මේ රටේ මැතිවරණ කල්දැමූ කිසිම ආණ්‌ඩුවකට වාසියක් වී නැහැ. මැතිවරණ කල්දැමූ හැම ආණ්‌ඩුවකටම මේ රටේ ජනතාව මතක හිටින පාඩමක් උගන්වා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙසේද කීය.
උතුරු පළාත් සභා මැතිවරණය කල්දැමුවාට තමන්ගේ කිසිම විරෝධයක් නැහැ. නමුත් මැතිවරණය කල්දමා එය පවත්වන තුරු ඔහුට දිගටම මහ ඇමැති ධුරයේ සිටිය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරනවා. ජනතාවට ස්‌වර්ජන ඡන්දය පාවිච්චි කිරීමට අවසර නැහැ. පළාත් සභාවේ නිල කාලය අවසන් වූ පසුවත් විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාට එම ධුරයේ වැඩ කරන්න අවශ්‍යයි කීම සදාචාර විරෝධී පමණක් නොව නීති විරෝධී වැඩපිළිවෙළක්. පළාත් සභාවේ නිල කාලය අවසන්වූ පසු මහ ඇමැති ධුරයේ සිටීමට කිසිදු අයිතියක් නැහැ.
පළාත් සභා නවයෙන් තුනක නිල කාලය අවසන්වී තිබෙනවා. උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුනේ නිල කාලය අවසන්ව මැතිවරණය නොපවත්වා දැනට මාස 10 ක් පමණ ගත වෙලා. ඒ වගේම මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා තුනෙත් නිල කාලය අවසන් වෙනවා.
දැන් රජයට අවශ්‍ය වී තියෙන්නේ පළාත් සභා මැතිවරණය දිගින් දිගට කල් දැමීමටයි. එන වසරේ ජනාධිපතිවරණය පවත්වන කාලය වනවිට නිල කාලය අවසන් වූ පළාත් සභා හයට මැතිවරණය නොපවත්වා අවුරුදු දෙකක් වෙනවා.
මේ අනුව අවුරුදු දෙකකට මේ රටේ පළාත් සභා හයක් නැතිව රට පාලනය කිරීමට පුළුවන් නම් පළාත් සභා රටට අවශ්‍ය ඇයි?
සිsරිසේන වික්‍රමසිංහ රජය මෙලෙස පළාත් සභා මැතිවරණ අහෝසි වන්නට ඉඩ දෙන්නේ නම් ඉන්පසු එන අලුත් ආණ්‌ඩුවකට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති වන ප්‍රායෝගික අවශ්‍යතාවය කුමක්‌ද කියා ජනතාව අහයි. මනෝ ගනේෂන් ඇමැතිවරයා ප්‍රකාශ කළා සම්බන්ධන් මහතා රජයේ ඇමැති ධුරයක් ගත්තා නම් හොඳයි කියලා. එය ඉතා වැදගත් ප්‍රකාශයක්. ඇත්ත, සම්බන්ධන් විපක්‌ෂ නායකවරයා කටයුතු කරන්නේ විපක්‌ෂ නායකවරයකු ලෙස නොව රජයේ ඇමැතිවරයකුගේ කාර්යභාරයක්.
සම්බන්ධන් මහතා හා දෙමළ සන්ධානය ඒ ජනතාවට දුන් ප්‍රතිඥාව මොකද්ද? අද මොකද්ද වී තියෙන්නේ. ඔවුන් කිසිම හඬක නඟන්නේ නෑ. පළාත් සභා මැතිවරණය තියන්න කියලා. නැගෙනහිර පළාත් සභාවට අත්වූ ඉරණමට තව මාස දෙකකින් උතුරු පළාත් සභාවටත් මුහුණ දීමට සිදුවෙනවා.
සම්බන්ධන්ගේ හා දමිළ සන්ධානයේ භූමිකාව වී තියෙන්නේ මේ රජය කෙසේ හෝ පවත්වා ගෙන යැමටයි. ඒ නිසා කළ හැකි හැම දේම කරනවා. ඔවුන්ගේ අභිලාෂය වී ඇත්තේ තවදුරටත් මේ රජය පවත්වාගෙන යැමයි. මෙය හරි අභූත තත්ත්වයක්. නිසි කාලයේ මැතිවරණ පවත්වන්නේ නෑ. පළාත් පාලන මැතිවරණය අවුරුදු 2 1/2 ක් කල්දැමුවා. දැන් පළාත් සභාත් එහෙමයි. මැතිවරණ ක්‍රමයේ දොaෂ තිබෙනවා කියලා දිගින් දිගට මැතිවරණ කල් දමනවා. මේ විදියට මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන මුවාවෙන් මැතිවරණය කල්දැමීම ලොව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුව නැහැ.
පළාත් සභා මැතිවරණය එක දිනක්‌වත් කල්දැමිය නොහැකි බවට ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන් පසුව ශේ්‍රෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීම වැළැක්‌වීම සඳහා අලුත් වැඩපිළිවෙළක් නිර්මාණය කළා.
මේ රටේ මැතිවරණ කල්දැමීමෙන් කිසිම ආණ්‌ඩුවකට වාසියක් වෙලා නැහැ. මැතිවරණ කල්දැමූ හැම රජයකටම රටේ ජනතාව හොඳ පාඩමක් උගන්වා තිබෙනවා. 70 මැතිවරණයේදී මැතිනියට 2/3 ක බහුතරයක් ලැබුණා. රජයේ නිල කාලය වුණේ 1970 සිට 1975 දක්‌වා අවුරුදු පහක කාලයයි. නමුත් 75 මැතිවරණය නොපවත්වා වැඩිපුර අවුරුදු දෙකක් පාලනය කර මැතිවරණය පැවැත්වූ පසු බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ප්‍රමුඛ ආණ්‌ඩුව ආසන අටට බැස්‌සා. එසේ සිදුවුණේ මැතිවරණය අවුරුදු දෙකක් කල්දැමීමේ ප්‍රතිඵලය නිසයි.
මැතිවරණය කල්දැමීමට එරෙහිව දීප ව්‍යාප්ත මට්‌ටමින් උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා. පළාත් සභා මැතිවරණය නියම වෙලාවට පැවැත්විය යුතුයි.
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකා එක්‌සත් ජනපදය ඉවත් වුණේ මානව හිමිකම් කවුන්සිලය දැඩි ලෙස විවේචනය කරමිනුයි.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ඇමරිකාව එවා සිටි තානාපති විකී හේලි මහත්මිය කියා සිටියා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය අසුචි වළක් ගඳ ගසනවා කියලා. මෙය සම්පූර්ණයෙන් පක්‌ෂපාතියි. මෙමගින් කිසිවක් සිදුවන්නේ නෑ, එය පරාර්ථකාමී ආයතනයක් කියලා.
මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ මහින්ද රාජපක්ෂ රජය දිගටම කියා සිටියේ මෙයයි. එදා අප කියපු දේමයි අද ඇමරිකා එක්‌සත් ජනපදය කියන්නේ. අපි එදා ගෙන ගිය ප්‍රතිපත්තිය උඩු යටිකුරු නොකර කරගෙන ගියා නම් අද අපේ රටේ අභිමානයට, රණවිරුවන්ට කිසිදු අභියෝගයක් එල්ල වන්නේ නෑ.
එදා සිටම අපි කියා සිටියේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කිසිම වරදක් කරලා නෑ. ඔවුන් නිර්දොaෂියි. ඒ පිළිබඳ ඔප්පු කරන්න පුළුවන් සාක්‌ෂි ඇති බවයි මහින්ද රාජපක්ෂ රජය කියා සිටියේ. එදා අපි සුරක්‌ෂිත කළ අපේ ත්‍රිවිධ හමුදාව මේ රජය විසින් ඇමරිකා එක්‌සත් ජනපදය ගෙනා යෝජනාව ශ්‍රී ලංකාවේම යෝජනාවක් ලෙස පිළිගෙන සෙසු රටවලින් එම යෝජනාවට සහයෝගය ඉල්ලා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,
මේ රජය සම්පූර්ණ අසාර්ථක රජයක් බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලබා තියෙනවා. අද වනවිට මේ යහපාලන ආණ්‌ඩුවේ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 41 ක්, රාජ්‍ය ඇමැතිවරු 22 ක් සහ නියෝජ්‍ය ඇමැතිවරු 23 ක් සිටිනවා. තව සතියක් දෙකක් යන විට මේ ප්‍රමාණය තවත් වැඩිවිය හැකියි. මේ වනවිට 86 දෙනෙක් ඇමැති ධුර දරනවා. ආණ්‌ඩුවේ සිටින අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම වරදාන ලැබෙනවා.
මෙතරම් ඇමැතිවරු රාශියක් ඉන්නේ ආණ්‌ඩුව රුවිතෙට යන නිසයි. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ 113 හදා ගැනීමට මන්ත්‍රීවරු 27 ටත් තවත් ඇමැති ධුර හදලා දෙයි. මේවාට වියදම් කරන්නේ මේ රටේ ජනතාවගෙන් අයකරන බදු මුදල් මේ සඳහා අති විශාල මුදලක් වැය කෙරෙනවා.
අස්‌ගිරි අනුනායක හිමියන් වහන්සේ කළ ප්‍රකාශයක් ගැන අද කතා කරනවා. උන්වහන්සේ මේ රටේ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේලා යමක් ප්‍රකාශ කරන්නේ දුරදිග බලලා රටේ අනාගතය ගැන හා වර්තමාන තත්ත්වය දෙස බලා. රට වර්තමානයේ පත්ව තිබෙන ඉරණම දෙස බලන විට මේ රට පාලනය කළ රජවරුන්ටත් අවවාද අනුශාසනා කළේ අති ගෞරවනීය මහා සංඝරත්නයයි. රටේ නායකයා ශුභවාදී නොවේ නම් මහා සංඝරත්නය දැඩි ලෙස අවවාද අනුශාසනා කළා. ඒ වගේ අද මේ රටේ සිදුවන සිදුවීම් දැකලා අනුශාසනාවක් කළා. දැන් මේ බය වෙලා තියෙන්නේ මොකටද? ගෝඨාභය භීතිකාවක්.
අගමැතිවරයා බොහොම ආඩම්බරයෙන් උජාරුවට කියනවා මත්තල ගුවන් තොටුපළත් ඉන්දියාවට විකුණනවා කියලා. මේවා කියන්නේ බේබදු තාත්තා කෙනෙක් ගෙදර බඩු විකුණලා සතුටු වෙනවා වගේ. රටේ අගමැතිවරයෙක් දෙන පණිවිඩය මොකද්ද රටේ සම්පත් විකුණගෙන කාපල්ලා කියලයි. තවත් කීයක් විකුණයිද? දන්නේ නෑ.
Blog
-

