Blog

  • ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ සැමියාගේ පිහි පහරින් මරුට

    ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ සැමියාගේ පිහි පහරින් මරුට

    පානදුර අරුක්‌ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේදී ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය ඇයගේ සැමියා විසින් ඊයේ (08 වැනිදා) රාත්‍රි පිහියෙන් ඇන ඝාතනය කර ඇත.

    මෙම ඝාතනය ඊයේ රාත්‍රි 8.50 ට පමණ සිදුව  ඇති අතර පවුල් ආරවුලක්‌ මෙම ඝාතනයට හේතුවී ඇති බව මූලික පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී ඇත. ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්‌වන විට 53 වැනි වියෙහි පසුවූ අතර ජනප්‍රිය ගීත රැසක්‌ ගායනා කර ඇත.

    කඳුළ නිවන්නම් සිත නොරිදනවා නම් යන ගීතය ඇය ගායනා කළ ජනප්‍රිය ගීතයකි.

    දෙදරු මවක වූ ඇය ඝාතනයට ලක්‌වන විට සිය දියණියද සමඟ පානදුර අරුක්‌ගොඩ නිවසේ පදිංචිව සිට ඇත.

    පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සේනානායක මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

  • ලං.ග.ම යට අලුතින් බස් 2000ක් ගේන්න අනුමැතිය

    ලං.ග.ම යට අලුතින් බස් 2000ක් ගේන්න අනුමැතිය

    ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ඉදිරියේදී නව බස් රථ 2000ක් මෙරටට ගෙන්වන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
    ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවූ බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටි අතර හංගේරියාවෙන් ගෙන්වන බස් රථ පිළිබඳ කැබිනට් පති‍්‍රකාවක් එළඹෙන කැබිනට් මණ්ඩල රැස්විම සඳහා ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරන ලදී.
    මෙලෙස එරටින් ගෙන්වීමට සැලසුම් කර ඇත්තේ ඉලෙක්ටි‍්‍රක් සහ හයිබි‍්‍රඞ් වර්ගයේ බස් රථයි. 
  • පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරුනාට විමල්ට දඩුවම් ලැබෙයිද ?

    පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරුනාට විමල්ට දඩුවම් ලැබෙයිද ?

    විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති අවස්ථාවේ දී ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතාගේ හා ප්‍රසන්න රණවිර මහතාගේ අශිලාචාර හැසිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සදහා ලබන 11 වන දින පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව රැස්වී ඒ සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

    යම් හෙයකින් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා වැරදිකරුවන් ලෙස නම් කළහොත් ඒ සඳහා දඩුවම් නියම කිරීමට නියමිත බවද වාර්තාවේ.ඒ අනුව දෝෂාරෝපණය, තරවටු කිරීම මෙන්ම නිශ්චිත කාල සීමාවක් දක්වා පාර්ලිමේන්තුව තහනම් කිරීමටද සිදුකළ හැකි බවත් පැවසේ. කතානායකවරයා මිට පෙර ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාට දැඩි අවවාද කර ඇති අතර එම නිසාම මෙවර ඔහුට යම් දඩුවමක් නියමවනු ඇතැයි ප්‍රකාශවේ.

    පසුගිය 03දා ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරතවු අතර එහිදී අශෝභන වචන භාවිත කළ බවටත් සෙංකෝලය ගැනීමට උත්සාහ බවටත් චෝදනා එල්ලවිය.එහිදී කතානායකවරයා විසින් විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරු හට දැඩි ලෙස අවවාද කරනු ලැබීය.

  • පක්ෂෙන් එළෙව්වත් කමක් නෑ සීමා නිර්ණයට විරුද්ධයි

    පක්ෂෙන් එළෙව්වත් කමක් නෑ සීමා නිර්ණයට විරුද්ධයි

    තමා පක්ෂයෙන් ඉවත් කළත් පළාත් සීමා නිර්ණයට පක්ෂව කිසිවිටෙකත් ඡන්දය දෙන්නේ නැතැයි පොළොන්නරුව දිසිත්‍රික් (එජාප) මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.
     
