Blog

  • විද‌ේශ ව්‍යාපෘතියකට ඩොලර් 750,000ක අල්ලසක් ඉල්ලු ඇමතිට කැබිනට්ටුවේදී ජනපතිග‌ෙන් දැඩි ප්‍රහාරයක්…..!

    විද‌ේශ ව්‍යාපෘතියකට ඩොලර් 750,000ක අල්ලසක් ඉල්ලු ඇමතිට කැබිනට්ටුවේදී ජනපතිග‌ෙන් දැඩි ප්‍රහාරයක්…..!

    පසුගිය කැබිනට් හමුවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ආවේගශීලීව අදහස් දක්වා තිබේ. ඒ ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඉලක්ක කරගෙනය. මැලේසියානු සමාගමකට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා නොදීම නිසා මෙලෙසින් ජනපතිවරයා විසින් අමාත්‍යවරයාට දෝෂාරෝපනය කර තිබේ. වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය.

    මැලෙසියාවේ ඛණිජ තෙල් සමාගමක් ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපෘතින් ඇරඹීමට මුතුරාජවෙල කර්මාන්තශාලාවක් අරඹා තිබේ. මෙහිදි ඛණිජ තෙල් පිරිපහදුව, ලිහිසි තෙල් නිෂ්පාදනය සිදුකිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතිය සදහා එම සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන දහයක මුදලක් දැනටම වැය කර තිබෙන බව සදහන්. ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව මෙම ව්‍යාපෘතිය දියත් වේ.

    මැලෙසියානු හිටපු අගමැති නජීබ් රසාක් පසුගිය දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එම සංචාරයේදි ඔහු විසින් මෙම කර්මාන්තශාලාව විවෘත කර තිබේ. කෙසේ වෙතත් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් එම කර්මාන්තශාලාවට අවශ්‍ය බලපත්‍ර තවමත් නිකුත් නොකිරීම නිසා එහි ව්‍යාපෘතින් තවමත් ආරම්භ වී නැත.

    කැබිනට් රැස්වීමේදි මෙම බලපත්‍ර ලබා දීම සදහා අමාත්‍ය අර්ජුන රණතුංග විසින් කාලය ඉල්ලා ඇති අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාවටද දැඩිව විරුද්ධ වී තිබේ. ” තවත් කාලය වැය කරන එකෙන් තේරුමක් නැහැ, තවත් කල් නොයවා අදම බලපත්‍රය නිකුත් කරන්න” යෑයි ජනපතිවරයා මෙහිදි නියෝග කර තිබේ.

    මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම කැබිනට් හමුවේදි රජයේ දේශපාලකයෙකු සම්බන්ධව පැමිණිලි එල්ල වී තිබූ බවයි. මෙම දේශපාලකයා විසින් මේ කර්මාන්තශාලාවට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට නම් සිය ඥාතියෙකු හමුවී එක බලපත්‍රයකට ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දහස බැගින් දේශපාලන අරමුදල් ලෙස ලබා දෙන ලෙස මැලේසියානු කර්මාන්තශාලාවට දන්වා තිබෙන බවට කැබිනට් හමුවේදී චෝදනා එල්ලවී තිබේ.

    මේ අනුව බලපත්‍ර තුන සදහාම මෙම දේශපාලකයා විසින් ඉල්ලා තිබෙන අල්ලස් මුදල ඩොලර් හත්ලක්ෂ පනස් දහසක් (750,000) වන අතර එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 11කට අධික මුදලකි

  • හැගීම් වලට වහල්වී තමන්ම ගත් නිරුවත් ඡායාරූප නිසා සුප්‍රසිද්ධ නීතිඥවරියට වෙච්ච අලකලංචිය ‌මෙන්න…

    හැගීම් වලට වහල්වී තමන්ම ගත් නිරුවත් ඡායාරූප නිසා සුප්‍රසිද්ධ නීතිඥවරියට වෙච්ච අලකලංචිය ‌මෙන්න…

