Blog

  • සුප්‍රකට අනාවැකිකරු බබා වැන්ගා පූටින් ගැන තක්කෙටම කියපු හැටි මෙන්න (PHOTOS)

    සුප්‍රකට අනාවැකිකරු බබා වැන්ගා පූටින් ගැන තක්කෙටම කියපු හැටි මෙන්න (PHOTOS)

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි ලෝක සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    ‘රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය හීන වෙද්දී, ඔහු ලොවට ශක්තිමත් නායකයෙකු වෙනවා’ යැයි බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසරේදීය.

    බාබා වැනන්ගා බල්ගේරියානු ජාතික කාන්තාවකි. මැය අන්ධ තැනැත්තියකි. බාබා වැන්ගා මියගියේ 1996 වසරේය. මියයද්දී ඇය 85 හැවිරිදි වියෙහි පසුවූවාය.

    2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරය ඇතුූ මුළු ලෝකයටම බලපෑම් වන ආකාරයේ වැදගත් සිදුවීම් රැසක් පිළිබඳ බාබා වැන්ගා ඉතා නිවැරදිව අනාවැකි පළ කර තිබේ.

    රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා සමත් විය.

    ජයග්‍රහණය සඳහා සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නියමිතව තිබුණ ද පුටින් ජයග්‍රහණය කළේ සියයට 76 ක ඡන්ද ප්‍රතිශතයකිනි.

    රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 


  • පක්ෂ අදාළ නෑ.. සියලු මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු ජාතිය වෙනුවෙන් එක්ව ලියපු ලිපිය මෙන්න.

    පක්ෂ අදාළ නෑ.. සියලු මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු ජාතිය වෙනුවෙන් එක්ව ලියපු ලිපිය මෙන්න.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මහජන නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

    ඒ සිය ජනතාව මුහුණ දී ඇති තර්ජන සම්බන්ධයෙන් දවස් තිහක් ඇතුළත නිත්‍ය විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් බවයි බීබීසී මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

    අම්පාර, දිගන, තෙල්දෙණිය සහ මහනුවර වැනි ප්‍රදේශවල මෑතදී වූ සිදුවීම් සිහිපත් කරමින් එම ඉල්ලීම සිදුකරමින් යවන ලද ලිපියට මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් 21 ක් දෙනෙක් අත්සන් තබා ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    ඇතැම් භික්ෂූන් වහන්සේගේ ආධාරය ද ඇතිව බෞද්ධ අන්තවාදීන් විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව දිගින් දිගටම ගෙනයනු ලබන වෛරී සහගත ව්‍යාපාර, බිය ගැන්වීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සහ තර්ජන අවසන් කිරීමට පියවර ගන්නා ලෙස මෙම මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයෝ ඉල්ලා සිටින බවයි එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ.

    අලුත්ගම ප්‍රහාරවලට එරෙහිව මුස්ලිම් ජාතිකයන් විසින් පැමිණිලි හතළිස් හතරක් (44) ඉදිරිපත් කරනු ලැබ ඇතත් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවද මුස්ලිම් නායකයෝ මින් පෙන්වා දී ඇති බවත් සඳහන්.

    මුස්ලිම් ජනයාට අවශ්‍ය රැකවරණය සැලසීමට සහ නීතිය සහ සාමය පවත්වා ගැනීමට අපොහොසත් වූ හෙයින් කළින් බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජය 2015 දී පෙරළා දැමීම සඳහා අති බහුතර මුස්ලිම් ජනතාව දායක වූ අතර එම ප්‍රචණ්ඩ පරිසරය දිගටම පෙරට ගියහොත් ඕනෑම ආණ්ඩුවක මැදිහත්වීම සම්බන්ධයෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව අතර විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද මුස්ලිම් ජන නායකයන්ගේ ලිපියෙහි දැක්වෙන බවද සඳහන්.

    එවැනි තත්ත්වයක් යටතේ වර්තමාන අර්බුදය තවත් බරපතළ අතට හැරිය හැකි මට්ටමින් ‘ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ දිශානතියක් කරා යොමු වීමට’ ඉඩකඩ ඇති බවත් එම ලිපියේ සඳහන් බවයි බීබීසී ය පෙන්වා දෙන්නේ.

