Blog

  • පණ්ඩිතයෝ අපිට දේශපාලනය උගන්වන්න ආවා  –  2020 දිනන හැටි ඇමති රාජිත කියයි….

    පණ්ඩිතයෝ අපිට දේශපාලනය උගන්වන්න ආවා – 2020 දිනන හැටි ඇමති රාජිත කියයි….

    අපි අමාත්‍ය ධුරවල හැමදාම ඉන්නෙ නැහැ. එහෙත් ඇමැතිකමෙන් සමුගන්නා දිනය දීර්ඝ කරගැනීමට වැඩ කළ යුතුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි එකතු වෙලා ඡන්දයට යා යුතු බව මම යෝජනා කළා. නමුත් ඊට වඩා ලොකු බක පණ්ඩිතයො අපිට දේශපාලනය උගන්වන්න ගියා. අන්තිමට අන්දමන්ද ප්‍රතිඵලයක් ලැබුණා යැයි රාජිත සේනාරත්න පසුගියදා (21දා) පානදුරේදී පවසා සිටියේය.

    පානදුර ප්‍රදේශයේ තරුණ සමිති, කාන්තා සමිති, විහාරස්ථාන සහ අවමංගල්‍යාධාර සමිති සඳහා උපකරණ බෙදාදීම සඳහා පැවැති උත්සවය අමතා රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.

    ඡන්ද ප්‍රතිඵලයෙන් අපට පාඩමක් කියා දුන්නා. ඡන්ද ප්‍රතිඵලය හොඳින් තේරුම් ගෙන දැන් වැඩ කරන්න පටන් ගෙන තියෙනවා.
    2020දී පවත්වන මැතිවරණය ඒකාබද්ධ විපක්ෂයට ජය ගන්න බැහැ. මුස්ලිම් හා දෙමළ ජනතා මනාපය ඔවුන්ට ලබාගන්න බැහැ. ඒ ඡන්ද නැතිව ඔවුන්ට සියයට 50 ගන්න බැහැ. වත්මන් ආණ්ඩුව සියලු බලවේග එකතු කරගෙන මැතිවරණය ජයග්‍රහණය කරනවා.
    අපි දැන් පාඩම් ඉගෙනගෙන තියෙන නිසා දැන් හොඳ ගමනක් යන්න පුළුවන්. කලින් වගේ බෙදිල වෙන්වෙලා තරග කළොත් පරාද වෙනවා. ජනතාව සමඟ නිවැරැදි වැඩපිළිවෙළකට යා යුතුයි.
    ලබන සතියේදී පූර්ණ කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනවා. විද්‍යාත්මක හැදෑරීමක් අනුව සකස් කර තිබෙන මෙම නව කැබිනට් මණ්ඩලය පිළිබඳ ලේඛනය ජනාධිපතිතුමා බි්‍රතාන්‍යයේ සිට පැමිණි පසු සාකච්ඡා කරනවා. අනතුරුව මැයි මුල දිවුරුම් දෙනවා.
    නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු එක වැඩපිළිවෙළක්, එක ගමනක් අනුව ඉදිරි මැතිවරණ අරමුණු කරගනිමින් ආණ්ඩුව නව වැඩපිළිවෙළකට යනවා
  • විජිත රෝහණ කියන්නේ මානසික රෝගියෙක්.. පිස්සෙක්.. මානසික වෛද්‍යවරයෙක් සියල්ල හෙලිකරයි…

    විජිත රෝහණ කියන්නේ මානසික රෝගියෙක්.. පිස්සෙක්.. මානසික වෛද්‍යවරයෙක් සියල්ල හෙලිකරයි…

    පසුගිය සමයේ ආන්දෝගනාත්මක අනවැකි රාශියක් ප්‍රකාශ කර අවසානයේ පුස්සක් බවට පත්වු විජිත රෝහණ නැමත්තා මානසික ව්‍යාධියකට ප්‍රතිකාර ලබාගන්නා රෝගියෙක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ වෛද්‍යවරයෙක් අප කළ විමසුමකදී අපට පැවසීය..

    තම අනන්‍යතාවය හෙලිකිරිමට අකමැති වු ඔහු පැවසුවේ ” ඔය විජිත රෝහණ කියන කෙනා හැම මාසෙකටම සැරයක් මගෙන් බෙහෙත් ගන්න එනවා.. එයාගේ රෝගි තත්වය අනුව එයාගේ ආසාව රටේ කුමක් හෝ යුධ ගැටුමක් හෝ සටනක් ඇතිකර රුධිරය ගැලීම දැකීම බවයි.” තවමත් යුධ මානසිකත්වය හිසේ තබාගෙන ජිවත් වන මොහු තමන්ව හදුන්වා දුන් ආකාරයද වෛද්‍යවරයා අපට පැවසීය.. ” සර් මම රෝහණ.. ලංකාවේ ජාතික වීරයෙක්”. 

    ඔහු විසින් සදහන් කරන ලද අනාවැකි පිළිබදව අප සිදුකළ විමසුමකදී අදාළ වෛදයවරයා පැවසුවේ රටේ කෝලාහලයක් නිර්මාණය කිරිමේ අරමුණින් යුතුව පළකරන විවිධ පදනමක් නොමැති අනාවැකි විශ්වාස කරන්නට තරම් ලංකාවේ මෝඩයන් පිරිසක් සිටීම පිළිබදව තමන් කණගාටුවට පත්වන බවයි.

