Blog

  • එම්.එච්. ජයවර්ධන ශුරීන් දායාද කළ සොඳුරු විශිෂ්ට නිර්මාණ එකතුව (වීඩියෝ)

    එම්.එච්. ජයවර්ධන ශුරීන් දායාද කළ සොඳුරු විශිෂ්ට නිර්මාණ එකතුව (වීඩියෝ)

    මධුර ගී තනු රැසකින් යුගයක් රසාලිප්ත කළ සංගීතඥ එච්. එම්. ජයවර්ධනයන් ඊයේ (08දා) පෙරවරුවේ කලූබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය.

    මිය යන විට හැට නව වැනි වියෙහි පසු වූ එච්. එම්. ජයවර්ධන මහතා 1950.03.17 දින සියඹලාණ්ඩුවේදී උපත ලැබීය. ඔහු පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. 

    දිවංගත ජනප‍්‍රිය ගායිකා විශාරද මාලිනී බුලත්සිංහල එච්.එම්.ගේ බිරිය වූවාය. තරුණ පරපුරේ ගායන ශිල්පී කසුන් කල්හාර එච්. එම්. – මාලනී යුවළගේ පුතණුවන්ය.

    එච්. එම්. තනු නිර්මාණය කරමින් සංගීතය සැපයූ ගීත සියල්ල අතිශයින් ජනප‍්‍රිය විය. 

    ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ, පෙම් ලොවදී දුටු ඔහුමද මේ, නවාතැන්පොළ ඔබයි ඔබගේ සිනාවයි, කඩමණ්ඩියේ දොළ අයිනේ, පිළිම නෙළා නැති විරුවන්, පේ‍්‍රමය නම් රාගයෙන් තොර, පූජාසනයේ ඔබ හිඳුවා, රජ මැඳුරක ඉපදී සිටියා නම්, හිමි සණරාමර, ඔබට මා ආදරය කළ බව මෙතරම්, අහසින් තරුවක් කඩා වැටෙනවා, දෙවොලේ නොකැළැල්, මළ පොතේ අකුරු බෑ කී මිනිහා, ඈ යන්න ගියා මැකිලා, මිනිසෙකු පිට නැගි අසරුවෙකි, ළා දලූ බෝපත්, නුඹේ සිතට පුන් ස`ද පායලා වගේ, රත්තරන් නෙත් දෙකින්, ඔබ හා මෙමා වැනි අතිවිශාල ගීත සංඛ්‍යාවක තනු හා සංගීතය නිර්මාණය කළ එච්. එම්. චිත‍්‍රපට දොළහක පමණ සංගීතය නිර්මාණය කළේය.

    ඔහු දක්ෂ බටනළා වාදකයකු මෙන්ම ගායකයකු ද වේ. ඉතා නිහඬ ජීවිතයක් ගත කළ එච්. එම්. කලක සිට රෝගාතුරව සිටියේය. ඔහුගේ අසනීප තත්ත්වය වැඩි වීම නිසා මීට දින කිහිපයකට පෙර කලූබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ වියෝව සිදු වූයේ එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

    අවසන් කටයුතු හෙට (10 වැනිදා) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. දේහය දැනට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

    https://youtu.be/Hbs31F-5x_U
  • අලුත් අවුරුද්දට පොලිසියට බැලූන් 25000 ක්

    අලුත් අවුරුද්දට පොලිසියට බැලූන් 25000 ක්

    සිංහල හින්දු අලූත් අවුරුදු සමය තුළ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ගුවන් මගින් ගෙන්වන ලද මුඛලයිසර් (ස්වසන වායු බැලූන්) 25,000 ක් හෙට (09) සිට දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත බෙදාහරින බව රථවාහන පාලනය හා මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (08) පැවසීය.

    සිංහල හින්දු අවුරුදු සමය තුළ බීමත් රියැදුරන් සහ රථවාහන වැරැුදි සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන් 8,000 ක් යොදවන බවත් ඔවුන් අද සිට අපේ‍්‍රල් 20 දක්වා සිය මෙහෙයුම් සිදුකරන බවත් ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා පැවසීය.

