Blog

  • වෘත්තීමය දේශපාලනඥයෙකු ඕනෑ කර තිබේ..

    වෘත්තීමය දේශපාලනඥයෙකු ඕනෑ කර තිබේ..

    අද සෑම වෘත්තියකටම අවම සුදුසුකමක් අත්‍යාවශ්‍යවේ. එය කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා විහිදෙයි. එහෙත් අවාසනාවකට අපේ රටේ කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවන එකම වෘත්තිය වන්නේ දේශපාලනයයි.

    එහෙත් ඔබත්, අපත්, රටත් සියල්ල පාලනය වන්නේ එම කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන යාන්ත්‍රණයේ සිටින දේශපාලඥයින් විසිනි. ඔවුන්ව අපේ ස්වකැමැත්තෙන් සර්ව ජන ඡන්දබලයෙන් පත් කරගන්නේද අපමය. එසේ පත්කරගත් ඔවුන්ට යළි දෙස් දෙවොල් තබමින් බනින්නේද අපමය.

    උපන්දා සිට නිදහස් අධ්‍යාපනයේ පිහිටින් තරඟ විභාග ජන ගනිමින් අධ්‍යාපනයේ කඩ ඉම් පසුකරන අපට එම අධ්‍යාපනයෙන් පසු ජීවත්වීම වෙනුවෙන් රැකියාවක් සොයාගිය පසු ඊට කෙතරම් නම් සුදුසුකම් අවශ්‍ය වන්නේද..?

    එහෙත් රටත්, අපවත් පාලනය කරන රාජ්‍ය යාන්ත්‍රණයට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙන ඔවුන්ව පත්කරගැනීමේදී අප ඔවුන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම්වත් බලනවාද..?

    අධ්‍යාපන පොදු සාමාන්‍ය පෙළ විභාගයවත් අසමත්, විටෙක පහේ පන්තියටවත් පාසල් නොගිය අයවලුන් අපේම මහජන නියෝජිතයින් ලෙස අපේම කතිරයෙන් පත්කරගන්නේ අපම නොවේද..?

    එසේ අප විසින්ම නිසි සොයාබැලීමකින් තොරව පත්කරගත් කිසිඳු සුදුසුකමක් නොමැති දේශපාලඥයින් ලඟ වැඳවැටෙමින් ඉහළ සුදුසුකම් සපිරූ අප ඔවුන්ගෙන් රැකියා ඉල්ලා ඔවුන් පසු පස යන්නේ නම් අපට ආත්මයක් සහ රටකට අනාගතයක් ඉතිරි වෙයිද..?

    https://www.youtube.com/watch?v=nkoYRL8yalo
  • එල්ලුම් ගහ Test කරයි

    එල්ලුම් ගහ Test කරයි

    වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති එල්ලුම් ගහේ ක්‍රියාකාරීත්වය මේ දිනවල පරීක්ෂා කරමින් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

    වැඩුනු මිනිසෙකුගේ බර සහිත වැලි කොට්ටයක් එල්ලා මෙම පරීක්ෂාව සිදු කරන බවද ඔවුන් සඳහන් කරයි.

    මේ වන විටත් එල්ලුම් ගහ ඉදි කර ඇති කොටසේ ඇති ලෑලි තට්ටුව අලුත්වැඩියා කර තිබෙන අතර එල්ලූම් ගහේ ලීවරය තෙල් ග‍්‍රීස් ආදිය තමා ක්‍රියාකාරී තත්වයට පත්කර තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ මේ වන විට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඕනෑම මොහොතක එල්ලුම්ගහ සූදානමින් තිබෙන බවයි.

    වධකයන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඊයේ දිනයෙහි පැවැත්වුණු අතර අදද එම පරීක්‍ෂණ පැවැත්වෙයි.

    එල්ලුම් ගස පිහිටා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් ගොඩනැඟිල්ලේ සිර මැදිරියට වම්පස මැද කොටසේ ය.

  • සුද්දන්ට රජ ඇදුම් අන්දවා දලදා මාලිගාව ඉදිරියේ සමලිංගික ජවනිකා රඟන්න ගොස් වැඩ වරදී..(Video)

    සුද්දන්ට රජ ඇදුම් අන්දවා දලදා මාලිගාව ඉදිරියේ සමලිංගික ජවනිකා රඟන්න ගොස් වැඩ වරදී..(Video)

    විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුමින් සැරසී මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇඳුම් වලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදුකරමින් සිටි බවට චෝදනා කරමින් මහනුවර අලවතුගොඩ සමන් දෙවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් ඊයේ (02) සවස දැඩි විරෝදය පල කළේය.

