පාසල් ලබන 6 වැනිදා ආරම්භ කළද විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම දින කිහිපයක් කල් දමන ලෙස උපකුලපතිවරුන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
තත්ත්වය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය අතට පත්වන තෙක් විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සුදුසු නොවන බවද උපකුලපතිවරු පෙන්වා දී ඇත.
කෙසේ වුවද විශ්වවිද්‍යාලවල හා නේවාසිකාගාරවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
Blog
-

සරසවි අරින්න උපකුලපතිවරු කල් ඉල්ලති
-

ගුවන් තොටුපල ආරක්ෂාව තරවෙයි!ගුවන් කටයුතු සාමාන්‍ය පරිදි
රට තුළ ඇති වු පිපිරීම් සමඟ දෛනික කටයුතුවලට බාධා ඇති වු කටුනායක ගුවන් තොටුපල මේ වන විට සාමාන්‍ය පරිදි වැඩ කටයුතු පැවැත් වෙන බව වාර්තා වෙයි. ගුවන් තොටුපල වාර්තා කර සිටියේ මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂාව තර කර ඇති බවයි.
ඒ අනුව කිසිදු ගුවන් මගියෙකුගේ වාහනයක් ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුළු කිරීමට ඉඩක් නොමැති අතර, ගුවන් මගීන් සෝදිසි කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපල වෙත ඇතුළු කර ගන්නා බව ද ගුවන් තොටුපල වාර්තා කරයි.
මේ අතර, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එහි යොදවා ඇති අතර ගුවන් මගීන් සඳහා වන නීතිරීතිද දැඩි කර ඇතැයි ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කළේය.
ඒ අනුව ගුවන් මගීන් සමඟ වෙනත් කිසිවෙකු කටුනායක ගුවන්තොටුපලට ඇතුළු කර නොගැනීමට තීරණය කර ඇති අතර ගුවන් මගීන් සමඟ පැමිණෙන පුද්ගලයින්ට ප්‍රවේශපත්‍ර අලෙවි නොකිරීමට තීරණය කර තිබේ.
කටුනායක ගුවන්තොටුපල බලධාරීන් ඉල්ලා සිටින්නේ විදෙස් ගතවීමට නියමිත පුද්ගලයින් අවම වශයෙන් පැය හතරකට හෝ පෙර ගුවන්තොටුපල වෙත පැමිණිය යුතු බවයි. දිවයින පුරා ඇති වු පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් බව ද වාර්තා වෙයි.
-

බෝම්බ පුපුරවන ඩෙටනේටර් 87ක් කොටුව බස් නැවතුමෙන් සොයාගනී
බෝම්බ පිපිරවීම ට යොදා ගන්නා ඩෙටනේටර් අසූ හතක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම් පොළෙහි බිම වැටී තිබූ ඩෙටනේටර් 12ක් පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද පස්වරු 1.00ට පමණ සොයා ගෙන ඇත.
වැඩි දුරටත් පරීක්ෂා කිරීමේදී ප‍්‍රදේශයේ කසළ ඉවත් කර තිබූ ස්ථානයේ තිබී තවත් ඩෙටනේටර් 75ක් සොයා ගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති අතර පිටකොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පල ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම තොගය සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.
-

සජිත්ගේ කෝචෝක් ගම සහ නම නිසා සංගා සදා අනාත වෙයි
ඇමැති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ආරම්භ කරන ලද “සදා ලෝක පූජිත සංගක්කාරගම” නව නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කුමාර සංගක්කාරගෙන් ට්විටර් මගින් අසන ලද පැනයකට ඔහු විසින් පිළිතුරු සටහන්කර තිබේ.

ඇමති සජිත් සංගාගේ නම යොදා සිදුකළ මෙම කෝචොක් වැඩේ නිසා මේ වන කුමාර් සංගක්කාර දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. මේ ඊට කදිම උදාහරණයකි.
‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ ලෙස එහි නම යොදාගැනීමට ඉඩ දුන්නේ මන්දැයි කළ විමසීමකට සංගක්කාර පිළිතුරු දී ඇත.
එහි කිසිදු දේශපාලනයක් නැති බවත් තමන් සහභාගී වූයේ දිළිඳු පවුල් සඳහා ආදර්ශ ගම්මානයකට මුල්ගල් තැබීමේ උත්සවයට පමණක් තමන් පවසා ඇති සංගක්කාර ඊට වඩා කිසිවක් නැති බවත් සදහන් කර තිබේ.

