Blog

  • සටන අවසානයේ ජය ලැබු සත්‍යාංගනාවිය – ඈ නොකියූ ලොව නොදන්නා ඇගේ කතාව මෙන්න..

    සටන අවසානයේ ජය ලැබු සත්‍යාංගනාවිය – ඈ නොකියූ ලොව නොදන්නා ඇගේ කතාව මෙන්න..

    සුළං කිරිල්ලිය ජාතික රූපවාහිනියේ සභාපති තනතුරේ වැඩ භාරගත්තාය. නමුත් මේ ගමන තුළ, ඈ මෙතෙක් නොකී කඳුළු කතාවක් සැඟව තිබේ. අප දැන් පවසන්නේ ඒ කතාවයි.

    1954 වර්ෂයේ ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දගේ ආදරණීය පියා වූ ටියුඩර් කීර්තිනන්ද මහතා, මෙකල නීතීඥවරයෙක් හෙවත් එකල ඇඩ්වකේට්වරයෙක් වශයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නේය. ඒ කාලයේ නීති විද්‍යාලයේ අවසන් විභාගයෙන් දෙතුන් සියයක් සමත් වූයේ නැත. සමත් වන්නෝ අපේ යුක්තියේ දේවාලයේ මහා කුලුනු බඳු වූහ. 54 වසරේ අවසන් විභාගයෙන් ද සමත් වූයේ හය දෙනෙකි. ඒ අල්පයක් දෙනා අතර සිටි අමතක නොකළ යුතු නම් තුනක් වන්නේ අපගේ කථා නායකයා වන ටියුඩර් අලුත්ගමගේ කීර්තිනන්ද, සරත් මුත්තෙට්ටුවේගම සහ ජනාධිපති නීතීඥ දයා පෙරේරා ය.

    59 වසරේ ටියුඩර් කීර්තිනන්ද මහතා ජාතික සේවක සංගමය පිහිටුවීමට මුල් තැන ගෙන ක්‍රියා කළේය. එහි ප්‍රථම ලේකම්වරයා ද ඔහුම විය. ටියුඩර් කීර්තිනන්ද මහතා නව ලෝකය සමග එක්ව ගමන් කරන රටේ ප්‍රමුඛ පෙළේ නූතන පක්ෂයකට පණ පිඹිමින් සිටියේය. පසුකලෙක ලංකාවේ පළමු විධායක ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ජාතික සේවක සංගමයේ සභාපති ධුරයට පත්වුණේ ද එයින් තුන් වසරකට පසු 1962 වසරේ ය.

    60-70 දශක යනු ‘මුළු දිවයිනටම සාම විනිසුරු‘ පදවිය, අද මෙන් බාල්දු වී තිබූ යුගයක් නොවේ. එය, බැලූ බැලූ අත සාම විනිසුරුවරුන් දැකගත හැකි යුගයක් නොවීය. එනයින්, සාම විනිසුරු පදවියක් ලැබීම දුලබ ගෞරවයක් විය. සැමරීමට තරම් කාරණයක් ද විය. 1972 වසරේ ටියුඩර් කීර්තිනන්ද මහතා මුළු දිවයිනටම සාම විනිසුරු පදවියෙන් පිදුම් ලැබූ විට ඔහුගේ නිවසේ විශාල සාදයක් පැවැත්විණි. ඒ සාදයට පැමිණ සිටිවුන් අතර ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ වූහ. ඔවුන් ‘ප්‍රබලයන්‘ නම්, ටියුඩර් කීර්තිනන්ද මහතා, ඒ ප්‍රබලයන් හට බලය ලබාගැනීමේ මං පෙහෙළි කළ ‘අති ප්‍රබලයෙක්‘ බව පක්ෂයේ සැවොම දැන සිටියහ. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම සඳහා ටියුඩර් කීර්තිනන්ද මහතා කළ කාර්යභාරය සුළුපටු නොවේ.

