මහනුවර වාර්ෂික ඇසළ මංගල්‍යයේ අවසන් රන්දොaලි පෙරහැරට සහභාගි වෙමින් සිය පින්බර කාර්යභාරය නිමා කළ නැඳුන්ගමුවේ රාජා ඇතා ඊයේ (28 ) පෙරවරුවේ දළදා සමිඳුන්ට නමස්‌කාර කිරීමෙන් පසුව යුද හමුදා ආරක්‍ෂාව ඇතිව පෙරළා ගම්පහ හාම්පුතු කරා ගමන් ආරම්භ කළේය.
නැඳුන්ගමුවේ රාජා ශ්‍රී දළදා මාළිගාව අසලින් පිටත්වීම සහ මහනුවරින් ගමන් ආරම්භ කරන අයුරු දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
නැඳුන්ගමුවේ රාජා ඇතාට සුබ පැතීමට එක්‌වූ පිරිස් අතර දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතාද විය.
Blog
-

දළදා සමිඳුන්ට නමස්‌කාර කළ නැඳුන්ගමුවේ රාජා ගමට එන්න පිටත් වෙයි
-

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්ට සිතාසි
වත්කම් බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ සාක්ෂිකරුවකු ලෙස නම් කොට ඇති පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට ලබන නොවැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (28) නියෝග කළේය.
ධම්මික කිතුල්ගොඩ මහතාව විත්ති පාර්ශ්වයේ සාක්ෂිකරුවකු ලෙස කැඳවීමට අපේක්ෂා කරන බව පෙන්වා දෙමින් සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර පහක කාලයක් සඳහා වත්කම්, බැරකම් හෙළි නොකිරීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ෂේවියර් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනුකර තිබුණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් (නීති) ගංගා හෙයියන්තුඩුව මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ කිංකිණි විලත්ගමුව, ඉන්දික ගිරාගම ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා විත්තිය නියෝජනය කළේය.
-

රෝසිගේ නිල නිවස පිරිසිදු කිරීමට ලක්‍ෂ 85 ක්
නගරාධිපති නිල නිවසේ පවිත‍්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.
නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කමිටුව හා මහා සභාව මෙම මුදල් වෙන් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.
කොළඹ නගරසභාවේ පමණ ඉක්‌මවා කම්කරුවන් ඇතුළු කනිෂ්ඨ සේවකයන් සිටියදී නිල නිවසේ පවිත්‍රතා කටයුතු පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව සේවකයෝ විමතිය පළ කරති. කොළඹ මහනගර සභාවට රුපියල් මිලියන 2000 ක ස්‌ථාවර තැන්පතුවක් පවතින අතරම රුපියල් මිලියන 750 ක බැංකු අයිරාවක්‌ද පවතී.
නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට අදාළ මීට පෙර කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මාසයකට රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක මුදලකටය. ඒ යටතේ සේවකයන් 7 දෙනකු සේවයෙහි යොදවා තිබූ අතර නව ටෙන්ඩරයට අනුව සේවකයන් 9 දෙනකු යොදවනු ඇත.
කොන්ත්‍රාත්තුවට අදාළ ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතය.
-

