Blog

  • වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

    වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

    “මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ නැහැ. රටට ආදරයක් තියෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් දිනන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. පාලක පක්ෂය පමණක් නෙමෙයි විපක්ෂයත් අද එකම බුරුසුවකින් පාට කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අපි අළුතින් සිතිය යුතුයි. වැඩ කරන්න බැරි අය කොහොමහරි එල්ලිලා ඉන්නවා. වැඩකරන අයව තමයි නැතිකරන්න හදන්නේ “යැයි විදුලිබල, බලශක්ති සහ වයාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, බන්ධනාගාරගතව වැඩසිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැහැදැකීමට අද (22) පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය.

    මෙහිදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා …,

    “අපි දන්නවා ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව. එම ගැටළුව නිරාකරණය කළයුතුයි. ඒ හිමියන්ට ලබාදී ඇති දඩුවම් සාධාරණද නැද්ද කියලා සිතා බැලිය යුතුයි. අසාධාරණ තත්ත්වයක් ඇති වුණොත්, මේ තිබෙන ගැටළුව තවත් බැරෑරුම් වෙනවා. අපි නිතරම සැබෑ තත්ත්වය තේරුම්ගෙන ක්‍රියාකළ යුතුයි. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නය ආසන්නයේම තිබෙන වෙනත් කාරණයක් ඉලක්ක කරගෙන, ඒ සාධකයට ප්‍රශ්නයක් ඇතිකරගෙන දගලනවා. වැඩ කරන කෙනාට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා මේ රටේ. ඔවුන්ට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේකම තමයි මටත් ඇතිවෙලා තිබෙන ගැටළුව.

    අපි කොහොමද සමගිතාවයෙන් රටක් ඉදිරියට ගෙනයන්නේ, මේ ඛේදවාචකය නිමා කරලා කොහොමද ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ඇති කර න්නේ කියලා කතාකරන්නත් එක්ක තමයි අපි ඥාණසාර හිමියන් බලන්න ආවේ. අපේ මූලික පරමාර්ථය ත්‍රස්තවාදය නැති කිරීමයි. ඒ වෙනුවෙන් තරාතිරමක් නොබලා දඩුවම් කරන්න, ඒ සම්බන්ධයෙන් නායකත්වයක් දෙන්න තමයි අපට අවශ්‍ය වන්නේ. එහෙම නැතිව එක් පුද්ගලයෙක්ගෙ නමක් ඉදිරියට අරන්, ඒක වටේ වැටිලා, අනෙක් දේවල් වසන් කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. මේ අවස්ථාවේදී යම් අය එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ නම් ඉදිරිපත් කරලා, මේ ප්‍රශ්නය නැති කරන්න පුළුවන් එතනින් කියලා කියනවා. අප කළ යුත්තේ තිබෙන ප්‍රශ්න උග්‍ර කිරීම නෙමෙයි. සාමාකාමී තත්ත්වයක් ඇති කිරීමයි අප කළ යුත්තේ. මෙවැනි ගැටළු නිරාකරණය කිරීමට තමයි තේරීම් කාරක සභාවක් පත් කරලා තිබෙන්නේ. මේ අවස්ථාවේදී අපි සැබෑ තත්ත්වය තේරුම් අරන් කටයුතු කිරීමයි. වැරදි කරන කිසිම කෙනෙක්ව අපි දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ කෲර ත්‍රස්තවාදය සහමුලින් ඉවත් කරලා දාන්නයි. 1971, 89 සිංහල ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ දෙමළ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. දැන් තවත් මොනවද මේ අහිංසක රටට ඇති කරන්න හදන්නේ. බහුතරයක සිත් අමනාපකම් ඇතිවෙලයි තිබෙන්නේ. මේ තත්ත්වය සුවපත් කරන්න ඕන. රට වැසියාට රට ගැන හැගීමක් ඇති කරන්නයි අවශ්‍ය වන්නේ.

