Blog

  • අපිට කුණු බිත්තර ගහලා පොලු පාරවල් කාලා ඔළු පලාගන්න හදාගන්න එපා – මහින්දානන්ද කියයි

    අපිට කුණු බිත්තර ගහලා පොලු පාරවල් කාලා ඔළු පලාගන්න හදාගන්න එපා – මහින්දානන්ද කියයි

    විශ්වාසභංගය ජයගතහොත් කොළඹ නගරය පුරා ඇලවීමට එක්සත් ජාතික පක්ෂය විසින් පෝස්ටරයක් සකස් කර ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළා.

    විශ්වාසභංග විවාදයට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විශ්වාසභංග ජයග්‍රහණය වෙනුවෙන් මාධ්‍ය ඔස්සේ පළ කිරීමට ගීතයක් ද නිර්මාණය කර ඇති බවයි.

    එමෙන්ම අද රාත්‍රියේ විශ්වාසභංග ඡන්ද විමසීම නිම වී පිටව යන අතරතුරේ දී එජාපය විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට ද සියළු කටයුතු සූදානම් කර ඇති බව තමන්ට තොරතුරු ලැබි අැති බවත් යම් හෙයකින් එසේ වුවහොත් ඔවුනට පොලු පහර දෙන්නට තම කණ්ඩායම සුදානම් ඔහු සඳහන් කළා.

  • රංගේ බංඩාර හා වසන්ත ගිය මග යමින් රතන හිමිත් තිරණය වෙනස් කරයි… අැත්ත මෙන්න…

    රංගේ බංඩාර හා වසන්ත ගිය මග යමින් රතන හිමිත් තිරණය වෙනස් කරයි… අැත්ත මෙන්න…

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ විවාද වෙමින් පවතින විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිටීමට තමන් තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

    පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රතන හිමියන් මේ බව ප්‍රකාශ කළා.

    මීට පෙර උන්වහන්සේ සඳහන් කළේ විශ්වාසභංගයට පක්ෂව සිය ඡන්දය භාවිත කරන බවයි.

    “යම්කිසි භික්ෂුවකට හොරකමක් කිරීමට හෝ හොරකමකට උදවු කිරීමට හෝ හොරකම අනුමත කිරීම හෝ පාරාජිකාව (සිල්වත් භික්‌ෂුන් සමග සමාන වාසයට සුදුසු නැති) වීමට හේතුවක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මට ස්ථාවර නිගමනයකට ඇවිල්ලා ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ නොහැකියාවක් තියෙන බව මම ස්ථීරවම කියන්න ඕනේ. ඊළඟට මම කල්පනා කළේ විශ්වාසභංගය වැරදියි කියලා ඡන්දෙ දෙන්න මට පුළුවන්කමක් නෑ”

  • විවාද අස්සේ රංගේ සහ වසන්ත විශේෂ මාධ්‍ය හමුවක… සජිවි විකාශය මෙන්න….

    විවාද අස්සේ රංගේ සහ වසන්ත විශේෂ මාධ්‍ය හමුවක… සජිවි විකාශය මෙන්න….

    https://www.facebook.com/NewsfirstSL/videos/1900067073386875/

    තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයෛ් මන්ත්‍රීවරු 28 දෙනෙකු විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව එජාප රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටී.

    ජන්ද විමසීම අද රාත්‍රී 9.30ට පැවැත්වෙනු ඇත.

  • ජවිපෙ රනිල් එලවන්න එක්වෙද්දී දෙබිඩි මහින්දගේ ඒකාබද්ධය විශ්වාසභංගය ඉවත්කර ගැනීමේ සූදානමක…

    ජවිපෙ රනිල් එලවන්න එක්වෙද්දී දෙබිඩි මහින්දගේ ඒකාබද්ධය විශ්වාසභංගය ඉවත්කර ගැනීමේ සූදානමක…

    අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංග විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමකට යෑමෙන් තොරව විශ්වාසභංග යෝජනාව ඉවත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    විශ්වාසංභංග යෝජනාවලිය රනිල් වික්‍රමසිංහ පාර්ශවය ජයග්‍රහනය කරනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග ඡන්ද විමසීමට සහභාගී නොවීමට ගෙන ඇති තීරණයත් සලකා බැලීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් මෙම තීරණයට එළඹ ඇත.

    මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ දී ජනතා විමුක්ති පෙරමුණ එයට පක්ෂව ඡන්දය භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළා.

    ඒ මීට මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විශ්වාසභංග විවාදයට එක්වෙමින්.

    ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනා අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශකරනු ඇති.

  • තනතුර රැකගන්න අගමැති රනිල් එකඟ වූ ටීඑන්ඒ කොන්දේසි මෙන්න – මහා පාවාදීම කරලියට…

    තනතුර රැකගන්න අගමැති රනිල් එකඟ වූ ටීඑන්ඒ කොන්දේසි මෙන්න – මහා පාවාදීම කරලියට…

    (ලංකා ඊ නිව්ස් 2018.අප්‍රේල්.04, ප.ව.2.45) දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.

    *උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
    *මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
    *යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
    *මනුෂ්‍ය ඝාතන සිදුකළ ඒල්ටීටීඊ සමාජිකයන් දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
    *යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම, 
    *උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
    *එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
    *උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
    *උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී හිටපු ත්‍රස්ථවාදි නායකයින් සමග කටයුතු කළ දෙමළ ජාතිකයින් පත් කිරීම,
    *උතුරු නැගෙනහිර කටයුතු කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

  • ජයග්‍රහණයේ පෙර නිමිති පහල වීමත් සමගින් රනිල් ප්‍රතිසංවිධාන අකුලයි… හෙට සිට පළිගැනීම් පමණයි..(Exclusive)

    ජයග්‍රහණයේ පෙර නිමිති පහල වීමත් සමගින් රනිල් ප්‍රතිසංවිධාන අකුලයි… හෙට සිට පළිගැනීම් පමණයි..(Exclusive)

    තමන්ට එරෙහි විශ්වාසභංගයේදී තමන්ට වාසිදායක තත්වයක් නිර්මාණය වීමත් සමගින් එජාප නායක රනිල් වික්‍රමසිංහයන්ගේ ගජ මිතුරු කල්ලිය විශ්වාසභංගයේදී රනිල්ට එරෙහි එජාප කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීම දැනටමත් අාරම්භ කර අැති බව විශ්වාස කටයුතු අාරංචි මාර්ග තහවුරු කර අැත.

    රනිල් වික්‍රමසිංහයන්ට එරෙහි එජාප මන්ත්‍රිවරුන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට දිගින් දිගටම දුරකථනයෙන් තර්ජන කරමින් ඔවුනගේ ඡන්දය වලක්වාලීම රනිල්ගේ ගජමිතුරු කල්ලියේ එ්කායන අරමුණ බවට පත්ව අැත…

    විශ්වාසකටයුතු අාරංචි මාර්ග තහවුරු කරන පරිදි රනිල්ට එරෙහිව දැඩි සටනක් ගෙන යන එජාප මන්ත්‍රිවරයෙකුගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා අැමතු ගජ මිතුරු කල්ලියේ සාමාජිකයෙක් අද 10න් පස්සේ තොපිට අැපත් නෑ… ප්‍රතිසංවිධාන නෙමෙයි තොපිලට අපි කරන දේ බලාගනිවු… පාක්ෂිකයා කරන දේවල් අපිට අදාල නෑ.. හැබැයි නායකතුමාට විරුද්ධ වෙච්ච තොපේ ගෙවල්වත් අපි තියන්නේ නැතැයි පවසා අැත.

     

  • අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි…

    අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි…

    උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුව සාම්ප‍්‍රදායික චාරිත‍්‍රානුකූල ව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීම අද (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න අතින් ජනාධිපතිවරයා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වා තිබේ.

    අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත‍්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් ය.

