Blog

  • බොරු සංදර්ශන වැඩක් නැහැ; රට, ජාතියේ මතු ආරක්ෂාව වෙනුවෙන් ෂරියා විද්‍යාලය මිලදී ගන්න සූදානම් – තිලංග(වීඩියෝ)

    බොරු සංදර්ශන වැඩක් නැහැ; රට, ජාතියේ මතු ආරක්ෂාව වෙනුවෙන් ෂරියා විද්‍යාලය මිලදී ගන්න සූදානම් – තිලංග(වීඩියෝ)

    ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට නැගෙනහිර ඉදිකර ඇති ෂරියා විද්‍යාලය අහෝසි කිරීම සඳහා විදී සටන් හා බොරු මාධ්‍ය සංදර්ශන සිදුකිරීමට තමාට අනවශ්‍ය බවත් සත්‍යවශයෙන්ම මෙහි ආයෝජකයින් ආයෝජනය කර ඇත්නම් එම ආයෝජකයින්ට ගෙවිය යුතු හැම සතයක්ම මුදලින් ගෙවා රටේත්, ජාතියේත්, මතු අනාගත පරපුරේත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එය මිලදී ගෙන “රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක්” වෙනුවෙන් රජයට පවරා දීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රසිද්ධියේ පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කොට ප්‍රචාරණය කිරීම සඳහා ඉදිකරන ලද නැගෙනහිර ෂරියා විද්‍යාලය රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයැයි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය පසුගිය 2019 මැයි මස 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් එය 2019 ජුනි මස 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කොට ඇති බවත් 2019 ජුනි මස 18 වනදා එය පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී විවාදයට ගන්නා බවත් පැවසීය.

    එසේම මෙම ෂරියා විද්‍යාලය අහෝසි කිරීම සහ එය රජයට පවරා ගෙන රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට තමන් රටේ ජනතාවගෙන් අත්සන් දශලක්ෂයක් දින 14ක් තුළ එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ බවත්, එයට දින 14ක් තුළ අත්සන් ලක්ෂ 7කට වඩා එකතු කරගැනීම හැකි වූ බවත් මෙහිදී පැවසීය.

    මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් තිලංග සුමතිපාල මහතා,

    රතන ස්වාමීන්වහන්සේත් මේ සම්බන්ධයෙන් ඊයේ පෙරේදා දිනයකදී කථා කරන්න පටන්ගත් බවත්, උන්වහන්සේත් එසේ තමා පැවසූ දේ සමඟ එකඟ වී කථා කිරීම ගැන සතුටු වන බවත් පැවසූ අතර එය රතන ස්වාමීන්වහන්සේ මීට පටන් ගත් වස-විස නැති ව්‍යාපාරය මෙන් අතරමඟ නතර නොවී මෙම කතිකාව ඉදිරියටද ගෙන යනු ඇතැයිද තමා බලාපොරොත්තු වන බව මෙහිදී සුමතිපාල මහතා පවසා සිටියේය.

  • අපිට ඕනි රාජපක්ෂ පවුලේ ආණ්ඩුවක් විතරයි – ගොට්ටන්ගේ සිඟිති කතා (Video)

    අපිට ඕනි රාජපක්ෂ පවුලේ ආණ්ඩුවක් විතරයි – ගොට්ටන්ගේ සිඟිති කතා (Video)

    19 වන ව්‍යවස්ථාව හේතුවෙන් රටට පවුල් ආණ්ඩුවක් අවශ්‍ය වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

    නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ඊයේ(14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසීය.

    “ගම්පහට නම් එන්න එපා.19 තියාගෙන ආණ්ඩු කරනවා නම් . නෝනයි මහත්තයයි ආණ්ඩු කරන්න ඕනෙ. නැත්නම් තාත්තයි පුතයි ආණ්ඩු කරන්න ඕනෙ. නැත්නම් අයියයි මල්ලියි ආණ්ඩු කරන්න ඕනෙ. 19 තියාගෙන පක්ෂ දෙකකට ආණ්ඩු කරන්න බෑ“

  • ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා.. උත්සවයකට ගොස් ගුටි නොකා හොර පාරෙන් පැන දුවයි..(වීඩියෝ)

    ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා.. උත්සවයකට ගොස් ගුටි නොකා හොර පාරෙන් පැන දුවයි..(වීඩියෝ)

    මීගමුව රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි.

