Blog

  • FCID අවට දැඩි ආරක්ෂාවක් – නයා ගහපු රත්තරන් සහ තව ප්‍රබලයෙක් අත්අඩංගුවට ගන්නා ලකුණු

    FCID අවට දැඩි ආරක්ෂාවක් – නයා ගහපු රත්තරන් සහ තව ප්‍රබලයෙක් අත්අඩංගුවට ගන්නා ලකුණු

    කොලබ චැතම් විදිය පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් මේ වන විට යොදා ඇත.චැතම් විදියේ රථ වාහන ධාවනයද සීමාකර ඇති අතර පොලිසියේ විශාල පිරිසක් ඒ අවට ආරක්ෂාවට යොදවා ඇත.

    විශ්වාසදායි ආරංචි මාර්ග වලින් සදහන් වන්නේ ඉකුත් ආණ්ඩුවේ ප්‍රභලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවය.

    තවද ඉකුත් සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමේ මහතාට විදේශ ගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය. සතොස මුදල් අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව ඔහුට මෙසේ විදෙස්ගතවීම තහනම් කළේය.

    එසේම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එය වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

    මේ අතර විශ්වාසභංග විවාදයේදී අමාත්‍ය ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකා විසින් දූෂණ වංචාවක් එල්ල වි ඇති මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා නුදුරේදීම අත් අඩංගුවට පත් වන බව හෙළි කරනු ලැබුවේය.

    “හෙට මම කූඩුවේ දාන්න යන්නයි හදන්නේ මචෝ” කියල පසුපෙළ මන්ත්‍රීවරු එක්ක මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා අද කියල තියෙනව. එතුමටත් මිලියන 60ක නඩුවක් තියෙනව. කනගාටුයි එතුමාගැන. අපි කවුරුත් එක්ක හිතවත් තමයි.” ඔහු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කනගාටුව පලකරමින් පැවසුවා.

     

    SHARE
  • ජනපති දැක්මෙන් රට ගොඩ නගන ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ලෝකේ වටෙන් ආයෝජන..

    ජනපති දැක්මෙන් රට ගොඩ නගන ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ලෝකේ වටෙන් ආයෝජන..

    ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා සෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී.

    ඒ අනුව මෙරට මඤ්ඤොක්කා වගාව ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් මඤ්ඤොක්කා පිටිකරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා සහය ලබාදීමට ස්වීඩන සහ ඉන්දීය ආයෝජකයින් පිරිසක් ඉදිරිපත්ව සිටින අතර ඔවුන් අද (06) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කළහ.

    පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, මඩකලපුව සහ මොණරාගල දිස්ති‍්‍රක්ක පදනම් කර ගනිමින් මෙම වගාව ප‍්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ යටතේ නව වගාබිම් හෙක්ටයාර් 6,000 ක පමණ වගා කටයුතු සිදු කිරීම අපේක්ෂිතය.

    ගොවින් මඤ්ඤොක්කා වගාව සඳහා යොමුකර ඔවුන්ගෙන් මිලදී ගන්නා මඤ්ඤොක්කා මෙම නව කර්මාන්ත ශාලාව තුළ පිටි බවට පත් කෙරෙන අතර, ඒ තුළින් සීනි නිෂ්පාදනය ද අපේක්ෂා කරයි.

    මෙම ආයෝජන මගින් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නව රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් උත්පාදනය වනු ඇති අතර, ශ‍්‍රී ලංකාවට සීනි ආනයනය සඳහා වැය වන අධික පිරිවැය ද අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    ස්වීඩන තාක්ෂණය යටතේ ඉදි කෙරෙන මෙම නව කර්මාන්ත ශාලාවේ කටයුතු මෙම වසරේදී අරම්භ කිරීමට අපේක්ෂිතය.

  • දෙවන එළිසෙබෙත් මහරැජින නබි නායකතුමන්ගේ දියණියගේ ලේ ඥාතී දියණියක්.. ඇත්ත මෙන්න..

    දෙවන එළිසෙබෙත් මහරැජින නබි නායකතුමන්ගේ දියණියගේ ලේ ඥාතී දියණියක්.. ඇත්ත මෙන්න..

    බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහරැජින සම්බන්ධයෙන් යටගොස් තිබු තොරතුරක් යළි අනාවරණය වී තිබෙනවා. මේ අනාවරණය නිසා බ්‍රිතාන්‍යයේ ජනතාව භීතියට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    මෙම අනාවරණය ප්‍රථම වතාවට 1986 වසරේ දී රජ ගෙදරින් පිටට ආරංචි වු අතර එම ආරංචිය සඟවන්නට රජ ගෙදර බලධාරින් කටයුතු කර ඇති බවද වාර්තා වන්නා. නමුත් වසර 32ට පසුව එම ආරංචිය යළි වරක් පැතිරෙන්න පටන් ගෙන තිබෙනවා.

    ඉන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහරැජින ද අපහසුතාවයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම ආරංචියට අනුව දෙවන එළිසෙබෙත් මහරැජින ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මුහම්මදු නබි නායකම් තුමන්ගේ පරාම්පරාවෙන් පැවත එන අයෙකු බව සඳහන්.

    අදාළ කාරණාව සම්බන්ධයෙන් රහස් සමීක්ෂණයක් පසුගිය වසර 32ක් මුළුල්ලේ සිදුකර ඇති අතර එහිදී මහරැජිනගේ පරම්පරා 43ක් සම්බන්ධයෙන් කරුණු සොයා බලා තිබෙනවා.එම රහස් සමීක්ෂණයට අනුව බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහරැජින ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මුහම්මදු නබි නායකම් තුමන්ගේ දියණිය වන ෆාතුමාගේ ලේ ඥාතී දියණියක් බවයි අනාවරණය වී ඇත්තේ.

    මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොකර ඉතාමත් රහසිගතව තබාගෙන සිටිය ද එය මේවන විට සමාජයේ පැතිරෙන්න පටන් ගෙන තිබෙනවා. ඉන් මහරැජින අපහසු තාවයට පත්ව ඇති අතර බ්‍රිතාන්‍යය වැසියන් ද භීතියට පත්ව ඇති බව වාර්තා වනවා. කෙසේ නමුත් මෙය ඉස්ලාම් ආගමිකයන්ට ගෞරවයක් වනු ඇති බව තවත් පිරිසක් පවසා තිබෙනවා.

    මේ අතර බ්‍රිතාන්‍ය වැසියන් එය පිළිගැනීමට සූදානම් නොමැති බවත් එය ප්‍රතික්ෂේප කරන බවද සඳහන්.


