Blog

  • ඩුබායි හා හොංකොන් බැංකු ගිණුම් වල රාජපක්ෂලාගේ ඩොලර් මිලියන 3000 කට වැඩි මුදලක් තියෙනවා…

    ඩුබායි හා හොංකොන් බැංකු ගිණුම් වල රාජපක්ෂලාගේ ඩොලර් මිලියන 3000 කට වැඩි මුදලක් තියෙනවා…

    රාජපක්‌ෂ පවුල හා ඔවුන්ගේ හිතවතුන්ගේ නම්වලින් ඩුබායි හා හොංකොං බැංකුවල ඇති ගිණුම් වාර්තා පිළිබඳ සියලු තොරතුරු ලැබී ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
     
     මෙම ගිණුම්වල ඇති මුදල් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක දැන් රජය නිරත වී සිටින බවද ඊයේ (25) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේය.
     
     රාජපක්‌ෂ පවුලේ අයගේ නම්වලින් ඩුබායි බැංකු ගිණුම් තුනක ඩොලර් මිලියන 1086 ක්‌ හා තවත් ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක්‌ ඇති බවද ඔවුන්ට හිතවත් හිටපු ලේකම්වරයකුගේ හා සභාපතිවරයකුගේ හවුල් ගිණුමක ඩොලර් මිලියන 1800 ක්‌ ඇති බවට සියලු තොරතුරු ලැබී ඇතැයිද සේනාරත්න මහතා කීය.
     
     එමෙන්ම ඔවුන්ගේ හොංකොං හා සිංගප්පූරු බැංකු ගිණුම්වල තොරතුරු ද ලබාගෙන ඇති බව ඇමැතිවරයා පැවසීය. 
     
     එම මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම ඉතා අසීරු කටයුත්තක්‌ වන නමුත් එම මෙහෙයුම දැනට ක්‍රියාත්මක කර ඇති බවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය.

  • ජනපති මැදිහත් වේ.. අධ්‍යාපනයේ වැඩ වර්ජනය නවතයි…

    ජනපති මැදිහත් වේ.. අධ්‍යාපනයේ වැඩ වර්ජනය නවතයි…

    දේශපාලන පළිගැනීම්වලට ලක්‌ වූවා යෑයි කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුසුදුස්‌සන්ට ලබාදීමට සැලසුම් කරන ලද උසස්‌වීම් 1014 ම වහාම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළේය.
     
     මෙම තීරණයත් සමඟම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තීය සංගම් දොළහක්‌ ඒකාබද්ධව අද  පැවැත්වීමට සැලසුම් කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අත්හිටුවීමට එම වෘත්තීය සමිති නායකයෝ තීරණය කළහ.

  • අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර  ගැනීම විශාල ප්‍රශ්නයක්

    අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම විශාල ප්‍රශ්නයක්

    අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර  ගැනීමට අපහසුව පවතින්නේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. 

    ශ්‍රී ලංකාවේ  බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ශ්‍රී ලංකාව ප‍්‍රශ්නවලට මුහුණ පා ඇති බවත් ඒ ඒ රටවල ආගමන නීති මෙන්ම වීසා නීති හා නේවාසික නීති ද මෙහි දී විශේෂයෙන් බලපාන බවත් මෙකී දූෂිතයින් සොයා ගැනීමටත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමටත් නොහැකිවීම  නිසා රටේ උගත් බුද්ධිමත් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරිවී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.  

    ජාතික වශයෙන් අල්ලසට දූෂණයට එරෙහි නීතිරීති ශක්තිමත් කරන අතරම අන්තර් ජාතික නීතිරීති ද ශක්තිමත් කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කී අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ අද (25) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ වූ ජකර්තා මුලධර්ම පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. 

    සහයෝගය නොලැබීම නිසා අපිට අපේ රටේ දුෂණයට විරුද්ධව ගෙන යන සටනේ දී අපි සැමවිටම ජාතික වශයෙන් ඒ කටයුතු ශක්තිමත් කරවනවා වගේම අන්තර් ජාතික වශයෙන් මේ සටනට එකතු වී සිටින රටවල් සමඟ එකට බැදී කටයුතු කිරීමේ අවශ්‍යතාව අපි දකිනවා. 

