Blog

  • ලෝක‌ෙම ‌හ‌ොය ‌හ‌ොයා බලන අසිරිමත් පාපන්දු ලෝක කුසලානයේ නිල ගීතය ම‌ෙන්න…. (VIDEO)

    ලෝක‌ෙම ‌හ‌ොය ‌හ‌ොයා බලන අසිරිමත් පාපන්දු ලෝක කුසලානයේ නිල ගීතය ම‌ෙන්න…. (VIDEO)

    ජූලි මස 15 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර ඉකුත්දා  එළිදැක්වු මෙවර පාපන්දු තරගාවලියේ තේමා ගීතය වන live it up ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට ඊට දායකත්වය දුන් ගායක ගායිකාවෝ සූදානම්වී සිටින අතර සුප්‍රකට අමෙරිකානු රංගන ශිල්පි විල් ස්මිත්, ඇල්බීනියානු සුරූපි ගායිකා එරා ඉස්ට්‍රෙෆී, අමෙරිකානු ගායක නිකී ජෑම් සහ අමෙරිකානු ඩී.ජේ. ඩිප්ලෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට නියමිතයි. 

    නිල ගීතයේ වීඩියෝ පටයට පෙනී සිටි බ්‍රසීලයේ හිටපු විශිෂ්ට ක්‍රීඩක රොනල්ඩීනෝ ද මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.

    ලිව් ඉට් අප් ගීතය වසර 2010 දකුණු අප්‍රිකාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ සුපිරි ගායිකා ශකීරා ගැයූ ‘වකා වකා‘ ගීතයට වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබෙනවා.

    නිල සුරතලාගේ රංගනයක්

    සමාරම්භක උළෙලේදී මෙවර තරගාවලියට නිර්මාණය කළ නිල සුරතලාගේ අපූරු රංගනයක් ද එක්වී තිබෙනවා. රුසියාවට ආවේනික වෘක විශේෂයක් වන සබිවකා පවුලේ වෘකයකු තරගාවලියේ නිල සුරතලා වශයෙන් තෝරාගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේදීයි. නිල්, සුදු හා දුඹුරු වර්ණය සංකලනය වූ ඇඳුමකින් සැරසී සිටින නිල සුරතලාගේ ලාංඡනය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ 21 හැවිරිදි රුසියානු තරුණියක වන එකටෙරිනා බොචරෝවාටයි. ඒ සඳහා පැවැති නිර්මාණ තරගයෙන් ජයගත්තේ මේ තරුණිය නිර්මාණය කළ සබිවකා වෘකයාගේ රුවයි. එය තෝරාගැනීම සඳහා අන්තර්ජාලය මගින් ඡන්ද විමසීමක් ද සිදුකර තිබුණා.

  • ගාල්ලේ උද්‍යානයක ‌ජ‌ෝඩුව පෙම්සුව විදිද්දී ‌ක‌ොල්ලග‌ේ යතුරුපැදියට විදලා… ඇත්ත කතාව ම‌ෙන්න….

    ගාල්ලේ උද්‍යානයක ‌ජ‌ෝඩුව පෙම්සුව විදිද්දී ‌ක‌ොල්ලග‌ේ යතුරුපැදියට විදලා… ඇත්ත කතාව ම‌ෙන්න….

    යතුරුපැදියෙන් පැමිණ එය ගාල්ල ධර්මපාල උද්‍යානය ඉදිරිපිට නතරකොට තම පෙම්වතිය සමග එම උද්‍යානයේ පෙම්සුව විඳිමින් සිටියදී පෙම්වතාගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගොස්‌ ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.

    පෙම්වතා මොරටුව ජර්මන් ටෙක්‌ ආයතනයේ පාඨමාලාවක්‌ හදාරමින් සිටින සිසුවෙක්. ඔහු තමාට අයත් යතුරුපැදියෙන් ගාල්ල ධර්මපාල උද්‍යානයේ පළමු ගේට්‌ටුව අසල යතුරුපැදිය නතරකොට එහි හැඬලය ලොග්කොට තම පෙම්වතිය සමග ධර්මපාල උද්‍යානයට ගොස්‌ තිබෙනවා. ධර්මපාල උද්‍යානයේ සිට දහවල් 12.40 ට පමණ ගෙදර යැම සඳහා පැමිණ බලන විට යතුරුපැදිය එහි තිබී නැත.

    මෙම යතුරුපැදිය කිසිවකු විසින් සොරකම් කරගෙන ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. මෙම යතුරුපැදිය 2016 වර්ෂයේදී මිලදීගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් දෙලක්‍ෂ හැටපන්දහසක්‌ පමණ වන බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. ගාල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වනවා.

  • ගෙදරින් තරහාව‌ෙලා කොළඹ ආපු රූමත් නිවුන් දැරියන් දෙදෙනා දුෂණය කළ කාමාතුරයා Imo හරහා මාට්ටු…

    ගෙදරින් තරහාව‌ෙලා කොළඹ ආපු රූමත් නිවුන් දැරියන් දෙදෙනා දුෂණය කළ කාමාතුරයා Imo හරහා මාට්ටු…

    මවුපියන් සමඟ අමනාප වී නාවලපිටියේ සිට කොළඹට පැමිණි රූමත් නිවුන් දැරියන් දෙදෙනා දූෂණය කොට වසරක් පුරා සොයා ගැනීමට නොහැකිව සිටි ප්‍රධාන සැකකරුට ඉමෝ තාක්ෂණයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ලෙස ආදරය කළ පොලිස් කාන්තාවන් දෙදෙනකු ඔහු පේරාදෙණිය ප්‍රදේශයට ගෙන්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනකු ලෙස පෙනී සිටි පොලිස් කාන්තාවන් වූ නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො. පරීක්ෂිකා ශ්‍යාමලී, කාන්තා පොලිස් කොස්තාපල් සමන්මලී (3660) යන දෙදෙනා ඉමෝ තාක්ෂණය ඔස්සේ මෙම සැකකරුට ආලය පෙන්නා මෙසේ උපායශීලීව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ගලහ මංසන්ධියට ගෙන්වා ගෙන තිබෙනවා.

    අදාළ උපායට අනුව ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය පළමුව ඔහුට ආදරය කරන තරුණිය සේ පෙනී සිට ඇති අතර ඇගේ විශ්වවිද්‍යාල යෙහෙළිය ලෙස පෙනී සිටි සමන්මලීද සිය යෙහෙළියට හොරා මොහුට ආදරය කරන බවත් දක්වා තිබෙනවා.

    කාන්තාවන්ට ලොල්ව මෙම සැකකරු එක ගමනින් ගොදුරු දෙකක් ගැනීමේ අරමුණින් මහනුවරට පැමිණ තිබෙනවා.

    නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියන් වූ 15 හැවිරිදි වියේ පසු වූ නිවුන් දැරියන් දෙදෙනා නිවෙසේ අය සමඟ අමනාප වී කිසිවකුට නොදන්වා හොර රහසේ කොළඹට පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා පිටකොටුව බස් නැවතුම්පොළේ සිටියදී මෙම සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම දැරියන් දෙදෙනාට රැකියාවන් දෙන බව පවසා ලියගම ප්‍රදේශයට රැගෙන ගොස් බෝඩිම් කාමරයක තබාගෙන දූෂණයට ලක් කර ඇත.