    කොන්දේසි සහිතව ඇප මත මුදා හරිනු ලැබ සිටින අන්තවාදීන් රට පුරා ප්‍රචණ්ඩ විනාශකාරී පරිසරයක් නිර්මාණය කරමින් වෛරී ව්‍යාපාරයක් මෙහෙයවමින් සිටින බවට බොහෝ සාක්ෂි ඇති බවත් මුස්ලිම් මහජන නියෝජිතයන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යොමුකළ සිය ලිපිය මගින් කියා සිටිනවා.

     

  • දේශපාලනික හම පොරවාගත් පාතාලයන්ගේ ගැටුම් පිටුපස සිටින දේශපාලන හස්ත එලියට….

    දේශපාලනික හම පොරවාගත් පාතාලයන්ගේ ගැටුම් පිටුපස සිටින දේශපාලන හස්ත එලියට….

    මෑත කාලයේ සිට මෙරට පාතාලයේ විවිධ නම් අපිට ඇසෙන්නට වුනේ සතියකට වතාවක් නොඇසෙනා තරම් පුවතක් ලෙසයි. මාකඳුරේ මධූෂ්, ලොකු අයියා, රිස්‌කාන්, රණාලේ සමයං, ගොත අසංඛ, ඌරුජුවා, කොස්‌ මල්ලි, පස් පොඩ්ඩා, චූලා, ඩී මංජු යන අය මේ අයවලුන්ගෙන් අතලොස්සක් පමණයි.

    මේ සියල්ලන් පිළිබඳව අප සැවොම දන්නා එහෙත් නොදන්නා ලෙස සිටිනා ප්‍රධාන කාරණයක් නම් මේ පාතාල සාමාජිකයන් කුමණ හෝ පැතිකඩකින් දේශපාලන හුළු අත්තක් වන බවයි. මේ හේතුව නිසාවෙන්ම නීතියේ රැහැනෙන් මීදී රිසි සේ තමන්ගේ ආධිපත්‍ය පතුරවමින් බලය පවත්වා ගැනීමට ඔහුන් සමත් වී තිබෙනවා.

    තවද මෙම බොහෝ පාතාල නායකයන් ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය සෙබළුන් බවට පසුගිය දිනවල පල වූ බොහෝ පුවත්පත් තුළ වාර්ථා කළා.

    මෑත දින කිහිපය තුළ සිදු වූ සිදු වූ සිදුවීම් අතරින් ඩුබායි හී සිටිනවායී කියන මාකඳුරේ මධූෂ් හා රණාලේ සමයංගේ පාතාල සගයන් අතර ඇති වූ ගැටුම් බොහෝ දෙනාගේ කථාබහට ලක් වුණා.

    රණාලේ සමයං ඇතුළු හත්දෙනෙක්‌ කළුතර බන්ධනාගාර බස්‌ රථය තුළදී අවසන් ගමන් ගියේ පසුගිය වසරේ වඩාත්ම අවධානය යොමු වූ පුවතක් බවට එය පත් කරමින්. අනතුරුව එහි පළිය ගැනීමට කඩුවෙල පාතාලයට නායකත්වය දෙන්නට ඉදිරිපත් වුණේ ‘ගොත අසංඛ’ සහ ‘ඌරුජුවා’ යන අයයි.

    බන්ධනාගාරගතව සිටින මෙම ‘ගොත අසංඛ’ සහ ‘ඌරුජුවා’ මෙහෙය වීම යටතේ මධූෂ්ට සොයුරෙකු ලෙස සමීප රිස්‌කාන් පෙබරවාරි 16 වැනිදා අලුත්කඩේ අධිකරණය සමීපයේදී ඝාතනය කෙරිණි.

    රිස්‌කාන් ඝාතනයට නියෝග දුන් ගොත අසංඛ සහ ඌරුජුවා ඒ වන විට බන්ධනාගාරගතව සිටි නිසා ඔවුන්ගෙන් පළි ගැනීමට මධුෂ් කටයුතු කළේ රිස්‌කාන්ව මරන්න යන්න බයික්‌ එක දුන් කොස් මල්ලී නැමති අයෙක්ගෙනි.

    රටම සළිත කරමින් අඟුණකොලපැලැස්‌සේ දී ඝාතනය කළ කොස් මල්ලීගේ හිස, අලුත්කඩේ අධිකරණය සමීපයේදීම හමු වූයේ මධූෂ්ගේ එම විධානය අනුව ය.