ඇමති අර්ජුනගේ සභාපති අයියා හොරු සමඟ හෙළුවෙන්! පරීක්ෂණ යටගහන්න කප්පම් මාෆියාවක්!
මහින්දානන්ද අලුත්ගමගේගේ සමීපතමයකු යැයි කියන පුද්ගලයකුට අයත් හලාවත ඉන්ධන පිරුවුම්හලක අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ යටපත් කිරීම සදහා තෙල් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන ඛනිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ වැඩිමහල් සොහොයුරෙකු වන ධම්මික රණතුංග විසින් කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
සංස්ථාවේ සේවකයින් පවසන්නේ නිශාන්ත රණතුංගගේ මැදිහත් වීම මත එම බලපෑම සභාපතිවරයා විසින් කරන බවයි. හලාවත ඉන්ධන පිරුවුම්හල තෙල් සංස්ථාවට අයත් වූවකි. එය මහින්දානන්ද අලුත්ගමගේ සමීප හිතවතා අත්පත් කරගෙන ඇත්තේ නීත්‍යානුකූල ලෙස නොවේ. ඒ ගැන පරීක්ෂණ කිරීම සදහා විෂයභාර ඇමති අර්ජුන රණතුංග යටතේ ක්‍රියාත්මක විමර්ශන ඒකකය පසුගියදා එම ඉන්ධන පිරුවුම් හලට ගොස් ඇත.
ඒ වන විටත් එහි තිබූ ඉන්ධන පොම්ප අටෙන් හයක්ම සකසා තිබුනේ අඩුවෙන් තෙල් ගැසීමට හැකි අයුරුනි. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ මුද්‍රා පවා එම පොම්පවල නොවීය. ටෙස්ට් රන් පවා කර තිබෙනේ නැත.
කෙසේ වෙතත් සභාපතිවරයාගේ රියදුරා මෙම ඉන්ධන හලට නිතර යන එන අතර මත්පැන් බෝතල්ද ලබා ගෙන තිබේ. ඊට අදාල දර්ශන සි සි ටී වී වල දක්නට තිබේ. ඒ අනුව අමාත්‍යාංශයේ නිලධාරීන් සමග එක්ව සංස්ථාවේ විමර්ශන නිලධාරීන් එම ඉන්ධන හල සීල් කිරීමට තීරනය කර ඇතත් නිශාන්ත රණතුංග මහින්දානන්ද අලුත් ගමගේ ඉල්ලීම මත කුප්‍රකට ධම්මික රණතුංග විසින් එය අත් හිටුවා තිබේ.
එසේම එම පරීක්ෂණය කල අමත්‍යාංශ නිලධාර්න්ට හා ඊට සහභාගි වූ සංස්ථාවේ නිලධාරීන්ට විරුද්ධව එම ඉන්ධනහල වැටලුවේ ඇයිදයි අසමින් ප්‍රති විමර්ශනයක් අරඹා තිබේ.
එ අනුව ගුණතිලක යන අයගේ වැඩ තහනම් කිරීමට මෙම කුප්‍රකට සභාපතිවරයා කටයුතු කර ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් වැඩ වර්ජනයකට යාමට වත්තීය සමිති ක්‍රියා කරමින් සිටී. මහින්දානන්ද අලුත්ගමගේ සහ නිශාන්ත රණතුංග සමීප මිතුරෝය. පොහොට්ටුවේ න්‍යාය පත්‍රය අනුව යමින් දම්මික රණතුංග හරහා නිශාන්ත රණතුංග තෙල් සංස්ථාවේ කටයුතු කඩාකප්පල් කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරමින් සිටින බවද තෙල් සේවකයෝ චෝදනා කරති.
-

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඔක්තෝබර් මස 30 වැනිදාට පෙර ලබාදෙන ලෙස ජනපති නියම කරයි
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඔක්තෝබර් මස 30 වැනිදාට පෙර ලබා දෙන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම වෙත ඊයේ (27 ) දැනුම් දුන්නේය.
ඒ තුළින් ඉදිරි අයවැය යෝජනා සම්පාදනයේදී ම`ග පෙන්වීමක් ලබාගත හැකි බවත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට විධිමත් ක‍්‍රමවේදයක් හරහා සුදුසු නිර්දේශයන් කොමිසම මගින් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ හා විධිවිධාන සම්බන්ධයෙන් හා රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ඇති ගැටලු හා විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පත් කළ අදාළ ජනාධිපති කොමිසම ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පළමු වරට රැස්‌වූ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා ඒ බව දන්වා සිටියේය.
එස්. රනුග්ගේ මහතා සභාපතිවරයා වශයෙන් ද එච්. පී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් ද පත් කොට ඇති එම විශේෂ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස කේ. එල්. එල්. විඡේරත්න, ටී. පී. කොල්ලුරේ, සී. පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණි එස්. විඡේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී. එස්. එදිරිසිංහ, ඒ. ආර්. දේශප්‍රිය, බී. පී. පී. එස්. අබේගුණරත්න, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්. ඩී. ජයකොඩි, එම්. සී. වික්‍රමසේකර යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍රලේඛ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්‌ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේදී ඇති වන බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා සහ එහිදී මතු වන ගැටලු විසඳීම සඳහා ක්‍රමවේද යෝජනා කිරීම.
මෑතකදී වැටුප් හා දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය යන ක්‌ෂේත්‍ර සඳහා දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍රලේඛ මගින් වැටුප් විෂමතාවක් සිදු වී ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම.
දීප ව්‍යාප්aත සේවාවන්ට අදාළ වැටුප් මෙන්ම කරනු ලැබ ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් දැනට පැන නැගී ඇතැයි හඳුනාගෙන ඇති වැටුප් විෂමතාවන් අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම
සමාන වගකීම් දරන්නා වූ හෝ සමාන සුදුසුකම් සහිත වන්නා වූ හෝ වෘත්තිකයන් විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයන්හිදී ලබා ගන්නා වූ වැටුප් හා වේතනයන් සහ දීමනා අතර ඇති විෂමතාවන් අවම කිරීම පිණිස මඟ පෙන්වන වැටුප් හා වේතන ව්‍යqහයක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂ වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් හා නියමයන් වේ.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරීන් මීට එක්‌ව සිටියහ.
-

