https://www.facebook.com/maithripalas/videos/10156117403786327/
Blog
-

අගමැති රනිල් අපිට බොරු කිවුවා… අද ජනපති හමුවු එජාප ප්‍රබල මන්ත්‍රිවරු මාධ්‍යයට කිවුව කතාව මෙන්න…
තමන් ඇතුලූ පිරිසකට කැබිනට් සංශෝධනයේ දී අමාත්‍ය ධූර ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළ බව මාතලේ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ පවසනවා.ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා තමන් සමග තවත් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ද එක්ව සිටි බවයි මන්ති‍්‍රවරයා කියා සිටියේ.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “අපි සාකච්ඡා කළා ජනාධිපතිතුමා එක්ක..මම විතරක් නෙමෙයි මන්ත්‍රිවරු තව 03 දෙනෙක් හිටියා. ආනන්ද කුමාරසිරි, එඩ්වඩ් ගුණසේකර සහ ලකී ජයවර්ධන. ඊට අමතරව හිටියා සුරේෂ් වඩිවෙල් එයා හදිසියේ රට ගියා. විශ්වාසභංගයට කලින්, අපිට ඇමතිකම් දෙනවයි කියලා පොරොන්දු වෙලා තිබුණා අගමැතිතුමා.. පස්සේ ඒක දෙන්න එපා කියලා කිව්වේ ජනපතිතුමා කියලා අගමැතිතුමා අපිව දැනුවත් කළා. අපිට අවශ්‍යවෙලා තිබුණා දැන ගන්න..අපි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරු හැටියට ඇමතිකම් නොලැබුණේ ඇයි කියලා..අගමැතිතුමා කිව්වේ ඇත්තක්ද? බොරුවක්ද? කියලා ජනාධිපතිතුමාගෙන් අහන්න අපි තීරණය කළා. ඒකයි හමු වුණේ. පස්සේ ජනාධිපතිතුමා කිව්වේ අපිට මේ ඇමතිකම් දෙන්න අවශ්‍යයි කියලා ජනාධිපතිතුමා දැනුවත් වෙලා නෑ කියලයි.” යනුවෙනි.
පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා නායකත්වය සඳහා කැමැත්තක් දක්වනවා සේම සෙසු මන්තී‍්‍රවරුන්ද කුමන හෝ ධූරයක් ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බවයි රංජිත් අලූවිහාරේ මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එහිදී වැඩි දුරටත් සඳහන් කළේ “ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරු හැටියට අපිට කණගාටුයි..මොකද අවුරුදු 03ක් 04ක් හිටිය මන්ත්‍රිවරුන්ටත් ඇමතිකම් හමුවුණා. තවත් සමහරු අලුතෙන් ඇවිත් පත්වුණත් එක්කම ඇමතිවරු වුණා. අපි වසර ගණනාවක් පක්ෂයේ රැඳී ඉඳලා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු අය.” යනුවෙන්ද සඳහන් කළා.
තමන්ට සිදුවූ අසාධාරණය හේතුවෙන් මෙවර එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ මැයි දින සැමරුමටද රංජිත් අලූවිහාරේ මන්තී‍්‍රවරයා සහභාගී වූයේ නැහැ.
-

සියළු පක්ෂ අභිබවමින් 2018 වසරේ විශාලතම මැයි රැලිය ලෙස ශ්‍රිලනිප මැයි රැලිය ඉතිහාසයට එක්වෙයි…
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානාත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය මෙවර මඩකලපුවේදී පැවැත්වේ.
මේ වන විටත් ඇති විශාල ජනකායක් මෙම මැයි රැලියට පැමිණ ඇත.මෙවර විශාලතම මැයි රැලිය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය බවට බොහෝ දෙනා මත පල කර ඇත.
පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය 16 දෙනාගේ කණ්ඩායම මෙම රැලියට සහභාගී වීම විශේෂත්වයක්. තමන් ආණ්ඩුවට සහයෝගය නොදැක්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සමඟ පක්ෂය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරියටත් සිදු කරන බව ඔවුන් කියා සිටිනවා

https://www.facebook.com/maithripalas/videos/10156115604801327/
https://www.facebook.com/maithripalas/posts/10156115141186327
https://www.facebook.com/permalink.php?story_fbid=1928130963917785&id=1676911545706396
https://www.facebook.com/permalink.php?story_fbid=2055866524737622&id=100009428839902
https://www.facebook.com/rohan.gajanayake/posts/1698021230288320
https://www.facebook.com/permalink.php?story_fbid=1905262996430743&id=100008411824504
https://www.facebook.com/maithripalas/photos/a.10152437383531327.1073741826.365053451326/10156117039771327/?type=3&permPage=1
-

