Blog

  • ඇත්ත සොයා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය උතුරේ සිදුකළ සංචාරය‍ේදී සිදුවු සුවිශේෂි සිදුවීම් මෙන්න..

    ඇත්ත සොයා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය උතුරේ සිදුකළ සංචාරය‍ේදී සිදුවු සුවිශේෂි සිදුවීම් මෙන්න..

    රාජපක්ෂ සමයේදි නිහඩ කර තිබූ උතුරේ ජනතාවට වත්මන් ආණ්ඩුව යටතේ කතා කිරීමට අවස්ථාව ලැබුනද, තම ජනතාව වෙනුවෙන් කතා කිරීමේදි එය විකෘති කරමින් උතුරේ ජනතාව ජාතිවාදය පතුරවන බවට දකුණේ පරාජිත දේශපාලකයින් විසින් හංවඩු ගසන බව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසා සිටියා.

    උතුරේ දි සිදු කරන ප්‍රකාශ දකුණේ දි වාර්තා වන්නේ ජාතිවාදි ස්වරූපයකින් බවත් මහ ඇමතිවරයා මෙහිදි චෝදනා කළ අතරම එවැනි චෝදනාවන් සංහිඳියාව ගොඩ නැගීමට බාධා වන බවත් සඳහන් කළා.

    උතුරේ දෙදින සංචාරයක යෙදින සිටින වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය ඊයේ (17) ප්‍රධාන අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ වෙනම රාජ්‍යයක් උතුරේ පිහිටුවීමට අවස්ථාවක් නොමැති නමුත් සංවර්ධන ක්‍රියාදාමය තුළ දේශපාලන යාන්ත්‍රණයක් සකස් විය යුතු බවයි.

    ඊයේ සංචාරයේදි උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඤානම්, උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්, උතුරු පළාත් ප්‍රධාන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, උතුරු පළාත භාර යුධ හමුදා අඥාපතිවරයා, උතුරු පළාත් ආණ්ඩුකාරයා හමුවු අතර එහිදි උතුරේ මාධ්‍ය නිදහස හා වර්තමාන  දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

    ඒ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

  • සංහිදියාවෙයන් රටේම ආදරය දිනාගත් කර්නල් රත්නප්‍රිය ජනපති මෛත්‍රී හමු වෙයි….

    සංහිදියාවෙයන් රටේම ආදරය දිනාගත් කර්නල් රත්නප්‍රිය ජනපති මෛත්‍රී හමු වෙයි….

    රට පුර කතා බහට ලක්වූ ආන්දෝලාන්මක සිදුවීමක් ලෙස කර්නල් රත්නප්‍රිය මහතා කිලිනොච්චියෙන් විශ්වමඩු ප්‍රදේශයට ස්ථාන මාරුව ලබා යාමට නික්ම ගිය මොහතේ උතුරේ පුනරුත්තාපනය වූ එල්ටීටීඊ සමාජිකයන් ඔහු වෙනුවෙන් හඩා වැලැපෙමින් නොයන ලෙස කළ ඉල්ලීම ය.

    කතා බහට ලක්වූ මෙම සිද්ධියෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර්නල් රත්නප්‍රිය මහතාව නැවත කිලිනොච්චියට අනුයුක්ත කිරිමට පියවර ගනු ලැබීය.

    මේ අතර ඊයේ (17)දිනයේ පොලොන්නරුවේදී පැවැත්වුණු උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.මෙම අවස්ථාවේදී කර්නල් රත්නප්‍රිය මහතා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර තමාව නැවත කිලිනොච්චියට අනුයුක්ත කිරිම පිළිබද ජනාධිපතිවරයාට ස්තූතිය පල කර අතර ඒ පිළිබද කිලිනොච්චියේ ජනතාව සතුටට පත්වන බව ද කර්නල් රත්නප්‍රිය මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ.

    එහිදී ජනාධිපතිවරයා කර්නල් රත්නප්‍රිය සමග ඉතා සුහද සාකච්ඡාවක් පැවැති අතර මෙම අවස්ථාව දහම් සිරිසේන මහතා ද සහභාගී විය.





  • ජර්මනිය පැරදෙයි – බ්‍රසීලය සම වෙයි..  පාපන්දු ලෝක කුසලානය‍ේ පොඩ්ඩෝ ලොවම මවිත කිරීම අරඹයි….!

    ජර්මනිය පැරදෙයි – බ්‍රසීලය සම වෙයි.. පාපන්දු ලෝක කුසලානය‍ේ පොඩ්ඩෝ ලොවම මවිත කිරීම අරඹයි….!

    පාපන්දු ලෝක කුසලානයේ අවදානයට ලක්වූ තරග තුනක් ඊයේ දින (17) පැවැත්වුනා.  ඒ අතර වත්මන් ලෝක ශූර ජර්මනිය සහ මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට වඩාත්ම ඉඩ ඇති කණ්ඩායම ලෙසට බොහෝ දෙනා මත පල කරන බ්‍රසීලයද ඊයේ තරග බිමට ප්‍රවිෂ්ඨ වුනා.

    ජර්මනිය මෙක්සිකෝව සමගත් බ්‍රසීලය ස්විට්සර්ලන්තය සමගත් ක්‍රීඩා කළා. 

    ජර්මනිය සහ මෙක්සිකෝව අතර තරගයේ බොහො දෙනා බලාපොරොත්තු වූයේ වත්මන් ලෝක ශූර ජර්මනිය මෙම තරගය පහසුවෙන් ජය ගනු ඇති බවටයි. කෙසේ වෙතත් ලොවම මවිත කරමින් ප්‍රබල ජර්මනිය පරදා ගෝල 1-0ක් ලෙස ජයක් ලබා ගැනීමට මෙක්සිකෝව සමත් වුනා.

    මෙක්සිකෝව දැඩි ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළ අතර තරගය පුරාවටම ජර්මනියට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොදීම විශේෂයකි. තරගයේ 35ස් වන මිනිත්තුවේදි ක්‍රියාත්මක වූ මෙක්සිකෝවේ හර්වින් ලොසානෝ තරගයේ එකම ගෝලය රැස් කළේය. මෙක්සිකානු දැල් රකින ක්‍රීඩකයාගේ දක්ෂතා තරගය පුරාවටම කැපි පෙනුනු අතර ජර්මනියේ සුපිරි මැදපෙල විසින් නිර්මාණය කළ අවස්තා රැසක් ජර්මනි මුල් පෙල විසින් මග හැරීම තරගය ජර්මනිය පරාජයට පත්වීම හේතුව විය.

    මේ අතර බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1ක් ලෙස ගෝල සමවීමෙන් අවසන් වුනා. බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක පිලිප් කුටීනියෝ බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය දැකුම්කලු අයුරින් වාර්තා කිරීමට සමත් විය. කෙසේ වෙතත් තරගයේ 50ස් වන මිනිත්තුවේදි බ්‍රසීලයේ ගෝල වාසිය අවසන් කළ ස්විට්සර්ලන්ත කණ්ඩායමේ සුබර් ගෝලයක් වාර්තා කළ අතර ඉන්පසු ගෝල රැස් කිරීමට දෙපිලටම නොහැකි විය.

