළිබඳව කරුණු සඳහන් කළ හැකි වනු ඇත. සුනාමි ආපදාව, ත‍්‍රස්තවාදය මෙන් භායනක ‘සාෆි සාපය’ පිළිබඳව විධිමත් කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිතුමාට අපි බල කරන්නේ, මෙවැනි ජාතික මාතෘකා තවදුරටත් අඳුරේ අත්පත ගානා තත්ත්වයක නොතැබිය යුතු නිසාය.

    -දිවයින-