    මේ අතර දැරියන් දෙදෙනා අතුරුදන් බවට නාවලපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි මත පසුව ඔවුන් කොළඹ ප්‍රදේශයේ සිටියදී සොයා ගෙන උසාවි මාර්ගයෙන් පරිවාස ගත කරන ලදී.

    මෙම සැකකරු පිළිබඳව දැරියන් නිසි තොරතුරක් නොදන්නා බව හෙළිවීම මත ලැබී තබූ සාමාන්‍ය තොරතුරු අනුව ඔහු සොයා පරීක්ෂණ සිදුකර තිබෙනවා.

    ඒ අතර ඉමෝ ඇමැතුම්වල ඔහු සිටින බව දැන මෙසේ ඔහු සමඟ මෙම පොලිස් කාන්තාවන් ආදර වදන් තෙපළා තිබෙනවා.

    සැකකරු ලියගම ඇඟලුම් කම්හලක සේවය කරන්නකු බව හෙළි වී ඇත. ඔහු ඊයේ (13දා) දින නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණා.

  • දේශීය පළතුරු ‌ග‌ොවියා රැකගන්න ජනපති ම‌ෛත්‍රිගෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක්… ඇත්ත කතාව ම‌ෙන්න….

    දේශීය පළතුරු ‌ග‌ොවියා රැකගන්න ජනපති ම‌ෛත්‍රිගෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක්… ඇත්ත කතාව ම‌ෙන්න….

    දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පලතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්න බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ තලවිල ග‍්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ අද (13) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

    තලවිල ජනතාව හමුවීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

    ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ අතර දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණදෙන ගැටලු කිහිපයක් පිළිබඳව එහිදී ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    ජල හිඟය, විදුලිය පිළිබඳ ගැටලු, ප‍්‍රවේශ මාර්ග පහසුකම්, කෘෂි ආම්පන්න හිඟය සහ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේදී මතුව තිබෙන ගැටලු ඒ අතර ප‍්‍රමුඛ විය.

    මෙහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ප‍්‍රදේශයේ විදුලිබල ගැටලුවලට ස්ථීර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් කි‍්‍රයාවට නංවන බවයි.

    අදාළ සියලු ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලමින් ඒවා කි‍්‍රයාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සතියත් තුළ ප‍්‍රදේශය වෙත එවීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    එමෙන්ම තම පලතුරු නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබිමේ ගැටලුව පිළිබඳව ද ප‍්‍රදේශයේ පලතුරු ගොවින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර පලතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ලවී ඇති අභියෝගයට විසඳුමක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ.

    එහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පලතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවරයන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පලතුරු සඳහා බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ප‍්‍රදේශයේ ලූනු ගොවීන් ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළේ ඉදිරියේදී තම අස්වනු නෙළීම සිදුවන බැවින් ලූනු ආනයනය නිසා මතුව ඇති ගැටලුවලට ද විසඳුමක් ලබාදෙන ලෙසයි. ඒ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

    ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ තලවිල ප‍්‍රදේශයේ ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම සංකේවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද තලවිල සූර්ය බල ව්‍යාපෘතිය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ මොහොට්ටුවාරම නිෂ්පාදන ගම්මානය වෙතයි. මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී එම ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.

    එම ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    එම ගොවි ජනතාව විසින් ද ජනාධිපතිතුමා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

    ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

    කල්පිටිය සහ මොහොට්ටුවාරම අතර ගමන් කරන මොහොට්ටුවාරම සිංහල විද්‍යාලයේ දරුවන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් බෝට්ටුවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත උපදෙස් දුන්නේය.

    පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර හඳුනානොගත් නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන යටතේ පුලිච්චාකුලම ප‍්‍රදේශයේ ඉදිකරන ලද ප‍්‍රති ආශ‍්‍රැත ජල පිරිපහදු යන්ත‍්‍රාගාරය ද අද ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි.

    මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2.2 කි. අමාත්‍ය රවුෆ් හකීම්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    අද තලවිල ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා තලවිල ශාන්තා ආනා දේවස්ථානයේ පැවති ආගමික වතාවත් සඳහා ද එක්විය.

    මෙම දේවස්ථානයට වසර 250ක් පිරීම නිමිත්තෙන් පළ කරන ලද සමරු ග‍්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    දෙව්සිත වැරන්ස් මෙන්ඩිස් රදගුරුතුමා ප‍්‍රමුඛ හලාවත පදවියේ රදගුරු හිමිපාණන් ඇතුළු පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපතිතුමා අද කල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ද නිරික්ෂණ චාරිකාවක නිරත විය.

     

  • අන්තවාදී නීති විරෝධි රූපවාහිනී සේවා ගැන තොරතුරු ඇතුලත් NMWJ විසින් TRCයට ලියු ලිපිය ම‌ෙන්න….

    අන්තවාදී නීති විරෝධි රූපවාහිනී සේවා ගැන තොරතුරු ඇතුලත් NMWJ විසින් TRCයට ලියු ලිපිය ම‌ෙන්න….

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

    මෙම ඉල්ලීම කරමින් එම සංවිධානය විසින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අද(13) ලිපියක් බාර දුන්නේය.

    එම ලිපිය පහතින්.

    සභාපති,
    ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව,
    276, ඇල්විටිගල මාවත,
    කොළඹ 08.
    2018. 06. 13

    මහත්මයාණෙනි,

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹනු !

    පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූ රට පුරා ඉතා සංවිධානාත්මකව හා තීව‍්‍ර ලෙස ක‍්‍රියාත්මක වන ලියාපදිංච් නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් පිළිබඳව වෙබ් අඩවි කිහිපයක් විසින් හෙලිදරවු කොට ඇත. එම අනාවරණයන් තුළින් ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් ඇතුලූ කිහිප දෙනෙකු නීති විරෝධි කේබල් සේවාවන් වලට සම්බන්ධ බවත් මෙම වෙබ් අඩවි විසින් අනාවරණය කරනු ලැබීය. ඒ අනුව මේ වන විට අපට ලැබී ඇති තොරතුරු මගින් තහවුරු වන්නේ ජාතික ආරක්ෂාවටත් ජාතීන් අතර සහජීවනයට හා ආගමික සංහිදියාවට මෙම නීති විරෝධි කේබල් සේවාවන් හරහා දැඩි බලපෑම් ඇතිවන බවයි.

    මෙවැනි බලපෑම් ඇති වීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙවැනි නීති විරෝධී නාලිකා විසින් විකාශනය කරන ලබන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීමට මාර්ගයක් ඔබගේ කොමිෂන් සභාවට නොහැකි වීම නිසා එම රූපවාහිනී නාලිකා ඔවුනට අවශ්‍ය වැඩසටහන් රිසි සේ විකාශය කිරීමයි.

