ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර ඊයේ(22) පැවති තරඟයෙන් මෙතෙක් අපරාජිතව සිටි ඉන්දියාව ඇෆ්ගනිස්ථානයෙන් නොපැරදී බේරුණු නූලෙනි. ඉන්දියාවට ජය ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු11 කිනි.
මේ එම තරඟයේ විශේෂ අවස්ථායි.

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.
නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය එකරන යැවිය හැක්කේ පස් දෙනෙකුට පමණි.
තම ආචාර ධ්රම කඩ කරන පුද්ගලයන්ගේ තොරතුරු ව්‍යාප්ත වීම සීමා කිරීමට නව රෙගුලාසි පැනවූ බවද සමාගම කියයි.

වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි. අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති කල යුතුයි. ලංවිම තුළ අවම මට්ටමේ රැකියා අවස්ථාවක් ලබාගන්නත් අ.පො.ස. සාමාන්‍ය පෙළ අවශ්‍යයි. නමුත් අපේ රටේ දේශපාලන ව්‍යුහය තුල දේශපාලඥයෙකුට කිසිම සුදුසුකමක් නැතිවත් ජනාධිපති වෙන්න අවස්ථාවක් තියෙනවා. ආයතනයක් පවත්වාගෙන යන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යනම්, රටක් පාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැද්ද.
මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙලවත් තිබිය යුතුයි කියලා මම යෝජනා කරනවා. මේ තුළින් ඉදිරියට යද්දි, මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවටත් පත්වෙන්න අවස්ථාව ලබාදිය යුතුයි. නමුත් මේ එක් එක් පියවර වෙනුවෙන් වෙනවෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතුයි. මේ තත්ත්වය ඇතිකල යුතුයි. ඒ ආකාරයෙන් නැති එකේ ප්‍රථිවිපාක තමයි අද පේන්න තිබෙන්නේ. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයට සෑම පකෂයකින්ම අපේක්ෂකයින් ඉදිරිපත් කරයි. අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කරන්න පුළුවන්, පරිනත දේශපාලඥයෙක් තමයි අපි ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්නේ. අපට අවශ්‍ය වන්නේ දක්ෂ නායකත්වයක්. ඒ නිසා රෑ වැටුණ වලේ දවල් වැටෙන්න ඕන නැහැ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. බන්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවති මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනාධිකාරියේ විශාල පිරිසක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසකුත් සහභාගි වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කරුණානායක මහතා,
ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ සාමාන්‍ය සේවා ස්ථානයක් පමණක් නෙමෙයි. මේ ආයතනය මුළු රටටම බද්ධ වෙලා, රටේම අවශ්‍යතාවක් බවට පත්වෙලා තිබෙන සංකීර්ණ ආයතනයක්. ලක්ෂ 68 ක් පමණ පිරිසකට සේවා සපයන එකම ආයතනය බවට අද මේක පත්වෙලා. මේ නිසා තමයි නව ආණ්ඩුවක් ගොඩනගන්න අත දුන්න මන්ත්‍රීවරු සියළු දෙනාගේම ප්‍රදේශයන් වලට මෙම ආයතනයේ රැකියා අවස්ථාවන් බෙදීයන ආකාරයෙන්, හැකියාව සහ දක්ෂතාව මත ලබාදෙන්න තීරණය කළේ. මිට ඉහතදි ලංවිම රැකියා අවස්ථාවන් එක ප්‍රදේශයක පිරිසකට පමණක් සීමා වෙලා තිබුණා. මගේ රාජ්‍ය අමාත්‍යවරයාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වියයුතුයි මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිදුකිරීමට මට අදහස් සහ සහාය ලබාදුන්නට.
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂත්වය තමයි, මෙහි රැකියාවක් ලබාගන්න බැහැ අධ්‍යාපන සුදුසුකම් නොමැතිව. සහජ හැකියාවන් සහිත, බුද්ධිමත්, රට වැඩක් කලහැකි පිරිසකට තමයි ලංවීම ආයතනික ව්‍යුහය තුළින්ම රැකියාවක් සදහා අවස්ථාව සැලසෙන්නේ. සුදුසුකම් නොමැති දේශපාලන හෙන්චයියන්ට මෙම ආයතනයේ රැකියා ලැබෙන්නේ නැහැ. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරයෙක්ට, මන්ත්‍රීවරයෙක්ට වගේම මේ රටේ බහුතරයකට නොලැබෙන ආකාරයේ වැටුපක් තමයි ලංවිම සේවකයෙක්ට හිමිවන්නේ. වැටුප නෙමෙයි වැදගත් වෙන්නෙ. ඒ වැටුපට සරිලන සේවයක් සැපයීමයි. ලංකා විදුලිබල මණ්ඩලය දැවැන්ත ආයතනයක් වුවත්, අද මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ නිවැරදි නායකත්වයක් නොලැබීම නිසයි. මම ලංවිම ට අභියෝගයක් ඉදිරිපත් කරලා තිබෙනවා. තමාගේ දක්ෂතාවය තුළින් ලංකාව පමණක් නෙමෙයි, අසල්වැසි රටවල් ආක්‍රමණය කරන්න කියලා. ඒ තුළින් ජාත්‍යන්තර තලයේ ආයතනයක් බවට පත් කරන්න කියලා. අපි ජනනාවට සහන සැලසිය යුතුයි. නමුත් එයින් ආයතනයට ලැබෙන පාඩුව දරාගත හැකි මට්ටමක පැවතිය යුතුයි. ගැටළුව තමයි, අවම මිලකට විදුලිය නිපදවන්න පුළුවන්කම තිබියදී, වැඩි මිලකට ජනනය කිරීම. ඒ තතත්වය අපි නිවැරදි කළ යුතුයි. ඒ සදහා යම් කාලයක් යයි. නමුත් ආයතනයේ සියලු පිරිස් වල අදහස් අරගෙන ආයතනය තුළ සැබෑ වෙනසක් ඇතිකරගෙන යනවා “යැයි පැවසීය.

