Blog

  • බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලිපි යවන වෙබ් සංගමයක ‌ච‌ෝදනා වලට ශිරාල් ලක්තිලක දීපු පිළිතුර ම‌ෙන්න..

    බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලිපි යවන වෙබ් සංගමයක ‌ච‌ෝදනා වලට ශිරාල් ලක්තිලක දීපු පිළිතුර ම‌ෙන්න..

    වෙබ් සංගමයේ අවධානය පිනිසයි!!!!!!!

    සඳරැවන් සේනාධිර වෙනුවෙන් පෙනිසිටින වෙබ් සංවිධානයක් බ්රිතාන්ය මහකොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් සිටින්නේ සඳරැවන් බ්රිතාන්ය රජය මගින් අත්අඩංගුවට ගෙන ශ්රිලංකාවට පිටුවහල් කිරිමට ඉල්ලා ඇතිබවත් එයට තමන් විරැද්දවන බවයි.

    මිට අදාල ප්රවුර්තියක් ඉරිදා ටයිම්ස් පුවත් පතේ පලවි තිබුනද එය දැවැන්ත කෙප්පයකි. අදාල පාර්ශවයන් හමුවිම සැබැවක් මුත් කිසිදා මෙම පුද්ගලයාගේ අත්අඩංගුවට ගැනිමක් හෝ රටින්පිටුවහල් කිරිමක් ගැන කිසිදු යෝජනාවක් හෝ සිදුනොවුන බව වගකිමකින් යුතුව ප්රකාෂ කරමි.

    කෙසේ නමුත් මෙම වෙබ් සංගමය තමන් නොදන්නා බොහෝ කරැනු පිලිබඳව සත්යවාදි ලෙස දක්වන කරැනු අසත්ය බව කියා සිටිමි.

    මාගේ මතය සඳරැවන් රට පැනිම සඳහා තමන් ගේම ආයතනයට මිගමුවේ සිට ක්රියාතමකවු මැර කන්ඩායමක් ලවා ගිනි තියා ගත් බවයි.

    අදාල ගිනි තැබිමට අදාල පොලිස් පරික්ෂනයේ දි ඒ වෙනවිට මාගේ රාජගිරිය කාර්යාලයේ රැඳිසිටි බෙනට් රැපසිංහ ඇතුලු ලංකා ඊ නිවුස් කාර්ය මන්ඩලය වෙනුවෙන් පෙනි සිටියේ මම,‌ම‌ෛත්‍රි ඇතුලු නිතිඤ කන්ඩායමකි.

    අසරනව,භිතියට පත්ව සිටි ඊ නිවුස් කාරය මන්ඩලයට කිසිදු රැකවරනයක් හෝ හව්හරනයක් නැතිව සිටි අවස්තාවක මාහට පුද්ගලිකව මුහුනදිය හැකිව තිබු අනතුරු නොතකා මගේ කාර්යලය තුලම නවාතැන් ගනිමින් වෙබ් අඩවිය පවත්වා ගැනිමට පහසුකම් සලසාදෙන ලදි.

    මෙම තත්වය සඳරැවන් ගේ සරනාගත භාවය ලබාගැනිමට ඇති හැකියාවට බලපැමක් එල්ල කල හැකි බැවින් සඳරැවන් ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාව තුල ක්රියාත්මක විම වැරයොදා වැලැක්විමට කටයුතු කලේය. බෙනට් රුුපසිංහ සහ තවත් මාධ්යවේදියකු කඩුවෙල අධිකරනය මගින් රිමාන්ඩ් කිරිමත් සමගම ඊ නිවුස් ලංකාවේ ක්රියාත්මක විම නැවතුනේය.

    එසේම දැනගත යුතු තවත් කරැනක් පවති. එනම් සඳරැවන් එංගලන්තයේ සරනාගත බාවය ලබා ගන්නේ අමරිකාවේ සිට පැමිනි පසුවය. ඔහුට විශේෂ වරප්රසාද කට්ටලයක් ඇම්නස්ටි ඉන්ටනැශනල් මැදිහත්විමෙන් ලබාදුන්නේය. එම වරප්රසාද ඔහුට,භාර්යාවට,දරැවන්ට හා නිවසට අදාලව වුයේය. දැනට අප අතර නැති එවකට ඇම්නස්ටි හි සේවය කල ප්රසන්න රත්නායක මා සමග මෙකි විශේෂ වරප්රසාද පැකේජය ලබා ගැනිමට විෂේශ උත්සාහයක් ගත්තේය. ඒ සඳහා මා හොඳින් අඳුනන ඇම්නස්ටි හි අධ්යක්ෂක වරයකු අමතන්නට සිදුවුයේය. එදා තවත් එක් වෙබ් ජනමාධ්යවේදියකු වු සඳරැවන්ට ලැබුනේ ලොතරැයියකි.

    මා දන්නා තරමට ප්රගිත් එක්නැලිගොඩ කිසිදා ලංකා ඊනිව්ස් හි වෙබ් කාටුන් ශිල්පියා ලෙස කටයුතු කලේ නැත. ඔහු එම කාර්යාලයට ආවගියේය. සඳරැවන් ඔහුට සැලකුතරම දන්නේ එදා එම කාර්යාලයට ආගිය අය පමනකි. අවසානයේදි ප්රගිත් හා ලංකා ඊනිව්ස් අතර කිසිදු සම්බන්දයක් නැතයි කිවේ එදාය.