    දූෂණ විරෝධී සටනේ දී අන්තර් ජාතික නීතිරීතිවල අඩුපාඩු රාශියක් අපි දකිනවා. බරපතල දුෂිතයින්, අපරාධකරුවන් සොයා ගැනීමේ දී ඒවා බලපා තිබෙනවා. අපේ රටෙන් උදාහරණ ගත්තොත් බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටිනවා. අපේ අපරාධ පරික්ෂණ අංශ මේ අය අත්අඩංගුවට ගැනීමේ දී අපි බරපතල ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ ඒ රටවල්වල සහය නොලැබීම නිසා මේ රටවල්වල සහයෝගය නොලැබීමේ දී ආගමන නීති වීසා නීති නේවාසික පුරවැසියන් ගැන නීති අපට බොහෝ අභියෝග වී තිබෙනවා. 

  • ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ජීවන ගමුනට සමුදෙයි…

    ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ජීවන ගමුනට සමුදෙයි…

    ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
    මිය යන විට 37 වන වියේ පසුවුන ඔහු එක් දරු පියෙකුද වන අතර ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන් වේ.
    මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්වයක් මරණයට හේතුවී ඇති බවයි වාර්තා වේ.
  • දින 28ක ගව පැටවෙකු සමඟ ලිංගිකව ආශාවන් ඉටුකරගන්න කාම විකෘර්තිකයා

    දින 28ක ගව පැටවෙකු සමඟ ලිංගිකව ආශාවන් ඉටුකරගන්න කාම විකෘර්තිකයා

    ගාල්ල, අක්මීමන, නරාවල ප්‍රදේශයේ දී දින 28 පමණ වයසති ගව පැටවෙකු සමඟ ලිංගිකව හැසිරුනු පුද්ගලයෙකු පිළිබදව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

    නරාවල ප්‍රදේශයේ පදිංචි ගව හිමියකු විසින් ඊයේ (23) දිනයේදී මෙම පැමිණිල්ල සිදුකර ඇති ඇති අතර පසුගිය 16 දින සවස ගවයන් බැදීම සදහා ගව හිමියා ⁣ගොස් ඇති වටදී ගව පැටවෙකු නොමැති බව දැනගත් ඔහු කළ සොයා බැලීමේදී සත්වයා සමඟ සැකකරු ලිංගිකව හැසිරෙන අයුරු තමන් දුටු බවට ගව හිමියා පොලීසය හමුවේ පවසා ඇත.

    අනතුරුව ගව පට්ටි හිමිකරු සිදුකළ ⁣කෑගැසීමත් සමඟ සැකකරු දිව ගොස් යතුරු පැදියක නැගී පලා ගොස් ඇති බව ගව පට්ටි හිමිකරු විසින් සිදුකළ පැමිණිල්ලේ සදහන් වන අතර සැකකාර පුද්ගලයා මීට පෙරද ගව පැටවුන් සමඟ මෙලෙස ලිංගිකව එක්ව ඇති බවයි වාර්තා වේ. 

    සැකකාර පුද්ගලයා නරාවල පදිංචි 38 හැවිරිදි අයෙක් වන අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා අක්මීමන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 

  • ජෝර්ජ් කීට්ගේ චිත්‍ර දෙක සොයන්න මහජන සහය පතයි

    ජෝර්ජ් කීට්ගේ චිත්‍ර දෙක සොයන්න මහජන සහය පතයි

    කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක් වූ  ජෝර්ජ් කිට්  මහතා  සිතුවම් කර තිබූ  රුපියල් ලක්ෂ 120 කට අධික වටිනා කමකින් යුත්  චිත්‍ර  දෙකක් සොරකම්  කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

    ‘‘මදර්  ඇන්ඞ් චිල්රන්ඞ්‘‘ සහ  ‘‘වසන්ති‘‘ නමින් මෙම චිත්‍ර දෙක නම්කර තිබූ අතර මෙම  චිත්‍රදෙක 2013.07.12 වැනි දින  කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

    කොළඹ 02 ගැලනි වීදියේ අංක 130 පිහිටි ලිපිනයේ මෙම සිතුවම් දෙක තිබී ඇති අතර එම වකවානුවේ එම ගොඩනැගිල්ලේ සිදුකළ  සංවර්ධන කටයුතු  හේතුවෙන්   එහි තිබූ භාණ්ඩ  තාවකාලිකව වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට ඉවත් කරමින් සිටියදී  මෙම සොරකම සිදුකර ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  ලැබුණ පැමිණිල්ලේ සඳහන් වේ.

    ‘‘මදර් ඇන් චයිල්‘‘   සිතුවම 1953 වසරේ  නිර්මාණය කර ඇති අතර  ‘‘වසන්ති‘‘ නැමති සිතුවම 1950  වසරේ දී සිතුවම් කර ඇත.

