Blog

  • කිහිප දෙනෙක් එජාප අපේක්ෂකයාට ඡන්දෙ දුන්නා – ඇතුළේ  ඉන්න සමනළ‌ෙයෝ ගැන SB සියල්ල හෙළිකරයි

    කිහිප දෙනෙක් එජාප අපේක්ෂකයාට ඡන්දෙ දුන්නා – ඇතුළේ ඉන්න සමනළ‌ෙයෝ ගැන SB සියල්ල හෙළිකරයි

    නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේගේ නම යෝජනා කිරීම අසංවිධානාත්මකව සිදුවූ කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

    මේ පිළිබඳ අපි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායකගෙන් කරුණු විමසීමක් කළා.

    ඔහු සඳහන් කළේ “ඡන්දය දීමේදී පොඩි පොඩි ප්‍රශ්න නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු ආවේ නෑ. ඡන්දේ වැටිලා තියෙන විදිහ අනුව බැලුවාම.. ශ්‍රීලනිප, එජනිස ආණ්ඩුවේ හිටපු මන්ත්‍රිවරු කිහිපදෙනෙක් ඇරෙන්න අනික් අය අපිට ඡන්දය දීලා තියෙනවා. ඒ වගේම සමණල‌ෙයෝ කිහිපදෙනෙක් එජාප අපේක්ෂකයාට ඡන්දය දීලා තියෙනවා.” යනුවෙනි. 

    “කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රිතුමා මෙතුමියගේ නම පිළිබඳ ප්‍රශ්නයක් මතු කරලා තිබ්බා. ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමාගේ උපදේශය වෙලා තිබුණේ එතුමට එළියෙන් ඉන්න..අනික් අය ඡන්දෙ දෙන්න කියන එක. නමුත් කිහිපදෙනෙක්ම ඡන්දෙන් වැළකිලා හිටියා.. මම හිතන්නේ ප්‍රසන්න වගේ අය බලපෑම් කරලා වෙන්න ඇති ඒ අය එළියට ගන්න ඇත්තේ.” යනුවෙන්ද සඳහන් කළා.

  • රාජපක්ෂ පවුල‌ේ කඹ ඇදිල්ල‌ෙන් ඒ්කාබද්ධයත් දෙකෙට බෙදෙයි – මන්ත්‍රීවරු 18ක් මහින්දට පස්ස ප‌ෙන්නලා..

    රාජපක්ෂ පවුල‌ේ කඹ ඇදිල්ල‌ෙන් ඒ්කාබද්ධයත් දෙකෙට බෙදෙයි – මන්ත්‍රීවරු 18ක් මහින්දට පස්ස ප‌ෙන්නලා..

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) වැඩි ඡන්ද 44 කින් තේරී පත්විය. එහිදී එක් ඡන්දයක් අවලංගු වූ බව කථානායක කරු ජයසූරිය මහතා සභාවට නිවේදනය කළේය.

    නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මහත්මිය ඡන්ද 53 ක්ද, ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97 ක්ද ලබා ගෙන වැඩි ඡන්ද 44 කින් තේරී පත් විය.ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය නොදී සභාවෙන් පිටව ගියහ.නම් දෙකක් යෝජනා වූ බැවින් නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විණි.

    මේ අවස්ථාව‍ෙ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුද කිහිප දෙනෙක් සභාවේ නොසිටියහ. එසේම ඒකාබද්ධ විපක්ෂයේ හා 16 කණ්ඩායමේද මන්ත්‍රීවරු පිරිසක්ද සභාවේ සිටියේ නැත.

    කෙසේ වෙතත්,නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙදි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙකට බෙදී ඇති බව දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ වාර්තාවෙයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධුරයට ශ්‍රී ලනිපයෙන් ඉදිරිපත් කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට සහාය දක්වන ලෙසට එම පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රින් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ගැන එහි පක්ෂ නායකයන් දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කොට තිබේ.

    ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනා මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කරන බව දැනුම් දී තිබූ අතර ඒකාබද්ධ විපක්ෂය ඇයට සහාය දෙන බවටද ප්‍රකාශ කෙරිණි.

    ඒ අනුව පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට පසුව, ඊයේ (05) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහාය පළ කරන ලෙස දැනුම් දී ඇත.

    ඒ අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා එයට විරෝධය ප්‍රකාශ කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රසන්නත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් දෙදෙනාත් විරුද්ධ නම් ඡන්ද නොදී ඉන්න. අනෙක් අය සුදර්ශනීට ඡන්දය දෙන්න යනුවෙනි.

    මේ අතර නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්දයේ අවසාන මොහොතේ බාහිර බලපෑමක් මත ඡන්ද දීමෙන් වැළකී සිටි ඒකාබද්ධයේ කීප දෙනකු ඡන්දය දීමට පැමිණ සිටි ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් දුරකථනය ඔස්සේ පාර්ලිමේන්තු කැන්ටිමට කැඳවා ගෙන ගොස් කැන්ටිමේ වාඩි කරවා ගෙන ඡන්දය දීමෙන් වළක්වා ගෙන ඇති බවද වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා ජයග්‍රහණය කරවීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 18 දෙනකු ඡන්දය දෙන අවස්ථාව මඟ හැර ඇති බවද සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් අදහස්  පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පිළිනොපදින කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් සිටිනවාද යන සැකය මතුවන බවයි.

    මැතිසබය තුළ රැඳී සිටිමින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකර සභාවේ නොසිටි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනකු පමණ ඉටුකළේ කාගේ වුවමනාවක්ද කියා බරපතළ සැකයක් මතුවන බවද ඔහු සඳහන් කරයි

    සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට පත්කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඒකාබද්ධ විපක්ෂය ඒකමතික තීරණයක් ගෙන තිබූ බවද ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

    එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ආණ්ඩුවේ සිටින ඇතැමෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණීමද බරපතළ ප්‍රශ්නයක් බව ඒ මහතා පෙන්වා දෙයි.සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කථානායක ධුරයට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඒකමතික තීරණයක් ගත් බවද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
     

  • අවසන් ගමනත් අවදානම් – දුෂ්කර ගම්මානයක කදුළු කතාව ‌‌ම‌ෙන්න..

    අවසන් ගමනත් අවදානම් – දුෂ්කර ගම්මානයක කදුළු කතාව ‌‌ම‌ෙන්න..

    ජීවිතයේ අවසන් ගමන යන ගමනේ අවදානමක් පවතින ජනතාවක් වෙසෙන ගම්මානයක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබේ.

    ඒ ගලේවෙල රන්වැඩියාව එම ගම්මානයයි.ගම්මානේ කොස්පොත ඇල මගේ පාලම කැඩී යෑමත් සමඟ වසර ගණනාවක සිට රන්වැඩියාව ප්‍රදේශයේ පවුල් හත්සියයක් පමණ දෙනා මෙහි එගොඩ-මෙගොඩ වනුයේ ඇළට බැසීමෙනි.

    රන්වැඩියාව ගම්මානයේ පුද්ගලයකු මරණයට පත්වුහොත් ඔහුගේ මිනිය රැගෙන යාමට ඇත්තේද මේ අයුරින්මය.
    එවැනි ඛේදජනක අවස්ථාවක් රන්වැඩිය ගම්මානයේදී ඊයේ (04) පස්වරුවේදී දකින්නට ලැබිණි.මිය අයකුගේ දේහයක් කොස්පොත පොදු සුසාන භූමියට ගෙන යාමට ගමිවාසීන්ට ගෙන යාමට සිදු වුයේ ඇලට බැසිමෙනි.

    ඇතැම් වැසි දිනවලදී මේ මළගෙයක් සිදු වූ විට භූමදානය පවා කල් දමන බව ප්‍රදේශවාසීහු පවසති. දැනටමත් ගමේ මිනිස් ජිවිත දෙකක් මේ ඇලේ ගසාගෙන ගොස් අහිමි වී තිබෙන බව ගම්මු කියති .

    ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ස්ථානයට නැවත වරක් පාලමක් ඉදිකර දෙන ලෙසයි.
    ජනතා මුදල් වියදම් කරමින් මෙම ස්ථානයේ ඉදි කරනු ලැබූ පාලම මාස හයක් ඇතුළත කඩාගෙන ගිය බවත් කිසිම ප්‍රමිතියකින් තොරව අඩුම තරමේ යකඩ කැබැල්ලක් හෝ නොයොදා කොන්ත්‍රාත්කරුවන් විසින් පහළම ඉදිකළ බව ගම්මුන් පවසති.

    ඉදිකිරීම් පිළිබඳව සහ පාලම කඩා ගෙන ගිය බව බලධාරීන්ට අවස්ථා ගණනාවකදී දැනුවත් කළ ද ඉන් කිසිදු පලක් නොවූ බවත් අඩුම තරමේ එම කොන්ත්‍රාත් කරුවාගෙන් හෝ විමසීමක් නොකොට පාලම කඩා ගෙන ගිය පසු කොන්ත්‍රාත්කරුගේ මුදල් ගෙවූ බවද ප්‍රදේශවාසීහූ පවසති.

    පවුල් 700ක පමණ ජනතාව ඉතා ඉක්මනින් ගලේවෙල නගරයට පාසලට පන්සලට ආදී සියලු අවශ්‍යතා සඳහා මෙන්ම මරණයට මඟුලට දරු උපත් තියට සියලුම දේ සඳහා මෙම මාර්ගය භාවිතා කළ බව ඔවුහු පවසති.

    ඒ සියලු දේ මේ වන විට අවධානම් ගමනක ඇල මගෙන් බැස ජලයේ ගමන් කළ යුතු බව ඔවුහු හඬා වැටෙමින් අප සමඟ පැවසූහ.

  • 12 වියැති දැරියක් වන ලැහැබකට අරන් ගිහින් පැය ගණනක් ලිංගිකව හැසිරුණු තරුණයෙකු අත්අඩංගුවට…

    12 වියැති දැරියක් වන ලැහැබකට අරන් ගිහින් පැය ගණනක් ලිංගිකව හැසිරුණු තරුණයෙකු අත්අඩංගුවට…

    වයස අවුරුදු 12ක් වන පාසල් සිසුවියක් සමග ලිංගිකව හැසිරුණු 20 හැවිරිදි තරුණයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස ලිංගික සබඳතාවකට පෙළඹී ඇත්තේ පුත්තලම – මානාවේරිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වන අතර දැරිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බව සඳහන්.

    පසුගිය මස 29 වැනිදා දැරියගේ නිවසට සැකකරු පැමිණ කථා බහ කරමින් සිට පසුව දෙදෙනාම නිවස ආසන්නයේ ඇති සෙල්ලන්කන්දල් රක්ෂිතයට ගොස් ඇති බවත් එහිදී ඔවුන් අඹු සැමි ඇසුරක් පවත්වා ඇති බවත් මූලික විමර්ශනවලදී හෙලිවී තිබෙනවා.

    තමන් මුහුණ දුන් අත්දැකීම දැරිය විසින් ගමේ තවත් අයෙකු හා පවසා ඇති බවත් ඉන් පසුව මේ බව ගම්වාසීන් අතර පැතිරී ගොස් ඇති බවත් ඒ හරහා දැරියගේ මව ද මේ පිළිබඳව දැනුවත් කිරීමට ගම්වාසීන් ක්‍රියා කර ඇති බවත් වාර්තා වෙනවා.

    කෙසේ වෙතත් ඇගේ මව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට කටයුතු කර නැති අතර පසුව ගම්වාසීන් විසින් මේ බව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනිය වෙත දැණුම් දීමට කටයුතු කර තිබෙනවා.

    ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනිය විසින් මව සහ දැරිය සිය කාර්යාලයට කැඳවා තොරතුරු ලබා ගැනීමෙන් පසුව සිද්ධිය පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

    ඒ අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

  • පුවත් මැවු TNL විකාශනාගාරය සිල් තැබු හේතුව අධිකරණ නියෝගයක්… හේතු රැසක් කරලියට…

    පුවත් මැවු TNL විකාශනාගාරය සිල් තැබු හේතුව අධිකරණ නියෝගයක්… හේතු රැසක් කරලියට…

    ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වටලා එම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බවත් එසේ සිදු කරනු ලැබුවේ අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

    පොල්ගහවෙලින් සිදු කරන ලද විකාශනයන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබා ගෙන නොතිබීම මෙයට මුලික හේතුව වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

    එවැනි නිසි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991අංක 25 දරණ විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරණ පනත යටතේ දඬුයම් ලැබිය හැකි වරදක් වන බව ද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

    මේ හේතුවෙන් TNL මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ මේ වන විට විකාශන කටයුතු ඇණහිට තිබේ.

    ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, එම විකාශන මධ්‍යස්ථානයේ තිබු විකාශන උපකරණ පොලිස් බාරයට ගැනීමෙන් පසුවයි.

    එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, වයඹ හා බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක විකාශන කටයුතුවලට අවහිරතා මතුව ඇති බව ද TNL රූපවාහිනි සේවය සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, විදුලි සංන්දේශ නියාමන් කොමිෂන් සභාව විසින් ඊයේ(04) දිනයේ දී අවසරයකින් තොරව විදුලි සංදේශ කුළුණක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි.

    එම පැමිණිල්ල අනුව පොලීසිය විසින් අධිකරණය හමුවේ මෙම කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

    ඒ පිළිබඳව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළව විමර්ශනයක් සිදු කරන ලෙසට හා එහි ඇති විකාශන උපකරණ, පොලිස් බාරයට ගන්නා ලෙසට නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

    මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් පොල්ගහවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ටී එන් එල් පෞද්ගලික රූපවාහිනි නාලිකාවේ හිමිකරු වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමල් සොහොයුරා වන අතර ඔහු බලයේ සිටියදී පවා මෙවැනි නීතියට පටහැනි දේවල් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ යහපාලනය පිළිබඳව ජනතාවට උදාහරණ සපයමිනි.

  • න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පුරවන්න කිරිඇල්ල-කබීර් ඇමති දෙබෑයෝ දුම්බර අක්කර 21,000ක් අල්ලයි..

    න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පුරවන්න කිරිඇල්ල-කබීර් ඇමති දෙබෑයෝ දුම්බර අක්කර 21,000ක් අල්ලයි..

    නකල්ස් කඳුකරයේ දුම්බර අඩවියේ අක්කර 21,000 කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්ගේ හිතවතුන්ට ලබාදීම වෙනුවෙන් සිදු වන මහා පාරිසරික විනාශයක් සහ ලෝකයේ තිබෙන න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පිරවීමට අවසර ලබාදෙන සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් හොර රහසේම අත්සන් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් අපට මෙවර පරිසර දිනය සැමරීමට සිදුව ඇති බව අපට වාර්තා වේ.

    පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කපිල ගමගේ මහතා මෙසේ ද සඳහන් කළේය.

    දුම්බර වන විනාශය

    ජාතික පාරිසරික පනත ආදී රටේ පවතින නීති රීති උල්ලංඝනය කරමින් සිදුකරන මේ සංවේදී පරිසර පද්ධති විනාශය නිසා ඇතිවිය හැකි විනාශය ඉතා බරපතල යි. නකල්ස් නැතහොත් දුම්බර කඳුකරයේ වැදගත්කම සලකා බලමු. මේ මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයයි. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ, උඩුදුම්බර, පාතදුම්බර, පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් ආවරණය වන පරිදි මෙම තර්ජිත භූමිය පිහිටා තිබෙනවා.

