Blog

  • ජනපති මෛත්‍රී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට අදාළ යෝජනාව යුනෙස්කෝවට බාරදෙයි

    ජනපති මෛත්‍රී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට අදාළ යෝජනාව යුනෙස්කෝවට බාරදෙයි

    ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යමත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළගාවේ මහ මළුවේ දී සිදු විය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.

    ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලි අස්ගිරි මහාවිහාරය පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නායක ස්වාමින් වහ්නසේ ප්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය විහාරවාසි අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා යන සියලුම මහානායක නාහිමියන් වහන්සේලා මෙම අවස්ථාවට එක්වීම ඓතිහාසික කරුණක් විය.

    ථෙරවාද බෞද්ධ රාජ්‍යයන් වන මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජ සංඝරාජ හිමිවරුන් සහ විදේශ රටවල් නියෝජනය කරමින් වැඩම කරන ලද මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.

  • ඩොලර්15,000කට තරඟ පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා කවුද..?

    ඩොලර්15,000කට තරඟ පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා කවුද..?

    1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් කණ්ඩායමට වචනයකින්වත් වරදක් හෝ දෙස් තැබීමක් සිදුකළේ නැත.

    96 ලෝකශූරයින් 99 දී ගෙදර ආ හැටි

    1999 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේද 1996 දී නායකයා වූ අර්ජුන රණතුංගමය. 1996දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ආ අර්ජුන රණතුංග පුමුඛ ක්‍රිකට් කණ්ඩායම එදා 1999 දී පළමුවටයෙන්ම පරාජයට පත්ව ආ මොහොතේ එහි නායකයා වූ අර්ජුනම කියා සිටියේ, සැමදාම දිනන්න බැහැනේ, ජය පරාජය අපි සමසිත්ව විඳදරා ගත යුතුය කියාය. ක්‍රීඩාවේ මෙන්ම සෑම දෙයකම ජයග්‍රාහකයෙකු මෙන්ම පරාජිතයෙකුද සිටින හෙයින් එය සත්‍යයකි.

    එහෙත් 1996 දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට දායක වූ කණ්ඩායමෙන් 80%ක් ඉක්මවා 1999 ලෝක කුසලානයට ක්‍රීඩා කරද්දී එම ලෝකශූරයින්ට අවම තරමේ අර්ධ අවසන් පූර්ව තරඟ වටයවත් ජය ගත නොහැකිව යළි සියරටට පැමිණීම ප්‍රශ්නාර්ථයක් විය.

    96දී ලෝක කුසලානය හිමිකරගත් කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග එදා මෙදා තුර ඔහුට විකිණිය හැකි හැම දේටමත්, හැම තැනකමත් ඔහු පෞද්ගලිකව විකුණන්නේ 96දී කණ්ඩායමක් වශයෙන් අපේ ක්‍රිකට් කණ්ඩායම හිමිකරගත් මෙම ලෝක කුසලානයේ නායකත්වයයි. එසේම ඔහුගෙන් පසු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් සියලු නායකයින්ට සහ ක්‍රීඩකයින්ට පහර ගැසීමට යොදා ගන්නේත් මෙම 96 ලෝක කුසලානයයි. එහෙත් 1999 දීත් ඔහු විසින් නායකත්වය දුන් ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම ගෙදර එන්න වුණු ක්‍රීඩා කිරීම ගැන ඔහු කටක් හැර නැත.

    අභිරහස එළියට ආ හැටි

    අදවන විට රණතුංග පවුල රටේ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම රිංගමින් දේශපාලනයට අරක්ගෙන ඇති පරිදි ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගැනීමට නොහැකිවන පරිදි තිලංග සිදුකරන මැදහත් ආවරණය නිසාම අර්ජුනට තිලංග සමඟ ඇත්තේ බද්ද වෛරයකි.

    ඊයේ (18) එජාප ආණ්ඩුවේ ප්‍රවාහන ඇමතිවරයා ලෙස අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී එහි වරප්‍රසාදවලට මුවාවෙමින් දැඩි පෞද්ගලික මඩ ප්‍රහාරයක් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල වෙත එල්ල කළේය. එහෙත් කිසිදා නොසිතු පරිදි අර්ජුනගේ සුදු පිරුවරට ගලවමින් තිලංග සුමතිපාල ලෝක ඉතිහාසයේ තරඟ පාවාදීම් සහ ශ්‍රී ලංකාවේ පළමු තරඟ පාවාදීම හෙළිදරව් කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් පළමුවරට තරඟයක් පාවාදී ඇත්තේ අර්ජුන රණතුංග විසින් බවට එදා ක්‍රිකට් බලධරියෙකු වූ තිලංග සුමතිපාල විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් පිටු අතරට එක්කරමින් හෙළිදරව් කරන ලද්දේ ක්‍රිකට් ඉතිහාස පොත් පෙරමින් වන අතර අර්ජුනගේ සුදු පිරුවට උනාදමමිනි.

    1992 දී ලක්නව්වලදී ඉන්දියාව සමඟ පැවති ටෙස් ක්‍රිකට් තරඟයක් ඇමෙරිකානු ඩොලර් 15,000කට අර්ජුන රණතුංග විසින් ඉන්දියාවට පාවාදී ඇති අතර එය අර්ජුනගේ ක්‍රිකට් පාවාදීම්වල මූලාරම්භය වී ඇත. එහෙත් 1994,95 වන විට සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන ක්‍රිඩකයින්ගේ අතිවිශිෂ්ට දක්ෂතා හමුවේ කණ්ඩායමේ ජයග්‍රහණ සීමා කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වූ බව පැහැදිලිය. එසේ ලෝක ශූරයින් වූ ක්‍රිකට් කණ්ඩායම වසර තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී පහතට ඇදවැටීමට ක්‍රිකට් තරඟ පාවාදීම් ඉස්මතු වූ කාලයක 1992දී පළමු තරඟ පාවාදීමෙන් පන්නරය ලද අර්ජුන යළි සැක නොසිතෙන පරිදි යළි කෙලෙස සක්‍රීය වන්නට ඇත්දැයි කාට කිව හැකිද?