ප්‍රසාද් කාරියවසම් මහතා ඇමරිකානු තානාපති තනතුරට පත් කළ අය අද ඔහු ඇමෙරිකානු ඒජන්තයෙක් බවට චෝදනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ප්‍රසාද් කාරියවසම් මහතාට විදෙස් වැටුපක් සහිතව පාර්ලිමේන්තුවේ තනතුරක් ලබා දී ඇති බවට පසුගියදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ ද සභාව තුළ අදහස් ඉදිරිපත් වූ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.
මේ සම්බන්ධව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ ප්‍රකාශයක් කළ පසුව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කළ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කරමින් මෙසේද කීය.
සමහර විට පාර්ලිමේන්තුවට යම් යම් ආයතනවලින් කෙළින්ම ආධාර ලැබෙනවා. එහෙම නැත්නම් ආරාධනා ලැබෙනවා. ඇමරිකාවේ ආරාධනාවලින්, යුරෝපීය සංගමයේ ආරාධනාවලින්, චීනයේ ආරාධනාවලින් අපි පිටරට ගිහින් තිබෙනවා. හෙට ඉඳලා අපි මේ ආරාධනා අනුව පිටරට යනවාද නැද්ද? මන්ත්‍රී කණ්‌ඩායමක් එපා කියනවා. ඒ අය යන්නේ නෑ කියනවා. මින් පසු අගෝස්‌තු, සැප්තැම්බර් මාසවල යන්න එපා කියනවා. චීනයට යද්දී මේ පක්‍ෂයෙන් නම ගන්නේ නැතිව වෙනත් පක්‍ෂවලින් නම් ගන්න.
විදේශීය සම්මන්ත්‍රණවලට අපි සහභාගි වෙනවද නැද්ද. වෙනත් ආයතනවලින් මුදල් දෙනවා නම් ඒවාට සහභාගි වෙනවාද නැද්ද. උපදේශකවරුන් ලෙස අමුණුගම පත් කරද්දී, කාරියවසම් පත් කරද්දී මගෙන් නම් කිසිවක් ඇහුවේ නෑ. ඒ පත්කළ අවස්‌ථාවේදී පක්‍ෂ නායකයන් විරුද්ධ වෙන්න පුළුවන්. ලබන සතියේ හෝ කථානායක හමුවිය හැකියි.
කාරියවසම් කියන්නේ ඇමරිකානු නියෝජිතයෙක් කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඔහුව ඇමරිකාවට පත් කළේ ඒ ආණ්‌ඩුව. ඇක්‌සා ගිවිසුම අත්සන් කළේ එදා ආණ්‌ඩුව යටතේ. ඇත්ත වශයෙන් එදා අපි ඒකට විරුද්ධ වුණේ නෑ. 2007 දී අත්සන් කළේ. ඒ ගිවිසුම යළි දීර්ඝ කිරීම තමයි අපි අත්සන් කළේ. ඔබතුමන්ලා අත්සන් කරද්දී හොඳයි. අපි අත්සන් කළ එක හොඳ නැහැ. ඇමරිකානු පුරවැසියෙක් පමණක් නොවේ ඇමරිකානු ඒජන්තයොත් ඔවුන්ට සිටිනවා. අපි මේ ගැන විවාදයක් තියමු. අපිට මේ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබතුමන්ලා මුළු විදේශ ප්‍රතිපත්තියම ඇමරිකාවට භාර දුන්නා. දැන් කෑ ගහනවා.

පාලකයන් සහ ජනතාව අතර නිරන්තර කතිකාව පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උඩය. පාලකයන්ගේ හැසිරීම සහ රට තොට ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යකරුවන්ටය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව ජනමාධය පරමාධිපත්‍යයේ හතරවන බල කනුව ලෙස ගැනෙන්නේ එහෙයිනි. වාර්තාකරණය වෘත්තිය ප‍්‍රමිති මත ප‍්‍රශස්තව ඉටු කිරීමට නම් මාධ්‍ය ස්වාධීන වීම සහ මාධ්‍යකරුවන්ගේ විනය අත්‍යවශ්‍ය කොන්දේසියකි. එකී කොන්දේසිය සපුරාලීමට ලංකාවේ ජනමාධ්‍ය පොදුවේ අසමත්ය.
ලංකාවේ ඇත්තේ මුදලාලී මාධ්‍ය කලාවකි. මාධ්‍ය කරුවන් දෙන දේ කා සීමාවේ පිහිනන ‘ගෝල්ඩ් ෆිෂ්’ මාළුවන් මෙනි. සරළව කිවහොත් විද්‍යුත් මාධ්‍යවල කථා පවත්වන පුද්ගලයන් ‘ගෝල්ඩ් ෆිෂ්’ වැනි චරිත බවට පත් වන්නේය . ප්‍රවෘත්තියක් ජනතාව වෙත සමීප කිරීමේ රූපාන්තරය තුල ගොඩනැගෙන මෙකී ප්‍රතිරූපය යම් මාධ්‍ය කරුවෙකු තම කාම දාහය නිවා ගැනීමට යොදවන්නේ නම් එය කොතරම් අවාසනාවක්ද? ජඩ ක්‍රියාවක්ද?