     

    https://www.facebook.com/shiral.lakthilaka.7/posts/10212652815940735

  • සුපිරි ඉන්දීය නිලි ප්‍රියංකා රඟපාන අමෙරිකානු නාට්‍යයක් නිසා ඉන්දියාව ගිනි ගනියි

    සුපිරි ඉන්දීය නිලි ප්‍රියංකා රඟපාන අමෙරිකානු නාට්‍යයක් නිසා ඉන්දියාව ගිනි ගනියි

    සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාට එරෙහිව ඉන්දියාවේ මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ මේ දිනවල අමෙරිකාව ඇතුළු යුරෝපයේ ප්‍රචාරය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන “Quantico” කතාංග මාලාවේ සිදුවීමක් අරඹයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන ප්‍රියංකා චොප්රා එෆ්බිඅයි නිලධාරිනියක් ලෙස කතා මාලාවේ සිය භූමිකාව රඟ දක්වනවා. ජුනි මස 01 වනදා විකාශය වූ කතා මාලාවේදී කාශ්මීරයේ සිදුවන ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වීමේ ජවනිකාවක් සම්බන්ධයෙන් විකාශනය වී ඇති අතර ඒ හරහා සිය මවු රටට අපකීර්තියක් ගෙන දුන් බව කියමිනුයි ඉන්දීය වැසියන් ඇයට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කර ඇත.
    කෙසේ නමුත් තමන් නියම ඉන්දියානුවෙක් බවත් පසුගිය කතා මාලාවේ විකාශනය වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඉන්දීය ජනතාවගේ හැඟීම් සහ සිතුවිලි වලට ඇතිවූ වේදනාව ගැන තමා කනගාටුවට සහ වේදනවාට පත්වන බවත් එය හිතාමතා කළ දෙයක් නොවන බව දන්වමින් ඇය ට්ව්ටර් පණිවිඩයක් පළකර ඇති අතර මේ වන විට බහුතර ඉන්දීය ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේද ඇයට සිය අප්‍රසාධය පළකර ඇති බවයි වාර්තා වන්නේ.
    මේ අතර මෙම කතා මාලාව විකාශනය කරනු ලබන සහ නිෂ්පාදනය කරනු ලබන අමෙරිකාවේ ABC නාලිකාවද ඉන්දීය ජනතාවගෙන් සමාව අයැද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහි වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියංකා චොප්රාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් අඩුම වශයෙන් මෙම කතාවේ තිර පිටපත ඇය නොලියු බව සහතික කර ඇත.
    ඉන්දියාව සහ පාකිස්ථානය 1947 වසරේදී දෙකඩ වීමෙන් අනතුරුව කාශ්මීරයේ යුද්දයන් දෙකක් පැවතුනා. මේ දක්වාද කාශ්මීරයේ අයිතිය තමන් සතු බව කියමින් දෙපාර්ශයම තම අයිතිය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටී.
  • දර්වන් 19ක් වැදූ මුණුබුරු මිණිබිරියන් 118 කටත් වඩා වැඩි වීරමාතා’ රාජ්‍ය සම්මානලාභී මාතාව දිවියෙන් සමුගනී

    දර්වන් 19ක් වැදූ මුණුබුරු මිණිබිරියන් 118 කටත් වඩා වැඩි වීරමාතා’ රාජ්‍ය සම්මානලාභී මාතාව දිවියෙන් සමුගනී

    රංචමඩමට අවමංගල්‍ය සංස්‌කෘතිය හඳුන්වා දුන්නේ ඇගේ සැමියායි

    රටට වැඩදායක දරුවන් 19 දෙනකු ලක්‌මවට දායාද කර “වීරමාතා” රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද මාතාවක්‌ දසදහස්‌ සංඛ්‍යාත ජනකායක්‌ අතිමහත් ගරු බුහුමන් සහ සෝසුසුම් මධ්‍යයේ පසුගිය සෙනසුරාදා (9 දා) පස්‌වරුවේ දැයෙන් සමුගෙන ගියාය. ඇය කොළඹගේආර රංචමඩම මානෙල් පෙදෙසේ විසූ කේ. එච්. එන්සිනා නමැති 92 හැවිරිදි මාතාවකි. වලස්‌මුල්ල කිරම නාගස්‌රුප්ප ප්‍රදේශයේ උපත ලද ඇය හක්‌මන නරවැල්පිට හේමාලංකාරගේ සව්නේරිස්‌ යන අය සමඟ විවාහ වී කොළඹගේආර රංචමඩම ගමට පැමිණ හේන් ගොවිතැන් කරමින් ජීවිතය ආරම්භ කර ඇත. එවකට ඝණ වනාන්තරයක්‌ව පැවැති රංචමඩම ප්‍රදේශයට ඔවුන් පදිංචියට පැමිණෙන විට සිටියේ තවත් එවැනිම වූ ගොවි පවුල් කිහිපයක්‌ පමණකි. ස්‌ථිර නිවාස කිසිවක්‌ එහි නොතිබුණ අතර ලී දඬු යොදා ඉලුක්‌සෙවිලි කර තැනූ වාඩිවල ඔවුහු පදිංචිව සිටියහ. ඔවුහු ලී වලින් තැනූ මැස්‌සක්‌ නිදාගැනීම සඳහා භාවිත කළහ. පවුලක සාමාජිකයකු මියගිය පසු කළයුතු අවමංගල්‍ය කටයුතු ගැන අවබෝධයක්‌ නොතිබුණු එම පිරිස්‌ යම් අයකු මියගිය විට මිනිය එතැනම තබා එම වාඩිය අත්හැර වෙනත් වාඩියක්‌ හදාගෙන එහි පදිංචියට යාම සිදුකර ඇත.

