Blog

  • ඇද උඩ සෙල්ලම් ප්‍රසිද්ධියේ පෙන්වන කො‍ල්ලෝ ෆෝම් කරන 18+ Photoshoot එක මෙන්න…

    ඇද උඩ සෙල්ලම් ප්‍රසිද්ධියේ පෙන්වන කො‍ල්ලෝ ෆෝම් කරන 18+ Photoshoot එක මෙන්න…

    විවිධ තේමා අනුව සිදු කරන ලද විවිධාකාරයේ Photoshoot අවැසි තරම් අන්තර්ජාලය තුළ දක්නට ලැබේ.

    එහෙත් ඒවායේ ගුණාත්මභාවය සම්බන්ධයෙන් විවිධ අදහස් මතිමතාන්තර රැසක් ද ඒ සමගම ඉදිරිපත්වීම සුලබ දෙයකි.

    ඒ කෙසේ වුව ද සම්ප්‍රදායික සහ සම්ප්‍රදාය අතික්‍රමණය වූ Photoshoot ද විශාල වශයෙන් බිහිවන යුගයක් බවට වර්තමානය පත් ව තිබේ.

    ඒ අතර නිරුවත, අඩනිරුවත සහ කාමුකත්වය උද්ධීපනයවන අන්දමට Photoshoot සිදු කිරීම වත්මන් සමාජය තුළ කලාවක් බවට පත් කර ගෙන ඇති බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

    මේ එලෙස සිදු කළ Photoshoot එකකි.

  • රට වෙනුවෙන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න – ජනපති මෛත්‍රිගෙන් ශ්‍රිලනිපයට නියෝග….

    රට වෙනුවෙන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න – ජනපති මෛත්‍රිගෙන් ශ්‍රිලනිපයට නියෝග….

    විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ජනාධිපතිවරයා විසින් ශ්‍රිලංනිප කණ්ඩායමට කරුණු පැහැදිලි කළ බවට වන ප්‍රවෘත්තිය අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වන කරුණු හා ඉදිරි සැලසුම් පිළිබදව වන සකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙන අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙස ජනපති මෛත්‍රි නියෝග කර ඇත…

    කැබිනට් මණ්ඩලයට පසුව එජාප මන්ත්‍රි කණ්ඩායම හා ශ්‍රි ලනිප කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් සිදු කරන බව ජනාධිපති වරයා විසින් දැනුම් දී ඇති බව එජාප ප්‍රබල ඇමතිවරයෙකු අනාවරණය කොට සිටී.

    කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පිලිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව බව වාර්තා වේ.

  • රනිල්ගේ ඉරි තුනට නිදහස් පක්ෂයෙන් Secret ලිපියක්.. ඇතුලේ තියෙන දේ මෙන්න…

    රනිල්ගේ ඉරි තුනට නිදහස් පක්ෂයෙන් Secret ලිපියක්.. ඇතුලේ තියෙන දේ මෙන්න…

    විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නැයි  අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අද (03) ඉල්ලා සිටි බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා වූ ලිපියක්ද අග‍්‍රාමාත්‍යවරයාට භාරදුන් බවයි.

    විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය ඊයේ (02) රාත‍්‍රියේ තීරණය කළා.

    ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදීයි. ඔවුන් අද (03) අග‍්‍රාමාත්‍යවරයා මුණගැසී ඇත්තේද ඒ අනුවයි.

  • පතාලයම හොල්ලන මහා මොලකරු මදුෂ් අල්ලන්න පොලිසීය දැමූ අලුත්ම දැල මෙන්න .!

    පතාලයම හොල්ලන මහා මොලකරු මදුෂ් අල්ලන්න පොලිසීය දැමූ අලුත්ම දැල මෙන්න .!

    පතාල නායක මාකඳුරේ මදුෂ්ගේ පියා බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ පතාල නායකයා විසින් දිගින් දිගටම අධිකරණය මගහැරීම නිසා ඔහුට ඇප ලබාදීමට ඉදිරිපත් වූ ඇපකරු වන ඔහුගේ පියා රිමාන්ඩ් බාරයට පත් කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා පසුගිය දා නියෝග කිරීම හේතුවෙන්.

    ඒ අනුව මාකඳුරේ මධුගේ පියා වන කඹුරුපිටිය ගතාර පදිචි සමරසිංහ ආරච්චිගේ පියදාස නමැත්තා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවද පොලිසිය කියයි.

    ඩුබායි හි රැදි සිටි මෙරට පාතාලය මෙහෙයවමින් මිනිමැරුම් කප්පම් ගැනීම ඇතුළු අපරාධවලට නිරත අමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධුෂ් නැමැත්තා අල්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.

    එහි මුල් පියවර වශයෙන් ඉදිරි සතියේ ඔහුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබේ. චෝදනා ගොනු කිරිමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබුනා. 

  • හෙට පාර්ලිමේන්තුව 18+.. ඇතුල්වීම වැඩිහිටියන්ට පමණයි…! හේතුව මෙන්න..!

    හෙට පාර්ලිමේන්තුව 18+.. ඇතුල්වීම වැඩිහිටියන්ට පමණයි…! හේතුව මෙන්න..!

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා හෙට (04) දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරි වැඩිහිටියන් සඳහා  පමණක් සීමා කර තිබෙනවා. 

    විවාදය දැක බලා ගැනීමට පැමිණෙන මහජනතාවට ඉඩ ලබා දිය යුතු නිසා පාසල් සිසුන් එදින ගැලරියට ඇතුළලත් කර නොගන්නා බවයි සදහන් වන්නේ. 

    එසේම  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ ආධාරකරුවන් මෙන්ම වෙනත් සුවිශේෂ පුද්ගලයන්ද හෙට දිනයේදී පැවැත්වෙන විශේෂ විවාදය දැකගන්නට පැමිණෙන  බැවින් ඒ සඳහා මහජන ගැලරි සහ කතානායක ගැලරියද සූදානම් කර තබන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

    පැමිණෙන අමුත්තන්ට මඟ පෙන්වීමට සහ  සහාය වීම සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක්ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

     

     

  • කූඹියෝ එකේ ජෙහාන් නංගිලා මල්ලිලාගේ ක්ලාස් එකකට ගිහින් කියපු සුපිරි කතාව මෙන්න….

    කූඹියෝ එකේ ජෙහාන් නංගිලා මල්ලිලාගේ ක්ලාස් එකකට ගිහින් කියපු සුපිරි කතාව මෙන්න….