    මහනුවර පොලිසියේ නිලධාරින් පැමින මෙම විදේශිය පිරිසගේ ආරක්ෂාව සදහා එම පිරිස මහනුවර රැජින හෝටලය තුලට රැගෙන ගොස් ඇත.

    මෙම විඩියෝ ශිල්පින් සමඟ පැමිණි ශ්‍රි ලංකා නියෝජිතවරියවන ඉරන්ති අබේසිංහ මහත්මියට මෙි පිරිස විරෝදය දක්වමින් ඉල්ලා සිටියේ විඩියෝ ගත කරන ලද එම අවමන් දර්ශන මකා දමන ලෙසයි.

    විරෝදතාවය දක්වමින් ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රකාශ කළේ උඩරට නිළමෙි ඇදුමින් සැරසි පුද්ගලයකු හා තවත් පුද්ගලයකු විසින් ගැහනු අදුමිවලට සමාන ලෙස විකෘති කරන ලද ඇදුමි ඇදගෙන අවමන්වන ආකාරයෙන් හැසිරිම පිලබදව තමන්ගේ දැඩි විරෝදය පල කරන බවයි.

    ඉරන්ති විජේසිංහ මහත්මිය සදහන් කළේ මෙි විඩියෝ ගත කිරිම සදහා අවශ්‍ය අවසර රජයේ සැම ස්ථානයකින්ම ලබාගෙන ඇති බවයි.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හා චිත්‍රපට සංස්ථාවෙි ද අවසර ලබා ගෙන මෙම කටයුතු සිදුකරමින් සිටි බව ඇය ප්‍රකාශ කර තිබේ.

    නමුත් මේ බස්නායක නිලමෙිතුමන් ඇතුලු පිරිස විරෝදය දක්වන්නේ නමි තමන් ලබා ගත් එම විඩ්යෝ දර්ශන මකා දැමමිට ද කැමති බව ඇය ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවෙි බස්නායක නිලමෙි ඇතුලු පිරිස ප්‍රකාශ කර ඇත්තේ මෙි විඩියෝ දර්ශන මකාදැමිමට තමන් එකඟ බවත් නමුත් ඒවා නිසි ලෙසම මකා දමන බවට සහතික විය යුතු බවයි.

    වැඩිි දුරටත් ජයමිපති නිලමේතුමා සඳහන් කළේ මෙවැනි කටයුතු සදහා අවසර දෙන රාජ්‍ය ආයතන මෙි පැමිණෙන පිරිස් පිලබදව මිට වඩා අවධියෙන් සිටියුතු අතර අප රටෙි අනන්‍යතාවයට හානි කිරිමට ඉඩ නොදිය යුතු බව සහ සිදු වු දෙය සම්බන්ධයෛන් තමන්ගේ විරෝදය පල කරන බවයි.

  • බීමතින් කල අනතුරට දිමුත් කරුණාරත්නට ක‍්‍රිකට් ආයතනයෙන් ලක්‍ෂ 14ක දඩයක්!

    බීමතින් කල අනතුරට දිමුත් කරුණාරත්නට ක‍්‍රිකට් ආයතනයෙන් ලක්‍ෂ 14ක දඩයක්!

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බීමතින් රිය අනතුරක් සිදුකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දඩ මුදලක් පනවා තිබේ.

    ඒ අනුව ඔහුට පනවා ඇති දඩ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් 7,500 කි.

    බොරැල්ල ප්‍රදේශයේ දී දිමුත් කරුණාරත්න විසින් පදවන ලද ජීප් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් එහි රියදුරු තුවාල ලබා රෝහල්ගත කරන ලදී.

    නමුත් ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇත. දිමුත් කරුණාරත්න සඳහන් කර ඇත්තේ ‍ත‍්‍රිරෝද රථ හිමිකරුට නව ත්‍රීරෝද රථයක් ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

    කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ‍ක‍්‍රිකට් ලෝලීන්ගෙන් සහ ක්‍රිකට් ආයතනයෙන් සමාව අයැද සිටින බවය.

  • පොහොට්ටු මහ සම්මේලනය කැදවයි..

    පොහොට්ටු මහ සම්මේලනය කැදවයි..