    සව්නේරිස්‌ මහතා මෙහි පදිංචියට පැමිණීමත් සමඟ(සව්නේරිස්‌ මහතා දැන් ජීවතුන් අතර නැත) මෙම සංස්‌කෘතිය වෙනස්‌ කිරීමට ඔහුට හැකිවිය. ඉන් පසුව රංචමඩමේ පළමුවෙන්ම මියගිය තැනැත්තාගේ දේහය මිනී පෙට්‌ටියක තැන්පත් කර අවමංගල්‍ය චාරිත්‍රානුකූලව භූමදාන කිරීමට ඔහු පියවර ගත්තේය. සමාජ සේවයට දැඩි ඇල්මක්‌ දැක්‌වූ මෙම යුවළ අසල්වැසියන් සමඟ එක්‌ව එම යුගයේ අවශ්‍යතා පරිදි ගැමියන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගත්හ.

    සව්නේරිස්‌ මහතාට දාව එන්සිනා මාතාව බිහිකළ දරුවන් 19 දෙනා අතරින් 15 දෙනෙක්‌ දැනට ජීවත්ව සිටිති. ඔවුන්ගෙන් කිහිපදෙනෙක්‌ කොළඹ, දෙනියාය, පස්‌ගොඩ, වලස්‌මුල්ල, මිනුවන්ගොඩ වරාපිටිය යන ප්‍රදේශවලත් සෙසු අය රංචමඩම කොළඹගේආර ප්‍රදේශවලත් පදිංචිව සිටිති. මෙම මාතාවගේ එක්‌ දියණියක්‌ දරුවන් දස දෙනකු බිහිකර ඇත. තුන් මුණුබුරන් දැක ගැනීමේ වාසනාව හිමිකර ගැනීමටද ඇයට භාග්‍යය තිබී ඇත. ඇයගේ දරු මුණුබුරු පරම්පරාව 118 ද ඉක්‌මවන බව දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන ඇයගේ මිනිබිරියක වන එච්. කේ. ඒ. කාංචනමාලා මෙනවිය පැවැසුවාය. ප්‍රදේශයේ ජනප්‍රිය කවියකුවූ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි විමල්මාදන මහතා කියා සිටියේ ඇය මියයන තුරුම ඉතාම නීරෝගීව ජීවත්වූ බවය. අඩුවශයෙන් වේදනානාශක පෙත්තක්‌වත් බීමට තරම් රෝගයක්‌ ඇයට වැළඳී නැති බවද ඔහු පැවැසීය. ඇය මියගිය අවස්‌ථාවේ සිට පසුගිය සෙනසුරාදා (09දා) පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන අවස්‌ථාව දක්‌වා දසදහස්‌ සංඛ්‍යාත ජනතාවක්‌ වැලනොකැඩී ඇයට ගරු බුහුමන් දැක්‌වීම සඳහා පැමිණියහ.

  • කොස්ගොඩ සුජී කරන්දෙණිය උප සභාපතිව බිලි ගනී

    කොස්ගොඩ සුජී කරන්දෙණිය උප සභාපතිව බිලි ගනී

    කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා සිකුරාදා (08) රාත්‍රි වෙඩි තබා ඝාතනය කර තිබේ. උප සභාපතිවරයා ඌරගස්‌මංහන්දිය, කොරකීන ප්‍රදේශයේ පැවැති මංගල සාදයකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටියදී කොරකීන හන්දියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව ඌරගස්‌මංහන්දිය පොලිසිය කියයි.
     
     පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තරග කළ ඩොනල්ඩ් සම්පත් රණවීර මහතා එයින් ජයග්‍රහණය කර කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරීපත් විය.
     
     උප සභාපතිවරයා තමාට අයත් කළු පාට හයිරුෆ් වර්ගයේ කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී රියෑදුරු අසුන පැත්තෙන් වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් ඒ වන විට කැබ් රථයේ රියෑදුරු සහ පිටුපස අසුනේ තවත් දෙදෙනකු සිට ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. උප සභාපතිවරයා සිට ඇත්තේ රියෑදුරු අසුනට යාබද අසුනේ බවද ටී – 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබෙන බවද ඌරගස්‌මංහන්දිය පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
     
     යතුරුපැදියකින් පැමිණ ඇති ඝාතකයන් දෙදෙනා මග හරස්‌ කොට උප සභාපතිවරයාගේ කැබ් රථය නවතා කැබ් රථයේ රියෑදුරු අසුන පැත්තෙන් වෙඩි කීපයක්‌ තබා ඇත. එවිට රියෑදුරු හිස පාත්කොට ඇති බවත් එයින් පසු ගිsනි අවිය රියෑදුරු අසුන පැත්තේ ජනේලයෙන් කැබ් රථය තුළට දමා උප සභාපතිවරයාට තවත් වෙඩි කීපයක්‌ම තබා ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.
     