    නිමල්කා කුමාරි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියකි. එම ප්‍රදේශයේම රියදුරු පුහුණු පාසලක ඇය සේවය කළාය. තරුණ වයසේ සිටි ඇය තවමත් අවිවාහකය.
    පාසල් යන වයසේ සිටම ඇය ප්‍රේම සම්බන්ධතා කිහිපයක්‌ පවත්වා ගෙන ගියාය. එහෙත් එම ප්‍රේම සම්බන්ධතා එකක්‌වත් ස්‌ථිර ඒවා නොවීය. එය එසේ වීමට හේතු වූයේ නිමල්කාගේ සමහර ගති පැවතුම්ය. බොහෝ අවස්‌ථාවල ඇය හැසිරුණේ තරුණියකට උචිත අයුරින් නොව තරුණයකුට උචිත අයුරින්ය. මොන දේ වුණත් ඇය ජීවිතය සතුටින් ගත කළාය.
    අනූෂා නීතිඥවරියකි. පදිංචිය වැල්ලවත්ත ප්‍රදේශයේ නිමල්කාගේ නිවස ආසන්නයේය. ඇය විවාහක කාන්තාවකි. එම විවාහයෙන් ඇයට පුතකු සිටී. දැනට වසර කිහිපයකට ඉහතදී ඇය තම සැමියාගෙන් දික්‌කසාද වූවාය. ඒ පෞද්ගලික ආරවුලක්‌ දුරදිග යැම හේතුවෙනි. ඉන්පසු ඇය වැල්ලවත්ත එම නිවසේ තම පුතා සමඟ ජීවත් වූවාය. 
    අසල්වැසියන් නිසා නිමල්කා සහ අනූෂා අතර දැඩි මිත්‍රත්වයක්‌ ගොඩනැඟුණි. හැකි සෑම මොහොතකම නිමල්කා අනූෂාගේ නිවස වෙත යැමට පුරුදු වී සිටියාය. එලෙස යන ඇය පැය ගණන් අනූෂා සමඟ පෞද්ගලික තොරතුරු මෙන්ම සමාජීය තොරතුරුද කතාබහ කළාය. නීතිඥවරියක්‌ වුවත් අසල්වාසින් ගැන විවිධ තොරතුරු දැන ගැනීමට අනුෂා දැඩි කැමැත්තක්‌ දැක්‌වූවාය.
    දිනක්‌ නිමල්කා සුපුරුදු පරිදි අනූෂාගේ නිවස වෙත පැමිණියාය. ඉදිරියට පැමිණියේ අනූෂාගේ පුතා වන යොහාන්ය. ඔහුගෙන් නිමල්කා මෙලෙස විමසුවාය.
    “කෝ පුතා අම්මා”
    “අම්මා බාත්රූම් එකේ. ඉන්න මම කියන්නම් ඇන්ටි ආවා කියලා”
    එලෙස පැවසූ ඔහු නාන කාමරය දෙසට ගියේ තම මවට නිමල්කාගේ පැමිණීම පැවසීම සඳහාය. එලෙස නිමල්කාගේ පැමිණීම තම මවට පැවසූ ඔහු යළි නිමල්කා දෙසට පැමිණියේය. පැමිණ මෙලෙස පැවසුවේය.
    “අම්මා ඉක්‌මනට එන්නම් කීවා. එනකන් ඇන්ටිට වාඩිවෙලා ඉන්න කීවා”
    “හරි පුතා මම වාඩිවෙලා ඉන්නම්” 
    එලෙස පැවසූ ඇය සාලයේ තිබූ සුවපහසු පුටුවක වාඩිවූවාය. යොහාන්ද ඇය ඉදිරියේ වාඩිවී තම මවගේ ජංගම දුරකථනයෙන් “වීඩියෝ ගේම්” එකක්‌ සෙල්ලම් කරමින් සිටියේය.
    “පුතා කාගෙද ඔය ෆෝන් එක” ඇය විමසුවාය. 
    “මේක අම්මාගේ ෆෝන් එක. මම මේ ගේම් එකක්‌ ගහනවා. බොහොම අමාරුවෙන් අම්මගෙන් ඉල්ල ගත්තෙත්”
    “ආ ඇත්තද…? මොකක්‌ද ඔය ගහන ගේම් එක. මටත් දෙන්නකො පොඩ්ඩක්‌ බලන්න. මමත් ආසයි ගේම් ගහන්න”
    “ඇන්ටිට මේව ගහන්න තේරෙන්නේ නැහැ”
    “තේරෙනවද නැද්ද කියලා බලන්න මට ෆෝන් එක දෙන්නකෝ…”
    නිමල්කාට ඇත්ත වශයෙන්ම වුවමනා වූයේ වීඩියෝ ගේම් එක ගැන තොරතුරු දැන ගැනීම නොව අනුෂාගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කර බැලීමටයි. ඒ ඇයගේ ස්‌වභාවයයි. අනුන්ගේ දේවල් සොයා බැලීම සඳහා ඇයට තිබුණේ පුදුමාකාර ආශාවකි. උනන්දුවකි. ඇය යළි යළිත් යොහාන්ගෙන් ජංගම දුරකථනය ඉල්ලා සිටියාය. 
    “මොකද ඇන්ටි කරදර කරන්නේ… ඔන්න බලන්න එහෙනම්. හැබැයි ආපහු ඉක්‌මනට ඕන ෆෝන් එක”
    “හරි පුතා මම මේ ගේම් එක විතරයි බලන්නේ. ඉක්‌මනට දෙන්නම්” 
    එලෙස පැවසූ ඇය යොහාන්ගෙන් ජංගම දුරකථනය ගෙන එය පරීක්‍ෂා කර බැලුවාය. එහිදී ඇයට ජංගම දුරකථනයේ තිබුණ අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ කිහිපයක්‌ දැක ගැනීමට හැකිවිය. නැවත නැවතත් එදෙස බැලූ ඇය ක්‍ෂණිකව එම පිංතූර සහ වීඩියෝ තමාගේ ජංගම දුරකථනයට දමා ගත යුතු යෑයි තීරණය කළාය. ඒ අනුව යොහාන්ටත් නොදැනෙන ලෙස ඉතා සූක්‍ෂම අයුරින් එම පිංතූර සහ වීඩියෝ සියල්ල තම ජංගම දුරකථනයට කොපිකර ගත්තාය. එලෙස කොපි කරගෙන ආපසු යොහාන්ට ජංගම දුරකථනය දුන්නේ “පුතා කිව්වා හරි මට මේ ගේම් ගහන්න තේරෙන්නෙ නැහැ” යි පවසමින්ය. ඒ අතර කාලය තුළ අනූෂාද පැමිණියාය. පැය ගණනක්‌ ඔවුහු සතුටු සාමීචියේ යෙදුණාහ.
    නුවන් අසංක ගණේමුල්ල, කොස්‌සින්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. හරි හමන් රැකියාවක්‌ නොමැති ඔහු ජීවත්වීම සඳහා විවිධාකාරයේ නීති විරෝධී ක්‍රියාවන්වල නිරත විය. එයට අමතරව ෆේස්‌ බුක්‌ හරහා තරුණියන් සමඟ මිත්‍රවී පසුව ඔවුන් රවටා මුදල් වංචා කිරීමටද මොහු උපන් හපනෙකි.
    නිමල්කා කුමාරි දිනක්‌ ෆේස්‌ බුක්‌ හරහා නුවන් අසංකව හඳුනා ගත්තාය. එම හඳුනා ගැනීම වැඩිකල් නොගොස්‌ ආදර සම්බන්ධතාවක්‌ බවට පෙරළුණේය. ඉන්පසු නිමල්කාගේ එකම ලෝකය වූයේ අසංකයි. අන් කාටවත් වඩා ඇය හදවතින්ම ඔහුට ආදරය කළාය. දවසේ පැය විසිහතර පුරාම පාහේ ඔහු ගැන ඉතා විමසිල්ලෙන් සොයා බැලුවාය. දිනක්‌ නිමල්කා තම පෙම්වතා වන අසංකට මෙසේ පැවසුවාය. 
    “අයියේ මම කාලයක ඉඳන් ඔයාට දෙයක්‌ කියන්න හිටියේ. හැබැයි වරදවා හිතන්න එපා”
    “ඔයා මොනවා කීවත් මම එහෙම හිතන්නේ නැහැ නංගී. දන්නවනේ මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා…”
    “එක්‌කෝ ලැඡ්ජයි අයියේ මට ඒක ඔයාට කියන්න”
    “ඇයි අනේ ඔයා මං ළඟ ලැඡ්ජා වෙන්නේ… කියන්න නංගි බය නැතිව ඕන දෙයක්‌ මට. මම ඔයාගෙනේ…”
    “ඔයාට මම කියලා තියෙන්නේ අනූෂා කියලා මගේ යාළුවෙක්‌ ගැන”
    “ඔව් මට මතකයි. ඔයාලගේ ගෙවල් ළඟ ඉන්න දික්‌කසාද වෙච්ච නීතිඥ නෝනනේ…”
    “මෙයාට ඒවනම් මතකයි හොඳට”
    “නැහැ නැහැ එහෙම මතකයක්‌ නැහැ මට. ඔයානේ නිතරම එයා ගැන කියන්නේ… ඒකෙන් වැඩක්‌ නැහැ කියන්නකො කතාව”
    “ඒ මගේ යාළුවා අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ වගයක්‌ මගේ ළඟ තියනවා”
    නුවන් අසංක එක්‌වරම පුදුමයට පත්වූවේය. එලෙස පුදුමයට පත්වෙමින් මෙලෙස විමසුවේය.
    “ඔයාට කොහෙන්ද එයාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ”
    නිමල් කුමාරි අනූෂාගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ ලබාගත් ආකාරය ගැන අකුරක්‌ නෑර ඔහුට පැවසුවාය. නුවන් අසංක එම මොහොතේම සිතුවේ මෙම නිරුවත් පිංතූර සහ වීඩියෝ භාවිත කරමින් කීයක්‌ හරි උපයා ගැනීමටය. එම නිසා ඔහු නිමල්කාට පැවසුවේ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ තමාගේ ජංගම දුරකථනයට එවන ලෙසයි. නිමල්කාද දෙපාරක්‌ නොසිතා එම පිංතූර සහ වීඩියෝ සියල්ල අසංකගේ ජංගම දුරකතනයට යෑව්වාය. 
    අසංක රෑ නිදි වරමින් එම නිරුවත් පිංතූර සහ වීඩියෝ පටවලින් කුමක්‌ කළ හැකිදැයි කල්පනා කළේය. අවසානයේ ඔහු තීරණය කළේ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ පට අදාළ නීතිඥවරියටම පෙන්වා ඇයව බියගන්වමින් කප්පම් මුදලක්‌ ලබා ගැනීමටයි. පසුදිනම ඔහු එම අදහස තම පෙම්වතිය වූ නිමල්කාට පැවසුවේය. තම හොඳම යෙහෙළිය ගැන පොඩි අනුකම්පාවක්‌වත් නොදැක්‌වූ ඇය එක පයින්ම අසංකගේ එම යෝජනාවට කැමැති වූවාය. ඇයටද වුවමනා වූයේ හොඳින් හෝ නරකින් මුදල් උපයා ගැනීමටයි. 
    අසංකගේ සැලසුම වූයේ නීතිඥවරිය බිය ගන්වා ඇයගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ තමා ළඟ තියෙන බව පෙන්වා රුපියල් ලක්‍ෂ 30 ක කප්පම් මුදලක්‌ ලබා ගැනීමයි. සැලසුමට අනුව ඇය නීතිඥවරියට දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේය. ලබාදී මෙලෙස පැවසුවේය.
    “හෙලෝ… අනූෂා මිස්‌ද?
    “ඔව්. කතා කරනවා… කවුද ඔයා”
    “මගේ නම මිස්‌ට අදාළම නැහැ. හැබැයි මට මිස්‌ එක්‌ක ටිකක්‌ වෙලා කතා කරන්න ඕනා”
    “දන්නැති අය එක්‌ක කතා කරලා තේරුමක්‌ නැහැ. මට ඔහේලාට වගේ වේලාවකුත් නැහැ නිකන් කතා කර කර ඉන්න. ඒක නිසා කරුණාකරලා ෆෝන් එක තියන්න”
    “නීතිඥ මිස්‌ කලබල වෙන්න එපා. මේක මිස්‌ගෙ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්‌. ඒක නිසා ටිකක්‌ වෙලා මගෙත් එක්‌ක කතා කරන්න”
    “මොකක්‌ද මිනිහෝ කියන්නෙ. කියන මඟුලක්‌ තේරෙන්න කියනවා”
    “මිස්‌ගෙ නිරුවත් පිංතූර සහ වීඩියෝ වගයක්‌ මගේ ළඟ තියෙනවා”
    “මොකක්‌. තමුසෙට අමු කැවිලද මිනිහෝ…”
    “උසාවියේ වගේ සද්ද දාන්න එපා. අපි මේක ගොඩින් බේරගමු”
    “ගොඩින් බේර ගන්න දෙයක්‌ නැහැ. තමුන් යනවා මානසික රෝහලකට.”
    “මානසික රෝහලකට යන්න වෙන්නේ මට නොවෙයි මිස්‌ට. අපි මේක ගොඩින් බේරගමු. මට ලක්‍ෂ 30 ක්‌ දෙන්න. පිංතූරයි වීඩියෝ ටිකයි මිස්‌ට දෙන්නම් ආපහු”
    “තමුන්ට කොහෙන්ද මගේ නිරුවත් පිංතූර. නිකන් බොරු කියලා මිනිසුන්ව බය කරලා සල්ලි ගන්න හදන්න එපා. මම පොලිසියෙ පැමිණිල්ලක්‌ දානවා..”
    “කී පාරක්‌ කීවද බොරු නොවෙයි කියන්නේ. මිස්‌ එහෙනම් හොඳට අහගන්න. මම කියන්නම් ඒ නිරුවත් පිංතූරවල විස්‌තර අකුරක්‌ නෑරම…”
    අසංක එම නීතිඥවරියගේ නිරුවත් පිංතූර සහ වීඩියෝවල විස්‌තර එකින් එක ඇයට පැවසුවේය. එය ඇසීමත් සමඟ ඇයගේ ඉහමොළ රත්විය. තම ජංගම දුරකථනයේ තිබුණ එම නිරුවත් පිංතූර සහ වීඩියෝ එලෙස ඔහු ළඟට ගියේ කෙලෙස දැයි ඇයට සිතා ගැනීමටවත් නොහැකි වූවාය. ඇය පිස්‌සුවෙන් මෙන් දස අතේ කල්පනා කළාය. ඒ අතර අසංක සැරින් සැරේ දුරකථන ඇමතුම් ලබාදී ඇය බිය වද්දවා ලක්‍ෂ 30 ක කප්පම් මුදලක්‌ ඉල්ලා සිටියේය.
    ඇය කරන්නට කිසිම දෙයක්‌ නොමැතිව අන්ත අසරණ වූවාය. අවසානයේ ඇය නීතියේ පිහිට පැතීමට තීරණය කළාය. ඒ අනුව ඇය කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස්‌ මේ පිළිබඳව පැමිණිල්ලක්‌ දැමුවාය. වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීහු මේ ගැන පරීක්‍ෂණ පැවැත්වූහ. 
    අසංක දිනපතා කෙටි පණිවුඩ එවමින් ඇයගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටියේය. ඒ අතර එහි පළමු අදියර ලෙස දිනයක්‌ පවසා එදිනට ලක්‌ෂ 3 ක මුදලක්‌ ඉල්ලා සිටියේය. මෙම සියලු විස්‌තර පොලිස්‌ නිලධාරීන්ටද ඇය ලබා දුන්නාය. ඒ අනුව පොලිස්‌ නිලධාරීහු ඔහුගේ දුරකථන අංකය හරහා බොහෝ විස්‌තර සොයා ගෙන තිබිණි.
    අදාළ දිනය එළැඹිණි. අසංක අනුෂාට ඇමතුමක්‌ ලබාදී පැවසුවේ සවස හයට පමණ එම මුදලත් රැගෙන කිරුළපනට පැමිණෙන ලෙසයි. ඒ වන විටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්‌ වෙස්‌වලාගෙන එම ප්‍රදේශය අවට ස්‌ථානගත වී සිටියහ. නීතිඥවරිය මුදලුත් රැගෙන කිරුළපනට පැමිණියාය. ඉන් පසු ඇයට පාමංකඩට පැමිණෙන ලෙස අසංක පැවසුවේය. ඇය සහ වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීහු එම ස්‌ථානයටද ගියහ. එහෙත් අසංක කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැමිණියේ නැත. යළි ඔහු දුරකථන ඇමතුමක්‌ ලබාදී පැවසුවේ කුරුඳුවත්ත ප්‍රදේශයට පැමිණෙන ලෙසයි. එලෙස පැය කිහිපයක්‌ නීතිඥවරියව කප්පම්කරු රස්‌තියාදු කරවා තිබිණි. අවසානයේ ඔහු නීතිඥවරියට පවසා ඇත්තේ දැන් නිවසට යන ලෙසත්, පසුදින මුදල් ලබා ගැනීමට පැමිණෙන බවත්ය. 
    පසුදින උදාවිය. රාත්‍රී 8 ට පමණ නීතිඥවරියට යළි ඇමතුමක්‌ ලැබිණි. ඒ කප්පම් මුදල රැගෙන මරදාන ප්‍රදේශයට පැමිණෙන ලෙසයි. ඒ බව ඇය පොලිස්‌ නිලධාරීන්ටද දැනුම් දුන්නාය. ඒ යන අතරමඟ කප්පම්කරු විසින් විටින් විට ඇයට දුරකථන ඇමතුම් ලබාදී වෙනත් තැන් තැන්වලට පැමිණෙන ලෙස පැවසුවේය. අවසානයේ රාත්‍රී 10.30 ට පමණ පාමංකඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයකට පැමිණෙන ලෙස කප්පම්කරු දැනුම් දුන්නේය. වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද කිසිවකුටත් නොදැනෙන අයුරින් නීතිඥවරිය පිටුපසින් අදාළ ස්‌ථානයට පැමිණියහ.
    නීතිඥවරිය සල්ලි දීමට සැරසෙද්දීම එම පොලිස්‌ නිලධාරීහු සැකකරුව අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සිදුවූ සියල්ල අකුරක්‌ නෑර සැකකරු පවසා තිබිණි. ඒ අනුව නීතිඥවරියගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ සැකකරුට ලබාදුන් කාන්තාව සහ ඒවා සියල්ල සී.ඩී. තැටියක පිටපත් කළ තවත් සැකකරුවක්‌ද එම නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
    2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 7, 8 යන වගන්ති හා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනතේ 2 (අ) වගන්ති අනුකූලව වැරැදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් මෙම සැකකරුවන් දෙදෙනා සහ සැකකාර තරුණියව කොළඹ අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ව රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. 
    ප්‍රවේශම් වන්න. තම ජංගම දුරකථනයේ අතිශය පෞද්ගලික තොරතුරු ගබඩා කරගෙන සිටීම ඉතා අනතුරුදායකය.
  • කළු සල්ලි වලට ආශාව‌ෙන් මිලියන 1215 කට චීනයට විකිණුනු රාජපක්ෂවරුන්‌ග‌ේ පැටිකිරිය ‌ම‌ෙන්න….