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම එම පක්ෂ සමුළුවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් සිදු කරනු ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම පක්ෂයේ සමුළුව ජූනි මස අග භාගයේ දී කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් තිබේ.

    මෙම සම්මේලනයේ දී ඉතා වැදගත් යෝජනා ගණනාවක් ම සම්මත කර ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

    සම්මේලනය පැවැත්වීම සදහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන කිහිපයක් පිළිබඳවම සලකා බලමින් ඇත.

  • වදක තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

    වදක තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

    වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද(02) සහ හෙට(03) යන දිනයන්වල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තෝරාගත් අයඳුම්කරුවන් 79 දෙනෙකු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි.

    එම අයඳුම්කරුවන් 79 දෙනා අතරින් වදක තනතුර සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිත බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

    වදක තනතුර සඳහා අයඳුම්පත් 102ක් ලැබී තිබුණු අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් එම අයදුම්පත්‍ර සලකා බැලීමේන් අනතුරුව අයඳුම්පත් 79ක් තෝරාගෙන තිබුණි.

    අමෙරිකානු ජාතිකයෙකු ද මෙම තනතුර සඳහා අයදුම්පතක් යොමු කළ තිබු අතර මෙම තනතුර සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් පමණක් බඳවා ගන්නා බැවින් ඔහුගේ අයඳුම්පත ප්‍රතික්ෂේප කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

  • පානීය ජල හිඟයක්‌ ඇති වන ලකුණු

    පානීය ජල හිඟයක්‌ ඇති වන ලකුණු

    දිවයින පුරා බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලුව උග්‍රවෙමින් තිබේ.

    එමෙන්ම මේ වනවිට කලාප ක්‍රමයට සිදුකරන විදුලි කප්පාදුව හේතුවෙන් ඇතැම් ජල පොම්පාගාරවලින් ප්‍රමාණවත් ලෙස ජලය පොම්පකරගැනීමට නොහැකි තත්ත්වයක්‌ද මතුව ඇත.

    මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජල හිඟයක්‌ රට පුරා ඇතිවිය හැකි යෑයි ජල සම්පාදන ආරංචි මාර්ග කියා සිටිති.

  • කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක්! විපක්ෂයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරුගේ ගුණ වයයි

    කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක්! විපක්ෂයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරුගේ ගුණ වයයි

    කරු ජයසූරිය යනු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයින් අතුරින් ආදර්ශමත්ම දේශපාලන භාවිතාව සහිත බුද්ධ ශාසනය ආරක්ෂා කරන නායකයා බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා කථානායක කරු ජයසූරිය මහතා වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් පිරිනැමු ගෞරව නාමයට පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් එක් කරමිනුයි.

    කෙසේ වෙතත් මෙය කිසියම් දේශපාලනික පෙරළියක පෙරනිමිත්තක් දැයි බොහෝ දේශපාලන විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වී තිබේ.

    https://www.youtube.com/watch?v=gk9DWMRBP8M
  • මේ මාසයෙන් පසු පළාත් සභා ප‍්‍රා.සභාවලට මුදල් නැහැ

    මේ මාසයෙන් පසු පළාත් සභා ප‍්‍රා.සභාවලට මුදල් නැහැ

    පළාත් සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට විපක්‍ෂයට සැබෑ වුවමනාවක් නොමැති නිසා පසුගිය 28 වැනිදා විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කර එය පරාජයට පත්කළ බව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ නිසා අපේ‍්‍රල් මාසයෙන් පසු එම ආයතන පවත්වාගෙන යෑමට මුදල් නොමැති බව පෙරේදා (30) හම්බන්තොටදී පැවසීය. 

    පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයවැයෙන් මුදල් වෙන් කරන අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට පක්‍ෂව ඡුන්දය ලබාදී එය සම්මත කර ගැනීමට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ක‍්‍රියාකළ ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඊට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරමින් තමන් විසින්ම තමන්ගේ නාසය කපාගෙන ඇති බව රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    මෙම වැය ශීර්ෂය පරාජයට පත්කිරීම නිසා පළාත් සභා හා පළාත් පාලනවලට මෙන්ම ආණ්ඩුකාරවරුන්ගේ කටයුතු සඳහා ද මුදල් නොමැති බව අගමැතිවරයා පැවසීය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ පෙරේදා (30 දා* වීරවිල පැවැති හම්බන්තොට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.

    එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට එක්වීමට පෙර අගමැතිවරයා පෙරේදා පෙරවරුවේ හම්බන්තොට වරාය භූමියේ පිහිටුවා තිබෙන ලාෆ් ගෑස් සංකීර්ණය හා වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡුා කරමින් වරායේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය. එම නිරීක්‍ෂණ චාරිකාවට අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන, අමාත්‍ය සාගල රත්නායක, වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහත්වරු සහ ලාෆ් ගෑස් ආයතනයේ හා වරාය අධිකාරියේ නිලධාරීහු රැුසක් සහභාගි වී සිටියහ.

    රුපියල් ලක්‍ෂ 3500 ක වියදමින් ඉදිකිරීමට යෝජිත හම්බන්තොට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණයට වීරවිලදී මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

    පසුගිය 28 වැනිදා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයවැයෙන් මුදල් වෙන් කෙරෙන යෝජනාව පරාජයට පත්කළා. මේ නිසා එම ආයතනවලට ලබාදීමට සතයක්වත් ඉතුරු වී නැහැ. විපක්‍ෂය මේ ආයතන සඳහා මුදල් එපා කියනවා නම් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ.

    මේ ආයතනය සඳහා මුදල් වෙන් කර ඒවායෙහි කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා වන යෝජනාවට පක්‍ෂව අපි පාර්ලිමේන්තුවේදී ඡුන්දය ලබාදුන්නා. නමුත් විපක්‍ෂය තමන්ගේ පළාත් පාලන ආයතනවලට මුදල් එපා කියමින් ඊට විරුද්ධ වූ නිසා ආණ්ඩුකාරවරුන්ට ද මුදල් ලබාදීමට හැකියාවක් නැහැ.

    කෙසේ වෙතත් ආණ්ඩුවට අවශ්‍ය ආයතනවලට ප‍්‍රාදේශීය ලේකම්වරුන් හරහා මුදල් ලබාදීමට අපි පියවර ගන්නවා. නමුත් අනෙක් ආයතනවලට හා ආණ්ඩුකාරවරුන්ට අපේ‍්‍රල් 30 වැනිදායින් පසු මුදල් ලබාදීමට හැකියාවක් නැති බව කිව යුතුයි.

  • ජනපති අද කෝටි 10,000ක කුඩු ටොන් එකක් ප්‍රසිද්ධියේ අළු කරයි

    ජනපති අද කෝටි 10,000ක කුඩු ටොන් එකක් ප්‍රසිද්ධියේ අළු කරයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රුපියල් කෝටි 10,000කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ටොන් 01 කට අද (01) කොළඹ සපුගස්කන්දේ පිහිටි විශේෂ අංගණයකදී ගිනි තබා දැමීමට පියවර ගෙන ඇත.

    පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ මේ මත්ද්‍රව්‍ය කිලෝ 779ක් මෙලෙස විනාශ කරදමන බවත්, එය මාධ්‍යවේදීන් ඉදිරිපිටදී සිදු කරන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකා අධ්‍යක්ෂ සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පැවසීය.

    මෙය විනාශනය බලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවද, ඒ අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වන බවද ඒ මහතා සඳහන් කළේය. කොකේන් මත්ද්‍රව්‍ය මෙහිදී දිය කර දමා පුත්තලමට ගෙන ගොස් විශේෂ ස්ථානයකදී ගිනි තබා විනාශ කරන බවද සමන්ත මහතා ප්‍රකාශ කළේය.

  • පූජා අලූත් ආදරයක පැටලෙයි.. ඒ ආදරය හරි රසවත් ලූ..

    පූජා අලූත් ආදරයක පැටලෙයි.. ඒ ආදරය හරි රසවත් ලූ..

    මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?

    තොරතුරු කියන්නේ ඉතිං සතුටු හිතෙන දේවල් ගොඩක් එක්ක ඉන්නවා…ඒ වගේම ටිකක් කාර්ය බහුල ගතියකුත් තියනවා…

    පහුගිය දවස්වල ලොකු සම්මානයක් ලැබුණා?

