Blog

  • කුකුළෙක් අතින් ගත් යක්ෂයෙක් නිසා යාපනේ කලබල

    කුකුළෙක් අතින් ගත් යක්ෂයෙක් නිසා යාපනේ කලබල

    යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක්‌ අමනුෂ්‍ය බියකින් පෙළෙන බව වාර්තාවේ.

    මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව ‘යක්‌ෂ’ උවදුරකටය.මේ අද්භූත යක්‌ෂයාගේ එක්‌ අතක පණපිටින් ලේ වැගිරෙන කුකුළකු සිටින අතර අනෙක්‌ අතේ ද ලේ තැවරී ඇති බව යාපනයේ වැසියන් කියා සිටී.

    මුලදී යක්‌ෂයා දුටු පිරිස යාපනයේ සෙසු අයට මේ යකා ගැන පවසන ලද අවස්‌ථාවේදී ඔවුන් අවඥාවට ලක්‌කළ නමුත් යක්‌ෂයා දුටු අයකු යාපනයේ ජනමාධ්‍ය වෙත යක්‌ෂයාගේ ඡායාරූප කීපයක්‌ ඉදිරිපත් කිරීමෙන් පසුව එම යකා ඊට පෙර දුටු පිරිස ද පවසා ඇත්තේ තමන් දුටුවේ ද මේ යක්‌ෂයාම බවයි.

    මුහුණ යාන්තමට දැකිය හැකි නමුත් එය ඉතා පැහැදිලිය. හඳුනාගත නොහැකි මේ යක්‌ෂයා සුදු වස්‌ත්‍රයක්‌ මුළු ඇඟපුරාම දවටාගෙන සිටින උස පුද්ගලයකු බව යාපනයේ වැසියෝ පවසති.

    පිරිස යක්‌ෂයා දැක ඇත්තේ අලුයම එකෙන් පසුවය.කෙසේ වෙතත් මේ යක්‌ෂ කතාව නිසා මුලදී බියට පත් නොවූ යාපනයේ ජනතාව යක්‌ෂයාගේ ඡායාරූප දැකගැනීමට ලැබීමෙන් පසුව බොහෝ සෙයින් බියට පත්ව තිබේ.

    යළිත් පෙර භූත උවදුර පැවති සමයේදී මෙන් රාත්‍රි කාලයට කවුරුන් කතා කළත් දොරවල් නොඅරින තත්ත්වයටත්, රාත්‍රි කාලයට ගමන් බිමන් නොයැමටත් දැන් යාපනයේ ජනතාව පුරුදු වී සිටිති.

  • නිතී විරෝධී කේබල් ටීවී ජාවාරමින් TRCලොක්කන්ට ලක්ෂ 01 සිට 25 දක්වා මාසික කප්පම්!

    නිතී විරෝධී කේබල් ටීවී ජාවාරමින් TRCලොක්කන්ට ලක්ෂ 01 සිට 25 දක්වා මාසික කප්පම්!

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඊයේ(11) මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර සිටියේය.

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසා සිටියේ එම අනවසර කේබල් රූපවාහිනි තහනම් කිරීමට TRC කටයුතු නොකරන්නේ එම නාලිකා වලින් ඔවුන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා කප්පම් ලබා ගැනීම නිසා බවයි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

    “පසුගිය මැයි 28 වෙනිදා යාපනයේ දි කලෙයි කතයි පුවත්පතේ මාධ්‍යවේදි සෙල්වරාසා රාජෙන්ද්‍රන්ට පහර දීම හා ඒ පහර දුන් කණ්ඩායම අත්තඩංගුවට ගැනීම පිළිබඳව අපි අපේ බලවත් විරෝධය පල කළා. සෙල්වරාසා රාජේන්ද්‍රන් තම පුවත්පතේ පුවත් පත් රැගෙන යතුරු පැදියේ යමින් සිටියදි යතුරු පැදිවලින් පැමිණි 10 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ඉතාම තියුණු ආයුධ වලින් පහර දුන්නා. ඔහු තවමත් යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ වම් අතට දැඩි ලෙස හානි සිදු වෙලා සිදුවෙලා තියනවා. තවමත් මේ සම්බන්ධයෙන් කිසිවෙක් අත්තඩංගුවට ගත්තේ නෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ කණ්ඩායම් හදුනා ගන්න කියලා. ඒ වගේම අපි කණගාටු වෙනවා දකුණේ නාලිකා ගැන. මොකද අපි දැක්කේ නෑ දකුණේ කිසිම විද්‍යුත් හා මුද්‍රිත නාලිකා මේ සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහර දීම සම්බන්ධයෙන් වාර්තා කරනවා. ඒ වගේම ඇතැම් වෙබ් අඩවි ඔහු පත්තර බෙදෙන කෙනෙක් ලෙස හදුන්වා තිබුණා. උතුරේ සියළුම මාධ්‍ය සංවිධාන, උතුරේ දේශපාලකයෝ, උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් විරෝධතා දැක්වූවා දවස් ගණනාවක්. දකුණේ මේ පුවත සම්පූර්ණයෙන්ම වාරණය කරලා තිබුණා. ඒක තමයි මෙතන තියන වැදගත්ම කාරණය. අපි බොහෝම පැහැදිළිව කියනවා මේ වාරණය කිරීම පිටුපස්සේ ඒකාධිපති වියරුව ක්‍රියාත්මක වෙලා තිබුණා. ”

    “ඒ වගේම අපි දැක්කා මේ ආණ්ඩුව පත්වෙලා වසර තුනක් ගෙවිලා ඉවර වෙනකොට මේ ආණ්ඩුව මාධ්‍යයට එරෙහිව ඉතා භයානක ලෙස තමන්ගේ හස්තය ක්‍රියාත්මක කරලා තියෙනවා. එදා අගමැතිවරයා විශ්වාසභංගය දිනපු වෙලාවේ සිරස මාධ්‍ය ආයතනය ඉස්සරහා රතිඤ්ඤා පත්තු කරනකොට අපි කිව්වා මේ රතිඤ්ඤා දිහා බලන්න එපා ඒක පිටිපස්සේ තියන භයානක හස්තය දිහා බලන්න කියලා. එදා රතිඤ්ඤා පත්තු කරලා පටන් ගත්ත මාධ්‍ය වියරුව ඉවර වුණේ ටී එන් එල් එකට අත තියලා. TNL සම්බන්ධයෙන් TRC අනුගමනය කළේ අත්තනෝමතික ක්‍රියාවලියක් කියලා අපි බය නැතුව කියනවා. මේ තහනමට දවස් කිහිපයකට පෙර TNL සේවය ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබු එහෙත් ජනාධිපතිවරයාට අමතකව ගිය සිදුවීම් ටිකක් මතක් කර දුන්නා. එහි ප්‍රතිඵලය තමයි TNL පොල්ගහවෙල විකාශනාගාරයට සිල් තැබීම. අපි පැහැදිළිව කියනවා මේක TNL එකට විතරක් තිබ්බ අතක් නෙමෙයි. මේක හෙට දවසේ අනිත් නාලිකා වලටත් තියනවා. ඒ හරහා ආණ්ඩුව පොඩි සිග්නල් එකක් දෙනවා. දැක්කා නේද අපිට බනින්න එපා, අපිව විවේචනය කරන්න එපා. අපිට මඩ ගහන්න එපා. එහෙම කලොත් මෙහෙම වෙයි කියලා.”

    “ඒ වගේම මේ වන කොට TRC බරපතළ විදියට මේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දාලා තියනවා. ලංකා උතුරු නැගෙනහිර සහ කදුකරයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා අනවසර කේබල් ටී. වි සේවා. TRC යටතේ ලියාපදිංචි වෙච්ච නාලිකා අරගෙන බැලුවාම කේබල් ටී වී ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් නාලිකා 4ක් විතරයි තියෙන්නේ. ඒත් අවසානාවට යාපනය දිස්ත්‍රික්කයේ පමණක් කේබල් ටී වී ආයතන 18 ක් තියනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 4ක් හා අම්පාර දිස්ත්‍රික්කයේ 2ක්, හැටන් ඇතුළු මධ්‍යම කඳුකරයේ ක්‍රියාත්මක වෙනවා 13ක්. මේ කිසිම නා නාලිකාවක් සම්බන්ධයෙන් TRCයට නියාමනයක් නෑ. මොකද ඒවා ලියා පදිංචි වෙලා නෑ. මේ නිසා රටට අහිමි වන බදු මුදල වාර්ෂිකව රුපියල් 2000කට වැඩියි. එහෙම තිබියදි කොහොමද මෙහෙම කේබල් ටිවි පවත්වා ගෙනයන්නේ. බොහෝම පැහැදිළියි ඔවුන් TRC නිලධාරින්ට කප්පම් ගෙවනවා. ඔවුන් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා කප්පම් ගෙවනවා.”

    ඇමතිවරුන් සහ ඇමති පුත්තුන්ගෙන් මාධ්‍යයට ඇති බලපෑම්

    “හිරු නාලිකාවේ විකාශය කළා පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ ඒ රිය අනතුර. ඒක ප්‍රචාරය කරපු වෙලාවේ ඉඳලා ජනතාවගේ සල්ලිවලින් මාධ්‍ය හමු කැඳවලා, එක පිට පිට දෙකක් කැඳවලා තිබුණා. ඔහු හිරු නාළිකාවට කියලා දෙනවා කොහොමද මේ නිව්ස් ගහන්න ඕනේ කියලා. ඒකෙ තියෙනවා තර්ජනයක්. අපි දැක්කා ඔහු කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලේ අතුරුදහන් කරපුවා , මරපුවා අපිත් කළා නම් ඕවා ඔක්කොම හරි.එහෙම නිකන් පොඩි එකක් දානවා. මගේ පුතා කරපු වැරැද්ද හොයන්න එපා. මොකද අපි දන්නවා හිරු නාලිකාව කවුරුහරි කියපු නිසා මේ ඔවුන් ඒක විකාශය කළේ නැහැ. ඔවුන් ගාව රූපරාමු තියෙනවා. ඒ ගෙදර නිවැසියන්ගේ කතාව ඔවුන් ගාව තියෙනවා. සාක්ෂි තියෙනවා. පොලීසියට දුන්නු වාර්තා තියෙනවා. ඒ සියල්ල පදනම් කරගෙන. වොඩ්කා වතුර කරපු රංගේ බණ්ඩාර ඇමතිවරයා කියනවා නාළිකාවට ඔයාලා මේක ගහන විදිය වැරදියි.”

    “ඔය කතාව මෙහම හදලා ගන්න. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ. අද උදෑසන මේ මාධ්‍ය හමුවට එන්න කලින් උදේ ටී.වී දැම්මම ලංකාවේ ජාතික නාළිකාවක, අර උදේ පත්තර කියන මල්ලිලා දෙන්නෙක් පත්තරේ කියන අතරේ ගන්නවා දුරකතනයෙන් සජීවීව පාලිත රංගෙ බණ්ඩාර අමාත්‍යවරයාට. දැන් අමාත්‍යවරයා කතා කරනවා දැන් විනාඩි 03ක විතර කාලයක්. ඔහු කතා කළාට පස්සේ අර මාධ්‍යවේදීන් දෙදෙනා කියනවා බොහොම ස්තූතියි රාජ්‍ය ඇමතිතුමනි මේ සත්‍ය පහදා දුන්නාට. දැන් හරි මරයි ණේ. මේ රටේ ඇමතිවරු, උන්ගේ පුතාලා වැරදි කළාම එයාලට පුළුවන් සත්‍යය පහදන්න. ඒකද මේ රටේ නීතිය? ඒකද පිළිගන්න ඕනේ. පාලිත රංගෙ බණ්ඩාර මහත්තයා පොලිස් කාරයෝ දන්නවා කොහොමද සාක්කි හදන්නේ. මේ යමින් තියෙන්නේ ඒ ගමන. ඒ නිසා මොකද කරන්නේ ඇත්ත කතා කරන නාලිකා වලට එරෙහිව තර්ජනය කරමින් ඉන්නවා. මාධ්‍ය නාලිකා වලට තර්ජනය කරන්න ඉඩ දෙන්න එපා. ඒක හැමෝගෙම වගකීම.”යැයිද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

    https://www.facebook.com/nmwj.org/videos/1336825709781659/

  • ගම්පහදී හැමෝටම සැපදෙන්න ගිහින් මාට්ටු වුනු ඔබ හැමෝම දන්න ‌‌‌ට‌ෙලි නිලිය ම‌ෙන්න……..