    කළු සල්ලි වලට ආශාව‌ෙන් මිලියන 1215 කට චීනයට විකිණුනු රාජපක්ෂවරුන්‌ග‌ේ පැටිකිරිය ‌ම‌ෙන්න….

    පසුගිය සතියේ ලංකාවේ දේශපාලනයේ විශේෂිතම සිදුවීම වන්නේ ලෝකප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පෙලේ ලිපියක් පලකරමින් පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට චීනයේ මැදිහත්වීම පිළිබඳව විස්තරාත්මක හෙළිදරව් කිරීම් ගණනාවක් සිදුකර තිබීමයි. මෙම ලිපියට අනුව රාජපක්ෂවරු විසින් හම්බන්තොට වරාය ඉදිකිරීමේදී සිදුකරන ලද සුවිශාල අක්‍රමිකතා රාශියක් හෙළිකරන ලද අතර මහින්ද රාජපක්ෂ විසින් එම වරාය ඉදිකිරීමේ මුලික කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීමේ දී විශාල ආර්ථික පාඩුවක් ද, අක්‍රමිකතාවයන් ද සිදුකර ඇති බව හෙළිකරන ලදී. එසේම එම ඉදිකිරීම් කටයුතු වලදී ඉදිරිපත් වූ පරිසර හා ශක්‍යතා වාර්තා සියල්ලම යෝජනා කරන ලද්දේ වරාය ඉදිකරන ලෙස නොව එය අසාර්ථක ව්‍යාපෘතියක් වීමට ඉඩ ඇති බවත් මෙම ව්‍යාපෘතිය ඉදි නොකර සිටින ලෙසත්ය.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හැටපස්වන උපන්දිනයට ප්‍රථම එම වරාය ඉදිකොට විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් රාජපක්ෂවරුන්ට තිබූ බව එම පුවත්පත හෙළිකොට තිබේ. එසේම එම වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රථමයෙන් ලබාදීමට අපේක්ෂා කොට ඇත්තේ ඉන්දියාවට වුවත් ඉන්දියාව ඒ ඉදිකිරීම ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ වෙනුවෙන් ඉදිරිපත් කොට තිබූ ශක්‍යතා වාර්තා වල තිබූ නිර්දේශ වලට අනුවයි. නමුත් ඔවුන් එම වාර්තා තඹ සතයකට මායිම් නොකර චීන සමාගමකට මෙම වරාය ඉදිකිරීමේ අතිවිශාල කොන්ත්‍රාත්තුව අධික පොලියට ලබාගත් ණය මුදලක් මත ලබා දී තිබේ. එම අවස්ථාවේදී ජපානය 0.5% ක පොලියක ණය මුදලකට එකඟ වී තිබියදීත් මෙහි මුල් කොටස චීනය විසින් ලබාගන්නා ලද්දේ සියයට තුනක අතිවිශාල පොලී අනුපාතයකට බව මෙම ලිපිය මඟින් පෙන්වා දී තිබේ. එසේම වරාය ඉදිකිරීමේ දෙවන සහ තුන්වන පියවරයන් සඳහා චීනයෙන් ණය ලබාගෙන ඇති පොලී අනුපාතයන් සියයට තුනේ, හතරේ හා ඵවැනි ඉහළ පොලී අනුපාතයන් වේ. එසේම කෙටි කාලීන ණය මුදල්වල එම ණය මුදල් හැකි ඉක්මනින් ගෙවීමට ලංකාවේ ආණ්ඩුවට සිදුවන ලෙස අවාසි සහගත ගිවිසුම් වලට එළඹ ඇති බව එම ලිපිය පෙන්වාදෙයි. පසුගිය වසර තුන තුළ යහපාලන ආණ්ඩුව මුහුණදුන් දහසකුත් ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වූයේ හම්බන්තොට සුදුඅලි වරායයි.