මැතිවරණ කල් දැමූ හැම ආණ්‌ඩුවකටම ජනතාව මතක හිටින පාඩම් ඉගැන්නුවා
-

ආණ්‌ඩුවේ නව බදු පනතින් ඊ.පී.එෆ්. පොලිය බහිනවා
ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කර තිබෙන නව ආදායම් බදු පතන මගින් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ හිමි පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන පොලියේ අඩුවීමක් සිදුවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (25) පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය මුදල් අධිපති කේ. ඩී. රණසිංහ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා වෙත 2018 මැයි 18 වන දින මේ බව දැනුම් දී ඇතැයි වසන්ත සමරසිංහ මහතා ඊයේ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ සමරසිංහ මහතා මෙසේද කීය.
පෞද්ගලික අංශයේ ලක්‍ෂ 26 ක ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට සක්‍රිය දායකත්වයක් දක්‌වනවා. මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ මුදල් මහා භාණ්‌ඩාගාර බිල්පත් සහ මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ලැබෙන පොලිය මත එහි ප්‍රතිලාභීන්ට සියයට දහයයි දශම පහ (10.5) බැගින් වූ පොලියක් ගෙවනවා.
නමුත් මේ නව බදු පනත ක්‍රියාත්මක වීම හරහා සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබන ප්‍රතිලාභීන්ට මේ වන විට ගෙවන සියයට 10.5 ක පොලිය සියයට නමය (09) දක්‌වා අඩුකිරීමට සිදුවන බව නියෝජ්‍ය මුදල් අධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකළ ලිපියෙන් සඳහන් කර තිබෙනවා.
ඒ නිසා අපි ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඇතුළු බලධාරීන්ගෙන් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට හිමි පොලිය මත බදු අය නොකරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් සියලුම පෞද්ගලික අංශයේ සේවකයන් දැනුවත් කර දීප ව්‍යාප්තව දැවැන්ත විරෝධතාවය දියත් කරනවා. ලබන ජූලි මස මුල් සතියේ පෞද්ගලික අංශයේ සේවකයන් දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදීම සහ දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාවට නංවනවා.
පුවත්පත්වල දැන්වීම් දමමින් සේවක අර්ථසාධක අරමුදලෙන් සේවකයන්ට ලබාදෙන පොලිය අඩුකිරීමක් සිදුනොකරන බවට පුනපුනා කීවත් එය අසත්‍යයක් බව නියෝජ්‍ය මුදල් අධිපතිවරයා ඉදිරිපත් කළ ලිපිය අනුව පෙනී යනවා. මෙම නව බදු පනත හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට අහිමි වන මුදල රුපියල් බිලියන 30 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.
-

නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුයි…
නගර සෝභනියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් සමග යහන්ගත වන සැකකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි සැකකාරියන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කිරීමත් සමග සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරීන් හා නීතිඥවරයා අතර විවෘත අධිකරණයේද උණුසුම් සංවාදයක් ඇතිවිය.
පොසොන් උත්සවය ආරම්භ වීමට පෙර අනුරාධපුර නගරය ආක්‍රමණය කරමින් ස්ථානගත වන නගර සෝබනියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස දූෂණ මර්දන නඩු මෙහෙයුම් අංශය අධිකරණයෙන් ඉල්ලා සිටීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් සංවාදය ඇතිවිය.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් දෙදෙනා ලබන මස (04) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ මහතා නියෝග කළ අතර ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමාජ රෝග සායනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරියට තවදුරටත් නියෝග කළේය.
සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ දූෂණ මර්දන අංශයේ පොලිස් කොස්තාපල් (47687) සරත් මහතා කියා සිටියේ සැකකාරියන් පොසොන් උත්සවය ඉලක්ක කර අනුරාධපුර නගරයේ ස්ථානාගත වී ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
සැකකාරියන් මැදවච්චියේ පදිංචිව සිටියත් අනුරාධපුර නගරයේ ගැවසෙමින් සිටි බවත් ඔවුන්ට ඇප ලබාදීම සිදුනොකර ඔවුන් දෙදෙනා සමාජ රෝග වාර්ථාවක් කැඳවීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමාජ රෝග සායනයට ඉදිරිපත් කරන ලෙසත් පොලිස් කොස්තාපල් සරත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකාරියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම අයකුට ඕනෑම තැනක යෑමට ඒමට අවස්ථාව තිබෙන බවයි. හැමදාම අයාලේ යන කාන්තාවන් කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් එක්ක යහන්ගත වන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. පොලීසිය ඒ අයවත් අධිකරණය ඉදිරිපත් කරන්න. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ගේන්න එපා.
අපි බොරුවට සැකකාරියන් අධිකරණයට ගේන්නෑ. මැදවච්චිය පැත්තට ගියා නම් මේ අයගේ තත්ත්වය දැන ගන්න පුළුවන්. උගත් නීතිඥතුමා කියන විදියට පිරිමි අධිකරණයට ගේන්න ගියොත් කී දෙනෙක් මතෛන්ට ගේන්නද? හැබැයි අවශ්‍ය වේලාවට අපි ඒ අයවත් ඉදිරිපත් කරන්නම් යනුවෙන් පොලිස් කොස්තාපල් සරත් අධිකරණයට දැන්වූයේය.
දෙපාර්ශ්වයේ කරුණු පිළිබඳව අවධානය යොමු කළ විනිසුරුවරයා සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.බි.අයි. ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් අංශයේ සැරයන් (48319) අජිත්, හේරත් හා පොලිස් කොස්තාපල් (47687) සරත් යන නිලධාරීන් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීහ. -

“කුඩු සෙල්විගේ සැමියාට “සිදු කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාලස් ඇන්තනි බලකායේ සිටි බුම්බා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක්
කොටහේන, ජම්පටාවිදිය ,137 වත්ත අසලදී “කුඩු සෙල්විගේ සැමියාට “සිදු කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාලස් ඇන්තනි බලකායේ සිටි බුම්බා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වෙරළබඩ පොලීසිය පවසයි.
කොටහේන, ජම්පටාවීදිය, 137 වත්ත අසල වෙළෙඳසලක් පවත්වාගෙන යමින් සිටි ගනේෂ් නමැත්තාට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පෙරේදා (24) රාත්‍රී 9.45 ට පමණ වෙඩි තබා පළා ගොස් තිබුණි. එහදී බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබිණි.ගෙල පෙදෙසට මෙම වෙඩි තැබිම සිදුව තිබූ අතර ඔහුට ශල්‍ය කර්මයක්ද කළ බව පොලීසියේ උසස් නිලධාරියෙකු පැවැසීය.
තුවාලකරුගේ ප්‍රකාශය අනුව මෙම වෙඩි තැබිම සිදු කර ඇත්තේ පාතාල සාමාජිකයෙකු වන ස්ටැන්ලි කෙනඩි හෙවත් බුම්බා විසිනි.බුම්බා යනු එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාල්ස් ඇන්තනි බලකායේ සේවය කළ අයෙකි.පසුව ඔහු දකුණේ පාතාලය හා සම්බන්ධව විවිධ අපරාධ සඳහා යොමුව තිබේ. මොහු විසින් ගනේෂ්ගේ බිරිඳ වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වූ සෙල්වි නමැති කාන්තාව 2015 වර්ෂයේ සැප්තැම්බර් මසදී ඝාතනය කර තිබුණි.පසුව 2016 වර්ෂයේ බුම්බා ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අතර බන්ධනාගාර ගතව සිට ඔහු නිදහස්ව පැමිණ ඇත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදී බව පොලීසිය පවසයි.එසේ නිදහස්ව පැමිණ වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ සැඟ වී සිට ඇත.පැරණි ආරවුල යළි මතුව ඔහු විසින් මෙම වෙඩි තැබිම සිදු කළ බව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිද්ධිය වූ ස්ථානයේ අවට තිබූ සී.සී.ටී.වී දර්ශනද උපයෝගී කරගෙන කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ අධීක්ෂණයෙන් වෙරළබඩ පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.
-

මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පූරුවේදී අත්අඩංගුවට
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වන රොහාන් වැලිවිට මහතා සිංගප්පූරුවේ ගුවන්තොටුපළේදී ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගොස් ඇති වැලිවිට මහතාගෙන් ගුවන් තොටුපල නිලධාරීන් විසින් මුල්‍ය විශුද්ධිකරණය හා විදේශ ගමන් බලපත‍්‍රය ගැන පැය තුනක පමණ කාලයක් ප‍්‍රශ්න කර මුදා හැර ඇතැයිද වාර්තා වෙයි.
-