    ගම්පහදී හැමෝටම සැපදෙන්න ගිහින් මාට්ටු වුනු ඔබ හැමෝම දන්න ‌‌‌ට‌ෙලි නිලිය ම‌ෙන්න……..

    ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වැටලීමට ගම්පහ මූලස්ථාන ‍පොලීසිය සමත් වී තිබෙනවා. (10) දා අලුයම එම ගණිකා නිවාසය වටලා එහි ගණිකා වෘත්තියේ යෙදුනු බව කියන ටෙලි නාට්‍ය නිළියක් ඇතුළු තවත් කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම අදාල ගණිකා නිවාසයේ කළමනාකරු සහ අනන්‍යතාවය ඔප්පුකර ගැනීමට නොහැකි වූ එහි සිටි තවත් පිරිමි පුද්ගලයින් 8 දෙනෙකුද සැකපිට ‍ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද කාන්තාවන් අවුරුදු 30 – 40 අතර වයසේ පසුවන්නියන් බවත් ඔවුහු නිට්ටඹුව, ගණේමුල්ල, යාගොඩ, සියඹලාපෙ සහ දෙල්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවත් අනාවරණය කරගෙන තිබෙනවා. මේ අතර අත්අඩංගුවට ගන්නා ලද නිළිය ටෙලිනාට්‍ය කිහිපයකම විවිධ චරිත රඟපා ඇති අතර ඇය සමාජ ශාලා වල සේවය කර ඇති අයෙක් බවටද අනාවරණය කරගෙන තිබෙනවා. මෙම කාන්තාවන් මීට පෙරද මෙවැනි ස්ථාන වල රැකියාවන්හි නිරත වී ඇති බවද වාර්තා වනවා.

    මේ අතර අදාළ ස්ථානයේ කැරොකේ සමාජ ශාලාවක්ද පවත්වා ගෙන ගොස් ඇති අතර ඊට ඇතුළු වීම සඳහා රුපියල් 500 ක මුදලක් අය කරන බවද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා. එසේම එහි බලපත් දීර්ඝකර ගැනීමකින් තොරව මත්පැන් අලෙවිසලක් පවත්වාගෙන ගොස් ඇති අතර සමාජ ශාලාවද පවත්වා ගෙන ගොස් ඇත්තේ බලපත්‍ර රහිතව බවයි වාර්තා වන්නේ

    මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය හෝටලයෙහි විවිධ අපචාර සිදුවන බවට ලැබී ඇති තොරතුරු මත ගම්පහ කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ලගේ උපදෙස් හා සහකාර ‍පොලිස් අධිකාරී සේනාපති සිල්වාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාරගේ මෙහෙයවීමෙන් සිදුකර තිබෙනවා.

  • විදුහල්පති නි.විදුහල්පතිනිය එක්ක පාසල් කාර්යාලයේ අමුතු හැසිරීමක යෙදුණු දුටු සිසුවා පාසලින් ඉවතට…..

    විදුහල්පති නි.විදුහල්පතිනිය එක්ක පාසල් කාර්යාලයේ අමුතු හැසිරීමක යෙදුණු දුටු සිසුවා පාසලින් ඉවතට…..

    විදුහල්පතිවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිනියක පාසල් කාර්යාලය තුළ අමුතු ආකාරයකව සිටිනවා දුටු සිසුවකුට විවිධ බොරු චෝදනා ඉදිරිපත් කර පාසලින් නෙරපීමේ සිද්ධියක් ගම්පහ කලාපයට අයත් පාසලකින් වාර්තාවේ. 

    තමා හුණු කූරක් ගෙන එන්නට විදුහල්පති කාමරයට ගිය අවස්ථාවේ විදුහල්පති හා නි.විදුහල්පතිනිය අසභ්‍ය ආකාරයේ හැසිරීමක යෙදෙමින් සිටිනු දුටු බවත් පසුව ඒ බව මිතුරන්ටද පැවසූ බවත් මෙම සිසුවා පවසයි.

    මෙම සිද්ධියෙන් පසු ඒ ගැන විමසා විදුහල්පතිවරයා බැණ වැදුණු බවත් දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය අමානුෂික පහරදීමකට ලක් කළ බවත් සිසුවා පවසා ඇත.එදින මෙම සිසුවාගේ මව කැඳවා කිසිදු වැදගත් හේතුවක් නොදක්වා විදුහල්පති බලතල භාවිත කර සිසුවාව පාසලෙන් ඉවත් කර තිබේ.

    පාසලේ මුලසිටම ඉගෙන ගෙන ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රීඩා කටයුතුවලින්ද ජයග්‍රහණ අත්කරගෙන කැපී පෙනෙන සිසුවෙකු ලෙස නමක් දිනූ මොහුව අසාධාරණ ලෙස නෙරපා දැමීම ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට සිසුවාගේ දෙමාපියන් ඉන් පසුව කටයුතු කර ඇතත් කිසියම් දේශපාලන බලපෑමක් මත එම ගැටලුව විමර්ශනය නොකර හරින බවත් වාර්තාවේ.

    අසභ්‍ය හැසිරීම් සිද්ධියෙන් පසු දිනපතා විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය විවිධ වැරදි කියමින් තමාට හිරිහැර කළ බවත්, දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය පහර දෙද්දී තමා අත දිගුකර එම පහරදීම්වලින් බේරීමට උත්සාහ කළ අවස්ථාවේ බේරාගත්තේ වෙනත් ගුරුවරයකු බවත් වැඩිදුර විස්තර කර ඇත.

    සිසුවාගේ කොණ්ඩ කැපීමේ සිද්ධියේදී විදුහල්පති කාර්යාලයට පොලිසියේ දෙදෙනකු සහ තම මව ද කැඳවා තිබුණු බවත් තමා විදුහල්පතිනියට පහර දීමට උත්සාහ කළ බව දක්වමින් බරපතල වරදකට පැටලූ බවත් සිසුවා කරන පැමිණිල්ලේ දැක්වේ.

    ඉත්පසු සිසුවා පාසලෙන් ඉවත් කර ඇති අතර ඔහු තමාට වූ අසාධාරණය ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපනය කාර්යාලයට පැමිණිලි කර කිහිප අවස්ථාවක් මේ සම්බන්ධයෙන් ඇවිටිලි කළ පසුව අවසානයේ  කලාපයේ වෙනත් පාසලක් ලැබී  තිබුණත් විදුහල්පතිවරයාට එරෙහිව කිසිවක් සිදුව නැති අතර සිසුවා දැඩි මානසික පීඩාවට පත්වී ඇතැයි වාර්තාවේ දේශපාලන බලපෑමක් නිසා විදුහල්පතිවරයාට එරෙහි කටයුතු යටගසා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි වාර්තා කර තිබේ.

  • පුවත් මවන ශනුද්‍රී ප්‍රියසාද් මෙදාපාර තැළිලා පොඩිවෙලා කැරකිලා දාපු අමුතු නැටුම ම‌ෙන්න…..

    පුවත් මවන ශනුද්‍රී ප්‍රියසාද් මෙදාපාර තැළිලා පොඩිවෙලා කැරකිලා දාපු අමුතු නැටුම ම‌ෙන්න…..

    දෙරණ ස්ටාර් සිටි වේදිකාවේදි ඔන්න ඉතිං මෙදාපාරත් ශනුද‍්‍රිව තළලා පොඩි කරලා. ඒ කිව්වේ ඉතිං තැළිලා පොඩිවෙලා හරි අමාරුවෙන් නර්ථනයක් ඉදිරිපත් කරලා කියන කාරණයයි.

    මේ නර්තනය ටිකක් වෙනස් නර්තනයක් නිසා විනිසුරුවන්ගෙන් දිනක්ෂිටයි ශනුද‍්‍රිටයි හොද ප‍්‍රතිචාර හිමි වුණා.

  • නිසි කලට නිසි ලෙස මැතිවරණ නොපැවැත්වීම මරණයට සහ රටේ විනාශයට හේතුවක්‌

    නිසි කලට නිසි ලෙස මැතිවරණ නොපැවැත්වීම මරණයට සහ රටේ විනාශයට හේතුවක්‌

    රටක ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසි කලට සහ නිසිලෙස මැතිවරණ පැවැත්විය යුතුයි. මැතිවරණ කල් දැමීමට ක්‍රියාකළහොත් එය මරණයට සහ රටේ විනාශයට හේතුවක්‌ වන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

    ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඡන්ද බලය මත ර¹ පවති” යන මැයෙන් අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය සහ අනුරාධපුර මැතිවරණ කාර්යාලය මගින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක්‌ අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම සම්මන්ත්‍රණය ඉකුත් 07 වැනිදා මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක මධ්‍ය විද්‍යාලයේදී පැවැත්විණි.

    මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පදනම ජනතාවගේ කැමැත්ත විය යුතුයි එනම් පාලනයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතුයි. එම කැමැත්ත නිසි කලට පැවැත්වෙන ඡන්ද විමසීම්වලින් ප්‍රකාශ විය යුතුයි. හැමදාම ඡන්ද විමසීම් කල් තැබූ රටවල්වල විනාශයක්‌ ඇතිවුණා. කිසිදු මැතිවරණයක්‌ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ගුණාංගවලට ඉදුරාම පටහැනි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අපි ප්‍රසිද්ධියේ කියනව. ඒ බව අපි දේශපාලන පක්‍ෂවලට ලිතව දැනුම්දී තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද බලය, ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම් නිසිකලට මැතිවරණ පැවැත්විය යුතුයි.

    අපේ රටේ ඡන්ද පොළට යාම තහනම් කර නොමැති කාලවල පැවැත්වූ මැතිවරණ වලදී දුෂ්ඨ, තුච්ඡ, නින්දිත සහ නරක යන ඔක්‌කොම වචන යොදල කියන්න පුළුවන්. ඡන්ද විමසීම් තුනක්‌ ගැන. ඉන් එකක්‌ 1999 වසරේ පැවැත්වූ කුප්‍රකට වයඹ පළාත් සභා මැතිවරණය. එම මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්‌ථානවල රාජකාරි කළ සමහර මැතිවරණ නිලධාරීන් මැතිවරණයදා උදේ 9.00 වන විට ඡන්ද පෙට්‌ටිත් රැගෙන කුරුණෑගල කච්ෙච්රියට ආවා. මොකද එදින උදේ 8.45 වන විට මැරයෝ ඇවිත් ඔක්‌කොම ඡන්දදාල ඉවරයි. ඒක දුෂ්ටම මැතිවරණයක්‌.

    අනෙක්‌ දූෂිතම මැතිවරණ දෙක තමයි 1982 වසරේදී පැවැත්වූ ජනමත විචාරණය සහ 1981 වසරේදී පැවැත්වූ යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා මැතිවරණය. යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා මැතිවරණයේදී මැතිවරණ රාජකාරි ඉටුකිරීමට කිසිදු අයිතියක්‌ නොමැති කණ්‌ඩායමක්‌ කොළඹින් සහ කුරුණෑගලින් එහි යෑව්වා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඡන්ද මධ්‍යස්‌ථානවල තිබූ ඡන්ද පෙට්‌ටි අතුරුදන් වුණා. පසුව ඉන් ඡන්ද පෙට්‌ටි කීපයක්‌ සොයා ගත්තා. හැබැයි එම මැතිවරණයේදී ඡන්ද ප්‍රතිඵලය ලෙස විපක්‍ෂය සියලු ඡන්ද කොට්‌ඨාස ජයග්‍රහණය කළා. බලයේ හිටපු පක්‍ෂයට එකම කොට්‌ඨාසයක්‌වත් ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා. ලංකාවේ එවැනි ප්‍රතිඵලයක්‌ ලැබුණු එකම අවස්‌ථාව එයයි.