    එම තරගයන්හි විශේෂ අවස්තා පහතින්,

     

     

  • ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවට මවට මෙන් සැලකූ ඩුබායි පවුලක් ලංකාවේ අම්මාගේ වියෝවෙන් සංවේදී වූ හැටි…

    ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවට මවට මෙන් සැලකූ ඩුබායි පවුලක් ලංකාවේ අම්මාගේ වියෝවෙන් සංවේදී වූ හැටි…

    මැදපෙරදිග ගෘහ සේවයට පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තාවන්ට සිදුවන නොයෙකුත් හිරිහැර, හිංසා පිළිබදව පුවත් සුලභයි. මැදපෙරදිග ගෘහ සේවයට ගොස් ශරීරයේ යකඩ ඇණ සහිතව මෙරටට පැමිණි කාන්තාවන්, ශරීරයේ අවයව නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවන් පිළිබදව සංවේදී පුවත් ඕනෑ තරම්.

    නමුත් එයට හාත්පසින්ම වෙනස් ඉරණමකට මුහුන දුන් මැදපෙරදිග ගෘහ සේවයට ගිය ශ්‍රී ලංකා කාන්තාවක් පිළිබදව වාර්තා වෙනවා. ඩුබායි දේශයේ ගෘහ සේවය සිදු කළ ශ්‍රී ලාංකික කාන්තාවකට ඇය සේවය කළ නිවසේ සාමාජිකයන් සිදු කළ අපූරූ කෘතගුණ දැක්වීමක් පිළිබදව සටහනක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියෙන් නෙත් ගොසිප් අපට හමුවුනා.

    එම සටහන පහතින්

    “මේ මගේ ලොකු නැන්දා ගේ කතාව. අපි දන්න කාලේ ඉදන් නැන්දා රැකියාව කලේ ඩුබායි රටේ , අවුරුදු 32 ක් වගේ කාලයක්
    හැබැයි ඒ අවු32 කම එකම ගෙදරක තමයි වැඩ කලේ
    ඒ පවුලට පුදුම ලෙන්ගතුකමක් තිබුනේ
    නැන්දා අවිවාහකයි.
    ඒ නිසා කාලයත් එක්ක ම නැන්දා ඒ ඩුබායි පවුලේ දරැවන් ට තමන්ගේ දරැවන්ට වගේ සලකන්න පෙලඹුනා
    ඒ ලමයි ටිකත් මෙයාට පුදුම ආදරයක් දැක්වුවේ
    ඒ පවුලේ ලමයි කිහිප දෙනෙක් මගේ මිතුරන් බවට පත්වුනා
    ඔවුන් සැමවිටම පැවසුවේ
    ශාන්ති/ මගේ නැන්දා වුව ද
    ඔවුන්ගේ අම්මා වන බවය.
    ඒ බැදීම හරිම පුදුම සහගත එකක්
    කොහොමහරි මීට අවු 7-8 කට කලින් නැන්දා අසනීප වුනා
    ලෙඩේ පාකින්සන්
    තාමත් බෙහෙත් හොයාගෙන නෑ.
    අපි හිතුවේ නැන්ද ට රැකියාව කරගන්න බැරි නිසා ලංකාවට එවයි කියලා
    හැබැයි වුනේ ඒකෙ අනිත් පැත්ත
    නැන්දාව දිගටම එහෙ තියාගෙන බෙහෙත් කරන්න පටන් ගත්තා
    එයාගේ වැඩ කරන්න තව
    සේවිකාවකුත් ගත්තා
    ලක්ෂ ගනන් වියදම් කලා
    නමුත් සුවයක් නෑ
    පස්සේ අපේ තාත්තා බලෙන්ම වගේ නැන්දව ලංකාවට එක්කන් ආවේ සිංහල බෙහෙත් කරන්නයි
    එදා ඉදන් නැන්දා සදහට ම අපෙන් සමුගත්තු මොහොත දක්වා ම නැන්දාගේ බෙහෙත් වලට වියදම් කලේ අර ඩුබායි පවුලේ උදවිය
    අපිට කිසිම වියදමක් ඒ වෙනුවෙන් දරන්න වුනේ ම නෑ
    ඒ කාලය ඇතුලත දෙවතාවක්ම ඔවුන් ඒරටේ ඔවුන්ගේ ආගමික උත්සව සදහා ඔවුන්ගේ වියදමින් ඇයව ඩුබායි එක්කන් යනවා
    ඒ සෑම විටකම ඇය ගමන් කරන්නෙ business class එකේ
    මොකද ඔවුන් ඇයගේ සුව පහසුව ඉතා ඉහලින් සලකපු නිසා
    ඒ කොහොම වුනත් කාලයත් එක්ක නැන්දා ඉතා දරුණු විදියට අසනීප වුනා
    අන්තිමේ දි මෙ ජුනි මාසේ 11 වෙනිදා නැන්දා සදහටම අපෙන් වෙන් වුනා
    12 වෙනිදා උදේ 6-7 අර ඩුබායි පවුලේ ලමයි හය දෙනෙක් ලංකාවට ඇවත්
    මල ගෙදර ඉකි ගහ ගහ අඩපු විදිය හරිම සංවේදියි.
    අවසාන කටයුතු කරද්දි මිණිය ට කරගැහැව්වෙත් ඒ අයමයි
    අන්තිම මොහොතේ කනත්තේ බිම වැටීගෙන අඩපු විදිය බලන් ඉන්න බැරි තරම් සංවේදි දර්ශනයක් වුනා
    අරාබි කරයේ ගිහින් අපා දුක් විදපු අය ගැන අහලා තිබ්බත් මේ වගේ කතාවක් නම් කවුරැත් අහලා නැතුව ඇති
    කනත්තේ ඉදන් කෙලින්ම ආයෙත් අපේ ගෙදර ආපු ඔවුන් කෙලින්ම ගියේ නැන්දාගේ කාමරයට
    අල්මාරියෙන් නැන්දා ගේ ඇදුම් කිහිපයක් සිහිවටන ලෙස ගත්තු
    ඒ ඩුබායි පවුලේ දරැවෝ කිහිප දෙනා හැඩු කදුලින් යන්න ගියා.
    “අපේ අම්මා ව බලාගත්තාට ස්තුතියි”
    ඔවුන් එසේ කීවෙ මගේ අම්මා ඇතුලුව ශාන්තිගෙ කටයුතු කරමින් ඇයට උපස්ඨාන කල සියලු දෙනාට ය.”

    උපුටා ගැනීම : අමිල චින්තක

  • තරග විනිසුරුවන්ගේ අයුක්තිය මැද නායක චන්දි යුක්තිය වෙනුවෙන් නැගි සිටියි… ඇත්ත කතාව ම‍ෙන්න…

    තරග විනිසුරුවන්ගේ අයුක්තිය මැද නායක චන්දි යුක්තිය වෙනුවෙන් නැගි සිටියි… ඇත්ත කතාව ම‍ෙන්න…

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සිවුවෙනි දිනට අවසන් වෙද්දි තරගයට නැවතත් ප්‍රවිෂ්ඨ වූ ශ්‍රී ලංකාව කඩුලු අටකට ලකුණු 334ක් ලබා සිටියි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට වඩා ලකුණු 287ක් ඉදිරියෙන් සිටිති.

    ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් මැදපෙල සවිමත් කළ කුසල් මෙන්ඩිස් (87) දිනේෂ් චන්දිමාල් (39), රොෂේන් සිල්වා (48), නිරෝෂන් දික්වැල්ල (62) ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවේය.

    මේ අතර තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසි සහගත තීරණ ලබා දුන්නේ යැයි රසිකයන්ගේ චෝදනාවන්ට ලක්ව සිටින විනිසුරුවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ඊයේ (17) දිනයේදී කතාබහට ලක්විය. දෙවන දිනයේ දිවා ආහාරයට පෙර ගැබ්‍රියෙල්ගේ පන්දුවකට නායක දිනේෂ් චන්දිමාල් ස්ලිප් ක්‍රීඩකයෙකුට උඩ පන්දුවක් ලබා දි දැවි ගියේය. කෙසේ වෙතත් එම පන්දුව නිපන්දුවක් වූ අතර, එය නිපන්දුවක් බවට විනිසුරුට පෙන්වා දුන්නේ ප්‍රති අන්තයේ සිටි කුසල් මෙන්ඩිස් විසින් ය. 

    ඉන්පසුව පන්දුවේ දෝෂයක් යැයි කියමින් කුසල් මෙන්ඩිස්ගේ පිත්ත පරීක්ෂා කළ විනිසුරුවරුන්, කුසල් මෙන්ඩිස්ගේ පිත්ත මාරු කිරීමටද පියවර ගත්තේය. 

    විනිසුරුවන් දෙපළ විසින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ල කර තිබූ අතර එම චෝදනා වලින් තමන් නිර්දෝෂී බවට චන්දිමාල් ප්‍රකාශ කර තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

  • අද ටෙස්ට් තරගය සජීවීව බලන්න කස්ටියම හොයන You Tube සජීවී ලින්කුව මෙන්න…. (Exclusive)

    අද ටෙස්ට් තරගය සජීවීව බලන්න කස්ටියම හොයන You Tube සජීවී ලින්කුව මෙන්න…. (Exclusive)

    අද ටෙස්ට් තරගය සජීවීව බලන්න කස්ටියම හොයන You Tube සජීවී ලින්කුව මෙන්න…. (Exclusive)

    https://www.youtube.com/watch?v=NTcqi7dJO_o

  • ආන්දෝලනාත්මක පන්දුව පලුදු කිරීමේ චෝදනාවට චන්දිමාල් වැරදිකරු වෙයි .! (Breaking News)

    ආන්දෝලනාත්මක පන්දුව පලුදු කිරීමේ චෝදනාවට චන්දිමාල් වැරදිකරු වෙයි .! (Breaking News)

    ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පලුදු කිරීමේ චෝදනා සදහා වැරදිකරු කර තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා.  ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිදුවූ සිදුවීමක් නිසා දිනේෂ් චන්දිමාල්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා.

    “පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම” යන චෝදනාව යටතේ ක්‍රිකට් ව්‍යවස්තාවේ නීති අනුව මෙම තීරණය ලබා ගත් බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

    මේ පිළිබදව වැඩි විස්තර හැකි ඉක්මණින් ලබා දෙන බවටද ක්‍රිකට් කවුන්සිලය සටහන් කර තිබුනා.

    සබැඳි පුවත : ශ්‍රී ලංකාවට පන්දුව පලුදු කිරීමේ චෝදනා – නායක චන්දි විනිසුරුවන් සමග ගැටෙයි – දෙවන ටෙස්ට් තරගයේ ආන්දෝලනාත්මක සිදුවීමෙන් ශ්‍රී ලංකාව අවදානමක .!

  • වාහන මිල යළි ඉහලට

    වාහන මිල යළි ඉහලට

    මෙරට පෞද්ගලික වාහන භාවිතාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ලෝක බැංකුවේ ඉල්ලීමක් මත වාහන මිල ඉදිරියේදී ඉහල දැමීමේ සැලැසුමක් ඇතැයි වාහන අලෙවිකරුවන්ගේ කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ඒ අනුව 1000 සී සී  ප්‍රමාණයේ ඇංජින් ධාරිතාවයෙන් යුත් වාහන වල මිල බොහෝදුරට ඉහළ යාමට ඉඩ ඇති බව පැවසේ.
    මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා වාහන ආනයන කරුවන් අතර සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
  • බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්

    බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්

    ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීය. මෙවර පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටය.  
    “දහසය දෙනාගේ කණ්ඩායමක් නිර්මාණය වීම අපි ලබපු ජයග්‍රහණයක්. ඒ නිසා අපි ඒ අයට ඉහළ පිළිගැනීමක් දෙන්න ඕන කියමින් විමල් දහසයේ කණ්ඩායම පිළිගත්තේය. එහෙත් විමල්ගේ කතාවට ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් කල්ලියේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.
    “දහසය දෙනාගේ කණ්ඩායමේ ඉන්න ඩිලාන් පෙරේරා කියලා තිබුණා හිටපු පක්ෂ ‍ලේකම් අයින් වෙලා අලුත් පක්ෂ ‍ලේකම් කෙනෙක් පත්වීම හොදයි කියලා. ඒත් අලුත් ‍ලේකම් කියන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී කියලයි. ඒ වගේ තත්ත්වයක් යටතේ් දහසයේ කණ්ඩායම එක්ක වැඩ කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. 
    “මේ අදහස් නිසා ඒකාබද්ධය බෙදිලා කියලා කතා වෙනවා. අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට ප්‍රවේශම් වෙන්න ඕන. අපිට මොන මතවාද තිබුණත් සාකච්ඡා කරලා තීන්දු ගන්න ඕන”මහින්ද කීවේය.
    “ආණ්ඩුවෙන් එළියට බැස්ස දහසය දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියන්නේ මහින්ද මහත්තයාට උදව් කරනවා කියලයි. තවත් සමහරු ‍පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරගෙන මහින්ද මහත්තයා ළඟට යනවා කියනවා. විපක්ෂයට ඇවිත් ජනාධිපතිතුමා එක්ක දේශපාලනය කරනවා නම් අපිට එකඟ වෙන්න බෑ”රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසුවේය.
    “කවුරුහරි ආණ්ඩුවෙන් අයින් වෙනවා නම් ඒ අය ශ්‍රී ලංකා ‍පො.පෙ. එන්න ඕන”කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කතාවට ‍පොහොර දැම්මේය.
    “දහසය දෙනාගේ කණ්ඩායමත් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි”මහින්ද කීවේය.
    “අපි මේ බලවේගය හදාගත්තේ අමාරුවෙන්. ඒක විනාශ වෙන්න දෙන්න බෑ”රෝහිත කීවේය.
    “ඒ කියන්නේ දහසය දෙනා අපි පිළිගන්න ඕන නෑ කියන එකද”විමල් වීරවංශ විමසුවේ තරමක ආවේගයෙන් යුතුවය.
    “ඒ අය ප්‍රතික්ෂේප කරන්න කියලා අපි කියන්නේ නෑ”රෝහිත එයට උත්තර දුන්නේය. 
    මේ සමග තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
  • ප්‍රසන්නට මහින්ද ළඟට යන්න බැරිවේ

