Blog

  • හිටපු මාධ්‍ය ඇමති මංගල සමාජ මාධ්‍ය අවභාවිතා කරලා.. වහා අත්අඩංගුවට ගනු!

    හිටපු මාධ්‍ය ඇමති මංගල සමාජ මාධ්‍ය අවභාවිතා කරලා.. වහා අත්අඩංගුවට ගනු!

    ඇමති මංගල සමරවීර සමාජ මාධ්‍ය ජාල අඩවි භාවිතා කරමින් ආගමික නායකයන්ට අපහාස වන අන්දමින් පණිවිඩ නිකුත් කිරීම ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස තරයේ හෙලා දකින අතර එම පුද්ගලයා විසින් මැල්කම් රංජිත් කාදිනල් තුමන්ට හා රතන හිමියන්ට අපහාස වන අන්දමේ Twitter පණිවිඩයක් ඔහුගේ පෞද්ගලික Twitter ගිණුමෙන් යාවත්කාලීන කිරීම ජනතාව කුපිත කිරීමට කටයුතු කිරීමක් ලෙස ඉතා පැහැදිලිවම දැකගත හැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

    පසුගිය දිනවල සරසවි ශිෂ්‍යයෙකු සමාජ මාධ්‍යවල ජනතාව කුලප්පු කිරීමක් සිදුකරා යැයි පවසා සිරභාරයට ගත් අතර මෙලෙස අමු අමුවේ ප්‍රසිද්ධියේ පසුගිය දිනවල ජනතාවගේ අවධානය දිනාගත් ආගමික නායකයින් දෙපලකට අපහාස කරනා Twitter පණිවිඩයක් තම Twitter ගිණුම මගින් නිකුත් කිරීම මගින් රටේ වගකිවයුතු ඇමතිවරයෙකු ලෙස ජනතාව කුපිත කොට ඔවුන්වෙත ලබාදෙන්නේ වැරදි පූර්වාදර්ශයක් නිසා වහාම නිතිය ක්‍රියාත්මක කරන අංශ මේ පිලිබදව තම අවධානය යොමු කොට තරාතිරම නොබලා නීතිය මෙවැනි පුද්ගලයන්ට ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අවධාරණය කරමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

  • අසාද් සාලී නිතී විරෝධීව පරිහරණය කළ විදෙස් අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගනී (වීඩියෝ)

    අසාද් සාලී නිතී විරෝධීව පරිහරණය කළ විදෙස් අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගනී (වීඩියෝ)

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි විසින් පරිහරණය කරන ලද මෙරට ලියාපදිංචි නොකළ විදේශ රටක පරිහණය කරන ලද, එම අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් ලද තොරතුරකට අනුව ඊයේ(03) පොලිසිය විසින් සොයාගෙන ඇත.

    මෙම රථය සම්බන්ධයෙන් දුරකථනය හරහා පොලිසිය අසාද් සාලිගෙන් විමසූ අවස්ථාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මේ ගැන රේගුව දන්නා එහි ලිපි ලේඛන රේගුවේ ඇති බවත් බවත්, තමා මෙම රථය තමා භාවිත නොකළ බවත්, සුපිරි රථ 6ක් තිබෙන තමාට මෙම රථය වැඩයක් නොමැති බවත්, මේ රථය අත් අඩංගුවට ගෙන පසුව ප්‍රශ්න ඇති විය හැකි බවට” වන වක්‍රාකාර තර්ජනයකි.

    කෙසේ වෙතත් මෙම රථය පරීක්ෂා කිරීමේදී එහි තිබේ අසාද් සාලිගේ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.


  • රතන හිමිගේ උපවාසයත් අවසන්; ආණ්ඩුවේ මුස්ලිම් අයගේ මැති ඇමතිකම් ටිකත් කෙටි කලකට අවසන්

    රතන හිමිගේ උපවාසයත් අවසන්; ආණ්ඩුවේ මුස්ලිම් අයගේ මැති ඇමතිකම් ටිකත් කෙටි කලකට අවසන්

    මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද සවස උපවාසය අත් හරිනු ලැබීය.

    ඒ උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම උන්වහන්සේට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි.

    මේ අතර වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ චෝදනාවන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් ආණ්ඩුවේ සියලුම ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් එම ධුරවලින් තාවකාලිකව ඉල්ලා අස්වී ඒ සඳහා මසක කාලයක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අදාළ බලධාරීන් වෙත ලබාදෙන ලදී.