  • අවසානයේ සියල්ල හෙලිවෙයි.. ලසන්ත ඝාතනයට ගෝඨා සම්බන්ධ බව අධිකරණයට දැනුම් දෙයි…

    අවසානයේ සියල්ල හෙලිවෙයි.. ලසන්ත ඝාතනයට ගෝඨා සම්බන්ධ බව අධිකරණයට දැනුම් දෙයි…

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර, හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය සම්බන්ධ බවට, තමන් සැක කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

    ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පරික්ෂණයක් ආරම්භ කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.

  • රහසේ විවාහ කරගත් තරුණිය හෝටලයක තබාගෙන ලිංගිකව හැසිරෙමින් අසැබි දර්ශන අරන් මාට්ටු..

    රහසේ විවාහ කරගත් තරුණිය හෝටලයක තබාගෙන ලිංගිකව හැසිරෙමින් අසැබි දර්ශන අරන් මාට්ටු..

    කාන්තාවන් රවටා ඔවුන් ලැගුම්හල්වලට රැගෙන ගොස්‌ හොර රහසේ ඔවුන්ගේ අසභ්‍ය දර්ශන වීඩියෝ කර ඒවා අන්තර්ජාලයට යවා මුදල් උපයා ගැනීමේ ජාවාරමක යෙදුණු බවට සැකකරන තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු විසින් රාගම ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණියක්‌ මවුපියන්ට හොර රහසේ විවාහ කරගෙන ඇය බියගම ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන විත් එහි මාස දෙකක්‌ රඳවාගෙන මෙසේ අසභ්‍ය දර්ශන පරිගණකගත කරමින් සිටියදී පොලිසියට හසුවී ඇත.

    පළමු මාසයේ එහි නවාතැන් ගාස්‌තුව වශයෙන් රුපියල් 95,000 ක මුදලක්‌ එම ලැගුම්හලට ගෙවා තිබෙන්නේ එම තරුණියගේ රන් ආභරණ උකසට තබා බව කියෑවේ.

    නමුත් දෙවැනි මාසයේ එහි නවාතැන් ගාස්‌තුව රුපියල් 65,000 ක්‌ වී තිබූ අතර එය ගෙවීමට නොහැකිව සිටියදී ඔහු පොලිසියට හසුවී තිබේ. එහිදී ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී මේ ජාවාරම අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

    හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විසිනව හැවිරිදි ඔහු පසුව පොලිස්‌ ඇප මත මුදා හැර තිබෙන අතර ඔහුට විරුද්ධව ජනවාරි මස 04 වැනිදා ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කිරීමට ද නියමිතව ඇත.

    මේ පිළිබඳව බියගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ශාන්ත තිලකරත්න, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන ඩබ්ලිව්. ඒ. ආර්. විඡේලාල් හා ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. වඩුවාවල යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

  • යනවද?ඉන්නවද?මොකද කරන්නේ? තීරණාත්මක ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    යනවද?ඉන්නවද?මොකද කරන්නේ? තීරණාත්මක ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(24) රැස්වීමට නියමිතව තිබේ.
    අද රාත්‍රී 8.00 ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
    මධ්‍යම කාරක සභාව රැස්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ද රැස්විම නියමිතව තිබේ.
    මේ සඳහා පසුගියදා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාට ද ආරාධනා කර ඇති බව සඳහන් වෙයි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
    ආණ්ඩුව සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙහිදි අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.
    කෙසේවෙතත් ලබන මැයි අට වන දින පාර්ලිමේන්තු රැස්වීමේ දී තමන් ඇතුළු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම අනිවාර්යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
    අදාළ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ(23) රාත්‍රී විශේෂ සාකච්ඡාවක නිරත වු අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
    කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරියේ දී නව මුහුණුවරක් යටතේ ආණ්ඩුව ගෙන යාමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
    ටි.වි.දෙරණ ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් මහින්ද අමරවීර අමත්‍යවරයා මෙම අදහස් පල කළේය.
    කෙසේවෙතත් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සියලු පක්ෂ එක්ව නව බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
  • රට පැන්න පාතාල ලොක්කා මධූෂ් ගිය සතියෙත් ලාබාල පෙම්වතිය බලන්න ලංකාවට ඇවිත්….

    රට පැන්න පාතාල ලොක්කා මධූෂ් ගිය සතියෙත් ලාබාල පෙම්වතිය බලන්න ලංකාවට ඇවිත්….

    ලංකාවට හෙරොයින් ගෙන එන ප‍්‍රධාන මාර්ගයක් වන්නේ ඇෆ්ගනිස්ථානය හා ඉන්දියාව හරහා මුහුදු මාර්ගයෙන් ලංකාවේ බටහිර වෙරළ තීරයට පැමිණෙන බෝට්ටුය.

    මධූෂ් ද මෙවැනි බෝට්ටු මගින් ලංකාවට හෙරොයින් එවීම බොහොම නිදහසේ කරගෙන යන බවක් වාර්තාවන තොරතුරු අනුව පෙනෙන්නට තිබේ.

    ඔහු අද ලංකාවේ පමණක් නොව ඩුබායිවලද හෙරොයින් ජාවාරම පවත්වාගෙන යන අතර ඒ සියල්ල සිදුකරන්නේ ඉන්දීයාවේ ත‍්‍රස්තවාදියෙකුගේ සහයෙන් බවත් එම ත‍්‍රස්තවාදියා ඇෆ්ඝනිස්ථානයේ සිට අවට රටවල් ගණනාවකට හෙරොයින් බෙදාහරින්නෙකු බවත් මෙරට බුද්ධි අංශ සොයාගෙන තිබේ.