    ජනතාව එසේ ප්‍රතිචාර දක්‌වද්දී ලංකාවේ ඉතාම අවාසනාවන්ත සිදුවීමක්‌ ලෙස ගැනෙන යාපනය පුස්‌තකාලය ගිනි බත්වුණේ එදින රාත්‍රියේදීයි. එම සිද්ධියෙන් පසු යාපනයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ මධ්‍යස්‌ථ ජනතාව තුළ ඡන්දය කෙරෙහි තිබූ විශ්වාසය බිඳී ගියා. එහි වාසිය අත්වුණේ බැලට්‌ එක කෙරෙහි නොව තුවක්‌කුවට විශ්වාසය තබා කටයුතු කළ කල්ලිවලටයි. මේ නිසා 1983 කලබලය තමයි උතුරේ සන්නද්ධ කණ්‌ඩායම් වලට නැගී සිටීමට පෙට්‍රල් දැම්මේ. යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා මැතිවරණයෙන් තමයි එම සන්නද්ධ කල්ලිවලට නැගී සිටීමට ඔක්‌සිජන් ලැබුණේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙසයි මහා සන්නද්ධ කල්ලියක්‌ බිහිවී රටම විනාශ වුණේ.

    1982 වසරේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව 1983 මහ මැතිවරණයක්‌ පැවැත්වූවා නම් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එදා තරුණයන් නියෝජනය කළ පක්‍ෂයට මන්ත්‍රීධුර පහක්‌ හෝ දහයක්‌ ලැබීමට ඉඩ තිබුණා. එම අවස්‌ථාව අහිමිවීමෙන් පසු එම තරුණයන්ට ඡන්දය කෙරෙහි තිබූ විශ්වාසය නැතිව ගියා. ඒ නිසා එම තරුණ පක්‍ෂයේ පිරිසක්‌ ආයුධ අතට ගෙන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගොඩ නැගුවා. එයින් රජයට එරෙහිව කැරැල්ලක්‌ ඇතිවුණා. ඉන් මිනිස්‌ ජීවිත හැට දහසක්‌ පමණ අහිමි වුණා.

    මැතිවරණ හරියට නොතිබ්බොත් මැතිවරණ කල් දැමුවොත් එය මරණයට හේතු වෙනවා. ඒ නිසා අපි නියමිත කලට මැතිවරණ පැවැත්විය යුතුයි. 1972 ජනරජ ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමෙන් පසු එවකට පැවැති රජය වසර පහකට පැවති නිල කාලය වසර හතක්‌ කළා. ඊට එරෙහිව එදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා ලෙස කටයුතු කළ ඡේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්‌වී ඡන්දය ඉල්ලුවා. ඒ ආදර්ශය ලංකාවේ දේශපාලනඥයෝ දන්නවා.

    ඒ නිසා මැතිවරණ කල්දැමීමට විරුද්ධවීම දේශපාලඥයන්ගේ කාර්යයක්‌. මැතිවරණ නිසි කලට පැවැත්වීම ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේත් වගකීමක්‌. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් දෙසිය විසි පස්‌ දෙනාගේම වගකීමක්‌ තමයි උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ පවත්වා ජනතාවට තම කැමැත්ත ප්‍රකාශ කිරීමට කඩිනමින් අවස්‌ථා සැලසීම.

  • තැපෑල අඛණ්‌ඩ වර්ජනයේ

    තැපෑල අඛණ්‌ඩ වර්ජනයේ

    ඉල්ලීම් දෙකක්‌ මුල්කර ගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඊයේ (11) සවස 4.00 සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කළේය.
     
     ප්‍රධාන තැපැල් කාර්යාල 653 ක උප තැපැල් කාර්යාල 3610 ක, පාලන කාර්යාල 100 ක සේවකයන් 23,000 ක්‌ වැඩවර්ජනයට සහභාගී වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
     
     තැපැල් දෙපාර්තමේන්තුවට ගැළපෙන ස්‌වාධීන බඳවා ගැනීම් පටිපාටියක්‌ සකස්‌ කරන ලෙස සහ වැඩබලන ස්‌ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්‍ෂිත කරන ලෙස කලක සිට බලධාරීන්ගෙන් කළ ඉල්ලීම්වලට නිසි විසඳුමක්‌ නොලැබීම නිසා මෙම වැඩවර්ජනය සිදුකරන බවද ඒ මහතා කීය.වැඩ බලන තැපැල් ස්‌ථානාධිපතිවරුන් වසර 7, 8, 10 වැනි කාලයක්‌ වැඩ බලන ස්‌ථානාධිපතිවරුන් ලෙස කටයුතු ඉටුකර තිබිදීත් ඔවුන් ස්‌ථිර කිරීම වෙනුවට වෙනත් පාර්ශ්ව තැපැල් ස්‌ථානාධිපතිවරුන් ලෙස පත් කිරීමට බලධාරීන් උත්සහ කරන බවත් මේ සම්බන්ධයෙන් කරුණු දක්‌වා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ සංශෝධනයට අනුමැතිය ලබානොදී මාස හතරකට වැඩි කාලයක්‌ කල් මරමින් සිටින බවත් අවධාරණය කළ ඒ මහතා ආරම්භ කළ වැඩවර්ජනය සඳහා සාධාරණ විසඳුමක්‌ ලබා නොදෙන්නේ නම් අඛණ්‌ඩ වැඩවර්ජනය ඉදිරියටත් ගෙනයන බව වැඩිදුරටත් කියා සිටියේය.
     
     රට පුරා පිහිටි සියලු තැපැල් කාර්යාල වසා දමා අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද සිට (12) රට පුරා ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පැවැසීය.රට පුරා පිහිටි සියලු තැපැල් කාර්යාල අද (12) සිට අපි සම්පූර්ණයෙන්ම වසා දමනවා. තැපැල් දුම්රිය අපි ඊයේ සවස සිට නවතා දමනු ලැබුවා.
     
     විදේශ තැපැල් හරහා ශ්‍රී ලංකාවේ සිට විදේශ රටවලට ලිපි සහ පාර්සල් යෑවීමත් විදේශ රටවල සිට කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන තැපැල් මලු කොළඹට රැගෙන ඒමත් අපි සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබුවා.
     
     මෙම අඛණ්‌ඩ වැඩවර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 21000 ක්‌ පමණ වන සියලුම තැපැල් සේවකයන් සහ වෘත්තීය සමිති තිහක්‌ එක්‌වී සිටිනවා.
     
     තැපෑල සංවෘත දෙපාර්තමේන්තුවක්‌ බවට පත් කිරීම ඇතුළු අපේ ඉල්ලීම් රජය ලබාදෙන තුරු වර්ජනය නතර නොකරන බවද හෙතෙම පැවැසීය.

  • 250ට පඳුරු අස්සේ ක්ලාස් ආපු පොඩි කපල් රූම් යන අනුරාධපුර පූජා නගරය‌ේ අමුතු පාක් එක ම‌ෙන්න..

    250ට පඳුරු අස්සේ ක්ලාස් ආපු පොඩි කපල් රූම් යන අනුරාධපුර පූජා නගරය‌ේ අමුතු පාක් එක ම‌ෙන්න..

    මිනිසුන්ගේ වෙහෙස මහන්සිය නිවාගන්නට රට පුරා බොහෝ ස්ථාන වල විවිධ උද්‍යාන ඉදිකර තිබෙනවා. කොළඹ අවට ඉන්න අයනම් බොහෝ වෙලාවට නිවාඩු පාඩුවෙ විහාරමහාදේවි උද්‍යානට ගිහිල්ලා කාලය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම රටේ විවිධ ප්‍රදේශ වල මේ විදියට නිර්මාණය කරල තියෙන උද්‍යාන වලට පුංචි දරුවන්ගෙ ඉඳලා වැඩිමහළු පුද්ගලයන් දක්වාම යන්න පුරුදු වෙලා තියෙනවා.

    කොහොම වුනත් මේ විදියෙ උද්‍යානවල සිදුවෙන ඇතැම් සිදුවීම් නිසා පුංචි දරුවන් පවා එම උද්‍යාන වලට රැගෙන යන දෙමාපියන් විශාල ලෙස අපහසුතාවයට පත්වෙනවා. පසුගිය දිනක අනුරාධපුර ප්‍රදේශයේ උද්‍යානයක සිදුවන අමුතු විදියේ පුවතක් මුද්‍රත මාධ්‍යයක සඳහන් කර තිබුනේ මෙලෙසින්.

    පසුගිය දිනක සිරිමා බෝධිය වඳින්න ගොස්‌ එන අතරමඟදී මේ අමුතු උද්‍යානයේ සිරි නරඹන්නට මට ද සිතිණි. මම උද්‍යානයේ විසල් දොරටුව අසලට ගියෙමි. දොරටුපල්ලාගේ විමසුම් ඇස මගේ දෙපතුළේ සිට හිස්‌මුදුනට යනතෙක්‌ දිව ගියේය.

    දෙන්නෙක්‌ ඉන්නවද…? දොරටු පල්ලාගෙන් මට පැනයකි.

    ‘නෑ… මම විතරයි…’

    ‘එහෙම නම් බෑ. පාක්‌ එකට ඇතුළු වෙන්න දෙන්නෙක්‌ ඉන්න ඕනෑ…’ බකුසු මුහුණ තවමත් මා දෙසට තියුණු බැල්මකය.

    පසුව මම ගමන් සගයා ද කැටුව ගොස්‌ උද්‍යානයට ඇතුළුවීමට දොරටු පල්ලාගෙන් අවසර පත්‍රයක්‌ ඉල්ලා සිටියෙමි.

    ‘ටිකට්‌ එකක්‌ දෙසිය පනහයි…’ නොරිස්‌සුම් ස්‌වරයෙන් ඔහු අපට වචනවලින් දමා ගැසූ ගානය.

    ටිකට්‌පත් දෙකක්‌ මිලට ගෙන අපි විසල් දොරටුවෙන් පහළට පියගැට පෙළ බැස්‌සෙමු. පියගැට පෙළ අවසානය කොන්ක්‍රීට්‌ ගල් ඇල්ලූ මංතීරුව ලඳු කැලෑ දෙබෑ කරමින් ඈතට විහිදේ. අවට සොබාසිරිය විඳිමින් අපි සෙමෙන් ඉදිරියට පිය මැන්නෙමු.

    මඟ දෙපස කැලෑ රොදවල් අතරින් මතු වන සියොතුන්ගේ ගී නාදය හදවත් ඒකාත්මික කරන සංගීතයක්‌ බඳුය. මල්වතුඔය දෙසින් හමන සිසිල් සුළඟ සියොළඟම කිතිකවමින් ගහකොළවල වැදී බිඳී යයි. ඉලුක්‌ පඳුරු, බට පඳුරු සහ විවිධාකාර ශාකවලින් පිරුණු උද්‍යානය ද හරිත පැහැයෙන් දිළිණි. එහෙත් මේ උද්‍යානයේ මල් පඳුරු ඇස නොගැටෙන තරම්ය.

    එමෙන්ම මඟ දෙපස ඇති ඒ කැලෑ පඳුරු හරි අපූරුවට කූඩාරම් සේ සකස්‌ කර, සෙවණ යට බංකු සකස්‌ කර ඇති අයුරු ද පෙනේ. කැලෑ රොදවල් අතරින් ඇස ගැටෙන ඒ එකදු බංකුවක්‌වත් හිස්‌ නැත. සියලු බංකු පෙම්වතුන්ගෙන් පිරී ගොස්‌ය. තව, තවත් අපි ඉදිරියට පියවර මැන්නෙමු.