    රටේ ජාතික සමඟිය ඇතුළු සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් නම්‍යශීලී ලෙස ගත් මෙම තීන්දුව තුලින් මේ වන විට සිංහල-මුස්ලිම් ජනතාව තුල ඇති සැකය සහ විරසකය යම් ප්‍රමාණයකට සමනය කිරීමටද පිටුවහලක් වනු ඇත.

    එසේම මෙම කාලසීමාව තුළ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට ආධාර අනුබල දී ඇති මැති ඇමතිවරුන්ට එරෙහි කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමත් වරදකරුවන්ට එරෙහිව දඬුවම් දීමත් සිදුකළ යුතුව ඇත.

    ඇමති ධුර අතහැරියද ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස තව දුරටත් රජය නියෝජනය කිරීමටද තීරණය කර ඇත.

    ඉල්ලා අස්වන ඇමතිවරුන් පිරිස මෙසේය.

    රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
    කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
    රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
    අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

    ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
    සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
    එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
    අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

    අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍වික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවට කිහිපයකින් අනතුරුව මුස්ලිම් මැති ඇමතිවරුන් ගත් මෙම තීන්දූව දේශපාලන උපායමාර්ගික වශයෙන් අතිශය උපක්‍රමශීලී වන අතර ජාතිවාදය දඬමීමා කරගනිමින් රටේ ගැටුම් ඇතිකරමින් දේශපාලන වාසි ගැනීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කඳවුරට පෙරළා එල්ල වුණු දැවැන්ත පහරකි.

  • මට කියල අස්කරවගන්නෙ නැතිව අද දවස අතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න….  – මේක අවසාන දැණුම්දීමයි

    මට කියල අස්කරවගන්නෙ නැතිව අද දවස අතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න…. – මේක අවසාන දැණුම්දීමයි

    ” මට කියලා අස්කරගන්නෙ නැතිව අද දිනය ඇතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න ” ජනාධිපතිවරයා විසින් හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් හට අද උදෑසන දැනුම් දෙන ලදී.

    රට ඇතුලෙ ඔයාලට තියෙන විරෝධය පේනවනෙ. මම කල් දුන්නෙ තමුන්ලා ඒ විරෝධය දැකලා අයින් වෙයි කියල. නමුත් ජනතා මතයට හිස නමන්න තමුන්ලා කටයුතු කලේ නෑනෙ. ඒ නිසා මට කියලා අස්කරගන්නෙ නැතුව අද දවස ඇතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න. අද දවස විතරයි මම තමුන්ලාට කල් දෙන්නෙ. යැයි ජනාධිපතිවරයා පවසන ලදී.

    මේ අනුව අද දිනය තුල ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස්වීමේ ලිපි ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇතිබව ජනාධිපති ලේකම් කාර්‍යාලය තොරතුරු දැනගන්නට ඇත

  • නානා නානා මේ අහන්න නානා.. (Video)

    නානා නානා මේ අහන්න නානා.. (Video)

    නානා නානා මේ අහන්න නානා 😍 හිතට දැනෙන වීඩියෝවක්, අනිවාරෙන්ම බලන්න මේක..

  • ත්‍රස්තවාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව නිහඬ වුණොත් සටන ගෙනියන්නේ කොහොමද?

    ත්‍රස්තවාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව නිහඬ වුණොත් සටන ගෙනියන්නේ කොහොමද?

    ජාතිවාදී කෝලාහල හරහා ප්‍රචණ්ඩත්වය වැපිරවීමට උත්සහ කරන්නන් සිදුකරන්නේ ත්‍රස්තවාදයට රුකුල් දීම බවත්, එම නිසා ඔවුන්ටද දඩුවම් දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    යාපනයේ පැවැති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    යාපනයේ අඩු ආදායම්ලාභී 23,011 දෙනෙකුට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය යාපනය නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මීට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිවාස 10,000ක් ඉදිකිරිමේ වැඩසටහනෙහි මුල් පියවර යටතේ ඉදිකෙරුණු නිවාස ජනතාව වෙත පිරිනැමිමේ උත්සවයටද අග්‍රාමාත්‍යවරයා සහභාගි වුණි.

    එම අවස්ථාව සංකේතවත් කරමින් නිවාසලාභීන් 5දෙනෙකු වෙත නිවාස පිරිනැමිම යාපනයේ නැදුන්කර්නි ප්‍රදේශයේදි සිදුකෙරුණි.

