නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක් කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සම්පූර්ණ විභාගයක් පවත්වා තීන්දුවක් ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (4 ) දැනුම් දුන්නේය.
රංජන් රාමනායක මහතා කළැයි කියන කතාව පටිගත කළ වීඩියෝ හඬ පටය ආශ්‍රයෙන් සකස් කළ එම කතාවේ පිටපතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකරුවන් වෙන වෙනම පරීක්‍ෂා කර බලා පසුව අගවිනිසුරුවරයාගේ නිල කාමරයට රැස්‌වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති අතර රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙක ඊවා වනසුන්දර සහ දෙහිදෙනිය යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවූ අවස්‌ථාවේදී ඔහු මේ බව දැනුම් දුන්නේ ය.
පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටියේ සියලුම විනිසුරුවරුන් හා නීතිඥවරුන් දූෂිතයන් යෑයි ඔහු කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව නිසා ඔහු කළ එම වරදට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඔහු උසාවියට කැඳවා විමසන ලෙසත් පසුව ඒ ගැන විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඬුවමක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
රංජන් රාමනායක මහතාට එරෙහිව පෙත්සම් දෙක ගැන අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වෙත යොමු කිරීමටද ඊයේ තීරණය කෙරිණු අතර රාමනායක මහතා කළ කතාවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත යන්න නීතිපතිවරයාගේ ස්‌ථාවරය බව මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ මුල් දිනයේදීම අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයද රාමනායක මහතා කළ කතාවට දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති අතර ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයේදී තම සංගමය කරුණු ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
වැඩිදුර විභාගය ලබන 18 දාට කල් තැබුණු අතර ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටී.මාගල්කන්දේ සුදන්ත හිමි සහ විශ්‍රාමලත් යුද හමුදා නිලධාරී රණවක සුනිල් පෙරේරා මෙහි පෙත්සම්කරුවෝ වෙති.
Blog
-

රංජන්ට එරෙහි පෙත්සම් 2 සම්පූර්ණ විභාගයට ගනී
-

විදෙස් සඟරාවලින් දැනුම ලබා නීතිවිරොධී ගිනිඅවි නිපදවන ස්‌ථානයක් කහවත්තේ
විදෙස් සඟරා පරිශීලනය කර ලබාගත් දැනුමෙන් අර්ධ ස්‌වයංක්‍රීය ගිනි අවි නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවිකරන කහවත්ත මාදම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදනාගාරයක් වටලා ගිනිඅවි රැසක් සමඟ සැකකරුවකු ඊයේ (04) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය කියයි.
අර්ධ ස්‌වයංක්‍රීය ගිනිඅවි 01 ක් නිම නොකළ අර්ධ ස්‌වයංක්‍රීය අවි දෙකක කොටස්, ටී 56 ජීව උණ්‌ඩ 03 ක් ගිනිඅවි නිෂ්පාදනයට යොදාගන්නා කොටස් සහ නිෂ්පාදනයට භාවිත කරන උපකරණ රැසක් සොයාගත් බවත්‍ෙසැකකරු විසින් කහවත්ත කහවතු කන්ද ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් 25,000 ක් (විසිපන්දාහක) මුදලකට අලෙවිකර තිබූ බෝර 12 පතුරම් තුවක්‌කු 01 ක් සමඟ මිලදීගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් ගිනිඅවි සහ සැකකරුවන් ඊයේ (04) පැල්මඬුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
-