ඉතිහාසයේ කුණුු බක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝඨාබභයලාගේ එතෙක් මෙතෙක් අතීත කතාව මෙන්න…..
ඉතිහාසයේ කුනුබක්කියට විසිවූ චෝරනාගලා සහ ගෝටාබයලා
මැදමුලන ගම ගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම පාඨමාලවට බදවා ගත්තේ නිලධාරීන් දොලොස් දෙනෙකු වැනි සීමිත පිරිසකි , ගෝටා වැනි ලොසෙකුට කිසිම අවස්ථාවක් එහි නොවිනි. ඉගෙනීම හෝ ක්‍රීඩාව යන දෙකෙන් එකක්වත් හරියට නොකල ගෝටාබය නිකන්ම කැපී ගියේය .
ගෝටාබයගේ උපන්දිනයදා පැවැත්වූ ‘හිට්ලර්’ උපමා අනුශාසනාව නොසිතූ විරූ අලකලංචියකින් කෙලවර විය . දේශපාලන කෝන වලින් බලන්නේ යයි සිංහළ ජනයා වෙත යම් චෝදනාවක් එල්ල කල හැකි නමුදු යලි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අපහසු බරපතල සිත් බිදීමක් සුලු ජනයා කෙරේ සිදුව ඇත . ගෝටාබය රාමාලාන් මාසය පුරා නෝම්බි අරිමින් අමාරුවෙන් හදා ගත් මල් පාත්තිය එක් රැයකින් සුනු විසුනු වී ඇත .‘හිට්ලර්’ කථාවට ප්‍රතිචාර දැක්වූ මහින්ද කියාසිටියේ, ගෝටාබය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බිය වූ පිරිස් මේ ආකාරයෙන් කටයුතු කරන බවය. නමුත් මහින්දගේ තර්කය ආපිට කැරකවෙන කථාවක් ගම්මන්පිල කීවේය. ඔහු චම්පික රණවක පොල්පොට්ට සමාන කලේය. ගම්මන්පිල වැනි ගෝටාගේ අගසව්වන් චම්පිකව මඩේ දමන්නේ ඉදිරි මැතිවරණයෙදී ඔහුගේ භූමිකාවට ඇති බිය නිසා මිස අන් යමකට නොවේ.
ලක් ඉතිහාසයේ පලවෙනි ගෝටාබය
ලියුම්කරුගේ මෙම වෑයම ඉතිහාසයේ කුනු බක්කියට විසිවූ හිට්ලර්ලා පොල්පොට්ලා ගැන ලිවීම නොවේ. ලක් ඉතිහාසයේ රජකමට කුරුමානම් ඇල්ලූ ගෝටාබයලා ගැන සටහනක් තැබීමය. ලක් ඉතිහාසයේ පලමු ගෝටාබය කරලියට එන්නේ (ක්‍රි. පූ. 290-250) කාලයේදීය. දේවානම්පියතිස්ස රජු තමාගේ මලණුවෙකු වූ මහානාග යුවරජ තනතුරට පත්කර ගෙන රට පාලනය කලේය. රජුගේ ඇවෑමෙන් ඔටුන්න තම පුත්‍රයාට නොදී මහානාග විසින් අත්පත් කර ගනීවි යයි සැක සිතූ රජුගේ බිසවක වූ අනුලා මහානාග මැරීමට සැලසුම් කලාය. අනුරපුරයේ ‘වලස්වැව‘ඉදිකිරීම් කටයුතු සිදුවන විටෙක විෂ යෙදූ අඹ පැසක් මහානාග වෙත එවී ය. නමුත් කූඩයේ උඩම තිබූ විෂ අඹ ගෙඩිය අනුභව කලේ අනුලා බිසවගේ පුත් කුමාරයාය . එම සිදුවීමෙන් පසු තමා ඝාතනය කිරීමට රජ වාසල තුල කුමන්ත්‍රණයක් ඇති බව තේරුම් ගත් මහානාග රුහුනට පලා ගියේය.
පලාගිය මහානාග රුහුනේ රජ විය . ඔහු ගොඩනැගූ රෝහණ උප රාජධානිය යථාලතිස්ස, අභය සහ ගෝටාබය වෙත පිලිවෙලින් මාරු විය. රුහුනේ එකල්හි තවත් උප රාජධානිනි කිහිපයක් විය. දසබෑ රජවරුන්ගේ ශ්‍රී විභූතිමත් කාජරගාම (කතරගම) උප රාජධානිය මේඅතර ප්‍රධාන විය. අම්පාර දිස්ත්රික්කයේ මොට්ටයාකල්ලු ශිලා ලිපියේ දසබෑ රජවරුන් අතර “නාවික උපරජ” කෙනකු පිලිබදව දක්වා ඇත. දකුනුලක කේන්ද්‍රකර ගනිමින් ස්ථාපනය කරතිබූ විශාලතම වෙළද නැව් සමූහය දස බෑ රජවරුන් සතු වූ බව එහි විස්තර කරයි. . (Incriptions of Ceylon Vol.i, senarath paranvithana 1970 Introduction. p.lvi. and p.37 no 487.) වස්තු තන්හාව සහ බලකාමය හේතුවෙන් ගෝටාබය විසින් දසබෑ රජවරුන් කෲර ලෙස ඝාතනය කල ආකාරය 14 වන සියව සට අයත් කකුසඳ හිමිගේ ධාතුවංශයේ සඳහන් කර ඇත. එම පාපී ක්‍රියාව හිලව් කරගනුවස්, අනතුරුව ගෝටාබය මල්වට්ටි අතින් ගෙන පන්සල් සරණ ගිය ආකාරය (ධාතුවංශය 49-50 පිටු) විස්තර කර සිටියි.
ලක් ඉතිහාසයේ දෙවැනි ගෝටාබය
දෙවන ගෝටාබය කරලියට එන්නේ ක්‍රි.ව ක්‍රි.ව.242 දී රජ පැමිණි විජයිදු රජුගේ කාලයේදීය . රුහුනේ වාසය කළ සංඝතිස්ස, සංඝබෝධි (සිරිසඟබෝ) , ගෝඨාභය යන ලම්බකර්ණ වංශිකයන් තිදෙනා රාජ සේවයට යම්න් සිටියදී අඩි ශබ්දය ඇසුණු තිසාවැව පාමුල සිටි අන්ධ අනාවැකි කියන්නෙක් ” “ලක් පොළවට ස්වාමී වූ මේ තිදෙනා ව පොළව දරා සිටින්නේ ය.” (මේ ගිය තිදෙනාම ලංකාවේ රජ වන්නේය) “කී බව මහා වංශයේ දැක්වෙයි. එය අසා බල කාමයෙන් මත් වූ ගෝටාබය අන්ධ අනාවැකි කියන්නා වෙත යලි හැරී ගොස් වැඩි විස්තර ඇසූ බව සදහන්ය. එහිදී, අවසානයේ රජ වන්නා වැඩි කාලයක් පාලනය ගෙන යන බව කියා තිබුනි. අනාවැකිය දැඩිව සිතට ගත් ගෝටාබය මුලින්ම විජයිදු ඝාතනය කරන අයුරුත් පසුව සංගතිස්ස සහ සංගබෝධි කුමාරවරුන්ට රජවීමට දී ඔවුන් ඝාතනය කරන අයුරුත් සැලසුම් කලේය.
අනුරපුර රජවාසලට සැපත් වූ ගෝටාබය විජ්යදු රජුගේ කපටි ආරක්ෂකයා බවට පත් විය. ගෝඨාභය වසරක් යාමටත් මත්තෙන් විජයිදු රජු මරා සංඝතිස්සට රජකම ලබා දුන්නේය. වසර 4 ක් රජ කළ සංඝතිස්ස ජම්බු වලට වස දමා මරණයට පත් කලේය. මීලගට රජකම සංඝබෝධි හෙවත් සිරිසඟබෝ කුමාරයාගේ ඇගේ ගැහුවේය. දැහැමි පාලනය නිසා රටවැසියන් ඔහුට මහත් සේ ඇළුම් කළ අතර ගෝඨාභය කුමන්ත්‍රනකාරීව සිරිසඟබෝ රජුට එරෙහිව ජනයා කුපිත කරමින් කැරලි ගැසීමට උල්පන්දම් දුන්නේය. කැරලි නිසා සිදුවන ලේ වැගිරීම් පිලිබදව කම්පාවුනු සිරිසඟබෝ රජකම අතහැර තපස් රැකීමට වනේ වන ගත වූයේය.
සිරිසඟබෝ රජකම අතහැරීම හේතුවෙන් ගෝටාබයට රජකම ලැබිනි. සිය සැලසුම පරිදිම අවසානයේ රජ වුවද ඔහු ඉන් සෑහීමකට පත් නොවිනි. සිරිසඟබෝගේ හිස රැගෙන එන්නෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමන බව දන්වා රට පුරා අණ බෙර කරුවන් යැව්වේය. වස්තුවට කෑදර පිරිස් සිරිසගබෝගේ මුහුනට සමාන වූවන් මරා දමමින් හිස් රැගෙන ආවෝය. මේ අතර මෙම ඛේදවාචකය මගියෙකු හරහා සිරිසඟබෝගේ කන වැටුනේය .තමා නිසා සිදුවන ලේ වැගිරීමෙන් කම්පා වූ සිරිසඟබෝ මගියාට හිස දන් දුන්නේය. ගෝටාබය පිලිබද හොදින් දන්නා සිරිසඟබෝ යම් හෙයකින් මේ හිස පිලිගැනීමට ඔහු අකමැති වුව හොත් හිස අහසට විසි කරන ලෙසත් එවිට හිස අහසේ රැදෙනු ඇති බවත් මගියාට කියා සිටියේය. විසි කල හිස අහසේ රැදුනා හෝ නොරැදුනා වන්නට පිලිවන, නමුත් මහාවංශ කතුවරයා මෙවැන්නක් ලියා තිබෙන්නේ ගෝටාබයගේ කපටි කෲර වෘතාන්තය වර නැගීමට බව නිසැකය.
ලක් ඉතිහාසයේ තෙවැනි ගෝටාබය
මැදමුලන ගම ගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම පාඨමාලවට බදවා ගත්තේ නිලධාරීන් දොලොස් දෙනෙකු වැනි සීමිත පිරිසකි , ගෝටා වැනි ලොසෙකුට කිසිම අවස්ථාවක් එහි නොවිනි. ඉගෙනීම හෝ ක්‍රීඩාව යන දෙකෙන් එකක්වත් හරියට නොකල ගෝටාබය නිකන්ම කැපී ගියේය . 1971 වසරේ ඇතිවූ ජ.වි.පෙ කැරැල්ල හේතුවෙන් හමුදාවේ පිරිස් බලය දෙගුනයකින් වැඩි කිරීමට රජය තීන්දු කලේය. ඒ අනුව 1972 වසරේ සිදුවූ 4 වැනි කැඩෙට් නිලධාරී පාඨමාලාවට නවකයන් 6o දෙනෙකු බදවා ගැනීමට තීන්දු වූයේය . එවක පැවති සිරිමාවෝගේ ආන්ඩුවේ නිලධාරීන්ට කන් කෙදිරිගා ගෝටාබය කෙසේ හෝ 4 වැනි කැඩෙට් පාඨමාලාවට රිංගා ගත්තේය.හමුදා පුහුනුව යාන්තමින් ගැටගහ ගත් ගෝටාබය රජරට රයිපල් බලකායට අනුයුක්ත වූයේය. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දාහක් දෙදාහක් සිටි කාලයේදී පවා උතුර දකුන මාරු වී සිටි ගෝටාබය 1992 වසරේදී මොලේ අමාරුවක් ඇතැයි කියා විශ්‍රාම ගත්තේය . ඒ සමගම ඇමෙරිකාවට ගිය ඔහු 2005 වසර වන තෙක් මෙහි පස් පෑගුවේ නැත.
2005 වසරේ මහින්ද ජනපති වීම නිසා ගෝටාබයට ආරක්ෂක ලේඛම් තනතුර ලැබිනි. ගෝටාබය හමුදාවට අවි ආයුධ සපයන අතර තුර මිලියන ගනනින් ගාන කැපුවේ කැබිනට් මන්ඩලයද ගොනාට අන්දවමිනි. තමාගේ හොර මැරකම් පිලිබද කතා කරන උන් අප්‍රමාදව නිවන් යැව්වේය. මාධ්‍යවේදින් සිවිල් ක්‍රියාධරයන් ඇතුලු බර ගනනකට නිවන් සැප ලැබුනි. ආයතන සංග්‍රහයේ අකුරක්වත් නොදන්නා ගෝටාබය රටේ හොදම අමත්‍යශ 7ක් පවරාගෙන සිවිල් සේවයටද අත ගැසුවේය. සිවිල් සේවයේ තරම කොතෙක්දයත් විමලේ සහ ඇඹේනියට කල ගමන් බලපත්‍ර නිකුතුව හොද උදාහරණයකි .ගෝටාබය යටතේ වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට ගමන් බලපත්‍ර දෙක බැගින් දුන්නේ බස් ටිකට් කඩනවා මෙනි. යුද හමුදා මූලස්ථානය චීන හෝටලයකට සින්නක්කරව විකුන්නේය. චීනාගෙන් ලද මුදල නව හමුදා සංකීර්ණය සෑදීමට තියා කුලී ගෙවීමටත් මදි වී ඇත.හමුදාවට අද ගෙදරත් නැත, සල්ලිත් නැත, ඉඩමත් නැත. කෙසේ වුවද හමුදා සංකීරණය කුඩු කර චීනා සැදූ හෝටලෙයේ රැස්වීමක් තියා ඊලග ජනපතිවරණයට ඉදිරිපත් වීමට කැමති බව ගෝටාබය කීවේය.
චෝරනාගගේ අඩි පාරේ යන ගෝටාබය
තමන්ට මොන තනතුරු තාන්න මාන්න හිමි වුවද සසර පුරුද්දට හොරකම් කළ, මිනී මැරූ , මං පැහැරූ දාමරිකයන්ගේ කතා අතීත රාජාවලියේද හමු වෙයි. මහාවංශයට අනුව ක්‍රි. පූර්ව 77 සිට 63 දක්වා වසර 14ක් ලංකාවේ කිරුල දැරුවේ චෝරනාග නම් රජෙකි . වලගම්බා රජුගේ පුත්‍රයෙකු වන මොහුගේ සැබෑ නම චෝරනාග නොව මහානාගය. මොහු හොරුන්ගෙත් හොරෙකි .කුමාර කාලයේ සිටම මහානාග මං පහරන අග්‍රගණ්‍ය සොරෙකු වූයේය. ඔහුගේ නම ඇසූ පමණකින්ම රටවැසියන් බියපත්ව හිස් ලූලූ අත දිව ගියේය . මහානාග රජ වුවද ඔහුගේ කලකිරියාව වෙනස් නොවින. රජ වූ පසුත් ඔහු හැසුරුනේ මහා චෞරයෙකු ලෙසය. රටවැසියන් මහානාග නමින් මුලින් ආමන්ත්‍රණය කළද පසුව ඔහුට ‘චෝරනාග’ නම පට බැදීය. මහාවංශයේ ඔහුගේ නම ලියවුනේද චෝරනාග ලෙසිනි. ගෝටාබයටද කොතරම් තනතුරු තාන්න මාන්න හිමි වුවද ඔහු හැසිරෙන්නේ දාමරිකයෙකු ලෙසිනි. චෝර නාග මෙන්ම ගෝටාබයගේ නමද ඉතිහාසයට එක්වනු ඇත්තේ රටවැසියන් පටබදින විශේෂණ පද සහිතවය.
ලියුම්කරු කීර්ති රත්නායක
-