-

රණතුංග සහ සහෝදර සමාගමේ ඔත්තුකාරයා කණ්ඩායමට ඇතුලත් නොවීමෙන් අර්ජුන කිපෙයි; යන එන පන්සලක්, හන්දියක් ගානේ අපේ ටීම් එකට ශාප කරයි
පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමුහිකත්වය බිඳදමමින් කණ්ඩායමේ එකිනෙකා අවුලුවාලන්ට ඩ්‍රසින් රූම් එකේ වෙන දේ පටන් අර්ජුන, නිශාන්ත ඇතුළු රණතුංග පවුලේ සහෝදර සමාගම අතට පත්විය. එම කේලාම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් එකිනෙකා කොටවමින් ජයග්‍රහණය වෙනුවට පරාජය අත්කරදීමේ කුප්ප නීච වැඩ කිරීමට කුප්‍රකට අර්ජුන ඇතුළු රණතුංගලා සිය සහචරයෙකු ලෙස යොදාගත් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් සම්බන්ධයෙන් ඔවුන් දැඩි කලබලයට පත්ව ඇත.
තමන්ගේ පිංපියෙකු කරගත් දිනේෂ් චන්දිමාල්ව නිසි සුදුසුකම් නොමැතිවීම හේතුවෙන් තේරීම් කමිටුව විසින් ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා රණතුංග පවුලේ සහෝදර සමාගම කෙතරම් කලබලයට පත්වී ඇත්ද යන්න මනාව පෙනීයන්නේ රණතුංග පවුලේ සහෝදර සමාගමේ ප්‍රධානියා වන අර්ජුන මේ දිනවල තමන් යන පන්සලක්, හන්දියක් ගානේ සරම ඔලුවේ ඔතාගනිමින් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුල්කරන ලෙසට සිදුකරන බලපෑමෙනි. එම බලපෑම සහ අර්ජුන රෙදි නැතිව තම පිංපියා කරගත් චන්දිමාල් වෙනුවෙන් පෙනී සිටීම කෙතරම්ද යත් මෙවර ලෝක කුසලාන කණ්ඩායමට ඕවර් 50ක් වත් තරඟ කිරීමේ හැකියාවක් නැතැයි කියන තරමේ පහත් මට්ටමට අර්ජුන ඇඳවැටී තිබීමයි.
තම රණතුංග පවුලේ සහෝදර සමාගම යටතට ශ්‍රී ලංකා ක්‍රිකට් යටත් කොට ගිලගැනීමට නොහැකිවීමෙන් දැඩි කෝපයටත්, ආවේගයටත් පත්ව සිටින අර්ජුනලා, නිශාන්තලා, සංජීවලා වැනි රණතුංග පවුලේ උන් ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය නොව පරාජයම බව මෙයින් සක්සුදක් සේ පැහැදිලිය.
-