    පාසල් දරුවන් එක්ක දේශපාලනයක් කළයුතු නැහැ. රැකවරණයක් දියයුත්තේ ආරක්ෂාවක් නැති අවස්ථාවකයි. පාසල් විවෘත කරන්න කියලා උපදෙස් දුන්නේ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවයි. ඔවුන්ගේ උපදෙස් පරිදි කටයුතු කිරීමයි ආණ්ඩුවක් සතු කටයුත්ත. අද ජනතාව සිටින්නේ බයෙන්. අපි ඒ බය නැති කළ යුතුයි. සාමයක් ඇතිකළ යුතුයි. දේශපාලඥයෝ හැටියට අපි ඒ බය නැතිනොකළොත් කව්ද ඒක කරන්නේ. ගිනිතියෙන එක නැති කරලා, ගිනි නිවන්න අපි කටයුතු කළ යුතුයි.

    ලෝකයේ සැම රටකම මේ ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙනවා. අපි ඒ පිළිබදව අවදියෙන් සිටිය යුතුයි. අපි යම් දේවල් දැක දැක නොදැක්ක වගේ ඉන්වා. ඒක තමයි අපි කරන අපරාධය. කිව්වම කිව්ව එකාට ගහනවා මිසක්, සිදුවූ දෙය හොයන්නේ නැහැ. ඒකතමයි අද තත්ත්වය. නමුත් ඒ දේවලි තමයි අපි හොයන්න බලන්න අවශ්‍ය වන්නේ. අන්තවාදය පරාජය කරලා, ත්‍රස්තවාදය නැති කරලා , එකමුතු භාවය ඇති කරමු. ජාතිවාදය, ආගම්වාදය, පක්ෂ දේශපාලනය පසෙක තබලා, ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කරමු “යැයි පැවසීය.

  • බදියුදීන්ට එරෙහි විශ්වාසය නැති වු පළමු කරුණ ගම්මන්පිල කියයි

    බදියුදීන්ට එරෙහි විශ්වාසය නැති වු පළමු කරුණ ගම්මන්පිල කියයි

    පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු නිදහස් කිරීමට රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමාට ප්‍රකාශ කළ බවට යුද හමුදාපතිවරයා විසින් සිදු කරන ප්‍රකාශය හරහා ඔහුට විරුද්ධව එල්ල වී ඇති විශ්වාසභංගයේ පළමු කරුණ ඔප්පු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    විපක්ෂනායක කාර්යාලයේ අද(22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    අමාත්‍යවරයාට එරෙහිව චෝදනා 10කින් සමන්විත යෝජනාවක් කථානායකවරයාට බාර දුන් බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හේතා විතානගේ මහතා මෙම කරුණු සැබෑවක් නම් මෙයට එකඟ වීමට අපිත් කැමති යනුවෙන් සඳහන් කළ බව ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

    මේ වන විට එහි තිබු පළමු චෝදනාව සත්‍යයක් බව යුද හමුදාපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බව ද ගම්මන්පිල මහතා පැවසීය.

    යුද හමුදාපතිවරයා අපේ කෙනෙක් නොව ආණ්ඩුව විසින් පත් කරන ලද අයෙක් බව ද කියා සිටි ගම්මන්පිල මහතා, ඔහුගේ ප්‍රකාශයෙන් මෙම පළමු යෝජනාව සනාථ වු බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    එනිසා හමුදාපතිගේ උත්තරය තුළම බදියුදීන් අමාත්‍යවරයා ත්‍රස්ථ සැකකරුවෙකු නිදහස් කර ගැනීමට බලපැම් කර ඇති බව ඉතා පැහැදිලි බවත්, එවැනි දෙයක් රට හමුවේ කීමට ඉදිරිපත් වීම ගැන හමුදාපතිට ස්තූතිවන්ත වන බව ද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

  • ත්‍රස්තවාදී සියාම් ගැන තොරතුරු රැසක් බුද්ධි අංශ අනාවරණය කරගනී (Video)

    ත්‍රස්තවාදී සියාම් ගැන තොරතුරු රැසක් බුද්ධි අංශ අනාවරණය කරගනී (Video)

    පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටල් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ඩී.එන්.ඒ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ සියලු ත්‍රස්තවාදීන්ගේ අනන්‍යතාව ඩී.එන්.ඒ පරීක්ෂණ මඟින් තහවුරු වී ඇති බවයි.

    පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් මිය ගිය බව ප්‍රකාශ කෙරුණද ඔහු එහිදී මිය නොගිය බවටද අදහස් පළ විය. එවන් පසුබිමක සහරාන්ගේ ඩී.එන්.ඒ සාම්පල සහ ඔහුගේ දියණියගේ ඩී.එන්.ඒ සාම්පල සැසඳීමට අධිකරණ නියෝග ප්‍රකාරව පියවර ගැණුනි.

    ඒ අනුව සිදු කළ පරීක්ෂාවේදී සහරාන් හෂීම් ෂැංග්‍රිලා ප්‍රහාරයේදී මිය ගිය බවට තහවුරු වී ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අද සඳහන් කළේය.

    මේවන විට ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ සියලුම බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණ මඟින් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

    මෙවන් පසුබිමක ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු අම්පාර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.ඒ කල්මුණේ ප්‍රදේශයේදීයි.

    කල්මුණේ සහරාන් හෂීම්ගේ ප්‍රධාන සංවිධායකවරයා වන සාවුල් හමීඩ් හමීස් මොහොමඩ් නොහොත් කල්මුණේ සියාම් නැමැත්තා ද ඒ අතර වන බව වාර්තා වෙයි. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අනෙක් දෙදෙනා සයින්දමරුදුහී පදිංචි මොහොමඩ් ස්මයිල් මොහොමඩ් කාලිත් හා අබුබකර් මුජාහිත් අමිත් යන අය බවයි.

    සහාරන්ගේ ප්‍රධාන අනුගාමියෙක් වන කල්මුනේ සියාම්, සහාරන්ගේ ආධාරකරුවන්ට නවාතැන් ගැනීමටත් සමන්තුරේ, නින්දවුර් සහ සයින්දමර්දු යන ප්‍රදේශවල නිවාස ලබා ගැනීමටත් සහාරන්ගේ ප්‍රධාන අධාරකරුවෙකු වන නියාස්ට සහය දී ඇති බව අනාවරණය වී තිබේ.

  • ත්‍රස්තවාදීන්ට උදව් කළ හැන්සාර්ඞ් නිලධාරියා පාර්ලිමේන්තුවට ගෙන එයි

    ත්‍රස්තවාදීන්ට උදව් කළ හැන්සාර්ඞ් නිලධාරියා පාර්ලිමේන්තුවට ගෙන එයි

    තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ත‍්‍රස්තවාදී කටයුතුවලට ආධාර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාර්ඞ් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා දැඩි ආරක්ෂක රැකවල් මැද ඊයේ (21) පාර්ලිමේන්තුවට රැගෙනවිත් පරීක්‍ෂණ සිදුකරන ලදී.

    මොහොමඞ් නවුෂාඞ් ජලාල්ඞීන් නමැති මෙම සැකකරු පාර්ලිමේන්තුවේ හැන්සාර්ඞ් දෙපාර්තමේන්තුවේ පැය දෙකහමාරක පමණ වේලාවක් රඳවා තබාගෙන පොලිස් නිලධාරීන් විසින් දීර්ඝ ලෙස විමර්ශනයන් සිදුකර තිබේ.

    සැකකරු භාරයේ තිබූ ලිපිගොනු, ඔහු භාවිත කළ පරිගණකයේ ඇතුළත් තොරතුරු, මෙසේ ඔහු ලවා විවෘත කළ පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර තිබේ.

    අදාළ පරිගණකයේ දෘඪ තැටිය (හාර්ඞ් ඩිස්ක්) සහ ඔහු සතුව තිබූ පෞද්ගලික ලිපි ගොනු කීපයක් පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරු පිළිබඳ හැන්සාර්ඞ් සංස්කාරකවරියගෙන්ද ප‍්‍රශ්න කර තොරතුරු ලබාගෙන ඇත.

