Blog

  • ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න බහුර්දීන් කළ ඉල්ලීම හමුදාපති ප්‍රසිද්ධියේ හෙළිකරයි (Video)

    ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න බහුර්දීන් කළ ඉල්ලීම හමුදාපති ප්‍රසිද්ධියේ හෙළිකරයි (Video)

    පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී තමනට කතා කලේ යයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

    එය බලපෑමක් නොව ඉල්ලීමක් යයි සඳහන් කිරීමට තමන් කැමති වුවද බලපෑමක් ලෙසද අර්ථ නිරූපනය විය හැකි බවද සදහන් කලේය.

    දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් ඇමති බදියුදීන් තමන්ට දුරකථන ඇමතුම තුනක් දුන් බවත් කී හමදාපතිවරයා පලමු ඇමතුමේදී තමන් දුන් පිලිතුර වූයේ ‘සැකකරු ගැන සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන්නම්’ බවත් පැවසීය.

    දෙවනි වර විමසීමේදී තමන් දුන්නේ එම පිළිතුරම බවත් තුන්වැනි වර විමසද්දී ‘අත්අඩංගුවට ගත් පිරිස් අතර එවන් අයෙකු සිටින බවත් යලිත් වසර එකහමාරකට පසු තමනට මෙම දුරකථන ඇමතුම ගන්නා ලෙසත් පැවසූ බව සේනානායක මහතා කීය.

  • අද දිවයිනටම ඇඳිරි නීතිය නෑ

    අද දිවයිනටම ඇඳිරි නීතිය නෑ

    මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක් සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    කොළඹ අද(16) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ වයඹ පළාතේ සහ ගම්පහ කොට්ඨාශයේ කිසිදු ප්‍රචණ්ඩකාරි සිද්ධියක් මේ වන විට වාර්තා වී නොමැති බවයි.

    මේ වන විට ආරක්ෂක අංශ විසින් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර, කිසිදු නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා නොවීම හේතුවෙන් අද දිනයේ දී ඇඳිරි නීතිය පැනවීමට බලාපොරොත්තු නොවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

  • බලය නොයෙදුවොත් ඇමති ඇතුළු මණ්ඩලයටම නඩු!

    බලය නොයෙදුවොත් ඇමති ඇතුළු මණ්ඩලයටම නඩු!

    රටම දැඩි අනතුරු දායක තත්වයකට පත්ව ඇති මොහොතක අධිකරණය මඟින් පවා තහනම් කළ වැටුප් වර්ධකයක් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා දේශපාලන න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තිය සමිතිය විසින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත.

    විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ගේ මෙම ඊනියා වෘත්තීය සමිතිය විසින් කරන මෙම පුහු ඉල්ලීම නම් පසුගිය අප්‍රේල් මස සිට අදාළ වැටුප් වර්ධකය ලබාදෙන ලෙසයි.

    2005 වසරේදී විදුලි බල මණ්ඩලයේම සේවකයින් පිරිසක් විසින් විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ට නිතී විරෝධී ලෙස වැටුප් වැඩිකිරීමට එරෙහිව නඩුවක් ගොනුකළ අතර 2014 වසරේදී එහි තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණය නියෝග කොට ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැටුප් වර්ධකය අහෝසි කරන ලෙසත්, නීතිවිරෝධීව ගෙවන ලද වැටුප් යළි අය කරගන්නා ලෙසත්ය. එහෙත් වත්මන් යහපාලන රජය මෙම අධිකරණ නියෝගය එකවරම ක්‍රියාත්මක කිරීම තුළ ඉන්ජිනේරු සේවකයින් මුහුණ පාන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් කපා හැර ඇත්තේ අදාළ වැටුපෙන් තුනෙන් එකක් පමණි. එවැනි තත්වයක් තුළ මෙහි සත්‍යය තත්වය හොඳින්ම දන්නා මෙම වෘත්තීය සමිතිය යළි නීතිවිරෝධී ලෙස තම වැටුප් වැඩි කරන ලෙස අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට තර්ජනය කරමින් ජනතාවගේ ගෙල සිරකරමින් රට විපතකට පත්ව ඇති මොහොතක තව තවත් අරාජික කිරීමට සැරසෙන්නේ කාගේ දේශපාලන උවමනාව සහ න්‍යාය පත්‍රය මතද..?