    මෙම අමතර යොදන පොලිස් නිලධාරීන් අතරින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දුර ගමන් සේවා බස්රථවල ද රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කරන බව ඔහු කීය. මේ වනවිට දුර ගමන් සේවා බස්රථ රියැදුරන් එක් අතකින් ජංගම දුරකථනය භාවිත කරමින් අනෙක් අතින් සුක්කානම හසුරවන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවත් එවැනි රියැදුරන් සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දන්වා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා නීතිය කි‍්‍රයාත්මක කරවන බවත් හෙතෙම කීය. මීට අමතරව ඇතැම් දුර ගමන් බස්රථ ආහාර ගැනීමට නවත්වන ස්ථානවලදී රියැදුරන්ට මත්පැන් ලබාදෙන බවට ද චෝදනා එල්ලවන බවත් එවැනි රියැදුරන් ලිළිබඳව ද සිවිල් ඇඳුමෙන් බස් රථයේ සිටින පොලිස් නිලධාරීන්ට ළඟම පොලිසියට වාර්තා කරන ලෙස උපදෙස් දී තිබෙන බවත් අජිත් රෝහණ මහතා කීය.

    මේ වනවිට අධික ශබ්දය සහිත නලා සහ විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි බුබුළු බස්රථ හා ඇතැම් වාහනවල සවිකර ධාවනය කරන බවත් වාහනවල එවැනි නීති විරෝධී දේ සවිකර තිබේ නම් ඒවා ඉවත් කර ගැනීමට ජුනි 30 දා තෙක් කාලය ලබාදී ඉන්පසු එම වාහනවල රියැදුරන්ට සහ හිමිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවත් ඒ මහතා කියා සිටියේය.

  • විදුලි බිල වැඩි වෙන්නේ නැහැ.. ඉදිරියේදී බිල අඩු වෙනවා – රවීගෙන් සහතිකයක්

    විදුලි බිල වැඩි වෙන්නේ නැහැ.. ඉදිරියේදී බිල අඩු වෙනවා – රවීගෙන් සහතිකයක්

    ඉදිරියේදී යළි කිසිඳු ලෙසකින් විදුලිය කප්පාදු නොකරන බවත්, විදුලි බිල වැඩිනොකර බවත්, ගෘහස්ත පාර්භෝගික ජනතාවගේ විදුලිබිල ඉදිරියේදී අඩු කිරීමට සැලසුම් සකස්කරමින් යන බවත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    පාරිභෝගියා දුක් වෙන බවත්, තමා හා අදාළ කේෂ්ත්‍රයන් පෞද්ගලිකව සමාව අයැඳ සිටින බව ද පැවසු අමාත්‍යවරයා මෙහිදී කිසිසේත්ම විදුලි බිල වැඩි කිරීමට ඉඩක් නොමැති බව ද පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පැවසීය.

    “අපි කිසිසේත්ම ගෘහස්ථ මට්ටමේ විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මම බාරගත්ත දවසේ පටන්ම මම කියන්නේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. මෙතෙක් කාලයක් විදුලිබල මණ්ඩලය රැකගෙන ගිහින් තිබෙන්නේ ගෘහස්ථ අංශය නිසා. මට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, එහි වාසිය අහිංසක ජනතාවට ලබා දෙන්නයි.

    පුළුවන් නම් විදුලි බිල 2021 වන විට අඩු කරන්න උත්සාහ කරනවා. කෙසේ නමුත් ගෘහස්ත මට්ටමට කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්නේ නැහැ.මම වගකීමෙන් කියන්න පුළුවන් අප්‍රේල් මස 10 න් පස්සේ මෙම විදුලි කප්පාදුව ඇති වෙන්නේ නැහැ කියලා.

    හදිසි විදුලිය මිලදීගැනීම් අපි ප්‍රතික්ෂේප කළා. ඉංජිනේරු වෘත්තීය සමිතියෙනුත් අපිට කිව්වා හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍ය නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේ අපට හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

    නමුත් අපේ නොරොච්චෝල බාලාගාරයෙයි, බාජ් එකයි කැඩීමෙන් තමයි නැවත එම ප්‍රශ්නය ඇති වුණේ. අපි ඉදිරියට රිසව් මාජින් ( සංචිත ආන්තිකය) 10% සිට 25% දක්වා වැඩි කරනවා. ඒ තුළින් අද සිට වෙසක් වෙනකල් කිසිම ගැටළුවක් ඇති නොවන පරිදි විදුලිය සපයන්න පුළුවන්. ඉන්පසුව අපි කැබිනට් අනුමැතිය ඇතිව මිල අවම අමතර විදුලිය මිලදී ගැනීම් එකතු කරනවා මෙගාවොට් 500ක්.

