Blog

  • මුස්ලිම් නොවන සියළු ජනතාව මරා දමන්නැයි සහරාන් ඉගැන්නුවා.. සයිලාන් මවුලවි තේරීම් කාරක සභාව හමුවේ හෙලිකරයි

    මුස්ලිම් නොවන සියළු ජනතාව මරා දමන්නැයි සහරාන් ඉගැන්නුවා.. සයිලාන් මවුලවි තේරීම් කාරක සභාව හමුවේ හෙලිකරයි

    මුස්ලිම් නොවන සියලු ජනතාව මරා දැමිය යුතු බව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් පැවසූ බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මව්ලවි සඳහන් කරයි.

    එවන් ප්‍රකාශයක් කර තිබියදී පවා කිසිදු බලධාරියෙකු සහාරන්ට විරුද්ධව කටයුතු නොකළ බවද ඔහු පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ පාස්කූ ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

    සියලු මුස්ලිම් පල්ලිවල අන්තවාදය නැතත් ඇතැම් පල්ලිවල දැඩි මතවාදයට ඉඩ තිබෙන හෙයින් ඒ තත්ත්වය අනාගත පැවැත්මට තර්ජනයක් බවද කී ඔහු කාත්තන්කුඩියේ වහාබ් වාදය අනුගමනය කරන මුස්ලිම් පල්ලි පහළොවක් පමණ තිබෙන බවද සඳහන් කළේය.

    සහරාන් ගේ මරණයෙන් පසු කාත්තන්කුඩියේ යම් නිහඬතාවයක් ඇති වී තිබුණ ද ඔහුගේ මඟ ගිය පිරිස් තවදුරටත් සැඟවී සිටිය හැකි හෙයින් ඒ ගැන රජය අවධානය පසුවිය යුතු යැයිද ඔහු පැවසීය.

  • ඉල්ලන්න ගිය සිරිසේනට ජපානය මදි නොකියන්නම දෙයි..

    ඉල්ලන්න ගිය සිරිසේනට ජපානය මදි නොකියන්නම දෙයි..

    2018 මාර්තු මාසයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජපානයේ සිදුකළ සංචාරයේදී කළ ඉල්ලීමකට අනුව ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ මහතා විසින් ශ්‍රී ලංකාවට ජපානයේ රැකියා අවස්ථා 10,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට එකඟත්වය පළ කරමින් ඊට අදාළ ගිවිසුම ජනාධිපතිවරයා වෙත එවා ඇත.

    මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුලදී අසීමිත රැකියා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින්ට හිමි වේ.මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය, ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා ලැබීමට නියමිතය.

    ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9ක් සදහා ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රි ලංකාවට හිමිවීම විශේෂත්වයකි.

  • පස්දෙනෙකුට මරු කැඳවමින් 12කට බරපතළ තුවාල සිදුකරමින් සිදු වූ මාරක රිය අනතුර (වීඩියෝ)

    පස්දෙනෙකුට මරු කැඳවමින් 12කට බරපතළ තුවාල සිදුකරමින් සිදු වූ මාරක රිය අනතුර (වීඩියෝ)

    මඩකළපුව-පොලොන්නරුව මාර්ගලයේ , වැලිකන්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

    අද (19) අළුයම 01.45ට පමණ අනතුර සිදුව ඇති බව සදහන්.

    මරදන්කඩවල – තිරික්කොන්ඩියාඩිමඩු මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදී අනතුර සිදුව තිබේ. වැලිකන්ද දෙසට ගමන් කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක එම දිශාවටම ගමන් කළ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සදහන්.

    අනතුරින් අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.තවත් 12 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.

    මියගිය පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව පොලිසිය පැවසුවේය. මියගිය පිරිස වැලිකන්ද- බෝවත්ත ප්‍රදේශයේ පදංචිකරුවන් බව පොලිසිය පවසයි.

  • නානලා මොකෝ මේ කාටත් හොරෙන් හොර පාරෙන්ම (වීඩියෝ)

    නානලා මොකෝ මේ කාටත් හොරෙන් හොර පාරෙන්ම (වීඩියෝ)

    පසුගිය දිනෙක මාධ්‍ය හමු සංදර්ශන පවත්වමින් දෙස් විදෙස් රටවලට පවා අණබෙර ගසමින් සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් වූ වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් එකා දෙදෙනා යළි හොර රහසේම සිය අමාත්‍යධුර ලබාගනිමින් දිවුරුම් දීමට පටන් ගෙන ඇත.

    මෙලෙස සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අද(19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබීය.

    එලෙස දිවුරුම් දෙනු ලැබුවේ, කබීර් හෂීම් හා එම්.එච්.ඒ.හලීම් යන මහත්වරුන්.

    කබීර් හෂීම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු කළේය.

    එම්.එච්.ඒ.හලීම් මහතා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මීට පෙර කටයුතු තළේය.

  • රනිල් ලිච්චවි පාලනේ කරනවලු.. ලිච්චවිලාට මේ කතා ඇහුනොත් සියදිවි නසා ගන්නවා.. – මෛත්‍රී, රනිල්ට දීපු සුපිරි ෂොට් එක (Video)

    රනිල් ලිච්චවි පාලනේ කරනවලු.. ලිච්චවිලාට මේ කතා ඇහුනොත් සියදිවි නසා ගන්නවා.. – මෛත්‍රී, රනිල්ට දීපු සුපිරි ෂොට් එක (Video)

    ලිච්ඡවී රජ දරුවන්ගේ ආකාරයට වත්මන් පාලනය ක්‍රියාත්මක වන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිහින්තලයේ දී කරන ලද ප්‍රකාශයකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ප්‍රතිචාර දක්වයි.