  • අගමැති රනිල්ව පන්නනවා –  රතන හිමි ඇතුළු එජාප මන්ත්‍රීන් රනිල්ට විරුද්ධව සටන් බිමට…

    අගමැති රනිල්ව පන්නනවා – රතන හිමි ඇතුළු එජාප මන්ත්‍රීන් රනිල්ට විරුද්ධව සටන් බිමට…

    අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව තමන් වහන්සේ ඡන්දය ප‍්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

    තමන් වහන්සේ සමග එජාපයේ තවත් මන්ත‍්‍රී කණ්ඩායමක්ද විශ්වස භංග යෝජනාවට පක්‍ෂව ඡුන්දය දෙන බවද උන් වහන්සේ සදහන් කරති.

    තමන් වහන්සේ සමග මේ ගැන එජාපයේ බොහෝ පිරිසක් සාකච්ඡා කල බවත් එහි ප‍්‍රතිඵලය ලෙස මෙසේ තීන්දු කර ඇතැයිදද රතන හිමියෝ කියා සිටිති.

  • විශ්වාසභංග විවාදය – සජීවී විකාශය (LIVE)

    විශ්වාසභංග විවාදය – සජීවී විකාශය (LIVE)

    https://www.facebook.com/NewsfirstSL/videos/1899650393428543/

     

    https://www.facebook.com/english.asianmirror/videos/2040659849296267/

    https://www.facebook.com/HiruNewsLive2/videos/240854116485125/

    https://www.facebook.com/english.asianmirror/videos/2040659849296267/

  • “ෆවුසිට පිස්සු.. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රිලනිපය ඡන්දය භාවිත කරනවා “- ලක්ෂ්මන් යාපා

    “ෆවුසිට පිස්සු.. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රිලනිපය ඡන්දය භාවිත කරනවා “- ලක්ෂ්මන් යාපා

    ඒ.ච්.එම්. ෆවුසි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත්, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

    මේ අතර අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද පැවසුවේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිත කරන බව ය.

    මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙකු පමණ සහභාගී වූ ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    එහි බහුතරයේ තීරණය වූයේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීම බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ය.

    ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම රැස්වීම සඳහා ඒ.ච්.එම්. ෆවුසි මහතා සහභාගී නොවූ බව ය.

  • විශ්වාසභංගයේදී රනිල් ඉවත් කල යුතුමයි.. මා සමග පිරිස සිටිනවා – රංග බණ්ඩාර යලි තහවරු කරයි..

    විශ්වාසභංගයේදී රනිල් ඉවත් කල යුතුමයි.. මා සමග පිරිස සිටිනවා – රංග බණ්ඩාර යලි තහවරු කරයි..

    අද (04) විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීමට ඊට අදාළ ඡන්ද විමසීමේදී අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක් පමණ ය. ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටින මන්තී‍්‍රවරුන්ගේ බහුතර කැමැත්ත එහි අවසන් තීන්දුව වනු ඇත.

    යම් හෙයකින් ඡන්දයේදී සම තත්ත්වයක් ඇතිවුවහොත් තීරක ඡන්දය වන්නේ කතානායකවරයාගේ හෝ මූලාසනයේ ඡන්දය වේ.

    මේ අතර අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් ඉල්ලුවේ එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන ලෙසයි. නමුත් එතුමා පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා වෙනුවට වාහන හා මුදල් ලබාදීලා ප්‍රශ්නය යටගහන්න හදනවා යැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා (03) ප්‍රකාශ කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පක්ෂයට තවදුරටත් ඉදිරියට යා නොහැකි නිසා එතුමා අගමැති තනතුරින් හා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරනතුරු සටන ඉදිරියටම ගෙන යන බවද ඒ මහතා අවධාරණය කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී මේ බව ප්‍රකාශ කල රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් අදහස්‌ දක්වමින් මෙසේද කීය.

    එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විට ජනතාව අතර දැඩි අසීරුතාවයට පත්වෙලා. පක්‍ෂ නායකත්වය එයට වග කියන්න ඕනෑ. ඒ නිසයි අපි පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන්න කියලා කිව්වේ. ඒකට කරන්නේ අපි ගෙන්නලා එක එක තනතුරු වාහන සල්ලි දීලා සනසන්න හදනවා.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත්ව යා යුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසකුත් ඉන්නවා. අපි අපේ මතය වෙනස්‌ කරන්නේ නැහැ. මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට එහෙම වැඩක්‌ නැහැ. අපිට පෞද්ගලිකව විසද ගන්න ප්‍රශ්නයක් නැහැ. අගමැතිතුමා සමග මට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇත්තෙත් නැහැ. පක්‍ෂය ප්‍රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක්‌ නැහැ.

    අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස්‌ විය යුතුයි. එහෙම නොවුණොත් එක්‌සත් ජාතික පක්‍ෂයට දෙවියන්ගේම පිහිටයි, යනුවෙන්ද රංගේ බණ්‌ඩාර මහතා කියා සිටියේය.

  • රනිල්ගේ රාජකීය ගජයෙකු වන මලික් ගේ දූෂණ වංචා ජනපති අතට..

    රනිල්ගේ රාජකීය ගජයෙකු වන මලික් ගේ දූෂණ වංචා ජනපති අතට..

    තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ETCA ඇතුලු ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වල අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීම සදහා යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

    අතිගරු ජනාධිපතිතුමනි,

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් ජාතික අභිලාෂයන්ට පටහැණිව ක්‍රියාකිරීම වළක්වා එය නිවැරදි කරන්නට මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුබෑමකට ලක් වීමට බෙහෙවින්ම බලපා ඇත. එම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔබතුමා විසින් පොදුවේ දරන මතයට පටහැණිව දේශීය නිෂ්පාදන අධෛර්යමත් කරමින් ආනයන පමණක් දිරිගන්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එසේම ඒ සඳහා ක්‍රියාත්මක වීමේදි යහපාලනයේ මූලිකාංග නොතකා හරිමින් අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇත.

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය විසින් සිදු කළ රටට අහිතකර ක්‍රියාවන් කිහිපයක් ඔබතුමාගේ අවධානය පිණිස පහත දක්වන්නෙමු.

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශයේ ප්‍රධාන කටයුතු හැසිරවීමේ වගකීම ඇමරිකානු ජාතිකයන් තුන්දෙනෙකුට (වැටුප් ගෙවා) පැවරීම හරහා ජාතික අභිලාෂයන්ට පටහැනිව ක්‍රියාකරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමද විදේශීය බලපෑම්වලට සෘජුවම යටත් කරවීමට කටයුතු කිරීම.

    ඉන්දියාවෙන් සහ චීනයෙන් විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කරන බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ආචාර්ය සමන් කැලේගම මහතාව එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා වශයෙන් පත් කරමින් බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීම සහ අයතා වාසි ලබා ගැනීමට ඉඩ සැළසීම.

    ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum ) වෙත ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟින් වාසි ලබා ගන්නා ආකාරය පිළිබඳව උපදේශකයෙකු ලෙස සේවය සපයා මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු වන කේ. ජේ වීරසිංහ මහතා එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කිරීම මඟින් අල්ලස් ලබා ගැනීම හා සමාන ක්‍රියාවකට අනුබල දීම සහ ඒ හරහා අනෙකුත් දේශීය කර්මාන්තවලට පාඩු සිදු වන ආකාරයේ තීන්දු සඳහා දායක වීම.

    නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. මෙම පුද්ගලයා එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීමද මොහුට පවරා ඇත. ඒ මඟින් ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක් නිර්මාණය කරමින් ඔහු සේවය කරන වෙනත් රටවලට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකාවේ ආනයනය වර්ධනය කිරීමට අවස්ථාවක් ඔහුට නිර්මාණය කරදී ඇත.

    ඉහත කී ආචාර්ය රවී රත්නායක නමැති නවසීලන්ත පුරවැසියාට ශ්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීමද භාරදීමට ක්‍රියා කිරීම සහ දේශීය ව්‍යාපාර වසා දමා ආනයන දිරිගන්වන ප්‍රතිපත්තියක් සකස් කරමින් ඔහු උපදේශකයෙකු ලෙස මුදල් ලබා ගන්නා ආයතනයන්ට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අනුබල දීම සහ එම ව්‍යාජ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ගරු ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය නොමඟ යැවීම.