    අද ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ අපට එය ගන්න හැකියාව තිබෙනවා. එහි එක් ඒකකයක් වෙනුවෙන් රු. 25.00 ක් පමණ වැය වෙනවා. නමුත් කැළණිතිස්සෙන් නිපදවන ඒකකයත් රු. 37. 00 ක් පමණ වෙනවා. අපේ මිත්‍යාවක් තිබෙනවා ලංවිමෙන් ගත්තම අඩුයි, පුද්ගලික අංශයෙන් විදුලිය ගත්තම මිල වැඩියි කියලා.

    එහි සත්‍යතාව තිබෙන්නේ 80% ක් වගේ ප්‍රතිශතයක්. මේ වැඩපිළිවෙල තව ඉදිරියට ගිහින් එල්.එන්.ජී . වලින් ඒකකයක් රු. 21.00ට වගේ මිලදී ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දැනට සිදුවන විදුලි කප්පාදුව තාවකාලිකව අපි නවත්තන්නේ. පසුගිය දිනවල මාධ්‍ය තුළින් අපේ පාවෙන බලාගාර ගැන කතා කරලා තිබුණා. වසර 15 ක් තිස්සේ කොළඹ තිබෙන බාජ් එකකින් අවම මිලක් යටතේ මෙගාවොට් 100 ක් පමණ ලබාගත්තා.

    මට තේරෙන්නේ නැත්තේ ඇයි දැන් මේ මිල අවම මිලකට මිලදීගෙන විදුලි ගැටළුව විසදන්න යද්දි, යම් පිරිසකට බාජ් එක ගැටළුවක් වුනේ කියලා. මේවා තමයි මාෆියා කියන්නේ.

  • නැකත ආවම අපේක්ෂකයා කියන්නම් – මහින්ද

    නැකත ආවම අපේක්ෂකයා කියන්නම් – මහින්ද

    විපක්‍ෂය විසින් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්දැයි ප‍්‍රකාශයට පත් කරන්න නැකතක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මැයි 01 වැනිදා එය ප‍්‍රකාශ නොකරන බවද ඔහු සදහන් කලේය.

    රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ වැලිවේරියේදී පැවති දිවංගත ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතාගේ 09 වැනි ගුණානුස්මරණ උත්සවයෙන් පසු මාධ්‍ය අමතමිනි.

  • තිලංග නැවතත් කොළඹ විශ්ව විද්‍යාලයට..?(Video)

    තිලංග නැවතත් කොළඹ විශ්ව විද්‍යාලයට..?(Video)

    කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උලෙළ පසුගිය 04 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ප්‍රමුඛ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යන පීඨයේ පශ්චාත් උපාධි ලැබූ විද්වතුන්ගේ හා ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ සභභාගීත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යාපනය ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට සමරු ඵලකයක් ප්‍රදානය කිරීමද සිදුවිය. උත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ ඒ මහතාද විශ්වවිද්‍යාලයේම මුදලින් මෙවන් ශ්‍රවනාගාරයක් ඉදිකරලීමට සමත්වීම පිලිබඳව තමන් අතිශයින්ම සතුටු වන බව ප්‍රකාශ කර සිටියේ ය.

  • තොටගමුවේ රාහුල හිමිගෙ නමක් මම අහලත් නෑ.. ඉසුර කියා නම දැම්මේ මං එපා කියද්දි.. ඉසුර අමුතුම කතාවක් කියයි

    තොටගමුවේ රාහුල හිමිගෙ නමක් මම අහලත් නෑ.. ඉසුර කියා නම දැම්මේ මං එපා කියද්දි.. ඉසුර අමුතුම කතාවක් කියයි

    කොට්ටේ මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය පවසයි.