    1873 දී දේශගුණික රක්ෂිතයක් ලෙසත් 2000 දී වන සංරක්ෂණ පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙසත් ප්‍රකාශයට පත්කර සංරක්ෂණය කළයුතු බව තහවුරුකර ඇති මෙම දුම්බර කඳුකරය 2010 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙනවා. මීටර 760 සිට 1900 දක්වා උස් කලාපයක විහිදෙන දුම්බර අඩවිය, තෙත් කඳුකර හෙවත් වළාකුළු වනාන්තර, කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර,තෙත් පතන හා තෘණ බිම්, වියළි පතන හා තෘණ බිම් ළඳු කැලෑ ආදී වශයෙන් වූ විවිධත්වයෙන් පොහොසත්.

    මෙහි ඇති ශාක විශේෂ 1033න් 160ක් ලංකාවට ආවේණික ඒවා යි. ලොව වෙනත් කිසි තැනක දැකිය නොහැකි මෙම අඩවියටම ආවේණික වූ ශාක විශේෂ 6ක් මේ අතර තිබෙනවා. මීවන ශාක විශේෂ 42ක් මෙහිදී හමුවන අතර ඉන් 6ක් ලංකාවට ආවේණික යි. ලංකාවේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ව විශේෂ 813 අතරින් 272ක් දුම්බර අඩවියේ දී හමු වෙනවා. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ව විශේෂ 310න් 16ක්ම දුම්බර අඩවියට ආවේණික යි. ලංකාවට ආවේණික කුරුලු විශේෂ 33න් 30ක්ම දුම්බර අඩවියෙන් වාර්තා වෙනවා.

    ‘රජයේ ඉඩම් බැංකු පනත’

    මේ කිසිවක් බලලෝභී දේශපාලකයින්ටත් ඔවුන්ගේ බත් බැලයන්ටත් වටිනා දේ නොවෙයි. මේ ජාතික සම්පත් හිතවතුන්ට කැබලි කඩා ලබාදීමට අමතරව මහා පරිමාණ විදේශ සමාගම්වලට මෙම සම්පත් විකුණා දැමීම සඳහා වගන්ති 33කින් සමන්විත නව පනතක් සම්මත කිරීමටත් නියමිතයි. ඒ ‘රජයේ ඉඩම් බැංකු පනත’ නමින්. මේ පනතේ ඉලක්කය වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විදේශ වෙළදපොළට හඳුන්වා දීමයි. මේ අන්කිසිවක් නොවෙයි සම්පත් විකුණා දැමීමේම තවත් ආකාරයක්. වික්කම – සිංහයකු වන බව විශ්වාස කරන නායකයින්ගේ දැක්මේ දුර මේකයි. ඔවුන් සංවර්ධනය යනුවෙන් හඳුන්වන්නේ, ස්වාභාවික සත්ව ගහනය විනාශ කර සත්ව ගොවිපළ ආරම්භ කිරීමයි, භූ විෂමතාවන්ට එරෙහිව යමින් මහා පරිමාණ ඛනිජ කැණිම්වලට අවසරය ලබා දීමයි. ඡන්දයට උදව් කළ තම හිතවතුනට අල්ලස් හා කප්පම් ලෙස රටේ ස්වාභාවික සම්පත්වල ඇති ගස් ටික කපා ගැනීමට ඉඩ හැරීම ආදියයි.

    නගරයේ අපි මැදපෙරදිග රටවල මෙන් බෝතල් වතුර බොන තත්වයට පත්ව සිටිනවා. රජරට ගොවි ජනතාව පෙරන ලද ජලය පානය කිරීමේ තත්වයට පත්ව තිබෙනවා. තමන්ගේ ළිදෙන් ඇළ දොළෙන් ජලය පානය කිරීමේ වරදට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුව ඇති ජනතාවක් කාල සටහනකට අනුව දින ගණිමින් මියයන දිනය එනතුරු රුධිර කාන්දුකරණය කරමින් ගේදොර විකුණා මරණයට සූදානම් වන තත්වයට පත් වෙලා. ඒ, මේ එක් එක් සමාගම්වල අරමුණු වෙනුවෙන් මෙරට පසට, ජලයට සහ වායුගෝලයට එක් කරන ලද උග්‍ර විෂ සහ අපද්‍රව්‍ය හේතුවෙන්. ඒ සමහර ව්‍යසනයන් වැළැක්වීමට යම් තරමකට හෝ නීති රීති සකස්කර තිබුණත් ඒ නීතිරීතිවලින් රිංගා තම ලාභය කරා යා හැකි වන ආකාරයට කටයුතු සම්පාදනය කරදෙන පාවාදෙන්නන්ගෙන් සමන්විත නිලධාරි පැලැන්තියකත් ඒ සමග හවුලේ කටයුතු කරන දේශපාලක පැලැන්තියකත් අත්අඩංගුවට රට පත්ව තිබෙනවා. පසුගියදා එවැනි එක් නිලධාරියෙකුගෙන් (ඔහු විල්පත්තුවට අදාළ විනාශයට වගකිවයුතු පුද්ගලයකු වන අතර එවකට අදාළ අමාත්‍යාංශයක ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙක්) කරන ලද ප්‍රශ්න කිරීමක දී සඳහන් කර තිබුණේ ‘දැන් මම පෙන්ෂන් – දැන් මට ඕවා අදාළ නෑ’ යන පිළිතුරයි. එවැනි නිලධාරීන්ටත් එවැනි ප්‍රකාශ ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන නිලධාරීන්ටත්, තමන් විශ්‍රාම ගිය පසු හෝ රටින් පැන ගිය පසු සියල්ල අවසන් වේ යයි සිතා සිටින නිලධාරීන්ටත් අපි සිහිපත් කළ යුත්තේ ජාතියේ දරුවන්ගේ සාපයෙන්, තම අපරාධ නිසා වැනසී යන අනාගත පරම්පරාවන්ගේ සාපයෙන් මේ අයටත් ඔවුනගේ දරුපවුල්වලටත් ගැලවීමක් නොමැති බවයි. ඔවුන්ගේ දරු මුනුපුරන් පවා අනාගතයේදී හඳුනාගනු ඇත්තේ ඔවුන්ගේ පාවාදීම සිහිපත් කරමින් බවයි.

    ලොව පුරා තහනම් කරන ලද, වසවිස පිරි ආහාර වැඩි මිලක් දී භාවිතා කරන තත්වයට අපගේ පාරිභෝගික මනස කුරුවල් කර තිබෙනවා. පසුගියදා දකුණු පළාතේ හිස එසවූ උණ රෝගය උපයෝගී කරගනිමින් ඇමරිකාවේ තහනම් කළ, ප්‍රතිඵල සම්බන්ධයෙන් සියයට තිහක පමණ විශ්වාසයක් පමණක් ඇති බවට තහවුරු වූ එන්නතක් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් වැඩි මිලට විකුණා විශාල ලාභයක් ලැබූ බවට ගාල්ල ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා. ඒ මේ ආර්ථික රටාවේ ප්‍රතිඵලයයි. අපට පරිසරය ගැන සාකච්ඡා කිරීමට සිදුව ඇත්තේ මේ තත්වය තුළයි.