    සිංගප්පුරු වෙළඳ ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයන් කිහිපදෙනෙකු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයෙන් වෙතින් පුහුණුවක් ලබා ගැනීම සඳහා සිංගප්පුරුව වෙත යැවීම මගින් ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ නොහැකියාව සහ අඩුපාඩු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායම වෙත නිරාවෘත්ත කිරීම සහ ඒ මඟින් ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක ගිවිසුමක් සිංගප්පුරුව සමඟ ඇති කරගැනීමට කටයුතු සිදු කිරීම.

    සිංගප්පුරු වෙළඳ ගිවිසුම මඟින් ආනයන බදු මඟින් පමණක් ශ්‍රී ලංකාවට වාර්ෂිකව අහිමි වන මුදල රැපියල් මිලියන 1500ක් පමණ වේ. මෙම ගිවිසුම තුළ ශ්‍රී ලංකාව සඳහා සිංගප්පූරුව විසින් බදු සහන ලබා දුන් භාණ්ඩවලින් 99% ක්ම මෙම ගිවිසුම නොපැවතියද, ශ්‍රී ලංකාව ඇතුලු ලොව ඕනෑම රටක් සඳහා සිංගප්පූරුවේදී ආනයන බදුවලින් නිදහස් කර තිබූ භාණ්ඩ වීම.

    සිංගප්පූරු ගිවිසුම මඟින් වෙනත් රටවල නිපදවෙන භාණ්ඩද සිංගප්පූරුව හරහා ලංකාවට ඇතුලු වීමට විශාල ඉඩකඩක් නිර්මාණය කරදීම. එසේම, වෘත්තිකයන් ලෙස සිංගප්පූරු පුරවැසියන්ට පමණක් නොව සිංගප්පූරුවේ ස්ථිර පදිංචි කරුවන්ටද සිංගප්පුරු වෙළඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ සලසා ඇත.

    ලොව පිළිගත් නිර්දේශයන් නොතකා හරිමින් දැනට සාකච්ඡා පවත්වන කිසිදු වෙළඳ ගිවිසුමක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කර නොමැති වීම, පාර්ශව කරුවන්ගෙන් අදහස් විමසීමට අසමත් වීම, ඒ සඳහා කිසිදු විනිවිදභාවයක් පවත්වා ගැනීමට අපොහොසත්වීම යනාදි දුර්වලතාවයන් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තීරණාත්මක ලෙස බලපාන අතිශය සංවේදී ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන් දුර්ධාන්ත ලෙස කටයුතු කිරීම සහ ඒ අනුව මෙම ආර්ථික ගිවිසුම් රට හිතකරද යන්න සොයා බැලීමට හිතාමතාම කටයුතු නොකිරීම මඟින්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජනජීවිතය දැඩි අවදානමක හෙළීම.

    ඉහත දැක්වූ කරුණු අනුව මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හානිදායක අයුරින් ක්‍රියාකර ඇත. එසේම වර්තාමානයේ සිදු කරගෙන යන කාර්යයන්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා නරක ආකාරයෙන් බලපානු ඇත. ජාතික අහිලාෂයන්ට පටහැණිව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් සිදු කරගෙන යන ක්‍රියාදාමයන් නතර කරලීම සඳහා ඔබතුමා සෘජුවම මැදිහත් විය අවස්ථාව එළඹ ඇති බව අපි විශ්වාස කරමු.
    ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන මෙන් ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය ගරු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගෙන් ඉවත් කර වෙනත් ඇමතිවරයෙකු වෙත පවරා දී ඉදිරි කටයුතු ජාතික අභිලාෂයන්ට අනුව සිදුවන බව තවුරු කර ගැනිම.