  • පෙම්වතියව බෙදාගෙන දූෂණය කරන්න මිතුරා පෙම්වතා සමඟ ගුටි කෙළියක

    පෙම්වතියව බෙදාගෙන දූෂණය කරන්න මිතුරා පෙම්වතා සමඟ ගුටි කෙළියක

    තම පෙම්වතිය නිවසකට රැගෙන ගොස් දුෂණය කළ බව කියන විසි එක් හැවිරිදි පෙම්වතකු සහ ඒ සදහා ආධාර අනුබල දීම, පෙම්වතියට ලිංගික අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් දෙදරු පියකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පෙම්වතිය තිස්හතර හැවිරිදි වියේ පසුවන තරුණියකි. විසි එක් හැවිරිදි තරුණයකු විසින් ඇය සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පත්වාගෙන ගොස් ඇත. පෙම්වතා පෙම්වතියට තලගහ හන්දියට එන ලෙස පවසා යතුරුපැදියකින් තම මිතුරකු වන දෙදරු පියාගේ නිවසට රැගෙන ගොස් ඇත. තම පියා ව්‍යාපාරිකයකු බවත් මවට පෙන්වීම සදහා තම නිවසට රැගෙන යන බවත් පවසා පෙම්වතා විසින් මෙම තරුණිය මිතුරාගේ නිවසට රැගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    පසුව සැකකාර පෙම්වතා විසින් පෙම්වතිය මිතුරාගේ නිවසේදි දුෂණයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි. මේ අතරතුරේදී මිතුරාද නිවසට පැමිණ තිබේ. ඔහු ද මෙම තරුණියට ලිංගික අතවර කිරීමට උත්සාහ කොට ඇත. එයට සැකකාර පෙම්වතා හා පෙම්වතිය විරුද්ධවී ඇති බව පොලිසිය පවසයි. පසුව මේ සම්බන්ධව සැකකාර පෙම්වතා හා මිතුරා අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මේ අතරේ පෙම්වතිය යට ඇදුම් පිටින්ම ඒ අසල ඇති නිවසකට දිවගොස් ඇත. පසුව පෙම්වතිය පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකාර පෙම්වතා හා දෙදරු පියා වන මිතුරා අත්අඩංගුවට ගෙන ඇත. පෙම්වතිය වෛද්‍ය පරික්ෂණයකටද යොමු කළ බව පොලිසිය පවසයි.

    අක්මීමන පොලිස් ස්ථානාධිපති මහේෂ් අමරසේන, අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. වික‍්‍රමතන්ත‍්‍රි, කා. පො. කො. 7941 පුෂ්පා, කා. පො. කො. 2903 උදයංගනී යන නිලධාරීන් හා නිලධාරිණියන් විසින් සැකකරුවන් අත්අඩංගුව ගනු ලැබීය.

    -දිවයින-

  • සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

    සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

    පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල දැඩි සේ කතාබහට ලක්කෙරුණු කාරණයක් වූයේ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුකම් පිළිබඳවයි.එම කරුණු වල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අයතා ලෙස හුවා දක්වා ඇති බව බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පේජයන් විසින් දක්වා තිබූ බව ඔබට මතක ඇතිවා නොඅනුමානය.

    ඒ කෙසේ වුවද ඒ පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා හෝ ඔහු නියෝජනය කරන කිසිවකු මේ වනතුරුත් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත.රටේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයකු වීමට සිහින දකින සජිත් මේ පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු අතර නිවාස සංවර්ධන අධිකාරියේම සිටි ඉහල නිළධාරියෙක් අසරණ මිනිසුන්ට නිවාස ලබාදීමේදී සජිත් විසින් සිදුකලා යැයි වූ ප්‍රෝඩාවන් ගැන හෙළිකරන ලදී………..