අතවර කිරීම් සහ පැහැරගැනීමක් සම්බන්ධව ලිදුලනගරාධිපති අත්අංගුවට
ආගරපතනේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක හා ඇගේ අවුරුදු 5 1/2 වයසැති දියණිය හා 2 1/2 ක් වයසැති පුතෙකු පැහැර ගෙන ගොස් වැඩිමහල් දරුවා විකිණීම හා අදාළ කාන්තාව අතවරයට පත් කළැයි චෝදනා යටතේ නුවරඑළිය පොලිසිය විසින් ළිඳුල තලවකැලේ පුරපතිවරයාත්. එහි සභිකයකුත්, ආගරපතන ඩයගම රෝහලේ සේවකයකුත්, තලවකැලේ ත්‍රිරෝද රථ රියදුරෙකුත් පෙරේදා (03) රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
කාන්තාවක හා දරුවන් දෙදෙනකු පැහැර ගෙන ගොස් එම කාන්තාවට අතවර කිරීමේ චෝදනාව මත නුවරඑළිය පොලිසිය මගින් පෙරේදා (03 දා) රාත්‍රි අත්අඩංගුවට ගත් තලවකැලේ ලිඳුල නගර සභාවේ නගරාධිපති අශෝක සේපාල සහ එම නගර සභාවේ මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක ඇතුළු සිව්දෙනකු ලබන 11 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස නුවරඑළිය මහෙස්‌ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා ඊයේ (04) නියෝග කළේය.
රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අනෙක් දෙදෙනා ආගරපතන ඩයගම රෝහලේ සේවකයකු වන හේරත් මුදියන්සේලාගේ තිලකරත්න සහ ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන ආගරපතන පදිංචි ඔරාකඳ ලියනගේ ජයන්ත පීරිස් යන අය වෙති.
ආගරපතන පදිංචි ජයන්ත නමැත්තා 2017.06.04 දින දුරකථනය ඔස්‌සේ කථා කොට ආගරපතනේ සිය දරුවන් දෙදෙනා සමග වාසය කළ මෙම කාන්තාවට රැකියාවක් ලබා දෙන පොරොන්දුව මත ලියකියවිළි හා ඇඳුම් පැළඳුම් රැගෙන තලවාකැලේ බස් නැවතුම්පළට පැමිණෙන ලෙස දන්වා ඇත.
ඉන් පසු ඉෂාර මංචනායක නමැත්තාගේ නිවසේ දින කීපයක් අදාල කාන්තාව හා දරුවන් දෙදෙනා රඳවා තබා ඇත. එම කාලය තුළදී පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයේ සිම් කාඩ් පත විනාශ කර දමා ඈ හා අනෙකුත් අය අතර තිබු සම්බන්ධතා බිඳ දමා ඇති බව කියති. ඉන් පසු ඉෂාර යන අයගේ සහෝදරයකුගේ නිවසේ ද දින කීපයක් රඳවා තබා ඉන් අනතුරුව අශෝක සේපාල නමැති අය හමුවට කැඳවාගෙන ගොස් ඇත. එහිදී ලිපි කීපයකට අත්සන් ලබා ගෙන ඇති අතර කාන්තාවගේ වැඩිමහල් ගැහැනු දරුවා සැකකරුවන් විසින් රඳවාගෙන කාන්තාවගේ කුඩා දරුවා වෙනත් නිවසකට කැඳවාගෙන ගොස් ඇත. ඉන් පසු තිලකරන්න නමැති සැකකාර ත්‍රී රෝද රථ රියදුරුගේ නිවසේ අදාල කාන්තාවත් දරුවාත් නතර කර ඇති අතර දින කීපයක් එහි නතරව සිටි කාන්තාව තිලකරන්න නමැත්තා විසින් කොළඹ කැඳවාගෙන ගොස් ආමර් වීදියේ පිහිටි විදේශ රැකියා ඒජන්සියකින් ගමන් බලපත්‍රයක් පිළියෙළ කර දී ඇත. එහෙත් ඇය අතට ගමන් බලපත්‍රය ලබා දී නැත. මේ අතර කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු කාන්තාවගේ සැමියා තම බිරිඳ හා දරුවන් ආගිය අතක් නැති බවට ආගරපතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත. සැකකාර තිලකරත්නගේ නිවසේ කාන්තාව රැඳී සිටින අවස්‌ථාවේදී පිරිමි ළමයා ද සැකකරුවන් විසින් රැගෙන ගොස් ඇත්තේ කාන්තාව ඊට රැකියාවකට යන නිසා දරුවාගේ රැකවරණය සැපයීමට යනුවෙන් පවසමිනි. රැකියාව සඳහා අදාළ කටයුතු සම්පාදනය කිරීමට සැකකාර තිලකරත්න නමැත්තා සමග ගමන් බිමන් යද්දී ඔහු විසින් පැමිණිලිකාරිය කෙළෙසූ බවට ඇය විසින් කරුණු දක්‌වා ඇත.
පැමිණිලිකාරියගේ සැමියා විසින් ආගරපතන පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් කරන බවට තොරතුරු ලැබීමෙන් පසු සැකකරුවන් විසින් කාන්තාව බත්තරමුල්ලේ නිවසකටත් ඉන්පසු පිළියන්දල නිවසකත් සේවයට යවා ඇත. පිළියන්දල නිවසේ සේවය කරද්දී තමාට සිදුවූ අතවර හා දරුවන් දෙදෙනා පිළිබඳව තොරතුරු අනාවරණය කළ බව පොලිසියේ පැමිණිලි කර ඇත.
පැමිණිලිකාරිය කුඩා කාලයේ දී මව මිය යාමෙන් අනතුරුව අවුරුදු 19 ක් පිළියන්දල එස් ඕ එස් ළමා නිවාසයේ රැඳී සිටි නිසා ඇය තමා පත්වී ඇති තත්ත්වය පිළිබඳ එස්. ඕ. එස් ළමා ගම්මානයේ කාර්යය මණ්‌ඩලයටද දන්වා ඇත. ඒ හේතුව මත පැමිණිලිකාරියට ඇගේ ස්‌වාමියා යළි මුණගැසී ඇත. ඉන් පසුව මෙම පැමිණිලිකාරිය විසින් පෙරේදා නුවරඑළිය මූලස්‌ථාන පොලිසියට පැමිණ සියලු සිද්ධීන් අනාවරණය කර ඇති බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.
මෙම පැමිණිල්ල පිළිබඳව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්. එම්. වික්‍රමසිංහ, නුවරඑළියේ නියෝජ්‍ය පොලිස්‌පති ඊ. ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නුවරඑළිය පොලිස් අධිකාරී අයි. බී. ටී. සුගතපාල මහතාගේ මෙහෙයවීම මත නුවරඑළිය මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක චන්දන බස්‌නායක, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. බී. අයි. ඉන්ද්‍රජිත්, පොලිස් පරීක්‍ෂක චන්දන රණසිංහ, අපරාධ කොට්‌ඨාස ඒකකයේ පොලිස් පරීක්‍ෂක චන්දන හල්පාගොඩ, ළමා හා කාන්තා කාර්යාංශ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක ඒ. පී. යොෂානි යන මහත්ම මහත්මීන් ඇතුළු පොලිස් කණ්‌ඩායමක් පරීක්‍ෂණ පවත්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
පැමිණිලිකාරියගේ අවු 5 1/2 වයසැති දැරිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි යුවළක් විසින් ඊයේ නුවරඑළිය පොලිසියට රැගෙන පැමිණ සිටි අතර අවුරුදු 2 1/2 ක් වයසැති පිරිමි දරුවා පතන විහාරස්‌ථානයක සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.
-

කොල්ලෝ බදාගෙන කිරි නාගෙන පුවත් මවන සුරූපී සරාගී පියුමි හංසමාලි නටපු අමුතුම නැටවිල්ල මෙන්න..
රතු ඇදගෙන කොල්ලෝ බදාගෙන කිරි නාගෙන ඇග නටවමින් පියුමි නටපු අමුතුම නාඩගම මෙන්න..
https://youtu.be/xfyxNLv_rig?t=10m24s
-

