Blog

  • කාත්තන්කුඩි හෝටලයක හිකනල් කොත්තු විකුණලා

    කාත්තන්කුඩි හෝටලයක හිකනල් කොත්තු විකුණලා

    කොත්තු රොටිවල හිකනල් හිසක් තිබීම නිසා කඩයට සීල් තැබූ සිද්ධියක් කාත්තාන්කුඞ්හි ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

    කාත්තන්කුඩි ප‍්‍රධාන මාර්ගයේ හෝටලයක විකිණු කොත්තු රොටිවල හික්නලාගේ හිස තිබී ඇත. 

    මේ සම්බන්දව පාරිභෝගියකු මහජන සොඛ්‍ය පරික්ෂකවරුන්ගේ අවධානයට ලක්කිරීමෙන් අනතුරුව සෝදිසි මෙහෙයූමක් කළ නිලධාරින් මිනිස් භාවිතයට නොසුදුසු කෑම වර්ග විකිණීමේ චෝදනාමත කඩයට සීල් තබා ඇති අතර කෑම වර්ග බාරයට ගෙන ඇත

  • මන්තී‍්‍රවරු 225 ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ

    මන්තී‍්‍රවරු 225 ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ

    පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 225 දෙනාම අත්සන් කර ඉල්ලීමක් කළත් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා නොදෙන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එජාපෙ නායකයන් හමුවේ ඊයේ (03) කර ඇත. 

    රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාත් එජාප නායකයනුත් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

    අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලෙස එජාපෙ නායකයන් මෙහිදී දැඩි ඉල්ලීමක්‌ කළ ද අගමැති ධුරය ලබා දෙන්නේ තමන් කැමති අයකුට පමණක්‌ බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

    එක්‌සත් ජාතික පෙරමුණ නියෝජිතයන් එහිදී නීතිමය තත්ත්වය පිළිබඳව කරුණු ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අගමැතිවරයා හා ඇමැති මණ්‌ඩලයට එරෙහිව අතුරු තහනම් නියෝග මිසක්‌ එම තනතුරු අහෝසි කරන ලෙස අධිකරණය නියෝගයක්‌ ලබාදී නැති බවයි.

    ජනාධිපතිවරයාත් එක්‌සත් ජාතික පෙරමුණේ නායකයනුත් අතර පැවැති මෙම සාකච්ඡාව විනාඩි 45 ක්‌ පමණ පැවැත්වූ බවත් මේ අනුව එම සාකච්ඡාව අසාර්ථක වූ බවත් එජාපෙ නායකයෝ  ප්‍රකාශ කළහ.

    ලක්‍ෂමන් කිරිඇල්ල, රාවුµa හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, මලික්‌ සමරවික්‍රම යන මන්ත්‍රීවරු ඇතුළු එජාපෙ නියෝජිත පිරිසක්‌ මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

  • බලයේ සිටි රජය රට අගාධයට ගෙන යමින් සිටිය නිසා එය වෙනස් කිරීමට සිදුවුණා

    බලයේ සිටි රජය රට අගාධයට ගෙන යමින් සිටිය නිසා එය වෙනස් කිරීමට සිදුවුණා

    බලයේ සිටි රජය දිනෙන් දින රට අගාධයට ගෙන යමින් සිටි නිසා එම තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
     
     අතුරලියේ රතන හිමියන් මේ බව කියා සිටියේ රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ධර්මායතනයේදී පෙරේදා (02) පැවැති ශී‍්‍ර ලංකා ජාතික මහා සභාවේ පළමු සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
     
     මේ වන විට රටේ ව්‍යාකූලත්වයක් පවතිනවා. මමත් මේ මොහොතේ රටේ පවතින ව්‍යාකූලත්වයේ කොටස්කරුවෙක්. ගිය ආණ්ඩුව තිබුණා නම් රට හොඳට තිබෙන බව එයින් අදහස් වෙන්නේ නෑ. දේශපාලන වෙනසක් කියන්නේ කම්පා විය යුතු දෙයක් නොවෙයි. එය ආරක්‍ෂා කර මීට වඩා උසස් තැනකට රට ඔසවා තැබිය හැකියි.
     
     රටේ ජනාධිපතිවරයා විසින් තමන්ගේ දේශපාලන ප‍්‍රතිවිරුද්ධවාදියා වූ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත්කර තිබෙනවා. මෙය සදාචාරාත්මක නොවන දෙයක් බවට සමහරු කීවත් මෙම පත් කිරීමට හේතු තිබෙනවා. ජනාධිපතිවරයා ඝාතන කුමන්ත‍්‍රණය ඇත්තක් ද මා දන්නේ නැහැ. නමුත් එයට කිහිප දෙනෙකුව දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිසා මෙය විහිළුවක් වෙන්න බැහැ.
     
