Blog

  • ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි

    ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි

    මාකඳුරේ මධුෂ් පොලිස් වෙසින් කණ්ඩායම් යවා කළ රට හොල්ලන අපරාධ බොහොමයක් ඇත. කළුතර එතනමඩලදී රණාලේ සමයං ඉලක්ක කර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා හත්දෙනකු ඝාතනය කිරීම, මහරගම අරැව්වල නිවෙසකින් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තියක් කොල්ලකෑම, දෙවුන්දරදී කුඩු කිලෝ එකසිය විස්සක් පැහැර ගැනීම ඒ අතරින් ප්‍රධාන සිදුවීම්ය.

    කළුතර, එතනමඩලදී රණාලේ සමයං ඝාතනය කරන්නට යැවූ අංගොඩ ලොක්කාගේ කල්ලිය පොලිස් නිල ඇඳුමෙන් ප්‍රහාරයට යැව්වේ මධුෂ්ය. අංගොඩ ලොක්කා පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමෙන්ය. සෙසු සාමාජිකයන් නව දෙනා අතරින් කිහිප දෙනකුද පොලිස් නිල ඇඳුමින්ය. 2007 පෙබරවාරි 27දා කඩුවෙල උසාවියට සමයං රැගෙන එනදා පොලිස් වෙසින් ගොස් වෙඩි තබා ඝාතන ඉලක්කය ගන්නට පෙර මධුෂ් වීඩියෝ දුරකථන ඇමතුමකින් දුන් උපදෙස් මත ගොස් ප්‍රහාරය එල්ල කරන්නේය. මෙම ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු ඝාතනය වන්නේය.

    පාකිස්තාන් මත්කුඩු ජාලය හරහා රැගෙන එන කුඩු කිලෝ එකසිය විස්සක් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය දකුණට යන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළන්දන් අතරේ කුඩු ජාවාරම කරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයන් ගැන කළ විමර්ශනයකදීය. පිය, පුතු, දෙදෙනකු මත්ස්‍ය ව්‍යාපාර අතරේ කුඩු ජාවාරම සිදු කරන බව හෙළිවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කරන විමර්ශනයකදීය. මාළු රැගෙන එන ලොරි අස්සේ මත්කුඩු රැගෙන එන මෙම ජාවාරම සොයා දෙවුන්දරට යද්දී මාකඳුරේ මධුෂ් වෙනත් කණ්ඩායමක් යොදවා එම කුඩු තොගය පැහැර ගත්තේය. එය මෙහෙය වූයේ දෙවුන්දර ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කුඩු තොගය සොයා දකුණට යන විටත් ඔවුන් ලෙසින් ගිය මධුෂ්ගේ කණ්ඩායම එය පැහැරගෙන අවසන්ය. මෙදින මධුෂ්ගේ නියෝග මත පැහැර ගන්නේ පාකිස්තාන් මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබලයකු වන අන්නාසි මොරිල්ගේ කුඩු තොගයකි.

    අන්නාසි මොරිල් කුඩු බෙදා හරින්නට යොදාගත් උපක්‍රමය වූයේ පිය, පුතු දෙදෙනාගේ මාළු ලොරිවල සඟවා දකුණෙන් කුඩු තොග කොළඹ එවීමය. මධුෂ්ට මොරිල්ගේ කුඩු ජාවාරම නවත්වන්නට අවශ්‍ය වන්නේ ඔහු තමාගේ රට පුරා කුඩු ජාවාරම ව්‍යාප්ත කරන සිහිනයට බාධාවක් වන නිසාය.

    කඩුවෙල රණාලේ සමයංව ඝාතනය කරන්නට ප්‍රධාන හේතුව ඔබේසේකරපුරදී තම සමීපතමයා වූ හර්ෂ යසස් හෙවත් කඹුරුපිටියේ හර්ෂගේ මරණයට පළිගැනීම බව මධුෂ් අංගොඩ ලොක්කාගේ කල්ලියට ඒත්තු ගැන්වූයේය. නමුත් මධුෂ්ගේ යටි අරමුණ වූයේ අංගොඩ සිට අවිස්සාවේල්ල දක්වාත්, අතුරුගිරිය අවට ප්‍රදේශයත් කේන්ද්‍ර කරගෙන සිදු කළ රණාලේ සමයංගේ මත්කුඩු බෙදාහැරීමේ ජාලය තමා අතට ගැනීමය.

    මත්කුඩු ජාලයේ පරතෙරට යන්නට වෙරදරන මධුෂ් දෙවුන්දරින් මොරිල්ගේ කුඩු තොගය කොල්ලකෑමත් සමඟ මොරිල් මධුෂ්ට එරෙහි සටන අරඹන්නේය. එහි ප්‍රතිඵලය මධුෂ් අද අත් විඳින්නේය. මධුෂ්ගේ දෙවැනි බිරිය වූ තිළිණි නිශායාට මධුෂ්ට දාව උපන් දැරියගේ පළමු උපන් දින සාදයේදී මධුෂ් කොටු කරන්නට අබුඩාබි පොලිසියට ඔත්තුව දෙන්නේ අන්නාසි මොරිල්ය.

    පැමිණිලිකරු සෞදි අරාබියේ කේටරින් ආයතනයක සේවය කළ අයෙකි. එහි සේවයේ නිරතව සිටි ඔහුට මේ තරම් වටිනා දියමන්තියක් හමුවන්නේ තමන් සේවය කළ සේවා ස්ථානයට ගෙනැවිත් දැමූ පස් ගොඩක තිබියදීය. රේගුවට නොදන්වා මෙරටට එවූ භාණ්ඩ අතරේ සඟවා මේ කියන දියමන්තිය ඔහු විසින් මෙරටට රැගෙනවිත් තිබුණේය. ඔහු සෞදියේදී තම මිතුරන්ටවත් තමන්ට දියමන්තියක් ලද බව නොකියන්නට වග බලා ගත්තේය.