     

    Elizabeth II, Queen of the UK – daughter of
    George VI, King of the UK – son of
    George V, King of the UK – son of
    Edward VII, King of the UK – son of
    Victoria, Queen of the UK – daughter of
    Edward, Duke of Kent and Strathearn – son of
    George III, King of Great Britain – son of
    Frederick, Prince of Wales – son of
    George II, King of Great Britain – son of
    George I, King of Great Britain – son of
    Sophia, Electress of Hanover – daughter of
    Elizabeth of Bohemia – daughter of
    James I/VI, King of England, Ireland & Scotland – son of
    Mary, Queen of Scots – daughter of
    James V, King of Scots – son of
    Margaret Tudor – daughter of
    Elizabeth of York – daughter of
    Edward IV, King of England – son of
    Richard Plantagenet, Duke of York – son of
    Richard of Conisburgh, Earl of Cambridge – son of
    Isabella Perez of Castille – daughter of
    Maria Juana de Padilla – daughter of
    Maria Fernandez de Henestrosa – daughter of
    Aldonza Ramirez de Cifontes – daughter of
    Aldonza Gonsalez Giron – daughter of
    Sancha Rodriguez de Lara – daughter of
    Rodrigo Rodriguez de Lara – son of
    Sancha Alfonsez, Infanta of Castile – daughter of
    Zaida (aka Isabella) – daughter of
    Al-Mu’tamid ibn Abbad, King of Seville – son of
    Abbad II al-Mu’tadid, King of Seville – son of
    Abu al-Qasim Muhammad ibn Abbad, King of Seville – son of
    Ismail ibn Qarais – son of
    Qarais ibn Abbad – son of
    Abbad ibn Amr – son of
    Amr ibn Aslan – son of
    Aslan ibn Amr – son of
    Amr ibn Itlaf – son of
    Itlaf ibn Na’im – son of
    Na’im II al-Lakhmi – son of
    Na’im al-Lakhmi – son of
    Zahra bint Husayn – daughter of
    Husayn ibn Hasan – son of
    Hasan ibn Ali

  • ප්‍රසංගය පටන් ගත්තේ නැති  රටටම අපහාස කරමින් නිසා කුඩ්ඩො සාජා නගරයේ බඩු කුඩු කර පිස්සු නටයි

    ප්‍රසංගය පටන් ගත්තේ නැති රටටම අපහාස කරමින් නිසා කුඩ්ඩො සාජා නගරයේ බඩු කුඩු කර පිස්සු නටයි

    මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේ ශ්‍රී ලාංකිකයන් උදෙසා පැවති අලුත් අවුරුදු උත්සවයක සිදුවූ අපකීර්තිමත් සිදුවීමක් වාර්තා වෙනවා.

    මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් උදෙසා සාජා නගරයේ අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුනේ ඊයේ (06) දිනයි. මෙම අවුරුදු උත්සවය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු කර තිබුණා.

    කෙසේ වෙතත් අවුරුදු උත්සවය අවසානයේ , සංගීත ප්‍රසංගය ආරම්භ වීමට ප්‍රමාද වූවා යැයි කියමින් එම ස්ථානයේ සිටි ඇතැම් පිරිසක් කලබලකාරී ලෙස හැසිරී තිබුණා. අවසානයේ ඔවුන් එම ස්ථානයේ ගැටුමක් ඇති කරමින් වේදිකාව සහ එම ස්ථානයේ තිබූ සියලූම උපකරණ කඩා බිඳ දමා තිබුණා.

    මේ සම්බන්ධයෙන්  ඇතැම් පිරිස් පවසන්නේ සංවිධායකයන් සංගීත ප්‍රසංගය සදහා පැමිණ සිටි පිරිසගෙන් මුදල් එකතු කළ අතර , අවසානයේ නිතීමය අවස‍ර නොගෙන තිබීම නිසා ප්‍රසංගය නොපැවැත්වූ බවයි. මේ නිසා කෝපයට පත්වූ පිරිස් කලබලකාරී ලෙස හැසිරුන බව ඔවුන් පවසනවා.

    එම අවස්ථාවේ ඡායාරූප පහතින් ,











  • ” මම හොර කලේ නෑ… ජනතා ආදරය ලොකුම සම්මානයයි “මනීෂාගෙන් නයනතාරට චෝදනාවක්…

    ” මම හොර කලේ නෑ… ජනතා ආදරය ලොකුම සම්මානයයි “මනීෂාගෙන් නයනතාරට චෝදනාවක්…

    නවක රංගන ශිල්පිණි මනීෂා චංචලා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නිළියට හිමි දෙවැනි ස්ථානයට පත් වුණා. පුවත්පතක් සමග සංවාදයකට එක්වන මනීෂා ඒ පිළිබදව අදහස් දක්වා තිබුණා.
    එම සංවාදය පහතින් ,

    මුලින්ම කියමු අලුත් තොරතුරු ගැන?

    සුපුරුදු විදිහට ටෙලි නාට්‍යය එක්ක තමයි කාලය ගවෛන්නෙ. අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. තවත් නාට්‍යයකට දැන් ආරාධනා ලැබිලා තියෙනවා.

    මොකද හිතෙන්නෙ කෙටි කාලයකින් මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙන එක ගැන?

    ඒ ගැන නම් හිතේ ‍පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම සතුටුයි මේ ලැබෙන ප්‍රතිචාර ගැන?

    ක්ෂේත්‍රයට එනකොට හිතුවද මේ වගේ ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා?

    මුලින්ම මම එන්නෙ ළමා නිවේදිකාවක් හැටියට. ඊට පස්සේ ගායිකාවක් හැටියට එළියට එනවා. නමුත් ගායනය හරහා ඉදිරියට යන්න හිටපු මට නොහිතපු විදිහට රංගනය මුණ ගැහෙනවා. මුලින්ම නම් හිතුවේ නෑ මේ විදිහට ප්‍රතිචාරයක් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා. ඉතින් අද වෙනකොට මේ ලැබෙන ප්‍රතිචාර එක්ක මම හොඳ තැනක ඉන්නවා කියලා හිතෙනවා.

    ගායනය මගහැරෙන එක ගැන පසුතැවීමක් නැද්ද රංගන කටයුතු නිසා?

    ගායනය මගහැරිලා නෑ. මම මෑතක දී මගේ කියා නමින් ගීතයක් කළා. අතුල අධිකාරි මහත්මයාගේ ‘බොහෝ කලක්’ ගීතයේ ෆීමේල් වර්ෂන් එක විදිහටයි මගේ ගීතය නිර්මාණය වුණේ. ඉතින් ඒකටත් නොහිතපු විදිහේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

    ජනප්‍රියම නිළිය සම්මානය අහිමිවීම ගැන හිතේ ‍පොඩි හරි දුකක් ඇති නේද?

    ජනතාවගේ ආදරය ලැබෙනවා කියන්නෙම සම්මානයක් තමයි. දෙවැනි තැන ලැබෙනවා කියන්නෙත් ඒ ආදරය අඩුවක් නැතුව ලැබිලා තියෙනවා කියන එක. ඉතින් මට නම් කිසිම දුකක් නෑ. ගොඩාක් සතුටු වෙනවා මේ ලැබෙන ජනතා සම්මානයට.

    අනාගතයේදී වෘත්තීය බවට රංගනය පත් වෙයිද?

    අනාගත වෘත්තීය රංගනයවත්, ගායනවත්, නිවේදනයවත් වෙන්නෙ නෑ. ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් මගේම වෘත්තීය ගමනක් යාමයි බලා‍පොරොත්තුව. ඉතින් ඒ සඳහා සූදානමිනුයි ඉන්නේ මේ දවස්වල.

    සිනමාවෙනුත් ඔබව දකින්න ලැබේවි නේද ඉදිරියේදී?

    ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත් අධ්‍යාපන කටයුතු එක්ක ලැබුණු ආරාධනා මගහැරුණා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

    මොනවද ඉදිරි වැඩකටයුතු?

    තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන ඉදිරියේදී දැන ගන්න ලැබේවි. ඉතින් මම මගේ ආදරණීය ප්‍රේක්ෂක පිරිසට කියන්නේ මට ලැබෙන හැම චරිතයකටම උපරිම සාධාරණය ඉටු කරනවා. ඒ නිසා මේ වගේම මාත් එක්ක ඉන්න කියන ආරාධනය කරන්න කැමැතියි.


