Blog

  • චීවරධාරියාගේ අසම්මත අාශාවට වැට බැන්ද කතරගම පාසලක ගුරුවරු ළමයෙක්ට වට කරන් ගහලා..

    චීවරධාරියාගේ අසම්මත අාශාවට වැට බැන්ද කතරගම පාසලක ගුරුවරු ළමයෙක්ට වට කරන් ගහලා..

    කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකුට සිදුකළ පහරදීමක් පිළිබදව වාර්තා වෙනවා. 

    මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකි. ගුරුවරුන් පිරිසක් එක්ව වටකර සිදුකළ මෙම පහර දීම නිසා  හේතුවෙන් රෝගාතුර වූ සිසුවා පෙරේදා (08දා) රාත්‍රි කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

    ඉකුත් 28 වැනි දින පාසලට පැමිණ ඇති මෙම සිසුවා අවේලාවේ වතුර බීමට ටැප් එක අසලට ගොස් සිටින අවස්ථාවේ විදුහලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති හිමියන් පහරදී ඇති බවත් පසුව විදුහලේ තවත් ගුරුවරු පිරිසකුත් එකතුවී මෙම සිසුවා බිම දමාගෙන පහරදී ඇති බවත් වාර්තා වේ.

    පහර කෑමට ලක්වූ සිසුවා ඒ පිළිබදව මාධ්‍යයට පැවසූවේ මෙලෙසයි ,

    ” මම අවේලාවේ වතුර බීමට ටැප් එක අසලට ගියා. ඒ වෙලාවේ එකවරම එම ස්ථානයට පැමිණි විදුහලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති හිමියන් මගේ කකුල් අල්ලලා මම පැත්තකට පැන්නම මට ගැහුවා. මම ඇහුවා මොකද හාමුදුරුවනේ කැත වැඩ කරලා ගහන්නේ. නිකන් ගහන්න අයිතියක් නැහැනේ කියලා මම කිව්වා.

    ඒ වෙලාවේ හාමුදුරුවන්ට කේන්ති ගිහින් තෝ මන් කවුරු කියලා හිතාගෙනද කතා කරන්නේ කියලා කකුල නවලා දණහිසෙන් මගේ බඩ පැත්තට ගහලා කුණුහරුප කියමින් මගේ අම්මට බැන්නා. නිකරුණේ හාමුදුරුවෝ මට ගහපු නිසා මාත් හාමුදුරුවන්ට පහරක් ගැහුවා. ඒකට කේන්ති ගිය හාමුදුරුවෝ මාව විදුහල්පති මැඩම් ඉන්න කාමරයට අරගෙන ගිහින් අනිත් සර්ලත් එක්ක වට කරගෙන මට විනාඩි 15ක් විතර ගැහුවා. ඒ වෙලාවේ ඒ සර්ලා කිව්වා මැඩම් මූගේ කට වැඩියි මූ ඉස්කෝලෙන් අයින් කරලා දමන්න ඕනේ කිව්වා. මැඩමුත් කිව්වා තෝ ආයේ ඉස්කෝලෙ එන්න එපා කියලා. කොහොම හරි ඉස්කෝලේ ඉවර වෙනකම් මම ප්‍රින්සිපල් රූම් එකේ තියාගෙන ඉඳලා ඉස්කෝලේ අරුණම තමයි මාව යැව්වේ. මම ඉස්කෝලේ ඇරිලා සෙල්ලකතරගම අයියගේ ගෙදර ගියා. අම්මා මාතර රස්සාවක් කරනවා.

    තාත්තා අංශභාගේ හැදිලා එකතැන ඉන්නේ. මගේ එක අක්කා කෙනකුත් මීට මාස කිහිපයකට කලින් ගෙල වැලලාගෙන මැරුණා ගෙදර තිබුණු ආර්ථික අපහසුතා නිසා. ඉස්කෝලෙදි වුණ දේ අම්මට මම කිව්වා. පසුව අම්මා කතරගම පොලිසියට ගිහින් මේ ගැන පසුගිය 04 වැනිදා පැමිණිල්ලක් දැම්මා. පහරදීමෙන් දින කිහිපයකට පසු මට ඇවිද ගෙන යන්න බැරි වුණා. කලන්තෙ දමලා වැටෙන්න පටන් ගත්තා. දිනෙන් දින ලෙඩේ වැඩි වෙන්න ගත්තා. පසුව අම්මා පෙරේදා (08දා) රෑ කතරගම රෝහලට මාව එක්ක ගියා. එහිදී මාව පරීක්‍ෂා කරලා රෝහලට ඇතුළත් කළා. වැඩිදුර ප්‍රතිකාර කිරීමට මාව එදා රෑම හම්බන්තොට මහ රෝහලට මාරු කර යැව්වා. මොනව වුණත් මට පාසල් නොගිහින් නම් ඉන්න බෑ.

    මං 2019 වසරේ උසස් පෙළ ලියන්න ඉන්නේ ගණිත අංශයෙන්. ඒ නිසා මං ඉල්ලන්නේ මට පාසල් යන්න අවස්ථාව නැති කරන්න එපා කියලයි”

    මෙම පහරදීම ඇසින් දුටු විද්‍යාලයේ ගුරුවරයකු මාධ්‍යයට සිදුවීම විස්තර කර තිබුනෙ මෙලෙසින් ,

    ” මාධ්‍යයට අපිට අපේ නම් ගම් කියන්න විදියක් නෑ. නමුත් කතාව ඇත්ත. මම කැන්ටින් එකේ ඉඳලා ඔෆිස් එක පැත්තට යන කොට මේ ළමයා ඔෆිස් එකේ හිටියා. ඒ වන විටත් ළමයට හොඳටම ගහලා. ඒ මදිවට ගුරුවරු කුණුහරුපෙන් පවා බැන්නා. ළමයකුට එහෙම බැනීම නම් අනුමත කරන්න බෑ. දැන් මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සියල්ලම යට ගිහින් තියෙන්නේ. අමාත්‍යාංශ මට්ටමින් පරීක්‍ෂණයක් කරනවා නම් අපි ගුරුවරු විදියට මේ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙන්න වුණත් සූදානම්. මේ වන විට විද්‍යාලයේ ළමයි විශාල වශයෙන් අසාධාරණයට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් කියන්න කෙනෙක් නෑ. මේ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කරන්න කියලා වගකිව යුත්තන්ගෙන් ඉල්ලනවා “ 

  • බඩගින්නේ මැරුනත් රට නම් යන්න එපා..!මරණයෙන් ගැලවී අරාබියෙන් පල ආ ලසඳාගේ කතාව..!

    බඩගින්නේ මැරුනත් රට නම් යන්න එපා..!මරණයෙන් ගැලවී අරාබියෙන් පල ආ ලසඳාගේ කතාව..!

    පේ රටේ කාන්තාවන් ගොඩක් රට රැකියාවට යන්නෙ ඉක්මනින් දියුණු වෙන්න, තමන්ගෙ දරුවන්ට උගන්නන්න මේ වගේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන. නමුත් සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් වල ගෘහ සේවයට යන අපේ කාන්තාවන් මුහුණ දෙන අත්දැකීම්නම් ඒ තරම් සුන්දර නැහැ. බොහෝ කලක් තිස්සේ අරාබි රටවල් වලට යන අපේ කාන්තාවන් මුහුණ දුන් විවිධ දුක් කරදර ගැන අපි ඕනෑ තරම් අසා තිබෙනවා.