දෙරණ 360 වැඩ සටහනේ එන චාපා බන්ඩාර තමන් හඳුන්වා ගන්නේ නිදහස් මාධ්‍ය වේදියෙකු ලෙසය. ප්‍රවීන සමාජ විශ්ලේෂකයෙකු ලෙසය. දූෂණයට එරෙහි සටනේ පෙරගමන් කරුවෙකු ලෙසය. ජාතියේ දුවා දරුවන් බල ගැන්වීමේ නියමුවෙකු ලෙසය. දේශීයත්වය අගේ කරන බටහිර විරෝධියෙකු ලෙසය. හඬක් නැති මිනිසුන්ට හඬක් වූ මානව හිතවාදියෙකු ලෙසිනි . නමුත් චාපා බන්ඩාර යනු ඔය කියන ආකාරයේ කිසිම ”කොලිටියක්”ඇති එකෙකු නොවේ. චාපා බන්ඩාර නීලකාස හොරෙකි, සමාජ පිළිලයකි. කෙසේ වුවද මෙම ලිපියේ අරමුණ චාපා බන්ඩාර නිරුවත් කිරීමට වඩා චාපා බන්ඩාර නැමති පාපතරයාගෙන් රටේ අහිංසකයන් බේරා ගැනීමය.
චාපා බණ්ඩාරගේ උපන් වසර 1964 ය. ඔහුගේ නියම නම කිරිකන්කානන්ගේ සුනිල් කුමාර සේනාතිලක බණ්ඩාරය. ‘චාපා බන්ඩාර’ යනු ආරූඪ නාමයකි. පාසැල් අධ්‍යාපනය නිමා කල ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු ලෙසය. චාපා බන්ඩාර විනය විරෝධී ක්‍රියාවකට මුලින්ම හසු වන්නේ යුධ හමුදා සේවයේ නියුතුව සිටියදීය. පොදු හා වෙනත් නියෝග උල්ලංඝනය කිරීමේ වරදට චෝදනා ලබන මොහු යුද්ධාධිකරනය හමුවේ වැරදි කරුවෙකු බවට පත්වූයේය. යුද්ධාධිකරනයෙන් දඬුවම් ලබන මොහු වසරකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර ගත ව සිරබත් කෑවේ ය.
චාපා බන්ඩාර හමුදාවේ පුහුණුව අවසන් කළ විගස සිය බහු විවාහ දිවියේ පලමු ඉනිම පටන් ගත්තේය. ඔහුගේ පළමු බිරිඳ වූයේ අවු 16 ක පාසැල් ශිෂ්‍යාවකි. බාල අපචාරයකි. එම විවාහයෙන් ඔහු දියණියක් ලබන අතර ඇගේ දැන් වයස අවු 30 කි. එකල චාපා බන්ඩාරගේ නිවසට අල්ලපු වැටේ ප්‍රේමයේ නපුරු කම කෙතරම්දැයි දුටු ප්‍රවීන ගායකයෙකු පදිංචිව සිටියේය. එකී ප්‍රවීනයාගේ ලා බාල දියණිය සමග චාපා ඇති කරගත් පෙම් පලහිලව්වක් නිසා චාපාගේ විවාහ ජීවිතය ක්‍රියාදාම චිත්‍රපටියක ස්වරූපය ගත්තේය. එම සිද්ධියද ඇතුලු චාපාගේ අවලම් ක්‍රියා හේතුවෙන් අවසානයේ පළමු විවාහය සුන් බුන් ගොඩක් බවට පත් විය.
පළමු විවාහය කටුගා දැමීමටත් පෙර චාපා බන්ඩාර තවත් තරුණියක් හා පෙමින් වෙළුනේය. සම්බන්ධය දුර දිග යාම නිසා චාපා බන්ඩාරට ඇය සමග දෙවණ ඉනිම ආරම්භ කිරීමට සිදුවිය. එම විවාහයෙන් චාපාට තවත් දරුවෙකු ලැබුනේය. දෙවන විවාහයේ දරුවාගේ වයස අවු 26කි. චාපා දෙවැනිවරට විවාහ වූ කාන්තාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් කාන්තාවකි. දරුවාගේ හෙට දවස ගැන සිතා චාපගේ තිරිසන් ගති පැවතුම් සියල්ල ඈ ඉවසා සිටියාය. එපමනක් නොව චාපා යනු වෘත්තියක් ලෙස කාන්තාවන් රවටා මුදල් ගසා කන අයෙකි . චාපාගේ දැලට හසුවූ අහිසංක කාන්තාවන් බොහොමයක් ඇඟ බේරා ගත්තේ බිරිඳගේ සෘජු මැදිහත් වීම, අවස්ථානෝචිත ප්‍රඥාව, ඉවසීම සහ කාරුණික උපදේශ නිසාය.

චාපා බන්ඩාර රාවය ආයතනයෙන් අස්වූවා නොව වික්ටර් අයිවන් අස්වීම යෝජනා කෙළේය. ඊට හේතුවද ඔහුගේ අවකල් ක්‍රියාවන්ය . චාපා බන්ඩාරට මැක්සීස් ආයතනය හා සම්බන්ධ වීමට ලැබීම ජීවිතයේ අළුත් පිටුවක් වූයේය. මොහුගේ සම්‍යප්‍රයෝග වලට හසුවුන මැක්සීස් ආයතනයේ සභාපති මැක්සි පෙරේරා, චාපා Advisor to chairman ලෙස බඳවා ගත්තේය. මැක්සීස් ආයතනයෙන් චාපාට ඉහල වැටුපක් සහ වාහනයක් ලැබුනේය . මෙහි ඇති ගැටලුව ‘වෙජිටේරියන්’ චාපා කුකුල් ෆාම් එකක වැඩ කිරීම නොවේ. සිය සුපුරුදු ගෝනි සෙල්ලම පටන් ගැනීමය. චාපා මැක්සීස් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකු දැලේ දා ගනිමින් ඔවුන්ගේ ජීවිත අඳුරු කෙළේය. හතර වටේට ‘මල් කැඩූ’ චාපා රු 50000/- කට අධික දුරකථන බිලක් කොම්පැනිය හරහා මාසිකව පියවා ගත්තේය.
මැක්සීස් ආයතනයේ චාපාගේ ගෝනි සෙල්ලම් දිනෙන් දින ඉහල ගියේය . අවසානයේ අයතනයේ සේවය කල ජ.වි.පෙ පාක්ෂිකයන් පිරිසක් මැක්සීස් ආයතනය චාපාගෙන් බේරා ගැනීමේ අරමුනින් වෘත්තීය සමිතියක් පිහිටුවූහ . ඔවුන් කන්ඩායමක් ලෙස ගොස් මැක්සි පෙරේරාගේ බිරිඳ හමුවී සිදුවීමට යන විනාශය පැහැදිලි කළෝය. කරුණු වටහාගත් ඇය, චාපා බන්ඩාර ආයතනයෙන් පන්නා දැමීමට අනුමැතිය දුන්නාය. අවසානයේ අතට අසුවූ දෙයින් පහරදුන් වෘත්තීය සමිති සාමාජිකයෝ චාපා බන්ඩාර මැක්සීස් ආයතනයෙන් එළවා දැමූහ . චාපාට ජවිපෙ වහ කදුරුවීමට ප්‍රධාන හේතුව මෙම පහරදීම ය. නමුත් ජ.වි.පෙ මැදිහත්වීම නොවන්නට මැක්සීස් ආයතනය මේ වන විට වැසී ගොස් හමාරය.
මැක්සීස් ආයතනයෙන් පන්නා දැමූ චාපා ගංජා දිලිත්ගේ දෙරණේ නිවේදකයෙකු ලෙස එක් වූයේය. වෘත්තියක් ලෙස කාන්තාවන් රවටන චාපාට රූපවාහිනියක් හා සම්බන්ධ වීම පරණ පිනක් පෑදුනාක් මෙන් විය. චාපා එතෙක් දේශීව පවත්වාගෙන ගිය කාන්තාවන් රවටා මුදල් ගසාකෑමේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට ව්‍යාප්ත කළේය. දෙරණ නිවේදන කටයුතු අරඹා කෙටි කාලයක් තුල විදේශ ගත ලාංකික කාන්තාවන් දුසිමකට වඩා වැඩි පිරිසක් දැලේ දාගත්තේය. යුරෝපීය රටවල කාන්තාවන් පමනක් නොව මැදපෙරදිග දුක් විඳින ලාංකික කාන්තාවන් ද ඒ අතර වූහ. චාපා සාහසික ලෙස රැවටූ විදේශ ගත කාන්තාවන් 6 දෙනෙකු පිලිබඳ සියලු විස්තර අප සතුය, ඔවුහු ස්විස්ටර්ලන්තය, සයිප්‍රස්, ඔස්ට්‍රේලියාව,ජොර්දානය, ඩුබායි, ඉතාලිය යන රටවල සේවය කරති.
අප මෙහි ඉදිරිපත් කරන ඉන් එක් කථා නායිකාවක ස්විස්ටර්ලන්තයේ වෙසෙන ලාංකික කතකි. චාපා අන්තර් ජාලය හරහා අඳුනා ගන්නා මැය සාහසික ලෙස මුලා කර තිබේ. එපමනක් නොව කඩින් කඩ විශාල මුදලක් ඇයගෙන් ලබා ලබාගෙන ඇත. ඉන් රු ලක්ෂ 16 කට ආසන්න මුදලක් චාපාගේ කොමර්ෂල් බැංකු ගිණුමට බැරකල රිසිට් පත්වල පිටපත් මේ සමග දක්වා ඇත. පසුගිය ගිය වසරේ අගභාගයෙදී කොන්දේ ඇතිවූ ආබාධයකට චාපා රෝහල් ගත විය. රෝහල් බිල රු 80000/- ක් පමණ විය. රෝහලේ බිල ගෙවීමට කියා චාපා මැක්සි පෙරේරාගෙන් රු 80000/- ක් ලබා ගත්තේය. මැක්සි පෙරේරාට හොරෙන් ඉහත කී ස්විස්ටර්ලන්ත කාන්තාවගෙන්ද රු 80000/- ක් ලබා ගත්තේය.