    හොරොයින් පමණක් නොව මධූෂ් ද ආරක්ෂක අංශ ඇස වසා මේ බෝට්ටු මගින් විටින් විට ලංකාවට පැමිණෙන බවටද මධූෂ් පිළිබඳව පරීක්ෂණ පවත්වන අංශ වෙත වාර්තා වී තිබේ. එහෙත් කොතැනක හෝ පවතින වරදක් නිසා ඒ කිසිවක් හෝ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට තවමත් අපේ ආරක්ෂක අංශ අසමත්ව ඇත. මධූෂ් ලංකාවෙන් පැන ගියේද දකුණේ ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ උදව් ඇතිව බව ප‍්‍රසිද්ධ රහසකි. එසේම එම දේශපාලනඥයාගේ පුතාගේ මංගල උත්සවයට ද මධූෂ් පැමිණ ඇති බවටද විවිධ තොරතුරු වාර්තා වෙමින් පවතී. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ලාබාල දැරියක සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් මධූෂ් ඇය හමුවීමට මෙරටට අවස්ථා කීපයකදී පැමිණ ඇති බවට පවතින තොරතුරු ඔස්සේ ද ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    මධූෂ් මුලින්ම හිරගෙදර ගියේ කුමන වරදක් මතද යන්න විවාද සම්පන්නය. මධූෂ්ගේ ගමේ ඇතැමෙක් පවසන්නේ ඔහු නොකළ වරදකට හිරේ ගිය බවය. තවත් කෙනෙක් පවසන්නේ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් හිරේ ගිය බවය. කෙසේ වෙතත් එක් අවස්ථාවකදී අධිකරණයෙන් ඇප ලබාදී තිබියදීත් ඔහු වෙනුවෙන් ඇප තැබීමට කිසිවෙක් නොසිටීම නිසා තවත් මාස ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ කාලය ගෙවන්නට මධූෂ්ට සිදුවිය. ඒ 2003 – 2004 කාල වකවානුවේදීය. ගමේ චණ්ඩියෙකු ලෙසද, බස්වලින් කප්පම් ගන්නෙකු ලෙස ද ප‍්‍රදේශයේ නමක් දරා සිටි මධූෂ් කුඩුකාරයකු කරන්නට සමත් වෙන්නේ මේ කාල වකවානුවේ ඔහුට හමුවූ බන්ධනාගාරගත රැඳවියන්ය.

    බස් රථ හිමියන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් මධූෂ්ට හෙරොයින් ජාවාරම අලුත් අත්දැකීමක් එකතු කරනු ලැබිණ. සුළු මුදලක් ආයෝජනය කර එකවර විශාල මුදලක් ඉපයීමට හැකි මේ ජාවාරම ඔහුගේ හිතට අල්ලන්නට ඇත. එතැන් සිට තමන්ගේ ජාවාරම කරගෙන යා හැකි ජාලයක් හදාගන්නට ඔහු කටයුතු කළේය.

    මධූෂ් කුඩු පාතාලය හරහා වඩාත් වේගයෙන් කරළියට එන්නේ 2013න් පසුවය. ඒ ඔහු ඩැනී හිත්තැටිය ඝාතනය, මීගමුවේ ලීසිං සමාගම් දෙකක් කොල්ලකෑම ඇතුළු චෝදනා රැසකට විටින් විට බන්ධනාගාරගතව සිට 2013දී ඇප මත මුදාහැරීමෙන් පසුවය. එලෙස ඇප මත මුදාහැරුණු මධූෂ් ඉන්දියාවට පළාගියේය. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇති කරගත් එකඟතා ඇතිව ඩුබායිවලට පැන ගත් ඔහු එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියේය. හෙරොයින් පමණක් නොව ඔහු කේරළ ගංජා ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

    ඔහු මාකඳුරේ මධූෂ් ලෙස කරළියට එන විටත් දකුණේ බලය තිබුණේ කොස්ගොඩ සුජී අතේය. ඒ නිසා තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා කොස්ගොඩ සුජී සමග ගැටෙන්නට මධූෂ්ට සිදුවිය. ඒ ගැටුමේදී ද එකිනෙකා මරාගැනීම නිසා දෙපාර්ශ්වයේ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි විය. මධූෂ් මෙන්ම සුජී ද සිටින්නේ ඩුබායිවල සැඟවීලාය. එකම රටේ දෙපැත්තක සැඟවී සිටිමින් ඔවුහු තම ජාවාරම් සියල්ල නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටදී ක‍්‍රියාත්මක කරති. ඒ සඳහා තමන් වෙනුවෙන්ම ජීවිතය පුදන්නට වුව සූදානම් පාතාල සාමාජිකයන් නිර්මාණය කරගනිති.

    එය ආරම්භ කරන්නේද බන්ධනාගාරයෙනි. බන්ධනාගාර ගතව සිටින තවත් පාතාල සාමාජිකයෙකු හිතවත් කරගන්නා ඔවුන් ඒ අය මගින් තෝරාගත් පිරිසක් මුදල් ඇප දී බේරාගනු ලබයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නේද හෙරොයින් ජාවාරම් මගින් උපයන මුදල්ය. ඉන්පසු ඒ පිරිස තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට මධූෂ් මෙන්ම සුජීද සමත් වෙති.