    අතරමඟ මුණගැසෙන බොහෝ දෙනා බෑග් මලු කරේ එල්ලාගත් තරුණ ජෝඩුය. විවිධ ටිකට්‌ පොත් අතින් ගත් තරුණයන් දෙතුන්දෙනෙක්‌ ඇස නොගැටෙන්න එළිපිට ගමන් කරන පිරිමි දෙදෙනෙක්‌ සිටියා නම් ඒ අප දෙදෙනා පමණි. කැලෑ පඳුරු අතර සැඟ වී පෙම්වතුන්ගේ අනඟ රැඟුම් නරඹමින් කාලකණ්‌ණි වින්දනයක්‌ ලබන පිරිමි බාග මේ උද්‍යානයේ ඕනෑතරම්ය. එහෙත් මේ මොහොත් එවැනි පිරිමි පරාණ අපගේ දෙනෙත්හි නොගැටිණි. ඇස ගැටෙන සෑම කැලෑ රොදකම ආදරයෙන් වෙලුණු පෙම්වතුන් පමණි.

    මේ නම් පෙම්වතුන්ගේ රාජධානියකි. මේ ප්‍රේම පාරාදීසයේ පෙම් සුව විඳින ප්‍රේමනීය දෙනෙත් සමඟ නිමේෂයකටවත් අපගේ දෙනෙත් නොගැටිණි. සොර සතුරෙක්‌ පැමිණ ඔවුන්ගේ බඩු භාණ්‌ඩ සොරාගෙන ගියද ඔවුන්ට නිච්චියක්‌ නැති ගානය. ඔවුහු එතරම්ම ප්‍රේමාලිංගනයෙන් උමතුවට පත්ව සිටිති. ඇඳුම්, පැළඳුම් පොත්පත් සියල්ල විසිරි තිබියදී ඔවුන්ගේ ශරීර කූඩු පමණක්‌ එක මිටට ප්‍රේමයෙන් බැඳී තිබිණි.

    ”අද සෙනසුරාදා නේ. ගොඩක්‌ම ඉන්නේ පන්ති එන ළමයි. දෙමවුපියෝ පොළොව තඩි ගහලා මේ ළමයින්ව ටියුෂන් එවනවා. ළමයි පඳුරු අස්‌සේ රිංගනවා…” අපගේ ගමන් සගයා පහත් ස්‌වරයෙන් සුසුමක්‌ පිට කළේය.

    ඔහුගේ කතාව සැබෑය. පෙම්වතුන්ට තුරුලු වී සිටින මේ දැරිවියන්ගේ මවුවරු මේ විගඩම් දුටුවහොත් මාතෘත්වයේ සප්ත මහා ගංගා එක්‌ මුව දොරකින් මුහුදට ගලන්නාක්‌ සේ ළය පැළී යන වේදනාවෙන් ඉකිබිඳිණු නියතය. දිගු හීන කතාන්දර කෙටි අකුණු පහර මත මියෑදෙන බව පෙම්වතුන්ට තුරුලු වී සිටින විසේකාර ගැටිස්‌සියන්ට නොතේරේ. තේරුම් යන විට ඔවුන්ගේ වටිනා වස්‌තූන් නැති වී හමාරය.

    ”පේනව නේද… පඳුරක්‌ යටට ගියාට පස්‌සෙ ඉන්නේ කොහේද කියලා දන්නේ නෑ. පඳුරු අයින්වල වැටිලා තියෙන ඉටි බෑග්වලින් ඒ බව හොඳින් පැහැදිළි වෙනවා නේ… මේ පාක්‌ එක හවස පහ වෙනකම් ඕපන්. පාක්‌ එකේ ගෙට්‌ටුව වැහුවට පස්‌සෙත් ජෝඩු එහෙං මෙහෙං රිංගනවා. ඇඳිරි වැටෙනකොට රිංගන්නේ වැඩ ඇරිලා යන තාත්තලා, අම්මලා. සමහර අමාරුකාරයො ටවුන් එකේ ඩීල් වෙන උන් දක්‌කගෙන එනවා… ගමන් සගයාගේ මුවට අගුළු වැටිණි. ඔහුගේ දෙනෙත් කැලෑව පීරගෙන පඳුරකට වහං වෙච්ච බංකුව මතට දිව යන අයුරු මම දුටිමි.

    ”දැක්‌කද අතන ඉන්න කපල් එක. ගෑනි කලටියක්‌. කොල්ලට දහඅටකවත් පෙනුම නෑ. මුන් දෙන්න මෙතැනට ඇවිත් ඉන්නේ පෙම්බස්‌ දොඩන්න නෙමෙයි නේ. මේ විදිහේ කපල් ඕනතරම් මේ කැලේ පඳුරුවල ඇති. මෙතැන අඩු මුදලකින් වැඩි වැඩක්‌ කර ගන්න පුළුවන් තැනක්‌. සමහර කපල් කෙළින්ම එන්නේ රූම් එකකදි කරන වැඩේ කරගන්න. මෙතැනදී ආතල් එකක්‌ ගන්න අතර එහා පැත්තේ බංකුවේ කපල් එක කරන දේවලුත් බලන්න පුළුවන්.

    කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ව මේ වගේ තැනකට ගේන්නේ ලව් කරන්න නෙමෙයි, ලිංගික අවශ්‍යතා ඉටුකරගන්න. කෙල්ලෙකුට, කොල්ලෙකුට ගිහිල්ලා කතා කර, කර ඉන්න ඕන තරම් මේ ටවුමේ තැන් තියෙනවා. සම්පූර්ණයෙන්ම කොල්ලට වරද පටවන්නත් බෑ. එන කෙල්ලොත් දැනගන්න ඕනෑ. සමහර කොල්ලො අපිත් එක්‌ක කියනවා කෙල්ලො කතා කරන්නේම ….. පාක්‌ එකට යන්න කියලා. සෙනසුරාදා, ඉරිදා උදේ පාන්දරට පාක්‌ එකට රිංගුවට පස්‌සෙ යන්නේ ඇඳිරි වැටෙනකොට.

    කෑම, බීම අරගෙන එන්නේ. ඔය ගමේ, ගොඩේ කෙල්ලො මෙතැන ඇත්ත කතාව දන්නෙ නෑ. උන් හිතන්නේ පඳුරක්‌ ඇතුළට ගියාට පස්‌සේ ලෝකයෙන්ම වහං වුණා කියලා. කොල්ලට තුරුලු වෙලා ඇඟ රත්වෙනකොට කෙල්ල දන්නේම නැතිව ඇඳගෙන ඉන්න ඇඳුම් හැළෙනවා. ඒවා බලලා ආතල් ගන්න බැල්මට්‌ලා ගඟ අයින දිගේ මඩ කාගෙන පාක්‌ එකට බඩ ගානවා…”

    ”මෑතකදී මරු සිද්ධියක්‌ වුණා. මල්වතුඔය එහා ඉවුරේ ගම්මානයේ ගෙදරක වැඩකට මේසන් බාස්‌ කෙනෙක්‌ ඇවිත්. මිනිහා වැඩ කරලා දවාලට කාලා මුත්‍රා කරන්න කියලා ගඟ පහළට ගිහිල්ලා. පැයක්‌ විතර ගිහිල්ලත් මිනිහා ආවේ නැතිලු. මේ දවස්‌වල ඔයෙත් වතුර අඩුයි, කිඹුල්ලුත් වැඩිපුර ගැවසෙන නිසා ගෙදර මිනිස්‌සු කලබල වෙලා බාස්‌ව හොයන්න අරගෙන. බාස්‌ගේ ගෝලයයි, ගෙදර මිනිස්‌සුයි ගිනි පත්තුවෙලා බාස්‌ව හොයලා. ඒත් හොයාගන්න බැරි වෙලා. ඒ වෙනකොට ගමේ අහල,

    පහල ගෙවල්වල උදවියත් බාස්‌ව හොයන්න එකතු වෙලා. ගං ඉවුර පීර, පීර බාස්‌ව හොයන අතරේ කෙනෙක්‌ නිකමට වගේ ගස්‌ උඩ විපරම් කරලා. බැලින්නම් බාස්‌ උස ගහක අත්තක්‌ උඩට වෙලා පාක්‌ එකේ ඉන්න පෙම්වතුන්ගේ රැඟුම් බලමින් ස්‌වයං වින්දනයක යෙදෙනවා දැකලා. පස්‌සේ ගම්වැසියො එකතු වෙලා බාස්‌ට හොඳට ගහලා ගමෙනුත් එළවා දාලා. බාස්‌ට ගහපු අය අතරත් මල්වතුඔය තරණය කරලා පාක්‌ එකේ පඳුරු අස්‌සේ රිංගගෙන ආතල් ගන්න උන් ඉඳලා තියෙනවා. ඒත් බාස්‌ කරපු වරද ඉදිරියේ උන් සුදනෝ…”

    ”ටවුන් එකේ සමහර කොල්ලො තුන්හතර දෙනා එකතු වෙලා පාරෙන් පැනලා ඇවිත් කපල්වලට ටිකට්‌පොත් විකුණනවා. උන් එන්නේ ගංජා ගහලා, නැති නම් කුඩු ගහලා. අහිසංක කොල්ලන්ව, කෙල්ලන්ව බය කරලා ටිකට්‌ විකුණනවා. කොල්ලව බය කරලා කෙල්ලව අත, පත ගාන අවස්‌ථාත් තියෙනවා. ඒ වෙලාවට කොල්ලා අසරණයි. ඔය අතර ‘අපි පොලිසියෙන්… සීඅයිඩී එකෙන්…’ කියලා කපල්වලින් කප්පම් ගන්න පිරිසකුත් ඉන්නවා.

    මේ මෑතකදි කොල්ලො සෙට්‌ එකක්‌ ආතල් එකට පොලිසියෙන් කියලා ගිහිල්ලා අයිඩින්ටි කාඩ් එකතු කරලා ඒ විස්‌තර මත කෙල්ලටයි, කොල්ලටයි කියලා ලියුම් දෙකක්‌ ලියවගෙන දිනයක්‌ කියලා අම්මා, තාත්තා එක්‌ක පොලිසියට වරෙල්ලා නැති නම් මේ විස්‌තර මත නඩු දානවා කියලා බය කරලා තිබුණා. සමහර පොඩි කෙල්ලො ලියුම් ලියනකොට ඇඟිලි වේව්ලලා. ඒ කියපු දිනයට අම්මලා එක්‌ක පොලිසියට ඇවිත් තිබුණා කෙල්ලොත් ඉඳලා තිබුණා…”

    ”මෙතැන වෙන භයානකම සිද්ධිය තමයි, සමහර කොල්ලො සෙට්‌ මේ පඳුරු අස්‌සේ රහස්‌ කැමරා ගහලා තියෙනවා. තව සමහර කොල්ලො හැංගිලා ෆෝන් වලින් වීඩියෝ කරනවා. එහෙම වීඩියෝ කරන සමහර උන් සීන් තුන, හතර එකතු කරලා සීඩී ගහලා විකුණනවා. නැති නම් නිල් වෙබ්සයිට්‌වලට විකුණනවා. මදාවි කාලකණ්‌ණි කොල්ලො පඳුරු අස්‌සේ හිටිය කෙල්ලව මීට්‌ වෙලා වීඩියෝ එක පෙන්නලා බය කරනවා. කෙල්ලට ගෙදරට කියන්නත් බෑ. කොල්ලට කිව්වත් වැඩක්‌ නෑ.

    අන්තිමේ කෙල්ල අර කොල්ලො කියන දේවල්වලට කැමැති වෙනවා. අර කොල්ලො වීඩියෝ එක පෙන්න, පෙන්න කෙල්ලව නටවනවා. ඒ කෙල්ල හරහා උන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්නවා. එක දවසක්‌ නෙමෙයි සති ගණන්, මාස ගණන් කෙල්ලව තැන්, තැන්වලට ගෙනියනවා. ඊට පස්‌සේ සමහර කොල්ලො ඒ කෙල්ලව තව අයටත් විකුණනවා. කෙල්ලගේ ජීවිතේම ඉවරයි.

