Blog

  • මට එක‍ෙක්වත් විශ්වාස නෑ.. ඔයා ඉල්ලන්න.. මහින්දග‍ේ පොල් ලෙල්ල ජී.ඇල් ජනපතිවරණයට…

    මට එක‍ෙක්වත් විශ්වාස නෑ.. ඔයා ඉල්ලන්න.. මහින්දග‍ේ පොල් ලෙල්ල ජී.ඇල් ජනපතිවරණයට…

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නම් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයකට එළඹ ඇතැයි අපට වාර්තා වන අතර ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සහෝදරයින් අතර පවතින ‘සිතල යුද්ධය’ කෙරෙහි අවධානය යොමුකරමින් මෙවැනි තීරණයකට එළඹ ඇතැයි පැවසේ.

    ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා ‘වියත් මඟ’ සංවිධානය විසින් ද හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පැරණි වමේ නායකයින් විසින් ද හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් විසින් ද මේවනවිට වෙන වෙනම ප්‍රචාරක මෙහෙයුම් දියත්කර ඇත.

     

    NamalRajapaksha 670px 16 08 17.

    මේ අතර ප්‍රවීණ දේශපාලන විචාරකයකු පවසන්නේ, රාජපක්ෂ පවුලේ අවසාන තීන්දු ගැනෙන්නේ මහින්ද රාජපක්ෂගේ අභිමතය අනුව පමණක් බවයි.

     ඒ අභිමතය අනුව නාමල්ගේ සුදුසුකම් මෝරා සම්පූර්ණ වන තෙක් මහින්දම දේශපාලනය කළ යුතු බව රාජපක්ෂ පවුලේ සමිපතමයකුව සිටි කුසල් පෙරේරා මහතාගේ අදහසයි.

    බන්ඩාරණායක පවුල ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුවගේ කකුලෙන් ඇද්දාක් මෙන් තමන්ගේ පවුලේ වෙනත් කෙනෙකුගේ කකුලෙන් අදින්නට අපේක්ෂකයෙකු නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ඔහු පෙන්වාදෙයි.

  • ජනපති ම‍ොනව කිවුවත් කට වහග‍ෙන ඉන්න.. ජනපතිග‍ේ වාග් ප්‍රහාර වලට එජාපය මුනිවත රකියි..

    ජනපති ම‍ොනව කිවුවත් කට වහග‍ෙන ඉන්න.. ජනපතිග‍ේ වාග් ප්‍රහාර වලට එජාපය මුනිවත රකියි..

    පසුගියදා සෝභිත හිමි ගුණ සමරු උත්සවයකදී අගමැති රනිල් ඉලක්ක කර ජනපති මෛත්‍රිපාල සිරිසේන සිදු 
    කළ ප්‍රබල කතාවට පිළිතුරු දීමෙන් වැළකී සිටින ලෙස අගමැති රනිල් යලිත් අවධාරණය‍ෙන් දන්වා තිබේ.

    මෙම කතාවේ ගැටලු ඇති බවත් ඒ ගැන පැහැදිලි කිරිම යුතුකමක් බවත් තරුණ එජාප නායකයින් පෙන්වා දුන් අවස්ථාවේ අගමැතිවරයා පවසා ඇත්තේ මෙම ප්‍රකාශ වලට පිළිතුරු දීමට කිසිවෙකුට අවශ්‍ය නැති බවයි.

    පාඩුවේ තමන්ගේ වැඩ කටයුතු කරගෙනයාම බව පෙන්වාදුන් රනිල් එම ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල වියයුතු නැති බව දන්වා ඇත.

  • පළමු ලිංගික අත්දැකීමට කලින් ක‍ොල්ල‍ොන්ට හ‍ොර‍ෙන් කෙල්ලෝ කරන දේ ම‍ෙන්න..

    පළමු ලිංගික අත්දැකීමට කලින් ක‍ොල්ල‍ොන්ට හ‍ොර‍ෙන් කෙල්ලෝ කරන දේ ම‍ෙන්න..

    හැම කෙල්ලෙක්ම කරන මේ දේ ඇහුවොත් කොල්ලෝ පුදුම වෙයි.

    වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව නැරඹීම සදහා පහතින් ඇති වීඩියෝ ව ප්ලේ කර පස්වන තත්පරය තෙක් රැදීසිටින්න.

  • සමල්කා විදියට බයික් එකට නගින්න ගියපු දෙව්මිට කැමරාව ඉදිරියේ වෙච්ච දේ මෙන්න..

    සමල්කා විදියට බයික් එකට නගින්න ගියපු දෙව්මිට කැමරාව ඉදිරියේ වෙච්ච දේ මෙන්න..

    අද දෙවෙනි ඉනිමේ සමල්කා විදියට බයික් එකට නගින්න ගියපු දෙව්මිට කැමරාව ඉදිරියේ වෙච්ච දේ මෙන්න..