    මේ එම හෙළිදරව්වයි(විඩීයෝ)

    https://www.youtube.com/watch?v=vmDv7li96eA

    1999දී පරාජිතව කණ්ඩායම ගෙදර එද්දී අර්ජුන පමණක් පැනගියේ කොහේද..?

    1999දී ලෝක කුසලාන තරඟාවලියේදී අනපේක්ෂිත පරාජයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා ගෙදර එද්දී, එම කණ්ඩායමේ නායකයා වූ අර්ජුන කණ්ඩායම සමඟ ගෙදර පැමිණියේ නැත. ඔහු පැරිසිය බලා පියාසර කොට සතියක් පමණ එහි ගත කර පැමිණියේය. එය සැබැවින්ම සැක උපදවන කරුණකි. මෙරට ඇතැම් දේශපාලඥයින් විවිධ අවස්ථාවල යම් යම් පාවාදීම්, පක්ෂ මාරු කිරීම් සඳහා ඩීල් දමන්නේ ලංකාවේ නොවන බව නොරහසකි. එම ඩීල් මුදල් ගනුදෙනු සිදුවන්නේ රටින් පිට සිංගප්පුරුව හෝ ඩුබායි වැනි රටවලය. එසේ නම් ක්‍රිකට්වල මුදලට තරඟ පාවාදීම් වලට අදාළ මුදල් ගනුදෙනුද වෙනත් රටකදී මිස මේ රටේදී අතට හසුවන ලෙස සිදුනොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    96 දී කණ්ඩායමක් ලෙස කැපවීමෙන් රට වෙනුවෙන් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලානය හෑල්ලුවට ලක්කරමින් කඩේ පිලේ යන හැම තැන තමා ඉස්මතු කර පෙන්වමින් එය සිල්ලරට විකුණන අතරතුර තිලංග සුමතිපාලට බුකී කාරයා ලෙස නිරන්තරයෙන් පහර ගසන අර්ජුන මෙම අනාවරණයත් සමඟ පාර්ලිමේන්තු සභාගැබෙන් හීන් සීරුවේ මාරු වී හොස් ඇතැයි වාර්තාවේ. 

  • මාවුස්‌සාකැලේට විනාඩි 45 ක කෘත්‍රිම වැස්‌සක්‌

    මාවුස්‌සාකැලේට විනාඩි 45 ක කෘත්‍රිම වැස්‌සක්‌

    වියළි කාලගුණය හමුවේ ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (22 දා) මාවුස්‌සාකැලේ විදුලි බලාගාරයෙන් ආරම්භ විය.

    ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ12 ගුවන් යානයක්‌ මගින් මාවුස්‌සාකැලේ ජලාශයට අඩි අටදහසක්‌ ඉහළ අහසේ වලාකුළුවලට විනාඩි 45 ක්‌ රසායනික ද්‍රව්‍ය මුදා හැරීම සිදු කෙරිණි. මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමේ තාක්‌ෂණය ලබා දීමට තායිලන්ත රජය කැමැත්ත පළ කර තිබූ අතර ඒ අනුව මෙරටට පැමිණි තායිලන්තයේ විශේෂ ඉංජිනේරුවෝ පිරිසක්‌ මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූහ.

    වලාකුළු මතට රසායනික ද්‍රව්‍ය මුදා හැරීමෙන් පසු විනාඩි 45 ක පමණ කාලයක්‌ වැසි ඇදවැටුණු බවත් ඉදිරි සති දෙක පුරා මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය දියත් කරන බවත් විදුලිබල හා පුqනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය පවසයි.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය හා ගුවන් හමුදාව ගිවිසුම්ගතව මෙම කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය දියත් කෙරේ. දිවයිනේ වියළි කාලගුණය පහව යන තෙක්‌ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය දියත්a කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රවි කරුණානායක මහතා අදාළ අංශවලට උපදෙස්‌ දී තිබේ.

  • අමෙරිකානු රෝහලකට සුවිශේෂ සම්මාන දෙකක් හිමිකර දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

    අමෙරිකානු රෝහලකට සුවිශේෂ සම්මාන දෙකක් හිමිකර දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

    2019 වසරේ එක්සත් ජනපදය පුරා පවතින රෝහල් අතරින් සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් අධ්‍යක්ෂධූරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා. ඊට අමතරව වසරේ ජනප්‍රියතම අධ්‍යක්ෂකවරියට හිමි සම්මානයද මෙම ශ්‍රී ලාංකික වෛද්‍යවරිය විසින් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

    පසුගියදා අමෙරිකාවේ බර්මින්හැම් හිදී පැවති වෛද්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ වාර්ෂික සමුළුවේදී මෙම සම්මාන දෙකම පිරිනමා තිබෙනවා. අමෙරිකාවේ ප්‍රාන්ත 52ක් නියෝජනය වන පරිදි තෝරා ගෙන තිබු රෝහල් 149ක් අතරින් මෙම සුවිශේෂී සම්මාන දෙක හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරිය අධ්‍යක්ෂ ධුරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල සමත්වුණා.

    අමෙරිකා එක්සත් ජනපදයේදී මෙම සාර්ථකත්වය ලබාගැනීම සඳහා රෝහලක් විවිධ කාණ්ඩවලින් සාර්ථකත්වයට පත් විය යුතුයි. රෝගී තෘප්තිය එහි ප්‍රධානම අංගයක්. ඔවුන්ට ලබා දෙන රැකවරණය, වෛද්‍යවරුන් සමඟ සහසම්බන්ධතාවය හා විසර්ජන සැලැස්ම පිළිබඳව ඔවුන්ගෙන් මෙම සමීක්ෂණයේදී විමසීමක් සිදු කරනු ලබනවා.

    රොක් හිල්හි සෞඛ්‍ය සේවය ලබාගත් රෝගීන් 90% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිචාර මෙම ඇගයීමට හේතු කොට ගැනුණා. මෙහි තවත් සැලකිය යුතු ගුණාංගයක් වන්නේ සෞඛ්‍ය සංරක්ෂණය කිරීමයි.