    ඉහත සඳහන් සියලු ක්‍රියාදාමයන් සඳහා වගකිවයුතු අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය එම තනතුරින් පහකිරීම

    දූෂිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ඉන්දු- ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සඳහා වන ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම විසුරුවා හැරීම.

    සභාපති / ලේකම්
    තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

  • බදියුදීන්, මනෝ රනිල්ගේ විශ්වාසභංගයට විරුද්ධ බව කියයි..

    බදියුදීන්, මනෝ රනිල්ගේ විශ්වාසභංගයට විරුද්ධ බව කියයි..

    අද දිනයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය ලබා දීමට ඇමති රවුෆ් හකිම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇත. 

    එමෙන්ම ඇමති මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව පවසයි.

    ඇමති රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ථ ලංකා මහජන කොංග‍්‍රසයද තීරණය කර ඇත්තේ විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය දීමටයි.

    ජාතික හෙල උරුමයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව සදහන් කර ඇත.

    මෙම පක්‍ෂ සියල්ල එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ වෙයි.

  • රනිල්ට එරෙහි විශ්වාසභංගය අද; හෙට අලුත් ආණ්‌ඩුවක්‌

    රනිල්ට එරෙහි විශ්වාසභංගය අද; හෙට අලුත් ආණ්‌ඩුවක්‌

    විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළත් නැතත් හෙට (05) සිට අලුත් ආණ්‌ඩුවක්‌ බිහිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

    රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළොත් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම විපක්‍ෂයේ අසුන් ගන්නා බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එසේ වූවොත් ජාතික ආණ්‌ඩුව අහෝසි වේ. එවිට එජාපය විසින් අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එම පක්‍ෂයේ ඇමැතිවරු පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

    යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජය වූවොත් හෙට සිට නව අගමැතිවරයකු පත්ව කැබිනට්‌ මණ්‌ඩලය ද අලුතින් පත් කිරීමට සිදුවේ.

    ජාතික ආණ්‌ඩුව අහෝසි වී අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවද්දී දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව ඇමැති ධුර සංඛ්‍යාව තිහකට සීමාවේ. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව හතළිස්‌ පහකට නොවැඩි විය යුතු බවද ව්‍යවස්‌ථා සංශෝධනයේ දැක්‌වේ.

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැක්‌කේ වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක්‌ ලබාගත් පක්‍ෂය සහ දෙවනුව වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් පක්‍ෂය එක්‌ව අත්සන් කරන අවබෝධතා ගිවිසුමක්‌ මතය.

  • ශ්‍රිලනිපය තීරණය වෙනස් කරයි.. අලුත්ම තත්වය මෙන්න….

    ශ්‍රිලනිපය තීරණය වෙනස් කරයි.. අලුත්ම තත්වය මෙන්න….

    අද(04) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම අතර පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵල අනූව ශ්‍රිලනිපය විශ්වාසභංගයට ඡන්දය දිමෙන් වැලකිමට තීරණය කර තිබේ.

    ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මේ බව කියා සිටි.

  • Prima Stella යෝගට් එකේ ඇතුලේ මැස්සෙක්… වැරදිකරුවන් රකින්න පොලිසියෙනුත් සහය…

    Prima Stella යෝගට් එකේ ඇතුලේ මැස්සෙක්… වැරදිකරුවන් රකින්න පොලිසියෙනුත් සහය…

    මේ ලෝකේ බාරගන්න ඉන්න අපේ අනාගතය ඒ කියන්නේ ඔබෙත් මගෙත් අපෙත් පුංචි මල් වගේ ඉන්න අපේ පන කිවොත් මං නිවැරදි.

    දෙමාපියන් සිය දුදරුවන්ට කොච්චර නම් ආදරේද කියල කෙනෙක්ට වටහලා දෙන්න නම් අවශ්‍යම නැහැ. නැතිබැරි කම් දුක් කොපමණ තිබුනත් දරුවන් ගැන ඕනෑම දෙමාපියෙක් දෙවතාවක් නොහිතා කටයුතු කරනවා. ඒ දරුවන්ගේ සතුට වෙනුවෙන්, යහපත වෙනුවෙන්.