     දැන් ජනපතිවරයා පත් කළ අගමැතිවරයාට පාර්ලිමේන්තුව කැමති නැති බව කියනවා. ඒක ඇත්ත. එහෙත් අකමැත්ත ප‍්‍රකාශ කරන නීතියක් රීතියක් ප‍්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා කථානායකවරයා මුලින් කළ යුතුව තිබුණේ විධායකය දුන්නු තීන්දුව පිළිගැනීමයි. ඉන් පසුව විශ්වාසභංගය සාකච්ඡුා කරන්න තිබුණා. එහෙම නැතිව විනාඩියෙන් විශ්වාසභංගය සම්මත කළා. මම ගැටුම මැදත් සාකච්ඡුා කර කටයුතු කරන ලෙස කථානායකවරයා අසලට ගොස් ඉල්ලීමක් කළා.
     
     එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වුණු මා පිනට පත් වූ අයකු බව එම පක්‍ෂයේ අය කියනවා. ඒත් අපි නොසිටියා නම් එක්සත් ජාතික පක්‍ෂයේ අයට ඇමැතිකම් කරන්න වෙන්නේ නැහැ. අපි තමයි ඒ ජනමතය හදා මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවට පත් කළේ. මෙය මට පිනට ලැබුණු මන්තී‍්‍ර ධුරයක් නොවෙයි. අපටත් සමාජයේ වටිනාකමක් තිබෙනවා. 
     මීට පෙර පැවති රජය පරාජය කරන්නට හේතු ගණනාවක් තිබෙනවා. ඒ ආණ්ඩුව බලයේ සිටින හැම දවසකම අපට රට නැති වූ නිසයි. ති‍්‍රකුණාමලයේ සිට මන්නාරම දක්වා අක්කර 250000 ක් විදේශීය සමාගම්වලට දෙන්න ඔවුන් සැලසුම් කළා. ඒ ගැන රටේ විපක්‍ෂය දන්නවාද? එහි හමුදා කඳවුරක් පිහිටුවන්න යනවා එයත් ශී‍්‍ර ලංකා හමුදාවට අයිති එකක් නොවෙයි. මේ ගැන සාකච්ඡුා කරන කමිටුවේ ඉන්න ඉන්දියානු හා ජපන් තානාපතිවරුනුයි මේ කමිටුව කැබිනට්ටුවේ සම්මත කරලාවත් නෑ. හම්බන්තොට වරාය විදේශයට දුන්නේ පාඩුවටයි. රජයේ අසාර්ථක වතු, හෝටල් හදන්න ජාවාරම්කරුවන්ට දෙන්න තීරණය කර තිබුණා. බස්නාහිර පළාතේ විශාල කාර්මීකරණයක් කරන්න ගියත් ඒ සැලසුම් අපි දන්නෙත් නැහැ.
     
     දැන් රට ගොඩනැඟීමට අපි කළ යුත්තේ කුමක්ද? දැන් අධිකරණ කි‍්‍රයාවලියක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා අධිකරණ විනිසුරුවරුන් කියන්නෙ දෙවිවරු නොවෙයි. ඒ අයට වැටුප් ලැබෙන්නේ ජනතාවගේ බදු මුදලින්. මේ රට අස්ථාවර වෙනවා නම් කැරලි ඇතිවෙනවා නම් ඒක වලක්වන්න ඔවුන්ට පුළුවන්. අධිකරණමය තීන්දුවක් දෙන විට නීති පොතේ අකුරු වගන්ති පමණක් නොව ඊට එහා ගිය රට හා ජනතාව පිළිබඳව කල්පනා කර තීන්දු ගැනීමේ හැකියාව අධිකරණයට තිබෙනවා. එවැනි තීන්දු ලෝකයේ අධිකරණ මගින් ලබාදී තිබෙනවා.

  • පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් කොටු කර ගනී

    පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් කොටු කර ගනී

    වව්නතිව් පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    වව්නතිව් පොලිසිය විසින් ඊයේ (03) සවස 4.30ට පමණ මෙම සැකකරු කොටු කර ගෙන ඇති බවත් ඔහු හිටපු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නායකයෙකු බවත් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

    සැකකරු වයස අවුරුදු 40ක් වන කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් යන කරයාකන්තිව් කන්නන්කුඩා ලිපිනයේ පදිංචි පුද්ගලයෙක් වන  අතර මෙම සිද්ධියට අදාළව මොහු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී ඇත.