    “පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමෙන් පසු ආගමික නායකයින් මෙය ත්‍රස්තවාදයක් බව ජනතාවට කිව්වා.ජාතිවාදී කෝලාහල ඇති නොකරන ලෙස ඔවුන් කිව්වා.තමන්ට තිබුණු විශ්වාසය නිසා මුස්ලිම් ජනතාව තොරතුරු ලබාදුන්නා. ඒවා අල්ලගත්තේ නැත්නම් ලංකාව වටේ තොරතුරු පැතිරෙනවා. තොරතුරු වැඩියෙන්ම එන්නේ මුස්ලිම් ජනයාගෙන්. IS ත්‍රස්තවාදීන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නෑ.

    සහරාන්ගේ NTJ එකත් නැති කරලා තියෙන්නේ. මෙයට යළිත් හිස ඔසවන්න දෙන්න බැහැ. සතියකින් සාමාන්‍ය තත්වයට ඇවිත් පාසල් විවෘත කරන්න සූදානමින් සිටිද්දී ප්‍රදේශ කිහිපයක ජාතිවාදය ඇති කළා. මිනුවන්ගොඩ තමන්ට විරුද්ධව වෙළදාම් කරන සිංහල කඩ 4කටත් ගැහුවා. එය සංවිධානය වී කළ දෙයක්. එහිදී බැලුවේ ජාතිවාදය ඇති කරන්න. අවුලක් ඇතිවුනොත් ජයගන්නේ ISIS ත්‍රස්තවාදය.

    ජූලි කලබලයේදී ද්‍රවිඩ ජනතාව තරහ කරගත්තා වගේ අද ISIS වාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව නිහඩ වුනොත් සටන ගෙනියන්නේ කොහොමද? බුද්ධි අංශ වලින් කියනවා එහෙම තත්ත්වයක් ඇතිවුණොත් අපිට තොරතුරු ගන්න බැරිවෙනවා. ප්‍රචණ්ඩත්වය ඇති කරන අය කරන්නේ ත්‍රස්තවාදයට රුකුල් දීම. ඔවුනුත් ත්‍රස්තවාදීන් ලෙස සලකන්න ඕනේ. ඔවුන්ට උදව් කරන අයටත් සමාව නොදිය යුතුයි.” අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

  • රතන හිමිට අසාධ්‍යයි! තව්ජිද් ජමාත් ත්‍රස්තයින්ට එරෙහි සටනට පණපොවන්න ඥානසාර හිමි වඩිති!(Video)

    රතන හිමිට අසාධ්‍යයි! තව්ජිද් ජමාත් ත්‍රස්තයින්ට එරෙහි සටනට පණපොවන්න ඥානසාර හිමි වඩිති!(Video)

    මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශරීර තත්ත්වය දුර්වල වෙමින් ඇති බව කියා සිටිති.

    දැනට දින දෙකක් තිස්සේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටින උන් වහන්සේගේ ශරීරය මේ වනවිට විජලන තත්ත්වයකට පත්වෙමින් ඇතැයිද වෛද්‍යවරු පවසති.

    තවත් දින කිහිපයක් ඉදිරියට මෙයාකාරයෙන් ගත කලහොත් උන් වහන්සේගේ ජීවිතය අතිශය අවදානම්කාරී තත්ත්වයකට පත්වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

    දින කිහිපයක සිට දළදා මාලිගාව ඉදිරියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පල කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ස්ථානයට අද(02) වැඩම කලේය.

    හෙට දහවල් 12 වීමට පෙර බදියුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි යන තිදෙනා දරන තනතුරුවලින් ඉවත් කිරීම සදහා කාලය දෙන බව එහිදී හිමියන් කියා සිටියහ. එම කාලය තුල අදාල කටයුත්ත නොකලහොක් රට පුරා සියළු සංඝයා වහන්සේලා එකතුව අරගලයක් ආරම්භ කරන බවද උන් වහන්සේ කියා සිටියහ.

    තව්ජිද් ජමාත් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව අරගල කරන ඕනෑම පාර්ශවයකට කොන්දේසි විරහිතව සහාය දෙන බවද උන් වහන්සේ කීහ.

  • පෙරට වඩා අඩුම මිලට විදුලිය ගත්තේ අපි, ඒක නිසා විපක්ෂයට අද කට උත්තර නෑ..

    පෙරට වඩා අඩුම මිලට විදුලිය ගත්තේ අපි, ඒක නිසා විපක්ෂයට අද කට උත්තර නෑ..