    මෙය දකින ඔබ ඔබේ දරුවන්ගේ අහාර පාන පිළිබඳව අනිවාර්යෙන්ම සිය දහස් වාරයක් සිතියයුතු බව ඔබටම වැටහේවි.

    “ළමයෙක් පැනි රස කෑම ඉල්ලල අඩන කොට ගොඩක් අම්මල තාත්තල ළමයින්ට හොද දෙයක් අරන් ⁣දෙන්න ගොඩක් උත්සහ කරනව මම දැකල තියෙනව. මමත් ඒ මතයෙම ඉන්න තාත්ත කෙනෙක් විදියට අරගෙන දුන්න යෝගට් එකක මෙවැනි දෙයක් දිස් වුවහොත් ඔබ මා සිටිනා තැන සිට කුමක් කරන්නේද?

    අදාල ආයතනයට ඒ බව දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් මගෙන් විමසුවේ “මේකෙ පියන ගැලෙව්වාද කියාය.” පියන ගලවන්නෙ නැතිව යෝගට් කන රටක් තියෙනවද? මේක ඕනම කෙනෙක්ට තේරෙනව මේ සතා ඇතුලෙම හිරවෙලා කියල. තවද “අපි කාවහරි එවන්නම් ඕක පොඩ්ඩක් චෙක් කරන්න අරන් යන්න” එම ආයතනයේ ඉහල නිලධාරීයෙකුගේ තවත් අදහසක් විය.

    යෝගට් එක ඔවුන් අතට ගැනීමේ තවත් ළදරු උත්සහයක් විය. මා හට අවශ්‍ය වූයේ මේ පිළිබඳ එම ආයතන දැනුවත් කිරීමත් එම ආයතනය ඒ සම්බන්ධව ගන්නා වූ පියවර පිලිබද දැනුවත් වීමත් පමණි. නමුත් ඔවුන් වැරැද්ද නිවැරදි කිරීමේ උත්සහයක නියැලෙමින් මාගේ මෙම පැමිණිල්ල යට ගැසීමේ උත්සහයක නිරතවෙයි.

    1919 රාජ්‍ය තොරතුරු ඒකකය හරහා ලබාගත් 1977 පාරිභෝගික කටයුතු සම්බන්ධ ආයතනය ඔස්සේ මා දැනුවත් වු ආකාරයට අදාල ප්‍රදේශයේ PHI මහතා හරහා මේ සම්බන්ධව පැමිණිල්ලක් මා යොමු කිරීමට සියලු කටයුතු යොදා ඇත.

    මා ඔවුන් වෙත යොමු කල ඊමේල් තොරතුරු හා එම අදාල ජායාරූප දැකීමෙන් පසු සිදු වී ඇති වරද පිලිගන්නා ලද හඩපට ද මා ඒ සමග ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

    ආහාර සම්බන්ධව අප රටේ ඇති නිති ඉතාමත් දුර්වල තත්වයක පවතින නිසා හා සමහර ආයතනවල පුද්ගලයින් මුදලටද යට වීම නිසා මෙම සිදුවීම හා පැමිණිල්ල යටපත් වීමටද ඉඩ ඇත. නමුත් මාගේ මේ ප්‍රයත්නය අඩුම තරමේ තවත් මෙවැනි ප්‍රමිතියෙන් තොර ආහාරවලින් කිහිප දෙනෙකු හෝ බේරා ගැනීමටයි. ඔබගේ හා ඔබ ආදරණීයන්ගේ සෞඛ්‍ය පිලිබද මොහොතක් සිතන්න”

     

      

    ඔබේ දරුවාගේත් ආහාර සුරක්ෂිත තාවය පිලිබඳ සිතු මෙම පියා සැබවින්ම අප අගය කල යුතුය…

    දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙය share කරන්න…
    ජිවිත සියදහස් ගණන් ජිවිත අනතුරේ හෙලන මොවුන්ට එරෙහිව මෙය share කරන්න…

    මෙම පියාගේ වෑයම සාර්ථක වන්න සුභ පතන්න මෙය share කරන්න…