Blog

  • සියළු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි ! සේවයට නොආවොත් දොට්ට !!

    සියළු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි ! සේවයට නොආවොත් දොට්ට !!

    තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියළු සේවකයන් 2018 ජුනි 19 වන විට සේවයට වාර්තා කළ යුතු බවත්, නො එසේ නම් ඔවුන් තනතුර අතහැර ගියාසේ කටයුතු කරනු ඇති බවත් තැපැල්පති රෝහණ අභයරත්න මහතා සියළු තැපැල් සේවකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    එම නිවේදනයෙහි මෙසේද දැක්වෙයි.

    “සියළුම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතුය. ඒ සඳහා අදාල ප්‍රදේශයේ පොලිසියේ සහය ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා දැනුවත් කර ඇත.

    සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන සහ පත්වීම් ස්ථිර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව තවදුරටත් පරිපාලනය විසින් වගකියනු නොලැබේ.

    කාර්යභාර තැපැල් ස්ථානාධිපති හා අංශභාර ප්‍රධානීන් තමන්ගේ වගකීම හා කාර්යභාරය තැපැල් ස්ථානාධිපති අත්පොත, තැපැල් රෙගුලාසි සහ රාජ්‍ය සේවකයන්ට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කරන බවද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

  • සිසුවියකට තමන්ට රිසි සේ ලිංගික පාඩමක් ඉගැන්වූ ටියුෂන් ගුරාට ප්‍රදේශවාසීන්ගෙන් සැර පාඩමක්…..

    සිසුවියකට තමන්ට රිසි සේ ලිංගික පාඩමක් ඉගැන්වූ ටියුෂන් ගුරාට ප්‍රදේශවාසීන්ගෙන් සැර පාඩමක්…..

    යාපනයේ වඩුක්‌කෝඩෙයි නගරාසන්නයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ගුරුවරයෙකු විසින් පාසල් ශිෂ්‍යාවක්‌ ලිංගික අපයෝජනයට ලක්‌ කළේ යෑයි කියන සිද්ධියක්‌ මත පසුගිය දා එම ගුරුවරයාට අයත් උපකාරක පන්ති ගොඩනැඟිල්ලට කිසියම් පිරිසක්‌ විසින් ගිනි තබා තිබේ.

    ගින්නෙන් එම උපකාරක පන්තියේ තිබූ සියලුම දෑ පිළිස්‌සී විනාශ වී ගොස්‌ ඇත.

    අදාළ පාසල් ශිෂ්‍යාවට මෙම ගුරුවරයා විසින් ලිංගික අපයෝජනයක්‌ සිදුකොට ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ මත යාපනයේ වඩුක්‌කෝඩෙයි පොලිසිය විසින් එම ගුරුවරයාව අත්අඩංගුවට ගෙන පරීක්‌ෂණ සිදු කරමින් සිටින අතරතුර මෙසේ ඔහුගේ උපකාරක පන්තියට ගිනි තබා තිබෙන බව සඳහන්.

    වඩුක්‌කෝඩෙයි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

  • අද සේවයට වාර්ථා නොකරන තැපැල් සේවකයින්ට වැඩ වරදින ලකුණු

    අද සේවයට වාර්ථා නොකරන තැපැල් සේවකයින්ට වැඩ වරදින ලකුණු

    අද (19) දිනය තුළ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් තනතුර හැරගියා සේ සැලකෙන බව නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

    සියලුම කාර්යාල විවෘත කර රාජකාරීයට පැමිණෙන කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් හා ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු වන අතර ඒ සඳහා අදාළ ප්‍රදේශයේ පොලීසියේ සහය ලබාගත හැකි බවත් අද දිනය තුළ සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන හා පත්වීම් ස්ථීර නොකරන ලද කාර්යය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය සදහා තවදුරටත් තැපැල් පරිපාලනය වගනොකියන බවත්  තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    ඒ අතර ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් අඛන්ඩව වැඩවර්ජනය ඉදිරියට ගෙන යන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

    තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා සදහන් කළේ කුමන් බලපෑම් එල්ල කළ ද සිය ඉල්ලිම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