    එල්ල වී ඇති බිලියන ගණන් දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

    පසුව අමාත්‍යවරයා රොහලේ වෙනත් ගේට්ටුවකින් පිටව ගිය අතර අමාත්‍යවරයාගේ සෙසු වාහන විරෝධතාකරුවන් සිටි ස්ථානයෙන් පිටව යද්දී ජනතාවගෙන් විරෝධය එල්ල විය.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති සංජය පෙරේරා ප්‍රකාශ කළේ මෙවැනි දේශද්‍රෝහී ඇමතිවරු එලවා දැමීමට පෙල ගැසිය යුතු බවයි.

    https://youtu.be/GQFs1NWs17I?t=5
  • සහරාන් සිදු කළ රහසිගත සාකච්ඡාවක් ලීක්වෙයි.. (Video)

    සහරාන් සිදු කළ රහසිගත සාකච්ඡාවක් ලීක්වෙයි.. (Video)

    ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් පැවැත්වූ රහසිගත සාකච්ඡාවක දර්ශන අපට ලැබී ඇත.

    මෙහි දෙබස්වලට සවන් දීමේදී පෙනී යන්නේ, සහරාන් සිදුකළ දේශන සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදයක් මුල්කරගෙන අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි.

    ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සිදුකළ දේශන හේතුවෙන් එම සංවිධානය තුළ මතභේදාත්මක තත්ත්වයක් හට ගැනුණු අතර ඒ පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇත.

  • රවීගේ ප‍්‍රශ්ණයෙන් උලමා සභාපතිට කට උත්තර නැති වෙයි.. හලාල් කතා කුරාණයේ නෑ..

    රවීගේ ප‍්‍රශ්ණයෙන් උලමා සභාපතිට කට උත්තර නැති වෙයි.. හලාල් කතා කුරාණයේ නෑ..

    පාස්කු ඉරිදා ඇති මේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නේය.

    එහිදී හෙළි වූයේ ආහාර සදහා නිකුත් කරන හලාල් සහතිකය කුරානයේ ඇති දෙයක් නොවන බවයි.

    හලාල් ආහාර ක්‍රමය යනු කුරානයේ අනුමත දෙයක් දැයි ඇමැති රවි කරුණානායක විසින් නගන ලද ප්‍රශ්නයකට සභාපතිවරයා ඒ බව පැවසීය.

    හලාල් ක‍්‍රමය කුරාණයේ ඇති දෙයක් නොවන බවත් අලුතෙන් හඳුන්වාදීමක් වන බවත් පැවසූ සභාපතිවරයා 2002 වසරේදී එම සහතික නිකුත් කිරීම ආරම්භ කළ බවද සඳහන් කළේය.

  • සියයට 1ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..

    සියයට 1ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..

    මෙරට පිහිටුවා ඇති ඇතැම් මුල්‍ය ආයතන මගින් වහාබ්වාදීන් සදහා 1%ක ඉතාමත් අඩු පොලියට ණය ලබා දෙන බව හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා සදහන් කරයි.

    කොළඹදී සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පුද්ගලයෙක් ණයක් ගැනීමේදී 14% ක පමණ ඉහල පොලියක් අය කරන බවයි.

    සියයට1ක පොලි අනුපාතයට ණය ලබා දෙන්නේ වහබ්වාදීන් විසින් අනුමත කරන ලද සභාවකින් බවද ඔහු සදහන් කලේය.