    හොර රහසේ තම නිවෙසට දියමන්තිය යැවූ මොහු ඉන් පසුව ලංකාවට පැමිණෙන්නේ මැණික් ව්‍යාපාරිකයකු ලෙසින් ගමනක් අරඹන්නටය. ඔහු මැණික් මිලදී ගෙන විකුණන්නට පටන් ගන්නේ කෙදිනක හෝ දියමන්තිය නිසා තමන් පොහොසතකු වන බව දැනගෙනය. විවිධ අයගෙන් මැණික් මිලදීගෙන විකුණමින් මැණික් ව්‍යාපාරයට අතගසන ඔහු මැණික් ව්‍යාපාරය ඉහළට යත්ම කෝටි ගණනක් වටිනා දියමන්තිය විකුණන්නට සැලසුම් යෙදුවේය. ඒ සඳහා විදේශිකයන් කිහිප දෙනකුව සංචාරක මඟ පෙන්වන්නන්් මාර්ගයෙන් ගෙන්වා ගත්තේය. ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා තක්සේරු වාර්තාවක්ද ගෙන තිබුණේය. සංචාරක මඟ පෙන්වන්නන් සමඟ විදේශිකයන්ට අමතරව ශ්‍රී ලාංකිකයන් පවා දියමන්තිය මිලදී ගැනීමට එහි ආවේය.

    මේ අතරේ මාකඳුරේ මධුෂ්ට තම ඔත්තුකරුවකු මඟින් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තිය ගැන තොරතුරක් යන්නේය. මාකඳුරේ මධුෂ් ඒ වනවිටත් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් පසුපස හඹායමින් මැණික් කොල්ලයන් හා කප්පම් ගැනීම් සඳහා තම කණ්ඩායම් යොදවා තිබුණේය.

    සීතාවක ගඟේ පාලම යට මැණික් ගරද්දී හොරෙන් පන්නා විකුණූ­ කෝටි ගණන් වටිනා මැණික් ගල් ඇත්තේ රත්නපුර, කුරුවිට, පැල්මඬුල්ල ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සන්තකයේය. ඒ සියල්ල ගැන හොඳින් දැන සිටියේ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියාය. සීතාවක ගඟේ මැණික් පතලේ ආරක්ෂාවට එවකට සිටියේ අංගොඩ ලොක්කා හා ලඩියා නිසා ඔවුන් මැණික් ගල් විකුණන්නේ කාටදැයි හොඳින් දැන සිටියේය.

    කිරිඇල්ලේ මාටුවාගල මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි හතරක කප්පමක් මධුෂ් විසින් ගන්නේ ලොක්කාගෙන් ලද තොරතුරු මතය. මීළඟට ඒ අයුරින්ම කප්පම් ගන්නට සූදානම් වූ ව්‍යාපාරිකයන් අතර කිරිඇල්ලේ තිස්ස අප්පෝද සිටියේය. ඔහු ළඟ ඇති කෝටි ගණනක් වටිනා මැණික් කන්දරාවට කෙළ හලමින් සිටි මධුෂ් කෝටි ගණනක කප්පමක් ගන්නට වෙර දැරුවේය. නමුත් මධුෂ්ගේ බිය වැද්දීම් හමුවේ එකී ව්‍යාපාරිකයා ආරක්ෂිතව කොළඹ රැඳී සිටියේය. මේ අයුරින් රත්නපුරයේ මැණික් වෙළෙඳුන් ඉලක්ක කර මධුෂ් අරඹන පාතාල මෙහෙයුමෙන් ව්‍යාපාරිකයන් බිය වැදෙන්නේය.

    රත්නපුරයට බැල්ම හෙළන අතරේ මධුෂ්ට පන්නිපිටියේ දියමන්තිය ගැන දැනගන්නට ලැබිණි.මධුෂ් දියමන්ති කොල්ලය සඳහා සූදානම් කරන්නේ මාතර මල්ලී නමැති පාතාලයකුවය. මාතර, රොටුඹ පදිංචි තුසිත මධුරංග (38) හෙවත් මාතර මල්ලී මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ සිටි කොල්ලකෑම්වලට යොදාගත් අපරාධකරුවෙකි.

    ගිනි අවි පෙන්වා මංකොල්ලෑම් හා මිනීමැරුම් ඇතුළු අපරාධ සම්බන්ධව නඩු දහයකට වඩා ඇති මාතර මල්ලී හිරගෙදර සිට ඇප ලබා පැමිණ වීරකැටියේ පන්සලක රියැදුරකු ලෙස කටයුතු කර තිබුණේය. යළිත් කෙටි කාලයක් යද්දී අපරාධ රැල්ලට එකතු වන මාතර මල්ලී 2017 මාර්තු මාසයේ සිට මධුෂ්ගේ කල්ලි සමඟ අපරාධ රැල්ලට අත්පොත් තබන්නේය.

    මාකඳුරේ මධුෂ් මාතර මල්ලීව දියමන්ති කොල්ලයට සම්බන්ධ කරගන්නේ රුපියල් ලක්ෂ පනහක් මාතර මල්ලිට දෙන පොරොන්දුව මතය. ඒ ගැන කතා කරගත් පසුව මධුෂ් මාතර මල්ලීට අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ දෙකක් හා ජංගම දුරකථනයක් එවන්නේ දියමන්ති කොල්ලය සඳහාය.