    “අපි සෑම අවස්ථාවකම කියන්නේ විදුලි ජනනය සිදුවිය යුත්තේ අවම මිලක් යටතේ කියලා. ඒක අපි ක්‍රියාවෙන්ම අද ඔප්පු කරලා තිබෙන්නේ. මීට ඉහත පැවති මිල ගනන් වලට වඩා අවම මිල ගනන් යටතේ හසිදි විදුලිය මිලදී ගැනිමක් සිදුකිරීම පිළිබදව අද විපක්ෂය වික්ෂිප්ත වෙලා ඉන්නේ. මේ අවස්ථාවේ මම අභියෝග කරනවා, මීටත් වඩා අවම මිලක් යටතේ විදුලිය මිලදි ගැනීමක් කරන්න පුළුවන් නම්, ඒක අපට පෙන්වන්න කියලා. අපි පාරිභෝගිකයා පමණක් නෙමෙයි විදුලිබල මණ්ඩලයත් ආරක්ෂා වනපරිදි පූර්ණ විනිවිද භාවයකින් තමයි කටයුතු කරන්නේ. විදුලි කප්පාදුවක් කිසිසේත්ම ඇති නොවන පරිදි කටයුතු කිරිම තමයි අපේ අරමුණ. ජනතාවට අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලි සේවයක් සැපයීම තමයි අපේ ඉදිරි ගමන. අපි මොන දේ කෙතරම් හොදින් කලත් විපක්ෂය නිතරම උත්සාහ කරන්නේ, එයාලගෙ මිම්මෙන් අපිව මනින්න. අපි නොකරපු දේවල් කළා කියලා, ඔවුන්ගේ මිම්මෙන් අපිව මනින්න හදන එක තමයි දුක” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ පසුගිය දින (30) Jet wings Holdings ආයතනයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙහිදී විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් චීන සමාගමක් වන Gingdo Holdings Power Equipment Ltd සමග ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් කෙරිනි. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත මීටර් 300 ක් පමණ දිගින් යුතුව ඉදිකිරීමට නියමිත මෙම සම්ප්‍රේෂණ මාර්ගය සදහා ඇමරිකානු ඩෝලර් මිලියන 115 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ Theresa Holdings Pvt Ltd විසිනි. මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති රකිත ජයවර්ධන යන මහත්වරුන්ද සහභාගි වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

    “ශ්‍රී ලංකානු සමාගමක්, ජාත්‍යන්තර සමාගමක් සමග එකතු වෙලා ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහාරීමේ ජාලය නවීකරණය කිරීම පිළිබදව අපි සතුටට පත්වෙනවා. විදුලි පාරිභෝගිකයාට මීට වඩා අවම මිලකට, වඩාත් හොද විදුලි සේවාවක් ලබාදම වෙනුවෙන් ශ්‍රී ලංකානු විදුලිබල ක්ෂේත්‍රය සමග සම්බන්ධවෙලා ඉදිරියටත් කටයුතු කරන ලෙස එම සමාගම් වලට මම ආරාධනා කරනවා. විදුලිබල මණ්ඩලයත් සමග අත්වැල් බැදගෙන අපේ අහිංසක පාරිභෝගිකයාට සේවයක් කරන්න ඉදිරිපත්වීම සතුටට කරුණක්. ශ්‍රී ලාංකික තාක්ෂණික ඥාණය, ජාත්‍යන්තරයත් සමග සම තත්ත්වයේ ගමන් කිරීම ඉතාමත් වැදගත් කරුණක්. අද අපිට මෙම අවස්ථාවේ එය සාධක සහිතව ඔප්පු කිරීමට හැකිවෙලා තිබෙනවා.

    ආසියානු සංවර්ධන බැංකුවත් සමග ලංකා විදුලිබල මණ්ඩලය කිලෝමීටර් 300ක බෙදාහැරීමේ ජාලයක් ඇති කිරීමට වැඩකටයුතු සිදුකළා. සාමාන්‍යයෙන් මේ කාර්යය සදහා වසර 2 ක් පමණ ගතවෙන නමුත් ඔවුන්ගේ තාක්ෂණික ඥාණය මත වසර 1 ½ කින් නිම කිරීමට එකගවුණා. මම ඔවුන්ට අභියෝගයක් දුන්නා මේ කාර්යය වසරකින් නිම කරන්න කියලා. ඒක තමයි අපේ සාර්ථකත්වය” යැයි පැවසීය.

  • පාස්කු ඉරිදා ඉරිදා ප්‍රහාරයට පසු දින හිස්බුල්ලා අරාබි මුස්ලිම් පිරිසක් සමග සුපිරි හෝටලයේ (CCTV video)

    පාස්කු ඉරිදා ඉරිදා ප්‍රහාරයට පසු දින හිස්බුල්ලා අරාබි මුස්ලිම් පිරිසක් සමග සුපිරි හෝටලයේ (CCTV video)

    පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින එනම් අප්‍රේල් මස 22 දින ‍රාත්‍රී පාසිකුඩා හී සුපිරි හෝටලයකට පැමිණි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුලා එහි සිටි පිරිසක් හමුවී සාකච්ඡාවක් සිදුකරනවා.