    සොරාගත් එම සිතුවම් දෙක පහත ඡායාරූපයෙන් දැක්වෙන අතර ඒ පිළිබඳ  සහ සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  වාණිජ විමර්ශන අංශයේ   011- 2395248 යන අංකය වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

  • ඊශ්‍රාලයේ ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්.. එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන්නන්ට ඉදිරියේදී දැඩි නීතිමය පියවර

    ඊශ්‍රාලයේ ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්.. එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන්නන්ට ඉදිරියේදී දැඩි නීතිමය පියවර

    මේ වන විට නීති විරෝධී ලෙස ඊශ්‍රාලයේ රැඳී සිටින ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    ඊශ්‍රායෙලයේ රැකියා සඳහා ගිය 500කගෙන් 150ක් පමණ නියමිත කාලයේදී යළි නොපැමිණ නීතිවිරෝධි ලෙස එරට නතර වී සිටීම හේතුවෙන් මෙතෙක් ඊශ්‍රායලයෙන් ලැබුණු කෘෂි ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට අහිමි වී ඇති බව ද මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.
     
    ලබාදී ඇති පොදු කාලයේදී නැවත පැමිණෙන්නන්ට යළි එරටට යාමට අවස්ථාව සළසා දිය හැකි බව ද ඔහු කීවේය.
     
    නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊශ්‍රාලයේ නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රමිකයින්ගේ දෙමාපියන් සහ භාරකරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙන්වා දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    රැකියා සඳහා ඊශ්‍රායලයට ගිය ඇතැමුන් නීතිඥවරු මාර්ගයෙන් බොරු ලේඛන ඉදිරිපත් කර දේශපාලන රැකවරණය ඉල්ලීම හේතුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉතාම නරක නාමයක් ඇතිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

  • පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ජනාධිපතිගේ නිරික්ෂණයට

    පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ජනාධිපතිගේ නිරික්ෂණයට

    පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ඊයේ (22) ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
    ඒ අතරතුර පොළොන්නරුව, ලක්ෂඋයන ගම්මානයේ ගිනිපෙට්ටි පාලමට නුදුරින් ඇති සපත්තු පාලම ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වූ අතර එහිදී ජනාධිපතිතුමා වාරිමාර්ග නිලධාරින්ට උපදෙස් දුන්නේ එම සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසය.
    එම ස්ථානයට පැමිණ සිටි තම ප්‍රදේශවාසී ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන් සමග  සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
  • ලිංගික අතවර පැමිණිල්ලක් නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්

    ලිංගික අතවර පැමිණිල්ලක් නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. මේ සදහා හේතුව ලෙස ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝනය කර ඇතැයි සඳහන් වේ.
    ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශ තුනෙන්ම ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති මෙම තරග තහනම දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අවසානයත් සමග ක්‍රියාත්මක වීමට නියමිතය.
    මේ සදහා හේතුව වී තිබෙන්නේ විදේශීය කාන්තාවක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක ධනුෂ්ක ගුණතිලකගේ නම සදහන් වීමයි. තමන්ට සිදුවු ලිංගික අතවරයක් පිළිබදව මෙම විදේශීය කාන්තාව පොලිසීයට පැමිණිලි කර තිබේ. ධනුෂ්ක ගුණතිලකගේ සමීපතම මිත්‍රයෙක් මෙම අතවර සිදුවීමේ ප්‍රධාන සැකකරූ වී තිබෙන අතර එම අවස්තාවේ ධනුෂ්ක ගුණතිලකද මිතුරා සමග සිටි බවට මෙම කාන්තාව විසින් කළ පැමිණිල්ලේ දැක්වේ.
    එම හේතුව ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර ඇති අතර එම පරීක්ෂණ අවසන් වන තෙක් තරග තහනම පැවැත්වෙනු ඇති.
  • කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කරනවා

    කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කරනවා

    කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසයි.
    මුදල් අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් වැඩි දුරටක් සඳහන් කල අතර  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාමිය ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරියේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
  • 21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය අද