    ඔව්… ඔව්… එකක් නෙවෙයි කිහිපයක්ම ලැබුණා… පහුගිය දවස්වල තිබුණු slim nielsen people’s award එකේ තරුණ පරපුරේ ජනපි‍්‍රයම නිළියට හිමි ජනතා සම්මානය හම්බ වුණා ඒ විතරක් නෙවෙයි 34 වැනි කාගිල්ස් සරසවි සම්මාන උළලේදී ‘සරිගම. චිත‍්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒත් එක්කම Lux Hiru Golden Film Awards

    එකෙදී ‘සරිගම. සහ ‘පත්තිණි. චිත‍්‍රපට වෙනුවෙන් ජනපි‍්‍රයම නිළියට හිමි සම්මානයත් ලැබුණා… ඉතිං ඒවත් එක්ක ඇත්තටම මම ගොඩක් සතුටෙන් ඉන්නේ…ඒ හැමදේටම වැඩියෙන් මට වටින්නේ මගේ රසික රසිකාවියන් සහ එයාලගේ ආදරය” ඉතිං එයාලා හැමදාමත් මගෙත් එක්ක ඉන්නවා. ඒ ආදරය තරම් වටින Awards එකක් මට තවත් නෑ…මේ වෙලාවේ මං එයාලා හැමෝටම ගොඩක් ස්තුති කරනවා.

    හැමදේටම හිනාවෙලා නේද උත්තර දෙන්නේ?

    (සිනාසෙයි) ඔව්…ඔව් මං ඉතිං ඒක මගේ හැටිනේ…මං හිනා වෙලා ඉන්න තමයි කැමති… ඔයාලා මෙහෙම අහනකොටත් මට හිනායනවා…(සිනාසෙයි)

    මේ දවස්වල කලා කටයුතුවලට දායකත්වය එහෙම කොහොමද?

     ඔව්…‘පත්තිණි. සහ ‘සරිගම. චිත‍්‍රපටවල සාර්ථකත්වයත් එක්ක” මේ දවස්වල හොඳ චිත‍්‍රපට කිහිපයකටම ආරධානා ලැබුණා… ඉතිං මම ඒවායේ පිටපත් මේ දවස්වල බලන් යනවා…ඒ අතරින් හොඳම කිහිපයකට රංඟනයෙන් දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා…ඉතිං මගේ රසික රසිකාවියන්ට කියන්න තියෙන්නේ ළඟදීම රිදී තිරයෙන් මාව යළිත් ඔයාලා හැමෝටම බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි…

    මේ අහන්නේ පොඩි පෞද්ගලික කාරණාවක්… මේ දවස්වල යන ආදර පටලැවිල්ලක් ගැන කතාවක් යනවා…අපිටත් දැනගන්න පුළුවන්ද?

    (සිනාසෙයි) ඉතිං පෞද්ගලිකයි නම් ඇයි ඔයා මගෙන් ඒ ගැන අහන්නේ…(සිනාසෙයි) හරි…හරි… දැනට කියන්න තියෙන්නේ ඒක රසවත් ආදරණීය රහසක් කියලා තමයි. (සිනාසෙයි)

    අපිට ඔය රසවත් ආදර පටලැවිල්ල ගැන දැනගන්න පුළුවන් වෙන්නේ කවද්ද?

     (සිනාසෙයි) ඒක ඉක්මණින්ම සිද්ධ වෙයි. දැනට කියන්න තියෙන්නේ මගේ රසිකයන්ටත් හිතවතුන්ටත් ඉවසලා ඉන්න කියලා තමයි… ඇත්තටම ඒ ගැන ඉක්මණින්ම දැනගන්න පුළුවන් වෙයි. (සිනාසෙයි)

    මීවිත


  • මෛත්‍රී ජනහද දිනාගන්නවා; ඔහුගේ දෙවන ධුරකාලය ස්ථිරයි – ප්‍රවීන ජෝතිෂ්‍යවේදීයෙකුගෙන් ප්‍රබල අනාවැකියක්

    මෛත්‍රී ජනහද දිනාගන්නවා; ඔහුගේ දෙවන ධුරකාලය ස්ථිරයි – ප්‍රවීන ජෝතිෂ්‍යවේදීයෙකුගෙන් ප්‍රබල අනාවැකියක්

    මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වන්නේ යයි ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

    තම ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරමින් සිටින මත්ද්‍රව්‍ය මැඩලීම සහ බෞද්ධ පුනරුද කටයුතු හේතුවෙන් ජනතා ආකර්ෂණය වේගයෙන් දිනා ගනිමින් සිදු සිටින බවයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩක් නොමැති බවද ඔහුට ජයගත නොහැකි වන්නේ සුළු ජාතිකයන්ගේ ඡන්ද නොලැබීම නිසා බවත් තොටවත්ත මහතා සඳහන් කරයි.