    අද වන විට ලිච්ඡවී රජ දරුවන් ජීවත්ව සිටියේ නම් මෙවන් කතාවලට සියදිවි නසා ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    හඟුරන්කෙත මාදන්වෙල රජමහා විහාරස්ථානයේදී අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට ධාතු නිදන් කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

  • අලුත්ම CEB Care Appඑක

    අලුත්ම CEB Care Appඑක

    CEB Care ජංගම දුරකථන මෘදුකාංගය (app) හඳුන්වාදීම බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (17) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විණි.

    එම මෘදුකාංගය හරහා විදුලි ගිණුම් ඇතුළත් කිරීම , විදුලිය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම , එම පැමිණිලි ක්‍රියාත්මක වන ආකාරය , විදුලි බිඳ වැටීම් දින දර්ශන , විදුලිය සම්බන්ධ කෙටි දැනුම් දීම් , අන්තර්ජාල ගෙවීම් පහසුකම් , බිල්පත් ගණනය කරන ආකාරය වැනි ක්‍රියාවන් රැසක් සිදු කර ගැනීමට අවස්ථාව උදා වේ.

    මෙම දුරකථන මෘදුකාංගය ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට අයත් ඉංජිනේරුවරු 9 දෙනෙක් විසින් නිර්මාණය කර ඇත. ඒ සඳහා දායකත්වය දැක්වූ එම නිර්මාණකරුවන් ඇගයීම සහ සහතික පත් ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් සිදු විණි.

  • රනිල් සජිත්ට එරෙහිව චම්පිකව ෆෝම් කරයි

    රනිල් සජිත්ට එරෙහිව චම්පිකව ෆෝම් කරයි

    ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නො කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිබිණි.

    ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී අගමැතිවරයා මේ බව සඳහන් කළ බව ඊට සහභාගි වූ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම සඳහන් කළහ.

    මේ අවස්ථාව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන කතා කළ යුතු අවස්ථාවක් නොවන බවත් 2015 දී පොරොන්දු වූ වැඩ කොටස ඉවර කළ යුතු බවත් අගමැතිවරයා පැවසූ බවද ඔවුන් පැවසුහ.

    සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ යැයි මෑතක දී එම පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් කරන ලද විවිධ ප්‍රකාශයන් නිසා අගමැතිවරයා විසින් මෙම දැනුම් දීම කර තිබේ.

  • චිචියා වගේ බොරු පඩ ෂෝ නැතිව.. ඇත්තටම අපේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අභ්‍යවකාශයට රාවණා-1 ඇරපු හැටි (වීඩියෝ)

    චිචියා වගේ බොරු පඩ ෂෝ නැතිව.. ඇත්තටම අපේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අභ්‍යවකාශයට රාවණා-1 ඇරපු හැටි (වීඩියෝ)

    අපේ රටේ ජනතාව ගොනාට අන්දවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙගා සිනමා ජවනිකාවක් රඟදක්වමින් 2012 දී රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් කාබාසිනියා කර ඔහුගේ මද්දුම පුත්‍රරත්තය වූ රෝහිත නොහොත් චිචී ලවා චීනයේ රොකට්ටුවක ලංකාවේ මොකක්දෝ එකක් කියා එකක් යවන බවට පෙන්වීය. මොඩලින් ඩයල් එකක් වී පොඩි පොඩි කෙල්ලන් සමඟ ආතල් ගනිමින් සිටි චිචීයා එකවරව ගඟනගාමියෙක් වී ලයිට් එළියයි, තරු එළියයි වෙන්කර අපට කියාදීමට සිටි රටේ මීඩියාවලට එකම විද්‍යාඥයා වූ ආචාර්ය චන්දන ජයරත්නවත් මඤ්ඤං කළේය.

    ඇත්තටම චීචියා වෙනත් ග්‍රහලෝකයයින් ගගනගාමී පොරක් වී මාස කිහිපයකට ෆුල් සීරියස් ආතල් එකක් දුන්නේය. එදා “ටෝක් විත් චතුර” නොතිබූ නිසා චතුර අයියාට චීචීව ඉන්ටවීව් කරන්න රජ මැදුරටම වෝක් කරන්න විය. චතුර අයියා හිටන් අහපු ප්‍රශ්නවලට චිචියා දුන් හුටන් පිළිතුරුවලට පොර වෙන්න හරස් ප්‍රශ්න නොහා ගෙදර එන්න පරිස්සම් වුණේ, එහෙම නැත්තම් අපිට චතුර අයියාගේ මළ ගෙදර යන්න වෙන නිසා වන්නට පුළුවනි.

    මහින්ද මාමායි, ශිරන්ති නැන්දයි, බාප්පලා, මාමාලා රොත්තයි එදා අපිව අපේ සල්ලි වලින් ගොනාට ඇන්දුවේ එසේය. ඒත් අද එහෙම නැත.

    අපේම කොල්ලෙකුයි, කෙල්ලෙකුයි අද ඇත්තටම චන්ද්‍රිකාවක් හදා අභ්‍යවකාශයට යවා අවසන්ය. මේ අපේ කොල්ලන්ගේ අපේම කතාවය.

    ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් රාවණ- 01 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (17) පස්වරු 3.45ට සාර්ථකව සිදු කෙරිණි.