     

  • හොර කරලා ගත්ත සම්මාන මගේ ගෙදර නෑ – නයනතාරගෙන් සමන් එදිරිමුනිට කණේ පහරක්…

    හොර කරලා ගත්ත සම්මාන මගේ ගෙදර නෑ – නයනතාරගෙන් සමන් එදිරිමුනිට කණේ පහරක්…

    මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පිණියට හිමි සම්මානය හිමි වූයේ නයනතාරා වික්‍රමආරච්චිටය. සම්මානය හිමි වීමෙන් අනතුරුව විවිධ පාර්ශවයන් නයනතාරාට විවේචන එල්ල කළ අතර ඒ පිරිසෙහි ඇය රංගනයෙන් දායක වූ නාට්‍යයක තිර රචකයාද සිටියා. පුවත්පතක් සමග සංවාදයකට එක්වෙන නයනතාරා මේ පිළිබදව  අදහස් දක්වා තිබූ අතර එම සංවාදය පහතින් , 

    එකදිගට හතර වතාවක් ජනප්‍රිය නිළිය වීම ගැන ආඩම්බරද..?

    ආඩම්බරයක් නෑ. සන්තෝෂයක් තියෙන්නේ.

    මෙවරත් ජනප්‍රිය නිළිය වෙයි කියලා බලාපොරොත්තු වුණාද..?

    එහෙමම නැහැ. නමුත් මට මං ගැන විශ්වාසයක් තිබුණා. මට තියෙන්නේ මාත් එක්ක වූ තරගයක්. ඒ තරගය ඇතුළේ මට මාව විශ්වාසයි. ඒ විශ්වාසයට ලැබුණු ජනතා සම්මානය තමයි මේ.

    නමුත් මෙවර නම් මනීෂා එක්ක ලොකු තරගයක් දෙන්න වුණා නේද..?

    සම්මාන බලාපොරොත්තුවෙන් නම් මම කා එක්කවත් තරග කරන්නේ නෑ. ඇය මගේ හොඳම යෙහෙළියක්. අපි අතරේ කොහොමවත් තරග නෑ. මේ තියෙන්නේ ප්‍රේක්ෂක මනාපය.

    ඒකෙන් කියන්නේ ඔබ SMS වලට වියදම් කළේ නෑ කියන එකද..?

    කොහොමටවත් නෑ. අම්මයි, තාත්තයි මට හැමතිස්සෙම කියන්නේ සම්මානයක් ගත්තොත් ඒක ගෞරවාන්විතව අරගෙන ගෙදර තියාගන්න කියලා. තමන්ම SMS ගහගෙන ඒ ගෞරවය ලබාගන්න බෑ. හෘද සාක්ෂියට අනුව එය වංචාවක්, බොරුවක්. වංචාවක් කරලා ගත්ත සම්මාන මගේ ගෙදර නෑ. අනික මෙවර එක දුරකතනයකින් එක SMS එකයි එවන්න පුළුවන් වුණේ. ඒකත් ඉතාම හොඳ දෙයක්. ඒ සංකල්පයටත් මම ගරු කරනවා.

    ජනප්‍රිය නිළි සම්මානය ලැබීම ගැන, ඔබ නාට්‍යයක අධ්‍යක්ෂවරයාව හෝ රචකයාව දැනුවත් කළේ නෑ කියල ඔවුන්ගෙන් චෝදනාවක් තියෙනවා..?

    ඒ සම්මානය ලැබෙන බව මම දැනගෙන හිටියෙත් නෑනේ.

    සම්මානය ලැබුණට පස්සෙවත් ඒ ගැන කිව්වේ නැද්ද..?

    අම්මාටවත් මම ඒ ගැන කිව්වේ නෑ. අනික කාටවත් මම විශේෂයෙන් කියන්න ගියේ නෑ. හැමෝටම එක විදියටයි කිව්වේ.

    ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු..?

    මම රඟපෑ ටෙලි නාට්‍ය දෙකකුත්, චිත්‍රපට දෙකකුත් එන්න තියෙනවා. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. තවම එහි පිටපත කියවනවා. කියවලා බලලා හොඳයි කියලා හිතුණොත් භාරගන්නවා.

  • “තාත්තා හිටිය නම් මම ඒ9ක් ගන්නවා” – විනිසුරුගේ දිවිබේරා තම ජීවිතය දුන් විරුවාගේ දියණිය

    “තාත්තා හිටිය නම් මම ඒ9ක් ගන්නවා” – විනිසුරුගේ දිවිබේරා තම ජීවිතය දුන් විරුවාගේ දියණිය

    පුතෙකුගේ ලෝකයේ තාත්තා වීරයකු වන්නා සේම දියණියකගේ ලෝකයට ඒ තාත්තා රජෙකි. එය හැම දියණියකටම පොදු වූ හැඟීමකි, සිතුවිල්ලකි. සමාධි සිටියේත් එවන් හැඟීමෙනි. ඈ ද පිය රජුගේ ලෝකයේ කිරුළ දරා බොහෝ ආඩම්බරෙන් සතුටෙන් සිටි දැරියක් වූවාය. එදවස තාත්තා ළඟ දැවටෙමින් ඔහුගේ ලොවට ඈ දුන් බලාපොරොත්තුවලින් ඒ තාත්තා ඔහුගේ ලොව සුන්දර කරමින් සිටියේය. ඒත් හදිසියේම ඒ තාත්තාගේ ලෝකයේ සමාධි හිස රන්දා සිටි කිරුළ ලිහී වැටුණේය. ඒ කිරුළේ කෑලි යළි එක්කාසු කර කිරුළක් හෝ කිරුළ දැරූ ලොව යළි තනන්නට බැරි ලෙස සමාධිගේත් තාත්තාගේත් ලෝකය සදාකාලිකව වෙන් කරමිනි.

    සමාධි අමන්දා තවමත් පහළොස් හැවිරිදි දැරියකි.ඇගේ එකම බාල සොයුරා සදෙව් ආනන්දයි. අම්මා හලාවත පොලිසියේ කොස්තාපල්වරියක් වන ප‍්‍රියංගිකා කුමුදුනිය. සමාධිගේ තාත්තා පොලිස් සැරයන්වරයකු වූ සරත් හේමචන්ද්‍රයි.

    සමාධිට වයස අවුරුදු පහක් පමණ වෙද්දි ප‍්‍රියංගිකා පොලිස් සේවයට නොයා නැවතුණේ එවකට සදෙව් ඉපදෙන්නට සිටි නිසාමත් නොව සමාධිගේ රැුකවරණයට සිටි ඇගේ ආච්චි අම්මා අසනීපව ගමේ ගිය නිසාය. එවක් පටන් ප‍්‍රියංගිකාට රැුකියාවට ගිය කාලයට වඩා සැලකිල්ලක්, කාලයක් සමාධි වෙනුවෙන් වැය කරන්නට පුළුවන් විය. සමාධි කුඩා කාලයේ බම්බලපිටියේ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ගොස් 4 පන්තියේ සිට හලාවත පල්ලම නන්දිමිත‍්‍ර මහා විද්‍යාලයට යන්නට ගත්තාය. කුඩා කල පටන් ඇයට සහජයෙන්ම ඉගෙනීමේ හැකියාවක් තිබුණේය. ඈ හැම විටකම පන්තියේ පස්වැනියා වූවාය. ගණිතය විෂයට දක්ෂ වූ ඇයට යමක් ඇසූ පමණින් එය මතක සිටින විශේෂතාවක් ද විය.
    ”මම ලොකු වෙලා… විභාගෙ පාස්වෙලා  ටීචර් කෙනෙක් වෙනවා..”