  • ජවිපෙ මහමැතිවරණයක් ඉල්ලයි

    ජවිපෙ මහමැතිවරණයක් ඉල්ලයි

    පවතින දේශපාලන අර්බුදය විසඳීමට එකම විසඳුම මහමැතිවරණයක් පැවැත්වීම බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ වලස්මුල්ල වැලිඅමුණ ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි,එහිදී “දේශපාලන සදාචාරය බිංදුවට බැහැලා. මාධ්‍ය සදාචාරයත් බිංදුවට බැහැලා. අපිත් විශ්වාස කරනවා මේ දේශපාලන අර්බුදයට විසඳුමක් වෙන්නේ මහමැතිවරන්යක් ගෙන එන එක තමයි.” යනුවෙන් සඳහන් කරන ලදී.

  • රතන හිමිගේ සමුළුවේදී මහින්ද – වසන්න හමුවෙයි

    රතන හිමිගේ සමුළුවේදී මහින්ද – වසන්න හමුවෙයි

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කැඳවූ ජාතික සභාවේ සමුළුව අද (02) පෙරවරුවේ රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී පැවැත්වු අතර රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේ අරමුණින් මෙම සමුළුව කැඳවා තිබිණ.

    මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විනාඩි 20ක පමණ සාකච්ඡාවකද නිරත වී ඇති බවත් මෙම සමුළුවට දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සහභාගී වී සිටි බවත් මේ සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත සේනානායක ද එක්ව සිටි බවත් දක්නට ලැබුණි.

  • අසේලව යළි කැඳවයි

    අසේලව යළි කැඳවයි

    ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි. 

    උප නායකයා ලෙස ශම්මු අෂාන් නම් කර ඇති අතර කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප‍්‍රනාන්දු සහ හසිත බෝයගොඩ ද ඒ සඳහා නම් කර තිබෙනවා. අසේල ගුණරත්න ද ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමට කැඳවා තිබෙනවා.

    මෙවර ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේ සම සත්කාරකත්වය දරන්නේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානයයි. තරගාවලියේ ඒ කාණ්ඩයන් තරග වදින්නේ ශ‍්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ  ඕමානයයි. 

    බී කාණ්ඩයෙන් පකිස්තානය, බංග්ලාදේශය, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදිනවා. පළමු තරගය ලබන 06වැනිදා පාකිස්තානය සහ හොංකොං අතර කරච්චිහිදී පැවැත්වෙනවා. අවසන් තරගය ලබන 15වැනිදා පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදීයි.

  • කොළඹ හතේ Salon ඇන්ටිගේ වැඩ-කිඩ ඉස්සරහ මත්ද්‍රව්‍ය කාර්යංශයත් නඟුට වනයිද ?

    කොළඹ හතේ Salon ඇන්ටිගේ වැඩ-කිඩ ඉස්සරහ මත්ද්‍රව්‍ය කාර්යංශයත් නඟුට වනයිද ?

    පසුගිය දින වල අපි විසින් දිගින් දිගටම වාර්ථා කරන ලද කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ්  හි පවත්වාගෙන යන සුපිරි රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය නිවාරන කාර්යාංශය විසින් එහි විකුණමින් තිබූ මත්පෙති විශල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන යලි විමසීමක් කිරීමේදී මේ වන විට එම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රසපරීක්ෂක හමුවට යවා ඇති බව ආරංචි විය.

    එහෙත් මේ පිළිබඳව සොයාබැලීමේදී අප සමඟ අදහස් දැක්වූ නම් හෙළි කිරීමට අකමැති පුද්ලයෙක් කියා සිටියේ මේ සිදුවීම පිළිබඳව මත්ද්‍රව්‍ය නිවාරන කාර්යංශය ගොළුබෙලි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බැවින් මෙම සිද්ධිය යටගැසීමට උත්සාහයක් ඇත්දැයි සාධාරන සැකයක් ඇති බව ඔහු පෙන්වා දෙයි.ඔහු කියාසිටින අන්දමට මෙම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණියගේ ලොකුම ආයුධය වන ඇඟේ සෙක්ස් බේරෙන අඟපසඟ හා කාමුක කටහඬ පාවිච්චි කර අදාල තැන් නිහඬ කරවීමට ඇය මේ වන විට උත්සාහ කරමින් සිටින අතර එබැවින් මෙම ක්‍රියාමාර්ග මෙතරම් සෙමින් සිදුවන බවත්ය.