    එම වරායේ නඩත්තුව වෙනුවෙන් කොළඹ වරායද බංකොලොත් තත්ත්වයට පත්වීමට ඉඩ තිබූ බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබුණේය. එයට ප්‍රධාන හේතුව වූයේ හම්බන්තොට වරායෙන් කිසිදු ආදායමක් නොලබන අතර චීනයට ගෙවිය යුතු ණය වාරිකය ගෙවීම හා නඩත්තුව කොළඹ වරායේ ආදායම මගින් සිදුකිරීමට සිදුවී තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ වරායද අර්බුදයට යමින් තිබුණි. ලංකාවේ ලාභ ලබන රාජ්‍ය ආයතන කිහිපයෙන් එකක් වන කොළඹ වරායද බංකොලොත් තත්ත්වයට පත්වීමේ අවදානමකට ලක්විය. අවසානයේ මෙහි ප්‍රතිඵලය වූයේ හම්බන්තොට වරාය එය ඉදි කළ china harbour සමාගමට වසර 99 කට හිමි වීමයි. එසේම ඒ වෙනුවෙන් ආණ්ඩුවට ඩොලර් බිලියන 1.26 මුදලක් ද ලැබුණි. නමුත් එම මුදල චීන සමාගම ලබාගත් ණය මුදලට වඩා අඩු වන අතර ඔවුන් විසින් හම්බන්තොට ප්‍රදේශයේ එම වරායේ කටයුතු මෙහෙයවීම සඳහා ආර්ථික මර්මස්ථානයක් ඉදිකරන බවට වූ පොරොන්දුවක් නිසාවෙන් එය වාසිදායක පස් ගනුදෙනුවක් ලෙස දක්වා සිටිය හැක.

    ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඔහුගේ 2014 අග භාගයේ ජනාධිපතිවරණය සඳහා චීනයෙන් ඩොලර් මිලියන 7.5 ක අති විශාල මුදලක් ලබාගත් බවට ද එම ලිපිය මගින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වාදෙයි. සැබෑ ලෙසම ලංකාවේ ආර්ථිකය අති විශාල අර්බුදයකට පත්කිරීමට හේතු වූ මෙම චීන – ශ්‍රී ලංකා ගනුදෙනුවල සැබෑ තත්ත්වය ලංකාවේ ජනතාවට අවබෝධ කරදීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. විශේෂයෙන් ලංකාවේ ජාතික ආදායමෙන් රජයේ ආදායම 11% මට්ටමට ගෙන ඒමේ අති විශාල හානියක් ලංකාවේ ආර්ථිකයට සිදුකරන ලද්දේ මෙම චීන – ශ්‍රී ලංකා ණය ගනුදෙනු වලිනි. ලංකාවේ ආර්ථිකයට අනුව රජයේ ආදායම අඩුම තරමින් 22% මට්ටමේ තිබිය යුතු බවත් එය එසේ නොවන්නේනම් ලෝකය පිළිගත් මූල්‍ය ආයතනවලින් ලංකාවට ණය ලබා ගැනීමේ හැකියාව අහිමි වන බවත් ආර්ථික විශේෂඥයින් පෙන්වාදී තිබේ. නමුත් රාජපක්ෂ රෙජීමය විසින් සිදුකරන ලද්දේ රජයේ ආදායම ඉහල දමාගැනීම වෙනුවට චීන ණය මුදල් මගින් ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාමයි. එහි උපරිම මට්ටමට 2014 වන විට ලංකා ආණ්ඩුව පත්ව තිබුණු අතර එම ණය මුදල් නැවත ගෙවීම ආරම්භවීමට නියමිතව තිබුණේ 2015 වසරේ සිටයි. යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ලංකාවේ ආර්ථිකය විශාල ගිනිකන්දක තත්ත්වයට පත්වී තිබුණි.

    රාජපක්ෂවරු වසර පහකින් ජනාධිපතිවරණයට යොමුවන්නේ ජාත්‍යන්තර බලපෑමෙන් එම ආර්ථිකය තවදුරටත් චීන ණය මත ගෙන යා හැකි තත්ත්වයක් නොමැති අවස්ථාවකය. යහපාලන ආණ්ඩුව මේ රට බාරගත් දා සිට ආණ්ඩුවට තිබූ ලොකුම අභියෝගය වූයේ පාපැදි ආර්ථිකයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමයි. මන්දයත් බංකොලොත් තත්ත්වයක තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට පවා ශක්තියක් නොතිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා ප්‍රතිසංස්කරණ ඉටුකිරීම පොරොන්දු වී බලයට පත්වූ යහපාලන ආණ්ඩුවට එම ප්‍රතිසංස්කරණ ඉටුකිරීමටත් වඩා, හොරු ඇල්ලීමටත් වඩා තම කාලයෙන් වැඩි කොටසක් වැය වූයේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමටයි. එනම් එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකි තත්ත්වයට ලංකාවේ ආර්ථිකය ගෙනඒමටයි. එය දේශපාලනික වශයෙන් විශාල අර්බුදයකට යහපාලන ආණ්ඩුව පත්කළ ද එම කටයුතු සිදු කිරීම අනිවාර්ය කොන්දේසියක්ව තිබුණි.

    රාජපක්ෂවරුන්ගේ විශාල දූෂණ හා අක්‍රමිකතා නිසා හපවී තිබූ ලංකාවේ ආර්ථිකය අද වන විට නිවැරදි පීල්ලට පැමිණ තිබේ. අද රටේ එදිනෙදා කටයුතු කරගෙන යාමේ කිසිදු අපහසුවක් නොවන අතර රාජ්‍ය ආදායම 11% ක සිට එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන 22% සීමාවේ ආසන්නයට යාමටත් ඒ අනුව අනාගතයේදී ඉතාම අඩු පොලියට දීර්ඝ කාලීන ණය මුදල් ලබා ගත හැකි තත්ත්වයකටත් රට පත්වී තිබේ.

     

  • කුපාම මහින්ද හමුවන්නට මත්තෙන් 16 කල්ලියේ ඇතුලත ගිනි පිටට ඇවිත්…. දායාසිරිගෙන් නාකින්ට ප්‍රහාරයක්….

    කුපාම මහින්ද හමුවන්නට මත්තෙන් 16 කල්ලියේ ඇතුලත ගිනි පිටට ඇවිත්…. දායාසිරිගෙන් නාකින්ට ප්‍රහාරයක්….

    ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව සඳහා තමන් හට කිසිදු ආරාධනාවක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසනවා. අද පැවැත්වෙන අදාළ හමුව පිළිබඳව පුවත් වෙබ් අඩවියක් විමසා සිටි අවස්ථාවේ දී ඔහු වැඩිදුරත් ප්‍රකාශ කොටඇත්තේ ජෝන් සෙනෙවිරත්නගේ තීන්දුව 16යේ කණ්ඩායමේ සියලුදෙනාගේ තීන්දුව නොවන බවයි.

    ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ව පාවඩ දමා පිළිගැනීම අවශ්‍ය නොමැති නමුත් බල්ලෝ බළල්ලුන්ට මෙන් සැළකීමට තමන් එකඟ නොවන බව ද ඔහු සඳහන් කරනවා.

    එමෙන්ම මේ වන විට 16යේ කණ්ඩායම තුළත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කළ බව සඳහන්. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් නොමැති බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිදු අයෙකුට ජනාධිපතිවරණය ජයගැනීමට නොහැකි බව ද මන්ත්‍රීවරයා පවසනවා.

    මේ අතර දහසයේ කණ්ඩායම පිළිබඳව ගන්නා තීරණය කුමක්දැයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාසගෙන් මාධ්‍ය කළ විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ ජනමාධ්‍යවල පළ කරන අදහස් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට තමන් සූදානම් නැති බවයි.

    පක්ෂයෙන් ඉවත් වෙන බවට තවමත් කිසිවෙක් තමාට ලිඛිතව දන්වා නැති බවද පෙන්වා දෙනවා.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ කිසිවෙකු හෝ ඒකාබද්ධ විපක්ෂයට නිල වශයෙන් එක්වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කර අනිවාර්යෙන්ම තීරණයක් ගන්නා බවයි පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

  • උතුරු මහ ඇමැති ධුරයෙන් විග්නේෂ්වරන් අස්‌විය යුතුයි – උතුරු පළාත් විපක්‍ෂ නායක

    උතුරු මහ ඇමැති ධුරයෙන් විග්නේෂ්වරන් අස්‌විය යුතුයි – උතුරු පළාත් විපක්‍ෂ නායක

    නීතිරීති කිසිවක්‌ ගණන් නොගෙන තම අභිමතයට අනුව කටයුතු කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ තීන්දුව ලද වහාම ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්‌. තවරාසා මහතා පැවසීය.