    එවන් වූ තවත් සංවේදී කතාවක් පසුගියදා අපිට අසන්නට ලැබුනා. ගලේවෙල පත්කොළගොල්ල ගමේ පිදිංචි  ඩී.එම්. ලසඳා මැණිකේ නමැති 48 හැවිරිදි කාන්තාවක් මුහුණ දුන් අවාසනාවන්ත අත්දැකීම් සමූහය ඇය කියන්නේ මේ වගේ කතාවක්.

     

    ”සැමියා මගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නේ. මට දුවයි පුතයි ඉන්නේ. දුව විවාහ වෙලා ඉන්නේ ගලේවෙල පත්කොළගොල්ල තරුණයකු සමඟයි. පුතාට අධ්‍යාපනයට මුදල් සෙවීමට 2016 ඔක්තෝබර් මාසයේ මම අතරමැදියකු මාර්ගයෙන් කොළඹ පුංචි බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රැකියා ඒජන්සියක් හරහා සෞදි අරාබියේ ගෘහ සේවයේ රැකියාවකට ගියා.

    එසේ ගොස් පසුගිය 2018 මාර්තු 26 වැනි දින ආපසු ලංකාවට එන තුරු මම ජීවිත ආශාව අත්ඇරලයි සිටියේ. රැකියා ඒජන්සිය මට පොරොන්දු වූයේ රියාල් 1125ක වැටුපක් දීමටයි. නමුත් ලැබුණේ රියාල් 1000යි. ගෙදරට එවන්නට හැකි වුණේ මාස 04ක වැටුප් පමණයි. නිවාස 04ක සේවය කළා. එහිදී සතුන් බලා ගැනීමට සිදුවුණා. බදාම ඇනුවා. බ්ලොක් ගල් ඉස්සුවා. විටින් විට නිවාසවල සේවයට එක්කන් ගියා. ඒජන්සි 22ක පමණ නිකරුණේ කාලය ගත කරන්නට සිදුවුණා. විටින් විට ඒජන්සි ප්‍රධානියාගේ අමානුෂික පහරදීම්වලට ලක්වුණා. මට පහරදීම් කළේ තාරික් නමැති පුද්ගලයායි.

    මම රට යෑමට පෙර ලබාගත් රුපියල් ලක්‍ෂ එක හමාරක් ආපසු දුන්නේ නැත්නම් බෙල්ල කපා මරා දමන බවට තර්ජනය කළා. මාසා කියන කාන්තාව මට පොල්ලෙන් අමානුෂික ලෙස පහර දුන්නා. මම සේවය කළ එක් නිවාසයක අයිතිකාරියගේ අවුරුදු 18ක් පමණ තරුණයෙක් මට අතවර කරන්නට උත්සාහ කළා කියා පැනලා ගොස් ඒජන්සියට ගියා.

    එහිදී මම ඒජන්සියට කරුණු පැහැදිලි කළත් ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. පොලිසියටත් ගියා. අවසානයේදී මම එම රටේ නොයකුත් කාර්යාලවලට ගොස් මට වූ අතවර ගැන පැමිණිලි කළා. ඊට පසුව මගේ දුව ලංකාවේ ඒජන්සියට පස් පාරක් විතර ගියා. මාව ආපසු ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ සඳහා ඒජන්සිකරු ලක්‍ෂ ගණනක මුදලක් ඇයගෙන් ඉල්ලා තිබෙනවා. අවසානයේදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට දැන්වූ විට මාව ගෙන්වා දීමට රුපියල් ලක්‍ෂ 04ක් ඉල්ලනවා කිය දුව මට දැන්වූවා.

    මේ සියලු දුක් විඳ දරාගෙන සිටින විට එක දිනක් ඒජන්සියේ අයිතිකරු ‘වැටුප් ලබා ගත්තා, පහර දුන්නේ නෑ’ ආදී කරුණු සඳහන් කළ ලිපියකට මගෙන් බලෙන් අස්සන් ගත්තා. අවසානයේදී දින 27ක් නිවෙසක කළ සේවය සඳහා ලැබුණු වැටුපෙන් ටිකට් එකක් හදාගෙන ලංකාවට ආවා.

    මෙම පහරදීම් නිසා මගේ කොන්ද, බෙල්ල, අතපය ආදිය ඉදිමෙන්න පටන් ගත්තා. මට දැන් හරියට වැඩක්පළක් කරගන්නට බෑ. ඇටකෝටු අස්සේ කැක්කුමක් තියෙනවා. මේ විධියට නොවිඳිනා දුක් විඳින ලංකාවේ කාන්තාවන් තුන් හාරසීයක් පමණ ඒ රටේ දුක් විඳිනවා. ඔවුන් අතර ගැබිනි කාන්තාවන් හා මානසික ආබාධ ඇති කාන්තාවන්ද සිටිනවා. මෙවැනි තැනැත්තියන් විදෙස් ගත කිරීම ගැන අදාළ ඒජන්සි වග කිව යුතුයි. ඇතැම් කාන්තාවන් ලිංගික අතවරවලට පවා ලක් වෙනවා.

    මගේ පුතා මෙවර උසස් පෙළ විභාගය ඉහළින් සමත්වී සිටීම නිසා ඔහුගේ අධ්‍යාපනයට මේ වෙලාවේ මුදල් අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා දැන් මට අවශ්‍ය වී ඇත්තේ වසරක පමණ හිඟ වැටුප් ලබා ගැනීමටයි. ඒ සඳහා කටුනායක ගුවන්තොටුපළහි පිහිටි විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයේ සහන පියසට පසුගිය මාර්තු 26 වැනි දින පැමිණිල්ලක්ද කළා. එම මුදල හා වන්දි මුදලත් ලබා ගැනීමට උපකාර කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ කාන්තාවන්ට මම දෙන එකම අවවාදය කුලී වැඩක් කරලා හරි ජීවත් වෙන්න. ගෘහ සේවය සඳහා මැදපෙරදිග නොයන්න කියලායි.”

  • සුදු මල්ලිට ගේම දීපු මඳුෂ් , අංගොඩ ලොක්කා මෙහෙයවන පතාලයේ වෙඩික්කරු ගැන අැත්ත මෙන්න

    සුදු මල්ලිට ගේම දීපු මඳුෂ් , අංගොඩ ලොක්කා මෙහෙයවන පතාලයේ වෙඩික්කරු ගැන අැත්ත මෙන්න

    පසුගිය දිනවල රට පුරාම පතාල ක්‍රීයාකාරකම් පිළිබදව වාර්තා විය. මේ සදහා නායකත්වය ලබා දෙන පතාල නායකයන් කිහිප දෙනෙකුගේ නම්ද ඒ සමග කියවිනි.

    මේ අතර පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ මිනිමැරුම් සදහා යොදාගන්නා ප්‍රධාන වෙඩික්කරු පොලීසිය විසින් හඳුනා ගෙන ඇතැයි ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට පවසනවා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ මනුෂ්‍ය ඝාතනයන් කිහිපයකටම මෙම පතාල සමාජිකයා සම්බන්ධ බවද සදහන්.

    අතුරුගිරිය කේන්ද්‍රකර ගත් පාතාලයේ සාමාජිකයකු බව කියන එම වෙඩික්කරු සොයා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.

