Blog

  • ජන පදනමක් නැති අගමැති රනිල්ට බායි කියා ආණ්ඩුවෙන් විපක්ෂයට යන ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න..

    ජන පදනමක් නැති අගමැති රනිල්ට බායි කියා ආණ්ඩුවෙන් විපක්ෂයට යන ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න..

    විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති අැමතිවරුන් අාණ්ඩුෙවන් ඉවත්වීමත් සමග කැබිනට් අමාත්‍යධුර හයක්, රාජ්‍ය හා  නියෝජ්‍ය අමාත්‍යධුර 9 හා නියෝජ්‍ය කතානායක ධුරය හිස්ව තිබේ.

    ඒ අනුව ඉවත්වූ කැබිනට් අමාත්‍යවරුන්

    දයාසිරි ජයසේකර – ක්‍රීඩා

    ජොන් සෙනෙවිරත්න – කම්කරු හා සබරගමු සංවර්ධන

    සුසිල් ප්‍රේම්ජයන්ත් – විද්‍යා හා තාක්ෂණ

    අනුර ප්‍රියදර්ශන යාපා – ආපදා කළමණාකණ

    එස්.බී. දිසානායක – සමෘද්ධි හා කඳුරට උරුමයන්

    චන්දිම විරක්කොඩි – වෘත්තිය පුහුණු

    තිලංග සුමතිපාල – නියෝජ්‍ය කතානායක

    රාජ්‍ය අමාත්‍යවරුන් – ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,ටී.බී. ඒකනායක

    නියෝජ්‍ය අමාත්‍යවරුන් – සුමේධා ජී ජයසේන, තාරානාත් බස්නායක, සුසන්ත පුංචි නිලමේ, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත

  • සල්ලි වලට වහල්වී රනිල්ට කඩේ ගියපු සම්බන්ධන් දොට්ට… විපක්ෂ නායකධුරය ශ්‍රීලනිපයේ එස්.බීට

    සල්ලි වලට වහල්වී රනිල්ට කඩේ ගියපු සම්බන්ධන් දොට්ට… විපක්ෂ නායකධුරය ශ්‍රීලනිපයේ එස්.බීට

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනෙකු විපක්‍ෂයට පැමිණීමත් සමගින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමියනු ඇති බව වාර්තා වෙයි.

    දැනට පාර්ලිමේන්තුවේ සන්දාන මන්ත‍්‍රීවරුන් 54 දෙනකු විපක්‍ෂය නියෝජනය කරන අතර අතින් එක්වන 16 දෙනාද සමග එම ගණන 70 දක්වා ඉහල යයි.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ 96ක් වන සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය විපක්‍ෂය නියෝජනය කරයි.ඒකාබද්ධ විපක්ෂයේ හා විපක්ෂයට අලුතින් එක්වුණු නිදහස් සංධානයේ 16 දෙනා විපක්ෂ නායක ලෙස එස්.බී දිසානායක මහතාගේ නම මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම කතානායකවරයා වෙත යෝජනා කිරීමටද නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

    දැනට විපක්‍ෂ නාය ධුරය දරන ආර්. සම්බන්දන් මෙන්ම විපෂක්‍යේ ප‍්‍රධාන සංවිධායක ධුරය දරන අනුර දිසානායක මහතාගේ පාර්ලිමේව්තු ධුරයන් මේ තත්වය මත අභියෝගයට ලක්වෙයි.

  • ළගදීම එජාපයට යන ජන පදනමක් නැති ශ්‍රීලනිප පොඩි එවුන් දෙන්නා ගැන එස්.බි. කියපු කතාව මෙන්න…

    ළගදීම එජාපයට යන ජන පදනමක් නැති ශ්‍රීලනිප පොඩි එවුන් දෙන්නා ගැන එස්.බි. කියපු කතාව මෙන්න…

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් අයෙකු හෝ දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ ඉඩකඩක් පවතින බව අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ අද රාත්‍රී ජනාධිපතිවරයා හමු වී සිය ධූරවලින් ඉල්ලා අස්වීමට වූ තීරණය ගෙන පිටතට පැමිණීමෙන් අනතුරුවයි.

    එලෙස එක් අයෙකු හෝ දෙදෙනෙකු එජාපයට එක් වූ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී නොයන බව ද ඔහු අවධාරණය කළා.

    එජාපයට යාමට සූදානම්වන්නේ කවුරුන්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි මොහොතේ එස්බී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “ඒක ඔබතුමාලා දන්නවා අපිට වඩා” යනුවෙන්.