කොල්ලෝ ආසාවෙන් යන “ස්පා” ලෝකෙයේ ඇතුලාන්තය ගැන අක්කා කෙනෙක් කියන අමුතු කතාව මෙන්න…
ආයුර්වේද වෙදකමේදි සම්භාහනය ඉතා වැදගත් ක්‍රමවේදයක් බව මේ වනවිට ලෝකයේ වෛද්‍ය විද්‍යාව ප්‍රබලම රටවල් පිළිගෙන තිබේ.ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩි වශයෙන් පවතින නගර ආශ්‍රිතව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු දකින්නට ලැබෙයි.තෙල් වෙදකම පත්තු ආදිය ඇතුළත්ව තිබෙන මෙම ස්ථානවලට වාර්ෂිකව පැමිණෙන විදේශීය සංචාරකයින් පිළිබඳව අප අසා ඇත්තෙමු.ඒත් අපට දැන් කියන්නට වන්නේ ඊට එහා ගිය සම්පූර්ණ වෙනස් කතාවකි. මෙම ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානවලට ද තර්ජනයක් වී ඇති හතු පිපෙන්නාවාගේ කොළඹ නගරය සහ ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව ඉතා වේගයෙන් ව්‍යාප්ත වන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳවයි.ඒවායින් බොහොමයක කිසිදු ආයුර්වේද වෙදකමකට සම්බන්ධ සම්භාහන ක්‍රියාවලින් සිදු නොවන අතර ගණිකා වෘත්තිය සහ වෙනත් කාම ආශාවන් සංසිඳවන මධ්‍යස්ථාන බවට පත්ව තිබේ. කොළඹ සහ තදාසන්න නගර ආසන්නව දිනෙන් දින දැඩි ලෙස මෙය වර්ධනය වන අතර ඒ පිළිබඳව සොයා බැලූ අපට එයින් මතුකරගත් කරුණු රැසක් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති මෙම සම්භාහන මධ්‍යස්ථානයකින් කිසිදු ගැටලුවක් නොමැතිව දිනකට ලොකු ලාභයක් ලබා ගැනීමට හැකිව තිබේ.තලවතුගොඩ, නුගේගොඩ, පිළියන්දල, කඩවත, මහරගම, හෝමාගම, අතුරුගිරිය ඇතුළු තවත් ප්‍රදේශ ආශ්‍රිතව බහුල වශයෙන් මෙම මධ්‍යස්ථාන විවෘතවෙමින් තිබේ. මෙම ව්‍යාපාරය හුදෙක් ලිංගික ආස්වාදය සඳහා පමණක්ම වෙන්වූවක් බව අප ලද තොරතුරුවලින් අනාවරණය විය.මෙම ස්ථානවලට ඉංග්‍රීසි භාෂාවෙන් ‘ස්පා’ සහ චීන නාමය සඳහන් කරමින් සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.වයස අවුරුදු 16-80 පමණ දක්වා කාණ්ඩවල පුද්ගලයින් මෙම ස්ථානවලට පැමිණෙන අතර ලිංගික අවශ්‍යතාවන් මත මෙහි ගනුදෙනු වෙනස්වේ.මෙම මධ්‍යස්ථානවලට ප්‍රථම වතාවට හෝ දෙවන වතාවට ඇතුළුවන පුද්ගලයින්ට තරුණියන් ලැබෙන්නේ ගණිකාවන් හැටියට නොවෙයි. එම තරුණියන්ගේ ඇඟපත අතගෑම සහ තරුණියන් ලවා වෙනත් විවිධාකාර වින්දනයන් කර ගැනීමේ අවස්ථාව පමණක් ලබා ගනී. එහිදී ඇතැම් පුද්ගලයින් එම තරුණියන්ගේ ඇඳුම් ඉල්ලාගෙන යෑම හා ඒවා ස්පර්ශ කිරීම, පුරුද්දක් වී තිබේ.මේ අවස්ථාව ලබා ගැනීම සඳහා පැයකට රුපියල් 1500-2500 දක්වා ගෙවීමක් සිදුකළ යුතුය. කාමරයට කාන්තාව සමග ඇතුළුවන හිමිකරු පවසන්නේ පැයක කාලයක් බොඩි මසාජ් (සම්භාහනය) කර ගතහැකි බවයි.එහෙත් කාමරය තුළට යාමෙන් පසුව තරුණිය හෝ කාන්තාව ප්‍රකාශ කර සිටින්නේ ‘සර්’ වොෂ් එකක්දාගෙන මේ තුවාය ඇඳගෙන එන ලෙසය.පසුව තරුණිය ඇඟපත ස්පර්ශ කිරීම ආරම්භ කරන අතර ශරීරය සිප ගැනීමද ආරම්භ කරයි. ඒ අතර තරුණයාගේ හෝ පැමිණි පුද්ගලයාගේ හැඟීම් උද්දීපනය වීමෙන් පසු ඇය කියා සිටින්නේ, ‘සර්’ වෙන මොනවහරි ඕනනම් ‘ටිප්’ එකක් දෙන ලෙසයි. ‘ටිප්’ එක බොහෝ විට රුපියල් 500 සිට 5000 හෝ වෙනත් මුදලක් දක්වා වැඩිවේ.මෙම ස්ථානයට දිගින් දිගටම අවස්ථා කිහිපයකදී එන පුද්ගලයකුට එහි සිටින තරුණියක් ගණිකාවක් ලෙස ලබා ගත හැකිය. එහිදී මුදල රුපියල් 5000 සිට 10000 දක්වා හෝ ඊට ඉහළ මුදලක් දක්වා වැඩි වෙයි.මෙම ආයතන මෙලෙස පවත්වාගෙන ගියද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියමිත නීතිරීති අනුව සම්භාහන මධ්‍යස්ථානයක් ඇරඹීමට සහතිකයක් ලත් ආයුර්වේදවරයකු සිටිය යුතු අතර ඒ සඳහා ප්‍රමිතියෙන් යුතු උපකරණ තිබිය යුතුය. එහෙත් මෙම ස්ථානවල එවැනි කිසිවක් දැකගත නොහැකිය. එහි ඇත්තේ ඇතුළුවෙන ස්ථානයේ මොනයම් හෝ ආගමික ප්‍රතිමාවක් තබා මල් පූජාකර නොයෙක් තෙල්වර්ග සහිත බෝතල් රඳවා කුරුඳු තෙල් සුවඳ හමන ලෙස සකස් කර ඇති පහන් කිහිපයකි.මෙහි පැමිණෙන තවත් පිරිසක් පිළිබඳව පුදුම සහගත කරුණු රාශියක් අප හට සොයා ගැනීමට හැකිවූයේ මෙම ස්ථාන කිහිපයකටම ගොස් තරුණියන් සමග කතාබස් කිරීමෙන් පසුවය.මට අවුරුදු 22යි. මම කුරුණෑගල පදිංචිකාරියක් දැන් අවුරුදු එකහමාරක් තිස්සේ මේ රැකියාව කරනවා. මට නොයෙක් කරදර හිරිහැර සිදුවෙනවා. මා ඒවා ගණන් ගන්නේ නැහැ.කිසි ගැටලුවක් නැතිව මාසයකට රුපියල් අසූදහසයි ලක්ෂයයි අතර මුදලක් හොයාගන්නවා. සෙව්වන්දි නමැති තරුණිය අප සමග කීවාය.මෙතනට බෝඩින් ගාස්තු නැහැ. අප ඉන්නේ මේක ඇතුළෙමයි. වියදම් අඩුයි. හැබැයි දවස් හයේම වැඩමා ළඟට ගොඩක් වයසක අය එනවා. ඔවුන් ඇත්තටම කරදර කරන්නේ නැහැ. සමහර අය වැඩි දෙනෙක්ම සල්ලි දීලා මාව බදාගෙන ඉන්නවා. ඊට පස්සේ මට ආදරෙයි කියලා යන්න යනවා. සමහර අය ආපසු එන්නේ නැහැ.ඒත් මාසයකට වරක් මාව බලන්න එන පුද්ගලයන් ඉන්නවා. ඒ අය මට යනකොට රුපියල් 2000-3000 දීලා යනවාමයි සෙව්වන්දි අප සමග කීවාය. ඇය තවදුරටත් ඇගේ අත්දැකීම් කිහිපයක්ම සඳහන් කළාය.තව සමහර අය මට උඩ ඇඳුම් ගලවන්න කියලා මුළු පැයම මගේ දිහා බලාගෙන ඉඳලා යන්න යනවා.තවත් සමහරු මාව බදාගෙන ගෙදර නෝනාගේ ප්‍රශ්න ළමයින්ගේ දුක්ගැනවිලි කියලා අඬනවා. ඔයා හොයාගෙන ආවේ මගේ දුක කියන්න කියලත් ඇතැමුන් කියනවා.ඇතැම් අවස්ථාවල තරුණ පිරිස් ඇවිල්ලා මට එයාලගේ ශරීරය ස්පර්ශ කරන්න කියලා වෙන කාන්තාවන්ට දුරකථන ඇමතුමක් අරන් කතා කරනවා. ඔයවගේ එකකට එකක් විරුද්ධ නොයෙක් අත්දැකීම් තියනවා.සමහර අය හොඳටම බිලා එනවා. අපිට නොයෙක් කරදර කරනවා. එතකොට අපි එළියට දුවනවා. අපේ ආරක්ෂක අංශ විසින් ඒ අයව එළියට ඇදලා දානවාමෙවැනි සිද්ධීන් රාශියක් අප සතුව ඇතත් සමහර සිද්ධීන් පුවත්පතක පළකිරීමට පවා නීරසය. මෙම ස්ථානවලට පැමිණෙන තවත්් පුද්ගලයින් එහි සිටින සුරූපී තරුණියන්ගේ යට ඇඳුම් මිලට ගෙන රැගෙන යන බවද එක්තරුණියක් අප සමග කීවාය.බොහෝ මානසික ආතතින්ගෙන් පෙළෙන පිරිස් මෙම ස්ථානවලට පැමිණ තමන්ගේ මානසික ආතතිය අඩු කරගැනීමට හෝ මානසික සහනයක් ලබාගැනීමට කටයුතු කරන ආකාරයක් පෙනීයන්නේය.එලෙසම බත්තරමුල්ල, කඩුවෙල ආශ්‍රිතව තිබෙන ‘ස්පා’ වෙත ප්‍රබල දේශපාලනඥයින්, ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් පැමිණෙන බව කියවේ. ඉන්බොහෝ දෙනකු සම්භාහන කර ගැනීමට පමණක් පැමිණෙන බව අපට අනාවරණය කර ගැනීමට හැකිවිය.මෙම මධ්‍යස්ථානවලට ගණිකා වෘත්තිය සඳහා නොවන තරුණියන්ද මව්වරුන්ද සේවයට පැමිණෙන බව අපට තහවුරු විය.විශේෂයෙන්ම එක් දරු මව්වරු, තරුණ මව්වරු මෙම ස්ථානවල සේවයට පැමිණෙන අතර ඔවුන්ගේ දූ දරුවන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන කටයුතු හදාරන බවද පැවසේ.එම මව්වරු මේ තත්ත්වයට පත්ව ඇත්තේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන් හැර යාම සහ දික්කසාද වීම බව එවැනි තරුණ මව්වරු කිහිපදෙනෙකු සමග කතා බහ කිරීමෙන් පසු අපට සොයා ගැනීමට හැකිවිය.මෙම සම්භාහන ආයතන උදෑසන 9 සිට රාත්‍රී 12 දක්වා විවෘතව තබන අතර තවත් ප්‍රමාණයක් පැය විසිහතරේම විවෘතව තබන ඒවා ද ඇත.ජාතික පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් පළකිරීමෙන් සහ ජංගම දුරකථන මගින් මුහුණු පොත මගින් මේ සඳහා තරුණියන් බඳවා ගැනේ.මෙම රැකියාව සඳහා අත්දැකීම් ඇති තරුණියන් පැමිණෙන විට තවත් තරුණියක් රවටා ගෙන පැමිණීමට පුරුදුව සිටිති. එහිදී අත්දැකීම් ඇති තරුණියන්ට සම්භාහන හිමිකරු විසින් විශේෂ තෑගි මුදලක් ලබා දෙනු ලබයි. මේ ආකාරයෙන්ම මේ ස්ථානවලට පැමිනෙන නව තරුණියන් සිය නිවෙස් වෙත දෙමව්පියන්, ඥාතීන් වෙත වෙනත් රැකියාවල නිරතවන බව පැවසීමට වගබලා ගනී.මෙහි භයානක තත්ත්වයන් රැසක් පිළිබඳව අපට හැඟී යයි විශේෂයෙන්ම තරුණ කාන්තාවන් සම්භාහන රක්ෂාව ආරම්භ කර සල්ලි රසය දැනීමත් සමග ගණිකා වෘත්තියට පිවිසීමයි. එයින් පසුව ඔවුන් මත්ද්‍රව්‍ය, මත් පෙතිවලට පුරුදු වෙති. තවත් සමහරුන්ට සමාජ රෝගවලට මුහුණදීමට සිදුවෙයි. එහිදී මුළු ජීවිතයම විනාශ වන බව පෙන්වා දිය හැකියි.මෙහිදී අපට පෙනීගිය කරුණක් වන්නේ යම් යම් මානසික ආතතින්ගෙන් පෙලෙන පුද්ගලයින් වැඩිවීම සමාජයේ දකින්නට ලැබෙන අතර අදාළ ආයතන මේ පිළිබඳව සොයා බලා ඒවාට ප්‍රතිකර්ම සෙවිය යුතු බවයි. එසේ නොවන්නේ නම් සමාජගත මෙම ගැටලු වැඩි වශයෙන් වර්ධනය වී සමාජයට මහත් පිළිලයක් වන බවයි.විශේෂයෙන්ම බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි විදේශ කාන්තාවන් (තායි, පිලිපීන්) යොදා ගනිමින් පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක් වැටලූ අවස්ථාවේ පොලිසියට සොයා ගැනීමට හැකිවූයේ එහි ගණිකා වෘත්තිය සිදු කෙරෙන බවයි.තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේදී අනාවරණය වූයේ එම තරුණියන්ට (ඩ්) ඒඩ්ස් රෝගය වැලඳී තිබූ බවත් ඔවුන් සමග සංවාසයේ යෙදුණු කිහිප දෙනකුටම මෙම රෝග පැතිරී යන්නට ඇති බවයි.මේ කාරණා පිළිබඳව අප විශේෂයෙන්ම සොයා බැලිය යුතු අතර වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙවැනි සිද්ධීන් එකක් අනාවරණය වන නමුත් සිද්ධීන් කොතරම් සැඟවී යනු ඇත්දැයි අපි නොදනිමු. එලෙස සිද්ධීන් සැඟවී යාමේදී සැඟවෙන්නේ ඉතාමත් සමාජ ගත ප්‍රශ්නයකි. ගැටලුවකි. එයට විසඳුම් සෙවීමද පහසු කාරණයක් නොවනු ඇත.උපුටාගැනීම – භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් -