සජිත් පැණි අස්සෙන් කිරි කෑ හැටි
මේක ටිකක් අමුතු කතාවක්. සජිත් ප්‍රේමදාස අහංකාර සහ බොරු ලොකුකමක් මවාගෙන වලව් පැලැන්තියේ අයෙක් ආකාරයට හැසිරෙන්න බොහෝම කැමතියි. කොටින්ම කීවොත් මදුරුවෙක් දැක්කොත් ” මොකාද අයිසේ මේ චූටි කුරුල්ලා ” කියල ආරක්ෂකයෙක්ගෙන් අහන මෝඩ චූන් ඩයල් එකක්.
දවසක් මාතර බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාගෙ නිවසේ දානයක්. ඒ රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් එලවන්න කැරැල්ල ක්‍රියාත්මක කරන කාලෙ. සජිත් ආවා දානෙ ගෙදර. ආපු වෙලාවෙ ඉඳන් සජිත් හිටියෙ අඩි දෙකක් විතර උඩ. ඔහු ඒ කාලෙත් තිස්සමහාරාම ආසන සංවිධායක. ෆෝන් එකත් හැන්ඩ් ෆ්‍රී සෙට් එකෙනුත් මුළු ඇඟම වයරින් කරගෙන බොරු බිසියක් පෙන්නගෙන දානෙ ගෙදර පුරාවටම කාටදෝ උපදෙස් දෙනවා වැනි අමුතු රැඟුමක සජියා හිටියෙ. බැලූ බැල්මට පේනවා මේ හාදයා කරන්නෙ රඟපෑමක් කියලා. අපි ඒ පැත්ත බලන්න බලන්න පොරගෙ රඟපෑම වැඩියි. 😂
සජිත් ඔන්න කෝල් එක පිටම දානෙත් කෑවා. පස්සෙ බුද්ධිකගෙ මන්ත්‍රීතුමාගෙ හිතවතෙක් වන චමීර සජිත්ට කිරි පැණි කන්න කීවා. ආ.. කමු කමු කියලා කන ගමං සජිත් අහනවා.
“ෂහ් නියම පැණි කොහෙද කොහෙද මේවා ආහ් ආහ් “
සර් මේ දෙණියායෙ ඒවා. කිරි නම් ඉතින් තිස්සමහාරාමේ ඒවා තමා. කියල එතන හිටපු කෙනෙක් උත්තර දුන්නා… ඒ එක්කම සුපුරුදු තොත්ත බබා කම ඉස්සරහට දමා..
” ආ.. එහෙ කිරිත් තියෙනවාද ” ,යැයි ඇසුවේ කෑම කමින් සිටි අපගේ ඉස්මොල්ලයේ බත් ඇට පිටින් යවමිනි. 😂
“තිස්සමහාරාම ආසන සංවිධායක දන්නෙ නෑ තිස්සමහාරාම මීකිරි තියෙනවා කියල. උගෙ බබා පාට් ඌට හොඳා 😂 අපි නොදන්න ප්‍රේමදාසල” යැයි අසල සිටි මාමා කෙනෙක් කියනු ඇසුනි 😂
-ඉරෝෂ් හෙට්ටිගේ-
-

කසාද බඳින්න ගිය සුපිරි ව්‍යාපාරිකයෙක් තම බිරිඳ තෝරාගත් හැටි
බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයා විවාහ වෙන්න ට අදහස් කලා….
ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්නා..
පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාම
නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගියා….
ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙන
සම නිය දීප්තිමත් කර ගෙන ….
අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා …
මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර..
ඒ කියන්නේ මම ඔයාට ගොඩක් ආදරෙයි …..
ඇය කීවා…දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින්
පිරිමියෙකුට අවශ්‍ය බොහෝ දේවල් මිලදී ගත්තා .
අලුත් ඇඳුම් පැළදුම් පාවහන් විතරක් නෙවෙයි
ගොල්ෆ් පිති කට්ටලයක් සමග අව් කණ්ණාඩියක් ද මිල දී ගත්තා….
ඇය මේවා සියල්ලම අරන් ගිහින් ….ව්‍යාපාරිකයාගේ අතට දීලා මෙහෙම කීවා .
ඔයා ලස්සනට ඉන්න කොට කාටද ආඩම්බර මටයි .ඒ කියන්නේ මම ඔයාට හුඟක් ආදරෙයි….තුන්වෙනි කාන්තාව තමාට ලැබුන මුදල අරගෙන ගිහින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළා .
සතියකට පසු ඇය තමාට ලැබුණු ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ආපසු දීලා….
ඉතිරි මුදල දෙදෙනාගේම නමින් බැංකුවේ හවුල් ගිණුමක තැන්පත් කළා …අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕනේ …ඒ වගේ ම තැන්පත් කැර ගන්නත් ඕනෑ
ඇය ළෙන්ගතු ස්වරයෙන් කිව්වා .ව්‍යාපාරිකයා ඒ තුන් දෙනාගේම වැඩකටයුතු ගැන හුඟක් කල්පනා කරල බලල අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පියයුරු සහිත කාන්තාව විවාහ කර ගත්තා..
-උපුටා ගැනීමකි-
-