    මේ අතර එම ස්ථානයේ දීම අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේ එජාපය සමග දිගින් දිගටම යාමට අවශ්‍යව ඇති පුද්ගලයින් දෙදෙනෙකු නිදහස් පක්ෂය තුළ සිටින බවයි.

    එවිට මාධ්‍යවේදීන් විමසා සිටියේ අමාත්‍යවරයා සඳහන් කළේ දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර පිළිබඳව ද කියායි.

    තමා සඳහන් කළේ ඔවුන් පිළිබඳව වන බවට අමාත්‍ය ඩිලාන් පෙරේරා එහි දී ඉඟි පළ කරනු ලැබුවා.

    “මට වඩා හොඳට ඔයාලා දන්නවානේ” යනුවෙන් ඔහු ද පවසා සිටියා.

    අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ දී එයට පක්ෂව ඡන්දය ලබා දුන්නිදහස් පක්ෂ අමාත්‍යවරු 15 දෙනා සහ නියෝජ්‍ය කතානායකවරයා ආණ්ඩුවේ තනතුරුවලින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්වනු ඇති.

  • ජනපති නියමයෙන් වීරයෝ විලසින් විපක්ෂයට යන නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කරන්න යන දේ මෙන්න….

    ජනපති නියමයෙන් වීරයෝ විලසින් විපක්ෂයට යන නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කරන්න යන දේ මෙන්න….

    තමන් ඇතුළු කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එක් නොවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ සිටින හිටපු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පවසනවා. ඒ, ඊයේ (11) රාත‍්‍රියේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නෙත් අප වෙත විශේෂ ප‍්‍රකාශයක් ලබාදෙමින්.

    තමන් ඇතුළු කණ්ඩායම විපක්ෂයේ හිදිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමෙන් පසු මෙම කණ්ඩායම ආණ්ඩුවේ දරණ තනතුරුවලින් ඉවත් විය යුතු බවටයි එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප‍්‍රකාශ කළේ. මෙවැනි තීරණයක් ගැනීමට එම බලපෑම් හේතුවක් වූයේදැයි යන්න පිළිබඳව ද නෙත් අප මෙහිදී විමසීමක් කළා.

    එහිදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තමන් මහජන නියෝජිතයින් බවත් හිතට එකඟව වැඩ කල නිසා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ තනතුරු අත්හැරිය යුතු යැයි මතක් කිරීම අනවශය බවයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ නියෝජිතයින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති බවද හිටපු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මෙහිදී ප‍්‍රකාශ කළා. 

  • බැදපු පිරිමියා හරියට ඉන්න දැනගන්න ඕනේ – දසුන් ගැන දාපු කමෙන්ට් එකකට ශලනි කියපු දේ මෙන්න..

    බැදපු පිරිමියා හරියට ඉන්න දැනගන්න ඕනේ – දසුන් ගැන දාපු කමෙන්ට් එකකට ශලනි කියපු දේ මෙන්න..

    ශලනි තාරකා යනු නව පරපුරේ දක්ෂතා පරිපුර්ණ නිලියක් වුවත් පසුගිය සමයේ සියදිවි නසාගත් නළු දසුන් නිසා ඇයට සමාජයෙන් දැඩි දෝෂාරෝපණ එල්ලවිය. කෙසේවෙතත් තම නිල මුහුනුපොතේ දසුන් පිලිබදව ප්‍රේක්ෂකයන් තබනා සටහන් වලට කිසිදු හික්මීමකින් තොරව කෝපයෙන් දැඩි පිළිතුරු ලබාදීමට ශලනි කටයුතු කිරීම මේ දිනවල දැඩි කතාබහට ලක්වී ඇත.

    මේ එවැනි පිළිතුරු කිහිපයක්…

     

  • රනිල්ට බුද්ධිය පහළවන්නට දීපු දින කිහිපයක්  –  ජනපති මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

    රනිල්ට බුද්ධිය පහළවන්නට දීපු දින කිහිපයක් – ජනපති මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

    අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා තමා තනි කරන්නේවත් ඔවුන් විසි කරන්නේවත් නැතැයි පෙරේදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෘජු ප්‍රකාශයක් කොට තිබේ.

    මේ පිරිස විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමෙන් පසුව ඇති වූ තත්ත්වයන් පිළිබඳව හා ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටීම ගැන ජනාධිපතිවරයා ශ්‍රී ලනිප මහ ලේකම්වරයාටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාටත් දැඩි දෝෂදර්ශනයක් එල්ල කොට තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිවන්තව ගොඩනඟමින් ඉදිරියට ගෙන යෑම සඳහා පක්ෂයේ සභාපති තනතුර ඕනෑම අවස්ථාවක භාරදීමට තමා සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.