    කොල්ලයට යොදා ගන්නේ නොවැම්බර් 5 වැනිදාය. මධුෂ්ගේ කීම මත මාතර මල්ලී පිළියන්දලට එන්නේ නොවැම්බර් 4දාය. මේ වන විටත් මධුෂ් දියමන්තිය මිලදී ගන්නා මුවාවෙන් ඔස්ටි්‍රයා ජාතිකයකු සමඟ රණසිංහ ආරච්චිගේ රවීන්ද්‍ර නාලක නමැති ඔරුවල, අතුරුගිරියේ සිටින මංකොල්ලකෑම් පාතාලයට සම්බන්ධ තම සගයකුව දියමන්තිය ගැන බැලීමට පන්නිපිටියට යවා තිබුණේය.

    ඔස්ටි්‍රයා ජාතිකයාත් මධුෂ්ගේ සබඳකම් මත මෙරටට ගෙන්වා ගන්නේ එය මිලදී ගන්නට එන විදේශිකයකු ලෙස පැමිණ කොල්ලය සිදුකරන්නටය.

    කොල්ලය සැලසුම් කළේ නොවැම්බර් 5දාය. විදේශිකයා ගෙන්වන්නට කලින් නාලක පන්නිපිටිය ඇරැව්වල පිහිටි දියමන්තිය ගැන මුලින්ම බලන්නේ අගෝස්තු මාසයේදීය. එය බලා පැමිණ මධුෂ්ට සියලු විස්තර ලබාදුන් පසු ඔස්ටි්‍රයා ජාතිකයා ලංකාවට එවන්නේත් මධුෂ්ය.

    මොවුන් දෙදෙනා ඇරැව්වල නිවෙසට ගොස් දියමන්තිය ගැන තොරතුරු බලාගෙන විත් මාකඳුරේ මධුෂ්ව දැනුවත් කරන්නේය. ඉන්පසු සියලුදේ සැලසුම් කරන මධුෂ් මාතර මල්ලීව හා අනෙක් කණ්ඩායම් පිළියන්දලට ගෙන්වන්නේය.

    මධුෂ්ගේ දැනුම්දීම මත මාතර මල්ලී පිළියන්දලදී තවත් පිරිසක් පැමිණි වෑන් රථයකට ගොඩ වූයේය. එහි රියැදුරු සමඟ මධුෂ්ගේ ගෝලයන් තිදෙනකු සිටියේය. වෑන් රථයට නැඟගත් මාතර මල්ලී ඔවුන්ව හඳුනන්නේ නැත. ඔවුන්ද මෙහෙය වූයේ මධුෂ්ය. මධුෂ් දුරකථනයෙන් දුන් උපදෙස් අනුව 3.8 වර්ගයේ රිවෝල්වරයක් හා මාංචු කුට්ටමක් මාතර මල්ලීට දුන්නේය.

    එම පිරිස සමඟ වෑන් රථයේදීම මාතර මල්ලී පොලිස් නිල ඇඳුම් අඳින්නේද මධුෂ්ගේ කීමටය.

    ඒ වන විටත් මධුෂ් කී පරිදි විදේශික ඔස්ටි්‍රයානු ජාතිකයා හා නාලක දියමන්තිය මිලදී ගන්නට ආ අයුරින් ඇරැව්වල පිහිටි මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ ගනුදෙනු කතා කරමින් සිටියහ.

    ඉන් පැය භාගයකට පසු නිවෙසට කඩා වදින මාතර මල්ලී ඇතුළු පිරිස අපි පොලිසියෙන්, මෙතැන හොර ජාවාරමක් වෙනවා කියලා අපිට තොරතුරක් ආවා. මේ විදේශිකයා අපට අවශ්‍ය සැකකරුවෙක් කියා රඟපාමින් විදේශිකයාගේ අත්වලට මාංචු දැම්මේය. නිවෙස හිමි ව්‍යාපාරිකයා එසැණින් කාමරයකට දමා එහි වූ රුපියල් කෝටි හත්සීයේ දියමන්තිය හා මැණික් ගල් කිහිපයක්ද රැගෙන ඔවුහු අතුරුදන් වූහ. නිවෙස් හිමියා එළියට එනවිට සියල්ල හමාරය. විදේශිකයා සමඟ හයදෙනාම අතුරුදන්ය. නිවෙසේ වූ දියමන්තිය හා මැණික්ද අතුරුදන්ය.

    මෙම කොල්ලය සම්බන්ධව මහරගම පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ ආයුධ සන්නද්ධව පැමිණි කොල්ල කල්ලිය ගැන මහරගම පොලිසියට අමතරව මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයද යොදවන්නේ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ හා නුගේගොඩ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ නියෝග මතය.

    මෙම විමර්ශනවලදී මුලින්ම කොටුවන්නේ පාදුක්කේ නිවෙසක සැඟ වී සිටි නාලකය. ඔහු අනියම් බිරියගේ නිවෙසේ සිටියදී නොවැම්බර් 17දා කොටු වූයේය. නාලකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කොල්ලය මාකඳුරේ මධුෂ් කරවූ එකක් බව හෙළි වන්නේය. එය තවදුරටත් තහවුරු වන්නේ නාලක අත්අඩංගුවට ගන්නා මොහොතේදීත් නාලකට ඩුබායි සිටින මධුෂ්ගෙන් ඉමෝ ඇමතුමක් ලැබීමෙන්ය. නාලක මධුෂ් සමඟ අවුරුදු දහයකට පමණ පෙර මීගමුවේ කොල්ලයකට ගොස් මධුෂ් සමඟම මීගමුවේ එකම සිරමැදිරියක සිටි අපරාධකරුවකු විය.