  • කොළඹ වරාය මහජනතාවට විවෘත කරයි

    කොළඹ වරාය මහජනතාවට විවෘත කරයි

    යුද්ධය පැවැති කාලය තුළ ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන ගියත් දැනට රටේ පවතින සාමකාමී තත්ත්වය හේතු කොටගෙන මහජන දේපළක් ලෙස සළකා කොළඹ වරාය නැරඹීම සඳහා මහජනයාට විවෘත කිරීමට ජනාධිපතිවරායගේ උපදෙස් පරිදි ඉදිරියේදී කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ කොළඹ වරයේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ දී සඳහන් කරන ලදී.
    ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත ලෙස සැළකෙන කොළඹ වරාය මේ වසරේ බිලයන 13.2 ක ලාභයක් ලබාගෙන ඇති අතර එය රටේ ආර්ථික වර්ධනයට විශාල පිටුවහලක් වන අතර කොළඹ වරාය සමස්ත ජනතාවටම අයිති දේපළක් ලෙස සළකා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කල අතර පුහුණුවෙන් පසු ආරක්ෂක නිලධාරීන් 150 දෙනෙකු විසිරයාමේ උත්සවය මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති අතර එම අවස්ථාවට වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක, ආරක්ෂ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.
  • සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් ‘ජම්පරයෙන්’ බන්ධනාගාරවල

    සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් ‘ජම්පරයෙන්’ බන්ධනාගාරවල

    මිනී මැරුම් ඇතුළු විවිධ හේතූන් යටතේ අධිකරණවලින් වැරැදිකරුවන් බවට පත්වී දඬුවම් ලැබූ චීවරධාරීන් 15 දෙනකු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය ඇතුළුව බන්ධනාගාර කිහිපයක සිරගත කර තිබෙන බවත්, එකී සියලු දෙනා සෙසු සැකකරුවන් මෙන් බන්ධනාගාර සිර ඇඳුම (ජම්පරය) ඇඳ සිටින බවත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
    මෙම පිරිස අතර මාස 06 සිට වසර 6-7 දක්වා වූ කාල පරාසයක සිර දඬුවම් ලැබූවන් සිටින බවද, වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එසේ දඬුවම් ලැබූ චීවරධාරීන් 08 දෙනකු සිටින බවද ඒ මහතා පැවැසීය.
    මෙම සිරගත පිරිසට අමතරව විවිධ හේතූන් මත සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 10ක් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා ඇති බවත් ඒ මහතා පැවැසීය.
    මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ සිරගත කර සිටින පූජ්‍ය හෝ පූජක පක්ෂයේ කිසිදු සිරකරුවකුට විශේෂත්වයක් දක්වා නොමැති බවත්, ඔවුන් සෙසු සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නීති රීතිවලට යටත්ව කටයුතු කරන බවත්ය.
  • බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ අඩ අඩා ඉන්න මොහුට ඔබත් රැවටුනාද?

    බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ අඩ අඩා ඉන්න මොහුට ඔබත් රැවටුනාද?

    මෙයාව මම දැකලා තියනවා බේස්ලයින් රෝඩ් එකේ දෙමටගොඩ පාලම යට තියන ෆුඩ්සිටිය ඉස්සරහ හාල් වගයක් අහුලනවා අඩ අඩා. මුලින්ම මෙයා ලගට ඇවිල්ලා වටේ මිනිස්සුන්ටත් කතා කරලා මෙයාව නැගිට්ටවලා හාල් ගන්න කියලා සල්ලි දුන්නේ කලු මිටි කෙනෙක්.

    කොහොමහරි මෙයාට එතනින් අඩුම රුපියල් 5000ක් නම් ලැබෙන්න ඇති. ඊටපස්සේ දවසකත් මම මෙයාව දැක්කා කොටුවේ ටෙලිකොම් එක ඉස්සරහ අර බිම ලොකු ෆෝන් එකක් හදලා තියන තැන. එතනදිත් මෙයාලගට මුලින්ම දුවන් ඇවිත් කෑගහලා වටේ මිනිස්සු ගෙන්නගෙන මෙයාව නැගිට්ටලා 500 ක් දුන්නෙත් අර එදා කෙනාමයි. (මට එදා කෙනාව හොදට මතකයි මම දන්න කෙනෙකුත් ඒ වගේ ඉන්න නිසා. මුලින්ම ඉදිරිපත් වෙලා ලොකු උදව්වක් කරපු නිසාත් මට නෝට්) මමනම් හිතන්නේ මේ දෙන්නම එකට කතාවෙලයි මේක කරන්නේ.