    සමාධි පොඩි කාලේ නිතර කීවේ ඒ කතාවයි. පොඩි වයස ගෙවී 10  පන්තියට ආවත් සමාධිගේ මේ අදහස වෙනස් වූයේ නැත.
    ”මම ඉතින් කවදහරි ටීචර් කෙනෙක්නෙ  වෙන්නෙ..”
    මෑතකාලයේත් ඈ ඒ නොවෙනස්වූ අනාගත බලාපොරොත්තුව ගැන කීවාය.

    ”දුව ගුරුවරියක් වුණාට කමක් නෑ. ගුරුකම ගෑනු ළමයකුට හොඳටම ගැළපෙනවා. හැබැයි ඉතින් හොඳට විභාගෙ පාස්වෙන්න  ඕන මොන රස්සාව ගන්නත් ”

    සමාධිගේ අනාගත බලාපොරොත්තුව ගැන තාත්තා සරත් හේමචන්ද්‍රගේ අදහස වුණේ ඒකය. දියණිය ගුරුවරියක වනවාට ඔහු සතුටු වුණේය. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇයගෙන් හොඳම ප‍්‍රතිඵලත් ඔහු බලාපොරොත්තු වුණේය. ඒත් දරුවන් ළඟ සිට ඔවුන්ගේ ඉගෙනීමට උදව්කරන්නට තරම් වාසනාවක් සැරයන් සරත් හේමචන්ද්‍රට තිබුණේ නැත. 2003 වසරේ කොළඹින් උතුරු නැගෙනහිර පොලිස් රාජකාරී සඳහා ගිය සැරයන් හේමචන්ද්‍ර 2017 වනතුරු සිටියේත් උතුරු නැගෙනහිර සේවයේය. නිවාඩුවට දින කීපයක් ගෙදර රැුඳී සිට යන ඔහු ඉන්පසු ගෙවෙන දිනවල දී  දුරකථනයෙන් දියණිය සේම පුතුද උනන්දු කළේය. විශේෂයෙන් දියණියව උනන්දු කළේ ඇය ඒ වසරේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට ලියන නිසාය. සමාධි ඒ වෙනකොටත් බොහෝ මහන්සියෙන් විභාගයට සූදානම් වෙමින් සිටියාය. මහ පාන්දර වෙනකලූත් පාඩම් කළ ඇය යළි පාන්දර හතර හමාරට පහට නැගිට්ටාය. විෂයන් සියල්ලටම කෙසේ හෝ සමාධිව පන්ති යවන්නට සරත් හා ප‍්‍රියංගිකා සැරසුණත් සමාධි තෝරා ගත්තේ විෂයන්  තුනක් සඳහා පන්ති පමණි.

    ”අනෙක් විෂයන් මට අමාරු නෑනෙ.. ටිකක් හරි අමාරු මේ විෂයන් තුන..”
    කවුරුත් බලාපොරොත්තුවන්නා සේ සමාධිට ඒ අනෙක් විෂයන්ට පන්ති නොයා ”ඒ” සාමාර්ථ ගත හැකි බවට විශ්වාසයක් විය. ඇගේ දක්ෂතා හඳුනන කවුරුත් සමාධිගෙන් බලාපොරොත්තු වූයේ ”ඒ” නවයකි. මාසෙන් මාසය දෙසැම්බර් විභාගයට ළංවෙමින් තිබුණි. සමාධිත් ඒ සඳහා දැනුමින් සන්නද්ධ වෙමින් සිටියාය.

    2017 අගෝස්තු නිවාඩුවට පෙර පාසලේ වාර විභාගය පැවැත්වෙමින් තිබුණේය. විෂයන් තුන, හතරකට ලියා ලකුණු ද ලැබෙමින් තිබුණි. ඒ හොඳ ලකුණු ගැන සමාධි අම්මා සමග මෙන්ම දුරකථනයෙන් තාත්තා සමග ද කතා කළාය.

    ආසාවෙන් සමාධි ඒ විභාග ප‍්‍රතිඵල කතාකරද්දි මේ කාලයේ සැරයන් සරත් හේමචන්ද්‍ර රාජකාරි කරමින් සිටියේ යාපනේ පොලිසියට අනුයුක්තව යාපනේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාට ආරක්ෂාව සපයමිනි. එදා 23 වැනිදා ද යාපනේ උසාවි ගොස් එමින් සිටි මහාධිකරණ විනිසුරුවරයාගේ නිල රථයට ආරක්ෂාව සලසමින් 24330 යතුරු පැදියෙන් සැරයන් හේමචන්ද්‍ර ඔහු සමග යමින් සිටියේය. ඒ වන විට යාපනය නල්ලූර් හන්දියේදී කලහකාරී ලෙස හැසිරෙමින් සිටි  පිරිසක් දැක සැරයන් හේමචන්ද්‍ර බයිසිකලයෙන් බැස ඔවුන් අතරට ගොස් තිබුණේ මහාධිකරණ විනිසුරුවරයාගේ වාහනයට යන්නට මාර්ගයේ ඉඩහසර සලසා දෙන්නටය. ඒත් නොසිතූ ලෙස එහි සිටි චණ්ඩියකු වූ සෙල්වරාසා සැරයන් සරත් හේමචන්ද්‍රගේ පිස්තෝලය උදුරාගෙන තිබූ අතර එහි උණ්ඩයක් සැරයන්වරයාගේ ළය පසාරුකොට ගෙන ගියේ සැරයන් හේමචන්ද්‍ර බිම හෙළමිනි. ඊළඟ වෙඩි උණ්ඩය  විනිසුරුවරයා ඉලක්කකොට ගෙන ආවෙන් ඔහු බේරාගන්නට අනෙක් පොලිස් නිලධාරියා ඉදිරියට පැන තිබූ අතර ඒ වෙඩි ප‍්‍රහාරයෙන් විනිසුරුවරයා බේරුණත් ඉදිරියට පැන්න පොලිස් නිලධාරියාගේ අතට වෙඩිවැදුණේය. තාත්තාගේ සිහිනයට පණ දෙන්නට පාඩම් පොත් සමග සිටි සමාධි දියණියට එදා 2017 වසරේ ජුනි 23 වැනිදා අසන්නට ලැබුණේ ඒ සිහින සියල්ල දැවී හළු වී ගිය පණිවිඩයකි. ඒ ඇගේ ආදරණීය තාත්තා ජීවිතය හැරගොස් සිටින ආරංචියයි.

    එතැන් සිට සමාධිගේ ජීවිතය, සිත, සිතුවිලි කණපිට පෙරළුණා සේ විය. ඒ ගැන කියන්නේ සමාධිගෙ අම්මා ප‍්‍රියංගිකාය.