    මේ ගැන විමර්ශන කරන අතරේ මාතර මල්ලීව රත්මලාන මැලිබන් හන්දියේදී කොටු වන්නේ ඉකුත් දෙසැම්බර් 01දාය. මාතර මල්ලීගෙන් ප්‍රශ්න කිරීමේදී මෙයට එක්වූ විදේශිකයා හා තවත් අයෙක් නොවැම්බර් 07දාම රටින් පිටව ගොස් ඇතැයි සනාථ විය. මින් පසුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වන්නේ කොල්ලකන ලද දියමන්තිය ගුවන් මඟින් මධුෂ් විසින් ඩුබායිවලට ගෙන්වා ගත් බවය.

    මෙම දියමන්තිය ඩුබායිවලට රැගෙන ගිය ආකාරය සොයන අතරේ දෙහිවල පොලිසිය මත්කුඩු සමඟ පාතාලයට සම්බන්ධ අයකු කොටු කරගත්තේය. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මාකඳුරේ මධුෂ් සමඟ හිතවත්කම් ඇති රංගන ශිල්පී රයන් වැන්රෝයන් හා ගායන ශිල්පී අමල් පෙරේරාගේ සහාය මාකඳුරේ මධුෂ්ට ලැබෙන බවත් ඩුබායිවලට රයන් එම දිනවල ගිය බවත් කියැවේ.

    එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය එම තොරතුරුවලට අදාළව කට උත්තර ගැනීම සඳහා රයන් වැන්රෝයන් හා අමල් පෙරේරාට පොලිස් පණිවුඩයක් යවන්නේය.

    ඒ අනුව මීට සති තුනකට පෙර රයන් වැන්රෝයන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයට පැමිණ කට උත්තර දී ඇත්තේය. එහිදී තමන් ඩුබායිවල සංචාර කළත් මාකඳුරේ මධුෂ් කෙනකු දැක නැති බවත්, මධුෂ් නොහඳුනන බවත් වැඩිදුර ප්‍රකාශයක් දී තිබුණේය. කෙසේ වුවද රයන්ගේ දුරකථන සම්බන්ධතා ජාල පරීක්‍ෂණයක් සඳහා අධිකරණ නියෝග ගන්නා පොලිසියට එම වාර්තාව ලැබෙන විට රයන්ට කට උත්තර නැති වී ඇත. ඒ මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන්දින සාදයට ගිය මොහොතේ රයන්ද කොටු වී සිටි නිසාය.

    රයන් මධුෂ් නාඳුනන බවට පොලිසිය නොමඟ යැව්වත් රයන් එහි කොටුවන විට පොලිසිය දුරකථන ජාල පරීක්‍ෂාවෙන් පසු මධුෂ්ගේ සම්බන්ධය හෙළි කර ගත්තේය. එම විමර්ශනයට අදාළව ගායන ශිල්පී අමල් පෙරේරාට කැඳවීමක් කර ඇතත් ඔහු විදේශ ගතවන නිසා යළි පැමිණි පසු පොලිසියට එන බව දැනුම් දී තිබුණේය. දැන් අමල්ද ඉන්නේ ඩුබායි පොලිස් භාරයේය.

    මධුෂ්ගේ නියෝග මත කොල්ලකෑ දියමන්තිය මධුෂ්ට ඉමෝ දුරකථන ඇමතුමකින් පෙන්වා එය පාර්සල් කර එහි ඡායාරූපද මධුෂ්ට ලැබෙන්නට සලස්වන්නේ මාතර මල්ලීය. ඒ කොල්ලය සිදුවූ නොවැම්බර් 05දාමය. මෙම කොල්ලයට ගිය ඔස්ටි්‍රයානු ජාතිකයා මෙය රැගෙන ගිය බවට කලින් සැක කළද ඔහු පිටව ගොස් තිබුණේ නොවැම්බර් 07දාය. නමුත් මධුෂ්ගේ උපදෙස් මත සුරක්‍ෂිතව තැබූ දියමන්තිය මාතර මල්ලී හා නාලක විසින් රැකගෙන සිට නාලක විසින් එය කොළඹට ගෙනැවිත් දෙන්නේ නොවැම්බර් 08දාය. ඒ මධුෂ් කී නාඳුනන අයකුටය.

    දැනට කරන ලද විමර්ශනවලට අනුව රයන් නොවැම්බර් 08දා ඩුබායි බලා ගොස් ඇත. ඒ අනුව පොලිස් විමර්ශන කණ්ඩායම් සැක කරන්නේ රයන් හෝ ඔහු සමඟ ගිය අයකු අතේ මධුෂ් මෙම දියමන්තිය ඩුබායි වෙත ගෙන්වාගත් බවය.

    රයන්, අමල් වැනි ප්‍රසිද්ධ කලාකරුවන් ගුවන් තොටුපොළේදී වැඩි පරීක්‍ෂාවකට ලක් නොවීම නිසා මධුෂ් ඔවුන්ගෙන් වැඩ ගත් බව පරීක්‍ෂණ කණ්ඩායම් සැක කරන්නේය. අමල් පෙරේරා මීට පෙර සුදු කැස්බෑවකු අතුරුදන් වූ සිද්ධියටද චෝදනා ලැබූවෙක්ය.

    මාකඳුරේ මධුෂ්ට කෝටි හත්සීයේ දියමන්තිය ගෙනගිය ආකාරය හෙළිකර ගත හැක්කේ ඩුබායි අත්අඩංගුවෙන් මිදී රයන් හා අමල් මෙරටට පැමිණ විටදීය.