    ‘න්‍යෂ්ටික අපද්‍රව්‍ය සඳහා පාවාඩ එළන සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම’

    මේ සියලු දේ අතර අපි කවුරුත් නොදැන සිදුවන තවත් අනතුරක් ක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ මෑතදී අත්සන් කළ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ඇතුළුව ලෝකය පුරා ඇති වෙනත් අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් මෙරටට බැහැර කිරීමට අවස්ථාව සැලසී තිබීමයි. මේ අපට සෘජුව නොපෙනෙන පාරිසරික විනාශයක්. මීට හේතු වී ඇත්තේ මෙතෙක් චීනය විසින් ව්‍යාපාරික වශයෙන් ලබාගත් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය තවදුරටත් භාරගැනීම නව චීන අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමයි. මේ ප්‍රතික්ෂේප කිරීමත් සමගම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන සඳහා අතිවිශාල ඉල්ලුමක් ක්ෂණිකව ඇතිව තිබේ. අපේ අගමැතිවරයාත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාත් ඉතා හදිසියේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළද ගිවිසුම අත්සන් කර මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බවට රේගුවට හදිසියේ දැනුම් දෙන්නේ මෙවන් තත්වයක් යටතේ යි. දැනටමත් කොළඹ අවට තිබෙන බහාලුම් නවාතැන් හෙවත් කන්ටේනර් යාඞ්වල දීර්ඝ කාලයක් තිස්සේ ගොඩගසා තිබෙන බහාලුම් යනු එක් ආකාරයක අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රමයක් බව පරිසරවේදීන්ගේ විශ්වාසයයි. එසේම අප රටට ආනයනය කරන යූරියා පොහොරවල ප්‍රමිතිය පසුගියදා කෘෂිකර්ම ඇමතිවරයා විසින් වෙනස් කරන ලදුව අවශ්‍ය ප්‍රමාණය මෙන් දසගුණයක් අඩු ප්‍රමිතියේ යූරියා මෙරටට ගෙන්වීම පසුපස ඇත්තේ ද මෙවැනිම අපද්‍රව්‍ය පිළිබද කාරණයක් බව පරිසරවේදීන් සැක කරනවා. යූරියා පොහොර සමග මිශ්‍ර කර න්‍යෂ්ටික අපද්‍රව්‍ය අප වැනි රටවලට පටවා අපද්‍රව්‍ය ගැටලුවෙන් නිදහස් වීමට යම් යම් සමාගම් ගත් උත්සාහයන් නිසා මේ සැකය ඇතිව තිබෙනවා.

    සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ඇමුණුම 2 ඒ 1 යටතේ මෙම කාරණය දක්වා තිබෙනවා. එහි දැක්වෙන එච් එස් සංකේතය 28444000 වන අතර ඒ යටතේ ඇත්තේ රේඩියෝ ඇක්ටිව් එලිමන්ට්ස් යනුවෙන් හඳුන්වන න්‍යෂ්ටික අපද්‍රව්‍ය බව රේගුවේ වෙබ් අඩවිය පරීක්ෂා කරන ඕනෑම කෙනෙකුට සරලව තහවුරු කරගත හැකියි. මීට අමතරව තවත් පිළිකා කාරක සහ උග්‍ර විෂ සහිත සංයෝග බොහෝමයක් සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට ඇතුළත් කර තිබෙනවා. ඒ අතර ක්රෝමියම්, බෙරිලියම්, මැන්ගනීස්, තැලියුම්, ඉන්ඩියුම්, ගැලියුම්, නියෝබියුම් , රේනියුම්, වැනේඩියුම්, ජර්මේනියුම් ආදී පිළිකාකාරක ලෙස හඳුනාගත් මුලදුව්‍ය සහ සංයෝග විශාල ප්‍රමාණයක් ඇතුළත් කර තිබෙනවා. අප රටක් ලෙස ඒ සියලු අපද්‍රව්‍ය ‘බද්දෙන් ද නිදහස් කොට’ භාර ගැනීමට මේ ගිවිසුම යටතේ එකග වී තිබෙනවා.

    අපට තිබෙන පරිසර සම්පත විනාශ කරගන්නා ගමන් පරිසරයට අදාළ සංවේදීම ඒකකයක් වන පසත්, ජලයත් විනාශ කිරීමට අදාළ පියවරයන් අත වනා ගෙන්නා ගන්නා මෙවැනි පාලකයින් සමග පරිසර දිනය සමරන්නට සිදුවීමම අවාසනාවක්. ලෝක පරිසර දිනයේදී දුම්බර අඩවිය රැක ගැනීමට ස්වේච්ඡාවෙන් පෙරට පැමිණිමට අද මේ රටේ තරුණ පරම්පරාවට සිදුව තිබෙනවා. මේ රටට න්‍යෂ්ටික අපද්‍රව්‍ය සහ බැර ලෝහ ඇතුළු වෙනත් පිළිකා කාරක දහස් ගණනක් ගෙන්වා ගැනීමට රජය අත්සන් කරන ගිවිසුම්වලට එරෙහිව නඩු මගට බැසීමට වෘත්තිකයන්ට සිදුව තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේ පරිසර දිනය සමරන අපි පරිසරයට ගරු කරන මිනිසුන් බවට පත්විය යුතුයි. ඒ වර්ගයේම රජයක් අප පත්කරගත යුතුයි. ඒ සඳහා තව තවත් ස්වේච්ඡා බල සේනා රැස් කළ යුතුයි. දැනටමත් ඒ වෙනුවෙන් කැපවී සිටින අවංක ස්වේච්ඡා බල සේනාවලට අපගේ ගෞරවය පුද කළ යුතුයි.”

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
    මාධ්‍ය ලේකම්
    ජාතික නිදහස් පෙරමුණ

  • වෙරි පිට ආ රංගේ බණ්ඩාරගේ පුතා රජයේ කැබ්රියක ගොස් නිවසක් කුඩු කරයි (වීඩියෝ)

    වෙරි පිට ආ රංගේ බණ්ඩාරගේ පුතා රජයේ කැබ්රියක ගොස් නිවසක් කුඩු කරයි (වීඩියෝ)

    හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මං සන්ධියේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා පැදවූ කැබ් රථයක් අද අලුයම අනතුරට ලක්ව තිබෙනවා.

    (වීඩියෝ සඳහා පහළට යන්න)

    මෙම කැබ් රථය අමාත්‍යවරයා මීට පෙර කටයුතු කළ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් රථයක් බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ.

    සිද්ධියෙන් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර සහ කැබ් රථයේ ගමන් ගත් තරුණයෙකු හලාවත මහරෝහලට ඇතූලත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කළා.

    අතුරු මාර්ගයක සිට අද අලුයම පැමිණි කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කෝට්ටපිටිය මං සන්ධියේ පිහිටි නිවසක් තුළට කඩා වැදී තිබෙනවා.

    සිද්ධියෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    අනතුර සිදුවන අවස්ථාවේදී පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා බීමත්ව සිට ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

  • කියන්න අඩුපාඩුවක් නැති දෙරණේ මනීෂාගේ සිත් මන්මත්කල සුපිරි නර්ථනයේ වීඩියෝව මෙන්න….

    කියන්න අඩුපාඩුවක් නැති දෙරණේ මනීෂාගේ සිත් මන්මත්කල සුපිරි නර්ථනයේ වීඩියෝව මෙන්න….

    සිදූ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය නිළියක් වන මනීෂා චංචලා දෙරණ නාළිකාවේ වැඩසටහනකට එක්වෙමින් ප්‍රථම වරට නර්ථනයක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ ස්ටාර් සිටි වැඩසටහන වර්ණවත් කරමින් මනීෂා ඉදිරිපත් කළ නර්ථනය පහතින් බලන්න….

    https://youtu.be/xfyxNLv_rig?t=5m52s

  • ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුරේ විශේෂ අවස්ථා මෙන්න…

    ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති මන්දිරයේ පැවති ලේ දන් දීමේ කඳවුරේ විශේෂ අවස්ථා මෙන්න…

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථනයට අනුව සෑම වසරකම පළමු මාස කිහිපය තුළ ලේ හිග තත්වයක් ඇතිවනවා. ශ්‍රී ලංකාවට වසරකට සාමාන්‍යයෙන් ලේ පයින්ට් 450,000 ක් පමණ අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇත.ඒ සඳහා එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නේ ලේ පයින්ට් එකක් එනම් මිලි ලීටර් 450 ක් පමණ ප්‍රමාණයකි.

    විවිධ රෝගාබාධ මෙන්ම සැත්කම් වැඩිවීම නිසා ලේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථනය සඳහන් කරන පොදු කරුණක් වෙනවා.