    එසේ තිබියදී වෙබ් අඩවි තහනම් කිරීමට කඩිනම් තීරණ ගන්නා ආණ්ඩුව විසින් මෙම නීති විරෝධී කේබල් සේවාවන් තහනම් කිරීමට නොගැනීම පිළිබඳව බරපතල සැකයක් රට තුළ හටගෙන තිබේ. ඒ අනුව දැනට ලංකාව පුරා ලියාපදිංචි නොකළ අනවසර කේබල් රූපවාහිනි සේවාවන් පවත්වාගෙන යන ආයතන, ඒවායේ ලිපිනයන්, හා දුරකථන අංක ඇතුලත් ලේඛණයක් මේ සමගම ඔබ වෙත ලබා දීමට ද අපි කටයුතු කරමු.

    මෙවැනි වතාවරණයක් යටතේ වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය වගකිව යුතු පාර්ශව විසින් ඉල්ලා සිටින්නේ වහාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධී කේබල් රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.

    ස්තූතියි!

    මෙයට,

    චතුරංග ද අල්විස්
    සභාපති
    වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය

  • කතරගම නාහිමියන්ට ‌ව‌ෙඩි තිබ්බේ ඇයි? සැලසුම ග‌ෝඨාග‌ෙද? කපුවාග‌ේද? ඇත්ත ‌හ‌ේතුව ම‌ෙන්න…

    කතරගම නාහිමියන්ට ‌ව‌ෙඩි තිබ්බේ ඇයි? සැලසුම ග‌ෝඨාග‌ෙද? කපුවාග‌ේද? ඇත්ත ‌හ‌ේතුව ම‌ෙන්න…

    කතරගම   කිරිවෙහෙර  රජමහා විහාරාධිපති  රුහුණු  මාගම්පත්තුවේ   ප්‍රධාන සංඝනායක  කොබවක ධම්මින්ද නාහිමියන් පසුගිය 12 වෙනිදා රාත්‍රියේ  වෙඩි ප්‍රහාරයකට ලක්වුනා.  

    කෙසේ  වෙතත්  වෙඩි තැබීමෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන  අසේල බණ්ඩාර නැමැත්තා මෙයට සම්බන්ධ බව අනාවරණය කරගෙන තිබු අතර තවත් කරුණු විමර්ශණය කරග‌ෙන යාමේදී ‌ම‌ෙම සිදුවීම පිටුපස ද‌ේශපාලණ හස්තයක්ද ක්‍රියාත්මක වී ඇති බවට අපට ‌ත‌ොරතුරු වාර්තා විය..

    පසුගිය කාල සමය‌ේ ‌ග‌ෝඨාභය රාජපක්ෂග‌ේ කතරගම මාළිගය පිළිබද කොබවක ධම්මින්ද නාහිමියන් සිදුකළ ආන්ද‌ෝලනාත්මක ‌හ‌ෙළිදරවුවත් සමගින් මහත් ‌ස‌ේ කිපුණු ජනපති සිහිනය දකිනා ම‌ෝරන් සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන රාජපක්ෂවරය‌ෙක් සමග ඒක්ව පසුගිය සිදුවීමක ව‌ෛරයක් පිරිමසා ගැනීමට කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන  අසේල බණ්ඩාර නැමැත්තා ම‌ෙය සිදුකර ඇති බව සදහන්…

    ඒ් අනුව විශේෂ  පොලිස් කණ්ඩායමක් ඊයේ (13)  පස්වරුවේ සැකකාර කපුවාගේ  නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ෂොට්ගන්  වර්ගයේ පතුරම් තුවක්කු වලට යොදාගන්නා ජීව පතුරම් 10 ක්, කිනිසි දෙකක් සහ කඩු දෙකක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

    කෙසේ වෙතත් සැකකරු තවම අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු මේවන විට  ගම් ප්‍රදේශයෙන් පැනගොස් සිටින බවයි සදහන් වන්නේ.

    වෙඩි ප්‍රහාරයට ලක් වූ ස්වාමීන් වහන්සේ මේ වනවිට  කොළඹ පුද්ගලික  රොහලක ප්‍රතිකාර ලබනවා.

  • ජනහද දිනු යුධහමුදා ‌ස‌ෙන්පතියාට ජනපති ම‌ෛත්‍රි නියමය‌ෙන් වසරක ස‌ේවා දිගුවක්…

    ජනහද දිනු යුධහමුදා ‌ස‌ෙන්පතියාට ජනපති ම‌ෛත්‍රි නියමය‌ෙන් වසරක ස‌ේවා දිගුවක්…

    මේ දිනවල කතාබහට ලක්ව ඇති චරිතයක් වන සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නප‍්‍රිය බන්දු හට ජනාධිපති ම‌ෛත්‍රිපාල සිරිස‌ේන මැතිතුමාග‌ේ විශ‌ේෂ නිය‌ෝගයකට අනුව යුද හමුදාව සේවා විසින්  දිගුවක් ලබාදී තිබෙනවා.

    ඒ, තවත් වසරක කාලයක් සඳහායි.

    ඔහු ලබන මාසයේදී විශ‍්‍රාම යාමටයි නියමිතව සිටියේ. යුද හමුදා විශේෂ බලකායේ සිටි කර්නල් රත්නප‍්‍රිය බන්දු විනය හේතුවක් මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට මාරුකර තිබුණා.

    ඔහු සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චියේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ 2012 වසරේ සිටයි. 

    ඔහු එම ධුරයට සමුදී අඹේපුස්ස කඳවුර වෙත ස්ථාන මාරුවීම් ලැබ පිටව යන අවස්ථාවේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් දැක්වූ ගෞරවය ඉකුත් දින කිහිපයේදී දැඩි කතාබහක් මතු කළා.

    එහිදී කර්නල් රත්නප‍්‍රිය බන්දු කළ සේවාවට ප‍්‍රදේශයේ ජනතාව ඔහුට ආචාරය පුද කළේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි. ඔහු මේ වනවිට අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරනවා.

    (ඒ පිළිබඳ සැකසූ කෙටි වීඩියෝවක් පහතින් දැක්වෙයි)

     

  • ජනපති ම‌ෛත්‍රි මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයට ගිහින් කරපු අමුතු වැඩේ ම‌ෙන්න….

    ජනපති ම‌ෛත්‍රි මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයට ගිහින් කරපු අමුතු වැඩේ ම‌ෙන්න….

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(13) දහවලෙහි පුත්තලම දිස්තික්කයේ  මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ  නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
    මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී  ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබදව ද  අවධානය යොමු කළේය.
    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.
    පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.
    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
  • ග‌ොවි ගැටළු වලට විසදුම් ලබාදුන් ග්‍රාමශක්ති වයඹ පළාත් ‌ම‌ෙ‌හ‌ෙයුම් කමිටු රැස්වීමේදී ‌ව‌ෙච්චි ‌ද‌ේ ම‌ෙන්න..

    ග‌ොවි ගැටළු වලට විසදුම් ලබාදුන් ග්‍රාමශක්ති වයඹ පළාත් ‌ම‌ෙ‌හ‌ෙයුම් කමිටු රැස්වීමේදී ‌ව‌ෙච්චි ‌ද‌ේ ම‌ෙන්න..