    ජනාධිපතිවරයා මේ සඳහන කර තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා එම තනතුරුවලින් මෙන්ම යහපාලන ආණ්ඩුවෙන්ද ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවටත්, යහපාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතු බවටත් කළ ප්‍රකාශ හමුවේදීය.

    මධ්‍යම කාරක සභාවට සහභාගි වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කළ ප්‍රකාශයකට පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා කේන්ති ගත් ස්වරූපයකින් ඇයට පිළිතුරක් දී ඇත. චන්ද්‍රිකා පවසා තිබෙන්නේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට සියලු දෙනාම එකතුවී යාන්ත්‍රණය ඇති කළ බවත් ජනාධිපතිවරයා දිනුවේ එම යාන්ත්‍රණය තුළින් ක්‍රියාත්මක කළ වැඩසටහන හේතුවෙන් එදා පැවැති පරිසරය නිසා බවත් ඒ අවස්ථාවේ ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් කළත් ජයග්‍රහණය කරන බවත්ය. ඇය මේ ප්‍රකාශය කිරීමෙන් පසු මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පිටව ගොස් තිබේ.

    චන්ද්‍රිකාගේ එම ප්‍රකාශයෙන් තරමක සිත් පෑරවීමකට පත් ජනාධිපතිවරයා ඇයට පිළිතුරු දෙමින් කියා තිබෙන්නේ “මේ අවස්ථාවේ චන්ද්‍රිකා මැතිනිය සභාවේ හිටියා නම් හො¼දා. නමුත් එතුමිය කළ ඒ ප්‍රකාශය මම පිළිගන්නේ නෑ. මම ජීවිතය පරදුවට තියලයි ජනාධිපතිවරණයට අත ගැහුවේ. ඔය කියන ව්‍යාපෘතිවලට ඡන්දය දුන්නේ නෑ. එහෙනම් ඒ යාන්ත්‍රණය නැත්නම් ව්‍යාපාරය යටතේ යූඑන්පී කෙනකු දාගන්න තිබුණානේ”යි ප්‍රකාශ කොට ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 40 දෙනා එකට ඉන්න ඕනෑ. එක තීන්දුවකට වැඩ කරන්න ඕනෑයි මෙහිදී පවසා ඇති ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභා රැස්වීම කල් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ යූඑන්පීයට බුද්ධිය පහළ වෙන්නට බුද්ධිමත්ව කල්පනා කරන්න දින දෙකක් කල් දෙන බව කියමිනි.

  • ආණ්ඩුවේ අනාගතය තීරණය කරන තීරණාත්මක තීන්දුව දින නියමයක් නොමැතිව කල් යයි…. (Update)

    ආණ්ඩුවේ අනාගතය තීරණය කරන තීරණාත්මක තීන්දුව දින නියමයක් නොමැතිව කල් යයි…. (Update)

    අද දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට පැවැත්වීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව දින නියමයකින් තොරව කල් දමා තිබේ.

    ඉදිරි මධ්‍යම කාරක සභාව පැවැත්වෙන දිනයක් මෙතෙක් තීරණය කර නැති බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.

    විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය ලබා දුන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් 16 දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට කල ඉල්ලීම ගැන අවසන් තීන්දුව ගැනීමට අද දිනයේ මධ්‍යම කාරක සභාව ගස්වීමට නියමිතව තිබින.

    එම හේතුව නිසා ශ‍්‍රිලනිප සියළු ඇමතිවරුන් කැබිනට් රැස්වීම වර්ජනයකද නිරත වූහ.

    මේ අතර වාර්තා වන්නේ තව දුරටත් ආන්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්ධ්යෙන් බරපතල බෙදීමක් ශ‍්‍රීලනිපය තුල ඇතිව තිබෙන බවයි.

    බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සදහන් කරන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරය සදහන් කරන්නේ එජාපය සමග තව දුරටත් ආණ්ඩු නොකල යුතු බවයි.

  • ප්‍රශ්ණ පත්‍ර වෙනස් වෙයි – ලබන මැයි 01දා සිට ලයිසන් ගන්න අලුත් ක්‍රමයක් – විස්තරය මෙන්න..

    ප්‍රශ්ණ පත්‍ර වෙනස් වෙයි – ලබන මැයි 01දා සිට ලයිසන් ගන්න අලුත් ක්‍රමයක් – විස්තරය මෙන්න..