    යාපනයේදී පසුගිය 30 දා විශේෂ මාධ්‍ය හමුවක්‌ පවත්වා විපක්‌ෂ නායකවරයා කියා සිටියේ මහ ඇමැතිවරයා විසින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතාගේ ඇමැති ධුරය ඉවත් කිරීමට කළ නියෝගය තහනම් කරමින් අභියාචනාධිකරණය 29 දා ලබාදුන් අතුරු තහනම් නියෝගය හේතුවෙන් විග්නේෂ්වරන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්‌විය යුතු බවයි.

    විග්නේෂ්වරන් මහතාට ලැ-ජාවක්‌ තිබේ නම් ඔහු සිය තනතුරෙන් මහත්මයකු ලෙස ඉවත්වීමට කටයුතු කළ යුතු බව තවරාසා මහතා කියා සිටියේය.

    2017 වසරේ උතුරු පළාත් සභාවේ ප්‍රවාහන, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්‌වමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක්‌ නිකුත් කර ඇත.

    තමා අමාත්‍ය ධුරයෙන් නෙරපීම නීති විරෝධී යෑයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතා ගොනු කළ පෙත්සමක්‌ සලකා බැලු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක්‌ ද සිල්වා මහතාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක්‌ විසින් තහනම් නියෝගය නිකුත් කර ඇත

  • ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ එළි දකී

    ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ එළි දකී

    වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියනලද ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ නම් කෘතිය ගොඩගේ ප්‍රකාශකයන් විසින් එළිදක්‌වා තිබේ. 
     
     මෙම කෘතියෙන් වේළුපිල්ලේ ප්‍රභාකරන් තුළ තිබූ නායකත්ව සාධක මෙන්ම ඔහු තුළ තිබූ සමාජ විරෝධී පෞරුෂ ලක්‍ෂණද පෙන්වා දෙනු ලබයි. මෙම පොත පිළිබඳ අදහස්‌ දක්‌වන විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඩුවාවල පෙන්වා දෙන්නේ ප්‍රභාකරන් සාධකයේ සැඟවුණු මනෝ විද්‍යාත්මක පාර්ශ්වයන් කතුවරයා විසින් හෙළි කරන බවයි.

  • අර්ජුනට ජනපතිගෙන් හා අගමැතිගෙන් දෝස් මුරයක්

    අර්ජුනට ජනපතිගෙන් හා අගමැතිගෙන් දෝස් මුරයක්

    මැ‍ලේසියාවේ ආධාර මත ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩලය මීට පෙර ගෙන තිබූ තීන්දුවක් මේ වනතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී තදින් දොස් පවරා ඇත.

    මෙම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීම පිළිබඳව වූ යෝජනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත පළමුව කරුණු වාර්තා කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාය. මැ‍ලේසියාව මේ පිළිබඳව දිගින් දිගටම විමසන බව මෙහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය තීරණයක් ගත් පසු එය ක්‍රියාත්මක කිරීම ඇමැතිවරයාගේ වගකීම බව රණතුංග ඇමැතිවරයාට පවසා ඇත. මෙහිදී ජනාධිපතිවරයා අර්ජුන රණතුංග මහතා වෙත ඉතා තදින් පවසා ඇත්තේ හොඳ නරක වැඩක් නෑ තීන්දුවක් ගත්තාම එය ක්‍රියාත්මක කරන ලෙසය.

    මේවා රටට වැදගත් ආයෝජන බවත් එනිසා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අර්ජුන රණතුංග ඇමැතිවරයාට මෙහිදී තරමක් තදින් පවසා තිබේ. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙහිදී කතා කළහ. ඔහුගේ අදහස වී ඇත්තේද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් ආයෝජකයෝ ලංකාවට පැමිණීම අඩුකරනු ඇති බවයි. මෙහිදී කතාකළ අර්ජුන රණතුංග මහතා අමාත්‍යාංශ ‍ලේකම්වරයාව මේ පිළිබඳව දැනුවත් කරන බව පැවැසූ නමුත් ඊට මැදිහත් වූ ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ‍ලේකම්ට කීම නොව ඇමැතිවරයා විදිහට මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේ වගකීම ගන්නා ලෙසය.

  • මහින්ද උත්තර දෙන්න ඕන හන්දි ගානෙ මයික් වලට නෙමෙයි

    මහින්ද උත්තර දෙන්න ඕන හන්දි ගානෙ මයික් වලට නෙමෙයි

    නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙරට පුවත්පත්වලට නොව එම පුවත්පතට පිළිතුරු දිය යුතුව ඇතැයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (30) කළුතරදී ප්‍රකාශ කළේය.

    ඒ මහතා එසේ පැවසුවේ කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමිනි. එහිදී ඇමැතිවරයා තවදුරටත් මෙසේද කීය.

    නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත ආවාට ගියාට ප්‍රවෘත්ති පළ කරන්නේ නැහැ. එම ප්‍රවෘත්තියේ අදාළ චෙක්‌පත් අංක, මුදල් ලබාදුන් පුද්ගලයන් බැංකු ආදිය සඳහන් කර තිබෙනවා. භික්‌ෂූන් වහන්සේ නමකටත් මුදල් ලබාදී තිබෙනවා.

    එලෙස මුදල් ලබානුදුන් බවත්, එම පුවත වැරදි බවත් හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට පැවැසිය යුතුයි. අදාළ චීන සමාගමවත් මෙම පුවත ප්‍රතික්‍ෂේප කර නැහැ. 

    හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදුවූ දූෂිත ගනුදෙනුවලින් සුළු ගනුදෙනුවක්‌ තමයි මේ වනවිට එළියට ඇවිත් තිබෙන්නේ. මෙරට මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවට කළ නොහැකි වූ දෙයක්‌ ඇමරිකාවේ පත්තරයක්‌ සිදුකර තිබෙනවා. ඉන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබෙනවා. 

    දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ වූවන්ට නඩු පැවරීමට අපේ නීතිපති දෙපාර්තමේන්තුවට කාලයක්‌ ගත වුණා. පසුගිය රජය සමයේ සිදුවූ සොරකම් මනුෂ්‍ය ඝාතනවල සියලු තොරතුරු දැන් ටික ටික එළියට එනවා.

    මහින්ද රාජපක්‌ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙක්‌. එතුමා හන්දි ගානේ මයික්‍රෙෆොන්වලට උත්තර නොදී නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට අදාළ කරුණු දැක්‌වීම කළ යුතුයි.

  • මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා

    මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා

    ඉකුත් පාලන සමයේ නොකළ වැඩ කටයුතු රැසක් වත්මන් රජය දෝෂාරෝපණ මධ්‍යයේ හෝ ඉටු කරමින් ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවර දී ඊයේ (01) පැවති උත්සවයකට එක්වෙමින් පවසන ලදී.
    මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ජනතාවට භුමියේ අයිතිය ලබා දෙන්න කටයුතු කරනවා. වතුකම්කරුවන්ට පර්චස් 07 ක් සහ ගම්වැසියන්ට ඔවුන්ගේ ගම්වල ඉඩම් අයිතිය ලබාදෙනවා. මේ ගැන තමන්ට දෝෂාරෝපණ එල්ල වනවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට කරන්න බැරිවුනු දේයි දැන් මේ කරමින් ඉන්නේ, ඒ නිසා මට බැනලා වැඩක් නැහැ. අමාරුකම් මධ්‍යයේ ජනතාවට සහන සපයන බවද මෙහිදී අගමැතිවරයා කියා සිටියේය.
    මත්තල ගුවන් තොටුපල සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළ අතර මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වගේම මහනුවර නගරයේ “නයිට් රේස් ” පැදීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවද අගමැතිවරයා පවසා සිටියා. පළමු වසර තුනහාමාර තුල විවේචන මධ්‍යයේ රට ඉදිරියට රැගෙන ආ බවත් කිසිදු අවස්ථාවක තමන් බොරු නොකියූ බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කර සිටින ලචී.
  • සාම්ප්‍රදායක පුවත්පත් නව මගකට රැගෙන ගිය මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි…..

    සාම්ප්‍රදායක පුවත්පත් නව මගකට රැගෙන ගිය මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි…..

    සිළුමිණ සහ රැස පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

    මිය යනවිට ඒ මහතා 39 වන වියේ පසුවිය.

    චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වලද කලක් සේවය කළේය.