    මෙම රෝහල රෝගියාගේ ආරක්ෂාව සඳහා කැපවුණ අතර, රෝගීන්ට ඉහළම මට්ටමේ රැකවරණය ලබා දී සාමාන්‍ය ජීවිතය ගතකිරීමට නැවත යාමට ඉඩ සලසා දීම සහතික කිරීම විශේෂත්වයක්. රෝගීන්ට තම ඉලක්ක වෙත ළඟා වීම සහ ඔවුන්ගේ පවුල් වෙත යළි යෑමට උපකාර කිරීම රෝහලේ අවසාන අරමුණයි.

    ශ්‍රී ලාංකික වෛද්‍යවරියක වන ශිරානි මාලිකා ජයසූරියගේ මෙහෙයවීම සහ උපදෙස් යටතේ සෞඛ්‍ය සම්පන්න රෝහලක් බවට රොක් හිල් නාමය පත්කොට රෝගීන්ගේ ඉහළ මට්ටමේ ප්‍රතිචාර මත ජයග්‍රහණය ලබා ගැනීම මෙහි විශේෂත්වයයි. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරියකි. කොළඹ ජාතික රෝහලේ සහ මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක ලෙසද ඇය සේවය කොට තිබෙනවා. 

    මීට පෙරද එනම් 2018 වසරේදීද එක්සත් ජනපදය පුරා රෝහල් අතර සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය වෛද්‍ය ශිරානි මාලිකා ජයසූරියගේ අධ්‍යක්ෂධූරය යටතේ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා.

    තවද පසුගිය වසරේදී ද අමෙරිකා එක්සත් ජනපදය පුරා රෝහල් අතර සිදුකෙරෙන තරගාවලියකදී තෙවන වරටත් සෑම අංශයෙන්ම හොඳම රෝහල බවට මෙම රෝහල තේරී පත්ව තිබුණා.

    ඊට අමතරව 2018 වසරේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සුවකර පිටකර යවා ඇති රෝහල බවට තේරී පත්ව ඇත්තේද මෙම රෝහල වීම විශේෂත්වයක්. 

  • ගුරු විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් පාසල් කටයුුතු අඬාලයි

    ගුරු විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් පාසල් කටයුුතු අඬාලයි

    ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රාශියක පාසල් කටයුතු අඬාල වී තිබේ.

    පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ උසස් වීම් ගැටලු විසඳීම, පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නවතා දැමීම, දරුවන්ගේ විනය ආරක්ෂා කරන ගුරුවරුන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

    සියලුම ගුරුවිදුහල්පතිවරුන් අද (13දා) අසනීප නිවාඩු වාර්තා කරන බවත්, මීට අමතරව ගුරු විදුහල්පතිවරුන්ගෙන් පිරිසක් කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වන බවත් ලංකා ගුරු සංගමය පවසා සිටියි.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරු විදුහල්පති සංගම් තිහකට අධික ප්‍රමාණයක් එක්ව සිටින බවද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කළේය.

    එසේම නුගේගොඩ ගුවන් පාලම අසල ඇතුළුව ස්ථාන 20ක උද්ඝෝෂණ පැවැත්වීමටත් වෘත්තීය සමිති කටයුතු කරන බවද එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කළහ.

    පවතින ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා සියල්ලම අසාර්ථක වූ බවත්, මේ නිසා වැඩවර්ජනයකට යෑමට සිදුවූ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේය.

    අද දිනයේදී පාසල් දරුවන්ට සිදුවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත්, මෙම ක්‍රියාමාර්ගයට නිසිලෙස ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

    අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ ගැටලු විසඳීමට නම් අයවැය තුළින් 06%ක ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්විය යුතු බවත්, එහෙත් දැන් සිදුකරමින් තිබෙන්නේ අධ්‍යාපනයට සුළු මුදලක් වෙන්කර පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කර ගැනීම බවත් හෙතෙම පවසා සිටියේය.

    වසර ගණනාවක් තිස්සේ ගුරුවිදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා ගුරුවිදුහල්පතිවරන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවද ශ්‍රීලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා සඳහන් කළේය.

  • ‘ශ‍්‍රී පාදය’ ‘ශිවපාදම්’ කිරීම වහා තහනම් කරයි..

    ‘ශ‍්‍රී පාදය’ ‘ශිවපාදම්’ කිරීම වහා තහනම් කරයි..

    කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ‘ශිව පාදම්’ ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර ඇත.

    මේ පිළිබඳව පළවූ පුවත් පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.

    පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත. 

  • ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලය උලා කෑ හැටි….

    ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලය උලා කෑ හැටි….

    අප වෙබ් අඩවිය මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදු වූ අක්‍රමිකතා හෙළිකරන ලදී.එහිදී අප විසින් මෙම චූදිත සභාපති වරයා(ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය) විසින් මෙරටට සිදුකරන ලද මිනිය නෙහෙැකි පාඩුව ගැන සඳහන් කරන ලදී.නීතීඥ වරයෙකු වීම දායාදයක් කර ගනිමින් නීතියේ දෙවඟනව මහ දවාලේ දෙනෝදාහක් ඉදිරියේ නිරුවත් කරමින් නීති විරෝධී ක්‍රියා කිරීමට කිසිම ලැජ්ජා බයක් නැති මෙම උපුල් වැන්නවුන්ටද අරාබි දඬුවම් දිව යුත්තේ නොවේද ?

    මේ උපුල් වෘත්තීය ජීවිතයේ මෙන්ම පුද්ගලික ජීවිතයේද අසාමන්‍ය චරිත ලක්ෂන පෙන්නුම් කරන්නෙක් බව අප වෙබ් අඩවියේ මීට පෙර සඳහන් කර ඇති අතර අමු අමුවේම රට කන මෙවන් වසලයින් වෙනුවෙන් තවමත් පොලීසි වල උසාවි වල දොරවල් වැසී ඇත්තේ ඇයි දැයි උභතෝකෝටිකයකි.