    මෝටර් රථ පනතට අනුව රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීමේදී මෙතෙක්‌ ක්‍රියාත්මක කර තිබෙන ලිඛිත පරීක්‌ෂණය වෙනුවට ලබන මස (මැයි) 01 වැනිදා සිට පරිගණකයකින් ලබාදෙන ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
     
     මෙහිදී පරිගණකයෙන් ලබාදෙන ප්‍රශ්න පත්‍රයට නිවැරදි පිළිතුරු පරිගණකය ආධාරයෙන්ම  සැපයිය යුතු වේ. පැයක්‌ ඇතුළත පිළිතුරු සැපයූ අයෑදුම්කරුට එම අවස්‌ථාවේම ප්‍රතිඵල වාර්තාවක්‌ පරිගණකයෙන් නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ පෙරේදා (09දා) පැවැති මාධ්‍ය හමුවකදී කොමසාරිස්‌ ජනරාල්වරයා කියා සිටියේය.
     
     මේ වනවිට වැඩ කරන දින පහ ඇතුළත එක්‌ දිනකදී අයෑදුම්කරුවන් 600 ක්‌ පමණ ලිත පරීක්‌ෂණයට ඉදිරිපත් වන බවත් එය පරිගණක ඇසුරින් සිදු කිරීමේදී දිනකට 1000 කට පමණ සේවාවන් සැපයීමට අපේක්‌ෂා කර ඇති බවත් හෙතෙම කීය. නව ක්‍රමය අනුව අපේක්‌ෂකයාට හැකි වේලාවක (වැඩ කරන) පැමිණ පිළිතුර ලබාදීමට හැකි වේ. 
     
     ලිඛිත පරීක්‌ෂණයට යොදා ගන්නා ප්‍රශ්න පත්‍ර 4 ම ඇතුළත් ප්‍රශ්න පත්‍ර පරිගණකයට පිළිතුරු සැපයීමට සඳහා මේ වනවිට අඩංගු කර තිබෙන බවත් නව ප්‍රශ්න පත්‍රයක්‌ හඳුන්වා දීමට රියෑදුරු පාසල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම කීය.
     
     මෙහි ප්‍රථම පියවර වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ කාර්යාලයේ ආරම්භ කර දෙවැනි පියවර ලෙස දිවයින පුරා පිහිටා ඇති ඔන් ලයින් සේවාව සහිත කුරුණෑගල, ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර ඇතුළු කාර්යාල 08 තුළ මෙය ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය 2020 වනවිට මුළු දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපේක්‌ෂා කරයි.

  • රජයේ ඉන්නවද නැද්ද තීරණය කරන තීරණාත්මක ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    රජයේ ඉන්නවද නැද්ද තීරණය කරන තීරණාත්මක ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    ජාතික ආණ්ඩුවේ තව දුරටත් පාර්ශවකරුවෙක් ලෙස රැදෙනවාද නැත්නම් ඉන් ඉවත් වෙනවාද යන්න පිළිබඳව තීරණය කරනු ලබන තීරණාත්මක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද (11) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

    පසුගිය 09 වෙනිදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තම පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි. එම අදහසට පක්ෂව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ජන්දය ප්‍රකාශ කල සියලු අමාත්‍යවරුන් සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

    කෙසේ නමුත් මේ වන විට නිදහස් පක්ෂය තුල මතවාද දෙකක් පවතින අතර එක් පාර්ශවයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන යෝජනා කරන විට තවත් පාර්ශවයක අදහස වී ඇත්තේ තවදුරටත් ආණ්ඩුවේ රැදිසිටිය යුතු බවයි.

    කෙසේ නමුත් මේ සියලු කාරණා පිළිබඳව අද දිනයේදී අවසන් තීරණයන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

  • රටම බලාසිටි තරගය අවසන් – අපේ දිරිය දියණිය අනුෂා ඉතිහාස ගත වෙයි….

    රටම බලාසිටි තරගය අවසන් – අපේ දිරිය දියණිය අනුෂා ඉතිහාස ගත වෙයි….

    ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු 21 වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකර දී තිබෙනවා. ඒ ඇය සහභාගී වූ කිලෝග්‍රෑම් 45 – 49 බර පන්තියේ බොක්සිං තරගය නියෝජනය කරමින් අද (11) පැවති තරගයෙන්.

    ලෝක බොක්සිං ශුරිය වන ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සහ අනූෂා කොඩිතුවක්කු අතර‍ පැවති  අවසන් පූර්ව තරගයේ දී මේරි කොම් අවසන් වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

    කෙසේ ශ්‍රී ලංකා කාත්තා බොක්සිං ක්‍රීඩිකාවක් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලෙක දී ලබාගත් ප්‍රථම පදක්කම ලෙස මෙය ඉතිහාසයට එක්වනවා. මෙරට බොක්සිං ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකාවට 1950 වර්ෂයේ දී රිදි පදක්කමක් හිමිව තිබෙනවා. ඒ බොක්සිං ක්‍රීඩක ඇල්බඩ් ප්‍රනාන්දු ක්‍රීඩකයාගෙන්.