ජනපති මෙෙත්‍රි ප්‍රමුඛ යහපාලන රජය අපි අාරක්ෂා කරනවා.. කුමන්ත්‍රණකරුවන් පරදනවා – සුව ඇමැති කියයි
මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව අමතක කර ජනපති මෙෙත්‍රි ප්‍රමුඛ වත්මන් රජයට ගමනක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 37 වන ශාඛාව අක්කරෙයිපත්තුව නගරයේ දී විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ 37 වන ඔසුසල අද විවෘත කළා. දිවයින පුරා ඔසුසල ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළ අතර, ඉදිරියේ දී තවත් ඖෂධ ගණනාවක මිල අඩු කිරීමටත් සුදානමින් සිටිනවා. පෞද්ගලික රෝහල්වල විවිධ අයකිරීම් පාලනය කිරීමට කටයුතු කරනවා. යහපාලන රජය ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි කැප වී සිටින්නේ. ඇතැම් අයට සිදු කළ වෙනස්කම් තේරෙන්නේ නැහැ. වත්මන් රජය වෙනස්කම් රැසක් සිදු කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මගේ දර්ශණය වන්නේ දුප්පතුන්ට හොද සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමයි. ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දී තිබෙනවා.”
“2015 ජනාධිපතිවරණයේ දී නැගෙනහිර පළාත විජයග්‍රහණය කළේ හංසයා ළකුණයි. පොහොට්ටුවලට ඡන්ද තිබුනේ නැහැ. දිවයින පුරා මුස්ලිම් ජනතාවගෙන් සියයට 45 ක් වත්මන් රජය බලයට පත් කර ගැනීම සදහා කැප වී කටයුතු කළා. මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව අමතක කර මෙම රජයට ඉදිරියට යන්න බැහැ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බලයේ සිටින්නේ ඔබලා ලබාදුන් ඡන්දය මතයි. සිංහල පළාත් වලටත් වඩා උතුරු නැගෙනහිර පළාත් වලින් හංසයා ළකුණට ඡන්දය ලැබුනා. මුස්ලිම් ජනතාවට සම අයිතිය ලබාදෙන තුරු ඉදිරියටත් සටන් කරනවා. විවිධ ස්ථාන වල කලබල නිර්මාණය කරන්නේ අන්තවාදීන් විසින්. සියලු ජාතීන්ට එක සමාන අයිතිය ඇති ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුයි. එම නිසා අන්තවාදීන්ගේ කළබල වලට බිය වන්න එපා. පසුගිය රජය හා සසැදීමේ දී වත්මන් රජය හොද වැඩපිළිවෙළක් දියත් කරනවා. යහපාලන රජය ඇති කළ වෙනස සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ ඔලුව හැදෙන්නෙත් නැහැ. ඇතැම් අය කුමන්ත්‍රණ හා කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරනවා. එය පරාජය කර රජය ඉදිරියට ගෙන යා යුතුයි.”
-

8 දෙනෙක් එක්ක වෙරළේදී මහා දවල් දැරියක් දූෂණය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ – Video
දවල් වේලාවකදී බාල වයස්කරුවන් අටදෙනකු විසින් ඇයගේ ඇඳුම් ඉරා දමමින් හිරිහැර කරමින් දූෂණය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජෙහනාබාද් ප්‍රදේශයෙන්.
මේ සිද්ධියට අදාළ පුද්ගලයින් සිනාසෙමින් මේ බාල වයස්කාරිය අපහසුතාවයට ලක් කරන අතර ඇය දැඩි අපහසුතාවයකට ලක් කරනවා.
මෙම වීඩියෝ පටය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී පැය කිහිපයකින් මේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයා සහ බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්ඩංගුවට ගන්නට පොලිසිය සමත් වූ බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.
https://youtu.be/9i0aJSgRXzs
-