    මේ අතර සිය වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු පාඨලී චම්පික රණවක මහතාගේ ජනාධිපතිනිය බොඳ වී ගොස් ඇති බවද ඔහු වැඩිදුටත් පෙන්වා දෙයි.

    https://www.facebook.com/100017975800793/videos/364617837480740/
  • 14 වෙනි පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනයේ සභාපති ලෙස මෙවරත් කංචන ජයරත්න නිතරඟයෙන්

    14 වෙනි පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනයේ සභාපති ලෙස මෙවරත් කංචන ජයරත්න නිතරඟයෙන්

    14 වන පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනය ගාල්ල රොක් පෝට් හෝටලයේ දී ඊයේ(29) උත්කර්ශවත් ආකාරයෙන් පැවැතිවිණ.

    එහිදී ඉදිරි දේශපාලන කටයුතු ගැන තීරණාත්මක සාකාච්ඡාවන් කිහිපයක් ඉතා සාර්ථකව සිදුකරන ලද අතර මෙවරත් පලාත් සභා සභාපති වරුන්ගේ සංසදයේ සභාපති ලෙස සබරගමුවේ අභිමානය ලෙස කිරුල පළන් ගරු කංචන ජයරත්න මැතිතුමා නිතරඟයෙන් තේරී පත්වීම පිළිබඳ තමන් දැඩි ලෙස සතුටට පත්වන බව සංසඳයේ සාමාජිකයින් කියා සිටියේය.

  • මිනීමැරුම්, කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සිදුකළ කන්ජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයින් කොටුකරගත් හැටි..(වීඩියෝ)

    මිනීමැරුම්, කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සිදුකළ කන්ජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයින් කොටුකරගත් හැටි..(වීඩියෝ)

    ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනු ලැබූ පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් සිවුදෙනකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (28 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

    කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ පසුව හොර රහසේම මාලදිවයින බලා පැන යෑමට උත්සාහ කරද්දී එහි සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදි.

    ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානයකින් ඊයේ උදෑසන 6.15 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම පාතාල සාමාජිකයන් සිවුදෙනා ඊයේ උදෑසන මාලදිවයින බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානයේ කවුන්ටරය වෙත ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

     කංජිපාන ඉම්රාන් ඇතුළු පාතාල සාමාජිකයන් ඩුබායි දේශයේ සිට ශ‍්‍රී ලංකාව හරහා මාලදිවයින බලා යෑම සඳහා ගුවන් ටිකට්පත් ද ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් සෙසු පාතාල සාමාජිකයන් වන්නේ රොටඹේ අමිල, අනුෂ්ක කෞෂාල්, ඇන්වර්යන් ප‍්‍රනාන්දු යන අය බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් සියලූදෙනා කටුනායක ගුවන් තොටුපළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විශේෂ ඒකකයේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

     ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් නොහොත් කංජිපාන ඉම්රාන් නමැත්තා කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල සිිදු වූ මිනීමැරුම්, මිනී මැරීමට තැත් කිරීම් 11 කට සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළි වී ඇත.

     මීට මාස කිහිපයකට උඩදී මාලිගාවත්තේදී තම බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම, ස්ථාන කිහිපයකදී සිය විරුද්ධවාදීන් සිවුදෙනකු මරා දැමීම. කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අපරාධ ගණනාවක් මොහු විසින් මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.

     කොළඹ නගරය පුරා හෙරොයින් බෙදා හැරීමේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරන කංජිපාන ඉම්රාන් කාලයක් තිස්සේ මාකඳුරේ මධුෂ් සමඟ එක්ව ඩුබායි දේශයේ සුපිරි ජීවිතයක් ගත කරමින් සිටි බව පොලිසිය කියයි.

     මීට වසර දහයකට පමණ උඩදී මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසල සව්කැඳ කරත්තයක් තබාගෙන කැඳ වෙළෙඳාමේ යෙදුණු මොහු පසු කලෙක පාතාල ලෝකයට සම්බන්ධ වී කංජිපාන ඉම්රාන් ලෙස ප‍්‍රසිද්ධ වුණේය.