    එවන් වකවානුවක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හිතැති සේවකයින් සහ මවුබිමට ආදරේ කරන සිවිල් සමාජ බොහොමයක එකතුෙවෙන් ආයෝජන මණ්ඩලයේ වූ මෙම සියළු අක්‍රමිකතා ගැන සිදුකරමින් ඇති පරීක්ෂණ කඩිනම් කිරීමටත් තවමත් ආරම්භ කර නැති පරීක්ෂන ආරම්භ කර උපුල් ජයසූරිය නම් මෙම අදූරදර්ෂී වංචනික පුද්ගලයාගෙන් මේ රටට සිදුවූ පාඩුව අයකරගෙන ඔහුව සහ ඔහුට සම්බන්ධ නඩයම රටින් පිටුවහල් කරන මෙන් ඉල්ලා ලිපියක් අතිගරු ජනාධිපති තුමා වෙත නුදුරු දිනයකදී භාරදීමට සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාරග වල සඳහන් වේ… ඔවුන් කොටුව දුම්රිය පොල,ලිප්ටන් වටරවුම,පාර්ලිමේන්තු වටරවුම යන ස්ථාන වලසිට පාගමනින් ජනාධිපති කාරයාලය වෙත පැමිනීමට සූදානම් ඇතැයිද එම ආරංචි මාරග වල සඳහන් වන අතර එදිනට මේ වන විට 10000ක පමණ පිරිසක් එම සංවිධන වලින් කොළඹට පැමිණීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

    අතිගරු ජනාධිපති තුමන් විසින් මේ වන විට රටේ පැතිරයන මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට මනා සංවිධානාත්මක ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටින සහ එම ක්‍රියාමාර්ගයන් වල ප්‍රගතිය ඉතා සාර්ථකව අපට පෙනීයන මොහොතක එසේ මත් උවදුරින් අපේ රටේ අනාගත තරුණ පරපුර බේරාගත්තත් මේ උපුල් වැන්නවුන්ට පිං සිද්ද වෙන්න එම තරුණ පරපුරට වෙන්නේ හිගාකන්නය.මන්ද මේ උපුල් නිසා රටට නොලැබී ගිය ආයෝජන අතිමහත් නිසාත්.ලැබුණු ඒවායෙනුත් කෝටි ගනන් පිල්ලි ගැසූ නිසාත්ය.

    අප වෙබ් අඩවිය මඟින් මීට ඉහත කී මේ කාරණා මේ වන විට රටේ කතාබහට ලක්වී තිබීම ගැන කවදත් රට වෙනුවෙන් රටේ අනාගත පරපුර වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින අපට සතුටු විය හැක.එලෙස ඊතලය මාසික සඟරාව සහ http://www.ethalayanews.com අඩවිය විසින් මේ පිළිබඳ මනා ලෙස කරුණු කාරණා ඉදිරිපත් කර ඇත.එම උපුටනය පහතින්,

    “රටේ ජාතික ආර්ථිකය ශක්මත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇති හැකියාව ඉතාමත් ප‍්‍රබලය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කර්මාන්තකරුවන් දිරි ගන්වා ඔවුන්ට අවශ්‍ය පහසුකම් නිසි ලෙෂ ලබාදෙමින් ඔවුන්ගේ දායකත්වය රටේ ප‍්‍රවර්ධනය උදෙසා ආයෝජන මණ්ඩලය ලබාගැනීමට උත්සුක විය යුතුය. නමුත් ලංකා ආයෝජන මණ්ඩලයෙන් නිසි ලෙෂ එය ඉෂ්ට වනවාද යන්න ගැටලු සහගත තතත්වයක් පැන නගින්නේ එම මණ්ඩලයේ ඇති කි‍්‍ර‍්‍රයාකාරිත්වය පිලිබඳව විමර්ෂණය කිරීමේදීය.


    ශ‍්‍රී ලංකාවේ ඇති සියලුම ආයතන දූෂණයට ලක්වී ඇති යුගයක ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පමණක් ඉන් ගැලවී යා නොහැකි බව සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මුලු රටම දූෂිත වුවද යම් ආයතනයක පිරිසිදු නිලධාරීන් සිටිනම් එම ආයතනය හෝ නිසිලෙෂ නඩත්තු කරමින් දූෂණයෙන් වංචාවෙන් තොර  මහජන යහපත තකා කටයුතු කරමින්  රට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට එම ආයතනය ප‍්‍රවිශ්ඨ විය හැකිය. නමුත්  ආයෝජනය මන්ඩලයතුලින් නම් එවැනි දෙයක් දක්නට නැත. තනිකරම නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබෙන්නේ  ඒ තුළ සිදුවන අයුතු සහගත දේවල්ය. මේවාට සෘජුව හෝ වක‍්‍රව එහි අධ්‍යක්ෂ ජනරාල් සභාපති අතැුලු පිරිස් වගකිව යුතුය. මහින්ද රාජපක්ෂ  පාලනය තුල  ආයෝජන මණ්ඩලය කියන්නේ දූෂිතයන්ෙ රජදහන්ක ලෙෂ ප‍්‍රතලිතව පැවැතිනි.


    නමුත් රනිිල් මෛත‍්‍රී 2015 දී බලයට පත්වූයේ  දූෂණයෙන් නාස්තියෙන් තොර යහපත් අනාගතයක් වෙනුවෙනි. එහෙත් එම පරමාදර්ශී චේතනාව නිසි ලෙෂ ඉෂ්ට වුවාද නැත. යහපාලන බලයට පත්වූ පසු ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය හිමිවුයේ ජනාධිපති නීතීඥ උපුල් ජයසුරියටය.  නීතිය පිළබඳ හසල දැනුමක් ඇති බව කියන ඔහු තම බලය අභිබවා යමින් අත්තනෝමතික ලෙස හැසිරෙමින් ආයෝජන මණ්ඩලය තුල කිසියම් දූෂිත හෝ අක‍්‍රමිකතාවක් සිදුකලානම්් එය  බලවත් වරදක් නොවේද ? 