    රාවණා- 01 චන්ද්‍රිකාව නේපාලය සහ ජපානය යන රටවලින්ද නිර්මාණය කෙරුණු චන්ද්‍රිකා 02 ක් සමඟ කක්ෂ ගත කිරීම එම මොහොතේදී සිදු විණි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී නිර්මාණය කර පසුගිය අප්‍රේල් 19 වන දින ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත මුදා හැරීම සිදු කෙරුණු අතර, එහි සිට මෙම රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ඊයේ (17) පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදු විණි.

    ඒ අනුව නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය ජපානයේ කියුෂු (Kyushu) තාක්ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ශ්‍රී ලංකා ධජය රැගත් රාවණ -1 නමින් කුඩා ප්‍රමාණයේ ඝනක චන්ද්‍රිකාව පසුගිය අප්‍රේල් 19 වන දින අලුයම 2.16ට අමෙරිකාවේ නාසා ආයතනයට අයත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත වූ අතර එය පසුදා (20) දින සවස 6.30ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ළඟාවිණි. අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයෙන් අප රට ළඟාකරගත් සුවිශේෂී ජයග්‍රහණය වන මෙරට ප්‍රථම චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේ දී ආරම්භ කළ දිගුකාලීන අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙසිනි.

    මෙම චන්ද්‍රිකාවේ නිර්මාණ කටයුතු ලාංකීක ඉංජිනේරු ශිෂ්‍යයන් වන දුලානි චාමිකා සහ තරිදු දයාරත්න යන අය සිදු කළහ.

    මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය පිරිණමා ඇත.

  • බදියුදීන් හිස් ලේඛනවලට අත්සන් අරන් ඉඩම් කොල්ල කාලා..!

    බදියුදීන් හිස් ලේඛනවලට අත්සන් අරන් ඉඩම් කොල්ල කාලා..!

    රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් රජයේ ඉඩම් ව්‍යාජ ඔප්පු මඟින් වෙනත් පාර්ශවයන් වෙත පවරාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණි. එමඟින් දක්වා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක ඉඩම් සිය බිරිඳ සහ පවුලේ ඥාතීන් වෙත පවරාදීමට රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවයි.

    ඒ අනුව සාක්ෂි සඳහා කැඳවු පාර්ශව විසින් රජයේ ඉඩම් පවරාදීම සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.

    පසුගිය යුද සමයේදි මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක භූමි ප්‍රදේශයක ජීවත්ව වෙනත් ප්‍රදේශවලට ගිය ජනතාවගේ ඉඩම්, රිෂාද් බදියුදින් මන්ත්‍රීවරයා විසින් පවරාගෙන ඇති බව අනාවරණය වී ඇත.

    එම ජනතාවට රුපියල් ලක්ෂ 5 ත් 10 ත් අතර ප්‍රමාණයක මුදල් ලබාදී අදාල ඉඩම් පවරාගෙන ඇති අතර ඇතැම් පුද්ගලයින්ගෙන් හිස් ලේඛනවලට ද අත්සන් ලබාගෙන ඇති බවට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත සාක්ෂි ලබාදෙන පිරිස් සදහන් කර තිබේ.

    මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු පමණ කොමිශන් සභාව හමුවේ සාක්ෂි ලබාදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා ඊයේ(17) පැමිණෙන ලෙස පුද්ගලයින් 08 දෙනෙකුට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව දැනුම් දී ඇති බව වාර්තා විය.

  • රට වටේ කරක් ගැසූ නාමලුත් මඟුල් කන්න සැරසෙයි..

    රට වටේ කරක් ගැසූ නාමලුත් මඟුල් කන්න සැරසෙයි..

    හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂ නායක හින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සැප්තැම්බර් මස 17 වනදා පැවැත්වීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

    තම විවාහය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මුල් වරට හෙළිකර ඇත්තේ මෑතක දී මෙරට සංචාරයක යෙදුණු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමගිනි.

    ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරයේ දී විපක්ෂ නායකවරයා මුණගැසුණු අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා සමඟ සිදු වූ කෙටි සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් සැප්තැම්බර් මස 17 දින විවාහ වන බවයි.

    නරේන්ද්‍ර මෝදි මහතා එහිදී සඳහන් කර ඇත්තේ තමන්ගේ උපන්දිනය ද යෙදී ඇත්තේ එදිනට බවයි.

    වාර්තා වන ආකාරයට නාමල් රාජපක්ෂ මහතා විවාහ දිවියට එක් වන්නේ මෙරට සංචාරක හෝටල් ගණනාවක් හිමි ප්‍රකට ව්‍යාපාරිකවකු වන වන තිලක් වීරසිංහ සහ කලක් මෙරට ධාවන ශූරියයක වූ අරුණි වික්‍රමරත්න මහත්මියගේ එකම දියණිය සමගයි.

  • ශ‍්‍රීලනිප-ශ්‍රීලපොපෙ සාකච්ඡා හදිසියේ අවලංගු කරයි..

    ශ‍්‍රීලනිප-ශ්‍රීලපොපෙ සාකච්ඡා හදිසියේ අවලංගු කරයි..

    විපක්‍ෂ නායක කාර්යාලයේදී අද(17) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්චාව අවලංගු කර තිබේ.

    06 වන වටය සදහා අද මෙම සාකච්චාව පැවැත්වීමට නියමිතව තිබූ අතර නැවතත් එම සාකච්චාව 26 දිනයේ පැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි. පක්‍ෂ දෙක එක්ව නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සදහා මෙම සාකච්චා පැවැත්වෙයි.

    නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ශ‍්‍රීලනිපය විසින් ඉල්ලා සිටීමත් සමග පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධයක් එල්ල විය.