අවුරුදුට ගමේ ගිය අයට ආයේ කොළඹ එන්න බස් සහ කෝච්චි 4361ක්
අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හඳුන්වා දෙයි.
එම මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අවුරුද්දට ගම්බිම්බලා පිටත්ව ගිය ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව සමත්ව ඇති බවයි.
පසුගිය අටවැනිදා සිට 13 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලැබූ රුපියල් මිලියන 400ක ආදායමත් එම කාලය තුළදී කිසිදු දුම්රියක් අවලංගු නොකිරීමත්, පෞද්ගලික බස්රථවල සේවාව ගැන ලැබුණු පැමිණිලි ඉතාම අඩු වීමත් එම සාර්ථකත්වය පෙන්නුම් කරන සාධක බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
එම සාර්ථකත්වය මත ලබා ගත් අත්දැකීම්ද උපයෝගි කර ගනිමින් ඉදිරි දින කිහිපයේදී ගම්වල සිට කොළඹ දක්වා පැමිණෙන මගීන්ටද උපරිම සේවාවක් ලබා දීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය. ප්‍රවාහන අමාත්‍යාංශයේ අලුත් අවරුදු ඒකාබද්ධ මෙහෙයුම ලබන 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ඒ යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 1350ක් ඈත ගම්වල සිට කොළඹ දක්වා ධාවනයට යොදවා ඇත. යොදවා ඇති පෞද්ගලික බස්රථ ගණන 3000ක් වේ.
ඊට සමගාමීව විශේෂ දුම්රිය 11ක් අප්‍රේල් 20, 21, 22 යන තෙදින තුළදී ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ,
“ලංගම, දුම්රිය සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව එක්ව අවුරුදු ප්‍රවාහන සේවාවක් දියත් කළ පළමු අවස්ථාව මෙය වනවා. එහි සාර්ථකත්වය මතම ජනතාවට ලැබුණේ අඩු පීඩනයක්. එයින් ඇති වුණු සහනය ගම්වල සිට කොළඹට එන මගීන්ටත් ලබා දීමට අපි අපේක්ෂා කරනවා.
විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ කොළඹට එන විට කොට්ටාව පිවිසුමේ දැඩි තද බදයක් ඇති විය හැකි යි. ඒ ගැන සැලකිල්ට ගෙන අතුරුගිරිය, කහතුඩුව වැනි ස්ථාවලින් බස්රථ එළියට ගෙනවීත් කොළඹ දක්වා ධාවනයට කිරීමට අපි අපේක්ෂ කරනවා. ඒ වගේම බස්රථ මගීන් සඳහා අතරමග ක්‍රියාත්මක ආපන ශාලාවලින් අලෙවි කරන ආහාරවල ප්‍රමිතිය ගැනද අපේ අවධානය යොමු කර තිබෙනවා. මෙහිදී තවත් දෙයක් කිවයුතුයි.
පසුගිය අප්‍රේල් අටවැනිදා අපි බෙලි අත්ත දුම්රිය ස්ථානය විවෘත කළේ. ඒ දවසේ එම දුම්රිය ස්ථානයේ ආදායම රුපියල් 1945යි. නමුත් 17 වැනි දින පමණක් රුපියල් පන් ලක්ෂ හතලිස් දෙදාහක ආදායමක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ලැබී තිබෙනවා. ඉදිරි දින කිහියේදී ශ්‍රී ලංගම වෙතින්ද තවත් මිලියන 400ක ආදායමක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. දුම්රියේ ආදායමත් එලෙස වර්ධනය වෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා”
-

පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවී දුන් පොලු පහර
මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත් පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් එජාප උපනායක විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.
එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්දයෙන් මාධ්‍ය විසින් විමසද්දී ඔහු මේ බව කියා සිටියේය.
කුමන තරාතිරමේ අයෙකුට වුවද දේරා්හී වීමට ඉඩ නොතබන බවත් කුමන්ත්‍රණයක් සිදු කිරීමට ඉඩ දෙන්නේ නැති බවත් කී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් ඇති කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බවද පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
-