    එසේම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තීය සමිතියේ මෙම වැටුප් වර්ධක ඉල්ලීම මුළු මනින්ම නිතී විරෝධී බවත්, රටේ වත්මන් තත්වය තුළ බලපැවැත්වෙන නීතිවලට අදාළව අත්‍යාවශ්‍ය සේවා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතු මොහොතක කිසිසේත්ම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය නොහැකි බව 1969 අංක 17 දරණ ශ්‍රී ලංකා විදුලි පනතේ 8(1) වගන්තිය යටතේ, විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වන බලය ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදෙන ලෙසට දක්වා ඇත.

    මෙම බලය විෂය භාර අමාත්‍යවරයාට මෙමගින් මුළු මනින්ම ලැබෙන අතර, අමාත්‍යවරයා එම න්‍යයිතික බලය භාවිතා නොකරන්නේ නම් එය රටටත්, රටේ සමස්ත විදුලි පාර්භෝගිකයින්ටම සිදුකරන බලවත් අසාධාරණයක් බවත් එලෙස බලය භාවිතා නොකොට අමාත්‍යවරයා කටයුතු කරයි නම් ඊට එරෙහිව ගරු අධිකරණයට යෑමට සිදුවන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැඩිව අවධාරණය කර සිටී.

  • ත්‍රස්තවාදී පුහුණු කදවුරු 7ක්, නිවාස 17ක්..!

    ත්‍රස්තවාදී පුහුණු කදවුරු 7ක්, නිවාස 17ක්..!

    පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයක බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයාගත්තේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    කත්තන්කුඩි, වනාතවිල්ලුව, නුවරඑළිය, හම්බන්තොට, වාලච්චේන, මල්වාන, අරුත්පොළ, යන ප්‍රදේශවලින් පහුණු කදවුරු 07 සොයාගත් බවද ඔහු සදහන් කලේය.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී මාධ්‍ය අමතමිනි.

  • මැයි 20 වනදා රජයේ නිවාඩු දිනයක්

    මැයි 20 වනදා රජයේ නිවාඩු දිනයක්

    මැයි මස 20වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය 18වන සෙනසුරාදාට යෙදී තිබීමත්, ඊට පසු දිනය ඉරිදා දිනයක් වීමත් සලකා මෙම නිවාඩු දිනය ප‍්‍රකාශයට පත් කර ඇති බවයි.

    ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

  • ලංකාවේ නොසන්සුන්තා දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුවයි – සංගා කියයි

    ලංකාවේ නොසන්සුන්තා දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුවයි – සංගා කියයි

    මෙරට ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්වය දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව සිදුවන්නක් බවට පෙනීයන බව හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර කියා සිටී.

    පවතින තත්වය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ ශ‍්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු නොකලහොත් අපට අපේ රට අහිමි වන බවය.

  • ෂරියා විද්‍යාලය වහාම රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු! දශලක්ෂයක අත්සනින් යුතු අන්තර්ජාල පෙත්සමක්!

    ෂරියා විද්‍යාලය වහාම රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු! දශලක්ෂයක අත්සනින් යුතු අන්තර්ජාල පෙත්සමක්!

    නැගෙහිර ආණ්ඩුකාර ඒ.එච්.එම්. හිස්බුල්ලා විසින් වංචනික ලෙස විවිධ මාර්ග භාවිතා කරමින් ගොඩනඟා ඇති පෞද්ගලික ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙසට බලකරන දශ ලක්ෂයක අත්සනින් යුතු මහජන පෙත්සමක් සඳහා වන මහජන ව්‍යාපාරයක් ඊයේ(13) ආරම්භ විය.