ස්විස්ටර්ලන්ත කාන්තාව පසුගිය වසරේ 6 වරක් ලංකාවට පැමිනියා ය. චාපාගේ නිවස වෙත ගිය ඇයට චාපාගෙන් අසන්නට ලැබුනේ ආර්ථික අගහිඟකම් ගැන සුපුරුදු කන්පින්දම් කීමය. ස්විස්ටර්ලන්ත කාන්තාව කියන පරිදි ඇයගෙන් ලබා ගත් ලබා ගත් මුදල් චාපා දේශීය පෙම්වතියන් සමග රවුම් ගසා ඉවර කොට ඇත. චාපා භාවිතා කරන යාරිස් මෝටර් රථයේ වටිනාකමෙන් සැලකිය යුතු කොටසක් ගෙවා ඇත්තේද ස්විස්ටර්ලන්ත කාන්තාවය. ඔහු භාවිතා කරන ලැප් ටොප්, දුරකථන ඇතුළු ඩිජිටල් සන්නිවේදන උපකරණ වලින් බොහොමයක් විදේශ ගත පෙම්වතියන්ගෙන් කඩා වඩා ගත් ඒවාය.
චාපා ස්විස්ටර්ලන්ත කන්තාව ටෙලර් යන්ත්‍රයක් මෙන් භාවිතා කළ ද ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් කාර්ය භාරයක් ඉටු කරන තැනැත්තියකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ජිනීවා යන ශ්‍රී ලංකික වියතුන් යයි කියා ගන්නා කන්ඩායමේ බර පැන දරන්නේ මෙකී ස්විස්ටර්ලන්ත කාන්තාව ඇතුළු ශ්‍රී ලාංකිකයන් පිරිසකි. තමන්ගේ වියදමින් ජිනීවා යනවා කියන ඊනියා දේශප්‍රේමීන්ගේ හෙළුවද චාපා බන්ඩාර කථා වස්තුව හරහා එළියට පැමින ඇත. සැබැවින්ම කළ යුත්තේ රට ජාතිය වෙනුවෙන් නිහඬව සේවය කරන රට විරුවන් අගය කිරීමය. ලාංකිකයන් එක්සේසත් වන්නේ එවිටය. නමුත් චාපලා එහි කනපිටය. සැබෑ දේශප්‍රේමීන් දවසේ ආදායම සොයා ගැනීමට අවභාවිතා කොට තමන් දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමට උත්සාහ කරන්නේය . ඕනෑම තක්කඩියෙකුගේ අවසාන නැවතුම දේශප්‍රේමය යයි කියූ කථාවේ සත්‍යතාව නම් මොනවට පැහැදිලිය.
චාපා බන්ඩාරගේ සාහසිකත්වය මෙම ලිපිය මගින් සාක්ෂි සහිතව හෙළිදරව් කළ පසු දෙරණේ ගංජා දිල්ත්ගෙන් චාපාට උසස් වීමක් ලැබුනහොත් පුදුම විය යුතු නැත. ගංජා ආතල්, සිද්ධාර්ථ ආතල් ගැන ප්‍රසිද්ධියේ කියන දිලිත්ට එවැන්නක් නොකිරීමටද ලජ්ජාවක් තිබිය තිබිය නොහැක. රාජපක්ෂලාගේ සිත් පිත් නැති කළු මුදල් සුදු කළ දිලිත් ජයවීරගෙන් ඊට වැඩි යමක් බලා පොරොත්තු විය ද නොහැක. ගුරා හිට ගෙන මූත්‍රා කරන විට ගෝලයෝ දුවමින් මූත්‍රා කිරීමෙහි අරුමයක් නැත. නමුත් වෘත්තියක් ලෙස අහිංසක කාන්තාවන් රවටමින් මුදල් ගසා කන , ඔවුන්ගේ ජීවිත අඳුරු කරන චාපා නැමති පාපතරයා සමග එක මේසයේ වාඩි වෙනවාද නැද්ද යන්න කාන්තාවන් වන දිල්කලා, වරුණි අමුණුගමලා දෙවරක් සිතා බැලිය යුතුය.
(පසු සටහන – ඔහුගේ දුරකථනයේ සියලු දත්ත මේ වන විට පිටපත් කොට අප සතුව ඇති අතර, සුදුසු පරිදි ඒවා මතු භාවිතාවේ යෙදැවෙනු ඇත)
කීර්ති රත්නායක විසිනි
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී
උපුටා ගැනීම: -ලංකා ඊ නිව්ස්-