    21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය අද

    21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජ රටට – කඳුරට එක් කරන මොරගහකන්ද – කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම අද (23) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.
    මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයවන අතර  මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වේ. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248ක් වන අතර  ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 ක් වේ.
    කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
    මොරගහකන්ද – කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝ මීටර් 9 ක් දිග උමග සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම්  ඇරඹෙන්නේ ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වන අතර 
    කළුගඟ ජලාශය නිර්මාණය වීම හේතුවෙන් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ මගින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය හා පැරැණි අඹන් ගඟ, යෝධ ඇළ හරහා මින්නේරිය, ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය තවත් වර්ධනය වී ඒ ප‍්‍රදේශවල කෘෂිකර්මික සංවර්ධනය තව දුරටත් පුළුල් වෙනු ඇති. 
    මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25 විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කෙරෙන අතර   ඒ සමගම මීටර් 845ක් දිග මොරගහකන්ද මහා වේල්ලේ කෙළවර මහ කළු ගලේ නෙළන ලද අඩි 27 ක් උස අවුකන බුදු පිළිමයේ අනුරුව වන්දනා මාන සඳහා නිරාවරණය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු  වේ.
    එමෙන්ම මොරාගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් නම් කරනු ලැබීමේ සුවිශේෂී කටයුත්තද අද සිදු වෙනු ලබන අතර ඒ මෙරටට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක‍්‍රම නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවා සැමරීම වෙනුවෙන්.
  • පොහොට්ටුවේ ප්‍රශ්න ගොඩයි… ඒකාබද්ධය ලොකු පසුබෑමක

    පොහොට්ටුවේ ප්‍රශ්න ගොඩයි… ඒකාබද්ධය ලොකු පසුබෑමක

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු පසුබැස ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම පක්‍ෂයේ මහනුවර දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදි අමතමින් පවසයි.

    සභාපතිලා උප සභාපතිලා පත් කරද්දීත්, ලයිස්තුවෙන් මන්ත‍්‍රී දුර නම් කරද්දීත් ප‍්‍රශ්න ඇති වූ බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

  • එක්සත් ජනතා නිදහස් සංධාන මහලේකම් ධූරය එස්බී ට ලැබෙන ලකුණු

    එක්සත් ජනතා නිදහස් සංධාන මහලේකම් ධූරය එස්බී ට ලැබෙන ලකුණු

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතාට ලැබෙනු ඇති බවට වාර්තා වෙයි.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් පසු මේ ගැන අවසන් තීන්දුව ගනු ඇතැයිද පැවසෙන අතර ඕනෑම අවස්ථාවක ඕනෑම තනතුරක් අතහරින්නට සූදානම් බව වත්මන් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසා ඇත.

  • සුවසැරිය දෙවන අදියරත් ඇරඹේ

    සුවසැරිය දෙවන අදියරත් ඇරඹේ

    සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවරේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.

    දෙවන පියවර ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජය මගින් ඇමෙරිකන් ඩොලර් මිලියන 15.02ක් ලබාදී ඇති අතර ඒ යටතේ නව ගිලන් රථ ඒකක 209කට අධික ප්‍රමාණයක් යෙදවීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 1782ක් පමණ පුහුණුකර සේවයේ යෙදවීමට ද සැලසුම් කොට තිබේ.

    1990 අංකයට ලැබෙන දුරකථන ඇමැතුමක් මත ක්‍රියාත්මක වන මෙම සේවාව හොඳින් පුහුණු වූ වෛද්‍ය තාක්ෂණික නිලධාරියෙකු සහිත ගිලන් රථයක් මගින් ලඟම රෝහල වෙත රෝගියා ප්‍රවාහනය කරන අනරතුර පූර්ව රෝහල් සත්කාර ද සිදු කරනු ලැබේ.

    මෙහි පළමු පියවර බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍රකරගනිමින් ආරම්භ වූ අතර ගිලන් රථ 88ක් සේවයේ යොදවා ඇත. මේ සඳහා ඩොලර් මිලියන 7.55ක් ඉන්දිය රජය විසින් ප්‍රදානය කොට ඇති අතර ම සේවකයින් 800ක් සේවයෙහි යොදවා ඇත.

  • රාජපක්ෂල විතරද ජනාධිපති වෙන්න ඕන… ඇයි අපි කළුද ?

    රාජපක්ෂල විතරද ජනාධිපති වෙන්න ඕන… ඇයි අපි කළුද ?

    මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස තරග කරන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැමැත්ත දුන්නොත් තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ඕනෑම අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවන්නට තමන් සූදානම් බවත් මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී  අදහස් පල කලේය.

    ජනාධිපති විය යුත්තේ රාජපක්‍ෂලා පමණක් නොවන බවට මීට පෙර වෙල්ගම මහතා ප‍්‍රකාශයක්ද කර තිබිනි.

  • කුමන විරෝධතා පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ස්තීරයි

    කුමන විරෝධතා පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ස්තීරයි

    කුමන විරෝධතා පැමිණියද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. පොලොන්නරුවේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.