කැලි කසලින් වැනසී යන පැරකුම් සමුදුර සුරකින්න පුලතිසිපුර ජනතා නායකයාගෙන් කඩිනම් පියවර රැසක්….
ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දිදුලන ආභරණය පරාක‍්‍රම සමුද්‍රයයි.
වෙහෙසකර ගමනාගමනයක් අතරතුර ජනතාව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසලට පැමිණෙන්නේ රටාවට දියරැළි නංවන එම මනරම් දසුන නැරඹීමට මෙන්ම එම දියරැළි සමග හමා එන සිසිල් මඳනලෙන් ගතේ මෙන්ම සිතේ විඩාව ද නිවා ගන්නටය.
එහෙත් පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසල කළක සිට පවතින කැළි කසළ ගැටලුව එහි සුන්දරත්වය වනසා දමමින් තිබේ.
අවිධිමත් ලෙස මෙම ස්ථානයට කසළ බැහැර කිරීම හේතුවෙන් කැළි කසළ ගොඩගැසී ඇති අන්දම දක්නට ලැබේ.
ඊයේ පොළොන්නරුවේ පැවති උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට එහි ගිය ජනාධිපතිතුමා අද (25) උදෑසන සිය ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර පරාක‍්‍රම සමුද්‍රය අසල මෙම කනගාටුදායක තත්ත්වය සියැසින් දැක බලා ගත්තේ ය.
අනතුරුව වහාම එම ස්ථානයට අදාළ සියලු නිලධාරින් කැඳවූ ජනාධිපතිතුමා නිලධාරින්ට දැඩි ලෙස උපදෙස් දුන්නේ මෙම කැළිකසළ ගැටලුව විසඳිම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.
එම ස්ථානය තුළ සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට නියෝග කළේය.
එම කටයුතු පිළිබඳ නිරන්තර පසුවිපරමක් සිදුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඓතිහාසික උරුමයක් වූ පරාක‍්‍රම සමුද්‍රයේ වටිනාකම ආරක්ෂා කර ගැනීම මෙන්ම ජනතාවට නිදහසේ සහ සුවදායක පරිසරයක් තුළ එහි අසිරිය විඳ ගැනීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් නිලධාරින්ට පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම පොසොන් උදාව නිමිත්තෙන්, දිවයිනේ නන් දෙසින් ඓතිහාසික පොළොන්නරුව පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ නෙත් සිත් පහන්වන අයුරින් එහි පරිසරය පවත්වාගෙන යාම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින් දැනුවත් කළේය.
-