    පාසලේ විදුහල්පතිතුමා ඇතුළු පිරිස ඉසුර විද්‍යාලය ලෙස නම යෝජනා කරද්දී තමන් විරුද්ද වූ නමුත් ඔවුන් ඒ නොතකා එකී නම දැමූ බවත් ඔහු සදහන් කලේය.

    ‘තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගෙ නමක් තියෙනව කියල මම නම් අහලත් නෑ. පාසලේ නම වෙනස් කරන එක දෙමවුපියන්ගෙ වැඩක්. ආදි ශිෂ්‍යයන්ගෙ වැඩක්. මේකට කොහෙත්ම මගේ සම්බන්ධයක් නෑ’ යයිද මහ ඇමතිවරයා කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

  • නාමල් මඟුල් කන්න ලෑස්තියි

    නාමල් මඟුල් කන්න ලෑස්තියි

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය මේ වසරේදී පැවැත්වීමට යම් සූදානමක් ඇති බවට එම පවුලට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

    ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක් නාමල් රාජපක්ෂ මහතාගේ අතගන්නා මනාලිය වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

    මෙම මංගල උත්සවය මූලික චාරිත‍්‍ර සිය ගම්මානය වන මැදමුලනේදී සිදු කිරීමටත් ඉන් අනතුරුව කොළඹ දී වෙනම උත්සවයක් පැවැත්වීමටත් සූදානම් වී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

    නාමල් රාජපක්‍ෂ මහතාට මෙම අප්‍රෙල් මස 10 වැනිදාට වයස අවුරුදු 33 සම්පුර්ණ වෙයි.

  • ඌවේ තක්කඩි තඩි ඇමතියාගේ බොරුව හෙලි කල රහස් වීඩියෝව මෙන්න..

    ඌවේ තක්කඩි තඩි ඇමතියාගේ බොරුව හෙලි කල රහස් වීඩියෝව මෙන්න..

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තමන් සමාව ගත්තේ නැති බව ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

    තමන් කලේ කණගාටුව පල කිරීමක් පමණක් යයිද ඒ මහා කියා සිටියේය.

    සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරියට බැණ තර්ජනය කලේ යයි කියන සිදුවීමක් මුල් කර ගනිමින් ඌව පලාත තුල වෛද්‍යවරුන් විසින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබින.

    එය පසුව නවතා දැමුනේ මහ ඇමතිවරයා විසින් සමාව ගැනීමෙන් පසුය. මහ ඇමතියා විසින් සමාව ගන්නා ආකාරය ජංගම දුරකතනයක පටිගත කර තිබින.

    මීට පෙරද මෙම කුප්‍රකට මහ ඇමතියා ගුරුවරියකට තර්ජනය කිරීම, රාජ්‍ය නිලධාරීන්ට බැන වැදීම ඇති චෝදනා ගණනාවකට ලක් වූ අමන දේශපාලන චරිතයකි.

  • ‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’මඳුෂ්ගේ පාටියට ගියේ මගේ ගාන මට ගෙවපු නිසයි..ලයනල් සර් මාධ්‍ය අමතයි..[Video]

    ‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’මඳුෂ්ගේ පාටියට ගියේ මගේ ගාන මට ගෙවපු නිසයි..ලයනල් සර් මාධ්‍ය අමතයි..[Video]

    තමන් ඩුබායිහි සාදයට ගියේ එය පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ පුත්‍රයාගේ උපන්දින සාදය බව දැනගෙන යයි රංගන ශිල්පි රයන් වෑන් රෝවන් සදන් කරයි.

    රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පලමු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රංගන ශිල්පියෙක් ලෙස පුද්ගලයන් වර්ගීකරණය කළ නොහැකි බවත් තමන්ට එම සාදයට සහභාගී වීම වෙනුවෙන් ගෙවීමක් සිදු කළ බවත්ය.