    ඒ කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජජාල හරහා නොයෙක් තොරතුරු සංසරණය වෙමින් පැවතීම ඇයට ඇති එකම බාදකය බැවින් මේ ගැන හෙළි කරන සමාජමාධ්‍ය ඇඩ්මින් වරුන් නිහඬ කිරීමටද ඇය විශාලලෙස මුදල් වියදම් කරන බවත් මුදලට නොනැමෙන සමහර ඇඩ්මින් වරුන්ට හිල්ටන් හෝටලයේ සැප ඇඳක් උඩ සුපිරි සැපක්ද ලබා දෙන බවට ආරංචි ලැබෙමින් පවතී. ඇගේ කීමට කිසිම අයුරකින් නොනැමෙන තම මාධ්‍ය වගකීම නිසියාකාරව ඉටුකරන ඇඩ්මින් වරුන්ට නොයෙක් තර්ජනය කිරීම් ලැබෙමින් පවතින අතර ඒ පිළිබද විස්තර පසුව දැනුම් දීමට පොරොන්දු වෙමු.

  • ජනපති මට ආරාධනා කළේ රට ගොඩනඟන්නයි

    ජනපති මට ආරාධනා කළේ රට ගොඩනඟන්නයි

    මේ තාවකාලික ආණ්ඩුවක්
    අගමැති ආණ්ඩු පෙරළියේ පරමාර්ථ ගැන ජාතිය හමුවේ පැහැදිලි කරයි

    යහපාලන ආණ්ඩුව මේ රට අවුරුදු තුනහමාරක් පාලනය කරද්දි රට හැම ‍ක්ෂේත්‍රයකින්ම අගාධයට ගිය බව ජනාධිපතිතුමාට පෙනී ගිය බවත්, එයින් රට ගොඩගැනීමට පුළුවන් තමන්ට බව එතුමාට අවබෝධ වූ බවත් ඒ අනුව ජනාධිපති තුමා තමන්ට රට බාර ගැනීමට ඇරියුම් කළ බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස සඳහන් කෙළේ ඊයේ (25) අගමැති කාර්යාලයේ සිට කළ විශේෂ දේශනයකදීය.

    ඔක්තෝබර් 26 වැනිදින ආණ්ඩු පෙරළියේ පරමාර්ථය ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගම්වල පූජකවරුන් සහ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙත මෙම දේශනය මඟින් පැහැදිලි කැර ඇත.

    ඔක්තෝබර් 26 වැනිදා පිහිටුවූයේ අන්තර්කාලීන ආණ්ඩුවකි. මෙම ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මට අවශ්‍ය රටේ ජනතාවගේ කැමැත්ත විමසීමට මැතිවරණයක් පවත්වා ආණ්ඩුවක් පිහිටුවීමටයි. ජනාධිපතිවරයා මට රටේ පාලනය බාර දුන් විගසම මැතිවරණයකට යමු යැයි මා සියලුම පක්ෂවලට යෝජනා කළා. මැතිවරණයකට කැමති වූයේ නෑ. සමහර අය අහන ප්‍රශ්නය තමයි ඡන්දයකට මාස 18ක් තිබියදී ආණ්ඩුව බාරගත්තේ ඇයි කියලා. රට අගාධයට යන බව ජනාධිපතිතුමාටත් අවබෝධ වී තිබියදී එය නොසළකා මඟහැරීමට මට පුළුවන් කමක් නෑ. රට තවත් විනාශයට යන්න ඉඩ නොදී මා රට බාරගත්තා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    මෙහිදී මට පෙනුනේ ආණ්ඩු බලය කාට යනවාදැයි යන ප්‍රශ්නය නොවෙයි. මේක අපේ රටේ ජාතියේ, අ පේ මතු පරම්පරාවේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි.

    මා කලින් රට පාලනය කරද්දි එම අවුරුදු 9 තුළ ඩොලරයේ අගය රු 131කි. ආර්ථික වර්ධන වේගය 7.4ක්. පුද්ගලික ආදායම තුන්ගුණයකින් වැඩි කළා. දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර තිබුණේ 70%යි. අ පි 2015 ජනවාරි 9 වැනිදා බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4ක අවපාලනයෙන් පස්සේ අද මුළු ආර්ථිකයම දැඩි අවධානමකට ලක්වෙලා.