    කල්පිටිය ආශ‍්‍රිත දූපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

    මෙහිදී ජනාධිපතිතුමා පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න මහතා වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේ අදාළ ප‍්‍රදේශවල ජනතාවගේ සංවර්ධන ගැටලු පිළිබඳ නිසි අවධානය යොමු කරමින් ප‍්‍රමුඛතාවයන් හඳුනාගනිමින් එම සැලැස්ම ඉදිරිපත් කරන ලෙසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ  (13) පෙරවරුවේ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ පැවති ග‍්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවට එක්වෙමිනි.

    ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවති මෙම මෙහෙයුම් කමිටුවේදී ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ කි‍්‍රයාත්මක වන අන්දම සහ එහි ප‍්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක් විය.

    ප‍්‍රදේශයේ ගොවි ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම හේතුවෙන් ගොවීන් මුහුණදී සිටින ගැටලුකාරි තත්ත්වය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණු අතර ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ ගොවි ජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට හැකිවන අන්දමින් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

    ප‍්‍රදේශයේ කිරි නිෂ්පාදනය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර ප‍්‍රදේශයේ කිරි ගොවින්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම ප‍්‍රදේශයේ පළතුරු ගොවින් මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. පළතුරු මිල පහළ යන අවස්ථාවලදී එම ගොවින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම වෙනුවෙන් කාගිල්ස් ආයතනය සහ වෙනත් පුද්ගලික සමාගම් සමග සාකච්ඡා කර එම නිෂ්පාදන මිලදී ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද අවධානය යොමු විය.

    එමෙන්ම පළතුරු විජලනය කර කල් තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ශීතාගාර පහසුකම් සඳහා දැනට තිබෙන බදු සඳහා සහන ලබාදීමට මුදල් අමාත්‍යාංශය සහ රේගුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඉස්සන් සහ ලුනු කර්මාන්තය ආශ‍්‍රිතව මතුවී තිබෙන ගැටලු පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර එම කර්මාන්ත සිදුකරන ඉඩම්වල බදු අයිතිය ගොවි ජනතාව වෙත ලබාදෙන ලෙස කළ ඉල්ලිම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒ අනුව ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කර අදාළ වාර්තාව කඩිනමන් තමා වෙත ලබාදෙන ලෙසයි.

    පළාතේ පොල් ඉඩම් කට්ටි කිරිම තහනම් කිරීමට රජය පසුගියදා ගත් තීරණය කි‍්‍රයාත්මක වන අන්දම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසීය.

    ග‍්‍රාමශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනා දේශපාලන භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා සියලුදෙනා වෙත පෙන්වා දුන්නේය.

    වයඹ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු මෙම කමිටු රැස්වීම සඳහා එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර පොදුජන පෙරමුණු නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ද ඒ අතර වූහ.

    එහිදී ඔවුන් කියා සිටියේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.

    මේ අතර පුත්තලම සහ කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ඒ අනුව කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 45 ක මුදලක් සහ පුත්තලම දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 24 ක මුදලක් ලබාදීම සිදුවිය.

    මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග වගාකරන ග‍්‍රාමශක්ති ජනතා සමිතිය සහ සි/ස කාගිල්ස් සමාගම අතර එම නිෂ්පාදන මිලදී ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.

    අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, එස්. බී. නාවින්න, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතු`ථ පළාතේ මැති ඇමතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරින් මේ සඳහා එක්ව සිටියහ.

  • කෑගල්ල සමුපකාර උප කොමසාරිස්‌ට ඇසිඩ් ප්‍රහාරයක්‌

    කෑගල්ල සමුපකාර උප කොමසාරිස්‌ට ඇසිඩ් ප්‍රහාරයක්‌

    කෑගල්ල සමුපකාර උප කොමසාරිස්‌ ඩබ්ලිව්. කරුණාතිලක මහතාට ඔහුගේ කාර්යාලය තුළදී ඊයේ (13) කිසියම් පුද්ගලයකු විසින් ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ලකර ඇති බව පොලිසිය පවසයි. 

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් ඊයේ (13) සවස 3.30 ට පමණ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත.ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කරුණාතිලක මහතා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසූ අතර 302කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරයි.

  • වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරල බැඳුම්කරේ ගැන තව පොතක් ලියනවා….

    වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරල බැඳුම්කරේ ගැන තව පොතක් ලියනවා….

    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

    බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ නැති බවත් බීබීසී සේවය සමග පැවැති ෆේස්බුක් සංවාදයකදී ඔහු සඳහන් කලේය.

  • වර්ජනය නිසා රට පුරා තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 ක් ගොඩගැහිලා

    වර්ජනය නිසා රට පුරා තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 ක් ගොඩගැහිලා

    තැපැල් සේවකයන් ආරම්භ කර ඇති අඛණ්‌ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාලවල මේ වනවිට ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 කට ආසන්න සංඛ්‍යාවක්‌ ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.

    විදේශ තැපෑල හරහා පැමිණි ලිපි සහ පාර්සල් ඇතුළත් තැපැල් මලු පන්දහසකට අධික ප්‍රමාණයක්‌ ද කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තැපැල් කාර්යාලයේ ගොඩගැසී තිබෙන බව පැවසූ ඒ මහතා සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය පියවර නොගැනීම නිසා තමුනට අකැමැත්තෙන් වුවද වැඩවර්ජනයකට යැමට සිදුවූ බව සඳහන් කළේය.

    මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් තැපැල් අමාත්‍යංශය සඳහන් කළේ තැපැල් සේවකයන්ගේ ඉල්ලීම්වලින් සියයට අසූවක්‌ ලබාදී ඇති බවත් තව විසඳුම් ලබාදිය යුතුව ඇත්තේ සියයට විස්‌සක ප්‍රමාණයකට බවත්ය.

    ඒ සඳහා සාකච්ඡා කිරීමට වැඩවර්ජනය අත්හැර දමා එන ලෙස ද තැපැල් අමාත්‍යංශය තැපැල් සේවක වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටියි.

  • නේපාලයේ ජාතික පාපැදි ශූරයා මිනිපේ ඇළට වැටී මරුට

    නේපාලයේ ජාතික පාපැදි ශූරයා මිනිපේ ඇළට වැටී මරුට

    පෞද්ගලික ආයතනයක්‌ විසින් සංවිධානය කරනු ලැබූ රන්බල් ඉන්ද ජංගල් නමැති පාපැදි තරගයට සහභාගී වී සිටි නේපාලයේ ජාතික පාපැදි ශූරයා ඊයේ (13 ) දහවල් රන්දෙණිගල ජලාශයේ ජලය බැසයන මිනිපේ ඇළට වැටී මියගොස්‌ ඇත. 

    මෙම පාපැදි තරගයට රටවල් 20 ක පමණ පිරිසක්‌ සහභාගී වී සිටි අතර පාපැදි තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ මවුන්ටන් පාපැදි මගින් මිනිපේ ඇළ ඉවුර මතින් තරගකරුවන් තිදෙනකු ධාවනයේ යෙදී සිටියදී මෙම නේපාල ජාතික තරගකරු ඇළට වැටී තිබේ. 