  • 2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

    2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

    2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය අමු අමුවේ රණවිරුවන් පාවාදුන් හොඳම වාචික සහ ලිඛිත සාක්ෂිය ඊයේ (29)පළ වූ අද පුවත්පතෙන් හමුවෙයි.

    අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” ය. කිසිදාක රණවිරුවන් පාවා නොදෙන බවට බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය සහ දේශපාලන මෙහෙයුම් අංශ ප්‍රධානියා “මුන්” ලෙස හඳුන්වා දී ඇත්තේ “සතුන් සිවුපාවුන්” නොව එදා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් කටයුතු කළ ඔබෙත් අපෙත් “රණවිරුවන්”ය. එපමණක් නොව හමුදාව “යුද අපරාධ” සිදුකළ බවට තවත් සාක්ෂියක් මෙයින් රාජපක්ෂවරයා විසින් ජාත්‍යන්තරයට ලබා දී ඇත. එය මහා පාවාදීමකි. මෙමඟින් හමුදාව උතුරේ මිනිසුන් කොහොම මරන්න ඇද්ද යන වක්‍රාකාර සැකයක් එවක රජයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු විසින් මෙලෙස ගෙනහැර දක්වා ඇත. සැබැවින්ම මෙය හමුදාවන්ට එරෙහිව සිදුකළ සුළුපටු පාවාදීමක් නොවේ.

    මෙහිදී ඇති අනෙක් සුවිශේෂීම කරුණ නම් දුන් අණට අනුව ක්‍රියාත්මක වෙනුවෙන් හමුදාව අමු අමුවේ පාවාදෙද්දී රතුපස්වල සිදුවීමෙන් බැසිල් රාජපක්ෂ තම අතිජාත සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ බේරාගෙන ඇති ආකාරයයි.

    මේ තුලින් රණවිරුවන් සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගේ වන තක්සේරුව පැහැදිලිය. උනුන්ට ඕනෑ වේලාවට වීරයින් වීමට රණවිරුවන් කඩේ යවයි. උනුන්ට ඕනෑ විටෙක රණවිරුවන්ව දං ගෙඩියට යවයි. එදා මෙදා තුර රාජපක්ෂවරුන්ගේ කොන්ඩම් න්‍යාය රණවිරුවන්ටත් පොදු බව මෙයින් පැහැදිලිය.

    යම් මොහොතක ඇමරිකානු පුරවැසිභාවය හිමි ගෝඨාභයගේ 2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් තිස් අවුරුදු යුද්ධයෙන් මාතෲ භූමිය බේරාගත් රණවිරුවන් පාවාදීමට සිදුවුවහොත් එය ඔවුන්ට ඉතා සරල පහසු කටයුත්තක් මෙන්ම එය සිදුකරන බවට මීට වඩා කුමන තවත් සාක්ෂි අවශ්‍ය නොවනු ඇත.

    මේ බැසිල් රාජපක්ෂ සිය සම්මුඛ සාකච්ඡාවේදී රණවිරුවන් සහ ශ්‍රී ලංකා හමුදාවන් පාවාදෙමින් සිදුකළ ප්‍රකාශයයි.

    “රතුපස්වල මේ පාර ජන්ද 3500 කින් දිනූම්. මම ගමට ගිහින් සමාව ඉල්ලුවා. වෙඩි තියලා තිබුණු විදියට පල්ලිය බිත්ති ඉවරයි. ඉස්කෝලේ යන ළමයි නේ වෙඩි වැදිලා මිය ගියේ. අපේ ශාඛා සමිති වල සාමාජිකයන්ගේ කකුල් විසිඑකක් වෙඩි වැදිලා කැඩිලා තිබුනා. එතකොට මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා. ඒක මහා අමානුෂික දෙයක්. ඒ වගේ දෙයක් අපේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කරන්න බැහැ. මම දන්න ගෝඨාභය සහ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. මගේ ප්‍රදේශය නිසා හරිනම් මම නේ සම්බන්ධ වෙන්න ඕන. අදත් ප්‍රශ්නයක් කවුද හමුදාව එව්වේ කියලා.

    කටුනායක සිද්ධියට ගෝඨාභය සේ කොහොමටවත් සම්බන්ධ නැහැ. එක රනිල්ල දැන් ඉන්න වික්‍රමරත්න මෙතනට ඇවිල්ල වෙඩි තිබ්බේ. මම කියන්නේ ඒවා ඉස්සරහට වෙන්න බැහැ. ගස් බැඳපු එක ස්ටේජ් ගිනි තියපු එක ඒවා ආපහු වෙන්න බැහැ. ඒව තමයි පසුගිය ජනාධිපතිවරණය අපි පරාද වීමට බලපෑවේ. අපි එක්කෙනෙක් දිනවනවා. මම පාර්ලිමේන්තු ඉල්ලන්නේ නෑ ආණ්ඩු කරන්නේ නෑ. මහින්ද ජනාධිපතිතුමා නම් කිරීම පිළිබඳ තීන්දුවක් අරන් ඇති. නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ මම කතාකරලා තීන්දුවක් අරන් තිබෙනවා කවුද ඉදිරිපත් විය යුත්තේ කියලා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් නම් කරයිද කියල අපිට කියන්න බැහැ. කිසිම ආකාරයකින් අපි දෙන්න අතර ගැටුමක් ඇති වෙන්නේ නෑ.

    ඒ වගේ දෙයක් බලාපොරොත්තු වන අයට දෙයියන්ගෙම පිහිටයි. මහින්ද ජනාධිපතිතුමා ගේ මතයක් තියෙනවා ගෙස් කරන තරමට හොඳයි කියලා. එක හරිද නැද්ද කියල මම දන්නේ නෑ. කවුද අපේක්ෂකයා සහ ඔහු නම් කරන වේලාව එතුමාට තීරණය කරන්න පුළුවන්. අපට ඒ වෙලාව කියන්න බැහැ.”

  • ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… කාටත් අමතක වු තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

    ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති විමේ සිහිනය බිද වැටිම පසුපස කාටත් අමතක වු කරුණක් මේ වනවිට අනවරණය කර ගැනිමට ලංකා ලීක්ස් ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු සමත්ව තිබේ.

    ගෝඨාභය රාජපක්ෂගේ හැසිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ විමසිල්ලෙන් පසුවු අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගෙන ඒමේ සැළස්ම 2016දි ආරම්භ වු අතර එම සැළැස්මේ ලොකුම භූමිකාව රඟ දක්වන්නේ දෙරණ හිමිකරු දිලිත් ජයවීර ය. 2016 වන විට රනිල් වික්‍රමසිංහ සමඟ සමීප ඇසුරක් පැවැත්වූ දිලිත් ජයවීර මේ සැළස්ස්මට අත තබන්නේම රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මතය.

    පැහැදිළිව ශ්‍රිලංනීපය දෙකට බෙදන බව දැන සිටි රනිල්ට එවන් අවස්ථාවේදි මෙම කොටස් විසින් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා අර්බුදයට ලක් කිරීමේ අවශ්‍ය විය. මන්දයත් 2016 වසරේදීම කිසිවිටක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිබව අහෝසි නොකරන බව අමෙරිකාව විසින් රනිල්ට දැනුම් දී තිබුණි.

    ගෝඨාභය භීතියට පත්කල තිස්සනායගම්

    2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

    තිස්සනායගම් මේ වන විට අමෙරිකාවේ සිටින අතර ඔහු ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරනු ලැබු නඩුවක් මේ වනවිට විභාග වෙමින් පවතින අතර එම නිසා එම නඩුව අවසන් වන තෙක් ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසි බව අහෝසි නොකර සිටිමට අමෙරිකාව තීරණයකර තිබේ.

    තිස්සනායගම් භාවිතා කරමින් ගෝඨාභයට එරෙහිව පවුරක් බැදිමේ මෙහෙයුම පසුපස විශාල කාර්යභාරයක් කරලු ලැබුවේ ලංකාවේ හිටපු තානාපති රොබෝට් ඕ බ්ලෙක් විසින් වන අතර නමුත් හිලරි ක්ලින්ටන් පරාජයට පත්විමත් සමග රනිල් බියට පත්ව සිටි අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ ගෝඨාභයගේ නඩුව වෙනස් විය හැකි බැවිනි.

    රනිල්ගේ මේ බයට හේතුව වූයේ ට්‍රම්ප් පවුල සමඟ ඉතාම හිතවත් සම්බන්ධතාවයක් ලංකාවේ ධනවත් සූරූපී මෙන්ම කලාකරුවෙකුගේ භාර්‍යාවකද වන කාන්තාවක් විසින් ඇති කර ගෙන තිබිම වන අතර එම කාන්තාව පසුගිය රාජපක්ෂ යුගයේදි නිවාස සංකීර්ණ සකස් කිරීමට ගණුදෙණුවක් ඇති කර ගනීමේදි නාමල් රාජපක්ෂ සමඟ ගැටුම් කිහිපයක් පවා ඇති කර ගත් තැනැත්තියකි. එහිදි ගැටුමට හේතුව වූයේ ගෝඨාභය රාජපක්ෂට ලැබිය යුතු මුදල සම්බන්ධයෙන් වන අතර නාලක් ගොඩගේ වැනි අය සම්බන්ධවත් එම ගැටුම ඇති වි තිබුනි.