    චරිත සර්ගෙ Prize giving එකට එනව කිව්ව නලුව එනකං හැමෝම වගේ බලං හිටියේ.ඒ අතරෙම කවුරුත්ම නොහිතපු විදිහට කලින් දවසේ රෑ ජනප්‍රිය නලුවා වෙච්ච කූඹියෝ එකේ ජෙහාන් ඇවිල්ලා ස්ටේජ් එකේ හිටගත්තා.
    ඉතිං කොහොම කොහොම හරි කොල්ලන්ගේ අත්පුඩියි විසිල් සද්දෙයි ඉවර වෙනකං ඉඳලා ජෙහාන් කටහඬ අවදි කළා.
    “හරි…හොඳයි මං පුංචි කතාවක් කියන්නං…හැබයි මං ගෙන කියවනවා කියලා නං හිතන්න එපා…
    මට ඕ ලෙවල් රිසාල්ට් එක විදිහට තිබ්බේ පට්ට අප්සට් පජාත රිසාල්ට් එකක්…ඉතිං අපේ ඉස්කෝලේ ආඩම්බරකාර නීති වලට අනුව මට ඒ ලෙවල් කරන්න අවස්ථාව ලැබුන් නෑ…ඉතිං මේක ගෙන අපේ තාත්තා මාරම අප්සට් එකේ හිටියේ…දවසක් මං අහගෙන තාත්තා ඉස්සරහ ගෙදර මාමා එක්ක මං ගෙන දුක කියනවා…ඒත් එක්කම අර මාමා අපේ තාත්තට කිව්වේ දුක් වෙන්න එපා පවුලක හරකා බාන වතුපිටි බලාගන්නත් කවුරු හරි ඉන්න ඕනෙහ් කියලා…
    ඒක ඇහුන වෙලාවේ ඉඳන් මං හිතා ගත්තා අපේ ගෙදර එහෙව් එකා නං මම වෙන්නෑ කියලා…
    ඉතිං තිබ්බ පුංචි පිනකට මට ආර්ට්ස් වලින් ඒ ලෙවල් කරන්න චාන්ස් එක හම්බුනා…හිතේ තිබ්බ පට්ටම මොරාල් එකත් එක්ක වැඩේට බැස්සා…මුලින්ම කලේ ඒ දවස් වල තිබ්බ ප්රේම සම්බන්ධෙ නතර කරපු එක…ඒ නංගිට මං කිව්වා අපි ඒ ලෙවල් වලින් පස්සෙ ආපහු හම්බවෙමු කියලා…ඊට පස්සෙ කලේ තිබ්බ හැම යාලු මිත්ර සම්බන්ධයක්ම නවත්තපු එක…
    කොහොමහරි ඒ අවුරුදු දෙකත් ගෙවිලා ගිහිල්ලා කැම්පස් යන්නම සමත් වෙන්න පුලුවන් උනා…ඉතිං අද මම කතිකාචාර්ය කෙනෙක් වෙලා මේ තැන ඉන්නේ හැමදේම නවත්තලා පුංචි අවුරුදු දෙකක් හරියට වැඩ කරපු හින්දා…”
    ඒ හින්දා නංගි මල්ලි ඔයාලත් ජීවිතේට එක පාරක් විතරක් එන මේ අවස්ථාව මග ඇර ගන්නැතුව හරියට වැඩ ටික කරගන්න…”
    ඒ විදිහට පට්ටම කතාවක් කරලා ස්ටේජ් එකෙන් බැස්ස ජෙහාන්ට අපේ හිත්වල තිබ්බ ආදරේ තවත් වැඩි උනා…
    අන්න ඒ හින්දා…
    මේ පාර ඕ ලෙවල් ලියලා රිසාල්ට්ස් ආපු නංගිල මල්ලිලට කියන්නේ…ජෙහාන් අයියා කිව්වා වගේ…ඕ ලෙවල් රිසාල්ට් එක මොකක් උනත් ඒක ගෙන වැඩිය හිතන්නේ නැතුව ඒ ලෙවල්ස් ගොඩ දාගන්න බලන්න..
  • ඔවුන්ට දෙවෙනි ඉනිමවත් මතක් වෙලා තියෙනවා දැක්කේ නෑ මං – එයාලට මුල අමතක වෙලා…

