Blog

  • ගින්නෙන් බැටකාපු කෙනා තමයි පිච්චුන තරම දන්නේ – සුරූපි උදාරි කෞශල්‍යා කියපු අමුතු කතාව ම‌ෙන්න….

    ගින්නෙන් බැටකාපු කෙනා තමයි පිච්චුන තරම දන්නේ – සුරූපි උදාරි කෞශල්‍යා කියපු අමුතු කතාව ම‌ෙන්න….

    ආධුනික රංගන ශිල්පියෙක් අපේ දේවල්වලට මැදිහත් වෙන්න ගත්තා.

    ගින්නෙන් බැටකාපු කෙනා තමයි පිච්චුන තරම දන්නේ – උදාරි 

    උදාරි කෞශල්‍යා බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්. ඇයගේ උපන් දිනය පසුගිය (17) වැනිදාට යෙදී තිබුණා. උදාරිට සුබ පැතුම් එක්කරන ගමන් ඇයගේ ජීවිතේ අලුත් තොරතුරු ඔබට ගේන්න අපි ඇයව හදගැස්මේ කතාබහට එක් කරගත්තා.

    මෙදා සැරේ උදාරිගේ උපන් දිනයත් ජයටම සැමරුවා නේද?
    ජුනි 17 වැනිදා තමයි මගේ උපන් දිනය.
    16 වැනිදා මගේ යාළුවෝ වෙනුවෙන් පුංචි සාදයක් තිබුණා. මගේ උපන් දිනය දවසේ දානමය පින්කමකුත් තිබුණා.
    උදාරි ආයෙත් වැඩ පටන් අරගෙන?
    පොඩි විරාමයකට පස්සේ ආයෙත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් පටන් ගත්තා. රංගන කටයුතු, නිවේදන කටයුතු, ගායන කටයුතුවලට නැවතත් සම්බන්ධ වෙනවා.

    කාලයක් නිහඬ වෙලා හිටියට ක්ෂේත්‍රයේ අයට ඔබව අමතක වෙලා නෑ වගේ?
    මාව අමතක වෙලා නෑ. මම ආයෙත් වැඩ පටන් ගත්තා කියලා ක්ෂේත්‍රයේ අය දැනගත්තා. ඉතින් මට වෙළෙඳ දැන්වීම්වලට මියුසික් වීඩියෝවලට වගේම ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබුණා. ඒ නිර්මාණ එක්ක මම ප්‍රේක්ෂකයන් අතරට එනවා.
    ලැබෙන හැම වැඩේම දැන් උදාරි භාරගන්නවාද?
    ලැබෙන හැම වැඩේම භාර ගන්නේ නෑ. මට ගැළපෙන ගුණාත්මක දෙයක් බලලා කරනවා. ටෙලි නාට්‍ය දෙක තුනකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතරින් අවසන් ඉණිම ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. මට සුදුසු දෙයක් නම් මම ඒ නිර්මාණ තෝරාගෙන පුළුවන් තරම් ඒ නිර්මාණයට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.
    ටෙලි තිරයෙන් එළියට පැනලා සිනමාවේ වැඩක් කරන්න තාම අවස්ථාව ලැබුණේ නැද්ද?
    චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබුණා. හැබැයි තාම ඒ වැඩ සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ආසාවෙන් භාරගන්නවා.
    දැන් උදාරි ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයටත් එකතු වෙනවා. රංගන ශිල්පිනියක් විදියට දැනගෙන හිටිය උදාරි හිටි හැටියේ ගායිකාවක් වුණේ?
    මම පොඩි කාලේ ඉඳන් ගායනයට, නර්තනයට හරි ආසයි. මම මුලින්ම යාළුවෝ අතරෙදි ගීත ගායනා කළා. හැබැයි වෘත්තීය වශයෙන් ගීත ගායනා කළේ නැහැ. මම මෑත කාලයේ විරාජ් සහ මිලින්ද අයියලා එක්ක කරපු ඛ්ධමඥප ඉධදඨඵ ෆේස්බුක් එකෙන් දැකලා මට සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරන්නත් අවස්ථාව ලබුණා.
    උදාරිගෙම ගීත ප්‍රේක්ෂකයන් අතරට ගේන්නේ කවදාද?
    මගේම ගීත දෙකක වැඩ කරගෙන යනවා. මගේ රසිකයන්ට ඒ ගීත ඉක්මනින්ම අහන්න පුළුවන් වෙයි.
    උදාරිට කාලයක් කලා කටයුතු මඟ හැරුණනේ. ආයෙත් උදාරි කලා කටයුතු මඟ හැරගන්න එකක් නැද්ද?
    විවාහයෙන් පස්සේ සහ මගේ උසස් අධ්‍යාපන කටයුතු නිසා කලා කටයුතු නවත්තලා තිබ්බා. ඉදිරියට කලාවෙන් අයින් වෙන්නේ නෑ.
    උදාරිගේ වැඩකටයුතුවලට දැන් කවුරුත් සීමා දාන්නේ නැද්ද?
    කවුරුත් මට සීමා දාන්නේ නැහැ. මම මටම දාගත්ත සීමා ටිකක් තියෙනවා.
    උදාරිගෙ ජීවිතයෙන් අෑත්වුණු දේවල් මඟ හැරුණු දේවල් අමතක කරලා හිත හදාගෙනද ඉන්නේ?
    හැමදේම හොඳටයි වුණේ. හැමදේම අනිත්‍යයි. ඒ සියලු දේ උපේක්ෂාවෙන් දරාගෙන දැන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒ ගැන දුක් වෙන්නේවත් පසුතැවෙන්නේවත් නෑ. දුක සතුට දෙකම සමව දරාගන්නවා.
    උදාරිගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නවලට සමහර රංගන ශිල්පීන් මැදිහත් වෙන්න ගත්තා. මොකද්ද ඒ සිද්ධ වුණේ?
    ආධුනික රංගන ශිල්පියෙක් අපේ දේවල්වලට මැදිහත් වෙන්න ගත්තා. ගින්නෙන් බැටකාපු කෙනා තමයි පිච්චුන තරම දන්නේ. අනෙක් අය ඒ ගැන දන්නේ නැහැ. ඒ අය අනුන්ගේ දේවල්වලට මැදිහත් නොවී හිටියා නම් හොඳයි.

    දැන් ආයෙත් උදාරිට ආදර යෝජනා ගලාගෙන එනවා ඇති?

    ආදර යෝජනා නම් එනවා. මම ඒවට කැමැති වෙන්නේ නෑ. මම ආදරය කියන වචනයටත් දැන් බයයි. ඒ දේවල් ගැන දැන් මම හිතන්නේ නැහැ. නිදහසේ ජීවත් වෙනවා.
  • පරාජය නිසා හඬමින් සිටි ක්‍රීඩකයන් දිරිමත් කරලා ලෝක කුසලානයම උඩු යටිකුරු කළ කොරියානු ජනපතිවරයා.

    පරාජය නිසා හඬමින් සිටි ක්‍රීඩකයන් දිරිමත් කරලා ලෝක කුසලානයම උඩු යටිකුරු කළ කොරියානු ජනපතිවරයා.

     (27) ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පැවති තරඟයකදී දකුණු කොරියානු කණ්ඩායම පසුගියවර ලෝක ශුරයන් වූ ජර්මානු කණ්ඩායම පරාජය කිරීමට සමත් වුණා.

    සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ජර්මානු කණ්ඩායම දකුණු කොරියාව අතින් පරාජයට පත්වීම බොහෝ දෙනා නොසිතූවක් මෙන්ම එය පාපන්දු ලෝකයම කැළඹූ පුවතක් බවට පත්වුණා.

    කෙසේ වුවත් දකුණු කොරියානු කණ්ඩායම  ස්වීඩන් කණ්ඩායම එරෙහිව පළමු තරඟයට පරාජයට පත්වුණා.පසුගිය බ්‍රහස්තිපතින්දා (21) රුසියාවට පැමිණි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සෙනසුරාදා (23) දිනයේ පැවැත්වුණු දකුණු කොරියා – මෙක්සිකෝ තරඟය නරඹන්න පැමිණියා.කෙසේ වුවත් දකුණු කොරියාව එම තරඟයත් පරාජයට පත්වුණා.

    ඒ තරඟයෙන් පස්සේ දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ තමන්ගේ රටේ ක්‍රීඩකයන්ව හමුවෙන්න ගියා. ඒ වන විටත් තරඟ දෙකක් පරාජයට පත්වෙලා මානසිකව වැටිලා හිටපු ඔවුන්ව ජනාධිපතිරවරයා බොහෝ දිරිමත් කළා.

    ජර්මනිය සමග පැවත්වෙන්න නියමිතව තිබුණු තරඟයට සුභ පැතුවා.අන්තිමේදී ලෝක ශුර ජර්මානුවන්වත් පරාජය කරන්න දකුණු කොරියාවට හැකිවුණා.

    මූන් ජේ ඉන් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාව එරට බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙලා තිබෙනවා කියලයි විදෙස් ආරංචි මාර්ග කියන්නේ.

    වීඩියෝව පහතින් නරඹන්න.

     

  • ගත වූ මාස 5 තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක්

    ගත වූ මාස 5 තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක්

    මෙම වසරේ ගත වූ මාස පහක කාලය තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක් ලැබි ඇති බව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව පවසයි.

    2018 ජනවාරි 1දා සිට මැයි මස 31 දින දක්වා ලැබි ඇති මෙම පැමිණිලිවලින් 264කට විසඳුම් ලබාදී ඇති තර පැමිණිලි 361කට විසඳුම් ලබාදීමට නියමිත බවද එම කොමිසම පවසයි.

    මෙහිදී වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබි ඇත්තේ ‍පොලීසිය නිසි අයුරින් ක්‍රියා නොකිරීම සම්බන්ධයෙනි. ඒ පැමිණිලි 237ක් වශයෙනි. බලය අයුතු ලෙස යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 173ක්, පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 91ක්, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවැරීම් 42ක්, පහරදීම් 15ක්, වධහිංසා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3ක්, නීතිවිරෝධි අත්අඩංගුවට ගැනීම් 5ක්, ‍පොලිස් අත්අඩංගුවේදී මියයාම් සම්බන්ධයෙන් පැමිණිලි 2ක්, අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 3ක්, වෙනත් පැමිණිලි 45ක් ලෙස මෙම පැමිණිලි ලැබි තිබේ.

  • දුම්කොළ ගොවීන්ට විකල්ප භෝග වගා හඳුන්වා දිමට කටයුතු කල යුතුයි

    දුම්කොළ ගොවීන්ට විකල්ප භෝග වගා හඳුන්වා දිමට කටයුතු කල යුතුයි

    වාර්ෂිකව අප රුපියල් මිලියන 64,400 ක මුදලක් කිරිපිටි ආනයනය සඳහා වැය කරන බවත්, දුම්කොළ වගාව හා ආනයනය සඳහා අප වසරකට රුපියල් මිලියන 106,260 ක් වැය කරන බවත්, දුම්කොළ භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන බවත්, 2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින් දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ පැවති “යෝජිත දුම්කොළ වගා තහනම් සහ වෙනත් භෝග වෙත යොමු වීමේ අවස්ථා ගොවීන්ගේ ඇසින්”නැමැති දුම්කොළ වගාව ආශ්‍රිත පර්යේෂණ වාර්තාව නිකුත් කිරීමේ උත්සවයේදී ය. මෙම පර්යේෂණ වාර්තාව සම්පාදනය කර ඇත්තේ වෛද්‍ය  චතුර රොද්‍රිගෝ මහතාය. ඔහු මෙම වාර්තාවේ පිටපතක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පිළිගැන්වීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද පැවසීය.

    “2020 දී ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව වගේම දුම්කොළ හා දුම්වැටි ආනයනයද තහනම් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මේ දුම්කොළ නිසා දිනකට මිනිස් ජීවිත 33 ක් පමණ අපට අහිමි වෙලා යනවා. අපේ රටේ මිලියන 02 කට වැඩි පිරිසක් සෑම දිනකම දුම්කොළ පරිභෝජනයට පෙළඹී සිටිනවා. මේ සඳහා අපි දිනකට රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වැය කරන බව වාර්තා වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවේ දුම්වැටි පරිභෝජනය සඳහා සෘජුව හා වක්‍රව වැය කළ මුදල රුපියල් බිලියන 106 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 662 ක් වූ බව ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ වගේම අපි වාර්ෂිකව ඩොලර් මිලියන 660 ක් හෙවත් රුපියල් මිලියන 106,260 ක් හෙවත් කෝටි 10,626 ක් දුම්කොළ භාවිතයේ ප්‍රතිඵල නිසා ඇතිවන රෝගවලට, ඖෂධ හා ප්‍රතිකර්ම සඳහා වැයකරනවා. එම නිසා මෙම පර්යේෂණ වාර්තාව අපට ඉතා වැදගත් වෙනවා. මේ වාර්තාව පිළියෙල කරලා තියෙන්නේ, දුම්කොළ වගා කරන ගොවීන්ගේ අදහස්ද එකතු කරලා, දුම්කොළ වෙනුවට විකල්ප භෝග වර්ග වගා කිරීමට යොමු වන්නේ කෙසේද යන්න අවධාරණය කිරීමටයි. මෙහිදී අපි අවබෝධ කර ගත යුත්තේ දුම්කොළ වගාව සඳහාත්, භාවිතය සඳහාත්, ආනයනය සඳහාත් අපි වැය කරන විශාල මුදල ගැන සළකා බලන විට අපේ රජය ඉතාමත් ඥාන්විත පියවරක් තමයි මේ වන විටත් අරන් තියෙන්නේ. අපි කිරිපිටි ආනයනයට වසරකට වැයකරන මුදලට වඩා සියයට 55 % කින් පමණ වැඩි වියදමක් දුම්කොළ භාවිතයට හා ආනයනයට වැය කරනවා.

