Blog

  • ඉංග්‍රිසි නොදන්න කමට හලාවතට වෙච්ච දේ.. (වීඩියෝ)

    ඉංග්‍රිසි නොදන්න කමට හලාවතට වෙච්ච දේ.. (වීඩියෝ)

    “Don’t laugh more 1 day u will cry” ලෙස දැමූ පෝස්ටුවක නිවැරදි නිර්වචනය හලාවත ප්‍රදේශයේ ජනතාවට අවබෝධ කර ගත නොහැකිව අද(12) සවස කලහාකාරී තත්වයක් උද්ගත වූ අතර එය ගැටුමක් දක්වා දුරදිග යෑමට ප්‍රථම එය මැඩපැවත්වීමට පොලිසිය සමත් විය.

    තම ෆේස්බුක් ගිණුමේ එම පෝස්ට්ටුව දැමූ ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් අතර, සාමය පවත්වාගෙන යෑම සඳහා හෙට උදෑසන 4 දක්වා හලාවතට පොලිස් ඇඳිරිනීතිය පැනවීය.

  • ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයි

    ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයි

    වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්ෂාව මුල්කරගනිමින් ෂරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන එය උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට එය පත්කළ යුතු බවත්, රටේ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කර සිටියේ, පසුගියදා (09) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලයක් ඇති බවට අද තොරතුරු අනාවරණය වෙනවා. මගේ පෞද්ගලික විශ්වාසය නම් මෙය වහාම රජයට පවරා ගත යුතුයි. පුලුවන්නම් උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් දැමිය යුතුයි. දැනට කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලයක් තිබෙනවා. ඒ වගේම මෙයත් නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවත් පත්කරන්න ඕනි. එතකොට රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙනවා.

    උතුරු නැගෙනහිරින් තමා රට බෙදන මතවාද සහ කණ්ඩායම් ඇති වුණේ, ආගම් වෙනම හදන්න ඕනි කිව්වේ. ෂරියා නීති ඕනා කිව්වේ. එතකොට එහෙම තත්වයක් යටතේ අපිට පුළුවන් වෙන්න ඕනි රටේ බහුතරයක් දෙනාගේ විශ්වාසය දිනාගන්න. අපි එහෙම දේවල් කරන්න ලෑස්ති නැතුව, නැහැ.. නැහැ.. මුකුත් වුණේ නැහැ..කියලා මේ වගේ විශාල වුනාට පස්සේ අපි සමඟියෙන් සහෝදරයෙන් ඉන්නවා කියලා මේ අනතුරුදායක ප්‍රශ්නයෙන් අපට පැනලා යන්න බැහැ.

    පසුගියදා ජනාධිපතිතුමා කියලා තිබුණා මේක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වගේ අරගෙන රටේ නීතිය අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. මේකේ තවම විශ්ව විද්‍යාලයක් නැහැ. මේකට අවසර අරගෙන තිබුණේ කොලේජ් එකක් හැටියට විතරයි. අනෙක් පැත්තට අපි සිතා බැලිය යුතුයි හිස්බුල්ලා මහත්මයා මෙහි සභාපතිවරයා වෙද්දී, ඔහු නැගෙනහිර ආණ්ඩුකාරයා වෙද්දී රටේ ජනතාව විශ්වාස කරයිද මේ නිකම්ම නිකන් හිස් ගොඩනැගිලි ටිකක් රජයට පවරාගත්තා කියලා මේ ප්‍රශ්නය විසදෙනවා කියලා විශ්වාස කරයිද..? රටේ ජනතාව එහෙම විශ්වාස කරන්නේ නැහැ.