    ප්‍රසන්නට මහින්ද ළඟට යන්න බැරිවේ

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ගම්පහ, කිරිල්ලවල බලා පිටත්ව ගියේ දිවංගත එස්. ඩී. බණ්ඩාරනායකගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. මෙම උත්සවයට සහභාගි වීමට ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු කණ්ඩායමද පැමිණ සිටියේ මහින්ද එහි පැමිණෙන නිසාය.
    “ආ.. එන්න මන්ත්‍රීතුමා ඉස්සරහට. දැන් ඉතිං යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ. එයාලට දැන් තමයි අපි මතක් වෙලා තියෙන්නේ” එවැනි කතාවක් ඇති වුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරිය එහි පැමිණ සිටි නිසාය. 
    “මේ අය එනවාට අපි අකමැති නෑ. හැබැයි එන අය කෙළින් එන්න ඕන” ප්‍රසන්න කීවේ සුදර්ශනීට ඇනුම් පදයක් කියමිනි. සුදර්ශනී මහින්ද සමග සමීපව කටයුතු කරනවාට ප්‍රසන්නගේ වැඩි කැමැත්තක් නැත. 
    මේ අතර උත්සව භූමියට පැමිණි මහින්ද පිළිරුව විවෘත කරන්න පෙර ප්‍රසන්න කොහිදැයි බැලුවේය. ඒ වන විටත් බොහෝ දෙනා මහින්ද වටකරගෙන සිටි නිසා ප්‍රසන්න සිටියේ මඳක් පසුපසට වන්නටය.
    “මන්ත්‍රීතුමා සර් හොයනවා” මහින්දගේ ආරක්ෂක නිලධාරියෙක් ප්‍රසන්න අසලට පැමිණ කීවේය. එතැන තිබූ තදබදය නිසා ප්‍රසන්නට ඒ අසලට යාමටවත් නොහැකි විය. 
  • රටම කතාවෙන මහා අපරාධය… කිරිවෙහෙර නායක හිමි ඝාතන සැලසුම ලහි ලහියේ ගහපු හැටි මෙන්න ..!

    රටම කතාවෙන මහා අපරාධය… කිරිවෙහෙර නායක හිමි ඝාතන සැලසුම ලහි ලහියේ ගහපු හැටි මෙන්න ..!

    කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණ මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කොබවක ධම්මින්ද හිමියන් ඝාතන තැතේ අබිරහස මේ වන විට ‍පොලිසිය විසඳා හමාරය. ඒ උන්වහන්සේ ඝාතනය කිරීමේ අරමුණින් වෙඩි තැබූ බෝර 12 වර්ගයේ ගිනි අවියද සමගිනි. එකී ඝාතන සැලසුමට ගෑවුණු කිහිප දෙනෙක්ම දැන් සිටින්නේද ‍පොලිස් අත්අඩංගුවේය. මේ ලිපිය සටහන් තබන මොහොත වන විට එකී ඝාතන ප්‍රයත්තයේ මහ මොළකරු සිටියේ ‍පොලිසියට කට්ටි පනිමින් සැඟවෙමිනි. මෙම ලිපිය ඔබ කියවන මොහොත වන විට ඔහුවත් ‍පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින්නට පුළුවන.

    ඔහු වෙන කිසිවෙක් නොව කිරිවෙහෙර භූමියේ පිහිටා ඇති මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාරය. කොබවක ධම්මින්ද හිමියන් ඝාතනයට ඔහු සැලසුම් කරන්නේත් වෙඩික්කරුවෙක්් ඊට යොදවන්නේ ඔහු මහසෙන් දේවාලයේ හිටපු කපුවා වූ නිසා පමණක් නොව පසුගිය දිනෙක එම ස්වාමින් වහන්සේ එක්තරා රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයෙක්ට එල්ලකළ ප්‍රහාරයක් නිසා බව මේ වනවිට සත්‍යය එලිවෙමින් පවතී… 

    කෙසේවෙතත් කපුවා සම්බන්ධ කතාව වසර දෙක තුනක් දක්වා දිව යන්නෙකි. ධම්මින්ද හිමියන්ට පෙර විහාරාධිපති ධුරය දැරුවේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ය. උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරු විහාරාධිපති ධුරයට උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කිහිප නමක් අතර තරඟයක් ඇතිවන්නේ නිතැතිනි. එය අර්බුදයක් බවට පත්වන විට මල්වතු මහා විහාරය මැදිහත්වෙමින් එය විසඳන්නේ අලුත්වැව සෝරත හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුව වූ කොබවක ධම්මින්ද හිමියන්ව 2013 වසරේ දෙසැම්බර් 19 වෙනිදා විහාරාධිපති ධුරයට පත්කරමිනි.

    තරුණ භික්ෂුවක් වූ කොබවක ධම්මින්න හිමියන් විහාරාධිපති ධුරයට පත්වීමත් කිරිවෙහෙරේ පරිපාලනය සම්බන්ධයෙන් රැඩිකල් වෙනසක් සිදුකරන්නට වූහ. කිරිවෙහෙර භුමියේ ස්ථාපිත මහසෙන් දේවාලයේ ආදායම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් වෙන්කරන්නට පියවර ගත්තේය. එතෙක් කලක් සිදුව තිබුණේ එහි අදායම දේවාලයේ කපු මහතුන් අතට විවිධාකාර ක්‍රම මගින් පත්වීමය. එසේ කපුමහතුන් අතට පත්වූ දේවාලයේ තුටු පඬුරු ආදායම වසරකට කෝටියකට එහා ගිය බව කොබවක ධම්මින්ද හිමියන්ද දැන සිටියහ. උන්වහන්සේ ඊට වැට බැඳීමත් සමග ඒ වන විට දේවාලයේ ප්‍රධාන කපු තනතුර දැරූ අසේල බණ්ඩාර උන්වහන්සේ සමග ගැටෙන්නේ දේවාලයේ කපුකම පරම්පරාවෙන් ඔවුන්ට උරුම වූවක් බැවින් එහි ආදායමද තම පරම්පරාවට හිමිවන බව කියමිනි. ඒ යැයි කියා දේවාලයේ තුටු පඬුරු ආදායම අසේල බණ්ඩාරට රැගෙන යන්න කොබවක ධම්මින්ද හිමියන් ඉඩදෙන්නට ගියේ නැත.