    2015 ජනවාරියේ එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ එජනිස මන්ත්‍රීවරුන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව බවද පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා එජනිස කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූ බවද එ.ජා.ප. මන්ත්‍රීවරුන් කීප දෙනකුද මේ සමඟ එක්වූ බවද අද පාර්ලිමේන්තුවේ වි‍ශාලම කණ්ඩායමට නායකත්වය දෙන්නේ තමන් බවද පෙන්වා දුන්නේය. 1994, 2001, 2004 මහ මැතිවරණවලින් පසු ඒ කාලේ ජනපතිවරුන් වන ඩී.බී. විජේතුංග මහතාත්, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියත් ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කෙළේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සිටි කණ්ඩායමට බවද ඒ අනුව 1994 පොදු පෙරමුණත් 2001 එක්සත් ජාතික පක්ෂයත් 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ආණ්ඩු සෑදූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය දේශනයෙන් අවධාරණය කෙළේය.

  • අනතුරුදායක යතුරුපැදි ධාවකයින් 32 කට 7 ලක්ෂයක දඩයක්

    අනතුරුදායක යතුරුපැදි ධාවකයින් 32 කට 7 ලක්ෂයක දඩයක්

    පිළියන්දල, ජාලියගොඩ අතුරු පිවිසුම් මාර්ගයේදී ඉකුත් 10 වෙනිදා අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ යතුරුපැදිකරුවන් 32 දෙනෙක් එම වරද පිළිගැනීමෙන් පසු රු. 737,000 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

    මෙම සිදුවීමට පිළියන්දල පොලිසිය විසින් යතුරුපැදිකරුවන් 32ක් හා යතුරුපැදි 14ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඉදිරිපත් කළ චෝදනා අනුව යතුරුපැදිකරුවන් 15 දෙනෙකුට රු. 24500/- ක්, 13 දෙනෙකුට රු. 21500/- බැගින් හා අනෙක් සිවුදෙනාට රු. 22500/- බැගින් දඩ නියම කර තිබෙනවා.

  • රථවාහන ‍පොලිස්පතිගේ වාහනයත් අනතුරක

    රථවාහන ‍පොලිස්පතිගේ වාහනයත් අනතුරක

    රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බස්නාහිර දිසාව භාර හා හිටපු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා අනුරාධපුර පූජා නගරයේ ශ්‍රී මහා බෝධි මාවත හරහා දහවල් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ පිටුපස ත්‍රිරෝද රථයක් හැපීමෙන් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ රථයට බරපතළ හානි සිදුවූ බව අනුරාධපුර ‍පොලීසිය පවසයි.

    අජිත් රෝහණ මහතා ජය ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී මහා බෝධි මාවතේදී යාචකයන් පිරිසකට දහවල් ආහාරය ලබා දීම සඳහා මෝටර් රථය මාර්ගය අයිනේ නවතා තිබියදී රථය පිටුපසින් නතර කර තිබූ ත්‍රිරෝද රථයක බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථය ඉදිරියට ඇදීගොස් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ මෝටර් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව ‍පොලීසිය පවසයි.

    ත්‍රිරෝද රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ රියැදුරු හට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව ‍පොලීසිය පවසන අතර සිදුවූ අනතුරින් රථවාහන තුනටම අලාභ සිදුවූ අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බව අනුරාධපුර ‍පොලීසියේ රථවාහන අංශය පවසයි.

  • ඩොලරය අද ඉතිහාසයේ ඉහලම අගයට..

    ඩොලරය අද ඉතිහාසයේ ඉහලම අගයට..

    ඇමරිකානු ඩොලරයක විකිණුම් අගය අද ඉතිහාසයේ මුල් වරට රුපියල් 181 ඉක්මවා ගියේය.

    අද දිනයේ මහ බැංකු වාර්තා අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 177.59ක් වූ අතර විකිණුම් මිල රුපියල් 181.54ක් විය. 

  • එජාපයේ ඇමෙරිකන් මිෂන් වත්මන් අර්බුදය ඇති කළා

    එජාපයේ ඇමෙරිකන් මිෂන් වත්මන් අර්බුදය ඇති කළා

    අද එක්සත් ජාතික පක්ෂය ඇමෙරිකන් මිෂන්වල ඒජන්ට්ලා විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙහි ප්‍රශ්නවලට හේතුව එය බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.