    උපුල් ජයසුරිය මතුපිට සමාජය තුල පෙනී සිටිනේනේ තමා ඉතාමත් නිවැරදි පුද්ගලයෙකු ලෙසය. දූෂණ අක‍්‍රමික තාවලින් තොර ුපිරිිසිදු නීතිඥයෙකු ලෙසය. සාමාන්‍ය පුද්ගලයෙක් යම් වරදක් කරනවාට වඩා නීතිඥයෙක් යම් වරදක් කළොත් එහි ඇති බරපතලකම වැිඩිය. ඊට හේතුව වන්නේ ්නීතිය දැන දැනත් වරදේ පැටලීම සමාව දිය නොහැකි කරුණක් බැවිනි.ඒ අනුව උපුල් ජයසුරිය ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙෂ ක‍්‍රියාත්මක වීමේදී එම මණ්ඩලයට සිදුව ඇති අලාභය සුලුපටු නොවේ. ඒ සියල්ල සිදුවී ඇත්තේ අනිසි අක‍්‍රමවත් තත්ත්වයන් හේතුකොට ගෙනය. ආයෝජ මණ්ඩලයය තුළ අක‍්‍රමිකතා සිදු වීම තුළින්  එහි අලාභය  විදීමට සිදු වන්නේ රටටත් ජනාතවත්ය. එසේ නම් ජයසූරිය පාලය තුල සිදු වී ඇති අනිසි  තත්ත්වයන් හට සමාවක් දිය හැකිද ? 


    මොහු ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන විට රටට අහිමි වී ඇති බදු ප‍්‍රමාණය ඉතා විශාලය. ඉන් බිලියන ගණනක අලාභයක් සිදූ ඇත.  මොහුගේ පරිපාලනය මොන තරම් අනිසිද කිවහොත් එම කාල පරිච්චේදය තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් පමණක් පවරා ඇති නඩු ප‍්‍රමාණය 41 ක් පමණ වේ. ආයෝජන මන්ඩලයේ සභාපතිවරයා වශයේ උපුල් ජයසූරිය  කටයුතු කරමින් එවකට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි චුලානන්ද පෙරේරාට පවා  බලපෑම් එල්ල කර ඇත. ඒ අනිසි  වැඩ කිරිම උදෙසාය. එනම් ග්ලෝබල්  සීෆූඩ් ආයතනය නීති විරෝධී ලෙස ලංකාවට ගෙනා කන්ටේනර් තොගයක් රේගුවෙන් නිදහස් කරන ලෙස ඔහු මෙකී බලපෑම සිදුකර ඇත.රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වගකීව වන්නේ අයුතුුුසහගත කන්ටේනර් තොගයක් පැමිණියහොත් එය අත්අඩංගුවට ගෙන නීති මගින් කටයතුු කිරීමයි. එවැනි පසුබිමක් තුළ නීතිය දන්නා  උපුල්  ජයසුරිය රේගු අධ්‍යකෂ ජනරාල්වරයාට  නීතිය බල්ලාට යවමින ්බලපෑම්  එල්ල කිරිම තුළින් පෙන්නුම් කෙරෙන්නේ ඔහුගේ දඩබ්බ්ර කීයාකාරීත්වය හැර වෙන කුමක්ද ?  මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ් උපුල් ජයසූරිය ආයොජන මණ්ඩල හා රේගු නීති රීතිවලට පරිබාහිව හිතුවක්කාරී ලෙෂ සිය ධුරයේ වැඩ කටයුතු කර ඇති බවයි. සාමාන්‍යයෙන් දිනකට කටුනායක හා කොග්ගල වෙළඳ කලාපවලට ආයෝජන මන්ඩල ව්‍යාපෘති  මගින් කණ්ටේනර් 300 ක් පමණ පැමිණෙනු ඇත.ඒවා නිසි ලෙෂ පරීක්ෂා කරමින්  නීති විරෝධී දේවල් තිබෙනවාද නැද්ද බදු වංචා සිදු විමේ ස්වභායන් තිබනෙවාද යනාදි කරුණු පරීක්ෂා කර බැලීමේ වගකීම රේගු දෙපාර්තමෙන්තුවට ඇත. එහෙත් උපුල් ජයසුරිය පාලනය තුළ එකී   පරීක්ෂාවෙන්  තොරව බොහෝ කන්ටේනර ්පිට කිරීමෙට උත්සාහ කර ඇත.එවැනි ජාවාරම් කටයුතු සිදිුවීමේදී ඒවාට හරස් වූ  ඇතැම් රේගු නිලදාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමටද  ආයෝජන මණ්ඩලයේ ලොක්කෝ උත්සාහ දරා ඇත.  සමහරු මාරු කර දමා ඇත.   නීතිය නිසි ලෙෂ ඉෂ්ට කරන රේගු නිලධාරීන්ට එහි කටයුතු කිරීමේ නොහැකි තත්තවයක් තිබූ බවමින් පෙන්නුම් කෙරෙනු ඇත.


    එපමණ් නොව” කෝට්ස් සමාගම ආයෝජන මණ්ඩල  ගිවිසුම් උල්ලංඝනය කරමින් නූල් පන්දු ුකාටුන් 1056  ක් විදේශ රටකින් ගෙන්වා ඇත. ඒවා හිතුමනාපෙට රේගුවෙන් නිදහස් කර ඔවුන් වෙත ප‍්‍රධානය කිරිමටද ආයෝජන මණ්ඩලයේ ලොක්කෝ උත්සාහ කර ඇත.  නීතිය නිසි ලෙෂ ඉෂ්ට කරන රේගු නිලධාරීන්ට  එහි කටයුතු කිරීමේ නොහැකි තත්ත්වයක් තිබූ බව  මින් පෙන්නුම් කෙරෙනු ඇත.


    එපමණක් නොව කෝට්ස් සමාගම ආයෝජන මණ්ඩල ගිවිසුම උල්ලංගනය කරමි්න් ්නූල් පන්දු කාටුන් 1056 ක් විදේශ රටකින් ගෙන්වා ඇත. ඒවා හිතුමනාපෙට රේගුවෙන් නිදහස් කර ඔවුන් වෙත ප‍්‍රධානය කිරීමටද ආයේජන මණ්ඩලයේ  ලෝකකෝ උත්සාහ කර ඇත. මේ ආකායර උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙෂ කටයුතු කරන විට සිදු වී ඇති අක‍්‍රමික ක‍්‍රියා බොහෝය.


     ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ආයෝජන මන්ඩලය පිලිබඳව පිසුගිය දිනවල බොහෝ  ප‍්‍රකාශ සිදුර තිබිණි.  ඒ තුල බරපතල අක‍්‍රමවත් කි‍්‍රයා සිදුවන බවට ඔහු චෝදනා කරෙණි.  මෙහි ප‍්‍රථිපලයක්  වශයෙන් ආයොජන මන්ඩලයේ අදධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුලු පිරිසට ඉන් ඉල්ලා අස්වී යාමට සිදු විය.නිවැරදි ආකාරයට නම් පුද්ගලයෝ ඉල්ලා අස්වීම හෝ ඉවත් කර හැරීම තුලින් ඔවුන්ට එල්ල වී ඇති දූෂණ වංචා  අක‍්‍රමිකතා හා අයුතු ක‍්‍රීයා තුරන් වී යන්නේ නැත. ඔවුින් සිදුකර ඇති  අලාභයන් ඉන් වියැකී යන්නේද නැත. එම නිසා අනිවාර්යෙන්ම මෙවැනි චොද්නා ඇති නිලධාරීන් පිලිබඳව වහාම ජනාධිපතිවරයා පරීක්ෂන පවත්වා ඔවුන් එම සිදුකර ඇති අලාභයන් අය කර ගැනීමට කටයුතු කළයුතුය. එලෙෂ බලන කල ශ‍්‍රි ලංකා  ආයෝජන මණ්ඩජලයේ සභාපතිවරයා ලෙෂ ජනාදිපති නීතිඥ උපුල් ජයසූරිය කටයුතු කරන පාලය තුළ එහි සිදුවී ඇති බරපතල හා සුලු ගණයේ සියලු දූෂණ අක‍්‍රමිකතා සෙයා බැලීමට  ජනාධිපතිවරයා විසින් විශේෂ  පරීක්ෂණයක් කළ යුතුය. මලික් සරමරවික‍්‍රම  ඇමැතිවරයා සමග සමබන්ධ වී ආයෝජන  මණ්ඩලය  තුළ සිදු වී ඇති  බලවත් අලාභ හානි පිලිබඳ සොයා බැලිය යුතුය


    නමුත් තවමත් මෙම කාර්යය ජනාධිපතිවරයා අතින් සිදුවී  නැත. එය බලවත් වරදකි. එම නිසා වංචා දූෂන වැඩවලට එරෙහිව විශාල හඩක් ්නගන ජනාධිපතිවරයා  අවංකවම මෙම ක‍්‍රියාදාමයන්ට විරුද්ධ නම් ආයෝජන මණ්ඩලජයේ දූෂණ වංචා මගහැර දමා යා නොහැකි ඒවා සොයා බැලියයුතුය.රට ආර්ථික වශයෙන් අද වන විට දුර්වල තත්වයට පත් වී ඇත්තේ ආවාට ගියාට  සිදු වූ ස්වභාවික තත්තවය මත නොව මෙවැනි වංචනික අක‍්‍රමවත් සවබාවයන් හේතු කොට ගෙනය. ජනාධිපතියා 2020 ඊළග ජනාධිපතිවරණයට සූදානම් වන්නේ් නම් ඊට පෙර ඔහු ප‍්‍රායෝගිකව තමන්ගේ අවංකභවාය රටට ඔප්පු  කර පෙන්විය යුතුය. ඒ සඳහා සුදුසු සහ හොඳම අවස්ථාවක් ලෙස ඇතේ අණ්ඩුවේ ආයතන හොරා කෑ ලොක්කන්ගේ පැටිකිරිය අනාවරණය කිරීමයි. ඔවුන් මෙම වංචා වැඩ සිදු ිකර ඇතේතේ රටේ ජනතාවගේ හිස මත බදු බර පටවමිනි’ ලංකාවෙ මෙතරම් පීඩනයකට පත්වීමට මෙම හොර තක්කඩියන් සිදුකළ  වංචනික වැඩ ප‍්‍රබල ලෙෂ බලපා ඇත.එසේ නම් ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති හා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙ ්හිටපු සභාතිවරයා වන උපුල් ජයසූරිය පරිපාලනය පිළිබඳ ජනාධිපති මෛත‍්‍රීීපාල සිරසේනට මග හර යා නොහැක. අනිවාර්යෙන්ම ඔහුගේ පාලනය තුල සිදු වී ඇති දේවල් පිලිබඳව පරීක්ෂණ පවත්වා ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බව එහි සේවකයෝ උස් උඩින් ප‍්‍රකාශ කර සිටිති.”

  • මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණ වාර්තාවට අනුව එම ඇට කැබලි වර්ෂ 1400 – 1719 ත් අතර බව තහවුරු වේ….

    මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණ වාර්තාවට අනුව එම ඇට කැබලි වර්ෂ 1400 – 1719 ත් අතර බව තහවුරු වේ….

    මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණය සඳහා වූ කාබන් පරික්ෂණයේ වාර්තාව අද (07) මන්නාරම් අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.

    මේ අනුව ඇමරිකාවේ ෆෝරීඩාහි පිහිටි බීටා ඇනලටික් නැමති රසායනාගාරයට ලබා දුන් මන්නාරම් සමූහ මිණීවලෙන් රැගත් සාම්පල 6යේම වාර්තාව අද දින ප්‍රසිද්ධියට පත් කරමින් එළි දක්වා තිබුනේ සමූහ මිණීවලේ ඇටසැකිලි වල කාල නිර්ණය අනුව වර්ෂ1400 ත් 1719ත් අතර කාලයට අයත් බවයි.

    මන්නාරම් මහේස්ත්‍රාත් ටී. සර්වනරාජ් මහතාගේ නියෝගය පරිදි අද දින මෙසේ සමූහ මිණීවලේ කාබන් වාර්තාවන් ප්‍රසිද්ධියට පත් කෙරුණේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් මන්නාරම සමූහ මිණීවලේ නඩුව අද (07) දින මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදීය.

    මේ අනුව මන්නාරම් සමූහ මිණීවලේ ඇට සැකිලි පසුගිය යුද සමයේදී සිදු වූ යුද අපරාධයක් යැයි චෝදනා නැගූ පාර්ශවන්ගේ ප්‍රකාශයන් සාවද්‍ය වන බවට ඔප්පු වෙයි.