    ජයරත්න මහතා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදී වන අතර සිඩ්නි ජයරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
     
    ‘‘සීමා නිර්ණ කමිටුවේ අය පිස්සුවක් නටලා. තැන් තැන්වල කුකුල්ලු  කපලා අරක්කු බීලා සීමා නීර්ණය කරනවා. අපේ ප්‍රදේශවල සීමා නිර්ණය අද ලොකු අවුලක් වෙලා. මම අලුත් ඡන්ද ක්‍රමයට විරුද්ධයි. පරණ ක්‍රමයට ඡන්දය තියන්න ඕනැ. අප අද කාගේත් ලණු කන්න අවශ්‍ය නැහැ.‘‘

  • බස් , ත්‍රී රෝධ හා පාසල් වෑන් ගාස්තු ඉහලට

    බස් , ත්‍රී රෝධ හා පාසල් වෑන් ගාස්තු ඉහලට

    රජය විසින් ඉන්ධන මිල නැවත වැඩි කළ නිසා බස් ගාස්තු ඉහළ දැමීමට සියලු බස් සංගම් සමග සාකච්ඡා ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් පවසයි.රජය විසින් නිතර නිතර ඉන්ධන මිල ගණන් මෙලෙස වැඩි කිරීම බස් කර්මාන්තකරුවා දැඩි අපහසුතාවට පත් වන බව හෙතෙම පවසයි.

    මේ අතර ත්‍රිරෝද රථ හිමියන් මෙවර වැඩි වූ පෙට්‍රල් මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත    ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසයි. කෙසේ වෙතත් රජය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150 ඉක්ම වුවහොත් ත්‍රි රෝද රථවල දෙවන කිලෝමීටරය සඳහා අය කරන රුපියල් 40.00රුපියල් 5.00කින් වැඩි කරන බවද ඔහු කීය.

    පාසල් වෑන් රථ හිමියන් ගාස්තු වැඩි කිරීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැත.

  • උතුරේ මහ ඇමතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න – ජාතික හෙළ උරුමය

    උතුරේ මහ ඇමතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න – ජාතික හෙළ උරුමය

    හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය අනුමත කළ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිවද නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ පැවසුවේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය විජයකලා මහේෂ්වරන් සිදුකළ ප‍්‍රකාශයට දෙවැනි නොවන බවයි. 

    රටේ ව්‍යවස්ථාවට හා නීතියට අනුව මේ පිළිබදව පියවර නොගතහොත් අනාගතයේදී භයානක ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. 
    දඩුවම් ලැබිය යුතු බෙදුම්වාදි මත පළ කරන දෙමළ ජාතික සන්ධානයේ බොහෝ පිරිසක් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයද පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඒ පිළිබද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා.