ශ්‍රී ලංකා නාමය අභ්‍යාවකාශ ගත වුණු මොහොත (වීඩියෝ)
අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ විශිෂ්ට පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ (18) අභ්‍යාවකාශගත කෙරුණේය.
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 2.16 රාවනා වන් චන්ද්‍රිකාව කක්ෂ ගතකෙරුණේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිටයි.
රාවනා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ, විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය. එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය කරා සාර්ථකව ගමන් ආරම්භ කළේ, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අළුයම 2.16ය.
එම අවස්ථාව තරිදු හා දුලානි සජීවීව නරඹනු ලැබුවේ, චන්ද්‍රිකාව නිර්මාණය කළ ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ සිටයි. රාවනා වන් චන්ද්‍රිකාවේ සම නිෂ්පාදකයෙකු වන තරිදු දයාරත්න තමන් ඉගෙන ගත් පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් චන්ද්‍රිකාවේ පරිපථයක සටහන් කිරීමද විශේෂත්වයකි.
ඒ අනුව පින්නවල මධ්‍ය මහා විද්‍යාලය PCC ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයය UOP සටහන් කර තිබුණි.
හෙට පස්වරු 6.30 පමණ චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිත අතර එහි කක්ෂගත කිරීම ඇරඹන්නේ ජුනි මස සිටයි.
ඒ පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරක සිටයි. මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15 ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය තත්ත්පරයට කිලෝමිටර් 7.6ක්. ප්‍රමාණයෙන් ඝන සෙන්ටි මීටර් 1000ක් පමණ වූ මෙම චන්ද්‍රිකාව බරින් කිලෝග්‍රෑම් 1.1 ක්. රාවණා වන් යනු ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවක් වන අතර එය හදුන්වනු ලබන්නේ ඝනක චන්ද්‍රිකාවක් ලෙසයි.
රාවනා වන් චන්ද්‍රිකාව මගින් අපේක්ෂිත ක්‍රියාදාමයන් ගණන පහක්. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම.
චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම. එමෙන්ම කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳව අත්හදා බැලීම හා පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම. තරිඳු සහ දුලානි නිර්මාණය කරන ලද රාවන් වන් චන්ද්‍රිකාවේ ආයු කාලය අවුරුදු එක හමාරක් වුවත් අවුරුදු 5ක් දක්වා එය ක්‍රියාකළ හැකි බවට විශ්වාස කෙරෙති.
මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට රාවණා යන නම තැබීම සිදුකර ඇත්තේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ මහතායි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස තරිඳු දයාරත්න මහතා කටයුතු කර ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු තරිඳු දයාරත්න මහතා,
“මෙම චන්ද්‍රිකාවේ සබදතා පද්ධතිය ගොඩනැගිම මගේ කොටසයි. එය ඉතා වැදගත් උප පද්ධතියක් වනවා. මන්ද සන්නිවේදන පද්ධතිය බිඳවැටුනොත් චන්ද්‍රිකාව බිඳ වැටෙනවා .ඇත්තටම මෙය ඉතා වැදගත් කාර්යක්.”
තායිලන්තයේදී විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි දුලානි චාමිකා විතානගේ එවක තමන්ට පැවරුණු වගකීම පැහැදිලි කළේ මෙලෙසින්.
“මේ චන්ද්‍රිකාව තමා අක්ෂ වටා කැරකැවෙන කෝණික ප්‍රවේගය අවම කිරිම සදහා අවශ්‍ය පද්ධතිය මම නිර්මාණය කරනවා. මෙම ව්‍යාපෘතිය හරහා මට අවස්ථාව ලැබුණා අභ්‍යාවකාශ ඉංජිනේරු තාක්ෂණය පිළිබදව හැදැරීමට, ඉලෙක්ට්‍රොනික හා වැඩසටහන් පිළිබදව.”
-

තවත් අය බලා සිටියදී දිවියෙක් මිනිහෙක්ව පැහැරගෙන යයි!
ඔකඳ ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු අද (18) දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් කම්කරුවෙකු රෝහල් ගත කර ඇති බව පානම පොලිසිය පවසයි.
පස්දෙනෙකුගෙන් සමන්විත කම්කරුවන් පිරිසක් ට‍්‍රැක්ටරයකින් බොරළු පස් ප‍්‍රවාහනය කර ඇති අතර දිවා ආහාරය ගැනීමෙන් පසුව ඔවුන් තුරු සෙවන සහිත ස්ථානයක ගිමන් හරිමින් සිටියදී දිවියෙකු කඩාපැන එක් අයෙක් ඩැහැගෙන ගොස් ඇති බව කියති.
එවිට දිවියාගේ ප‍්‍රහාරයට ලක්වූ අනෙක් කම්කරුවා දිවා ගලවාගෙන ඇත. ඔකඳ ජාතික වනෝද්‍යානය භාර නිලධාරියෙකු පැවසුවේ මේ දින වල එහි අභ්‍යන්තර මාර්ග සංවර්ධනය කිරීම සඳහා කොන්ත‍්‍රාත්කරුවන් කටයුතු කරමින් සිටින අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.
දිවි ගලවාගත් පුද්ගලයා පොතුවිල මූලික රෝහලට ඇතුල් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහලට මාරුකර යවා ඇත.
-