    එම නිසා මේ රටේ සිංහල-බෞද්ධ මිනිස්සුන්ගේ ඉවසීම නිවට කමක් ලෙසට පරිවර්තනය කරලා අපිට මේක රඳවා ගන්න බැහැ කියන එක කවුරුත් සිහිතබාගත යුතුයි. ඒක නිසා විශ්වාසය දිනාගත හැකි දේවල් අපි අවංකව සිදුකළ යුතුයි. එසේ නොවුනහොත් යළි තව පොඩි දෙයකින්, සුළු කරුණකින් අපි මේ බලාගෙන ඉන්න මේ ඉවසීම නැතිවෙන්න පුළුවන්. එම නිසා මේක සුළුකොට තකන්න පුළුවන් අවස්ථාවක් නොවෙයි. අපි හැමොම කල්පනා කරන්න ඕනි ඇයි මේ වෙලාවේ බහුතරයක් දෙනා විශ්වාසයක් නැතිව ජීවත්වෙන්නේ කියලා. අපි ඒ වෙනුවෙන් ස්ථිරසාර ක්‍රියාමාර්ග ගත යුතුයි.


  • කිසිම මාධ්‍ය වාරණයක් පනවා නෑ – රජය කියයි

    කිසිම මාධ්‍ය වාරණයක් පනවා නෑ – රජය කියයි

    රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිඳු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

  • පෙර රජවරුන් ලගවත් අද පල්ලිවල අසුවන තරම් කඩු තිබී නෑ

    පෙර රජවරුන් ලගවත් අද පල්ලිවල අසුවන තරම් කඩු තිබී නෑ

    ඉස්ලාම් පල්ලිය වලින් හමුවන කඩු ප්‍රමානය දෙස බැලූ විට අතීත රජවරු ළඟවත් මෙතරම් කඩු තිබී නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේදී පැවති වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

    පල්ලිවලට පඩු අවශ්‍ය නැති බවත් ඇති සියලු කඩු අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

    මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට සම්පූර්ණ සහය දෙන බවත් කී ඔහු ජාතීන් නමින් දේශපාලන පක්‍ෂ ඇතිවීමද ආගම් ලෙස පාසැල් සෑදීමද නැවැත්විය යුතු බවද පැවසීය.

  • කඩු හා පල්ලි පෙන්වීම වෙනම ගේමක්

    කඩු හා පල්ලි පෙන්වීම වෙනම ගේමක්

    කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් බවත්, මේ බලු වැඩේ කරන්න එපා යැයි තමා මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

    2010 සිට මේ දක්වා චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.

    උක් වගා කරන ගොවීන්ගෙන් මෙවන් කඩු බොහෝ සොයාගත හැකි බවද ලංකාවේම සියලු නිවාස පරික්ෂා කළහොත් තවත් බොහෝ කඩු හමු වනු ඇති බවද ඔහු පැවසීය.

    මෙවන් කඩු තියාගැනීම ගැක නීතියක් ගෙන ආ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.

  • කවුරු හර්තාල් කලත් මං අස්වෙන්නෙ නෑ..මාව අස්කරන්නත් බැහැ..

    කවුරු හර්තාල් කලත් මං අස්වෙන්නෙ නෑ..මාව අස්කරන්නත් බැහැ..

    තමාට එරෙහිව කවුරු හර්තාල් කළත් ඊට බිය වන්නේ නැතැයි ද තමා තනතුරෙන් පහ කරන්න ජනාධිපතිවරයාට හැරුණු කොට වෙනත් කිසිවකුට නොහැකි යෑයි ද නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා මහතා ප්‍රකාශ කළේය.

    හිස්‌බුල්ලා මහතාට එරෙහිව නැගෙනහිර පළාතේ ආරම්භ කළ හර්තාලය පිළිබඳව ඔහුගෙන් අප කළ කරුණු විමසීමකදී ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.

    හෙතෙම මෙසේ ද පැවසීය.

    ‘මෙම හර්තාලය පසුපස සිටින අය මා හොඳාකාරව දන්නවා. දෙමළ ජාතිකයන් පිරිසක්‌ පොහොට්‌ටුවේ මන්ත්‍රීවරුන් ද අල්ලාගෙන මට එරෙහිව හර්තාල් කරනවා. කවුරු හර්තාල් කළත් මට ප්‍රශ්නයක්‌ නැහැ. මාව තනතුරෙන් පහකරන්න මේ පොඩි පොඩි කාටවත් බැහැ. එහෙම පහකරන්න හේතු පෙන්වාදිය යුතුයි’

    කන්තලේ නගරයේ කඩ සාප්පු වසා දමන දවසක්‌ අල්ලාගෙන ඔවුහු මේ හර්තාලය කළහ.

  • ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් පහකින්ද ද ඉහළ දමා තිබේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ දමා ඇත. 
     
    ඔටෝ ඩීසල් මිලෙහි හා භූමිතෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.

  • මේක සිංහල-බෞද්ධ සංස්කෘතියෙන් හැදී පෝෂණය වුණු රටක්! ඒ බහුතරයකගේ සංස්කෘතියට සියල්ලන් ගරු කළ යුතුයි

    මේක සිංහල-බෞද්ධ සංස්කෘතියෙන් හැදී පෝෂණය වුණු රටක්! ඒ බහුතරයකගේ සංස්කෘතියට සියල්ලන් ගරු කළ යුතුයි

    මේ රට සහ සිංහල-බෞද්ධ සංස්කෘතියේ ආභාෂය ලබමින් ගොඩනැගුනු, පෝෂණය වුණු රටක් බවත්, මේ රටට අරාබිය හෝ වෙනත් පිටසක්වලක සංස්කෘතියක් අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කර සිටියේ, ඊයේ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    “දැන් අද දේශපාලනයට එහා ගිය සියලු ජාතීන්ට, සියලු ආගමිකයින්ට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සඳහායි ප්‍රමුඛත්වය දිය යුත්තේ. ජාතීන් අතර තිබෙන විශ්වාසය නැති වෙනවා නම්, ආගම් අතර බේද ඇතිවෙනවා නම් අප සියලු දෙනා ඉදිරියට පැමිණ ඒ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. ලෝකයේ යම් රටක 50% ක් ඉක්ම වූ ජාතියක් සිටිනවා නම්, ඔවුන් ක්‍රිස්තියානි නම්, ඔවුන් මුස්ලිම් නම්, ඔවුන් බෞද්ධ නම් ඒ අනුව ඒ රට ක්‍රිස්තියානි රටක්, මුස්ලිම් රටක්, බෞද්ධ රටක් ලෙස හඳුන්වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.

    ඒ අනුව ගත්තාම ශ්‍රී ලංකාව වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබෙන සිංහල බෞද්ධ රටක්. ඒ සංස්කෘතිය තුළ හින්දු ආභාෂය තිබෙනවා. සමහර තැන්වල ඉස්ලාම් ආභාෂය තිබෙනවා. නැගෙනහිර ප්‍රදේශයට ගියොත් ඒ සංස්කෘතික ආභාෂය පෙනෙනවා. ඒ සංස්කෘතික ආභාෂයට අපි ගරු කරනවා. හැබැයි අපේ නොවන අරාබිය වැනි පිටරටකින් පැමිණ මෙහෙ පැලකරන්න යන සංස්කෘතිකයට අපි කවුරුත් කැමති නැහැ. අපිට ඒකට ඉඩ දෙන්නත් බැහැ. ඔවුන්ට ආගම ඇඳහීමට අයිතිය අපි ගරු කරනවා.

    හැබැයි ඒක මේ රටේ සංස්කෘතිය ඇතුලේ ඉදන් සිදුවිය යුත්තක්. එහෙම නැතිව පිටරටකින්, පිට සක්වලකින් ගෙනාපු සංස්කෘතියක් මේ රටට ඔබ්බවන්න යනවා නම් අපි කවුරුත් ඒකට ඉඩ දෙන්න කැමති නැහැ. එහෙම වුනොත් වෙන්නේ එකිනෙකා අතර ගැටුම් ඇති වීමට යෑම. එම නිසා අපි සෑම දෙනාම සිහි තබා ගත යුතුයි මේ රටේ තිබෙන ඒ සිංහල සංස්කෘතියට ගරු කරමින් ජීවත් වීමට. එය තමා සිදුවිය යුත්තේ”.

  • යුද හමුදාවට අවුරුදු 14ක් තිස්සේ මස් කවන්න පුළුවන් ෆීලික්ස්ට විතරද..? ඇත්තටම මොකක්ද රහස..