    දැනට ඇති බුද්ධි තොරතුරුවලට අනුව දියමන්තිය ඇත්තේ මධුෂ්ගේ දෙවැනි බිරිය වන ඩුබායිහි සිටින තිළිණි නිශායා ළඟය. ඇය මහරගම කළු තුෂාර නමැති පාතාල නායකයාගේ බිරියය. කළු තුෂාර වැලිකඩදී මියගිය පසු ඇය මධුෂ්ට හේත්තු වන්නේ ඇගේ ආශාව පාතාල රැජනක වන්නට වූ නිසාය. පාතාල රැජනක් ලෙස මධුෂ්ගේ තුරුලට ගිය ඇය තම සැමියා වූ කළු තුෂාරගේ මරණයට වගකිවයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවට වෙඩි තබන මෙහෙයුමද මධුෂ් ලවා කරවන්නේය. මේ අනුව ඇයද ඉදිරියේදී මෙරටට අවශ්‍ය අපරාධකාරියක් ලෙස ලේඛනගත වෙමින් සිටින්නේය.

    මව්බිම පුබුදු වික්‍රමතිලක

  • මහරගම, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පැය 21ක් පානීය ජලය නැහැ

    මහරගම, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පැය 21ක් පානීය ජලය නැහැ

    අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) බදාදා පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.


    මේ පිළිබඳව වැඩි විස්තර විමසීම සඳහා ජාතික ජල සමිපාදන හා ජලාපවාහන මණ්ඩලයේ කෙටි දුරකථන අංකය වන 1939 ඇමතීමෙන් ලබාගත හැකි බවද එම මණ්ඩලය වැඩිදුර අදහස් දක්වයි.

  • එජාපය දැඩි අනතුරක…..  සජිත්ගේ මඩ බලකාය වැඩ අල්ලයි …

    එජාපය දැඩි අනතුරක….. සජිත්ගේ මඩ බලකාය වැඩ අල්ලයි …

    පසුගිය දින වලදී නිවාස සංවර්ධන අධිකාරයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය විසින් මාධ්‍ය හමු ගනනාවක් පවත්වමින් තොරතුරු අණාවරනය කල අතර එම තොරතුරු වලින් සජිත් ප්‍රේමදාස මහතා දුගී මිනිසුන්ට නිවාස දී දෙවියෙකු මෙන් වැජඹෙමින් සිටි කාලය අහවර විය.එම නිවාස දෙන ආකාරය ගැන මේ වන විට රටම දැනගෙන සිටින අතර සජිත් ප්‍රේමදාස වෙත ජනතා අප්‍රසාදය සීග්‍රෙයන් වැඩි වෙමින් ඇත.

    එවන් වකවානුවක මේ කරුණු ඉස්මතු කරමින් මුහුණුපොත වැනි සමාජ මාධ්‍ය වල සජිත් ප්‍රේමදාසට එදිරිව සිය මත පල කරන්නන් නිහඬ කිරීමේ රහස් වෑයමක් මේ වන විට එළිවෙමින් පවතී.එනම් එසේ සජිත් ප්‍රේමදාස මහතාව විවේචනය කරන්නවුන් හට ව්‍යාජ මුහුණුපොත් ගිණුම් මගින් අමු තිත්ත කුණුහරුයෙන් බැන වැදීමත් ඔවුන්ගේ මව පියා බිරිඳ දරුවන් සහ පෙම්වතිය හෝ පෙම්වතා වැනි අතිශය සමීපමයන්ගේ මුහුණු පොත් ගිණුම් වලට ගොස් ඔවුන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප එඩිට් කර ඔවුන්ට මඩ ගැසීමේ සූක්ෂම උපායයි. මෙමගින් එසේ සජිත් ප්‍රේමදාසට විරුද්ධව මත පල කරන්නන් නිහඬ කිරීමට SPG 2020 නමින් සයිබර් මඩ බලකායක් පවත්වාගෙන යන අතර ඊට අමතරව මෙම SPG -2020 කණ්ඩායමට පැවරී ඇති කාර්ය නම් නගරවලින් ඔබ්බට ඈත ගම්මාන වලට ගොස් ඒ ගම් වල වෙසෙන අහිංසක ජනතාව අතර එජාප වත්මන් පක්ෂ නායකයා වන රනිල් වික්‍රමසංහ සහ ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් ලෙස දැනට කරලියේ නිතර නම් කියවෙන පාඨලී චම්පික රණවක / කරූ ජයසූරිය / නවීන් දිසානායක යන මහත්වරුන් එජාප අනාගතය විනාස කරන බවත් එජාපය ගොඩගැනීමට හැක්කේ සජිත් ප්‍රේමදාසටම පමණක් බවත් මතයක් සමාජගත කිරීමය.

    එජාප වේදිකාවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ගුණ ගයන සජිත් මෙසේ සිය කණ්ඩායම් නගරවලින් පිට ගම්මාන වලට යවා ඉතා සූක්ෂම ලෙස රනිල්ගේ සහ ඉහත කී අයගේ රෙදි ගලවන්නේ කිසිම හිරිකිතයකින් තොරවය.සජිත් මේ ගෙනියන්නේ 2015 වන විට මංගල ගෙන ගිය තියරියම බව යාන්තමින් ඇස් ඇරිය බළල් පැටියෙකුට උවද තේරෙනවා නොඅනුමානය.සජිත් විසින් මීට කලින් දෙවරකදී එජාපය හයිජැක් කිරීමට උත්සාහ කලද සජිත්ගේ සුකුමාල ළඳ බොළද කම් හමුවේ ඒ වෑයම් අසාර්ථක වූ අතර මෙවර අහිංසක ජනතාව බළලා කර ජනපති අපේක්ෂක කොස් ඇටය බා ගැනීමට සැළසුම් කර ඇත.තමන්ගේ ජනපති සිහිනය වෙනුවෙන් පක්ෂයේම නමක් තියාගෙන ඉන්න කරූ ජයසූරිය නවීන් දිසානයක වැනි අයත් රනිල් සහ පාඨලී යන අයවත් සමස්ථයක් ලෙස එජාපයම මේ යන ක්‍රමය වැරදියි එය නිවැරදි කිරීමට හැක්කේ සජිත්ට පමණක් යැයි කීමෙනුත් සජිත් විසින් කරන මෙම පක්ෂ විරෝධී ක්‍රියාවලිය නතර කිරීම පිරිසිදු එජාප පාක්ෂිකයාගේ වගකීමකි.