2019 ලෝක කුසලානය දිනන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
එළඹෙන මැයි මාසයේදී 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මෙම ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇත.
එහෙත් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා යන සංචිතයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව සම්පුර්ණ සංචිත පහතින් දැක්වෙයි.
දිමුත් කරුණාරත්න (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
ලසිත් මාලිංග
කුසල් ජනිත් පෙරේරා
ළහිරු තිරිමාන්න
අවිෂ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩ්‍රසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධනමීට අමතරව අතිරේක ක්‍රීඩයින් ලෙස ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග යන ක්‍රීඩකයින් නම් කර තිබේ.
-

එකම පවුලේ 10 ක් එක තැන මරු තුරුලට ගිය මහියංගනය මාරක රිය අනතුර (Video)
මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගනය ජාතික පාසැල ඉදිරියේදි අද(17) අළුයම 1.30 ට පමණ වෑන්රථයක් හා පුද්ගලික බස්රථයක් ගැටී සිදුවූ අනතුරින් වෑන්රථයේ ගමන් කළ එකම පවුලේ 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ මඩකලපුව පනිච්චි අඩි ප්‍රදේශයේ පදිංචිව සිටි ජෝශප් රෙලින්ටන් ජෝජස් (56) සහ ඔහුගේ බිරිඳ වන සිල්වියා ජෝප්ස් (50) ඔවුන්ගේ බෑනාවරු දෙදෙනෙක්, දියණියන් දෙදෙනෙක් , මිනිබිරියන් තිදෙනෙක් හා මුනුබුරෙකි.
මඩකලපුව ඩව්බාර් පදිංචිව සිටි ලිස්ටර් ඇලෙක්සැන්ඩර් (32) ඔහුගේ බිරිඳ වන නිසාලින් ඇලෙක්සැන්ඩර් (27) සහ නිවුන් දියණියන් වන හනාලි (4) සහ පයිගා (4) ,රත්නම් පාර මඩලපුව පදිංචි යුටි ප්‍රින්ස් හෙන්ඩ්‍රික් (48) ඔහුගේ බිරිඳ වන මරියා පැන්සියා (42) , පුතා වන වෑන් රථය පැදවූ හෙයිඩ් හෙන්ඩ්‍රික් (19) හා සෙරබි හෙන්ඩ්‍රික් (10) යන අයයි.
යුනි ප්‍රින්ස් මහතාගේ පවුලේ අයගෙන් ජීවිතය බේරි ඇත්තේ වයස අවුරුදු 13 ක් වන සෙගානිගේ පමණක් වන අතර ඇය බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෙසානි බර්ගසාල් නැමති 16 හැවිරිදි අනෙක් දැරිය ජාඇල පදිංචිකාරියකි. ඇය මෙම මේ අය සමඟ මඩකලපුවෙ යාමට පැමිණි ඥාති දියණියකගේ දියණියකි.
ඉකුත් සඳුදා මඩකලපුවෙන් පිටත්ව ජාඇල, පින්නවල ඇතුලු ස්ථාන කිපයක සංචාරය කර නැවත මඩකලපුවට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රීකුණාමලය සිට දියතලාව දක්වා ධාවන වෙමින් තිබූ පුද්ගලික බස්රථයෙ මුහුණට මුහුණ ගැටුණ වෑන්රථය බස්රථයේ මීටර් 1 යි සෙ.මි. 80 ක් පමණ ඇතුළට කාවැදී තිබූ බවද පොලීසිය පවසයි.
වෑන්රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර ඔවුන්ගෙන් ජීවතුන් අතර ඇත්තේ වයස අවුරුදු 13 ක් සහ 16 ක වන ගැහැණු දරුවන් දෙදෙනෙක් පමණි.
බස්රථය ත්‍රීකුණාමලසේ සිට එන අතර තුර අළුයම 1.30 ට පමන අනතුර සිදුවු ස්ථානයට නුදුරු හෝටලයක් ළඟ නතර කර මගීන් තේ පානය කිරිමෙන් පසු යළි ගමන් අරඹනවාත් සමඟම වැරැදි මංතිරුව ඔස්සේ වේගයෙන් පැමිණ වෑන් රථය බසයේ ගැටී ඇති බව විමර්ශනවලදි අනාවරණය වී තිබේ.
වෑන්රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරැදි මංතිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි. අනතුරක් වළක්වා නොගැනිමේ චෝදනාව යටතේ බස් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
-