    රටට බියකරු අවිචාර සමයක් උදා වන්නේ ඉන් පසුව ය. ඒ 1988 වර්ෂයයි. දිනපතා මහමග අලුත් මිනී පිළිස්සෙමින් තිබූ, නාඳුනන තුවක්කුකරුවන් හැන්දෑ යාමයේ දොරින් දොර තට්ටු කරමින් උණ්ඩ වියදම් කරමින්, නිරපරාද ජීවිත අත්තනෝමතික ලෙස බිලිගනිමින් සිටි අවිචාර සමයයි. නමක් නැති මරණ ගැන දොරින් දොර කන් වැකුණු සමයයි. මරණයට පෙර මරණ සහතික ලියැවුණු යුගයයි. 1988 වසරේ ඔක්තෝබර් 21 වැනිදා ටියුඩර් කීර්තිනන්ද මහතා, බම්බලපිටිය සාන්ත පාවුළු මිලාගිරි කාන්තා විද්‍යාලයේ උප විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළ සිය බිරිඳ කමලා කීර්තිනන්ද පාසලට ඇරලවීම පිණිස සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියේය.

    වේලාව උදෑසන 6.45 විය. එකල නාවල ඔපිලන්ට් කේටර්ස් ඉදිරිපිට වාහන තදබදය තුළ රථයේ ගමන මන්දගාමී විය. වාහන තදබදය තුළ නැවතී තිබූ ටියුඩර් කීර්තිනන්ද මහතාගේ රථයට එකවරම වෙඩි වර්ෂාවක් එල්ල විය. නාඳුනන තුවක්කුකරුවන් පස් දෙනෙක් විසින් වාහනය වට කර තිබණි. ඝාතකයන්, මරණ ලැයිස්තුවේ සිටි සියල්ලන්ම මෙලොවින් තුරන් කරන්නට පිළිණ දී සිටි හෙයින්, වෙඩි වර්ෂාවෙන් පසු බෝම්බයක් ද එල්ල විය. ගිනි ගෙන දැවෙන රථය තුළින් කීර්තිනන්ද මහතා සහ කමලා කීර්තිනන්ද විදුහල්පති මාතාව පිටතට ගන්නට උදව් කළෝ ඒ අවට සිටි ජනතාව ය. අවසන, ටියුඩර් කීර්තිනන්ද මහතාගේ ප්‍රාණය, දේශප්‍රේමී යැයි කියන සංවිධානයක් විසින් දේශයට අහිමි කර තිබිණි. මේ ඝාතනය සිදු කර තිබුණේ එකී සංවිධානයට එරෙහිව ආක්‍රමණකාරී ප්‍රහාරයන් එල්ල කිරීම සතියකට නතර කළ බව රජය විසින් නිවේදනය කර පැය 24 ක් ඉක්ම යන්නට ද මත්තෙනි.

    කමලා කීර්තිනන්ද උප විදුහල්පති මාතාවගේ දිවි බේරී තිබුණ ද ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර ය. අවසානයේ හදිසි ශල්‍යකර්මයක් මගින් පාදයක් ඉවත් කෙරිණි. එතැන් පටන් අද දක්වාම, හරියටම පුරා වසර 30කට ආසන්න කාලයක් ඈ සිය දිවිය ගෙවා දමන්නේ රෝද පුටුවක් මත ය.

    කුප්‍රකට දේශප්‍රේමී සංවිධාන විසින් පනවා තිබූ නිල නොලත් ඇඳිරි නීතියට අනුව එකල සවස් වන විට නිවෙස්වල විදුලි පහන් නිවා දැමිය යුතු විය. අකාලයේ කපා දැමුණු විසල් රුක අහිමි කීර්තිනන්ද මහතාගේ නිවසට එය විශේෂයෙන් අදාළ වූයේ ඔහු ඝාතනය කර තිබුණේ ඊනියා දේශප්‍රේමීන් විසින්ම වූ නිසා ය. එනිසා මළ ගෙදර හඬන්නට හැකි නමුත් ඉකිබිඳීම තහනම් විය. හැඬිය යුතු වූයේ හඬ නොනගා ය.

    සිය ආදරණීය පියාණන්ගේ අකල් වියෝව සිදුවන විට අපගේ කථා නායිකාව වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විවාහක ය. නීති උපාධිධාරිනියකි. ඇය පියාගේ නිසල දේහය දැකීමට සොවින් බර හදින් යුතුව ආවාය. අද ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙකුව සිටින පුත් පණ්ඩුක කීර්තිනන්ද සහ අද එංගලන්තයේ ජීවත් වන වැඩිමල් සොයුරිය ප්‍රශාන්ති කීර්තිනන්ද සමග එක්ව වැළපුණාය. නමුත් ඉකි නොබින්දාය. කඳුළු ගඟක් ගැලුවත් ඉකි බිඳීම තහනම් නිසා ය.