    ඝාතනයට ලක් වූ රිස්කාන් යනු මෙරට සුප්‍රසිද්ධ වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනයක් වූ “ඩ්‍රොප් මී” හි හිමිකරු බව සති අන්ත පුවත් පතක් වාර්තා කර තිබුණා.

    මෙම ව්‍යාපාරය සඳහා පාතාල නායක මධුෂ් මේ ආයතනය වෙත රුපියල් කෝටි දොළහක පමණ මුදලක්‌ ද ආයෝජනය කර තිබුණු බව ද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ව තිබුණා.

    කෙසේ වෙතත් “ඩ්‍රොප් මී” ආයතනයේ මීට මාස කීපයකට උඩදී වැලිසර ප්‍රදේශයේ වූ නව ශාඛාව විවෘත කිරීමේ ප්‍රධාන අමුත්තා වූයේ එක්‌සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. එමෙන්ම එම අවස්ථාවට ආරාධිතයින් ලෙස ෆවුසි සහ මුජිබර් රහුමාන් යන අමාත්‍යවරු ද සහභාගී වී තිබෙනවා.

    මෙයින් ගම්‍ය වෙන්නේ අදාල පාතාල සාමාජිකයන් වර්තමාන රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනෙකු සමඟ ද සමීප සබඳතා පවත්වා ගෙන ඇති බවයි.

    අළුයට ගිනිමෙන් කාලයකදී නිවී යන මෙම පාතාල ගැටුම් තවත් කාලයකදී කරළියට පැමිනෙන්නේ අමානුශික මරණ බොහෝ ගණනක්ම සිදු කරමින්.

    කෙසේ වෙතත් පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) එම්.ආර්. ලතීෆ් මහතා ප්‍රකාශ කළා.

    ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය වන ආකාරයෙන් සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් යුතු විශේෂ කාර්යය බලකා නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇතැයි ද මාර්ග බාධක යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

    එමෙන් ම පොලිසිය හා එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

  • සුදනා වෙන්න Twitter එකේ ස්ටේටස් දාපු නාමල්ට ඇමරිකාවෙන් කණ පැලෙන පිළිතුරක්….

    සුදනා වෙන්න Twitter එකේ ස්ටේටස් දාපු නාමල්ට ඇමරිකාවෙන් කණ පැලෙන පිළිතුරක්….

    පසුගියදා රුසියානු ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස කටයුතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මොස්කව් නුවර සිට ඇමරිකාවේ හූස්ටන් වෙත සිය නැන්දනියගේ අවසන් කටයුතු සදහා සහභාගී විමට සූදනාම් වූ අවස්ථාවේදී ඇමරිකානු රජය විසින් නාමල් රාපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට තීරණය කරන ලදි.

    මෙම අත්හිටුවීමට හේතුව වී ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීම ය.

    සුප්‍රකට කිරිෂ් ගනුදෙණුව පවා මුදල් විශුද්ධිකරනයක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙළිදරව් කරගෙන ඇත.

    මේ ආකාරයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීම හේතුවෙන් එක්සත් රාජධානිය ද නාමල් රාජපක්ෂගේ ගුවන් බලපත්‍රය අත්හිටුවීමේ සූදානමින් සිටින බව වාර්තා වේ.

  • රනිල් ඔයා රිටයර් වෙන්න – ෆොන්සේකා රාජිත ඇතුළු එජාපෙ නායකයන් ගත්ත තීරණය මෙන්න…

    රනිල් ඔයා රිටයර් වෙන්න – ෆොන්සේකා රාජිත ඇතුළු එජාපෙ නායකයන් ගත්ත තීරණය මෙන්න…

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාස භංගය ගැන විශේෂ සාකච්චාවක් අද පස්වරුවේ සෞඛ්‍ය අමත්‍යංශයේදී පැවැත්වී ඇති බව වාර්තා වෙයි.

    මෙම හමුව සදහා ඇමති රාජිත සේනාරත්නට අමතරව චම්පික රණවක, මහින්ද අමරවීර, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා, පලනි තිගාම්බරන්, කරුණාරත්න පරණවිතාන යන ඇමතිවරුන් ඇතුළු 08 දෙනෙකු පමණ පිරිසක් මේ සදහා සහභාගී වී ඇත.