ඊලග පාර 1000ක් එක්ක සුපිරි පාටියක් දානවා.. ලැබෙන ප්‍රතිචාර ගැන Royal පාටියේ චන්දිමාල් කියපු කතාව මෙන්න…
වසර 18 ක් උදේ රෑ නොමැතිව වසරට දින 300 ක් වත් වැඩකර හොයාගත් මුදල් වියදම් කල එක ගැන කාටත් ප්‍රශ්නයක් නොමැති බවත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැති බවත් ප්‍රවීන හා ධනවත් රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ප්‍රථමවරට සාදයෙන් පසු පවසා තිබෙනවා.
තමන් පින්දහම් කර සෙල්ෆි ගසා බත් මුලක් අහිංසකයකුට දී පොටෝ ගසා ෆේස්බුක් නොදමන බවත් එය දැන් දෙන ක්‍රමය නොවන බවත් ෆේස්බුක් එකට පෙන්න පින් කරන්නේ නැති බවත් ඔහු පවසනවා.
මෙවර උපන්දින සාදයට 600 ක ප්‍රමාණයකට ආරධානා කල අතර ඊලග වර මීටත් වඩා ලොකුවට 1000 කට ආරාධනා කර සාදය පවත්වන බවයි චන්දිමාල් පවසන්නේ.
සම්පුර්ණ කතාව පහත වීඩියෝවෙන් බලන්න















-

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා ගැන සාක්ෂි විමසීම ඇරඹෙයි
ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අද (04) ආරම්භ වුණි.අදාළ සමාගම්වල අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය පෙබරවාරි 14 වනදා විශේෂ කොමිසමක් පත් කරනු ලැබූ අතර එම කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත් කෙරුණි.මේ වන විටත් ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කොමිසම වෙත මහජන පැමිණිලි ලැබී ඇති අතර සමාගම් රෙජිස්ටාර්වරයා සහ එහි නිලධාරියෙකුගෙන් අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේයඅභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ හැරල්ඩ් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්,ජේ.කේ ගීගනගේ මෙනවිය කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි. -

දකුණේ වසංගතයට හේතුව සොයා ගනී
දකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගී තත්ත්වයට හේතුව හෙළිකරගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා සිටියි.
සිය ආයතනය මගින් සිදුකරන ලද පරීක්ෂණ කටයුතු වලට අනුව මෙම රෝග තත්ත්වයට හේතුව වී තිබෙන්නේ “ඉන්ෆුවෙන්සා A” නම් වෛරසය බව ද එම ආයතනය තවදුරටත් අනාවරණය කර සිටියි.
-

Royal වෙන්න හෙළුවෙන් ගියපු පියුමි ගැන දාපු පොස්ට් එකක් දුරදිග ගිහින් විශ්ව-පියුමි බුකියේ ගැටෙයි…
රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහ පසුගියදා උපන්දිනය සමරා තිබුණේ මුළු රටේම අවධානය ලබාගනිමින්.
ඒකට හේතුවුණේ ජනප්‍රිය නළු නිළියන් 600 දෙනෙකු පමණ සහභාගීවෙමින් ලක්ෂ ගණන් වටිනා ත්‍යාගද පිරිනැමීම.
මේකට සමාජයේ බොහෝ දෙනෙක් තම අප්‍රසාදය පලකර තිබුණේ දහසකුත් දුප්පත් මිනිසුන්, අසරණ මිනිසුන් සිටියදී කෝටි ගණනක් මුදල් නිකරුනේ වැයකිරීම නිසා.
මේ ගැන අන්තර්ජාලය පුරාම විවිධ අදහස්ද හුවමාරු වෙමින් තිබුණා.
ඒ වගේම මේ සාදයට පැමිණ සිටි රංගන ශිල්පීන්ගේ ඇඳුම් ගැනද බොහෝ දෙනෙක් විවේචන එල්ලකර තිබුණා.

එම විලාසිතාවලට අපූරු මඩපහරක් එල්ල කරමින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පොස්ට් පළවුනා.ඒ අනුව දෙරණ නිවේදක විශ්ව ලංකා තම ෆේස්බුක් ගිණුමට Share කර තිබු පොස්ට් එකකට මේ ආකාරයෙන් පියුමි හංසමාලි තම ෆේස්බුක් ගිණුමේ ප්‍රතිචාර දක්වලා තිබුනා

මගෙයි teena ගෙයි ඇදුම් දෙක ගැන හොයන වෙලේ ටිකක්. ඔයාගේ ගමට ගිහින් බලන්න wife මොකද කරන්නෙ කොහෙද කා එක්කද ඉන්නෙ කියලා.අපෙ සල්ලි අපිට ඔනෙ විදිහට. අදින්නෙ පස්ස පැත්ත කසනවා නම් wife ට කියලා හොදට කසාගෙන එන්න අපි දෙන්නාගේ අදුම් ගැන ඔයා worry වෙන්න එපා.මොකද gym ගිහින් six pack හැදුවට පිරිමියෙක් වෙන්නෙ නැ.චිත්තයක් අදගෙන අපේ post fb එකේ share කරාම හැමොටම පිරිමි කම ගැන පෙනවා.මොකද oya six pack හදන්න බොන suplimente වලට ඔයාලාගේ පිරිමි පවුරැශත්වය එහෙම සැහෙන්න අඩු වෙනවා.කිසිදෙයක් කර ගන්න එහෙම බැ එක කර ගන්න බැරි වෙලාවට අපේ photos බලන්න බලලා share කරන්න.කියන්න තියන දෙයක් මුනට කියනවා hallo fb post දදා විරයො නොවි.
එයට ප්‍රතිචාර දුන්න විශ්වගේ පිළිතුර පහතින්
සල්ලි වලට ඇග විකුනන 3rd class ගෑනු. අද බොහොමයක් නිලියො දිහා මිනිස්සු බලන්නෙ ගනිකාවො දිහා බලනව වගෙ. ඒකට හේතුව තමයි මේ වගේ නූගත් ගෑනු. මුන්ව මේ කලාවෙන් එලියට ඇදල දාන්න ඕන. එදාට තමයි කලාවට හරියන්නෙ