    පොදුජන පෙරමුණ දන්වා ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය හා අගමැති අපේක්‍ෂකත්වය වෙනත් කිසි පක්‍ෂයකට ලබා නොදෙන බවයි. අවශ්‍ය නම් වෙනම තරග වැද එම ධුරයන් ලබා ගන්නා ලෙසද සදහන් කර තිබිණ.

  • ව්‍යාජ ප්‍රචාරවලට රැවටෙන්න එපා.. ! – විදුලිබලයෙන් විශේෂ ඉල්ලීමක්

    ව්‍යාජ ප්‍රචාරවලට රැවටෙන්න එපා.. ! – විදුලිබලයෙන් විශේෂ ඉල්ලීමක්

    සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.

    සූර්යබල සංග්‍රාමය සම්පූරණ වැඩසටහන සැලකුවහොත් මෙගාවොටේ 01 බැගින් වන බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම එක් ඒකකයකට රු. 16.00 පමණ වෙනවා. මෙගාවොට් 10 වගේ බලාගාරයන්ගෙන් විදුලිය මිලදී ගන්නේ රු. 11.82 ක පමණ සිට රු 12.50 දක්වා වූ මිලකටයි. විශාල පරිමාණ සූර්ය උද්‍යාන ඉදිකිරීමෙදී මෙම මිලගනන් තවත් අඩුවේවි. මෙම ව්‍යාපෘතියේදී පළමු අදියරේ රු. 22.0ක් එක ඒකකයකට ගෙවීමෙන් රජය බලාපොරොත්තු වුණේ මේ රටේ විදුල පාරිභෝගිකයාට තම පියසි මත සූර්ය විදුලි ජනන පද්ධති සවි කරලා එමගින් ආදායමක් ලබා ගැනීම. ඒ වගේම පරිසර හිතකාමි ජනන ප්‍රභවයන් පද්ධතියට එක් කරගැනීම. පසුගිය දින කිහිපය තුල විද්‍යුත්, මුද්‍රිත මෙන්ම විවධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සෙ සූර්යබල සංග්‍රාමය පිළබද විවිධ අසත්‍ය ප්‍රචාරයන් සමාජගත කිරීමට විවිධ පාර්ශවයන් විසින් උත්සායක් ගන්නවා. විශේෂයෙන් මෙම තත්ත්වය හමුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය හැටියට මේ රටේ විදුලි පාරිභෝගිකයන් මෙ සම්බන්ධව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි මේ නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කරන්නේ. සූර්යබල සංග්‍රාමය අපි ක්‍රියාත්මක කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින්. එහි යම් වෙනස්කමක් ඇතිකිීමටනම්, නැවත වරක් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබාගත යුතුයි. මේ වනතෙක් මෙම ව්‍යාපෘතියේ කිසිදු වෙනසක් සිදුකර නැහැ. ලංකා විදුලිබල මණ්ඩලය මගින් පත්කරනු ලබූ කමිටුවේ වාර්තාව මේ වනතෙක් ලැබී නැහැ. විවධ පාර්ශවයන් විසින් මේ දිනවල මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාරයන් පතුරුවා හැරීමට කටයුතු කරනවා අපි සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට තීරණය කරලා කියලා. නමුත් මෙය සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.

    සුලක්ෂණ ජයවර්ධන මහතා මෙම අදහස් පලකළේ, මේ සම්බන්ධව විවිධ පාර්ශව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මේ වන විට ගෙනයන අසත්‍ය මතවාද පිළිබදව ජනතාව නිවැරදි ලෙස දැනුවත් කිරිම වෙනුවෙනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා ..,

    සූර්යබල සංග්‍රාමය වැඩසටහන සම්බන්ධව ගත්තොත් මෙය අදියර 04 කින් සමන්විතයි. ඒ යටතේ රටේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට, විදුලිබල සංවර්ධනයට සූර්ය බලය උපයෝගී කරගැනීමට ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. මෙහි පළමු අදියර යටතේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම නිවාස පියසි මත සූර්යබල විදුලි ජනන පද්ධති සම්බන්ධ කරගෙන විදුලි ජනනයට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙහිදී නෙට් මීටරින්, නෙට් ප්ලස්, නෙට් එකවුන්ටින් යන ක්‍රමවේදයන් වලින් තමා කැමති ක්‍රමවේදකට විදුලිය නිෂ්පාදනය කරලා ජාතික පද්ධතියට ලබාදෙන්න.

    2016 මෙම වැඩසටහන හදුන්වාදීමෙදී අපි සැලසුම් කළේ 2020 වනවිට මෙගාවොට් 200 ක් මෙමගින් ජාතික පද්ධතියට එක් කිරීමටයි. අපි මේ වනවිට ඒ ඉලක්කයට ලගාවෙමින් සිටිනවා. 2025 වනවිට තවත් මෙගාවොට් 800 ක් පද්ධතියට ලබාගනිමින් මෙගාවොට් 1000 දක්වා සූර්යබල සංග්‍රාමය අපි දියත් කරන්න සැලසුම කරලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ රජය විසින් විවධ වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. විශේයෙන් ආසියානු සංවර්ධන බැංකුව යටතේ ණය ආධාර ලබාදීම, සූර්යබල විදුලිය ලබාදෙන ආයතන වල , උපකරණ වල ගුණාත්මක භාවය ආරක්ෂා කරීමට කටයුතු කිරීමට නීති රෙගුලාසි ඇතිකිරීම ආදි විවිධ කාර්යයන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම තත්ත්වයන් යටතේ අපි බලාපොරාත්තු වන්නේ සූර්යබල සංග්‍රාමය පළමු අදියර සාර්ථක කර ගැනීමටයි. දෙවන අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන ව්‍යාපෘති 300 ක් පද්ධතියට එකතු කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිනී සිදුකරලා මේ වනවිට මෙගාවොට් 126 කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් ටෙන්ඩර් පිරිනැමීම සිදු කරලා තිබෙනවා.