    දේවාලයේ තුටු පඬුරු අසේලට සිය පුද්ගලික පරිහරණයට ගැනීමට තිබුණු සෑම හිඩැසක්ම උන්වහන්සේ අහුරා දැමීය.
    ඒත් එක්කම උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ බැතිමතුන් විසින් මහසෙන් දේව ප්‍රතිමාවට පූජාකරන රන් මාල සහ රන් ආභරණ අසේල සිය සන්තකයේ තබා ගන්නා බවය. ඊටද කොබවක ධම්මින්ද හිමියන් වැට බඳින්නේ පූජා කරන රන් ආභරණ ගැන වෙනමම සොයා බලමිනි. එවිට උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ දේව ප්‍රතිමාවට පූජා කරන රන් ආභරණ වෙනුවට රන් ආ‍ලේපිත ව්‍යාජ රන් ආභරණ තබා අසේල සිය කනෙන් රිංගන බවය. එම වංචාව දිනක් උන්වහන්සේගේ අතටම හසුවූහ. ඒ උන්වහන්සේට හිතවත් දායකයෙක් විසින් දේවාලයට පරිත්‍යාග කළ පවුම් 05ක මාලයක් වෙනුවට ඔහු ව්‍යාජ රන් මාලයක් ප්‍රතිමාවට පලඳවා තිබියදීය. එවිට අසේලට උන්වහන්සේගෙන් සමාවක් නොවීය. දේවාලයේ කපුකමින් ඔහුව පන්නා දමන්නේ වෙනත් කපුවෙකුට ඒ තැන ලබා දෙමිනි. ඒ මෙයට වසර එකහමාරකට පමණ පෙරය.

    කොබවක ධම්මින්ද හිමියන්ට තර්ජන එල්ල වන්නේ ඒත් සමගිනි..  ඒ වෙන කිසිවෙකුගෙන් නොව, අසේලගෙනි. ඒ වන විට දේවාලයේ ආදායමින් අසේල කෝටිපතියෙක් බවට පත්ව සිටියේය. ඔහු මිලියන හත අටක් වටිනා සුඛෝපභෝගී ජිප් රථයක හිමිකරුවෙක් බවටද පත්ව සිටියේය. ගේ දොර වතුපිටි පවා මිලදී ගෙන තිබුණේ දේවාලයෙන් ලැබුණු තුටු පඬුරු ආදායමෙනි. එතෙක් කලක් අසේල ගත කළ සුභෝපබෝගී ජීවිතයට දේවාලයේ කපුකම අහිමිවීම දැඩිව බලපෑවේය. මැර කණ්ඩායමක් සමග ගොස්  උන්වහන්සේට තර්ජනය කරමින් බලහත්කාරයෙන් නැවතත් දේවාලයේ කපුකමට එන්නට ඔහු උත්සාහ දරන්නේ එබැවිනි. එය අසාර්ථක වන්නේ උන්වහන්සේටද සමාජයේ යම් සිවිල් බලයක් පැවැති නිසාය. අවසානයේදි අසේල උත්සාහ දරන්නේ අධිකරණ නියෝගයක් හරහා දේවාලයට රිංගන්නටය. හම්බන්තොට මහාධිකරණයේ ඔහු ඉකුත් වසරේදී කොබවක ධම්මින්ද හිමියන්ට එරෙහිව නඩුවක් පවරන්නේ ඒ අනුවය. ඔහුගේ තර්කය වූයේ දේවාලයේ හිමිකම පරම්පරාවෙන් උරුම වූවක් බැවින් එහි අයිතිය මෙන්ම ආදායමද සිය පරම්පරාවට අයත් බවය.

    දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එකී නඩුවේ තීන්දුව අධිකරණය විසින් ලබාදෙන්නේ පසුගිය 03 වෙනිදාය. ඒ දේවාලයේ හිමිකම ඇත්තේ කිරිවෙහෙර විහරාධිපති හිමියන්ට බව සඳහන් කරමිනි.

    කොබවක ධම්මින්ද හිමි ඝාතන සැලසුම ක්‍රියාත්මක වන්නේ එතැන් සිටය. ඒ සඳහා අසේල විශ්වාසවන්තයින් ලෙස යොදා ගන්නා පළමු වැන්නා වන්නේ සිය බාල සහෝදරයාය. දෙවැන්නා කතරගම ලැගුම්හලක සේවකයෙකි. කතරගම පැත්තේ ඔහු ප්‍රසිද්ධව සිටින්නේ වඳුරු කළුවා යැයි කියාය. තුන් වැන්නා වෙඩික්කරුය. යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටින ඔහුද කතරගම පැත්තේ ලැගුම්හලක සේවයේ නිරතව සිටින කෝකියෙකි. ගම්වැසියන් ඔහුව හඳුන්වන්නේ රාලහාමි යැයි කියාය. මේ තිදෙනා සමග තැන් තැන්වල මත්පැන් පානය කරමින් කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට දින ගණනාවක්ම අසේල සැලසුම් කළේය. ඔහුගේ සැලසුම වූයේ ධම්මින්ද හිමියන් ඝාතනය කර දේවාලයට රිංගීමය. ඒ වෙනුවෙන් ඔහු කන්න බොන්න පමණක් නොව, සිය සගයන්ට අතපය දිගහැර විය පැහැදම්ද කළේය.

    ධම්මින්ද හිමියන්ට වෙඩි තබා මරා දැමීමට බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද ඔහු සොයා ගත්තේය. ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට අසේල දින වකවානුද තීරණය කරන්නේ මේ සියලු සම්පත් රැස්කර ගැනීමෙන් අනතුරුවය.

    ධම්මින්ද හිමියන්ට ඒ වන විටත් ‍පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ විශේෂ ආරක්ෂාවක් බලධාරීන් විසින් ලබාදී තිබුණේය. ඒ උන්වහන්සේට එල්ල වී තිබුණු මරණිය තර්ජන හේතුවෙනි. එම තර්ජන අතර අසේල සමග ඇතිකරගත් දේවාලයේ ගැටුමට පරිබාහිර වෙනත් කාරණා මුල්කරගත් ඒවාද විය. එබැවින් අසේල සැලසුම්කරන්නේ ධම්මින්ද හිමි ඝාතනයට ඔහුගේනම නොගෑවී වෙනත් සිද්ධියක් ඉස්මතු වන ආකාරයට එම ඝාතනය කරන්නටය. එහිදී ඔහු වඩාත් සැලකිලිමත්වන්නේ උන්වහන්සේ අනාරක්ෂිත වන අවස්ථාවක් බලා සැලසුම ක්‍රියාත්මක කිරීමටය. කාලයක් තිස්සේම ධම්මින්ද හිමියන්ගේ ෙදෙනික චර්යාව දැන සිටි ඔහු උන්වහන්සේව ඝාතනය කරන්නට තීරණය කරන්නේ කිරිවෙහෙර අභියසදී රාත්‍රි කාලයේදීය. ඒ උන්වහන්සේ පුරුද්දක් ලෙස ෙදෙනිකව රාත්‍රි කාලයේ කිරි වෙහෙර වන්දනා කිරීමට පැමිණෙන බැවිනි.

