යාපනය වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ උපකාරක පන්තියකට ගිය සිසුවියක් අපයෝජනයට ලක්‌කළ සහ තවත් දැරියන් කීපදෙනෙකුට අතවර සිදුකළා යෑයි පවසන ගුරුවරයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකට යන සිසුවියන් හට අතවර සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු පිළිබඳව සිසුවියන් තිදෙනකු පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පසුගිය බදාදා අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරයා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
මේ අතර මෙම ගුරුවරයා උගන්වන පාසලෙන් මොහුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මවුපියන් හා පාසල් සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ අනුව ඔහුව පාසලෙන් ඉවත් කිරීමට අදාළ පාසලේ විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.වැටීමෙන් පිළිස්‌සුම් තුවාල ලබා ඇත.
Blog
-

දැරියන් රැසකට අතවර කළ යාපනයේ අමන ගුරා අත්අඩංගුවට
-

රජීව් ගාන්ධි ඝාතකයින් ඉල්ලූ ජනපති සමාවට ලැබුණු ප්‍රතිචාරය
හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසයි.
එම පුවත්පතට අනුව අදාළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මධ්‍යම රජයට එවැනි තීරණයකට එළඹිය නොහැකි බවයි. මෙවැනි සංකීර්ණ සිද්ධීන් වලදී අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවන බවද ජනාධිපති රාම් නාද් කෝවින්ද් පවසා ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසන අතර එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ මානුෂීය කරුණු සලකා බලා හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ඝාතනයේ වරදකරුවන් හට සමාව දී නිදහස් කරන ලෙසට තමිල්නාඩු රජය ඉකුත් වසර 04 තුළදි දෙවරක් රජයට ලිපි මගින් ඉල්ලීම් කර ඇති බවයි.
-

නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නවා
නොරොච්චෝල බලාගාරය ජාතික අවශ්‍යතාවක් නිසා ඉදිරියේදී පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය තුළින් පරිසරයට සහ ඒ අවට ජනතාවට සිදුවෙතැයි හානි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ රටේ විදුලිබල අවශ්‍යතාව සපුරාලීම පිණිස විශාල දායකත්වයක් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සපයන බවයි.නොරොච්චෝල බලාගාරයෙන් පිටවන අළු හේතුවෙන් පරිසරයට සිදුවෙතැයි පවසන හානිය වලක්වා ගැනිම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග බොහෝමයක් මේ වනවිට ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව පරිසර අධිකාරිය යහපත් ප්‍රතිචාර දක්වා ඇත.
ඉදිරියේදී නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ නිර්දේශ මත වඩාත් පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ ක‍්‍රම අනුගමනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය සියඹලාපිටිය මහතා ප‍්‍රකශ කළේය.
ඒ අනුව ඉදිරියේදී සුළං බාධක භාවිත කිරීම, බලාගාරයෙන් පිටවන අළු සෑම විටම ආවරණය කර තැබීම සහ වඩාත් ඉහළ ප‍්‍රමිතියකින් යුත් ගල් අඟුරු භාවිත කිරීම ආදිය සිදුකරන බව විෂයභාර අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව අදාළ සුළං බාධක මේ මස 22 දින ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී එම් එස් බටගොඩ, වයඹ පළාත් මහ ඇමති ධර්මසේන දසනායක යන මහත්වරුන් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරිය, ශ‍්‍රී ලංකා ගල් අඟුරු සමාගම සහ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යන ආයතනයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
-

ලක්ෂ දහයකට නව ඉඩම් දෙන වැඩසටහන අති සාර්ථකයි
දසලක්ෂයක පිරිසකට ඉඩම් ලබාදීමේ වැඩසටහන සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බව ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පවසයි.
වතුකරයේ ජනතාවට ද ඉඩම් ලබාදීම කඩිනමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
-