    එලෙස මෙම SPG -2020 මඩ බලකාය විසින් ඉහත කී ආකරයේ ගසන ලද මඩ සහ කුණුහරුප වල ස්කීන් ෂොට් කිහිපයක් පහතින්,

  • වෙලේ සුදාගේ අභියාචන පෙත්සම වැඩිදුර විභාගයට ….

    වෙලේ සුදාගේ අභියාචන පෙත්සම වැඩිදුර විභාගයට ….

    තමන්ට ලබාදී ඇති මරණ දඩුවම අභියොගයට ලක් කරමින් ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා ගොනු කළ අභියාචන පෙත්සම පෙබරවාරි මස 15 වනදා වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කරන ලදී.

    ඒ, අදාළ පෙත්සම දීපාලි විජේසූරිය සහ අචල වෙන්ගප්පුලි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීය.

    2008 වර්ෂයේ ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 7කට අධික ප‍්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය විත්තිකරුට මරණ දණ්ඩණය නියම කරන ලද අතර ඒ, 2015 වසරේ  ඔක්තොම්බර් මස 14 වනදායි.

  • හිටපු කළුතර ප්‍රාදේශිය සභාපතිට වසර 5ක සිරදඩුවම්

    හිටපු කළුතර ප්‍රාදේශිය සභාපතිට වසර 5ක සිරදඩුවම්

    හිටපු කළුතර ප්‍රාදේශිය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා අල්ලස් චෝදනාවකට අවුරුදු 5ක සිරදඩුවමක් අද ( 7) නියම කළේය.

    ඒ කොළඹ මහාධිකරණය විසින් නඩුව කැඳවු අවස්ථාවේදිය.

  • පාර්ලිමේන්තු සෝපානයක් තුළ විමල්,දිනේෂ් ඇතුළු මන්ත්‍රිවරු 12ක් සිර වේ

    පාර්ලිමේන්තු සෝපානයක් තුළ විමල්,දිනේෂ් ඇතුළු මන්ත්‍රිවරු 12ක් සිර වේ

    පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක් තුළ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු විනාඩි 15ක පමණ කාලයක් සිරවී සිටි බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කරන ලදී.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටියේ තමන් මෙන්ම දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු පමණ එම විදුලි සෝපානයේ සිර වී සිටි බවයි.

    හදිසි දුරකතන ඇමතුම් ලබාදී ඒ පිළිබඳ දැනුවත් කළද විනාඩි 15ක් පමණ යන තුරුම විදුලි සෝපානය විවෘත කිරීමට අදාළ අංශ ක‍්‍රියාත්මක නොවූ බවයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කියා සිටියේය. 

    ඒ පිළිබඳ වහාම සොයා බලන ලෙස ද මන්ත‍්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

  • චන්දිමාල් දොට්ට

    චන්දිමාල් දොට්ට

    ශ්‍රී ලංකා ‌‌‌ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මෙතෙක් දරන ලද දිනේෂ් චන්දිමාල් මීලග දකුණු අප්‍රිකා සංචාරයේදී නායකත්වයෙන් හා කණ්ඩායමෙන්ද ඉවත් කර තිබේ.

    එම තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න වෙත පවරා තිබේ.

    නිරෝෂන් දික්වැල්ල එම සංචාරයේදී උපනායක ලෙස පත් කර ඇත.

    චන්දිමාල් මීට පෙර සදහන් කර තිබුනේ තමන් කෙටි කාලයකට ජාත්‍යන්තර පිටියෙන් ඉවත් වී දේශීය තරග සදහා සහභාගී වී පිතිකරණයේ අඩුපාඩු සකස් කර ගැනීමට අදහස් කර සිටින බවයි.

  • ස්වයං පාලනය ලබා ගැනීමට එක්සත් ජාතීන් සමගින් සාකච්චා කරනවා..

    ස්වයං පාලනය ලබා ගැනීමට එක්සත් ජාතීන් සමගින් සාකච්චා කරනවා..

    ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් හමුවී සාකච්ඡා කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත.

    ද්‍රවිඩ ජාතීන්ට ස්වයංපාලන ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණක් ලබා ගැනීම තම අරමුණ බවද ඔහු කියා සිටියේය.

    යුද අපරාධ විමර්ශනය සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවට ලබාදුන් කාලය මාර්තු මස අවසන් වන බව පැවසූ විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ හිමිකම් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවද සඳහන් කර ඇත.

    ද්‍රවිඩ ජාතීන්ට එරෙහිව සමූල ඝාතන ක්‍රියාදාමය තවදුරටත් සිදුවන බවට චෝදනා කළ විග්නේෂ්වරන් ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බවත් අයිතිය ලබාදීම පැහැර හැර ඇති බවත් කීය.