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය වසන් කරන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
වතිකානුවට ගොස් ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවීමට පෙර කාදිනල්තුමා මේ බව දන්වා ඇත.
රජයට මේ ගැන බරපතළ වගකීමක් තිබෙනවා. දැන් රජය කමිටු හා කොමිසම් පත්කර තිබෙන අතර ඔවුන් පැත්තෙන් පැත්තට චෝදනා කර ගන්නවා. එහෙත් මම දන්නවා කවුද වගකියන්න ඕන කියලා යෑයි මැල්කම් රංජිත් කාදිනල්තුමා කීවේය.
ඉන්දියාවෙන් ලබාදුන් තොරතුරු තමන්ට දුන්නා නම් සෑම පල්ලියක්‌ම වසන බව පැවසූ කාදිනල්තුමා හැමෝම එකිනෙකාට බැනගන්නා බවත් සත්‍ය වසන් කරන බවත් කීවේය.
මේ සිද්ධිය ගැන ජනාධිපතිගේ කටයුතු ද ගැටලුවක් බවද කාදිනල්තුමා කීවේය.

මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් පුරා දශක තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව කලා ක්ෂේත්‍රයේ දැවැන්තම ටෙලි-සිනෙමා සම්මාන උළෙල වන “සුමති ටෙලි සම්මාන උළෙල” පවත්වාගෙන යමින් වසර 24 ක් තුල 1400 කට වඩා වැඩි කලා කරුවන් ප්‍රමාණයකට සම්මාන පුදකරමින් මෙරට කලා කෙත අස්වද්දන්නට කැපවීමෙන් සුවිශේෂී සේවයක් සිදුකළ හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා වෙත සුවිශේෂී සම්මානයක් ප්‍රදානය කිරීම ඊයේ(20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වන අභිමානවත් සංවත්සර උළෙලේදී සිදුවිය.
වසර 25ක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය මෙරට කලා ක්ෂේත්‍රය ඉතා ප්‍රවීනම කලාකරුවන්ගෙන් සහ නිර්මාණකරුවන්ගෙන් සමන්විත එකම සහ දැවැන්තම කලා සංසදය වන අතර සුමිත්‍රා පීරිස්, ආචාර්ය එඩ්වින් ආරියදාස, අයිරාංගනී සේරසිංහ, ආචාර්ය මාලිනී ෆොන්සේකා, ආචාර්ය රෝහණ වීරසිංහ, නාලන් මෙන්ඩිස්, ඩග්ලස් සිරිවර්ධන වැනි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීන මෙන්ම දැවැන්තම චරිතයන්ගෙන් සමන්විත කලාකරුවන්ගේ සංවිධානයවේ.

මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් වසර 24ක් අඛණ්ඩව සම්මාන සහ අවශ්‍ය සහය ලබාදෙමින්, කලාකරුවන් නිබඳව දිරි ගන්වමින් සිදුකළ සේවාව වෙනුවෙන් මෙම ඇගයීමට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාත්‍රවිය.
මෙම අනපේක්ෂිත අවස්ථාවේ සංවේදීව අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා,
“අප මෙතෙක් කලක් සම්මානයට පාත්‍රවෙච්ච අය ඇගයීමට ලක් කරන්න ලැබුණා. සම්මාන 1400කට අධික ප්‍රමාණයක් අපි මේ අවුරුදු 24ට ලබාදී තිබෙනවා. මේ පළවෙනි වතාවට සම්මානයක් දීමට සම්මානයක් ලැබුණේ. මම එහෙම දෙයක් අපේක්ෂා කළේ නැහැ. ඒ කෙසේ වෙතත් ඩග්ලස් මහතා සමඟ එකතු වෙලා අපි අපේ ප්‍රමිතියෙන් උසස් තලයකට ගෙන යෑම සඳහා අදහස් ගත්තේ, යෝජනා ගත්තේ මේ කාමරයේ සිටින ඔබ තමුන්නාසේලා සමඟ එකට සිටි සහෝදර සහෝදරියන්ගෙන්. ඒ නිසාම වෙන්න ඇති අපිට අවුරුදු 24ක්ම සුමති සම්මාන උළෙල කරගෙන යන්න පුළුවන් වෙන්න ඇත්තේ. ඒ නිසා ක්ෂේත්‍රය විසින්, ක්ෂේත්‍රය උදෙසා, ක්ෂේත්‍රය වෙත කරපු ඒ සම්මාන උළෙලට ඉදිරියට කරගෙන යන්නත් අවස්ථාව ලැබෙන්නේ මෙවැනි ක්ෂේත්‍රයට ආදරය කරන ඔබ සියලු දෙනා නිසා. ඒ නිසා මෙය අප හදවතේ ඉතා ගැඹුරුම තැනක පරිස්සම් කරලා තියලා එය අපට ශක්තියක් කර ගන්නවා ඉදිරියට ඔබ තමුන්නාසේලාගේම සහෝදර සහෝදරියන් ඇඟයීමට ලක්කිරීමට. බොහොමත්ම ස්තුතියි!”