  • අන්තර්ජාලයම කැළඹු තරුණියක්ව වරදට පොළඹවා ගන්න හැදූ සිද්ධිය‌ේ විඩිය‌ෝව ම‌ෙන්න…

    අන්තර්ජාලයම කැළඹු තරුණියක්ව වරදට පොළඹවා ගන්න හැදූ සිද්ධිය‌ේ විඩිය‌ෝව ම‌ෙන්න…

    ඉන්දියාවේ චිත්‍රපටයකට පෙනී සිටින්න තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වනවා.

    එලෙස චිත්‍රපටයකට පෙනී සිටීමේ ආශාවෙන් සිටින තරුණියක් චිත‍්‍රපටයක සම්මුඛ පරීක්ෂණයක් සදහා ඉදිරිපත් වනවා.

    සම්මුඛ පරීක්ෂණය මෙහෙයවීමට සිටින තරුණිය එම ස්ථානයට පැමිණෙන තරුණියක්ව කාමුකව වරදට පොළඹවා ගැනීමට උත්සාහ කරනවා.

    එම අවස්ථාවේදී සිදුවන දේ වීඩියෝවෙන් බලන්න..

  • තම දුක ලියා අගමැති‌ග‌ේ අතටම දුන් ලිපි ක්‍රිඩාංගණයකින් හමුවීම‌ෙන් පසු කිළිනොච්චිය උණුසුම්…

    තම දුක ලියා අගමැති‌ග‌ේ අතටම දුන් ලිපි ක්‍රිඩාංගණයකින් හමුවීම‌ෙන් පසු කිළිනොච්චිය උණුසුම්…

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 දා කිළිනොච්චියට පැමිණි අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විවිධ ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයාට භාරදුන් ලිපි විශාල ප්‍රමාණයක්‌ නගරයේ ක්‍රීඩාංගණයක තිබී ප්‍රදේශවාසීන්ටම හමු වී තිබේ.

    මේ ලිපි අතර කිළිනොච්චියේ පොදු අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ලියන ලද ලිපි මෙන්ම රැකියා ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට භාර දුන් ලිපිද වෙයි.

    මෙම ලිපි අහුලාගත් විශාල පිරිසක්‌ එම ලිපි නැවතත් කිළිනොච්චියේ ප්‍රාදේශීය දේශපාලනඥයින් වෙත භාර දී ඇත්ත‌ේ හ‌ොදහැටි ජාතිය ඇමතීම‌ෙන් පසුව බවද අපට වාර්තා ‌ව‌ෙයි.

  • Office Boy ගම්මා ජනපති ගැන න‌ෙම‌ෙයි උඹ සුද්දග‌ෙන් මංක‌ොල්ලා කාපු සල්ලි ගැන කථා කරමුද?

    Office Boy ගම්මා ජනපති ගැන න‌ෙම‌ෙයි උඹ සුද්දග‌ෙන් මංක‌ොල්ලා කාපු සල්ලි ගැන කථා කරමුද?

    ජනපතිවරයා විසින් ඊය‌ේ කරන ලද ප්‍රකාශයට ජන පදනමක් නැති ත්‍රිවිල් පක්ෂයක් වන පිවිතුරු ‌හ‌ෙළ උරුමය‌ේ නායකයා යැයි කියාගන්නා වාචාල උදය ගම්මන්පිල පිළිතුරු ද‌ෙන්නට යාම හුද‌ෙක් විහිළුවක් පමණක් බව අප සමග අදහස් දැක්වු කන්ද උඩරට ශ්‍රිලනිප ප්‍රබලය‌ෙක් පැවසීය..

    ගම්මන්පිල කියන්න‌ේ තමන්ග‌ේ ගෑණිට බය‌ේ පක්ෂ‌ේ මාරු කරපු එකා බව රටම දන්නවා. ඒ්වා ප්‍රසිද්ධ රහස්. අනික ගම්මන්පිල කියන්න‌ේ ම‌ොන කබ්බ‌ෙක්ද? එයා කවුද රටක ජනාධිපතිවරය‌ෙක්ට පිළිතුරු ද‌ෙන්න.. ඇගිල්ල‌ේ තරමට ඉදිම‌ෙන්න ගම්මන්පිල කියන හුජ්ජා ක‌ොල්ලා දැනගන්න අවශ්‍ය බවද අප සමග අදහස් දැක්වු මහනුවර ප්‍රද‌ේශයට නෑකම් කියනා ශ්‍රිලනිප ප්‍රබලයා වැඩිදුරටත් පැවසීය.

    ගම්මන්පිලට දැන් තිය‌ෙන්න‌ේ ජනපති කියපු ද‌ේ ගැන හ‌ොයන ඒක පැත්තකින් තියලා අර ඔෆිස් ක‌ොල්ලා හැටියට ඉදලා සුද්දග‌ෙන් මංක‌ොල්ලා කාපු සල්ලි ටිකට ම‌ොකද උන‌ේ කියලා සමාජයට කියන ඒක බවද ශ්‍රිලනිප ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

    සුදු පිරුවට ඇදි ගම්මන්පිලග‌ේ ජංගිය පවා ගැලවු සුද්දිය කියපු කතාව…

     

  • බුද්ධික පතිරණද ඇතුළුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද පත්කළ අලුත් මුහුණු මෙන්න…

    බුද්ධික පතිරණද ඇතුළුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද පත්කළ අලුත් මුහුණු මෙන්න…

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් අද (31) පත්කරනු ලැබුවා. 

    එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වු අවස්ථාවේදී මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා.

    මාතර – බුද්ධික පතිරණ, මහනුවර – ලකී ජයවර්ධන, කෑගල්ල – තුසිතා විජේමාන්න, පොළොන්නරුව- සිඩ්නි ජයරත්න, රත්නපුර – ඒ.ඒ විජේතුංග සහ දුනේෂ් ගන්කන්ද, ගම්පහ -අජිත් මානප්පෙරුම දිස්ත්‍රික් මට්ටමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කෙරුණු අතර දේශපාලන මණ්ඩල සභිකයකු වන නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කෙරුණා.

  • බොරු පතුරන කැලෑ පත්තර වැනි සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරනවා! ජනපති ම‌ෛත්‍රි කියයි

    බොරු පතුරන කැලෑ පත්තර වැනි සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරනවා! ජනපති ම‌ෛත්‍රි කියයි

    අසත්‍ය පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. ඒ වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරිමෙන් පසු පැවති උත්සවයේදීය.

    රට තුළ මතු වී එන පතාල කණ්ඩයම් මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයිද පොලිස්පතිට උපදෙස් දුන් බව ඔහු මෙහිදී පැවසුවා.

    අධිකරණ අමාත්‍යාංශය මගින් අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 275 ක වියදමින් වත්තල නව අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙනවා.

    ඇමතිනි තලතා අතුකෝරළ, අමාත්‍ය ජොන් අමරතුංග, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, නීතිපති ජයන්ත ජයසූරිය ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවිණයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

     

  • ගෝඨාභය හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ඉදිකරවාගත් කතරගම සුපිරි මන්දිරය විඩිය‌ෝව මෙන්න..

    ගෝඨාභය හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ඉදිකරවාගත් කතරගම සුපිරි මන්දිරය විඩිය‌ෝව මෙන්න..

    අප මේ කියන්නට යන්නේ රාජපක්ෂලා විසින් අනීතික ලෙස හෝ මහජන මුදල් භාවිතා කර හෝ දේශපාලන බලය භාවිතා කර හෝ අත්පත් කරගත් දේපල සමූහයට අයත් තවත් එක් සුපිරි නිවසක් සම්බන්ධයෙනි.

    මෙහි සඳහන් ජල බිල්පතේ ලිපිනය ලෙස දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, වනරාජ පෙදෙස, ඩිපෝව පාර, කතරගම ලෙසයි. අප දන්නා එකම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂයි. ඒ අනුව මෙම බිල්පතට අදාල නිවස ඔහුගේ බවට සැකයක් නොමැත.

    අදාල නිවස පිහිටා ඇත්තේ කතරගම යුද හමුදා සර්කිට් බංගලාවට අල්ලපු ඉඩමේය. අපවෙත වාර්තා වන පරිදි මෙම සුපිරි නිවස ඉදිරිකර ඇත්තේ යුද හමුදා සෙබළුන්ගේ ශ්‍රමය භාවිතා කරමිනි.
    හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල රාජ්‍ය අංශයේ සිදුවන දූෂණය, වංචාව, නාස්තිය අවම කරගන්නේ කෙසේද ඒ හරහා ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මහා දේශන පවත්වමින් රටපුරා යයි. අපට අසන්නට ඇත්තේ ගෝඨාභගේ මොළයට එන මේ රත්තරං අදහස් එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී නොආවේ මන්දැ’යි කියාය. එසේ වූවා නම් මේ වනවිට ලංකාව සුරපුරයක් වනු ඇත. එදා රාජපක්ෂලා දූෂණ-වංචා හරහා උපයා ගත් මුදල් අනුව එම දූෂණ-වංචා සිදු නොවූවා නම් සුරපුරයක් වනවා නො අනුමානය.
    අද දූෂණ විරෝධියෙකු වී සිටින ගෝඨාභයලා හමුදා නිළධාරීන් සහ සෙබළුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගත් අතර මෙම සුපිරි මන්දිරය එයට හොඳම සාක්ෂියකි. එසේ නැතහොත් යුද හමුදාව රජයට අයත් නොවන්නේදැ’යි දූෂණ විරෝධී ගෝඨාභය දැන් රටට හමුවේ පැහැදිලි කළ යුතුය.
    ගෝඨාභය රාජපක්ෂ වියත් මග ගොඩනගාගෙන ඇත්තේ වියතේ දුර පිළිබඳව සැලකිල්ලට ගෙන වියයුතුය. ඕනෑම බොරුවක් දෙසා බා ජනතාව රවටා තමන්ගේ දූෂණ-වංචා, අපරාධ සඟවා ගතහැකි යැයි රාජපක්ෂලා සිතා සිටින්නේ එබැවිනි.
    නන්දසේන මහතාණෙනි, මෙවැනි තවත් මන්දිර තිබේ නම් අපි රටට කියන්න කලින් ඒ පිළිබඳව අනාවරණය කරන්න…
    gota 9
    gota 4