    ශ්‍රී ලංකාව මීට වසර 80කට පෙර රන් පදක්කමක් අභියසට ගොස් සිටි බවද සඳහන්.

     

     

  • ජනප්‍රිය නිලි වෝල්ගා tattoo එක ගහපු රටම කතාවෙන අමුතු වීඩියෝව මෙන්න…!  (VIDEO)

    ජනප්‍රිය නිලි වෝල්ගා tattoo එක ගහපු රටම කතාවෙන අමුතු වීඩියෝව මෙන්න…! (VIDEO)

    පුංචි තිරය තුලින් බොහෝ ප්‍රේක්ෂකාදරයක් දිනාගත් රංගන තාරකාවත් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නෙ. ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක් වන ඇය පසුගියදා කරපු දෙයක් ගැන මේ දවස් වල සමාජ ජාලාවල කතාබහට ලක්වෙලා තියෙනවා. මේ කතාබහ ඇතිවෙන්නෙ වෝල්ගා  tattoo එකක් තම සිරුරේ අඳින වීඩියෝවක් සමාජ ජාලා වෙත නිකුත් කිරීමත් සමඟයි. ඔබට එම වීඩියෝව පහතින් බලන්න පුළුවන්.

     

  • මම කවදාවත් IPL යන්න බෑ කිව්වේ නෑ – කළමනාකරු මාධ්‍යට බොරු කියලා, කුසල් කට අරියි…

    මම කවදාවත් IPL යන්න බෑ කිව්වේ නෑ – කළමනාකරු මාධ්‍යට බොරු කියලා, කුසල් කට අරියි…

    ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට්‌ තරග තහනමක්‌ පැනවීම මත අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස්‌ කණ්‌ඩායමේ ස්‌ථානයද ඔහුට අහිමි වූවා.

    අදාළ හිස්‌තැන සඳහා ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා හොඳම අදේශකයා බව මාධ්‍ය වාර්තා කරද්දී ඔහු එම අයි.පී.එල්. ආරාධනාව ප්‍රතික්‌ෂේප කළ ඔහුගේ කළමණාකරු මාධ්‍ය වෙත පවසා තිබුණා.

    නමුත් ඉකුත් සතිය වන විට කුසල් පෙරේරා සම්පූර්ණ සුවය ලබා නොතිබූ බව පැහැදිලි වූවා.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කුසල් පෙරේරාගෙන් කිසිදු අදහසක්‌ ප්‍රකාශ නොවුනද ඔහුගේ කළමණාකරුවා විසින් කියා තිබුණේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමට එක්‌වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළාත් ක්‍රිකට්‌ තරගාවලියට සහභාගිවීමට අවශ්‍ය බැවින් කුසල් පෙරේරා අයි.පී.එල්. ආරාධනාව ඉවත දැමූ බවයි.

    නමුත් වාර්තා වන පරිදි පළාත් සිව්දින තරගාවලියේදී පළමු තරගය ක්‍රීඩා කිරීමටද කුසල් පෙරේරාට නොහැකි වූවා.

    ඒ ඔහුගේ ආබාධ තත්ත්වය සියයට සියයක්‌ සුව නොවීම හේතුවෙන්.

    අයි.පී.එල්. ආරාධනාව කුසල්ට ලැබී ඇත්තේ මෙසේයි.

    අවශ්‍යතාවක්‌ වුණොත් කුසල් පෙරේරා තරඟ කරන්න සූදානම්ද යන්න අයි.පී.එල්. සංවිධායකයන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලින් විමසා තිබෙනවා.

    නමුත් කුසල්ගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුගේ තත්ත්වය දන්වා තිබීමෙන් පසුව කුසල් පෙරේරාගේ බලාපොරොත්තු සන්රයිසස්‌ කළමණාකාරීත්වය අතහැර දැමුවා.

    කුසල් සමග ඔවුන් තවත් ක්‍රීඩකයන් තිදෙනකුව ඩේවිඩ් වෝනර්ගේ ස්‌ථානයට තෝරාගෙන ඇති අතර එහිදී එංගලන්තයේ ඇලෙක්‌ස්‌ හේල්ස්‌ට අවස්‌ථාව හිමිවූවා.

  • රටම කතාවෙන පරිදි බේබි නාමල් එක්ක ප්‍රේමයක් මාධවීට තිබුණද?ඔබ නොදත් කතාව මෙන්න..