    කොස්ගොඩ සුජී සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට යොදාගන්නා එක ප‍්‍රධාන සාධකයක් බවට පත්වන්නේ සමයංය. එසේම පොඩි ලැසීද කලක් ඔහුගේ ගෝලයෙක් විය. එසේම පොඩි ලැසී විටෙක මධූෂ් සමගද ගනුදෙනු පවත්වා ඇත. කොස්ගොඩ සුජි සමග එක්ව දකුණෙ මත්ද්‍රව්‍ය ජාවාරම ආක‍්‍රමණය කළ සමයං, මධූෂ්ගේ ප‍්‍රබල හතුරකු බවට පත්විය. මධූෂ්ගේ හිතවතෙක් වන හර්ෂ යසස් සමයං විසින් ඝාතනය කිරීම තමන්ට එල්ල කළ මරු පහරක් ලෙස මධූෂ් දැක්කේය. ඒ හර්ෂ යසස් යනු ඩැනී හිත්තැටිය ඝාතනයේ දෙවැනි සැකකරු වන නිසා මෙන්ම තමන්ගේ හොඳම ගෝලයෙකු වන නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව එකතුවූ මේ ඝාතනය නිසාද සමයං මධූෂ්ගේ ප‍්‍රධාන හතුරකු බවට පත්විය. එහි අවසානය වූයේ සමයං සමගම කලක් එක්ව සිට පසුව ඔහුගේ හතුරෙකු බවට පත්වූ අංගොඩ ලොක්කා ලවා සමයං ඝාතනය කිරීමට කටයුතු කිරීමය.

    අංගොඩ ලොක්කාට ද සමයංගෙන් පළිගැනීමට එමට කාරණා තිබිණ. ඒවා එකින් එක කතා කිරීමට මෙය වෙලාව නොවන්නේ මධූෂ්ගේ හෙරොයින් ජාවාරමේ දිග පළල හඳුනාගැනීමට එයින් බාධා ඇති වෙන බැවිනි. අංගොඩ ලොක්කලා මධූෂ් සමග ගහපු ගේම අනුව සමයං ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාර රථයකින් කඩුවෙල අධිකරණය කරා ගෙන යමින් සිටියදී කලුතර එතනමඩලේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්විය.

    මේ සමූහ ඝාතනයේ සැකකරුවන් බවට අංගොඩ ලොක්කා පත්වුවද ඔහු තම ළගම සගයා වන ලඩියා සමග කාටත් රහසේ ඉන්දියාවට පලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණලදී හෙළි විය. ඔවුන් එලෙස පලාගොස් තිබෙන්නේ මධූෂ්ගේ උදව් ඇතිව බොට්ටු මගින් බවටද පොලිසිය සැක පළ කරයි. කෙසේ වුවද ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හා ලඩියා ආගමන විගමන නීතී උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට පත්වූහ. මාස කීපයක් එරටදී හිරබත් කෑ ඔවුහු මේ වන විට නිදහස්ව ඇති නමුත් ඔවුන්ට එතැනින් පසු සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් දන්නේ නැත.

    එහෙත් දැනට වාර්තා වන පරිදි මධූෂ් තම හෙරොයින් මුදල් යොදවා අල්ලා ගන්නා ජාලයන්ගේ සහය ඇතිව තවදුරටත් අංගොඩ ලොක්කාට හා ලඩියාට ඉන්දියාවේම සැඟවී සිටින්නට මග හෙළි කර දී තිබේ. එසේ සිදුකරන ඔහු ඔවුන් හරහා සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට සමත්ව ඇත. ඩුබායිවල සිට ඇෆ්ඝනිස්ථානය හරහා මධූෂ් එවන හොරොයින් ලංකාවට එවනු ලබන්නේ ලොක්කලාය. ඒ හොරොයින් දකුණේදී බෙදාහරින්නේ ඩිලයිට්ලාය. උතුරේදී බෙදාහරින්නේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ය. මධූෂ් විනීතා ගුණසේකර මගින් ඇගේ සැමියා වූ කොටි පොලිස්පති ලෙස හැඳින්වූ නඩේසන් හඳුනාගන්නා අතර එමගින් හඳුනාගන්නා කොටි සාමාජිකයන් සමග ගනුදෙනු කරනු ලබයි. යුද්ධ සමයේදී මධූෂ් උතුරට ගොස් ඔවුන්​ගෙන් යුද පුහුණුවද ලබාගෙන ඇතැයි ආරක්ෂක අංශ වෙත යම් යම් තොරතුරු වාර්තා වී තිබෙන අතර මේ වන විට මධූෂ්ගේ කල්ලියේ හිටපු කොටි සාමාජිකයින් මෙන්ම යුද හමුදාවෙන් පලාගිය අයද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු බොහෝ ඝාතන සැලසුම් කරන්නේ ඔවුන්ගේ සහය ඇතිව බවද ආරක්ෂක අංශ පවසති.