සත්කාරක එංගලන්ත පිලට අමිහිරි පරාජයක් අත්කර දෙමින් ශ්‍රී ලංකාව අද දිනයේ ලෝක කුසලාන තරඟාවලියේ තමනට අත්‍යවශ්‍යව තිබූ ජයග‍්‍රහණයක් ගබා ගත්තේය.
ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09කට ලකුණු 232ක් ලබා ගත්තේය.
ප‍්‍රබල එංගලන්න පිතිකරුවන්ට එරෙහිව මුල සිටම සිටම ආක‍්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් එංගලන්ත පිල ලකුණු 212කට දවාලීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
මේ අනුව අවසන් පූර්ව වටයට යාමෙ බලාපොරොත්තු ශ‍්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් තබා ගත හැකි අතර ලෝක කුසලාන දිනා ගනිතැයි අනාවැකි පලකර ඇති කණ්ඩායම් අතරින් ඉහළින්ම සිටින එංගලන්ත කණ්ඩායම ඉදිරියෙ අද ලත් ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයකි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුළු 09කට ලකුණු 232ක් රැස් කළේය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ගොඩනැගූ ඇන්ජිලෝ මැතිව් පන්දු 115කදී ලකුණු 85ක් රැස් කළ අතර අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 39කදී ලකුණු 49ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 68කදී ලකුණු 46ක් රැස් කළේය.
මෙම තරගයේද සුපුරුදු ලෙස ශ‍්‍රී ලංකා මැදපෙළ අසාර්ථක වූ අතර පෙර තරගවලදී විශිෂ්ඨ ලෙස ලකුණු රැස්කළ නායක දිමුත් කරුණාරත්න ද අසාර්ථක විය.
ශ‍්‍රී ලංකාවට එරෙහිව ‘ Mark Wood ’ 3/40/08, Jofra Archer 3/32/10 සහ Adil Rashid 2/45/10
ශ‍්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 233ක පහසු ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සියලූ දෙනාම දැවී පන්දු වාර 47කදී ලබාගත හැකි වූයේ ලකුණු 212ක් පමණි. එංගලන්තය වෙනුවෙන් Ben Stokes පන්දු 89කදී නොදැවී ලකුණු 82ක් ද, Joe Root පන්දු 89කදී ලකුණු 57ක් ද වාර්තා කළේය.
එංගලන්තයට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 43කට කඩුළු 04ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 32කට කඩුළු 03ක් ද, ඉසුරු උදාන ලකුණු 41කට කඩුළු 02ක් ද දවා ගත්තෛ්ය.
ඒ අනුව ශ‍්‍රී ලංකාවට ලකුණු 20ක තියුණු ජයග‍්‍රහණයක් හිමිවිය. තරගයේ වීරයා සම්මානය ලසිත් මාලිංග විසින් දිනා ගත්තේය.

සෑහෙන්න පෝස්ට් තියනවා කලපු මාලු සීසන් කරලා විකුණනවා ,කිසි අවුලක් නෑ ,හොඳට සීසන් වෙලා ඉන්නේ,බය නැතුව අරන් හදන්න පුලුවන් අරකයි මේකයි කියලා.අන්තිමට මාලු අරන් ගෙදර ඇවිත් සාතියයි දෙකයි මාසයයි මාලු මැරෙනවා. සල්ලිත් නෑ ,මාලුත් නෑ.
මාලු මුදලාලිලා තමන්ගේ බඩගෝස්තරය ගැන විතරක් හිතලා අහිංසක සත්තුන්ව බිලි දෙනවා, දැක්කම ලස්සන නිසා නොදැනුවත් කමට අරන් එනවා.අඩුම තරමේ විකුණන අය කියන්නෙවත් නෑ මේ කළපු මාලුවෙක් කියලවත්.අන්තිමට ගෙනාපු මනුස්සයා දන්නෙවත් නෑ ඇයි මාලුවා මැරුනේ කියලවත්.
මේවා කිව්වාම රෙදි උස්සන් එන්නනම් සෑහෙන්න දෙනෙක් ඉන්නවා, ඒ වගේම ඒවට පක්ෂව කතා කරන්නත් හෙන මොලකාරයෝ සෙට් එකක් ඉන්නවා.තමන්ගේ ටැංකියේ මෙච්චර කාලයක් හිටියා,කිසි අවුලක් නෑ ,ඕවා බොරු කතා ,බය නැතුව අරන් හදන්න අරකයි මේකයි කතන්දර ගොඩයි.
එහෙනම් ඔය විදිහටම අපි මේ ටැංකිවල හදන ගප්පි, කාප්, ගෝල්ඩ්ෆිශ්,කැට්ෆිශ් ඉඳන් ඇරපිමා, ඇලිගේටර් ගාර්, වේල් කැට්ෆිශ් වගේ දැවැන්ත මාලු වෙනකම් ජාති සීසන් කරලා මුහුදු වතුරේ,කලපු වතුරේ හදන්න පුලුවන් වෙන්න එපැයි.
ඒත් අන්තිමට වන්දි ගෙවන්නේ අසරණ මාලුවා.අවුරුදු 10ක් විතර ජීවත් වෙන මාලුවෙක් අවුරුද්දක් දෙකක් ටැංකියක ජීවත් වෙලා මැරිලා යනවා කියන්නේ ඒ උගේ සම්පුර්ණ ආයු කාලය නෙමෙයි.ඕක තේරුම් ගන්න බැරිනම් මාලු හදන්නේ, විකුණන්නේ මොකටද?

කලපු මාලු විතරක් නෙමෙයි ,ස්වාභාවික මිරිදිය මූලාශ්‍ර වලින් අල්ලගන්න මාලු පවා ටැංකිවල හදනකොට විවිධ ගැටලු මතුවෙනවා.වතුර සමාන වුනාට ඒ මාලු ඉන්න පරිසර තත්ව වෙනස්.ඒ පරිසරයට අනුගත වෙලා ඉන්න මාලු එකපාරටම අලුත් තැනකට දැම්මාම ඒ සත්තුන්ට හරි අමාරුයි හැඩගැහෙන්න.
හොඳම උදාහරණය ටිකක් හිතල බලන්න ලංකාවේ දේශගුණයෙන් මිදිලා එකපාරටම අධික සීතල හෝ අධික උණුසුම් තැනකට තමන්ව ගිහින් දැන්නොත් කිසි සූදානමක් නැතුව කොහොමට තියෙයිද? ඒ වගේ තමා මාලුන්ටත්.ඒ ඒ ජීවියා හැඩගැහිලා තියන විදිහ වෙනස් ඒ නිසා සීසන් කරලා කියන බොරුවට රැවටෙන්න එපා.මොකද අපිට සීතලට ජැකට්, උණුහුමට AC තිබුනට මාලුන්ට තියෙන්නේ උන්ට සොබාදහමෙන් ලැබුන ප්‍රතිශක්තිය විතරයි.
හැමකෙනෙක්ටම වගකීමක් තියනවා තමන් මාලුවෙක් ගන්න කලින් ඒ මාලුවා ගැන හොයල බලන්න.මාලුවා අරන් ගෙදර ආවට පස්සේ ඌ නොකා ඉද්දී පැත්ත ගහලා ඉද්දි පෝස්ට් දාන්න එපා.මාලුවා ගේන්න කලින් හොයල බලන්න.
ඌ මොනාද කන්නේ, කොහොම පරිසරයකද ඉන්නේ,මොන වගේ හැසිරීමක්ද තියෙන්නේ,මොන වගේ මාලු එක්කද හදන්න පුලුවන් කියන දේවල් හොයලා බලන්න.
මාලු ගෙනාවට පස්සේ බොරු කරලා දීලා,වංචාවක් කිය කිය කියන්න එපා.
කෑමක් ගන්න කලිනුත් ඒකේ තියන දේවල්, හදලා තියෙන්නේ මොනා වලින්ද කියලා හොයල බලනවනේ.එහෙනම් ඇයි මේ පණ තියන අසරණ සත්තුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැත්තේ.
–දිමුතු වීරසේකර-