    ඒ වගේම තවත් මෙගාවොට 150 ධාරිතාවයක් පද්ධතියට ලබාගැනී සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් තරගකාරි මිලගනන් කැදවලා අවශ්‍යකරන ක්‍රමවේද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම තුන්වන අදයර යටතේ මෙගාවොට් 10 බැගින් වූ බලාගාර 05 ක් පද්ධතියට එක් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒ වගේම හතරවන අධියර යටතේ විශාල සූර්යබල උද්‍යාන ඉදිකිරීමට පියවර ගන්නවා. මේසදහා පුනරීන්, සියඹලාණ්ඩුව වැනි ප්‍රදේශ පාදක කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිීමත් මේ යටතේ සිදුවෙනවා. මේ සදහා මාදුරුඔය තෝරාගෙන තිබෙනවා.

    සූර්යබල සංග්‍රාමය පළමු අදියර යටතේ නිවාස වහල මත සවිකරන සූර්ය විදුලි පද්ධති වෙනුවෙන් මුල් අවුරුදු 07 තුළ රු. 22.00 වැනි මුදලක් එක් ඒකකයකට ගෙවනු ලබනවා. ඊලග අවුරුදු 8 – 20 දක්වා කාලයට රු. 15.50 ක අගයක් ගෙවම් සිදු කරනවා. අපි මුලින්ම මෙම ව්‍යාපෘති ආරම්භයේදීම සම්මුතියක් ඇති කරගත්තා, මුල් මෙගාවොට් 100 ජාතික පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ අඩුපාඩුකම්, ප්‍රගතිය ආදිය පිළබදව සමාලෝචනයක් සිදුකළයුතුයි කියලා. නමුත් මෙගාවොට් 100 ක් එක්කිරීමෙන් අනතරුව මෙම සමාලෝචනය සිදුකළේ නැහැ. මෙගාවොට් 200 ක් පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව මෙය සිදුකිරීමටයි රජය තීරණය කරලා තිබුණේ. ඒ අනුව මේ සමාලෝචන සිදුකිරීමේදී අපට පෙනී යන්නේ, නෙට් මීටරින් යටතේ සූර්ය විදුලිය මිලදී ගැනීමෙදී එක් ඒකකයක් රු.45.00 ක් වැනි අගයක් වෙනවා. අනෙකුත් ක්‍රමවේද දෙකෙන් සූර්ය විදුලිය මිලදී ගැනීමෙදී රු. 22.00 ක් වැනි මුදලක් වනවා. මෙම ක්‍රමවේදයන් අතරවන නොගැලපීම් තත්ත්වයන් පිලිබදව කරුණු විමසා බැලීමට කමිටුවක් පත්කරලා තිබෙනවා. මේ වනවිට ඒ කමිටුව අධ්‍යයනය සිදුකරමින් පවතිනවා යැයි පැවසීය.

    සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ සිදුකළ යුතු යම් යම් වෙනස්වීම් සම්බන්ධයෙන් පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. එම්. එස්. බටගොඩ, සූර්ය විදුලිබල සැපයුම්කරුවන්ගේ සංගමය, ලංකා විදුලිබල මන්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමග අමාත්‍යාංශ පරිශ්‍ර යේදී සාකච්ඡාවක් පැවති අතර මිල සංශෝධනයන් පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙිනි. අදාළ මිල සංශෝධනයන් වෙනුවෙන් සූර්ය විදුලිබල සැපයුම්කරුවන්ගේ සංගම් වලින්ද කිසිදු විරෝධතාවක් පැනනොනැගුණ අතර එම මිල සංශෝධනයන් වෙනුවෙන් එහිදී එකගතාවයකට පැමිණීමට හැකි විය. කරුණු එසේ වුවද සූර්යබල සංග්‍රාමයේ ප්‍රගතිය මෙන්ම අඩුපාඩු පිළීබදව සොයාබැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් අදාළ ව්‍යාපෘතියේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මේ පිළිබදව අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පර්යේෂණ සහ සංවර්ධන, රොනල්ඩ් කොමෙස්ටර් මහතා පැවසුවේ, දැනට පවතින වහල මත සවි කරන සූර්ය විදුලි පද්ධති පිලිබදව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත්, තමා එහි සභාපතිවරයා බවත්, ලංකාවේ සූර්ය විදුලි සැපයුම්කරුවන්ගේ සංගමය, විෂයභාර අමාත්‍ය රවී කරුණානායක සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ යන මහතුන් සමග පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල සාකච්ඡාවක් පවත්වා සූර්යබල විදුලි මිලගණන් සංශෝධනයන් සම්බන්ධයෙන් යම් යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් කළ බවත්, අදාළ යෝජනාවන් වෙනුවෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කටයුතු කරන බවට පැතිර ඇති ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්ය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි එම්. ආර්. රත්නායක මහතා,

    අපට වැඩිපුරම අවශ්‍ය වූයේ ගෘහස්ත පාරිභෝගිකයන් මෙම සූර්යබල සංග්‍රාමයට උනන්දු කරවීමයි. අපිට සූර්ය විදුලිය එක් ඒකකයක් වෙනුවෙන් පිරිවැය රු. 20.00 වගේ වුවත් පාරිභෝගිකයන්ගෙන් ලැබෙන්නේ රු. 16.00 ක් වැනි ප්‍රමාණයක්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් සෝලා නිෂ්පාදකයින්ට ලබාදීමට තමයි අපි මෙම යෝජනාවල් කළේ. නමුත් තවමත් එම යෝජනාව ස්ථිරවී හෝ අමාත්‍යාංශ හෝ කැබිනට් අනුමැතියක් ලැබී නැහැ. තවමත් යෝජනා මට්ටමේ තමයි තිබෙන්නේ යැයි පැවසීය.