    (under the courtesy of nethnews.lk news 

  • කොටි වෙනුවෙන් විජේකලා නැවතත් පෙරට… මහත්තයා මැරුවෙ කොටි නෙමේලු

    කොටි වෙනුවෙන් විජේකලා නැවතත් පෙරට… මහත්තයා මැරුවෙ කොටි නෙමේලු

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබෙනා චරිතයක්. ඒ ඇය පසුගියදා සිදු කළ කොටි ත්‍රස්තවාදී සංවිධානය නැවතත් ඇති කළ යුතු බවට වන ප්‍රකාශයක් නිසා. කෙසේ වෙතත් මන්ත්‍රීවරිය විසින් සිදු කළ තවත් එවැනිම ප්‍රකාශයක් පිළිබදව වාර්තා වෙනවා. එනම් දේශපාලන සාකච්ඡාවකට එක්වන මන්ත්‍රීවරිය සිය සැමියා වන ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ මරණය පිළිබදව සිදු කරන ප්‍රකාශයකි.
    ත්‍යාගරාජා මහේෂ්වරන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අතර 2008 වසරේ ජනවාරි පළමු වැනිදා කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඔහු කොළඹදි මරණයට පත් වූවා. 
    මේ අතර දේශපාලන සංවාදයකට එක්වන විජයකලා මහෙෂ්වරන් මන්ත්‍රීවරිය පවසන්නේ සිය සැමියා ඝාතනය කළේ කොටි ත්‍රස්තවාදීන් යැයි කීම කටකතාවක් පමණක් වන බවයි. එම සංවාදයේදී වැඩි දුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරිය
    “කොටි සංවිධානය ඔහු ඝාතනය කළා යැයි කීම කටකතාවක්. පාර්ලිමේන්තුව තුලත්, ඉන් පිටතත් මහජනතාව වෙනුවෙන් ඔහු හඬ නැගූ නිසා කොටි සංවිධානය ඔහුව ඝාතනය කළ බව කියන කතාව බොරුවක්, කොටි සංවිධානය ඔහුව මරා දැම්මා නම් ඇයි පහුගිය ආණ්ඩුව ඉක්මණින්ම මේ ඝාතනය ගැන පරීක්ෂණය කරලා අවසන් කළේ. ඒක නීතිය ඉදිරියට ගෙනියන්න තිබුණා. නමුත් මේ ඝාතනය වහන්න උවමනාවක් තිබුනා කටහරි,
    දෙමළ ජනතාවට සිදුවුනු හිරිහැර ගැන ඔහු පාර්ලිමේන්තුවේදි දැඩිව ප්‍රශ්න කළා. ඒ තිබෙන වීඩියෝ සහ හැන්සාර්ඩ් වාර්තා වලින් ඔබලාට ඒ ගැන දැන ගන්න පුලුවන්. මහේෂ්වරන්ගේ මරණයට කොටි සංවිධානයේ කිසිම සම්බන්ධයක් නෑ, එයට හොදම උදාහරණය තමයි පසුගිය කාලයේදී පාර්ලිමෙන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් වන රවිරාජ්, ජෝශෆ් පරරාජසිංහම් යන අයත් කොටි සංවිධානය විසින් ඝාතනයට ලක් කළා කියලා කතාවක් ප්‍රචාරය වුනා,
    දැන් සිදු කරගෙන යන පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා රවිරාජ්ගේ මරණයට රජයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයි කියලා, ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඒ වගේමයි මහේෂ්වරන්ටත්”
    මන්ත්‍රීවරිය ප්‍රකාශ කරන අන්දමට ඇයගේ සැමියා වන ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ ඝාතනයට කොටි සංවිධානය සම්බන්ධ නැත. 
    පසුගිය දින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට දුරකතනයෙන් ඇමතු අවස්තාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ ත්‍යාගරාජා මහේෂ්වරන් මන්ත්‍රීවරයා පිළිබදව ප්‍රශ්න කර සිටියා. එහිදි පෙරලා රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඇසුවේ ” රංජන් ඔයා ඒ වෙලාවේ එතන හිටියද?” යනුවෙන් වීම විශේෂත්වයකි.
  • ගණිකා සේවයේ යෙදුනාට ප්‍රසිද්ධියේ ලැබූ දඬුවම (PHOTOS)

    ගණිකා සේවයේ යෙදුනාට ප්‍රසිද්ධියේ ලැබූ දඬුවම (PHOTOS)

    ගණිකා සේවයේ යෙදුනු කාන්තාවන් දෙදෙනෙකුට සහ ගණිකාවන් ඇසුරු කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකුට ඉන්දුනිසියාවේ, අචේ ප්‍රාන්තයේදී ෂරියා නිතිය යටතේ වේවැල් පහර එල්ල කළ අයුරුයි මේ. 
    විදෙස් පුවත් වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන  ෂරියා නිතිය යටතේ  මෙවැනි චෝදනා එල්ල වී වැරදිකරුවන් වන පුද්ගලයින්ට තරාතිරම නොබලා ප්‍රසිද්ධියේ දඬුවම් කරනු ලබන බවයි.
    ඉන්දුනීසියාවේ, අචේ ප්‍රාන්තයේදී මෙම දඬුවම ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කරනු ලැබූ බව සඳහන්.
  • කාගෙවත් අතකොළු නොවී ආයිමත් ශ්‍රීලනිපයට එන්න….