    ඔවුන්ට දෙවෙනි ඉනිමවත් මතක් වෙලා තියෙනවා දැක්කේ නෑ මං – එයාලට මුල අමතක වෙලා…

    මේ වන විට ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන කව්රුත් ආදරය කරන ටෙලි නාට්‍ය දෙකක් වන සිඳු සහ දෙවනෙි ඉනිම වෙනුවෙන් පසු ගිය දිනවල පැවති සම්මාන උළෙලවල් වලදී සම්මාන රාශියක් හිමි වුනා.
    ජනතා සම්මාන උළෙලේදී සහ රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළියන්ට හිමි සම්මාන දෙවැනි ඉනිමේ සමල්කා සහ දෙව්මි චරිත වලට දායක වුන ශනුද්‍රි සහ නයනතාර හිමි කර ගැනීමට සමත් වූනත් ඔවුන්ට එම සම්මාන හිමි කර දුන් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය අමතක කර තිබෙන බවට දෙවෙනි ඉනිම ටෙලි කතාව රචනා කළ සමන් එදිරිමුණි සිත් තැවුලෙන් මෙසේ කියා තිබුනා.
    පසුගිය Peoples awards උළේලෙදී ඔබ රචනා කළ නාට්‍ය නියෝජනය කරමින් සම්මාන ලැබුණා නේද?
    නිර්දේශ වුණා මං හිතන්නෙ ජනතාවගේ ටෙලි නාට්‍ය බවට පත් වුණේ සිඳු ටෙලි නාට්‍ය දෙවන වතාවටක්
    සිඳු ඔබ රචනා කරන්න පටන් ගත් නාට්‍යයක්, නමුත් ඔබ එය රචනා කිරීම අතරමගදී නවතා දැමුමා පසුතැවීමක් නැද්ද ඒ ගැන?
    පීපල්ස් අවොඩ් එකට ඔය කියන සමීක්ෂණය පැවැත්වෙන්නේ මම එය රචනා කරන කාලෙදීම තමයි ඒ ගැන ඇත්තටම මට තියෙන්නේ සතුටක් පිට පිට දෙවතාවක් ජනතාවගේ ටෙලි නාට්‍ය බවට පත්වූ නිර්මාණයේ රචකයා වීම. නමුත් පසුතැවීමක් තියෙනවානම් තියෙන්නේ සිඳු කතාව පටන් ගනිද්දි මගේ හිතේ තිබුණු අරමුණ කරා සිඳු ලඟා නොවීම නිසා පමණයි ඒක මම ලිව්වේ ළමයින්ටත් රසවිඳිය හැකි පවුලේ ටෙලිනාට්‍යයෙක් ලෙස
    ඔබ කියන්නේ දැන් ඒ නාටයේ එහෙම රසයක් නැහැ කියලාද?
    රසය කියන එක නෙවෙයි අරමුණ කියන එක ගැන මං කියන්නේ විවිධ රසයන් විවිධ අය ගාව තියෙන්නේ මං දීපු රසය නෙමෙයි දැන් තියෙන්නේ කියන එක ඉතින් ඕන කෙනෙක්ට පැහැදිලිනේ එකේන් මං අදහස් කරන්නේ නෑ එක රස නෑ කියලා මං කියන්නෙ මම සිඳු නාට්‍ය ඔය කියන විදිහේ අදහසකින් ලියපු නාට්‍යක් නෙමෙයි.
    ඔබ ඊළගට ලියපු දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය වෙනුවෙනත් සම්මාන ලැබී තිබෙනවා. ඒ ගැන ඔබ ඉන්නේ ආඩම්බරයෙන් වෙන්න ඇති?
    හොඳම නිළියන් ලෙස ශනුද්‍රිට සහ නයනතාරාට ජනතා සම්මාන ලැබුණු බව ආරංචි වුණා. සුබ පතනවා ඔවුන්ට.
    ආරංචි වුණා කියන්නේ ඔබ හරියටම දන්නේ නැද්ද?
    නෑ. මං දැක්කා දෙරණ ටීවි එකේ දානවා ඔය වෙනකොට සමාජ ජාලත් තහණම් කරලා තිබුණා නිසා ටීවි එකෙන් තමයි දැක්කේ
    සම්මාන ලැබූ අය ඔබට කතා කළෙවත් නැහැ කියලද ඔබ මේ කියන්නේ?
    එහෙම හොඳ පුරුදු තියෙන නළුවන් සහ නිළයන් ලංකාවේ ඉන්නේ හරිම අතළොස්සයිනේ මට නම් එහෙම කවුරුත් කතා කරලා කිව්වේ නෑ කතා කරන්න දෙයකුත් නෑ ඉතින් මම කරපු දෙයකුත් නෑනේ ඒ වෙනුවෙන්
    ඔබ ඒ ජයග්‍රහණය වෙනුවෙන් කිසිත් කළේ නැති වෙන්න බැහැ ඔබගේ රචනාව තුළයි ඔය චරිත බිහිවෙන්නේ කිව්වොත්?
    මාත් එහෙම හිතනවා අධ්‍යක්ෂතුමත් එහෙම හිතනවා සමහර විට ඒක මේ මමයි සාරංගයි දෙන්නා විතරක් හිතාගෙන ඉන්න මනස්ගාත දෙයක් වෙනනත් ඇතිනේ. ඔවුන් අති දක්ෂ නිළියන් මම නම් අද ඊයේ යාන්තං ටෙලිනාට්‍ය දෙකක් ලියාගෙන උඩට ආපු මනුස්සයෙක්
    ඔවුන් සාරංගට කතා කරලත් නැද්ද?
    සාරංග මගෙන් ඇහුව මචං මෙහෙම ආරංචියක් තියෙනවා ඇත්තද කියලා ඒ වෙද්දි සාරංග ලංකාවේ හිටියේත් නෑ කිසි දෙයක් දන්නේ නෑ නේ අපි දෙන්නා මේක නිකං අපිට නොදැනි ටිකට් එකක් අදුනා වගේ හරිම සතුටුයි මොකද අපි දෙන්නා කරන ටෙලි නාටයේ චරිතනේ අප්පා
    හැබැයි සිඳු වෙනුවෙන් ලැබිච්ච සම්මානය ගැන නම් ඔබ දැනුවත් කළාලු නේදු?
    ඔවි චරිත් කොතලාවල මහතා කතා කරලා කිව්වා සිඳුට සම්මානයක් ලැබිලා තියෙනවා. ඒක ගන්න යමු කියලා, මං කිව්වා සිඳු කියන්නේ දැන් මට අයිති දෙයක් නෙමෙයි කියලා. අතහැරියට පස්සෙ නැවත හරී බැලීමක් මගේ ජීවිතියේ නෑ කිසිම දෙයක් ගැන
    ඔබ කලින් කීවා අපේ රටේ හොඳ පුරුදු තියෙන නළු නිළියන් හරිම අඩුයි කියලා ඔබ එහෙම කියන්කේ සමිමාන ලැබූ බව නිකමටවත් නොකී දුකට වෙන්න ඇති
    දුකක් නම් නැහැ පුදුමයක් මිස
    පුදුමය මොකක්ද?
    ඔවුන්ට දෙවැනි ඉනිමවත් මතක් වෙලා තියෙනවා දැක්කේ නෑ මං දෙවැනි ඉනිම කණ්ඩායම සියඹලා ගෙනැල්ලා තිබුණෙම නැද්ද යකෝ එතකොට කියලා මට තනියම හිතුණා.
    මේ සිත් රිදවීම් එක්ක දෙවෙනි ඉනිම ප්‍රේක්ෂකයන්ට ආදරණීය නිර්මාණයක් නැති නොවෙයි නේද?දෙයියම්පල්ලා සිත් රිදවීම් නම් නැහැ අපි මේ ගමන යන්නේ කරන්නේ මොනවද කියලා හරියට දැනගෙන ලංකාවේ ඉදිරි වසර 10 තුළ ට්‍රෙන්ඩ් එක හදන්නේ අපි දන්නවා ඒක කරන විදිහ. නයනතාර, ශනුද්‍රි රවීන් කෙෂාන් ලංකාවේ සම්මාන ගන්න ජනප්‍රියතම නළුවන් නළියන් බවට පත් කරනවාමයි කියන එක මම දෙවෙනි ඉනිම පටන් ගනිද්දි මගේ ඔළුවට දාගත්තු ඉල්ක්කයක් එක් දන්නේ මම විතරක් නෙවෙයි ඔය සමහර නළුවන නිළියන්ට මං ඒක කියලා තියෙනවා. ඔවුන් දන්නවා ඔවුන් ආවේ කොයි පාරෙද කියලා මේ සම්මාන ලැබෙන්නෙ පුද්ගල චරිතවලට නෙමෙයි මම ඕන ඔට්ටුවක් දානවා මේ සම්මාන ලැබුණේ දෙව්මිට සහ සමල්කාට එක් කවුරු පිළිගත්තත් නැතත් ඇත්තක්
    ඔබ කියන්නේ ඒ සම්මාන ඔබ විසින් මවලා දුන්න චරිතවලට හමිවුණ දේවල් කියලාද?
    චරිත හදන්නේ අපි රඟපාන්නේ ඔවුන් මේක ටීම් වර්ක් එකක් ජන විඥානය හැසිරෙන විදිය තේරුම් ගත්තාම ඒක සරල වැඩක් මිනිස්සු ආදරය කරන්නේ පුද්ගල චරිතවලට නෙමෙයි. මිනිස්සු මට වඩා ආදරෙයි මං හදාපු චරිත වලට සෝරත පොඩි හාමුදුරුවන්ට මුළු ලංකාවක් ආදරය කළා. චරිත ලියනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි ඒවා ඉබේ වෙන දේවලුත් නෙමෙයි
    ඔබ නිර්මාණවලට මවන්නේ ඔබ වටා සිටන චරිතද?
    මම මහණ වුණොත් සෝරත වගේ වෙයි. නාකී වෙද්දි ලොකු හාමුදුරුවෝ වගේ වෙයි. ආදරේ කළොත් අවන්ත වගේ වෙයි මගේ කෙල්ල සමල්කා වගේ වෙනවට මං ආසයි මගේ මාමා ආනන්ද එයා ඇත්තටම ජීවත් වෙනවා මං පොඩි කාලේ පන්සල් ගියේ සිරිනාග විහාරයට සිඳු එකේ පන්සලේ නම ඒක පොඩි කාලේ අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ සෝරත පොඩි හාමුදුරුවෝ උන්නාන්සේ තාම ඉන්නවා. දැන් නම් ආස්සරයන් නෑ ඉස්සර තරම් සමල්කා වගේ කෙල්ලෙක් මං ආශ්‍රය කරලා තියෙනවා දෙව්මි වගේ නෑනලා මට ඉඳලා තියෙනවා. මයිකි සහ චබී කියලා කියන්නේ ඇත්තටම අපිත් එක්ක ඉස්කෝලේ ගියපු උන් මයික් නම් ඉතිං ඔය ඉන්න මයික්ම තමයි දෙනුවනාව මම දන්නේ වේල්ස් කුමාරේ උසස් පෙළ කරන කාලේ. ඒකා ඒ කාලෙත් පිස්සා දැන් වගේම හරිම ආදරණිය චරිතයක් මං ලියන්නෙ මගේ ජීවිතේ මට අහුවෙච්ච දෙවල්. එකයි මං කියන්නේ මේක සෙල්ලමක් නෙමෙයි චරිත කියන්නේ චරිත මං ලියන චරිත බොරු ඒවා නෙමෙයි මවපුවා නෙමෙයි ඇත්තටම පවතින මහපොළොවේ ඒවා බව මගේ හදවත දන්නවා ඒකයි මිනිස්සු ඒවට ආදරේ
    රයිගයම් ටෙලි සම්මාන උළෙලට ගියෙත් නැද්ද?
    එක් අංකයකින් එක් මනාපයක් පමණක් පිළි නොගන්නා කිසිම සම්මාන උළෙලක කිසිම සම්මානයක් මා පිළිගන්නේ නෑ සම්මානයක් කියලා එය තනිකරම හොර ඡන්ද දාලා පාර්ලිමේන්තු ගිහින් ජනතා නායකයා කියලා තමන්ම කියාගන්නවා වගේ වැඩක් මම දන්නේ නෑ රයිගම් එකේ එක අංකයකින් එක මනාපයද පිළිගන්නේ කියලා දන්න විදිහට නම් සම්මානවලට නිර්දේශ නම්වලට එස්.එම්.එස් ගැහිල්ල බිස්නස් එකක් මොබයිල් කොම්පැනියයි සම්මාන උළෙලේ කොම්පැනියයි සම්මාන උළෙලේ සංවිධායකයොයි ඒ සල්ලි ටික බේදාගන්නවා හැම සම්මාන උළෙලකම මනාප මගඩිය කියන්නෙ ඕකට එකම එක දවසක් මම ගියා ඔය සම්මාන උළෙලකට නොදැනුවත්කමට ආයි නම් යන්නේ නෑ
  • දුම්බර අඩවියේ ඉඩම් අක්කර විසිඑක්දාහක් “කබීර් ,කිරිඇල්ල” නෑ හිතවතුන්ට දෙයි..!

    දුම්බර අඩවියේ ඉඩම් අක්කර විසිඑක්දාහක් “කබීර් ,කිරිඇල්ල” නෑ හිතවතුන්ට දෙයි..!

    දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ම`ගින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය.

    නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර් පාර්ක්, හුන්නස්ගිරිය, කැළෑබොක්ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ඕපල්ගල යන රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් හෙක්ටයාර 9675 ක් වන වතු ඉඩම් වලින් හෙක්ටයාර 6192 ක් සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම් වලට අයත් හෙක්ටයාර 3693 න් හෙක්ටයාර 2363 ක් වශයෙන් විවිධ පුද්ගලයින් හා සමාගම් වලට හෙක්ටයාර 8555 ක් නැතහොත් අක්කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත. මෙම පැවරීම සිදු කර ඇත්තේ අක්කරයකට වාර්ෂික ව රුපියල් 2857 ක මුදලකට තිස්පස් අවුරුදු බදු පදනම යටතේ ය.

    නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි හෙයාර් පාර්ක් වත්තේ අක්කර 900 ක් පමණ මේ ආකාරයෙන් මහ පරිමාණ කුකුළු ගොවිපොළක් ස`දහා කි‍්‍රස්බ්‍රෝ සමාගමට ලබා දී තිබේ. සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි රත්වත්ත වතු යාය රෝස තිරුවානා ඛණිජ කැණීම ස`දහා ලබා දී ඇති අතර මේ වන විට මහ පරිමාණයෙන් නීති විරෝධී ලෙස මෙම ඛණිජ කැණීම් කටයුතු සිදු කෙරේ. මැදවත්ත වතු යායේ අක්කර 35 ක් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් ස`දහා ලබා දී තිබේ. මේ සියල්ල මේ වන විට සිදු වන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.