අපි ඉන්නේ නිදහස් පක්ෂ නායක ජනපති මෙෙත්‍රි සමග… කැරලිකාර 16දෙනාගේ කණ්ඩායමෙන් ප්‍රකාශයක්..
තමන් ජනපති නායකත්වය යටතේ පවතින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ලෙස අද (08) පැවැත්වෙන 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ දී විපක්ෂයේ අසුන් ගන්නා බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායම පවසනවා.අද දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සභාව ඇමතීමෙන් අනතුරුව හෙට (09) දක්වා පාර්ලිමේන්තුව යලි කල් තැබීමට නියමිත බවත් ඒ හේතුවෙන් 16 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් හෙට දිනයේ ප‍්‍රකාශයක් කිරීමට සිය කණ්ඩායම කථානායක කරූ ජයසූරිය මහතාගෙන් අවසර ඉල්ලූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක කියා සිටියේ.
-

ෆාෙන්සේකා මහත්තයාට අහිමි වු සියළු බලය ලැබුනේ ජනපති මෙෙත්‍රි නිසා – දුමින්ද දිසානායක අතීතය මතක් කරයි..
අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබා දුන් අමාත්‍ය ධූරයෙන් ඔහුව ඉවත් කරන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ඉකුත් දා එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට එක්වෙමින් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපතිවරායා විවේචනයට ලක් කිරීම ඊට හේතුවයි.
අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජාතික පකෂයේ හිටපු සභාපති මලික් සමරවික‍්‍රමට මේ පිළිබඳව දන්වා තිබෙනවා. එහිදී මලික් සමරවික‍්‍රම ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප‍්‍රකාශ කර ඇති බවයි අප වෙත වාර්තා වුණේ.
-

අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනපති ප‍්‍රධානත්වයෙන් අද
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කල්දැමූ 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (08) ආරම්භ වනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විශේෂ ගෞරවාචාර මධ්‍යයේ ඒ සඳහා කැඳවාගෙන එනු ඇති.
මෙම උත්සවයේදී යුද හමුදාව විසින් සම්මාන ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීමටද නියමිතව තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ මංගල රැස්වීමට කැඳවාගෙන ඒමට නියමිතයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ පස්වරුවේ 2.15ටයි.
අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
-

විපක්ෂයේ සිටි අපි බලයට අාවේ මෙෙත්‍රි නිසා – ෆෝන්සේකාගේ ජනපති විරෝධි කතාවට අගමැති රනිල් දොස් කියයි..
අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්, එනිසා එජාපයට මෙහෙම වුණා -අමාත්‍ය සරත් ෆොන්සේකා
ප්‍රකාශය ගැන අගමැති කෝපයෙන් !
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා කල ප්‍රකාශය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කෝපයෙන් සිටින බව එහිදී මලික් සමරවික්‍රම ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
ෆොන්සේකා මහතා පසුගියදා කල එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමට ඔහුව අරලියගහ මන්දිරයට කැඳවා ඇති අගමැතිවරයා, මින් ඉදිරියට මෙවැනි වැරදි නොකරන්නැයි දැනුම් දී ඇතැයි ද ඇමති සමරවික්‍රම මහතා වැඩිදුරටත් පවසා ඇත.
-

මේ *න්නයට හැමදාම සනීප නෑ – මහින්ද එක්ක සැප ගත්තු කාන්ති උපාලිව සමනලයෙක්ට සම කරලා…
අද උදෑසන උපාලි කොඩිකාරලාගේ ගෙදර මරු සිද්ධියක් වෙලා කියලා අපට ආරංචි උනා…
මැයි දිනයට ගාලු යන්න කොඩිකාරලාගේ ගෙදර ගියපු කට්ටියට අසනීපෙන් උන්න කොඩිකාර හමුවෙලා..
තමන්ගේ අසනීපය ගැන තම සමීපතමයන් වන ඔවුන්ට කියද්දී කේන්තියෙන් ගෙදරින් එලියට ආපු කාන්ති කොඩිකාර ” උබ තාම ලැස්ති නැද්ද *න්නයෝ? ” යනුවෙන් දෙනෝදාහක් ඉස්සරහ තම සැමියාට ජාතිය අමතා ඇත…
මේ අවස්ථාවේ සුවච කීකරු සුනඛ පෝතකයෙක් මෙන් හැසිරුණු උපාලි මට සනීප නැති හින්දනේ මේ ඔක්කොම යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් තම කාමරය බලා නික්ම ගොස් ඇති අතර එහිදී යලිත් බැන වැඩි ඇති කාන්ති “මේ *න්නයට හැමදාම සනීප නෑ.. මට මේක එපා වෙලා ඉන්නේ යනුවෙන් පවසා ඇත..
මෙම තොරතුරු අපට වාර්තා වන්නේ මේ වන විට එම නිවස තුලම සිටින සිටින අපගේ විශේෂ වාර්තාකරුවෙක්ගෙන් වන අතර මේ වදන් ඇසීමෙන් කලකිරීමට පත්වූ පිරිසක් නැවතත් නිවෙස් බලා පිටත් වූ බවද අපට වාර්තා වේ..
-