    මේ සඳහා දින 14ක් තුළ අත්සත් දශ ලක්ෂයක් එකතු කිරීමට බලාපොරොත්තු වන අතර එය අන්තර් ජාල පෙත්සමක් ලෙස ” https://www.thinduwa.com/ ” වෙබ් අඩවිය හරහා සිදුකෙරේ.

    “නැගෙනහිර ෂරියා විද්‍යාලය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරමු” වන මැයෙන් වන මහජන පෙත්සම ජනගත කිරීම ඊයේ(13) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු වූ අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන් වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ආචාර්ය විශාඛා සුරියබණ්ඩාර, කථිකාචාර්ය නිම්සිරි ජයතිලක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, පවසා සිටියේ තමා මේ සඳහා සහභාගීවන්නේ දේශපාලඥයෙකු ලෙස නොව රටේ ජාතික ආරක්ෂාව සහ සියලු ජාතීන්ගේ එකමුතුව තුලින් ජාතික සමඟිය තහවුරු වුණ සුරක්ෂිත රටක් මතුපරපුර ලබාදීමේ අදහසින් බවත්ය.

    පසුගියදා පාර්ලිමේන්තුවේදී, මෙම ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතු බවත්, එය උතුරු – නැගෙනහිර රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතු බවටත් වූ අදහස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේද පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසිනි.

    මෙම අවස්ථාවට එක්ව සිටි විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් පවසා සිටියේ, ආගමික අන්තවාදයක් මුල් කරගත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් මෙරට ඇති කිරීමට තමන් දැඩි සේ විරුද්ධ බවත්, එවැන්නකට කිසිඳු ලෙසකින් ඉඩ තැබිය නොහැකි බවත්ය. එම නිසා වහාම ආගමික අන්තවාදයට පණ පොවන, පෞද්ගලික ජාතිවාදී දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගන්නා මෙම පෞද්ගලික ෂරියා විද්‍යාලය කොන්දේසි විරහිතව වහාම රජයට පවරා ගන්නා ලෙස ඔවුහු බලකර සිටියහ. වසර ගණනාවක් විශ්ව විද්‍යාල සිසුන්ගේත්, ජනතාවගේත් කාලය සහ ධනය විනාශ කරමින් ජාතික ප්‍රශ්නයක් බවට දේශපාලඥයින් විසින් පත්කර වවාගෙන කෑ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරාගත් ආකාරයටම, එපමණ කාලයක් කා නොදමනා මහා ජාතික ව්‍යයසනයක් බවට පත්කිරීමත්, ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය බිඳ හෙලීමටත් අටවන ලද කාල බෝම්බයක් වූ මෙම ෂරියා විද්‍යාලය හැකි ඉක්මනින් රජයට පවරා ගත යුතු බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.

    නැගෙනහිර ආණ්ඩුකාර එ.එච්.එම්. හිස්බුල්ලා විසින් රුපියල් බිලියන 7කට එහා ගිය මුල්‍ය වංචා සිදුකරමින් ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීමට ඉදිකළ ෂරියා විද්‍යාල අහෝසි කොට රජයට පවරාගන්නා ලෙස වන අත්සන් දශ ලක්ෂයේ අන්තර්ජාල පෙත්සමට, අත්සන් තැබීමට ඔබටත් මෙම වෙබ් අඩවියට 
    https://www.thinduwa.com/ පිවිසීමෙන් සහ මේ මත එබීමෙන් එක්විය හැක.

  • තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 3ක් තහනම් කරමින් ගැසට් පත‍්‍රය නිකුත් කෙරේ! ඒත් කුප්‍රකට අබ්දුල් රාසික් නිදැල්ලේ..

    තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 3ක් තහනම් කරමින් ගැසට් පත‍්‍රය නිකුත් කෙරේ! ඒත් කුප්‍රකට අබ්දුල් රාසික් නිදැල්ලේ..

    ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන තුනක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත‍්‍රය පෙරේදා (13) මධ්‍යම රාත‍්‍රියේ රජය විසින් නිකුත් කරනු ලැබීය.

    මහජන ආරක්ෂා ආඥා පනතේ හදිසි රෙගුලාසි යටතේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලැබී ඇති බලතලවල 75-1 වගන්තිය යටතේ මෙම තහනම් කිරීම සිදුකර ඇත. නැෂනල් තවුහිද් ජමාත් (එන්.ටී.ජේ), ජමාතේ මිල්ලාතේ ඊබ‍්‍රහිම් (ජේ.එම්.අයි), විලයාත් අස් සෙයිලානි යන සංවිධාන මෙසේ තහනම් කර තිබේ.

    එහෙත් පැවති රජයේ පූර්ණ ආධාර අනුග්‍රහ යටතේ හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මඟ පෙන්වීම මත ආරම්භ කළ වර්තමානයේ සිලෝන් තවුහිද් ජමාත් නැමැති සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන කුප්‍රකට අබ්දුල් රාසීක් නැමැත්තා මෙතෙක් අත් අඩංගුවට නොගැනීම විශාල ප්‍රශ්නයකි.

    ඔහුට එරෙහිව පසුගියදා CIDයට පැමිණිල්ලක්ද ගොනු කළ අතර අද වනතුරු ඔහු අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක ඇමතිධුරය භාර ජනාධිපති සිරිසේන කටයුතු නොකිරීම ප්‍රශ්නාර්ථයකි.

  • ගිනි අවුලුවන්න ගොස් අතේ මාට්ටු වුණු පාදඩ පාහරයෙක් අවසානයේ කී කතාව (Video)

    ගිනි අවුලුවන්න ගොස් අතේ මාට්ටු වුණු පාදඩ පාහරයෙක් අවසානයේ කී කතාව (Video)

    පසුගිය 12 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩදී ගැටුම් ඇවිලී යන අවස්ථාවේ ජාතිවාදී අන්තවාදය ඇවිලවීමේ ගෝඨා පාර්ශවයේ නියෝජිතයෙකු වන පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද එම ප්‍රදේශය පුරා සැරිසරන බව සාක්ෂි සහිත වීඩියෝ දර්ශන සමඟින් හමුව තිබේ.

    ප්‍රදේශයේ ජනතාව කුපිත කොට මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කිරීම සඳහා මධුමාදව එම ප්‍රදේශයට ගොස් ඇත්දැයි මේ වනවිට සැකයක් ඇති වී තිබේ.

    ඔහු ගැටුම් ඇති වූ ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් සමඟ ගැටුමට මොහොතකට පෙර සාකච්චා කරමින් සිට ඇති බවද, එම තරුණයන්ද මෙම ගැටුම් වලට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

    එදා මෙදා තුර ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් මාධ්‍ය ඉදිරියේ වීරයෙකු වීමට දඟලන මධුමාදව වැන්නවුන් මෙවැනි දේවල්වලට සම්බන්ධ වීම අරුමයක් නොවන අතර ඔවුන් එදා සිට ක්‍රියාකළේත්, ප්‍රාර්ථනා කළේත් මෙලෙස ජාතීන් අතර ගැටුම් අවුලුවමින් රට ගිනි තියා තම ජීවිකාවත්, ඊනියා ප්‍රතිරූපයත් වර්ධනය කරගැනීමේ මිලේච්ඡ අවස්ථා උදාවන තෙක් නොඉවසිල්ලෙන් සිටි බව නොරහසකි.