    ඉකුත් මාර්තු 19 වැනි දින අතුරුගිරියේ, ගල්වරුසාව පාරේදී නිමල්සිරි පෙරේරා නොහොත් සුදු මල්ලි නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, මාර්තු 26 වැනි දින මාලබේ, ජෝතිපාල මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගල මහතාගේ නිවෙසට වෙඩි තැබීමද ඇතුළු වෙඩි තැබීම් රැසක් මෙම තැනැත්තා විසින් කරන ලද බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව ඇත.

    ඉකුත් 05 වැනි දින සහ 07 වැනි දින ස්ථාන කිහිපයකින් මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයන් අටදෙනකු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ මෙම වෙඩික්කරු පිළිබදව තොරතුරු හෙළිදරව් වූ බවද පොලිසිය සඳහන් කරයි.

    මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අට දෙනාගෙන් සතර දෙනකු රැඳවුම් නියෝග මත සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රශ්න කරන බවද පොලිසිය පවසයි.

  • අගමැති වෙනවා කියල රවට්ටලා ඡන්දෙ ගත්තා.. ඒත් එහෙම තත්ත්වයක් ඇති වුණේ නෑ – මහින්ද

    අගමැති වෙනවා කියල රවට්ටලා ඡන්දෙ ගත්තා.. ඒත් එහෙම තත්ත්වයක් ඇති වුණේ නෑ – මහින්ද

    ප්‍රාදේශිය සභාවලට අයත් මාර්ග ආදිය සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීමට ඉදිරියේදී උනන්දු නොවන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි
     
    ඔහු මේ අදහස් පළ කළේ අද(09) හම්බන්තොට පැවති ජන හමුවකට එක්වෙමින්ය.
     
    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
     
    “මහින්ද අගමැති වෙයි කියලා ඡන්දෙ දුන්නා. එහෙම තත්ත්වයක් ඇති වුණේ නෑ. 2020 වෙනකම් ඡන්දයක් තියන්න බෑ. පාරවල් හදන්න දෙන සල්ලි දුන්නත්. ප්‍රාදේශිය සභාවලට නවත්වන්න පුළුවන්. ප්‍රාදේශිය සභාවලට අයත් මාර්ගවලට මුදල් දෙන්න අපි දඟලන්නේ නෑ. පළාත් සභා පාරවල්වලට සල්ලි දෙනවා. මධ්‍යම ආණ්ඩුවට අයිති වැව් , පාසල් හදනවාඑපසුගිය මැතිවරණයෙන් පස්සේ .ගමේ සංවර්ධනය අඩුවුණා”
     

  • ඇමති සුජිවගේ පෙම්වතියගේ ආන්දෝලනාත්මක ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කරයි….

    ඇමති සුජිවගේ පෙම්වතියගේ ආන්දෝලනාත්මක ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කරයි….

    ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සුජීව සේනසිංහ නදීකා සේනාධීර නමැති නිරූපිකාවක් සමග එකට සිටින ඡායාරූප කිහිපයක් නදිකාගේ instagram ගිණුමට මුදා හැර තිබේ. ඇය විසින් එම ඡායාරූප නිකුත් කර තිබෙන්නේ එම පුද්ගලයා ඇගේ පෙම්වතා බව පවසමිනි.

    එම තරුණිය ගුවන් නියමුවරියක ලෙස අධ්‍යාපනය ලබයි.

     

    Related image

    Related image

    Image result for Nadeeka senadeera instagram

    SHARE
  • උණුසුම් වු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිදු වුනේ කුමක්ද? ඇත්ත මෙන්න…

    උණුසුම් වු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිදු වුනේ කුමක්ද? ඇත්ත මෙන්න…

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රී  7:15 ට පමණ ජනාධිපති නිල නිවසේදී රැස්වුනා.
    මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජාවට බදුන් වුනේ පසුගියදා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවෙන් පසු උද්ගතවූ තත්වය හා පක්ෂයක් වශයෙන් තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැදෙනවාද යන්න පිළිබඳවයි.

    අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ජන්දය ප්‍රකාශ කල නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එජාප යෙන් එල්ලවූ අපහාස හා චෝදනාවන්ට විරෝධය පල කරමින් හෙට (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට සියළු නිදහස් පක්ෂ ඇමතිවරුන් තීරණය කළා.

    මෙහිදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවයි. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඉදිරිපත් කල එම යෝජනාව අමාත්‍ය එස් බි දිසානායක විසින් අනුමත කර තිබෙනවා. කෙසේ  නමුත් ජනාධිපතිවරයා මෙහිදී සිය අදහස දක්වමින් කියා ඇත්තේ පක්ෂයක් ලෙස එකට එක්ව තවදුරටත් හදිසි නොවී තීන්දු තීරණ ගත යුතු බවයි.

    මේ අතර තවත් දිනකින් එනම් 11 වෙනිදා යලිත් වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට ඊයේ (09) තීරණය කල අතර එදිනට දේශපාලනික වශයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබෙනවා.

  • එජාප මහලේකම් ධූරය භාරගන්න යැයි නවීන්ට පසුපෙළ මන්ත්‍රීලාගෙන් ඇරයුම්

    එජාප මහලේකම් ධූරය භාරගන්න යැයි නවීන්ට පසුපෙළ මන්ත්‍රීලාගෙන් ඇරයුම්

  • දවස් 43ක් සරසවි වහලා… සිසුවෝ අනාතයි… අධ්‍යාපනය අඩාලයි .. ඇමති ගොළු බිහිරි සේ නිහඩයි..

    දවස් 43ක් සරසවි වහලා… සිසුවෝ අනාතයි… අධ්‍යාපනය අඩාලයි .. ඇමති ගොළු බිහිරි සේ නිහඩයි..

    දවස් 43ක් තුරාවට ක්‍රියාත්මක විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජන ක්‍රියා මාර්ගය නිසාවෙන් මේ වනවිට රට පුරා සරසවි වල දැඩි අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇත. සරසවි තුල මහපොළ ගෙවීම නවක සිසුන් බදවා ගැනීම පවා මේ වැඩ වර්ජන ක්‍රියාවලිය නිසා ඇනහිට ඇති අතර අමාත්‍යවරයා සමග පවතී සාකච්චා පවා බිදවටිමෙන් 150,000 පමණ සිසුන් අපහසුතාවයට පත්ව ඇත.

    මේ පිලිබදව අදහස් දක්වමින් අන්තරේ කැදවුම්කරු වන ලහිරු පැවසුවේ දින 43ක් තිස්සේ පවතින මෙම ගැටලුව නිසාවෙන් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් විභාග කල්යාම අවසන් වසර පරීක්ෂණ කල්යාම පමණක් නොව මහපොළ නොලැබීම නිසා ඔවුනට තම නවාතන්පොලවල් වල කුලිය ගෙවාගැනීමේ අර්බුධයක්ද නිර්මාණය වී ඇති බවයි..

    රට ආපස්සට යද්දී රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා යන දෙදෙනාම ගොළුවන් බිහිරන් සේ සිටීම තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය බිදහෙලිමද යන්න ජනතාව ප්‍රශ්න කර සිටියි..

  • අගමැති රනිල්ගේ නිල බුකි පිටුවෙන් Sex චැට් කරලා මාට්ටු… කමෙන්ටුවකින් සියල්ල එලියට…..

    අගමැති රනිල්ගේ නිල බුකි පිටුවෙන් Sex චැට් කරලා මාට්ටු… කමෙන්ටුවකින් සියල්ල එලියට…..