-

දරුවා පල්ලියේ දමා පලා යෑමට පෙර මතුවුන පිය සෙනෙහස…CCTV කැමරා විඩියෝව මෙන්න..
දින 5ක් වයසැති බිළිදෙකු කිතුනු දේවස්ථානයක දමා ගිය යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචි ප්‍රදේශයේදීයි.
අදාළ මව්පිය යුවළට දාව මෙම දරුවා ඔවුන්ගේ සිව්වැනි දරුවා ද වනවා.
රජයේ රෝහලක දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව මෙම යුවළ කිතුනු දේවස්ථානයක දරුවා තබා යෑමට යනවා.
දරුවා දේවස්ථානයේ බිම තැබීමට පෙර පියා දරුවාගේ නළල සිප ගෙන තිබෙනවා.
මෙම සියලු සිදුවීම් CCTV කැමරාවේ සටහන් වී තිබෙනවා.
පසුගිය 02වනදා රාත්‍රී 8.30ට පමණ මෙය දුටු දේවස්ථානයේ සාමාජිකයින් පොලීසියට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම තොරතුරු අනුව මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

නැහැ. මට කිසිම පසුතැවීමක් නැහැ. මේ මගේ ජිවිතේ හැටි. උමාලි තිලකරත්න මාධ්‍යයට කියන කතාව මෙන්න..
මෙවර පැවැති දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේදී උමාලි තිලකරත්න දෙවතාවක් අගැයීමට ලක්‌වෙනවා. මේ නිසාම කාලයක් නිහඬව හිටපු උමාලිගේ හඬ අවදි කරන්න අපි අදහස් කළා.
උමාලිට දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය මෙවර හිමිවුණා. මොකද හිතෙන්නේ ?

සින මා ක්‍ෂේත්‍රයේ මට සම්මානයක් ලැබුණ පළමු අවස්‌ථාව තමයි මේක. ඒක ජනතාවගේ සම්මානයක්‌වීම සුවිශේෂයි. මෙච්චර කාලයකට මට ජූරියකින් සම්මාන හිමිවෙලා තිබුණාට ජනතාව විසින් ලබාදෙන සම්මානයක් හිමිවුණේ පළමු වතාවට.
ඒත් එක්‌කම ඔබට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබෙනවා නේද?
ඒක විශේෂ වෙන්නේ ආකාර දෙකක සම්මාන දෙකක් හින්දා. ජූරියේ ඇහින් දැකලා ඔවුන්ගේ ඇගයීමට ලක්‌වෙන්න තරම් මම භාග්‍යවන්ත වුණා. හැබැයි ඒ සම්මාන දෙක ගැන පොඩි දෙයක් කියන්න ඕනෑ.
ඒ මොකක්‌ද?
සම්මානයකට අපි රංගනයෙන් දායකවෙනකොට අපිට තනියෙන් රංගනය කියන කාර්ය සම්පූර්ණ කරන්න බැහැ. ඊට සියලුදෙනාගේ සහයෝගය ලැබිය යුතුයි. ඉතිං මට ඒ වෙනුවෙන් සියලුදෙනාගෙන්ම සහයෝගය ලැබෙනවා.
එකම සම්මාන උළෙලේ දෙවතාවක් ඇගයීමට ලක්‌වීම ගැන සතුටුද?
ඔව්. ජනප්‍රිය තලයේ සම්මානයක් සහ දක්‍ෂතාවයට හිමි සම්මානයක් ලැබීම ගැන ආපහු හැරී බැලුවොත් රංගන කටයුතුවලදී මට ලැබුණ අවස්‌ථාවන් ගැන මම සතුටුවෙනවා.
සම්මානය ලබාගෙන ඔබ කළ ප්‍රකාශය ගැන ගොඩක් දෙනෙක් කතාබහවෙනවා ?
සම්මාන උළෙලට සහභාගිවුණේ සම්මාන බලාගෙන නෙමෙයි. ඒ වෙලාවේ මට අවංකව දැනුන දෙයක් තමයි මට පුළුවන් විදිහට සභාවක් ඉදිරියේ ඉදිරිපත් කළේ. ඒ ගැන මිනිස්‌සු කොයිවිදිහට කතාවෙනවාද කියන්න මම දන්නේ නැහැ. මට හැඟුණ දේ ඒ අවස්‌ථාවේ අවංකව ඉදිරිපත් කළා කියලයි මට හිතෙන්නේ.
පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ නේද?
අවුරුදු එකහමාරක වගේ කාලයක් මම ලංකාවේ රැඳුණේ නැහැ. ඒ වුණාට මම දායකවුණ නිර්මාණ එළිදැක්‌වුණා. ඒවා නරඹලා මිනිස්‌සු මගේ රංගනය විඳලා තිබුණ හින්දා වෙන්න ඕනෑ මේ සම්මාන මට හිමිවුණේ.
මෑත කාලයේ ඔබ හරි නිහඬ චරිතයක්. ඇයි ඒ ?සමාජය මාව දන්නේ රංගන ශිල්පිණියක් හෝ කලා ශිල්පිණියක් විදිහටනේ. ඉතිං මෑත කාලයේ කියන්නේ මේ අවුරුද්දේ අලුත් නිර්මාණවලට නම් සහභාගි වුණේ නැහැ. ගිය අවුරුද්ද පුරාවටම සම්මාන උළෙලවල සහ චිත්‍රපට හරහා මාව දකින්න ලැබුණා. ඊට අමතරව මට කාලය ඕනෑවුණා මගේ පියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන්. රඟපෑම හරහා මම නිහඬ නෑ.
පසුගිය දවස්‌වල වැඩිපුර නිර්මාණවලට දායකවුණේ නැහැ නේද?
නැහැ.
ආරාධනා ලැබුණේ නැතිද?
ආරාධනා ලැබුණා. ඒවා සාකච්ඡා මට්‌ටමේ තියෙන්නේ. අනික මම ගිය වසරේ ව්‍යාපාර කටයුතු පිළිබඳ වැඩිදුර හැදෑරීමට විදෙස්‌ගතවෙලයි හිටියේ.
නිළියක් විදිහට සාර්ථකයි කියලා හිතනවාද?
මම රංගනයට එන්නේ අහම්බයෙන්. එතැනදී මට තේරෙනවා මේ වෘත්තියට සාධාරණයක් කරන්න ඕනෑ නම් ඒ ගැන පැහැදිලි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් හැදෑරීමක් කළ යුතුයි කියලත්. ඒ හින්දා තමයි ජපානයේ අවුරුදු හතරහමාරක කාලයක් ගත කරලා ඒ පිළිබඳව වැඩිදුර හැදෑරීමක් සිදුකරන්නේ. ඒවායේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.
උමාලි ඇයි මේ මාධ්‍ය ඉදිරියට වැඩිපුර එන්නේ නැත්තේ ?
මාධ්‍ය ඉස්‌සරහට නෙමෙයි රංගන ශිල්පිණියක් විදිහට කැමරාවට ඉදිරියට තමයි යන්නේ.
ගෙවී ගිය කාලය ගැන ආපහු හැරී බැලුවොත් ?
ගෙවෙන හැම මොහොතක් ගැනම සතුටින් හිතන්න ඕනෑ. ජීවිතය කියන්නේ වටිනා දෙයක්. මොහොතින් ඉපදීලා මොහොතකින් නැතිවෙන දෙයක්.
ඒ ධර්මතාවය දකිමින් ජීවත්වෙද්දී ගෙවිච්ච දශක තුනක කාලයේ මම මුහුණ දුන්න අත්දැකීම් ජීවිතය කියන්නේ මොකක්‌ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න හැම අත්දැකීමක්‌ම පිටිවහලක් වුණා. ශක්‌තියක් වුණා. හැමදෙයක් ගැනම මම හිතන්නේ හරිම උපේක්‍ෂාවෙන් සහ සතුටකින්.
ජීවිතයේ පසුතැවීම් තියෙනවාද?
නැහැ. කිසිම පසුතැවීමක් නැහැ.
නිහඬවීම නිසා නිර්මාණ අඩුවෙන් ලැබෙන්නේ. ඒක අපරාධයක් නේද?
මම කොහොමත් හැමදාම පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. කැමරාවක් ඉදිරියට මාව මුලින්ම තෝරාගන්නේ උදයකාන්ත මහත්මයා. මේ අතරතුර විවේක කාල ඕනෑතරම් තිබුණා. නිහඬයි කියන්නේ මාධ්‍ය ඉදිරියට එන්නේ නැති නිසා වෙන්න ඇති.