    විශ්වාස භංග යෝජනාව ඡන්ද විමසීමකට ලක් කිරීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වීමට බල කිරීමට සූදානම් බවත් තම පිරිස විසින් නම් කරන ලද පුද්ගලයෙකු අගමැති ලෙස නම් කල යුතු බවටත් එහිදී මූලික එකගතාවයකට පැමිණ තිබේ.

    බොහෝ දුරට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මීලග අගමැතිවරයා ලෙස නම් කල යුතු යයි මෙම පිරිස විසින් යෝජනා කිරීමට වැඩිම ඉඩක් ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

  • ජනපති මෛත්‍රිගෙන් අගමැති රනිල්ට කණේ පහරක්… කැබිනට්ටුවේදී පල නොකියා පලා බෙදයි..

    ජනපති මෛත්‍රිගෙන් අගමැති රනිල්ට කණේ පහරක්… කැබිනට්ටුවේදී පල නොකියා පලා බෙදයි..

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථි කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් ඊයේ අහෝසි කරනු ලැබීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය කාලයේ රටට ඵලදායි කිසිවක් නොවූ බව පවසමින් ජනාධිපතිවරයා එම කමිටුව අහෝසි කිරීමසට කැබිනට් පත්‍රිකා දෙකක් මීට පෙර ඉදිරිපත් කර තිබිණි.

  • මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීම් අනුව ජනපති නියමයෙන් මැයි දින සැමරුම මැයි මස 7 වන දාට

    මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීම් අනුව ජනපති නියමයෙන් මැයි දින සැමරුම මැයි මස 7 වන දාට

    මැයි දින සැමරුම පැවැත්විය යුත්තේ, මැයි මස 7 වන දා බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

    දැන් කොළඹ පැවැත්වෙන උත්සවයකදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, මැයි 1 වන දා වෙසක් සැමරුම් පැවැත්වෙන බැවින් මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීම් අනුව මේ තීරණය ගත් බවයි.

  • එක ලකුණකට රු 56 000 ක්… ඔබ නොදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැටුප් විස්තරය මෙන්න

    එක ලකුණකට රු 56 000 ක්… ඔබ නොදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැටුප් විස්තරය මෙන්න

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු ලංකාව තුල වැඩිපුරම මුදල් හුවමාරු වන ස්ථාන වලින් එකකි. ඒ රුපියල් වලින් නොව ඩොලර් ගණන් වලින්ය.

    මේ වන විට එම ක්‍රීඩකයින්ට ගෙවීම් කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි තොරතුරු වාර්තා කර සිටියි.

    පෙර පැවති ක්‍රමයට අනුව නොව මේ ක්‍රමයේදී ක්‍රීඩකයින්ගේ සාමූහික හා තනි පුද්ගල දක්ෂතා මත පදනම්ව ඔවුන්ට මුදල් ගෙවීම සිදුකරනු ඇති බව කියැවේ.

    ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළ දැමීමේ දිරිගැන්වීමක් ලෙසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනා අයුරු බොහො දෙනා නොදන්නා කරුණක්.

    මෙම සටහන ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනා අයුරු පිළිබදවයි.

    ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන් වර්ගීකරණය කොට ගිවිසුම් ගත කරයි.
    මෙම ගිවිසුම් A,B,C,D,E ලෙස වේ..

    සුපිරි මට්ටමේ ක්‍රීඩකයන් A ඛාණ්ඩයට අයත් වන අතර මීට අමතරව ජාතික කණ්ඩායම වසර පහක් නියෝජනය කරනා ඕනෑම ක්‍රීඩකයෙක් A ඛාණ්ඩයට අයත් වේ.

    ඉන්පසු එම ඛාණ්ඩ ගත කර ගිවිසුම් ගත කල ක්‍රීඩකයන්ට වාර්ශිකව මුදලක් ක්‍රීකට් ආයතනය ගෙවයි . මෙම මුදල ක්‍රීඩා කලත් , නැතත් අනිවාර්යෙන්ම ක්‍රීඩකයාට ගෙවයි.