    යුද හමුදාවට අවුරුදු 14ක් තිස්සේ මස් කවන්න පුළුවන් ෆීලික්ස්ට විතරද..? ඇත්තටම මොකක්ද රහස..

    යුද හමුදාව වෙනුවෙන් ආහාර සඳහා මස් වර්ග සැපයීමේ ටෙන්ඩර පසුගිය වසර 14 තුළම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරා මහතාගේ නමින් ඇති සමාගම විසින් ලබාගෙන ඇතැයි ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට ආරක්‍ෂක රාජ්‍ය ආමත්‍ය රුවන් විජයවර්ධන මහතා ලබාදුන් පිළිතුරෙන් මේ බව අනාවරණය විය.

    පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම ලෙස සමාගමක් පිහිටුවා ගනිමින් වසර 14ක් පුරාවටම මස් සැපයීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති බවත්, තවදුරටත් මස් සපයමින් සිටින බවත් එහිදී අනාවරණය විය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසා සිටියේ, “2005 වසරේ සිට වර්තමානය දක්වා යුද හමුදාවට මස් සපයපු  පුද්ගලයන් අතර මේ වසර 14 තුළම මස් සැපයීම් කරන කැබිනට් අමාත්‍යවරයෙකු ඉන්නවා. එතුමාගේ නමින්ම මේ සමාගම නම්කර තිබෙනවා. පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම ලෙස එය නම්කර තිබෙන්නේ.

    ඒ කියන්නේ පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම වසර 14ක් මේරටේ යුද හමුදාවට මස් සපයන ‍කොන්ත්‍රත්තුව අරගන්නවා. කැබිනට් අමාත්‍යවරයෙකු විදියට එතුමාගේ නමින්ම සමාගමක් හදලා මේ කොන්ත්‍රාත්තුව කරගෙන යනවා. අදටත් එය සිදුවෙනවා. පසුගිය කාලසීමාව තුළ මෙය කවුරුත් කියලා නැහැ.

    යුද හමුදාවට මස් සැපයීමේ තනි ටෙන්ඩරය කැබිනට් ඇමතිවරයෙකු ලබාගැනීමට කටයුතු කිරීම මොනතරම් ලොකු වරදක්ද? මෙය අපරාධයක්. මේ අපරාධය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගතයුතුයි. මොකද වාහනයක් ගත්තා කියලා පොඩි පොඩි දේවල්වලට මන්ත්‍රීවරුන් සිරභාරයට ගන්නවා. මෙය මහා බරපතළ සිද්ධියක්” යනුවෙනි.

    එයට පිළිතුරු දෙමින් ආරක්‍ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසා සිටියේ, “මේගැන පරීක්‍ෂණයක් පවත්වන්න පුළුවන්. ෆීලික්ස් පෙරේරා මහත්මයා දැන් පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න කාලයෙත් ටෙන්ඩර් කරලා ලබාදීලා තියෙනවා කියලා හිතනවා.  ප්‍රසම්පාදන කටයුතු මගින් සැපයුම්කරුවන් තෝරාගෙන තිබෙනවා. කුකුළු මස්, එළු මස්, හරක් මස්, ඌරු මස් සැපයුම මේහරහා සිදුකරනවා. පරීක්‍ෂණයක් කරන්න පුළුවන්” යනුවෙනි.

  • කොණ්‌ඩය කපන්න ගියටිකට කාර් එකේ දොර කඩා බැංකුවෙන් ගත් ලක්‍ෂ 10ය උස්සලා!

    කොණ්‌ඩය කපන්න ගියටිකට කාර් එකේ දොර කඩා බැංකුවෙන් ගත් ලක්‍ෂ 10ය උස්සලා!

    ගම්පොළ පැරණි පාලම මත නවතා තිබූ මෝටර් රථයක දොර කඩා එහි තිබූ රුපියල් ලක්‍ෂ 10ක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

     මෙම මෝටර් රථයේ පැමිණි අය වාහන ධාවනය නොකරන පැරණි පාලම මත සිය මෝටර් රථය නවතා කොණ්ඩය කැපීමට ගොස් සිටියදී මෙම මුදල් සොරා ගෙන ගොස් තිබේ.