    නෙත් එෆ් එම් බැලුම්ගල ගවේෂණයේදී අනාවරණ වුනේ එම පිරිස සෞදි ජාතිකයන් බවයි. ඔවුන් අප්‍රේල් මස 18 වනදින ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා හා සෞදි ජාතිකයන් පිරිස අදාළ හෝටලයේ සහ ඉන් පිටත රැඳී සිටින අයුරු දැක්වෙන සී සී ටී වී දර්ශන ඇතුලත් වීඩියෝවයි මේ.

  • ඇත්තටම ක්‍රිකට් මොන වගේද.? ක්‍රිකට් බලන අපි මොන වගේද..? ඒ ගැන කියන පට්ට වීඩියෝවක් මෙන්න

    ඇත්තටම ක්‍රිකට් මොන වගේද.? ක්‍රිකට් බලන අපි මොන වගේද..? ඒ ගැන කියන පට්ට වීඩියෝවක් මෙන්න

    ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකික අපේ ආත්මයත් එක්ක බැඳිච්ච ක්‍රීඩාව. අපි ඒතරමටම ක්‍රිකට්වලට ආදරෙයි. දුක, සතුට, ජය, පරාජය අපි අපිම විදදරාගන්නේ ක්‍රිකට් වලින්. බලාපොරොත්තු ගොඩාක් එක්ක සතුට විතරක්ම හොයන අපිට අපේ ටීම් එක දිනන්නම ඕනි.

    ඒත් එක ටීම් එකක් දිනද්දී අනිත් ටීම් එක පරාද වෙනවා කියලා අපිටම අමතක වෙනවා. ඇත්තටම ඒ ආදරේ වැඩි කමටද මන්දා.. හරියට මෙන්න මේ වගේ..ක්‍රිකට් කියන්නේ ඇත්තටම මොකද්ද කියලා අපේ හදවත අපිටම කථා කරන වීඩියෝ එකක්..

  • අවුරුදු 15ක දැරියක් රෑට රෑට ගෙදරින් පන්නාගෙන දූෂණය කරලා

    අවුරුදු 15ක දැරියක් රෑට රෑට ගෙදරින් පන්නාගෙන දූෂණය කරලා

    නාත්තන්ඩිය, පතංගොඩ දයාශ්‍රිත ගම්මානයේ පදිංචි වයස අවුරුදු 15 ක බාලවයස්‌කාර පාසල් සිසුවියක්‌ දූෂණය කිරීම සම්බන්ධයෙන් මාරවිල පොලිසිය එම ගම්මානයේම පදිංචි රියදුරු රැකියාව කරන විසි හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වින්දිත දැරිය මාරවිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂිකා අයිරාංගනී මහත්මියට පොලිසියේදී හමුවී කරන ලද පැමිණිල්ලක්‌ මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    තමන් අවුරුදු තුනක පමණ සිට නිවස ආසන්නයේ පදිංචි රවිඳු කල්හාර යන අය සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගිය බවත් පෙම්වතා සමග තමා දුරකථනයෙන් කතා කරගත් පරිදි ඔහුගේ නිවසට රාත්‍රී කාලයේ ගොස්‌ ඔහු සමග දින කිහිපයක්‌ සිටි බවත් පළමු වතාවට පසුගිය අප්‍රේල් මස දිනක එලෙස ලිංගිකව එක්‌වූ බවත් වින්දිත දැරිය කරන ලද පැමිණිල්ලේ දැක්‌වෙයි.

    මැයි 01 දින පාන්දර 2.15 ට පමණ ඔහු සමග එකට සිට එන විටදි පෙම්වතාගේ නිවසට යාව පිහිටි නිවසේ පදිංචි තමාගේ අක්‌කා තමාව දුටු බවද මේ නිසා අක්‌කාද සමග පැමිණ පැමිණිල්ල කරන බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

  • “වල් පරයා.. ඕකා මාව කෑවා” මහින්ද දැමූ සත්තම්වලට ගෝඨා විසිවෙයි..

    “වල් පරයා.. ඕකා මාව කෑවා” මහින්ද දැමූ සත්තම්වලට ගෝඨා විසිවෙයි..