    A – එක් කෝටී අසූ හත් ලක්ෂ පනස් දහසයි

    B – එක් කෝටි විසි ලක්ෂයයි

    C – ලක්ෂ අනූවයි

    D – ලක්ෂ හැටයි

    E – ලක්ෂ තිහයි

    ඉහත ගිවිසුම් මුදල් ක්‍රීඩා කලත් නොකලත් අනිවාර්ය ගෙවීම් ය.

    එයට අමතරව තරග ක්‍රීඩා කරනවාට වෙනම වැටුප් ගෙවයි.

    තරගය ජය ගත්තත් පරාජය වූවත් මෙම මුදල අනිවාර්යෙන්ම ක්‍රීඩකයාට තරගයක් වෙනුවෙන් ලැබෙයි.

    ටෙස්ට් තරගයකට- හත් ලක්ෂ පනස් දහසක්

    එක්දින තරගයකට – හාර ලක්ෂ පනස් දහසක්

    විස්සයි විස්ස තරගයක් -: ලක්ෂ තුනක්

    මීට අමතරව ටෙස්ට් තරගයක් ජය ගත්තොත් තවත් හත් ලක්ෂ පනස් දහසක් බෝනස් ලෙස ලැබේ.

    මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කිරීමට දිරි දීමනා වෙනම ගෙවයි.

    ටෙස්ට් ශතකයකට රුපියල් ලක්ෂ හත් ලක්ෂ පනස් දහසක්

    ටෙස්ට් කඩුලු පහකට හත් ලක්ෂ පනස් දහසක්

    එක්දින තරගයක ශතකයට හත් ලක්ෂ පනස් දහසක්

    එක්දින තරගයක කඩුලු පහකට හත් ලක්ෂ පනස් දහසක්

    විස්සයි විස්ස ශතකයට තුන් ලක්ෂ හැත්තැ පන්දහසක්

    විස්ස විස්ස කඩුලු පහකට තුන් ලක්ෂ හැත්තැපන් දහසක්

    අමතර ගෙවීම් කරයි.

    මේ ශ්‍රී ලංකා ක්‍රීකට් මගින් ක්‍රීඩකයන්ට ගෙවනා වැටුප් පමණක් වන අතර මීට අමතරවද  IPL , BPL , CPL , BBL ආදි තරගාවලි වලට ක්‍රීඩා කිරිමෙන් , වෙළද දැන්වීම් වලට පෙනිසිටීමද ක්‍රීඩකයන්ට ආදායම් ගෙනදේ.

    මෙහි සදහන් වන්නේ මාස 14 සදහා ගෙවන ලද වැටුප් විස්තරයකි (උදාහරණයකි )

    ටෙස්ට් තරඟයක් පරාජය වන්නේ නම් නව ගිවිසුම අනුව ටෙස්ට් තරගයක් සඳහා කරන ලද ගෙවීම 33% කින් අඩුකර තිබේ. නමුත් ටෙස්ට් තරගයක් ජයගන්නා සෑම අවස්ථාවකදීම ක්‍රීඩකයන්ගේ තරග මුදල පසුගිය වසරේ ටෙස්ට් තරගයක් සඳහා ගෙවූ මුදල මෙන් 133% ක් වනු ඇත.

    ටෙස්ට් තරගාවලියක් ජයගැනීමේදී තවත් ප‍්‍රසාද මුදලක් ක්‍රීඩකයන්ට එකතු වන අතර 3-0 ක තරගාවලි ජයක් ලබාගත හැකි නම් අති විශේෂ ප‍්‍රසාද දීමනාවක් ක්‍රීඩකයන්ට හිමිවේ. ඊට අමතරව ටෙස්ට් ශතකයක් හෝ ඉනිමකදී කඩුලූ 5 ක් දවාගන්නා සෑම අවස්ථාවකදීම ටෙස්ට් තරගයකට ගෙවනු ලබන වැටුප පාරිතෝෂිකයක් ලෙසින් ගෙවන බවද ගෙවනු ලබයි.

    මෙම කොන්දේසි අනුව තරගයක් පරාජය නොවී තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලි දෙකක් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වේ නම් එම කණ්ඩායමේ සාමාජිකයකු වෙමින් ශතක දෙකක් හෝ ඉනිම දෙකකදී කඩුලූ 5 ක් බැගින් ලබාගන්නා ක්‍රීඩකයකුට ටෙස්ට් තරග 12 ක වැටුප හිමිකර ගැනීමට අවස්ථාව තිබේ.