    කෙසේවෙතත් පුරවැසිබව සම්බන්ධයෙන් අමෙරිකාවේ ස්ථාවරය වෙනස් නොවුනද එය වෙනස් කරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ විවිධ උත්සහ කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන උපදෙස් පිට ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ගොස් ඩොලර් 2500ක් ගෙවා පුරවැසි බව ඉවත් කර ගැනීමේ අයදුම්පත් අත්සන් කල බවත් එය ප්‍රතිකේෂ්ප වු ආකාරය පිළිබඳවවත් අප මීට පෙර අනාවරණය කලා.

    කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂක ඇම 2017 වසරේ සිට ගෝඨාභය විසින් ගිල ගෙන ඇද ගෙන යනු ලබන අතර 2017 වසරෙන් පස්සෙ සිදු කරන වැඩ වලට තෑග්ග ලෙස දිලිත් ජයවීරට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වැඩසටහන ලැබෙන්නේ. මහින්දගේ කීම ද නොආසා වෙනම ගමනක් ගිය ගෝඨාභය දැන් වන විට ඇනගෙන අවසන් බව තහවුරුය.

    පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇණ ගෙන රනිල් වෙතට සේන්දු වූ විමල් වීරවංශට, උදය ගම්මන්පිලට ගෝඨා සමඟ එකතු වී වැඩ කරන ලෙස රනිල් ගෙන් උපදෙස් ලැබුණි.

    මේ හේතුන් නිසා දැන් ඒකාබද්ධය පැහැදිළිව දෙදෙරා අවසාන ය. හෙට අනිද්ද වන විට ඒකාබද්ධයේ පිරිසක්ම එළියට බැසීමට නියමිත ය. ඒකාබද්ධයේ ඉන්න මන්ත්‍රිවරු බොහෝමයක් මේ වන විට විමල් වීරවංශ සමඟ සාකච්ඡා ආරම්භ කොට අවසන් වේ.

    මේ බල අරගලය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද පවුලේ ද අභ්‍යන්තරයේ අර්බුද මතු වී කල්ලිවලට කැඩී යාමත් සමග එම දේශපාලන බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙන් ගිළිහී යමින් තිබීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ එස් බී දිසානායක සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාට දේශපාලනකිව ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනු දැනුම මත වන බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබෙන අතර එම සිද්ධිය මගින් ඔහුගේ මේ දේශපාලන උපක්‍රමය මානව තහවුරු වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයින් කිහිප දෙනකු සමග කර ඇති දේශපාලන සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ එම පක්ෂයෙන් එල්ල කරන දේශපාලන ප්‍රහාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයත් ඉලක්ක කර එල්ල කිරීම වැදගත් බවය.

    එහිදි ප්‍රධාන වන්නේ බැසිල් විරෝධය වේ. ඊලඟට මැතිවරණයට මාස කිහිපයකට පෙර විමල් ඇතුළු පිරිස ඒකාබද්ධයෙන් ගැලවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

  • කටමැත දොඩන කමල් ගුණරත්නගේ මිලිටරි හෙලුව පෙන්වූ ඔඩ්ඩුසුඩාන් නාටකය…

    කටමැත දොඩන කමල් ගුණරත්නගේ මිලිටරි හෙලුව පෙන්වූ ඔඩ්ඩුසුඩාන් නාටකය…

    නමුත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තා කර සිටින්නේ තලේමන්නාරම දෙමල ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරොදී ගන්ජා ප්‍රවාහනය  හේතුවෙන් බවය. තලේමන්නාරම පදිකරුවාගේ නම බැස්ටියන් නොහොත් කන්දීපන් ලෙස හදුනාගෙන ඇත .

    2014 දී පෙන්වූ එල්.ටී.ටි.ඊ නව නායක ගොපිගේ නාටකය

    කේන්දර කාරයන්ගේ උපදෙස් අනුව ගිය මහින්ද 2014 අවසාන බාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට තීන්දු කලේය. රාජපක්ෂ පවුල් සමාගම විසින් මෙම තීන්දුව ගන්නා ලද්දේ 2014 අප්‍රියෙල් මුල් සතිය තුලදීය. මේ අතර 2014 සිංහල අලුත් අවුරුද්දට ඔන්න මෙන්න තියා පුලියන්කුලම ප්‍රදේශයේ හමුදා කදවුරු කිහිපයක නිවාඩු අවලංගු කරමින් විශේෂ මෙහෙයුමකට සූදානම් විය . 2014 අප්‍රියෙල් මස 10 දින හිමිදිරියේ හමුදා භඨයින් 2500 ක්, නිලධාරීන් 35ක් වාහන 28 ක් යොදාගනිමින් පුලියන්කුලම පොලිස් බලප්‍රදේශයට අයත් මරත්තෝඩෙයි විඩත්තල්තීවු කැලෑ ප්‍රදේශ හමුදාව විසින් වට කලේය. කොටි සාමාජිකයන් පිරිසක් මෙම කැලය තුල යලි ප්‍රතිසංවිධානය වන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් අත්ඩංගුවට ගැනීම හෝ මරා දැමීම මෙහෙයුමේ පරමාර්ථය බව භටකන්ඩායමට දැනුම් දී තිබුනි

    මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් හමුදා ඔත්තුකරුවන් බිල්ලට දීම

    2014 අප්‍රියෙල් මස 11 දින දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පලවූයේ මෙවැන්නකි ‘‘එල්.ටී.ටී.ඊ.යේ නව නායක ගෝපී වෙඩි කා නසී, ගෝපිගේ සගයන් වන තේවියන් හා අප්පනුත් මරුට, වෙඩි හුවමාරුවේදී කෝප්‍රල්වරයෙකුත් දිවි දෙයි’’. දිනමිණ එසේ කීවද සත්‍ය කථාව අනෙකකි. කොටින්ගේ නව නායකයින් ලෙස ලේබලය ඇලවූ ගෝබි සහ ඔහුගේ සගයින් පුලියන්කුලම කඳවුරේ හමුදා ඔත්තුකරුවන් ලෙස කටයුතු කල හමුදාවෙන් වැ‍ටුප් ලැබූ පුද්ගලයන්ය. මොවුන් තිදෙනාහමුදා බුද්ධි අංශයේ කෝප්‍රල් සෙල්වරාජා කමලරාජා (776927) යටතේ සේවය කල අයවලුන් විය.

    පදවිය රෝහලට ලැබුනු මල සිරුර කාගේද?

    2014 අප්‍රියෙල්11දින අළුයම හමුදා භටයෙකුගේ මළසිරුරක් පදවිය රෝහලට බාරදී තිබුනි. මළසිරුරෙහි වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල තිබුනේය. මිය ගිය හමුදා සාමාජිකයා සම්බන්ධව හමුදාව විසින් පදවිය පොලීසියට දුන් ප්‍රකාෂ එකිනෙකට පරස්පර විය. එසේනම් ඇත්තටම සිදු වූයේ කුමක්ද ? ඇත්තටම සිදු වූයේ විඩත්තල්තීවු කැලෑ ප්‍රදේශයේ හමුදා සොදිසි මෙහෙයුම යන අතර වාරයේ හමුදා බුද්ධි අංශයේ පිරිසක් විසින් හමුදා ඔත්තුකරුවන් වූ ගෝපි,තේවියන් හා අප්පන් මරා දැමීමය. උපක්‍රමික නාටකය පිළිබඳ සත්‍යය අනාවරණය වීම වැලැක්වීමට සදහා සේවා අංක 776927 කමලරාජා ද ඝාතනය කලේය. පසුදින දිනමිණ පුවත් පත විසින් නව කොටි නායකයා ලෙස ලේබලය ඇලවූයේ මෙහි සිටි ගෝපිටය, දිවිදුන් හමුදා කෝප්‍රල්වරයා වූයේ හමුදාව විසින්ම ඝාතනය කරන ලද කමලරාජාය.මෙම නාටකයේ අරමුන කොටි භීතියක් මවාපා 2014 මැතිවරනයේදී වාසියක් ලැබීමය