    උන්වහන්සේ මාධ්‍යයට මේ අදහස් පළ කළේ ගම්පහ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ප්‍රදීපා ලක්සෙත පදනම ඉදිකළ ළමා නිවාසය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

    කැප්පෙටි‍පොල ගුණවංශ හිමියන්ගේ උපදෙස් මත කොරියාවේ වයිට් එලිෆන්ට් පදනම මේ සඳහා මුදල් ආධාර ලබාදී තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

    “කනගාටුයි, එජාපය ජාත්‍යන්තරය විසින් ආක්‍රමණයට ලක් කරලා. එජාපයේ හිටිය රටට ආදරය කරපු, මව්බිමට, කහ සිවුරට, ගහ කොළට, සතා සිවුපාවාට ආදරය කරපු අය විසිවෙලා ගිහින්. ඇමෙරිකන් මිෂන්වල ඒජන්ට්ලා විසින් එජාපය ආක්‍රමණය කරලා තියෙන්නේ. මේ අර්බුදය ඇතිවී තිබෙන්නේ ඒ නිසයි.

    එජාපය දේශීය න්‍යාය පත්‍රයක් නැතිව විදේශීය න්‍යාය පත්‍රවල වැඩ කළ නිසයි මේ ප්‍රතිඵලය ලැබි තියෙන්නේ. අපි කියන්නේ ජනතාවට ඡන්දයක් දෙන්න කියා. දේශපාලනඥයන්ට මේ රට බාර දීලා බලා හිටියොත් ඉවරයි. අපිට වසර 2500 කට වැඩි උරුමයක් අයිති ඔප්පුවක් තියෙනවා. මේක උඩ ඉඳන් ඉන්නැතිව එළියට අරන් ඉදිරියට යා යුතුයි.

  • පාසල් ළමුන්ට මත් පෙති විකිණනවා යැයි සැලකෙන කොළඹ හතේ saloon ඇන්ටිගේ කැරැට්ටුව

    පාසල් ළමුන්ට මත් පෙති විකිණනවා යැයි සැලකෙන කොළඹ හතේ saloon ඇන්ටිගේ කැරැට්ටුව

    ඔබට මතක ඇති අපි විසින් පසුගිය දිනකදී කොළඹ 7, ග්‍රෙගරීස් රෝඩ් හි පිහිටි සුපිරි රූපලාවන්‍යාගාරයක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් වැටලූ පුවතක් අණාවරනය කලා. ඉතිං අපි ඒ රූපලාවන්‍යාගාරය සහ එහි හිමිකාරිණිය ගැන වැඩිදුර විස්තර සෙව්වා.ඒ වෙන මොකවත් නිසා නෙමේ අපේ රටේ අනාගත පරම්පරාව වනසන මෙවන් දුර්ජනයින් මෙරටින් තුරන් කිරීම අපේ යුතුකම නිසයි.

    එම රූපලාවන්‍යාගාරයේ නම සහ එහි හිමිකාරිණියගේ නම් මේ වන තුරු අපි හෙළිනොකර සිටින්නේ ඉදිරි අධිකරන කටයුතු වලට භාදා සිදුවෙතැයි සිතන නිසා බැවින් ඇය ගැන අපට ලැබුණු තොරතුරු පමණක් ඔබට දැනගැනීම සඳහා ඉදිරිපත් කරන අතර ඉදිරියේ නම් ගම් මහ ඡායාරූප සමඟම ඔබ වෙත ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙමු.

    මෙම සුපිරි රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණියගේ ඉතිහාසය සොයාබැලීමේ ඇය කලින් රත්මලාන දුම්රිය පොලට යාබද නිවසක වාසය කල අතර අඟුලාන වැල්ලේ හැදුණු වැඩුණු බවත් මෙම saloon එක පටං ගන්න කලින් ඇය රාත්‍රී සාමජශාලාවක පිරිමින්ගේ මනදොල සපිරීම සඳහා නාට්‍යාංගනාවක් ලෙස සේවය කර ඇති බවත් විවාහක සැමියා මේ වන විට ඇයගේ නොමනා හැසිරීම් මත ඇයව දමා ගොස් ඇති බවත් අනාවරණය විය.මේ විදිහට club වල නට නට ඉද්දි එතෙන්ට එන මොණර කොල යහමින් ගැවසෙන පිරිමින් සමග සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන්ව මෝරා කරමින් ඔව්න්ගේ දත් ගැලවීම තමයි මෙයාගෙ වැඩේ.