2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කරනවාමයි
ඉකුත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස තමන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ඉල්ලීමක් කළ බවත් එහෙත් ඒ අවස්ථාවේදී නිවැරදි තීරණයක් නොගත් බවත්, එලෙස වැරදි තීරණයක් ගැනීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිමින් සිටින බවත්ආණ්ඩුවේ ගෞරවය රැකගැනීමට නොහැකිව අද ළතැවීමට සිදුවී ඇත්තේ එදා ගත් වැරදී තීන්දුව නිසා බවත් ප්‍රාදේශීය සංවර්ධන තිරසර සංවර්ධන හා වනජිවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඊයේ (06) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දිනයේදී පැවැසීය.එබැවින් 2020 ජනාධිපතිවරණයේදී ඒ වැරැද්ද නිවැරදි කර ගැනීම සඳහා රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවත්, පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා සියලු දෙනා ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ මහතා පැවැසීය. එසේ නොවුණහොත් සිදුවන්නේ නැවතත් අපි ගැන අපිටම ලැජ්ජා වීමට බවද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කීය. -

සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා
අනෙක් සියලු බැංකු මහබැංකුව යටතේ පාලනය වන බැවින් සමෘද්ධි සහනාධාර සහ ණය පහසුකම් ඉතුරුම්වලට අදාළ සමෘද්ධි බැංකුවද ඉදිරියේදී මහබැංකුවේ පාලනය යටතට පත් කිරීමට කටයුතු කරන බව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (06) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, ආදී සියල්ල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසී මත පාලනය වන නමුත් සමෘද්ධි අරමුදල් හෝ සමෘද්ධි බැංකුව එලෙස කිසිදු රෙගුලාසියකට අනුව පාලනය නොවන බව පෙනී ගොස් ඇති බැවින් එයට ඉදිරියේදී මුදල් අමාත්‍යාංශ රෙගුලාසිවලට යටත් වන නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙන බවද රනිල් වික්රමසිංහ මහතා මෙහිදී පැවැසීය.සමෘද්ධි අමාත්‍යාංශය වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින අමාත්‍යාංශයක් බැවින් සමෘද්ධි සහනාධාර ලබාදීමේදී ඉකුත් කාලයේ සිදුවූ අඩුපාඩු මගහරවා ගැනීමට කටයුතු කරන බවත් සමෘද්ධිය වෙනුවෙන් මුළු වර්ෂයම සඳහා වෙන් කර ඇති මුදලින් මුල් මාස තුන ඇතුළත පමණක් 52% වියදම් කර අවසන් බවත් මුල් මාස තුන තුළ වියදම් කළ යුත්තේ 25 පමණක් වන බවත් මෙලෙස 52 වියදම් කර අවසන් වූයේ කෙසේ දැයි සොයා බලන ලෙසත් උපදෙස් දී ඇතැයිද අගමැති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. -

හෙට රෑ 12න් පසු යකඩ යක්කු වර්ජනයක
හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගනිමින් වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
වැටුප් ගැටළුව මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවීමට සැලසුම් කර ඇති බව එම සංගමය සඳහන් කළේය.
-

පෑලියගොඩ පාතාල මංජුගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට
පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාතාල නායකයාව සිටි පාතාල නායක මංජුගේ ප්‍රධාන ගෝලයා වන මනුෂ්‍ය ඝාතන, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක් දිලීප පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතබා පලායැමට උත්සහ කළ අවස්‌ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකදී මරුමුවට පත්වී ඇත.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්‌ඨාසයට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්‌ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැකකරු පාතමයිලපිටිය ප්‍රදේශයේ නිවසක සිටින බව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවස වටලා ඇත.
මේ අවස්තාවේදි මෙම පුද්ගලයා පිස්‌තෝලයකින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබා පලා යැමට උත්සහ කළ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකාය සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. සැකකරු බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට රැගෙන යන අවස්‌ථාවේ මියගොස් ඇත. මෙම අවස්‌ථාවේ සැකකරු සමග සිටි කාන්තාවක පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් මිලිමීටර් නවයේ ගිනි අවියද බිම වැටී තිබියදී පොලිසියට හමුවී ඇත.
මෙම පාතාල සාමාජිකයාගේ ප්‍රධානියාවූ ඩී. මංජු නමැත්තා මීට මාස කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිකරගත් ගැටුමකින් මියගොස් තිබූ අතර ඔහු මියයැමෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවා ඇත්තේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබිණි.
මීට දින කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවන් කණ්‌ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී එම මැර පිරිස විසින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පහරදී පලාගොස් තිබිණි. එහිදී තුවාල ලැබු නිලධාරීන් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබු අතර එම ප්‍රහාරය සිදුකර තිබුණේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට විමර්ශනවලදී හෙළි වී ඇත.
-