    කුඩු කාරයෙක් ලෙස හංවඩු ගැසූ අයට ඉදිරියේ දී තමන්ගේ හොඳ දකිනැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

    තමනට නඩු පවරා ඇත්තේ ගංජා ග්‍රෑම් 5ක් පමණක් තිබීම සම්බන්ධයෙන් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.‘වෙරි බෑඩ් කියන්නත් සෑඩ්’ යයිද ඔහු එහිදි පැවසීය.

    https://www.facebook.com/NewsfirstSL/videos/2270163823244826/
  • විදුලි කප්පාදුව 10 වැනිදායින් අවසන්

    විදුලි කප්පාදුව 10 වැනිදායින් අවසන්

    මෙම අපේ‍්‍රල් මස 10 වැනිදා සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක මහතා පවසයි.

    කෙසේ වෙතත් දීර්ඝකාලීනව මෙම ප‍්‍රශ්නය විසදන තෙක් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැයිද ඔහු ඉල්ලා සිටී.

    මෙගාවොට් 500ක පමණ ප‍්‍රමාණයක් කෙටි කාලීනව සපයාගැනීම ගැන මුල් පියවරේදී සාකච්චා කරන බවත් දෙවනුව අලුත්වැඩියා කල යුතු බලාගාර නිසි පරිදි ක‍්‍රියාකාරී තත්වයට පත් කිරීමත් දීර්ඝ කාලීන සැලැස්ම ලෙස මෙගා වොට් 3000-3500 ක ප‍්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරිමට වැඩපිලිවෙලක් සාදන බවද ඔහු සදහන් කලේය.

  • රාජිත රාජකාරි වෙලාවේ කට්ටි පනින වෛද්‍යවරු පසු පස පන්නයි

    රාජිත රාජකාරි වෙලාවේ කට්ටි පනින වෛද්‍යවරු පසු පස පන්නයි

    රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන් තිදෙනෙකු පිළිබඳ විමර්ශනයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

    අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින් මෙම වෛද්‍යවරුන් තිදෙනා රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවා කටයුතු සිදු කරමින් සිටිය දී හසුකර ගෙන තිබේ.

    මාවනැල්ල මූලික රෝහලට අනුබද්ධව සේවය කරන එක් වෛද්‍යවරයෙක් පෙරවරු 9.45 ට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටිය දී හසුකර ගෙන ඇති අතර, වලපනේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී වෛද්‍යවරියක් පෙරවරු 12.00 ට හසුකර ගෙන තිබේ. ඒ මාවනැල්ල, වලපනේ සහ කොස්ගොඩ පිහිටි පෞද්ගලික රෝහල් 03 ක දීය.

    එම වෛද්‍යවරිය වලපනේ දිසා රෝහලේ සේවය කරයි. කොස්ගොඩ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී තවත් වෛද්‍යවරයෙක් පෙරවරු 8.40 ට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටිය දී හසුකර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය සඳහන් කරයි. මෙම වෛද්‍යවරයා කොස්ගොඩ මධ්‍යම බෙහෙත් ශාලාවට අනුයුක්තව සේවය කරයි.

    මෙම වෛද්‍යවරුන් තිදෙනා පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කර චෝදනා පත ගොනු කිරීමෙන් පසු රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

  • එල්ලුම් ගහට යන්න මුල්ම අවස්ථාව හිමි කරගන්නේ වෙලේ සුදාද.?

    එල්ලුම් ගහට යන්න මුල්ම අවස්ථාව හිමි කරගන්නේ වෙලේ සුදාද.?

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප‍්‍රභ කිරීමට තීන්දු කළේය.

    එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පනවනු ලෑබුවේය.

    මහාධිකරණය මඟින් තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් අභියාචනාධිකරණය වෙත එම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සඳහන් කර සිටියේ කර සිටියේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළ බවයි.

    එම මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතිවිරෝධී බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ. වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.

    කෙසේ වෙතත් මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට වෙලේ සුදාගේ නීතිඥවරු සූදානම් වන බවට වාර්තාවේ.

  • ගෝඨා අමෙරිකාවේදී පදමට set වෙයි; සිංදු කියන්නත් උත්සහ ගනී (Video)

    ගෝඨා අමෙරිකාවේදී පදමට set වෙයි; සිංදු කියන්නත් උත්සහ ගනී (Video)

    අමෙරිකානු පුරවැසියෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති කෙනෙකු වීම සඳහා මෙරට මැතිවරණයකට ඉල්ලීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් තමාගේ එම පුරවැසිභාවය ඉවත්කරගැනීම සඳහා පසුගියදා ලංකාවෙන් පිටත්ව සිය රට වෙත ගියේය.