    පසුගිය කාලයේදී මාස 15 ක් ඇතුළත එක ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවලා තියෙන වැටුප ඔහු ලබාගත් අන්තර්ජාතික ලකුණු වලින් බෙදලා බැලූවාම එක ලකුණකට රුපියල් 56,000 ක් බව සදහන් වෙයි , මෙතරම් ධනස්කන්දයක් තම වැටුපට එක්  කරගන්නා තම රට එනුවෙන් යුතුකම ඉටුකරනවාදැයි යන්න ගැටලුවකි

  • අළුත බැදපු පුබුදු – මාෂි මධුසමය ගත කරන්න රට ගිහිං කරපු දේවල් මෙන්න

    අළුත බැදපු පුබුදු – මාෂි මධුසමය ගත කරන්න රට ගිහිං කරපු දේවල් මෙන්න

    පසුගිය දිනක යුග දිවියට එළැඹුණ ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ සහ මාෂි සිරිවර්ධනගේ විවාහය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනෙක් තුළ පවතින්නේ ඉතා උණුසුම් කතා බහකි.

    ඒ ඔවුන් දෙදෙනා ම ජනප්‍රිය තරු යුවළක්වීම සහ කලා ලොවේ ජනප්‍රිය තරු පිරිවරා ගනිමින් විචිත්‍රවත් අයුරින් එම මංගල සාදය පැවැත් වූ නිසා ය.

    පුබුදු සිය අලංකාර බිරිඳ සමගින් මධුසමය ගත කිරීම සඳහා ගොස් තිබුණේ බැංකොක් වෙත ය.

    එහි දී ඔවුන් ලබාගත් ඡායාරූප පහතින්…..

    SHARE
  • රටම කැළඹූ පාතාලයේ තිදෙනෙක් ඉතාලියේදී මත්පැන් පාටි දාලා.. අැත්ත කතාව මෙන්න..

    රටම කැළඹූ පාතාලයේ තිදෙනෙක් ඉතාලියේදී මත්පැන් පාටි දාලා.. අැත්ත කතාව මෙන්න..

    ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධ රැසකට සම්බන්ධ  පාතාල නායකයන් තිදෙනකු වන මාකඳුරේ මධුෂ්, එස්.ටී.එෆ්. නදුන් සහ මාලිගාවත්තේ කුඩුලාල් යන තිදෙනා ඉතාලියේ මිලානෝ නුවර රහසිගත ස්ථානයක සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බව පාතාල මර්දන ඒකකය ප්‍රකාශ කර තිබෙනවා.
    ඔවුන් තිදෙනා එකතු වී ඔවුන්ගේ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ දැඩි සැලසුමක් සකස් කරමින් සිටින බවත් පසුගිය කාලයේ කොළඹ සහ දකුණේ සිදුවූ ඝාතනයන්ද මොවුන්ගේ සැලසුම්වල ප්‍රතිඵලයන් බවත් පවසන පාතාල මර්දන ඒකකය මෙම ප්‍රබල පාතාල සාමාජිකයන් තිදෙනා එකම ස්ථානයකට රැස්වීම මෙරටට දැඩි තර්ජනයක් විය හැකි බවද  සඳහන් කරනවා.එසේම පසුගියදා මෙම පාතාල නායකයන් තිදෙනා එකම ස්ථානයක රැස්වීමේ සතුට සමරමින් මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.
    මේ හේතුවෙන් මෙම පාතාල නායකයන් තිදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශවලද සහාය ලබා ගනිමින් අධ්‍යයනය කරමින් සිටින බවද පාතාල මර්ධන ඒකකය ප්‍රකාශ කරනවා.
    දකුණේ පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් මීට පෙර ඩුබායිහි සැඟවී සිටි අතර ඔහු දේශපාලන රැකවල් පතා ස්විට්සර්ලන්තයට පලා යෑම සඳහා ඉතාලියට පැමිණ ඇති බවටද පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
    මීට වසර කිහිපයකට ඉහතදී මාලිගාවත්තේ සිය පාතාල බලය පැතිරූ කුඩු ලාල් නමැත්තා මුලින් එංගලන්තයට පැනගොස් තිබුණා. ගම්පහ ප්‍රදේශයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ සගයකු වූ කුඩු ලාල් එංගලන්තයේදී එරට කාන්තාවක සමඟ විවාහ වී සිටින බවත් මීට සති කිහිපයකට පෙර ඔහුද ඉතාලියේ මිලානෝ නුවරට පැමිණ ඇති බවත් පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබෙනවා. එසේම මධුෂ් සහ කුඩු ලාල් යන දෙදෙනාටම  ඉතාලියේ මිලානෝ නුවර සැඟව සිටින එස්.ටී.එෆ්. නුවන්  ආරක්ෂාව ලබා දෙන බවද සඳහන්. 
    (under the courtesy of nethgossip.lk news web)
  • නිලි උදාරි වර්ණකුලසූරියව පැහැරගෙන ගිහිල්ලා… ඔබ නොදන්නා අැත්ත කතාව මෙන්න….