    කි‍්‍රස්බ්‍රෝ සමාගම දිගින් දිගට ම මේ ආකාරයෙන් සංවේදී පරිසර පද්ධති ආක‍්‍රමණය කරමින් සිටී. 2007 වසරේ දී මහවැලි ‘‘සී’’ කලාපයට අයත් ඇළකොටලිය හෙවත් මහපිටිය අලිමංකඬේ අක්කර 150 ක තෘණ භූමි පවරාගෙන කුකුළු ආහාර ලෙස භාවිතයට ගැනීමට බඩ ඉරිගු වගා කිරීම ඇරැුඹින. මෙම ව්‍යාපෘතිය ස`දහා එවකට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති උදය ගම්මන්පිල මහතා විසින් අවසර ලබා දීම සිදු කෙරින. මේ ආකාරයෙන් ම කි‍්‍රස්බ්‍රෝ සමාගම දුම්බර අඩවියේ ඉතා සංවේදී ඉඩම් අත්පත් කර ගෙන මහ පරිමාණ කුකුළු ගොවිපොළවල් සැකැසීමට සූදානම් වේ.

    දුම්බර අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. දේශගුණික විවිධත්වය, මහවැලි ගෙ`ග් ප‍්‍රධාන ජල පෝෂකයක් වීම නිසා මෙහි ඇති වටිනාකම ඉතා අධික මට්ටමක පවතී. මේ සියල්ල දුම්බර අඩවියේ ඉඩම් අවභාවිතාව හේතුවෙන් විනාශ වී යාමට ඉඩදිය යුතු නැත.

    සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගෙඟ් ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් 30%ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර 21,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍්‍ර ක් පමණ ආවරණය වී ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්තී‍්‍රක්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්තී‍්‍රක්කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. 2009 අංක 65 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3අ(1* වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825 ක් පමණ වන භූමි ප‍්‍රමාණයක් ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර 2000 ක් පමණ වේ. එ්වා මේ වන විට ක‍්‍රමාණුකූල ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්වරූපය හා වන්දි ගෙවීම්වල ප‍්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙන අතරතුර එම ඉඩම් විවිධ සමාගම් වලට හා ව්‍යාපාරිකයන්ට පැවරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

    මෙම ඉඩම් පවරා ගැනීම කඩිනම් කිරීමට අවශ්‍යවන ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේ දී ගැනිණ. එහෙත් එය අද වන තෙක් නිසි පරිදි කි‍්‍රයාත්මක නො වේ. අංක පීඑස්/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින දරන අමාත්‍යමණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියලූ ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 අංක 01 දරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22(1*ඊ සහ 44(එ්* වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කඩිනමින් සැලැසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම හෝ මේ වන තුරු අවසන් කර නොමැත.

    මේ කි‍්‍රයාමාර්ගයන්ට එළැඹීම පැහැර හරින සෑම දිනයක් පාසා ම ඒ වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු ස`දහා ක‍්‍රමක‍්‍රමයෙන් යොදා ගැනේ. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස් සංරක්ෂණ වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පළමු ව සිදු කළ යුතු වන්නේ නකල්ස් සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමි ප‍්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත් ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම යි. ඊට අමතර ව මේ ප‍්‍රදේශයේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්ථාවට අයත් වනාන්තර බිම් නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතු ය. ඉන් පසු ව නකල්ස් සංරක්ෂණ වනාන්තරය වටා කිලෝමීටරයක් පමණ ප‍්‍රදේශයක් ජාතික පාරිසරික පනත යටතේ නකල්ස් හෝ දුම්බර පරිසර ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර ඒ ප‍්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කළ යුතු ය. මෙමඟින් දුම්බර අඩවියේ සුරක්ෂිතතාව තහවුරු කළ හැකි ය. නමුත් සිදු වන්නේ මේ සුවිශේෂී ජෛව කලාපය වැනසීම ස`දහා වන කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කිරීම ය.

    දුම්බර කඳුකරයේ වනාන්තරයන්ට පළමු ව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංගී‍්‍රසින් විසිනි. එ් 1873 දී දුම්බර කඳුකරයේ මීටර 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ* වළාකුළු වනාන්තර ප‍්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමිනි. ඉන් වසර 127ක ට පසුව 2000 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරින. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් 2008 වසරේ දී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප‍්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය. ඒ හේතුවෙන් ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප‍්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මඟින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

    මෙවන් වූ සුවිශේෂී නීතිමය ආවරණයක් සහිත භූමි ප‍්‍රදේශයක පිහිටි ඉඩම් දේශපාලකයන්ට වුවමනා පරිදි විවිධ පුද්ගලයින්ට හෝ සමාගම් වලට පැවරිය නොහැකි ය. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්ති වලට අනුව 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති භූමියක ඉඩම් සංවර්ධන කාර්යයන් ස`දහා නිදහස් කළ නොහැකි ය. මෙම ගැසට් නිවේදනයට අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරයට අයත් රජයේ ඉඩම් හැර ඉතිරි රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් සියල්ල ආවරණය වන පරිදි මෙම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ප‍්‍රදේශය කළමනාකරණය ස`දහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශ කළමනාකරණ කමිටුවක් පිහිටුවා තිබේ. එම කමිටු නිර්දේශ වලින් පරිබාහිර ව කිසිදු සංවර්ධන කාර්යයක් මෙම කලාපය තුළ සිදු කළ නොහැකි ය. නමුත් දැනට මෙම ඉඩම් විවිධ පුද්ගලයින්ට බදු පදනම මත ලබා දී ඇත්තේ එවන් කිසිදු අනුමැතියකින් තොරව ය.

    ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තිය අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයක මායිමේ සිට මීටර සියයක් ඇතුළත හෝ පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශිත ප‍්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ ස`දහා පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එසේ තිබිය දී නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ හා පස සංරක්ෂණ ප‍්‍රදේශය තුළ පිහිටි ඉඩම් විවිධ පුද්ගලයන් ට හා සමාගම්වල ට විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම ස`දහා පරිසර බලපෑම් ඇගැයීම් කි‍්‍රයාවලියෙන් තොර ව පැවරීම නීති විරෝධී කි‍්‍රයාවකි. මෙම අණ පනත් පිළිබ`ද ව අවබෝධයක් නොමැති ව මෙම අමාත්‍යවරුන් දෙදෙනා මෙන් ම ඔවුන්ගේ කාර්යය මණ්ඩලය ද කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.


    දුම්බර අඩවිය ආරක්ෂා කර ගැනීමට හා එය අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු වන්නේ ඊට ලබා දී ඇති නීතිමය ආවරණය නිසා පමණක් ම නොවේ. එහි පවතින මිල කළ නොහැකි වටිනාකම නිසා ය. මීටර් 760 සිට මීටර් 1900 දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි ක`දුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන් හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර*, කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංගාශි‍්‍රත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.

    දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්‍යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් මේ ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. එ් අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් 27.4‍% ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3‍්‍ර ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශී‍්‍රත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ.

    දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.

    උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 1294 ප‍්‍රතිශතයක් ලෙස ගත්විට 37‍්‍ර ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍්‍ර ක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප‍්‍රජාවක් ජීවත්වීම මේ ප‍්‍රදේශයේ සංරක්ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප‍්‍රධාන හේතුවක් වේ.

    ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 813 අතුරින් විශේෂ 272 ක් දුම්බර අඩවියෙන් වාර්තා වී තිබේ. එය 33‍්‍ර ක ඉහළ ප‍්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 16 ක් ජීවත්වන්නේ දුම්බර කඳුකරයේ පමණකි. නැතහොත් ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ අතුරින් 5‍්‍ර ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙනි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 91 ක් නකල්ස් කඳුකරයෙන් වාර්තා වන අතර එය 29‍්‍ර ක ඉතා ඉහළ ප‍්‍රතිශතයකි. දුම්බර කඳුකරයේ සුවිශේෂත්වය වන්නේ එහි වාර්තා වන ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 91 අතුරින් විශේෂ 16 ක් නැතහොත් 18‍්‍ර ක් දුම්බර කඳුකරයට ආවේණික පෘෂ්ඨවංශීන් වීම ය.