    කඳු තරණය ඇතුළු ඉසව් ගණනාවක්‌ ඔස්‌සේ මෙම තරගය පවත්වා අදින් (14) අවසන් වීමට නියමිතව තිබුණු මෙම තරඟයේ තරගකරුවන්ට ඇළ ඉවුර මතින් පා පැදිය ධාවනය නොකරන ලෙසට සංවිධායකයින් උපදෙස්‌ ලබාදී තිබුණත් ඔවුන් එය පිළිනොපැද පාපැදි ධාවනය කර ඇතැයි වාර්තාවේ. එම සිද්ධියෙන් පසු තරගය ඊයේ අවසන් කරන ලදී.

  • බස්‌ රථ හා ලොරිවලට භූමිතෙල් දීම වැළැක්‌වීමට රෙගුලාසි

    බස්‌ රථ හා ලොරිවලට භූමිතෙල් දීම වැළැක්‌වීමට රෙගුලාසි

    බස්‌ රථ හා ලොරිවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට ඉන්ධන පිරවුම්හල්වලට රෙගුලාසි පනවන ලෙස ඇමැති මණ්‌ඩලය ඛනිජ තෙල් ඇමැතිවරයාට උපදෙස්‌ දුන් බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.බස්‌ රථවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට භූමිතෙල් මිල ඉහළ දැමූ නමුත් ධීවර ගැටලු නිසා යළිත් එහි මිල පහත හෙළීමට සිදුවූ බවද හෙතෙම කීය.

    මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් නිකුත් කිරීම සියයට 50 කින් පමණ අඩු වූ බවද ඇමැතිවරයා සඳහන් කල අතර භූමිතෙල් මිල රුපියල් 70 දක්‌වා අඩු කළද ධීවරයින්ට පරණ මිල වන රුපියල් 44 දක්‌වා අඩුකිරීමට සහනදායි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතු බවද ඊයේ (13) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

  • බන්දු සමරසිංහගේ පුතාගේ වැඩ

    බන්දු සමරසිංහගේ පුතාගේ වැඩ

    අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි බන්දු සමරසිංහ කියලා කියන්නේ.ඉතිං බන්දු සමරසිංහගේ ආදරණීය පුතා තමයි කාංචන සමරසිංහ.රූපවාහිනී මාධ්‍ය තුළ ජනප්‍රියම චරිතයක් නොවුනත් සමාජ මාධ්‍ය තුළනම් කාංචන ජනප්‍රියයි.කාංචන විතරක් නෙවෙයි කාංචනගේ පෙම්වතිය ප්‍රමෝදි කෞෂල්‍යාත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා.
    ඒකට හේතුව තමයි මේ දෙන්නා එකතු වෙලා කරපු වීඩියෝ ක්ලිප් කිහිපයක් නිසා.
    ඒ අනුව කාංචනයි, ප්‍රමෝදී එකතු වෙලා චිත්‍රපටවල තිබෙන විකට ජවනිකා කිහිපයකට රංගනයන් ඉදිරිපත් කරනවා.ඉතින් මේ වීඩියෝවලට මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
  • කොටපිය කොටපිය කියලා කිව්ව නිසා තුන් වතාවක්ම ඔළුවට කෙටුවා..

    කොටපිය කොටපිය කියලා කිව්ව නිසා තුන් වතාවක්ම ඔළුවට කෙටුවා..

    අම්මා හයියෙන් කෑගැව්වා කොටන්න එපා කියලා… 

    අම්මේ අම්මේ ඇස් අරින්න අම්මේ…

    මම ගෑනිගේ අතින් ඇදලා අරගෙන ඇඳයට තිබුණ වක්පිහිය අරගත්තා…

    අඹුසැමි ආරවුල් ළිපේ බත ඉදෙනකල් විතරයි යැයි පැරණි කියමනක් ඇත.

    එහි යටි අරුත නම් අඹු සැමි ආරවුල් මොහොතකින් නිමා වී යළි ඔවුන් සතුටින් සමගියෙන් සිටින බවය.

    එවන් කාලයක් ඇත්තෙන්ම තිබිණි. ඒත් අද ඒ තත්ත්වය බොහෝ වෙනස් වී ඇත. අද අඹුසැමි ආරවුලක් නිමාවෙන්නේ බොහෝ විට පහරදීමකින් නැත්තම් ඝාතනයකින්ය. ඊට හේතු බොහෝය.

    බීමත්කම, නූගත්කම,දරිද්‍රතාවය, අනියම් ඇසුර වගේම සැකය වැනි හේතු ද මෙවන් ඝාතනවලට බෙහෙවින් බලපා ඇත.

    මෙය ද එවැන්නකි. සිද්ධිය වාර්තා වනුයේ දවුලුගල පොලිස් වසමෙනි.

    ගමට පොලිසියේ සංකල්පය යටතේ ගම්වැසියන් ගේ අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණින් දවුලුගල පොලිසිය මගින් සංවිධානය කරන ලද පොලිස් මුරපොළක් පසුගිය දා හඳපාන ගමේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යමින් තිබිණි.

    මුරපළ බාරව කටයුතු කළේ උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍රය.

    වේලාව දහවල් දොළහට පමණ ඇත. ගමේ පිරිස් පොලිස් ජංගම මුරපළට පැමිණ තම අවශ්‍යතා ඉටුකර ගනිමින් සිටියහ.

    රැස්ව සිටි පිරිස අතරින් මතුවූ උඩුකය නිරුවත් අයකු එකවරම පොලිස් මුරපළට ඇතුළු වුයේ තියුණු පිහියක් ද අතැතිවය.

    ඔහු කෙළින්ම ගියේ උප පොලිස් පරීක්ෂකවරයා වෙතටය. “ඇයි මොකද ?”

    උපපොලිස් පරික්ෂකවරයා විමසුවේය. අත තිබු පිහිය මේසය මත තැබු ඔහු දෑත් එක්කොට පොලිස් නිලධාරියාට වැන්දේය. “අනේ බුදු සර් මම මගේ ගෑනිට කෙටුවා. සමහරවිට මැරෙන්න ඇති. මම පොලිසියට බාර වෙන්නයි මම ආවේ.” ඔහුගේ ප්‍රකාශයත් සමඟ උප පරීක්ෂකවරයා ඇසි පිය නොගගා ඔහු දෙස බලා සිටියේය. “මොකක්ද කිව්වේ තමුන්…” “ඔව් සර්. මම ගෑනිට කෙටුවා. ගෑනි ගේ ළඟ වැටිලා ඇති.” “ඇයි මොකද ඒ…” “අනේ සර් ගොඩාක් ප්‍රශ්න අහන්න එපා. මාව ඉක්මනට පොලිසියට එක්කරගෙන යන්න.” පැමිණි පුද්ගලයා උපපොලිස් පරීක්ෂකවරයා හමුවේ කියා සිටියේය. උප පරීක්ෂකවරයා වහා මේ බව සිය ප්‍රධානියා වූ දවුලුගල පොලිස් ස්ථානාධිපතිවරයාට දන්වා සිටියේය. ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් වහා පිළිමතලාව හලාදිවල ප්‍රදේශයේ පිහිටි එම පුද්ගලයාගේ නිවෙසට ගියේය.

