Blog

  • අසභ්‍ය දසුන් පෙන්වා දැරියන් 03ක් දුෂණය කරලා… පියා අනියම් සැමියා ඇතුළු 03ක් අත්අඩංගුවට…

    අසභ්‍ය දසුන් පෙන්වා දැරියන් 03ක් දුෂණය කරලා… පියා අනියම් සැමියා ඇතුළු 03ක් අත්අඩංගුවට…

    කඳපොල, පාක්වත්ත ප්‍රදේශයේ දී බාල වයස්කාර දැරියන් තිදෙනෙක් අපයෝජනය කළ පුද්ගලයින් තිදෙනෙකු පසුගිය දෙවනදා අත්අඩංගුවට ගත් බව කඳපොල පොලිසිය පවසනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි වාර්තා වන්නේ.

    වයස අවුරුදු 16,14 සහ 13 යන වයස් සීමාවල පසුවන දැරියන් තිදෙනෙක් මෙලෙස අපයෝජනයට ලක්ව තිබෙනවා.

    වයස අවුරුදු 16 පසුවන දැරිය සිය පියා විසින් වරින් වර අපයෝජනයට ලක්කර ඇති අතර අදාල දැරිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 12 සිට සිය පියා විසින් තමන්ව මෙලෙස අපයෝජනයට ලක්කරන බවයි.

    එම දැරියගේ නැගණිය වන වයස අවුරුදු 14ක් වන දැරිය ඔවුන්ගේ මවගේ අනියම් පුරුෂයා විසින් අවස්ථා කිහිපයකදී අපයෝජනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    මේ සම්බන්ධයෙන් දැරියන් විසින් සිය මව දැනුවත් කළ දතම මව ඒ පිළිබදව කිසිඳු අවදානයක් යොමු නොකළ බවයි දැරියන් පවසන්නේ.

    මේ අතර එම ප්‍රදේශයේම පදිංචිව සිටි 13 හැවිරිදි දැරිය ඇයගේ සුළු පියා විසින් අපයෝජනය කර ඇති බවටයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.

    මොවුන්ට සිදුවන කරදර ඉවසාගැනීමට නොහැකිව කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සදහා නිවසින් පලා යන අවස්ථාවේ කොළඹ කොටුව පොලිසිය විසින් දැරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    අනතුරුව එම දැරියන් තිදෙනා කඳපොල පොලිසිය වෙත බාර දී තිබෙනවා.

    අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කල බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

    අපයෝජනයන්ට සම්බන්ධ බව කියන අත්අඩංගුවට ගත් සැකරුවන් තිදෙනා 47,36 සහ 28 යන වයස් සීමා වල පසුවන්නන් බව සඳහන්.

    මොවුන් දැරියන්ට අසභ්‍ය චිත්‍රපට පෙන්වා මෙම අපයෝජනයන් සිදුකර ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

  • එජාප මන්ත‍්‍රින් 25ක් රනිල්ට විරුද්ධ වෙද්දී කැරලි නායිකා හිරුණිකාට එරෙහිව විනය පරීක්‍ෂණයක්…..

    එජාප මන්ත‍්‍රින් 25ක් රනිල්ට විරුද්ධ වෙද්දී කැරලි නායිකා හිරුණිකාට එරෙහිව විනය පරීක්‍ෂණයක්…..

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය සුරැකීමේ සංවිධානය පවසයි.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු යයි මන්ත‍්‍රීවරිය විසින් කල ප‍්‍රකාශය නිසා විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් තීරණය කර ඇති බව සංවිධානයේ ලේකම් එස්.ආර්.එම්. වික‍්‍රමසිංහ මහතා කීය.

    මෙම විනය පරීක්‍ෂණයට දැඩි විරෝධය දක්වන බවත් එය පැවැත්වෙන දිනයේදී දහස් ගණනක් සමගින් සිරිකොත වැටලීමට සූදානම් බවත් ඔහු අවධාරණය කරයි.

    රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතුය යන මතයේ දැනට මන්ත‍්‍රීවරුන් 25කට වඩා සිටින බවද එම මාධ්‍ය හමුවේදී හෙලි විය.

    https://www.facebook.com/hirunikapremachandralk/posts/1936347583104103

  • නොමිනිසුන්ගේ ගතිය පෙන්වමින් ලෙස්ටර්ගේ නිවසේදී වෙච්ච හොරකමේ වීඩියෝව එලියට..!

    නොමිනිසුන්ගේ ගතිය පෙන්වමින් ලෙස්ටර්ගේ නිවසේදී වෙච්ච හොරකමේ වීඩියෝව එලියට..!

    සිංහල සිනමාවේ මහා පුරුෂයා වූ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා බෞද්ධ හා කිතුනු ආගමික වතාවත් මධ්‍යයේ  දැයෙන් සමුගත්තා.
    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා.
    මේ ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ අභාවයෙන් මුළු රටටම ශෝකයෙන් සිටින අවස්ථාවක හීනයකින්වත් නොසිතන්න බැරි සිදුවීමක් දෙකක් සිද්ධ වුණා.
    ඉන් එක සිදුවීමක් මුළු ලෝකයම මේ වන විටත් දැනගෙන අවසන්.
    ඒ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටයට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී හිමිවු ‘රණ මයුර‘ සම්මානය 02 උදෑසන නැතිවීම.
    අනෙක් සිදුවීම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ පුවත.
    මේ සිදුවීමට අදාළ වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රචාරය වන්නට පටන් ගෙන තිබෙනවා.
    එම වීඩියෝව පහතින් බලන්න.

  • දෙවෙනි ඉනිමේ රවී ප්‍රනාන්දු මිනී පෙට්ටියේදී හුස්ම ගනී (වීඩියෝ)

    දෙවෙනි ඉනිමේ රවී ප්‍රනාන්දු මිනී පෙට්ටියේදී හුස්ම ගනී (වීඩියෝ)

    මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිතයක් අභාවයට පත්වීම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයට ලක්වූ සංසිද්ධියක් බවට පත්ව ඇත.
    රවි ප්‍රනාන්දු චරිතය ඉවත්කිරීම පසුපස ආරංචි ගැනද විවිධ කටකතා නිර්මාණය විය.
    මේ අතරවාරයේ මේ දිනවල එම පුද්ගලයාගේ මළ ගෙදර දර්ශන වලින් කතාව ඇදී යන අතර පෙරේදා විකාශයවූ කතාංගයේදී එම දේහය අසළ සිට රවීගේ පෙරබිරිය හා වත්මන් බිරිය අතර ආරවුලක් විකාශය විය.
    එම අවස්ථාවේ තත්පර කිහිපයකට රවීගේ දේහය පාද පිහිටි අන්තයෙන් රූප තිරයේ පෙන්වද්දී එම නිරූපණය පිණිස සිටි පුද්ගලයා හුස්මගන්නා ආකාරය දර්ශනය විය.
    මෙය ටෙලිනාට්‍ය රූගත කිරීම අතර අත්වැරදීමක් විය යුතුය.
    පහත පළවන්නේ එම ජවනිකාවයි.

     

  • පොහොට්ටුව තුළ බෙදීමක්.. පක්ෂය පාවාදුන් පවිත්‍රාට එරෙහිව මහින්දගෙන් විශේෂ පරීක්ෂණයක්..

    පොහොට්ටුව තුළ බෙදීමක්.. පක්ෂය පාවාදුන් පවිත්‍රාට එරෙහිව මහින්දගෙන් විශේෂ පරීක්ෂණයක්..

    ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

    ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එජාපයේ සහය ලබා ගත් අතර එයට පොදුජන පෙරමුණ තුළින්ම විරෝධතා එල්ල වූවා.

    එහි ප්‍රබලතම පුපුරා යාම සිදු වූයේ රත්නපුර දිස්ත්‍රීක් මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි විසින් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුනගේ සහය ගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කලේ යයි රංජිත් සොයිසා, ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ චෝදනා කිරීමත් සමගයි.

    මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න විසින් කරන ලද්දේ දේශපාලන මගෝඩිකමක් යයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා කියා සිටියා.

  • ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති මෙෙත්‍රි අතර හමුවක්…

    ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති මෙෙත්‍රි අතර හමුවක්…

    දිවයිනට පැමිණ සිටින ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ විශේෂ උපදේශක හිරෝටෝ ඉසුමි මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

    ජනාධිපතිවරයාගේ ජාපන සංචාරය අතරතුර ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී මෙරට තුළ සිදු කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙන් අදාළ නියෝජිත  පිරිස මෙරටට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    වරාය සංවර්ධනය, ඩිජිටල්කරණය සඳහා සහයෝගිතාවය, බලශක්ති, සංචාරක, සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවලදී මෙරටට ලබාදෙන සහයෝගය ඉහළ නැංවිමට එම සංචාරයේදී එකඟතාව පළවී අතර ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජපාන නියෝජිත පිරිස සහ ජනාධිපතිවරයා අතර පැවැති  හමුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

    ඉදිරියේදී මතුවිය හැකි විදුලි අර්බුදය මඟහරවා ගැනීම සඳහා දියත් කෙරෙන බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නියෝජිත පිරිස වෙත පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

  • infosrilankanews වාරණයට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් බිමට…

    infosrilankanews වාරණයට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් බිමට…

    ආචාර ධර්ම,පිළිතුරු දීමේ අයිතියට පයින් ගසා ආණ්ඩුව වෙබ් මර්දණයක…

    ජාතිවාදය මුවාවෙන් සමාජ ජාලා හා වෙබ් අඩවි අවහිර කරමින් සිටි වර්තමාන යහපාලන ආණ්ඩුවේ හා එහි කුප්‍රකට නිලධාරින්ගේ නවතම දඩයම බවට infosrilankanews වෙබ්අඩවිය ලංකාව තුල වාරණය කිරිම පත් වී තිබේ.

    දැනට දින කිහිපයක සිට ආණ්ඩුව පනවා ඇති මෙම නිර්ලජ්ජිත වාරණය අපි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස දැඩි පිළිකුලින් යුතුව හෙළාදකිමු.

    infosrilankanews වෙබ් අඩවිය ලංකාව තුල වාරණය කිරිමට ලක්ව ඇති බව එම වෙබ් අඩවියේ කතෘ මණ්ඩලය මේ වනවිට පැහැදිළිවම තහවුරු කොට ගෙන ඇති අතරම එම වාරණය පිටුපස ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල හස්තයක් සිටින බවද අනාවරණය කර ගෙන ඇත.

    මෙහිදි අපගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුත්තේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම පිළිගන්නා බවට infosrilankanews වෙබ්අඩවියේ පැහැදිලිව සදහන් කර තිබිමත් එම අඩවියේ කතෘ වගකිම දරන්නන් රටතුල සිටියදිත්,වෙබ් අඩවිය හරහා පිළිතුරු දීම සඳහා ඇති අයිතිය ද සනාථ කර තිබිය දී ඒ සියල්ලම නොසලකා හරිමින් මෙලෙස මාධ්‍ය මර්දනයේ හස්තය ක්‍රියාත්මක විමය.

    එය ව්‍යංගයෙන් දක්වන්නේ යම් වෙබ් අඩවියක් හෝ සමාජ මාධ්‍යයක් තහනම් කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුව කිසිදු මාධ්‍ය ආචාර ධර්මයකට හෝ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් තඹ දොයිතුවකට මායිම් නොකරන බව නොවේද?

    මෑත කාලයේ මාධ්‍ය ඉදිරියේ ආණ්ඩුවේ ප්‍රධානින්ගේ සහ නිළධාරින්ගේ හැසිරීම් පැහැදිළිව මාධ්‍ය මර්දනය දෙසට වැටි ඇති ආණ්ඩුවේ ගමන් මග පෙන්වා දෙන අතරම ආණ්ඩුවේ දුෂණයන්ට එරෙහිව ජනතාවට තොරතුරු ඉදිරිපත් කිරිම හමුවේ විකල්ප ධාරාවේ වෙබ් අඩවි සියළු දූෂිතයන්ගේත්, මර්ධිතයන්ගේත් පොදු හතුරා බවට පත්වෙමින් තිබේන බව අප ට පැහැදිළි වෙමින් පවති.

    රටතුල වෙබ් අඩවියක් අවහිර කිරිමේ බලයලත් ආයතන වන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) සභාව වන අතර ඒය ජනාධිපතිවරයා යටතේ තිබෙන ආයතනයකි.

    එහි සභාපතිවරයා වන්නේද ජනාධිපති ලේකම්වරයාය.

    ඒ අනුව TRC හරහා යම් වෙබ් අඩවියක් අවහිර කිරිමට නම් ඒ සදහා ඉතා ඉහල පෙළේ පෙළඹවීම අවශ්‍ය බව අමුතුවෙන් සදහන් කල යුතු නැත.

    මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට යැයි වහසි බස් දොඩවමින් සිටින ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනිම සදහා මර්දනයේ හස්තය මාධ්‍ය දෙසට දිගු කරමින් සිටින බවත් එය සමාජ ජාලා අවහිර කිරිමේ සිට ලංකා ඊ නිවුස්, ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ හරහා infosrilankanews වෙබ් අඩවිය අවහිර කිරිම දක්වා ගමන් කර ඇති බව ඉතා පැහැදිළිය.

    මෙවන් තත්ත්වයක් යටතේ යහපාලනය ස්වරූපයෙන් දියත් වන මෙම මර්දනයට එරෙහිව මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනිමේ අයිතියට ගරු කරන සියලුම දෙනා පෙළගැසීය යුතු බවත් අපි තරයේ අවධාරණය කර සිටිමු.

    දුමිදු දිසානායක

    කැඳවුම්කරු වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

    “සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකිම් ව්‍යාපාරය”

    සම්බණ්ධිකරණය -0778387976

  • මාතලේ එ.ජා.ප ප්‍රබලයෙක් මැයි රැළිය වර්ජනය කරයි.. ශ්‍රිලනිපයට එක්වීමේ සූදානමක….

    මාතලේ එ.ජා.ප ප්‍රබලයෙක් මැයි රැළිය වර්ජනය කරයි.. ශ්‍රිලනිපයට එක්වීමේ සූදානමක….

    එක්සත් ජාතික පක්‍ෂය පවත්වන මෙවර මැයිදින රැළියට සහභාගි නොවීමට තමන් තීරණය කළ බව මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ පවසනවා.

    ඉකුත්දා සිදු කෙරුණු කැබිනට් සංශෝධනයේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවයි ඔහු පැවසුවේ. මේ හේතුවෙන් ලබන සඳුදා කොළඹ පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුමට එක් නොවන බව ඔහු සදහන් කළා.

    මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය දැනුවත් කර ඇතැයිද, තීන්දුවක් නොලැබෙන්නේනම් මැයි රැළියට සහභාගී නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

    රංජිත් අලුවිහාරේ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂනායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

  • අද මැදියම් රැයේ සිට කිරි පිටි කිලෝවක මිල ඉහළට යන හැටි මෙන්න…

    අද මැදියම් රැයේ සිට කිරි පිටි කිලෝවක මිල ඉහළට යන හැටි මෙන්න…

    කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 50 කින් හා ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට අවසර දුන් බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩී. ජිවානන්දන් අප වෙත කියා සිටියා.

  • සෙන්පතියා බලවත් වෙමින් කුජමාරුව සිදුවෙයි..! ඔබේ ලග්නයට කොහොමද..? විස්තර මෙන්න..!

    සෙන්පතියා බලවත් වෙමින් කුජමාරුව සිදුවෙයි..! ඔබේ ලග්නයට කොහොමද..? විස්තර මෙන්න..!

    කුජ කියන්නේ තමන්ගේ ආත්ම ශක්තිය හැකියාව නියෝජනය කරන ග්‍රහයායිග කුජගේ අධිපතිත්වය යටතේ ආක්‍රමණල ව්‍යාපාර ආරම්භ කිරීම්ල එමෙන්ම පොළව සම්බන්ධ කටයුතුවල ශුභ ක්‍රියා ඇරභීම දැකගන්න පුළුවන්. කුජ දේවියගේ ප්‍රත්‍යදී දෙවියා වන්නේ කතරගම හෙවත් ස්කන්ද කුමාර කුජගේ ගතිගුණ සහ කතරගම දෙවියන්ගේ ගති ගුණ බොහෝ තැන්වලදී සමපාත වනවා.

    කතරගම දෙවියන් යුද්ධයට අධිපති වන අතර කුජ සේනාධිපතිත්වය සංකේතවත් කරනවා. කුජ අපගේ රුධිර සංසරණ ගමනටද ප්‍රධානත්වයක් (රවි සහ සදු සමග) දරනවා. 

    කුජ සිය උච්ච රාශියට ගමන් කිරීම මැයි 2 වැනිදා සිදු වුනා. කුජ මාරුව සමග බොහෝ දෙනෙකුගේ ජීවිතවලට යහපත් ආකාරයෙන් කටයුතු සිදුවනවා ඇති. මන්ද කුජ යනු උත්සාහවන්ත ග්‍රහයෙක්. ඕනෑම අපහසු කටයුත්තක් කිරීමේ හැකියාව කුජට ලැබී තිබෙනවා. කුජ මකර රාශියෙන් කුම්භ රාශියට ගමන් කිරීම නොවැම්බර් 6 වනදා සිදුවන අතර ජූනි 28 සිට අගෝස්තු 28 දක්වා කාලය තුළදී කුජ වක්‍රවී ගමන් කරනවා. 

    මෙම කුජගේ වක්‍ර කාලය තුළදී රටෙහි බොහෝ ගැටළු මතුවනවා. උද්ගෝෂණ මෙන්ම ගිනි හෝ රසායන ද්‍රව්‍ය නිසා සිදුවන අනතුරු සහ ගංවතුර තත්වයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම හමුදාව සම්බන්ධව තීන්දු තීරණ ගැනීම් වෙනස්වීමේ හැකියාව පවතිනවා.

    එමෙන්ම මේ වනවිට මකර රාශිගතව කේතු ග්‍රහයාද තැන්පත්ව තිබෙනවා. මෙම කේතු- කුජ සංයෝජනය ඔබට කෙසේ බලපායිද යන්න විමසා බැලිය යුතු වනවා.

    මේෂ ලග්නය 

    මෙම කාලයේදී ඔබගේ රැකියාව සම්බන්ධ කටයුතු හරහා කාර්ය බහුල වන බව පෙන්නුම් කරනවා. එමෙන්ම මෙම කාලයේදී තමන්ට නායකත්වයන් හිමිවන අතර ඔබට ඔබගේ විෂය පථයේ තවත් පැතිවල දැනුම ලබාගැනීමට වාසනාව ලැබෙනවා. මෙම කාලයේදී ඔබට ඔබගේ දැනුම අලුත් කරගැනීමට නොයෙකුත් සම්මන්ත්‍රණ, පුහුණු සැසි ආදියට සහබාගිවීමට සිදුවනවා. එමෙන්ම ඇතැම් අවස්ථාවන් වලදී තමන්ට බාධා සිදුකළ පුද්ගලයන් සමග සෘජු කතා බහ ඇතිකරගෙන ගැටළු සූක්ෂමව විසදා ගැනීමට පුළුවන්.

    වෘෂභ ලග්නය 

    තමන්ගේ සබඳතා වල වර්ධනයක් ඇතිකර ගැනීමේ හැකියාව පවතින කාලයක්. ඔබ ඔබගේ සහකරුවා සමග විවෘතව කතා කිරීමට පෙළඹිය යුතු වනවා. ඔවුනොවුන් අතර යහපත් සන්නිවේදනයක් ගොඩනගාගැනීමට මෙම කාලය යොදා ගතයුතුයි. ඒ වගේම තමන්ගේ රැකියාව සම්බන්ධව ඇතිවන ගැටළු වලදී මනසට වැඩි පීඩනයක් නොගෙන කටයුතු කිරීමෙන් අනවශ්‍ය ගැටලුවලට නොපැටලී සිටීමට හැකි වනවා. මෙම කාලයේදී පැරණි විෂයන් ඉගෙන ගන්නා අයට මෙන්ම ව්‍යාපාර සම්බන්ධව උසස් අධ්‍යාපන කටයුතු සිදු කරනා අයට වාසි සහගත කාලයක් වනවා. 

    මිථුන ලග්නය 

    මිථුන ලග්න හිමියන්ගේ කටයුතු විශාල ලෙස වෙනස්වන කාලයක් වනවා. ඔබ මෙම වෙනසට හුරුවිය යුතු වනවා. එසේ නොමැති වුවහොත් විශාල ගැටලුවලට ලක්වන බව පෙන්නුම් කරනවා. මෙම කාලයේදී තමන්ගේ පැරණි චර්යා වෙනස්කර කටයුතු කිරීම අනිවාර්‍ය කාරණාවක් වනවා. විශේෂයෙන් තමන්ගේ ආදායම් මාර්ගය පිළිබද වැඩි අවධානයක් මෙන්ම එහි පවතින ඇතැම් ගැඹුරු දැනුම කැපවීමෙන් ලබාගත යුතුවනවා. ඔබ නිරතවන වෘත්තිය කුමක් වුවත් නව දැනුම සමග විනයානුකුල කාල සටහනක් පැවතීම හරහා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට පුළුවන්. අධ්‍යාත්මික මාර්ගයට පිවිසි ඇති පුද්ගලයන්ට නව ගවේෂණාත්මක මාර්ගයන් පහළ වනවා. 

    කටක ලග්නය 

    තමන්ගේ සබදතා වලට වැඩි අවධානයක් යොමුකළ යුතු කාලයක් වනවා. මෙම කාලයේදී විවාහ අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනෙකුට ආදරය ප්‍රකාශ කිරීම මෙන්ම ආදර සබදතා වල ස්ථිරත්වයකට පැමිණීම සිදු වනවා. නමුත් තමන්ගේ සබදතා වල යම් කුකුසක් පවතින බවද දැනෙන කරුණක් වනවා. මේ නිසා තමන්ගේ සබදතා සම්බන්ධව කලපනාවෙන් කටයුතු කළ යුතු වනවා. ඔබට මෙම කාලයේදී තමන්ගේ පැරණි ආදරවන්තයින් හමුවීමද සිදුවනු ඇති. ඒ වගේම විවාහයේ ගැටළු පවතින පිරිස් මෙම කාලය තුලදී තමන්ගේ කෝපය  පාලනය කරගැනීම අනිවාර්යය කරුණක් වනවා. එසේ නොවුනහොත් තමන්ට හිත් රිදවීම ඇතිවීම සිදුවනවා.

    සිංහ ලග්නය 

    සමාජ සේවා කටයුතුවලට වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් වනවා. අන් අයට ගෞරව කර උදව් උපකාර කිරීමට පෙලඹිය යුතු වනවා. මෙම කාලයේදී අනවශ්‍ය පරිදි පුද්ගලයන් සමග වාද වලට නොයා යුතුයි. ඒ වගේම ඔබගේ අවංක ප්‍රකාශ හරහා පුද්ගලයන්ගේ සිත් රිදීමට ඉඩ ඇති බැවින් කතා බහ කිරීමේදී කල්පනාවෙන් කටයුතු කළ යුතු වනවා. විශේෂයෙන් තමන්ට එරෙහිව නැගී සිටින්නන්ට විරුද්ධවිමේ හැකියාව පැවතුණද ඒ හරහා තවත් විශාල ගැටළු ප්‍රමාණයක් මතුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම තමන්ගේ මානසික සෞඛ්‍යයට යහපතක්.

    කන්‍යා ලග්නය 

    වේගවත් වාහන ධාවනයෙන් වැළකී සිටිය යුතු කාලයක් වනවා. වාහන ආශ්‍රිත ගැටළු වරින්වර මතුවීමේ හැකියාව පවතිනවා. එමෙන්ම මෙම කාලයේදී තමන්ගේ වැඩිහිටියන්ගේ සහ ගුරුවරුන්ගේ අවවාද සහ අනුශාසනා අනුව කටයුතු කිරීම තමන්ගේ දියුණුවට වඩාත් රුකුලක් වනවා. ඔබට මෙම කාලයේදී අධ්‍යාත්මික කටයුතු හරහා ඉහළට යාමේ හැකියාවක්ද මතුවනවා. මේ නිසා තම කටයුතු සැලසුමක් මත කරගෙන යාමෙන් බොහෝ ජයග්‍රහණ අත්කර ගැනීමට වාසනාව ලැබෙනවා. 

    තුලා ලග්නය 

    අරමුණක් වෙනුවෙන් වැඩකිරීමේ හැකියාව ලැබෙනා කාලයක් වනවා. ඔබ මෙතෙක්කල් උත්සාහය මත පවත්වාගෙන ගිය යමක් මෙම කාලයේදී සැලසුමකට අනුව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. නිවාස සම්බන්ධ කටයුතු උත්සාහය හරහා ආරම්භ කිරීමට පෙළඹෙනවා. එමෙන්ම අධ්‍යාපන කටයුතුවල නිරතවන පිරිසගේ දැනුම වර්ධනය කරගත හැකි කාලයක් වනවා. තමන්ට අවශ්‍ය දැනුම ලඟාකර ගැනීමට අවකාශයන් නිර්මාණය වනවා. නමුත් මෙම කාලයේදී සෙම් රෝග මෙන්ම පපුව සහ පෙනහළු ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් විය යුතු වනවා. ඔබගේ අරමුණ වෙනුවෙන් ක්‍රියාකරගෙන යාමේදී තමන්ගේ සමීපතමයන් පවා පීඩාවට ලක්විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

    වෘශ්චික ලග්නය 

    තමන්ගේ සහෝදරයන් සමග කටයුතු කිරීමේදී ඉතාමත්ම කල්පනාවෙන් කටයුතු කළ යුතු වනවා. මෙම කාලයේදී මනසට විශාල පීඩනයක් අැතිවනු ඇති. විශේෂයෙන් තමන්ගේ සමීපතමයන්ගෙන් එන පීඩනය හරහා මනස පීඩාවීම නිරතුරුව සිදු වනවා. නමුත් ඔබ කිසිවක් පිළිබද කලබලයට පත්විය යුතු නැහැ. කල්පනාවෙන් කටයුතු කළ යුතු වනවා. මෙම කාලයේදී අධ්‍යාත්මික කටයුතු හරහා විශාල දියුණුවක් කරා ගමන්කිරීමේ හැකියාව පෙන්නුම් කරනවා. ඔබට ගැටළුවක් පැමිණිවිට කලබලයට පත්නොවී එම ගැටලුවට පිළිතුර ධර්ම මාර්ගයකින් හෝ නිහඩ පිළිවෙතකින් ලබා දීම අනිවාර්ය කරුණක් වනවා. 

    ධනු ලග්නය 

    තමන්ගේ කටයුතු නව දිශානතියකට ගෙනයාමේ හැකියාව පවතින කාලයක්. ඔබට නව කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාව පවතිනවා. මෙම කාලයේදී ඔබගේ වැඩිහිටියන්ගෙන් දැනුම ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම කාලයේදී ගාථා හෝ මන්ත්‍ර හරහා තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ ආත්ම ශක්තිය වර්ධනය වන කාලයක්. ඔබ හමුදාව සම්බන්ධ කටයුතුවල හෝ නීතිය සම්බන්ධ කුමන කටයුත්තක රාජකාරී කරනවානම් මෙම කාලයේදී ආත්ම ශක්තිය වර්ධනය වීම හරහා ඔබට නව මාවත් විවරවනු ඇත. බොහෝ දෙනා ඔබගේ කාර්යයන් අගය කරන කාලයක් බවට පත්වනවා. නමුත් පවුලේ කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කළ යුතු වනවා. ක්ෂණික කෝපය හරහා ගැටළු වර්ධනය වීමේ හැකියාව බහුල වනවා.

    මකර ලග්නය 

    තමන්ගේ කටයුතු පිළිබද නැවත වරක් සොයා බැලීමට අවශ්‍ය කරන වටාපිටාව ඔබට ලැබෙනවා. මේ නිසා ඔබට ඔබ ගැනම යම් තක්සේරුවකට පැමිණිය හැකි වනවා. ඔබගේ පැරණි ක්‍රියාපිළිවෙත් වෙනස්කර නව ක්‍රියාපිළිවෙත් හරහා දියුණුවක් ලබා ගැනීමට ඔබට හැකි වනවා. දක්ෂතා ඔප්නංවා  ගැනීමට හැකියාව ඇති කාලයක් බවට පත් වනවා. මෙම කාලයේදී ඔබගේ මවට රුධිරය සම්බන්ධ ගැටළු වර්ධනය විය හැකියාව පවතිනවා. ඒ වගේම තමන්ගේ සෘජු තීරණ නිසා සමීපතමයන්ට ගැටළු මතුවිය හැකියි.

    කුම්භ ලග්නය 

    මෙම කාලයේදී හදිසි අනතුරු පිළිබද කල්පනාවෙන් කටයුතු කළ යුතුවනවා. විශේෂයෙන් තමන්ගේ රුධිරය ආශ්‍රිත රෝගී තත්වයන් මතුවිය හැකි කාලයක් වනවා. විදේශගතව සිටින පුද්ගලයන්ට මෙම කාලයේදී තමන්ගේ අරමුණු වෙනුවෙන් කැපවී වැඩකිරීමේ හැකියාව ලැබෙනවා. අධ්‍යාත්මික කටයුතුවලට වඩාත් උනන්දුවකින් කටයුතු කළ යුතු කාලයක් වනවා. විශේෂයෙන් ආනාපානසති භාවනාව හෝ ප්‍රාණයාම භාවනාව කිරීම හරහා තමන්ට එන ගැටළු අවමකරගත හැකි වනවා. 

    මීන ලග්නය 

    මෙම කාලයේදී තමන්ගේ අරමුණු වෙන් වෙන් වශයෙන් හදුනාගත යුතු කාලයක් වනවා. තමන්ගේ කටයුතුවල වඩාත් යහපත් කාලයක් වනවා. විශේෂයෙන් තමන්ගේ ධනය සම්බන්ධ කටයුතු වලදී වඩාත් මධ්‍යස්ථව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. මෙම කාලයේදී නව ව්‍යාපාර හෝ අදායම් මාර්ග පිළිබද සැලසුම් සකස් කිරීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම තමන්ගේ වැඩිහිටියන් සමග සබදතා වර්ධනය වන කාලයක්ද වනවා. 

    කසුන් සමරකෝන්
    ජෝතිශ්‍යවේදී සහ හස්තරේඛා විශේෂඥ

  • 125කට මරු කැදවු ඉන්දියාවම සුන්නදූලි කළ දූවිලි කුණාටුවේ ඔබ නොදුටු දසුන් මෙන්න

    125කට මරු කැදවු ඉන්දියාවම සුන්නදූලි කළ දූවිලි කුණාටුවේ ඔබ නොදුටු දසුන් මෙන්න

    ඉන්දියාවට බලපෑ දූවිලි කුණාටු තත්ත්වය හේතුවෙන් 125ට අධික පිරිසක් මියගොස්, 200 අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

    මෙම දූවිලි කුණුටුවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ රාජස්ථාන් සහ පන්ජාබ් ප්‍රාන්තයටය.එම ප්‍රාන්ත වලින් පමණක් මරණ 111ක් වාර්තා වී ඇත.

    කුණාටුව සමග විදුලි පද්ධති බිද වැටී විදුලිය කාන්දු වීම, ගස් නිවාස වෙත කඩා වැටීම හා නිවාස විනාශවීම් රාහියක් වාර්තාවී ඇති අතර ඇතිවූ තද සුළඟ සහ අධික වාර්ෂාව බහුතර මරණ හා තුවාල සිදුවීම් වලට හේතු වී තිබේ.

    පීඩාවට පත්වූවන් සඳහා හැකි ඉක්මණින් අවහ්‍ය සහන ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

    තවත් කුණාටුවක් ඇති වීමේ ඉඩකඩක් පවතින බැවින් අදාළ ප්‍රදේශවලින් මේවන විට ජනතාවට ඉවත් වීමට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව ඉන්දීය මාධය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න

     

    fghf

     

  • වේගයෙන් ගිය තරුණයා ලයිට් කණුවේ ගැටී මරු තුරුලට… අසරණ මව ලයිට් කණුව බදා වැළපෙයි

    වේගයෙන් ගිය තරුණයා ලයිට් කණුවේ ගැටී මරු තුරුලට… අසරණ මව ලයිට් කණුව බදා වැළපෙයි

    යතුරුපැදිය එහෙම නැත්නම් සරළව කියනවා නම් බයික් කියන්නේ කොල්ලන්ගේ පිස්සුම වාහනයක් තමයි.

    ඒත් ඒ පිස්සුම වාහනේ අන්තිමේදී හැමෝවම පිස්සු වට්ටන්නේ වචනයකින්වත් ඒ දුක කියාගන්න බැරි විදිහටයි.

    මරණය…..

    යතුරුපැදි වලින් අධික වේගයෙන් ආසාවෙන් යන හුගක් තරුණයන්ගේ ජීවිත කෙළවර වන්නේ චන්දුලට වෙච්ච විදිහටමයි.

    චන්දුලගෙත් ආසම වාහනේ එහෙමත් නැත්නම් කොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් ආසම වන්ඩිය තමයි බයික් එක.

    බයික් එකෙන් එක එක වැඩකෑලි දාපු තරුණ චන්දුල හදිසියේම ජීවිතයෙන් සමුගත්තා.

    ඒ වෙන මොනම ලෙඩකින්වත් නෙමෙයි වේගය නිසයි.

    අධික වේගයෙන් යතුරුපැදිය පැදවූ චන්දුලට වේගය පාලනය කරගත නොහැකිව ලයිට් කණුවේ හිඩස තුළටම ගොස් සිරවෙලා තියෙනවා.

    මීගමුවේ සිද්ධ වෙච්ච මේ අනතුරේ තවත් කාන්තාවක් ද තුවාල ලබලා තියෙනවා.

    ඒත් ඇය මාරයාගෙන් බේරුණත්, චන්දුලට නම් මාරයාගෙන් බේරුමක් ලැබුනේ නැහැ.

    චන්දුල තමන්ගේ හිතේ ආසාවට ගතේ තියෙන අයියට තරුණ ජවයෙන් යතුරුපැදියෙන් අවසන් ගමන් ගියත් අද ඔහුගේ මව මොහොතක් මොහොතක් පාසා මැරී මැරී ඇය ඉපදෙනවා.

    අවසන් වශයෙන් වටිනා කියන තරුණ ජීවිත වලට අපිට දිය හැකි එකම ඔවදන වන්නේ වේගය මරුවා කැදවා කියන පණිවුඩය පමණයි….

  • සැමියාගේ මිතුරාගේ කාම ඇසට හසුවුණු බිරිද සැමියාගේ මිතුරා සමග යහන්ගතවු විඩියෝව මෙන්න…

    සැමියාගේ මිතුරාගේ කාම ඇසට හසුවුණු බිරිද සැමියාගේ මිතුරා සමග යහන්ගතවු විඩියෝව මෙන්න…

    හිතන් ඉන්න විදිහයි ඇත්තටම පවතින විදිහයි කියන්නෙ දෙකක්. මිනිස්සු හැටියට අපි ගොඩක් වෙලාවට කරන්නේ භාෂාත්මක ගොඩනැංවීම්. ඒ කියන්නෙ ඇත්තටම අපි තේරුම් ගන්නේ මතුපිටින් පෙනෙන දේ පමණයි.

    නමුත් යම් දෙයක ඇත්තටම පවතින තත්ත්වය කියන්නේ වෙනම දෙයක්. මිනිස්සුත් ඒ වගේමයි. අන්න ඒ නිසා තමයි කියන්නේ ජීවිත කාලයක් ගතවුණත් අපට මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ කියලා.

    වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව නැරඹීම සදහා පහතින් ඇති වීඩියෝව ටච් කර පස්වන තත්පරය වන තෙක් රදිසිටින්න.

    එහෙම තේරුම්ගන්න ගිහින් අමාරුවේ වැටුණු තවත් තරුණියකගේ කතාවක් තමයි මේ.

    ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ “Room No 33” ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 28 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

    මේ කතාව චාපා ගැනයි.

    ජීවිතය කියන්නේ එක වෙලාවකට හීනයක් වගේ. හීන දකින්න දුප්පත් පොහොසත්කම් අදාළම නැහැ. චාපා කියන්නෙත් මේ වගේ හීන දැකපු දුප්පත් කෙල්ලෙක්. චාපාගේ හීනේ ආරම්භ වෙන්නේ ඇඟලුම් කම්හලට වැඩට ගියාට පසුවයි.

    චාපා කියන්නේ පවුලට හිටපු එකම දරුවා. ඇගේ හීනය වෙලා තිබුනේ හොඳට ඉගෙනීම් කටයුතු කරගෙන රැකියාවක් කරන්නයි. නමුත් ඇගේ ඒ හීනය බොඳවෙලා අන්තිමට නැවතුනේ ඇඟලුම් කම්හලකයි.

    චාපා ලස්සන තරුණියක් නිසා හුඟ දෙනෙක්ගේ ඇල්ම බැල්ම ඇයට යොමු වී තිබුණා. හුඟක් තරුණයන් ඇගේ පස්සෙන් ආවත් ඇය ඒ කිසි කෙනෙක්ව ගණන් ගත්තේ නැහැ.

    ඇය ඇගේ පාඩුවේ රැකියාව කරගෙන හිටියා. නමුත් චාපාගේ පස්සෙන් නිතර නිතර පස්සෙන් එන තරුණයන් දෙදෙනෙක් හිටියා.

    ඒ දෙදෙනාගෙන් සමීර කියන තරුණයා ගැන චාපාගේ හිතේ ආදරයක් ඇතිවෙනවා.

    සමීර චාපාට ආදරය කළේ විවාහ වෙන්නම බලාගෙන නිසා චාපා එක පයින් ඒ සම්බන්ධයට කැමති වෙනවා.