    පහුගිය කාලේ ඒ වගේ සිද්ධි කිහිපයක්‌ම ලීක්‌ වුණා. පොලිසියටත් ගියා. මාධ්‍යයෙත් පළ වුණා. අන්තිමේ ඒ කෙල්ලන්ගේ අධ්‍යාපනයත් ඉවරයි. යාළු කොල්ලත් නෑ. ගෑනියෙක්‌ වෙලා ගෙදරට කොටු වෙනවා. දෙමවුපියො ගමේ නෝන්ජල් කොල්ලෙක්‌ හොයලා බන්දලා දානවා. සමහර කෙල්ලො මොකක්‌හරි ජොබ් එකක්‌ හොයාගෙන යනවා. ඇති වෙන්න දේකුත් නෑ, නැති වෙන්න දේකුත් නෑ කියලා හිතලා හොඳට මඟුල් නටනවා.

    මේ උද්‍යානයට ඇවිල්ලා එහෙම වෙච්ච අසරණ කෙල්ලො ඕන තරම් මේ අනුරාධපුරේ ඉන්නවා. සමහර කොල්ලො කෙල්ලව හොඳට ආරක්‍ෂා කරනවා. ප්‍රශ්නයක්‌ ආවත් දාලා යන්නේ නෑ. ගොඩක්‌ම කොල්ලො එහෙම නෑ. ඕන වැඩ ටික කරගෙන සීරුවට මාරු වෙනවා. මේක මහා අසභ්‍ය උද්‍යානයක්‌. උද්‍යානය වටේට තියෙන්නෙ පන්සල් තුනක්‌. මේක ශාසනයටත් කරන අගෞරවයක්‌. අනිවාර්යයෙන්ම මේක නතර කරන්න ඕනෑ…” අපගේ ගමන් සගයා විස්‌තරාත්මකව කතාව පැහැදිළි කරමින් සිටියේය.

    අනුරාධපුර මහ නගර සභාවට අයත් භූමි භාගයක කරගෙන යන අසභ්‍ය ගුබ්බෑයම ගැන තව බොහෝ දේ ඔහු අපට කියන්නට ලෑස්‌තිය. එහෙත් පෙම්වතුන්ගේ අනඟ රැඟුම් මැද කාලය ගත වනවා අපට නොතේරිණි. ඒ වන විටත් කිලෝ මීටර් එකහමාරකට වැඩි දුරක්‌ අපි ඇවිදගෙන ගොස්‌ සිටියෙමු. මල්වතු ඔයට මායිම් වූ බිම් තීරුව අක්‌කර පහකට වැඩිය. උද්‍යානයේ පිටුපස කෙළවරේ දොරටුවක්‌ තිබේ. එහෙත් දැන් එම දොරටුව විවෘත නොවේ. අපි ආපසු හැරුණෙමු. මළ හිරු බැස ගොස්‌ය. නවසඳ මෝදු වීමට හෝරාවකට අඩු කාලයකි. අපි ඒ උමතු ලෝකයෙන් සැබෑ ලෝකයට පැමිණියෙමු.

    අනුරාධපුරය යනු බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය පිහිටි නගරයකි. දෙස්‌, විදෙස්‌ බෞද්ධ, අබෞද්ධ බැතිමතුන් නිතර සංචාරය කරන නගරයකි. එමෙන්ම උතුරුමැද පළාතේ ප්‍රධාන නගරයයි. එහෙයින් අනුරාධපුරයට එන මිනිසුන්ට විනෝදවීමට සහ නිදහසේ කාලය ගත කිරීමට මල් සුවඳින් පිරුණු හරිත උද්‍යාන නිර්මාණය කිරීමේ වරදක්‌ නැත.

    අනුරාධපුර මුළු නගරයම හරිත උයනක්‌ ලෙස අලංකරණය විය යුතු බව සැබෑය. එහෙත් එම උද්‍යාන විනයානුකූලව නිර්මාණය විය යුතුය. දෙමවුපියන්ට තම දරුවන් සමඟ පැමිණ විනෝද විය හැකි පිරිසිදු ස්‌ථාන විය යුතුය. එසේ නොමැතිව කාම ගින්නෙන් දැවෙන පෙම්වතුන්ට සහ සලෙලුන්ට පහත් ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට ඇවැසි එළිමහන් රති පිටියක්‌ නොවිය යුතුය.

    සිරිමා බෝධිය පෙනෙන දුරින්, ශුද්ධ භූමිය අපවිත්‍ර කරන අනුරාධපුර ‘එළිමහන් රති පිටිය’ ආරක්‍ෂාවට රටේ මුලසුන හොබවන ප්‍රබල දේශපාලනඥයන් සීරුවෙන් සිටින බව සැබෑය. එහෙත් මේ උද්‍යානය තුළ සිදු වන අවලම් වැඩ නතර විය යුතුය. මේ සම්බන්ධයෙන් ඊටත් වඩා ඉහළ බලධාරීන් ක්‍රියාත්මක වන තෙක්‌ අපි බලා සිටිමු.

  • දූෂිතයෝ කවුද.. නැද්ද කියලා මුළු රටම දන්නවා.. මම ඉන්න‌ේ දුෂණ විරෝධි ‌කදවුරේ – ජනපති ම‌ෛත්‍රි කියයි…

    දූෂිතයෝ කවුද.. නැද්ද කියලා මුළු රටම දන්නවා.. මම ඉන්න‌ේ දුෂණ විරෝධි ‌කදවුරේ – ජනපති ම‌ෛත්‍රි කියයි…

    එක්‌ පසෙකින් ඉන්දියන් සාගරයය. අනෙක්‌ පසින් බේරේ වැවය. මේ දෙකටම මුහුණලා ඇති ජනාධිපති කාර්යාලයේ සිට ඔහු රට කරවීමේ කර්තව්‍යයේ නිරතව සිටියි. තමන්ගේ භාර්යාව අතින් නිමවූ දිවා ආහාරය ගැනීම සඳහා ඔහු ජනාධිපති පුටුවෙන් නැඟී සිටියේ ‘තාම දවල්ට කාලවත් නැහැ…’ යෑයි කියමිනි. ‘මම මේ කාර්යාලයට එන්නේ උදේ හතයි තිහට… ඒ තරමට වැඩ පිරිලා…’ යෑයි කියමින් දිවා ආහාරය සඳහා වාඩිගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ කරන ලද සාකච්ඡාවයි මේ.

    ප්‍රශ්නය – සෝභිත හිමි සමරු උළෙලේදී ඔබ විසින් පවත්වන ලද කතාවෙන් පෙනී ගියේ, ඔබගේ අරමුණ කරා යැමේ දුෂ්කරතාවක්‌ තිබෙන බවයි. ජනාධිපතිතුමනි… ඔබ දැන් සිටින්නේ පීඩනයකට ගොදුරු වෙලාද…? නැතිනම් තනිවෙලාද…?

    පිළිතුර – කොහෙත්ම තනිවෙලා නැහැ. හැබැයි දූෂිතයන්ගෙන් වෙන් වෙලා.

    ප්‍රශ්නය – ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ දූෂණයට විරුද්ධව බව සහ ඊට එරෙහිව ක්‍රියා කරන බව රටට ප්‍රතිඥාවක්‌ ලෙස ලබා දෙමින්. ඒ කියන්නේ ඔබ කලින්ම දූෂිතයන්ගෙන් වෙන් වුණා කියන එකනේ… මෙතැනදී වෙන්වීම ලෙස සඳහන් වන්නේ, ඔබ සමඟ එකට ආණ්‌ඩු කරන පාර්ශවයේ දූෂිතයන් පිළිබඳව ද…?

    පිළිතුර – දූෂිතයෝ කවුද… නැද්ද කියලා මුළු රටම දන්නවානේ… මට මගේ ප්‍රතිපත්ති වෙනස්‌ කරන්න පුඑවන් කමක්‌ නැහැ. මම සැමවිටම දූෂිත දේශපාලනයට විරුද්ධයි. දූෂණයට විරුද්ධව අරගල කරන කොට දූෂිත දේශපාලනඥයන් සන්ධානගත වෙනවා. එයයි අද සිදුවෙලා තිබෙන්නේ. ඉදිරියේදී ජනතාවම හඳුනා ගනී කවුද හරි… කවුද වැරදි කියලා… අද රටේ මහජනතාවට අවශ්‍ය වෙන්නේ දූෂිතයන්ගෙන් තොර දේශපාලන ව්‍යාපාරයක්‌. ඒ ජනතා අවශ්‍යතා අනුව මගේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ මම සකස්‌ කරනවා. දූෂිත දේශපාලනයට විරුද්ධ සෑම කෙනෙක්‌ටම ඒ සඳහා එකතු වෙන ලෙස ආරාධනා කරනවා. ඒ සඳහා පක්‌ෂ බේදයකින් තොරව පුළුල්, ශක්‌තිමත් ජාතික දේශපාලන බලවේගයක්‌ ගොඩනැඟීමට විශාල ජනතා සහයෝගයක්‌ ලැබෙයි කියා මම විශ්වාස කරනවා.

    ප්‍රශ්නය -ඔබ පක්‌ෂයේ විශාල ප්‍රතිසංවිධානයක්‌ කළා. එම ප්‍රතිසංවිධානයේදී අපිට ඉතා පැහැදිලිව පෙනෙනවා ක්‍රියාකාරී දේශපාලනයේ නොමැති විශ්වවිද්‍යාල ආචාර්යවරයකු පක්‌ෂයේ ලේකම් බවට පත්කරනවා. ඒ අතර 16 කණ්‌ඩායමත් පක්‌ෂයේ සිටිනවා. එම කණ්‌ඩායම ඔබ සමඟ කටයුතු කරමින් මහින්ද රාජපක්‌ෂ මහත්මයා සමඟත් කටයුතු කරන පිරිසක්‌. ශ්‍රීලනිපයේ අලුත් ප්‍රතිසංස්‌කරණයේ අරමුණ පොහොට්‌ටුව සමඟ යා වෙන පාළමක්‌ තැනීමද…?

    පිළිතුර – නැහැ. පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විදියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දර්ශනය සහ ප්‍රතිපත්තිය තුළ ඒකරාශිව වැඩ කිරීමේ පසුබිම සකස්‌ විය යුතුයි. මම මේ කතා කරන දූෂිත දේශපාලනයට විරුද්ධ ජාතික ව්‍යාපාරයක්‌ ගොඩනැඟිය යුත්තේ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායකත්වය තුළයි, කියා මම විශ්වාස කරනවා. ඒ තුළ රටේ මහජනයා බලාපොරොත්තු වන දිසාවට යා හැකියි කියා මම විශ්වාස කරනවා. අද ලංකාවේ සියලු දේශපාලන පක්‌ෂවල අභ්‍යන්තර ආරවුල් තිබෙනවා. අභ්‍යන්තර ආරවුලක්‌ නැති කිසිදු දේශපාලන පක්‌ෂයක්‌ නැහැ. කවුරු හරි කියනවා නම් ‘අපේ පක්‌ෂයේ එහෙම එකක්‌ නැහැ…’ කියා එය සම්පූර්ණයෙන්ම මුළාවක්‌. රට වශයෙන් ගත්විට රටේ තිබෙන සියලු දේශපාලන පක්‌ෂවල අභ්‍යන්තර අර්බුද, ආරවුල් තිබෙනවා. රටේ අනාගතය සඳහා. එය නිරාකරණයේදී ඉතාමත් වැදගත්… එතැනදී වැදගත් වන්නේ අප යන ඉලක්‌කයයි. නිවැරදි වැඩපිළිවෙළ කුමක්‌ද? එම නිවැරදි වැඩපිළිවෙළක්‌ සඳහා අවශ්‍ය එකතුවීමක්‌ තමයි අද අවශ්‍ය වන්නේ.. ඉදිරියට කුමනාකාරයේ නින්දා, අභියෝග, බාධාවන් කොතෙක්‌ ආවත් ඒ සියල්ල තුළ මම පුළුල් ජාතික දේශපාලන ව්‍යාපාරයක්‌ ගොඩනඟනවා.