     ඒ වගේම වාර්ෂිකව අපි දුම්කොළ සඳහා වැයකරන වියදම 2015 දී හා 2016 දී මෙරට ඇති වූ ගංවතුර සහ නායයෑම් ආපදා සඳහා වැය වූ මුදලට සමාන වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ මේ දුම්කොළ භාවිතය නිසා අපගේ ආර්ථිකයට බලපා තිබෙන අහිතකර තත්ත්වයයි. එම නිසා අපේ රජය උත්සාහ කරන්නේ දුම්කොළ ආශ්‍රිතව සකස් වී තිබෙන ආර්ථික ක්‍රමය වඩාත් ඵලදායී ජීවනෝපාය ක්‍රමයක් වෙත යොමු කරමින් විකල්ප භෝග වගාවන් වෙත දුම්කොළ ගොවි ජනතාව පරිවර්ථනය කිරීමයි. අපට වාර්තා වී ඇති අන්දමට මෙරට දුම්කොළ නිෂ්පාදනය වසරකට ටොන් 3,300 ක් පමණ වෙනවා. මේ සඳහා කෘෂිකාර්මික ඉඩකඩම්වලින් සියයට 0.07% ක් දුම්කොළ වගාව සඳහා වෙන් වෙනවා.” යැයි පැවසීය. 

  • කොළඹ තර්ස්ටන් විදුහලේ සා/පෙ සිසුවකුට ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 40ක් එක්ව පහර දෙයි… සිසුවාට අසාධ්‍යයි

    කොළඹ තර්ස්ටන් විදුහලේ සා/පෙ සිසුවකුට ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 40ක් එක්ව පහර දෙයි… සිසුවාට අසාධ්‍යයි

    සිසුන් පිරිසකගේ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත.එම පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකු ඇතුලූ සිසුන් 40 දෙනෙකු පමණ එක්ව ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන අතර පහරකෑමට ලක්වූ සිසුවා හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත්තේ රග්බි පුහුණුවීම් අතරතුර අනතුරක් සිදුවූ බව පවසමින් බව රෝහල් ආරංචි මාර්ග වල සඳහන් වේ.
    ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු අදාළ සිසුවා රෝහලෙන් පිටව ගොස් ඇත.එහෙත් ඔහු යළිත් අසාධ්‍ය වීම හේතුවෙන් ඊයේ සවස මවුපියන් විසින් අදාළ සිසුවා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු තවමත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් වේ.
  • විවාහවී සතියකින් බිරිඳගේ රන් ආභරණත් සොරකම් කරලා කැසිනෝ ගහපු හොර දෙස්තරට වැඩ වරදී

    විවාහවී සතියකින් බිරිඳගේ රන් ආභරණත් සොරකම් කරලා කැසිනෝ ගහපු හොර දෙස්තරට වැඩ වරදී

    ව්‍යාජ සහතික මගින් පමුණුගම ප්‍රදේශයේ දක්‍ෂ වෛදවරයකු ලෙස පෙනී සිට ධනවත් තරුණියක සමඟ වංචනිකව විවාහ වී පසුව කැසිනෝ සූදුවට යැම සඳහා විවිධ අවශ්‍යතා පෙන්වා පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචාකර සැඟවී සිටි ව්‍යාජ වෛද්‍යවරයකු කොළඹ කැසිනෝ සමාජ ශාලාවකදී කොටුකර ගැනීමට මීගමුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම ඒකකය පෙරේදා (27 ) සමත් විය.
     
     මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පමුණුගම වැලිකැටිය ප්‍රදේශයේ පදිංචි ජෝසප් ක්‍රියේෂන් සරණ ප්‍රදීප් (31) නමැති සැකකරු පමුණුගම ප්‍රදේශයේ දක්‍ෂ වෛද්‍යවරයකු පෙනී සිට එම ප්‍රදේශයේ ප්‍රධාන බෙහෙත් ශාලාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. ඔහු එහිදී ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ඇත.
     
     පසුව සැකකරු වෛද්‍යවරයකු ලෙස රඟදක්‌වමින් එම ප්‍රදේශයේ 23 හැවිරිදි ධනවත් තරුණියක සහ විවාහ වී ඇත. එම විවාහයෙන් සතියකට පසු සැකකරු තම බිරිඳගේ රන් අභරණ සහ වටිනා දැ සොරකම් කරගෙන පළාගොස්‌ ඇත. සැකකරු හදිසියේ පළායැමට හේතුව පරීක්‍ෂා කිරීමේදී සැකකරු “කැසිනෝ” සූදුවට තදින් ඇබ්බැහි වූවකු බවත් ඔහු තම බිරිඳගේ රන් අභරණ විකුණා ලත් මුදල් සූදුවට වැයකිරීමට අමතරව විවිධ අවශ්‍යතා දක්‌වමින් පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ ලබාගෙන වංචාකර ඇති බවත් අනාවරණය වී ඇත. 

  • විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ

    විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ

    දන්නේ නැහැ මතක නැහැ කියන්න විමල් වීරවංශ මහත්තයා දැන් පටන් අරගෙන තියෙනවා. ඔහුට අමතක වීමේ ලෙඩේ හැදි ඇති බැව් සමාජ සවිබලගැන්වීමේ ඇමැති පී. හැරිසන් මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වීමෙන් පසුගිය දිනකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
     
     විමල් වීරවංශ මහත්තයාට කියන්න ඕන මුලින්ම කරුණා අම්මාන් ගෙනවිත් ශ්‍රී ල. නි. පක්‌ෂයේ උප සභාපති කරලා පාර්ලිමේන්තුවටත් ගෙනවිත් ඉස්‌සෙල්ලා ඒ අයට කිරි පෙව්වේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා බව. පිල්ලෙයාන් ගෙනවිත් මහ ඇමැති කරලා එකටයුතු කළේත් ශ්‍රී ල. නි. පක්‌ෂය මගින්. පඩි ගෙව්වා යන්න එන්න හෙලිකොප්ටර් දුන්නා. ඒ විතරක්‌ නෙවෙයි මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ කාලේ ඒ අය දසදහසකට වැඩිය පුනරුත්ථාපනය කරලා අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. එල්. ටී. ටී. ඊ. අය පුනරුත්ථාපනය කිරීම පටන් ගත්තේ ඒ කාලයේ විමල් වීරවංශ ඒ කාලයේ ලංකාවේ හිටියේ නැද්ද කියලා මට ප්‍රශ්නයක්‌ තියෙනවා. විමල් වීරවංශට අමතක වීමේ ලෙඩ හැදිලා වගේ මට පේන හැටියට. එතුමා දන්නේ නැහැ මතක නැහැ කියන්න දැන් පටන් අරගෙන වගේ. මෙයා මේවා හිතාමතාකරණවාද අපිව අන්දන්න කරනවාද කියලා ප්‍රශ්නයක්‌ තියෙනවා. මේවා රටේ ජනතාව බලාගෙන ඉන්නවා. විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ. යහපාලන ආණ්‌ඩුව වැටෙනවා වැටෙනවා කියලා දැන් අවුරුදු ගාණක්‌ තිස්‌සේ කියනවා තවම වැටුණේ නැහැනේ. මේ අයට වෙන්නේ අර එළුවාට වෙච්ච දේ යෑයිද ඇමැතිවරයා මෙහිදී කීවේය.

  • ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන උතුරේ නීති විරෝධී කේබල් නාලිකා ගැන ඔබ නොදත් කතාව මෙන්න…..

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන උතුරේ නීති විරෝධී කේබල් නාලිකා ගැන ඔබ නොදත් කතාව මෙන්න…..

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ කළ දෙදින සංචාරය තුළදි නීතිවිරෝධී කේබල් නාලිකා ගැන කළ ගවේෂණය හා සම්බන්ධ ලිපියකි.

    උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එහිදි විශේෂයෙන්ම අප සංවිධානය දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සොයා බැලිමට හැකියාව ලැබිනි.

    උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් හරහා විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRCයට විශාල බදු මුදලක් අහිමි වන අතර ඊටත් වඩා ඒ හරහා රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බව අප අවස්ථා කිහිපයකදිම පෙන්වා දුන්හ.

    මෙරට කේබල් රූපවාහිනි විකාශන මධ්‍යස්‌ථානයක්‌ ඇරඹීමේදී අනුගමනය කළ යුතු නිති රීති පද්ධතියක්‌ තිබේ. ඒ අනුව කේබල් රූපවාහිනි සේවාවක්‌ ආරම්භ කිරීම පිණිස එම ව්‍යාපාරය පළමුව සමාගම් මැඳුරේ ව්‍යාපාරයක්‌ ලෙස ලියාපදිංචි කළ යුතුව ඇත. ඉන් අනතුරුව 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථා පනතේ 31 වන වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා විසින් 2010/09/03 වන දින නිකුත් කරන ලද අංක 1669/15 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයට අනුව බලපත්‍රයක්‌ ලබා ගත යුතුය.

    එම ක්‍රියා පටිපාටිය එතෙකින් නතර වන්නේ නැත. අදාළ බලපත්‍රය ලබා ගැනිමට පෙර ආපසු නොගෙවන පදනම මත රුපියල් 100,000/ ක මුදලක්‌ අයදුම්කරු විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවීම් කළ යුතු අතර ඉන් අනතුරුව අදාළ අවසර පත්‍රය ලබා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සන ඊට ඇතුළත් කළ යුතුය.

    ඉන් අනතුරුව අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර 1991 අංක 25 දරන එම කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව 2006 මාර්තු මස 10 වන දිනැති අංක 1435/20 දරන ගැසට්‌ නිවේදනයට අනුව බලපත්‍රය ලබාගත යුතු අතර අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබිය යුතුය. මෙම බලපත්‍රය ලබා ගන්නා තැනැත්තා විසින් රුපියල් 5,000,000/- ක මුදලක්‌ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇත.

    උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා ආරම්භ විමේ ඉතිහාසය

    ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ආරම්භවූයේ ඇන්ටෙනා මාර්ගයෙන් UHF සහ VHF සංඛ්‍යාත ඔස්සේ විසුරුවා හැරීමේ ක්‍රමවේදයයි. ඉන්පසු කේබල් මාර්ගයෙන් නාලිකා ආරම්භ කිරීමට බොහෝ පිරිස් කටයුතු කලහ. ඉන්දියාවෙන් ආරම්භ වූ මෙම ක්‍රමය එලෙසින්ම මෙරටදී විවිධ ස්ථානවල සිට විසුරුවා හැරීමට විවිධ පාර්ශව පියවර ගත්හ. ඒ වෙනකොට රජයෙන් එවැනි දේට කිසිදු නීති රීතියක් පනවා තිබුණේ නැත.

    ඉන්දියාවේ විකාශය වන රූපවාහිනී නාලිකාවන් චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගෙන, නාලිකා 50 – 60 කේබල් මාර්ගයෙන් ජනතාවට ලබාදී ඔවුන්ගෙන් මුදලක් අයකර ගැනීමට බොහෝ පිරිසක් එදත් අදත් කටයුතු කරමින් සිටිති . දමිළ ජනයා වැඩි වශයෙන් වාසය කරන උතුරු නැගෙනහිර පළාතේ ස්ථාන 100 කට වඩා මෙය ව්‍යාපාරයක් ලෙස සිදුකරගෙන යනු ලබයි. කොළඹ දමිළ ජනයා ජීවත්වන ප්‍රදේශයන් හී ආයතන 3 – 4 ක් පමණ ඇතැයි වාර්තා වේ.

    2006 දී විදුලි සංදේශ නියාමන කොමිසම මෙවැනි කේබල් රූපවාහිනී නාලිකා ආයතන නියාමනය කිරීම ආරම්භ කල අතර කොළඹ පිහිටි ආයතන 2 කට අනුමැතිය හිමිවිය. රටේ අනෙකුත් ප්‍රදේශවල යුද්ධය හමුවේ මෙම වැඩපිළිවෙල රට අභ්‍යන්තරයට ගෙන යාමට අපහසු විය. 2009 න් පසු එම ප්‍රදේශවලද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ අතර විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නීති විරෝධී කේබල් ආයතනවලට එරෙහිව නීති මගින් ක්‍රියාකිරීමටද කටයුතු කලේය. ඉන්පසු තවත් ආයතනයකට අනුමැතිය හිමිවූ අතර, සමහර පාර්ශව නීතටි විරෝධී ලෙස එම කාර්යය දිගින් දිගටම සිදුකරගෙන යති.

    කේබල් ටීවී වලට පාදක වන්නේද යූ එච් එෆ් සහ වී එච් එෆ් ක්‍රමයයි. මෙවැනි නාලිකා 50 ක් පමණ කේබලයක් මාර්ගයෙන් විසුරුවා හැරීමේදී එක් ස්ථානයක සිට මීටර් 250 ක් පමණ දුරට කේබල් මාර්ගයෙන් ගමන් කරයි. ඉන්පසු එතැන් සිට වැඩසටහන් විකාශයට ඇම්පිලිෆයර් සවිකල යුතුය. ඊට විදුලිය ලබාගැනීම කලයුතුය. මෙය පැය 24 පුරා වැඩ කිරීමට මාසයකට රුපියල් 1000 කට අඩු නොවන විදුලි බිලක් ගෙවිය යුතුවේ. එනම් සෑම මීටර් 250 කටම ඇම්පියර් එකක් සවි කල යුතුය. මේ නිසා කේබල් ටී වී දිය හැකි වන්නේ නිවාස වැඩිමනක් ඇති ප්‍රදේශවලටය. උතුරු පළාතේ ඇති එකිනෙකට දුරින් ඇති නිවාස මග හරීමෙන් කේබල් ටීවී පහසුකම දිය හැකි බව පැවසේ.

    ලංකාව තුළ කේබල් ටීවී පවත්වාගෙන යාමට විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අනුමැතිය දී ඇත්තේ ආයතන 4 කට පමණි. එම ආයතන තමන්ට ලැඛෙන ආදායමෙන් සියයට 44 ක් බදු ලෙස රජයට ගෙවිය යුතු වේ.

    යාපනයේ මේ වනවිට නීතිවිරෝධී ලේස කේබල් හරහා රූපවාහිනි නාලිකා විකාශනය කරන ව්‍යාජ MCR හෙවත් ප්‍රධාන පාලක මැදිරි 18ක් පිහිටුවා ඇති බවට අප විසින් අනාවරණය කරගෙන තිබේන අතර ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ 4ක් සහ ත්‍රිකුණාමලයේ 2ක් පමණ තිබේන බවට තොරතුරු මේ වනවිට අප සතුවේ.එම තොරතුරු අප විසින් රටේ වගකිවයුත්තන්ගේ අවධානයට යොමුකර,ජන මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධ කර තිබේ.