-

මම රගපෑම නතර කළත්, එයා දිගටම මාව අල්ලගෙන සිප ගත්තා. ළගදි බැදපු උපේක්ෂා(පබා) සියල්ල හෙලිකරයි..
මේක කවුරුත් නොදන්නා රහසක්, හැබැයි මේ රහස කවදා හරි හෙළි කරන්න ඕනෑ කියලා මගේ හිත කිව්වා. “රිද්ම” කාටවත් නොකී රහසක් තුළින් මේ ගැන හෙළි කරන්න ලැබුණු එකත් මට ලැබුණු වාසනාවක් කියලා හිතෙනවා.
මෙන්න මේකයි රහස මටම ආවේණික වචන කීපයක් තුළින් මම මගේ හැගීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ ගැන මම තවත් ටිකක් පැහැදිලි කරන්නම්. “බුදු අම්මෝ” “මගේ දෙයියෝ” “බුදු සන්තෝ” වගේ වචන අපි කොයි කවුරුත් පාවිච්චි කරනවනේ.
අවස්ථා යෙදෙන හැටියට තමයි එක් එක් අය ඒ වචන පාවිච්චි කරන්නේ. මමත් මේ වචන පාවිච්චි කරනවා. හැබැයි ඒක අනිත් අයට වඩා ගොඩාක් වෙනස් ඒ කියන්නේ මගේ කේන්තිය පිට කරන උපරිම අවස්ථාවකදී තමයි මම මේ වචන පාවිච්චි කරන්නේ.
ඕනැම කෙනෙකුට තමන් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම මුලින්ම ඒ ගැන සුහදව සාකච්ජා කරනවානේ. ඒ විදියට ප්‍රශ්නය විසදා ගන්න බැරි නම් නේ සැරෙන් අදහස් හුවමාරු
කරගන්නෙ. ඔය විදියට තදින් තරහ ගිය අවස්ථාවකදී උස් හඩින් අසභ්‍ය වචනත් යොදාගෙන “එකිනෙකා බැණ ගන්නා එකනේ කරන්නේ.” අන්න ඒ අවස්ථාවේදී තමයි මම අර මුලින් සදහන් කළ වචන පාවිච්චි කරන්නේ. කොටින්ම කියනවා නම් අසභය වචන නියෝජනය කරන්න මම යොදාගන්නේ “බුදු අම්මෝ” “බුදු දෙයියෝ” වගේ වචන, ඒ වචන වලින් කෙනෙක් මෙල්ල කරන්නේ කොහොමද කියලා පාඨක පිරිසට හිතෙන්න පුළුවන්. මම ඒ වචන ප්‍රකාශ කරන්නේත් කෝපය පිරුණු උස් හඩින්. ඒ හින්දමද දන්නේ නැහැ මගේ වචනවලට අනිත් පාර්ශ්වයත් නිශ්ශබ්ද වෙනවා.ඒ වගේ සිදුවීම් වලට මුහුණු පෑ අවස්ථා ඕනෑ තරම් මගේ ජීවිතයේ තියෙනවා. පෞද්ගලික ජීවිතයේදී වගේම, කලා ජීවිතයේදීත් ඔය වගේ අවස්ථාවලට මුහුණදීලා තියෙනවා. කලා ජීවිතයේදී දවසක හරි අපූරු සිදුවීමක් වුණා. එය සිදුවුණේ ටෙලි නාට්‍යයකද චිත්‍රපටයකද කියලා නම් කියන්න බැහැ. හැබැයි මේක සිදුවුණේ එක්තරා ප්‍රේම ජවනිකාවක් රූගත කරද්දී. සාමාන්‍යයෙන් ඒ වගේ අවස්ථාවල වැළද ගන්න සිප ගන්න පවා සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඒත් ඉතින් අධ්‍යක්ෂවරයා කට් කිව්වට පස්සේ ඉන් එහාට අපි කවුරුත් යන්නේ නැහැ. දැන් ඔන්න මේ නිර්මාණයෙත් අදාළ ප්‍රේම ජවනිකාව රූගත කෙරුණා. අදාළ නළුවා හා මම ඉතා සාර්ථකව ජවනිකාවට පෙනී සිටියා. අධ්‍යක්ෂකවරයා “කට්” කිව්ව හැටියේ මම රඟපෑම නතර කළා. ඒත් අදාළ නළුවාට ඒක අමතකයි. ඔහු දිගටම මාව අල්ලගෙන සිප ගන්නවා. ඒ වේලාවේ මට ටිකක් කේන්ති ගියා. “බුදු අම්මෝ මට නම් තවත් ලව් කරන්න බැරියෝ” කියලා මම මහා හයියෙන් කෑ ගැහුවා. එතකොට ඒ නළුවා වහාම මගේ මිදුනා. ඒ නළුවට වගේම එතැන හිටපු හැමෝටමත් ඒ වෙලාවේ මගේ වෙනස තේරුණා.
ඔය වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් ඉතින් මගේ මේ වචන මාලාව කෝපය පිට කරන වදන් පෙළක් කියලා දන්නේ නැහැනේ අනිත් අය. ඒ නිසා ඒ වචනවලින් නොනවතින අයත් ඉන්නවා. ඒ වෙලාවට ඉන් එහා වචන පවිච්චි කරන්න පවා සිදුවනවා. ඒවා අසභ්‍ය වචන වෙන්නත් බැරි නැහැ.