තෙවෙනි තරගයේ අපේ සිංහයන්ට ජයග්‍රාහි ඉලක්කය ලකුණු 144ක්….. මැච් එක සජීවීව බලන්න ලින්කුව මෙන්න….
තෙවෙනි තරගයේ අපේ සිංහයන්ට ජයග්‍රාහි ඉලක්කය ලකුණු 144ක්….. මැච් එක සජීවීව බලන්න ලින්කුව මෙන්න….
https://www.youtube.com/watch?v=JJXh_O18cMU
-

ශාන්තිට පසුව Fill – T කෞශි පෙරේරා සහ ඉරූශායි එක්ක කරලියට එන මල්ලී ගීතයේ ලීක්වු විඩියෝව මෙන්න..
Fill – T කියන්නෙ තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය රැප් ගායකයෙක්.
පහු ගිය කාලයේ ඔහුගේ “ශාන්තී” ගීතය ගොඩක් ආන්දෝලනයට ලක් වූ ගීතයක්. ඒ එහි Music Videoවේ ලිංගික දර්ශන නිසාවෙන්.
ඉදිරියේදී නිකුත් වීමට නියමිත Fill – T ගේ අලුත්ම ගීතයත් “ශාන්තී”ට නොදෙවෙනි ලෙස ලිංගික දර්ශන ඇතුළත් ආන්දෝලනයට තුඩු දෙන Videoවක් බව අපිට දැනගන්න ලැබුණා.
මෙම ගීතයේ නම “මල්ලී” වන අතර මේ Videoවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Fill – T සමග කෞශි පෙරේරා සහ ඉරූශායි. කෞශි හා ඉරූශා පහු ගිය දිනවල ඉතාමත් කතා බහට ලක් වුණු චරිත දෙකක්. ඉතින් අපි බලමු Fill – T ගේ අලුත් ගීතය රිලීස් උණාම එයට ලැබෙන ප්‍රතිචාර.ගොසිප් මචන් අපි Fill – T ට සුබ පතනවා ඔහුගේ කලා ජීවිතේ සාර්ථක වෙන්න.
https://www.youtube.com/watch?v=CfEnSRgaxoE
-

පොලිස් විරුවෙක් දිවිපිදු මාතර පාතාල ගේම් එකට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවිය ආපු හැටි මෙන්න…
මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා මිනිඋෟෂි වර්ගයේ ස්වයංක්‍රිය ගිනිඅවියක් බවට මූලික පොලිස් පරීක්‍ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
ඉහළ පෙළේ ප්‍රභූන්ට ආරක්‍ෂාව සලසන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් සීමිත සංඛ්‍යාවකට සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන් මෙම විශේෂිත ගිනි අවිය භාවිත කරන බවද ආරක්‍ෂක අංශ ඉහළ පෙළේ නිලධාරියෙක් ‘මව්බිම’ කළ විමසීමකදී පැවැසීය.
මෙරට ආරක්‍ෂක අංශය සඳහා ඉතා සීමිත සංඛ්‍යාවක් නිකුත් කර ඇති මෙම විශේෂිත ගිනි අවිය පාතාල කල්ලි අතට පත්වූයේ කෙසේද යන්න සෙවීමට විශේෂ පොලිස් පරීක්‍ෂණයක්ද මේ වන විට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ අධීක්‍ෂණය සහ උපදෙස් මත මේ වන විට ආරම්භ කොට තිබේ.
ස්වර්ණාභරණ අලෙවිසල තුළ මෙම ගිනි අවිය භාවිත කර ඇත්තේ පොලිස් වෙඩි පහරින් මියගිය චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර විසින් බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.
දැනට අත්අඩංගුවේ පසුවන කොස්ගොඩ තාරකගේ නායකත්වය මත කොල්ලය සැලසුම් කර ඇති අතර එය ව්‍යර්ථ කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේද මිනිඋෟෂි වර්ගයේ මෙම ස්වංක්‍රිය ගිනි අවිය බවද පොලිසිය පවසයි.
මිනිඋෟෂි වර්ගයේ ස්වංක්‍රිය ගිනි අවිය සමඟ මිලීමීටර් 9 වර්ගයේ සජීව පතරොම් 18ක් සහිත මැගසින් එකක්ද පොලිස් භාරයට ගැනුණි.
මෙම ගිනි අවිය ශ්‍රී ලංකා පොලිසියේ ගිනිඅවි පිළිබඳ විශේෂඥවරුන් විසින් පෙරේදා (23දා) පරීක්‍ෂා කර ඇති අතර එහි වාර්තාව මේ සතිය තුළ ලැබීමට නියමිතව ඇතැයිද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේය.
විදෙස් රටක නිෂ්පාදනය කොට ඇති මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරියේදී අධිකරණ නියෝග මත රජයේ රස පරීක්‍ෂක වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගන්නා බවද එම නිලධාරියා පැවසීය.
ඊයේ (24දා) පස්වරුව වන විටත් කොල්ලයට පැමිණි පාතාල සාමාජිකයන්ට මෙම ගිනි අවිය කෙසේ ලැබුණේද යන්න සොයා ගැනීමට නොහැකිවූ බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.
මෙවැනි ගිනි අවි ඊශ්‍රායලය නිෂ්පාදනය කරන අතර යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන්ද මෙවැනි ගිනි අවි භාවිත කර ඇතැයි වාර්තාවේ.
එසේම මෙවැනි නවීන ගිනි අවි පාතාල කල්ලි අතට පත්වීම මෙරට ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් බවද ආරක්‍ෂක අංශ පවසයි.
මේ අතර අපරාධකරුවන් සම්බන්ධයෙන් ද නීතිය හා සාධාරණත්වය ඉෂ්ට විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
පසුගියදා මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකදි පොලිස් නිලධාරියෙකු මියගිය අතර කොල්ලකරුවන් පොලිස් අත්අඩංගුවට පත් විය.
එලෙස අත්අඩංගුවට පත් වූ එක් අදාළ කොල්ල කණ්ඩායමේ ප්‍රධානියා පෙරේදා රාත්‍රියේ පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දැරීමේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්ර්හාරයකින් මියගියේය.
-

රට හදන ග්‍රාම ශක්තියට දේශපාලන භේදයක් නෑ… ජනපති මෛත්‍රිගෙන් පුලතිසිපුරයේදී ප්‍රකාශයක්…
ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තෝරාගත්තේ කිසිඳු දේශපාලන භේදයකින් තොරව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
අද (24) පොළොන්නරුවේදී පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තොරාගත්තේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබාගත් වාර්තා අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඳිළිඳුකම වැඩිම ග්‍රාම සේවාවසම් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
-

ගෝඨාභය නැවතත් FCID ට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ඇත.ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00 පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අතර ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහු එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බව සඳහන් වේ. -