    දුම්බර කඳුකරයේ වාර්තා වන උභයජීවීන් අතුරින් විශේෂ අටක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙන් පමණි. ඒ විශේෂ රැුකොෆොරිඬේ කුලයට අයත් විශේෂ හතක් සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් එක් විශේෂයක් වශයෙන් වර්ග කළ හැකි ය. රැුකොෆොරිඬේ කුලයට අයත් දුම්බර පඳුරු මැඬියා හොෆ්මාන් ගේ පඳුරු මැඬියා විශාල පාදැති පඳුරු මැඬියා, මුරි ගේ පඳුරු මැඬියා, ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා හා හැන්කනයිගේ පඳුරු මැඬියා සහ ඩික්රොග්ලොසිඬේ කුලයට අයත් දුම්බර ගල්පර මැඬියා යන විශේෂ අට දුම්බර කඳුවැටියට ආවේණික වෙයි.

    දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් තුනක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා හා දුම්බර පෙතියා දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගෙඟ් ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක් ආවේණික මත්ස්‍ය විශේෂ තුන නම් දුම්බර ගල්පා`ඩියා , මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා හා දුම්බර කරඇදයා ය. බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගෙඟ් දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව එ් පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි.

    සිවුපා උරගුන් අතුරින් විශේෂ හතරක් හා එක් සර්ප විශේෂයක් දුම්බර අඩවියට ආවේණික වේ. එනම් ඇගමිඬේ කුලයට අයත් කටුසු විශේෂ දෙකක් වන දුම්බර අඟ කටුස්සා හෙවත් පත‍්‍ර අඟ කටුස්සා , දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා, ගෙකොනිඬේ කුලයට අයත් දුම්බර මහ කැලෑ හූනා සින්සිඬේ කුලයට අයත් චතුරාංගලී සර්ප හිකනලා සහ පාංශුවාසී සර්ප විශේෂයක් වන යුරෝපෙල්ටිඬේ කුලයට අයත් ඉරිවකටුල්ලා ය.

    මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතුරින් 30 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා , ගුරුකොණ්ඩයා, ලංකා අරංගයා ලංකා හම්බු කුරුල්ලා , අ\ුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා කඳුකර මල් කුරුල්ලා , කැහිබෙල්ලා වැනි පක්ෂීහු රැුසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති.

    දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යනයක් සිදුකර නොමැති වුව ද 2000 වසරේ දී විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.

    මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. මේ ජීවී විශේෂ දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ.
    මෙවන් සුවිශේෂී වූ පරිසර පද්ධති ඇතුළු ව අප රටේ ඉඩම් දේශීය හා විදේශීය සමාගම් වලට මෙන් ම මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට පැවරීම ස`දහා අලූතින් ඉඩම් පනතක් ගෙන ඒමට ද වත්මන් රජය කි‍්‍රයා කරමින් සිටී. රජයේ ඉඩම් බැංකු පනත නමින් මෙම පනත ගෙන එ්මට මේ වන විට සැලැසුම් කර ඇත. වගන්ති 33 කින් සමන්විත මෙම පනත ම`ගින් ඉඩම් බැංකු පිහිටුවීම, රාජ්‍ය බැංකු කොමිෂම පිහිටුවීම හා බලය පැවරීම ඇතුළු ව කොටස් 7 කින් සමන්විත ව මෙම පනත සකස් කර ඇත. මෙම පනතින් බලාපොරොත්තු වන්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ඇතුළු ව රජයට අයත් ඉඩම් වෙළෙ`දපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීම ය.

    නව ලිබරල් ආර්ථික සැලැසුම් කි‍්‍රයාත්මක කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත පූර්ණ විවෘත ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ දරන වත්මන් රජය අප රටේ සියලූම ස්වාභාවික සම්පත් ඇතුළු ව පොදු දේපොළ විකුණා දැමීමට කි‍්‍රයා කරමින් සිටී. මේ තත්ත්වය නතර කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගත යුතු අතර රාජ්‍ය ඉඩම් බැංකු පනත සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය. එපමණක් නොව නකල්ස් ක`දුකරයේ පිහිටි ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති ස`දහා සමාගම් සතු කිරීම වහාම නතර කිරීමට අවශ්‍ය බලපෑම කළ යුතු ය. එපමණක් නොව දැනට මෙරට සිදු වන ඉඩම් අව භාවිතාව හා ඉඩම් කොල්ලය නතර කිරීම ස`දහා ජනතාවාදී සැබෑ ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු ය. ඒ ස`දහා ඉඩම් ප‍්‍රතිපත්තියක් සකස් කළ කිරීමට ජනතාව එක් විය යුතු ව ඇත.

     

    සජීව චාමිකර
    ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • “රට යවනවා කියලා අපිව රවට්ටලා ලක්ෂ ගණන් සල්ලි ගත්තා” – ජාවාරමක සියළු තතු කරලියට…..

    “රට යවනවා කියලා අපිව රවට්ටලා ලක්ෂ ගණන් සල්ලි ගත්තා” – ජාවාරමක සියළු තතු කරලියට…..

    කොල්ලුපිටියේ පිහිටි Coss Lanka නමින් පවත්වාගෙන යන ආයතනයක් විසින් ජනතාව රවටමින් සිදු කරන මහා පරිමානයේ වංචාවක් පිළිබඳව හෙළිදරව් වෙමින් පවතිනවා. මිට පෙරද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා මේ මුදල් වංචාව පිළිබඳව වාර්තා කල අතර එහිදී නිතිය ක්‍රියාත්මක වූ නමුත් වංචාවේ නැවතීමක් දක්නට නම් නැත. නැවත වරක් මහා පරිමාණයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදු කරමින් වෙබ් මාධ්‍ය මෙන්ම රුපවාහිනි නාලිකා හරහාද මහා ධනස්කන්ධයක් වියදම් කරමින් ඔවුන් රටේ අහිංසක තරුණ තරුණියන් මෙන්ම දෙමාපියන්ද රැවටීමට පටන්ගෙන ඇත.

    කොල්ලුපිටිය ආර් ඒ ද මැල් මාවතේ  පවත්වාගෙන යන coss lanka (pvt) ltd යනුවෙන් පවත්වාගෙන යන මෙම ආයතනය සිදුකරන ක්‍රියාවලිය වන්නේ විදේශ අධ්‍යාපනය සහ රැකියා සඳහා තරුණ තරුණියන් පිට රට යැවීමය. මේ සඳහා ලක්ෂ ගණනින් මුදල් අය කරගන්නා අතර මුදල් අයකරගෙන රට යැවීම හෝ අධ්‍යාපන පහසුකම් ලබා දීම ගැටළුවක් නැත. නමුත් ගැටලුව තිබෙන්නේ මෙම ආයතනය සිදු කරන වංචාවයි.

    රට රැකියා සහ අධ්‍යාපනය ලබා දෙන බව පවසමින් ඈත ගම වල දුප්පත් අහිංසක දෙමාපියන්ගේ මුදල් හුරා ගෙන කන්නට තරම් මෙම ව්‍යාපාරිකයින් පහත තත්වයකට වැටීම ඛේදජනකය. තම ජීවිතය ගොඩ දා ගන්නට ඉඩම් කඩම් විකුණා කන කර උගස් තබා පැමිනෙන තරුණ ජිවිත තම මුදල් හම්බකිරීමේ ව්‍යාපාරයක් බවට පත්කරගෙන රුපියල් ලක්ෂ 2000ක් පමණ වංචාවක් කල බව හෙළි වී ඇත වරක් මෙහි බලධාරීන් අත් අඩංගුවට ගත් නමුත් අන් සියල්ල මෙන්ම නීතියද මුදලට යටවීම හරහා එහි වන්දිය ගෙවන්නට වී ඇත්තේ අහිංසක තරුණ පරපුරටයි.

    උදේ හවස රුපවාහිනියේ මෙන්ම ගුවන් විදුලියේද මිලියන ගණනින් මුදල් වියදම් කරමින් ප්‍රචාරණ ව්‍යාපාර දියත් කරන මොවුන්ගේ පැටිකිරිය කිසිදු හිරිකිතයකින් තොරව හරි වැරදි නොබලා ජනගත කරන්නට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන පෙළඹී තිබෙන්නේ මුදල් වලට මුල් තැන දී ඇති නිසාය නමුත් ජාතික මට්ටමේ මාධ්‍ය ආයතනයකට මුදලට වඩා ජනතාව වටින්නේ නැද්ද යන්න අපට ඇති ගැටලුවයි. සියත රේඩියෝවේ විකාශය වන DJ අරා වැඩසටහනේ රස කරමින් මේ වංචා ආයතනය පිළිබඳව පම්පෝරි ගසන අරවින්ද ලොකුගේ වැන්නවුන් මුදලට ඕනෑම දෙයක් පාවා දෙන බව මෙරට සියලු දෙනා හොඳින් දන්නා කාරනාවකි.