     වෙඩි තැබීමෙන් පසු ඝාතකයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පලායැමට උත්සාහ කර ඇති බවත් හදිසිය හේතුවෙන් වෙඩි තැබූ පුද්ගලයාට යතුරුපැදියට ගොඩවීමට නොහැකි වී ඇති බවත් ඌරගස්‌මංහන්දිය පොලිසිය කියයි. පසුව ඔහු අඳුරේම ගිනි අවියත් සමඟ පලාගොස්‌ තිබේ. වෙඩි වැදුණු උප සභාපතිවරයා කැබ් රථයේ සිටියදීම එහි රියෑදුරු කැබ් රථය වේගයෙන් ධාවනය කර පලායන ඝාතනයට පැමිණි අනිත් සැකකරුගේ යතුරුපැදියේ හප්පා ඔහු අනතුරට ලක්‌කර තිබේ. ඝාතනය සිදුකරන ලද ස්‌ථානයේ සිට මීටර් 50 – 100 අතර දුරකින් සිදුකර ඇති මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ සැකකරුට කැබ් රථයේ පිටුපස අසුනේ සිටි දෙදෙනා සහ රියෑදුරු විසින් පහරදී තිබෙන අතර වෙනත් අයකු විසින් තුවාලකරු ඌරගස්‌මංහන්දිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මේ වන විට ඇල්පිටිය මූලික රෝහලට මාරුකර යවා පොලිස්‌ අත්අඩංගුව යටතේ එහි ප්‍රතිකාර ලබමින් සිටී. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුවලගොඩ, උතුරු මාගල, ඌරගස්‌මංහන්දිය ලිපිනයේ පදිංචි අසේල රණසිංහ (22) නමැති අයෙකි.
     
     සිද්ධිය වූ ස්‌ථානයේ තිබී සැකකරුවන්ගේ ජංගම දුරකථනයක්‌ හා ටී 56 පතුරම් මැගසිනයක්‌ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම මැගසිනයේ ටී 56 පතුරම් 05 ක්‌ තිබූ බවද, කැබ් රථයට වෙඩි ප්‍රහාර 15 ක්‌ පමණ එල්ල වී තිබූ බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.
     
     පසුව කැබ් රථය එහි රියෑදුරු විසින් වෙඩි වැදුණු උප සභාපතිවරයාද සමඟ කරන්දෙණිය, බොරකන්ද රෝහල වෙත ධාවනය කර උප සභාපතිවරයා රෝහලට භාරදී රියෑදුරුද ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් වී තිබේ. රියෑදුරුගේ අතක පමණක්‌ සුළු සීරීම් තුවාලයක්‌ පමණක්‌ තිබූ බවත් උප සභාපතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
     
     මංගල සාදයේදී උප සභාපතිවරයා මත්පැන් පානය කර නොමැති බවත් රියෑදුරු ඇතුළු කැබ් රථයේ ගමන් ගත් අනෙක්‌ තිදෙනාම මත්පැන් පානය කර සිට ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. උප සභාපතිවරයා මඟුල් ගෙදරින් පානය කර ඇත්තේ උණුවතුර වීදුරුවක්‌ පමණක්‌ බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වූයේ යෑයි පොලිසිය කියයි.
     
     සිදුවීමෙන් පැය 04 කට පමණ පසු එනම් 09 දා අලුයම 2.30 ට පමණ ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පවත්වන ලද අතර දේහය ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලට ගෙන ගොස්‌ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙසටද නියෝග කළාය.
     
     ඝාතනයට ලක්‌වූ ඩොනල්ඩ් සම්පත් රණවීර (48) නමැති අයගේ සහෝදරයාද මීට මාස කීපයකට පෙර කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ගිනි අවි 03 ක්‌ සමඟ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී බෝර 12 ගිනිඅවි 12 ක්‌ සහ විදේශීය රටක නිෂ්පාදිත පෑනක ප්‍රමාණයේ මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌ සොයාගෙන තිබුණි. කරන්දෙණිය, කැටවල පදිංචි ඩොනල්ඩ් කුමාර රණවීර (36) නමැති ඔහු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටී.
     
     මෙම අයිය මලෝ දෙදෙනා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ සමීපතමයන් බව ඇල්පිටියේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය. ඒ හරහා මොවුන්ට ගිනිඅවි ලැබී තිබෙන බවටද පොලිසිය විශ්වාස කරයි. මෙම ඝාතනයට දැනට ඩුබායිහි සැඟවී සිටින දකුණේ පාතාල කල්ලි නායකයකු වන කොස්‌ගොඩ සුජී නමැත්තාගේ සම්බන්ධයක්‌ තිබෙන බවද අත්අඩංගුවට ගත් පුද්ගලයා කොස්‌ගොඩ සුජීගේ ගෝලයකු බවද ඌරගස්‌මංහන්දිය පොලිසිය කියයි.
     