  • වැඩ කරපු කඩෙන් දවසට 25,000 ගානේ මිලියන 8.5 ක් හොරකම් කරපු හැටි (Video)

    වැඩ කරපු කඩෙන් දවසට 25,000 ගානේ මිලියන 8.5 ක් හොරකම් කරපු හැටි (Video)

    හඟුරන්කෙත-රිකිල්ලගගස්කඩ නගරයෙ සුපිරි වෙළඳසැලක සේවයකරමින් දිනකට රුපියල් 25000ක් බැගින් සොරකම් කළ එහි සේවයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හඟුරන්කෙත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    මෙම සේවයින් දෙදෙනා 2018 මැයි මාසෙයේ සිට 2019 මැයි 05දා දක්වා මෙසේ මුදල් දිනපතා සොකරම් කර ඇති බව වාර්තා වෙයි.

    මෙම වෙළඳසැලේ එදිනයේ ගණුදෙනු අවසානයේ වෙළසැලේ හිමිකරුවාට මුදල් භාරදීමට යාමේදී 5000 නොට්ටු 05 බැඟින් මෙම පුද්ගලයින් දෙදෙනා මෙසේ සොරකම් කර දෙදෙනා අතර බේදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. එලෙස සොරකම් කරන ලද මුදල් වලින් අදාළ සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථ දෙකක්ද මිට ගෙන ඇති බව වාර්තා වෙයි.

    අදාළ සැකකරුවන් විසින් 2018 මැයි මසෙයේ සිට 2019 මැයි 05 වෙනි දා දක්වා සොරකම් කර ඇති මුළු මුදල මිලියන 8.5කට අසන්න අගයක් බව වෙළඳසැල් හිමිකරු පවසයි. අදාළ සොරකම සිදුව ආකාරය වෙළඳසැලේ ආකරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි.

    අදාළ සැකරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    -අද දෙරණ-

  • මඩකලපුවේ ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතුයි – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂත් කියයි

    මඩකලපුවේ ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතුයි – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂත් කියයි

    රටේ අද මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන මඩකලපුව පුනානි පිහිටා ඇති ෂරියා විද්‍යාලය රජයට පවරා ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ල සඳහා දේශීය සහ විදේශීය අයුරින් කෝටි ගණන් මුදල් වැය කළ උදවිය පිළිබඳව සොයා ගත යුතු බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

    මීට අදාළ ගොඩනැඟිල්ල රජයට පවරා ගතහොත් මෙරට විශ්ව විද්‍යාලීය සිසුන්ට මහත් සෙතක් උදාවන බව ද ඉන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වන බව ද හෙතෙම සඳහන් කළේය.

    මෙම ෂරියා විද්‍යාලය රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතු බවට මුල්ම යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද්දේ හිටපු නියෝජ්‍ය කථානායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසිනි. එසේම මේ වන විට එය රජයට පවරාගෙන රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙස ඉල්ලා අත්සන් දශ ලක්ෂයක් එකතු කිරීමේ අන්තර්ජාල පෙත්සමක් https://www.thinduwa.com/ වෙබ් අඩවිය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී. මේ මත ක්ලික් කිරීමෙන් එයට පිවිසීමට හැකියාව පවතී.

    මෙම ඉස්ලාම් අන්තවාදී ෂරියා විද්‍යාලය ගොඩනැගීමට මූල්‍යමය ආධාර ලැබුණු ආකාරය පිලිබඳවත් ඒ පිටුපස ක්‍රියාත්මක වූ දේශපාලඥයින්ට අදාළ අන්තවාදී, ජාවාරම්කාර සංවිධාන පිළිබඳවත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

    ආශ්‍රිත පුවත්: ෂරියා විද්‍යාලය වහාම රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු! දශලක්ෂයක අත්සනින් යුතු අන්තර්ජාල පෙත්සමක්!

    ආශ්‍රිත පුවත්: ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයි

  • සලෝචන සහ පොලිස් පාට් , (ඇත්ත කතාව)

    සලෝචන සහ පොලිස් පාට් , (ඇත්ත කතාව)

    බස්නාහිර පළාත් සභා හිටපු මෛත්‍රී සලෝචන ගමගේ මහතා බීමතිය රිය ධාවනය කර පිළියන්දල පොලීසිය මඟින් අතුඩංගවට ගත් ලෙසට හැඟවෙන වීඩියෝවක් පසුගිය දිනවල මාධ්‍ය නාලිකා වල සහ සමාජ ජාලා වල සංසරනය විය.