    කෙසේ වෙතත් උතුරේ සිවිල් සංවිධාන නියෝජිතයින් කියා සිටියේ මෙම සමූහ මිණීවල පෘතුගීසි ලන්දේසි සමයේ සිදුවූවක් බවට මේ වන විට ඔප්පු වී ඇති හෙයින් මෙහි කැනීම් ඉදිරියටත් සිදු කිරීම අර්ථ ශූන්‍ය බවටය.

  • ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?

    ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?

    දකුණු අප්‍රිකාවත් සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන්නේ ලෝක කුසලානය පෙරහුරුවක් ලෙස බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

    ”ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි මොකද ඇමතිත් ප්‍රනාන්දු නිසාද කියලා සමහරු අහලා තිබුණා.එහෙම හිතන එක තමයි ලංකාවට මේ ප්‍රශ්ණෙ වෙලා තියෙන්නේ.මං දන්නෙත් නෑ ඒ තරුණයෝ කවුද කියලා.නමුත් ලංකාවේ පෙරේරලා ප්‍රනාන්දුලා සිල්වාලා වැඩියි..එයාලා හොඳ සෙල්ලංකාරයෝ. දිනුමේදි වගේම පරාජයේදී අපි ඔවුන්ට සහයෝගය දෙන්න ඕන

    …මේ තරඟ ටිකේදී පැරදුනා කියලා නෙමෙයි හරි සුසංයෝගය තොරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හැමෝගෙන්ම ඉල්ලනවා කලබල වෙන්න එපා.  අපේ ඉලක්කය වෙන්න ඕන ලෝක කුසලානය.  අපි කොහාමහරි පළවෙනි හතරට එන්න ඕන ..ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් කරන්න ඕන තැන් හොයාගන්න තමයි මේ තරඟ පහ ගහන්නේ.  ඒ නිසා කලබල වෙන්න ඕන නෑ. මේ ආන්ඩුව වගේ ක්‍රිකට් කණ්ඩායමත් කවදාවත් වැටෙන්නේ නැතිවෙයි කියලා විශ්වාස කරනවා..” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

  • ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

    ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

    කොළඹ පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය රවී කරුණනායක මහතා වත්මන් ආණ්ඩුව මේ යන ගමන්මග වෙනස් කර සැබෑ ආර්ථික වෙනසකට යා යුතු බව අවධාරණය කරන ලදී..

    එහිදී එතුමන්,

    “මේක තමයි රට හදන්න පුළුවන් අවස්ථාව.හැම දේශපාලන පක්ෂයක්ම මේ අවුරුදු හැත්තෑගාන තුල ගමන් කරල රට හැදීමට උදවු වෙනව වගේම රට නැත්තට නැති කිරීමටත් ලොකු දායකත්වයක් දීල තියෙනවා.එහෙනම් දැන් තමයි මේක හදන්න තියෙන වෙලාව.අපේ පක්ෂෙත් කතාකාරයො ගනනාවක් ඉන්නවා නමුත් වැඩකාරයෝ බොහොම අඩුයි.ඔබ තුමාද දේශපාලනඥයො පත්කරල එවන්නෙ ඔබතුමාලට සේවයක් කරන්න මිසක් දේශපාලනඥයින්ට සේවය කරන්න නෙමෙයි.මේ වෙනස ඇති කිරීම තමයි අවශ්‍ය වෙන්නේ.අපේ නායකයොන්ට තියෙන්නෙ රටේ ප්‍රශ්න වලට උත්තර දෙන එක… මෙතන තේ මිල අඩුවෙනකොට තේ ගස් ගලවන එක නෙමෙයි.. අපේ කෘෂිකර්ම පද්ධතියෙ 23% ආදායම සපයන රබර් මිල අඩුවෙනකොට රබර් ගස් ගලවල දාන එක නෙමෙයි … අපේ විරැකියා ප්‍රශ්නෙට උත්තර දෙනකොට උසනම් සිකුරුටි මිටිනම් කම්කරු කියන මේව නෙමෙයි… කොහොමද රැකී රක්ෂා ඇතිකරන්නෙ කොහොමද ආදායම් උත්පාදන ක්‍රම ඇති කරන්නේ… මට ගෙයක් නෑ කියල කිව්වම මෙන්න රු.100 ක් කියල දුන්නම ලක්ෂ ගානක ගෙයක් හදන්න පුළුවන්ද? මෙන්න මේව පරිවර්ථනය කරන්න ඕන එහෙම තමයි සැබෑ ආර්ථිකය ඇති කරන වෙනස ඇති කරන විදිහ…”

  • අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නිසා කිලිනෙච්චිය උණුුසුම් වෙයි

    අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නිසා කිලිනෙච්චිය උණුුසුම් වෙයි

    යුද්දය හේතුවෙන් අතරුදහන් වූවන් වෙනුවෙන් පිහිටුවන ලද කාර්යාලය හේතුවෙන් කිලිනොච්චියේ පැවති විරෝධතාවයක් අතරතුර දෙපාර්ශවයක උණුසුම් තත්වයක් හටගෙන ඇත.

    අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසර දෙකක් පිරීම නිමිත්තෙන්  කිලිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපටදී දැවන්ත විරෝධතාවක් සංවිධානය කොට තිබූ අතර මෙම විරෝධතාවයට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙන්ම යාපනය සරසවි සිසුන් හා දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.

    එම විරෝධතාවය කිලිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිටින් ආරම්භ වී ඩිපෝ මන්සන්ධිය දක්වා පාගමනින් ගමන් කල අතර එහිදී සහභාගී වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හා යාපනය සරසවි සිසුන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ජනතා නියෝජිතයින් පිරිසක් අතර බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් උණුසුම් තත්වයක් උද්ගතව ඇත.