    නිලි උදාරි වර්ණකුලසූරියව පැහැරගෙන ගිහිල්ලා… ඔබ නොදන්නා අැත්ත කතාව මෙන්න….

    ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් අපූරු පුදුම කිරීමේ උපන්දින සැමරුමක් ටෙලිනාට්‍ය රූගතකිරීම් අතරතුර පවත්වා තිබුණා.

    ඇයට මෙතෙක් ලැබුණු උපන්දින සැමරුම් අතර අමතක කළ නොහැකි උපන්දින සැමරුම මෙය බව ඇය පසුව පවසා තිබෙනවා.

    එම වීඩියෝව පහතින්…

  • යුද්ධයට බයේ පලාගිය ගෝඨා හිරේ යන්න බයේ ගත්ත තහනම් නියෝගය තවත් ඇඳෙයි

    යුද්ධයට බයේ පලාගිය ගෝඨා හිරේ යන්න බයේ ගත්ත තහනම් නියෝගය තවත් ඇඳෙයි

    හමුදා සේවයේ සිටියදී යුද්ධයට බයේ එවක ඇමරිකාවට පලාගිය රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැලකෙන කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති රෙජීම පාලන කාලය තුල සිදුකළ දූෂණ-වංචා-ඝාතන නඩුවලට අදාළව සිරගත කරවීයැ’යි බියෙන් පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අද(26) යළිත් වරක් දීර්ඝ කරගැනීමට සමත්ව ඇත.

    පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(26) නියම කළේය.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    අනතුරුව පෙත්සම සලකා බැලීම හෙට(27) දින සිදුකරන බවත් තහනම් නියෝගය අනිද්දා දක්වා දිරි කරන බවද අධිකරණය සඳහන් කළේය.

    ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ ඉකුත් රජය සමයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 83 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොදු දේපල පනත යටතේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බවයි.

    අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් පොලිසිය මෙම සහතිකය ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවයි කියා සිටියේය.

  • අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා –  වැරදිලා ගෝඨාගේ කටින් පැනපු කතාව මෙන්න…

    අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා – වැරදිලා ගෝඨාගේ කටින් පැනපු කතාව මෙන්න…

    ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සදහා අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 1,140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂට එරෙහිව ගොණුකළ නඩුව අද (26) විභාගයට ගැණුනා. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට පවරා ඇති අදාළ නඩුව විභාගයට ගැනීම ලබන ජූලි මස 9 වනදා දක්වා කල් දැමීමටයි මෙහිදී තීරණය කෙරුණා.

    අපේ සුදු වෑන් “ක්‍රමවේදය” මේ ආණ්ඩුව නැති කලා – ගෝඨා

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර සිටින්නේ පසුගිය රාජපක්ෂ යුගයේදී තමන් අනුගමනය කල සුදු වෑන් “ක්‍රමවේදය” මේ වනවිට නොමැති බවත්, එම නිසා මේ වන විට මිනීමැරීම් ඉතා සුලභ ලෙස දක්නට ඇති බවයි.

    ගෝඨාභය රාජපක්ෂගේ නොදැනුවත්ව හෝ ප්‍රකාශ කල මෙම ප්‍රකාශය පරිදි රාජපක්ෂ යුගයේ මාධ්‍යවේදීන් ඇතුලු තමන්ට විරුද්ධ මත මර්දනය කිරීමට සුදු වෑන් සංස්කෘතිය මෙහෙය වූ බවට ගෝඨාභය විසින් පිළිගන්නා බවයි සිවිල් සංවිධාන නියෝජිතයෙක් සඳහන් කලේ.