    ප්‍රශ්නය – ඔබගේ පුත් දහම් සිරිසේන මහතාට මහරගම ප්‍රදේශයේ සුවිසල් නිවසක්‌ තිබෙන බවට වෙබ් අඩවි කිහිපයක සඳහන් කර තිබුණා. මේ චෝදනාව පිළිබඳව ඔබගේ ප්‍රතිචාරය කුමක්‌ද…?

    පිළිතුර – මහරගම ගෙවල් ඕනතරම් ඇති. මහරගම විශාල ජනගහනයක්‌ ඉන්නවානේ. ඒ නිසා ඔය පළාතේ ලොකු ගෙවල් හුඟාක්‌ ඇති… ඔය කියන විදියේ මහරගම ගෙයක්‌, මටවත් මගේ දරුවෙකුටත් නැති බව, දන්න අය දන්නවා. සමාජ වෙබ්අඩවි, නොයෙක්‌ කටකතා මාර්ගයෙන් ඉතාමත් අසත්‍ය දේවල් පතුරවා හරිනවා. ඔය කියන හැමදේටම, වෙන වෙනම උත්තර දෙන්න ගියොත් මට වෙන වැඩක්‌ කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ගැන නොසලකා, මම රට වෙනුවෙන් කළ යුතු වැඩ කොටසයි කරන්නේ. අසත්‍ය කියන දේ වේගයෙන් සමාජයට ගලා ගියත් එහි සත්‍යතාව සහ යථාර්ථය යම් ප්‍රමාදයකින් හෝ ජනතාව වෙත සන්නිවේදනය වෙනවා.. විදුලි වේගයටත් වඩා වේගයකින් අසත්‍යය ගමන් කරනවා. ගෙවල් පෙන්වන දේවල් නොයෙකුත් දේවල් සම්පූර්ණයෙන් මම ප්‍රතික්‌ෂේප කරනවා. ඒවා සංවිධානාත්මක අතර සාමාන්‍ය කතාවේදි කියන දේශපාලන මඩ ව්‍යාපාර තමයි. ඒ අපහාස සියල්ල කරන්නේ දූෂිතයන් සහ දූෂිතයන් රකින අය. සමාජ වෙබ් අඩවිද, විද්යුත් මාධ්‍යයද, මුද්‍රිත මාධ්‍යයද, කටකතාවෙන්ද ඒ සියලු දෙනා මට විරුද්ධව කතා කරන දූෂිත දේශපාලනඥයන් රැකීම සහ දූෂිත දේශපාලන ව්‍යාපාරවල තත්ත්වය සමහර විට දැනගෙන සමහර විට නොදැන කටයුතු කරන අය.

    ප්‍රශ්නය – ඔබගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිය වූ දින 100 යේ වැඩපිළිවෙළයි. ඒ පිළිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක්‌ ඔබ විසින් පසුගියදා සිදු කළා. මේ ආණ්‌ඩුවේ අවුල පටන් ගත්තේ එම වැඩපිළිවෙළින් බව ඔබ සඳහන් කළා. එම වැඩපිළිවෙළ අවුලක්‌ නම් අලුත් වැඩපිළිවෙළකට යන්න ඔබට තව කාලයක්‌ තිබෙනවා. ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධානය ඒ සඳහා සූදානමක්‌ ද…?

    පිළිතුර – දින 100 වැඩපිළිවෙළ පිළිබඳව මම පසුගිය දවස්‌වල පැහැදිලි කළා. රජයක්‌ විදියට එවකට තිබුණේ දින 100 හදා ගන්න එක නොවේ. පාර්ලිමේන්තුවේ 47 ක්‌ තියාගෙන, එක්‌සත් ජාතික පක්‌ෂයට දින 100 තුළ තිබුණා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්න, තුනෙන් දෙකේ ඡන්දය ලැබිය යුතු පනත් සම්මත කරන්න, දුම්කොළ, මද්‍යසාර, ඖෂධ පිළිබඳ පනත් සම්මත කරන්න. ඒ ඔක්‌කොම අපි සම්මත කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අද ඒ දේවල් අමතක වෙලා. මතක තිබුණත් ඒ දේවල් නොමැති බව පෙන්වමින් සමාජයට වෙන දෙයක්‌ පෙන්වන්න හදනවා. සමහරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මම භාරගත් නිසා මේ ආණ්‌ඩුවට ප්‍රශ්න ගොඩක්‌ වුණා කියන්න කියලා හදනවා.

     

  • ෆුල් කොත්තු 4යි, ෆ්‍රයිඩ් රයිස් 07යි, බිත්තර 15, වඩේ 30 එක පාරට ගිලින, රටම දන්න කලවානේ හාදයා ම‌ෙන්න..

    ෆුල් කොත්තු 4යි, ෆ්‍රයිඩ් රයිස් 07යි, බිත්තර 15, වඩේ 30 එක පාරට ගිලින, රටම දන්න කලවානේ හාදයා ම‌ෙන්න..

    රෑට බත් කාලා ෆුල් කොත්තු 4ක් කන්න ඕනෑ…

    බිත්තර 15ක ඔම්ලට් එකක් කන එක ටොයිස් වැඩක්…

    එකපාරක් ඔට්ටු දාලා ෆ්‍රයිඩ් රයිස් 7ම කාලා තව දෙකක් කෑවා..

    එක රෝල් එකක් කන්න ගිහින් රෝල්ස් 80ක් වඩේ 20ක් කාලා ෆෝන් එක උගසට තිබ්බා…

    හවසට බිත්තර ආප්ප 15ක් කන දවසුත් තිබෙනවා…

    තනිවම හෝටලයකින් ණයට ආහාරයට ගත් කෑම වර්ගවල මාස එකහමාරක බිල රුපියල් හැත්තෑදහසට ආසන්න වීම හේතුවෙන් බැංකු ණයක් ගෙන මුදල් ගෙවූ අපූරු පුද්ගලයකු පිළිබඳව පසුගිය 05 වැනිදා ලංකාදීප “දෙයියෝ සාක්කි”හි වාර්තා කෙරුණි. ඒ අපූරු පුද්ගලයා පිළිබඳ තවත් විස්තර විමසමින් අපට සිව් දෙසින් පාඨකයන් විශාල පිරිසකගෙන් දුරකථන ඇමතුම් ලැබිණි. ඒ අනුව “දේශය” පුවත්පත වෙනුවෙන් ඔහු සොයා ඔහු රැකියා කරන ස්ථානය වෙත මා ගියේ ඔහු සමඟ කතාබහ කිරීමටය.

    අප එහි යනවිටත් ඔහු උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා හෝටලයකට පිටත්ව ගොස් සිටි හෙයින් ටික වේලාවක් බලා සිටීමට සිදු විය. ඔහු පමා වීම හේතුවෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු පැවසුවේ “මල්ලි සියල්ලටම වඩා කෑම ප්‍රථම” බවය.

    ඔහුගේ නම සහ ඇතැම් තොරතුරු හෙළි නොකරන්නේ ඔහුගේ ඉල්ලීම නිසාය. මේ ඔහුත් සමඟ සිදු කළ කථාබහේ තොරතුරුය. නගරයට ආසන්න ස්ථානයක රැකියාවක නිරත වන ඔහු තවම යොවුන් වියේ පසුවන අවිවාහකයෙකි.