    මෙරට බැංකුවල මුස්ලිම් රාජ්‍යන් මුදල් ආයෝජනය කර ඇති බවත් එම මුදල් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හා වහබ්වාදීන්ට 1%ක පොලියක් යටතේ ලබා දෙන්නේ ආගමික මණ්ඩලයකින් අනුමැතිය යටතේ බවද පැවසීය. 13%ක හිග පොලිය මුස්ලිම් රාජ්‍යවල අරමුදලෙන් පියවන බවත් ඔහු හෙලි කලේය.

  • විදුලි අර්බුදය ජයගැනීමට ඇමති රවී කළ කැපවීමට ප්‍රංශ තානාපතිගෙන් පැසසුම්

    විදුලි අර්බුදය ජයගැනීමට ඇමති රවී කළ කැපවීමට ප්‍රංශ තානාපතිගෙන් පැසසුම්

    “මම නිතරම උත්සාහ කරන්නේ, තානාපති වශයෙන් මා සේවය කරන රටවල් වලින් ශ්‍රී ලංකාවට කිසියම් සේවයක් ලබා ගැනීමටයි. අද මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා මුණගැසුනා. එහිදී මට පැහැදිළි වුනේ එතුමා මේ රට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් වඩාත් ඉහල මට්ටමකට ගෙනඒමටත්, ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝශිත කිරීමටත් ඇපකැපවී කටයුතු කරන බවයි.  ඒ වෙනුවෙන් ප්‍රංශ රජයෙන් ලබාගත හැකි උපරිම සහයෝගය ලබාදීමට මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයාට පොරොන්දු වුණා” යැයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති  බුද්ධි  අතාවුද මහතා පැවසීය.

    තානාපතිවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (11) විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති නිල සාකච්ඡාවකින් අනතුරුවය.

    ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති තත්ත්වය සහ ඒ සදහා ලබාගත යුතු තිරසාර විසදුම් පිළිබදව සාකච්ඡා කළ විෂයභාර අමාත්‍යවරයා සහ ප්‍රංශ තානාපතිවරයා, දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ නිරන්තර ඉහළ යන විදුලිබල ඉල්ලුම අඛණ්ඩව සහ ගුණාත්මකව මෙන්ම අවම මිලක් යටතේ සපුරාලිම වෙනුවෙන් විදුලි උත්පාදන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදවද වැඩි දුරටත් සාකච්ඡා පැවැත්වීය.

    මෙහිදී අදහස් දැක්වූ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේ, විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ලංකාව ඉදිරියෙන් තැබීම තමාගේ මූලික අරමුණ බවත්, මෙවැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීමට හැකිවීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතකට අවතීර්ණ වීමට පහසු බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරනු ලබන සූර්ය සහ සුළංබල විදුලි උත්පාදන ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා පුළුල් කිරිමටත් ඒ වෙනුවෙන් දේශීය සහ විදේශීය සහාය ලබාගැනීමටත් තමා අපේක්ෂා කරන බවත්ය. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකාව වැනි ස්වභාව සෞන්දර්යය, සශ්‍රීකත්වය අතින් සුවිශේෂී ස්ථානයක පවතින රටක්, විදේශීකයන්ගේ විශේෂ අවධානයට යොමුවන අතර ඒ තුළින් ව්‍යාපාරික අවස්ථා බොහෝමයක් දියත්කළ හැකි බව පැවසූ අතර ශ්‍රී ලංකාව තුළ දියත්කළ හැකි ව්‍යාපාරික අවස්ථාවන් පිළිබදව සොයාබලා, ඒ සම්බන්ධයෙන් තමා සේවය කරන රටවල ආයෝජන අවස්ථා සලසාදීමටත්  තමා කටයුතු කරන බව පැවසීය.

    ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අදහස් පිළිබදව සිය කෘතඥතාවය පළකල අමාත්‍ය කරුණානායක මහතා, තම රටේ ව්‍යාපාරික සහ විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාදාමයට ප්‍රංශයේ සහාය අපේක්ෂා කරන බවත්,  ඒ තුළින් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කලක පටන් පවතින්නාවූ රාජ්‍ය තාන්ත්‍රික සහ මිත්‍ර සබදතා තවතවත් තහවුරුවන බවත් පැවසීය.

  • පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

    පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

    ස්‌ත්‍රී දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්ව සිට මවට බාරදී තිබූ බාලවයස්‌කාර දැරියක්‌ ඇයව දූෂණයට ලක්‌කළ පුද්ගලයා සමගම පළාගොස්‌ ඇති බවට මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබේ.

    එම දැරියගේ මවගේ සහෝදරියගේ සැමියා වන මාදම්පේ ගල්මුරුව කච්චකඩුව පදිංචි අයකු පැමිණිලිකරු වෙයි.

    මෙම දැරිය උඩප්පුව පොලිස්‌ වසමේ පදිංචිව සිටියදී එම ප්‍රදේශයේ අයකු සමග සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඔහු අතින් දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ නඩුවක්‌ පවතින බවත් පැමිණිල්ලෙන් කියා තිබේ.

    වයස අවුරුදු 15 යි මාස 07 ක්‌ වයසැති දැරියව ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පරිවාසයෙන් දැරියගේ මවගේ බාරයට පත්කර ඇතැයි ද පසුගිය අප්‍රේල් 05 දින සිට ඇය තම නිවසේ පදිංචිව සිටිමින් පාසල් ගිය බවද පැමිණිල්ලේ දැක්‌වෙයි.

    ජුනි 02 දින රාත්‍රියේ දැරිය නිවසේ නොමැති බව තම බිරිඳ කී බවත් ඉදිරි දොර හැර බලන විට ඇය නිවස ඉදිරිපිට මාර්ගයේ එම පුද්ගලයා සමග යතුරුපැදියක නැග යනවා දුටු බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

  • මුස්ලිම් මන්ත්‍රීවරු වඳින්න ගිය දෙවොලක් හිසට කඩා වැටේ..(වීඩියෝ)

    මුස්ලිම් මන්ත්‍රීවරු වඳින්න ගිය දෙවොලක් හිසට කඩා වැටේ..(වීඩියෝ)

    ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති.

    එහිමියන් මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අස්ගිරි-මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය.

    කණ්ඩායමක් ලෙස ඉල්ලා අස්වීම ගැන සැලකිය යුතු ලෙස තමන් වහන්සේලා අදහස් පල නොකළ බවද කී නාහිමියන් එය මාධ්‍ය විසින් මතුකර පෙන්වූ බවත් සදහන් කලහ.

    මද වේලාවක් පැවති සාකච්ඡාව අවසානයේ හිටපු ඇමතිවරුන් පිරිස අස්ගිරි මහා විහාරයෙන් ඉවත්ව ගිය අතර මාධ්‍ය වෙතද අදහස් පල කිරීම ප‍්‍රතික්ෂේප කළහ.

  • විදෙස්ගත ශ්‍රී ලාංකික දරුවන්ට A/L සහ O/L ලියන්න අවස්ථාවක්

    විදෙස්ගත ශ්‍රී ලාංකික දරුවන්ට A/L සහ O/L ලියන්න අවස්ථාවක්

    අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේනම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ විභාග සහතික පත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා එසේ සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව නවීකරණය සඳහා 2017 ඔක්තොම්බරයේදී පත්කරන ලද විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් මාර්ගගත (online) ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (11) පැවති උත්සවය අමතමිනි.

    විභාග දෙපාර්තමේන්තුව ඉතා විශ්වසනීය ස්ථානයක් විය යුතු බවත් ඒ සඳහා බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා විවිධ පෞද්ගලික මැදිහත්වීම් හැකිතරම් අවම විය යුතු අතර ඒ වෙනුවෙන් විධිමත් ක්‍රමවේද ඇති කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

    ප්‍රශ්ණපත්‍ර සකස් කරන විද්වතුන් වෘත්තීය හා සාරධර්ම ආරක්ෂා කරන පිරිසක් විය යුතු බවත් විභාගයක් යනු අධ්‍යාපනයේ කිසියම් කඩඉමක් වන බවත් හෙතෙම පැවසුවා.