    රජයේ ප්‍රතිපත්තිය මත, 2016 වර්ෂයේ සිට ආරම්භ කරන ලද සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ මෙරට පාරිභෝගිකයන්ට තම පරිශ්‍රවල වහල මත සවිකරන සූර්ය ජනන පද්ධති මගින් විදුලිය ජනනය කිරීමට අවස්ථාව ලබා දී තිබේ. කෙසේ නමුත් මෙම වැඩසටහන යටතේ මෙ.වො. 100 ධාරිතාවයක් පද්ධතියට එක් වූ පසු මෙම වැඩසටහන පිලිබඳ සමාලෝචනයකට එකඟ වී තිබිණ. විශේෂයෙන්ම වැඩසටහන වඩාත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම, ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්වයට සහ පද්ධතියේ තාක්ෂණික තත්වයට ඇති වන බලපෑම සොයා බැලීමට යෝජනා වී තිබේ. සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ විදුලිය මිලදී ගැනීමේදී සාධාරණ මුදලක් ඒ සඳහා ගෙවිය යුතු වේ. කෙසේ නමුත් මේ සම්බන්ධව සමාලෝචනය කිරීමේදී ලැබී ඇති යෝජනා පිලිබඳව විවිධ පාර්ශව මේ වන විට අසත්‍ය මතවාද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පතුරුවාලීමට කටයුතු කරමින් පවතින අතර මේ තත්වය තුල මෙරට මහජනතාව නොමගයාමක් සිදුවේ. එබැවින් සූර්යබල සංග්‍රාමය යටතේ විදුලි පාරිභෝගිකයන්ට සූර්ය ශක්තිය මගින් විදුලිය ජනනය කිරීමට ඇති පහසුකම ඉවත් කිරීමට කටයුතු කර නොමැති අතර එවැනි පාරිභෝගිකයන් ජනනය කරන සූර්ය බලශක්තිය සාධාරණ ගාස්තුවක් යටතේ මිලදී ගැනීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සවර්ධන අමාත්‍යාංශය මගින් කටයුතු කරනු ඇත.

    සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සූර්ය විදුලි ජනනයට විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ වීම දිරිගැන්වීම සඳහා රජය, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇ.ඩො.මිලියන 50ක ණය මුදලක් ලබාගෙන මෙරට විදුලි පාරිභෝගිකයන්ට සහන ණය මුදලක් ලබා දීමට මෙන්ම සූර්ය ජනන පද්ධති සේවා සපයන ආයතන වෙතින් ගුණාත්මක සේවාවක් ලබා දීමට අවශ්‍ය ප්‍රමිති හඳුන්වාදීම ද සිදු කර ඇත. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා තිබෙන විදුලි ජනන අභියෝග හේතුවෙන් පද්ධතියේ ඇතිව තිබෙන හදිසි විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට විදුලිබල නැව් 02ක් ගාල්ල හා කොළඹ ග්‍රිඩ් උපපොලවලට සම්බන්ධ කර පද්ධතියට එක් කිරීමට නියමිත විදුලිය මිලදී ගැනීම් පිළිබඳවද සූර්යබල ජනනය සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර දිගින් දිගටම ප්‍රචාරණය කිරීම යම් පාර්ශ්වයන් සිදු කරමින් සිටී.

    සූර්යබල සංග්‍රාමය වැඩසටහන ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනස් කිරීමට මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පිරිස්වල එම සාවද්‍ය තොරතුරු සැලකිල්ලට නොගන්නා ලෙස විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලි ජනනය සඳහා වන අනාගත ඉලක්ක සපුරාලීම සඳහාත් වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනයෙන් මෙරට විදුලි සැපයුමේ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහාත් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.


  • රුහුණු සරසවියෙන් භාවිත කල කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි..

    රුහුණු සරසවියෙන් භාවිත කල කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි..

    රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී පාවිච්චි කරන ලද කොන්ඩම් බාල්දි දෙකක් හමු වුණු බව එහි කුලපතිවරයා චෝදනා කරයි.

    මෙම ශිෂ්‍ය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන බවද ඔහු පවසයි.

    රුහුණු සරසවියේ එක් ප්‍රදේශයක වසර පහලවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප‍්‍රදේශ නිසහස් කල බව ද කියා සිටී.

    එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.

  • මුදල් අමාත්‍යවරයා වශයෙන් මම ඉටුකළ කාර්යය, දැන් ඉන්න අයට කරන්න බැරිනම්, කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න..

    මුදල් අමාත්‍යවරයා වශයෙන් මම ඉටුකළ කාර්යය, දැන් ඉන්න අයට කරන්න බැරිනම්, කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න..