    ද්‍රවිඩ අයිතීන් උදෙසා තමා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, අසන්තුරේසන් සහ ආනන්දි සසිතරන්ගේ සහය ද ලබාගන්නා බව විග්නේෂ්වරන් කීවේය. 

  • රූපවාහිනියේ උණුසුම් තත්වයක්..සභාපතිනි සිරකර විරෝධතා..

    රූපවාහිනියේ උණුසුම් තත්වයක්..සභාපතිනි සිරකර විරෝධතා..

    කොළඹ 07 පිහිටි ජාතික රූපවාහිනි සංස්ථාවේ මේ වන විට උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

    සේවකයක් විසින් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනීගේ කාර්යාලය වටලා විරෝධය පල කරමින් සිටිති.

    දේශපාලන හේතුන් මත සේවකයන් 21 දෙනෙකු ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරන ඔවුන් ආයතනයේ අලෙවි කළමනාකාරැ වහා සේවයෙන් ඉවත් කරන ලෙසද ඉල්ලා සිටී.

    එමෙන්ම අලෙවි කළමනාකරුගෙන් ආයතනයට මේ වන තෙක් සිදුව ඇති පාඩුව පියවා ගන්නැයිද ඔවුන් ඉල්ලති. 

  • දැරිය කළාඔයට දැමු මවගෙන් පැය 48ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

    දැරිය කළාඔයට දැමු මවගෙන් පැය 48ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

    සිව් හැවිරිදි සිය දියණිය ඝාතනය කර කලාඔයට දැමූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කරුවලගස්වැව, නීලබැම්ම ගම්මානයේ මවගෙන් පැය 48ක් රඳවාගෙන ප‍්‍රශ්ණ කිරීමට පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඊයේ (04) අවසර හිමිවිය. අදාළ මව ඒ පිළිබඳ පාපොච්චාරණය කිරීමෙන් අනතුරුවයි ඇයව අත්අඩංගුවට ගෙන ඇත. අදාළ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කළ බවයි පොලීසිය පැවසුවේය. දැරියගේ මව මනෝවෛද්‍යවරයෙකු හමුවට යොමු කිරීමට ද කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.

    ඉකුත් 30වනදා මෙම දැරිය පෙරපාසල් යාමට සූදානම් කරමින් සිටින අවස්ථාවේ ඇතිවූ කෝපයක් නිසා මව විසින් පහරක් එල්ල කර ඇති බවත් එහිදී දැරිය සිහිමූර්ජා වී ඇති අතර යළි සිහිය නොපැමිණීම හේතුවෙන් තමන් දැරියව කලාඔයට විසි කළ බවත් මව විසින් පොලීසියට පාපොච්චාරණය කර ඇත. මව විසින් සිදු කළ ඇතැම් ප‍්‍රකාශවල පරස්පරතා ද තිබූ බව ද පොලීසිය පැවසන අතර ඉකුත් දින කිහිපයේදීම දැරියගේ සිරුර සොයා කලාඔය  ඕලූමඩුව ප‍්‍රදේශයේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මෙහෙයුමක් ආරම්භ කළ ද, එහිදී ද දැරියගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය. දැරියගේ සිරුර සතෙකුගේ ගොදුරක් වන්නට ඇති බවටයි සැක පහල වී ඇත. 

    වර්ෂාව හේතුවෙන් කලාඔයේ දැරියගේ සිරුර සොයා කළ මෙහෙයුම්වලට ඊයේ දිනයේ බාධා එල්ල විය. ඒ අනුව එම මෙහෙයුම් අද උදෑසන යළි ආරම්භ කරන බවයි සාලියවැව පොලීසිය පැවසුවේය.

  • “මන්න රොෂාන්” අත්අඩංගුවට

    “මන්න රොෂාන්” අත්අඩංගුවට

    විවිධ ගනයේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන කාරියවසම් අතුකෝරළගේ දොන් රොහාන් ඉන්දික නොහොත් මන්න රොෂාන් ඊයේ (04) අත්අඩංගුවට ගැනුනා. ඒ හංවැල්ල පොලීසිය පහත්ගම ප‍්‍රදේශයේ කල මෙහෙයුමකදීයි.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හා හෙරෝයින් මිලිග‍්‍රෑම් 640 සොයාගෙන තිබෙනවා. පුද්ගලයන් පැහැරගැනීම , කප්පම් ලබා ගැනීම , අවි ආයුධ වලින් පහරදීම හා සාමාන්‍ය වැසියන් බියගැන්වීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ. ෙ

    ඉකුත් නොවැම්බර් මස හංවැල්ලේ මහපිහි කල්ලිය නමින් ප‍්‍රචාරය කෙරුණු බැලූම්ගල වැඩසටහනින් ද අනාවරණ කෙරුණේ මෙම පාතාල කල්ලි සාමාජිකයා පිළිබඳවයි. ඔහු අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (05) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

  • සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට

    සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කැන්බරාහී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරගාවලිය ආවරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ලබාදුන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුවයි. 

    ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා යෝජිත ව්‍යවස්ථාව මැයි මසට පෙර ක්‍රියාත්මක කිරීමේ අදහසක් පවතින බවත් මේ දිනවල එහි සංශෝධන පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

    එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද  අඩු කිරීම සඳහා මහේල-සංගා ඉදිරිපත් කළ කෙටුම්පත මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බවත් ඡන්ද දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කිරීමේ මාෆියාවට තමන් තිත තබන බවත් හෙතෙම පවසා සිටියේය. 

  • රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට තවත් වෘත්තීය සමිති වල සහය…

    රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට තවත් වෘත්තීය සමිති වල සහය…

    රේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගයක් වශයෙන් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියැදුරන් හා රේගු නියාමක නිලධාරීන් අද (05) දින සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    තම සන්ධානය යටතේ සිටින සාමාජිකයන් උදෑසන 8.00 සිට මෙම ක්‍රියාමාර්ග දියත් කරන බවත්, මීට අමතරව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා ක්‍රියාත්මක වුවහොත් තම කණ්ඩායමද එම ක්‍රියාමාර්ගයම ක්‍රියාත්මක කරන බවත් එම සංගමයේ කැඳවුම්කරු රෝ විජේකෝන් මහතා සඳහන් කළේය.

    පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳ අද (05) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා දැනුවත් කරන බවත්, ඉන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බවද හෙතෙම පවසා සිටියේය.

    මෑත ඉතිහාසයේ රේගුවට පත්වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්ගෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනුයේ ස්ථාන මාරු ලබාදුන් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය බවත්, ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බවත් කැඳවුම්කරු සඳහන් කළේය.

    තම සන්ධානයේ සාමාජිකයන්ද අකුරට වැඩ කිරීම ආරම්භ කිරීමත් සමග දැනට දිනකට වරායෙන් ඉවතට යන කන්ටේනර් දෙසීයකට ආසන්න ප්‍රමාණය හරි අඩක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකින් අඩුවී යන බවද ඔහු පවසා සිටියේය.

  • පුත්තලමේ අතුරුදන් දැරිය සොයා විල්පත්තුවත් පීරයි

    පුත්තලමේ අතුරුදන් දැරිය සොයා විල්පත්තුවත් පීරයි

    පුත්තලම කරුවලගස්වැව නීලබැම්ම ගම්මානයේ අතරුදන් වූ දැරිය සොයා විල්පත්තු වනෝද්‍යානය තුළ ඊයේ(2) දා ද විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදී. එහෙත් ඊයේ දිනය තුළත් දැරිය පිළිබඳ කිසිඳු තොරතුරක් හෙළි කර ගැනීමට හැකි වී නොමැති බව වාර්ථා වේ

    පොලීස් නිලධාරීන් සහ  සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු 200කට වැඩි කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව සිටි අතර වනෝද්‍යානය තුළට කිලෝ මීටර් 09ක පමණ දුරක් ඔවුන්ගේ සෝදිසියට ලක්වූ බව වාර්ථාවේ.

    දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇගේ මව සහ පවුලේ සෙසු පිරිස් විසින් වරින්වර පරස්පර විරෝධී තොරතුරු සැපයීම ද පරීක්ෂණවලට බාධාවක් වී ඇත. දැරියගේ පියා පවුල අතහැර ගොස් වෙනත් විවාහයක් කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නෙක් වන අතර මෙම දැරිය සිව්වන වියේ පසුවේ.

  • රේගුවේ අලූත් ලොක්කා පත් කලේ අපි..ඊට විරුද්ධ වෙන්න කාටවත් බෑ…  -මංගල වෘත්තීය සමිතිවලට පාට් දමයි

    රේගුවේ අලූත් ලොක්කා පත් කලේ අපි..ඊට විරුද්ධ වෙන්න කාටවත් බෑ… -මංගල වෘත්තීය සමිතිවලට පාට් දමයි

    ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල් පත්කර ඇත්තේ කැබිනට් තීන්දුවකින් බවත් එම තීන්දුවට විරුද්ද වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැති බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පවසා තිබේ.

    ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ රේගු වෘත්තීය සමිති සමග මුදල් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදීය.

    රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට කරගෙන යා හැකි කාර්යක්ෂම පුද්ගලයන් ආයතන ප්‍රධානීන් ලෙස පත්කිරිම සදහා කැබිනට් මණ්ඩලයට බලය ඇතැයිද ඇමතිවරයා එහිදී පෙන්වා දී ඇත.

    දැනට පත් කර ඇති වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමගින් රාජකාරි කටයුතු කරන ලෙසද ඇමතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබේ.

    ඇමතිවරයාගේ පැහැදිලිකිරීම් හා ඉල්ලීම් සියල්ල බැහැර කරමින් වෘත්තීය සමිති තව දුරටත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක කරමින් සිටී. 

  • 2018 වසරේදී ලාඳුරු රෝගීන්ගේ වර්ධනයක් …..

    2018 වසරේදී ලාඳුරු රෝගීන්ගේ වර්ධනයක් …..

    ශ්‍රී ලංකාවේ ලාඳුරු රෝගින්ගේ ප්‍රමාණය ආසන්න වසර 10ක කාලයේදී වසරකට 2000 බැගින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය  ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    2018 වසරේදී ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාඳුරු රෝගින් 1683ක් වාර්තා වී ඇති බවත්  එසේ හඳුනාගත් රෝගීන්ලේ වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් (691/ 41%) වාර්තා වී ඇති බවත් එම කාර්යාංශය පෙන්වා දෙයි.

    ලාඳුරු යනු බැක්ටීරියාවකින් බෝවන නිදන්ගත රෝගයක් බවත් ශ්වසන මාර්ගයෙන් නිකුත්වන ආසාදිත බිඳිති මඟින් රෝගය ව්‍යාප්ත වෙන බවත් කාර්යාංහය සඳහන් කරයි.

    එසේම නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය සුව  කළ හැකි බවත් රෝග ලක්ෂණ මතුවී මාස 6ටත් වඩා ප්‍රමාද වී ප්‍රතිකාර සඳහා පැමිණෙන සංඛ්‍යාව 30%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම කාර්යාංශය වැඩිදුරටත් පවසයි.