    මහත්තයා නැතිවුණ එක එදා වගේම අදටත් හීනයක් වගේ. එදා මහත්තයා නැතිවෙනකොට දුවට විභාගෙට තිබුණෙ හරියටම මාස හයක්. තාත්තා නැතිවුණත් එක්ක දුව හරියට වෙනස් ළමයෙක් වුණා. පළවෙනිම දේ එයා නිශ්ශබ්ද ළමයෙක් වුණා. ඊළඟට එයාට ඉගෙනගන්න තිබ්බ  ඕනකම නැතිවුණා. ඉස්කෝලෙ යන්න කම්මැලි කළා. පන්ති යන්න බෑ කිව්වා. පාඩම් කරන්න පොතක් අතින් ඇල්ලූවේ නෑ.. දුව නොකියා ඇෙඟව්වා තාත්තා නැතුව එයාට විභාගෙ පාස්වෙලා වැඩක් නෑ කියලා වගේ කතාවක්. මං එයාට වටහලා දෙන්න උත්සාහ කළා තාත්තා කොහෙ හරි ඉඳලා බලාගෙන ඇති… එයාට පේන්න කොහොම හරි තාත්තගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරමු කියලා.

    ඒත් එක්කම හයිකෝට් සර් දරුවො  දෙන්නගෙ අනාගතේ  බාර ගත්තැයින් පස්සේ හයිකෝට් සර්රුත් දුවට තේරුම් කරලා දුන්නා. දුව ඉස්කෝලෙ ගියා. වැඩි උවමනාවක් උනන්දුවක් නැතුව ඉස්කෝලෙ යන දුවගෙ මහා ලොකු වෙනසක් එයාගෙ ටීචර්ලට තේරුණේ  නෑ. මොකද උපන් දක්ෂකමක් එයාට තිබ්බ නිසා. මම ඉස්සර විදිහට දුවව පාඩම් කරන්න උනන්දු කෙරෙව්වා. දුව එක්ක මම නැගිටලා එයා පාඩම් කරනකල් මම ඒ ළඟට වෙලා අවදියෙන් හිටියා. මම දිගටම  එහෙම දුව පිටිපස්සෙන් ඉන්නකොට එයා ටිකක් විතර උනන්දු වුණා.  ඕනකමකින් නෙවේ ඒත් පාඩම් කළා. පන්ති යන්න නම් බෑම කිව්වා. ඉස්සර බස් එකේ පන්ති ගියේ.. පස්සෙ හයිකෝට් සර් රුත් කියලා පන්ති දවස්වලට දුවව ත‍්‍රීවිල් එකෙන් පන්ති එක්ක ගියා. ඒ පන්ති තුනම දුවට හම්බවුණේ නොමිලේ. පන්ති තිබ්බ තැන ඉසුරු සර්රුයි, දුවලට උගන්නපු හේමන්ත,අඛිල,ජීවන් සර්ලයි දුවට නිතරම කිව්වෙ ” ඔයාට ”් නවයක් ගන්න පුළුවන්.

    කොහොමහරි ් නවයක් ගන්න කියලා” .දුව සර්ලා කියන  දේ ඇහුවා. නොපෙන්නුවාට, නොකිව්වට තාත්තා නැතිවෙච්ච එක එයාට ලොකු කම්පනයක් වෙලා තිබ්බා. තාත්තාගෙ නැතිවීම ගැන එයා ඊටපස්සෙ කවදාවත් කතා කළේ නෑ. අපි කතාකරනවට කැමති වුණෙත් නෑ. හයිකෝට් සර් යාපනේ ඉඳලා ගෙදර යන්නෙ කවද්ද ඒ හැම දවසකම ඇවිත් දරුවො බලලා කතා කරලා යනවා. දරුවන්ට වියහියදම් කරනවා.ඒ සර් කියන දේත් දුව ඇහුවා.

    දෙසැම්බර් විභාගෙට මං දුවව යැව්වෙ ත‍්‍රීවීල් එකේ. විභාගෙට ලියලා ඇවිල්ලත් එයා පුරුදු නිශ්ශබ්දතාවයෙන් ගෙදර හිටියා. ඒ  වෙනකොට මමත් ගෙදර නෑනෙ. මහත්තයා නැතිවුණාට පස්සෙ මට ආයෙත් මගෙ රස්සාව ලැබුණා හලාවත පොලිසියට.

    විභාග ප‍්‍රතිඵල එනවා කිව්වම නම් දුව ටිකක් කලබල බවක් පෙන්නුවා. එනවා කිව්ව, දවසෙ මුළු ?ම නැගිටලා හිටියෙ. ඊට පහුවදා  එයාගෙ ප‍්‍රතිඵල, ් හයක්, ඊ දෙකක් සහ ක්‍ එකක් විදිහට තියෙනවා දැක්කම එයා එක දෙයයි විභාග ප‍්‍රතිඵල ගැන මාත් එක්ක කිව්වේ..” තාත්තා හිටියානම් මට ්, නවයක්ම ගන්න තිබුණා අම්මේ.” කියලා. ඒක දුවට විතරක් නෙවේ  මටත් හිතුණ දෙයක්. ඒත් මට සතුටුයි.. තාත්තා ගැන මහ දුකක් හිතේ තියාගෙන හරි මගෙ දුව මේ තරමට පාස් වුණාට. ඇත්තම කිව්වොත් තාත්තාත් නැතුව ඉගෙනීමට කිසි උනන්දුවක් තිබ්බෙ නැති දුව මේ තරම් පාස්වෙයි කියලා මං හිතුවෙ නෑ. එයා උසස් පෙළ වානිජ අංශයෙන් කරනවා. මේ වෙනකොටනම් ¥ ගුරුවරියක් වෙන අදහස අතහැරලා අනාගත බලාපොරොත්තුව වෙනස් කරගෙන  ඉන්නේ…

    ප‍්‍රියංගිකා දියණියගේ විභාගෙ ප‍්‍රතිඵල කිව්වේ සතුට හා දුක සමව පිරි හැඟීමෙනි. සිය පියාගේ ජීවිතය නරුම මිනිසුන් පිරිසක් උදුරා ගනිද්දී නැතිවුණ පියාගේ ජීවිතය වෙනුවෙන් නිහඬව දුක්වූ සමාධි මනසින් වැටී සිටියදී වුවත් විභාගය ජය ගත්තාය. ඇය කියන්නේ ඒ අම්මාට පින්සිදුවන්නට බවයි.

    ”තාත්තගෙ ලොකු ආසාවක් තිබ්බා මම හොඳටම විභාගෙ පාස්වෙනවා දකින්න. ඒත් මගේ විභාග ප‍්‍රතිඵල දකින්න තාත්තා නෑ කියලා මං දන්න කොට මට හිතුණා මං ඇයි ඉගෙන ගන්නෙ කියලා. මං පාස් වුණත් ප‍්‍රතිඵල දකින්න තාත්තා නෑනෙ කියලා හිතුණා. ඉතින් එතකොට මට ඉගෙනගන්න බෑ කියලමයි මට හිතුණේ. ඒත් අම්මයි හයිකෝට් සර්රුයි මට කිව්වා කොහොමහරි විභාගෙ පාස්වෙන්න කියලා. ඉසුරු සර්රුයි, හේමන්ත සර්රුයි, අකිල සර්රුයි, ජීවන් සර්රුයි කිව්වෙත් කොහොමහරි ් නවයක් ගන්න කියලා. ඒත් මට ගන්න පුළුවන් වුණේ හයයි. ඒත් මං දන්නවා තාත්තා හිටියානම් මට ් නවයක්ම ගන්න තිබුණා. වාණිජ අංශයෙන් උසස්පෙළ කරලා ගණකාධිකාරිවරියක් වෙන එකයි මගේ බලාපොරොත්තුව..”