ඤාණසාර හිමිට සමාව ඉල්ලා බුද්ධ ශාසන ඇමැති ජනපති හමුවට
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමිට පොදු සමාවක් ලබාදීමට හැකියාව ඇතිදැයි විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පෞද්ගලිකව සාකච්ඡා කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ඊයේ (26) පැවැසීය.
නඩු දෙකකට වරදකරු වී සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මේ වනවිට රෝගාතුරව රෝහල්ගත කර සිටිති. සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් සිය මතය ජනාධිපතිවරයා වෙත මීට පෙර ලිඛිතව දන්වා තිබූ අතර තවත් නිකාය කිහිපයකින්ම උන්වහන්සේට එරෙහිව පනවා ඇති දඬුවම පිළිබඳව ජනාධිපතිවරයාට වාචිකව දැනුම්දීම් කර ඇති බව වාර්තාවේ.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ රටට ඉතා අත්‍යවශ්‍ය භික්ෂුන් වහන්සේ නමක් බවත් ඒ නිසා එලඹෙන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා සමග තමා මේ පිළිබඳව කතා කරන බවද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පැවැසීය.
-

ගෝඨා ඇතුළු 07කට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි
හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට විශේෂ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (27) නියෝග කළේය.
තංගල්ල වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ඇතිව ස්ථිර ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව පවරා තිබුණි.
තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යෑයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ඇතිව ස්‌ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව පවරා තිබුණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්‌ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි භද්‍රd උදුලාවතී කමලදාස ඇතුළු හත් දෙනකු එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කොට තිබුණි.
-

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව නඩු පවරයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අලූතින් පිහිටවූ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරනු ලැබුවා. ඒ, මැදමුලන ඩි ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 81.3ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව තවත් 06දෙනෙකුට මෙම චෝදනාව යටතේ නීතිපතිවරයා අද නඩු පැවරූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.මෙය මහා පරිමාණ දුෂණ හා වංචා සම්බන්ධයෙන් වන නඩුකටයුතු විභාග කිරීමට ඉකුත් දා අලූතින් පිහිටවූ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් වූ දෙවන නඩුව වනවා. එම නඩුව සැප්තැම්බර් මස 10වන දින යළි කැඳවීමට නියමිතයි.එදින විත්තිකරුට සිතාසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ලබා දීමට නියමිතයි. -