    නොයෙක් හේතු නිසා සිරුරේ රුධිර ප්‍රමාණය අනපේක්ෂිත ලෙස පහළ බසින අවස්ථා තිබෙනවා. එබඳු අවස්ථාවල දී ජීවිත ප්‍රබල ලෙස අනතුරට ලක් වෙනවා. හදිසි අනතුරු ආදියේ දී සිදුවන අධික රුධිර වහනය, ඩෙංගු වැනි රෝගවල දී සිදු වන රුධිර පට්ටිකාවල ක්ෂණික පහළ බැසීම සහ ලියුකේමියා වැනි තත්ව වල දී සිදුවන රුධිර සෛලවල පහළ යෑම මේ සඳහා උදාහරණ කිහිපයක් පමණ යි. මෙබඳු අවස්ථාවල දී වහා ම රුධිරය ශරීර ගත කිරීම සිදු නො කළ හොත්, බොහෝ විට රෝගියා මිය යෑම සිදු වෙනවා. මේ නිසා රුධිර පාරවිලයනය හෙවත් බාහිරින් රුධිරය ශරීරගත කිරීම ජීවිත සුරැකීමේ දී අද්විතීය මෙහෙයක් ඉටු කරනවා.

    ලේ දන්දීමට පෙර සෞඛ්‍ය පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් සපිරි නිරෝගී පුද්ගලයකු නම් පමණක් ලේ ලබාගැනීම සිදුවේ .වයස 18 ත් 60 ත් අතර බර කිලෝග්‍රෑම් 50 ට වැඩි රෝගාබාධවලින් තොර පුද්ගලයන්ගෙන් එලෙස ලේ ලබා ගැනේ. නිරෝගී පුද්ගලයකු හට වසරකට සිව් වතාවක් පමණ ලේ දන්දීය හැකි බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. O නෙගටිව්, A/B පොසිටිව්/නෙගටිව් ලේ වර්ග හිමි අය වැඩි වශයෙන් ලේ දන්දෙන ලෙස ඉල්ලා සිටින්නේ එම වර්ග දුලබ හෙයිනි.

    මේ සියලු වැදගත් කරුණු කාරණා මත ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටුව ජනාධිපති මන්දිරය යළිත් වතාවක් සාමාන්‍ය ජනතාවට විවෘත කරමින් අද දින (05) ලේ දන්දීමේ කඳවුරක් පවත්වනු ලැබුවේ ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාගේ අදහසක් අනුවය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    එහිදී ජනාධිපතිතුමා වෛද්‍ය කණ්ඩායම ඇතුලු කාර්ය මණ්ඩල සමග සුහද කථා බහක නිරත විය.

  • කොල්ලගේ ශිෂ්ණය අල්ලන්න කෙල්ලන්ට දෙන කැළණි සරසවියේ ගෝත්‍රික නවක වදයේ ඇත්ත මෙන්න…

    කොල්ලගේ ශිෂ්ණය අල්ලන්න කෙල්ලන්ට දෙන කැළණි සරසවියේ ගෝත්‍රික නවක වදයේ ඇත්ත මෙන්න…

    කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන්ගේ ගෝත්‍රික නවක වද සමය උදා වේ; කැළණිය සරසවියේ ගෝත්‍රිකයෝ ප්‍රසිද්ධියේ රඟති; වදයට පත් නවකයන් ගැන බලන්න කවුරුත් නෑ..!

    ( මහපාරේදී කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන් විසින් සිදුකරගෙන යන ගෝත්‍රික නවක වදය දීම මේ වන විට ඉතාමත් දරුණු ලෙස කැළණි විශ්ව විද්‍යාලය තුල සිදු කරන බවත් නවක සිසුන් කියන්නට කෙනෙක් නොමැතිව අසරණ වී ඇති බවත් අප වෙත වාර්තා වේ.

    පහත දැක්වෙන්නේ නවක වදයට පත් සරසවි නවක සිසුවෙකු අප වෙත එවල ලද ලිපියකි.

    කැළැණි විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ වල ඉතාමත් නින්දිත ආකාරයෙන් ප්‍රසිද්ධියේම සිදුකරන නවක වදයේ තරම කොතෙක්දැයි මේ දිනවල ඕනෑම අයෙකුට වාහනයක නැගී කොළඹ නුවර පාරේ සිට කැලණි කැම්පස් එක උඩට ගිය විට බලා ගත හැකිය. ඕනෑම අවස්ථාවක නවක ලමයින් 500 ක් පමන පෝලිමේ තබාගෙන එක එක ෆැකල්ටි වලින් නවක වදය දෙන ආකාරය දැක ගත හැකිය. කවුරුන් හෝ ඡායාරූපයක් ගනීදැයි පරීක්ෂා කිරීමට වෙනම පිරිසක් සිටිති. කැලණි විශ්ව විද්‍යාලයට පැමිණෙන මාර්ගය දෙපස සිට සිසුන් අල්ලා ගන්නා ජ්‍යෙෂ්ඨයෝ මහ මාර්ගයේ සිටම නවක වදය දෙති.

    මේ වන විට විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට තමන් කැමති ඇඳුමක් ඇඳීමට නිදහස නැත. ඔවුන් උදේ 6 වන විට විශ්ව විද්‍යාලයට පැමිණිය යුතු අතර නවක සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් යාමට නියම කර ඇත්තේ සවස 6 ට ය.

    කැළණිය දළුගම ප්‍රදේශයේ සිටිනා නවක සිසුන්ට නවක වදය දීමට ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නේවාසිකාගාර වලට බලහත්කාරයෙන් රැගෙන යති. ජ්‍යෙෂ්ඨ සිසුන්ට බියවී සිටින බොහොමයක් නවක සිසුහු තම කැමත්තෙන්ම නවක වදය විඳීමට ජ්‍යෙෂ්ඨයන්ගේ නෙවාසිකාගාර වලට යති. එසේ නොගියහොත් ඔවුන්ව විශ්ව විද්‍යාලය තුල දී සොයා අල්ලාගෙන දැඩි ලෙස නවක වදය ලබා දෙති.

    දිනකට පැය 2 පමණක් දේශන තිබෙනා දින වල නවක සිසුන්ට පැය 9 පමණ එක දිගට නවක වදයට මුහුණ දීමට සිදු වී ඇත. (ආහාර ගැනීමට පැයක් ලබාදෙයි). මේ සියල්ල රහසේ සිදු නොකරන අතර මේවා විශ්ව විද්‍යාලය තුල ප්‍රසිද්ධියේ සිදු කරයි.

    මේ වසරේ ගතවූ කාලය තුල නවක වදය දීමේ දී සිසුන් 7 කට පමණ ක්ලාන්තය සෑදිණ. ඉන් 5 පමණ දෙනා සිසුවියන් වෙති. එක් සිසුවියක් රෝහල් ගත කළද සිදු වූ දෙය කාටවත් හෙළි නොකරන ලෙස ඇයට දැඩිව තර්ජන කෙළේය. ඇය කට පියාගෙන සිටියා ය.

    විශ්ව විද්‍යාලයේ සාදා ගෙන යන පාලු ගොඩනැගිලි තුලට ගෙන ගොස් කණ්ඩායම් වශයෙන් නවක වදය ලබාදෙයි. මේවා ඉතාමත් දරුණු වද හිංසා වේ. පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් පාලු ගොඩනැගිලි තුල දණ ගස්වා පිරිමි ළමුන්ගේ ඇඳුම් ගලවයි. අනතුරුව ගැහැණු ළමයාගේ අතට පිරිමි ළමයාගේ ශිෂ්ණය ලබාදෙයි. ඔවුන් මේ වද බන්ධන වලට පවසන්නේ මේවා සිදුකරන්නේ “බැජ් ෆිට් එක” ඇති කිරීමට බවයි.