ඒ වගේ සිදුවීම් අතර ප්‍රබල එකක් තමයි මේ. එදත් මම එක්තරා නිර්මණයක රූගත කිරීම් වලට ගියා. එහි අධ්‍යක්ෂකවරයා මම ගරු කළ කෙනෙක්. ඒත් ඔහු අනවශ්‍ය විදියට මගේ සිරුර මතු කරන්න හදන බව මට වැටහුණා. සාරියක් ඇන්දත් බඩ පේන්න අදින්නමයි කියන්නේ. මට තේරුණා කතාවේ චරිතය අනුව එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. මේක හිතා මතා කරන දෙයක් බවත් මට තේරුණා. මේ කියන අධ්‍යක්ෂකවරයාට ඔය ගැන කීප වතාවක් හොදින් පැහැදිලි කරලා බැරි තැන මගේ සුපුරුදු වචන මාලාවට ආවා. “බුදු අම්මෝ බුදු දෙයියෝ මේ සීන් එකට මම මෙහෙම ඉන්න අවශ්‍ය නෑ…… මට ඒක බෑ” කියලා උස් හඩින් කියන්න පටන් ගත්තා. ඒත් ඔහු නවතින් පාටක් නෑ. එදත් මගේ සිරුර අනිසි විදියට මතු කරවන්න ඔහුට වුවමනා වුණා. පුරුදු වචන යොදලා මම ඊට විරුද්ධ වුණා.
“ඩෙනිම් ඇදලා ඔක්කොම එළියේ දාගෙන එන්න පුළුවන්. කැමරාව ඉස්සරහ කකුලක් පෙනෙන කොට තමයි මෙච්චර අමාරු….”
දර්ශන තලයේ හිටපු තිහප් හතළිහක් පමණ පිරිස ඉදිරියේ ඔහු කිව්වේ හැමෝටම ඇහෙන්නයි. ඒ වෙද්දී මගේ ඉවසීමේ සීමාවත් පැනලයි තිබුණේ. මමත් මහ හඩින් හොදම වචන කියලා ඔහුට උත්තර දුන්නා. හොද වෙලාවට ඔහු ඉංග්‍රීසි දන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ වෙලාවේ මම මහ හයියෙන් කෑ ගහලා සුද්ද සිංහල ටිකක් කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන්.





-

SLFPයට උප සභාපතිවරු 11ක් : ප්‍රතිසංවිධානය අරඹමින් ඊයේ සිදුවු තනතුරු වෙනස මෙන්න…
(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තනතුරු කිහිපයක වෙනස් කම් සිදුව තිබේ.
මෙම තනතුරු පත් කර ඇත්තේ තාවකාලික පත්වීම් ලෙසය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහලේකම්වරයා වශයෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික ජාතික සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පත් කර තිබෙන අතර ශ්‍රීලනිප තාවකාලික භාණ්ඩාගාරික වශයෙන් එස්. බී. දිසානායක මහතා පත් කර ඇත.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට හිටපු ජනපතිවරුන් හා හිටපු අගමැතිවරුන් පත්කර ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත්, හිටපු අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාත් නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට පත්කරගෙන ඇත.
පක්ෂයේ සභාපති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් කටයුතු කරනු ඇත.
මේ අතර පක්ෂයේ උප සභාපතිවරු ලෙස ඒ. එච්.එම්. ෆවුසි, සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණිද ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන අයත් නව උපලේකම්වරු ලෙස රංජිත් සියඹලාපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය අමාත්‍ය ලසිත් අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී ජයසේන යන අයත් පත් කර තිබේ.
තාවකාලික නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී රැස් වුණි.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරමින් තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනිමට පසුගිය 17 වනදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබිණි.
-

එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක රුසියාවේ තානාපතිධුරයට…
රාජපක්ෂ පාලන සමයේ රාජ්‍යතන්ත්‍රීක සේවයේ කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව සිදුකෙරෙන මෙම පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා දැනුවත් කර ඇතත් අගමැතිවරයා ගෙන් ඊට විරෝධයක් මතුවී නොමැති බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සිය සේවා කාලය නිමකර මෙරටට පැමිණීමෙන් පසු මාස කිහිපයක් ම එකී තනතුර පුරප්පාඩු වී තිබිණ.
ආචාර්ය දයාන් ජයතිලක මහතා එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ද කලක් කටයුතු කළ අයෙකි.
-

උපන් දිනය දා රජ වෙන්න හැදු චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඔබ නොදුටු දසුන් මෙන්න…(Exclusive)
රජ වෙන්න හැදු චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඔබ නොදුටු දසුන් මෙන්න…











-

ලංකාවේ මියුසික් වෙනස් කරන POP PUNK ඩබලගේ අලුත්ම Video එක “චම්පා”
මතකද මීට මාසෙකෙට විතර කලින් POP PUNK කියල කොල්ලො දෙන්නෙක් අපි හැමෝම දන්න වස්තිලත් එක්ක එකතු වෙලා අමුතු වීඩියෝ එකක් කරා “හෙල්මට්ස්” කියල.ඒකෙ දෙවෙනි කොටසත් රිලීස් කරල නිසා සුපිරි ගොසිප් අපි ඔබ වෙනුවෙන් මේ POP PUNK ඩබලට කතා කරන්න හිතුව.
ඔවුන්ගේ පලවෙනි ඉල්ලීම තමයි දැනට ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා කියන එක. මොකද ඒකත් අමුතු විදිහකට ඉදිරියේදී වෙන්න තියෙනව කියලයි මේ දෙන්න කිව්වෙ. ඒ නිසා කවුද මේ දෙන්න , මොකක්ද මේ දෙන්න එකතු වෙලා කරන්න හදන්නෙ කියන එක ගැන කියන්න විදිහක් නෑ… දැනට මේ දෙන්නව Jeramy සහ Tolamy කියල දැනගමු.
ගියපාර මේ ගොල්ලො එළියට දාපු හෙල්මට්ස් කියන වීඩියෝ එක බලපු ඔයාලට මතක ඇති මේ දෙන්නට වස්තිල නියම කරනව අමුතුම තාලෙ හෙල්මට් දෙකක් දාන්න.ඒ හෙල්මට් දෙකත් දාගෙන මේ දෙන්න වස්තිලගෙ භාරයෙන් එළියට එන තැනින් ඒ වීඩියෝව ඉවරයි.ඒ වීඩියෝ එකට You Tube එකෙයි POP PUNK ෆෑන් පේජ් එකෙයි විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිල තිබුණ.ගොඩක් අය අනාවැකි පල කරල තිබුණ මේ දෙන්න ලංකාවෙ MUsic Video ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරයි කියල.ඒක ඇත්ත කියල තේරෙන්නෙ මාසයක් විතර නොකර සද්ද ඉඳල පොප් පන්ක් සහා මයිකල් ජැක්සන්ගේ මෙඩලය (හෙල්මට් විප්ලවයේ දෙවන කොටස) විදිහට “චම්පා” කියන Music Video එක රිලීස් කරද්දි.
Agent Calgera කියන ඒජන්ත වරිය මේ POP Punk ඩබලට Meddle එකක් දෙන සිදුවීමකින් තමයි මේ වීඩියෝව පටං ගන්නෙ.Agent Calgera කියන්නෙ ලොකප්‍රසිද්ධ Pop King කියල හඳුන්වන Michel Jacksonගෙ ඒජන්ත වරියක්. Michel Jackson මියයෑමට පෙර මේ Agent Calgera ට පවරපු රාජකාරියක් තමයි මේ මෙඩ්ල් එක පොප් පන්ක් ඩබලට දෙන එක.මේ මෙඩල් එක ගෙනත් දුන්නට ස්තූතිය පලකිරීමක් විදිහට පොප් පන්ක් ඩබල මේ එජන්ත වරියට දෙනව ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන ” චම්පා ” CD එක.ඔන්න ඔහෙමයි පටං ගන්නෙ ඉතුරු ටික ඔයාලම බලන්න අපි කිව්වොත් එකේ රසය අඩු වෙන නිසා…….
මේ සිංදුවේ melody එක සහ Music composition කරලා තියෙන්නේ පොප් පන්ක් ඩබලම තමයි.වචන ලියලා තියෙන්නේ පොප් පන්ක් , අනුශ්ක උදාන සහ රුවිනි තල්පාවිල.Video concept එකත් පොප් පන්ක් ලගෙ අදහසක් .වීඩියෝ එක Direct & edit කරලා තියෙන්නේ ලක්ශාන් එදිරිසිංහ කියන තරුණ දක්ශ නිර්මාණ කරුවා.
මේ දවස් වල අපේ රටේ ඔය සෑහෙන ජනප්‍රියය කියල හිතං ඉන්න ගොඩක් තිර්මාණ කරුවො තමන්ගෙ නිර්මාණ හිට් කර ගන්නයි වීව්ස් හිඟාකන්නයි ඒව අස්සට හෙළුව ඔබද්දි එහෙම නැතිව ලංකාවේ Music අමුතුම තාලෙකට වෙනස් කරන්න හදන POP PUNK දෙපලට සුපිරි ගොසිප් අපේ ආචාරය!!!!!!
වීඩියෝව නැරඹීමට පහත link එක click කරන්න,
https://www.youtube.com/watch?v=RkCOz4ArPy0&feature=youtu.be
-