    කොහොමද ජීවිතේ?
    හොඳින් කාලා බීලා ඉන්නවා. පොඩ්ඩක් ඉන්න තම්බපු කොස් ඇට පිඟානක් තියෙනවා. කන ගමන් කථා කරමු. හැබැයි ඔයාලට දෙන්න නම් මදි.
    කොහොමද මෙහෙම කෑම කන්නේ?
    මම පොඩි කාලේ ඉඳන් වැඩිපුර කෑම කනවා. මට බඩගින්න දැනෙන හැම වේලාවේම කනවා. ඉස්කෝලේ යන කාලේ උදේට කාලා තවත් බත් එකක් උදේට කන්න අරගෙන යනවා. දවල්ට කන්නත් බත් දෙකක් අරන් යනවා. ආයේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලත් කනවා. ඒ බත් කන්නේ මම තනිවමයි.
    දැන් කොහොමද තත්ත්වේ?
    උදේට ගෙදරින් බත් එකක් කාලා එනවා. තව දෙකක් ඔතාගෙන එනවා. වැඩට එන ගමන් මම හැමදාම කන හෝටලයෙන් ඉඳි ආප්ප 80ක්, කිරි මාළු එකක්, බිත්තර දෙකක් කාලා ටී එකක් බොනවා. ආයේ දහයමාර එකොළහ වෙනකොට උදේට ගෙනාපු බත් එකයි දවල්ට ගෙනාපු බත් එකයි කනවා. දොලහා වෙනකොට ආයේ හෝටලයට ගිහින් බත් පිඟන් පහක් හයක් කනවා. ආයේ තේ බොන්න කෑම ගේනවා. හවසට බිත්තර ආප්ප පහළවක් ප්ලේන් ආප්ප නම් ගොඩක් කනවා. ටී එකකුත් බොනවා. හවසට ගෙදර කෑම තිබුණත් කොත්තු ෆුල් හතරක් අරන් යනවා.
    කිහිපදෙනෙක් කන කෑම තනියම කනකොට හෝටලේ මුදලාලි මොකුත් කියන්නේ නැද්ද?
    ඉස්සෙල්ලා එහෙම වුණා. පස්සේ මම මුදලාලිට කිව්වා මම කන කෑමවලට සල්ලි ගන්න කියලා. සාමාන්‍යයෙන් හතර දෙනකුගේ බිලක් මට වැටෙනවා. ඒක නිසා මුදලාලිට ප්‍රශ්නයක් නැහැ. වැඩිපුර කන වෙලාවට මම හෝටල් දෙකකින් කනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.
    ඒ වුණත් කොහොමද ඔහොම කෑම කන්නේ?
    මම මත්පැන්, දුම්වැටි බොන්නේ නැහැ. නිකම් ඉන්නෙත් නැහැ. හොඳට වැඩ කරනවා. ඒ වගේම මට බඩගින්නත් දැනෙනවා. ඒක මට සාමාන්‍යයි.
    කෑමවලට ලොකු මුදලක් ගියාම පඩියක් නැතිව ඇතිනේ?
    ඇත්තටම මට පඩිය මදි. ඒත් මම සේවය කරන තැනට එන අය ඒ සේවයේ හැටියට මට සන්තෝසම් මුදල් දෙනවා. සමහරැ අරක්කු ගේනවා. මම අරක්කු එපා කියනවා. ඒ වෙනුවට සල්ලි දුන්නොත් බාර ගන්නවා. ඒවායින් කනවා. කන්නේ නැතුව මුදල් හොයලා මොකටද? අපි සියල්ල කරන්නේ කන්නනේ.
    ඔබ ඔට්ටු දාලා කෑවා කියලත් ආරංචියි.
    ඔව්. කිහිප වතාවක් ඔට්ටුවලට කෑවා. එක පාරක් මම ගැන අහලා මුදලාලි කෙනෙක් ඔට්ටු ඇල්ලුවා. මට ෆුල් ෆ්‍රයිඩ් රයිස් හතක් කන්න බෑ කියලා. ඔහු හිතුවේ මට කන්න බැරි වෙයි කියලා. රයිස් හත පිඟන් හතකට දාලා තිබුණේ. මම රයිස් හත කාලා මගේ ගානේ තව රයිස් දෙකක් කෑවා. කාලා ඔට්ටු මුදල මම ගත්තා. මුදලාලි කිව්වා ආයේ මාත් එක්ක ඔට්ටු අල්ලන්න බැහැ කියලා. ආයේ මුදලාලි කෙනෙක් මයිලෝ 15ක් බොන්න බැහැ කියලා ඔට්ටු ඇල්ලුවා. මම විසි පහක් බිව්වා. ඔට්ටුනම් ගොඩක් අල්ලලා තියෙනවා.
    ඔහොම කන්න ගිහින් අමාරුවේ වැටිලා එහෙම නැද්ද?
    තියෙනවා. එක පාරක් මම ගියා සංගීතයක් බලන්න. එතන හිටපු මල්ලි කෙනෙක් මට තේ බොන්න එන්න කිව්වා. මම රෝල්ස් එකක් කාලා තව එකක් කන්නද ඇහුවා. ඒ පාර මල්ලි කිව්වා අයියාට ඇති තරම් කන්න කියලා. මම හිතුවේ මම ගැන දැනගෙන සල්ලි තියාගෙන කියනවා කියලා. මම රෝල්ස් 80ක් වඩේ 20ක් කෑවා. අන්තිමට සල්ලි නැතිව ඒ මල්ලිගේ ෆෝන් එකත් කඩේට උගස් කරන්න වුණා. තව පාරක් මම ගැන නොදන්න හෝටලේකට පස් දෙනෙක් එක්ක කන්න ගියා. මම පස්දෙනාට කෑම ගෙනාපු බත් බේසමට ඔක්කොම වෑංජන දාගෙන කන්න පටන් ගත්තා. මුදලාලි හිතුවේ අපි බයිට් කරන්න හදනවා කියලා. පස්සේ ඇඟට ආවා. යාළුවෝ මම ගැන කියලා ඒ කෑමවලට වෙනම ගෙව්වා.
    මඟුල් ගෙවල්, දානේ ගෙවල්වලට ගියාම කොහොමද ඔහොම කන්නේ?
    මම අඳුරන්නේ නැති තැන්වල යන්නේ නැහැ. මගේ යාළුවන්ගේ ගෙවල්වල විතරයි යන්නේ. මට වෙනම තැනක කෑම දෙනවා. කිරි හට්ටි හතරක් පහක්, පැණි බෝතල් දෙකක් මට වෙනම තියෙනවා.
    ගෙදර කෑම බීම කොහොමද?
    ගෙදර කේක් හැදුවොත් මට වෙනම කේක් හදනවා. මම තනිවම කෑම හදාගන්නවා. බිත්තර පහළවක ඔම්ලට් එකක්නම් අනිවාර්යයෙන්ම කනවා. මස් හැදුවොත් මට වෙනම කිලෝ දෙකක්, තුනක් හදනවා. මට බත් වෙනම උයනවා. ඒ නිසා ගෙදර මට ගැටලුවක් නැහැ.
    කෑම කාලම ඔබ ණය වුණා කියලා ආරංචියි..
    ඒ එක හෝටලයකට ණය මට දෙන්න වුණා. මම බැලන්ස් එකේ ණය අරන් යන්නේ. එක මාසයක් පොඩ්ඩක් අවුල් වුණා. පස්සේ මගේ යාළුවෝ දෙන්නෙක් ඇප වෙලා ලක්ෂයක බැංකු ණයක් අරන් හැත්තෑදාහක් ගෙව්වා. ඉතුරු තිස්දාහේ හොඳට කෑවා.
    ඔබට ලෙඩ රෝග එහෙම හැදිලා නැද්ද මෙහෙම කනකොට?
    මම රෝහල්වල ඉඳලම නැහැ. වෛද්‍යවරු කියන්නේ මම මහන්සි වෙන හින්දා අවුලක් නැහැ කියලා. මට තියෙන්නේ නිරෝගී ශරීරයක්ලු.
    අවසාන වශයෙන් මොනවද කියන්නේ?
    හොඳට කාලා බීලා වැඩ කරලා හොඳින් ඉන්නවා. ලොකු බලාපොරොත්තු නැහැ. මැරෙනකම් කාලා, බීලා ඉන්නවා. ඊට වඩා බලපොරොත්තු මට නැහැ.
    ඔබ මේ කතාව දිගටම කියවාගෙන යද්දී මොහු ගැන මැවෙනු ඇත්තේ යෝධයකුගේ චිත්‍රයකි. ඔබ විශ්වාස නොකළ ද මොහු යෝධයකු සේ කෑම කා වැඩ කළ ද සාමාන්‍ය ශරීරයක් ඇති පුද්ගලයෙකි. අඩි පහක් පමණ උසැති සාමාන්‍ය ශරීරයක් ඇති පුද්ගලයෙකි. ඔහු නගරයට ආසන්න රජයට අයත් ස්ථානයක සේවය කරන සාමාන්‍ය වැටුපක් ලබන පුද්ගලයකු වීමද විශේෂත්වයකි. එහෙත් ඔහු කරන වැඩනම් ආසාමාන්‍යය. ඔහුගේ වයස අවුරුදු 33ක් වේ.
    අප මේ පුද්ගලයා පිළිබඳව ඔහු නිතර ආහාර ලබා ගන්නා හෝටල් කළමනාකරුගෙන් විස්තර ඇසුවෙමු.
    මේ පුද්ගලයා මුලින්ම කඩේට ආවාම මම පුදුම වුණා. පස්සේ මම ඔහුත් එක්ක කතා කරලා ඔහු කන කෑමවලට මුදලක් නියම කර ගන්න එකඟතාවයකට ආවා. සාමාන්‍යයෙන් හතර පස්දෙනකුගේ කෑම තනිවම එයා කනවා. එක පාරක් ඇරෙන්න සල්ලි හරියට ගෙවලා තිබෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. එයා එනකොටම අපි කෑම ලෑස්ති කරනවා. මස්, මාළු, බිත්තර තුනම කනවා. බිත්තර 15ක් කාපු අවස්ථාත් තියෙනවා.
    සල්ලි හරියට දෙන නිසා අපට නම් ගැටලුවක් නැහැ. ඇතැම් වේලාවට කඩයට එන පාරිභෝගිකයන් පවා පුදුම වෙනවා. දැන් එයා අපේ හොඳ පාරිභෝගිකයෙක්.

  • බණනා සුජීවට ඇල‌ෝසියස් චෙක්‌ 03ම දුන්නේ ඡන්දෙට පසුව – CIDය යලිත් සුජීවගේ රෙදි ගලවයි.

    බණනා සුජීවට ඇල‌ෝසියස් චෙක්‌ 03ම දුන්නේ ඡන්දෙට පසුව – CIDය යලිත් සුජීවගේ රෙදි ගලවයි.

    ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ අරක්කු සමාගමෙන් ලැබී රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් මාරු කර ගෙන ඇති බවට පසුගියදා අධිකරණයේදී හෙළිදරව් වූ රු. මිලියනය බැගින් වූ චෙක්‌පත් තුනම නිකුත් කර ඇත්තේ 2015 මහ මැතිවරණයට පසුව බව අධිකරණයට වාර්තා කර ඇති රහස්‌ පොලිසියේ වැඩිදුර විමර්ශන වාර්තාව අනුව පැහැදිලි වේ.

    2015 වසරේ මහ මැතිවරණය පවත්වා ඇත්තේ 2015 අගෝස්‌තු 17 වැනිදා වුවත් අදාළ චෙක්‌පත් තුනම නිකුත් කර ඇත්තේ ඊට පසුවය.

    එනම් එක්‌ චෙක්‌පතක්‌ 2015.08.24 දිනද, තවත් චෙක්‌පතක්‌ 2016.03.31 දින සහ තවත් චෙක්‌පතක්‌ 2015.11.12 දින ද නිකුත් කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.

    මින් 2015.08.24 දිනැතිව නිකුත් කරන ලද රුපියල් මිලියනයේ චෙක්‌පත 2015 මහ මැතිවරණය පැවැති 2015.08.17 දිනට ආසන්න දිනයක ලියවී තිබුණත් එහි ද චෙක්‌පත නිකුත් කර ඇති දිනය ලෙස සටහන් වන්නේ 2015 මහ මැතිවරණයට සතියකට පමණ පසු දිනයකි.

    අදාළ චෙක්‌පත් මාරු කර මුදල් ලබා ගෙන ඇති ආරක්‍ෂක අංශ නිලධාරීන් සියල්ලන්ගෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ සටහන් කරගෙන එම ප්‍රකාශවල සාරාංශයන් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    මෙම මුදල් ගැනීමේ සිද්ධිය මාධ්‍යය වල පළවීමත් සමග අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියේ මැතිවරණ කටයුතු සදහා සිය ප්‍රචාරක කටයුතු මෙහෙයවූවන් විසින් එම මුදල් ගෙන ඇති බවයි.

  • ගෝඨාද? බැසිල්ද? ජනපති සටන හත්ගව්වක් දුර තිය‌ෙද්දී දැන් සිටම රාජපක්ෂලා ප්‍රසිද්ධිය‌ේ මරාගැනීම අරඹයි….

    ගෝඨාද? බැසිල්ද? ජනපති සටන හත්ගව්වක් දුර තිය‌ෙද්දී දැන් සිටම රාජපක්ෂලා ප්‍රසිද්ධිය‌ේ මරාගැනීම අරඹයි….

    හැට දෙලක්ෂයක් ජනතාව ජන්දය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහොසී කිරිමට.එම නිසා වර්තමාන ජනාධිපතිවරයා ජනතාවට දුන් එම පොරොන්දුව ඉෂ්ට කළ යුතුයි. වර්තමාන යහපාලන රජයත් රට තුල පවතින විවස්ථාවට අනුකූලව කෙටි මාර්ග වලින් නොයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළයුතු බවත් එසේ සිදු කරන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පොහොට්ටුවේ සහයත් විවාදයකින් තොරව ලබා දෙන බව පැවසා ඇත.

    පොහොට්ටුවේ මත ගොඩයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහොසී කළ යුතු බවත් එසේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරන්නේ නම් තමන්ගේ සහයත් ලබාදෙන බව පවසා සිටියත් පොහොට්ටුව පක්ෂය ඇතුලේ විශාල ව්‍යාකූලත්වයක් පවතින බව මතුවී පෙනේ.

    පොහ්ට්ටුවේ සිටින ප්‍රධානියකු ලෙස පෙනි සිටින විමල් වීරවංශ සහ පොහොට්ටුව සමග අත්වැල් බැදගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කල්ලියේද මතය වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි නොකළ යුතු බවයි.

    එමෙන්ම විමල් වීරවංශ ඇතුළු 16 දෙනාගේ කල්ලිය මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහොසී කිරිමට එරෙහිව රට වටේ රැස්වීම් පවත්වමින් ඇති බවද වාර්තාවේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ මතය සහ එකාබද්ද යේ තම ගොලයන් අතර විශාල ගැටුමක් ඇති බවත් ඔවුන් එකිනෙකාට විරුද්ද මත දරන බවත් පොහොට්ටුව ඇතුලේ අර්බුදය උඩු දුවා ඇති බවත් මනාව පිළිබිඹුවේ.

    මෙහිදි පෙනි යන ප්‍රධාන කරුන නම් රාජපක්ෂ පවුල තුලද ප්‍රශ්න ජාලාවක් මේ වන විට ඇති බවය.බල තන්හාව කොපමනද කීවොත් සහොදරයන් අතර ද මේ වන විට බල තන්හාව නිසාවෙන් සහොදර කම් පවා අමතකව ගොස් ඇති බවක් බැලූ බැල්මට පෙනේ.