    දවුලුගල පොලිසියේ සිට හැවාලකඩ නගරයට ගිය පසු හමුවන ඇම්බැක්ක හරහා ඇති පොල්වත්ත තැන්න පාරේ මද දුරක් ගොස් ඈපාන සිට කිලෝමීටර හයක් විතර ගිය තැන ඈපාන හලාදිවල විහාරයට හැරෙන හන්දියට ආසන්නව කන්ද උඩ සැකකරුගේ නිවෙස පිහිටා ඇත. ඊට යාබදව ඇති හලාදිවල පන්සලට හැරෙන හංදියේ මියගිය කාන්තාවගේ මහගෙදර පිහිටියේය. නිවෙසට යන අතරතුර නිලධාරීන්ට ඉදිරියෙන් එන ත්‍රිරෝද රියක් මුණ ගැසිණි. එහි වුයේ තුවාලකාරියකි. විමසීමේදී දැන ගන්නට ලැබුණේ පොලිස් මුරපළට පැමිණි පුද්ගලයා පිහියෙන් කොටා ඇත්තේ ඇයට බවය. සිද්ධිය වූ නිවෙස ඉදිරිපිට විශාල ලෙස රුධිරය ගලා ගොසිනි. අහල පහළ දෙතුන් දෙනා ඒ වන විටත් ඒ නිවෙස අසලට පැමිණ හිටියහ. එතැනට ගිය නිලධාරීන් ඔවුන්ගෙන් කරුණු විමසන්නට විය.

    “සර් මේ දෙන්නා නිතරම රණ්ඩු වෙනවා. අදත් ඔය රණ්ඩු වෙලා තමයි කොටලා තියෙන්නේ.” අසල්වාසීහු කීහ. තොරතුරු සටහන් කරගත් නිලධාරීන් ඊළඟට ගියේ රෝහලටය. එහෙත් ඒ අතරතුර ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු දුරකථන පණිවිඩයකින් කියැවුණේ රෝහලට ඇතුළත් කළ තුවාල ලත් තැනැත්තිය මිය ගිය බවය. ඒ අනුව ඉදිරි විමර්ශන ඇරඹුණේ මිනී මැරුමක් ලෙසය. සැකකරු පොලිස් මුරපළේ සිට දවුලුගල පොලිසිය වෙත රැගෙන ගියේ දැඩි රැකවරණ මධ්‍යයේ ය. ඊට හේතු වුයේ සැකකරුට බිරියගේ පාර්ශ්වයෙන් කිසියම් තර්ජනයක් එල්ල වනු ඇතැයි සැකයක් තිබු නිසාය. සිදුවීම සහකාර පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දෙනු ලැබු අතර මහනුවර අධිකරණයට ද කරුණු වාර්තා කරන ලදි. ඒ අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණය වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා විසින් සිදුකරන ලදි.

    ඔහුගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඒ.එස්. බී. විජේසිංහ මහතා විසින් සිදු කළේය. මරා දැමුණු ඇය සේවාවිස්ස විද්‍යා ආරච්චිලාගේ පි‍්‍රතිකා යමුනා විදානආරච්චි නැමැති තිස් හැවිරිදි කාන්තාවකි. දරු තිදෙනකුගේ මවකි. ඇය ඝාතනය කිරීමේ වරදට පොලිසියට පැමිණ බාර වී අත්අඩංගුවට පත්වුයේ ඇගේ සැමියා වන ගාමිණි නමැත්තෙකි. පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර එහිදී අනාවරණය වුයේ සිද්ධිය ඇසින් දුටු දෙදෙනකු ද ඒ මොහොතේ නිවසේ සිටි බවය. ඒ ඇගේ දරු දෙදෙනාය. ඉන් එක් දරුවකු ගේ වයස අවුරුදු හතකි. ඔහු දෙවෙනි වසරේ ඉගෙනුම ලබයි. අනෙක් දරුවා සිඟිත්තෙකි. ඔහුට වසර දෙකකි. මවුව්පියන්ගේ අඩදබරය සිදු වන මොහොතේ සිඟිත්තා නිවසේ ඇඳක් මත නිදාගෙන සිට ඇත.

    ඒත් මවගේ ළතෝනිය ඇසී ඔහු ද නින්දෙන් අවදි වී මහ හඬින් හඬන්නට විය. එහෙත් ඔහුට යමක් කියන්නට තේරුම් කරදෙන්නට අපහසුය. ඒ ඔහු තවමත් වසර දෙකක දරුවකු නිසාය. ඒ නිසා පොලිසියේ ඇස යොමු වුයේ ඇගේ දෙවෙනි දරුවා දෙසටය. ඔහු හත් හැවිරිදි නිසා යමක් කමක් තේරුම් ඇති අයෙකි. “එදා උදේ අම්මා මාව ඉස්කෝලේට ඇරලුවා. දවල් මම ඉස්කෝලේ ගිහින් ඇවිත් බස් එකෙන් බහින කොටම අම්මා ඇවිත් හිටියා. අපි ගෙදර ගියා. මම පොත් බෑග් එක ගලවලා මේස උඩ තියලා බෑග් එකේ තිබුණු බයිට් පැකට් එක කන්න ගත්තා. එතකොට මල්ලී ඇඳේ නිදාගෙන හිටියේ. ඒ වේලාවේ තාත්තා අම්මට ආච්චිගේ ගෙදර යන්න එපා කියලා රණ්ඩු වුණා. ඒ රණ්ඩුව මැද්දේ තාත්තා ඇඳයට තිබුණා පිහිය ඇදලා අරගෙන අම්මගේ අතට පිහියෙන් කෙටුවා. ඔළුව පැත්තට තුන් පාරක් කෙටුවා.

    අම්මා හයියෙන් කෑගැව්වා කොටන්න එපා කියලා. අම්මා කෑ ගහන සද්දෙට මල්ලිත් ඇහැරිලා හයියෙන් ඇඬුවා. මමත් හයියෙන් කෑගැව්වා අම්මට ගහන්න එපා කියලා.” හත් හැවිරිදි ශ්‍රී මාල් පුතු එසේ සිය ඇසින් දුටු දේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ විස්තර කරන්නට විය. එය ප්‍රබල සාක්ෂියක් බව ස්ථානාධිපතිවරයාට වැටහිණි. ඒ නිසා පුංචි ශ්‍රී මාල් බියට පත්නොකොට පියෙකුසේ ඔහුගෙන් දුටු දේ දැනගැනීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

    “ඉතින් පුතේ ඊට පස්සේ මොකද වුණේ ?” ස්ථානාධිපතිවරයා ශ්‍රී මාල්ගෙන් විමසුවේ ඔහුගේ හිස අතගාමින්ය. “ඒත් එක්කම අම්මා වැටුණා. පස්සේ මම අම්මා ළඟට ගිහින් “අම්මේ අම්මේ ඇස් අරින්න අම්මේ” කියලා කතා කළා. ඒත් අම්මා කතා කළේ නැහැ. ඇස් බාගෙට ඇරගෙන හිටියා. පස්සේ මම කෑගහගෙන එළියට දිව්වා.” ලේ පෙරාගෙන මව වැටි සිටිනු දුටු පුංචි ශ්‍රී මාල් මහත් බියට පත්ව එළියට දිවගියේ ඊට පහළින් ඇති මහගෙදර සිටින සිය නුවන්ත අයියාට ඒ බව කියන්නටය. “අයියෙ… තාත්තා අම්මට…”