    පියා වෙනුවෙන් උපන් සොව තාමත් හිතේ රන්දාගෙන දුක්වන සමාධිගේ පොඩි හිතට එදා එක්වූයේ දරන්නට බැරි අත්දැකීමකි. කෙනෙකුගේ ජීවිතය උදුරාගන්නට පෙර ඒ ජීවිතය නැතිව ගිය කල්හී ජීවත්වන්නවුන් විඳවන විඳවීම නරුම මිනීමරුවන් වටහාගන්නා කාලයක් එනතුරු මේ අත්දැකීම මේ ලංකාවේ සමාධි වන් තවත් දියණිවරුන් විඳිනු ඇත.

  • රනිල්ට එරෙහිව සජිත් ඉල්ලා අස්වීමට යයි.. ජනපති ඇරයුමෙන් ශ්‍රීලනිපයට එක්වීමේ සුදානමක්……

    රනිල්ට එරෙහිව සජිත් ඉල්ලා අස්වීමට යයි.. ජනපති ඇරයුමෙන් ශ්‍රීලනිපයට එක්වීමේ සුදානමක්……

    තම බලය දෙකඩ කර  නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇතිකල හොත් තමන් කිසිම තනතුරක් භාර නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එජාප ප්‍රතිසංධාන කමිටුවේදී පවසා ඇතැයි වාර්තාවේ.

    තමනට මේ වනවිටත් ශ්‍රීලනිපයෙන් ආරාධනා ලැබී ඇති බවත් රනිල් යටතේ සිටිනවා වෙනුවට ශ්‍රීලනිපය සමගින් එක්වීමට පාක්ෂිකයන් තමනට බලපෑම් කරන බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා ඇත.

    නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇතිකල යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යෝජනා කල අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා තිබේ.එසේ උවහොත් තමන් එජාපයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වන බවද සජිත් ප්‍රේමදාස මහතා කියා තිබේ.

  • මරික්කාර්ලා ලෝකයා ඉදිරියේ කිච කරමින් අගමැති අණින් ශ්‍රීලනිපයට එරෙහි විශ්වාසභංග කුණු කුඩයට..

    මරික්කාර්ලා ලෝකයා ඉදිරියේ කිච කරමින් අගමැති අණින් ශ්‍රීලනිපයට එරෙහි විශ්වාසභංග කුණු කුඩයට..

    එක්සත් ජාතික පක්ෂයේ  පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල , ඇමතිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා , සුසිල් ප්‍රේමජයන්ත , දයාසිරි ජයසේකර ,  එස් බී දිසානායක , චන්දිම වීරක්කොඩි ,  ඩබ්.ලිව්. ජේ සෙනවිරත්න යන මහත්වරුන්ට එරෙහිව අද පස්වරුවේ  කතානායක වරයාට බාරදුන් විශ්වාසභංග යෝජනාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කරගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

     මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු, අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

    මෙම විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මතයක් බවත් පක්ෂය විසින් එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව අගමැතිවරයා පැවසු බව ද එහි සඳහන් වෙයි.
    එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් මෙම ‍වි‍ශ්වාසභංග යෝජනාව වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස අදාළ මන්ත්‍රීන්ට දැනුම් දී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
  • ඇමති දුමින්දට ජනපති මෛත්‍රිගෙන් කණේ පහරක්.. පෙර පරිදිම පොහොර සහනාධාරය ලබාදීමට නියෝග

    ඇමති දුමින්දට ජනපති මෛත්‍රිගෙන් කණේ පහරක්.. පෙර පරිදිම පොහොර සහනාධාරය ලබාදීමට නියෝග

    පසුගිය දිනවල කතාබහට ලක්වූ පොහොර සහනාධාරය පෙර පරිදිම ලබාදීමට ජනපති මෛත්‍රී විසින් ඇමති දුමින්දට නියෝග කර ඇති අතර දුමින්ද ඉදිරිපත් කල සියලු යෝජනා ජනපති මෛත්‍රී විසින් ප්‍රතික්ෂේප කිරීමද විශේෂත්වයකි…
    ඒ අනුව යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) හා මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී) පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 500 බැගින් වී ගොවීන්ට ලබාදෙනු ඇත. අනෙකුත් බෝග වර්ග සඳහා සහන පොහොර ලබාදෙන්නේ කිලෝග්‍රෑම් 50 මිටියක් රුපියල් 1500 බැගින් බවත් අපට වාර්තා වන අතර මෙම සහන පොහොර බෙදා හරිනු ලබන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන ගබඩා සහ ගොවි සංවිධාන විසින් අලෙවිකරනු ලබන වෙනත් ස්ථාන මගිනි.
    සහන පොහොර ලබාගත හැක්කේ හෙක්ටයාර් 2ක උපරිමයට යටත්ව වී වගා කරන ගොවීන්ටය. ඔවුන් වී වගාව සඳහා පිදුරු හෝ කාබනික පොහොර භාවිතා කරන බව තහවුරු කළ යුතු අතර වී ගොවිතැන කරන කුඹුරු ඉඩම් පිහිටි ප්‍රදේශයට අදාළ ගොවි සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන තිබිය යුතු වේ.
    මෙසේ සහන මිලට ගොවින්ට පොහොර ලබා දුන්නද වස විසෙන් තොර වගාවන් සඳහා කාබනික පොහොර ප්‍රචලිත කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර සඳහා වෙනම ඒකකයක්ද පිහිටුවා තිබෙන බවත් රජයේ පාලනය යටතේ තිබෙන පොහොර සමාගම් මගින් කාබනික පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද අපට වාර්තා වේ..
  • ඈවරයි..දෑවරයි..තුන් ඈවරයි.. මන්ත්‍රී පුටුවක් ලක්ෂ 75යි… එජාපය දිනු සීතාවක මුල් පුටුව පොහොට්ටුවට

    ඈවරයි..දෑවරයි..තුන් ඈවරයි.. මන්ත්‍රී පුටුවක් ලක්ෂ 75යි… එජාපය දිනු සීතාවක මුල් පුටුව පොහොට්ටුවට

    පසුගිය දිනෙක අප වාර්තා කල අන්දමට සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණේ අපේක්ෂක කේ.ඒ රණවීර සමත්වූයේ බල අරගලයක නිරත වූ එජාපයේ වැඩ බැරි ටාසන්ලා දෙදෙනෙක් වන හිටපු සභාපති පින්තූ සහ හිටපු උප සභාපති හරිස්චන්ද්‍ර යන දෙදෙනා පරාජය කරමිනි..

    වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කල හිටපු එජාප ආසන සංවිධායක උපුල් වීරසිංහ හට සභාපති අපේක්ෂකත්වය වත් ලබා නොදුන් මේ මෝඩ ජෝඩුව සිදුකල දේශපාලන නාඩගමේ අවසාන ප්‍රතිපලය බවට පත්වුයේ කල දුටුකල වල ඉහගන් න්‍යායෙන් කරලියට පැමිණි පොහොට්ටු අපේක්ෂකයා වසර ගණනාවක් එජාපයට බලය හිමිව තිබු සීතාවකපුර නගර සභාවේ බලය හිමිකරගනිමයි…

    විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරු කල පරිදි එක් මන්ත්‍රී ඡන්දයක් සදහා ලැබුණු වටිනාකම ලක්ෂ 50 සිට ලක්ෂ 75 දක්වා ඉහලගිය බවත් මුළු ධුර කාලයම බලයේ සිටියත් උපයා ගත නොහැකි එම ධනස්කන්ධය වෙනුවෙන් මන්ත්‍රීවරුන් තමනට රිසි සේ ජනතා පරමාධිපත්‍යය පාවාදෙමින් කටයුතු කල බවත්ය..