    මාස ගණනාවකින් යාවත්කාලින නොකළ අගමැති රනිල්ගේ නිල බුකි පිටුවෙන් Sex Chat සිදුකල අජුත පුවතක් අපට වාර්තා වේ. තුෂාර නැමති මාධ්‍ය අංශ ප්‍රධානියෙකුගේ බුකි පොස්ටුවකට දැමු කමෙන්ටුවක් මගින් මේ සියලු තොරතුරු අපට හෙලිකරගැනීමට හැකිවූ අතර අගමැති රනිල්ද මේ පිලිබදව දැඩි කලකිරීමකට ලක්ව සිටින බව අපට වාර්තා වේ..

    එම පොස්ටුව මෙන්න….

    https://www.facebook.com/thushara.deshpriya/posts/1793983277330010

    එම කමෙන්ටුව මෙන්න…

  • වැඩ දාපු පාතාලය සළිත කරමින් පාතාලය මර්ධනයට චීටා කණ්ඩායම රහසේම කොළඹට

    වැඩ දාපු පාතාලය සළිත කරමින් පාතාලය මර්ධනයට චීටා කණ්ඩායම රහසේම කොළඹට

    “චීටා කණ්ඩායම කොළඹට ඇවිත්” යැයි ආරංචිය කනවැකුණු සැණින් බියෙන් සළිත වී ගිය පිරිස් බොහෝ ය. ලෝකයේ ජවසම්පන්න වේගවත්ම සතා ලෙස හැඳින්වෙන චීටාගේ නම කියූ පමණින් ඕනෑම අයකු භීතියට පත්වීම සිදුවන්නකි. පුදුමයක් නොවේ මේ චීටාවෝ කොළඹට හුරුවෙමින් මේ වන විට ගොදුරු කීපයක් වෙත ළඟා වෙමින් සිටිති.

    පසුගිය සතියේ කොළඹට රහසිගතව කඩාවැදුණු චීටා කණ්ඩායමක් නිසා වැඩියෙන්ම භීතියට පත් වුයේ පාතාල කල්ලිය.

    මෙකී චීටා කණ්ඩායම (Cheetah Group) කොළඹට එන්නේ අමුතු ඉලක්කයක් සොයා ගෙනය. ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සතු ජවසම්පන්න, උපක්‍රමශීලී, වේගවත්, දක්ෂ වෙඩික්කරුවන්ගෙන් සමන්විත මෙකී චිටා කණ්ඩායම කොළඹට ගෙන එන්නේ හිස ඔසවන්නට වූ පාතාලය මට්ටු කරන්නටය.

    ඩුබායි සිට ක්‍රියාත්මක වන මාකඳුරේ මධුෂ්, කෙසෙල්වත්තේ දිනුක, මෙන්ම ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කා අතුරුගිරියේ ලඩියාගේ කණ්ඩායම් මෙන්ම අංගොඩ ලොක්කා අතින් කළුතරදී මරණයට පත් වූ කඩුවෙල රණා‍ලේ සමයංගේ කල්ලි ද පසුගිය මාස තුනේදී කොළඹ කේන්ද්‍ර කරගෙන කළ අපරාධ රැල්ල මැඩ පවත්වන්නට මෙකී චීටා කණ්ඩායම කැඳවා තිබේ.

    පසුගිය මාස තුන පුරාවටම පාතාල කණ්ඩායම් කොළඹ කේන්ද්‍ර කරගෙන සිදු කළ වෙඩි තැබිම් සඳහා තුවක්කුකරුවන් පැමිණියේත්, පලාගියේත් යතුරුපැදිවලිනි. රථවාහන තදබදය අතරේ ක්ෂණිකවම පලායෑම සඳහා පාතාලය මෙවන් සැලසුම් ක්‍රියාවට නංවද්දී මෙයට විසඳුමක් ලෙස චීටා කණ්ඩායම් කොළඹට කැඳවීමට ‍පොලිස් කොමාන්ඩෝ (එස්.ටී.එෆ්. ප්‍රධානී) ප්‍රධානියා වන ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතිෆ් පියවර ගත්තේය.

    අපරාධ භීතියෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම ‍පොලිසියේ දැක්මය. උතුරු, නැගෙනහිර ජනතාවට වසර නවයකට පෙර එවැනි වාතාවරණයක් උදාකර දුන්නද, රටේ නීතියට අභියෝග කරමින් ‍පොලිසියට තර්ජනය කරමින් පාතාලය දකුණේ හිස ඔසවන්නේ මෑතක පටන්ය.

    විශේෂ බළකාය තිස්පස් වසරක යුද්ධයේ දී නැගෙනහිර කොටි ත්‍රස්තවාදීන් මෙල්ල කරන්නට නගරබද සටන් හා වනගත සටන්වලට කුඩා කණ්ඩායම් ලෙස සතුරා හඹා යාමට පටන් ගන්නේ 1989 දීය. හයේ කණ්ඩායම් ලෙසින් සතුරා හඹා යන්නට ක්ෂණික ඉලක්කය ගන්නට හැකි සුවිශේෂී පුහුණුව ලත් මෙම කණ්ඩායම ත්‍රස්තවාදය අවසන් වූ පසුව ගමන වේගවත් කරන්නට යතුරුපැදි කණ්ඩායමක් ලෙස කරළියට එක්වෙයි.

    ලොව ජව සම්පන්නම වේගවත්ම සතා වූ චීටා පාඨමාලාවේ ලාංඡනය ලෙස ගෙන චීටා ගෲප් නමින් කුඩා කණ්ඩායම් කරළියට ගෙන එන්නේ මෙකී කණ්ඩායමට විශේෂ බළකායේ සිටින ජව සම්පන්නම පුද්ගලයන් ඇතුළත් කර සුවිශේෂී පුහුණුවක් දෙන නිසාය. එදා විශේෂ කාර්ය බළකායේ හිටපු ප්‍රධානි නියෝජ්‍ය ‍පොලිස්පති නිමල් ලෙව්කේ (විශාමික) යටතේ මෙහෙයුම් අධ්‍යක්ෂ තනතුර හෙබවූ එම බළකායේ වත්මන් අණ දෙන්නා වන එම්. ආර්. ලතිෆ් මහතා යටතේ 2007 වසරේ දී චීටා කණ්ඩායම කරළියට ගෙනෙන්නේ ය.

    යුද හමුදා විශේෂ බළකා දිගුදුර විහිදුම් කණ්ඩායම් (LRRP) වලට ලබාදෙන සුවිශේෂී පුහුණුව යටතේ වනයේ නොනැසී ජීවත් වීමට වූ අත්දැකීම් ලබාදෙන පුහුණුවත්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය (sbs) යටතේ ජලයේ නොනැසී ජීවත් වීමට පුහුණුවත්, ගුවන් හමුදාව සමග ගුවන් සංග්‍රාමික මෙහෙයුම් සඳහා පුහුණුවත් ලබා දෙමින් චීටා කණ්ඩායම සුවිශේෂී කණ්ඩායමක් ලෙස කරළියට ගෙන එන්නේය.

    නවීන තාක්ෂණික උපාංගවලින් මෙන්ම ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකි අයුරින් සුවිශේෂී භට කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අභියෝගය මේ වන විට භාරව ඇත්තේ විශේෂ කාර්ය බළකා පුහුණු අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අතුල දවුලගල මහතා යටතේ ය.