    පෙරේදා (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී වාසුදේව විසින් ගෝඨාභයට  එරෙහිව කළ ප්‍රකාශය මහින්දගේ උපදෙස් මත සිදුවූවක් බව වාර්තා වෙයි. ‘ගෝඨා පිටුපස ඉන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය’ යයි වාසුදේව කීවේය. ගෝඨා, මිලින්ද මොරගොඩ සහ රොබට් බ්ලේක් එක්ව කුමන්ත්‍රණකාරී දේශපාලනයක නියෙලෙන බව වාසුදේව පෙන්වා දුන්නේය. තවද ” 225ම  එපා ”, ‘තවදුරටත් දේශපාලනඥයන් එපා වැනි ‘ප්‍රොපගැන්ඩා’ පු‍ටුපස  සිටින්නේ ගෝඨාභය සහ මිලින්ද මොරගොඩ කන්ඩායම බව වාසුදේව එහිදී කියා තිබුනි.

    මහින්දගේ රතු ඉර

    පාස්කු ප්‍රහාරයෙන් පසුව ” මම ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව ජනපති සටනව එනවා’ කියමින් ගෝඨා කරලියට ආවේය. ව්‍යවසනයක් අතර තුර එවන් ප්‍රකාශයක් කිරීම් ගැන මහින්ද පාර්ශවයෙන් ගෝඨා වෙත බලවත් විරෝධයක් එල්ල විය. නමුත් ගෝඨාගේ ආධාරකරුවන් ගේ මතය වුයේ  2020 සටනට ආශිර්වාදයක් මෙන්  ඇතිවූ ‍රැල්ල පවත්වාගෙන යා යුතු බවය. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ගෝඨා දෙරණ 360 වැඩසටහනට ආවේය.

    අතින් කාගෙන රොබට් බ්ලේක් ගෙන්වීම

    පාස්කු ප්‍රහාරයෙන් සති දෙකක් ගත වෙත්ම මිලින්ද මොරගොඩ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ගෙන්වා දේශණයක් තැබුවේය. අතොරක් නැතිව ගෝඨාගේ ගුණ වැයූ රොබල් බ්ලේක්  ”ගෝඨාගේ ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි” කීවේය. රොබට් බ්ලේක් ගෙන්වා සංදර්ශනයක් තැබීම ගැන මහින්ද සිටියේ බලවත් කලකිරීමකිනි. රොබට් බ්ලේක්  ඔබාමා පරිපාලනයේ නිලධාරියෙකු වන අතර දැන් හපයක් සේ පැත්තකට විසි කොට ඇති අයෙකි. දැන් ඔහු කරන්නේ මුදලට ලොව පුරා දේශන පැවැත්විමය. පාස්කු ප්‍රහාරය හරහා ඇමෙරිකාවේ සැගවුනු  න්‍යාපත්‍රය හෙලිදරව් වූ පසුබිමක අතින් කාගෙන රොබට් බ්ලේක් ගෙන්වීම මෝඩ කමක් බව මහින්දගේ මතය විය.

    ” වල් පරයා ඕකා මාව කෑවා ”

    මිනුවන්ගොඩ ප්‍රහාර මාලාව සියල්ල උඩුයටිකුරු කළේය .මධුමාධව මිනුවන්ගොඩ සැරිසරණ අයුරු දු‍ටු මහින්ද ගෝඨාබය ඇමතුවේ තිත්ත කුනුහරපයෙනි . මහින්ද දේශනය පටන්ගත්තේ ” වල් පරයා ඕකා මාව කෑවා ” යයි කියමිනි. මහින්ද්ගේ කථාවට සවන් දුන් ගෝඨා නිවසින් පිට වූයේ දැඩිකලකිරීමෙන් සහ හුළං ගිය බැලුමක් මෙනි. 2020 සටනට ගෝඨාට විවරණ දීමට මහින්ද මුලසිටම පස්ස ගැසුවේය . යම් හෙයකින් ගෝඨා බලයට පැමිනියහොත්,  කාල්ටන් නිවසේ බලය ගෝඨා ගේ නිවසට මාරු වන්නේය. එය නාමල්ගේ දේශපාලනය අනතුරේ දැමීමකි.