    රටම කතාවෙන පරිදි බේබි නාමල් එක්ක ප්‍රේමයක් මාධවීට තිබුණද?ඔබ නොදත් කතාව මෙන්න..

    ජැක්සන් ඇන්තනිගේ ආදරණිය දියණිය මාධවී වත්සලා ආයෙමත් පෙම්වතියක් වෙලා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක සෙල්ෆි ගහලා රටම කැළඹූ මාධවී ඇයගේ පෙම්වතාගේ ඡායාරූප මුහුණු පොතට එකතු කරලා තිබෙනවා. ඇයගේ පෙම්වතා මිලාන් සිල්වා.

    මේ දෙන්නා ළගදීම විවාහ වෙනවා කියලත් ආරංචියි.

      

    SHARE
  • මම අායෙත් ගොනාට අැදගත්තා – අැනගත්ත විශ්වාසභංගයෙන් පසු මහින්ද කියපු කතාව මෙන්න….

    මම අායෙත් ගොනාට අැදගත්තා – අැනගත්ත විශ්වාසභංගයෙන් පසු මහින්ද කියපු කතාව මෙන්න….

    විස්වාසභංග යෝජනාව නිසා පසුගිය සතියේ දේශපාලනය අතිශය උණුසුම් විය. මේ අතර විස්වාසභංග යෝජනාව තිරය පසුපස රසවත් කතා බොහොමයක් විය. 

    විස්වාසභංගය ගෙන ඒමට පෙර දින එකාබද්ධයේ පාර්ලීමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග විඡේරාම පෙදෙසට ගියේ හිටපු ජනපති මහින්ද මුණගැසීමටය. පෙරදා රාත්‍රියේ ප්‍රසන්නට දැනගන්නට ලැබී තිබුණේ විශ්වාසභංගය යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ බෙදීමක්‌ හටගෙන ඇති බවය.
     
    ප්‍රසන්න එනු දුටු හිටපු ජනපති එක්‌වරම  ආ මේ එන්නේ අපේ තරගයේ වීරයා යෑයි කීවේය. “මොකද සර් එහෙම කිව්වේ? ඇත්තටම දැන් මොකක්‌ද වෙලා තියෙන්නේ?”ප්‍රසන්න ඇසුවේය. 
     
    “නෑ ඉතින් ඔයා කිව්ව එක හරි” මහින්ද පැවසීය.
     
    “මොකක්‌ද මං කියපු එක?” ප්‍රසන්න යළි ඇසුවේය.
     
    “ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ බෙදීමක්‌ ඇති වෙලා තියෙනවා විශ්වාසභංගයට ඡන්දය දෙන එක ගැන. පක්‌ෂයේ නියෝජිතයෝ දෙන්නෙක්‌ උදේ මාව හම්බ වෙන්න ඇවිත් කියනවා පක්‌ෂයේ බෙදීමක්‌ ඇති වෙලා තියෙනවා කියලා. සමහරු කියනවලු විශ්වාසභංගයට පක්‌ෂ වෙමු කියලා. තව පිරිසක්‌ කියනවලු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකිමු කියලා. ඒ අය යෝජනා කරනවා විශ්වාසභංග යෝජනාව කල්දාමු කියලා. මම ඒක ප්‍රතික්‌ෂේප කළා. මම කිව්වා දැන් කොහොමටවත් කල්දාන්න බැහැ. කැමැති අය දෙන්න. අකමැති අය නිකම් ඉන්න. හැබැයි කවුරු දුන්නත් නැතත් අපි විවාදයට යනවා කියලා” මහින්ද පැහැදිලි කළේය. 
     
    “ඒකනේ මම කිව්වේ කොළේට අත්සන් ගමු කියලා. අපේ සමහරු කිව්වානේ එහෙම ගත්තොත් ඒ අයට ප්‍රශ්නයක්‌ වෙයි කියලා. මම දැනගෙන හිටියා මෛත්‍රී මේ හදන්නේ තුන්වැනි පාරටත් රනිල්ව ආරක්‌ෂා කරන්නයි කියලා” ප්‍රසන්න පැවසීය.
     
    “ප්‍රසන්නගේ කතාව හරි. මමත් කිව්වේ අඩුම ගාණේ මේ අය ලවා යෝජනාවටවත් අත්සන් කරවා ගන්න කියලයි. දැන් පේනවානේ වෙලා තියෙන වැඩේ” මහින්ද පැවසීය. 
     
    “අපි මේවා කිව්වම සමහරු අපිටත් ගැහුවා රනිල්ව බේරගන්න යනවා කියලා.  ඩීල් එකට අපි අහුවුණා. මොනවා වුණත් දැන් කරන්න දෙයක්‌ නැහැ. අපි මේ අභියෝගයට මුහුණ දෙමු. මොනවා වුණත් මිනිස්‌සු ඇත්ත දන්නවනේ” ප්‍රසන්න කීවේය. 
     