    තාක්ෂණය හා බැඳුණු ජවසම්පන්න භටයන්ගෙන් සතුරාට විස්මය දනවන මෙහෙයුමක් කරන්න තමයි චීටා ගෲප් එක කොළඹට කැඳවන්නේ. ඔවුන් අද වන විට නවීන සන්නිවේදන උපකරණවලින් සමන්විතය. මෙහෙයුමකදී සන්නිවේදනය ඉතා වැදගත්. තවත් කණ්ඩායමක් ක්ෂණිකව සතුරා පලායන මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි ගෙන්වා ගැනීමට හැකි අයුරින් සන්නද්ධව සිටිනවා. ජී.පී.එස්. නැවිගේෂන් සිස්ටම් මගින් ඔවුන් අතර අන්තර් සම්බන්ධතාව පවත්වාගෙන යයි. මේ සියලු කරුණු ඉදිරි අභියෝගවලට මුහුණ දෙන්න තාක්ෂණය හා බැඳුණු මෙහෙයුමක් චීටා ගෲප් එක යොදවා කරනවා” යැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අතුල දවුලගල ප්‍රකාශ කරයි.

    මෙහෙයුම් සඳහා එක්කරන චීටා කණ්ඩායම භූමියේ තොරතුරුවලින් සන්නද්ධ කරන්නේ ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මගින් මූලස්ථානය ලබා ගන්නා තොරතුරු මගිනි. කොළඹ මෙහෙයුම්වලදී ක්ෂණිකව ඉලක්ක කරා හඹා යන්නට චීටා කණ්ඩායම මෙකී බුද්ධි තොරතුරුවලින් ද සන්නද්ධ වෙයි. ක්ෂණිකව ඉලක්කය ලබාගෙන විහිදී යා හැකි අයුරින් මෙකී හයේ කණ්ඩායම් පුහුණු කර තිබේ.

    චීටා කණ්ඩායමට තෝරා ගනු ලබන්නේ ද විශේෂ කාර්ය බළකා මුලික පුහුණු පාඨමාලාව හැදෑරූ සෙබළුන් අතරින් සුවිශේෂී අත්දැකීම් ඇති පිරිසකි. තුන්සීයක පමණ කණ්ඩායමකින් තිස්හය දෙනකුව තෝරා ගන්නේ වසර එකහමාරකට වරක්ය.

    හයේ කණ්ඩායම් හයක් ලෙස පුහුණුව ලබන මෙම කණ්ඩායමට කටුකුරුන්ද පුහුණු පාස‍ලේ දී අවි පුහුණුව, වෙඩි පුහුණුව, උපක්‍රමික පුහුණුව, පුපුරන ද්‍රව්‍ය පාඨමාලාව, සන්නිවේදන පාඨමාලා, ඇතුළු විශේෂ පුහුණුවීම් ලැබේ.

    කටුකුරුන්දේ පුහුණුව අවසන් වනුයේ කිලෝ විසිපහක ගමන් මල්ලක්ද සමග කළුතර සිට කොළඹ දක්වා සිදුකරන වේගවත් පා ගමනෙනි. ඉන් අනතුරුව අම්පාර, ශාස්ත්‍රවෙල්ලි දී වන සටන් පුහුණුවට යොමු කරන සුවිශේෂී කණ්ඩායමට ඝන කැලෑ තුළ අතරමං කර එන්නේ වනයේදී නොනැසි ජීවත් වන්නට පුහුණු කරන්නටය. පරිසරයෙන්ම ගස්, ගල්වලින් ගින්දර උපද්දවා ගැනීමට, ආයුධ නොමැතිව ආහාරය සඳහා අවශ්‍ය දේ වනය තුළින්ම සපයා ගැනීමට පුරුදු කරන්නේ ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්නට චීටාවෝ සමත් වෙති. සතුරා හඹායාම හා නොනැසී ජීවත් වීම (Tracking and Survival) විශේෂ බළකා යටතේ පුහුණුව ලබන මෙකී චීටාවන්ට නාවික හමුදා පුහුණුවේ දී අවි ආයුධ සමග මුහුදේ කිලෝ මීටරයක් පමණ මුහුදු සමග කරන සටනකින් එම අභියෝගයද ජය ගත්තේ ය.

    නුවරඑළියේ දී ආවරණය වීමට ඉටිකොළයක් පමණක් ලබා දී ඕනෑම දේශගුණික තත්ත්වයන්ට මුහුණ දෙන පුහුණුවක්ද ලබා දෙන්නේය. ‍පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද, කඳවුරේ ප්‍රධාන පුහුණු උපදේශක ‍පොලිස් පරීක්ෂක කළුආරච්චි යටතේ පුහුණුවීම් කටයුතු කෙරේ.

    එම පුහුණුවීම්වලින් පසුව විශේෂ ප්‍රහාරක යතුරුපැදි පුහුණුව යතුරුපැදි පුහුණු උපදේශක වන උප පාලිස් පරීක්ෂක අඟුණාවල යටතේ සති හයක් ලබා දෙයි.

    සාමාන්‍ය රාජකාරි සඳහා යොදා නොගන්නා චීටා කණ්ඩායම් උතුරු නැගෙනහිරින් ඔබ්බට මුලින්ම රාජකාරි සඳහා මෑතකදී කැඳවන්නේ මහනුවර දිගන ඇති වූ ජාතිවාදී අරගලය මැඬපවත්වන්නටය. අතුරු මාර්ග ඔස්සේ පවා චීටා කණ්ඩායම් යවමින් දිගන ගැටුම පාලනය කරන්නට මහනුවරට ගොස් සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාට හැකි විය.

    පාතාල ක්‍රියාකාරකම් මර්දනය කරන්නට දකුණු පළාතට පවා යැවූ විශේෂ කණ්ඩායම් අතරේ චීටා කණ්ඩායමද විය. මෙම සතියේ සිට කොළඹ කේන්ද්‍ර කරගත් මෙහෙයුම්වලට පළමුවරට කැඳවූ චීටා කණ්ඩායම මුලින්ම කොටුකරන්නේ අංගොඩ ලොක්කාගේ කල්ලියේ අංගොඩ චීටීවය. කොටිකාවත්තේ අංගොඩ චිටීගේ නිවසේ යකඩ දොරවල් හතකට ඉබි යතුරු දමා ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලින් බේරෙන්නට උත්සාහ ගෙන තිබුණ ද චීටාවො කණ්ඩායම් චිටීව කොටුකරන්නේ පසුගිය මිනිස් ඝාතනවලට සබඳතාවක් ඇතැයි තොරතුරු අනාවරණය වීම නිසාය.

    පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගුරා ලෙසින් අංගොඩ පාතාලයේ චීටී කරළියට එන්නේ අංගොඩ මෝචාගේ ඝාතනයෙන් පසුවය. මෝචා ඝාතනය වූ පසු පාතාල බලය අතට ගන්නා චීටීගේ ගෝලයකු ලෙස ලොක්කා එවකට කටයුතු කළේ ය.

    කාලයාගේ ඇවෑමෙන් අංගොඩ චීටී පස් ජාවාරම්, ඉඩම් ගොඩකිරීම්වලට යොමු වෙද්දී අංගොඩ ලොක්කා පාතාල නායකයා ලෙස කරළියට එයි. කඩුවෙල රණා‍ලේ සමයං කළුතර එතනමඬලදී බන්ධනාගාර බස් රථයට පහර දී ඝාතනය කිරීමෙන් පසුව අංගොඩ ලොක්කා රට පැනීමත් සමග ලොක්කාගේ කල්ලියේ ප්‍රබලයකුව සිටියේ චීටී බව පාතාල මර්දන ඒකක සඳහන් කරයි. චීටි ප්‍රසිද්ධියේ පාතාල ක්‍රියා සඳහා දායක නොවුණද අංගොඩ ලොක්කාගෙන් පළිගන්නට ප්‍රතිවිරුද්ධ කල්ලිය අයි.ඩී.එච්. හන්දියේ දී චීටිට වරක් වෙඩි තැබුවේය. කොස් මල්ලී හා අලුත්කඩේ රිස්කාන් ඝාතනයට පැමිණ ගම්වැසියන්ගෙන් පහර කෑ මියගිය පාතාලයා අංගොඩ චීටිටද වෙඩි තබා තිබුණේය.