     

  • ද‌ෙහිවලදී පාතාලය‌ෙන් ව‌ෙඩි කා මියගිය නාගරික මන්ත්‍රි ඝාතනයේ හෙළි නොවූ කතාව මෙන්න…

    ද‌ෙහිවලදී පාතාලය‌ෙන් ව‌ෙඩි කා මියගිය නාගරික මන්ත්‍රි ඝාතනයේ හෙළි නොවූ කතාව මෙන්න…

    දෙහිවල ගල්කිස්‌ස මහනගර සභාවේ පොහොට්‌ටුවේ මන්ත්‍රී වූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ කණ්ඩායමේ ධනංජය ද සිල්වාගේ පියා රංජන් ද සිල්වා ඝාතනය පාතාල වැඩක් බවට මේ වනවිට කරුණු හෙළිදරව්වී තිබේ.

    සිද්ධිය වූ දිනයේ ධනංජය දහවල් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ පැවැති රැස්‌වීමකට සහභාගි වීමට ගොස්‌ සිටියේය. ධනංජය එදින රාත්‍රිය වනතුරුත් නිවසට පැමිණ සිටියේ නැත. ධනංජයගේ මව සහ සොහොයුරා ආගමික ස්‌ථානයක්‌ වෙත ගොස්‌ සිටියේ විදෙස්‌ගත වන තම සොහොයුරා වෙනුවෙන් බාරයක්‌ වීම සඳහා ය.

    රංජන් ද සිල්වා තම සමීපතමයන් දෙදෙනකු ද සමඟ නිවස ඉදිරිපිට තිබූ සිල්පර කොටයක්‌ මත වාඩි වී කිසියම් සාකච්ඡාවක නිරතව සිටියේය.

    ඒ වන විට ඝන අන්ධකාරය මුළු ප්‍රදේශයම ආක්‍රමණය කර තිබුණේය. නිවස ඉදිරිපිටින් මරහඬ දීගෙන ධාවනය වන දුම්රියේ හඬ හැරෙන්නට ප්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි.

    රංජන් ද සිල්වා තම සමීපතමයන් සමග සිටියේ වෙනම ලෝකයකය. අවට සිදුවෙමින් තිබෙන කිසිවක්‌ ගැන ඔවුන්ට නිනව්වක්‌ නැත. එහෙත් රංජන් ද සිල්වාගේ මාරයා ක්‍රියාත්මක වෙමින් තිබුණේය. ඒ වන විට මාරයා නිවස අසලටම පැමිණ සිටියේය.

    මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්‌කුකරුවන් කීපදෙනෙක්‌ දුම්රිය මාර්ගය හරහා රංජන් ද සිල්වා ගේ නිවස ආසන්නයට පැමිණ සිටියහ. නිවස ඉදිරිපිට පඳුරු සහිත ස්‌ථානයකි. පාතාල අළුගෝසුවෝ පඳුරු අතර සැඟවී තම ඉලක්‌කය සොයන්නට වූහ.

    ගත වූයේ නිමේෂයකි. හෙණ ගෙඩි පුපුරන්නාක්‌ මෙන් පිට වූ ටී. 56 ගිනි අවි උණ්‌ඩ රංජන් ද සිල්වාගේ සිරුර විනිවිද ගියේය. ඔහු අසල සිටි සමීපතමයන් දෙදෙනාද වෙඩි ප්‍රහාරයට ලක්‌වූහ.

    රංජන් ද සිල්වා මාරයා සමඟ පොර බදන්නට වුණේය. නාඳුනන තුවක්‌කුකරුවන්ගෙන් බේරී දිව යන්නට ඔහු උත්සාහ කළේය. එහෙත් ඒ වන විට වෙඩි උණ්‌ඩ එකක්‌ දෙකක්‌ නොව 13 ක්‌ ම ඔහුගේ සිරුර විනිවිද ගොස්‌ තිබුණේය.

    රංජන් ද සිල්වා තම නිවස ඉදිරිපිට ගෙමිදුලේ සිමෙන්ති පොළොව මත ඇදවැටුණේ අවසන් හුස්‌ම පොද පිට කරමින්ය.

    තම ඉලක්‌කය නිවැරැදිව ලබා ගත් කුලී ඝාතකයෝ නිරුපද්‍රිතව මෝටර් රථයේ නැඟී පලා ගියහ. රංජන් ද සිල්වා ඝාතනය සඳහා පාතාල මැරයන් ටී. 56 සහ මිලි මීටර් 9 වර්ගයේ අවි දෙකක්‌ යොදා ගත්තද ක්‍රියාත්මකව තිබුණේ එක්‌ අවියක්‌ පමණි.