    බලය පාදක කරගත් පටු දේශපාලන න්‍යාය පත්‍රමත සිදුවන මෙම මෙහෙයුමේ සිදුකළ මිලේච්ඡ සිද්ධිය අතේ මාට්ටු වුණු තැන, මධුමාදව අරවින්ද වැනි පාදඩයින් කියන්නේ, මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය දක්වා ගමන් කරද්දී පාරේ පැවැති මාර්ග තදබදය කුමක්දැයි බැලීමට වාහනයෙන් බැස ගිය බවත්, කලබලය පිටුපස තමන් සිටින බව දක්වමින් ඒ අතරතුර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවිවල පළ කර ඇති බවත්ය.

    මෙවැනි කතා මධුමාදව ඔවුන්ගේ දේශපාලන කඳවුරේ වහලුන්ට කීවාට කම් නැත. එහෙත් මාධ්‍ය ඉදිරියේ මෙවැනි කතා කියා රටේ, ලෝකයේ ජනතාව ගොනාට ඇන්දවීමට මෙවැනි පාදඩ පාහරයින්ට නොහැක.

    මේ ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද 2014 දී ජාතිවාදී ගිනි ඇවිලවීමට අලුත්ගමට ගොස් අතේ මාට්ටු වී පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කිරීමට ලක්කළ ප්‍රවෘත්තියකි.

    Madumadawa Aravinda Questioned By CID Over Aluthgama Clash

  • මහින්දගේ කුපාඩි වැඩක් මාට්ටු වෙයි

    මහින්දගේ කුපාඩි වැඩක් මාට්ටු වෙයි

    1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

    ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

    ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එහෙත් සැබැවින්ම මේ වන විට රටේ ජාතිවාදී ත්‍රස්තවාදයක් නිර්මාණය කරමින් රටේ කළු ජූලියක් යළි නිර්මාණයට උත්සහ දරන්නේ කවුරුන්ද, ඒ සිහිනය දකින්නේ කාට බලය ලබාගැනීමටද, ඒවා පිටුපස සිටින්නේ කවුරුන්ද යන වග මේ වන ජනතාවට අවබෝධ වී අවසන්ය.

    රටේ ආරක්ෂක අංශ නොමඟ යැවීම සඳහාත් ජනතාව භීතියට පත් කිරීම සඳහාත් බොරු ඔත්තු ලබාදුන් සහ ව්‍යාජ බෝම්බ පරිපථ බස් රථවල තබාගිය අයවලුන් ගෝඨාගේ රාජපක්ෂ කඳවුරේ උනුන් බව මේ වන විට සොයාගෙන අවසානය. ලේ පිපාසිත බල වියරුවෙන් මුළු රටේම ජනතාවගේ ජීවිත තැතිගන්වමින්, රට අරාජික කරන්නේ කවුරුන්ද යන්න සහතික කිරීමට තවත් කරුණු කීම අනවශ්‍ය බව මෙයින් පැහැදිලිය.

    එසේම පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, එළඹෙන 13 වනදා පාසැල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් එල්ලවීමට නියමිත බවත්, එම නිසා පාසැල් වසා දමන ලෙසත්ය. එහෙත් අද දිනයේදී එවැනි කිසිඳු ප්‍රහාරයක් එල්ල නොවූ අතර, රාජපක්ෂවාදීන් රටේ විවිධ තැන් ගිනි තැබීම කළකෝළහාර සිදුකිරීම ආරම්භ කළේය.

    මෙලෙස විවිධාකාරයෙන් රටත්, රටේ ජනතාවගේ ජීවිතත් ගිනි තබන මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය, එසැනින් අනෙක් පසට ප්‍රෝඩාකාරී මාධ්‍ය නිවේදනයක් හෝ අල්ලන්න එන මයික්‍රෆෝනයකට කථාවක් නිකුත්කොට වහලුන් නොවූ රටේ අතිබහුතර ජනතාව තම පවුල් උනුන්ට වහල්කම් කරන වහලුන් මෙන් ගොනා ඇද්දවිය හැකි යැයි උපකල්පනය කරති.


  • අපේ තියෙන ලොකුම වැරැද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ නැති රටක්…..

    අපේ තියෙන ලොකුම වැරැද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ නැති රටක්…..