    නමුත් ගැටලුව වන්නේ මෙම සිදුවීම් දුටුවත් නවක සිසුන් ආරක්ෂා කීරීම සඳහා ආචාර්ය මණ්ඩලය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ය. අනෙක් කරුණ නම් ඉතාමත් බියට පත්ව සිටිනා නවක සිසුන් මේ පිලිබඳව කිසිවෙකුට පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවීම ය.

    නවක වදයට විරුද්ධ වන සිසුන් “අල” කරන්නෝ ලෙස නම් කරන ජ්‍යෙෂ්ඨයෝ ඔවුන්ට ද තර්ජනය කරති. එම සිසුන් කොන්කිරීම සහ විශ්ව විද්‍යාලයට තනිව පැමිණෙන විට පහරදීම සිදුකරති. එමෙන්ම නවක වදයට විරුද්ධ වන සිසුන්ට එක් වසරකට වඩා විශ්ව විද්‍යාලයට පැමීනිමට ඉඩ නොදෙන බවත්. එම සිසුන්ගේ කැම්පස් ජීවිතය “කරුම ජීවිතයක්” බවට පත් කරන බවත් ජ්‍යෙෂ්ඨයෝ පවසති.

    බලධාරීන්ද මේ ගෝත්‍රික ක්‍රියා නොසලකා සිටිනා විට නවක සිසුන්ට කාගේවත් පිළිසරණක් නැත.

    දුකට පත් නවකයෙක්..

  • කොල්ලගේ ශිෂ්ණය අල්ලන්න කෙල්ලන්ට දෙන කැළණි සරසවියේ ගෝත්‍රික නවක වදයේ ඇත්ත මෙන්න…

    කොල්ලගේ ශිෂ්ණය අල්ලන්න කෙල්ලන්ට දෙන කැළණි සරසවියේ ගෝත්‍රික නවක වදයේ ඇත්ත මෙන්න…

    කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන්ගේ ගෝත්‍රික නවක වද සමය උදා වේ; කැළණිය සරසවියේ ගෝත්‍රිකයෝ ප්‍රසිද්ධියේ රඟති; වදයට පත් නවකයන් ගැන බලන්න කවුරුත් නෑ..!

    ( මහපාරේදී කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන් විසින් සිදුකරගෙන යන ගෝත්‍රික නවක වදය දීම මේ වන විට ඉතාමත් දරුණු ලෙස කැළණි විශ්ව විද්‍යාලය තුල සිදු කරන බවත් නවක සිසුන් කියන්නට කෙනෙක් නොමැතිව අසරණ වී ඇති බවත් අප වෙත වාර්තා වේ.

    පහත දැක්වෙන්නේ නවක වදයට පත් සරසවි නවක සිසුවෙකු අප වෙත එවල ලද ලිපියකි.

    කැළැණි විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ වල ඉතාමත් නින්දිත ආකාරයෙන් ප්‍රසිද්ධියේම සිදුකරන නවක වදයේ තරම කොතෙක්දැයි මේ දිනවල ඕනෑම අයෙකුට වාහනයක නැගී කොළඹ නුවර පාරේ සිට කැලණි කැම්පස් එක උඩට ගිය විට බලා ගත හැකිය. ඕනෑම අවස්ථාවක නවක ලමයින් 500 ක් පමන පෝලිමේ තබාගෙන එක එක ෆැකල්ටි වලින් නවක වදය දෙන ආකාරය දැක ගත හැකිය. කවුරුන් හෝ ඡායාරූපයක් ගනීදැයි පරීක්ෂා කිරීමට වෙනම පිරිසක් සිටිති. කැලණි විශ්ව විද්‍යාලයට පැමිණෙන මාර්ගය දෙපස සිට සිසුන් අල්ලා ගන්නා ජ්‍යෙෂ්ඨයෝ මහ මාර්ගයේ සිටම නවක වදය දෙති.

    මේ වන විට විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට තමන් කැමති ඇඳුමක් ඇඳීමට නිදහස නැත. ඔවුන් උදේ 6 වන විට විශ්ව විද්‍යාලයට පැමිණිය යුතු අතර නවක සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් යාමට නියම කර ඇත්තේ සවස 6 ට ය.

    කැළණිය දළුගම ප්‍රදේශයේ සිටිනා නවක සිසුන්ට නවක වදය දීමට ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නේවාසිකාගාර වලට බලහත්කාරයෙන් රැගෙන යති. ජ්‍යෙෂ්ඨ සිසුන්ට බියවී සිටින බොහොමයක් නවක සිසුහු තම කැමත්තෙන්ම නවක වදය විඳීමට ජ්‍යෙෂ්ඨයන්ගේ නෙවාසිකාගාර වලට යති. එසේ නොගියහොත් ඔවුන්ව විශ්ව විද්‍යාලය තුල දී සොයා අල්ලාගෙන දැඩි ලෙස නවක වදය ලබා දෙති.

    දිනකට පැය 2 පමණක් දේශන තිබෙනා දින වල නවක සිසුන්ට පැය 9 පමණ එක දිගට නවක වදයට මුහුණ දීමට සිදු වී ඇත. (ආහාර ගැනීමට පැයක් ලබාදෙයි). මේ සියල්ල රහසේ සිදු නොකරන අතර මේවා විශ්ව විද්‍යාලය තුල ප්‍රසිද්ධියේ සිදු කරයි.

    මේ වසරේ ගතවූ කාලය තුල නවක වදය දීමේ දී සිසුන් 7 කට පමණ ක්ලාන්තය සෑදිණ. ඉන් 5 පමණ දෙනා සිසුවියන් වෙති. එක් සිසුවියක් රෝහල් ගත කළද සිදු වූ දෙය කාටවත් හෙළි නොකරන ලෙස ඇයට දැඩිව තර්ජන කෙළේය. ඇය කට පියාගෙන සිටියා ය.

    විශ්ව විද්‍යාලයේ සාදා ගෙන යන පාලු ගොඩනැගිලි තුලට ගෙන ගොස් කණ්ඩායම් වශයෙන් නවක වදය ලබාදෙයි. මේවා ඉතාමත් දරුණු වද හිංසා වේ. පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් පාලු ගොඩනැගිලි තුල දණ ගස්වා පිරිමි ළමුන්ගේ ඇඳුම් ගලවයි. අනතුරුව ගැහැණු ළමයාගේ අතට පිරිමි ළමයාගේ ශිෂ්ණය ලබාදෙයි. ඔවුන් මේ වද බන්ධන වලට පවසන්නේ මේවා සිදුකරන්නේ “බැජ් ෆිට් එක” ඇති කිරීමට බවයි.

    නමුත් ගැටලුව වන්නේ මෙම සිදුවීම් දුටුවත් නවක සිසුන් ආරක්ෂා කීරීම සඳහා ආචාර්ය මණ්ඩලය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ය. අනෙක් කරුණ නම් ඉතාමත් බියට පත්ව සිටිනා නවක සිසුන් මේ පිලිබඳව කිසිවෙකුට පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවීම ය.

    නවක වදයට විරුද්ධ වන සිසුන් “අල” කරන්නෝ ලෙස නම් කරන ජ්‍යෙෂ්ඨයෝ ඔවුන්ට ද තර්ජනය කරති. එම සිසුන් කොන්කිරීම සහ විශ්ව විද්‍යාලයට තනිව පැමිණෙන විට පහරදීම සිදුකරති. එමෙන්ම නවක වදයට විරුද්ධ වන සිසුන්ට එක් වසරකට වඩා විශ්ව විද්‍යාලයට පැමීනිමට ඉඩ නොදෙන බවත්. එම සිසුන්ගේ කැම්පස් ජීවිතය “කරුම ජීවිතයක්” බවට පත් කරන බවත් ජ්‍යෙෂ්ඨයෝ පවසති.

    බලධාරීන්ද මේ ගෝත්‍රික ක්‍රියා නොසලකා සිටිනා විට නවක සිසුන්ට කාගේවත් පිළිසරණක් නැත.