    තම පියා ඝාතනය කළ පුවත සැළවීමෙන් ධනංජය ද සිල්වා දැඩි කම්පනයට පත් වුණේය. 25 වැනිදා රාත්‍රියේ ඔහු බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා යෑමට සූදානමින් සිටියේය. තම පියාගේ අභාවය නිසා ක්‍රිකට්‌ සංචාරය අතහැර දැමීමට ධනංජයට සිදු විය.

    රංජන් ද සිල්වා ඝාතනයෙන් මුළු රටම ගිනි ගත්තේය. මේ සිදුවීම වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ ධනංජය ද සිල්වා නිසාය. ධනංජයගේ පියා ඝාතනය කිරීමේ පුවත මෙරට ක්‍රිකට්‌ ලෝලීන්ට ඒතරම් සුබවාදී ආරංචියක්‌ නොවීය. ශ්‍රී ලංකාවේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ මුල් පෙළේ පිතිකරුවකු වූ ධනංජය සිල්වාට බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අහිමි වීම ක්‍රිකට්‌ කණ්‌ඩායමට ද පිරිමැසිය නොහැකි වූ පාඩුවක්‌ විය.

    ඝාතනයට ලක්‌වන විට රංජන් ද සිල්වා දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්‌ටුව) පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වුණේය. රංජන් ද සිල්වා වර්තමානයේ නාගරික මන්ත්‍රීවරයකු වුවද ඔහුගේ අතීතය ඒ තරම් සුන්දර එකක්‌ නොවීය.

    රංජන් ද සිල්වාගේ උපන් ගම පිහිටියේ තිස්‌සමහාරාමයේ ය. ධීවර රැකියාවෙන් ජීවිකා වෘත්තිය ආරම්භ කළ ද රංජන් ද සිල්වා පසු කලෙක යුද හමුදාවට බැඳුණේය. වසර ගණනක්‌ යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත් වු රංජන් දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ රැකියාවක්‌ ලබා ගත්තේය.

    දීර්ඝ කාලයක්‌ තිස්‌සේ දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ සේවය කළ රංජන් ද සිල්වා මීට වසර කීපයකට උඩදී ඉන් විශ්‍රාම ගත්තේ වැඩ පරීක්‍ෂකවරයකු ලෙස සිය සේවය නිම කරමින් ය.

    නගර සභාවේ සේවය කළ ද රංජන් ද සිල්වා ධීවර රස්‌සාව අමතක කළේ නැත. විශාල ප්‍රමාණයේ බෝට්‌ටු යොදාගෙන මසුන් ඇල්ලීම ජයටම කරගෙන ගිය රංජන් ද සිල්වා ඉන් විශාල ධනයක්‌ උපයා ගත්තේය. දෙහිවල ගල්කිස්‌ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වූ අමල් සිල්වා රංජන්ගේ සමීපතම මිතුරකු විය.

    රංජන් ද සිල්වා ද ඒ වන විට දේශපාලනයට එක්‌ව සිටියේය. ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබල පාක්‍ෂිකයකු විය.

    දේශපාලන බලය මෙන්ම මුදල් බලය යහමින් ලැබීම නිසා රංජන් ද සිල්වා රත්මලාන ප්‍රදේශයේ ගණන්කාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණේය. කලක්‌ යුද හමුදාවේ සේවය කළ නිසා රංජන් ද සිල්වා ප්‍රසිද්ධව සිටියේ ආමි රංජන් යන නමින් ය.

    ගොනාකෝවිලේ රෝහණ, රංජු, ලන්සියා වැනි පාතාල ප්‍රබලයන් ගල්කිස්‌ස, රත්මලාන හා දෙහිවල ප්‍රදේශ සිය පාතාල රාජධානිය ලෙස කරගෙන සිටියහ.

    මේ පාතාල නායකයන් සහ ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන් අතර තිබුණේ සමීප සබඳතාවකි.

    ගොනාකෝවිලේ රෝහණ නොහොත් රොහා, සහ රංජු අතර ආරවුල් ඇතිව තිබුණේ මේ පාතාල බලය බෙදාගැනීමේ තරගය මතය.

    කාලයක්‌ එකට සිටි රොහා සහ රංජු වෙන් වන්නේ මීට වසර පහළොවකට පමණ උඩදීය. පොඩි මහත්තයා තම දේශපාලන බලය යොදා ගෙන ගොනාකෝවිලේ රොහාගේ පාතාල බලය බිඳදැමීමට විවිධ උපක්‍රම පාව්චිචි කළේය.

    බන්ධනාගාරයෙන් නිදහස්‌ වී පැමිණි දා පටන් රොහා උත්සාහ කළේ පොඩි මහත්තයාගෙන් පළිගැනීමටය. 2007 වර්ෂයේ මාර්තු මස 13 වැනිදා රොහා පොඩි මහත්තයාගෙන් පළි ගත්තේය. රත්මලාන මැලිබන් හන්දිය කාර්යාලයක සිටියදී ගොනාකෝවිලේ රොහා පොඩි මහත්තයාට වෙඩි තබා ඝාතනය කළේය.