    නීතිවිරෝධී කේබල්කරුවන්ගේ තවත් ජාවාරමක්

    අප යාපනයේ සංචාරය කරන අතරතුර පේදුරු තුඩුව දක්වා ඇති නීතිවිරෝධී නාලිකා විකාශකයන්ට අයත් කේබල්, ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණුවල ඇද ඇති අයුරු නිරික්ෂණය කල අතර, විකාශයට භාවිතා කරන ඇම්පිලිෆයර් සදහා නීතිවිරෝධී ලෙස එම කණුවෙන්ම විදුලිය ලබාගෙන ඇති බව හොදින්ම නිරීක්ෂණය කිරිමට අපට හැකි විය. එම මාර්ගය ඔස්සේ කිලෝමීටර කිහිපයක් ගමන් කිරිමේදි ඒ ආකාරයේ ඇම්පිලිෆයර් කිහිපයක්ම දකින්නට හැකි වු අතර සමාන්‍යයෙන් මිටර් 250කට වරක් එක් ඇම්පිලිෆයර් එකක් බැගින් සවිකිරිම අනිවාර්‍ය වේ.

    ඒ අනුව කිලෝමීටර් 5ක පමණ වපසරියක කේබල් ටිවි හරහා නාලිකා බෙදාහැරීම සදහා අවම වශයෙන් ඇම්පිලිෆයර් 20ක් වත් සවි කලයුතු අතර සමාන්යියෙන් එක් ඇම්පිලිෆයර් එකක් සදහා මාසික විදුලි වියදම රුපියල් 1400-1500ක් අතර වන බව ඒ අනුව ගත් කල විදුලි බල මණ්ඩලයට මාසිකව අහිමිවන මුදල ඉත විශල බව සිතා ගැනිමට අපහසු නැත.

    මෙය බරපතල තත්වයකි.මන්ද එක අතකින් යාපනයේ එක් ආයතනයක් හැර අනෙකුත් සියලුම ආයතන නීතිවිරෝධී ආයතන විමයි.ඔහුන් විසින් තමන්ගේ කේබල් විදුලි කණුවේ ඇදිමට අමතරව ඒ සදහා රජයට පාඩු කරමින් හොර රහසේම විදුලිය ලබා ගැනිම ඊටත් වඩා භයානකය. අවස්ථා ගණනාවකදිම එම ව්‍යාජ කේබල් සමාගම් වල කේබල් ඇදිමට ගිය කිහිප දෙනෙකුම අනතුරු වලට ලක්වු අතර එයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට නිල වශයෙන් වාර්තා වි තිබේ.

    උතුරේ කේබල් ටිවි විකාශය කිරිමට විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ නිළ අවසරය ඇත්තේ එක් ආයතනයකට පමණය. නමුත් අප ගේ සංචාරයේ දී අපට දැකගන්නට හැකි වූයේ, හොර රහසේ කේබල් ටිවි ලබාදෙන කණ්ඩායම් අප පේදුරු තුඩුවේ ගමන් කරන විටත් ත්‍රී රෝද රථයකින් පැමිණ නීතිවිරෝධී ලෙස විදුලි කණු වල කේබල් සවිකරමින් සිටින අයුරුය. ඒ පිළිබඳව අප ඔහුන්ගෙන් කල විමසිමකදි, එම කේබල් වල අයිතිය ඇත්තේ කාට ද යන්න පැවැසිමටවත් ඔහුන් නොදැන සිටියහ.

    අප උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා හමුවු අවස්ථාවේ මෙම නීතිවිරෝධී කේබල් නාලිකා සම්බන්ධයෙන් කල විමසිමකදි ඔහු අවධාරණය කරමින් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCය මේම නීතිවිරෝධී නාලිකා නතර කිරිමට ක්‍රියාමාර්ග ගන්නේ නම්, පොලිසිය ඒ සදහා සහය දිමට සුදානම් බවය. නමුත් TRCය ඒ සම්බන්ධයෙන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔහුගේ අදහස විය.

    කෙසේවෙතත් පොලිසියේ නීතිය ක්‍රියාත්මක විමේ යාන්ත්‍රනයද සාර්ථක එකක් නොවන බව හා පොලිසිය කප්පම් ලබා ගන්නා බවත්, උතුරු පළාත් අමාත්‍යවරියක වන ආනන්දී සශීදරන් සමග අප කළ සාකච්ඡාවේදි ඇය අනාවරණය කර සිටියාය. අතර එය තවත් තහවුරු වන සිද්ධියක් අපට අච්චුවේලි පොලිසියට ගිය අවස්ථාවේ අත් දකින්නට ලැබුනි.

    එනම් පසුගිය 6 වැනිදා එම ප්‍රදේශයේ නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන යන කණ්ඩායම් දෙකක් අතර කේබල් කැපිම සම්බන්ධයෙන්
    ඇතිවු ආරවුල පිළිබඳව දැමු පැමිණිල්ල පසුගිය 13 වැනිදා ආපසු ඉවත් කරගෙන ඇති බවට වූ වාර්තාවයි. පැමිනිල්ල පිළිබඳ ව කිසිදු පරික්ෂණයක් කර නොතිබු අතර අදාළ පැමිණිල්ලේ චූදිත පාර්ශ්වයන් විසින් පවත්වාගෙන යන කේබල් නාලිකා ලියාපදිංචි කර නොමැති බව අප පොලිසියට පෙන්වා දුන් විට ඔහුන් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවද සදහන් කර සිටියේය.

    පේදුරු තුඩුවට යන අතරමගදි අප කේබල් ටිවි හරහා නිවසේ රූපවාහිනි නරඹන අයෙකු සමග සාකච්ඡා කල අතර එහිදි තමන් ගෙදර නරඹන කේබල් නාලිකාව කාට අයිතිද යන්න ඔහු නොදැන සිටි අතර මාසිකව ඒ සඳහා ඔහු විසින් රුපියල් 400ක මුදලක් ගෙවන බවත්, ඊට අදාළව මාසිකව සටහන් කල හැකි කාඩ් පතක් පමණක් ලබාදි තිබෙන බව පැවසීය.

    කුඩා කණ්ඩායම් වශයෙන් නීතිවිරෝධී කේබල් නාලිකා බෙදාහැරීමට මෙන්ම මුදල් එකතු කිරිමට ද කණ්ඩායම් යොදවා ඇති වා ඇති අතර ඔහුන්ට ඒ වෙනුවෙන් එක් ග්‍රාහකයෙකු විසින් ගෙවන මුදලින් සියයට 40ක පමණ මුදලක් ලබා දිමට කටයුතු කරන බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ඒ අනුව වාර්ෂිකව රටට අහිමිවන බදු මුදල් ප්‍රමාණය අවම වශයෙන් රුපියල් මිලියන 2000ද ඉක්මවන බව තහවුරු වි තිබේ.

    ජාතික ආරක්ෂාව අනතුරේ..

    මේ අතර පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූ රට පුරා ඉතා සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වන ලියාපදිංච් නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් පසුපස ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් ඇතුලූ කිහිපදෙනෙක් සිටින බවට මේ වනවිට අනාවරණය වේ. එම නාලිකා හරහා පෙන්වන ලබන වැඩසටහන් නියාමනය කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCයට හැකියාවක් නොලැබිම නිසා ජාතික ආරක්ෂාවටත් ජාතීන් අතර සහජීවනයට හා ආගමික සංහිදියාවට මෙම නීති විරෝධි කේබල් සේවාවන් හරහා දැඩි බලපෑම් ඇතිවන බව පැවසිය හැක.