ගතවූ දින 4 තුළ රිය අනතුරුවලින් 42ක් මරුට
පසුගිය 13 වනදා සිට අද (17) උදෑසන 06.00 න් අවසන් වූ දින 4ක කාලය තුළ වාර්තා වූ රිය අනතුරු 31 කින් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
උත්සව සමයේ සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදුකර තිබියදී මෙවැනි අනතුරු වාර්තා වීම කණගාටුදායක තත්ත්වයක් බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම රිය අනතුරු සියල්ල වලක්වාගත හැකිව තිබු අනතුරු බවට නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන බව ප්‍රකාශ කළේය.
එළඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් මාර්ගවල රථවාහන වැඩි වශයෙන් ධාවනය විය හැකි බැවින් රිය ධාවනයේදී සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මේ අතර පසුගිය 11 වනදා සිට අද උදෑසන 06.00 න් අවසන් වූ කාලය තුළ බීමත් රියදුරන් 1536 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු 42,114 ක් පැවරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.
-

ජනපති මෛත්‍රී India වල Shopping ගිහින්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ(16) දිවයිනෙන් පිටත්ව ගියේය.
එහිදී ජනාධිපතිවරයා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ඉන්දියාවේ තිරුපති කෝවිල ආසන්නයේ ඇති සාප්පු සංකීර්ණ වෙත ගොස් සාප්පු සවාරියේ යෙදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊයේ පෙරවරු 07.40 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා දින දෙකක් පුරා එරට රැඳී සිටිනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට මෙහිදී සම්බන්ධ වන බවත්, ඔහු ඒ සඳහා එක්වන සිව්වන අවස්ථාව මෙය වන බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව අතර ගැවෙසෙමින් සාප්පු සවාරියේ යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය මාධ්‍යවල වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
මීට පෙර 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා තිරුපති වන්දනාව සඳහා ගොස් තිබුණි.
-

ප්‍රසන්න රණතුංගගේ මස් කිලෝවක් 750 යි ලු
අපේ ගම්වල දුප්පත් මිනිස්සු කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්නේ සිංහල අවුරුද්ද වගේ උත්සව දවසකට විතරයි. හැබැයි අද බලන්න කුකුල් මස් කිලෝ එකක් රුපියල් 750ත් පැනලා. අල කිලෝ එකක් රුපියල් 150යි. ඇඳුම් පැළඳුම් ගත්තත් එහෙමයි. මිනිස්සුන්ට මේ උදා වෙලා තියෙන් කන්න නෙමෙයි ලෙවකන්න වෙන අවුරුද්දක් කියලා අපි කියන්නේ ඒකයි.
මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංගය.
කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංගගේ මස් කිලෝවක් රුපියල් 750 වුත් සාමාන්‍ය වෙළෙඳපොලේ කුකුල් මස් කිලෝව පැවතියේ රුපියල් 400 ත් රුපියල් 500 ත් අතරය. රජය විසින් පනවන ලද කුකුල් මස් කිලෝවක උපරිම සිල්ලර රුපියල් 420 කි. එවැනි තත්වයක් තුළ දේශපාලඥයෙකු වන ප්‍රසන්න රණතුංග වැන්නෙකු රුපියල් 750ක් දී කෑවේ කාගේ මස් දැයි සැකයක් උපදී.
තම දේශපාලන වාසි උදෙසා මෙවැනි බොරු ගණන් හිලව් පවසමින් ජනතාව නොමඟ යැවීම පිළිකුල් සහගත ක්‍රියාවකි.