    කාගෙවත් අතකොළු නොවී ආයිමත් ශ්‍රීලනිපයට එන්න….

    අද පෙරවරුවේ පැවති මාධ්‍යහමුවක් අමතමින් 16 කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණෙන ලෙසට ආරාධනා කරන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා  පවසයි.
     එක් එක් පුද්ගලයින්ගේ අතකොළු නොවි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය සහ වත්මන් ආණ්ඩුවේ ප්‍රගතිය සඳහා එක්ව කටයුතු කල යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය. 
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතිව කටයුතු කරන බවට එක් අවස්ථාවකදි ප්‍රකාශ කරමින් තවත් අවස්ථාවකදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු කරමින් 16 කන්ඩායමේ මන්ත්‍රීවරුන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවද නියෝජ්‍ය අමාත්‍ය නිෂාන්ත මුතු හෙට්ටිගම මහතා එම අවස්ථාවේදි ප්‍රකාශ කර තිබේ.
  • උදය ආර් සෙනෙවිරත්න මහතා නව ජනාධිපති ලේකම් ලෙස පත්වේ

    උදය ආර් සෙනෙවිරත්න මහතා නව ජනාධිපති ලේකම් ලෙස පත්වේ

    නව ජනාධිපති ලේකම්වරයා ලෙස උදය ආර් සෙනෙවිරත්න පත්කර ඇත.
    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු පසුගියදා විශ්‍රාම ගනු ලැබූ අතර වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කර ඇති ඔහු මීට පෙර ක්‍රීඩා, මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන වැනි අමාත්‍යාංශ වලද ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.
  • හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

    හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

    හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේදී ඊයේ රාත්‍රීයේ (06) මන්ත්‍රීවරයා මෙලෙසින් මිය ගොස් තිබේ.
    මිය යන විට පනස් එක් වියේ පසුවූ හිටපු මන්ත්‍රීවරයා 1990 සිට 2009 වසර දක්වා දකුණු පළාත් සභාව නියෝජනය කල අතර ඉන්පසු පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවටද තේරී පත්වන ලදී.
  • අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා… එහෙම රැල්ලක්‌ නැහැ

    අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා… එහෙම රැල්ලක්‌ නැහැ

    මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට “ඊෂි කෑෂ්” ක්‍රමයට සිදුකරන මුදල් ගනුදෙනුවලට වැට බැඳීමට රජය කටයුතු ආරම්භ කර ඇතැයි රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පැවසීය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් “ඊෂි කෑෂ්” හරහා වැඩිපුර ගනුදෙනු කරන බවට හෙළිකර ගැනීම නිසා එම ආයතන සමඟ මේවා මැඬපැවැත්වීමට විශේෂ වැඩසටහනක්‌ දියත් කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (05 දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීය. මේ දිනවල අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා. එහෙම රැල්ලක්‌ නැහැ. රජයක්‌ විදියට පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඉදිරියටත් එය ගෙනියනවා.

    2018 මුල් මාස පහ තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 16630 ක්‌ සිදුකර සැකකරුවන් 16633 ක්‌ සමඟ හෙරොයින් කිලෝ 36 ක්‌, කේරළ ගංජා සම්බන්ධ වැටලීම් 24598 ක්‌ සිදුකර සැකකරුවන් 24581 ක්‌ සමඟ ගංජා කිලෝ 2721 ක්‌, කොකේන් සම්බන්ධ වැටලීම් 07 ක්‌ සිදුකර සැකකරුවන් 07 ක්‌ සමඟ කොකේන් කිලෝ 11 ක්‌, හෂීස්‌ සම්බන්ධ වැටලීම් 13 ක්‌ සිදුකර සැකකරුවන් 13 ක්‌ සමඟ හෂීස්‌ කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එමෙන්ම මේ වසරේ ගෙවීගිය මාස කිහිපය තුළදී මාතර රන්බඩු සාප්පු මංකොල්ලයේ දී යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්ෙච්තිය මහතා ආරක්‌ෂා කර ගැනීමට යැමේදී සහ මාදම්පේ ප්‍රදේශයේ ගංවතුරෙන් පිරිසක්‌ බේරා ගැනීමට යැමේදී පොලිස්‌ නිලධාරීන් තිදෙනෙක්‌ මියගොස්‌ තිබෙනවා.