    ඔඩ්ඩුසුඩාන් නාටකය

    පසුගිය දිනෙක ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී අල්ලා ගන්නා ලද බෝම්බ ත්‍රීවිලයද මෙවැනිම නාටකයකි. බෝම්බ ත්‍රීවීලය අල්ලා ගත් දිනයේම අප වාර්තා කර සිටියේ මෙය ගෝටාබයගේ තවත් ගෝනි සෙල්ලම්ක් බවය. බෝම්බ ත්‍රීවීලය සමග අල්ලගත් එක් අයෙකු හමුදාවෙන් වැ‍ටුප් ලබන බව පොලීසිය විසින් තහවුරු කර ඇත. අද දින පුවත්පත් සකච්චාවක් පැවැත්වූ කමල් ගුනරත්න සහ සරත් වීරසේකරද අත් අඩංගුවට පත්වූ අයෙක් හමුදාවෙන් වැ‍ටුප් ලබන බව පිලිගෙන ඇත . යලිත් මේ සැරසෙන්නේ කොටි භීතියක් මවාපා වැලේ වැල් නැතිව සිටින ගෝටාබයට නැගීමට පොටක් පාදා ගැනීමටය. මෙවන් ගෝනි සෙල්ලම් හිරිකිතයකින් තොරව පෙන්වන කමල් ගුනරත්නලාගේ සහ සරත් වීරසේකරලාගේ පැටිකිරිය පිලිබද ව ජනතාව විමසා බැලිය යුතුව ඇත. ජයග්‍රාහී මිලිටරි ක්‍රියාන්විතය සාජන්වරුන්ගේ සහ කෝප්‍රල්වරුන්ගේ යුද්ධයක් මිස මොවුන් කල දෙයක් නොනැති බව පෙනී යන්නේ මෙවන් තකතීරු කලකිරියාවන් නිසාවෙනි.

    කමල් ගුනරත්නට පුපුරන ද්‍රව්‍ය සමග ගන්ජා පැටලීම

    අද දින කමල් ගුනරත්න සහ සරත් වීරසේකර පැවැත්වූ එම පුවත්පත් සාකච්ඡාවේදී තවත් ආන්දෝලනාත්මක පුවතක් හෙලි කලේය. එහිදී කමල් ගුනරත්න කියා සිටියේ ඉන්දියාවේ රාමනාදන්පුරම්හිදී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සමග තලේමන්නාරම පදිචි දෙමල ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවය. නමුත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තා කර සිටින්නේ තලේමන්නාරම දෙමල ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරොදී ගන්ජා ප්‍රවාහනය හේතුවෙන් බවය. තලේමන්නාරම පදිකරුවාගේ නම බැස්ටියන් නොහොත් කන්දීපන් ලෙස හදුනාගෙන ඇත . බැස්ටියන්ගෙන් ලද තොරතුරු අනුව උචිපුලී පොලීසිය විසින් ගන්ජා ජාවාරමට අදාල ඉන්දියන් ජාතිකයන් 4දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇත.

    මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් සංහිදියාව බිල්ලට දීම

    බැස්ටියන් ගැන දැනගැනීමට ඉන්දිය පොලිස් වාර්තා එන තුරු සිටිය යුතු නැත, මොහු ලංකාවේ නම ගිය ගන්ජා ජාවාරම් කරුවෙකි. ගන්ජා ප්‍රවාහය පිලිබදව මොහුගෙ නම කල්පිටිය පොලීසියේ කිහිප වරක් ලියවී ඇති අතර, ඒ සම්බන්දව පැවරූ නඩුවක්ද ඇත. කමල් ගුනරත්න මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පුපුරන දව්‍ය සමග ත්‍රස්තවාදී ලේබලය ඇලවූයේ නම ගිය ගන්ජා කාරයෙකුටය. මහජන මුදලින් රු ලක්ෂයක පමන විශ්‍රාම වැ‍ටුපක් ලබන මෙවන් නිලධාරීන් මේ ආකාරයේ වගකීම් රහිත ප්‍රකාෂ නිකුත් කිරීම අවාසනාවන්ත තත්වයකි. ගෝටාබයහේ 2020 කූට මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් ජාතීන් අතර සංහිදියාව බිල්ලට දීම ශෝකාන්තයකි . මෙහි ප්‍රතිවිපාක ගෙවීමට සිදුවනුයේ ජාතියේ හෙටදින උපදින දුවා දරුවන්ටය

    ගන්ජා කාරයා පිලිබ්දව නිවරදිව වාර්තා කල ඉන්දියන් මාධය

    Sri Lankan Tamil arrested; two others run away

    Sri Lankan lands on Indian shore by illegal ferry, arrested

    ලියුම්කරු කීර්ති රත්නායක

  • හම්බන්තොටින් සොයාගත් මිලියන 219ක කොළඹ සරසවියේ නේවාසිකාගාරය – රාජපක්ෂලාගේ ගැහිලි මෙන්න..

    හම්බන්තොටින් සොයාගත් මිලියන 219ක කොළඹ සරසවියේ නේවාසිකාගාරය – රාජපක්ෂලාගේ ගැහිලි මෙන්න..

    කොළඹ විශ්ව විදයාලයට අයත් කාමර 100කින් යුක්ත නේවාසිකාගාරයක් හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයෙන් හමුව තිබේ.

    මේ බව හෙළිව ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙනි.

    මෙම වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ පීඨය ගොඩනැගීමට යෝජිතව තිබුණද එම පීඨය ගොඩනැගීමට පෙර රුපියල් මිලියන 219ක් වැය කරමින් මෙම නේවාසිකාගාරය ඉදිකිරීම ඉදිකර ඇති බවද පැවසේ.

    කාමර 100කින් යුත් මේ නේවාසිකාගාරයේ ඉදිකිරීම් 2013 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව මෙහි ස්ථාපිත කිරීමට යෝජිත කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරිමට තීරණය කිරීමත් සමඟ මෙම නේවාසිකාගාරය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි සුදු අලියෙක් බවට පත්වී ඇත.

    ජෛව තාක්ෂණ පිඨයක් ස්ථාපිත කිරීමට පෙර නේවාසිකාගාරයක් ඉදිකිරීම බරපතල ගැටළුවක් බව රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ නිර්දේශවල සටහන්ව තිබේ.

    මේ ඉදිකිරීම පිටුපස එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිනිය වු ෂණිකා හිරුකුඹුරේගම මහත්මිය හා ඇගේ සැමියා වු කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති කුමාර් හිරුකුඹුරේගම මහතා ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

    ඔවුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටුවෙන් කටයුතු කළ අය වෙති

  • ආයුධ පෙන්නන්න ගිහින් පොලිස් වෙඩි පහරින් මියගිය චාමරගේ අවසන් කටයුතු කෙරුණු හැටි (වීඩියෝ)

    ආයුධ පෙන්නන්න ගිහින් පොලිස් වෙඩි පහරින් මියගිය චාමරගේ අවසන් කටයුතු කෙරුණු හැටි (වීඩියෝ)

    මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා පසුගියදා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුණා.
    ඒ ඔහු විසින් පොලීසිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන්.
    මෙලෙස ජීවිතක්ෂයට පත් චාමර ඉන්ද්‍රජිත් සහ දැනට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක නමැත්තා පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
    මාතර ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර එම අලෙවිසල ඉදිරිපිට මහාමාර්ගයේ වෙඩිහුවමාරුවක් සිදු වූ අතර එම සිදුවීමට අදාළව ආරක්ෂිත කැමරාවල සටහන් වූ තවත් දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.
    මේ අතර මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන වේයන්ගොඩ පදිංචි තලුක්කුවේ කම්කානම්ගේ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා සිදුවීමෙන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනුණේ හුණුකොටුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.
    ඔහුගේ අවසන් කටයුතු මේ අයුරින් සිදුකර තිබුණා.

  • කුපාම මහින්ද රාජපක්ෂ හොංක‍ොං රජයටත් කෝටි 10ක් වංචා කරලා…. ඇත්ත කතාව ම‍ෙන්න….

    කුපාම මහින්ද රාජපක්ෂ හොංක‍ොං රජයටත් කෝටි 10ක් වංචා කරලා…. ඇත්ත කතාව ම‍ෙන්න….

    ප්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෙක්ගේ මාර්ගයෙන් ශ්‍රි ලංකාවේ හොංකොං මහකොමසාරිස් කාර්යාලයක් ආරම්භ කිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව නොරහසක් නොවේ.

    මෙම කාර්ය්‍ය එම ධාවන ශූරයාට ලබා දීමට මහින්ද උත්සාහ කර තිබෙන්නේ චීනය සමග ඇති තම සුහදතාවය පලුදු වේ යැයි බියෙන් බව වාර්තා වේ.ජාත්‍යන්තර දේශපාලනය තුළ හොංකොං රාජ්‍ය්‍ය සහ චීනය එදිරිවාදින් ලෙස කටයුතු කරයි.

    මෙම ගනුදෙනුවට අදාල කෝටි 10ක මුදල 2010 ජනාධිපතිවරණයට ඡන්ද අල්ලසක් වශයෙන් මහින්ද රාජපක්ෂ ලබා ගත් අතර එම මුදලින් කෝටි 02ක් පමණ අදාල ධාවන ශුරයාට ලබා දීමට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.