    සිරිසේනගේ මීලග තුරුම්පුව

    දැන් මහින්ද යලින් රෑට රෑට සිරිසේන සමග කථා පවත්වන්නේය. ලබන මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ආබෲ විශ්‍රාම ගැනීමට නියමිතය. වර්තමාන අගවිනිසුරු ධූරය හොබවන්නේ ඔක්තෝබර්  කුමන්ත්‍රනය නීත්‍යානුකූලයයි කියු ජයන්ත ජයසූරියයි. දැන් මුළු  ශ්‍රේෂ්ඨාධිකරණයම පාහේ සිරිසේන පත් කල එකකි. සිය ධූර කාලය ආරම්භ වන්නේ කවදාද  යන්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබා ගැනීම සිරිසේනගේ මීළග තුරුම්පුවය. බෝහෝ විට එය සිරිසේනට වාදිදායක තීන්දුවකි. එසේ වුව හොත් ඔහුට 2020 ජූනි දක්වා ‍රැදී සිරීමට හැකි වනු ඇත. ඒ අනුව  මුලින් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නොව පාර්ලීමෙන්තු මැතිවරණයකි.

    මරා- සිරා රහස් සැලසුම

    ඥාන-සාර හිමි වැඩට බැසීමත්  සමග  ගෝඨා වටා ඇති සිංහළ බෞද්ධ බලවේගය බෙදී යන්නේය. ඥාන-සාර හිමි හීන් නූලෙන් පහර දෙන්නේ බැසිල්ට මහින්දට නොව ගෝඨාබයටය. තවද අසාත් සාලි, හිස්බුල්ලා වැනි දේශපාලකයන් සිටින්නේද සිරිසේන සමගය.  සිරිසේනගේ සැලසුම මහින්ද සමග එක්ව පාර්ලීමේන්තු මැතිවරණය පලමුව කැදවා එහි වැඩි බලය අත්පත් කර ගැනීමය. අනතුරුව සිදුවන්නේ මහින්ද සහ සිරිසේන යන දෙදෙනාටම තනතුරු හිමිවන ලෙස  ආන්ඩු ක්‍රමව්‍යවස්ථාව වෙනස් කිරීමය. කාල්ටන් නිවසට  අභියෝගයක්ව ඇති ගෝටා නිෂ්ක්‍රීය වන්නේය.

    -විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

    lankanewsapp.com

  • ලෝක කුසලාන ක්‍රිකට් සංග්‍රාමයේ උණුසුම (වීඩියෝ)

    ලෝක කුසලාන ක්‍රිකට් සංග්‍රාමයේ උණුසුම (වීඩියෝ)

    ලෝක ක්‍රිකට් පිටියට වසර හතරකට වරක් උදාවන එක්දින ක්‍රිකට් සැණකෙළිය බකිංහැම් මාළිගාව ඉදිරිපිටදී අතිවිශාල ජනකායක් මැද උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි.

    එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ඉන්දීය ගායිකාවක, නිලියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන ෂාබානි ඩන්ඩේකර් සහ එංගලන්තයේ විකට නළුවකු වන පැඩී මැක්ගිනස් සමාරම්භක උත්සවය මෙහෙයවූ අතර ආරම්භයේදීම ඔවුහු මෙවර තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් දහයේ නායකයන් වේදිකාවකට කැඳවූහ.

    සත්කාරක එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් සහ ඉන්දීය පිලේ නායක විරාත් කෝලි වේදිකාවට ගොඩවෙද්දී නරඹන්නෝ ප්‍රීතිඝෝෂා කළහ. එංගලන්ත ගායක ජෝන් නිව්මන් ‘ෆීල් ද ලව්‘ ගීතය ගයමින් ලෝක කුසලාන සමාරම්භක උළෙල වර්ණවත් කිරීමෙන් පසුව ලෝක කුසලාන තරගමාලා සමාරම්භක ඉතිහාසයේ මෙතෙක් නොලැබූ අත්දැකීමක් විඳ ගැනීමට නරඹන්නන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ද අවස්ථාව උදාවිය.

    තත්පර හැටේ අභියෝගයක් නමින් හඳුන්වනු ලැබූ මේ තරගයට එක්වූ සෑම කණ්ඩායමකටම ආරාධිත අමුත්තන් දෙදෙනකු එක්වීම කැපී පෙනුණි. ඉන්දීය පිලේ හිටපු නායක අනිල් කුම්බ්ලේ සහ බොලිවුඩ් නළු ෆර්හාන් අක්තාර් ඉන්දීය පිල නියෝජනය කළ අතර මේ අසිරිමත් මොහොතට ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයන් වූ ශ්‍රීමත් විවියන් රිචඩ්ස්, ජාක්ස් කලීස්, බ්‍රෙට් ලී, කෙවින් පීටර්සන් ඇතුළු සුපිරි ක්‍රීඩකයන් පිරිසක් එක්වූහ.

    තත්පර හැටේ අභියෝගයේ ජයග්‍රහණ්‍ය හිමිවූයේ තත්පර හැටකින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කණ්ඩායමටය. ඔස්ට්‍රේලියාවේ හිටපු පිතිකරු ඩේවිඩ් බූන් විසින් මේ මනරම් තරගයේ විනිසුරු ලෙස කටයුතු කරනු ලැබීය.