    මෙවැනි බලපෑම් ඇති වීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙවැනි නීති විරෝධී නාලිකා විසින් විකාශනය කරන ලබන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීමට මාර්ගයක් ඔබගේ කොමිෂන් සභාවට නොහැකි වීම නිසා එම රූපවාහිනී නාලිකා ඔවුනට අවශ්‍ය වැඩසටහන් රිසි සේ විකාශය කිරීමයි.

    ඒ අනුව වහාම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCය අදාළ අනවසර නාලිකා පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුව ඇත. ඊට සමගාමීව විදුලිබල මණ්ඩලය විසින් නීතිවිරෝධී කේබල් නාලිකා හිමියන්ට අයත් කේබල් ඇදිමට තම ආයතනය අයත් විදුලි කණු යෝදා ගැනිමට ඉඩ ලබ නොදිය යුතු බවද අප තරයේ අවධාරණය කර සිටිමු.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍ර ලාභින්ට විදුලි හෝ දුරකතන කණු භාවිතයට අවසර ලැබි තිබුනද ඒ සදහා විධිමත් වැඩ පිළිවෙලක් මේ දක්වා සකස් වි නැත.විධිමත් ක්‍රමවේදයක් සකස් කිරිම හරහා මාසිකව විදුලි බල මණ්ඩලයටද ආදායමක් ලබා ගැනිමට හැකි වනු ඇතැයි ද විද්වත්හූ පෙන්වා දෙති.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,විදුලි බල මණ්ඩලය මෙන්ම පොලිසිය ද නීතිය ක්‍රියාත්මක කිරී මේදී වන කල්මැරිම පසුපස තමන්ට ලැබෙන සන්තෝෂම් තිබේන බවට ද ජනතාවගෙන් එල්ල වන චොදන තවදුරටත් ව්‍යප්තවීමට ඉඩ දෙනවාද? නැද්ද? යන්න බලධාරීන් දැන්වත් තින්දු කලයුතුය.

    මීට අමතරව චන්ද්‍රිකා මාර්ගයෙන් රූපවාහිනී නාලිකා ප්‍රදර්ශනය කිරිම ඩී ටී එච් (DTH) යනුවෙන් හදුන්වනු ලබන අතර ලංකාවේ මේ වනවිට එම ක්‍රමයට අනුමැතිය ලබාගෙන ඇත්තේ ඩයලොග් ටීවී සහ ඩිෂ් ටීවී ලංකා කියන ආයතන දෙක පමණි. නමුදු ඉන්දියාවේ ඇති ඩී ටී එච් සේවාවන් නීතිවිරෝධී විධියට අද වනවිට ලබාදෙන ආයතනද ඇත.

    ඉන්දියාවේ ක්‍රියාත්මක සන් ඩිරෙක්ට් / එයාර්ටෙල් / වීඩියෝකොන් / බිග් ටීවි යන ආයතනවල සේවාවන් අලෙවි කරන්නේ නීති විරෝධීවයි. මේවාට වෙළද දැන්වීම් පවා අපේ රටේ මාධ්‍යවල ප්‍රචාරය කරයි. මේ දක්වා ලද තොරතුරු අනුව ලක්ෂ 5 කට අධික පිරිසක් මේ නීතිවිරෝධී සේවාව ලබාගෙන ඇත.

    මේ සේවාව ලබාගන්න නිවසේ ඉහළට ඩිෂ් ඇන්ටෙනාවක් සහ රිසීවරයක් (ග්‍රාහකයක්) අවශ්‍යවේ. ඉන්දීය ආයතන අතර ඇති තරගකාරීත්වය සදහා ඉතා අඩුමිළට නීති විරෝධී ලෙසට අපේ රටේ ජනතාවට ලබාදෙන ආකරයක් දක්නට ඇත. මේ විධිහට සේවා ලබාදෙන අය අපේ රටේ සෑම ප්‍රදේශයකම සිටිති. මෙම සේවා ලබාගන්න ලක්ෂ 5 කට අධික පිරිසක් නීති විරෝධී ලෙස මාසිකව යම් මුදල් ප්‍රමානයක් ඉන්දියාවට ලබා දේ. කෝටි ගණනක් වන අපේ රටේ සල්ලි නීති විරෝධි ලෙස ඉන්දියාවට යන එක ගැන කිසිදු මාධ්‍යයක් වචනයක් කතා නොකිරීම අරුමයකි.

    DTH ජාවාරම ගැන අනාවරණය බලාපොරොත්තු වන්න..

    -වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය-

  • නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත්කල යුතුයි

    නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත්කල යුතුයි

    හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් හිටපු ජනාධිපතිවරයා තම මැතිවරණ කටයුතුවලට ඩොලර් මිලියන 7.6 ක් වියදම් කර ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවී ඇති ආන්දෝලනාත්මක හෙළිදරව්ව පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්  පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ උපදේශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවැසයි.

    එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලන ලෙස විපක්ෂ නායකවරයාගෙන් , විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයෙන් ද ඉල්ලා සිටින බවත් රාජගිරිය දූෂණ විරෝධී පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම කියා සිටි අතරතවදුරටත් අදහස් දැක්වූ වර්ණසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.

    “නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව ඇඟ කිළිපොලා යන එකක්. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා එක්සිම්  බැංකුවෙන් ගත් ඩොලර් මිලියන 307 ක මුදලින් යම් කොටසක් හිටපු ජනාධිපතිවරයා ලබාගත් බවට එම පුවත්පත හෙළි කර තිබෙනවා.

    ඒ මුදල ඩොලර්  මිලියන 7.5ක්. රුපියල් වලින් කෝටි 59ක්. එය ව්‍යාපෘතියට අදාල සමාගම වන චයිනා මර්චන්ට් සමාගම තම අනුගිණුමකින් ගෙවා තිබෙනවා.

    ජනාධිපතිවරණයේ දී සිල් රෙදි, සාරි , ඔරලෝසු , ටී ෂර්ට් , යට ඇඳුම් බෙදුවේ මේ සල්ලිවලින් විය හැකියි. රටම ණය උගුලක දමමින් මහින්ද රාජපක්ෂ මහතා වරාය හදන්න ගත්තු සල්ලි අවභාවිත කළා.

    එහෙමනම් අපි අහන්න කැමතියි එතුමා ගත් මුදල් අවභාවිතා නොකලා කියන්න පුළුවන්ද? රටම ණය කන්දක්. සියයට අටේ ගිනි පොලියට ගත් ණය යොදවලා මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය කරල තිබෙනවා. මේ වසරේ විතරක් ණය පියවීමට අපට රටක් ලෙස ඩොලර් මිලියන 14.8 ක් ගෙවන්න වෙලා තිබෙනවා. රටේ වාර්ෂික ආදායම  කියද? ඩොලර් මිලියන 12.2යි. එහෙම නම් රටේ ආදායම මදි මේ ණය ගෙවන්න.

    මේ ආකාරයට ණය අරන් ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවට කන බොන සියලු දේවලින් බදු ගෙවමින් ගෙවන්න වෙලා තියෙනවා. රාජපක්ෂ මැතිතුමා එක අවස්ථාවක කියා සිටියා තමන් එක ඩොලරයක් හෝ හොරකම් කර තියෙනවා කියා ඔප්පු කළොත් ඔළුවට වෙඩි තියා  ගන්නවා කියලා. අපි අහන්න කැමතියි එකක් නොවෙයි 7.6ක් අවබාවිතා කරල තියෙන එක ගැන මොකද කියන්නේ කියලා.