    “බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ මට එල්ල වූ චෝදනා හමුවේ මට පමණක් නොවෙයි, මාගේ බිරිදට දරුවන්ට පවා අසාධාරනකම් සිද්ධ වුනා. අසාධාරණ ලෙස චෝදනා එල්ල කළා. මේක වැඩකරන දේශපාලඥයෝ නැති කරන්න, කුහක දේශපාලඥයෝ විසින් කරපු දෙයක්. මේකට වැඩියෙන්ම දායක වුණේ අපේ පක්ෂයේ අය තමයි. අද සාධාරණය ඉෂ්ඨ කරලා, සැබෑ තත්ත්වය හෙලිදරව් වෙලා තිබෙන්නේ. කයිවාරුවයි ක්‍රියාවයි කියන්නේ දෙකක්. මේ අවස්ථාවේ කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන් මම සැබෑ තත්ත්වය ඔප්පු කරලා තිබෙන්නේ. මාගේ නිර්දෝෂීභාවය පෙන්නුම් කරන්න අවස්ථාවක් උදාකිරීම සම්බන්ධයෙන් මම දෙවියන්ට සහ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මගේ පක්ෂයේ කළු බැටළුවෝ ටිකක් ඉන්නවා. ඒ අයට මේක හොද පාඩමක්. පක්ෂය සුද්ධ කරන්න පටන්ගත්ත ගමනක ආරම්භය හැටියට මට මේක පෙන්වා දෙන්න පුළුවන්. දක්ෂයෝ නැති කරගෙන අදක්ෂයෝ මුල්කරගෙන කටයුතු කරන්න නෙමෙයි අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ අපේ ජනතාව ජයග්‍රහණය කරවන්නයි. මට කණගාටු එක දෙයක් ගැන පමණයි. මම මුදල් අමාත්‍ය ධූරය බාරගෙන කරගෙන ගිය ක්‍රියාවලිය දිගටම කළානම්, අද රටට මේ වගේ ගැටළු ඇතිවන්නේ නැහැ. මම වගකීමේන් ආඩම්බරයෙන් කියන්නේ, මම ආසියාවේ හොදම මුදල් ඇමති බවට පත්වුණේ නිකන් ඉදලා නෙමෙයි. පැය ගනන් වැඩකරලා, අහිංසක ජනතාව ජයග්‍රහණය කරවලයි. ඒ එදා මම කරපු කාර්යභාරය නැවත ඇති කළ යුතුයි. මම අභියෝග කරනවා දැන් ඉන්න අයට, ඒ දේවල් ඒ ආකාරයෙන්ම කරන්න කියලා. එහෙම බැරිනම්, කරන්න පුළුවන් අයට බාරදෙන්න” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (14) මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල පාසලේ දරුදැරියන් වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයෙන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා..,

    පරිපූර්ණ දරුවෙක් බිහිකිරීම උදෙසා අධ්‍යාපනය වගේම ක්‍රීඩා අංශයත් දියුණු කිරීම අත්‍යාවශ්‍යයි. ඒ නිසා තමයි මම අද මේ පාසල් දරුදැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය නගා සිටුවීම සහ අධ්‍යාපනයෙන් සහ ක්‍රීඩාවෙන් සමබර දරුවන් ඇති කිරීම අරමුණු කරගෙන ක්‍රීඩා භාණ්ඩ ලබාදෙන්න තීරණය කළේ.

    විෂයභාර අමාත්‍යවරවයා වශයෙන් මම වගකීමෙන් කියන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ඇතිකරගත් කිසිම ගිවිසුමක් මම අහෝසි කරලා නැහැ. කව්රුහරි එහෙම මට චෝදනා කරනවානම්, මට ඒක සාක්ෂි ඇතිව ඔප්පු කරලා පෙන්වන්න. ලංකා විදුලිබල මණ්ඩලයත් නැති කරලා, අහිංසක ගෘහස්ත විදුලි පාරිභෝගිකයාගෙ විදුලි බිලත් වැඩිකරන්න හදන කුහකයෝ දෙතුන් දෙනෙක් තමයි මේ වගේ බොරු ප්‍රචාරයන් පතුරවන්නේ. විදුලිබල ඇමති වශයෙන් පමණක් නොවෙයි ආණ්ඩුවක් වශයෙන් අපි ඒ වගේ කුහකයන්ට කුහක වැඩ කරන්න ඉඩ දෙන්නෙ නැහැ. සමස්තයක් වශයෙන් මේ රටේ ජනතාවට යම් දෙයක් කරනවා මිසක්, එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වාසි තකා අපි වැඩ කරන්න දෙන්නේ නැහැ. අසත්‍ය ප්‍රචාර පතුරවන අය කියන්නේ අපි සූර්ය විදුබල ව්‍යාපෘති නවත්වන්න හදනවා කියලා. නමුත් අපි සූර්ය විදුලිබල ව්‍යාපෘති 500% කින් වර්ධනය කරන්න කටයුතු කරලා තියෙනවා. මම මාධ්‍යයටත් කියන්නේ ඒ කියන ආකාරයට මම යම් ගිවිසුමක් අවලංගු කරලා තිබෙනවානම් ඒ බව මට සාක්ෂි ඇතිව පෙන්වන්න.

    පසුගියදා තේරීම් කාරක සභාවේදී ඇතිවූ ගැටළු සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා..,

    ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් නොමැති පුද්ගලයෙකුට මේ රටේ දේශපාලඥයෙක් වෙලා, දේශපාලනය කරන්න පුළුවන්ද. ලෝකයේ බහුතරයක් ජීවත් වුණත්, ශ්‍රී ලාංකික අනන්‍යතාවක් නොමැති කෙනෙක් කිසිසේත් ශ්‍රී ලාංකික ජනතාව සමග එකට ගමන් කරන්නේ නැහැ. අපි අපේ රටේ සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි. වෙනත් රටවලින් මෝස්තර අරගෙන මේ රටේ ඇලවීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. ශ්‍රි ලාංකික අනන්‍යතාවය සුරැකෙන ආකාරයෙන් සතුටින් සමගියෙන් ජීවත්වීමේ පරිසරයක් ඇතිකිරීමයි අපට අවශ්‍ය වන්නේ.