පොට්ටු අම්මාන්ගේ කේබල් නාලිකාව නිසා ජාතික ආරක්ෂාව අනතුරේ.. දුෂිත TRC නිලධාරින් මුදලට විකිණිලා…
උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක් රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන යාපනයේ තරු හෝටලයක හිමිකාරිත්වය දරණ මෙම කූට ව්‍යාපාරිකයා ඉතාම වංචනීක ව්‍යාපාර රැසක් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවද අනාවරණය වි තිබේන නමුත් ඔහු උතුරේ පොලිස් ප්‍රධානින්ට සහ විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRC ලොක්කන් සදහා කප්පම් ලබාදිම හේතුවෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවද වාර්තා වේ.මෙම විකාශන ආයතනය විසින් විසුරුවා හරින කේබල් රූපවාහිනි නාලිකාව නරඹන පිරිස දෙලක්‍ෂ පනස් දහසකට ආසන්න වන අතර අදාළ ආයතනය ඒ සඳහා රජයට විශාල බදු මුදලක් ගෙවිය යුතුය.
එහෙත් වංචනික ලෙස සංඛ්‍යා ලේඛන සකසමින් තම පාරිභෝගික පිරිස දහසකට නොවැඩි බව පවසමින් බරපතල බදු වංචාවක් සිදු කරමින් යන අදාළ ආයතනය නීත්‍යනුකූල නොවන අයුරින් විදුලි සංදේශ උපකරණ ආනයනය කොට ක්‍රියාත්මක කිරීම නිසි අවසරයකින් තොරව විකාශන මධ්‍යස්‌ථාන (ශාඛා) පිහිටුවීම ආදී අකටයුතුකම් රාශියක්‌ද දිගින් දිගටම සිදු කරමින් ඇත.
එසේම මෙම නිතිවිරෝධි ආකාරයෙ කේබල් රූපවාහිනි ව්‍යාපාරයක් යාපනය දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන බවත් එය නමින් US කේබල් නම් වන බවත් අපට වාර්තා වුණා. ඔහු මේ වෙනුවෙන් අදාළ බලපත්‍ර TRC යෙන් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගෙන නොමැති බවත් මේ වනවිට අනාවරනය වි අවසන්.
දුෂ්ෂ්‍යන්දන් මෙම නීතිවිරෝධි කේබල් ව්‍යාපාරය පසුගිය රජය සමයේ සිට පවත්වා ගෙන යන අතර ගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ද ඒ සහය ලබාදි තිබේ.
TRCය පසුගියදා හදිසී මෙහෙයුමක් උතුරේ කේබල් ටිවි සම්බන්ධයෙන් සිදුකර ඇති අතර එම හදිසි මෙහෙයුමෙන් පසුව ඔවුන් එහි අයිතිකරුට එරෙහිව යාපනය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
අධිකරණය තුලදි හිමිකරුගේ නීතිඥවරුන්ගේ විරෝධතා හමුවේ TRC හි නිලධාරින් මුනිවත රැකීම පිළිබඳව විශාල සැකයක් එල්ල වන්නේ දැනටම මෙම නීති විරෝධි කේබල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය උදව් ලබා දීම වෙනුවෙන් TRC නිලධාරින් විශාල කප්පම් මුදලක් මාස් පතා ලබා ගන්න නිසා බවයි තහවුරු වි ඇත්තේ.
මෙරට කේබල් රූපවාහිනි විකාශන මධ්‍යස්‌ථානයක් ඇරඹීමේදී අනුගමනය කළ යුතු නිති රීති පද්ධතියක් පවතී. ඒ අනුව කේබල් රූපවාහිනි සේවාවක් ආරම්භ කිරීම පිණිස එම ව්‍යාපාරය පළමුව සමාගම් මැඳුරේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කළ යුතුව ඇත.
ඉන් අනතුරුව 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථා පනතේ 31 වන වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා විසින් 2010/09/03 වන දින නිකුත් කරන ලද අංක 1669/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව බලපත්‍රයක් ලබා ගත යුතුය.
එම ක්‍රියා පටිපාටිය එතෙකින් නතර වන්නේ නැත. අදාළ බලපත්‍රය ලබා ගැනිමට පෙර ආපසු නොගෙවන පදනම මත රුපියල් 100,000/- ක මුදලක් අයදුම්කරු විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවීම් කළ යුතු අතර ඉන් අනතුරුව අදාළ අවසර පත්‍රය ලබා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සන ඊට ඇතුළත් කළ යුතුය.
ඉන් අනතුරුව අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර 1991 අංක 25 දරන එම කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව 2006 මාර්තු මස 10 වන දිනැති අංක 1435/20 දරන ගැසට් නිවේදනයට අනුව බලපත්‍රය ලබාගත යුතු අතර අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබිය යුතුය.
මෙම බලපත්‍රය ලබා ගන්නා තැනැත්තා විසින් රුපියල් 5,000,000/- ක මුදලක්‌ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇත.
කේබල් මගින් රූපවාහිනි නාලිකා විකාශනය කරනු ලබන ආයතන ඉහත සඳහන් නියමයන් හා කොන්දේසි අනුගමනය කරමින් තම සේවාව පාරිභෝගිකයා වෙත සැපයිය යුතු අතර මෙරට තුළ දැනට ඇත්තේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක කේබල් රූපවාහිනි නාලිකා සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයක්‌ය.