    එම සිද්ධිය වූ ආකරය සහ පොලීසිය විසින් කල නොමනා කම් පිළිබදව වීඩියෝවක් සලෝචන ගමගේ මහතා සිය ෆේස්බුක් පිටුවට එක් කර ඇති අතර එම වීඩියෝව පහතින් නැරඹිය හැක.

    එහිදී ඔහු පවසන ආකාරයට පොලීසිය විසින් හිතාමතා ඔහුව අපහසුතාවයට පත්කිරීම පිණිස දේශපාලනිකව මෙම ක්‍රියාව සිදුකර ඇත.

    https://www.facebook.com/salochana.gamage.9/videos/1137796143090470/
  • රනිල්ගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේ ශාන්තිකර්මයක් (Video)

    රනිල්ගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේ ශාන්තිකර්මයක් (Video)

    වෙසක් උත්සවයට සමගාමීව අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් ශාන්ති පැමිණවීමේ බෝධි පූජා පිංකමක් ඊයේ (19) පැවැත් විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණු මෙම පිංකමට මහජන නියෝජීතයින් රැසක්ද එක්ව සිටියේය.

    මහා සංඝරත්නයේ ආශීර්වාද මැද පැමිණි සිටි පිරිස ආගමික වතාවත් වල නිරත වීමෙන් පසුවයි බෝධිපූජා පිංකම ආරම්භ විය.

  • ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය, බඳුර්දීන්ගේ එරෙහි විශ්වාසභංගය යටපත් කරන්නද..?

    ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය, බඳුර්දීන්ගේ එරෙහි විශ්වාසභංගය යටපත් කරන්නද..?

    පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට (21) දින කතානායකවරයාට බාරදෙන බවත් ඒ මහතා අනාවරණය කළේ ය.

    කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව ගෙන එන මෙම විශ්වාසභංගය තුළින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාසභංගයේ ජනප්‍රියතාවය සහ අවධානය අවම වී යන බව දේශපාලන විචාරකයින්ගේ මතයි. එම නිසා මෙය යම් දේශපාලන කණ්ඩායමක උවමනාව මත සිදුවන උපාය මාර්ගික දේශපාලන සැලැස්මක් විය හැකි බව ඔවුන්ගේ මතයයි.

    ඡායාරූප උපුටාගැනීම: කලම්බු ටෙලිග්‍රාෆ්

  • වෙසක් නැතිව අසරණ වූ පිරිස් දේශපාලුවන්ට දෙස් තැබූ අයුරු(Video)

    වෙසක් නැතිව අසරණ වූ පිරිස් දේශපාලුවන්ට දෙස් තැබූ අයුරු(Video)

    රටේ සිදුවූ නොසනසුන්කාරී තත්ත්වය හේතුවෙන් සිය ජීවිකාව කරගත නොහැකිව අසරණභාවයට පත් කලාකරුවන් පිරිසක් කොළඹදී ඊයේ (19) මාධ්‍ය හමුවකට එක්විය.

    එහිදී ඔවුන්  සිය ගැටලු බලධාරීන්ගේ අවධානයට යොමු කළේය. ඔවුන් එහිදි බලධාරින්ට දැනුම් දීමට අවශ්‍ය සියළු කරුණු ඉදිරිපත් කළේ විරිදු ගායනා කරමිනි.

    එහි එක් කලාකරුවෙකු තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ පහත සඳහන් විරිදු පද ගායනා කරමින්ය.

  • දේව මෙහෙයක් අතරතුර වෙඩි ප්‍රහාරයක්..

    දේව මෙහෙයක් අතරතුර වෙඩි ප්‍රහාරයක්..

    බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයට එල්ලවූ සන්නද්ධ වෙඩි ප්‍රහාරයකින් එහි පියතුමා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    කෙසේ වෙතත් එම ප්‍රහාරය එල්ල කළ ජිහාඩ් ත්‍රස්තවාදීන් සඳහන් කළේ, ඉන් පුද්ගලයන් 20 ත් 30 ත් අතර පිරිසක් මියගිය අතර පසුව තමන් එම දේවස්ථානයට ගිනිතැබූ බවයි.