    රටක ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් වුණාම තමන්ගේ නිල රාජකාරි වෙනුවෙන් විදේශගතවීම සාමාන්‍ය දෙයක්. ලංකාවේ නැතිව විදේශ රටවල ජීවත්වුණ අයට මේවා ගැන අවබෝධයක් නැහැ. විදේශයකට ගියොත් අහනවා ඇයි ගියේ කියලා. නොගියම අහනවා ඇයි නොයන්නේ කියලා. මේක තමයි තත්ත්වය. මේ තත්ත්වය තමයි මේ රටට තිබෙන හෙනය. වැඩ කරන අයට වැඩක් කරන්න දෙන්නේ නැහැ. කුහකත්වයෙන් චරිත ඝාතනය කරනවා යැයි පැවසීය.

  • සහරාන්ට කඬේ ගිය ටියුෂන් ගුරෙක් අල්ලයි.. ස්වර්ගයේ කන්‍යාවියන් 72ට කලින් සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරලා..

    සහරාන්ට කඬේ ගිය ටියුෂන් ගුරෙක් අල්ලයි.. ස්වර්ගයේ කන්‍යාවියන් 72ට කලින් සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරලා..

    තමන් යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ විෂය දැනුම වර්ධනය කිරීම පසෙක තබා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද සම්බන්ධයෙන් දේශන පැවැත්වූවේ යැයි කියන කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයකු ලෙස කටයුතු කළ මුස්ලිම් ජාතිකයකු ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා (13) නියෝග කළේය.

    ඔහු යටතේ ඉගෙනුම ලැබූ තරුණ සිසුවියන්ගේ අඩ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඒවා අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිලිකාර අධ්‍යාපන ආයතනයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

    වෂීම් අහමඞ් නමැති එම සැකකරු එම ආයතනයේ හිමිකරුගේ දියණිය ඇතුළු තරුණ සිසුවියන් සිය ශාරීරික අවශ්‍යතා සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී හා ඇඳුම් මාරුකරන ස්ථානවලට ගිය අවස්ථාවලදී ඉතා සූක්‍ෂම ලෙස ඒවා වීඩියෝ ගතකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ආයතන හිමිකරු කොල්ලූපිටිය පොලිසියට ගිය අවස්ථාවේදී පොලිස්ථානය තුළදී පවා ආයතන හිමිකරුට තර්ජනය කර ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයට පැවසීය.

    එමෙන්ම ඔහු සිය සිසු සිසුවියන්ට විෂය දැනුම ලබා දීමට පෙර දිනපතා උදෑසන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයාව සිටි සහරාන් හෂීම් නමැත්තා විසින් පවත්වනු ලැබූ දේශන පිළිබඳව සිසුන් දැනුවත් කරමින් දේශන පවත්වා ඇතිබවත් විත්තියේ නීතිඥවරු එහිදී අධිකරණයට කීහ.

    නීතිඥ අරවින්ද ගමගේ, ප‍්‍රගීත් මංගල, දීපාල් වන්නිආරච්චි, අමිල ගමගේ ඇතුළු නීතිඥ මඬුල්ලක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

    -දිවයින-

  • රාජ්‍ය නිලධාරීන්ට තඟ දමමින් බලපෑම් කළ අන්තවාදී සුමන්තිරන් වහා අත්අඩංගුවට ගනු..!!

    රාජ්‍ය නිලධාරීන්ට තඟ දමමින් බලපෑම් කළ අන්තවාදී සුමන්තිරන් වහා අත්අඩංගුවට ගනු..!!

    ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ(13) කැඳවා තිබුණි.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව නිකුත් වූ කාර්යාලීය නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛනය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබුණි.

    එහිදී තේරීම් කාරක සභාවේ මන්ත්‍රීවරුන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සෘජුවම ප්‍රකාශ කර සිටියේ මෙය විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පූර්ණ අනුමැතිය යටතේ නිකුත් කරන ලද චක්‍රලේඛනයක් බවයි.

    මෙම චක්‍රලේඛනය මඟින් මේ වන විට අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට පමණක් සුවිශේෂීවන ඇඳුම් පැලඳුම් නීතිය අහෝසිවන පරිදි ශ්‍රී ලංකා රජයේ ශ්‍රී ලාංකිකයින්ට පොදු ඇඳුම් නීතියක් රාජ්‍ය සේවයකින්ට හඳුන්වා දී තිබිණ. ‘රජයට අයත් කාර්යාවල ආරක්ෂාව තහවුරු කිරීම’ යන මාතෘකාව යටතේ සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ වන පරිදි ඇඳුම් සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. මේ එම චක්‍රලේඛනයයි.

    එහෙත් මෙරට සිටින අන්තවාදී, ජාතිවාදියෙකු ලෙස කුප්‍රකට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ.සුමන්තිරන් විසින් ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට දිගින් දිගටම තර්ජන කරමින් තඟ දමමින් බලපෑම් කර සිටියේ මෙම චක්‍රලේඛනය අහෝසි කරන ලෙසයි. එහෙත් ඊට ලේකම්වරයා අනුකූලතාවයක් නොදැක්වූ තැන ඔහු දිගින් දිගටම ඇඟිල්ල දිගුකරමින් තර්ජනය කළේය.