    මොවුහු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී අද වන විට ජීපීඑස් තාක්ෂණය පවා යොදාගන්නා බවටද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. එමගින් ගනුදෙනුකරුවා පැමිණ සිටින ස්ථානය තහවුරු කරගන්නා ජාවාරම්කරු අවශ්‍ය ද්‍රව්‍ය එම ස්ථානයට සපයා ඊසිකෑෂ් ක‍්‍රමයට මුදල් ලබාගැනීම සිදුකරනු ලබති. අංගොඩ ලොක්කා ලංකාවට එවන කුඩුවලට අදාළ මුදල් මෙරට සිටින මධූෂ්ගේ ගෝලයන් එකතු කරගනු ලබන්නේ ඊසිකෑෂ් ක‍්‍රමයට වන අතර ඒ මුදල් මධූෂ්ට යවන්නේ උණ්ඩියල් ක‍්‍රමයටය. ඒ සඳහා මැදිහත්ව තිබෙන්නේ පසුගිය මාර්තු 16 වැනිදා අලුත්කඩේ නුරානියා වීදියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් විසින් බවටද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතී.

    උණ්ඩියල් ක‍්‍රමය යනු මුදල් එහා මෙහා ගෙන යන ක‍්‍රමයක් නොවන අතර ජාවාරමට සම්බන්ධ වන පාර්ශ්වයෙන් මුදල් ටික එකතු කරගැනීම මෙරට සිටින එක් පුද්ගලයකු විසින් සිදුකරන අතර එයට සමාන මුදලක් විදේශ ගතව සිටින ඔහුගේ සගයෙක් අනෙක් පාර්ශ්වයට ගෙවීමය. එහෙත් දැනට හොරොයින් ජාවාරමේදී එහා මෙහා යන කෝටි ගණනාවක මුදලක් මේ ක‍්‍රමයට ගෙවීම අපහසු වන බැවින් අදාළ මුදලම පන්දාහේ නෝට්ටුවලින් සකස් කර ගුවන් යානා කාර්ය මණ්ඩලවල සේවය කරන්නෙකු භාවිත කර යැවීමේ ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතින බවටද ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබේ. රිස්වාන්ට ව්‍යාපාරිකයෙකු වීම නිසාම පළමු ක‍්‍රමයට ඔහු ලවා මුදල් ගෙන්වා ගැනීම මධූෂ්ට පහසු වෙන්නට ඇත.

    රිස්වාන් ඝාතනයට ලක්වෙන්නේ මෙවැනි ගනුදෙනුවක නිරත වෙමින් සිටියදීය. රිස්වාන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් පමණක්ම නොවේ. වසර දහයකට පමණ පෙර පටන් මාලිගාවත්ත ප‍්‍රදේශයේ ජීවත්ව ඇත. එහි පාතාල කල්ලියක් සමග කටයුතු කර තිබෙන අතර එකල වූ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ද පත්ව ඇති බවට පොලිස් වාර්තා ද පවතී. එසේම ඔහු කඹුරුගමුවේ මධූෂ් සමග මිය යන තෙක්ම දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට රිස්වාන්ගේ ජංගම දුරකථනයේ දත්ත මගින් හෙළි වී තිබේ. එපමණක් නොව අපරාධ රැසකට පොලිසියට අවශ්‍යව ඇති දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක සමගද රිස්වාන් දුරකථනයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවට කරුණු හෙළි වී ඇත. රිස්වාන් මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී නැතිවම බැරි පුරුකකි. රිස්වාන් ඝාතනය සම්බන්ධයෙන් මධූෂ් කලබල වෙන්නේත් ඒ වෙනුවෙන් කොස් මල්ලීගේ හිස ඉල්ලා සිටින්නේත් ඒ පාඩුව එතරම්ම බලවත් වන නිසා විය යුතුය.

    මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාලයන්ට තමන්ගේ අනෙකුත් ජාවාරම් පවත්වාගෙන යාමේදී වඩාත් ආරක්ෂාකාරී වෙන්නේ බන්ධනාගාර ගතව සිටීම හෝ විදේශගතව සිටීමය. බොහෝ දෙනා මුදල් ලබාගැනීම මෙන්ම ගනුදෙනුකරුවන් හඳුනාගැනීමත් නවීන ජංගම දුරකථනවල පහසුකම් භාවිත කරමින් සිදුකරනු ලබති. ඒ සඳහා ඔවුන් බන්ධනාගාර නිලධාරීන් බිය වද්දා අවශ්‍ය ඉඩකඩ සකස් කර ගනිති. එයට අවනත නොවන්නන් කෙරෙහි වෙනම අවධානය යොමු කර තම දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් සේවා ස්ථාන මාරු කිරීම් හෝ වෙනත් වැරදි පටවා විනය පරීක්ෂණවලට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයන් ඇති කරති. මේ නිසා අද වන විට බන්ධනාගාරය හෙරොයින් ජාවාරම පවත්වාගෙන යාමේ ප‍්‍රධාන තිප්පළක් බවට පත්ව තිබෙනවාදැයි සිතෙන තරම් තත්ත්වයක් මතුව තිබේ.

    උපුටා ගැනීමකි.

  • ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….

    ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….

    ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් ආර්මේනියාවේ අගමැතිවරයා ඉල්ලා අස්වී තිබේ.
    ඒ සමඟ වැඩ බලන අගමැති ලෙස හිටපු අගමැතිවරයා පත් කර ඇති බව සඳහන් වෙයි.
    2008 වසරේ සිට ආර්මේනියාවේ ජනපතිධුරයේ කටයුතු කල සර්ෂ් සාග්සයන් එරට අගමැති ධුරයේ වැඩ භාරගත්තේ පසුගිය 17 වනදායි.
    වසර පහ බැගින් ධුර කාල දෙකක් ඔහු ජනපති ධුරයේ කටයුතු කර තිබේ.
    අගමැති ධුරයට පත්වීමත් සමඟ බලයට දැඩි ලෝභීත්වයක් දක්වන්නෙකු බවට විරුද්ධ පාක්ෂිකයින් ඔහුට චෝදනා එල්ල කළේය.
    දින ගණනාවක් සිට සාග්සයන්ට එරෙහිව දැවැන්ත විරෝධතා පැවැත්වුණු අතර ඒ සඳහා දහස් සංඛ්‍යාත පිරිස් සහභාගිවී සිටි ආකාරයද දක්නට ලැබුණි.
    මෙවන් පසුබිමක් යටතේ අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළේ තමා විරෝධතාකරුවන්ගේ ඉල්ලීම ඉටු කළ බව පවසමින් ය.
  • ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට

    ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට

    ඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන අතර දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ද , ඩීසල් ලීටරයක මිල රුග. 10 කින්වැද ඩිවෙනු ඇතැයි පැවසේ.

    මෙම මිල සූත‍්‍රයඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන්නේ. දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ඉහළ යනු ඇති. ඩීසල් ලීටරයක මිල වැඩිවෙනු ඇතැයි පැවසෙන්නේ රුපියල් 10කින්.

    මෙම මිල සූත‍්‍රයඅදියර 03කින් සකස් කර ඇති අතර එහි නිර්දේශවලට අනුව ඉන්ධන මිල වැඩිවන්නේ මැයි මස 07වනදායින් පසුව හා මිල සූත‍්‍රය හඳුන්වාදුන් දිනයේ සිට එහි මිල ගණන් ඉහළ යන පරිදි පළමු අදියර යටතේ යෝජනා කර ඇත. කොටස් වශයෙන් මිල ඉහළ නැංවීමට දෙවන අදියරෙන් යෝජනා කර ඇති බව වැඩිදුරටත් සඳහන්න් වේ.


    එක් ඉන්ධන වර්ගයක මිල වැඩි වශයෙන් ඉහළ යන්නේ නම් සෙසු ඉන්ධන වල මිල ඉහළ නැංවීම අඩු අගයක පවත්වා ගැනීමට තුන්වන අදියර යටතේ යෝජනා කර ඇති අතර ඉදිරියේදී කී‍්‍රයාත්මක කරන්නේ කුමන් අදියර දැයි මේවනතෙක් නිල තීන්දුවක් ගෙන නොමැත. එහෙත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙවන අදියරේ යෝජනාව කි‍්‍රයාත්මක වනු ඇති බව හා ඒ අනුව මිල වැඩිවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ කොටස් වශයෙන් බවත්ය.

    භූමිතෙල් සම්බන්ධයෙන්ද ඉකුත් සමයේ ගැටලූකාරී තත්ත්වයක් මතුවූ අතර ඊට පිළියමක් ලෙස භූමිතෙල් මිලදී ගන්නා පුද්ගලයින්ට වවුචර් පතක් හඳුන්වා දීමට යෝජනා වී ඇත. කෙසේ වෙතත් නව සංශෝධනය යටතේ භූමිතෙල් මිලද ඉහළ යනු ඇති බව සඳහන් වෙි.

    ඉන්දියන් ඔයිල් සමාගම ඉකුත්දා සිය මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කල බැවින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ තමන් මේවනවිට පාඩු ලබමින් සිටින බවයි

  • රාජපක්ෂලා අපේ  සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!

    රාජපක්ෂලා අපේ සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!

    ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන…

    තම පියාණන් වන හිටපු අමාත්‍ය රෙජී රණතුංග මැතිතුමා තමන්ගේ ජීවිතයටත් වඩා සිය පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය උදෙසා කැප වූ විශිෂ්ට ජනතා නායකයෙකු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රෙජී රණතුංග මැතිතුමාගේ 81වැනි ජන්ම දින සැමරුම සඳහා උඩුගම්පොළ පිහිටි රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමිනි. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිය පියාගේ ජන්මදින සැමරුව තම දේශපාලන වාසි සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බවයි.

    “මහින්ද රාපක්ෂ මැතිතුමා ජීවත්ව සිටිනතාක් කල් අපේ තාත්තා ගැන බැලුවේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැරෙන්න දුන්නේ. එහෙම තත්ත්වයක අපේ තාත්තාගේ මිනී වලටවත් ගරු කිරීම ගැන මම සතුටුවනවා. නමුත් පක්ෂය ගැන විශාල කැපකිරීමක් කළ මිනිස්සු අගය කරන්න ඕන මැරුණට පස්සේ නෙමෙයි. දේශපාලන වාසි තකා මැරුණු මිනිස්සු විකුණගෙන කන්න හොද නැහැ. එය මම හෙළා දකිනවා. නමුත් එකපැත්තකින් එතුමාට දැන් හරි ඇස් ඇරිලා තියෙන එක ගැන මම සතුටු වෙනවා….. ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එහිදී මාධ්‍යවේදීවකු විමසා සිටියේ රණතුංග පවුල කඩන්න හදන්නේ රාජපක්ෂලාද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මහතා පැවසුවේ එය අද ඊයෙක සිදු වුණු දෙයක් නොවන බවයි.

    “ අපේ තාත්තා ජීවත්වෙන කොට පවුල කඩන්න කාටවත් දුන්නේ නැහැ. තාත්තා නැතිවුණාට පස්සේ සමහර දේශපාලනඥයන් එය සිදු කරනවා.