    කාලයක්‌ ගත වෙද්දී රංජන් ද සිල්වා දේශපාලනමය වශයෙන් කිසියම් ස්‌ථාවරයක්‌ ගොඩනඟා ගැනීමට සමත් විය. ඒ වන විට රංජන් ද සිල්වා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ද රත්මලාන ප්‍රදේශයේ ජනප්‍රිය චරිත බවට පත් ව සිටියහ. ධනංජය සිල්වා ද ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් හිනි පෙත්තටම ගමන් කිරීම ඒ ජනප්‍රියත්වයට හේතුවක්‌ විය.

    දෙහිවල ගල්කිස්‌ස නගර සභාවට තරග කර දේශපාලනයට පිවිසීමට රංජන් ද සිල්වාට ආශාවක්‌ තිබුණේය. ඒ සඳහා ඔහු මුලින්ම තම දෙවැනි පුත්‍රයා යොමු කිරීමට කටයුතු කළේය. ඒ අනුව සමිත ද සිල්වා දෙහිවල ගල්කිස්‌ස නගර සභාවට එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයෙන් තරග කරමින් ජයග්‍රහණය කළේය.

    ගොනාකෝවිලේ රංජුගේ කල්ලිය සහ ගොනාකෝවිලේ රොහා ගේ කල්ලිය අතර ප්‍රසිද්ධියේ ම ගැටුම් ඇති වන්නට විය. ඒ වන විට රංජුගේ කල්ලිය රත්මලාන ගල්කිස්‌ස ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ගංජා සහ හෙරොයින් ජාවාරම ව්‍යාප්ත කරමින් සිටියහ. රංජුගේ කල්ලිය රංජන් ද සිල්වාට මෙන්ම සචිත්‍ර සිල්වා ට ද නිතර තර්ජන එල්ල කරන්නට වූහ.

    මේ තර්ජන සම්බන්ධයෙන් රන්ජන් ද සිල්වා අවස්‌ථා කීපයකදීම පොලිසියට පැමිණිලි කර තිබුණේය.

    රංජන් ද සිල්වාට ද දේශපාලනයට පිවිසියේ ආශාවක්‌ පහළ වී තිබුණේය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී සචිත්‍ර සිල්වා වෙනුවට රන්ජන් ද සිල්වා තරග කිරීමට ඉදිරිපත් වුණේ දේශපාලනයට පිවිසීමට ඔහු තුළ තිබූ ආශාව නිසාය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දෙහිවල ගල්කිස්‌ස නගර සභාවට තරග කළ රංජන් ද සිල්වා ඉන් ජයග්‍රහණය ලබා ගෙන නාගරික මන්ත්‍රීවරයකු වුණේය.

    පසුගිය වෙසක්‌ පොහොය දිනයේදී රත්මලාන ප්‍රදේශයේ ගැටුමක්‌ හට ගත්තේය. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක්‌ සමඟ රංජන් ද සිල්වා මෙන්ම සචිත්‍ර සිල්වා ද පැටලුණේය.

    අවසානයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කීපදෙනෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වූහ. මේ පිරිස අල්ලා දීමට ඉදිරිපත් වුණේ රංජන් ද සිල්වා බව විරුද්ධවාදීන් විශ්වාස කළේය.

    වෛරය, ක්‍රෝධය, පළිගැනීම නිමක්‌ නොවීය. අවස්‌ථාව ලැබෙන තුරු පාතාල මැරයන් ඇඟිලි ගනිමින් සිටියේ රංජන් ද සිල්වාගෙන් පළි ගැනීමටය.

    කෙසේවෙතත් තවමත් ඝාතකයන් හඳුනාගෙන නැත. රන්ජන් ද සිල්වා මරා දැමූ පාතාල මිනීමරුවන් තවමත් නිදැල්ලේය. සත්‍ය හෙට දිනයේදී හෙළිවනු ඇත.

  • මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලබාද‌ෙන රන්දියවර, ඔප්පු ප‍්‍රදානෝ්ත්සවය හෙට….

    මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලබාද‌ෙන රන්දියවර, ඔප්පු ප‍්‍රදානෝ්ත්සවය හෙට….

    ආහාර සුරක්ෂිතතාවයෙන් හෙබි සමෘද්ධිමත් සංවර්ධිත රටක් උදෙසා දැවැන්ත කැපකිරීමක් සිදුකරන ශ‍්‍රී ලංකාවේ ගොවි විරු පරපුරට අභිමානවත්ව නැගී සිටිය හැකි හෙට දවසක් උදාකරමින් සිය වගාබිම් හා පදිංචි ඉඩම් සඳහා සින්නක්කර උරුමය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගනු ලැබූ තීරණය තවදුරටත් යථාර්තයක් කරමින් මහවැලි බී, සී හා රඹකැන්ඔය කලාපයේ ඉඩම්ලාභීන් සඳහා ඉඩම් ඔප්පු 12,000 ක් ප‍්‍රදානය කිරීමේ ,රන් දියවර, ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (01) පෙ.ව 10.00 ට අරලගංවිල මඟුල්දමන මහා විද්‍යාලයේදී පැවැත්වේ.

    දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහනට ඇතුළත් මහවැලි කලාපයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ මෙය කි‍්‍රයාත්මක කෙරේ.

    මහවැලි ගොවිජනතාව දීර්ඝකාලයක් පුරා මුහුණදුන් ගැටලුවකට විසඳුම් ලබාදෙමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ උපදෙස් පරිදි මෙම වැඩසටහන 2016 වසරේදී කි‍්‍රයාවට නැංවුණු අතර මේ වන විට එම ඉලක්කය සපුරාලමින් මහවැලි කලාපය තුළ පමණක් ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීම සිදුකර තිබේ. මේ අතර 2018 වසර තුළ පමණක් අවසර පත‍්‍ර, ප‍්‍රදාන පත‍්‍ර හා දිගුකාලීන බදුකර යටතේ තවත් ඉඩම් ඔප්පු 40,000 ක් ලබාදීමට සැලසුම් කර ඇත.

    ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුව පසුගිය 2017 වසරේදී මහවැලි බී, සී හා එච් කලාපයන්හි ද මොරගහකන්ද, වික්ටෝරියා, හුරුළුවැව හා වලව යන ජනපදිකයින් සඳහා මෙම වැඩසටහන යටතේ ඔප්පු හා බලපත‍්‍ර ලක්ෂයක් ලබාදී තිබෙන අතර ඒ අනුව නිත්‍යානුකූල ඉඩම් හිමිකමක් නොමැති පාසල්, රෝහල්, පොලිස් ස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන 12,573 ක් සඳහා ද ඉඩම් හිමිකම ලබාදී තිබේ.

    හෙට දිනයේදී මහවැලි බී, සී හා රඹකැන්ඔය කලාපයේ බෞද්ධ විහාරස්ථාන 22 ක් සඳහා නිදහස් දීමනා පත‍්‍ර හා රාජ්‍ය ආයතන 50 ක් සඳහා ඉඩම් පැවරීම ඇතුළුව ඉඩම් ඔප්පු 12,000 ක් ප‍්‍රදානය කිරීම සිදු කෙරේ.

  • හෝමාගම රෝහලේ වෛද්‍යවරු පණපිටින්ම රෝගියෙක් මෝචරියට යවලා… ඇත්ත ම‌ෙන්න…

    හෝමාගම රෝහලේ වෛද්‍යවරු පණපිටින්ම රෝගියෙක් මෝචරියට යවලා… ඇත්ත ම‌ෙන්න…

    හෝමාගම රෝහල තුළදී මියගිය බව කියන කාන්තාවක් මෝවරියට (මිනී කාමරයට) රැගෙන යැමේදී නැවත පණ ආ අපුරු පුවතක් පිළිබඳව වාර්තා වේ.

    පසුගිය සතියේ 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු මවක් උදරයේ ආබාධයක් හේතුකොට ගෙන හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි.

    එහිදී වෛද්‍යවරු විසින් එම රෝගී කාන්තාව පරීක්ෂා කර බලා අනතුරුව හෙදියක් විසින් රෝගියාට එන්නතක් ලබාදී තිබිණි.

    ඉන් පසු රෝගී කාන්තාව සිහිසුන්වී ඇති අතර නිමේෂයකින් වෛද්‍යවරු පවසා තිබුණේ එම රෝගී කාන්තාව මියගොස් ඇති බවයි.

    ඉන් අනතුරුව එම කාන්තාව මියගිය පුවත රෝහලේ සිටි ඥතීන් ඔවුන්ගේ සෙසු ඥතීන්ටද සැලකර තිබිණි.

    මෙසේ  සියල්ල සිදු වූ අතර සාමාන්‍යයෙන් මියගිය රෝගියකු මෝචරියට දැමීමට පෙර පැයක් හෝ ඊට වැඩි වේලාවක් රෝගී ඇඳමත තබන අතර මෙම කාන්තාවද එලෙස තබා අනතුරුව මෝචරිය වෙත ට්‍රොලියක ආධාරයෙන් රැගෙන යැමේදී  මියගියා යැයි වෛද්‍යවරු පැවසූ කාන්තාවගේ පාදයක් සෙලවෙනු දැක ඇයගේ ඥාති සහෝදරියක් කෑගයා මෝචරියට දමන එක වළක්වා ඇත.

    අනතුරුව එම රෝගියා ඥතීන්ගේ භාරයට ගෙන නිවසට කැටුව ගොස් පෞද්ගලික ප්‍රතිකාර සඳහා මේ වන විට යොමුකර ඇති බවත් ඇයගේ තත්වය එතරම් සතුටුදායක නොවන බවත් ඥතීහු පවසති.

    කෙසේ  වෙතත් වෙද්‍යවරුන් මෙලෙස මිනිස් ජීවිතත් සමග සෙල්ලම් කිරීම පිළිකුල් සහගතව හෙලාදැකිය යුතු නොවේද.

    හෝමාගම රෝහලේ ඇතැම් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයන්හි වගකීමකින් තොර ක්‍රියාකලාපය ගැන ප්‍රදේශයේ ජනතාව දැඩි නොසතුට පළකරති. 