    ඝාතනයට ලක් වන විට ටියුඩර් කීර්තිනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ය. එසේම ඔහු පක්ෂයේ විධායක කමිටුවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු ද විය. මේ, එක්සත් ජාතික පක්ෂයේ විසල් රුක්, නාඳුනන තුවක්කුකරුවන්ගේ පොරෝ පහරින් එක පිට එක ඇද වැටී තිබිණි. 1987 වසරේ දෙසැම්බර් 23 වැනිදා පක්ෂයේ සභාපති හර්ෂ අබේවර්ධන ද 1988 මැයි මාසයේ පක්ෂ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ද අවනීතික දේශප්‍රේමීන් විසින් ඝාතනය කර දමා තිබිණි. පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් ඝාතනය කිරීමේ සැලසුමේදී මේ වන විට ඉදිරියෙන් සිටියේ ටියුඩර් කීර්තිනන්දයන් ය.

    ඔවුන් අවසානයේ පක්ෂය වෙනුවෙන් දිවි දුන්නෝ වූහ. ඔවුන් මිය ගියේ, අධික බීමතින් නාන කාමරයේ ඇද වැටීම වැනි සිල්ලර හේතු මත නොවේ. ඔවුන් පක්ෂය වෙනුවෙන් වැඩ කළේ අවට සිදුවන දේ ගැන, ඒ මහා අවදානම ගැන නොදැන නොවේ.

    මේ අවිචාර සමයට පසුව 1994 වසරේ එක්සත් ජාතික පක්ෂයට බලය අහිමි විය. 2001-2004 වසර දක්වා ඔවුන්ට නැවත බලය හිමිවිය. 2015 වසරේ දී නැවතත් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි විය. දැන් තිබෙන්නේ ද එක්සත් ජාතික පක්ෂය අවියෝජනීය සංරචකයක්ව පවතින පාලන තන්ත්‍රයකි. නමුත් පක්ෂයේ මහා කොන් ගල් බඳු වූ ටියුඩර් කීර්තිනන්ද ප්‍රමුඛ පෙර කී තිදෙනාගේ සිරිකොතේ තිබෙන ඡායාරූපවල අද වන විට මකුළු දැල් බැඳෙමින් තිබේ!

    එනිසා, තමන්ගේ පාක්ෂිකයන් බිල්ලට දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර, මේ අර්ථයෙන් ගත්කල තිබෙන වෙනස කුමක්දැයි අපි අසන්නෙමු. පක්ෂය වෙනුවෙන් දිවිපිදූ වුන් ගැන මේ පක්ෂවලට අද වගක්වත් තිබේද?

    නාඳුනන තුවක්කුකරුවන් විසින් දිවි සොරාගන්නා විට නීති උපාධිය ලබා සිටි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මුල පටන්ම රැඩිකල් චරිතයකි. ඇයට පිය උරුමයෙන් නාවලපිටියේ අක්කර දහයක තේ වත්තක් හිමිව තිබිණි. ඇය එය විකුණා දමා චිත්‍රපට නිෂ්පාදනය කළාය. බැංකුවලට ණයකාරියක වූවාය. අධිකරණය ඉදිරියේ බැංකුවලට වගඋත්තරකාරියක ද වූවාය. අවාසනයේ සියල්ල අහිමිව මහමගට බසින්නට පවා විටෙක ඇයට සිදුවිය.

    අද, ඇය ජාතික රූපවාහිනියේ මුල් පුටුවට පත්කිරීම ගැන පුරුෂාධිපත්‍යධාරී සිවිල් සමාජයේ ඇතැම් සංචරක නොසන්සුන් වී තිබේ. පිරිමියෙකු මුල් පුටුවට පත් කළා නම් ඒ පත් කළ කෙනාගේ සුදුසුකම් තබා නමවත් නොසොයන රටේ ඔවුන් නගන ජුගුප්සාජනක පැනය මෙබඳු ය. ‘‘කාන්තාවක්ම පත් කළ යුතුයි යැයි නියමයක් තිබුණාද?!!“

    මෙකී පත්වීමට මුල් වූයේ එවකට එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවාදී පිලක සිට දේශපාලනය කළ දෙදෙනෙකි. මේ උපහාරය සැබවින්ම ඇයට නොවේ. ඇගේ පියාණන් වූ ටියුඩර් කීර්තිනන්ද නාමයට ය. ඒ බව වටහාගැනීමට තරම් දියුණු මනසක් ඊනියා විවේචකයන් හට නොවේ.