    එදා 12 වෙනිදාත් උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ දෙනමක් සමග කිරිවෙහෙරට වැඩියේ වන්දනා කිරීමටය. සිය ගණනක් වන්දනාකරුවන් අතරින් ගොස් උන්වහන්සේ සෙසු භික්ෂූන් සමග එක්ව කිරිවෙහෙර වන්දනාකර, ආවාසයට යාමට සූදානම් වන්නේ රාත්‍රි 10.45 ට පමණය. ඒ වන විට උන්වහන්සේ ගොදුරු කර ගැනීමට අසේල සිය සගයන්ද සමග කිරිවෙහෙර සමීපයට එන්නේ ඔහුට අයත් විසල් වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයේ නැගීය. ඔහු එම රථයම මේ සදහා යොදා ගන්නේ කතරගම පූජා භුමිය ඇතුළත ඇති මාර්ගය ඇතුළු වීමටත් බාධාවකින් තොරව ගමන් කිරීමටත් එකී වාහනයේ අංකයට ඇති අවසරය නිසාය. නොමැතිනම් වාහන පූජා භුමියේ ඇති මාර්ගයට ඇතුළු කිරීමට ‍පොලිසියෙන් විශේෂ අවසරයක් ගත යුතුය. ඒ පහසුවත් ආරක්ෂක මුරක‍පොලුවල සිටින ආරක්ෂක නිලධාරීන් වාහනය හඳුනන බැවින් ධම්මින්ද හිමි ඝාතනයෙන් පසු සිය සගයන්ව ආරක්ෂාකාරීව පරීක්ෂාවකින් තොරව පූජා භූමියෙන්  ගමන් කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින් ඔහු සිය වාහනයම ඒ සඳහා යොදා ගත්තේය.

    කිරිවෙහෙරට කිට්ටුව මාර්ගය අයිනේ අසේල වාහනයේ රැඳී සිටියේය.  රාලහාමිට ගිනිඅවිය ලබාදෙමින් සිය සහෝදරයා සමග ධම්මින්ද හිමියන්ට වෙඩි තැබිමට පිටත් කර යැවුවේය. ඒවන විට ධම්මින්ද හිමියෝ කිරිවෙහෙර වන්දනා කර සෙසු භික්ෂූන් දෙනමත් සමග ආවාසය බලා වැඩම කරමින් සිටියේය. කිරිවෙහෙරේ උඩ මළුවේ සිට උන්වහන්සේලා පඩි බසිමින් සිටියදී එකවරම උන්වහන්සේ ඉදිරියට කඩා වදින්නේ රාලහාමිය. එතෙක් වේලා සඟවාගෙන සිටි බෝර 12 අවිය ක්‍රියාත්මක කරන්නේ ධම්මින්ද හිමියන් වෙතය. වෙඩි එකක් දෙකක් නොව, තුනක්ම ඔහු උන්වහන්සේ වෙත තැබුවේය. ඒ වෙඩි උණ්ඩ උන්වහන්සේට පමණක් නොව, උන්වහන්සේ අසල සිටි වීදා‍පොළ සෝභිත හිමියන්ගේ පාදයකටත් වැදුණේය.

    ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂකයින් ඒ වන විට සිටින්නේ  උන්වහන්සේලාට මඳක් ඈතිනි. වෙඩි හ¾ඩින් කලබල වන ඔවුන් උන්වහන්සේලා සිටි ස්ථානයට දිව එන විටත් රාලාහාමිත් අසේලගේ සහෝදරයාත් එක පිම්මේ දිව යමින් සිටියේ කිරිවෙහෙර සහ කතරගම දේවාලය වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් අතරින් රිංගමිනි. ‍පොලිස් ආරක්ෂකයින් සතුව රිවෝල්වර තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට ඒ නිසාම ඔවුන්ට ඉඩක් නොවීය. ඒ යැයි කියා ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක සෙබළෙක් සහ ‍පොලිස් කොස්තාපල්වරයෙක් වැඩේ අතහැරියේ නැත. රාලහාමි පසුපස පැන්නුවේය. ඔවුන් දෙදෙනා අල්ලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ‍පොලිස් කොස්තාපල්වරයාටත් සිවිල් ආරක්ෂක සෙබළාටත් වෙට්ටු දමා ඔවුන් දෙදෙනා අතුරුදන්වන්නේ අසේලගේ ජිප් රථයේ නැගීය. ඔවුන් දෙදෙනා එම ජිප් රථයට ගොඩවන අයුරු ඈත තියාම ‍පොලිස් කොස්තාපල්වරයා දුටුවේය. ඔහුට එම රථය හොඳට හුරු පුරුදුය. ඒ බව ඔහු සිය ‍පොලිස් ප්‍රධානීන්ට කීවේය. ඒත් එක්කම වහාම ක්‍රියාත්මක වූ කතරගම ‍පොලිසියේ නිලධාරීන් අසේලගේ නිවස වටලන්නට වූයේ ඔහුව සොයාය. ඒ වන විටත් ඔහු සිටියේ ජිප් රථය සිය ගෙවත්තේ අතහැර දමා පලා ගොසිනි. අනතුරුව ‍පොලිස් කණ්ඩායම ඔහු පදිංචි නිවස දැඩි සෝදිසියකට ලක්කළේය. ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ ගිනි අවිය මුළුතැන් ගෙය පැත්තේ ඇති දර ගොඩක් අතර සඟවා තිබියදී හමුවන්නේ එවිටය. අනතුරුව ‍පොලිසිය කොටුකර ගන්නේ වඳුරු කළුවාය. ධම්මින්ද හිමියන් ඝාතන සැලසුමට මුල සිටම සම්බන්ධවී සිටියත් අවසාන මොහොතේ ඔහු අසේලව මගහැර සිටියේය.  අසේලගේ සහෝදරයා සහ රාලහාමි ගැන ‍පොලිසියට තොරතුරු හෙළිකරන්නේ ඔහුය.  ඒ අනුව ‍පොලිසිය රාලහාමිව අත්අඩංගුවට ගත්තේ ධම්මින්ද හිමියන්ගේ ඝාතන තැතේ වෙඩික්කරුවා ලෙසිනි.

     

  • පක්ෂේ හැදුවා කියලා වැඩිය නටන්න හදන්න එපා..මම අලුත් පක්ෂයක් හදනවා..මහින්දගෙන් බැසිල්ට රතු එළියක්….

    පක්ෂේ හැදුවා කියලා වැඩිය නටන්න හදන්න එපා..මම අලුත් පක්ෂයක් හදනවා..මහින්දගෙන් බැසිල්ට රතු එළියක්….

    ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුල විවිධ මත පැතිර යමින් පවතී.
    ඒ අනුව එම 16 දෙනා පැමිණියේ තමාගේ කීමට බව හිටපු ජනපතිවරයා ප්‍රකාශ කරත්දී මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කලේ එම 16 දෙනා පැමිණියේ පොදුජන පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂ බලවේගය දෙකට කිරීමට බවයි.

    නමුදු ශ්‍රීලනිප මන්ත්‍රී ජෝන් සෙනවිතරත්න මහතා ප්‍රකාශ කලේ පොදුජන පෙරමුණ තුලින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට 16 දෙනාගේ කණ්ඩායමට අවස්තාව ලබාදෙන බව හිටපු ජනපතිවරයා පොරොන්දු වූයේ යැයිද. දේශපාලනය යනු එය යැයිද, එම නිසා එම පිරිවර පිලිගත යුතු යැයිද හිටපු ජනපතිවරයා ප්‍රකාශ කල බව සඳහන් කරන ලදී.