    පසුගියදා කුමාර වෙල්ගම මහතා තර්ජනාත්මකව “මහින්ද ඉන්නකන් අපි මහින්ද එක්ක ඉන්නවා” කියා කළ ප්‍රකාශයෙන්ද පෙනි යන්නේ එකාබද්දය තුල ගැටුම ඉතා උණුසුම් බවක්‍ ය.තවද අපට හැගෙන්නේ නම් එම ප්‍රකාශ තුලින් එකාබද්දයේ 2020 අපෙක්ෂකයා තොරා ගැනිමත් මේ වන විට අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවක්‍ ය.වෙල්ගම මහතා දැඩිව පවසා සිටියත් ඔව්න් සතුව සුපිරු බඩු ඉන්නවා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට කියා,උපහාසයට කරුණ නම් කුමාර වෙල්ගම මහතාට අලි බබාගේ සහ හොරු 40ගේ බල දැන් බිදි ගොස් අවසන්‍ බව තවමත් නොතේරීමයි.

    රාජපක්ෂලාගේ බඩේ බිත්තර

    රාජපක්ෂලාගේ බලය දැන් බිදි ගොස් ඇති නමුත්,ඔවුන් අවතාර මෙන් තවමත් සක්මන් කරමින් ඇත.සියයට සීයක්ම මේ සමාජයෙන් රාජපක්ෂ බිය දුරුම වී ගොස් නැති බව ගොඨාගේ හැසිරිම ගැන කියන්නේ ඔහුගේම න්‍යායාචාර්ය ලෙස කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක විසිනි ඔහු වැඩිදුරටත් මව්බිම පුවත්පතට කියා ඇත්තේ “ගොඨා ආවොත් රටම ආපසු රතු පස් වලක් වන බවයි”.

    තවද මහින්ද මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමේදි මාධ්‍යවේදීන්ට දක්වන තර්ජන අනුවය.කවදා හෝ යළි බලයට පැමිණියහොත් පළිගැනිම චෙතනාව රාජපක්ෂලාගේ පපු කැහුත්තේ නිදන්ව ඇති බව දැන් දැන් මතු වෙමින් පවතී.ජනතාව ඉදිරියේ රාජපක්ෂලා කරන්නේ අපුරු රංගනයකී,රටේ ජනතාව ගොනාට ඇන්දවීමකි.රාජපක්ෂලා වැඩ කරන්නෙ බඩේ බිත්තර තබාගෙන ය.

  • කර්නල් රන්නප්‍රිය මාරුවෙලා යන දවසේ එල්ටීටීඊ හිටපු සාමාජිකයන් අඩපු හැටි ම‌ෙන්න (Photos)

    කර්නල් රන්නප්‍රිය මාරුවෙලා යන දවසේ එල්ටීටීඊ හිටපු සාමාජිකයන් අඩපු හැටි ම‌ෙන්න (Photos)

    අද කර්නල් රන්නප්‍රිය බන්දු විශ්වමඩු වලින් මාරුවෙලා අබේපුස්ස කදවුරට යන දවස.
    මේ ඉන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු උදවිය. සිවිල් ආරක්ෂක බලකායට බදවාගත්ත පුනරුත්ථාපනය වූ උදවිය. ඒ විතරක් නොවෙයි, ගමේ මිනිස්සු.
    ආරක්ෂක හමුදාවල උතුරේ මිනිස්සු හදවතින්ම ආදරය කරන, තමන්ට ආදරය කරන මිනිස්සු, කාකි ඇදුම් කදුළුවලින් තෙත් වෙනකල් අඩන නිලධාරීන් ද සිටිති.
    ඒ බව බොහෝ දෙනා නොදන්න නිසාත්, රටම දැනගත යුතු නිසාත් දඹුල්ලේ කාංචන එවපු මේ ඡායාරූප ටික මෙහි ඇතුලත් කළා.
    මොන විලේ පිපුනත් මානෙල් සුවදමය!
    – කීර්ති තෙන්නකෝන්

     

     

     

     

     

     

  • රොෂාන් පිලපිටිය එක්ක ගෙවන අලුත් ජිවීතේ ගැන රිද්මා කියපු අමුතු කතාව ම‌ෙන්න….

    රොෂාන් පිලපිටිය එක්ක ගෙවන අලුත් ජිවීතේ ගැන රිද්මා කියපු අමුතු කතාව ම‌ෙන්න….

    කොහොමද ජීවිතේ…? සුන්දරව ගෙවීගන යනවද..?

    ඔව්.. ඉතාමත් සුන්දරව ගෙවීගන යනවා.

    රොෂාන් පිලපිටිය කියන්නේ දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක්.. ඔහුගේ අත ගත්ත රිද්මා පිලපිටිය කියන්නේ කවුද..?

    මම සාමාන්‍ය විදිහට හැදුනු ලංකාවේ තරුණියක්..

    ඒ වගේමයි ආදරණීය දියණියක්.. දැන් ආදරණීය භාර්යාවක්.. ඉස්සරහට තව දේවල් වෙනවා කියන්න පුළුවන්.. මම හරිම සරලයි.. පොලවේ පය ගහලා ඉන්න කෙනෙක්. හැමෝම එක්ක ආදරෙන් සතුටෙන් හිනාවෙලා ඉන්න කෙනෙක් තමයි රිද්මා පිලපිටිය කියන්නේ.

    කතාවක් පැතිරෙනවා දැන් ඔබත් රඟපෑම වගේම නිෂ්පාදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා කියලා.. මොකක්ද මේ කතාව..

    ඔයාලට ලැබුණු ඒ ආරංචිය හරියටම හරි…

    ඇයි එක පාරම රඟපෑම තෝරගත්තේ..?

    එක පාරම නෙවෙයි.. මම ඉස්කෝලේ යන කාලේ ඉදන් හැම පැත්තම ඉගෙන ගත්තා.

    භාහිර කටයුතු අධ්‍යාපන කටයුතු බැලන්ස් කරගෙන කළා..

    මගේ ආසාව තිබ්බෙනම් ලෝයර් කෙනෙක් වෙන්න.. මම උසස් පෙල කළේ වානිජ අංශයෙන්.. මම ප්‍රයිවට් ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා.

    විවිධ කටයුතුවලට මට කතා කළා.. විෂුවල්වලට වගේ..

    මහා ලොකු කැමැත්තක් තිබුණේ නෑ. මම රොෂාන් අයියව මැරි කළාට පස්සේ ගොඩක් ආරාධනා ලැබුණා..

    නාට්‍යවලට කතා කළා. මම ඒ එක්කම රංගන පාඨමාලාවක් හැදෑරුවා. රොෂාන් අයියා කිව්වා ඉගෙනගන තියෙන එක හොදයි..

    ගොඩක් ආරාධනා ලැබුණා.. හොද නිර්මාණ බලලා ස්ක්‍රිප්ට් එක බලලා හොදයිනම් ආසා කරන චරිතයක් තියෙනවානම් කරන්න කියලා රොෂාන් අයියා නිදහස දුන්නා.. කලින් ගොඩක් ආරාධනා ලැබුණ හින්දා හොද දෙයක් ඒ අතර තිබුණොත් මිස් වෙයි කියලත් හිතුනා. කොහොම හරි අන්තිමට රංගනය වගේම නිෂ්පාදන වැඩත් කරන්න පටන් ගත්තා.

    රොෂාන් එක පාරම කැමැත්ත දුන්නද..?

    එයාගේ අකමැත්තක් නෑ.. මට එයා කැමැති දෙයක් කරන්න නිදහස දීලා තියෙනවා.

    හැබැයි එයා කියනවා යුතු දේ කිරීම මිස අයුතු දේ කිරීම නෙවෙයි නිදහස කියන්නේ කියලා.

    එයා නීති දාන්නේ නෑ.. මම කවුද කියලා එයා දන්නවා.. මොකද එයා ඉන්නවා මට යෝධ හෙවනැල්ලක් වගේ.

    මේ ක්ෂේත්‍රෙය්දී රොෂාන් කියන්නේ ප්‍රවීණයෙක්.. මම ආධුනිකයෙක්.. එයා පොඩි කාලෙ ඉදන් රගපෑවා.. ඒ වගේ කෙනෙක් යටතේ ඉන්න එක බයක් නෑ..

    මේ ක්ෂේත්‍රය තෝරගන්න හුඟක් අයට හොඳ නමක් ඇති කරගන්නනම් අමාරුයි නේද..?

    ඒක මෙහෙමයි… හැම ක්ෂේත්‍රයකම හොද නරක තියෙනවා.. නමුත් කලා ක්ෂේත්‍රය ප්‍රසිද්ධ වැඩියිනේ… වැරදි දේවල් කරන එක හයිලයිට් වෙනවා වැඩියි.

    හැම වෘත්තියකම අඩුලුහුඩුකම් තියෙනවා. කොහේ හිටියත් මොන දේ කළත් හරි දේ තෝරගන්න ඕනේ.. හරි වැරැද්ද අපි දැනගන ජීවත්වුණාම හරි..

    හිතනවද ඉදිරියේදී හොඳ නමක් තියාගෙන සම්මානයක් ලබාගන්න තැනට යන්න පුළුවන් වෙයි කියලා..?

    මෙහෙමයි සම්මාන කියන දේ ගැන මම හිතන්නේ නෑ.. හොද නිර්මාණයක් කළොත් සම්මානයෙක් ලැබෙයිද කියලා දන්නේ නෑ..එහෙම බලාපොරොත්තුවක් නෑ.. නමුත් මම ආස සාමාන්‍ය විදිහට ඉන්න.. අපි කරන නිර්මාණය සාර්ථකයිනම් ඒ දේට දවසක නිසි වටිනාකමක් ලැබේවි..

    SHARE
  • කරුණු රැසක් ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලියපු ලිපිය ම‌ෙන්න…

    කරුණු රැසක් ගැන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලියපු ලිපිය ම‌ෙන්න…

    ඊ නිව්ස් ගිනි තැබීම, එක්නැලිගොඩට වු දේ ගැන පරීක්ෂන ප්‍රමාද ඇයි? ඊ නිවුස් කතුවරයා ලංකාවට ‌ග‌ේන්න හදන බවටද රජයට ච‌ෝදනාවක්….

    රාජපක්ෂ ර‌ෙජිම පාලන සමය තුල ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබූ අපරාධය පිළිබඳ පරික්ෂණ ප්‍රමාදවී සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ අපරාධය පිළිබඳ පරීක්ෂන අවසන් නොවීම පිළිබදව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයා වෙත ලිපියක් යවන වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඒ් පිළිබදව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කර ඇත…

    ලංකා ඊ නිව්ස් කතුවරයා ලංකාවට පිටත් කිරිමට කර ඇති ඉල්ලිමක් පිලිබදව පැතිර යන ප්‍රචාරයක් පිළිබදවද වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඒම ලිපිය‌ෙහි කරුණු දක්වා ඇත…

  • ගෝඨාභය තම සහචරයින් එක්ක ලංකාවට කරන්න යන ද‌ේ ගැන දයාන් ජයතිලක කියපු කතාව ම‌ෙන්න…

    ගෝඨාභය තම සහචරයින් එක්ක ලංකාවට කරන්න යන ද‌ේ ගැන දයාන් ජයතිලක කියපු කතාව ම‌ෙන්න…

    හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන්නේ වැරදි පාරේ බවත් ඔහු වටා සිටින්නේ මහා ධන කුවේරයින් සහ අන්තවාදී හමුදාකාරයින් බවත් ප්‍රවීණ දේශපාලන විචාරකයකු සහ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ.

    ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

    ආචාර්ය දයාන් ජයතිලක යනු ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුලින්ම ගොඩ නැඟූ ‘එළිය’ සංවිධානයේ ප්‍රධානියෙකි. ඔහු එම සංවිධානය වෙනුවෙන් විශාල වැඩකොටසක් ද ඉටු කළ අයෙකි.

    ඒ අනුව පෙනී යන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයින් පවා දැන් ඔහුට දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ කුමන සමක් පෙරවාගෙන දේශපාලනයට පිවිසෙන්නට උත්සාහ කළ ද ඔහුගේ සැබෑ ස්වරූපය මතුවනු අයුරු මුලින්ම පෙනෙන්නේ ඔහුගේ සමීපතමයින්ටය. එහෙයින් මුලදී මහත් උනන්දුවෙන් ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් පවා දැන් දැන් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් සිටී.