    දුකට පත් නවකයෙක්..

  • එජාපය සිදුකළ මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශන වාර්තාවේ අඩු පිටු අද කථානායක අතට..

    එජාපය සිදුකළ මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශන වාර්තාවේ අඩු පිටු අද කථානායක අතට..

    මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ මෙතෙත්  පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබුණු  සී /350 සිට  සී/ 360 දක්වා කොටස් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත ලැබී තිබෙනවා.

    ජනාධිපති කාර්යාල නිළධාරීන් විසින් පාර්ලිමේන්තුවේ දී මෙම කොටස් කතානායක කරූ ජයසූරිය මහතා අතට බාර දී තිබෙනවා.

  • අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකුණා මව ගණිකා සේවයේ යෙදවු පොහොට්ටු සභාපති අත්අඩංගුවට

    අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකුණා මව ගණිකා සේවයේ යෙදවු පොහොට්ටු සභාපති අත්අඩංගුවට

    සී බී රත්නායකගේ ලගම ගෝලයා වන දිඳුල නගරාදිපති ඇතුලු කන්ඩායමක් ලමුන් අතුරුදහන් කර විකුණන ජවාරමකට අත් අඩංගුවට.

    තලවකෑලේ ලිඳුල නගර සභා සභාපති අසෝක සේපාල මීට ස්වල්ප මොහොතකට පෙර ලමුන් පැහැරගෙන විකීනීමක් සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන ඇත. මීට වසරක (2017/06/ ) පෙර ලමුන් දෙදෙනෙකු හා මවක අතුරුදහන් වීමක් සම්බන්දයෙන් පොලිස් පැමිනිල්ලක් ලැබුනද දේශපාලන බලය මත එය යටපත්ව තිබී ඇත. අසේක සේපාල නැමැත්තා ඇතුලු කන්ඩායමක් විසින් එකි දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු විදේශයකට විකුනා මව ගාල්ල ප්‍රදේශයේ සගවා බලහත් කාරයෙන් ලිංගික වෘතියේ යොදවා ඇත. වසරකට පසු එකී මව රඳවා සිටි ස්ථානයෙන් පැන විත් පෝලීසියට කරුනු ඉදිරිපත් කර ඇත.

    ලක්ෂ 22 කට එක් දරුවකු විකුණා ඇති අතර ඒ කුමන පාර්ශවයකට කුමක් සදහාදැයි අනාවරනය වී නොමැත. දැනට සැක පල කරන ආකාරයට අවයව ජාවාරමේ ගොදුරක් බවට දරුවා විකුණා ඇත්දැයි පරික්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි. තොරතුරු රැසක් වාර්තාවී තිබියදි පොලිස් දෙපාර්තුමේන්තුව මෙකී අතුරුදහන් වීම යටගසා සිටියේ ඉහල දේශපාලන බලවතුගේ උවමනාව මත බව නොරහසකි.

  • තරුණ අසහනය නිසා චිත්‍රපට බලන අස්සේ කපල් බොක්ස් ඇතුලේ අමුතු අමුතු බොක්ස් කැඩෙන හැටි මෙන්න..

    තරුණ අසහනය නිසා චිත්‍රපට බලන අස්සේ කපල් බොක්ස් ඇතුලේ අමුතු අමුතු බොක්ස් කැඩෙන හැටි මෙන්න..

    පසුගියදා ගම්පොල ප්‍රදේශයේ චිත්‍රපට ශාලාවක් තුල චිත්‍රපටයක් නරඹමින් සිටීමේදී තරුණියක් සිය පෙම්වතා අතින් දුෂණය වීමේ පුවතක් වාර්තා වී තිබුණි.

    තරුණිය සිය කැමැත්තෙන්ම එම ක්‍රියාවට සහභාගී වුවද තරුණියගේ වයස අවරුදු 16 ට අඩු හෙයින් එය සැලකෙන්නේ ස්ත්‍රී දුෂණයක් ලෙසය.

    මෙහි වඩාත් අවධානයට යොමුකළයුතු කරුණ වන්නේ මෙම පැමිණිල්ල ගම්පොල පොලිසියට ගොනුවන්නේ එම තරුණිය දුෂණය කිරීමෙන් පසු නොව, එම තරුණියගේ පෙම්වතාගේ කරදරයෙන් ගැලවීමට වීමය.

    පෙම්වතා සිය පෙම්වතිය සමග සිනමා ශාලාවේ සිදුකල එම කටයුත්තෙන් පසුව දිගින් දිගටම තරුණියගේ නිවසට පැමිණ කියා ඇත්තේ තමා අතින් මෙවැන්නක් සිදුවී ඇති බවත් තමාට තරුණිය සමග විවාහ වීමට අවශ්‍යය යන බවත්ය.

    පෙම්වත්ගේ කරදරයෙන් ගැලවීම පිණිස තරුණියගේ නිවසේ උදවිය මෙම පැමිණිල්ල පොලිසියට ගොනුකොට ඇත. එතැන් පටන් මෙම සිදුවීම ගලාගෙන යන්නේ මෙය ලංකාවේ බොක්ස් කුටියක් තුල සිදුවූ පළමු සිදුවීම ලෙස හුවා දක්වමිනි.

    චිත්‍රපට ශාලාවල බොක්ස් කුටි පැවතුනේ ඉතා ඈත අතීතයේ පටන් වන අතර ඒවා මුලින්ම හදුන්වා දුන්නේ පවුලේ සියල්ලන්ටම එකට හිඳ නැරඹිය හැකිවන සේ ඉදිවුන “ෆැමිලි බොක්ස්” හරහාය.

    නමුත් කාලයාගේ ඈවමෙන් ෆැමිලි බොක්ස් අභාවයට යන අතර පෙම්වතුන්ගේ අවශ්‍යතා සැපිරීම සඳහා සිනමා හල හිමියන්ගේ ඉල්ලේම පරිදි “කපල් බොක්ස්” ඉදි විය.

    කපල් බොක්ස් සඳහා මෑතකාලය තුලදී වැඩි ඉල්ලීමක් ඇතිවුයේ රටේ ඇතිව තිබෙන්නාවූ තරුණ අසහයනත් සමගය. ලිංගිකත්වය මැජික් එකක්වන ලංකාවේ එය අත්හදා බැලීමට යන තරුණ පිරිස් බොහෝ ය.

    ගාලු කොටු පවුරේ, මාතර වෙරල තීරයේ අවට ඒ කාලයේ පෙම්වතුන් ගැවසුන්ද දැන් ඒවා තහනම් කොට ඇත. වෙරල තීරයකට ගියහොත් සිදුවන්නේ නිල චිත්‍රපට තනන පිම්පියෙකුගේ ගොදුරක් වීමටය. උද්‍යානයක් වෙත ගියහොත් සිදුවන්නේ එහි සිටින වෙළෙන්දන්ට සල්ලි පුජා කිරීමටය.

    එම තත්වය තුල පෙම්වතුන්ට රුපියල් හාර පන්සියයක් දී බොක්ස් එකක් තුලට යාම එකම විසඳුම වී ඇත. නමුත් මෙහි ඇති බරපතල තත්වය වනුයේ බාල වයස්කාර දැරියන් මේ තත්වයන්ට ගොදුරු වී තිබීමයි.

    අනෙක් පැත්තෙන් බැලු කල ගනිකාවන්ද දැන් වඩා ආරක්ෂාකාරී සේවාවක් ලබාදෙම සඳහා බොක්ස් කුටිය සිය සේවා ස්ථානය කරගෙන ඇත. ගම්පොල චිත්‍රපට ශාලාවක් තුල දුෂණය වූ තරුණිය ඒ පිලිබඳ පවසන්නේ මෙවැන්නකි.