ලංකාවට ඇවිත් හෝටලයකදී ලීක් කරගත්තු ජනප්‍රිය ඉන්දියානු ටෙලි නිළියගේ ඔබ නොදුටු ඒවා මෙන්න……
ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නිළියක වන සාරා ඛාන්ගේ නිරුවත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හුවමාරු වෙමින් ඇත.
ඇය නානකාමරයක බේසමක් තුළ නිරුවතින් විනෝද වෙමින් සිටින ඡායාරූපයක් මෙලෙස හුවමාරු වෙමින් තිබේ.
මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සාරා ඛාන්ගේ නැගණිය වන ආර්යා ඛාන් ඉන්ස්ටර්ග්‍රෑම් ඇගේ ගිණුමේ පළකල වීඩියෝවකිනි.
මෙම වීඩියෝව ඉක්මණින්ම ගිණුමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත් කිසියම් අයෙකු එම වීඩියොවෙන් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැර තිබේ
කෙසේ වෙතත් මෙය සිදුව ඇත්තේ සාරා ඛාන් ,ඇගේ නැගණිය සමග ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි අවස්ථාවක බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ කරන සාරා ඛාන් පවසන්නේ මෙවැන්නකි.
‘‘එය සිදුවුණේ පසුගිය රාත්‍රියේ.මම මගේ පවුලේ අයත් එක්ක ලංකාවේ නිවාඩුවක් ගත කරමින් ඉන්න වෙලාවකයි මෙය සිද්ධ වුනේ.මගේ නැගණිය ටිකක් බීමතින් සිටියේ.මේ වීඩියෝ එක ඉන්ස්ටර්ග්‍රෑම්හි පලවීම අත්වැරැද්දක් ලෙසයි මම දකින්නේ.ඇයත් මනුස්සයෙක්..මට ඇයට සමාව දෙන්න පුලුවන්.මම හිතන්නේ ඉන්දියානු මාධ්‍ය ගැහැනු ළමයකුට අපහාස නොකළ යුතුය ” යනුවෙන් ඇය සඳහන් කර තිබුණි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි. -

රටම හිනස්සන හිරු එකේ අරාට address නැතිකරපු පොඩි එකාගේ කතාව මෙන්න….
රටම හිනස්සන හිරු එකේ අරාට address නැතිකරපු පොඩි එකාගේ කතාව මෙන්න….
-

ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ හා පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….
ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….
https://www.youtube.com/watch?v=PEk7CGP6V2M
https://www.youtube.com/watch?v=Yn-_KoAL8b8
-

කෙල්ලගේ කකුල් දැක්කම කොල්ලන්ගේ කෙලින් වෙන ඒවා ගැන දන්න ශලනි ගැන චමුශ්‍රී ගීතයකින් කියපු හැටි…
”මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න මාව විවේචනය කරන්න ඔබට අයිතියක් නෑ….”
”මම ඇන්දේ බිකිනියක් නෙමෙයි..”
”අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්…”
https://www.facebook.com/supirigossip1/videos/1494402337262034/
පසුගියදා ආන්දෝලනයට ලක්වූ චරිතයක් තමයි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහුගේ උපන්දින සාද ඇඳුම් සම්බන්ධයෙන් පළවන කතාබහ අතරේ සායට රෙදි මදිවුණාදැයි කතා අසාගත් ජනප්‍රිය නිළි ශලනි තාරකා ඒ ගැන අදහසක් සතිඅන්ත පුවත්පතකට පළකර තිබෙනවා.
”කට්ටියටම පොදුවේ කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි එකිනෙකා දකින විදිහ වෙනස් කැමැත්තක් වෙනස් කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුළුවන්. අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්.
ඉතින් මගේ පෞද්ගලික ජීවිතයේ මට කැමති අයුරින් අඳින්න කොටට හෝ දිගට අඳින්න මට අයිතියක් තියෙනවා ඔබට වගේම. ඒ මගේ කැමැත්ත. තිරයේ දී ඒ ඒ චරිතවලට අනුව ඇඳුම් ඇන්දත් සාමාන්‍ය ජීවිතයේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඇඳුම් අඳින ඕනෑම අයෙකුට නිදහසක් තියෙනවා.
මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න එයයි විය යුත්තේ. පෞද්ගලික ජීවිතය නෙමේ.
ඇඟ වැහෙන්න ඕන තැන් ටික වහගෙන ඇඳුම කොටවෙලා ඒකට උඩින් නෙට් රෙද්දක් දාලා ඒක ඇතුළෙන් කකුල් දෙක පේනවා දැක්කම නළියන කට්ටියට ඊළඟ දවසේ බුර්කාවක් ඇඳලා පින්තූරයක් දාන්නම්. කරුණාකරලා දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. මේ ඇඳලා ඉන්නේ බිකිනියක් නෙමේ. අනිත් එක theme එක ගැන කතා කරපු අයට දැන ගැනීම පිණිස ඒක Royal and Hollywood. මේක දැම්මේ දැනුවත් කිරීමට මිසක් වාද කිරීමට නොවේ. ඒ නිසා තමන්ගේ කාලය කමින් මේ කමෙන්ටුව යටින් වාද විවාද කරගෙන යන්න වැඩ නැති චූටි නංගිලාට දැන් ඉතින් අවසර. මට නම් ඒවට සහභාගි වීමට කාලය නැති බව දන්වමි.”
ඡායාරූප කිහිපයක් පහතින්….