    දේව මෙහෙයක් පැවැත්වෙන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබිණ.

  • එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍යයි

    එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍යයි

    මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීමයි.  මේ සම්බන්ධයෙන් අප කළයුතු එකම දේ තමයි ජාතියක් වශයෙන් එකට නැගී සිටීම. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීමටනම් අප කළයුතු  වන්නේ එක්සත්ව වැඩකිරීමයි. එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම තමයි අවශ්‍ය වන්නේ. අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි “යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. 

    ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (16) අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබන, පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ සුවදුක් විමසීමට කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මෙහිදී මාධ්‍ය වලින් නැගූ ප්‍රශ්ණ වලට අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්,

    සාමකාමීව ගමන් කරන්න අවශ්‍ය අවස්ථාවක,  යම් අය විසින් ජනතාව කුපිත කරලා ප්‍රශ්ණ ඇති කරනවා.  දේශපාලඥයෝ හැංගි හොරා ඇවිත් ජනතාව උසිගන්වලා තියෙන ආකාරය ලැජ්ජා සහගතයි. අද රටේ නිසි දේශපාලන නායකත්වයක් නැතිබවක් තමයි පෙනෙන්නේ. හැම පක්ෂයකම තත්ත්වය මේකයි. ඉතින් මේ තත්ත්වය  තුළින් කොහොමද අපි රටක් සාමකාමීව ඉදිරියට ගෙනියන්නේ. සියලු දෙනාම ඒකරාශි වෙලා ශ්‍රී ලංකාව ගැන හිතලා, එකමුතුව සාමකාමීව  කටයුතු කරන්න අවශ්‍ය වෙලාවයි දැන් ඇවිත් තියෙන්නේ.

    මෙහිදී සිංහල බෞද්ධ අය තුළ යම් අමනාපකම් ඇති වන ආකාරයේ ප්‍රකාශ තුළින් මුස්ලිම්, ‍දෙමළ අය  සතුටු වෙනවානම් ඒක වැරදියි.. ඒ වගේම මුස්ලිම් සහ දෙමළ අයට හිරිහැර වන ආකාරයේ ප්‍රකාශ කිරීමේන් ඒකෙන් සිංහල බෞද්ධයන්ට තෘප්තිමත්භාවයක් ඇති වෙනවානම් ඒකත් වැරදියි. එක්සත් ජාකිත පක්ෂ උපනායක වශයෙන් මම කියන්නේ මේ වගේ පෞද්ගලික ප්‍රකාශ කිරීම එසේ ප්‍රකාශ ඉදිරිපත් කරන අයගේ මිසක්,  පක්ෂයේ ස්ථාවරයක් නෙමෙයි. අප මේ අවස්ථාවේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට හෝ යම් විදියකින් ජාත්‍යන්තරය සතුටු වන ප්‍රකාශ කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ, අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා අනන්‍යතාවය ඇති කරන විදියේ වැඩ පිළිවෙලක් ඇති කරන එකයි.

    අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ රට රකින්න සියලුම දේශපාලනය පැත්තකට තියලා රටක් ගැන හිතලා කටයුතු කරන්න ඕන. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුදෙනා එකතු වෙලා ශ්‍රී ලංකා අනන්‍යතාවය ඇති කරන්න ඕන. මේක තමයි ශ්‍රෙෂ්ඨත්වය, මේක තමයි මනුෂ්‍යකම. මේක තමයි ශ්‍රී ලාංකික එකමුතුභාවය. ඒක තමයි අපි ඇති කරන්න ඕන.