     ඝාතනයට ලක්‌වූ උප සභාපතිවරයා කරන්දෙණියේ ඉඩම් මිලදී ගෙන කට්‌ටි කර විකිණීමේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. මුලදී මේ සඳහා කොස්‌ගොඩ සුජීගේ සහ ඔහුගේ ගෝලයන්ගේද සහාය ලැබී ඇතත් පසුව උප සභාපතිවරයා කොස්‌ගොඩ සුජී සමඟ විරසක වී ඇත. පසුගිය වසරේ ඔක්‌තෝබර් 29 වැනිදා ඌරගස්‌මංහන්දිය, යුදපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද පියා, පුතුන් දෙදෙනා සහ අනෙක්‌ අයගේ ඝාතකයන් ඇසුරු කළැයි උප සභාපතිවරයා කෙරෙහි කොස්‌ගොඩ සුජීගේ වෛරයක්‌ ගොඩනඟාගෙන තිබූ බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. එසේ ඝාතනයට ලක්‌වූ පියා හා පුතුන් දෙදෙනා ඥතීත්වයෙන් කොස්‌ගොඩ සුජීට බාප්පා හා සහෝදරයෝ වෙති. සභාපති ඝාතනයට මෙම සිද්ධියත් බලපෑවේද යන්න සෙවීමට පොලිස්‌ පරීක්‍ෂණ පවත්වන බවද ඌරගස්‌මංහන්දිය පොලිසිය කියයි.

  • වවුනියාවේ මාස 8ක දරුවා පැහැරගත් අටදෙනා අත්අඩංගුවට

    වවුනියාවේ මාස 8ක දරුවා පැහැරගත් අටදෙනා අත්අඩංගුවට

    වවුනියාවේදී මාස අටක දරුවකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනාම මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පැවසීය.පසුගිය 31 වැනිදා අලුයම වෑන් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස්‌ තිබිණි.

    වෂුදරන් වානිෂන් නමැති මාස 08 ක්‌ වයසැති දරුවකු එලෙස පැහැරගෙන ගොස්‌ තිබිණි.
    දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර, ඔහු හා තමා අතර කලෙක පටන් ආරවුලක්‌ හටගෙන ඇති බවටත් අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්‌ඩායමක්‌ යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ මව සඳහන් කළාය.

    දරුවා රැගෙන ගොස්‌ දින කිහිපයකට පසුව දරුවාගේ පියා බව සැලකෙන පුද්ගලයා විදෙස්‌ රටක සිට වව්නියාව පොලිසියට දුරකතන ඇමතුමක්‌ ලබාදී පවසා ඇත්තේ දරුවාගේ මව විසින් අන්තර්ජාලය ඔස්‌සේ දරුවා තමන්ට පෙන්වීම නවතා දැමීම හේතුවෙන් තමන් පිරිසක්‌ යොදවා දරුවා පැහැරගත් බවයි.

    පසුව මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දරුවා සඟවාගෙන සිටියදී සොයාගැනීමට හැකි වුණි. දරුවා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි කාන්තාවෝ දෙදෙනෙක්‌ මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.

  • කාන්තාවන් පිරිසක් නිරුවතින් මුහුදේ පීනා ලෝක වාර්ථාවක් තියයි

    කාන්තාවන් පිරිසක් නිරුවතින් මුහුදේ පීනා ලෝක වාර්ථාවක් තියයි

    අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට ආසන්න මුහුදේ දී කාන්තාවන් පිරිසක් නව ගිනස් ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, නිරුවතින් අධික ශීතල සහිත මුහුදු ජලයේ වැඩිම වේලාවක් රැඳි  සිටි අවස්ථාව බවට ඉතිහාසගත කරමින්. 
    ඔවුන් ලෝක වාර්තාව බිහි කිරීම සඳහා පිහිනා යනවිට මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක්. ලොව පුරා වෙසෙන කාන්තාවක් 2505 දෙනෙකු සහභාගී වී මෙලෙස බිඳ දැමුයේ 2015 වසරේ කාන්තාවන් 786 දෙනෙකු  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරදී පිහිට වූ ලෝක වාර්තාවයි. 
    මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට මූල්‍යාධාර පිරිනැමීමයි.
  • රවී කරුණානායක ඇතුළු 6කට ඇමති තනතුරු

    රවී කරුණානායක ඇතුළු 6කට ඇමති තනතුරු

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
    රවි කරුණානායකට යළි කැබිනට් අමාත්‍යධුරයක් පිරිනැමීමත් සමඟ තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනමනු ඇති බවත්
    මෙම පත් කිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික විදේශ සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසු කෙරෙනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම කාරණය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කළ දැනුම් දීමට ජනාධිපතිවරයාද එකඟතාවය පළ කර ඇති බව රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කල අතර මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් රවි කරුණානායක සිය අමාත්‍යධුරයෙන් ඉවත් විය. ඒ අනුව ඔහුට එරෙහිව චෝදනා තිබේ නම් මාස දෙකක් තුළ එය ගොනු කරන ලෙස අගමැතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අතර එම කාලය මේ මස 15 දායින් අවසන් වේ.

  • සුදර්ශනීට ඡන්දය නොදුන් හේතුව ප්‍රසන්න කියයි

    සුදර්ශනීට ඡන්දය නොදුන් හේතුව ප්‍රසන්න කියයි

    ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි
    පොදුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන මතයේ සිටියත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ මෙම යෝජනාව රටට ගැලපෙන යෝජනාවක් නොවන බැවින් එකඟ විය නොහැකි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
     නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයේදී තමා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදුන්නේ සීදුව නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා ඔවුන්ගේ සහය හිමිවූ නිසා බවයි.
    ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පොහොට්ටුව හෝ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යන දෙකෙන් එකක් තෝරාගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
  • සුජීව තණතුරු වලින් ඉවත් කරන්නැයි යෝජනාවක්

    සුජීව තණතුරු වලින් ඉවත් කරන්නැයි යෝජනාවක්

    පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට පිළිගත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රජයේ තනතුරුවලින් ඉවත් කර පක්ෂයෙන් ද නෙරපා හැරිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාශයේ දූෂණ විරෝධී සංවිධානය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මේ බව කියා සිටියේය.

    පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 3 ක් සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මේ වනවිට පිළිගෙන ඇති අතර 
    ඊයේ (09) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ සුජීව සේනසිංහ යනු කඩුවෙල ආසනයට පැමිණි මනුස්සකමක් නොමැති පුද්ගලයෙකු බවයි.

    ඊට එක්වෙමින් අදහස් දැක්වූ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අජිත් රොද්‍රිගු ප්‍රකාශ කළේ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාව කඩුවෙලින් පමණක් නොව දේශපාලනයෙන් ද ඉවත් කළ යුතු බවයි.

  • අසභ්‍ය වචන දාලා එඩිට් කරළා – විවාහයක මනමාලිය ඔසවා ගෙන සිටි වෙනස් කළ මේ පුවරුවට ඔබත් රැවටුනාද ?

    අසභ්‍ය වචන දාලා එඩිට් කරළා – විවාහයක මනමාලිය ඔසවා ගෙන සිටි වෙනස් කළ මේ පුවරුවට ඔබත් රැවටුනාද ?

    ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල පැතිරුණු එක්තරා ඡායාපයක් පසුගිය දිනවල කතාබහට ලක්වුනා. විවාහයක මනමාලියක විසින් ඔසවා ගෙන සිටින පුවරුවක් රැගත් ඡායාරූපයක් මෙලෙසින් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් තිබුනා.

    කෙසේ වෙතත් මේ පිළිබදව සොයා බැලු අප වෙත අනාවරනය වූයේ එම ඡායාරූපය අසභ්‍ය අර්ථයක් දනවන සේ කවුරුන් හෝ සංස්කරණය කළ ඡායාරූපයක් වන බවය. මෙහි සැබෑ ඡායාරූපය සංස්කරණය කළ කිසිවෙකු විසින් මෙය සමාජජාලා වෙබ් අඩවි වලට එක්කර තිබුනා.

    එලෙසින් හුවමාරූ වූ ව්‍යාජ ඡායාරූපය පහතින්,

    සෑබෑ පුවරූවේ ඡායාරූප,



  • මගේ පුතා බෝධිසත්වයෙක්… අජාසත්ත පුතා වෙනුවෙන් පුත්තලමේ ඇමති තාත්තාගෙන් රටේ මාධ්‍යයට දොස්..

    මගේ පුතා බෝධිසත්වයෙක්… අජාසත්ත පුතා වෙනුවෙන් පුත්තලමේ ඇමති තාත්තාගෙන් රටේ මාධ්‍යයට දොස්..

    රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සිය පුත‍්‍රයා පිළිබදව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අද (09) අදහස් පළ කළා. ඒ, ආණමඩුව ප‍්‍රදේශයේදී පැවති උත්සවයකට එක්වෙමින්. 

    ව්‍යාපාරික හමුවක් සඳහා තමා විසින් පුත්‍රයාව පිටත් කර යැවු බවත් ඔහු එයට සහභාගිවී යලි නිවස කරා එමින් සිටියදී හදිසි රිය අනතුරකට ලක්වූ බව ඇමතිවරයා කියා සිටියා. එමෙන්ම ඔහුගේ රිය තුල තිබී විදේශීය මත්පැන් බෝතලයක් හමුවූ බවත් එය මාධ්‍ය විසින් ප්‍රචාරය කළ අතර නමුත් එම බෝතලය තුල තිබුනේ මත්පැන් නොව ඔහු වතුර බවත් අවසානයේදී සිදුවුයේ තමන්ට බැනුම් ඇසීමට බව ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මෙම අනතුර ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුවූ අතර අදාළ කැබ් රථය පදවා ඇත්තේද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා විසින්. ඔහු බීමතින් සිට ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. අත්අඩංගුවට ගැණුනු ඔහුගේ පුත‍්‍රයා ලබන 12 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් රැකවල් මධ්‍යයේ ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

  • සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් අරගෙන දැන් මැතිසභයේ බබා වගේ ඉන්න හිටපු ආචාර්යවරයා මෙන්න….

    සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් අරගෙන දැන් මැතිසභයේ බබා වගේ ඉන්න හිටපු ආචාර්යවරයා මෙන්න….

    උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිදු කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

    එනම් ඔළුවිල් විශ්වවිද්‍යාලයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට යොදා ගැනීමේ චෝදනාවට ලක්‌ වූ ආචාර්යවරයකු එක්‌සත් ජාතික පක්‍ෂයේ නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා ඊයේ (08 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීමයි.

    විශ්වවිද්‍යාලයේ මුදලින් නිවාස නඩත්තු කිරීම, විදුලි බිල් ගෙවීම ආදී චෝදනා මෙම ආචාර්යවරයාට එල්ල වී ඇති බවත් ඒ ගැන කෝප් කමිටුව විසින් ද පරීක්‍ෂණ පවත්වන බවත් කී අමාත්‍යවරයා ඔහුට එරෙහි විශාල චෝදනා පත්‍රයක්‌ නිකුත් කර තිබෙන බව ද කීවේය.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ද මෙම පුද්ගලයාට එරෙහිව පරීක්‍ෂණයක්‌ පවත්වන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළ ඇමැතිවරයා එවන් අයකු නවක මන්ත්‍රීවරයකු ලෙස එජාපයෙන් දිවුරුම් දීම එජාපයේම ඇමැතිවරයකු ලෙස තමන් පුදුම වන බව කීවේය.