    ඒ වගේම පසුගිය රජය සමයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් පොලිස්‌ විමර්ශන සිදු කරනවා. ඒ වගේම පසුගියදා ළමා කටයුතු රාජ්‍ය ඇමැති එල්.ටී.ටී.ඊ. සම්බන්ධ කර සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලි අනුව විමර්ශන කටයුතු සිදු කරනවා. මීට අමතරව චෝදනා එල්ලව තිබෙන අර්ජුන මහේන්ද්‍රන් සහ උදයංග වීරතුංග යන අය ලංකාවට ගෙන්වා ගැනීමටත් පොලිසිය කටයුතු කරමින් ඉන්නවා.

    නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්‌ඩාර – පොලිසිය පාතාල මර්දනය කිරීමට කටයුතු කරනවා. පසුගිය රජය සමයේ දේශපාලනඥයන් පාතාලය පෝෂණය කළත් මේ රජයේ කිසිම දේශපාලනඥයෙක්‌ පාතාලයට සහායට කතා කරන්නේ නැහැ. පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. ඒ වගේම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන විට වීරයන් ලෙස හැඟවෙන ඡායාරූප පළකරන්න එපා.

    අපිට ඕන නම් දකුණේ ප්‍රබල දේශපාලනඥයන් පාතාල නායකයන් සමඟ සිටින වීඩියෝ වුණත් පෙන්වන්න පුළුවන්.

    මෙම මාධ්‍ය හමුව සඳහා නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාද සහභාගි වී සිටියහ.

  • අග්නිදිග සරසවි සිසුන්ට තවම සාධාරණයක් නෑ…

    අග්නිදිග සරසවි සිසුන්ට තවම සාධාරණයක් නෑ…

    අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨයේ වසරක් තිස්සේ ඇති අර්බුදය සම්බන්ධයෙන් අද (07) එහි නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සහ ශිෂ්‍ය නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විශ්ව විද්‍යාලයයේ ආරංචි මාර්ග කියයි.
     
    පන්ති තහනම් කළ සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන්ට එරෙහි දඩුවම් ඉවත් කිරීම, පරිපාලන අර්බුදය නිසා මහ හැරුණු සෙමෙස්තර විභාග දෙක යළිත් වරක් පැවැත්වීම, විභාගවල පෙනී සිටිද්දී දිවුරුම් ප්‍රකාශ අනිවාර්ය  කර තිබීමේ නීතිය ඉවත් කිරීම ආදී ඉල්ලීම් හයක් ශිෂ්‍ය නියෝජිතයෝ අද (07)  නිසි බලධාරිනියට ඉදිරිපත් කළහ.
     
    සිසුන් විභාගවලට පෙනී සිටීම නම්   උද්ඝෝෂණවලට සහභාගී නොවන බවට මීට පෙර දිවුරුම් ප්‍රකාශ ඉල්ලා තිබිණි. එය අසාධාරණ තීන්දුවක් බැවින් එලෙස දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය නොවන බව නිසි බලධාරිනිය සිසුනට ප්‍රකාශ කළ බව ආරංචි මාර්ග සදහන් කරයි.
     
    විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, පසුගිය වසරේ විභාග දෙක යළි පැවැත්වීම ගැන තීන්දුවක් නොලැබුණු බවත්, මේ වසරේ ජනවාරි සිට ඇති ගැටලුවලට පමණක් විසදුම් ලබා දීමට හැකි බව පාලනාධිකාරිය පැවසූ බවත් සිසුහු කියති.
     