    ටියුඩර් කීර්තිනන්දයෝ රසාලිප්ත පුද්ගලයෙකු වූහ. ඔහු සත්‍යාංගනාවියට සෞන්දර්යය කියා දුන්නේය. ඔහු සමග මධුවිතෙන් සප්පායම් වෙමින් ඔහුට සෞන්දර්යයේ යහළු මදනළින් පවන් සැලුවෝ තිදෙනෙක් වූහ. ඒ, මහගම සේකරයන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සහ ප්‍රේමසිරි කේමදාසයන් ය.

    රෝද පුටුවට ජීවිතය එක්තැන් වුවද පුරා තිස් වසරක් මුළුල්ලේ කමලා කීර්තිනන්ද මාතාව නොසැළෙන ඉන්ද්‍රකීලයක් සේ සිය දරුවන් සමග උපේක්ෂාවෙන් යුතුව ජීවත් වන්නීය. ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද ජාතික රූපවාහිනියේ වැඩ භාරගැනීමට පැමිණියේ ඒ මාතාව පෙරටුකරගෙන ය. වැඩභාරගැනීමට පෙර මුලින්ම ඇය ගියේ සිය ආදරණීය පියා නිසල දෑසින් තමන් දෙස බලා සිටින ඡායාරූපය වෙත ය. එය අබියස සිට ඈ නිසැක වශයෙන්ම ඔහුට මේ ගී පද දෙක මුමුණන්නට ඇත. 

    අන්දර යායේ වැව් තාවුල්ලේ – සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට – කෙතේ නිලයි – ගහ වැලේ මලයි මට අප්පච්චී…

  • තැන තැන බුරන්නේ නැතුව මිනිහෙක් වගේ විවාදයට එන්න.. මංගලගෙන් මහින්දට අභියෝගයක්…

    තැන තැන බුරන්නේ නැතුව මිනිහෙක් වගේ විවාදයට එන්න.. මංගලගෙන් මහින්දට අභියෝගයක්…

    මුදල් හා ජනමාධ්ය අමාත්‍ය මංගල සමරවීර විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් කර තිබේ.

    අමාත්‍යවරයා විසින් අද (22) දින ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් කර තිබුනේ රාජ්‍ය ණය තත්ත්වය පිළිබඳව හා ණය සේවාකරණය පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසට ය.

    එසේම හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කල නිසා තමන් මෙම ආරාධනාව නිකුත් කල බවද අමාත්‍යවරයා නිකුත්කල ටිව්ටර් පණිවිඩයේ සඳහන් වේ.

  • ගෝඨා ඇමරිකානුවෙක් – ඇමරිකාවෙන් නිල නිවේදනයක්… රාජපක්ෂවරුන් අතර දරුණු සටනක්…..

    ගෝඨා ඇමරිකානුවෙක් – ඇමරිකාවෙන් නිල නිවේදනයක්… රාජපක්ෂවරුන් අතර දරුණු සටනක්…..

    තමන් ඇමරිකානු පුරවැසියෙකු නොවන බව ප්‍රකාශ කරවා ගැනීම සඳහා ‍ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරණය කර ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ගවලින් තහවුරු වේ.

    ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ 19 වන සංශෝධනය යටතේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ හට ශ්‍රී ලංකාව තුළ කිසිදු මැතිවරණයක් සඳහා තරගකිරීම තහනම් ය. මේ අනුව සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිණිස ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීමේ අපේක්ෂාවෙනි.

    පොදු ජන පෙරමුණ විසින් ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයා බව තහවුරු කළ යුතුව තිබුණද, එයට පෙරාතුවම ගෝටා විසින් සිය ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කර තිබෙනුයේ ‘වියත් මග‘ සංවිධානය හරහා ය.

    නමුත් ඇමරිකානු ආගමන හා ජාතිකත්වය පිළිබඳ පනත (US Immigration & Nationality Act -INA) යටතේ අන්තර්ගත වන ඇතැම් සුවිශේෂී විධිවිධාන යටතේ ඔහුට මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළ නොහැකි බව විශ්වාසනීය අයුරින් හෙළිදරව් කිරීමේ හැකියාව අපට තිබේ.