     ගම්පොළ නගරයේ ඉල්ලවතුර මාර්ගයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වන මෙම මෝටර් රථයේ හිමිකරු බැංකුවකින් ගත් මෙම මුදල රැගෙන පෙරේදා (08) සවස නිවස පිහිටි පුපුරැුස්ස ප‍්‍රදේශයට යමින් සිටියදි පැරණි පාලම මත මෙසේ මෝටර් රථය නවතා කොණ්ඩය කැපීමට ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

     මොහු අලෙවි කළ වාහනයක් සඳහා මෙම මුදල බැංකුව වෙත ලැබී ඇති අතර එය තවත් අයකුට දීම සඳහා මෙසේ රැගෙන ගොස් ඇති බවද හෙළි වී ඇත.

     සිද්ධිය සැලවීමත් සමග ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි ෂ සී. ඩබ්ලිව්. රාජපක්‍ෂ ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. ආර්. ජයන්ත යන මහත්වරු මෙම ස්ථානයට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කිරීමට පියවර ගත් අතර ඇඟිලි සලකුණු අංශය ගෙන්වීමට පියවර ගනු ලැබීය.

    -දිවයින-

  • පිළිගන්න අකමැති වුවත් ඇත්තම කථාව.. මුස්ලිම් ගෙදරක පමණක් නොව සිංහල ගෙදරකද කඩුවක් තිබීම සාමාන්‍ය දෙයක් (Video)

    පිළිගන්න අකමැති වුවත් ඇත්තම කථාව.. මුස්ලිම් ගෙදරක පමණක් නොව සිංහල ගෙදරකද කඩුවක් තිබීම සාමාන්‍ය දෙයක් (Video)

    සෑම මුස්ලිම් ජාතිකයෙකුගෙන් නිවසකම කඩුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නායක එන්.එම්. අමීන් මහතා සඳහන් කරයි.

    සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කොළඹදී කැදවි තිබූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම කඩු ආදිය තබාගෙන සිටින්නේ ආත්මාරක්ෂාවට බවත්, විශේෂයෙන්ම නිවෙස් වල සිටින ගැහැනු දරුවන් ආරක්ෂා කර ගැනීමට මෙම කඩු තබාගෙන සිටින බවත්ය.

    කඩුවක් නිවසේ තිබූ පරිදි පමණින් අත්අඩංගුවට ගැනීම සාධාරණ නැතැයි කී ඔහු ජනාධිපතිතුමන් ද මේ බව දන්වා ඇතැයි සඳහන් කළේය.

    ඔහුගේ ප‍්‍රකාශය අනුව පෙනී යන්නේ මෙරට තුල ජීවත් වන ලක්‍ෂ 20ක් පමණ වන මුස්ලිම් ජනතාවගේව නිවාස වල ආත්මාරක්‍ෂාව සදහා කඩු වැනි ආයුද තබාගෙන සිටින බවයි. ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති ප‍්‍රමාණය ඒ හා සැසදීමේදී ඉතා සුළු ප‍්‍රමාණයකි.

    මේ වන විට යම් පාර්ශවයක් විසින් රටේ නිර්මාණය කළ තත්වය හමුවේ රටේ අනෙකුත් ජනවර්ගයන්ට මුස්ලිම් නිවෙස් වලින් කඩු හමුවීම අතිෂෝක්තියක් ලෙස මාධ්‍ය මඟින්ද උද්දිපනය කොට පෙන්නුවද, සත්‍යම කථාව නම් මුස්ලිම් නිවෙසක කඩුවක් තබා ගැනීම ඔවුන්ගේ පමණක් නොව අපගේද සංස්කෘතියේ හැටියට සාමාන්‍ය දෙයක් බවයි.

    මෙරට පාරම්පරික සිංහල-බෞද්ධ ගෙවල්වල තම නිදන කාමරයේ ඇඳයට, අල්මාරිය උඩ හෝ සාලයේ ප්‍රදර්ශනාත්මකව කඩුවක් තබා ගැනීම ආත්ම ආරක්ෂක ක්‍රියාමාර්ගයක පුරුද්දක් සහ සංස්කෘතික ලක්ෂණයක්ව තිබුණි.