    යම් අයගේ බෙලි කපාගෙන, වැඩ කරන අයට අවස්ථාවක් ලබා නොදී, වැඩ නොකරන පිරිසක් ඒකරාශි වෙලා. ප්‍රශ්ණ ඇති කරලා තියෙන එකගැන තමයි අද  දුකෙන් වුණත් කියන්න තියෙන්නේ. ඒ නිසා අදුරට හෙණ ඉල්ලන්නේ නැතුව ආලෝකය ඇති කරලා,  ඡන්ද කාලේ විතරක් කතා කරන්නේ නැතුව අපි එකතු වෙලා රටක් වශයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕන. මේක තමයි රටක් බේර ගන්න තියෙන අවස්ථාව. අද එක පක්ෂයක් නෙමෙයි,  සියලුම පක්ෂ අසමත්. ඒ නිසා අපි සියළු දෙනාම එකතු වෙලා රට ඉදිරියට ගෙනයන්න කටයුතු කරමු,“ යැයි පැවසීය.

  • වෙසක්‌ සතියේ විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌; බය නැතිව පන්සල් යන්න!

    වෙසක්‌ සතියේ විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌; බය නැතිව පන්සල් යන්න!

    වෙසක්‌ සතිය වෙනුවෙන් විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ සකසා ඇති හෙයින් බිය නැතිව පන්සල් යන්නැයි වැඩ බලන ආරක්‌ෂක ඇමැති රුවන් විඡේවර්ධන මහතා 15 වැනිදා මිනුවන්ගොඩදී පැවැසීය.

    මිනුවන්ගොඩ නගරයේ සිදුවූ කලහකාරී තත්ත්වයෙන් පසු විනාශවූ කඩ සාප්පු සහ දේපළ නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණි අවස්‌ථාවේදී හෙතම පැවැසීය.

    මුස්‌ලිම් අන්තවාදී කල්ලිය හඳුනා ගෙන සිටින බවත් තවත් කිහිප දෙනකු ඉතාමත් කෙටි කාලයකදී අත්අඩංගුවට ගන්නා බවත් පැවැසූ වැඩබලන ආරක්‌ෂක ඇමැති රුවන් විඡේවර්ධන මහතා රටේ ත්‍රස්‌තවාදය තුරන් කිරීම කඩිනමින් සිදුවන බව ද පැවැසීය.

    නගරයේ විනාශයට පත් කඩ සාප්පු සහ මුස්‌ලිම් දේවස්‌ථාන නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකට සහභාගිවූ ආරක්‌ෂක ඇමැතිවරයා නගර සහ ගම්වැසියන්ගේ ආරක්‌ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස ආරක්‌ෂක අංශ වෙත දන්වා සිටියේය.

    සිදුවූ කලහකාරී සිද්ධියේදී වෙළෙඳසල් 61 ක්‌, නිවාස 12 ක්‌, ආගමික ස්‌ථාන 01 ක්‌, සහ වාහන 09 කට හානි සිදුව ඇති බවට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්‌මිණි කුලතිලක මහත්මිය එම සාකච්ඡාවේදී පවසා සිටියාය. අලාභ හානි සම්බන්ධයෙන් තක්‌සේරු වාර්තා ලබාගෙන කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසට ආරක්‌ෂක ඇමැතිවරයා මෙහිදී නිලධාරීන්ට දන්වා සිටියේය.

  • අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෝ පොහොට්ටුවේ සංවිධාකයකයෝ! (වීඩියෝ)

    අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෝ පොහොට්ටුවේ සංවිධාකයකයෝ! (වීඩියෝ)

    අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග ගෝලයෙකු ලෙස සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තාවේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ පුද්ගලයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බවත්, ඔහු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් ද සොයාගෙන තිබේ.

    මෙම සැකකරු වසර කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන ලද්දෙකු වන අතර මේ වනවිට සුඛෝපභෝගී මහල් නිවාස දෙකක හිමිකරුවෙක් වන අතර නැව් භාණ්ඩ ප්‍රවාහන සමාගමක හිමිකරුවෙක් බවද පොලිසිය කියයි.

    එසේම ජාත්‍යන්තර සම්බන්ධීකරණයක් යටතේ සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය පිටුපස දේශීය යාන්ත්‍රණය සහ එහි සම්පූර්ණ වාසිය රාජපක්ෂ රෙජීමයේ ඉදිරි දේශපාලන ගමනට අදාලව සිදුකරන ලද්දක් බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි.