Blog

  • වෙසක් සතිය නිසා ලංකාවේ මැයි 07 සැමරුවද ලොවම සමරන ලෝක කම්කරු දිනය අද….

    වෙසක් සතිය නිසා ලංකාවේ මැයි 07 සැමරුවද ලොවම සමරන ලෝක කම්කරු දිනය අද….

    ලෝක කම්කරු දිනය අදට (01) යෙදී ඇත. මෙවර මැයි දිනය වෙසක්‌ සතියේ යෙදීම හේතුවෙන් මහ නායක හිමිවරුන් විසින් රජයෙන් කළ ඉල්ලීම් මත මැයි දින සැමරුම් පෙළපාලි 07 වැනිදාට පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‌ෂ තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් අදට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීමට කොළඹ නගර සභාවෙන් ක්‍රීඩාංගණ ලබා නොදීම නිසා වෘත්තීය සමිති ඇතුළු කම්කරු සංවිධාන කිහිපයක්‌ විසින් අද දහවල් 02.00 ට කොටුව දුම්රිය පළ ඉදිරිපිට සැමරුම් උත්සවයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    එස්‌. ඩබ්ලිව්. බණ්‌ඩාරනායක, ටී. බී. ඉලංගරත්න ඇතුළු කම්කරු නායකයන් සැමරීමේ සම්මන්ත්‍රණයක්‌ අද සවස 03.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

    ජනතා විමුක්‌ති පෙරමුණේ සහ ලංකා ගුරුසේවා සංගමයේ මැයි දින සැමරුම අද යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මියගිය කම්කරු නායකයන් අනුස්‌මරණය කරමින් සැමරුම් උත්සවයක්‌ නාරාහේන්පිට අභයාරාමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු සූදානම් කර තිබේ.

    මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂයේ මැයි රැලිය මැයි 06 වැනි දා සුගතදාස ගෘහස්‌ත ක්‍රිඩාංගණයේ දී ද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි රැලිය මැයි 07 වැනි දා මඩකලපුව චෙන්කල්අඩිහිදිත්, ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි රැලිය මැයි 07 වැනි දා කොළඹ බී.ආර්. සී. පිටියේදීත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිsය මැයි 07 ගාල්ල සමනල ක්‍රීඩාපිටියේදීත්, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ මැයි රැලිsය මැයි 07 තලවාකැලේදීත් එදින ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය නුවරඑළි යේදීත් පැවැත්වීමට නියමිතයි.

  • ඇමැතිධුර වෙනසකට වඩා විෂය පථයන් වල වෙනසක් අද කැබිනට් සංශෝධනයෙන්…

    ඇමැතිධුර වෙනසකට වඩා විෂය පථයන් වල වෙනසක් අද කැබිනට් සංශෝධනයෙන්…

    අද පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

    මුළු ඇමැති මණ්ඩලයම අලුත් කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය.

    එහිදී ඇමැතිවරුන්ට දැනට හිමිවී ඇති ඇමැතිධුරවලට අයත් විෂ්‍ය පථයන් ගණනාවක්ම වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

    අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    රජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථාවද නැවත සංස්කෘතික අමාත්‍යංශය යටතට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශ දෙකක් ලෙස වෙන් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    මේ අතර ජාතික ආණ්ඩුවේ කැබිනට් අමැතිවරුන් 47 දෙනකු සිටි අතර එය 42ක් පමණ දක්වා අඩු වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.

  • රනිල් නිරුත්තර කරමින් නායකත්වය රංජිත් මද්දුම බණ්ඩාරට – එජාප පසුපෙලින් ඉල්ලීමක්

    රනිල් නිරුත්තර කරමින් නායකත්වය රංජිත් මද්දුම බණ්ඩාරට – එජාප පසුපෙලින් ඉල්ලීමක්

    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය බාර ගන්නා ලෙස එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලා ඇති බවට වාර්තා පල වෙයි.

    කණ්ඩායම් දෙකක් ලෙස වාර දෙකකදී ඇමති මද්දුම බණ්ඩාර හමුව ඇති මෙම මන්ත‍්‍රි පිරිස ඉල්ලා ඇත්තේ පක්‍ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන ඒම සදහා මෙම ඉල්ලීම පිලිගන්නා ලෙසයි.

    කෙසේ වෙතත් ඇමති මද්දුම බණ්ඩාර මෙම ඉල්ලීමට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැති අතර සතුටුදායක ප‍්‍රතිචාරයක් ලැබෙතැයි එජාප පසුපෙල බලාපොරොත්තුවෙන් සිටින්නේ යයිද පැවසෙයි.

    නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස නායකත්ව සටනට අවතීර්න නොවී ජ්‍යොතිෂය ගැනම විශ්වාසය තබමින් සිටින නිසා එජාප පසුපෙල විසින් මෙම යෝජනාව ඉදිරිත් කර ඇති බවද සදහන්ය.

  • අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින ලෙස ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගෙන් ඉල්ලීමක්…

    අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින ලෙස ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගෙන් ඉල්ලීමක්…

    අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ අද (30) බැතුමතුන්ගෙන් ඉල්ලීමක් කළහ.

    එලෙස පැමිණෙන්නේ නම් ඒ පිළිබඳව අදාල අංශයන්ගෙන් අනුමැතිය රැගෙන පැමිණෙන ලෙස ද උන්වහන්සේ පැවසුහ.

    අදින් අවසන් කෙරුණු ශ්‍රීපාද වන්දනා සමයෙන් පසු නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

    එහිදී අදහස් දැක්වු උන්වහන්සේ වැඩිදුරටත් පැවසුයේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය පරිසර හිතකාමී ලෙස අවසන් කෙරුණ බවයි.

    රජයේ මැදිහත් විමෙන් වන්දනාකරුවන් දැනුවත් කිරිම නිසා ශ්‍රි පාද පරිසරය පද්ධතිය මෙවර සැළකිය යුතු ආකාරකින් රැකගෙන ශ්‍රි පාද වන්දනා සමය පවත්වා අවසන් කිරිමට හැකි වු බවත් උන්වහන්සේ පැවසුහ.

    විස නැකත අනුව මෙවර වෙසක් තෙමඟුල අප්‍රේල් මාසයට යෙදි ඇති බවත් , ඒ බෞද්ධ දර්ශනයට හා නක්ෂත්‍ර අනුව හරිම වෙසක් මංගල්‍යය බවත් උන් වහන්සේ පැවසුහ.

  • දෙරණට ඇවිත් යොවුන් නිලි උදාරි කරපු කොල්ලෝ අවුස්සන සුපිරි නැටුම මෙන්න…

    දෙරණට ඇවිත් යොවුන් නිලි උදාරි කරපු කොල්ලෝ අවුස්සන සුපිරි නැටුම මෙන්න…

    උදාරි වර්ණකුලසූරිය කියන්නේ අපේ රටේ ඉතා ජනප්‍රිය චිත්‍රපට මෙන්ම, ටෙලි නාට්‍ය නිළියක්.

    ඒ වගේම උදාරි කාලෙන් කාලෙට එක එක විදියේ කතාමවන්නියක්.

    පහුගිය සෙනසුරාදා TV දෙරණ නාළිකාවේ ස්ටාර් සිටි ටුවෙන්ටි ටුවෙන්ටි වැඩසටහන සහභාගි වෙමින් අපූරු නර්ථනයක් ඉදිරිපත් කළා.

    වෙනසකට එහි සිද්ධ වුනේ උදාරි නාගත්ත එකයි….

     

  • දැන්ම ආදරය කරන්න බෑ අනේ..  චූටි මැණිකේට එන ආදර යෝජනා ප්‍රතික්ෂේප කරන හේතුව මෙන්න

    දැන්ම ආදරය කරන්න බෑ අනේ.. චූටි මැණිකේට එන ආදර යෝජනා ප්‍රතික්ෂේප කරන හේතුව මෙන්න

    දෙවැනි ඉනිමේ චූටි මැණිකේ මේ දවස්වල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ චරිතයක්. චූටි මැණිකේ විදියට ඔබ හමුවට එන යොවුන් නිළි ශලනි ප්‍රනාන්දු තමයි 2017 දෙරණ අවුරුදු කුමරිය විදියටත් අභිෂේක ලැබුවේ.

    තරගයේ ජයත් සමග නිළි වරම් හිමි වූ මේ සොදුරු යුවතියට 2018 දෙරණ අවුරුදු කුමරිය පළමු වටයේ විනිසුරු මඩුල්ලට එන්නටත් භාග්‍යය උදා වුණා. තවමත් පාසල් අධ්‍යාපනය ලබන ශලනිට කලා ජීවිතයේත් පෙඃද්ගලික ජීවිතයේත් හීන ගොඩයි. ඒ ගැන ශලනි කතාබහ කළේ මේ විදිහටයි.

    කොහොමද චූටි මැණිකෙට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර එහෙම ?
    ගොඩක් හොදයි. දැන් ගොඩක් අය මට කතා කරන්නේ චූටි මැණිකේ කියලා.

    මේ ජනප්‍රියත්වයත් හිමි වුණේ පසුගිය අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය වීම නිසා නේද ?

    මම රූ රුජින තරගයකට ඉදිරිපත් වූ ප්‍රථම වතාව තමයි 2017 දෙරණ අවුරුදු කුමරියට ඉදිරිපත් වූ අවස්ථාව. ඉන් ජය ලබන්න හැකිවීමත් ලොකු දෙයක්. ඒ විදියට කිරුළ පළදලා ලැබුණු තෑගි අතර ලොකුම තෑග්ග තමයි දෙවැනි ඉනිමේ පුංචි මැණිකේ වෙන්න අවස්ථාව ලැබුණු එක.

    තරග ජයෙන් ලැබූ තෑගි වලට අමතරව ඒ විදියට ලැබුණු තවත් තෑගිත් තිබෙනවාද ?
    දෙවැනි ඉනිම හින්දා මට ගොඩක් හොද පිරිසක් මුණ ගැහුණා. ඒ අයත් එක්ක දවස ගෙවිලා යන එකත් හරිම සුන්දරයි. ඒ හැමෝම මගේ හොද යහළුවෝ. ඒ වගේම තමයි මේ වන විට Bridle Show රුසකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. වෙනත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට සදහාත් ආරාධනා ලැබුණා. ඒ හැමදේම මට 2017 දෙරණ අවුරුදු කුමරිය වීම නිසා ලැබුණු තෑගි.

    මොනවගේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සදහා ද ආරාධනා ලැබුණේ ?
    ටෙලි නාට්‍ය හතරකටයි චිත්‍රපට තුනකටයි ආරාධනා ලැබුණා. ඒත් මම තවම අධ්‍යාපනය අවසන් කර නැහැ. උසස් පෙළ විභාගයට පෞද්ගලිකව මුහුණ දීමට පාඩම් කරනවා. අධ්‍යාපනයටයි දෙවැනි ඉනිම ටෙලි නාට්‍යටයි කාලය වෙන් කලාම වෙනත් දෙයකට යොදන්න මට කාලයක් ඉතිරිවෙලා නැහැ. ඒ හින්දා ලැබුණු නිර්මාණ සියල්ලම ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා.

    ඒ කියන්නේ ශලනිව ප්‍රේක්ෂකයන්ට හමුවන්නේ දෙවැනි ඉනිමේ චූටි මැණිකේ විදියට විතරයි ?
    ටෙලි නාට්‍යවලදී නම් ලොකු කාලයක් කැප කරන්න වෙනවා. ඒ හින්දා ටෙලි නාට්‍ය භාරගන්න අමාරුයි. හැබැයි හොද චිත‍්‍රපටයක් ලැබුණොත් භාර ගන්නවා. ආරාධනා ලැබූ චිත්‍රපට අතරින් එකකට මම කැමැතියි. සමහර විට ඉදිරියේදී ඊට එකතු වෙන්නත් පුළුවන්.

    පසුගියදාක ඔබ රූ රුජින විනිසුරුවරියක් බවටත් පත්වුණා නේද ?
    2018 දෙරණ අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තෝරන තරගයේ පළමු වටයේ විනිසුරු මඩුල්ලට එකතුවන්න මටත් ආරාධනා ලැබුණා. එහිදී තරගකරුවන් 30ක් හා තරගකාරියන් 30ක් අපි තෝරාගත්තා. ඒ විනිසුරු මඩුල්ල නියෝජනය කරන්න ලැබීමත් මට ලැබුණු තවත් තෑග්ගක්.

    රූපයයි ජනප්‍රියත්වයයි හින්දා දැන් ආදර යෝජනා එහෙම ගොඩක් ලැබෙනවා ඇති ?
    ෆේස්බුක් හරහා ඒ විදියේ යෝජනා කරන අය ඕනෑතරම් ඉන්නවා. දුරකථන අංකය හොයාගෙන කතා කරලා ආදරය ප්‍රකාශ කරන අයත් ඉන්නවා. ඒත් ඉතින් යෝජනා ලැබුණාට ඒවා භාරගන්න බැහැනේ. මම තවම ඉගෙන ගන්නවානේ (A/L ). අධ්‍යාපනය නරත කරනකල් ආදරයක් ගැන නම් මම හිතන්නේ නැහැ.

  • සම්බුදු තෙමගුල සමරමින් සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන් සඳහා ජනපති මෛත්‍රී එක්වෙයි…

    සම්බුදු තෙමගුල සමරමින් සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන් සඳහා ජනපති මෛත්‍රී එක්වෙයි…

    බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද මාහිමියන් වහන්සේගේ නමින් සඟ සතුකොට පූජා කිරීමේ පුණ්‍යොත්සවයට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ එක්විය.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප‍්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අතිපූජ්‍ය නාරද මාහිමි සමරු සදහම් පහය නමින් නම් කර තිබූ ධර්ම ශාලාව සඟ සතුකොට පූජා කළේය.

    මින් පෙර දී ජනාධිපතිතුමා විසින් දුන් පොරොන්දුවක් ඉටුකරමින් නව ධර්ම මණ්ඩපයක් විහාරස්ථානය වෙත පූජා කළ ජනාධිපතිතුමා විහාරාධිපති, අමරපුර ශ‍්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට ද එක්විය.

    ප‍්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා –  මහාචාර්යවරයෙක් කියු කතාව .!

    ප්‍රේමදාස හිටපු ජනපතිවරයා ප්‍රබල දේව ආත්මයක උපත ලබලා – මහාචාර්යවරයෙක් කියු කතාව .!

    දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර පවසනවා. 

    ඔහු පවසන අන්දමට විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් සනාථ කළ නොහැකි ආධ්‍යාත්මික ගුප්ත සන්නිවේදන ක්‍රම පවතියි. එබඳු ක්‍රමයකට රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දිවංගත වීමෙන් පසු ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව තමන්ට මනා සේ තහවුරු වී ඇතැයි ඔහු කියයි. 

    මේ බව කියූ  මහාචාර්යවරයා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුනා. 
    එම සංවාදය පහතින් ,

    “වැඩි ප්‍රසිද්ධියක් නැතත් මගේ මව අපේ ජන සමාජයේ ජීවත් වූ පරමාදර්ශී කාන්තාවක්. ගුරුවරියක සහ විදුහල්පතිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කළ ඇය දුෂ්කර පාසලක් වෙනුවෙන් වසර 30 කට ආසන්න කාලයක් කැප කොට බණ මඩුවක් මහ විදුහලක් දක්වා දියුණු කළ, දිළිඳු දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කිරීමට විශාල මෙහෙවරක් කළ කාන්තාවක්. අද එතුමියගේ එම සේවය අගය කිරීම සඳහා වයඹ අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල පැන්තැනිගොඩ ‘අයිරා අමරසේකර මහා විද්‍යාලය’ නමින් එතුමියට ගෞරවයක් ලෙස නම් කොට තිබෙනවා.සත්කෝරලයේ මහිලා සමිති ව්‍යාපාරයත් ළදරු පාසල් ව්‍යාපාරයත් 60 දශකයේ ආරම්භ කළ එතුමිය ගැමියන් අතර ජීවත් වූ ගැමි දරුවන්ගේ ජිවිත උසස් කොට ඉහළ තැනකට යොමු කිරීමට තමාගේ මුළු මහත් ජීවිතයම කැප කළ විශිෂ්ට චරිතයක්. එතුමිය 2000 වසරේ මාර්තු 11 දින මිය ගිය අතර එතැන් සිට අද දක්වා මා එතුමිය වෙනුවෙන් දිනපතා ආගමානුකූල කටයුතු වල නියළී සිටිනවා. විශේෂයෙන් භාවනාමය පිංකම් බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව ආශ්‍රය කර ගෙන එතුමිය සිහිපත් කරනවා. එහිදී මට එතුමිය සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාවක් ක්‍රමානුකූලව ලැබුණා. එම හැකියාව ආරූඪයක් නොවන සිරුරට අපහසු නොවන නිශ්චිත සරල කෙටි සන්නිවේදන ලබා දෙන ලේඛණ ක්‍රමයක්.”

    “ඊට අමතරව එතුමියගේ සේවය ඉදිරියට ගෙන යෑම සඳහා 2000 වසරේ සිට මේ දක්වා මා විසින් එම පාසලේ සියළුම දරුවන්ට පොත පත සහ අධ්‍යාපන උපකරණ ලබා දෙන වැඩ පිළිවෙලක් පවත්වාගෙන යනවා,
    මා විසින් ආරම්භ කොට ඇති අයිරා අමරසේකර අනුස්මරණ පදනම මඟින් නිහඬව කිසිවකුගේ ආධාර උපකාර මත නොරැඳී විශාල දරු පිරිසකට සේවය කිරීමට මට හැකියාව ලැබී ඇත්තේ එතුමියගෙන් ලැබෙන මෙම අනුග්‍රහය නිසා බව මා තරයේ විශ්වාස කරනවා.”

    “මෙලෙස ඉහළ දේව ස්ථරයක සිටින තවත් බොහෝ ආත්මයන් සිටින්න පුළුවන්. එහෙත් ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඔවුන් ඇසුරු කළ අය දූදරුවන්, හිතවතුන් ඔවුන් වෙනුවෙන් මුළු මහත් ජීවිත කාලය පුරාවට නැත්නම් දිනපතාම සිහි කිරිමක් භාවනාමය පිං කිරීමක් සිදු කරන්නේ නැහැ. එනිසා ඒ ආත්මයන් මේ සංසාරයේ දී ඥාතීන්ගෙන් මඟහැරී යනවා.

    එහෙත් මගේ මවට එවැනි තත්වයක් ඇති නොවීමට මා දිනපතා අඛණ්ඩව පුරා 18 වසරක් තිස්සේ කරනු ලබන මෙම භාවනාමය ක්‍රියාදාමය විධික්‍රමයක් ලෙස බලපෑ බවත් ඒ හේතුවෙන් එතුමිය සහ මා අතර ක්‍රමානුකූල සන්නිවේදනයක් ගොඩනගා ගත හැකි වූ බවත් මට විශ්වාස කළ හැකියි. ඒ සම්බන්ධයෙන් ඊට වඩා යමක් කීමට එය ආනුභාවික දත්ත ආශ්‍රයෙන් අප සමාජ විද්‍යාවේ ඉගෙන ගනු ලබන කාරණා ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට මට බැහැ. එසේ කිරීමට, එසේ විග්‍රහ කර පෙන්වීමට මා තුළ උනන්දුවක් සහ ආශාවක්ද නැහැ.”


     

  • ජනපති නියෝගයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්…..

    ජනපති නියෝගයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්…..

    අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනපතිගෙන් උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ලේකම්වරයා  වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

    හෙළ සිනමා වංශකතාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අභාවප්ප්‍රාප්තවී තිබෙනවා. මිය යන විට එතුමා අවුරුදු 99 ක් වුනා.

    1919 වර්ෂයේ අප්‍රේල් මස 05 වෙනිදා කොළඹදී උපත ලැබූ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා සිය අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත පිතර් විදුහලෙන්. අවුරුදු 17 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා මාධ්‍යවේදියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලබනවා.

    පසුව 1947 වසරේදී සිය මවගේ උපදෙස් මත එංගලන්තය බලා යන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා එහිදී සිනමාව පිළිබඳව ඉගෙන ගන්නා අතර එහිදී මුණගැසෙන තවත් ශ්‍රී ලාංකිකයෙක් වන හර්වුඩ් ජෑන්ස් සමග එක්ව සිය පළමු කෙටි සිනමා චිත්‍රපටය 1949 වසරේදී නිපදවන අතර එයට සම්මානයක්ද හිමිවුවා.

    පසුව 1952 වසරේදී යලි සිය රට බලා  පැමිණෙන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා, 1956 වසරේදී සිය පළමු චිත්‍රපටය ලෙස “රේඛාව” නිර්මාණය කරමින් හෙළ සිනමාවට පාතබනවා. එම චිත්‍රපටය දේශීය මෙන්ම විදේශීයවද ගෞරවයට පාත්‍රවනවා. මෙරට සිනමාවේ චිත්‍රාගාරයකින් පිට රූගත කල පළමු චිත්‍රපටය ලෙස හදුන්වන්නේ ” රේඛාව” චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 1957 වසරේදී අන්තර්ජාතික කෑන්ස් සිනමා උළෙලේ  Palme d’Or සම්මානය සඳහා නිර්දේශ වුවා. 

    1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරනු ලබන මාර්ටින් වික්‍රමසිංහ ශුරින් විසින් රචිත “ගම්පෙරළිය” චිත්‍රපටයට සරසවි සිනමා උළලේ හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය හිමිවන අතර එම චිත්‍රපටය 3 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලද නියෝජනය කරනු ලබනවා.

    මෙරට සිනමාවට දයාද රැසක් තිලින කර දුන් අචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරණ ලද චිත්‍රපට හා කෙටි චිත්‍රපටි සංඛ්‍යාව 25 කට අධිකයි.

    හෙළයේ මහා සිනමාවේදියාණනි ඔබට අප නිවන් සුව පතන්නෙමු….!!!

    (මුලාශ්‍රයන් විකිපීඩියා ඇසුරෙන්)

  • රට පුරා දන්සැල් පරීක්ෂා කිරීම අදත්

    රට පුරා දන්සැල් පරීක්ෂා කිරීම අදත්

    වෙසක් දිනය තුල පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන ගිය දන්සැල් 265 ක් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් කටයුතු කරනු ලැබුවා. වෙසක් දිනයේ සහ ඊට පසු දින දන්සැල් 295 ක් පවත්වන බව සංවිධායකයින් විසින් ඒ ඒ ප්‍රදේවල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියාපදිංචි කර තිබෙනවා.

     

    ඉන් 93 ක් බත් දන්සැල් වන අතර ඉතිරි 202 සිසිල් පැන් සහ වෙනත් දන්සැල් වන බව සඳහන්. වෙසක් දිනය තුල පමණක් පරීක්ෂා කළ දන්සැල් අතරින් බොහෝමයක් ලියාපදිංචි කර පෙර උපදෙස් ලබාදී තිබූ  බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික්ක සභාපති සාගර සමරසිංහ කියා සිටියේ.

     

    පරීක්ෂා කරන ලද දන්සැල් අතරින් 56 ක සංවිධායකයින්ට අවවාද කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන් දන්සැල් 03 ක සංවිධායකයින්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

    මෙසේ දැඩි ලෙස අවවාද කර ඇත්තේ දන්සැල් පවත්වන බවට පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියා පදිංචි වී නොමැති සංවිධායකවරුන්ටයි.

    අවවාද කර ඇති දන්සැල් බොහෝමයක් සිසිල් බීම දන්සැල් වන අතර මාළු අයිස් භාවිතා කරමින් සිසිල් බීම සකස් කිරීම,ඇල්මේනියම් ඇතුළු නුසුදු භාජන වල ආහාර ඇසිරීම,ආහාර සකස් කරන පිරිස් නියමිත සෞඛ්‍ය රීති භාවිතා නොකිරීම යනාදී කරුණු සම්බන්ධයෙනුයි අදාළ සංවිධායකවරුන්ට අවවාද කිරීමට හේතු වී ඇත්තේ.

     

    කෙසේ වෙතත් අවවාද කර අඩුපාඩු සකස් කර ගැනීමෙන් අනතුරුව එම දන්සැල් සාමාන්‍ය  ආකාරයට පවත්වා ගෙන ගොස් ඇති බවද වාර්තා වුණා. වෙසක් දිනයේ වන්දනාවේ යන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා දන්සැල් පැවැත්වීමට පෙර පූර්ව උපදෙස් ලබා දීමට කටයුතු කළ බවත් ඉදිරි පොසොන් සමයේද මේ ආකාරයටම දන්සැල් ලියාපදිංචි කිරීමත්,පූර්ව උපදෙස් ලබා දීම සහ පරීක්ෂා කිරීමක් සිදු කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සභාපති සාගර සමරසිංහ වැඩිදුරටත් පැවසුවා.

    මේ අතර දිවයින පුරා දන්සැල් පරික්ෂා කිරිමේ කටයුතු අද (30) දිනයේද සිදු කරන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

    එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ ආහාර පනතේ නීති රීති උල්ලංඝණය කිරීම හේතුවෙන් ඊයේ (29) දිනයේදී දන්සැල් 6ක් තහනම් කෙරුණු බවයි. වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු හෙට (01) දිනයේත් සිදු කිරීමට නියමිතයි.

  • පිරිමි ඔබට ලිංගිකත්වයේදී වඩාත් වැදගත්වන කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප මෙන්න….

    පිරිමි ඔබට ලිංගිකත්වයේදී වඩාත් වැදගත්වන කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප මෙන්න….

    කාන්තාවක් ගත්තම ඇයගේ මුලු ශරීරයම ශෘංගාත්මක කලාපයක් කියලා හඳුන්වන්න පුලුවන්… එමඟින් හුදෙක් කාන්තාවට පමණක් නෙමෙයි ඇයගේ ශරීරය ස්පර්ශ කරනු ලබන පුද්ගලයාටද තෘප්තියක් ලැබෙන අයුරින් නිර්මාණය වීම විශේෂයි…

    මුලු ශරීරයම පොදුවේ ශෘංගාත්මක කලාපයක් උනත් කාන්තාවකගේ ලිංගික හැඟීම වඩ වඩාත් උද්දීපනය කරවන්න පුලුවන් විශේෂ කලාප වගයක් තියනවා..

    අන්න ඒ ප්‍රදේශ වලට තමයි අපි අධි ශෘංගාත්මක කලාප කියලා කියන්නේ….

    ප්‍රධාන වශයෙන් ප්‍රදේශ 5ක් හඳුන්වන්න පුලුවන්..මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • ලිංගිකත්වය ගැන ඔබ මෙතෙක් නොඇසු අමුතුම කරුණු 16ක් ගැන ඇත්ත මෙන්න…..

    ලිංගිකත්වය ගැන ඔබ මෙතෙක් නොඇසු අමුතුම කරුණු 16ක් ගැන ඇත්ත මෙන්න…..

    සෙක්ස් ගැන ඔබ මෙතෙක් නොහැසු අමුතුම කරුණු 16ක් මෙන්න…….මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද?  එමගින් ඔබට සිදු වෙනදේ මෙන්න….

    ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද? එමගින් ඔබට සිදු වෙනදේ මෙන්න….

    ලිංගිකව එක් වීමෙන් පසු ඔබත් මුත්‍රා කරනවාද එමගින් ඔබට සිදු වෙනදේ ඇසුවොත් ඔබ පුදුම වේවි……….මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • අලුත් ග්‍රහ වෙනසත් එක්ක 2018 ට අනුව ඔබේ ලග්නයෙන් කියැවෙන ලිංගික රහස් මෙන්න….

    අලුත් ග්‍රහ වෙනසත් එක්ක 2018 ට අනුව ඔබේ ලග්නයෙන් කියැවෙන ලිංගික රහස් මෙන්න….

    සාපේක්ෂවම දික්කසාද වීම්, පවුල් තුල ආරවුල් ඇතිවීම් වර්ධනයක් දක්නට ලැබේ. මේ සදහා බෙහේවින්ම ලිංගික අතෘප්තිකර බව බලපානවා.

    එනම් තම සහකරුවා හො සහාකාරිය ගෙන් තෘප්තිමත් වීමට නොහැකිවීම හො තම සහකරුවා හො සහාකාරිය තමාගෙන් තෘපතිමත් නොවීම යන කරුනු මේසදහා මුලික වී ඇතත් එවා සමාජය ඉදිරියේ හෙලිකිරීමට නොහැකි බාවය නිසා. වෙනත් මාතෘකාවකින් එවා එලිදකී.

    එහි අවසාන ප‍්‍රතිපලය දරුවන් අසරනවීම, පවුල් සස්තාව වුලෙන් අවුලට පත්වීමයි. මෙම ලිපිය එවැනි තත්වයන් යම්තාක් දුරකට හො මගහරවා ගැනීම පිනිසම වන්නේය.

    (වැදගත්) මෙහිදක්වා ඇති කරුනු ඔබගේ කේනද්‍රයේ අනෙකුත් ග‍්‍රහයන්‍ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැක

    මේෂ ලග්නය

    ජීවයේ ආරම්බය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවීය. රාශි චක‍්‍රයේ හත්වැන්නට තුලා රාෂිය සම්බන්ද වීමනිසා කාමොද්දීපන ශක්තිය හොදින් පැවතිමට හේතුවීතිබේ.

    මේෂ ජන්මියාගේ කාම රාග බව ප‍්‍රතිලිංගිකයාගේ ප‍්‍රමොදය හා සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතුවෙයි. ඕබේ කේන්ද්‍රයේ හත්වැන්නේ සිකුරු යෙදීම අන්‍යයන් ඔබ වෙත පහසුවෙන් ඇද ගැනීමට අවශ්‍ය බලයකි.මේ සිකුරුට කුජපගේ පවිත‍්‍ර දෘෂ්ටි ඇති වුකල මේත්තවය වඩාත් දියුනු කරයි. තවත් මෙවැනි දේ පහල ලින්කුව ඔබන්න ඔබ නොදත් කරුණු රැසක්

    වෘෂභ ලග්නය

    බලසම්පන්න උද්වේග ජනක කාමොද්දීවන ශක්තියක් ඇති වෘෂභ ජන්මියෝ තමාගේ රූ සපුව හා දේහ විලසය විසින් මෙහෙයවනු ලබන තත්වයක් මගින් ප‍්‍රතිලිංගිකයන් ප‍්‍රබල ලෙස නෙසන්සුන් බවලට පමුණුවන්නෝය.වෘෂභ ජන්මින් කාම සම්පත් මනාකොට ලැබීමට හේතුවාසනා ලද පුද්ගලයන් වේ.මොහු ලිංගි කටයුතුවලදි ඉතාදක්ෂලෙස ප‍්‍රතිලිංගිකයා වසගකරගනී.

    මිථුන ලග්නය.

    යුවති පතීදදෙනාගේ සංකේතයකින් මිථුන රාශිය හදුන්වා තිබීමෙන්ම කාම රාග බවට ඉහල අෂා ඇති අය බව පැහැදිලි වේ.මිථුන රාශියක උපන් අය කාම රාග බවින් උච්චස්තානය ලැබුවෝය.

    කාලා රසික බව ,සෘංගාර රසික බව මොවුන්ගේ සභාවයො වෙති.මොවුන් සවකීය සම් භෝග සැපය අපේක්ෂා කරන්නේ දීර්ග කාලීන සුවයක් සදහා බැවින් තමාගේ සහකාරත්වය තියුණු චෛතසික ස්පර්ශය කින් වැළද ගනු ලබයි.

    මොහු විසින් තරුණ සමය ‍ගෙවනු ලබන්නේ ස්වකීය අභ්‍යන්තර වේගයන් සමග සිය චේතනාවන් ආලිංගනය කරනු ලැබීමෙනි. ප්‍රෙම රසය මොවුන්ගේ මධුර ආහාරය වේ මිථුන ජන්මියා නිරන්තර රාගික බවින් සමන්විත වේ.මොහු එකම රසයෙන් හැමවි සතුටු නොවේ.මෙවැන්නෙක් සමග විවාහවීසිටින තැනැත්තා ඒපිළිබදව දැනගතයුතුය.

    කටක ලග්නය

    කටක ජන්මියෝ ස්වකීය කාම රාග බව කලාත්මක ස්වරූපයකින් භුක්තිවිදින්නෝ නොවෙති. සාමාන්‍ය ලෝකාස්වාද රතිය කෙරේහි ගරු කරන මෙ අය රස රස මවන්නොද නොවෙති.

    තමන්ගේ රස ලොලත්වය අන්යන් කේරෙහි දක්වනු ලබන්නේ ඉගියෙනි. හැකි හැම අවදියකම අන්යන්ට නොතේරේන අයු‍රින් තමන්ගේ අදහස් කියවේ යෙදවීමට උත්සාහ කරයි. සමාජය හමුවේ මෙවැනි අය සිටින්නේ මනා සුචරිත වාදින් ලෙසය. මොවුන් බොහොවිට අදහස් සගවාගෙන කටයුතු කරන්නො වෙති.

    සිංහ ලග්නය

    සිංහ ලග්නහිමියා කාම රාග ජිවිතය බෙහෙවින්ම ගෞරවාන්විතය. කොතෙකුත් අඩුපාඩුකම් තිබුනත් නීචකීයාවන්ට පෙලබෙන්නො නොවෙති.සවකීය කාම රාග බව උදාර අන්දමින් බුක්තිවිදිමට මොවුන්තුල ‍අපේක්ෂාව ඇත.

    මොහුගේ කාම ජීවිතය නිසා අනෙකුත් බෙහොකරුන අවුල්වීමට ඉඩ ඇත. සිංහ ජන්මියාගේ කේන්ද්‍රයේ සිකුරු හත්වැනි භාවයේ සිටිනම් ප‍්‍රිය රූප සොභාවක් ඇතිකිරීමට මෙන්ම අන්අය තමා වෙත නම්වා ගැනීමට බලයකි.මේ අය උසස් බුද්ධියක් හා උසස් සමාජ පසුබිමක් ඇත්තාහ.වාසනාවන්ත කර්යක්ෂම අයේකුසමග විවාහජීවිතය ගතකීරීමට මේඅයට වාසනාව ලැබේ.

    කන්‍යා ලග්නය

    මෙම ලග්න ජන්මියාගේ සභාවය නම් කාම රාග බව සුචරිවත්පරිද දිවිහිමියෙන් රැුකීමයි.කාම රාග ජීවිතය ගැන මෙඅයගේ පවත්නා අරපරිස්සම පුදුමසහගතය. මොවුන් සවකීය කාම රාග බව කේලෙසා ගතහොත් එය ඉතාකලාතුරකිනි.තරුණ වියට පාතබන කන්‍යා ජන්මියො මනා වුජිවිත හැඩගැස්මකට භාජවය වන්නොය.බ‍්‍රහස්පතී දහයේ සිටියේනම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දිවුනිවට පත්කරවයි.

    තුලා ලග්නය

    තුලා ලග්නයට අදිපත් සිකුරුය එසේම අටවැනි ස්තානයේද සිකුරුට අදිපතිවිය. මෙම ස්තාන දෙකම සිකුරුට අයත්වීම නිසා තුලා ජන්මියාට සිකුරු‍ගේ බලපැමෙන් බෙහෙවින්ම අනුවන කම්කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැක.

    තුලා ජන්මියාට හොද කාම ජීවිතයක් ලැබීතිබේ. කුජ සිකුරු හත්වැනි බාවයේ යොගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප‍්‍රකාශකරයි.මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස්බව සලකයි.රූපයෙන් හා තරුණ කමින් ලෙල දෙන මොවුන්ගේ දේහවිලාශය ප‍්‍රති ලිංගිකයන් නොයිවසුම් දෙන තත්වයකට පත්කරයි.‍එහෙත් මෙම යොගය සෙනසුරුවිසින් දකින ලද්දෙනම් මෙම යොගියාගේ කාම ජීවිතය තරුණ වියේදීම තමාගේම අනුවන කම්නිසා අවුල් කරගැනීමට ඉඩතිබේ.

    වෘශවික ලග්නය

    සැගවුන අදහස් ඇතිබවක් පෙන්නුම් කරයි.තම හැම අවශ්‍යතාවයක් සදහාම අනේකා වසගයට ගැනීමට උත්සාහකරන මොහු අනෙකා වසගයට ගැනීමේ වුපක‍්‍රමය ලෙස තම ශරිර අංග චලනය කිරීම මෙම ජන්මියාගේ විශේෂත්වයයි. මෙම ලග්නයෙන් උපන් කාන්තාවන් තුල මෙම තත්වය බෙහෙවින් දැකිය හැකිය. තම අපේක්ෂාව ඉටුකර ගැනීමට පසුබට නොවන මෙම වෘෂ්චික ජන්මියො තම අපේක්ෂාවන්ට විරුද්ධවන ප‍්‍රතිලිංගිකයො කෙසේහො තමාවෙත වසග කරගනු ලබයි.මෙම යොගයේ උපන් ස්ත‍්‍රින් මායා කාරීක‍්‍රියාවන්හි අතිදක්ෂයින් වේ.

    ධනු ලග්නය

    මොවුන් කාම රාග බව අභිත සභාවයකින් යුතුව බුක්ති‍විදින්නොය.සැගවුනු චිත්තවේග මෙඅයට නැත. පවිත‍්‍රව කෙලින්ම පිළිතුරුදෙන් ගතිය මේ අය කෙරෙහි ප‍්‍රකාශව පෙනෙන ලක්ෂණයවේ.

    හැම විටම ප‍්‍රතිලිංගිකයන් ආස‍්‍රය කරනු ලබන්නේ අදහස් සගවාගෙන නොවේ.මෙවැනි අය සමග ස්ථිර සබදතා ගොඩනගා ගැනීමට අපහසු වන්නේද මේඅය විනිෂ්චය ලබාගැනීමට කල්ගත වන බැවිනි.

    මකර ලග්නය

    මකර ජන්මියා කාමරාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතැත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්තාවන්ට යෙමුවන මොවුන් අන්කිසිම අයෙකුට වඩා ප‍්‍රබලලෙස තම අවශ්‍යතාව ඉටුකර ගනී.

    කුම්භ

    කුම්භ ලග්නලාභියාගෙ කාම ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත්‍ ය. සැපවත් ය. රූ සපුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නේ ය.

    කාම ආශාවන් වැට කඩුලූ‍ බිදීමට තරම් ප‍්‍රබළ වුවද සිතිවිල්ලෙන් සියල්ල පාලනය කර ගත හැකි අරුම හැකියාවක් මේ ලග්න ලාභියන් සතු වීම සුවිශේෂීය. ලිංගික කටයුතු වලදී ඉතාමත් ආකර්ෂණය ලෙස ප‍්‍රතිවිරුද්ධ ලිංගිකයා වශී කර ගැනීමේ හැකියාවක් මොවුන් සතු ය.

    මීන ලග්න

    යටපත්වු කාමාශා ඇත්තෙකි මොවුන්ගේ රාගික බව කිසිම අවදියක ඇවිස්සුන හොත් අන්‍ය හැමකොනෙකුටම වඩා වෙගවත්ව ක‍්‍රියාවට නැගේනු ඇත.

    කලබල කාරීබවකින් තොරව කටයුතු කරනුලබන මෙවුන්ගේ අභ්‍යන්තරය කිසිවෙකුටත් තෙරුම් ගතනොහැක.ජීවිතයේ වැඩිකොටසක් මෙවුන් ගතකරනුයේ ඇගබේරාගෙනය.සමාජයේ කැපීපෙනෙන්නට කටයුතු නොකරන මොවුන් තම අවශ්‍යතාවන් සපුරාගන්නේ හෙලිදරවු කිරීමකින් තොරවය.

  • බලය තිබුණු කාලයේ බෞද්ධයන් කුණු කුඩයට දැමු කුපාම මහින්දගෙන් වෙසක් දින පණිවිඩයක්..

    බලය තිබුණු කාලයේ බෞද්ධයන් කුණු කුඩයට දැමු කුපාම මහින්දගෙන් වෙසක් දින පණිවිඩයක්..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

    ලාංකේය සංස්කෘතියේ පදනම, ශක්තිය, ජිවනාලිය වන්නේ බුදු දහම බවයි ඔහු සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.

    අතීතයේ සිටම අප රටත්, ජනතාවත් නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දුන්නද ඒවා හමුවේ නොසැලී සිටීමට බුදු දහමේ ආභාෂයෙන් ලද ශක්තිය හේතුවී ඇති අතර දුෂ්ඨ බලවේග අතින් පෙර නොවූ විරූ අන්දමින් මහා සංඝරත්නය  අභියෝගයන්ට, පීඩනයට ලක්වෙමින් සිටින බවක් පෙනෙනන්ට තිබීම පිළිබඳ කණගාටු වන බවයි හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

     

  • වැලිකඩ රැඳවූවන්ගේ වෙසක් නිර්මාණ කලාපයක් සහ දන්සැල්……

    වැලිකඩ රැඳවූවන්ගේ වෙසක් නිර්මාණ කලාපයක් සහ දන්සැල්……

    අදට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරවල රැදවූවන් 432 ට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිවනවා.

    කෙසේවෙතත් ඔවුන්ගෙන් 23 දෙනෙකු වෙනත් වැරදිවලට නැවත බන්ධනාගාර ගත කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

    සෙසු පිරිසට පිරිමි පුද්ගලයන් 405 ක් සහ කාන්තාවන් 4 දෙනෙකු අයත්. 

    ජනාධිපති පොදු සමාව යටතේ මෙලෙස නිදහස හිමිවූ සියලූ දෙනා  සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටින්නන් බව බන්ධානාගර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියා සිටියා.  

    මීට අමතරව සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටින වයස අවුරුදු 70 ට වැඩි රැදවූවන්ට වසරකට දින හත බැගින් දඩුවම් කාලය අඩු කිරිමටද කටයුතු කෙරෙන බවයි ඔහු පැවසුවේ. එම රැඳවූවන්ට පනවා ඇති දඩු මුදල් අහෝසි කිරිමටද කටයුතු කෙරෙනවා.

    මේ අතර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට හෙට (30) සිට මැයි පළමු වැනිදා දක්වා වෙසක් කලාපයක් පැවැත්වෙනවා.

    සියළු බන්ධනාගාරයන්හි රැදවූවන් නිර්මාණය කළ පහන් කුඩූ එහිදී ප‍්‍රදර්ශනය කිරීමට නියමිතයි. රැදවූවන් විසින් බත් දන්සැලක් සහ අයිස්කී‍්‍රම් දන්සැලක්ද මෙහිදී පවත්වනු ලබනවා. බත් දන්සැල ආහාර පිසින්නේද රැදවූවන් විසින වීම විශේෂත්වයක්.