    එම සංචාරය අතරතුරදී ගෝඨාභය රාජපක්ෂ මහතා මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවෙන් පැනගොස් අමෙරිකාවේ විවිධ රැකියා කරමින් සිටින අතරතුර තමාගේ මිතුරන්ව සිටි පිරිසක් සමඟ එක්ව මෙසේ ගීත ගායනයක් සිදුකර ඇත.

  • මධුෂ් හැරදා රංගන ශිල්පී රයන් සමඟ 4ක් දිවයිනට (Video)

    මධුෂ් හැරදා රංගන ශිල්පී රයන් සමඟ 4ක් දිවයිනට (Video)

    ඩුබායිහිදී මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස්දෙනෙකු අද(04) අළුයම දිවයිනට පැමිණ තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එහිදී ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන ඇති බවයි.

    අළුයම 5. 25 ට පමණ යුඑල් 266 දරන ගුවන් යානයකින් මෙරටට පැමිණි ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.

    මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුව පත්ව එරටින් පිටුවහල් කළ 8 දෙනෙකු පසුගිය දින කිහිපයේදී දිවයිනට පැමිණියේය.

  • ඇත්තටම කිරිඇල්ල කිරිගහට ඇන්නා වගේ කිව්වේ කොහොමද? මෙන්න කිරිඇල්ල කියපු ඒ “පරබල්ලා” (Photos)

    ඇත්තටම කිරිඇල්ල කිරිගහට ඇන්නා වගේ කිව්වේ කොහොමද? මෙන්න කිරිඇල්ල කියපු ඒ “පරබල්ලා” (Photos)

    තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය බහුල වී සිටින අවස්ථාවක පැමිණි එම දුරකථන ඇමතුමෙන් කතා කළ පුද්ගලයා තමනට තර්ජනාත්මකව ඇමතූ බවයි.

    තමන් ලක්ෂ 500ක් සොරකම් කළ ඇතැයි එම පුද්ගලයා තමනට චෝදනා කල බවත් එම අවස්ථාවේ ආවේගශීලීව ඊට පිළිතුරු දුර බව ද ඇමැතිවරයා සඳහන් කරයි.කෙසේ වෙතත් එම ඇමතුම ලබා ගත්තේ භික්ෂූන් වහන්සේ නමක් යැයි තමන් දැනගත්තේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයන් බවද පවසන ඇමතිවරයා තමන්ගේ එම කටයුත්තෙන් කිසියම් භික්ෂූන් වහන්සේ නමකට හෝ සංඝරත්නයද අපහාසයක් වූයේ නම් ඒ පිළිබඳ ඉතා දැඩි කනගාටුවට පත්වන බවද සඳහන් කරයි.

    එහෙත් මේ වන විට අනාවරණය වී ඇත්තේ, කිරිඇල්ල අමාත්‍යවරයා “පරබල්ලා” යැයි පැවසූ පුද්ගලයා භික්ෂුන්වහන්සේ නමක් නොවන අතර චීචරයක් පොරවා ගත් ගිහියෙකු බවයි. මොහු මුදලට රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටු පක්ෂයේ දේශපාලන කොන්ත්‍රාත්කරුවකු බවත්, මෙය රාජපක්ෂ මාධ්‍ය ඒකකය පෙර සැලසුම් කොට සිදුකර ඇතිබවත් මේ වන විට අනාවරණය වී තිබේ.

  • සන්නගේ සන්නාමය ගැසූ ඉරාජ්ගේ අලුත්ම Music වීඩියෝව Release වෙයි (Video)

    සන්නගේ සන්නාමය ගැසූ ඉරාජ්ගේ අලුත්ම Music වීඩියෝව Release වෙයි (Video)

    මෙරට ජනප්‍රියම සිංහල ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ සන්නාමයට ගැසූ ඉරාජ් වීරරත්නගේ අලුත්ම Music Videoව මීට පැය දෙකකට කලින් Release විය. මේ එම වීඩියෝවයි.