    ඒ අනුව විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයට සහභාගී වීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව බලා ගියහ. හිටපු ජනපති මහින්දට පාර්ලිමේන්තුවේ දී සුසිල් හමුවුණේය. “පක්‌ෂයේ බෙදීමක්‌ ඇති වෙලා තියෙනවා සර්. හැබැයි මම නම් අනිවාර්යයෙන්ම විශ්වාසභංගය යෝජනාවට සහාය පළ කරලා ඡන්දෙ දෙනවා” සුසිල් මහින්දට සපථ කළේය. 
     
    මේ අතර ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ සමඟ ලොබියේ කතා කරමින් සිටි මහින්දානන්දට නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මුණගැසුණේය.  ” මාර වැඩේනේ අපිට වුණේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපිට කිව්වේ එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අරගෙන දෙනවා කියලයි. දැන් ඒ අයම තීන්දු කරලා තියෙනවා ඡන්දෙ නොදී ඉන්න. මේක ලොකු පටලැවිල්ලක්‌. අපිට කරන්න දෙයක්‌ නැහැ “ වසන්ත පැවසීය. 
      
    විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම බදාදා රාත්‍රී 9.30 ට පැවැති අතර ඉන් අගමැතිවරයා ජයග්‍රහණය කර තිබුණි. විශ්වාසභංගයෙන් පසුව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් විවිධ ස්‌ථානවල එකතුව කතාබහ කරමින් සිටියහ. ප්‍රසන්න සභා ගැබෙන් එළියට ආවේම “මම කිව්වා හරි නේද? යෑයි අසමිනි. 
     
    “මරු වැඩේ කියන්නේ මේ යෝජනාව අපිට ගෙනාපු නිදහස්‌ පක්‌ෂයේම ප්‍රබලයා අන්තිමට ඡන්දෙ දෙන්නවත් ඇවිල්ලා නැහැ” සනත් පැවසීය. 
     
    “විශ්වාසභංග යෝජනාව ගෙනාවේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව වුණාට ජනතා විමුක්‌ති පෙරමුණ විවාදයේ දී කතා කළේම මහින්ද ගැනනේ” තවත් මන්ත්‍රිවරයකු පෙන්වා දුන්නේය.
     
    “එයාලට ඉතින් තියෙන ඡන්ද හතර පහවත් රැකගන්න මහින්ද මහත්තයට බණින්න වෙනවානේ” පියල් නිශාන්ත සිනාසෙමින් පැවසීය.  

  • විල්පත්තුව ශ්‍රී රාමා ස්වාමී අභය භූමිය කරමින් රටම නොදැන ජාතික වනෝද්‍යාන දෙකක නම් වෙනස් කල හැටි

    විල්පත්තුව ශ්‍රී රාමා ස්වාමී අභය භූමිය කරමින් රටම නොදැන ජාතික වනෝද්‍යාන දෙකක නම් වෙනස් කල හැටි

    අපේ රටේ ප්‍රධාන වනෝද්‍යාන දෙකක සහ  අභය භූමියකට  Google Map හරන අලුත් නම් තුනක් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව විල්පත්තුව අභය භූමිය  Lord Shrirama Swami Wilpattu National Wildlife Park ලෙසත්, අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය Shri Virashrwa Angammedilla National Park ලෙසත්, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය Shri Vibhishan Horton Plains National Park ලෙසත් නම් කර තිබෙනවා.

    කෙසේ වෙතත් මෙලෙස Google Map හි පෙර තිබූ නම් වෙනුවට අලුත් නම් එකතු කිරීමේ අරමුණ කුමක්ද සහ එය කාගේ උවමනාවකට සිදුකල දෙයක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ. කෙසේ නමුත් මෙය කිසියම් පාර්ෂවයක් විසින් Google සමාගමෙන් කල ඉල්ලීමකට අනුව මෙම උද්‍යාන සඳහා අලුත් නම් ඇතුලත් කර ඇති බවට ඇතමුන් මත පල කරනවා.

    1938 පෙබරවාරි 25 වන දින ආරම්භ කල විල්පත්තු අභය භූමියට එහි ඇති විල්ලු නිසා විල්පත්තුව යන නම ලැබී ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. විල්පත්තු අභය භූමිය තුල විශාල විල්ලු 27ක් සමඟ විල්ලු 40 ක් ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ පැවත ආ විල්පත්තුව යන නාමය Lord Shrirama Swami Wilpattu ලෙස වෙනස් කලේ ඇයිද යන්න සොයා බැලීම වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය යුතු වනවා.