    නිව්යෝක් ටයිම්ස් මේ හෙලිදරව්ව කරලා දින කිහිපයක් ගත වෙලා. හැම වලාවෙම රටේ තත්ත්වය ගැන වොයිස් කට් දෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇයි නිහඬ කියා අපි අහන්න කැමතියි. පන්සලකට ගියත් පිංකමකට ගියත් රටේ ප්‍රශ්න ගැන කතාකරන එතුමා තවම එක වචනයක් වත් කියල නැහැ.

    ඇයි ඒකාබද්ධ විපක්ෂය වත් පොහොට්ටුව හෝ ආර්ථික පර්යේෂණ ඒකකය හෝ අනාගතයේ දී මේ රට බාර අරන් ආර්ථික උපදේශකකම් කරන්න බලා ඉන්න අය හෝ මේ ගැන කතා කරන්නේ නැත්තේ? නාමල් රාජපක්ෂ මහත්තයා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තියෙනවා.

    මේකෙ තවත් හෙළිදරව්වක් කරල තියෙනවා. ස්වාමින් වහන්සේ නමකට ජනාධිපතිවරණය ආසන්නයේ දී අවශ්‍ය කටයුතු කරගෙන යාමට ඩොලර් 38,000 ක් දීල තියෙනවා කියා එහි කියනවා. කවුද මේ. පන්සල්වලට වාහන දුන්නද එහෙම නැත්නම් වෙනත් වරදාන වරප්‍රසාද දුන්නද?  චයිනා මර්චන්ට් සමාගමට අයත් ගිණුමකින් තමයි මේ මුදල් දීල තියෙන්නේ.මේවා බරපතල සැකයක් මතුවෙනවා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනි සෙනරත් මහතාට චෝදනාවක් එල්ල වුණා අරලිය ගහ මන්දිරයේ තිබුණු මුදල් වාහන වලින් රැගෙන ගියා කියලා.

    ඒ මුදල් ගෙනයාමේ දී ගෝනිවල ගෙන ගියා කියා රියැදුරු කියා තිබෙනවා. එදා ඒ මුදල් සමඟ කාර්යමණ්ඩල ප්‍රධානියා චීන මුදලුත් ගෙන යන්න ඇති.

    මේ සිදුවෙලා තියෙන අවභාවිතය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ විවාදයක් කරන්න ඕන. හැම දේටම විවාද ඉල්ලන ඒකාබද්ධ විපක්ෂයට අපි කියනවා විවාදයක් මේ ගැනත් ඉල්ලන්න කියලා.

    නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන්නේ ඇත්තද නැත්තද කියල දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරුන්ටත් අනාගතයේ ජනාධිපතිවරු වෙන්න ඉන්න රාජපක්ෂවරුන්ටත් මඩ ගහන්න ගන්න උත්සාහයක් කියල කියන්න ඉඩ තියෙනවා. ඇමරිකාව කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කිව්වට ඇමරිකන් පුරවැසිභාවය තියෙද්දි ජනාධිපතිකම ඉල්ලනවා.

    මේ රට සංවර්ධනය කරන්න ඕන කියල කියනවා නම් මේ ලංකාවේ අමාත්‍යංශයක ලේකම් ධුරයක් දරන්නේ නැතිව ඇමරිකවේ පුරවැසිකම තියාගෙන ඉන්නේ.

    ඇමෙරිකාවට බනින ගමන් පුරවැසිකම තියන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමන් ගෙන් ඉල්ලනවා මේ ගැන විවාදයක් ඉල්ලන්න කියලා. ඒකට ඇවිත් උත්තර දෙන්න කියා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ආර්ථික මහාචාර්යවරු , ආර්ථික පර්යේෂක බන්දුල ගුණවර්ධන ශූරින්ට, අජිත් නිවාඞ් කබ්රාල්ට පුළුවන් විය යුතුයි.

    මේ මුදල්වලින් මොනවද කළේ? හාමුදුරුවරුන්ට හෝ වෙනත් අයට හෝ අල්ලස් ලෙස මොනවද දුන්නේ කියා හෙළි කළ යුතුයි. ඡන්ද දායකයන්ට අල්ලස් දුන්නද? මේවා ජනතාව දැනගත යුතුයි. ‘‘

  • යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමින් පාර වසා විරෝධතා…

    යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමින් පාර වසා විරෝධතා…

    යාපනය වඩුක්කොඩයි සිත්තංකේනි මන්සන්ධියේදී අද (28) ප්‍රදේශවාසීන් හා පාසල් දරුදැරියන් පිරිසකගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් පැවත්වුනේ සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමිනි.

    අදාල විරෝධතාව හේතුවෙන් මණිප්පායි පොන්නාලෙයි ප්‍රධාන මාර්ගයේ ගමන් කටයුතු වලටද බාධා එල්ල වී ඇති අතර පොලීසියේ මැදිහත් වීමෙන් ගමනාගමන කටයුතු සාමාන්‍ය අයුරින් පැවත්වීමට කටයුතු සිදු කොට ඇත.

    විරෝධතාවයේ යෙදුනු පිරිස් විසින් ප්‍රධාන කරුණු තුනකට විරෝධය පල කෙරෙන අතර එහිදී මිය ගිය 06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගේ මරනය සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් පස් දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරීම් පිළිගත නොහැකි බවටත් පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයටත් ළමාරක්ෂණ අධිකරියටත් පරික්ෂණයක් සිදු කරන ලෙසට කරන ලද ඉල්ලීම් වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීමත් පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගත යතු බවටත බල කරමින් මෙම විරෝධතාවය පැවත්වෙයි.

    06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගෙ මළ සිරුර පසුගිය 25 වනදා සුලිපුරම්හි ළිඳක තිබී සොයාගත් අතර පසුව මරණය ගෙල සිර කොට මරදමා ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනාවරනය වූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මේ වන වට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

  • සරාගී කාවින්ද්‍යා අධිකාරිට රනින් තෑගි දෙන ගායක පෙම්වතා…! වීඩියෝවෙන් සම්පුර්ණ කතාව එළියට..! (VIDEO)

    සරාගී කාවින්ද්‍යා අධිකාරිට රනින් තෑගි දෙන ගායක පෙම්වතා…! වීඩියෝවෙන් සම්පුර්ණ කතාව එළියට..! (VIDEO)

    ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් ජනප්‍රියම තරු දෙකක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යුවලගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි කියන්නේ තරුණ පරපුර අතර ජනප්‍රිය චරිතයක්.මේ දවස්වල අන්තර්ජාලයේ සැරි සරන වීඩියෝවක් නිසා ඇය ගැන හැමෝම කතා බහ කරන්න පටන් අරගෙන තියෙනවා.

    මේ කතාවට තවත් ලංකාවේ ජනප්‍රියම ගායකයෙකුගෙ තරුණ ගායක පුතෙකුත් සම්බන්ධයි.ඒ ගායකයා වෙන කවුරුත් නෙමයි, නදිමාල් පෙරේරා.ලංකාවේ තවත් ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරාගේ පුතු වන නදිමාල් පෙරේරාත් මේ දවස්වල ලංකාවේ සංගීත ක්ෂත්‍රෙය් තරුණ තරුණියන් අතර ඉහල ජනප්‍රියත්වයක් තියන ගායකයෙක්.