  • ලෝක දුම්වැටි විරෝධි දිනය නිමිත්‌ත‌ෙන් අද දුම්වැටි අලෙවි කිරීම තහනම්…

    ලෝක දුම්වැටි විරෝධි දිනය නිමිත්‌ත‌ෙන් අද දුම්වැටි අලෙවි කිරීම තහනම්…

    ලෝක දුම්වැටි විරෝධි දිනය අදට (31) යෙදී තිබෙනවා.

    දුම්වැටියට හුරුවී සිටින තැනැත්තන්ට දුම්වැටිය අතහැරීමට අද හොඳම දිනය බවයි ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇඩික් ආයතනයේ, අධ්‍යක්‍ෂ – මානව සංවර්ධන, සම්පත් ද සේරම් පැවසුවේ. 

    ලෝක දුම්වැටි විරෝධි දිනය යෙදෙන අද දුම්වැටි අලෙවියෙන් වළකින ලෙස සියලූ අලෙවිකරුවන්ගෙන් ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

    දුම්වැටි වෙනුවෙන් ශ‍්‍රී ලාංකිකයින් දිනකට වැය කරන මුදල් රුපියල් ලක්ෂ 3800ක් පමණ බවද ඒ අනුව දුම්වැටි භාවිතයෙන් ඉවත් වුවහොත් රුපියල් ලක්ෂ 3800ක් දිනපතා ඉතිරි කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

  • ස‌ෝභිත හිමියන්ග‌ේ ගුණානුස්මරණ උළ‌ෙලට පැමිණි ජනපති සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය ම‌ෙන්න…

    ස‌ෝභිත හිමියන්ග‌ේ ගුණානුස්මරණ උළ‌ෙලට පැමිණි ජනපති සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය ම‌ෙන්න…

    සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය සැමරුම උත්සවය අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුනා.

    කෙසේ වෙතත් 2015 ජනවාරි 8 වනදා වෙනසට තම ජීවිතය පරදුවට තබමින් කටයුතු කල වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම උත්සවයට ආරාධනා කොට තිබුනේ නැතත් එම උළෙලේ ආරාධනාපත්‍ර ලයිස්තුවේ ජනාධිපතිවරයාගේ නම තිබු බවද වාර්තා වනවා.

    අනාරාධිතව උත්සවයට පැමිණි ජනාධිපතිවරයා වර්තමාන යහපාලන ආණ්ඩුව තුල සිදුවන ක්‍රියාකලාපයන් පිළිබඳව සුවිසේෂි ප්‍රකාශයක් කලේ දැඩි විවේචනාත්මක ස්වරයකින්…

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ජනවාරි 8 තමන් මුලික වී සිදුකල විප්ලවය පටු දේශපාලන වාසි තකා හෑල්ලුවට ලක් කිරීම සහ එදා ජනවාරි 8 ජනතාවට ලබාදුන් පොරොන්දු මෙන්ම සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරයේ අරමුණු විනාශ කිරීමට කටයුතු කල පිරිස් පිළිබඳව හෙළිදරව් කිරීමක් සිදු කළා.

    එහිදී ජනපතිවරයා සෘජුවම එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ජනතා අභිලාෂයන් ඉටු කිරීමට නොදී සිය දේශපාලන සිහින වෙනුවෙන් රට විනාශ කල අයුරු කරුණු සහිතව හෙළි කරමින් කියා සිටියේ ජනවාරි 8 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ගජමිතුරන් සිදුකල නොහොබිනා ක්‍රියාකලාපයන් පිලිබඳවය.

    මෙහිදී දින 100 වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව ආසන 47ක් පමණක් තබාගෙන දින 100 යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර කල යුතුව තිබුනේ පාර්ලිමේන්තුව විසුරවා ස්ථාවර රජයක් පිහිටුවා ගතව තිබු බවයි.

    තවද ජනවාරි 9 වනදා රාජපක්ෂවරුන් සමඟ ඩීල් දමාගත් ඒ.ජා.ප නායකයින් හැසිරුණු හා ක්‍රියා කල ආකාරය පිළිබඳව ජනතාව නොදන්නා රහස් හෙළි කලේ ජනාධිපතිවරයාට ගත වූ වසර තුන හමාර පිළිබඳව එල්ල වන විවේචන වලට පැහැදිලි පිළිතුරු ලබා දෙමින්.

    තවද සෝභිත හිමියන් පොදු අපේක්ෂකයකු යොදා ආණ්ඩුවක් හැදුවේ මහ බැංකු කොල්ල කෑමට නොවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට සිටියා.

    පසුගිය වසර තුන හමාරේ සිදු වූ කරුණු කාරණා පිළිබඳව ගැටළු ඇති අයට තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස අභියෝග කල ජනපතිවරයා එල්ල වන චෝදනා වලට පිළිතුරු ලබා දීමට තමා සුදානම් බව පැවසුවා.

    එහිදී ජනාධිපතිවරයා හෙළිදරව් කල සියලු කරුණු පහතින් නරබන්න,