  • අනෙක්වා බහිද්දී මංගලගේ එක විතරක් නඟින රහස කුමක්දැයි මහින්ද අසයි

    අනෙක්වා බහිද්දී මංගලගේ එක විතරක් නඟින රහස කුමක්දැයි මහින්ද අසයි

    ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වුවත් මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ මිල සූත‍්‍රයෙන් මෙරට ඉන්ධන මිල වැඩිවන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

    මිල සූත‍්‍රයට අනුව මාසයකට වරක් මෙරට ඉන්ධන මිල ඉහළ යෑමේ රහස දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

    රටේ ජනතාව සෑම අංශයකින්ම පීඩාවට පත්ව සිටින අවස්ථාවක ඉන්ධන මිලත් මාස්පතා මෙලෙස වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයකට පත්වන බවත් මේ තත්ත්වයෙන් ජනතාව මුදා ගත යුතු බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

    මිල සූත‍්‍රය හඳුන්වා දුන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිලෙහි වෙනස්වීම් අනුව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට වුවත් මිල අඩුවන විට මෙරට මිල ඉහළ යෑම අමුතු සූත‍්‍රයක් බවත් හෙතෙම සඳහන් කළේය.

    මේ වන විට රටේ ග‍්‍රාමීය ආර්ථිකය සහමුලින්ම කඩා වැටී ඇති බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

  • මචං, රතනෙට මංඤ්ඤං ද..?

    මචං, රතනෙට මංඤ්ඤං ද..?

    එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් ගැනීමට ගියද එතැනින්වත් රතන හිමියන්ව වද්දවා ගත්තේ නැත. අනතුරුව දේශපාලනික නිරුවතින්ම මහින්ද රාජපක්ෂ ලඟට ගිය රතන හිමියන්ව මහින්දවත් ඇතුලත වද්ද ගත්තේ නැත. මහින්ද කීවේ, රතන හදිසි නොවී එළියේ ඉදන් කියන වැඩ ටික කරගෙන යන්න, අවශ්‍ය කරන වෙලාවක් ආවොත් ගන්න බලන්නන් කියාය. රතන හිමියන්ගේ දේශපාලනිකව කූජීතව අවලං කාසියක් වී ඇති තරම ඒ තරම්ය.

    අවසානයේ යන එන මන් තැනක් නොමැතිව රතන හිමියන්ට මහින්දගේ අඟුපිලේ හෝ ලැගීමට අකමැත්තෙන් වුවද සිදුවිය. රතන හිමියන්ට මහින්දගේ පළමු කොන්ත්‍රාත්තුව ලෙස ලැබෙන්නට ඇත්තේ, රතන හිමියන්ටත් අභියෝගයක් වූ , මහින්ද කඳවුරටත් අභියෝගයක් සහ හිසරදයක්ව ඇති ඥානසාර හිමියන්ගේ භූමිකාවට එරෙහි රැල්ලක් ගොඩනැගීමට උත්සහ කිරීමයි. ඒ අනුව හිස්බුල්ලා, අසාද් සාලි, රිෂාඩ් බදුර්දීන් ඉවත් කරන ලෙසට ඉල්ලා රතන හිමියන් මහ නායක හිමිවරුන්ගේවත් අවසරය නොගෙන දළදා මාළිගාවේ මහමලුවේ උපවාස රංගන දින 3ක් රඟ දක්වා අවසානයේ ඉල්ලගෙන කෑවේය. ඒ කෑම රතන හිමියන්ට පමණක් නොව සිංහල-බෞද්ධයින්ට මරු පහරක් විය. රතන හිමියන්ගේ එම අමඥෝනය තීරණයේ හානිය කෙතරම්ද යත් අවසානයේ මහනායක හිමිවරුන්ට යළි ඇමතිධුර ලබාගන්නා ලෙසට මුස්ලිම් ඇමතිවරුන්ගෙන් යළි ඉල්ලීම් කරන්නට පවා සිදුවූහ.