    ඔළුවිල් විශ්වවිද්‍යාලයේ මහා මාෆියාවක්‌ ක්‍රියාත්මක වන බවද පාර්ලීමේන්තුවේ ප්‍රකාශ කළ ඇමැතිවරයා විභාග සමත් කිරීම සඳහා ඇතැම් ආචාර්යවරුන් සිසුවියන්ගෙන් දිගින් දිගටම ලිංගික අල්ලස්‌ ඉල්ලා සිටින බව ද කීවේය.

    තමන් පසුගියදා ඔළුවිල් විශ්වවිද්‍යාලයේ කළ සංචාරයකදී මේ බව හෙළිදරව් වූ බව අමාත්‍යවරයා පාර්ලීමේන්තුවේ ප්‍රකාශ කළ අතර ඇමතිවරයාගේ ප්‍රකාශය සමාජජාලාවන්හි බොහෝ සෙයින් කතාබහට ලක්ව තිබෙන අයුරු දැකගත හැකි වුනා.

  • ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දිරයේදී (PHOTOS)

    ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දිරයේදී (PHOTOS)

    ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

    ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර රටේ සාමය, සමගිය මෙන්ම ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ජාතින් අතර සංහිදියාව සහ සහජීවනය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැකි බවයි.

    ස්ථීර සාර සාමය, සියලූ ජන කොටස් අතර ඇතිවන අන්‍යොන්‍ය විශ්වාසය සමග ගොඩනැගෙන සංහිදියාව සහ සහජීවනය රටේ ජනතාවගේ මෙන්ම වත්මන් රජයේ ද අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළයුතු සියලූ කැපකිරීම් රජයක් ලෙස සිදුකරන බව ද අවධාරණය කළේය.

    ජාතික සංහිදියාව වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඉස්ලාමීය ආගමික නායකයින්ගේ ඇගයීමට ලක්විය.

    අල්කුරානයේ සිංහල භාෂා කෘතියේ පළමු පිටපත ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු මැති ඇමැතිවරුන් ද, විදේශීය තානාපතිවරුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • 2.50ට විකිණෙන ගණිකාවන්ව නිලි වෘත්තියෙන් පන්නන්න ඕනේ.. විශ්වගෙන් පියුමි හංසමාලිට කණේ පහරක්…

    2.50ට විකිණෙන ගණිකාවන්ව නිලි වෘත්තියෙන් පන්නන්න ඕනේ.. විශ්වගෙන් පියුමි හංසමාලිට කණේ පහරක්…

    විශ්ව ලංකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්… ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන නිවේදකයෙක්.

    ඉතින් මේ දිනවල විශ්ව ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

    ඒ විශ්ව දාපු Fb Post එකකට පියුමි හංසමාලි යොමු කළ සටහනක් නිසායි.

    කෙසේවෙතත් මේ ගැටුම මේ වෙද්දි ගොඩක් දෙනෙක් අතරට ගිහින්.

    ඒ නිසා අපි මේ කතාව ගැන අහන්න විශ්ව ලංකා සම්බන්ධ කරගත්තා.

    ඔහු කිව්වේ මෙවන් කතාවක්.

    මම ඒක කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන දාපු post එකක් නෙවෙයි. ඒක fb එකේ share වුණා. මම එහෙමම ඒක share කළා. හැබැයි කෙනෙක් ඒක අදාළ නැති විදියට තොප්පිය දාගෙන තියෙනවා. නමුත් මට ඒක අදාළ නැති නිසා මම ඒක ගණන් ගත්තේ නැහැ. ඒත් මගේ බිරිඳට යම් චෝදනාවක් කරලා තිබ්බා. මගේ බිරිඳ කවුද කියන්න මේ ලංකාවේ ඉන්න සියලු දෙනා දන්නවා. මාත් එක්ක වැඩ කරන අයත් එයාව දන්නවා. අද මම යම් තැනක ඉන්නවානම් ඒ ඉන්නෙත් මගේ බිරිඳට පිං සිද්ධ වෙන්න. මම ඒක ඕන තැනක කියනවා. මගේ බිරිඳට විවිධ දේවල් කිව්ව එක තමයි මට ගොඩක්ම ඉවසගන්න බැරිව ගියේ. ඒ හින්දා තමයි මම fb එකේ දැම්මේ “අපේ රටේ නිළියෝ දිහා හැමෝම බලන්නේ අද ගණිකාවෝ දිහා බලනවා වගේ. ඒකට හේතුව තමයි මේ වගේ 3rd class අය… මේ අය මේ කලාවෙන් එලවලා දාන්න ඕන” කියලා.

    හැබැයි ඉතින් මම මේක මෙහෙම දැම්මේ පොදුවේ. මේ වෙද්දි අදාළ අය ඒ තොප්පිය දාගෙන තියෙනවා. නැවතත් මට මේ ගැන කියන්න තියෙන්නේ මම කිසිම දෙයක් කාවවත් ඉලක්ක කරගෙන කිව්වේ නෑ.