    ඇඟළුම් කම්හලෙන් පටන්ගත්තු චාපාගෙයි සමීරගෙයි ආදරය දිනෙන් දින වැඩිවෙනවා. මේ දෙන්නා විවාහ වෙන්නත් තීරණය කළා. ඔවුන් දෙදෙනාට සමීරගේ මිතුරන් කිහිපදෙනෙකුත් උදව් කළා. ඒ මිතුරන් අතර කසුන් කියලා තරුණයෙකුත් හිටියා. ඔහු තමයි මොවුන්ට වැඩි වැඩියෙන් උදව් කළේ.

    කොහොමහරි මේ දෙන්නා විවාහ වෙලා ජීවත්වුනේ වෙනම ගෙදරකයි. දෙමව්පියන්ගෙන් ඈත්වෙලා හිටියත් චාපයි සමීරයි විවාහ වෙලා හුඟක් කල් සතුටින් ජීවත් වුණා.

    ඒත් සමීරට බොන කන යහළුවො හිටපු නිසා චාපා ඒකට ටිකක් අකමැත්තෙන් හිටියා. ඇය නිතරම කිව්වෙ මිතුරන් ආශ්‍රය කරන එක නවත්වන්න කියලයි.

    ඒත් සමීර ඒ කිසිදෙයක් ඇහුවේ නැහැ. පසුව චාපාත් සමීරගේ ජීවිතේට හුරුවුණා.

    මේ අතර සමීර නැතිවෙලාවේ කසුන් නිවසට යන්න එන්න ගත්තා. කසුන්ගේ හිතේ චාපා ගැන වැරදි අදහසක් තියෙන බව චාපාට තේරෙන්න ගන්නවා.

    මේ නිසාම “කසුන් ගෙදරට යනවා එනවා වැඩියි ඒ නිසා කසුන් යන එන එක නවත්වන්න” කියලා චාපා සමීරට කිවුවා. ඒත් කසුන් ගැන චාපා කියපු දේ සමීර පිළිගත්තේ නැහැ.

    ඔහොම කාලයත් ගතවෙනකොට මොවුන් දෙදෙනා අතර ප්‍රශ්ණ එන්න පටන්ගන්නවා. සමීර චාපාට බනින්න ගහන්න පවා පටන්ගන්නවා.

    ඒ අතර තුරුම ආර්ථික ප්‍රශ්ණ පවා එන්න ගන්නවා.

    දවසක් ගෙදර සමීර කසුන් ඇතුළු යහළුවෝ ටික එකතුවෙලා මත්පැන් සාදයක් පවත්වනවා. පසුව සමීරට හොඳටම වෙරිවෙලා චාපා සමීරව කාමරය දාලා රූට කෑම හදන්න යනවා.

    ඒ වෙලාවේ කසුන් ඇවිත් චාපාව බ්ලැක්මේල් කරලා අයුතු ප්‍රයෝජන ගන්න හදනවා. චාපා ඇඳුම් මාරුකරන වීඩියෝවක් පෙන්න පෙන්න සමීර චාපාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.

    කසුන් චාපාට අතවර කරත් චාපා මේ ගැන සමීරට කිව්වේ නැත්තේ සමීර යහළුවෝ ගැන කියන කතා විශ්වාස කරන් නැති නිසයි.

    කොහෝම වුණත් ටික ටික චාපා කසුන්ට ලංවෙන්න ආදරේ කරන්න පටන්ගන්නවා. ඔහොම හොරෙන් ගෙවුණු මේ දෙන්නගේ අනියම් සම්බන්ධය ගැන සමීරට දැනගන්න ලැබෙනවා.

    දවසක චාපයි කසුනුයි දෙන්නා කාමරෙයේ ඉන්නකොට සමීරගේ අතටම මාට්ටුවෙනවා. පසුව චාපාට හොඳටම ගහපු සමීර ගෙදරිනුත් එළියට ඇදලා දානවා.

    මේ හැමදේකින්ම පසුව චාපා තීරණය කරනවා මිතුරියකගේ ගෙදරකට යන්න. එහෙම හිටපු චාපා එකපාරටම ලෙඩවෙන්න පටන්ගන්නවා.

    ඊට පසුව චාපා දැනගන්නවා ඇයට සමාජ රෝගයක් වැළදිලා කියලා.

    අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

    චාපාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්…

  • අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට

    අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට

    ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති ආනයනික බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමා ඇත.

  • මහියංගනයේ බලයත් නිදහසට… මැතිවරණයෙන් ජය ලැබූ ස්වාධින කණ්ඩායම ජනපති හමුවී සහය පළකරයි…

    මහියංගනයේ බලයත් නිදහසට… මැතිවරණයෙන් ජය ලැබූ ස්වාධින කණ්ඩායම ජනපති හමුවී සහය පළකරයි…

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහියංගණය ප්‍රාදේශීය සභාවට තේරිපත්වූ සාමාජිකයින් 08 දෙනා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලැබීය.

    පසුව ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන්හ.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස මහියංගණය ප්‍රාදේශීය සභාවට තරග කළ ඩී.එම්. ශ්‍යාමලී කුමාරි දිසානායක, ඩී.එම්. ධනුෂ්ක ධර්මරත්න දිසානායක, ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර, ඩබ්.එම්. සමන් පුෂ්පකුමාර, එම්.බී. වසන්ත වික්‍රමසිංහ, ආර්.පී.එම් චන්ද්‍රදාස, ඒ.එම්. ලලිතා වසන්ති දිසානායක, එච්.පී. භාෂිලා මධුභාෂිනී යන මහත්ම මහත්මීන් මෙම පිරිසට එක්වුහ.