       

    coss lanka ආයතයන පිළිබඳව අප මේ හෙළිකරන කරුණු කාරනා පමණක් නොව නිකමට අන්තර්ජාලය ගොස් සමාජ ජාල හා youtube.com හරහා මේ දුෂිත වංචාකරුවන් පිළිබඳව සෙවීමක් කල හොත් ඔබටම සත්‍ය අවබෝධ කරගැනීමට හැකි වනු ඇත.

    එමෙන්ම මෙම වංචනික ආයතනය කියන පරිදි කිසිදු සුදුසුකමක් නොමැතිව විදේශගත වීමට හැකියාවක් තිබේද? ජපානය, චීනය වැනි රටවලට අධ්‍යාපනය සඳහා ඇතුලත් වන්නේ නම් ඊට අදාළ සුදුසුකම් තිබිය යුතුමය. නමුත් මොවුන් මේ සිදුකරන වංචාව තේරෙන විට පෙරහැර ගොසින් ඉවරය. coss lanka කියනා හැටියට රට යන්නට හැකිනම් ඕනෑම කෙනෙකුට රට යන්නට හැකියාව තිබිය යුතුය…

    සමාජ ජාල තුල මේ පිළිබඳව පලව ඇති පළකිරීම් කිහිපයක් පහතින්…

     

    මෙම හොර මගඩිය සිදුකරන ආයතනයේ ප්‍රධානියා වන්නේ මොහුයි.

     

    නිපුනතා සංවර්ධණය හා වෘත්තීය පුහුණුව ලබා දෙනවා කියමින් විදේශ ගත අධ්‍යාපනය හා රැකියා සිහිනය පෙන්වමින් coss lanka ආයතනය මගින් සිදු කල වංචාවට ලක් වූ අහිංසක තරුණ තරුණියන් රැවටු ආකාරය පහත වීඩියෝ සහ ප්‍රවෘත්ති ප්‍රචාර මගින් නැරඹිය හැකියි.

    සමාජ මාධ්‍ය හෙවත් පුරවැසි මාධ්‍ය ලෙස අප මුදලට යට නොවී මේ අනාවරණය කරන්නේ හුදෙක් අපගේ පෞද්ගලික උවමනාවකට හෝ වෙනත් යටි අරමුණකින් නොව අහිංසක ජනතාවට කොකා පෙන්වමින් නිතිය නොමග යවමින් මිලියන ගණනින් වංචා කරන පුද්ගලයින් හෙළි කිරීම අපේ සමාජ වගකීම බැවිනි. ඉදිරියේදීද මේ හොර වංචා සිදුවේනම් ඒවා වාර්තා කිරීමටද අප සුදානමින් සිටින බව මතක් කල යුතුය.

    අවසන් වරට කිව යුතුව ඇත්තේ  කුමන මාධ්‍යක කුමන ආකාරයේ සිහින පෙන්වන බවට කිවත් ජනතාව තම අනාගතය ගැන ගන්නා තීන්දු තීරණ සොයා බලා සිතා මතා කල යුතු බවත් මෙවැනි වංචා දුෂණ පිළිබඳව බලධාරීන් හා නිතිය ක්‍රියාත්මක කරන ආයතන වහාම නින්දෙන් අවදිව ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කල යුතු බවයි….

  • රනිලා ඇමතිලට සල්ලි , වාහන දිලා ප්‍රශ්නය යටගහන්න හදනවා –  රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

    රනිලා ඇමතිලට සල්ලි , වාහන දිලා ප්‍රශ්නය යටගහන්න හදනවා – රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

    “එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලුවාම තනතුරු වාහන සල්ලි දීලා ප්‍රශ්නය යටගහන්න හදනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත් කරනතුරු මේ සටන ඉදිරියට ගෙන යනවා” යෑයි රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර ඊයේ (02 දා) පැවසීය.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත්ව යායුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්‍රීවරුන් කණ්‌ඩායමකුත් සිටිනවා. අපි අපේ මතය කිසිසේත්ම වෙනස්‌ කරන්නේ නැහැ” යෑයිද රංගේ බණ්‌ඩාර වැඩිදුරටත් කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී රංගේ බණ්‌ඩාර මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවසීය.

    එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විට ජනතාව අතර දැඩි අප්‍රසාදයට පත්වූ පක්‍ෂයක්‌ වෙලා. ඒකට වගකියන්න ඕනෙ පක්‍ෂ නායකත්වයයි.

    ඒ නිසා තමයි අපි කිව්වේ පක්‍ෂයට ප්‍රතිසංවිධානයක්‌ ඕනේ කියලා. ඒක ඉල්ලුවාම අපිව ගෙන්නලා එක එක තනතුරු, වාහන, සල්ලි දීලා සනසන්න හදනවා.

    මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට වැඩක්‌ නැහැ. අපිට ඕනේ පෞද්ගලික ප්‍රශ්න විසඳන්න නොවෙයි. පක්‍ෂය ප්‍රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක්‌ නැහැ. අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස්‌ විය යුතුයි. එහෙම නොවුණොත් එක්‌සත් ජාතික පක්‍ෂයට දෙවියන්ගේම පිහිටයි” යනුවෙන් රංගේ බණ්‌ඩාර වැඩිදුරටත් කියා සිටියේය.

  • නාකි සල්මාන්ගේ සෙල්ලක්කාර වැඩක් නිසා සුපිරි නිලි ජැක්ලීන් රෝහල්ගත කරයි

    නාකි සල්මාන්ගේ සෙල්ලක්කාර වැඩක් නිසා සුපිරි නිලි ජැක්ලීන් රෝහල්ගත කරයි

    Race3 චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවන්නේ අබුඩාබිවලයි. බොබී ඩියෝල්, සල්මන් කාන්, ජැකලින් හා අනිල් කපූර් වැනි සුපිරි තරු කිහිපයක්ම එකට එක්වන මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතාබහ වෙනවා.

    මේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේ දී ජැක්ලින් හදිසි අනතුරකට මුහුණ දුන්නා. ත්‍රාසජනක රංගනයන්හි යෙදෙන විට හදිස්සියේ ඇගේ ඇසට හානි සි දුවූ නිසා එවෙලේම ඇයව රෝහලටත් ගෙන ගියා.

    ඒ වුණත් ජැක්ලින්ට බරපතළ අනතුරක් වුණේ නැති නිසා සුළු ප්‍රතිකාර කිහිපයකට පසුව ඇය ඉක්මනින්ම රෝහලෙන් පිට ව ගොස් තිබෙනවා.

    චිත්‍රපටයේ Squash ක්‍රීඩාවේ පුහුණුවීම්වල යෙදෙන අතරතුරේ තමයි ඇය මේ හදිසි අනතුරට මුහුණ පාලා තිබුණේ. Race චිත්‍රපට නිෂ්පාදක Ramesh Taurani කියලා තිබුණේ ඇය ප්‍රතිකාරවලින් පසු නැවතත් රූගත කිරීම්වලට සුපුරුදු විදියටම එක් වුණා කියලයි. සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයක් ද වන Race3 මේ වසරේදීම ඔබට දැක බලා ගන්නත් අවස්ථාව ලැබෙනවා.

  • තීරණාත්මක රැස්වීමක් සදහා ජනපති මෛත්‍රි හමුවෙන්න අගමැති රනිල් ජනාධිපති නිල නිවසට….

    තීරණාත්මක රැස්වීමක් සදහා ජනපති මෛත්‍රි හමුවෙන්න අගමැති රනිල් ජනාධිපති නිල නිවසට….

    හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කර ඡන්ද විමසීමට ගන්නා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන අවසන් තීරණාත්මක සාකච්චාව මේ වනවිට කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්චාව සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ආණ්ඩුවේ තවත් ප‍්‍රබල මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම සහභාගී වෙයි.

    ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එම සාකච්චාවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමටද නියමිතය.

    විශ්වාසභංගයට පෙරාතුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සිදුවන අවසන් සාකච්චාව මෙය විය හැකි බවද වාර්තා වේ.