    ඔහු හති දමමින් වුදේ හෙළි කරන්නට විය. ඒ සැණින් ශ්‍රී මාල් ගේ වැඩිමහල් සොහොයුරු නුවන්ත වහා මවගේ නිවෙසට දිව ගියේය. ඒ වන විටත් ඇය නිසොල්මනව ලේ විල මැද වැටි සිටියාය. මව වැටි සිටි අයුරු දුටු ලොකු පුතාට මහත් වේදනාවක් ඇතිවිය. ඔහු වහා සිය මව ව තම තුරුළට හොවා ගත්තේය. මවද දොතින් ගෙන ඔහු උඩහ සිට පහළට දිව ආවේය. ඒ සමඟ ඔහුගේ මාමා ද එතැනට පැමිණියේය. ඔවුහූ තුවාල ලත් පි‍්‍රතිකා රෝහලට රැගෙන ගියහ. “අම්මේ…. අම්මේ…” ත්‍රිවිලරයේ යන අතරතුර ද ලොකු පුතා බාගෙට දෙනෙත් වසාගෙන රුධිරයෙන් නැහැවි සිටින සිය මවට කතා කළේය. ඒත් මවගේ මුවින් කිසිවක් පිට නොවිය. ඒත් ඔහු උත්සාහය නතර කළේ නැත. “අම්මේ… අම්මේ කතා කරන්න කෝ අම්මේ..”

    ඔහුගේ වචනය ඇසි දෝ මඳක් දෙනෙත් විවර කරන්නට උත්සාහ කළ පී‍්‍රතිකා ගේ හිස මොහොතකින් ලොකු පුතාගේ දෝත මතම පැත්තකට කඩා වැටිණි. “අම්මේ… අම්මේ… අම්මේ…” ප්‍රීතිකා ත්‍රිවිලරය රෝහලට ඇතුළත් කළ අතර වෛද්‍යවරුන් තුවාල ලත් ඇය පරීක්ෂා කොට බලා බාගෙට විවර වී තිබු දෙනෙත් සම්පුර්ණයෙන් වසා දැමුවේ ප්‍රීතිකා මිය ගොස් ඇති බව සනිටුහන් කරගෙනය. ප්‍රීතිකා රෝහලට රැගෙන ගිය ඇගේ වැඩිමහල් පුතාගෙන් ද ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය තීරණය කළේය. ප්‍රීතිකා හා ඇගේ සැමියා අතර ඇති වන ආරවුල් නිසා ලොකු පුතා මවුපියන්ගෙන් වෙන් වී මවගේ මහගෙදර ජීවත්වෙයි. එම නිවසේ පිහිටියේ ඔවුන්ගේ ගෙදරට පහළිනී. පි‍්‍රතිකාගේ නිවස පිහිටියේ කන්ද උඩය. ප්‍රීතිකා එහි සිය සැමියා හා හත් හැවිරිදි හා තුන් හැවිරිදි දරුවන් සමඟ ජිවත් වුවාය.

    ලොකු පුතාගේ වයස අවුරුදු දහනවයකි. ගෙදර ඇති වන ආරවුල් නිසා ඔහු ද මහගෙදර රැඳුණේ පියා සමඟ තරහිනි. ඒ සිය පියා නිතරම බීමත්ව පැමිණි මවට මෙන්ම ඔහුට ද පහර දෙන නිසාය. සමහර දාට පියා පැමිණ තමාත් මවත් මරන බවට තර්ජනය කරන බවද ඔහු පොලිසිය හමුවේ කියා සිටියේය. “මම පිළිමතලාව ඉස්කෝලයට යන්නේ. කලා අංශයෙන් තමයි අධ්‍යාපනය හදාරන්නේ. ලොකු මල්ලි දෙවෙනි වසරේ ඉගෙනුම ලබන්නේ පොඩි මල්ලි ගෙදරට වෙලා ඉන්නේ. මගේ අම්මයි තාත්තයි නිතරම වගේ ගෙදර ආරවුල් ඇති කර ගන්නවා. ඒ නිසා අම්මට ගහලා තුවාල වෙලා පොලිසියටත් කිහිප වතාවක්ම ගිහින් තියෙනවා.”

    පොලිසිය මේ සම්බන්ධයෙන් සැකකාර ගාමිණිගෙන් ද ප්‍රශ්න කරන්නට විය. ඔහු පොලිසිය හමුවේ මෙසේ ප්‍රකාශ කළේය. “මම වරද පිළිගන්නවා සර්..” ඔහු මුලින්ම කීවේය. “ඒත් මම මෙයා මරන්නම කියලා මෙහෙම දෙයක් කළේ නැහැ.” “හරි දැන් ඉතින් වැඩේ වෙලා ඉවරයිනේ. ඇයි තමන් පවුලව මැරුවේ. දැන් බලනවා ළමයි ඔක්කොම අනාථයි නේ.” පොලිස් නිලධාරියා ප්‍රකාශය සටහන් කරගන්නට කලින් ඔහුට කීවේය. ඔහු කිසිවක් නොදොඩා බිම බලාගෙන සිටියේය. “මගේ බිරිඳ පි‍්‍ර‍තිකායි මගේ දෙවෙනි පුතා ශ්‍රී මාලුයි අවුරුදු තුනක් විතර පොඩි පුතත් එක්ක තමයි මම මේ ගෙදර ඉන්නේ. මම විවාහ වුණේ 1996 දී. මගේ වැඩිමහල් පුතාට වයස අවුරුදු 19ක්. එයා මාත් එක්ක අමනාප වෙලා අවුරුදු එකහමාරක් විතර ගෑනිගේ අම්මගේ ගෙදර ජීවත් වෙන්නේ.“ “දවසක් අපි අතර ආරවුලක් ඇති වුණා. ඒකට පොලිසි ගියා. අන්තිමට මට ඇප දුන්නා. මම ගෙදර ගියාට පස්සේ ලොකු පුතා මට ෆෝන් කරලා බැන්නා. ඉන් පස්සේ අපි දෙන්නා අතර තරහ වැඩි වුණා. “ “සිද්ධිය වුණු දවසේ මොකක්ද වුණේ ? ” කට උත්තරය ලියාගාන්නා නිලධාරියා ගාමිණිගෙන් ඇසුවේය. “එදා මාත් ගෑනිත් ගෙදර හිටියේ. පොඩි පුතා ඉස්කෝලේ ගිහින් හිටියේ. දවල් දොළහට විතර දෙවෙනි පුතා ඉස්කෝලේ ඇරිලා වෑන් එකේ එන නිසා ගෑනි පුතා ගිහින් පුතාව අරගෙන ආවා.