    චීටි පසුගිය දිනවල වාර්තා වූ ඝාතනවලට දායකත්වයක් දැක්වූ බවට වූ තොරතුරු මත අත්අඩංගුවට ගත් පසුව චීටා කණ්ඩායම මෙම සතියේ අතුරුගිරිය ලඩියාගේ පාතාල සඟයන් කොටුකරන මෙහෙයුම්වලටද යොදවා තිබුණි. ලඩියාගේ ගෝලයන් දෙදෙනකු කොටු වූ බව ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතිෆ් සඳහන් කරයි. ඕනෑම පාතාල අභියෝගයක් ජයගන්නට හැකි අයුරින් චීටා කණ්ඩායම කොළඹ මෙහෙයුම් අරඹද්දී කොළඹ කේන්ද්‍ර කරගත් පාතාලය අඩියක් පස්සට තබද්දී දකුණේ නිහඬ බව නිවමින් කොස්ගොඩ සුජී එල්ල කළ ප්‍රහාරයකින් විදේශිකයකු අනතුරට ලක් විය.

    මෙහිදී ඉලක්කය වී තිබුණේ රෝයල් බිච් සමන් නමැති ව්‍යාපාරිකයාය. කප්පම් සිද්ධීන් හා බලය පැතිරවීමේ ඉලක්කයක් ඇතිව මෙම ප්‍රහාරය කොස්ගොඩ සුජී එල්ල කර තිබුණ බව කියැවෙන්නේය. කොස්ගොඩ සුජිත් යළි වැඩ අරඹන්නේ මධුෂ්ගේ වැඩ කරගන්නට දුන් කාලයකින් පසුවය. රජය අපරාධ මර්දනය කිරීමට නීති බලගන්වමින් නිසි වැඩපිළිවෙළක් නොයොදනතාක් මර්දනය කිරීමක් හැර සදහටම තුරන් කිරීමක් කළ නොහැකිය.

  • එළවලු කඩේ කාලකන්නි ගෝලයා නිසා පිඩාවට පත්වූ අසරණ අම්මාට පිහිට වූ මහේස්ත්‍රාත්තුමියගේ මනුස්සකම

    එළවලු කඩේ කාලකන්නි ගෝලයා නිසා පිඩාවට පත්වූ අසරණ අම්මාට පිහිට වූ මහේස්ත්‍රාත්තුමියගේ මනුස්සකම

    දුගීබවේ අන්තයටම වැටි සිටි වයෝවෘද්ධ මවකට සිදුවු ඇබැද්දියක් පිළිබදව පුවතක් වාර්තා වෙනවා. 

    69 හැවිරිදි මෙම වයෝවෘද්ධ මාතාව සැමියා නොමැතිව තම ආබාධිත පුතු සමඟ දිවි පෙවත ගෙවාදැමුවේ ගම්පොළ ගල්පාය ප්‍රදේශයේය. රැකියාව වශයෙන් අග්ගලා සාදා වෙළෙඳසල්වලට අලෙවි කරනා ඇය ඉන් ලැබෙනා තම ආබාධිත පුතුද කෙසේ හෝ ජීවත් කරවන්නීය.

    ළඟ එන අලුත් අවුරුද්ද සැමරීමට සියල්ල සූදානම් වුවත් මෙම වයෝවෘද්ධ මාතාවට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නොවීය. තමාට කෙසේ නමුත් තම ආබාධිත නොදරුවාට අවුරුද්ද සැමරීමට ලබාදීම ගැන සිතු ඇය තම ස්වයං රැකියාව වැඩිදියුණු කර ගැනීමට සමෘද්ධි ණයක් ගැනීමට සිතුවාය.

    ගමේ තම සමෘද්ධි කණ්ඩායමේ හතර දෙනකුගේ සහාය ලබා ගත් ඇය රුපියල් 50,000ක සමෘද්ධි ණයක් ගත් අතර එයින් මුල් වාරිකය කපාගෙන ඇය අතට රුපියල් 47,300ක් ලැබිණි.

    එයින් රුපියල් 300ක මුදල තම පුතුගේ කොණ්ඩය කපා ගැනීමටදී ඔහු ඒ සඳහා පිටත් කර ඇය දහවල් කෑමට අසල වෙළෙඳසලකට ගොස් පරාටා 4ක් හා හොදි එකක් මිලදී ගෙන තම බෑගයට දමා ගත්තාය. අනතුරුව එළවළු වෙළෙඳසලට ගොස් එහි තිබූ පැණි බෝතලය පරීක්‍ෂා කරනු ලැබුවේ අවුරුද්දට අවශ්‍ය අග්ගලා ටිකක් සාදා වෙළෙඳසල්වලට දමන අදහසිනි.

    මේ කටයුතු අවසානයේ තම මුදල් අඩංගු පසුම්බිය බැලුවද එය දැකගැනීමට නොහැකි වීමෙන් මහත් කලබලයට පත්ව කුරුඳුවත්ත පොලිසිය වෙත පිය නැඟුවේ හඬා වැලපෙමිනි.

    මෙම වයෝවෘද්ධ හැඩීම දුටු පොලිස් නිලධාරීන් වහාම පරීක්ෂණ ආරම්භ කර තිබුණි. 

    මව පැවැසුවේ තම මුදල් පරාටා ගත් බේකරි කඩේ අමතක වූ බවයි. ඒ අනුව එහි තිබූ සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීන් එම කැමරාවේ මෙම මව රැගෙන එන බෑග් සියල්ල නැවත රැගෙන යන අයුරු සටහන්ව ඇති බව දැක සියල්ල තේරුම් ගත්තේය.

    මුදල් නොමැතිකමින් කම්පා වී සිටින මවට සියල්ල අමතකව ඇති බව දැන ඇය ඊළඟට ගිය එළවළු වෙළෙඳසලට ගොස් එහි මුදලාලි හා ගෝලයා බියකර පොලිසියට රැගෙන ඒමට සූදානම් වූයේ අවුරුද්ද අවසන් වන තුරු යළි ගෙදර නොයවන බව පවසමිනි.

    මෙයින් බියවූ එහි ගෝලයා සියල්ල හෙළි කර තිබුනි. ඒ අනුව මොහු මෙම මවගේ මුදල් බෑගය සොරා ගෙන අසල තිබූ බස් නැවැතුම්පළේ පොදු වැසිකිළියේ සඟවා තිබූ මුදල් පොලිසිය සොයා ගනු ලැබීය.

    අවසානයේ නිවාඩු දිනයක් වුවද සැකකරු  ගම්පොළ මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරනු ලැබිණි.

    මහෙස්ත්‍රාත්වරිය දුටු මෙම මව හඬා වැඳ වැටෙමින් තමන්ට සිදුවූ අකරතැබ්බය පැවසුවේය. එයින් කම්පා වූ මහෙස්ත්‍රාත්වරිය සියල්ල තේරුම් ගෙන මහෙස්ත්‍රාත්වරිය අතින්ම මෙම මුදල් මෙම මවට දී පැවැසුවේ අවුරුද්දට තව අවශ්‍ය දෙයක් ඇත්නම් තමාටද පවසන ලෙසය.