-

වෙල්ලමුල්ලිවයික්‌කාල් සැමරුම ගිය වියදම විමසුවාට උරණවී විපක්‌ෂ නායකයාගේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක් ගැටගහලා
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් 12 දා සවස යාපනයට පැමිණ උතුරු පළාත් සභාවේ විපක්‌ෂනායක එස්.තවරාසා මහතාගේ නිවසේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක් ගැටගසා තිබේ.
විශ්වවිද්‍යාල සිසුන් මේ අන්දමට සල්ලි මල්ලක් ගැට ගසා ඇත්තේ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට මැයි මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් පළාතේ පැවති උත්සවය සඳහා ගිය වියදම් හා අයවැය පිළිබඳව විපක්‌ෂනායකවරයා පළාත් සභා සැසිවාරයේදී දිගින් දිගටම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධය පළ කිරීමටය.
මෙම උත්සවය සඳහා උතුරු පළාත් සභාවේ එක් දෙමළ මන්ත්‍රීවරයකුගෙන් රුපියල් 7000 බැගින් එකතු කළ අවස්‌ථාවේදී විපක්‌ෂනායක තවරාසා මහතාද රුපියල් 7000 ගෙවා තිබේ.
උත්සවයෙන් පසුව එම මුදල් සම්බන්ධයෙන් විපක්‌ෂනායකවරයා දිගින් දිගටම කරුණු විමසීමෙන් උරණ වූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් එක් සිසුවකුගෙන් රුපියල බැගින් එකතු කොට උතුරු පළාත් සභාවේ විපක්‌ෂනායකවරයා ලබාදුන් රුපියල් 7000 පියවා තිබේ.
මෙම රුපියල් 7000 මුදල ද රැගෙන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී විපක්‌ෂනායකවරයාගේ මුදල බාරගෙන එය ඔහුට ආපසු ලබා දෙන මෙන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
පසුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් එම මුදල ද රැගෙන විපක්‌ෂනායකවරයා හමුවීමට ගිය අවස්‌ථාවේදී එම මුදල බාර ගැනීම ප්‍රතික්‌ෂේප කරමින් විපක්‌ෂනායකවරයා පලාගොස් ඇත.
ඉන් අනතුරුව සිසුන් විපක්‌ෂනායකවරයාගේ නිවසේ ගේට්‌ටුවේ මුදල් පසුම්බිය ගැට ගසා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී පිටව ගොස් ඇත.
යුද්ධයේදී මියගිය වැසියන් සිහිපත් කිරීම පිණිස පැවති උත්සවයට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විශාල මුදල් පරිත්‍යාගයක් කළ බව පවසන සිසුන් තවරාසා විපක්‌ෂනායකවරයාට ඔහුගේ රුපියල් 7000 ක මුදල එතරම් වටින්නේ නම් එය ඔහුට ආපසු බාරදීම උචිතම ක්‍රියාව බවද කියා ඇත..
-