    මේ ආකාරයට ඒකාබද්ධ විපක්ෂය තුල 16 දෙනාගේ කණ්ඩායම දෙආකාරයකින් පිලිගන්නා අතර නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කිරීමට දැනුම්දුන්නේ හිටපු ජනපතිවරයා බව සඳහන් වුනි. ඒ පිළිබඳවද බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ අතර ඒකාබද්ධ කණ්ඩායම් හමුවේදී වචන හුවමාරුවක් සිදුවූ බව දැනගන්නට ඇත. මේ ආකාරයට ඒකාබද්ධයේ දේශපාලන පරිසරය යම් කැළඹිලි ස්වබාවයක් පෙන්නුම් කරන බව පෙනෙන්නට ඇත.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු ඇඟවීය.
    ඔහු මෙම ප්‍රකාශය කළේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.

    මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම සෙසු පක්ෂ නායකයන් හමුවුවද පොහොට්ටුවේ නායකයන් මුණ නොගැසීම ගැන දොස් පැවරීය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ ඔවුන් තමා මුණගැසුණු වගය. තමන්ගේ නායකත්වය ඡන්දය නොදුන් කණ්ඩායම නොපිළිගන්නේදැයි හෙතෙම එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත. තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා කීය. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සතු 2/3ක බලය අහිමි කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයි මහින්ද ප්‍රකාශ කර තිබිණි.

  • ශ්‍රීලනිප 16 කණ්ඩායමට ජනපති මෛත්‍රී – මන්ත්‍රී මහින්ද සහය පළකරයි….. ගෝටා බැසිල් ප්‍රසන්න කුණු කුඩයට….

    ශ්‍රීලනිප 16 කණ්ඩායමට ජනපති මෛත්‍රී – මන්ත්‍රී මහින්ද සහය පළකරයි….. ගෝටා බැසිල් ප්‍රසන්න කුණු කුඩයට….

    තම පාර්ශවය කාගේවත් මෙහෙයවීම යටතේ නොමැති බවත් අද කටු කන්න ගිය ලෙස තමන්ට චෝදනා නගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ මොහොතේ ඔහුව දමා ඇමරිකාවට පළාගිය බැසිල් රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

    ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ නිදහසේ වේදිකාව ජනරැලි මාලාවේ දෙවන රැළියට ඊයේ (16) මාතලේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    බැසිල්ලා ඉටුකරන්නේ එජාප අවශ්‍යතාව – දයාසිරි 

    තමන් කාගේවත් කටු කන්න ආණ්ඩුවට නොගිය බවත් කටුව ඇතුළෙන්ම සුප්පු කරන්නට ගිය අය මහින්ද රාජපක්ෂගේ පරාජයට වගකිවයුතු බවද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

    එසේම වෙනත් විපක්ෂයක් නම් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එක්වන්න එන පාර්ශව භාරගන්නා නමුත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස කටයුතු කරන මේ පාර්ශව තමන්ට විවිධ චෝදනා එල්ල කරන බවත් කොහොමටත් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව ඉටු කිරීම සදහා තම පිරිස සූදානම් නොමැති බවද ඔහු පවසා ඇත.

    බැසිල් පැනලා ගියාට අපි ගියේ නෑ – එස්.බී 

    මෙහිදී අදහස් දැක්වූ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂව දමා බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ගියත් තම පාර්ශවය පක්ෂය හැර නොගොස් සිටි බවය. 

    එවැනි පළාගිය පාර්ශව මොනවා කීවත් පොහොට්ටුවේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ එකම සහෝදර පිරිසක් බවද සඳහන් කල මන්ත්‍රීවරයා තම පාර්ශවය පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ යෝජනා කල ආකාරයට සියලු දෙනා එකට එකතුව එජාප විරෝධී බලවේගයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වූවා නම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට තිබූ බවද ඔහු පැවසීය.

    ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් සමග පොදුජන පෙරමුණෙන් තරඟ කරන බවද ඔහු පැවසීය.

    මාල හොරා දන්න නීතියක් තියනවද – ඩිලාන් 

    මේ අතර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙම අවස්ථාව අමතමින් සඳහන් කර සිටියේ  මාල හොරකමේ ගිය අයෙකු පසුගියදා තමන් සිදුකල ප්‍රකාශයක් ගැන කිසිඳු දැනුමක් නොමැතිව ප්‍රතිචාර දක්වා ඇති බවත් මාල හොරුන් නීතිය ගැන දන්නා දෙයක් නොමැති බවත් ය. 

    තමන් මෛත්‍රී ජනාධිපතිකර මහින්ද අගමැති කිරීමට සූදානම් බවට යෝජනා කල විට මාල හොරා “අම්මෝ, අපේ මහින්ද මහත්තයා අගමැතිකරන්න පුළුවන්ද” අසමින් නීතිය ගැන නොදන්නා කම ඔප්පු කල බවද මන්ත්‍රීවරයා පැවසීය.

    නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේ පසුගියදා 16 කණ්ඩායම පිළිනොගන්නා බවට පොදුජන පෙරමුණේ සාමාජික හිටපු මන්ත්‍රී  බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

  • ටෙස්ට් තරගය අතරතුර අසාධාරණ පන්දු මාරුවට මැද විරෝධය පෑ අපේ සිංහයන්ට වෙන්න යන දේ මෙන්න…

    ටෙස්ට් තරගය අතරතුර අසාධාරණ පන්දු මාරුවට මැද විරෝධය පෑ අපේ සිංහයන්ට වෙන්න යන දේ මෙන්න…

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම කි‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස් කර ගෙන සිටියා. 

    ඊයේ (16) දිනයේදී කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 300කට සීමා වුණා. ඩෙවෝන් ස්මිත් ලකුණු 61යි. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදි රැස්කළ ලකුණු සංඛ්‍යාව 253ක්. ඒ අනුව කඩුළු 09ක් අතැතිව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 13ක් පසු පසින් සිටිනවා. 

    මේ අතර පන්දුව මාරු කිරීමට යාමේදී එම පන්දුවේ තත්ත්වය පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඊයේ පිටියට පිවිසීම ප‍්‍රතික්ෂේප කළා. ගැටලූව විසඳන තුරු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පිටියෙන් ඉවත් සිටි අතර ඒ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් තරගය නතර වී තිබුණා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ අදාළ අවස්ථාවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ගනු ලැබූ කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් යම් ගැටලූවක් මතුවුවහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවයි.

  • ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී.. කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්‍රණයක!

    ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී.. කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්‍රණයක!

    මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දඩමිමා කරගනිමින් ගෝඨාගේ ගෝලයන් මෙහෙයුමක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් වෙමින් තිබේන අතර එම මෙහෙයුම ජාතික හෙළ උරුමයේන් ගැලවි ගිය ජනපති සහ ආණ්ඩුවෙ ප්‍රබලයන් සමග සම්බන්ධකම් ඇති පිරිසක් විසින් මෙහෙයවමින් සිටින අතර ඒ සදහ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක්ද සහය ලබාදෙමින් සිටි.

    එම පිරිස ත්‍රෛයි නිකායික මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමගද සාකච්ඡාකර තිබේන අතර ඔහුන් හරහා ජනාධිපතිවරයාටද කතා කරමින් ඉල්ලා ඇත්තේ ඥනසාර හිමියන්ට වහාම සමාවක් ලබාදි නිදහස් කරන් ලෙසයි.නමුත් මහ නාහිමිවරුන් එම ඉල්ලිමට ඇහුම්කන් දුන්නද ඥනසාර හිමියන් නිදහස් කරන ලේස ඉල්ලා නිවේදනයක් නිකුත් කිරිමට අකමැත්ත පලකර තිබේ.