    තත්පර හැටේ අරුම පුදුම තරගයේ පළමුව ඇෆ්ගනිස්තානය ලකුණු 52ක් රැස් කළ අතර මහේල ජයවර්ධන සහ හිටපු මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශා තරග වැදුණු ශ්‍රී ලංකා පිල ලකුණු 43ක් රැස් කළේය. ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සහ සුපිරි ධාවන ශූර යොහාන් බ්ලෙක් කොදෙව් පිලට ලකුණු 47ක් ගෙන දුන්හ.

    සති හයක් පුරා දිවෙන මෙවර ලෝක කුසලානයේ සමස්ත තරග 48 කින් පසුව 2019 ශූරයන් තෝරන අතර පළමු වටයේ සෑම කණ්ඩායමක්ම තරග නවයකට සහභාගි වේ. අනතුරුව ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග වරම ලබන අතර එම තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් සටනට පිවිසෙයි.

    1992 ලෝක කුසලාන පැවැති ආකෘතියට සමාන ආකෘතියකින් මෙවර ලෝක කුසලාන තරග සටහන සකස් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබීමෙන්, වඩාත්ම උද්වේගකර ලෝක කුසලාන තරගාවලිය මෙය බවට ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ පවසති. 

    https://www.youtube.com/watch?v=z2fsrBv9NPE
  • විජේදාසට මිලියන 500ක ලොතරැයියක්..!

    විජේදාසට මිලියන 500ක ලොතරැයියක්..!

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි වශයෙන් ගෙවන මෙන් කොළඹ දිසා අධිකරණය විසින් ලේක්හවුස් ආයතනයට එරෙහිව දුන් තීන්දුව ස්ථිර කර තිබේ.

    ඒ ඊයේ (30) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසිනි.

    ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල පල කරන ලද ප්‍රවෘත්තියකින් සිය කීර්තියට හානි සිදු වූ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් විජයදාස රාජපක්ෂ මහතා විසින් 2010 වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    ඒක පාක්ෂිකව පැවති මෙම නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ දිසා අධිකරණය අදාළ ප්‍රවෘත්තිය තුළින් විජේදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානියක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙසත් ලේක්හවුස් ආයතනයට නියම කර තිබුණි.

    එම තීන්දුවට එරෙහිව ලේක්හවුස් ආයතනය විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබුණු අතර එය විභාග කල බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය මඟින් දුන් තීන්දුව ස්ථිර කරනු ලැබීය.

  • පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථාවලට රැවටෙන්න එපා

    පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථාවලට රැවටෙන්න එපා

    පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථා සම්බන්ධයෙන් ජනතාවට නොරැවටී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, සමහර පාසල්වල ස්ථානීය ආරක්ෂාව මේ වන විට සම්පූර්ණයෙන් තහවුරු කර ඇති බවයි.

    තවත් පාසල්වල පොලිස් ජංගම හා යතුරුපැදි මුර සංචාර ක්‍රියාත්මක කර ආරක්ෂාව තහවුරු කර ඇති බව ද පැවසු රුවන් ගුණසේකර මහතා, ඒ අනුව පාසල් සම්බන්ධයෙන් පැතිර යන අනවශ්‍ය කට කථාවලට රැවටෙන්න එපා යනුවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා පාසල් ආශ්‍රිතව පොලීසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

  • තව්ජීද් ජමාත් ත්‍රස්තයින්ගේ දුරකතන අංක 1800ක් ගැන විමර්ශන

    තව්ජීද් ජමාත් ත්‍රස්තයින්ගේ දුරකතන අංක 1800ක් ගැන විමර්ශන

    පාස්කු දා  ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 9 දෙනා  භාවිත කළ ජංගම දුරකතන අංක සහ ඔවුන් වෙත ලැබී තිබූ ඇමතුම් අංක ඇතුළු දුරකතන අංක 1,800ට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට  කළ විමර්ශනයේ දී අංක 1,800ක ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

    මෙම බෝම්බකරුවන්  සමඟ  සබඳතා පැවැත් වූ  පුද්ගලයන් සහ  ඔවුන්ට ඇමතුම් ලබාදුන් පුද්ගලයන්  සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගත හැකි බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    එම අංක අනුව මේ වනවිටත්  කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඔවුන්  මෙම ත‍්‍රස්තවාදීන්  සමඟ  පැවැත් වූ සබඳතා  හෙළි කරගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.