    එම නිසා මෙවැනි මොහොතක පටු ජාතිවාදී, අන්තවාදී අරමුණු වලට ගිනි අවුලුවමින් මෙවැනි ඊනියා මාතෘකා මාධ්‍ය මඟින් ලබාදෙන ප්‍රචාරණයද තහනම් කළ යුතුය.

  • අද වටයත් සාර්ථකයිලු! ඊලඟ වටයත් සූදානම්ලු!

    අද වටයත් සාර්ථකයිලු! ඊලඟ වටයත් සූදානම්ලු!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හතරවැනි සාකච්ඡා වටය අද පැවැත්වෙනි.

    මෙම සාකච්ඡාවන් පැවැත්වුණේ කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

    මෙම සාකච්ඡාවන්හි පස්වැනි සාකච්ඡා වටය මැයි මස 30 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

    අද පැවති සාකච්ඡාවද සාර්ථක බව ඔහු සඳහන් කළේය.

  • ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද මාලදිවයින් රජයේ කණගාටුව

    ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද මාලදිවයින් රජයේ කණගාටුව

    ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන වර්තමාන අර්බුධකාරී වාතාවරණය හමුවේ මෙරට ජනතාව පත්ව ඇති ශෝකජනක තත්ත්වය පිළිබදව සිය රජයේ කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙරට ජනතාවගේ සුභසිද්ධිය වෙනු‍වෙන් තම රටේ පූර්ණ සහයෝගය දැක්වීමට මාලදියවයින් රජය වෙනුවෙන් තමා කැමැත්ත පල කරන බවත් මාලදිවයින් රජයේ තානාපති Omar Abdul Razzak මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය, විදුලිබල ක්ෂේත්‍රය මෙන්ම බලශක්ති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම පිණිස, පසුගියදා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවූ අවස්ථාවේ තානාපතිවරයා මෙම අදහස් පළකර තිබේ.

    කුරිරු ත්‍රස්ත ක්‍රියා හමුවේ අඩාලවී ඇති ශ්‍රී ලාංකික ජනජීවිත යතා තත්ත්වයට පත්කරගනිමින්, දෛනික ජන ජීවිත සුපුරු තත්ත්වයන්ට පත්කිරීමට අවශ්‍ය ආරක්ෂක සහ ආර්ථික තත්ත්වයන් නිසි පරිදි සැකසීමට ශ්‍රී ලාංකික රජයට අවශ්‍ය සහාය ලබාදීමට මාලදිවයින් රජය අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබදව ඉදිරියේ සාකච්ඡා කිරීමට අදහස් කරන බවත් පැවසූ තානාපතිවරයා, ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවීමට ඇති ඉඩකඩ පාලනය කරමින්, ආරක්ෂක වාතාවරණය තරකළයුතු බවද පැවසීය.

    මෙරට විදුලි ක්ෂේත්‍රය පිළිබදව කරුණු විමසූ තානාපතිවරයා, ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදය වෙනුවෙන් ස්ථිර විසදුම් සෙවීමට උත්සුක වියයුතු බව පැවසීය. ශ්‍රී ලංකාව මේ වනවිට ආසියානු කලාපීය රටවල් අතරින් විදුලිබලය සැපයීම අතින් ප්‍රමුඛ ස්ථානයක සිටින බවත්, ඒ පිළිබදව තමා සතුටට පත්වන බවත් තානාපතිවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව මේ වනවිට බලශක්තිය සැපයීම, පුනර්ජනනීය බලශක්ති ක්‍රමෝපායන් වෙත යොමුකර ඇති අතර, එය පරිසර හිතකාමී මෙන්ම ලාභදායි වනබවද පැවසූ විෂයබාර අමාත්‍යවරයා, ඉදිරියේදී ඇතිවිය හැකියැයි අනුමාන කරනු ලබන බලශක්ති අර්බුදයටද එය ස්ථිරසාර විසදුමක් වනු ඇතැයි මාලදිවයින් තානාපතිවරයාට පැහැදිළි කළේය.

    මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ද්වීපාර්ශික මිත්‍ර සබදතා තවතවත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ සිවිල් සහ ආරක්ෂක තත්ත්වයන්ටත්, විදුලිබල ක්ෂේත්‍රය සහ විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය සදහාත් සිය රටේ පූර්ණ සහයෝගය ලබාදීමට තමා කටයුතු කරන බවට මාලදිවයින් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් විෂයබාර අමාත්‍යවරයාට පැවසීය.

  • නාගානන්දගේ තවත් පෙත්සමක් එසැනින් කුණු කූඩයට

    නාගානන්දගේ තවත් පෙත්සමක් එසැනින් කුණු කූඩයට

    බලය අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසකට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය කර තිබේ. වසර තුනකට නීතිඥභාවය තහනමකට ලක් වී සිටින නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු නලීන් පෙරේරා, විජිත් මළල්ගොඩ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

    නාගනන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කියා තිබුණේ වගඋත්තරකාර විනිසුරුවරු සිය බලය අවභාවිතයට ලක් කරමින් තම නීතිඥ භාවය වසර 3කට තහනම් කිරීමට කටයුතු කළ බවයි.

    ඒ තුළින් වගඋත්තරකරුවන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්ති පනත යටතේ වරදක් සිදුකර ඇති බවද නාගනන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමෙන් පෙන්වා දුන්නේය.

    පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරි කැඳවු අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා පෙත්සමේ පාදක වන කරුණ අධිකරණ කටයුත්තක් බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට මෙම අධිකරණයට බලයක් නොමැති බව තර්ක කළේය.

    එම මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් එය කිසිඳු විභාගයකට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

  • පාතාල නායක කංජිපානි ඉම්රාන් අධිකරණයට

    පාතාල නායක කංජිපානි ඉම්රාන් අධිකරණයට

    ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු නිරීක්ෂණය සඳහා අද(08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් තුන්දෙනා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට පමණූවනු ලැබීය.

    මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තුන් දෙනා දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති බවයි.

    මෙහි කංජිපානි ඉම්රාන් නමැත්තාට මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම පිළිබඳව විවිධ අධිකරණවල නඩු 27 ක් පමණ පවතින බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර මොවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද කියා සිටියේය.

    ඒ අනුව අදාළ සැකකරුවන් තුන්දෙනාගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් විනිසුරුවරිය ඔවුන් නැවත නිරීක්ෂණය සඳහා ජුනි මස 12 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

  • ජනපති පුතු දහම්ගේ විවාහ මංගල්‍යය හෙට! සියල්ල සූදානම්! කොළඹ ආරක්ෂාව තර කරයි!

    ජනපති පුතු දහම්ගේ විවාහ මංගල්‍යය හෙට! සියල්ල සූදානම්! කොළඹ ආරක්ෂාව තර කරයි!

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකම පුත්‍ර රත්නය වන දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී හෙට(09) දිනයේ පැවැත්වෙයි.

    කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද පාස්කු ඉරිදා දිනයේ එම හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිටත් හෝටලය වසා දමා ඇති නිසා විවාහ උත්සවය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබේ.

    ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුරලිය වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්න සමඟ දහම් සිරිසේන මහතා විවාහ වීමට නියමිතය.

    හිල්ටන් හෝටලය හා ආසන්න කොළඹ ප‍්‍රදේශයන්ට මේ වන විටත් දැඩි ආරක්‍ෂාවක් යොදවා ඇත.

    නොසිතූ මොහොතක එල්ල වූ රටම කම්පා කළ පාස්කු ප්‍රහාරයත් සමඟ මුළු රටේම ජනතාව තිගැස්සුනු අතර එම නිසා පෙර සැලසුම් කළ උත්සව ගණනාවක් අවලංගු කළහ.

    මෙම වසරේ ඉදිරි කාලයේදී නැකැත් සම්බන්දයෙන් ප‍්‍ර‍්‍රශ්නයක් ඇති නිසා යොදාගත් නැකැත් වේලාවන්වලදීම විවාහය ඉතා චාම්ව සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇතැයි වාර්තාවේ.