    ඥනසාර හිමියන් සම්බන්ධයෙන් බරපතල්ක ගැටලුකාරී තත්ත්වයන් මතු වි තිබුනද මේ වනවිට ඥනසාර හිමියන්ට දුන් දඩුවම හේතුවෙන් රටතුල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේන බව ඔහුන් විසින් පෙන්වා දි තිබේ.

    මේ අතර ඥනසාර හිමියගේ න්‍යායාචාරවරයා ලෙස පෙනී සිටින ඩිලන්ත විතානගේ ගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෝලයන් රොත්තක් අද ඥනසාර හිමිගේ පන්සලට හදිසියේම කඩාවැදි සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ඥනසාර හිමියන්ට සහය දක්වන ඔහු ලගින්ම සිටි හාමුදුරුවන් වහන්සේලාට එම පිරිස දැනුම් දි ඇත්තේ අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට ගෙවිමට නියම කල රුපියල් 50,000ක මුදල නොගෙවා සිටින ලෙසයි.

     

     

     

     

     

     

     

     

     

     

     

     

    අදාල දඩ මුදල නොගෙවා සිටිය හොත් තවත් මාස 3ක පමණ කාලයක් ඥනසාර හිමිට හිරබත් කන්නට වන අතර ගෝඨා කල්ලියේ අරමුණ වි ඇත්තේද එය වන අතර ඒ හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරිම ඔහුන්ගේ මෙහෙයුම වි තිබේ.

    2015 ජනාධිපතිවරණයේ සෝභීත හිමිගේ චරිතය වෙනුවට 2020දි අපවත් වි වදාළ බෙල්ලන්විල විමලරත්න හිමියන් භාවිතා කිරිමට මෙහෙයුම් දියත් කරමින් සිටි අතර උන්වහන්සේ තමන්ගේ උපකුලපති ධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු කල නමුත් හදිසියේම සිදුවු අනතුරින් අපවත් විමෙන් පසුව ගෝඨා කල්ලිය අලුත් විරයෙකු සොයමින් සිටි බව නොරහසකි.

    මිට අමතරව ජනාධිපති සමාව ලබා ගැනිමට කටයුතු නොකරන ලෙසත් ඒ අකාරයේ සමාවක් ලැබුනද වහාම එය ප්‍රතිකේෂ්ප කිරිමට කටයුතු කලයුතු බවයි ගෝඨා කල්ලියේ අදහස වි ඇත්තේ.

    පසුව ගෝඨා කල්ලියේ එම යෝජනාවන්ද රැගෙන ඥනසාර හිමියන්ගේ ගෝලයන් ඥනසාර හිමියන් මුණගැසුන අතර එම යෝජනා සම්බන්ධයෙන් උරණ වු ඥනසාර එම හිමිවරුන් කෑ ගසා පන්නාගෙන තිබේ.

    ඥනසාර හිමියන් බැලීම සදහා ගිය උදය ගම්මන්පිල සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන්ද මුණගැසීම ඥනසාර හිමියන් විසින් ප්‍රතිකේෂ්ප කල අතර තමන් හමුවිමට කිසිවෙකුටත් පැමිණිමට අවස්ථාව ලබා නොදෙන ලෙසට ඥනසාර හිමියන් ඉල්ලිමක්ද කර තිබේ.

    මේ වනවිට ගෝඨා කල්ලිය ඥනසාර හිමි බේරා ගැනිමේ මෙහෙයුම දියත් කිරිමට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා පෝස්ටර්,සමාජ ජාලා මෙහෙයුමක් දියත් කිරිම් සහ දිවයින පුරා පන්සල් ඉලක්ක කර බෝධි පුජා පැවැත්විමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර එම සටන තීව්‍ර කිරිම සදහා පසුගිය සමයේ ජාතිවාදය වපුරමින් විවිධ ප්‍රකාශ නිකුත් කල තවුදිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සමාජ තුල යලිත් සංවාදයක් නිර්මාණය කිරිමටද සාකච්ඡා වි තිබේ.

    ගෝඨා කල්ලිය මෙමෙ මෙහෙයුම සදහා අවශ්‍ය පහසුකම් සියල්ලම ඩිලන්තට ලබාදිමට එකග වි ඇති අතර ඒ සදහා ගෝඨා කල්ලියේ ප්‍රබලයෙකු ලෙස පෙනී සිටින ගෝඨාගේ ගිණුම් සියල්ලම පාලනය කරන නාලක ගොඩහේව මැදිහත්ව සිටින අතර කුප්‍රකට න්‍යායාචාර ඩිලන්ත විතානගේ හරහා මෙ වනවිට අවශ්‍ය සියල්ල සැපයිමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ජනාධිපති සමාව ප්‍රතිකේෂ්ප කර එම මාස 6ත් ,සන්ධ්‍යාට ගෙවිය යුතු දඩය නොගෙවා තවත් මාස් 3ක් කලයකුත් බන්ධනාගාරයේ ඥනසාර හිමියින තැබිමෙන් ඔහු ජාතික විරයෙකු කිරිමේ කුප්‍රකට මෙහෙයුම මේ වනවිට ගෝඨා කල්ලිය මෙහෙයවමින් සිටි.

    කෙසේවෙතත් ඥනසාර හිමියන් අධික දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර එම් දියවැඩියාව සදහා බෙහෙත් ගැනිම හෙතුවෙන් ඔහුගේ අක්මාවේද ආසාදන තත්වයක් තිබේන අතර් ඊට අමතරව බෙල්ලේ ඇතිවන දැඩි වේදනාව හේතුවෙන් අසරණ වි සිටින ඥනසාර ඉතා ඉක්මනින්ම ජනාධිපති සමාවක් ලබා ගනිමින් නිදහස් විමේ දැඩි අවශ්‍යතාවයකින් පසුවන බවයි දැන ගන්නට ඇත්තේ.

    කෙසේවෙතත් ජනාධිපතිවරයාට අප දෙන උපදෙස නම් තවත් මාස 9කට පසුව අලුත් විරයෙකු නිර්මාණය කර තමන්ට එරෙහි (මෛත්‍රී ජනපතිට) අලුත් දුෂ්ටයෙකු සාදා ගැනිමට අකමැති නම් වහාම පොදු සමාව දි ඥනසාර හිමියන් හිර ගෙදරින් දොට්ට දැමිම නුවණට හුරුය.

    උපුටනය: Lankaleaks.net

  • කිරිවෙහෙර නාහිමිගේ ප්‍රතිකාර රජයේ වියදමින්

    කිරිවෙහෙර නාහිමිගේ ප්‍රතිකාර රජයේ වියදමින්

    වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වැයවන සියලු වියදම් රජය මගින් දැරීමට තීරණය කළ බව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට  පවසයි.
     
     උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් රැගෙන ඒම වෙනුවෙන් වියදම් වූ මුදල ද රජය මගින් ගෙවීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් ලක්‌ෂ 5 1/2 ක්‌ වැයවී ඇතැයිද ඇමැතිවරයා කීවේය.