    මෙම හමුවෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර එය අතිශය උණුසුම් හා තීරනාත්මක එකක් වනු ඇති බවද විශ්වාස කෙරේ.

  • නියඟයෙන් වැව් සිඳී යාම නිසා කිඹුල්ලු ගෙවල් වලට එයි

    නියඟයෙන් වැව් සිඳී යාම නිසා කිඹුල්ලු ගෙවල් වලට එයි

    නාච්චාදූව සෙලෙස්‌ති මඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 29 වනදා අලුයම පැමිණි විශාල කිඹුලකු, අල්ලා, වනජීවී නිලධාරීන් හට භාර දීමට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇත.
     
     අලුයම 3.00 ට පමණ නිවෙස්‌ හිමියා විසින් මෙම කිඹුලා දැක ඇති අතර පසුව ප්‍රදේශවාසීන් දැනුවත් කර ඔවුන් සමග එක්‌ව මහත් පරිශ්‍රමයක්‌ යොදා මෙම කිඹුලා අල්ලා ගෙන ප්‍රදේශවාසීන් විසින් වන ජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්‌ථානයට පැමිණි වන ජීවී නිලධාරීන් අඩි දහයක්‌ පමණ දිග මෙම හැල කිඹුලා රැගෙන ගොස්‌ වෙනත් ප්‍රදේශයකට මුදාහැරීමට කටයුතු කර තිබේ.
     
     දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සිඳී ගිය වැවකින් එම කිඹුලා පැමිණෙන්නට ඇති බවට සැක කරන බව ප්‍රදේශවාසීහු පවසති.

  • වැසි නැති වුනත් විදුලිය කපන්නේ නෑ

    වැසි නැති වුනත් විදුලිය කපන්නේ නෑ

    පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය උත්පාදනය කිරීම අභියෝගයක්‌ වුවද විදුලිය කප්පාදුවක්‌ සිදු කිරීමට තවමත් කිසිදු තීරණයක්‌ ගෙන නැතැයි ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.

    ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් වික්‌ටෝරියා, රන්දෙණිගල කොත්මලේ, කාසල්රී, සමනල වැව යන ප්‍රධාන ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම සියයට 50.2 දක්‌වා පවතින බවද පසුගිය වසරේ මෙම කාලය වන විට බලාගාර ජල මට්‌ටම සියයට 35 දක්‌වා අඩු වූ විටද කප්පාදුවකින් තොරව විදුලි බලය ලබා දීමට විදුලිබල මණ්‌ඩලයට හැකිවූ බවද ලංකා විදුලිබල මණ්‌ඩලයේ සංවර්ධන (අධ්‍යක්‍ෂ) සුලක්‍ෂණ ජයවර්ධන මහතා මාධ්‍යට පැවැසීය.

  • විශ්වාසබංගය පරදවන්න හෙට රනිල් සමඟ නොසිතූ බලවේග එකතු වෙනවා

    විශ්වාසබංගය පරදවන්න හෙට රනිල් සමඟ නොසිතූ බලවේග එකතු වෙනවා

    අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කිසිවකුත් නොසිතන බලවේග හෙට (04) වනවිට අගමැති සමඟ එක්‌වන බව එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවැසයි.
     
     2015 දී ලද ජනවරම මෙම විශ්වාසභංගයේදී පරාජය කිරීමට ඉඩනොදෙන අතර එම ජනවරම පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට උත්සාහ දරන ජනපදනමක්‌ නැති මැති ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කරන බවත් ඊයේ (2) සිරිකොත පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටි අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු දේශපාලනඥයන් එක්‌වන බවත් එය ජයග්‍රහණය කරවන බව පැවැසූ ඇතැම් දේශපාලනඥයන්ද අගමැතිට සහාය දීමට සූදානමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

  • මාලබේදී පොලී රොෂාන් මැරුවේ අංගොඩ ලොක්කාද? සුරූපී බිරිදද? සමයාද? ඇත්ත එලියට…

    මාලබේදී පොලී රොෂාන් මැරුවේ අංගොඩ ලොක්කාද? සුරූපී බිරිදද? සමයාද? ඇත්ත එලියට…

    සුරූපී කාන්තාවන් ඇසුරට ලොල් වීම නිසයි බිරිද තරහ වුනේ

    කෝටි 3ක් පොලියට ගත්ත කෙනත් සැකයි

    මාලබේ පිහිටි සයිටම් පවුද්ගලික වයිද්ය විද්යාලය දෙසට දිවෙන චන්ද්රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ වේගයෙන් ධාවනය වන ප්රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයකි

    රථය පදවාගෙන යන්නේ රොෂාන් ප්රේමලාල් ය.මොහු ප්රදේශයේ ප්රසිද්ධව සිටියේ පොලී රොෂාන් ලෙසය

    හිඹුටාන බැංකු හන්දිය ප්රදේශයේ පදිංචිකරුවකු වූ පොලී රොෂාන් වියායාම් කිරීම සඳහා චන්ද්රිකා කුමාරතුංග මාවතේ ශරීර සුවතා මංතීරුව වෙත පැමිණීම පුරුද්දක්‌ කරගෙන ගියේය

    ඉකුත් 25 වැනිදා රාත්රියේ ද පොලී රොෂාන් වියායාම් කටයුතු සඳහා චන්ද්රිකා කුමාරතුංග මාවතට පැමිණියේ කිසිදු බියකින් තොරවය

    එහෙත් මාරයා චන්ද්රිකා කුමාරතුංග මාවතේ සැඟවී සිටිනු ඇතැයි රොෂාන් සිහිනයකින් හෝ සිතුවේ නැත

    සුඛෝපභෝගී ජීප් රථය මාර්ගය අසල නතර කළ රොෂාන් කලබලයකින් තොරව ඉන් බැස ගත්තේය.මාර්ගය දෙපස සවිකර ඇති පහන් කණුවලින් පැතිර තිබූ ඝන අන්ධකාරය යන්තමින් මැකී ගොස්‌ තිබිණි

    දිනපතාම වියායාම් කටයුතු සඳහා පැමිණෙන ස්‌ථානය ගැන රොෂාන්ට සැකයක්‌ නැත.බියක්‌ දැනුණේ ද නැත.ඔහු හුරුපුරුදු පරිදි ව්‍යායාම්වල නිරත වුණේය

    එහෙත් රොෂාන්ගේ මාරයා තම හෝරාව එනතුරු ඝන අන්ධකාරයට වී බලා සිටියේය

    හිටි හැටියේම අන්ධකාරය මැදින් මතු වූ යතුරුපැදියක්‌ වියායාම් කරමින් සිටින රොෂාන් පහුකර ගියේය.යතුරුපැදිය කිහිපවරක්‌ චන්ද්රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ ඔබ මොබ ධාවනය වුණේය

    එහෙත් රොෂාන්ට මේ නාඳුනන යතුරුපැදිකරුවන් ගැන විශේෂත්වයක්‌ නොමැත.ඔහු සුපුරුදු ලෙස වියායාම්වල නිරත වුණේය

    මාලබේ ප්රදේශය පුරා පැතිර තිබූ නිහැඬියාව බිඳ දමමින් හෙන පුපුරන්නාක්‌ මෙන් පිට වූ වෙඩි උණ්‌ඩ රොෂාන්ගේ සිරුර විනිවිද ගියේය.නිමේෂයකින් සියල්ල නිහඬ විය

    සිය ඉලක්‌කය සපුරාගත් ඝාතකයන් චන්ද්රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ පලා යන්නේ කිසිදු කලබලයකින් තොරවයපොලී රොෂාන්ට වෙඩි තබා ඝාතනය කළ පුවත මාලබේ ප්රදේශය පුරා පැතිර යන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත

    අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් රොෂාන් ඝාතනය කර තිබූ ස්‌ථානයට පැමිණෙන විට ඝාතකයන් පලා ගොසින් බොහෝ වේලාවක්‌ ගතව තිබුණේය

    ප්රහාරය එල්ල කළ ඝාතකයන් පළපුරුදු අවි හසුරුවන්නන් බව පැහැදිලිය.පොලී රොෂාන් ඝාතනය පාතාල සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් කළ බව පැහැදිලිය

    බස්‌නාහිර දකුණ නියෝජ්ය පොලිස්‌පති වසන්ත වික්රමසිංහ ජේෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්රසාද් රණසිංහ මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රොෂාන් ඝාතනයේ සැකකරුවන් සොයා පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ සිය විමර්ශන කටයුතු ක්රියාත්මක කළහ