ජපානය ගතවූ මාස 3 ට තල්මසුන් 177 ක් දඩයම් කරයි
ජපානය ගතවූ මාස 3 තුළ තල්මසුන් 177 ක් දඩයම් කර ඇත.
මාස තුනක් තිස්‌සේ ශාන්තිකර සාගරයේ වයඹදිග මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ නැව් දෙකක් මෙම තල්මසුන් අල්ලාගෙන තිබේ.
ජපානය විද්‍යාත්මක පර්යේෂණ මුවාවෙන් ගතවූ වසර කීපය තුළ තල්මසුන් විශාල සංඛ්‍යාවක් අල්ලාගෙන ඇත. මෙම තල්මසුන්ගේ මස් ජපානයේ අවන්හල් තුළ අලෙවි කෙරේ. ජපානයේ මේ ක්‍රියාව සත්ව අවිහිංසාවාදීන්ගේ දැඩි විරෝධයට ලක් වී ඇත.
මෙයට පෙර ගැබිනි තල්මසුන් රැසක් මරා දැමූ බවට ජපානයට චෝදනා එල්ල විය. මේ අතර ජාත්‍යන්තර තල්මසුන් පිළිබඳ කොමිසම පැවසුවේ ජපානය නිශ්චිත ලෙස තල්මසුන් කොපමණ සංඛ්‍යාවක් අල්ලා ගත්තේ ද යන්න ගැන විමර්ශනයක් කරන බවයි. -

නව මහාධිකරණයේ පළමු නඩුව කැඳවමින් දුන් නියෝග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු හතර දෙනෙකුට අද (24) මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත් කළ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අධිචෝදනා භාර දෙනු ලැබුවා.ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය ඇප මත මුදාහැරීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද නියෝග කළා.ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.ඒ අනුව එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහයේ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරන විනිසුරු මඩුල්ල නියෝග කළා.විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට ද අධිකරණ පොලිස් නිළධාරීන්ට නියෝග කළා. පැමිණිලි පාර්ශ්වයේ ලේඛන සතියක් ඇතුළත විත්ති පාර්ශ්වය වෙත භාර දීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. එම ලේඛන පරිශීලනය කොට දෙපාර්ශ්වයේ සැලකිරීම් සඳහා නඩුව සැප්තැම්බර් මස 19 වැනිදා යළි කැඳවීමට මහාධිකරණය අද නියෝග කළා.විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත , මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ කියවෙන වැරැදි සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කර තිබෙනවා.විත්තිකරුවන් විසින් මෙම අපරාධය 2014 වර්ෂයේ පෙබරවාරි මස 01 වැනි දා සිට 2015 වර්ෂයේ ජනවාරි මස 20 වැනි දා අතර කාලය තුළ සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටිනවා -

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කරනවා
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයන්ට මරණය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඇතුළු නීතිරීති කිසිඳු
පැකිළීමකින් තොරව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සාහයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
ආරක්ෂක අංශ භාරයේ පැවැති උතුරේ ඉඩම්වලින් සියයට 88ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් අතර, ඉතිරි සියයට 12ක ප්‍රමාණයද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවැසීය.
තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින මයිලිඩ්ඩි පාසල ඇතුළු පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති 2 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ධීවර වරාය ආශ්‍රිතව ඉඩම් අහිමි වූ ජනතාවටද ඉඩම් ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
සියලුදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුත්තේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා ජීවිත දහස් ගණනක් අහිමි කරමින් හා ජාතික සම්පත් විනාශ කර දමමින් රට ආපස්සට ඇද දැමූ මිලේච්ඡ ත්‍රස්තවාදයට කිසිසේත් යළි රට තුළ ඉඩක් තැබිය නොහැකි බවද කියා සිටියේය.
පශ්චාත් යුද සමයේ වගකීම් නිසි ලෙස ඉටුකරමින් ජාත්‍යන්තරයෙන් එල්ල වූ චෝදනාවලින් ද රට නිදහස්කර ගැනීමට වත්මන් රජය ඉකුත් වසර 3 තුළ කැපවීමෙන් කටයුතු කළේ රටට ලැබුණු නිදහස සැබෑ නිදහසක් කර ගැනීමට බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර අඩපණ වූ සංවර්ධනය යථාවත් කරමින් එම ජනතාවගේ සංවර්ධන අයිතිවාසිකම් දිනාදීමටද රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
ඒ වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක්ද ස්ථාපිත කර තිබෙන අතර එය නිරන්තරයෙන් රැස් වෙමින් ප්‍රගතිය සමාලෝචනයට ලක් කිරීම සිදුකරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. කිසිදු ජනාධිපතිවරයෙක් තමන් තරම් උතුරේ සංචාරය කර නොමැති බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා තමන් ඒ සඳහා එක්වන්නේ එම ජනතාවගේ ගැටලු හඳුනාගනිමින් අදාළ සේවාවන් කඩිනම් කිරීමේ වගකීම් නිසි ලෙස ඉටුකිරීමට බව කියා සිටියේය.
උතුරු ඇතුළු රටටම අභියෝගයක් වී ඇති මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිවරයා බන්ධනාගාරගතව සිටියදීද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකලීමකින් තොරව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.
සමරු ඵලකය නිරාවරණය කර මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මයිලිඩ්ඩි ධීවර ජනතාවගේ උපහාරය ජනාධිපතිවරයා වෙත පුද කරමින් සමරු තිළිණියක් පිළිගැන්වීමද සිදුකෙරිණි. අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදේශයේ ධීවර ජනතාව සමග සුහද කතාබහකද නිරත විය.
අමාත්‍ය විජිත් විජතමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා ඩී. සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ -

ඇමැති නාවින්නගේ විෂයක් ජනපති පවරා ගනී
රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාළ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමා යටතට පවරාගෙන ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (21) ප්‍රකාශයට පත්කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් එම පවරා ගැනීම කර ඇත.මෙම ගැසට් නිවේදනයට අනුව එස්. බි. නාවින්න මහතා දරන ඇමැති ධුරය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන ආරක්ෂක අමාත්‍යංශය වෙත පැවැරෙනු ඇත.
-

කසිප්පු අල්ලන්න යද්දී ජාවාරම්කරුගේ බිරිඳ කොස්‌තාපල්ට පහරදීලා
මරදන්කඩවල ගනේවල්පොළ කටුවැව ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (22) සවස එහි ගිය කැකිරාව පොලිස් ස්‌ථානයේ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් සැකකරු නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන කොස්‌තාපල්වරයකු භාරයට පත් කොට තවදුරටත් නීති විරෝධී මත්පැන් ඇත්ද යන්න සෙසු පොලිස් නිලධාරීන් පිරිස සොයමින් සිටියදී මත්පැන් ජාවාරම්කරුගේ බිරිඳ විසින් කොස්‌තාපල්වරයාට සාපරාධී බලහත්කාරය පා සැකකරු මුදා ගැනීමෙන් පසු සැකකරු ඉරන ලද කොටයක පිට පලු ලෑල්ලකින් පහරදී පළා යැමට උත්සාහ කිරීමේදී සැකකරු සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්‌ථාවේ මත්පැන් ජාවාරම්කරු එල්ල කළ පිට පලු ලෑලි ප්‍රහාරයෙන් පොලිස් කොස්‌තාපල් නාමල් මහතාගේ ( 56584) අතක මැණික් කටුව ප්‍රදේශයේ ඇති වූ තුවාල හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කොට ඇත.
පෙරේදා (22) සවස 3.40 ට පමණ කැකිරාව පොලිස් ස්‌ථානයේ උප පොලිස් පරීක්‌ෂකවරයකු ඇතුළු නිලධාරීන් මත්පැන් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ මෙම සිද්ධිය වී තිබේ.
මත්පැන් ජාවාරම්කරු විසින් නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සහ රාජ්‍ය නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පා පහරදීම යන චෝදනාව යටතේ සහ ඔහුගේ බිරිඳ රාජ්‍ය නිලධාරියකු හට සාපරාධී බලහත්කාරය පා පොලිස් නිලධාරියකු භාරයේ නිත්‍යානුකූලව අත්අඩංගුවේ සිටි සැකකරුවකු අත්අඩංගුවෙන් මුදා ගෙන සැකකරුට පළා යැමට ආධාර කිරීම යන චෝදනාව යටතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
-