    කොහොමවුනත් මම දැනුත් මම කිව්ව මතයේ ඉන්නවා. අපේ රටේ කලාවට අගෞරවයක් එකතු කරන්න යන මේ වගේ නූගත් , සමාජය විසින් කොන් කරපු, සමාජය විසින් අයින් කරලා දාලා තියෙන මේ වගේ නිළිකම විකුණගෙන කන ගෑණූ පයින් ගහලා එළවලා දාන්න ඕන. ඒ මතයේ මම දැනුත් ඉන්නවා.

    ඒවගේම තමයි අපේ රටේ දේශපාලඥයා කියන චරිතය සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ප්‍රතික්ෂේප වෙලා තියෙන චරිතයක්. ඉතින් එහෙම දේශපාලඥයෝ ගාව දෙකට තුනට නැවෙන කලාකරුවෝ ඉන්නවා. ඒ අයත් මේකෙන් එළවන්න ඕන. එතකොට තමයි අපේ රටේ කලාවට ගරුත්වයක් හැදෙන්නේ. මේක ඇත්තටම ගෞරවනීය විෂයක්. මිනිස්සු ගොඩක් ආදරෙයි මේ කලාවට. හැබැයි කලාකරුවන්ම විසින් මේ ගෞරවනීයත්වය නැති කරගෙන තියෙනවා. 
    ඉතින් කලාව වෙනුවෙන් කලාව ගොඩගන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනම වෙලාවක මං බය නෑ. ඒකට හේතුව ලංකාවේ සියලුම සහෝදර සහෝදරියෝ, ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ මගෙත් එක්ක එකට හිටගෙන ඉන්නවා. ඒ හින්දා මං කිසිකෙනෙකුට බය නෑ. ඒ ශක්තිය මට තියෙනවා.

    ඒ නිසා ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් වෙනුවෙන් කාලය වෙන් කරන එකත් වැඩක් නෑ කියලා.

  • හැමෝටම අමතකවූ දසුන්ගේ උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය වන ශලනි මුහුණු පොතේ තැබූ සටහන මෙන්න.

    හැමෝටම අමතකවූ දසුන්ගේ උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය වන ශලනි මුහුණු පොතේ තැබූ සටහන මෙන්න.

    පසුගිය වසරේ කළා ක්ෂේත්‍රයේ සිදුවූ අවාසනාවන්තම සිදුවීම් වලින් එකක් ලෙස දසුන්ගේ සියදිවි නසා ගැනීම සලකන්න පුළුවන්. දසුන්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා පාතිරුනා. ඇතැමුන් මේ පිළිඹඳව දෝශාරෝපනය සිදුකලේ දසුන්ගේ පෙම්වතියවූ ශලනි තාරකාටයි. දසුන්ගේ මවත් පසුගිය දිනවල මුහුණු පොතේ විවිධ සටහන් තබා තිබුනා

    මියගිය දසුන් නිෂාන් ගේ උපන්දිනය අද දවසේ යෙදී තිබෙනවා.

    ඉතින් දසුන් ලඟින් හිටපු කට්ටියටනම් ඔහුගේ උපන්දිනය අමතක වෙලා නෑ.

    ඒ අතරින් දසුන්ගේ මරණය සම්බන්ධයෙන් බොහෝ ලෙස කතාබහට ලක්වූ ශලිනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදා තිබුණා.

    ඒ, “මේක තමයි මං සතුටින්ම හිටපු උපන්දිනේ…. ඒ තමයි ඔයා මට හිනාවෙලා කියපු අන්තිම වචන ටික…. සුභ උපන්දිනයක් කොල්ලා….” කියලා.

    එමෙන්ම දිනක්ෂි ප්‍රියසාද් සිය ෆේස්බුක් ගිණුමට දසුන්ගේ ඡායාරූපයක් යොදා තිබුණා.

  • ගස් 300 කැපුවේ කන්දට බර වැඩි නිසාළු…

    ගස් 300 කැපුවේ කන්දට බර වැඩි නිසාළු…

    කඳු මුදුනක පිහිටි ගස්‌ 300 ක්‌ කන්දට ඒවා බර වැඩි නිසා කපා දැමුවැයි කියන පුවතක්‌ ඉකුත් 18 දා මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති මාතලේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී අනාවරණය විය. එ

    කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්‌වීමේදී  මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල හේන්දෙනිය මහතා,

    මාතලේ නගරයට ඉහළින් තියෙන විල්ෂෙයාර් කඳුයායේ පෞද්ගලික ඉඩමක ගස්‌ 300 ගතවූ කාලේ කපලා තියෙනවා.ඒ ගස්‌ කන්දට බර වැඩි බව අදාළ අංශවලට දන්වලයි, මේ වැඩේට අවසර අරගෙන තියෙන්නේ. මේක මහා පුදුමාකාර හේතුවක්‌. හැබැයි ඒකට අවසර දීලා. මේ ගස්‌ කැපීම නිසා කන්ද පහළට පාත් වෙන්න පුළුවන්.

    මාතලේ ප්‍රාදේශීය ලේකම් පී. එල්. පී. මධුවන්ති මහත්මිය සභාපතිතුමාගේ ප්‍රකාශය මම අනුමත කරනවා.
     මටත් වාර්තා වෙලා තියන්නෙ. අදාළ ගස්‌ කන්දට බර වැඩි නිසා ඒවා කැපූ බව යෑයි පැවසුවාය.