     මාකඳුරේ මධුෂ් විසින් ඩුබායි හි සංවිධානය කළ උපන් දින සාදයේදී කොකේන් පානය කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 34 දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මාකඳුරේ මධුෂ්, කංජිපාන ඉම්රාන්, රොටඹේ අමිල, ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වැන්රෝවන් ද සිටියහ.

     මාස දෙකකට ආසන්න කාලයක් පුරා ඩුබායි පොලිසිය රඳවාගෙන සිටි මෙම සැකකරුවන්ගෙන් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරියකු වන ලලිත් කුමාර පෙරේරා (27 දා* එරටින් පිටුවහල් කළහ. ඔවුන් මෙරටට පැමිණි පසු නදීමාල් පෙරේරාගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔහු මුදාහල අතර ලලිත් කුමාර නමැති බන්ධනාගාර නිලධාරියා වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

     කංජිපාන ඉම්රාන් ඇතුළු අපරාධකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ සවස භාරදීමට නියමිතව තිබේ.

  • Facebook වලින් තහනමක්

    Facebook වලින් තහනමක්

    ‘සුදු ජාතික වාදය’ සහ ‘බෙඳුම්වාදය’ සඳහා අනුබල දෙන ප්‍රශංසා, සහයෝගය ලබාදීම්, සිදු කිරීම සම්පූර්ණයෙන්ම වළක්වන බව, ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. 

    ලබන සතියේ සිට මෙය ක්‍රියාත්මක කරන බව එම සමාගම පසුගිය අගහරුවාදා සදහන් කර ඇත. මේ අනූව ත්‍රස්තවාදය හා අන්තවාදය දිරි ගන්වන කිසිඳු ආකාරයක ප්‍රකාශයක් ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කරනු ඇත.  

    ෆෙස්බුක් සමාගම තවදුරටත් කියා සිටින්නේ, ත්‍රස්තවාදී කණ්ඩායම් සිදු කරන ප්‍රචාරණයන් සහ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැළැක්වීමට ක්‍රියා කරන බවයි. එම සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගියදා සිදුවූ නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේ දී එම ප්‍රහාරකයා සජීවී ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ එය විකාශය කිරීමට කටයුතු කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින්ය. එම සිද්ධියෙන් 50දෙනෙකුට දිවි අහිමි විය. 

  • නන්දිමාල්ට ## දෙන්න ගිය උඳුලයට වෙච්ච දේ… (වීඩියෝ)

    නන්දිමාල්ට ## දෙන්න ගිය උඳුලයට වෙච්ච දේ… (වීඩියෝ)

    ඩුබායිහි සිට ලංකාවට පිටුවහල් කරන ලද නදිමාල් පෙරේරා කටුනායකදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි ගිය නීතීඥ උදුල් පේ‍්‍රමරත්න නැමැත්තා නොතකා නදිමාල් පෙරේරා යන්නට ගියේය.

    එම අවස්ථාවේදී මදක් කෝපයටත් ලැජ්ජාවටත් පත් වූ උදුල් පේ‍්‍රමරත්න ‘ඌ සලමන් ඛාන්ද.. ඌ මොකෙක්ද.. පොරක්ද.. පොඩි එකෙක් ඌ.. සලමන් ඛාන් කුඩු ගහල අහුවුනාද..’ යයි මාධ්‍ය ඉදිරියේ පැවසූ ඔහු පසුව මාධ්‍ය වෙත අදහස් පල කලේ නදිමාල් පෙරේරා හෝ අමල් පෙරේරා කිසිදු වරදක් කර නැති බවයි.

    පොලීසියෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදයක් පමණක් බවත් ඔහු සදහන් කලේය.

    මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මුල් දිනවල උදුල් පේ‍්‍රමරත්න නීති සහාය සදහා කියමින් ඩුබායි බලා පිටත්ව ගියේය.

    නිසි පුහුණුවක් සහ දක්ෂකමක් නොමැතිකමින් නඩු නොමැති, ජනතාව පයිසකට මායිම් නොකරන කළු කබා පොරවා ගත් නීතිඥයින් ලෙස පෙනී සිටින ඇතැමුන් අපරාධකරුවන් හෝ සැකකරුවන් පසුපස ලුහුබඳින්නේ කීයක් හෝ කඩාගෙන ජීවත්වීමට සහ පොර ප්‍රචාරණයක් ලබාගැනීමට බව නොරහසකි.