    මේ වගේ තව කෙනෙක් ඉන්නවා රෑ 10 ට විතර බේස්ලයින් එකේ Nine Hearts වලට එහායින් තියන කලර් ලයිට්ස් ගාව. මිනිහා කරන්නේ රෙඩ් ලයිට් වැටුනම නවත්තලා තියන කාර් වලට ඇවිල්ලා පැනලා කකුල අල්ලන් යටිගිරියෙන් බෙරිහන් දෙනඑක. ඊලගට එතනට මිනිස්සු දුවන් ඇවිත් අර කාර් කාරයව මරන් කන්න හදනවා. මට දවස් 2ක් සෙට් වුනා. ඩ්‍රයිවර්කාරයා බැහැලා පුදුම වෙහෙසක් ගත්තේ උන් එක්ක පොරබදන්න. මාත් ගුටිකන්න වෙයි කියලා ශටර් එකවත් අරින්නේ නැතුව හිටියා. ඔතන වෙන්නේ ජාවාරමක්. වාහනයට පනින මිනිහගෙම සපෝටර්ස්ලා පාර දෙපැත්තේ ඉදලා මිනිහා පැන්නම දුවගෙන එනවා.
    ඕක මට ආරංචි වෙලා තිබුනු නිසා කට කැඩෙනකම් ඩ්‍රයිවර්කාරයට බහින්න එපා කිව්වට මූ ඇහුවෙම නැහැ ලේ කකියනවා කිය කියා බැහැලා අරුන්ට කියලා හොම්බට හැටකුත් ඇනගෙනම රුපියල් 5000කුත් දීලා.

    ආයේ වත්තල හේමාස් හොස්පිටල් එක හරියේ ඉන්නවා බයික් කාරයෙක්. ට්‍රැෆික් එකේ නවත්තලා තියන වාහන වල පිටිපස්සෙන් ඇවිත් බයික් එක ඇනලා බිම වැටිලා කකුල නමාගෙන දනිස්ස බදාගෙන කෑගහනවා. ඉස්සරහ කාර් එක බලන්නේ නැතුව රිවර්ස් කරා කියලා චෝදනා කරනවා. බෙහෙත් ගන්න සල්ලි දෙන්න කියනවා, නැත්තම පොලීසි යමු කියනවා.
    බලන බලන තැන හොරු. පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ජනතාවගෙම නියැදියක් නිසා ඒකේ හොරු ඉන්න එක ගැනත් පුදුම වෙන්න දෙයක් නැහැ

  • ඒකාබද්ධ විපක්‍ෂය හෝ පොදුජන පෙරමුණ දෙකඩවී නැහැ

    ඒකාබද්ධ විපක්‍ෂය හෝ පොදුජන පෙරමුණ දෙකඩවී නැහැ

    ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව ජනතාව තබා තිබෙන විශ්වාසය අබමල් රොනක තරමින්වත් පළුඳුවීමට කිසිඳු ඉඩක් නොතබන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (18) පැවසීය.

    එබැවින් ඒකාබද්ධ විපක්‍ෂය හා පොදුජන පෙරමුණ දෙකඩවී ඇති බවට පළවන ආරංචිවල කිසිඳු සත්‍යතාවයක්  නොමැති බව බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

  • ජනපති පොලිස්පතිට ජාතිය අමතයි

    ජනපති පොලිස්පතිට ජාතිය අමතයි

     මේ දිනවල පොලිස්පතිවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක්ම තමාට පැමිණිලි කර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයන් සිදුනොකළ යුතු බවත්, දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියා ලෙස පෞද්ගලික කරුණු කාරණා ප‍්‍රසිද්ධ වේදිකාවන්ට ගෙන ඒම, පොලිස්පති තනතුරට නුසුදුසු බවත්, ජනපතිවරයා දැඩිව  පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත අවධාරණය කර ඇත.

    පදනම් විරහිත චෝදනා නඟමින් තමන්ව අපහසුතාවට පත් කැරෙමින් තිබෙන බව එම ඇතැම් පොලිස් නිලධාරීන් ජනපතිවරයා හමුවේ පවසා තිබිණ. එවැනි දේ වහාම නැවැතිය යුතුව තිබෙන බව අවධාරණය කළ ජනපතිවරයා, වසර අවසානය වන විට ප‍්‍රමුඛ පෙලේ විමර්ශනයන් සියල්ල අවසාන විය යුතු බවට පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

    පන්සලක පැවැත් උත්සවයක දී සුදු ඇඳගත් පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස්පති ජයසුන්දර කර තිබූ ප‍්‍රකාශයක් ජනපතිවරයා මෙහිදී විමසුමට ලක් කල අතරතමා කිසිදු පුද්ගලයකු ඉලක්ක නොකළ බව කියා සිටි පොලිස්පතිවරයා පැරණි ජනකතාවක් ආදර්ශයට ගනිමින් එවැනි සඳහනක් කළ බව පැහැදිලි කළේය.

    එය එසේ වන්නට හැකිවෙතත්, එවැනි ප‍්‍රකාශයක් හමුවේ යම් වැදගත් පුද්ගලයකු ඉලක්ක වීමට ඉඩ ඇති බව පොලිස්පති වරයාට පැහැදිලි කර දෙනු ලැබීය.