    එහෙත් තම පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් ඕනෑම අටමගලක් කරන රතන හිමිට ඒ ගැන වගේ වගක් නැත.

    අනුන්ගේ දේ තමන්ගේ කරගෙන විකුණන් කෑම

    අනුන්ගේ දෑ තමන්ගේ කරගෙන තම පොරත්වය වෙනුවෙන් රතන හිමියන්ට ඕනෑම තැනක ඕනෑම දෙයක් විකුණන් කෑම අලුත් දෙයක් නොවන බව උන්වහසේගේ පැටිකිරිය දන්නෝ දනිති.

    අදින්නා දානය පවක් වුවත්, රතන හිමිට අනුන්ගේ දෑ තමන්ගේ කරගෙන විකිණීම ගැන ලැජ්ජාවක් නැතිකමට, අය එනමං නැති කරමට කරනවාද යන්න ඇසිය යුතුය.

    “නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයැ’යි” පළමුවෙන්ම ප්‍රකාශ කළේත්, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාය. ඒ වෙනුවෙන් ඔහුට පක්ෂ විපක්ෂ සියලු දෙනා දේශපාලන හේදයකින් තොරව ප්‍රසංශා කළහ.

    ඔහු එය කට වචනයකට සීමා නොකර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් දශලක්ෂක අත්සනින් එකතුකිරීමේ මහජන පෙත්සමක් ඇරඹීය. ඒ සඳහා මහාචාර්ය වරුන්, කථිකාචාර්ය වරුන්, විද්වතුන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශව වල එකමුතුවෙන් ප්‍රසිද්ධියේම සිදුවිය. එයින්ද නොනැවතී තිලංග සුමතිපාල මහතා තම “ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙසට” පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ මීට සති තුනකටත් පෙරය.

    සිහිවිකල්ව අවදි වූ රතන හිමි හදිසියේ කෙළි පිස්සුව

    නින්දෙන් සිහිවිකල්ව අවදි වූ පිස්සෙකු මෙන් රතන හිමියන් ඊයේ(10) එකවරම මාධ්‍ය හමුවක් තබමින් “ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගත යුතු බවත්, ඒ සඳහා තමා මූලිකත්වය ගෙන ක්‍රියාකරන බවත්, පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බවත්”ය. එය දුටුවිට ප්‍රශ්න රාශියක් පැන නගින අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රතන හිමියන් අවම තරමේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් යෝජනා හෝ ගනුලබන තීන්දු තීරණ ගැනවත් නොදන්නේ දැයි පළමු ප්‍රශ්නයයි. දෙවැන්න රටේ ජනතාවගෙන් දශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාල හරහා අත්සන් කළ පෙත්සමක් ගැනවත් රතන හිමියන් නොදැනුවත්ව කරන මොංගල් දේශපාලනය කුමක්ද යන්නයි. මෙම මහජන පෙත්සමට දින 14ක් තුළ ලැබී ඇති අත්සන් ප්‍රමාණය 910,125 කි.

    “ෂරියා විද්‍යාලය,රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් කරවමු” දින 14ක් තුළ දශලක්ෂයේ අත්සන් ව්‍යාපාරය


    අපට වැටහෙන පරිදි මේ රටේ කිසිවෙකු තඹ දොයිතුවකට ගණන් නොගන්නා රතන හිමියන්ට තමන්ගේ දෙයක් වගාගෙන විකුණගෙන දේශපාලනය කරගත නොහැකිම තත්වයක් තුල දැන් අනුන්ගේ දේ හෝ හොරකම් කර විකුණගෙන ගොඩ ඒමට දරන නිර්ලැජ්ජිත ක්‍රියාවක නිරතවෙමින් සිටී. ඒ අනුව ඉදිරියේදී රතන හිමියන් අනෙක් හිමිවරුන්ගේ සිවුරු පමණක් නොව ගිහියන්ගේ වැලවල් ඇති රෙදි පමණක් නොව වනා ඇති ජංගිද හොරකම් කළ හැක. එම නිසා සියලු දේශපාලඥයින්, දේශපාලන අනාතයෙකුව හිඟමනට වැටුණු රතන හිමියන්ගෙන් තම තමන්ගේ දේවල් ආරක්ෂා කර ගනිමින් තම තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු කාලය එලෙඹ ඇත.