    අපි ශ්‍රීලංකාවෙ අනන්‍යතාවය ගැන කතා කරනවා.සිංහල දෙමල කතෝලික බර්ගර් වගේ වගේ අයට වඩා වෙනත් විශේෂ විදිහකට මුස්ලිම් අයට සලකන්න ඕන නෑ.මේ ඔක්කොමල ලාංකීය නීති පද්ධතිය ඇතුලේ කටයුතු කරන්න ඕන.මුස්ලිම් කියල වෙනම අධ්‍යාපන ක්‍රමයක් ඕන නෑ.අන්න ඒව අපි බොහොම සෘජුව කතාකරන්න අවශ්‍යයයි.පුද්ගලික විශ්ව වීද්‍යාල තියෙන්න පුළුවන් ඒත් ඒව එක්කොම විශ්වවිද්‍යාල කමිෂන් සභාව විසින් එකම පද්ධතියක පවත්වාගෙන යා යුතුමයි.මේ වෙනකල් ඒ දෙවල් වෙලා නැත්නම් වහාම ඒවා කර යුතුයි.

    අපේ අතීතයේ සිංහල දෙමළ මුස්ලිම් කියල වෙන වෙනම පාසල් තිබුනෙ නෑ… තමන් කරන විශයන් අනුව පාසල් වෙනස් වුනා විතරයි.ඒත් අද එක එක ජාතීන්ට ආගම් වලට වෙන වෙන පාසල්,මෙහෙම වෙන එක හරි අපරාධයක් .අපි ශ්‍රීලංකිකයො විදිහට කතාකරනවනම් මෙහෙම වෙන්න අවශ්‍ය නෑ.

    මම මේ සම්බන්ධව බොහොම සාධාරනව බොහොම ඉවසීමෙන් සාවදානව ඉන්න පුද්ගලයෙක්.ඒ නිසා මම සෘජුවම කියනවා අරාබියේ තියෙන ස්ටයිල් එක මෙහෙට ගේන්න ඕන නෑ වගේම මෙහේ එක එහෙට ඕනෙත් නෑ.දැන් මේ වෙලා තියෙන ප්‍රශ්නෙ එක්ක අපිට කලින් 71 තිබ්බ සිංහල ප්‍රශ්නය ඊට පස්සෙ 78 විතර පටන් ගත්තු දෙමල ප්‍රශ්නය වගේ ආයෙ මුස්ලිම් ප්‍රශ්නෙකුත් ඕන නෑ… අපේ අයගෙ තියෙන ලොකුම වැරුද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ නැති රටක්.ඒ නිසා අපි ලාංකිකයන් විදිහට හැමෝම එකතු වෙලා එකා මෙන් හිතමු.

    මාධ්‍යෙව්දියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා ඉහත පරිදි කියා සිටියේය.

  • නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

    නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

    දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස පෙනී සිටින නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    අදාළ පුද්ගලයින් දෙදෙනා අද(14) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

    දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වාරකාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන අය මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

    ප්‍රදේශ කිහිපයක සිදුවූ කලහකාරී සහ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මුලස්ථානය විසින් පත්කර ඇති පොලිස් අධිකාරීවරයෙතුගේ අධීක්ෂණයෙන් යුක්ක විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුතර ඇති බව පොලීසිය පවසයි.

  • මහනාහිමිවරුන්ගෙන් හා කාදිනල්තුමන්ගෙන් පණිවිඩයක්

    මහනාහිමිවරුන්ගෙන් හා කාදිනල්තුමන්ගෙන් පණිවිඩයක්

    ගැටුම්වලට මැදිහත් නොවී සාමකාමී ලෙස කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පවසයි.

    උන්වහන්සේ පෙන්වා දෙන්නේ රට තුළ කලකෝලහාල ඇති කිරීම තුළින් සිදුවන්නේ අන්තවාදීන්ට සහය දැක්වීමක් බවයි.