    ඔය විදිහට කාලෙ ගෙවෙද්දි ඒ club එකකදී අඳුනගන්තු කාර්සේල් කාරයෙක් එක්ක යහන්ගතවීමේ ප්‍රතිඵලයක් විදිහට මෙයාට කොළඹ 7 ග්‍රෙගරීස් පාරෙ සුපිරි පන්නයේ saloon & Spa එකක අයිතිකාරිය වෙන්න පුළුවං වෙනවා.මේ වෙද්දි භාතිය සංතුෂ්ගෙ සිරිසඟබොධි මාලිගාවෙදී කියන සිංදුවේ First release එකේ නටන්න හිටපු නිසා හෙන ඔළුවෙන් හිටපු මෙයා club එකේ නටන එක නවත්තල ෆෙලෙමින්ගෝ/ආර්එම්බී/බිසික් වගේ club වලට මිනිස්සු දක්කන ජොබ් එක පටං ගන්නවා.මේ විදිහට ඒ තැන් වලට දක්කන මිනිහෙකුට මෙයාට හොඳ කමිෂන් එකක් හම්බෙනවට අමතරව  club එකට ගිහින් බීල මදනය වැහිල ඉන්න ඒ මනුස්සයගෙ ලිංගික ඕන එපා කම් ඉටුකරල දීල තවත් ගානක් ගලවගන්නවා.

    මෙයා කුෂ් කියන මත්ද්‍රව්‍යට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් කොච්චර සල්ලි හම්බකරත් මදි.හැම සිකුරාද සෙනසුරාද දවස් වලම තව පිරිමි හතර පස් දෙනෙක් එක්ක හිල්ටන් හෝටලේ 1202 කාබරේ මෙයා හෙන ෆන් එකක් ගන්න පුරුදුවෙලා ඉන්නවා.ඉතිං ඇත්තනෙ ඒවට කොච්චර වියදම් යනවද අන්න ඒ නිසා මෙයා club වලට එක්කගෙන යන මිනිස්සුන්ට දුන්න මත්පෙති කොළඹ අවට පාසල් දරුවන්ට විකුණන්න පෙළඹිලා තියෙනව කියල තමයි ආරංචි ලැබුනේ.මෙයාගෙ තවත් එක හොර මිනිහෙක් වෙන බම්බලපිටියෙ සුපිරි සාප්පු සංකීරණයක අයි ෆොන් හොර කොපි විකුණන මුස්ලිම් තරුණයෙක් තමයිලු මෙයාට ඩුබායි වලින් ඒ මත් පෙති ගෙන්නන්න උදවු කරන්නෙ කියලත් ආරංචියි.

    මෙයා හැමතැනම කිය කිය යන්නෙ මෙයා බැඳල ඉන්නෙ සුද්දෙක් ,ඒක ඉන්නෙ ඔස්ට්‍රෙලියාවෙ කියල.ඒත් ඔස්ට්‍රේලියාවෙ සුද්දට පීරිස් කියන නම ලැබුණු විදිහනම් ලොකු ප්‍රශ්නයක්.මෙච්චර කල් නීතියෙන් බේරිල මේ වැඩේ කරගෙන යන්න මෙයාට චාන්ස් එක ලැබුනෙ මේ රටේ ඉන්න ලිංගික අසහනෙන් පෙළෙන ලොකු ලොක්කො ගොඩක් මෙයාගෙ පහසට වහ වැටිල ඉන්න නිසා කියල ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.මෙයා පාවිච්චි කරන කාර් එකට,ෆෝන් එකට,දාන මුදු මාල වලට ඒ වගේ මෙයිගෙ හැම දේකටම එක එක අයිතිකාරයො ඉන්නවලු.ඒ කියන්නෙ එකෙක් ෆොන් එකක් අරං දීල මෙයත් එක්ක බුදියනවා.තවකෙක් වාහනයක් අරං දීල , තවකෙක් මුද්දක් මාලයක් අරං දීල.. අන්න එහෙමළු මෙයා මිනිස්සුන්ගෙ හක්කෙ තියෙන දතුත් හිරිවට්ටන්නෙ නැතිවම ගලෝගන්නෙ.

    මෙයා ගැන තව ගොඩක් විස්තර තියෙනවා ඒවත් මේ විදිහට ඉස්සරහදී ෆොටෝ , වීඩියෝ එක්කම එළිකරන්න අපිට මේ විස්තර දුන්න අය පොරොන්දු වුනා.මේ වගේ අපේ මේ සුන්දර ශ්‍රී ලංකාව අසුන්දර කරන දහදුරා එව්වන් හට නීතියෙන් උපරිම දඩුවන් දීමටත් අපේ සාමාජය මොවුවන්ගේ විසෙන් බේරා ගැනීමට ඔබට සහ අපට ඇති යුතුකම වෙනුවෙන් පෙළගැසෙමු.අපේ ළමා පරපුර අගාධයට නොයැවීමට වගබලාගමු..