  • පාසල් සිසුවියක නිල ඇදුමින්ම නිවසට ගෙන්වාගෙන යහන් ගතවු 20 තරුණයාට අන්තිමේ වෙච්ච දේ මෙන්න…

    පාසල් සිසුවියක නිල ඇදුමින්ම නිවසට ගෙන්වාගෙන යහන් ගතවු 20 තරුණයාට අන්තිමේ වෙච්ච දේ මෙන්න…

    අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි පාසල් සිසුවියක සමඟ ඇසුරක් පවත්වා,  එය තම  ජංගම දුරකථනයෙන් පටිගත කල අනුරාධපුර නව නගරයේ පදිංචි තරුණයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීනන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිසුවියගේ මවුපියන් විසින් අදාල තරුණයාට සිය දියණිය විවාහ කර දීමේ පුවතක් වාර්තා වනවා.

    සැකකාර තරුණයා පසුගිය 11 වැනිදා  සිය පෙම්වතිය පාසල් ඇඳුමෙන් ඔහුගේ නිවෙසට ගෙන්වාගෙන ඇති අතර පාසල් සිසුවියක් අවේලාවේ එම නිවෙසට පැමිණෙනු දුටු  අසල්වාසියකු විසින් ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියට දන්වා තිබෙනවා.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය එහි පැමිණ 18 හැවිරිදි සිසුවිය සහ 20 හැවිරිදි තරුණයා පොලිස් භාරයට ගෙන ඒ පිළිබඳව සිසුවියගේ මවුපියන්ට දන්වා තිබෙනවා. ඒ අනුව වෘත්තියෙන් ගුරුවරයෙකු වන සිසුවියගේ පියා පොලීසියට පැමිණ තිබෙනවා. 

    හෙලි කරගත් කරුණු අනුව සැකකාර තරුණයා ගංජා, හෙරොයින් හා තවත් දුසිරිත් ක්‍රියාවන් රැසකට ඇබ්බැහි වී ඇති අතර  සිසුවිය නිවෙසට ගෙනැවිත් පැවැත්වූ ඇසුරේ සෑම තත්පරයක්ම ජංගම දුරකථනයේ පටිගත කර ඇති ආකාරය තරුණයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලීසිය සොයා ගෙන තිබෙනවා.

    ඒ අනුව තරුණියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ස්ත්‍රී දූෂණයකට ලක් කිරීමේ චෝදනාව මත  සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු සිදුකරනු ලැබුවත්  සිසුවියගේ මවුපියන් එම දඬුවම අවශ්‍ය නැති බව පවසා තම දියණිය සහ ඇසුර පැවැත්වූ තරුණයාව විවාහ කර දීමට කටයුතු සිදුකර තිබුණා.

  • යාපනය මහ මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී

    යාපනය මහ මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී

    යාපනය, මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ගින්නක් හට ගෙන ඇත.

    නාවික හමුදාව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්‍රියා කරමින් සිටින බවයි.ඊයේ රාත්‍රියේ ඇතිවු ගින්න මැඩ පැවැත්වුව ද, අද පෙරවරුවේ යළිත් නෞකාවේ ගින්න හටගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.

    කිංඩම් නැමති මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න ඇති බවට සැක කෙරෙයි.පෞද්ගලික සමාගමකට අයත් මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළ එකකි.මෙම නෞකාව පසුගිය ජනවාරි මාසයේදී වැලිපරයක ගැටීමෙන් සිරවීම නිසා එය අතහැර දමා තිබේ.මේවන විටත් ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.

  • තැපැල් වර්ජනයට සතියයි… – මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි

    තැපැල් වර්ජනයට සතියයි… – මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි

    වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවක ගැටලු විසඳීමේ අරමුණින් විෂය භාර අමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් අද දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න පවසයි.
    තම වැඩවර්ජනය ආරම්භ කර අදට සතියක් ගතවී ඇති බවත් සිය වර්ජනයෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසා සිටි අතර තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් මෙම ගැටලුව අද දිනයේ විසඳීමට අපේක්ෂා කරන බවයි.
  • ඔබත් රැවටුනාද ? බුකියේ පළවු ඥාණසාර හිමි ජම්පරයෙන් සිටින ඡායාරූපයන්හි ඇත්ත කතාව මෙන්න…..!

    ඔබත් රැවටුනාද ? බුකියේ පළවු ඥාණසාර හිමි ජම්පරයෙන් සිටින ඡායාරූපයන්හි ඇත්ත කතාව මෙන්න…..!

    පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි සිරගත කිරීමේ පුවත සමාජයේ කතාබහට ලක්වෙමින් තිබේ.

    මේ අතර සිරගත කර සිටින ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව ඡායාරූපයක් සමාජජාලා වෙබ් අඩවියන්හි හුවමාරු වෙමින් පවති. එයින් දැක්වෙන්නේ ඥාණසාර හිමියන්ගේ රුවට සමාන පුද්ගලයෙකු ජම්පරයකින් සැරසී සිටින අයුරුයි.

    කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩි විස්තර සොයා බැලූ නෙත් ගොසිප් වෙත අනාවරණය වූයේ මෙම ඡායාරූපය ව්‍යාජ ඡායාරූපයක් බවයි. එම ඡායාරූපය කිසියම් පුද්ගලයෙකු විසින් හෝ සංස්කරණය කරමින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එක්කර තිබෙන බව සදහන්.

    ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ උන්වහන්සේට සිරගෙදර තුලදි චීවරය දැරීමට නොහැකි බවත්, අනිවා‍ර්යෙන්ම සෑම සිරකරුවෙකුටම නියමිත ජම්පරය හැඳ සිටිය යුතු බවත් ය. ඥාණසාර හිමියන් සිරගෙදර තුලදි අමුත්තන් හමුවීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවද වාර්තා වේ.

    සමාජජාලා වෙඩ් අඩවියන්හි ප්‍රචාරය වූ විකෘති කරන ලද ඡායාරූපය,


    සැබෑ ඡායාරූපය

  • “කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    “කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    භික්ෂුවක් සිරදඬුවම් ලැබුවොත් සිරකරුවන්ගේ ඇඳුම ඇඳිය යුතුමද යනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම නිසා මේ වෙද්දී රටේ තවත් නීති ප්‍රශ්නයක් ඇති වී අැත. 

    උපසම්පදා භික්ෂුවකගේ සිවුර එසේ ගලවා ඉවත් කරන්න නොහැකි බව බොදු සේනාවේ හිමිවරු සඳහන් කරන අතර තම සංඝ සභාවේ අනුමැතියකින් තොරව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන බලවත් අප්‍රසාදය පළකරන බව කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව අධිකරණ ඇමැතිවරයාට ලිපියක්‌ යොමු කර ඇත.

    කෙසේ වුනත් රටේ නීතිය අනුව කවුරු සිරදඬුවම් ලබලා ආවත් සිරකරුවන්ගේ ඇඳුම අැඳිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. රටේ නීතිය අනුව සිරකරුවෙක්ට බන්ධනාගාරය ඇතුලේදී වෙනත් කිසිම ඇඳුමක් අඳින්න බෑ. ඒ නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජම්පරය ඇඳීම නිත්‍යනුකූල බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

    මේ අතර ඥනසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන බොදුබල සේනා සංවිධානයේ හා සිංහල රාවය සංවිධානයේ හිමිවරු ඊයේ මහානායක හිමිවරුන් දැනුවත් කරන ලද අතර මේ ගැන ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කිරීමට නියමිත බව අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කරන ලදී.

  • අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි

    අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට අධිකරණය රංජන්ගෙන් හේතු ඉල්ලයි

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා ආඥාවක් කෙටුම්පත් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

    අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි දෙකක් අද(18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සහ මුර්දූ  ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝගය කෙරුණි.

    පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් සිදු කළේ යැයි කියන  අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින්  බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි සඳහන් කර සිටියේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ  ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද දන්වා සිටියේය.

    එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ..සුමන්දිරන් මහතා කියා සිටියේ නීතිපතිවරයා අදාළ ආඥාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.

    එම ආඥාව කෙටුම්පත් කරවිය යුත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහය පැවරී ඇති ප්‍රතිපාදනවලට අනුව බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා දන්වා සිටියේය.

    කෙසේවතත් අදාළ ආඥාව කෙටුම්පත් කරන මෙන් නීතිපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල නැවත ජුලි මස තිස් වනදා කැඳවන මෙන් ද නියම කළේය.

    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

    පැමිණිලිකරුවන් කියා සිටින්නේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.

    මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීන වන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි.

    මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

  • අගමැති යළි දිවයිනට

    අගමැති යළි දිවයිනට

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සිය දින 08 ක විදේශ සංචාරය නිමා කර අද(18) දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

    එතුමා ඇතුළු දූත පිරිස ඉකුත් පසුගිය 10 වන දින අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ යානයකින් දෝහා වෙත පිටත්ව ගොස් තිබුණි.