    රටේ ජනතාව මේ අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි  සඳහන් කරයි.

    මේ අතර, රටට ආදරය කරන පුරවැසියන් ලෙස ඉතාමත් ඉවසීමෙන් කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ කිසිදු පුද්ගලයෙකුට මේ අවස්ථාවේ පහරදීම් සිදුනොකළ යුතු බවයි.

  • ඉස්ලාම් අන්තවාදී සංවිධානය 3ක් තහනම් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

    ඉස්ලාම් අන්තවාදී සංවිධානය 3ක් තහනම් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

    ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 03 ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

    ජාතික තවුහිද් ජමාත්, ජාමතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සහ විල්ලායත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කිරීමට අදාල මෙම ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල ප්‍රකාරවයි.

    මෙම සංවිධාන 03 ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට 2019 අංක එක දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අප්‍රේල් මස 27 වනදා පියවර ගනු ලැබුවේය.

    කෙසේවෙතත් ඉන් සති 03 කට පමණ පසුව ඊට අදාල ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කර තිබේ.

  • දිවයින පුරා දිගටම ඇඳිරි නීතිය!

    දිවයින පුරා දිගටම ඇඳිරි නීතිය!

    දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.

    එසේ වුවත් වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ද, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය හෙට උදෑසට 6.00 වන තෙක් ද බලපැවැත්වෙන බව ඒ මහතා කීවේය. 

  • ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දුන් අයට අපි අනිවාර්යෙන්ම දඬුවම් කරනවා

    ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දුන් අයට අපි අනිවාර්යෙන්ම දඬුවම් කරනවා

    නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ. නමුත් දැන් එවැනි ශෝකජනක අවස්ථාවක් ඇතිවෙලා ඉවරයි. කෙහොමද අපි ඉදිරියට යන්න පුළුවන්. අපි යම් අවස්ථාවක දේවස්ථානයකට යන්නේ දෙවියන්ට ස්තූති කරන්න. ප්‍රශ්නයක් තියෙනම් ඒකට මැදිහත් වෙන්න. මේ වගේ අවස්ථාවක කෘෘර ලෙස ආගම විකුණලා ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන එක නෙමෙයි. මේ ඇති වෙලා තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. මේ වගේ තත්ත්වයක් ඇති නොවන්න අපි වග බලා ගත යුතුයි’යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුනානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ජීවිත අහිමි වූ හා තුවාල ලැබූ පවුල්වල අය වෙනුවෙන් කෝටි 2කට අධික (රු.22,150,000.00) වන්දි මුදල් ප්‍රදානයට සහභාගි වෙමිනි. ඊයේ (11) සංචාරක මණ්ඩල පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග මෙන්ම කතෝලික පුජකතුමන්ලාද සහභාගී වුහ.

    අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්..

    “අපි මෙවැනි කටයුත්තක් කරද්දි ඔබතුමාලගේ නැතිවෙලා ඉන්න ඥාතීන්ට මිලක් ඇති කරන වන්දියක් කියන්න බැහැ. මේක ජනජීවීතය ඉදිරියට ගෙනියන්න කරන අත්උදව්වක් මිසක් වෙන දෙයක් ලෙස සලකන්න බැහැ. මේ වෙලා තියෙන්නේ මොනවද. අන්තවාදීන් ආගම විකුණලා මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා ලෝකයේ හැමතැනම දකින්න පුළුවන්. අපි ලංකාවේ මෙවැන් අවස්ථා ගණනාවක් දැකලා තිබෙනවා. 71/89 එක ප්‍රශ්ණයක් තිබුණා. ඒක සමතයකට ලක්වෙන කොට වෙනින් ජාතිවාදී ප්‍රශ්ණයකට ඇති කරගෙන ගියා. ඊට පස්සේ ආගම්වාදී ප්‍රශ්ණයක් ඇති වෙලා තියෙනවා. මේක නැවත ඇති කරන්න බලන කෘෘර අවස්ථාව අපි සියලු දෙනාම එකාවන්ව හෙලා දකින්න අවශ්‍යයයි. මේ අවස්ථාවේ කතෝලික ජනතාවට පහරක් ඇති වෙලා තියෙනවා. ඒත් ඉවසිලිමත්භාවය අද මෙතනට ඇවිත් තියෙන්නේ අපේ රටේ තියෙන එකමුතුභාවය, ශ්‍රී ලංකා අනන්‍යතාවයේ තියෙන ශක්තිය ලෙසයි.