    එහිදී විරෝධතාවයේ නිරත වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් පවසා ඇත්තේ වසර දෙකක් යන තුරු තම සත්‍යග්‍රහයට විසඳුමක් නොලැබුනු බවටත් යුද්දය අවසන් වී වසර 10 ක් ගත වුනද විසඳුමක් නොලැබුනු අවස්ථාවේදී දැනට පිහිටුවා ඇති අතුරුදහන් වූවන්ගේ කාර්යාලයද බොරුවක් බවත් එහෙයින් අතුරුදහන් වූවන්ගේ කාර්යලය එපා බව පවසමිනි එම විරෝධතා පාඨයන්ට යාපනය සරසවියේ සිසුන් පිරිසක්ද එක්වෙමින් සහය පල කල අවස්ථාවේදී යාපනය නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විරෝධය පල කරමින් පවසා ඇත්තේ අතුරුදහන් වූවන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලය අත්‍යවශ්‍ය බැවින් එවැනි විරෝධතා පාඨ නොකියන බැවිනි එහිදී යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් අදාල මන්ත්‍රීවරයාට එරෙහි වී බහින්බස්වීමක් සිදුව ඇති අතර මඑය ආවරණය කල මාධ්‍ය වේදීන්ටද බාධා සිදු කොට ඇත .එහිදී උණුසුම් තත්වයක් හට ගත්තද පසුව එම ස්ථානයට සහභාගී වූ තවත් පිරිසක් විසින් තත්වය පාලනය කොට දෙපාර්ශවය විසුරුවා හැර ඇත.

    කිලිනොච්චියේ පැවති විරෝධතාවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයික්කලනාදන්, සිවසක්ති ආනන්දන්, එස්.ශ්‍රීධරන්, උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්, ඇතුලු පලාත්සභා හිටපු මැති ඇමති වරුන් වන එම්.සිවාජිලිංගම්, ආනන්ද සංකරී, ඇතුලු නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියද අදාල බහින්බස් වීමට හෝ උණුසුම් අවස්ථාවට සහභාගී නොවීය. 

  • ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ කරච්චි සහ ලාහෝර් දක්වා ගුවන් ගමන් තාවකාලිකව නවතී

    ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ කරච්චි සහ ලාහෝර් දක්වා ගුවන් ගමන් තාවකාලිකව නවතී

    පකිස්තානයේ ලාහෝර් සහ කරච්චි වෙත හෙට (28) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඒ, පකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට ගත් තීරණය හේතුවෙන්. 

    පකිස්තානය එවැනි තීරණයක් ගනු ලැබුවේ ඉන්දියාව සමඟ හටගෙන ඇති අර්බුදකාරී තත්වයත් සමඟයි. 

  • පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් මහ පාරේ

    පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් මහ පාරේ

    විරෝධතාවයක් හේතුවෙන් ඊයේ(23) නාවල මාර්ගය විවෘත විශ්වවිද්‍යාලය අසල මාර්ගය අවහිරව තිබේ.

    පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මෙම විරෝධතාවය නිරත වන බව වාර්තා විය.

    මේ හේතුවෙන් අදාල මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද වාර්තාවිය.

  • රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට ගෙනයා හැකි එකම පක්ෂ ජවිපෙයි

    රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට ගෙනයා හැකි එකම පක්ෂ ජවිපෙයි

    මෙරට ඇති සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් රට නිවැරදි මාවතට රැගෙන යා හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව එම පක්ෂය පවසනවා.

    එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ බව ප‍්‍රකාශ කළේ එම පෙරමුණේ හලාවත ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්. 

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සඳහන් කළේ “වසර 71ක් තිස්සේ මේ කරත්තය ඇදගෙන ආවේ එක්කො කොළ පාට ගොනෙක් නැත්නම් නිල්පාට ගොනෙක්. අන්තිම අවුරුදු තුනේ කොළපාට නිල්පාට ගොන්නු දෙන්නම එකතු වෙලා කරත්තය ඇද්දා. එහෙම ඇදලත් දැන් ඇදගන්න බෑ.  රට ආර්ථික වශයෙන් බංකොලොත් කියලා ජනාධිපතිවරයා කියනවා. මේක තමයි තත්ත්වය.” යනුවෙනි. 

  • ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන්  සුබ පැතුම්

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

    දකුණු අපි‍්‍රකාවට එරෙහිව එරටේ දී ම තර 2 – 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ‍්‍රී ලංකාව පත් කළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

    ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න මහතා ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපති සිය ස්තුතිය පළ කරයි.

    එමෙන්ම නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂ ජයග‍්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ද ආශීර්වාද පළ කර සිටී.

  • විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

    විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

    ලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන. පාරිභෝගිකයා තමයි අපේ මූලික අරමුණ වියයුත්තේ. ඒ සංකල්පය මත පිහිටා අපි වැඩ කළ යුතුයි. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලංවිම පරිවර්ථනය කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (22) පෙරවරුවේ චිත්තම්පලන් ඒ ගාඩිනර් මාවත පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයීය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

    මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයාගේ වැඩි අවධානයක් යොමු වූයේ ඇමතුම් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ……

    “මේ මූලස්ථානයේ තියෙන අළුත්වැඩියා කිරීම් සහ නව ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු පුළුවන් තරම් ඉක්මන් කරන්න කියලා මම මේ අවස්ථාවේ අදාළ අංශයන්ට උපදෙස් දෙනවා. ඒ වගේම ලං.වි.ම. ඇමතුම් මධ්‍යස්ථානයේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකර, ඒ තුළින් පාරිභෝගිකයාට හැකිතාක් සමීපව සේවා සපයන ආයතනයක් බවට ලංවිම පත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා දැනට තිබෙන පහසුකම් වලට අමතරව නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය අප්‍රේල් 05 දින වනවිට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

    වසර ගණනාවකට පෙර නාරාහේන්පිට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිතවූ ලංවිම නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් නිමාවී නොමැති බැවින්, එය සිදුකිරීමේ හැකියාව පිළිබදව සොයා බලා, හැකි ඉක්මණින් එම ඉදිකිරීම් ආරම්භ කළ යුතු බවත්, පාරිභෝගිකයාට ඵලදායි, කාර්යක්ෂම, ගුණාත්මක මෙන්ම අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම වෙනුවෙන් ලං.වි.ම. කාර්ය මණ්ඩලයේද පහසුකම් සපුරා දියයුතු බැවින්, යෝජිත නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කඩිනම් කළයුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.