    එක එක පවුල් මරවලා කොටවලා හරි තමන්ට දේශපාලන වාසි ලබා ගන්න මේ අය උත්සාහ කරනවා. කාවහරි විකුණගෙන දේශපාලනය කරනවා. එය එදත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. ඒ අය අපේ සහෝදරකම නැති කරන්න හරියට උත්සාහ කරනවා.

    රණතුංග පවුල කියන්නේ බණ්ඩාරනායකවරුන්ට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනික වශයෙන් ශක්තිමත්ම පවුල. ඒ පවුල කඩන කොට තමයි ඔවුනට වාසි. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමයි. එක් අතකින් අද අපේ තාත්තා නැති වුණු එක හොදයි. නැතිනම් මේවා දැකලා තමයි තාත්තට නැති වෙන්න වෙන්නේ.

    අපේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරක්ෂා කරගනිමින් බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති ඉදිරියට ගෙන ගිය කෙනෙක්. කවදාවත් පක්ෂය දාලා ගියෙත් නැහැ. පක්ෂය කඩන්න කුඩු කරන්න හැදුවෙත් නැහැ. ප්‍ර‍ශ්න ඇතිවන හැම වෙලාවකම පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළ කෙනෙක්.

    එතුමා ගැන අපිට පුත්තු විදියට ආඩම්බර වෙන්න පුළුවන්. අපේ තාත්තා හොකරම් කළ දේශපාලනඥයෙක් නෙමෙයි. එතුමා ඔය කියන දේශපාලනඥයින්ට ආදර්ශයක්. ඔය දේශපානඥයින් අපේ පවුල කඩන්න හැදුවට දේශපාලනය නිසා අපේ පවුලේ අසමගියක් නැහැ. එක එක්කෙනාගේ දේශපාලන ක්‍ර‍මවේදයේ වෙනසක් තියෙන්නේ. මම රට වෙනුවෙන් දේශපාලනය කරන කෙනෙක්. ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන….”

  • ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම එකම හස්තයකින්…!

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි.

    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අභිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

    මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති තොරතුරු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත‍.

    එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ යැයි සැක කරන ප්‍රධාන පුද්ගලයාට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කියයි.

    මීට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි හැටි නොමැතිව යට ගැසී තිබිය දී මීට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගෙන කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරාධයේ සුලමුල සොයා ගනිමින් එම ඝාතකයන් යැයි සැක කරන පුද්ගලයන් එම අපරාධයේ පරීක්ෂණ වාර්ත යට ගැසු පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වන විට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

    මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස අතරුදන් වූයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවැති සාදයකට ගොස් අපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව ද හෙළි වී ඇත.

    බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වූයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

    නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් ලෙරෝයි නෙයාර් පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුර දී අසල නවතා තිබූ සුදු පහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පැන කීත් නෙයාර් මහතාට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

  • නාන බද්දකුත් ගේමු.. පොහොට්ටුවේ අමුතු බද්දක් නිසා ප්‍රාදේශීය සභා සැසි වාරය උණුසුම් වෙයි..!

    නාන බද්දකුත් ගේමු.. පොහොට්ටුවේ අමුතු බද්දක් නිසා ප්‍රාදේශීය සභා සැසි වාරය උණුසුම් වෙයි..!

    බදු කියන මාතෘකාව ටිකක් වැඩිපුර අපේ රටේ කතාබහට ලක්වන මාතෘකාවක්. ඒ වගේම නවක ප්‍රාදේශිය සභා මනත්‍රීවරයෙක් යෝජනා කල අපූරු බදු ක්‍රමයක් නිසා ඊයේ (23) පැවති කොළොන්න ප්‍රාදේශිය සභා සැසිවාරයේදී උණුසුම් තත්වයක් ඇති වූ බව වාර්තා වනවා.

    කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. රූපසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයේදී හිටපු සභාපති මෙන්ම විපක්‌ෂ නායක (එ.ජා.ප) බී.ආරියවංශ විසින් සභාපතිවරයාට බහුතරයක්‌ සභාව තුළ නොමැති බවත් එබැවින් බෙදීමක්‌ වුවමනා බවත් ඒ අනුව රහස්‌ ඡන්දයක්‌ පවත්වා සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් විමසීමක්‌ කළ යුතු බවද ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්‌ නොමැති බව පවසමින් සභාපති ටී.රූපසිංහ  විසින් සභාව පවත්වාගෙන ගොස් තිබුණා.

    මේ අතරේදී නවක මන්ත්‍රීවරයෙකු විසින් නාන බද්දක්‌ පිළිබඳව සභාවට යෝජනාවක්‌ කිරීමත් සමඟ  සභාවේ උණුසුම් තත්ත්වයක්  ඇතිවී තිබුණා.එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ටී.එල්. තුසිත ප්‍රකාශකර තිබුණෙ කොළොන්නේ නාන තොටුපළවල් බොහෝ ප්‍රමාණයක්‌ ඇති බවත් මෙහි දිය නෑම සඳහා 500ක්‌ පමණ පැමිණෙන බවත් මේ අයගෙන් බදු මුදලක්‌ ලබාගතයුතු බවත්ය.

    කෙසේ වෙතත් එම අවස්ථාවේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉඳුනිල් රාජපක්‌ෂ  කියා සිටියේ ඹබතුමාට ඕනනම් නාන අයගෙන් බදු ගන්න අපි ආවේ මිනිස්‌සුන්ගේ ඡන්දය අරගෙන ඔබතුමාගේ ගමේ නාන අයගෙන් නාන බද්ද ගන්න. අපිට නම් බැහැ. අපිට නාන එකෙනුත් බදු අරගෙන ගමට යන්න බැහැ. යනුවෙනි.

  • සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..

    සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..

    ජංගම දුරකථනය මගින් තැන දෙකක සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවී ගීත ගායනය (කැරෝකේ) ලොව පුරා ඉතා ජනප්‍රියය.

    අන්තර්ජාලයේ එවැනි බොහෝ ගීත තිබුනත්, විදේශ රටක සිටින තම දියණිය සමගින් ගමේ සිටින අප්පච්චි ලස්සනට ගීතයක් ගායනා කරන්න වීඩියෝවක් හමු වුනා. බලන්නකෝ දුවගෙයි අප්පච්චිගෙයි ගීත හැකියාව කොහොමද කියලා. මේ  දෙදෙනාගේ ගීතය හොඳයිනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න.

    Posted on
  • තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….

    තලවාකැලේ අවුරුදු උත්සවය උනුසුම්කල බුදු රුව ඇදපු සාරියේ ඇත්ත කතාව මෙන්න….

    උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා බොහෝ බක්මහ උළෙල සංවිධානය වී තිබුණා.

    ඒ අතර තවත් එක් බක්මහ උළෙලක් සංවිධානය කළේ, තලවකැලේ ලිදුල සමෘද්ධි කලාපය විසින්.

    ඒ අනුව පසුගිය (22) දවස පුරා ආගරපතන පොලිස් වසමට අයත් මෙම බක්මහ උළෙල පැවැත්වුනා.

    බක් මහ උළෙලට බුදු රුවට සමාන රුවක් සහිත මුද්‍රණයක් සහිත සාරියක් හැද පැමිණ සිටි සිටි කාන්තාවකට එම අවුරුදු උත්සවයට සහභාගි වු විශාල පිරිසකගේ දැඩි විරෝධතාවයක් එල්ල වූ බව පැවසෙනවා.

    එම බක් මහ උළෙලට සහභාගි වි සිටි ප්‍රදේශවාසින් කියා සිටියේ, අවුරුදු උත්සවය සංවිධානය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියගේ නැගණිය විසින් එලෙස බුදු රුවට සමාන මුද්‍රණයක් සහිත සාරිය හැද සිටි බවයි.

    මේ සම්බන්ධයෙන් ඇයගෙන් සිදු කළ විමසීමේදී ඇය සඳහන් කර ඇත්තේ, අදාළ සාරිය ඉන්දියාවෙන් ගෙන්වා ගත් එකක් වන බවයි.

    මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

  • මට නැවුනට වැඩක් නෑ.. මහින්දග‍ේ දෝස්මුරයත් සමගින් පවිත්‍රා රත්නපුරෙන් දොට්ට විසිවෙන ලකුණු..

    මට නැවුනට වැඩක් නෑ.. මහින්දග‍ේ දෝස්මුරයත් සමගින් පවිත්‍රා රත්නපුරෙන් දොට්ට විසිවෙන ලකුණු..

    ඒකාබද්ද විපක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායකත්වය වෙනත් ප්‍රභලයෙකුට ලබා දීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

    රත්නපුර මහ නරග සභාවට නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී මූලික එකගතා කඩ කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට එල්ල වී ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම තීන්දුව ගනු ඇතැයි සදහන්ය.

    දිස්ත‍්‍රික්කයේ තවත් පළාත් පාලන ආයතන කිහිපයකම මේ ආකාරයේ කටයුතු සිදුව ඇති බව එම දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත.

    මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වන්නිආරච්චි මහත්මිය කැදවා අවවාද කර ඇති බවත් වාර්තා වෙයි..

  • මීටියාගොඩ ෆේස්බුක් සාදය පොලිසිය හා ගම්මුන් වටලයි. මෙන්න කටියගේ කෙරුවාව. – වීඩියෝ.

    මීටියාගොඩ ෆේස්බුක් සාදය පොලිසිය හා ගම්මුන් වටලයි. මෙන්න කටියගේ කෙරුවාව. – වීඩියෝ.

    මීටියාගොඩ ප්‍රදේශයේ සංවිධානය කල එවැනි සාදයක් පොලිසිය විසින් වටලනු ලැබුවා.

    උත්සවශාලාවක පැවති සාදයක් අතරතුර මීටියාගොඩ පොලීසිය සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පුද්ගලයින් 11 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මීටියාගොඩ – ගොඩගම ප්‍රදේශයේ උත්සවශාලාවක මෙම සාදය ඊයේ (22) පවත්වා ඇත්තේ ෆේස්බුක් හරහා හඳුනාගත් තරුණ තරුණියන් පිරිසක් විසින්.

    පොලීසියට ලැබුණු තොරතුරක් මත බුද්ධි අංශ නිලධාරීන් යොදවා මෙම ස්ථානයේ මත්ද්‍රව්‍ය ඇති බවට තහවුරු කරගැනීමෙන් පසුව මීටියාගොඩ පොලීසිය ඇතුලු පොලිස් ස්ථාන 04 ක නිලධාරීන් මෙම වැටලීමට එක්ව තිබෙනවා.

    එම වැටලීම පහතින්.

    Posted on