    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක මුලින්ම තාක්ෂණ පිඨයක් ආරම්භ වූයේ අග්නිදිග සරසවියේය. එසේ වුවත් පසුගිය අප්‍රේල් මාසයේ සිට පරිපාලනය සහ සිසුන් අතර ඇතිවූ ආරවුල්වලින් පසු අවස්ථා කිහිපයකදී පීඨය තාවකාලිකව වසා දැමිණි. සිසුන්ට විභාගවලට පෙනී සිටීමේ අවස්ථාව ඇහුරා අතැයි කියමින් තාක්ෂණ පීඨ සිසුහු පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට අඛණ්ඩ පන්ති වර්ජනයක නිරතව සිටිති. 
     
    අග්නිදිග සරසවියේ හිටපු උපකුලපති මහාචාර්ය එම් එම් එම්  නජීම් මහතාගේ කාලය අවසන්වීමෙන් පසු එහි පරිපාලන අර්බුදය විසඳීම සඳහා උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් පසුගියදා නිසි බලධාරිනියක ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය පත් කරනු ලැබුවාය.
     
    මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී එච් අබ්දුල් සත්තාර් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ මාධ්‍යයට අදහස් දැක්විය නොහැකි බවයි.   අග්නිදිග සරසවියේ නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සමඟ අද පැවැති සාකච්ඡා ගැන විමසීමට ඒ මහත්මිය සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවකම උත්සාහ කළත් එය අසාර්ථක විය.

  • විජේකලාගේ කතාව ගැන අගමැති පාර්ලිමේන්තුවේ කී දෑ….

    විජේකලාගේ කතාව ගැන අගමැති පාර්ලිමේන්තුවේ කී දෑ….

    තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ඇති කරන්න ඉඩ නොදෙන අතර රටේ ඒකීය භාවය හා බුද්ධාගමේ ප්‍රමුඛතාවය ආරක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (04) ප්‍රකාශ කළේය.

    ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ ය යළි ඇතිවිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කීවේය. අගමැතිවරයා එහිදී තවදුරටත් මෙසේද කීය.

    අපි හැම වෙලාවෙම මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරලා තියෙනවා. ඒ තහනම් කරපු එල්.ටී.ටී.ඊ සංවිධානය අපට යළි ඇති කරන්න වුවමනා නැහැ. ඒ පදනම ඒ රාමුව උඩ අපි ඉදිරියටත් ක්‍රියාකරනවා.

    මේ රටේ ඒකීය භාවය බුද්ධාගමේ ප්‍රමුඛතාව ආරක්ෂා කරමින් මේ රටට අවශ්‍ය සිංහල දෙමළ මුස්ලිම් ජනතාව බලා‍පොරොත්තු වන දේශපාලන විසඳුමකින් ඒ මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත් බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නත් විසඳන්න තියෙනවා. ඉඩම් ආපසු දීම ගැනත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා.

    උතුරු නැගෙනහිරට සංවර්ධනය වුවමනායි. ඒ සංවර්ධනය නැතිව දියුණු වෙන්න බැහැ.

    මහේෂ්වරන් ඇමැතිතුමියගේ කතාව දැනගත් අවස්ථාවේදීම මමත් කථානායකතුමාත් සාකච්ඡා කළා.  ඒ ගැන හොයලා බැලුවා. අපේ දේශපාලන කමිටුව ඊයේ (03) රැස්වුණා. මෙහේෂ්වරන් ඇමැතිනිය සම්බන්ධයෙන් කතා කළා. ඇය අසනීපව යාපනයේ සිටින බව දැනගන්නට ලැබුණා. අද කොළඹට ආවාම මා මුණගැහෙන්න කියලා දැනුම් දුන්නා.

    අප ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග පරීක්ෂණ තීරණය කරලා තියෙන්නේ. එතුමිය මුණ ගැසුනට පස්සේ ඒ අදාළ පියවර ගන්න කැමතියි. අපි හැම වෙලාවෙම ඒ ස්ථාවරයේ ඉන්නවා.

    යුද්ධය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව කැපකිරීමක් කළා. රට නොබෙදී තියාගන්න කැපවීම් කළා. ත්‍රස්තවාදීන් ද්‍රවිඩ පක්ෂත් අනෙක් පක්ෂවල නායකයන්, අපේ පක්ෂයේ නායකයන් මරා දැම්මා. රටේ මූලධර්මවලට පටහැනිව ක්‍රියාකළොත් ඊට එරෙහිව කටයුතු කරනවා.