තණකොළ කපන මැෂිමට කැපුණු පිඹුරාට සැත්කමක්
ගාල්ල බටපොළ ප්‍රදේශයේදී තණකොළ කපන යන්ත්‍රයකට හසුවීමෙන් බරපතළ ලෙස කැපුම් තුවාල ලැබූ පිඹුරකු සැත්කමකට භාජනය කොට ඇත. සැත්කමින් පසු මෙම පිඹුරා හියාරේ සත්ව රෝහලේ සුවය ලබමින් සිටියි.
තණකොළ කපන යන්ත්‍රයකට හසුවී ඇති අතර පිඹුරාගේ උදරයට ඉහළින් කැපුම් තුවාල තුනක් තිබූ බව වනජීවී සංරක්‌ෂණ සංගමය පවසයි.
මෙම මස 08 වැනි දින පිඹුරා ගාල්ල වනජීවී කාර්යාලය මගින් හියාරේ සත්ව රෝහලට රැගෙනවිත් භාරදී තිබිණි. සත්ව රෝහල වනජීවී සංරක්‌ෂණ සංගමය මගින් පාලනය වන අතර බරපතළ කැපුම් තුවාල ලැබූ පිඹුරා පංශු වෛද්‍ය නිලධාරියකු ලවා සැත්කමකට භාජනය කිරීමට කටයුතු කරනු ලැබීය. පිඹුරාට විනාඩි 45 ක පමණ සැත්කමක් පංශු වෛද්‍ය නිලධාරිවරයා විසින් කළ බැව් වනජීවී සංරක්‌ෂණ සංගමයේ පර්යේෂණ නිලධාරි සිසිර ජයසිංහ මහතා පවසයි. -

2016 – 2017 ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර විද්‍යා පීඨයට
පසුගිය 2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ඒ අනුව සිසුන් අට දහසක් පමණ ඇතුළත් කර ගැනීමට නියමිතය. සිසුන් ඇතුළත් කර ගැනීමේ ගැසට් නිවේදනය ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්‍ෂා කෙරේ.
දැනට පවතින ගුරු අවශ්‍යතාව සහ උසස් පෙළ විභාගයෙන් පසු විද්‍යාපීඨවලට ඇතුළත් වීම සඳහා දීර්ඝ කාලයක් ගතවීම යන කරුණු සලකා බලා කණ්‌ඩායම් දෙකම එකවර ගැනීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.
සිසුන් අට දහසකට අධ්‍යයන කටයුතු කිරීම සඳහා විද්‍යාපීඨවල අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
අධ්‍යාපන විද්‍යාපීඨ නව කථිකාචාර්ය තනතුරු 314 ක් සඳහා අමාත්‍යාංශ පත්වීම් ලබාදුන් අතර තවත් ඉතිරිව පවතින කථිකාචාර්ය තනතුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
-

කන්කසන්තුරේ අධිආරක්‍ෂිත කලාපයේ අක්‌කර 4.2 ක් දිසාපතිට භාරදෙයි
යාපනයේ කන්කසන්තුරේ අධි ආරක්‍ෂිත කලාපයට හසුව තිබූ ඉඩම් අක්‌කර 4.2 ක ප්‍රමාණයක් 21 වැනිදා නිදහස් කොට යුද හමුදාව විසින් දිසාපතිවරයා වෙත භාරදී තිබේ.
යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය කන්කසන්තුරය මධ්‍යම ග්‍රාමයේදී ඉඩම් සම්බන්ධයෙන් වූ නිල ලියවිලි භාරදීම සිදුකෙරිණි.
යුද්ධය හේතුවෙන් අවතැන් කඳවුරු තුළ හා වෙනත් ස්‌ථානයක වසර 30 කට වැඩි කාලයක් පදිංචිව සිටි ජනතාවට අයත් ඡේ 234 කන්කසන්තුරය මධ්‍යම ග්‍රාම සේවා වසමට අයත් මුල් ඉඩම් එලෙස නැවත පවරාදීම සිදුකෙරිණි.
යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි මහතා විසින් යාපනය දිස්‌ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා වෙත ඉඩම් පැවරීම සිදුකරනු ලැබීය.
මෙම වැඩසටහන් අවස්‌ථාවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා සමග අතිරේක දිස්‌ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් මහතා එස්. ශ්‍රීවාශ්‍රී මහතා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්‌ව සිටියහ.