පොලිසියට හා සිවිල් ආරක්‍ෂකයන්ට පහරදී ආරුගම්බේදී ඇල්ලූ බීමත් සැකකරුව මුදාගනී
පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන් ගැවසෙන හෝටලයක් අසල බීමත්ව අශෝභනව හැසිරුණු පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එම පුද්ගලයාගේ කණ්‌ඩායමේ පිරිසක් පැමිණ පොලිස් නිලධාරීන්ට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තුන් දෙනකුට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුට පැනයාමට ඉඩ සලසා ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.
ඉකුත් 12 වැනිදා සවස 6.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. එම අවස්‌ථාවේ ඒ අවට සිටි මුස්‌ලිම් ජනතාව 50 ක් පමණ ඒකරාශී වූ බවත් සැකකරුගේ කණ්‌ඩායමේ හත්දෙනකු ආරක්‍ෂක නිලධාරීන්ට හෙල්මට්‌වලින් සහ අතින් පයින් පහර දුන් බව සිද්ධිය දුටුවෝ පැවසූහ. ප්‍රහාරයට ලක්‌වූ පොලිස් නිලධාරියා සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තිදෙනා පොතුවිල් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මෙසේ ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ පොතුවිල් උල්ල පොලිස් මුරපළේ සේවය කරන පො. කො. (8216) වැදිවෙල මුදියන්සේලාගේ නුවන් චාමර, සිවිල් ආරක්‍ෂක බළකායේ එම්. ඕ. (27625) ඥනරත්න චමින්ද එම්. ඕ. (27395) සුදුබණ්‌ඩා ප්‍රේමසිරි එම්. ඕ. (13720), හීන්නිළමේ වික්‍රමරත්න, ගාමිණි වික්‍රමරත්න යන නිලධාරීන් ය.
පහරදුන් සැකකරුවන් ගෙන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉතිරි සැකකරුවන් සොයා පොතුවිල් සහකාර පොලිස් අධිකාරී වැලිසරගේ මහතාගේ උපදෙස් පරිදි පොතුවිල් පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත කුමාර මහතාගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.
එම ප්‍රහාරයට ලක්‌වූ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරියෙකු සඳහන් කළේ බීමත්ව සිටි සැකකරු පාලනය කළ නොහැකි වූ හෙයින් මාංචු දමා පෞද්ගලික ත්‍රී රෝද රථයකින් පොලිසියට රැගෙන යන අවස්‌ථාවේ මග හරස් කර ත්‍රී රෝද රථය නවතා අපේ කොල්ලා බේරගන්න එන්න කියා පිරිසක් කෑ ගැසූ බවයි. ඉන්පසු 100 ක් පමණ එකතු වූ බවද සැකකරු පොලිසියේ රාළහාමි ළඟ සිටි බවද පිරිස රාළහාමි වෙනම කොටු කරගත් බවද ආරක්‍ෂකයින් වෙනම කොටු කරලා බිම දමා ගැසු බවද හෙතෙම පැවසීය.
රාළහාමිගේ අත් දෙකට ගැහුවම සැකකරු අතහැරුණා. ඉන් පසු ඔවුන් සැකකරු උස්‌සන් ගියා යෑයි සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියා සිටියේය.
-

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ Miss British Empire 2018 යන නවගමුවේ රූපසුන්දරිය මෙන්න…
ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින්
වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතයි.ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව පුහුණුව ලබමින් සිටිනවා. මේ වනවිට ඇය මියුසික් වීඩියෝ කිහිපයකට දායකවී තිබෙනවා.
අනාගතයේ වෛද්‍ය පරිපාලන ක්ෂෙත්‍රයට සම්බන්ධවීමට අදහස් කරමින් සිටින ඇය ඇය බ්‍රයන් කර්කොවන් නමැති විලාසිතා සැලසුම් ශිල්පියා යටතේ පුහුුණුව ලබමින් StarNow Modeling නමැති ඒජන්සිය හරහා මෙම තරගයට ඇය අයදුම් කර තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 97 කට මෙම තරගයට සහභාගී වීමට වරම් ලබාඇති බවයි වාර්තා වන්නේ. තමන්ට ලැබුණු මෙම අවස්ථාව රටට ගෞරවයක් අත්කරදීමට අවස්ථාවක් බවද ඇය පවසනවා.

-

මාස 06ක් පවතින අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නොයන ඔබ නොදන්නා ඇඟ හිරිවැටෙන හේතු මෙන්න…..
අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නොයන ඇඟ හිරිවැටෙන හේතු මෙන්න
-

බුකියේ ඉදන්ම SL vs WI Test මැච් එක Live බලන්න ලින්කුව මෙන්න…
මැච් එක ලයිව් බලන්න ලින්කුව මෙන්න…..
-

සිංහරාජයේ අලි දෙදෙනා වෙනත් ප්‍රදේශ වලට මුදා හැරීමේ තීරණය අවලංගුයි… ජනපති මෛත්‍රී නියෝග කරයි
ජනපති නියෝගයෙන් සද්ධන්තයින් දෙදෙනාට සිංහරාජය නැවතත් හිමිවෙයි
ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.
යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද (14) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී එම නිලධාරින් සමඟ පැවති හමුවකදීය.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ, මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි.
ලෝක ප‍්‍රජාවගේ අවධානයට යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛව වැදගත්කමකින් යුතු සිංහරාජ වනාන්තරයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
මෙම අලි දෙදෙනාගෙන් ප‍්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශි‍්‍රතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙෂ ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.