    ගෝඨා – බැසිල් ගැටුම

    ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරණය පිළිබඳ කිසිවක් නොදන්නා, ගෝටාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය පළ කරන අන්ත ජාතිවාදී කණ්ඩායම් ඔහුගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂ සමග දැඩි සේ කෝපයට පත්ව සිටිති. ඒ, පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බැසිල් විසින් දියත් කිරීමත් සමග ය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපාර කළමනාකාරවරයා වූ බැසිල් රාජපක්ෂ, සිය උපන් දිනය සැමරීමට සමගාමීව සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද දියත් කළේය.

    ගෝඨාභයගේ ආධාරකරුවන් ද බැසිල් සමග කෝපයෙන් පසුවන්නේ, පෙනෙන්නට තිබෙන ආකාරයට මහින්ද රාජපක්ෂ ද කැමතිම අපේක්ෂකයා බැසිල් වීම නිසා ය.

    සිය නිල කාලය තුළදී ගෝටාගේ හැසිරීම පිළිබඳ සිතා බැලීමේදීත්, චීනය සමග ගෝටාගේ තිබෙන සබඳකම් පිළිබඳ සිතා බැලීමේදීත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිගමනය වී තිබෙන්නේ බැසිල්ට සමීපයෙන් සිටිය යුතු බව ය. කෙසේ නමුත් තමන්ගේ තෝරාගැනීම බැසිල් බව මහින්ද රාජපක්ෂ විසින් තවම ප්‍රසිද්ධියේ කියා නැත.

    ගෝටා සහ නාමල් රාජපක්ෂ අතර තිබෙන අරෝව ද මහින්දගේ මෙම තීරණය සඳහා ප්‍රධාන පෙළේ හේතුවක් වී ඇත.

    මේ තත්වය මත,අවසන් මොහොතේ පැත්තකට වී, නව රාජපක්ෂ පාලනයක් තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට ගෝඨාභය බලාපොරොත්තු වනු ඇත. නමුත් ඔහුම පතමින් සිටින ඔහුගේ ආධාරකරුවන් මේ වන විට කුපිත වී සිටින්නේ ගෝඨාභය රාජ්‍ය නායකයා බවට පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නේ වෙන කිසිවෙක් නොව ඔහුගේම සහෝදරයා විසින් වීම නිසා ය.

    එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකේම ජනප්‍රියත්වය වර්තමානය වන විට පහළ බැස තිබුණ ද දේශපාලන විචාරකයන්ගේ මතය වන්නේ රාජපක්ෂ සහෝදරයන් අතර මේ ඇති වී තිබෙන ගැටුම, අඳුරු වළාවක ඇඳුණු රිදී රේඛාවක් බවයි

  • මල් වගාකරුවන්ගේ ගැටළු විසදගන්න ග්‍රාමශක්ති වැඩසටහන යටතේ හේලිස් සමාගමෙන් අත්වැලක්…

    මල් වගාකරුවන්ගේ ගැටළු විසදගන්න ග්‍රාමශක්ති වැඩසටහන යටතේ හේලිස් සමාගමෙන් අත්වැලක්…

    ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (21) සිදුවිය.

    මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත.

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම  (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදි ජනාධිපතිතුමා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබිණි.

  • ග්‍රාමශක්ති ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කවුරුත් නොහිතපු සුවිශේෂි පෙරලියක්….

    ග්‍රාමශක්ති ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කවුරුත් නොහිතපු සුවිශේෂි පෙරලියක්….

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශ්වයම මීට එක්ව සිටි අතර, ඌව පළාතේ ජනතාව මුහුණදී සිටින ගැටලූ පිළිබ`දව ද මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

    එම ගැටලූවලට දැඩි ඕනෑකමකින් ඇහුම්කන්දුන් ජනාධිපතිතුමා ඉදිරිපත් කෙරුණු ඇතැම් ගැටලූවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබදව ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදුවිය.

    බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහා ග්‍රාමශක්ති ව්‍යාපාරය වෙනුවෙන් රජය ලබාදෙන මුදල්වල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 22.5 ක් ද මොණාරගල දිස්ත්‍රික්ක සදහා රුපියල් මිලියන 16.5 ක් ලබාදීම සිදු කෙරිණි.

    අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, නිමල් සිරිපාල ද සිල්වා, හරින් ප්‍රනාන්දු, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනයක, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා,ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බණ්ඩාර රැකව මහතා සහ පක්ෂ විපක්ෂ පළාත් සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද, පළාතේ රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    https://www.facebook.com/maithripalas/posts/10156146615016327

  • ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන් ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්….

    ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන් ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්….

    දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, පීඩාවට පත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්වයට පත්කරගැනීම වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසු දරුවන්ගේ පාසල් නිල ඇඳුම්, පෙළ පොත් සහ පාඩම් සටහන් ආදිය විනාශ වී හෝ හානියට පත් වී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය වන 1988 ට දැනුම් දිය හැකියි.

    එම තොරතුරු අනුව අදාළ අවශ්‍යතා කඩිනමින් සපයාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    මීට අමතරව එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස.(උ.පෙළ) හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ සිසු දරුවන්ගේ විනාශ වූ හෝ හානියට පත් පෙළ පොත් සහ පාඩම් සටහන්  කඩිනමින් සපයාදීමට විශේෂ අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.

    ඒ අනුව පීඩාවට පත් වූ සිසු දරුවන්ට, ගුරුවරුන්ට හෝ මාපියන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ 1988 හදිසි  දුරකථන අංකය  අමතා ඉහත සහන සඳහා තොරතුරු ලබා දිය හැකියි.

  • විපතට පත් ජනතාවට සියළු සහන ලබාදෙන්න… ඕනෑම දෙයක් ඉල්ලන්න. ජනපතිගෙන් නියෝග…

    විපතට පත් ජනතාවට සියළු සහන ලබාදෙන්න… ඕනෑම දෙයක් ඉල්ලන්න. ජනපතිගෙන් නියෝග…

    අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    එහිදී මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසත් රජයෙන් ලබාදිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින් එම සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපවරයා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

    එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙන ජනාධිපතිවරයා ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙසට ද සියලූ පාර්ශ්වයන් දැනුවත් කර ඇත.

    මේ අතර ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද දුමින්ද දිසානායක මහතාට අපදාවට ලක්වී ඇති ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම්ව සිදුකරන ලෙස උපදෙස්දු න්නේය

    එමෙන්ම ජනාධිපතිවරයා අද දිනයේ ග්‍රාම ශක්ති වැඩසටහෙන් ඌව පළාත් වැඩසටහන සදහා බදුල්ල නගරයට ගොස් සිටියදී දුරකථනය ඔස්සේ දුමින්ද දිසානායක මහතාට ආපදා තත්වය පිළිබද කරුණු විමසා ඇත. අවශ්‍ය ඕනෑම පහසුකමක් ඉල්ලන ලෙසද එහිදී ජනාධිපතිවරයා විසින් දුමින්ද දිසානායක මහතාට දැනුම් දී ඇත.

  • ගංවතුර මැද්දේ ජීවමාන දෙවිවරු පිරිසක් ගැබිණි මව්වරුන් 09 දෙනෙකු බේරාගත් හැටි මෙන්න..!

    ගංවතුර මැද්දේ ජීවමාන දෙවිවරු පිරිසක් ගැබිණි මව්වරුන් 09 දෙනෙකු බේරාගත් හැටි මෙන්න..!

    මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදාව මෙහෙයුම් දියත් කර තිබෙනවා.

    මේ වන විට නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 94 කින් සමන්විත සහන කණ්ඩායමක් නවගමුව ප්‍රදේශය වෙත අනුයුක්ත කර ඇති අතර, නාවික හමුදා සහන කණ්ඩායම් මගින් පුද්ගලයින් 172 දෙනෙකු හට සිය සේවය ලබා දීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත්ව ඇත. ඒ අතර කලවාන ප්‍රදේශයේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් 09 දෙනෙකුද සිටින බවයි වාර්තා වුණේ.

    එම මව්වරුන්ගෙන් 06 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
    එමෙන්ම, තව දුරටත් අයහපත් කාළගුණික තත්ත්වයද නොතකමින් නාවික හමුදාව විසින් සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.

    අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටිනවා.

    ඒ අනුව දකුණු, බස්නාහිර, සබරගමුව සහ වයඔ යන පළාත් සඳහා නාවික හමුදාව සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටින අතර මේ වන විට ඩිංගි යාත්‍රා 38 ක් සහිත නාවික සහන කණ්ඩායම් 38 ක් පසුගිය මැයි 20 වන දින සිට අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර, නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් සිය මෙහෙයුම් මේ වන විට ආරම්භ කො‍ට ඇති බවයි වාර්තාවන්නේ.

    එමෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ස්ථාපිත කර ඇති ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මගින් අද (මැයි 22) උදෑසන  ක්ෂණික අවශ්‍යතාවයකදී භාවිතයට ගතහැකි ලෙස ජංගම මුළුතැන් ‍ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිලි ආදි උපකරණ රැගත් ට්‍රක් රථ කිහිපයක් රත්නපුර දිස්ත්‍රික්කය බලා පිටත් කර යැවිමට කටයුතු කර ඇති බවද පැවසෙනවා.

    තවද, දකුණු පළාතේ ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා සුදානමින් නාවික හමුදා සහන කණ්ඩායම් 11  ක් යොදවා ඇති අතර, බස්නාහිර පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 10 ක්, සබරගමුව පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 13 ක් සහ වයඹ පළාතේ සහන සැළසීම සඳහා සහන කණ්ඩායම් 04 ක් යොදවා තිබෙනවා.

    ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නාගොඩ, උඩුගම, නෙළුව, වක්වැල්ල, බද්දේගම සහ නියගම යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස සහ කොටපොල යන ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, වලල්ලාවිට, පාලින්දනුවර, පෑලැන, ඉංගිරිය, දියකඩුව සහ බුලත්සිංහල යන ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම,ඇලපාත, කිරිල්ල, රත්නපුර සමන් දේවාලය සහ කූරුවිට යන ප්‍රදේශ, පුත්තලම දිස්ත්‍රික්කයේ බත්තුලු ඔය සහ පල්ලම යන ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රදේශයේ සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවත් එමෙන්ම, රට පුරා ආවරණය වන පරිදි නාවික විධානයන්හි මේ වන විට ගංවතුර තත්වයක් ඇතිවූ විටකදී ඒ සඳහා ක්ෂණිකව මුහුණ දීමට සහන කණ්ඩායම් යෙදවිමට නාවික හමුදාව කටයුතු යොදා ඇති බවද සඳහන්.

    තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ වක්වැල්ල, පිටබැද්දර හරහා රත්ගම දක්වා දිවෙන අතුරු මාර්ගයේ ගිංඟහ හරස් කොට ඉදි කර ඇති පාලම හරහා කුණු රොඩු එකතු විම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණු අතර ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කොට තිබුණා.

    එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අවිත්තාව යන ප්‍රදේශයේ පාලමක් හරහා කුණු රොඩු එකතුවීම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී තිබූ අතර, ඒ සඳහා සහන කණ්ඩායමක් යොදවා ජලය බැස යාම කඩිනමින් කිරීමට නාවික හමුදාව කටයුතු කළ බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.

     

  • ගත වූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

    ගත වූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

    හදිසි ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම සඳහා අතිරේක හමුදා සාමාජිකයින් 1850ක් සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
    හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ යුද හමුදා සාමාජිකයින් දහසක්, නාවික හමුදා සාමාජිකයින් 600 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 250ක් ඊට ඇතුළත් බව ය.
    පවතින ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 170ක් ස්ථානගත කර තිබේ.
    ඔහු පැවසුවේ, ඊයේ රාත්‍රියේ පැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් සඳහා හමුදා සාමාජිකයින් බෝට්ටු සමග පිටත් කර හැරි බව ය.
    මේ අතර ඉදිරි දින කිහිපය තුළදීත් නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
    එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ, අද දිනයේත් සබරගමුව, දකුණ බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ය.
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
    පුද්ගලයින් 1500කට ආසන්න පිරිසක් කඳවුරු 30කට අධික සංඛ්‍යාවක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
    එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ රත්නපුර, කළුතර සහ නුවරඑළිය ආශ්‍රිතව එම කඳවුරු පිහිටුවා ඇති බව ය.
    ජල ගැලීම් හා නාය යාම් අවදානම් හේතුවෙන් මෙම පිරිස් අවතැන්ව සිටිති.
    මේ වන විට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20000කට අධික ය.
    මේ අතර පවතින වැසි සමග රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා පැනවූ නාය යාමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මේ වන විට දිස්ත්‍රික්ක 11කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ය.
    පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර දවුලගල පොලීසිය අසල නාය යාමක් සිදුව තිබේ.
    එලෙස නාය යාමට ලක්ව ඇත්තේ, දවුලගල වටදෙණිය ප්‍රතිසංස්කරණය කරමින් පවතින මාර්ගයේ ඉහළ කොටස යි.
    අද අලුයම වන විට වැඩි ම වර්ෂාපතනය රම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
    එම සංවිධානයේ වර්ෂාමානයන්ට අනුව එම අගය මිලිමීටර් 112කි.
    කුරුණෑගල උඳුගොඩින් මිලිමීටර් 91ක්, පොල්ගොල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 84ක් හා කාසල්රි ප්‍රදේශයෙන් මිලිමීටර් 76ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාමානයන්ට අනුව වැඩි ම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, කටුනායක ප්‍රදේශයට ය.
    එම අගය මිලිමීටර් 74.9කි.
    කුරුණෑගලට මිලිමීටර් 56 ක ද නුවරඑළියට මිලිමීටර් 49.3ක ද වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

    (under the courtesy of newsfirst.lk web)

  • පාර්ලිමේන්තු කාරක සභා මේ සතිය තුළ පිහිටුවීමට පියවර

    පාර්ලිමේන්තු කාරක සභා මේ සතිය තුළ පිහිටුවීමට පියවර

    කෝප් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව සහ තවත් කාරක සභා කිහිපයක් මේ සතිය තුල පිහිටු වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කරයි.
    ඒ සඳහා තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
  • එවරස්ට් තරණය කළ මෙරට ඉතිහාසයට එක්වූ දෙවැන්නා – යොහාන් පීරිස්

    එවරස්ට් තරණය කළ මෙරට ඉතිහාසයට එක්වූ දෙවැන්නා – යොහාන් පීරිස්

    එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි.
    නේපාල වේලාවෙන් අද උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර ඇති අතර එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේ 2016 වසරේදී එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල යි.
    යොහාන් පීරිස් 2016 වසරේ එවරස්ට් තරණය කිරීමට ගත් උත්සහය අසාර්ථක වූයේ ඔහු රැගෙන ගිය ඔක්සිජන් ටැංකියේ දෝෂයක් හේතුවෙන් වුවත් මේවර සාර්ථකව එවරස්ට් තරණය කළ ඔහු මේ වන විට කඳු මුදුනේ සිට පහතට බසිමින් සිටියි.
  • ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි

    ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි

    ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බබලවන කවුරුත් ආදරය කරන කෙනෙක්.ඩිලන්තට හැමෝම ආදරය කරන්නේ ඔහුගේ දක්ෂකම්වලට විතරක්ම නෙවෙයි. ඔහුට තියෙන නිහතමානී ගුණයට.
    කෙසේවෙතත් ඩිලන්ත එංගලන්තයේ තරඟයකට සහභාගී වී සිටින අතරතුර නොසිතූ අනතුරකට ලක්වෙලා තියෙනවා.ඒ එංගලන්තයේ lamborghini Super Trofeo 2018 තරගයේදීයි.අනතුරින් ඩිලන්තයට කිසිදු හානියක් සිදුව නැහැ.
    සිදු වූ අනතුර ගැන කණාගාටුවෙන් ඩිලන්ත සිය ෆේස්බුක් ගිණුමට සටහක් ද එක් කර තිබුණා.ඒ සියලූම ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
    මේ එම සටහනයි.

    (under the courtesy of adaderana news web)

  • ඒකාබද්ධ විපක්ෂ අද කථානායකගෙන් විශේෂ විවාදයක් ඉල්ලයි

    ඒකාබද්ධ විපක්ෂ අද කථානායකගෙන් විශේෂ විවාදයක් ඉල්ලයි

    පවතින ආපදා තත්ත්වය පිළිබඳව සහ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් අද(22) දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
    ඊයේ(21) කථානායකවරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළ අතර අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භයේ දී එම විවාදය සඳහා අවස්ථාව ලබාදෙන ලෙසෙ ඒකාබද්ධ විපක්ෂ ඉල්ලීමක් කර ඇත.කෙසේවෙතත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දහවල් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
  • යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට

    යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට

    යෝජිත බස් ගාස්තු සංශෝධනය අද(22) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබූ නමුත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ බැවින් 12.5% ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර ඇත.
    මෙහිදී රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද තීරණය කෙරුණු අතර අදාළ සංශෝධනයන් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.