    සැකකරුව මේ මස 20 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය පියවර ගනු ලැබීය.

  • මහා රෑ ත්‍රිවිල් නයිට් රේස්…. එකිනෙකා මරාගන්න රටම කතාවෙන වීඩියෝව මෙන්න…..

    මහා රෑ ත්‍රිවිල් නයිට් රේස්…. එකිනෙකා මරාගන්න රටම කතාවෙන වීඩියෝව මෙන්න…..

    රථ වාහන අනතුරු වර්තමානයේ අතිශය සුලභය. රථ වාහන නිතී උල්ලංඝණය ,  මාර්ග විනයක් නොමැතිකම මීට හේතුවයි. 

    මේ අතර බටහිර චිත්‍රපට දර්ශන සිහි ගන්වමින් , රාත්‍රීයේදි මහ මග රේස් පැදීමට හුරුව සිටිනා ඇතැම් රියදුරන් පිළිබද සිදුවීම් වාර්තා වුනා.

    මුදල් ඔට්ටු මත රාත්‍රීයට රේස් පදිනා ත්‍රී රෝද රථ රියදුරන්ගේ විඩීයෝවක් සමාජජාලා මාධ්‍ය වල පළව තිබුනා.

    මෙම රියදුරන්ගේ නොමනා හැසිරීම නිසා එක් ත්‍රීරෝද රථයක් අනතුරටද භාජනය වනවා.

    ඒ අවස්තාවේ විඩියෝව පහතින්,

    විඩියෝව Sri Lankan Traffic Violations පිටුවෙන් ..

     

     

  • ලංකාවේ යකඩ කෙල්ල අවසන් පූර්ව වටයට , මේරි කොම්ගෙන් වාඩුව ගන්න සුදානම්…..

    ලංකාවේ යකඩ කෙල්ල අවසන් පූර්ව වටයට , මේරි කොම්ගෙන් වාඩුව ගන්න සුදානම්…..

    පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලකදී බොක්‌සිං ඉසව්වක අවසන් පූර්ව වටයට පිවිස පදක්‌කමක්‌ දක්‌වා පැමිණි පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත්වීමට අනුෂා කොඩිතුවක්‌කු ඊයේ (8දා) සමත් වූවාය.

    බොක්‌සිං ක්‍රීඩාවේ රන්, රිදී සහ ලෝකඩ පදක්‌කම් දෙකක්‌ පිරිනැමෙන බැවින් මේ වනවිටත් අනූෂා ඉදිරියේ ඒ අතරින් පදක්‌කමක්‌ සටහන් වී තිබේ. එය රන්, රිදී හෝ ලෝකඩද යන වග නිශ්චිතවම තීරණය වන පළමු අවසන් පූර්ව තරගය අනිද්දා (11 දා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 7.32 ට පැවැත්වෙන අතර එහිදී අනුෂාගේ ප්‍රතිවාදියා බවට 15 වතාවක්‌ මෙම බර පංතියේ ලෝක ශූරිය වූ ඉන්දියාවේ මේරි කොම් පත්ව ඇත.

    අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී කේමන් දූපත්හි 21 හැවිරිදි බ්‍රැන්ඩ් බැක්‌ස්‌ව පළමු වටයේදීම පරාජය කරමින් මෙම ඓතිහාසික අවස්‌ථාව අනුෂා විසින් ළඟාකර ගන්නා ලදී.

    තරගය ආරම්භක අවස්‌ථාවේ පටන් ප්‍රතිවාදී ක්‍රීඩිකාවට කිසිදු අවස්‌ථාවක්‌ නොදී වෙහෙසට පත්කරමින් නොකඩවා පහර එල්ල කිරීම හේතුවෙන් පළමු වටය අවසන් වනවාත් සමගම විනිසුරු තීරණයෙන් අනූෂාට ජය හිමි විය.

    මෙහිදි විශේෂත්වය වන්නේ අනුශාගේ ප්‍රතිවාදිනිය වන මේරී කොම්ගේ විනය විරෝධි ක්‍රීඩා රටාව නිසා 2016 දකුණු ආසියානු තරඟාවලියේ අවසන් මහා තරගයේ අබාධයට ලක්වීමයි.  මාස ගණනක් රෝද පුටුවක සිට ප්‍රථිකාර ලබා ගත් අනූෂා නැවතත් ක්‍රීඩා පිටියට පැමිණ තිබෙන්නේ මවුබිම වෙනුවෙන් අපමණ කැපකිරීම් මැදය .

    මෙහිදි ඇයගේ පුහුණුකරු මෙන්ම ශ්‍රී ලාංකේය බෝක්ෂිං ක්‍රීඩාවට අපමණ සේවයක් කරනා ඩයන් ගෝමස්ගේ සේවයද ඇගයිය යුතුමය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පෞද්ගලික මුදල් වැය කර තබා රැක බලා ගන්නා ඩයන් ගෝමස්ගේ කැපකිරීම පදක්කමක් දක්වා පැමිණ ඇතැයි ක්‍රීඩා විචාරකයන් සදහන් කර තිබුනි.

    මවුබිම වෙනුවෙන් අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරන අනූෂාගේ ප්‍රතිවාදීව මේරී කොම්ට ඉන්දියාවේ චිත්‍රපට පවා සාදා තිබේ. ඉන්දීය රජයේ වියදමින් ඇයට පෞද්ගලික ආරක්ෂකයන් පවා සිටිති. ඉන්දියාවට මේරි කොම් කොපමණ වටිනවා දැයි ඉන් පැහැදිලි වේ.

    ඕස්ට්‍රේලියාවේ වෙසෙන මෙන්ම සමස්තශ්‍රී ලාංකිකයන්ටම දැන් අනූෂා වෙනුවෙන් වගකීමක් පැවරී තිබේ. අනූෂා අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරන්නේ එලබෙන 11 වෙනිදා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර Oxenford Studios වෙතට පැමිණ ඇයට සහය දැක්වීම ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ට භාරය.

    අවසන් මහා තරගයට ක්‍රීඩා කරන අනූෂාට සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම අපගේ උණුසුම් සුභ පැතුම් .!

    ඓතිහාසික ජයෙන් පසු අනූෂා මාධ්‍යයට කියූ කතාව ,

     

  • එදා එලවන්න විරුද්ධයි කියූ එජාප මන්ත්‍රීවරුන්ගෙන් මෙදා රනිල් ගෙදර යවන්න විශ්වාසභංගයක්….

    එදා එලවන්න විරුද්ධයි කියූ එජාප මන්ත්‍රීවරුන්ගෙන් මෙදා රනිල් ගෙදර යවන්න විශ්වාසභංගයක්….

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවී, පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම ප්‍රමාද කිරීමේ අරමුණෙන් කමිටු පත්කිරීම අනුමත නොකරන එම පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් අගමැතිවරයාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ (08) තීරණය කර ඇත.

    ඒ අනුව තවත් මාස හයක් ඇතුළත අගමැතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත.

    පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සාකච්ඡාවකට කැඳවා, ඒ පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පවත්වන්නේ නැතිව, අවසානයේ අගමැතිවරයාට හිතවත් පිරිසකගෙන් සමන්විත කොමිටියක් පත්කර මන්ත්‍රිවරුන්ගේ වටිනා කාලය නාස්ති කළ බව එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රිවරු පිරිසක් පැවසූහ.

    අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, තුසිත විජේමාන්න, දයා ගමගේ, රංගේ බණ්ඩාර, අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රිවරු ඇතුළු මන්ත්‍රිවරු පිරිසක්, අගමැතිවරයා පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට පත්කළ යුතු බවට අදහස් දක්වා ඇත.

    රවි කරුණානායක, මංගල සමරවීර, ලක්ෂ්මන් විජේමාන්න, වජිර අබේවර්ධන යන ඇමැතිවරු ඇතුළු පිරිසක් මෙහිදී අගමැතිවරයා වෙනුවෙන් අදහස් පළ කර ඇත.

    වසන්ත සේනානායක, පාලිත රංගේ බණ්ඩාර ඇමැතිවරු සාකච්ඡාව පැවැත්වෙන අතරතුර එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවද වාර්තාවේ.

    එ.ජා.ප නායකත්වයෙන් අගමැතිවරයා වහාම ඉවත් විය යුතු බවට බලකර සිටින කණ්ඩායමේ මන්ත්‍රිවරු දස දෙනකු ඊයේ රැස්වී, ඔවුන් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන විශ්වාසභංග යෝජනාව සඳහා වන චෝදනා පත්‍රය සකස් කිරීම ආරම්භ කිරීම පටන්ගෙන ඇති බවද වාර්තාවේ.

    මේ වන විට. එ.ජා.පයේ මැති ඇමැතිවරු විසි හතර දෙනකු විශ්වාසභංග යෝජනාවට කැමැත්ත පළ කර ඇති බවත් මැති ඇමැතිවරු පනස් දෙනකුගෙන් එම යෝජනාවට අත්සන් ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවැසීය

  • අසාර්ථක රනිල් සිටියදී කැඩුණු පාක්ෂික හිත් සනසන්න මහලේකම් සහෝදරි තලතා සභාපති පුටුවට…

    අසාර්ථක රනිල් සිටියදී කැඩුණු පාක්ෂික හිත් සනසන්න මහලේකම් සහෝදරි තලතා සභාපති පුටුවට…

    එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිනිය ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුවී තිබේ.

    මීට පෙර ඇයට පක්ෂයේ මහ ලේකම් තනතුර ලබාදීමට යෝජනා වී තිබු අතර පසුව එය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබා දීමට තීරණය කෙරිණි.

    දැනට වැඩ බලන මහලේකම්වරයා ලෙස පත්කර ඇත්තේද ඔහුය.

    කෙසේ වෙතත් දේශපාලන පුවත් වාර්තා සඳහන් කරන ආකාරයට අතුකෝරළ ඇමතිවරියද සභාපති තනතුරට වඩා වැඩි කැමැත්තෙන් සිටින්නේ මහ ලේකම් තනතුරටය.

    ඇගේ සොයුරු ගාමිණී අතුකෝරළ මහතා ද කලක් පක්ෂයේ මහලේකම් තනතුරු හෙබවීය.

    ඉදිරි දින කිහිපය තුල පක්ෂයේ නව තනතුරු ලබාදීමට නියමිතය.

  • කිත්සිරි??කොහේ ඉන්න කිත්සිරියෙක්ද? මම චන්දිම… දුරකථන ඇමතුමෙන් චන්දිමට යකා වැහෙයි..

    කිත්සිරි??කොහේ ඉන්න කිත්සිරියෙක්ද? මම චන්දිම… දුරකථන ඇමතුමෙන් චන්දිමට යකා වැහෙයි..

    බ්‍රහස්‌පතින්දා උදය වරුවේ චන්දිම වීරක්‌කොඩි අමාත්‍යවරයාගේ දුරකථනයට හිටිහැටියේම විශේෂ දුරකථන ඇමතුම පැමිණියේ ය.

    “අපි මේ අහවල් FM සේවාවෙන්” කියමින් එහා කෙළවරින් කතා කළේ ලංකාවේ ජනප්‍රියම FM සේවාවක නිවේදකයෙකි.

    “අපේ ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂතුමාට ඔබතුමාට කතා කරන්න ඕනලු” කියමින් ඔහු තවත් අයෙක්‌ වෙත දුරකථනය යොමු කළේය.

    “බදාදා සිරස මූලස්‌ථානයට එල්ල කරපු ප්‍රහාරය ගැන ඔබතුමා මොනවද දන්නේ”

    එහා පැත්තෙන් හිටිහැටියේම අසන ලද ප්‍රශ්නය නිසා චන්දිම මහත් අපහසුතාවකට පත් විය. එහෙත් ඔහු උත්තර දුන්නේ ය.

    “කවුද ගහලාලු නේද? කවුරු කළත් මහ කැත වැඩක්‌.. මම දන්නෙත් අද උදේ 10. 00 ට විතර”

    “ඔබතුමා නිකං බබා වගේ කතා කරන්න හදන්න එපා. අපට ආරංචි වුණා ඊයේ දවල් ඉඳලා ඔබතුමා තමයි මේ ප්‍රහාරය මෙහෙයවන්න ප්ලෑන් කළේ කියලා”

    “මේ මම? ඔයගොල්ලන්ගේ ඔළුව හොඳ නැද්ද?”

    “නෑ…නෑ… හානියක්‌ කරන්න නෙවෙයි අපි කතා කළේ… ඔබතුමාගේ නම තමයි මේකට දැන් ගෑවිලා තියෙන්නෙ. අපිට රාජිත ඇමැතිතුමායි අන්වර් මන්ත්‍රීතුමායි කිව්වා මේකට ඔබතුමාගේ සම්බන්ධයක්‌ නැහැ කියල ඔබතුමාගෙන් වොයිස්‌ කට්‌ එකක්‌ අරන් ඔබතුමාව හිමීට ෂේප් කරලා දාන්න කියලා. ඒකයි අපි කතා කළේ. අපේ නිවේදකයා දැන් ඔබතුමාට කතාකරයි. එයාට ප්‍රකාශයක්‌ දෙන්න. මේකට මම සම්බන්ධයක්‌ නෑ. මම හිටියේ වෙනත් තැනක කියලා කියන්න. එච්චරයි කරන්න තියෙන්නෙ.” කියමින් ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂවරයා දුරකථනය තම නිවේදකයාට භාර කළේය.

    “මේ හලෝ… ඔය ගොල්ලන්ට වැරදීමක්‌ වෙලා. කරුණාකරලා කියනවද කාටද ඔයාලා ඔය කතා කරන්නෙ කියලා.”

    “ඔය කතා කරන්නේ අපේ කිත්සිරි රාජපක්‌ෂ මන්ත්‍රීතුමා නෙවෙයිද?”

    “මඟුල… මම දන්න කිත්සිරියෙක්‌ නෑ. මම මේ චන්දිම වීරක්‌කොඩි.”

    එසේ කී පමණින් අනිත් පැත්තෙන් දුරකථනය විසන්ධි විය.

    කිත්සිරි රාජපක්‌ෂ යනු කවරෙක්‌ දැයි චන්දිම සොයා බැලුවේ ඉන් පසුවය.

    කිත්සිරි යනු මැදමුලනට සම්බන්ධ අයකු නොව, කොළඹ මරියකඩේ සිටි චණ්‌ඩියකුට සම්බන්ධ අයකු බවත්, මේ වන විට ඔහු කොළඹ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයකු බවත් චන්දිම සොයා ගත්තේ ඉන්පසුවයි.