    එසේම මින්නේරිය-ගිරිතලේ වනෝද්‍යානයේ කොටසක්ව පැවැති අංගමැඬිල්ල උද්‍යානයද  2006 ජුනි මස 06 වැනි දා සිට ජාතික වනෝද්‍යානයක් ලෙස නම්කර තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන ගූගල් සිතියමෙහි එම නම Shri Virashrwa Angammedilla ලෙස වෙනස් කර තිබෙනවා.

    1969 වස‍රේදී   ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්නටද එම නම ලැබී ඇත්තේ මෙරට ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකරවරයාගේ සංචාරයකින් පසුව බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. පුරා විද්‍යාත්මක මෙන්ම ජෛව විවිධත්ව වටිනාකමක්ද ඇති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයද ගූගල් සිතියමට අනුව Vibhishan Horton Plains National Park ලෙස වෙනස් කර තිබෙනවා.

     

     

     

     

  • ප්‍රබලයන් Bye කියා මුම්බායි හැරයද්දි බර අැද්ද උපදේශක මාලිංග ගරුත්වය රැකගන්න සටන් බිමට…

    ප්‍රබලයන් Bye කියා මුම්බායි හැරයද්දි බර අැද්ද උපදේශක මාලිංග ගරුත්වය රැකගන්න සටන් බිමට…

    මෙවර IPL තරඟාවලියෙන් කෙටි කාලයක් තුල ඉවත් වූ සිව් වන ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා බවට පැට් කමින්ස් පත්වී ඇත.කමින්ස් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙවර තරඟාවලියේ කිසිම තරඟයකට ක්‍රීඩා නොකළ අතර දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ අවසාන ටෙස්ට් තරඟයේදී ඇතිවූ අභාද තත්වයක් නිසා ඔහු තරඟාවලියෙන් ඉවත් කරගන්නා බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රකාශකයෙකු පවසා ඇත.

    කුමින්ස් දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව අවසාන තරඟයේ ක්‍රීඩා කරද්දී ඇතිවූ මෙම ආබාද තත්වය නිසා ඔහුට විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබීම නිසා මුම්බායි කණ්ඩායමට මෙම පන්දු යවන්නා අහිමි වී ඇත.ක්‍රීඩක වෙන්දෙස්සියෙදී USD 831,475 ක මිලකට මිලදී ගත් කුමින්ස්ගෙන් මුම්බායි කණ්ඩායමට එකඳු කඩුල්ලක්වත් නොලැබීම විශේෂත්වයකි.

    දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ තරඟාවලියේ වැඩිම කඩුලු ලබාගත් ඕස්ට්‍රේලියා පන්දු යවන්නා වූ කුමින්ස් එංගලන්තය සමඟ ඉදිරි ජුනි මාසයේ ආරම්භ වන ක්‍රිකට් තරඟාවලිය සඳහා හොඳ තත්වයකින් සුදානම් කරවීම වැදගත් නිසා ඔහු සම්බන්ද අවධානම් තීරණයක් ගැනීම සිදු නොකරන බවද ඔස්ට්‍රේලිය ක්‍රිකට් ප්‍රකාශකයා IPL තරඟාවලියෙන් කුමින්ස් ඉවත් කර ගැනීම පිළිබඳව පවසා ඇත.

    2018 IPL තරඟාවලියට දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරඟාවලිය දැඩි ලෙස බලපෑම් කල අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් සිව් දෙනෙකු එම තරඟාවලියේ ඇතිවූ තත්වයන් හමුවේ තරඟාවලියෙන් ඉවත් විය.කුමින්ස් සහ  ස්ටක් මේ තරඟාවලියේ ඇතිවූ  අභාද නිසා IPL අහිමි කර ගනිද්දී ස්මිත් සහ වෝනර් පන්දුව පලුදු කිරීම නිසා තරඟාවලිය අහිමිකර ගෙන ඇත.

    මේ අනුව මුම්බායි වේගපන්දු බල ඇණියේ ශක්තිය තවත් අඩුවී ඇති අතර මෙතෙක් කාලයක් මුම්බායි වේගපන්දු බල ඇණිය බාර අණදෙන්නා වූ මාලිංග මෙවර ක්‍රීඩා නොකිරීම නිසා ශක්තිය බාලවූ වේගපන්දු බල ඇණියට අලුතෙන් ක්‍රීඩකයෙකු කැඳවයි ද වේගපන්දු උපදේශක මාලිංගම පන්දු යවන්නට සිදු වේ දැයි අප බලා සිටිමු.