    අපි එකක් මුල්කොට ගෙන තවත් දෙයක් ඇති කරා නම් මේ විපතට වඩා බරපතල ශෝකයක් ඇති වෙනවා. මේ අවස්ථාවේ කාදිනල්තුමා කළ සේවය, මහානායකවරු කළ සේවය, හින්දු පුජකතුමන් මෙන්ම මවිලවිතුමන්ලා එකට එකතු වී ඇතිකළ සාමය අපි අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඔබලාත් මේ ශෝකය තුලින් ගමන් කළ ආකාරය මතක් කළ යුතුයි. අපි ආණ්ඩුවක් වශයෙන් මේ කරපු ත්‍රස්තවාදී ක්‍රියා තරාතිරමක් නැතුව හොයලා බලලා දඩුවම් දීමේ කටයුත්තකට මැදිහත් වෙනවා කියලා බය නැතුව ප්‍රකාශ කරනවා. මේ වගේ ආගමක් මුල් කොට ගෙන ත්‍රස්තවාදි ක්‍රයාවක් කරන්නහදන අය කරුණාකරලා කාන්තාරයකට ගිහිල්ලා කරන්න මිසක් මේ රටේ අහිංසක ජනතාවට කරන්න එපා. මේක දෙවියන්ගේ නම් විකුණලා කරන දේවල් අප සහමුලින්ම නැති කරන්න ඕන. අපි එකමුතුව මේ වුණ අවස්ථාව මුල්කරගෙන අප්‍රේල් 21 වැනිදා අපේ ශ්‍රී ලංකාව නැවත එකතුවෙන්න පුළුවන් අවස්ථාවක් වුණා. අප මේක තුළින් දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම නෙමෙයි, බොර දියේ මාළු බාන එකවත් ආගම් හෝ පක්ෂ හෝ වෙන්වෙන් එක නෙමෙයි.

    අපි සියලු දෙනාම මේ රට නිදහසක් ලබා දෙන්න බැරිවුණ රටක් ලෙස සලකන්න ඕන. අපේ දුර්වලකම තමයි ඉතිහාසයයන් දේවල් ඉගෙන ගන්නේ නැති එක. දැන්වත් සිංහල බෞද්ධ රටේ කතෝලික, හින්දු සහ මුස්ලිම් යන සියලු දෙනාම ඒකරාශී වෙලා අපේ රටේ ඉදිරි අනාගතය අපේ ඉදිරි පරම්පරාවට හදමු. හදන්න බැරි එක නෙමෙයි, හදන්න ඕනකමක් නැති එකයි ප්‍රශ්නේ. අපි මේ අවස්ථාව නැවත එකතු වීමේ සංකේතයක් ලෙස දක්වමු. අපි ඉදිරියට ගමන් කරමු. මැරෙන එක ස්වභාවිකයි. නමුත් මෙවැනි දේවල් ඇතිවන එක නවත්තමු. මේ දෙය වුණාට පස්සේ සියලු ස්ථාන වලට ගිහිල්ලා, රෝහල්වලට ගිහිල්ලා බැලුවා. අපි දැක්කා ඒ අය විදින දුක. අපි සැම ඔබත් සමගයි සිටින්නේ. අපි සියලු දෙනා අත්වැල් බැදගමු. එකඑක්කෙනාට බැනගන්න එක නෙමෙි, මේ දේ තව කෙනෙක්ට ඇති නොවන විදියට කටයුතු කරමු”.