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයකු වීමට සුදුසුකම් නොමැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
රටේ ප‍්‍රශ්න තිබියදී ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි කෙනෙක් ගැන කතා කිරීම ඵලක් නොවන බවත්, ඉන් සිදු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව තමන්ද අපහසුතාවට පත් වීමක් පමණක් බවත් දිසානායක මහතා කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ඉල්ලීමක් ඇත්තේ නම් කළ යුත්තේ ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ බවට අදාළ ලිපිය ඉදිරිපත් කර තමා ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුසු බව පෙන්වීම යැයිද, ඉන්පසු ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉදිරිපත් කිරීමට හැකියාව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
යුද්ධය නිම කර රට සංවර්ධනය කරමින් වසර දහයක් ගෙන ගිය රාජපක්ෂවරුන්ගේ පාලනය ප‍්‍රමාණවත් බවත්, රාජපක්ෂවරුන්ට පමණක් මේ රට හැදීමට පුළුවන් යන මතයේ තමා නොමැති බවත් ඊයේ (20) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පවත්නා සාකච්ඡුාවක ජනාධිපති අපේක්ෂකයා කියන කාරණයේ දී රාජපක්ෂ නොවන කෙනෙක් ගැන කතා කරන්නේ නම් එම සාකච්ඡුා බොහෝ දුරට අවසන් වී මැතිවරණයට පෙර ජනතාවට ජයග‍්‍රහණය ලබා ගැනීමට හැකි බව ද දිසානායක මහතා කීවේය.

වහබ්වාදය පදනම් කරගත් අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නැමැත්තා ඊයේ(20) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික්ගේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරාවරණය කරගැනීමට හැකිවිණ.
මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ, බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් ඊයේ දිනයේ එම ප‍්‍රකාශය යළිත් සංශෝධනය කළේය.
පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් අතින් එදා වූයේ වැරදක් බවයි.
2013 වසරේ දී ඇතැම් සිංහල අන්තවාදී සංවිධාන විසින් මුස්ලිම් ජන සමාජයට සහ ඉස්ලාම් ආගමට විරුද්ධව එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙන අවස්ථාවක දී තමන් අතින් එවන් දෙයක් කියවුන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී පෙරළා ප්‍රශ්න කළ අමාත්‍ය රවී කරුණානායක මහතා අසා සිටියේ, මෙවැනි සිංහල බෞද්ධ රටක ඔවැනි ද්වේශ සහගත ප්‍රකාශ කිරීම වලංගු යැයි සිතනවාද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් අබ්දුල් රාසික් ප්‍රකාශ කළේ, තමන් තිබූ ඉක්මනින්ම නිවැරදි කළ බවත් තමන් ප‍්‍රසිද්ධියේ තමන් සමාව අයැද සිටි බවය.
තමා එදින ප්‍රකාශ කරන ලද්දේ උපාසිකාවගේ කලවා මාංශය ගිලන් වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් අනුභව කිරීමක් බුදුන් වහන්සේ කිරීමක් සේ වැරදි ආකාරයෙන් තේරුම් ගත් නිසා බවත් මහ ලේකම්වරයා කීය.
කෙසේ වෙතත් එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ බුදුරජාණන් වහන්සේ අතන මෙතන ගොස් නොදැනුවත්ව හෝ ගොන් වැඩ නොකරන උත්තමයෙකු බවයි.
ඒ නිසා මෙවන් ප්‍රකාශ කිරීමට පෙර තමන් තවදුරටත් අධ්‍යනය කර විශ්වාසයක් ඇතිව සිදු කරන ලෙසත් සේ විශ්වාසනීයත්වය ඇති වන තෙක් දේශනා කිරීම නවත්වන ලෙසත් ඔහු කියා සිටියේය.

වැටුප් සහ ශ්‍රේණි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(21) උදෑසන සිට ක්‍රියාත්මකවේ.
වර්ජනය සම්බන්ධයෙන් ඊයේ(20) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත් විය. එම සාකච්ඡාවලදී රජය පාර්ශවය ප්රේකාශ කර ඇත්තේ මාස එකහමාරකින් පමණ සේවක ගැටළුවලට විසදුම් ලබා දිය හැකි බවයි.
නමුත් සේවකයින් ඊට කැමැත්ත පළ කර නැහැ. ඊයේ පැවති සාක්ච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා මේ බව පැවසීය.
මේ අතර වර්ජනය ආරම්භ වීමට පෙර සිටම දුම්රිය රියදුරන් දුම්රිය ධාවනයට ඉදිරිපත් නොවීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ මඟින් පිරිසක් විරෝධතාවයේ නිරත විය. ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබු සියලු තැපැල් දුම්රිය අවලංගු කෙරුණු බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් දුම්රිය ධාවනය අඬාල වීමෙන් සිකුරාදා දිනයේ ගම්බිම් බලා පිටත්ව යන මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද වාර්තා වෙයි.

“විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පොසොන් පොහොය නිමිති කරගෙන මට්ටක්කුලිය මහවත්ත ප්‍රදේශයේ සංවිධානය කරතිබූ පොසොන් බැති ගී ප්‍රසංගයකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“අද අපි මේ පොසොන් පොහොය නිමිත්තෙන් මේ ප්‍රදේශයේ ජීවත්වන සියලුම ආගමිකයන්, සියලු ජාතීන් එකතුවෙලා, පන්සල මුල්කරගෙන පවත්වන බැති ගී තුළින් අපේ එකමුතුභාවය තමයි පෙන්වන්නේ. කැබිනට් මණ්ඩලය රැස්වුණා. මෙහිදි අපි රජයේ ඉදිරි වැඩකටයුතු පිළිබදව සාකච්ඡා කළා. පසුගිය සමයේ මාධ්‍ය විසින් ජනතාව අතර මතයක් ඇතිකරලා තිබුණා කැබිනට් මණ්ඩලය තුල යම් යම් අසමගිතාවන් ඇතිවී තිබෙනවා කියලා. නමුත් අද අපි ඒ සියලු මත බිද දමලා, අපේ එකමුතු භාවය පෙන්නුම් කළා.
ආර්ථිකය සම්බන්ධයෙන් ලෝකයේ අනෙක් රටවල වගේම අපේ රටෙත් ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. අනෙක් රටවල ප්‍රශ්න වලට අපේ රටත් ග්‍රහණයට ලක් වෙලා. දක්ෂයො, වැඩකරන්න පුළුවන් අය සමග එකමුතු වෙලා ඒ ප්‍රශ්ණ විසදගෙන, මේ රටේ ආර්ථිකය යහපත් ආකාරයෙන් සකසා ගතයුතුයි. යම්යම් ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි එකමුතුවෙලා, අපේ රටේ අහිංසක ජනතවට අදට වඩා හොද හෙට දවසක් ඇතිකරනවා “යැයි පැවසිය.

රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී සියලු ජනවර්ග අභිබවා මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සියලු සාක්ෂි සාධක සහිතව ඊයේ(19) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකදී ගෙන හැර දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා,
මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ විවිධ කටකතා යනවා. සමහරු කියනවා ළමා ජනගහනයේ මුස්ලිම් ප්‍රතිශතය 42%යි කියලා. නමුත් මේ කතා කියන්නේ මූලාශ්‍ර පදනම් කරගෙන නොවේ. මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර වර්ධනය තිබෙන බවත් ඇත්තක්. නමුත් ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුව ළමා ජනගහනය ජනර්වග අනුව වාරතා කරන්නේ නැති නිසා මේ පිළිබඳ විශ්වාසනීය තොරතුරු සමාජයේ නෑ. මේ නිසා 2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාරගික සංයුතිය සකසා දෙන්න කියා මම ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් ඉල්ලීමක් කළා. මගේ ඉල්ලීමට අනුව එතුමියගේ ප්‍රතිචාරය දක්වා තිබෙනවා. එම ලිපි දෙකම මා ඔබ හමුවේ තබනවා.
2012 දී සමස්ත ජනගහනයෙන් 75%ක් සිංහල, 11%ක් ලංකා දෙමළ, 4%ක් ඉන්දියානු දෙමළ සහ 9%ක් මුස්ලිම්. ඒ වසරේ දීම ළමා ජනගහනයෙන් 71%ක් සිංහල, 12%ක් ලංකා දෙමළ, 5%ක් ඉන්දියානු දෙමළ සහ 12%ක් මුස්ලිම්. සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගිහින්. නමුත් සිංහල පමණක් 75% සිට 71% දක්වා 4%කින් අඩු වෙලා. වැඩිම ර්වධන වේගයක් පෙන්වන්නේ මුස්ලිම්. මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා වැඩි වෙලා. 9 සහ 12 කුඩා ඉලක්කම් ලෙස පෙනුනත් එය බරපතල වර් ධණයක්. 33% වඩා වැඩි වර්ධණයක්.
අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුල සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. මෙය අද තත්වය නෙමෙයි. 2012 තත්වයයි. වත්මන් තත්වය දැනගන්න වෙන්නේ 2021 පවත්වන ජන සංඝනනයෙන් පසුවයි. මෑත කාලයේ මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර ර්වධනය දශක ගණනාවක් පුරා දකින්න ලැබෙන දෙයක්. 1953 දී 6%ක් වූ මුස්ලිම් ජනගහනය අවුරුදු 28කට පස්සේ 1981 දී ර්වධනය වී තිබුණේ 7% දක්වා පමණයි. නමුත් එයින් අවුරුදු 30කට පස්සේ 9% දක්වා ර්වධනය වෙලා. ළමා ජනගහනයේ ප්‍රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුල මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.
ඒ වගේම නිදහසින් පසු ප්‍රථම වතාවට 2012 දී ළමා ජනගහනය තුල සිංහල ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කරනවා. ලංකාවට ආවේණික වූ සිංහල ජාතිය වඳවීම ආරම්භ වී ඇති බවයි මෙයින් පෙන්නුම් කරන්නේ. අපි මේ දත්ත ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවෙන් අරගෙන විද්‍යත්මකව විග්‍රහ කරලා ප්‍රථම වතාවට හෙළි කරණවා 2012 ජන සංඝණන වාර්තාව අනුව සිංහල ජාතිය වද වෙමින් පවතින ජාතියක් බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී ඇති බව.
අපි එයට බය වෙන්නේ ඇයි. ඇෆ්ගනිස්ථානයේ බහුතරය බවට මුස්ලිම් ජනතාව පත්වූවාට පසු කණිෂ්ක රජතුමන් මින් වසර 1600 කට පෙර ඉදි කල බාමියන් බුදු පිළිම කුඩු පට්ටම් කර දැම්මා. බාමියන් බුදු පිලිමවලට අත් වූ ඉරනම අපේ රටේ අවුකණ බුදු පිළිමයටද අත්වෙනවාට අප බියෙන් පසු වන නිසයි අප මේ ගැන ජාතියේ අවධාන යොමු කිරීමට තීරණය කලේ.




බුකිය රත්කරමින් පොලිසියට සද්දේ දාපු සුරූපී කාන්තාවගේ වීඩියෝවේ කිසිවෙකු නොදත් කතාව මෙන්න

2015 මැතිවරණයේදී තම සංවිධානය ගත් තීරණය පිලිබඳව කිසිදු පසුතැවීමක් නොමැති බවත් එම තීරණය සම්බන්ධයෙන් වගකියන බවත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පවසයි.
එහි ලේකම් පාලිත ලිහිනියකුමාර මහතා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.
2015 මැතිවරණයෙදී වත්මන් ජනාධිපතිවරයාගෙත් හැට දෙලක්ෂයක් වු ජනතාවගෙන් පරමාර්ථය වුයේ එම වසරේ ජනාධිපතිවරණය අවසන් ජනාධිපතිවරණය වීම දැකීමය නමුත් එය මෙ වන තෙක් ඉටු කර ගැනීමට නොහැකි වු බව ද ඒ මහතා එහිදි පැවසීය.
නමූත් ඒම මැතිවරණයෙදී පුජ්‍ය මදුළුවාෙව් සෝභීත හිමියන් අතුළුව තම ව්‍යාපාරය ගත් තීරණ ගැන කිසිදු පසු තැවීමක් නොමැති බව ඒ් මහතා වැඩිදුරටත් පැවසීය.