  • බල්ලෝ අරන් යන්න එපා කිව්වට ෆීල්ඩ්මාර්ෂල්, අසාත් සාලිට දුන්නු උත්තරේ..! (වීඩියෝ)

    බල්ලෝ අරන් යන්න එපා කිව්වට ෆීල්ඩ්මාර්ෂල්, අසාත් සාලිට දුන්නු උත්තරේ..! (වීඩියෝ)

    “8 දෙනෙක් කරපු වැඩේට මුළු ජනතාවටම මෙහෙම කරන එක වැරදී” – අසාත් සාලි “8 දෙනෙක් කරාට 250 ක් මැරුණා නේ” – සරත් ෆොන්සේකා

  • සිහිමුර්ජා කර අත් පා බැඳ පෙම්වතා පෙම්වතියට කළ අපරාධයක්

    සිහිමුර්ජා කර අත් පා බැඳ පෙම්වතා පෙම්වතියට කළ අපරාධයක්

    විසි දෙහැවිරිදි තරුණියක සිහි මුර්ජා කොට අත් පා බැඳ ලිංගික අතවරයක් සිදු කරනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

    තරුණිය සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ අවසරයෙන් මෙදින ඔහු ඇය සිය පියා සමග නවාතැන් ගෙන සිටින බියගම පේරගස්හන්දිය ප‍්‍රදේශයේ නේවාසිකාගාර කාමරයට පැමිණ එහි පියා නැති අවස්ථාවක එම අපරාධය සිදුකර ඇතැයි කියති.

    තරුණියට සිහිය පැමිණි විට අය්යේ කියමින් කෑගසන ශබ්දය ඊට යාබද කාමරයේ සිටින තරුණයාට ඇසීමෙන් පසුව තරුණිය සිටි කාමරයේ් දොර කඩා බලන විට එම සිද්ධිය දැක ගැනීමට හැකිවී ඇත.

  • පන්සලෙන් පැන්නූ මංගලව ගමෙනුත් පන්නයි

    පන්සලෙන් පැන්නූ මංගලව ගමෙනුත් පන්නයි

    මාතර, කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

    එම යෝජනාවට සඳහා පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 4ක් ලැබී ඇත.

    ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර මේ පිළිබඳව කිරින්ද ප්‍රදේශිය සභා සභාපතිවරයා අණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    පසුගිය දිනක කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයේ ගම්වාසීන් විසින් “මංගල සමරවීර පෙදෙස“ යන නාමය ඉවත් කර දෙන ලෙස ඉල්ලා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් ද බාර දී තිබුණි.

    අදාළ පෙත්සම මඟින් ප්‍රදේශවාසීන් ඉල්ලා තිබුණේ “මංගල සමරවීර පෙදෙස“ යන නාමය අවලංගු කර “ළිඳගාව වත්ත මාවත“ යනුවෙන් නම් කර ලියාපදිංචි තර දෙන ලෙසයි.

    මෙම පෙස්සම සඳහා මෙම ප්‍රදේශයේ ගම්වාසීන් 110ක් අත්සන් තබා තිබූ බවද වාර්තාවේ.

  • 2020 රජයේ සහ බැංකු නිවාඩු මෙන්න

    2020 රජයේ සහ බැංකු නිවාඩු මෙන්න

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් 2020 වසර සඳහා වන රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව 2020 වර්ෂයට අදාළ රජයේ හා බැංකු නිවාඩු දින 26ක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    එම ගැසට් නිවේදනය පහත පළ වෙනවා.