රණමයුර සම්මානය සමග අවමඟුලට ආ ප්‍රභල දේශපාලනඥයකුගේ පසුම්බියටත් විදලා
පසුගියදා රටම හඩවමින් අප අතරින් වියො වූ ඒ අසහාය මිනාසා ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මහතාගේ නිවසින් සොරාගත් රණමයුර සම්මානය පිළිබදව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වූ අතර මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමග කඩුවෙල කොල්ලුපිටිය 177 සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක දමාගොස් තිබියදී මෙම සම්මානය හමුවූ බවද වාර්තා විය.
මෙම සම්මානය සොරා ගත් ගැට කපන්නන් සිව්දෙනකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ විශාල ප්‍රචාරයක් ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස් රථයක දමා ගිය බවයි.
සමිමානයට අමතරව ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මහතාගේ නිවසින් ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ඇත්තේද මෙම සැකකරුවන් විසින් බවට විමර්ශනවලදී හෙළිවී ඇත. එම ජංගම දුරකථනය අලෙවි කර තිබූ අතර ඊයේ (06 ) රාත්‍රිය වන විට එය පොලිසිය භාරයට ගත් අතර එම ජංගම දුරකථනයද ආපසු පීරිස් මහතාගේ නිවසට ගෙනවිත් දැමීමට තමන් සූදානමින් සිටි බව සැකකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පොලීසිය විසින් තවත් විශේෂ කරුණක් අනාවරනය කර ගෙන ඇත.එනම් ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියකුත් මෙම සැකකරුවන් විසින් අවමංගල්‍යය උත්සවයේ තදබද අවස්‌ථාවකදී සොරාගෙන ඇති බවයි. තම මුදල් පසුම්බිය සොරාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක් කර නොතිබිණි.
ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්‌ථාවල නිවෙස්‌වල ඇති වටිනා දේපළ සොරා ගැනීම මොවුන් වෘත්තිය ලෙස කරගෙන ගොස් ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06 දා) පැවති එක්‌සත් ජාතික පක්ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට තමන් සැලසුම් කරගෙන සිටි බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.
මෙම සැකකරුවෝ සිව්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියවේ. මොවුන් දීර්ඝ කාලයක සිට ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගොස් ඇති බව පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ අනාවරණය වී ඇත.
-

එස්.බි දයා නායකත්වයෙන් කැරලිකාර 16 කණ්ඩායම මහා ජන ගංගාවක් සමගින් ශ්‍රීලනිප මැයි රැලියට…
ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම අද (07) දිනයේ කුමන මැයි රැළියට සහභාගීවේදැයි ඉකුත් දින කිහිපයේ විවිධ වාර්තා පළවුණා.මුල සිටම ප‍්‍රකාශ වුණේ එම කණ්ඩායම නිදහස් පක්ෂයේ මැයි රැළියට එක්වනු ඇති බවයි.
එහෙත්, ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිලූම් අමුණුගම කළ ප‍්‍රකාශයකින් එය වෙනස් වුණා.
ඔහු කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වු 16 යේ කණ්ඩායමේ සාමාජිකයින් ගාල්ලේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළියට එක්වන බවයි.
16යේ කණ්ඩායමේ සාමාජිකයින් අද දිනයේ සහභාගී වන්නේ කුමන මැයි රැළියටදැයි එම පාර්ශ්වයෙන්ම අප විමසීමක් කළා.
හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ “ගාල්ලේ මැයි රැළියට අපිට සම්බන්ධ වෙන්න බෑ.. මොකද අපි තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු. ඒ වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියන මතයේ ඉන්න අය. ඒ වගේම තමයි අපි යම් මතයක ඉන්නවා ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමගත් අනෙකුත් පක්ෂ සමගත් ඒකාබද්ධ පොදු වැඩපිළිවෙලකට යා යුතුයි කියලා.” යනුවෙනි.