    පොලී රොෂාන්ට තර්ජන එල්ල වී තිබූ පාර්ශ්ව කීපයක්‌ හෙළිකර ගැනීමට පොලිසිය සමත්විය.පොලී රොෂාන් ඝාතනය අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ වැඩක්‌ බව සමහරු කීය

    තවත් සමහරු කීවේ රණාලේ සමයාගේ පාර්ශ්වය මේ ඝාතනය ක්රියාත්මක කළ බවය

    එමෙන්ම වියාපාරික ආරවුලක්‌ ඝාතනයට හේතු වූ බවට කටකතා පැතිර යන්නට විය.රොෂාන් සහ බිරිඳ අතර කාලයක පටන් පැවැති විරසකයක්‌ මේ ඝාතනය පිටුපස ඇති බවට සැකයක්‌ ද මතුව තිබුණේය

    රොෂාන් ප්රේමලාල් හැදී වැඩෙන්නේ මුල්ලේරියාව ප්රදේශයේය.මීට වසර 10 – 15 කට උඩදී රොෂාන් ඒ තරම් වත් පොහොසත්කම් ඇත්තකු නොවීය

    මුදල් පොලියට දීම සුළුවෙන් ආරම්භ කළ රොෂාන් කාලයක්‌ ගතවෙද්දී ගජ පොහොසතකු වුණේය.රොෂාන් ප්රේමලාල් පොලී රොෂාන් ලෙස ප්රසිද්ධියට පත් වුණේ ඔහු රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබාදීත් සමඟය

    අංගොඩ ලොක්‌කා පොලී රොෂාන්ගේ ගජ මිතුරකු විය.ඒ මීට වසර ගණනාවකට පෙර සිටය.අංගොඩ ලොක්‌කාගේ හයිය මෙන්න පාතාල බලය තම පොලී ව්‍යාපාරය දියුණුකර ගැනීමට පොලී රොෂාන් පාවිච්චි කළේය

    පොලී රොෂාන්ගෙන් මුදල් ලබා ගන්නා පුද්ගලයන් නියමිත දිනයේදී අදාළ පොලී මුදල ගෙවා දැමිය යුතුය.එසේ නොකළහොත් පොලියට මුදල් ලබා ගන්නවුන් හමුවන්නේ අංගොඩ ලොක්‌කාගේ ගෝල බාලයන්ය

    මේ ආකාරයට පොලී රොෂාන් කිසිදු ගැටලුවකින් තොරව තම වියාපාරය කරගෙන ගියේය.පොලී රොෂාන් කෝටිපති ව්‍යාපාරිකයකු වීමට වැඩි කාලයක්‌ ගත වුණේ නැත

    මුදල් පොලියට ලබාදීමේ වියාපාරයට අමතරව ඉදිකිරීම් කොන්ත්රාත් ලබා ගැනීම බර වාහන ආනයනය කර විකිණීමේ වියාපාරය ද කරගෙන ගිය පොලී රොෂාන් වියාපාරික ලෝකයේ හිනිපෙත්ත දක්‌වාම ගමන් කළේය

    රණාලේ සමයා ඇතුළු හත්දෙනෙක්‌ කළුතර බන්ධනාගාර බස්‌ රථයේදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අංගොඩ ලොක්‌කා හොර රහසේම රටින් පලා ගියේය

    අංගොඩ ලොක්‌කා පොලී රොෂාන් මිතුදම ටිකෙන් ටික දුරස්‌ වන්නට පටන් ගත්තේ එතැන් සිටය.පොලී රොෂාන් අංගොඩ ලොක්‌කා නොසලකා හරින්නට පටන් ගත්තේ ය.දෙදෙනා අතර නොහොඳ නෝක්‌කාඩු ඇති වන්නට විය

    පොලී රොෂාන් අංගොඩ ලොක්‌කාට කප්පම් ලබා දීම පැහැර හැරීම මේ විරසකයට හේතු වී තිබිණි.අංගොඩ ලොක්‌කාට කප්පම් මුදල් ලබා නොදීම නිසා පොලී රොෂාන් ඔහුගේ උදහසට ලක්‌ව සිටියේය

    රොෂාන් ඝාතනයට හේතු වූයේ මේ සිදුවීම බවට සැකයක්‌ මතුව තිබෙයි.මේ අතර පොලී රොෂාන් ඝාතනය පිටුපස රණාලේ සමයාගේ කල්ලිය සිටින බවට ප්රචාරයක්‌ ද ගොස්‌ තිබුණේය

    අංගොඩ ලොක්‌කා සහ පොලී රොෂාන් සමීපතම මිතුරන් බව රණාලේ සමයාගේ කල්ලිය දැන සිටියහ.පොලී රොෂාන්ගේ දියුණුව පිටුපස සිටියේ අංගොඩ ලොක්‌කා බව සමයාගේ කල්ලිය විශ්වාස කළහ

    අංගොඩ ලොක්‌කාගේ පාතාල කල්ලිය සහ රණාලේ සමයාගේ කල්ලිය එකිනෙකා මරා ගන්නට පටන් ගත්තේ මීට වසර ගණනාවකට පෙර සිටය.අංගොඩ ලොක්‌කා රණාලේ සමයා ඝාතනය කිරීමෙන් පසු මේ ගැටුම් උත්සන්න විය

    වයිරය පළි ගැනීම මොවුන් අතර බුර බුරා නැගෙමින් තිබුණේය.මීට සති කීපයකට උඩදී රණාලේ සමයාගේ කල්ලියේ සමීපතමයකු වූ සුදුවා අතුරුගිරිය නගරයේදී වෙඩි තබා ඝාතනය කෙරුණි

    මේ ඝාතනය අංගොඩ ලොක්‌කාගේ කුලී හේවායන් කළ බව මුළු පාතාල ලෝකයම දැන සිටියහ

    සුදුවා ඝාතනයෙන් රණාලේ සමයාගේ කල්ලියේ සාමාජිකයන් දැඩි ලෙස උරණ වී සිටියහ.සුදුවාගේ ලේවල පළිය ගැනීමට සමයාගේ කල්ලියේ සාමාජිකයන් සැලසුම් කළහ

    සුදුවා ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස රණාලේ සමයාගේ කල්ලිය පොලී රොෂාන් ඝාතනය කරන්නට ඇති බවට සැකයක්‌ මතුව තිබෙයි.පොලිස්‌ විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට පොලී රොෂාන් සහ ඔහුගේ නීත්යානුකූල බිරිඳ අතර පැවැතියේ දැඩි විරසකයකි

    ඔවුන් එකට නිවසේ ජීවත් වුවද ගත කළේ දෙලොවක්‌ අතර ජීවිතයකි

    පොලී රොෂාන් සුරූපී කාන්තාවන් ඇසුරට ලොල් වූවෙකි.මොවුන් අතර අඹු සැමි ආරවුල්වලට හේතුව වන්නේ මේ ආරවුලය.මේ අඹුසැමි ආරවුල් කොයි තරම් දුරදිග ගියේද යත් එක්‌ අවස්‌ථාවක පොලී රොෂාන් සිය බිරිඳගේ පිහි ප්රහාරයකට ද ලක්‌ව බරපතළ තුවාල ලැබීය

    පොලී රොෂාන් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය ඔහුගේ නීත්‍යනුකූල බිරිඳගෙන් ද දීර්ඝ ලෙස ප්රශ්න කර තිබුණේ මේ පිළිබඳ කිසියම් හෝඩුවාවක්‌ ලබා ගැනීමේ අටියෙන් ය

    පොලී රොෂාන් වියාපාරික ආරවුල් කීපයකට පැටලී සිටි බව පොලිස්‌ විමර්ශනවලින් හෙළි විය.රුපියල් දහස්‌ ගණනින් නොව රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබා දීම රොෂාන්ගේ ප්රධාන ආදායම් මාර්ගය විය

    රොෂාන් මුල්ලේරියාව ප්රදේශයේ වියාපාරිකයකුට රුපියල් කෝටි තුනක මුදලක්‌ පොලියට ලබා දී තිබුණේය

    මේ වියාපාරිකයා කාලයක සිට රොෂාන්ට පොලී මුදල් ලබාදීම මෙන්ම ලබාගත් මුදල ආපසු ලබා දීම පැහැර හැර තිබූ බව අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය

    මෙම මුදල් ආරවුල පොලී රොෂාන්ගේ අවසානය සනිටුහන් කිරීමට හේතු පාදක වූ බවට ද සැකයක්‌ මතුව තිබෙයි