    කෙසේවෙතත් අප මේ පිලිබදව අවිස්සාවේල්ල හිටපු එජාප සංවිධායක උපුල් වීරසිංහ මහතාගෙන් කල විමසීමකදී ඔහු පවසා සිටියේ තම දේශපාලන අනාගතය විනාශ කිරීම සදහා අවිස්සාවේල්ල ආසනයේ එජාප සංවිධායකවරයා සහ මුල්‍ය හොරකමකට සම්බන්ධව මේ දිනවල කතාබහට ලක්ව සිටින තවත් එජාප ප්‍රබලයෙකුගේ බලපෑම මත සිදුවූ කුමන්ත්‍රණයක අවසාන ප්‍රතිපලය ලෙස සීතාවක බලය පොදුජන පෙරමුණට හිමිවූ වගයි…

    අප වාර්තාකරු මේ ප්‍රතිපලය පිලිබදව සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් අදහස් විමසීමක් සිදුකල අතර එහිදී බහුතර අදහස බවට පත්වුයේ පසුගියවර තම උපන් ගමේදී රෙදි ගලවාගත් හිටපු උප සභාපති – සභාපති දේපල මුදලට විකිණී පක්ෂය දෙකඩ කර නගර සභාව රන් බන්දේසියක තබා පොහොට්ටුවට ලබාදුන් වගයි…

    ජන මාධ්‍ය පුවත වාර්තා කල තිබු අයුරු.. 

    සීතාවකපුර නගර සභාවේ සභාපතිවරයා ලෙස ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ කේ් ඒ රණවීර මන්තී‍්‍රවරයා අද (06) තේරී පත්වුණා. ඒ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන විවෘත ඡන්ද විමසීමේදී ඡන්ද 11ක් හිමිකර ගනිමින්.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපල අනුව සීතාවකපුර නගර සභාවේ වැඩි මන්තී‍්‍ර ආසන සංඛ්‍යාවක් හිමිවුණේ එක්සත් ජාතික පක්ෂයටයි. ඔවුන්ට හිමිවූ මන්තී‍්‍රධුර සංඛ්‍යාව 11ක්. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට මන්තී‍්‍රධුර 8ක් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍රධුර 3ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්තී‍්‍රධුරයක් හිමිවුණා.

    අද පැවැති ඡන්ද විමසීමේදී සභාපතිධූරය සඳහා තිදෙනෙකු ඉදිරිපත්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍රවරුන් වන ලාල් පිංතු සහ සඳුන් හරිස්චන්ද්‍ර යන දෙදෙනාම ඒ සඳහා තරග වැදීම විශේෂත්වයක්. ඔවුන් දෙදෙනාට ඡන්ද 5 බැගින් හිිමිවුණා.

    වෙන්න යන දේ කලින්ම අප වාර්තා කලේ මෙලෙසිනි…

    මන්ත්‍රිධුරයක් ලක්ෂ 50යි…. එජාපය දිනු සීතාවකපුර නගරාධිපතිධුරය කළු සල්ලි මතින් තීරණය වන ලකුණු…

     

  • සිරසට පහරදී සත්තු වගේ විශ්වාසභංග ජය සැමරු අගමැතිට වෙබ් මාධ්‍යවේදින්ගේ දැඩි විරෝධය…

    සිරසට පහරදී සත්තු වගේ විශ්වාසභංග ජය සැමරු අගමැතිට වෙබ් මාධ්‍යවේදින්ගේ දැඩි විරෝධය…

    පසුගිය 04 වෙනිදා රාත්‍රියේ කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට පැමිණ එහි ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කරමින් හා එම ආයතනයේ මාධ්‍යවේදීන් බියගැන්වෙන ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් කලකහකාරි ලෙස හැසිරීම වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය තරයේ හෙලා දැක තිබෙනවා. 

    ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට පත් වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම් වල ප්‍රමාණත්මකභාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානකම පණිවිඩය දෙස විවෘත මනසකින් යුතුව කටයුතු කිරිම මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු පාර්ශවයන්හි වගකීම බවයි.

    එසේම සිරස ආයතනයේ මාධ්‍ය භාවිතයේ ඇති අඩුපාඩුකම් නිවැරැදි කිරීමට මෙවන් මර්දනකාරී ක්‍රියා සිදු කිරීමට ඉඩ ලබා නොදිය හැකි බවත් ඒ සඳහා මේ රටේ පවත්නා නීතිය හා මාධ්‍ය නියාමන ප්‍රතිපත්ති ප්‍රමාණාත්මක බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය,

    සිරස මාධ්‍ය සේවකයන් භීතියට පත්කිරීම පිළිකුලින් යුතුව හෙළාදකිමු.

    කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට ඊයේ(04) රාත්‍රීයේ පැමිණි පිරිසක් එහි පිවිසුම් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරිමත් ඒ හරහා එම ආයතනයේ මාධ්‍ය සේවකයන් භීතියට පත්කිරිමත් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලින් යුතුව හෙළාදකිමු.

    එම ප්‍රහාරය පිළිබඳව සිය ප්‍රවෘත්ති ප්‍රකාශයන් හරහා සිරස ආයතනය අනාවරණය කර සිටියේ අග්‍රාමාත්‍යවරයා ට හා යහපාලන රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරාජය වී ටික වේලාවකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත් ය.

    පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ මාධ්‍ය ආයතනයන්ට හා මාධ්‍යවේදින්ට එරෙහිව මෙවැනි සුළු සිද්ධින් ලෙස ආරම්භ වූ මාධ්‍ය මර්දනය පසුව රටේ මාධ්‍යවේදීන් ඝාතනය, මාධ්‍යවේදීන්ට පහර දීම, මරණීය තර්ජන හා මාධ්‍ය ආයතන වලට පහරදීම, ගිනි තැබිම වැනි සිදුවීම් දක්වා ප්‍රසාරණය වූ ආකාරය පැහැදිළි කරන මෑත කාලීන අතීතයක් අප මාධ්‍ය කේෂ්ත්‍රය සතු වනවා මෙන්ම එම අත්දැකීම් මේ රටේ ජනතාවටද අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.

    එසේ තිබියදී මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට පත් වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම් වල ප්‍රමාණත්මකභාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානකම පණිවිඩය දෙස විවෘත මනසකින් යුතුව කටයුතු කිරිම මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු පාර්ශවයන්හි වගකීම බව අපි තරයේ සඳහන් කරමු.

    පසුගිය කාලය තුළ රටේ පැවති දේශපාලන වාතාරණයේදි වගකිව යුතු මාධ්‍යයක් ලෙස සිරස සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් බරපතළ විවේචන සමාජය සතුව පවති. එනමුත් මාධ්‍ය නිදහස ගැන 24 පැයේම පාරම්බාමින් සිටින යහපාලකයන්ට සිරස මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එය විසඳා ගැනිමට හෝ එයට මැදිහත් විමට රටේ නීතිමය රාමුව මෙන්ම මාධ්‍ය සම්බන්ධයෙන් ඇති නිර්ණායක ප්‍රමාණවත් බව අපි තරයේ විස්වාස කරමු. එවන් වාතාවරණයකදී සිරස හරහා සිය දේශපාලන අවශ්‍යතා ඉටු කිරීමට වෑයම් කරන පිරිස මට්ටු කිරීමට ආණ්ඩුව සිය හෙංචයින් ලවා මෙවන් මර්දනකාරී ක්‍රියාවන් සිදු කිරීම අපට අනුමත කළ නොහැකිය.