    එල්.ටී.ටී.ඊය රට බෙදන්න විතරක් නොවෙයි පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කරන්නත් කටයුතු කළා. ‍පොලීිසියේ 600 ක් මරපු  කරුණා තමන්ගේ පක්ෂයේ උපසභාපති කරන්නත් ප්‍රභාකරන්ට මුදල් දීලා ජනාධිපතිවරණය දින්නා නම් එල්.ටී.ටී.ඊය පරාද කරපු හමුදාපති හිරේ දැම්මා නම් අද කොහොමද ඇවිල්ලා මේ ගැන කියන්නේ.

    (විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කරමින් කෑ කෝ ගසයි)

    කථානායකතුමා තදින් ක්‍රියාකරන්න ඕනා මෙන්න මෙහෙම අයටයි. සරත් ෆොන්සේකාට කරපු දේශපාලන පළිගැනීම් ගැන අද ඔබතුමාට ලිපියක් දීලා තියෙනවා. එහෙම නම් අපි ඔක්කොම එකතු වෙලා ඒක අනුමත කරමු.

    ඇයි මෙතුමා හිරේට යැව්වේ. අපි දන්නවා ඊයේ මෙතැන කෑ ගැහුවේ නිව්යෝර්ක් ටයිම්ස් කතාව නවත්තන්නනේ. ඕකනේ ඕනා වුණේ. ‍පොලීිසියේ 600 ක් මරපු මිනිහා උපසභාපති කරලා ප්‍රභාකරන් මරපු මිනිහා හිරේ දැම්මා. විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ කෝ ගසද්දී අගමැතිවරයා අසුන් ගත්තේය.

  • මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට

    මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට

    මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
    කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.
    රත‍්‍රන් සඳහා පැනවු සියයට 15ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ යෝජනා කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
    මැණික් ගැරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමේ ගැටලු සහ ප‍්‍රමාදයන් පිළිබඳව ද අවධානය යොමු විය.
    මැණික් ගැරීම සඳහා ඉඩම් නිදහස් කර ගැනීමේදී රාජ්‍ය ආයතන සහ වතු සමාගම් ආශි‍්‍රතව මතුවී ඇති ගැටලුකාරි වාතාවරණය පිළිබඳව ද සාකච්ජාවට ලක් විය.
    මෙම ගැටලු අතරින් දැනට විසඳුම් ලබාදිය හැකි ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා අනෙකුත් ගැටලු පිළිබඳ සාකච්ජා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ජූලි 12 වනදා නැවත වරක් සාකච්ජාවක් කැඳවීමට ද උපදෙස් දුන්නේය.
    අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. ඒ. විජේතුංග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල බණ්ඩාර ජයරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ
  • අධ්‍යාපන සුපරීක්ෂණ මණ්ඩල පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි

    අධ්‍යාපන සුපරීක්ෂණ මණ්ඩල පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි

    රජයේ පාසල් හා පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා “අධ්‍යාපන සුපරීක්ෂණ මණ්ඩල” පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
    අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යන රජයේ ප්‍රතිපත්තිගත ක්‍රියාවලිය යටතේ මෙම සුපරීක්ෂණ මණ්ඩල පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපත්ති සම්පාදන හා කාර්යසාධන සමාලෝචන පිළිබඳ අතිරේක ලේකම් ආචාර්ය මධුරා වේහැල්ල මහත්මිය සඳහන් කළාය.
    සම සාධාරණ අධ්‍යාපන අවස්ථා ගොඩනැගීම හා ගුරුවරුන්ගේ සුදුසුකම් මෙන්ම අධ්‍යාපනයේ සම ප්‍රභේද පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව ඇය සඳහන් කළාය.
    මීට අදාළ කටයුතු පළාත් මට්ටමින් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව මධුරා වේහැල්ල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.