  • හානි තක්සේරුව මැතිසබයටම පවරා රක්‍ෂණ සමාගම ආපසු යයි

    හානි තක්සේරුව මැතිසබයටම පවරා රක්‍ෂණ සමාගම ආපසු යයි

    පාර්ලිමේන්තු සබා ගැබ තුළ පසුගියදා මන්තී‍්‍රවරුන් අතර ඇතිවූ ගැටුමේදී හානියට පත් දේපළ පිළිබඳ තක්සේරු කිරීමට ඊයේ (21) පැමිණි රක්‍ෂණ කණ්ඩායම එම කාර්යය පාර්ලිමේන්තුවට පවරා පිටව ගොස් ඇත.

    අදාළ රක්‍ෂණ සමාගමෙන් පැමිණි නියෝජිතයා හානියට පත් දේපළ පිළිබඳ විමසා හානියටපත් දේපළ ලබාගත් සමාගම මගින් ඊට අදාළ තක්‌සේරු වාර්තා ලබාගත යුතු බවට පෙන්වා දුන් බව පාර්ලිමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (21) ප්‍රකාශ කළේය.

    හානියට පත් දේපළ පිළිබඳ තක්‌සේරු වාර්තා එම දේපළ මිලට ගත් සමාගමෙන් ලබාගෙන ඒවා රක්‍ෂණ සමාගම වෙත ඉදිරිපත් කරන ලෙසට අදාළ නියෝජිතයා පැවැසූ බවද ඉහත නිලධාරියා පැවැසුවේය.

    ඒ අනුව අදාළ ආයතන මගින් හානියට පත් දේපළ පිළිබඳ තක්‌සේරු වාර්තා කැඳවීමට ඉදිරියේදී කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

    හානියට පත් උපකරණ සම්බන්ධව රක්‍ෂණ ආවරණය සඳහා මුදල ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම අනුව එම නියෝජිතයන් ඊයේ පැමිණ ඇත.

    පාර්ලිමේන්තුව හෙට (23) රැස්‌වන අතර ඊට පෙර සභා ගැබේ හානියට පත් දේපළ යථා තත්ත්වයට පත් කිරීම අපහසු වනු ඇතැයිද ඉහත නිලධාරියා කීවේය.

  • රනිල්ගෙන් ආණ්ඩුවට අභියෝග

    රනිල්ගෙන් ආණ්ඩුවට අභියෝග

    අගමැති වැය ශීර්ෂය අත්හිටුවන ලෙසට එක්සත් ජාතික පෙරමුණ කථානායකවරයාට ඉදිරිපත් කර ඇති යෝජනාවට බාධා නොකොට ඡුන්ද විමසීමක් පවත්වා හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් එය පරාජයට පත් කරන ලෙස අභියෝග කරන බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (21 ) පැවැසීය.

    පවතින දේශපාලන තත්ත්වය හා ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධව දැනුවත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හමුවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    විරුද්ධ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතිනම් ඡන්දය ප්‍රකාශ කොට යෝජනාව පරාජයට පත් කළ හැකි බවත් එසේ නොකොට ඊට බාධා කිරීමට උත්සාහ කළොත් පෙනී යන්නේ ඔවුනට බහුතර බලය නොමැති වීම බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී කීය.

    පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංගය සම්මත වී ඇති බැවින් මේ වන විට ආණ්‌ඩුවක්‌ හෝ කැබිනට්‌ මණ්‌ඩලයක්‌ නොමැති බැවින් අගමැතිවරයාට මුදල් වෙන් කිරීමටද කිසිදු නෛතික බලයක්‌ නැතැයිද හිටපු අගමැතිවරයා පැවැසීය.

    එබැවින් විශ්වාසභංග යෝජනාවට අමතරව ගෙන එන මෙම යෝජනාව ජයග්‍රහණය කළහොත් වත්මන් අගමැතිවරයාට රජයේ මුදල් ප්‍රතිපාදන නොලැබෙන බවත් එබැවින් හැකිනම් මෙය පරාජයට පත් කිරීමට ක්‍රියා කරන ලෙස අභියෝග කරන බවද හෙතෙම සඳහන් කළේය.

    කෙසේ වෙතත් එක්‌සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව ජයග්‍රහණය කරවීමට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.