    මමත් චුටි පුතාත් ගෙදර හිටියේ. “ “මම හිටියේ ඇඳට වෙලා. පොඩි පුතා ඇදේ නිදාගෙන හිටියේ. දෙවෙනි පුතා කියනවා ඇහුණා හෙට ඉස්කෝලේ රැස්වීමකට එන්න කියලා ලියුමක් දුන්නා. ඒ ලියුම නැහැ කියලා. මම කිව්වා එතකොට කිව්වා ලියුම නැති නිසා ඉස්කෝලේ යන්න ඕන නැහැ කියලා. එතකොට ගෑනි කිව්වා පි‍්‍රන්සිපල් හම්බ වෙන්නත් ඕන නිසා කොහොම හරි යන්න ඕන කියලා. මම කිව්වා ඕන නැහැ කියලා. ඒත් ගෑනි මට කිව්වා මම යනවා කියලා. එහෙම කියලා එයා මහගෙදරට යන්න සුදානම් වුණා. මම කිව්වා මහගෙදරට යන්න එපා කියලා. එතකොට දෙවෙනි පුතා අපේ ළඟ හිටියේ. ගෑනි පොඩි පුතාගේ කකුල් දෙකෙන් ඇඳලා එයාවත් ගෙනියන්න හැදුවා.“ “මම කිව්වා යන්න එපා කියලා. ආයෙත් එයා පොඩි පුතා උස්සලා ගන්න යනකොට මම ගෑනිගේ අතින් ඇදලා අරගෙන ඇඳයට තිබුණ වක්පිහිය අරගත්තා. ඒත් එක්කම ගෑනි කිව්වා. කොටපිය කොටපිය මැරෙන්නම කොටපිය කියලා. මම ගෑනිගේ ඔළුවට කෙටුවා දෙවෙනි පුතා එපා එපා කියලා කෑගහලා මගේ අතින් ඇද්දා පස්සේ පුතා මාව අතහැරලා දිව්වා.” “පිහියෙන් කොටන කොටම ගෑනි බිම වැටුණා ගෑනි එපා එපා කිව්වා. එතකොට මම කොටලා ඉවරයි. පස්සේ මම එළියට පැනලා පහළ තියෙන පුංචි අම්මගේ ගෙදරට ගිහින් කිව්වා මම ගෑනිට කෙටුවා පොඩි කට්ටිය බලාගන්න කියලා.

    පස්සේ තමයි පිහියත් අරන් පන්සලේ මුරපළට ආවේ.“ “ගෑනි මැරෙයි කියලා මම හිතුවේ නැහැ සර්. කොටපිය කොටපිය කියලා කිහිප වතාවක්ම කියපු නිසායි මම කෙටුවේ.” සැකකරුගේ ප්‍රකාශය සටහන් කරගත් නිලධාරීන් ඔහු රැගෙන ආ තියුණු පිහිය ද අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩු භාණ්ඩ ලෙස එක්කර ගත්තේය. එය අඟල් නවයක් දිග තියුණු වක් පිහියකි. ඔහු එම පිහිය පාවිච්චි කර ඇත්තේ වත්තේ ගස්වල අතු කැපීමටත් ගස් කප්පාදු කිරීමටත්ය. වත්තේ වැඩ කටයුතු නිම කිරීමෙන් පසු එම වක් පිහිය ගෙදර ඇඳයට තැබීම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. සැකකරු හා බිරිය අතර නිතර නිතර ආරවුල් ඇතිවන බවත් ඊට හුඟාක්ම හේතුවී ඇත්තේ බිරිය සැකකරුට නොසැලකීමත් බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දවුලුගල පොලිස් ස්ථානාධිපතිවරයා මාංචුවට කීවේය. “ගෑනු කෙනා මිනිහට හරියට සලකන්නේ නැහැ. උයලා පිහලා එයාට කෑම තියන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්නත් තියෙනවා. “ “මේ දෙන්නාගේ පැමිණිලි පොලිසියට ඇවිත් ඒවා සමදාන කරලා යවලා තියෙනවා. දෙන්නාගේ ආරවුල් පළාතේ ග්‍රාම නිලධාරියා විසින් විසඳලා තියෙනවා.

    පවුලේ ඥාතීන් එකතු වෙලා ඒවා සමථයකට පත්කරලත් තියෙනවා. ““මේ දෙන්නගේ වයස අනුව පිරිමියා වයස අවුරුදු 10ක් බිරියට වඩා වැඩිමල් පළමු දරුවා ඉපදුණු දවසේ ඉඳලම ආරවුල් තිබිලා තියෙනවා. නොගැළපීම නිසා දික්කසාද වෙන්න සැකකරු තීරණය කරලා හිටියත් ගෑනු කෙනා ඒකට කැමති වෙලා නැහැ. ඒත් සැකකරු නීතිඥයකු මාර්ගයෙන් දික්කසාද වෙන්න තමයි හිටියේ. නීතිඥවරයා හම්බවෙන්න යන්නත් ඉඳලා තියෙනවා. ඒ අතරේ තමයි මේ මිනී මැරුම සිද්ධ වෙන්නේ” “ලොකු පුතයි තාත්තයි අතර ආරවුලක් තියෙනවා. එක පාරක් හලාදිවල ඉස්කෝලේ උත්සවයක් තියෙන වෙලාවේ ළමයි කට්ටියක් ගංජා බොනවා කියලා ආරංචි වෙලා ඔය මනුස්සයා එතැනට ගිහින් ලොකු දරුවා ගෙදර ගෙනත් තරවටු කරලා තියෙනවා. ඒකට ලොකු පුතා තාත්තා එක්ක තරහෙන් ඉඳලා. තාත්තා පහර දීපු බවට රාවයකුත් තියෙනවා.”

    “දවසක් ඉස්කෝලේ ට්‍රිප් එකක් යන්න පොඩි පුතාට පාන් ටෝස්ට් කරලා ගේන්න කියලා තියෙනවා. ගෙදර ටෝස්ටරයක් තිබිලා නැහැ. ගෑනු කෙනා මිනිහට කියලා තියෙනවා ටෝස්ටරයක් හොයලා දෙන්න කියලා මිනිහා කියලා තියෙනවා වෙන මොනවහරි හදලා දෙන්න කියලා. ඒත් ගෑනු කෙනා කොහොමහරි ටෝස්ටර් එකක් ගෙනත් පාන් හදලා දීලා. ඒක තමයි ප්‍රබලම හේතුව වෙලා තියෙන්නේ දෙන්නගේ රංඩුවට. ඔය වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. මේ වගේ ඝාතන වෙන්නේ එක්කෝ මිනිහා ගෑනි ගැන සැකයක් ඇති කරගෙන නේ. ඒත් මේ සිද්ධියේ එහෙම දෙයක් දැනගන්නට නැහැ.“ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    අනතුරුව සැකකරු නඩු භාණ්ඩ සමඟ මහනුවර මහෙස්ත්‍රාන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර මරණ පරීක්ෂණය පසුවට සිදු කිරීමට තීරණය කෙරිණි. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මිය ගිය යමුනා පි‍්‍රතිනාගේ අවසන් කටයුතු ඥාති හිතවතුන්ගේ සෝ සුසුම් මැද හලාදිවල දී සිදු කෙරිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක හා එස්.එම් වික්‍රමසිංහ, මහනුවර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරී එස්.බී. දියකොලිනවල යන මහත්වරුන්ගේ උපදෙස් දවුලුගල පොලිස් ස්ථානාධිපති ජයම්පත් බණ්ඩාර ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වයි.ජී.සී වල්ගම්පාය ඇතුළු උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍ර, කොස්තාපල්වරුන් වූ ඉන්දික (32870) රත්නායක (52092) හා කපිල (75291) යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ වලට එක්වුහ.