    අන්තර්ජාලයේ සැරිසරන.වීඩියෝවෙ හැටියට නම් නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙනවා.නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙන්නේ ආදරණීය තෑග්ගක් හැටියට කියලා තමයි කතාව පැතිරෙන්නේ.කතාවේ ඇත්ත නැත්ත දැනගන්න මේ දෙන්නව සම්බන්ධ කරගන්න හැදුවත් ඒ උත්සාහය හරි ගියේ නෑ.ඒ කොහොම වුනත් මෙන්න මේ පහලින් තියන වීඩියෝව තමයි ඔය කියන කතාව පැතිරෙන්න හේතු වුනේ.

  • අනේ ඡන්දය කල්දාන්න එපා… මැකෝ කථානායකගෙන් ඉල්ලයි

    අනේ ඡන්දය කල්දාන්න එපා… මැකෝ කථානායකගෙන් ඉල්ලයි

    පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙසත් එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සකසා දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අද(28) උදේ කතානායකවරයා හමුවු අවස්ථාවේදී විශේෂ ඉල්ලිමක් කර ඇත.

     

  • විදුහල්පතිට ලක්ෂ දෙකහමාරක් වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

    විදුහල්පතිට ලක්ෂ දෙකහමාරක් වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

    උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී තමන්ව බුලත් අතක් දී නොපිළිගැනීම නිසා එම විදුහල්පතිවරයාට බැන වැදී , තර්ජනය කර ස්ථාන මාරු කිරීමෙන් එම විදුහල්පතිවරයා ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද අධිකරණය උතුරුමැද පළාත් මහ ඇමතිවරයාට අද (28) නියෝග කළේය.

    රජයේ මුදලින් තවත් රුපියල් 50000 ක මුදලක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.

    උතුරුමැද පළාත් මහ ඇමතිවරයා ගේ එම කක්‍රියාකලාපයට එරෙහිව නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරැණාරත්න බණ්ඩාර මහතා විසින් ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

    එසේම මාරු කර යැවු නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා මාස දෙකක් ඇතුළත යළි එම තනතුරේම පිහිටුවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය අදාල බලධාරීන්ට නියෝග කරන ලදී.

    ඊවා වනසුන්දර , සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

  • තෙල් මිල පාලනයට නව මිල සූත්‍රයක්

    තෙල් මිල පාලනයට නව මිල සූත්‍රයක්

    සෑම මාස තුනකට වරක් එළඹෙන පස්වන දිනයේ මෙරට වෙළෙඳ ‍පොළේ පැට්‍රල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීම සඳහා හඳුන්වා දෙන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

    ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල උච්ඡාවචනයන් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳ ‍පොළේ තෙල් මිල සෑම මාස තුනකට වරක් මේ අනුව සංශෝධනය වීමට හෝ නොවීමට ඉඩ ඇති අතර ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වා දීමටත් එය 2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය මීට පෙර අවසර දී තිබුණි. අවසන් වරට මෙරට ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක වූයේ 2001-2004 වසර කාලය අතරතුරය.

    ඉන්පසු එම මිල සූත්‍රය අක්‍රිය වූ අතර පසුව රජය මෙරට වෙළෙඳ ‍පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවේ ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල වෙනස්වීම් මතය. එහිදී ඉන්ධන මිලෙහි වැඩිවීමේ ප්‍රමාණය රජය තීන්දු කළේය.

    වත්මන් රජය මේ වන විට එක් අවස්ථාවකදී ඉන්ධන මිල ගණන් පහත දමා ඇති අතර එක් අවස්ථාවකදී ඉන්ධන මිල වැඩි කළේය. පසුගියදා රජය ඉන්ධන මිල වැඩිකරනු ලැබුවේ ලෝක වෙළෙඳ ‍පොළේ ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව සහ ඛනිජ තෙල් සංස්ථාවේ අධික අලාභය පියවා ගැනීමටය.කෙසේ වෙතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවට රජය විසින් ‍පොරොන්දු වූ අතර ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එකී මිල සූත්‍රය මෙලෙස සකස් කර ඇත. මෙම මිල සූත්‍ර ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මිල කමිටුවක් ස්ථාපනය කිරීමටත්, එම කමිටුව සෑම මාස 3 කට වරක් එළඹෙන 5 වන දිනයේ මෙලෙස ඉන්ධන මිල ගණන් යාවත්කාලීන කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව එළඹෙන අගෝස්තු 11 දා සිට මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක වනු ඇත.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.  

  • මෙරට ආර්ථික වර්ධනය නැංවීමට ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමුවිය යුතුයි

    මෙරට ආර්ථික වර්ධනය නැංවීමට ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමුවිය යුතුයි

    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට නම් අප ජාත්‍යන්තර වෙළෙඳ පොළට යොමුවිය යුතු අතරම ජාත්‍යන්තර ආයෝජකයන්ද සෘජුවම අප රටට කැඳවාගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
     
     ආර්ථික වර්ධනය යනු රැකියා නිර්මාණය කිරීම සහ ආදායම් උපදවාගැනීම බවත් අද වනවිට ආර්ථික වර්ධනයේ වගකීම සහ මූලික කාර්ය භාරය පැවරී ඇත්තේ පෞද්ගලික අංශයට බවත් අගමැතිවරයා සඳහන් කළේය.
     
     ශ්‍රී ලංකාවේ පවතින්නේ මිලියන 22 ක කුඩා වෙළෙඳපොළක්‌ බවත් එම වෙළෙඳපොළ තුළ පමණක්‌ ආයෝජනය කිරීමෙන් වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ ලබාගත නොහැකි බවත් සඳහන් කළ අගමැතිවරයා අසල්වැසි වෙළෙඳපොළ වලින් ආරම්භ කරමින් කලාපීය සහ ඉන් අනතුරුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත යොමුවීමට පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් අවධානය යොමු කළයුතු බවත් එවිට අපට වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ ලබාගත හැකි බවත් ප්‍රකාශ කළේය.
     
     අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බැව් පැවසුවේ කොළඹ කිංග්ස්‌බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරුන්ගේ ආයතනයේ 06 වැනි සමුළුවේදීය.

  • 16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවීම පමණක් නෙවේ… මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතුයි

    16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවීම පමණක් නෙවේ… මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතුයි

    ආණ්ඩුවේ තනතුරු අතහරින ලද තමන්ද ඇතුළු ‘16 කණ්ඩායම’ සිදුකරමින් ඇති වැඩපිලිවෙල ගැන සෑහීමකට පත් විය නොහැනි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

    මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ 16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරිම පමණක් නොව මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතු බවත්ය.තම කණ්ඩායමට අනන්‍ය දේශපාලනයක් තිබිය යුතු බවත් එසේ නැතිනම් වෙනත් පක්‍ෂයකට බැදී එය සමග දේශපාලනය කල යුතු බවත් ඔහු කියයි.

    දැනට ඒකාබද්ධ විපක්‍ෂය සමග සෘජුව සම්බන්ධ වීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී ඔවුන් සමග වැඩ කිරිමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.