    “මුල් දවස්වල පන්ති යනව කියල මහනුවර පැත්තේ හෝල් වලට ගියා. ඒ ගිහින් චිත්‍රපට බැලුව විතරයි. ඊට පස්සේ එක දවසක් ගම්‍පොළ චිත්‍රපට ශාලාවේ බොක්ස් එකකට එයා මාව එක්කරගෙන ගියා.

    එදා කතා කර කර හිටියා විතරයි. දෙවැනි පාරට ගියාම අපි දෙන්නා සිපගත්තා. පස්සේ දන්නෙම නැතුව වෙන්න තියෙන දේවල් සිද්ධ වුණා”

    පොලිසිය මෙතෙක් කල් බොක්ස් පිලිබඳ සිටි ආකල්පය ඒ පිලිබඳ පැහැදිලි කර උසස් පොලිස් නිලධාරියෙකුගේ පහත අදහසින් පැහැදිලි වේ.

    “අපි මෙච්චර කල් හිතන් හිටියේ කොල්ලෙක් කෙල්ලෙක් චිත්‍රපට ශාලාවකදී වැඩිම උනොත් සිප ගැනීමක් කරයි කියල විතරයි.

    එහෙත් ඊට එහා ගිය කටයුතු පවා චිත්‍රපට ශාලා තුළ සිදුවන බව ගම්‍පොළ චිත්‍රපට ශාලාවෙදී බාල වයස්කාර දැරියක් දූෂණය වීමෙන් පැහැදිලියි. ඒ වගේම තමයි බොක්ස් ආසන කුටි බොහෝ චිත්‍රපට ශාලාවල පවත්වා ගෙන යන්නේ පෙම්වතුන්ට මේ විදියට නිදහසේ පෙම්සුව විඳින්න මිස චිත්‍රපට නරඹන්න නොවන බවත් පැහැදිලියි”
    චිත්‍රපට ශාලා තුල මෙවන් සිදුවීම සිදුවියේ මෙයට බොහෝ කලකට පෙර පටන් බව අන්තර්ජාලයට නිකුත් වුනු බොක්ස් තුල පටිගත වූ වීඩියෝ සාක්ෂි දරනු ඇත.

    මෙවන් සිදුවීමක් සිදුවූ පමණින් බලධාරීන් හට සිනමාහල් වල බොක්ස් තහනම් කල නොහැක. මන්ද චිත්‍රපට ශාලාවල මුලිකම ආදායම වනුයේ “බොක්ස්” ටිකක්ට් පත් අලෙවිය නිසාවෙනි.

    ගැටලුවට එවන් තාවකාලික පැලැස්තර දීම තුලින් එම ප්‍රශ්නය ඔඩු දුවා වෙනත් තැනකින් පුපුරා යා හැක. උද්‍යාන තහනම, වෙරල තීර තහනම, නිල් චිත්‍රපට තහනම , අසභයය වෙබ් අඩවි තහනම යන සියලු ක්‍රියා මෙම ප්‍රශ්නයට යොදනු ලැබූ තාවකාලික පැලැස්තර විසඳුම් ය.

    ලිංගිකත්වය සඟවා එය උඩින් වාඩිවී නවගුණ වැල අතේ තබාගෙන සිටින චරිතය ඉවත්කොට ඉන් එහාට ගිය විසඳුමක් කෙරෙහි වගකිව යුත්තන් අවධානය යොමුකළ යුතුය.වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව පහතින් ඇති වීඩියෝවේ පස්වන තත්පරයෙසිට.

  • රාජගිරිය බිල්ඩිමට කෟෂිකර්මයෙන් ගෙවන කෝටි ගාන නැතිවෙන ලකුණු

    රාජගිරිය බිල්ඩිමට කෟෂිකර්මයෙන් ගෙවන කෝටි ගාන නැතිවෙන ලකුණු

    මසකට රුපියල් කෝටි දෙකහමාරක කුලී පදනමක්‌ මත රාජගිරියේ ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය ළඟදීම එම ස්‌ථානයෙන් ඉවත් කර බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට ගෙන යැමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. 
     
     තවදුරටත් සිදුවන විශාල මුදල් නාස්‌තිය වළක්‌වා ගැනීමේ අරමුණ ඇතිව නැවත ගොවිජන මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලා මහින්ද අමරවීර ඇමැතිවරයා කථානායක කරු ජයසූරිය මහතාට ලිඛිතව දැනුම් දී ඇති බවත් මේ වනවිට රුපියල් කෝටි දහයක්‌ වැය කරමින් ගොවිජන මන්දිරය අලුත්වැඩියා කරන බවත් තව නොබෝ දිනකින් එම ගොඩනැඟිල්ලට යැමට හැකි වෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
     
     වසර පහක කුලී පදනම මත රාජගිරියේ පිහිටි අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට කුලිය වශයෙන් රුපියල් කෝටි පනහකට වැඩි මුදලක්‌ ගෙවා ඇති බවත් එයට සේවා ගාස්‌තුවක්‌ද ඇතුළත් බවත් හෙතෙම කියා සිටියේය. මසකට රු. හැටඑක්‌ ලක්‌ෂ දහඅට දහස බැගින් මේ වනවිට කෝටි 14 කට අධික මුදලක්‌ සේවා ගාස්‌තු වශයෙන් ගෙවා ඇතැයිද කී එම නිලධාරියා මේ සියලු ගෙවීම්වලට අමතරව ගොඩනැඟිල්ල විවිධ අංශවලට බෙදා වෙන් කිරීම සඳහා රු. කෝටි හතළිහක්‌ද, ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක්‌ සඳහා රුපියල් ලක්‌ෂ පනහක්‌ ද, අමාත්‍යාංශයේ ගෘහ භාණ්‌ඩ සඳහා කෝටි පනහක පමණ මුදලක්‌ද රජය වැය කර ඇති බව අමාත්‍යවරයා විසින් කළ සමීක්‌ෂණයේදී හෙළිවී ඇතැයිද කීවේය. 
     
     මේ වනවිට මෙම ගොඩනැඟිල්ලේ ගිවිසුම් සහ කුලී ගෙවීම් පිළිබඳව නීතිපතිවරයාගේ නිරීක්‌ෂණයට ලක්‌වී ඇති බවත් ගොඩනැඟිල්ල ගැනීමේදී තාක්‌ෂණ නිලධාරියාගේ වාර්තාවේ සේවා ගාස්‌තු අය කර ගැනීම සඳහන් කර නොමැතිව තිබියදී ඊට පිටින් රජයේ ආයතනයක්‌ පවත්වාගෙන යැමේදී එම ගොඩනැඟිල්ල සඳහා සේවා ගාස්‌තුවක්‌ ගෙවා තිබීම පිළිබඳව වත්මන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් පී. විඡේරත්න මහතා විමසීමට ලක්‌ කර ඇතැයිද අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

  • වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික්‌ කිලෝ අටක්‌

    වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික්‌ කිලෝ අටක්‌

    කිලෝ අටක්‌ වූ ප්ලාස්‌ටික්‌ බෑග් අනුභව කිරීම නිසා විශාල තල්මසෙක්‌ මරුමුවට පත්වී ඇත. මේ තල්මසා තායිලන්තයේ කෝලන් කැනඩා මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී තිබේ.
     
     රාත්තල් 500 ක්‌ බරැති මෙම තල්මසා තුළ ප්ලාස්‌ටික්‌ බෑග් 80 ක්‌ තිබී හමුවිය.මේ බව හෙළිවූයේ ජලජීවී විමර්ශකයන් විසින් තල්මසාගේ බඩ පලා සිදුකළ විමර්ශනයේදීයි.
     දින පහක්‌ තිස්‌සේ තල්මසා මුහුදට යෑවීමට සත්ව අවිහිංසාවාදීන් සිදුකළ උත්සාහයද ව්‍යාර්ථ විය.තල්මසා මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ බඩ තුළ තිබූ ප්ලාස්‌ටික්‌ දිරවා ගත නොහැකිව බව වාර්තා වේ.