2020 ජනාධිපතිවරනයට ශ්‍රීලනිපයෙන් නියත ජයක් ලබන වර්තමාන ජනපති මෛත්‍රි තරගබිමට….!
2020 අවුරුද්දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපේ ජනාධිපති අපේක්ෂකයා වර්තමාන ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා 2025 වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ රට පාලනය සිදු කරගෙන යන්න පක්ෂ මෙ වන විට කටයුතු සිදු කර අවසන් යැයි අධිකරණ, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.
අමාත්‍යවරයා ඊයේ (24) පස්වරුවේ අරණායක හබලක්කාව ප‍්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා…
අපේ ජනපති මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අද බොහෝ දෙනෙක් චෝදනා කරනවා විවේචන කරනවා නමුත් අපි කියන්න කැමැතියි එතුමා ලබා දි තිබෙන නිදහස දිහා ටිකක් හැරිලා බලන්න කියලා. ඒ කාලයේ කාව හරි විවේචනය කරා නම් යන්න වෙන්නේ කොයිබටද කියලා ඔබතුමාලාගේ හෘද සාක්සියෙන් අහලා බලන්න. අද රටේ ජනාධිපතිවරයා වුනත් ඔනෑම කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. මතවාද දක්වන්න පවා පුළුවන්. එහෙම නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුල සකස් කරලා තිබෙනවා.
අප මැතිවරණයකට ගිහින් අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය පළාත් පාලන මැතිවරණයෙන් අහවර කිරිමට නොවෙයි මිනිස්සු ජන්දය ලබා දුන්නේ නොයෙකුත් වතාවරණයන් රට තුල පවතින විටදි ලක්ෂ 17 ආසන්න ප‍්‍රමාණයක් අපේ රටේ බුලත් කොළයට ජන්දය ලබා දුන්නා. ඒ මිනිසුන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් බණ්ඩාරණායක මහත්මා හදපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳ, වෙද, ගුරු, ගොවි , කම්කරු බලවේගය ආරක්ෂා කරගනිමින් අපි වෙනුවෙන් මෙපමණ තීන්දු තීරණ ගත්තු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය අපිට කොයි මොහොතකවත් විනාශ කර දමන්න හැකියාවක් නැහැ. මෙ වන විට අපේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු පවා ආරම්භ කරලා තිබෙනවා.
මෙ වන විට දේශපාන වශයෙන් නොයෙකුත් කැලබිම් තිබෙන්න පුළුවන් පසුගිය මැතිවරණයේ ජන්ද ඉල්ලූ අපේ අපෙක්ෂකයින්ට ජාති දෝහින් සහ දේශදෝහින් ලෙස පවා හන්වඩු ගැසුවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මතවාදය ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය අරන් ගියපු අපි එදා මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරන්නට උර දුන්න අපි මාස කිහිපයක් ඇතුලතදි දේශදෝහින්, ජාතිදෝහින් හැටියට හන්වඩු ගැසුවා අපේ දිස්ත‍්‍රික්කය ඇතුලේ සමහර පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරුන්.
හැබැයි ඒ පිරිසට අමතක වේලා තියෙනවා එදා අපි දිවි හිමියෙන් මහින්ද රාජපක්ෂ මහත්මා ජයග‍්‍රහණය කරවන්න අපි සහයෝගය ලබා දුන්නා. එතනින් පැරදුනාට පස්සේ එතුමා අගමැති කරන්නත් අපි සහයෝගය ලබා දුන්නා.
එහෙමනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ තනි නායකයකුගේ පක්ෂයක් නොවෙයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැබැවින්ම පොඩි මිනිහා නිරූපනය කරන පක්ෂයක් විය යුතුයි. සම්පුර්ණයෙන්ම බණ්ඩාරනායක මහත්මාගේ ප‍්‍රතිපත්ති තීරණ වල ජිවත් වෙන පක්ෂයක් විය යුතුයි. ඒ නිසා මම කණගාටු වෙනවා පසුගිය මැතිවරණයෙදි අපිට සමහර වේලාවට බොහෝම අන්තවාදි විදිහට සමහර වේලාවට බෞද්ධාගම පවා මූලික කරගෙන මඩ ගැසිල්ලක සමහර අපෙක්ෂකයන් නිරත වුනා ඒ නිසා අපි ඒ ගැන කණගාටු වෙනවා.
සමහර අය කිවා බෞද්ධාගම අපේ රටින් නැති වේලා යනවා ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. සමහර අය කිවා තුපාරාමය අපි විකුණන්න ඉන්නේ කියලා. රුවන්වැලිසෑය විකුණන්න ඉන්නේ කියලා. ඒ නිසා සමහර ගමේ අපේ ජනතාව මෙවාට රැුවටුනා. මම සතුටු වෙනවා ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් අපේ වැඩ පිළිවෙල ඉදිරියට යනවා. බොහෝම පහසුවෙන් දිනන්න තිබුණු රැුලි තිබුණා. ඒ රැුළි උඩ නගින්නේ නැතිව සැබෑ ශ‍්‍රි ලාකීකයන් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න තමුන්වහන්සේලා එකතු විම සම්බන්ධයෙන් මාගේ ගෞරවය ප‍්‍රණාමය පුද කර සිටිනවා.පසුගිය කාලයේ අපි ජාතික ආණුඩවක් සමගින් ඉදිරියට යද්දි ගැටලූ ප‍්‍රශ්න තිබුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂ දෙකක් එකතු වුනාම ප‍්‍රශ්න නැතිව මෙක ඉස්සරහාට යයිද ? යන්නේ නැහැ. එජාපයේ සමහර ක‍්‍රියාකාරකම් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අපිට ගැලපෙන්නේ නැහැ. ඒ පිළිබඳව විවිධ මතවාද ගැටලූ තිබෙනවා. ජාතික ආණ්ඩුව හදලා අවුරුදු 3 තමයි මෙ ගත වෙන්නේ එහෙම වේලාවක ප‍්‍රශ්න නැතිව මෙ ගම ඉස්සරහාට යන්න ඉන්නවා නම් එක විහිළුවන් ඒ නිසා ඒ නිසා මෙ මතවාද එක තැනකට ගන්නට රට තුල ඉන්න සියලූ පක්ෂ එක තැනකට එම වරදක්ද ?
දැන් අපි කියනවා සමගිය බලය වේ කියලා. පක්ෂ දේශපාලනය නිසා රටේ වෙච්ච සමහර දේවල් එක්ක බලද්දි දේශපාන පක්ෂ එකතු වේලා ගමේ ඉන්න ජනතාවත් එකාවන්ව මෙ දේශපාලන ගමන යනවා දකින්න සමහර අය අකමැතියි එයඅපේ රටේ ආවසානක්.
අපි පෙබරවාරි 10 වැනිදා ජන්දයකට ගියා අපිට ප‍්‍රතිඵලයක් ලැබුණා. අපේ අරමුණ වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ලක්ෂ 17 තව කිහිප ගුණයකින් වැඩි කරලා. නැවත වතාවක් අපේ රටේ පාලනය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අනිවාර්යෙන්ම භාර කර යුතුයි කියන කාරණාව මෙ අවස්ථාවේ මතක් කර යුතුව පවතිනවා. ඔබතුමල්ලාට ජනතාව වශයෙන් යම් ප‍්‍රශ්නයක් වුනොත් එය විසදා දෙන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ඉන්නවා. ඒ නිසා කොයිම වේලාවකවත් හිතන්න හපා මෙක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියලා. විධායකය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තියෙනවා. ඒ නිසා තමන්ට ආසාධාරණයක් වනවා කියලා හැගෙනවා නම් ඔබ තමුන්වහන්සේලා සමග අපි වෙනත් සටනක් ආරම්භ කර යුතුයි.මිලග මැතිවරණය මොන මැතිවරණය වුනත් මම නම් කැමැති ජනාධිපතිවරණයටයි. සියලූ ජාතින් වලට රටේ නිදහස අගයන සියලූ දෙනා එකතු වේලා ජන්දය පාවිචිචි කරන්න අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට අරන් නැවත වතාවක් අපේ ජනාධිපතිතුමා 2025 තෙක් ජනාධිපතිකරවන්න අපි සියලූ දෙනාගේ වගකිමක් තිබෙනවා. අවුරුදු ගණනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක ජනාධිපතිවරුන් රට පාලනය කරා. තාමත් නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් රට පාලනය කරන්නේ ඒ නිසා ඉදිරි අවුරුදු කිහිපයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් රට පාලනය කරනවා දකින්න තමයි අපේ කැමැත්ත.
-

2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බැසිල්….! කුපාම මහින්දගේ මනාපය බැසිල්ට…..!
ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා වන්නේ නම් මහින්ද මෙන්ම තමාද කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීමලවිර දිසානායක මහතා පවසයි. අම්පාර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින් විමලවිර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ දිගින් දිගටම ගිනියම් වන අභ්‍යන්තර ගැටුම් හා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන කරුණු කාරනා මත මෙම මත ගැටුම් ඉහල යමින් පවතිනවා.
මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පවසා සිටියේ තම මතයට ඉඩ නැතිනම් තමා වෙනමම පක්ෂයක් හෝ හදන බවයි.
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ පක්ෂ කඩා හැදු පක්ෂ වලට එදා අත් වූ ඉරණම ක්ෂණිකව පිපුණු පොහොට්ටුවට මේ අත්ව ඇති තත්වයත් සමඟ යලි මතක් කර දෙන්නේ තම පෞද්ගලික උවමනා වෙනුවෙන් පක්ෂ හදා ගත්තත් ඒවායේ පැවැත්ම තාවකාලික බවයි….
-