    නමුත් ජාතිවාදය මුවාවෙන් පසුගියදා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට සමාජ ජාලා අවහිර කිරිම වැනි ක්‍රියාවන් සිදු කරමින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සහ කළ වර්තමාන යහපාලන පාලකයින් මෙවන් ක්‍රියාදාමයන් හරහා උත්සහ කරන්නේ තවදුරටත් මාධ්‍ය මර්දනය කිරීමේ පියවරක් තැබීමට බව අපට හැගි යන අතර මේ රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය හා සාධාරණ විවේචනයක් තුළින් ආණ්ඩුවේ දුර්වලතා පෙන්වා දීමේ අයිතිය අගය කරන මාධ්‍ය සංවිධානයක් වශයෙන් එයට එකඟ විය නොහැකි බවත් අපි අවධාරණය කර සිටින්නෙමු.

    දුමිදු දිසානායක
    කැඳවුම්කරු
    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය
    “සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකිම් ව්‍යාපාරය”

  • රථවාහන දඩය ලෙස තිබු 25,000 අහෝසියි…. අළුත්ම දඩ මුදල මෙන්න…

    රථවාහන දඩය ලෙස තිබු 25,000 අහෝසියි…. අළුත්ම දඩ මුදල මෙන්න…

    රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කරයි.

    ඔහු මේ බව කියා සිටියේ මෝටර් වාහන පනත යටතේ නියෝග 03ක් විවාදයට ගැනීමේ අවස්ථාවට ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ය.

    හඳුනාගත් රථ වාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඩ මුදල් හඳුන්වාදීමට කටයුතු කරන බව ද ඔහු එහි දී සඳහන් කළේ ය.

  • මරික්කාර් කියන්නේ අගමැතිගේ තෝල්කයද? අනුර ප්‍රියදර්ශන යාපාගෙන් කණ පැලෙන පිලිතුරක්…

    මරික්කාර් කියන්නේ අගමැතිගේ තෝල්කයද? අනුර ප්‍රියදර්ශන යාපාගෙන් කණ පැලෙන පිලිතුරක්…

    තවදුරටත් අමාත්‍යධූරයන්හි රැඳී සිටින්නේ අමත්‍යධූර අතහැරීමට ඇති ලෝබකමක් නිසා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයට එකඟතාව පලකරමින් බව ආපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවා. 

    ඒ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්විය යුතු බවට එජාපයේ මරික්කාර් සිදුකළ ප්‍රකාශය ගැන අප කළ විමසීමකදීය. 

    “අපි මේ ඉන්නේ ඇමතිකම් දාල යන්න බැරුව නෙවෙයි. අපිට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපතිතුමයි කතා කළේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විදියට මේ ජාතික ආණ්ඩුවේ වගකීම් ගන්න. අපි ඉන්නේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ. ජනාධිපතිතුමා යන්න කියනවනම් යන්නත් අපි සූදානම්. අපි මෙතන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළොත් ඇමතිධූරවලින් අපි ඉවත්විය යුතුයි කියල එවිට එය කරන්න අපිට පුළුවන්. අපිට මේ සියල්ල ලැබිල තියෙන්නේ පක්ෂය තුළින්. අපි එදා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නේ හෘද සාක්ෂියට එකඟව ශ්‍රීලංකා නිදහස් පාක්ෂකයෝ විදියටයි.”

    මරික්කාර් කියන්නේ අගමැතිගේ තෝල්කයාද? එයා කවුද අපිට යන්න කියන්න? තමන් ඇතුළු පිරිස සිටින්නේ එවන් ස්ථාවරයක බැවින් තැන් තැන්වල නොයෙක් කතා කීමෙන් පලක් නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

    කැබිනට් ඇමතිවරුන් 06 දෙනකු සහ සෙසු ඇමතිවරුන් 16 දෙනකු විශ්වාසභංගයට සහය පළ කළා.

  • රනිල්ගෙන් ඇමති කට්ටක් ගන්න තමන් පඩිගන්න සිරසට ගහන්න හෙංචයියන් යවපු මරික්කාර්ගේ හෙළුව මෙන්න…

    රනිල්ගෙන් ඇමති කට්ටක් ගන්න තමන් පඩිගන්න සිරසට ගහන්න හෙංචයියන් යවපු මරික්කාර්ගේ හෙළුව මෙන්න…

    මරික්කාර් යනු අදටත් සිරසෙන් පඩිගන්නා එජාප මන්ත්‍රිවරයෙක් බව මුළු ලංකාවම දන්නා සත්‍යයකි.. සිරස වෙනුවෙන් පෙනිසිටිමින් සිරසේ රෙදි හෝදමින් පසුගිය වසර කිහිපය තුල මාධ්‍ය නිදහස ගැන හැකර කටින් දොඩවපු මේ අරුම පුද්ගලයා පසුගිය දිනෙක සිරස ආයතනයට සිදුකළ පහරදීම සදහා තම සමීපතමයන් කිහිප පොළක්ම සහභාගි කරවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..

    මරික්කාර් ඔයා විශ්වාසභංගයෙන් පස්සේ සිරස ඉස්සරහ දාන සද්දේ ගැන බලන්න… ඔයා ආපු තැනනේ… යනුවෙන් එජාප ප්‍රබලයෙක් මරික්කාර් හ‍ට උපදෙස් ලබාදී ඇති අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට සිතු කුප්‍රකට මරික්කාර් තම එහෙයියන් යොදා සිරසට දැඩි ප්‍රහාරයක් එල්ල කිරිමට කටයුතු කරන ලද්දේ කන්න දීපු අත හපාකන සුනඛයෙක් ‍ ලෙසිනි..

    වැල්ලම්පිටිය සේදවත්ත මරදාන ආදි ප්‍රදේශවල තම ආධාරකරුවන් රැසක් මේ පහරදීම සදහා මරික්කාර් විසින් සම්බන්ධ කර ඇති අතර සිරස සිදුකළ කරුණු සොයාබැලීමකදි මේ සියල්ල හෙලිවීමත් සමග රනිල් පන්නන්න ගියපු සිරසෙන් පඩිගන්න මරික්කාර්ගේ නිරුවත සියළුදෙනා වටහාගෙන ඇත..

     

  • රට හදන්න එකතුවන්න –  ජනපතිගෙන් විවෘත ආරාධනයක්-  කැබිනට් සංශෝධනයක් ළඟදීම

    රට හදන්න එකතුවන්න – ජනපතිගෙන් විවෘත ආරාධනයක්- කැබිනට් සංශෝධනයක් ළඟදීම

    පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ඕනෑම අයෙකුට ආණ්ඩුව ශක්තිමත් කිරීමට එක්විය හැකිබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. 

    ඉදිරියේදී පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදු කරනා බවද ජනාධීපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

    මේ බව පැවසුවේ ජනාධිපතිවරයා හා මාධ්‍යප්‍රධානීන් අතර අද (06) උදෑසන පැවති හමුවේදීය.