අගමැති පුටුව වෙනුවෙන් මංගල කල මහා පාවාදීම
අගමැති පුටුව වෙනුවෙන් මංගල කල මහා පාවාදීම… චන්ද්‍රිකා බලයට ගෙනඒමේ කූට උපාය
පසුගිය සිකුරාදා දින මාතර සිදුවූ සිද්ධිය හා සමගාමීව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අනතුරකට ලක් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කලේය. එනම් ට්විටර් පණිවුඩක් හරහා පොලිසිය විසින් සිදුකල එම ක්‍රියාව හෙලා දැක වත්මන් ආණ්ඩුව විවේචනය කලේය.
” මෙය යහපාලනය නොව යමපාලනය “
යනුවෙන් මංගල ට්විටර් පණිවුඩය හරහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය ඉදිරියේ හඳුන්වාදීමට කටයුතු කරන ලදී. එය ජාත්‍යන්තර වශයෙන් මෙය ශ්‍රී ලංකාවට ප්‍රබල හානියකි. රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් වශයෙන් මෙය හෙලා දැකීම හරහා ඉටු කරන්නේ කාගේ අවශ්‍යතාවයදැයි සක්සුදක් සේ පැහැදිලිය. සැබැවින්ම ඔහුට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව පාවාදීමට අවශ්‍යව ඇත. එයට හේතුව වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමාජය ඉදිරියේ නින්දාවට ලක්කර ආණ්ඩු බලය ඩැහැගැනීමට සහ චන්ද්‍රිකාගේ බලය සහිත රජයක් පත්කර ගැනීමට මංගලට උවමනාය.
කවුද මේ පසුපස ඉන්න කණ්ඩායම ?
එදා පටන්, එනම්, මහින්ද රාජපක්ෂ රජය පෙරළීමට කටයුතු කල රාජ්‍ය නොවන සංවිධාන (NGO) අතකොලු සියල්ල මේ සමග ඇත. කවුද මේ පුද්ගලයින්?
* ක්‍රිශාන්ත කුරේ
* සාලිය පීරිස්
* නිතීඥ නිලන්ති පීරිස්
* මනෝ තිත්තවැල්ල
* තිලාන් විජේසිංහකොහොමද මේ සැලසුම ක්‍රියාවට නැංවෙන්නේ ?
මෙහි මූලික සැලසුම ක්‍රියාවට නැංවෙන්නේ ඇමති මංගල සමරවීර අතිනි. එනම්, රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකු වශයෙන් රජයේ ක්‍රියා ජාත්‍යන්තරය හමුවේ සහ දැනගැනීම පිණිස විවේචනය කිරීමයි. සන්ධ්‍යා එක්නැලිගොඩ කරළියට ගෙන එන්නේද මංගල සමරවීර විසිනි. මාතර පොලිස් සිද්ධිය හරහා කොල්ලකරු හට වෙඩි තැබීම මංගල විවේචනය කරන්නේ සැලසුම් සහගතවය. මෙහි නීති උපදේශිකාව වන්නේ මංගලගේ පෞද්ගලික නීතිඥ නිලන්ති පීරිස් විසිනි. පොලිසිය විසින් සැලසුමකින් තොරව සිදුකල කාර්ය නිසාම මංගලගේ අවශ්‍යතාව ඒ අයුරින්ම ඉටු විය. එම නිසා මාතර සිද්ධිය හරහා මංගල ඩයස්පෝරාවටත් ජාත්‍යන්තරයටත් ශ්‍රී ලංකාවට දැලක් එලීමට තවත් උත්තේජනයක් ලබාදෙන ලදී.
මංගල සමරවීර විසින් රජය අපහසුතාවයට ලක් කරන තවත් කාර්යකට අතගසා ඇත. එනම් රැකියා ලබාදීමේදී රාජ්‍ය කලමණාකරන දෙපාර්තමේන්තුව (DMS) හරහා අනුමැතිය ගෙන රැකියා ලබාදෙන ලෙස සංස්ථා සභාපතිවරුන්ට නියෝග කිරීමයි. මේ සඳහා හදිසි සංස්ථා සභාපති රැස්වීමක් ජුලි මස 05 දින ඇමති මංගල විසින් කැඳවා ඇත. මෙහිදී සංස්ථා සභාපතිවරුන්ට නියෝගයක් ලබාදීමට මංගල සූදානම්ය. එනම් උදාහරණයක් වශයෙන් කම්කරු රැකියාවට බඳවා ගන්නවාද , උපරිම සුදුසුකම් ලත් සහතික ලබාගත යුතු අතර, එය රාජ්‍ය කලමණාකරණ දෙපාර්තමේතුව හරහා අනුමැතිය ගෙන රැකියාව ලබාදිය යුතු බවයි.
බැලූ බැල්මට මෙය සුදුසුම් ලත් වඩාත් උගත් රාජ්‍ය සේවයක් ඉටු කිරීම පිණිස මෙන් පෙනුනද එහි අභ්‍යන්තරය එය නොවේ. රැකියා අපේක්ෂකයන් බලවත් අපහසුතාවයට ලක්කර ඔවුන් රජය කෙරෙහි පිලිකුලක් ඇති කිරීම බව වැටහේ. මේ හරහා එජාපයද, ශ්‍රීලනිපයද දෙකට බෙදී මංගලගේ සහ චන්ද්‍රිකාගේ අල්ලේ නටන ආණ්ඩුවක් බවට පත්කර දෙමළ ඩයස්පොරාවේ බලපොරොත්තු සපල කිරීමකි. මෙය කියවන ආණ්ඩු විරෝධීන් හට විනෝදජනක දෙයක් වුවද, ඉන් පසුව ඇතිවන අභ්‍යන්තර පිපිරීම ඉතාමත් භයානකය. දමිල ඩයස්පෝරාවේ අණ අනුව සහ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ විධානයන් අනුව මේ රට තුල යුධ අපරාධ පිළිබඳව කතාව නැවත කරළියට පැමිණෙනු ඇත.
මේ හරහා මංගල බලාපොරොත්තු වන දේ .
මංගල සමරවීර හට මේ වන විට අවශ්‍යව ඇත්තේ අගමැති පුටුවට පැන ගැනීමයි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත්කොට අගමැති බලතල මංගල අතට ගෙන මංගලට හිතවත් පාලන තන්ත්‍රයක් පත්කර ගැනීමයි. මෙය ඉතාමත් දරුණු අවදානම් තත්වයකි. දමිල ඩයස්පෝරාව මුලු රාජ්‍ය තන්ත්‍රය පුරාවට පිළිලයක් සේ ගමන් කරනවා ඇත. පාර්ලිමේන්තුව තුල ඒකීය ශ්‍රී ලංකා නියෝජනය වෙනුවට තමිල්නාඩු නියෝජනයෙන් බලගැන්වෙනු ඇත.
අද වන විටත් මුදල් අමාත්‍යාංශය තුල ඇත්තේ චන්ද්‍රිකාගේ බල අදිකාරියයි. එය මංගලට හෝ පාලනය කල නොහැකි තත්වයකි. ක්‍රිශාන්ත කුරේලා සිදුකරන්නේ රටේ ප්‍රබල පෞද්ගලික ව්‍යවසායකයන් සහ සමාගම් දැලේ දමා ඩීල් දැමීමයි. ඒ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත බව ඔබ දන්නවාද ?
* ධම්මික පෙරේරා
* හැරී ජයවර්ධන
* හේලීස් සමාගමයන ත්‍රිපුද්ගල මූල්‍ය මෙහෙයුම්කරුවන් හරහා මංගලගේ සහ චන්ද්‍රිකාගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ඩීල් ගනුදෙනු සිදු කරන බවට තොරතුරු ඇත. ක්‍රිෂාන්ත කුරේ විසින් බොරැල්ල ඔස්ටින් පෙදෙසෙන් කෝටි ගණනක් වටිනා ඉඩම් මිලදී ගන්නේද මේ ඩීල් ගනුදෙනු අනුහසින් බව ඔබ දන්නවාද ? එම මුදල් වලින් ඩයස්පෝරාව සන්තර්පනය වන බව ඔබ නොදන්නවා ඇති.
මෙය කලින් දැන සිටි පුද්ගලයා කවුද ?
මංගලගේ මෙම කුමන්ත්‍රණය අද ඊයේ සිදුවූවක් නොවේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහු මෙම සැලසුම ක්‍රියාවට නංවන්නට කටයුතු කලේය. එදා සිට මංගල ලඟ සිටි පිරිස වන ක්‍රිෂාන්ත කුරේ, සාලිය පීරිස්, නිලන්ති පීරිස්, තුසිත හල්ලොලුව වැනි පිරිස් මෙම සැලසුම පිටුපස සිටියෝය. එම සැලසුම මහින්දගේ කණ වැකුණ පසු සිදුකලේ මංගලගේ අමාත්‍යාංශ පවරාගෙන මංගල ඉවතට විසි කිරීමයි. මංගල, චන්ද්‍රිකා යන දෙපල මහින්ද සමග වෛර බැඳගන්නේද මේ සිද්ධිය නිසාය.
කල් ගතකරමින් පැමිණි මංගල යහපාලන රජය තුල ප්‍රබල අමාත්‍ය ධූරයක් ලබාගෙන අද වන විට සිදුකරන්නේද මේ සැලසුම ක්‍රියාවට නැංවීමයි. මෙය රටේ පැවැත්මට ඉතාමත් භයානක සිද්ධියකි. රජයේ පුවත්පත් තුලින් රජය විවේචනය කරවීම මංගලගේ මෙම සැලසුමේ තවත් එක් අවස්තාවකි. අද වන විට රජය එම අනතුරට මුහුණ දී ඇති බව පෙනෙන්නට ඇත. එය රටේ ඉදිරි අනාගතයටද බරපතලව බලපාන කරුණක් බව සඳහන් කල යුතුය. අද වන විට යහපාලන රජයේ ඇතැම් දෙදරීම් වලට හේතුවද මංගල සමරවීර – චන්ද්‍රිකා කුමාරතුංග හවුල බව සියල්ල දැනගත යුතුව ඇත.
මෙම අනතුර වලක්වා නොගතහොත් නැවතත් මේ රට ත්‍රස්ථවාදයෙන් ඇලලී යන රටක් හා දමිල ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට අනුව පාලනය වන රටක් වනු ඇත.
– උපුල් බණ්ඩාර