    ඉන්දීය තානාපති කාර්යාලය පවා අප මුණගැසෙන්න බයයි – ගෝඨා

    මේ වනවිට ඉන්දීය තානාපති කාර්යාලය පවා තමන් මෙන්ම විපක්ෂය හමුවීමේ බියකින් පසුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඉන්දීය ප්‍රමුඛ පුවත් වෙබ් අඩවියක් වන The Indian Express වෙබ් අඩවිය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

    එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ,

    “ඉන්දියාවේ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු මෙන්ම ආරක්ෂක උපදේශකවරයෙකු වූ ශිවශංකර් මෙනොන්ගේ Choices — Inside the making of India’s foreign policyයන කෘතිය කියවා ඇතිනම්, එහි ඔහු ශ්‍රී ලංකාව ඉන්දියාවට තර්ජනයක් වන දෙයකට සිය දේශය තුළ ඉඩ නොතැබූ බව පවසා තිබෙනවා. අපගේ රජය කෙදිනකවත් ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට විරුද්ධව භාවිත කරන්නට ඉඩ දුන්නේ නැහැ. වර්තමානයේ චීනය සමග ලංකාවේ තිබෙන සබඳතා නිසා ඉන්දියාව ඇති කරගෙන තිබෙන බියෙන් ඔවුන් ඉවත් විය යුතුයි.” යනුවෙන් පැවසීය.

    එහිදී, ඔබ තවමත් ඉන්දියාව සමග සබඳතා පවත්වානවාද ලෙසින් ඇසූ පැණයට පිළිතුරු ලෙසින්, “නැහැ, ඔවුන් අපට කතා කරන්නේ නැහැ(සිනහාසෙමින්). එය තමයි අනිත් ප්‍රශ්නය. අපගේ පාලන කාලයේදී වෙනත් රාජ්‍යතාන්ත්‍රිකයන්ට මෙරට විපක්ෂය මුණගැසීමේ ප්‍රශ්නයක් තිබුනේ නැහැ. රාජ්‍යතාන්ත්‍රිකයන් පමණක් නොව වෙනත් අමුත්තන් පවා ඉන්දියාවේ සිට විපක්ෂයේ සාමජිකයින් හමුවුනා. නමුත් මේ වන විට ඉන්දීය තානාපති කාර්යාලය පවා අපව මුණගැසෙන්නට බියකින් පසුවෙනවා. මට ඒ ඇයි කියලා කියන්න තේරෙන්නෙ නැහැ. ශ්‍රී ලංකා රජය ඔවුන් අපව මුණගැසීම ගැන මේ තරම් වද වෙන්නෙ ඇයි කියලා මට හිතාගන්නට බැහැ.” යනුවෙන් සඳහන් කර ඇත.

     

  • බොරු AIDS භීතිකාවක් නිසා සමාජයෙන් සැගවී සිටි දැරියගේ අැත්ත කතාව කරලියට(PHOTOS)

    බොරු AIDS භීතිකාවක් නිසා සමාජයෙන් සැගවී සිටි දැරියගේ අැත්ත කතාව කරලියට(PHOTOS)

    ඒඩ්ස් භීතියක් හේතුවෙන් පාසල අහිමි වූ කුඩා දැරියක් ඊයේ (26) පෙරවරුවේ සිට පස්වරුව දක්වා ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

    මෙම දැරිය ගම්පහ ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර එහි බලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය මස 20 වැනි දින සිට පාසල් ගමන අහිමි වී ගිය අතර මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුවිය පළමු වසරේ සිට මේ දක්වා පන්තියේ පළමුවෙනියා වීමටද සමත් වී තිබුණි.

    පසුගිය වසරේද පෙබරවාරි මාසයේ මෙම දැරියට පාසල අහිමි වූ අතර එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත්ව දැරියට පාසල් යාමේ අවස්ථාව උදා කර දුන් අතර දැරියට නැවත කිසිදු හිරිහැරයක් සිදු නොවන තැනට වග බලා ගන්නා බව එහිදී විදුහල්පතිවරයා පොරොන්දු වී තිබුණත් යළිත් මෙම දැරියට එම පීඩාවන් සිදුව තිබේ.

  • අැත්තටම මන්ත්‍රි නාමල්ගේ පෙම්වතිය කවුද? ඔබ නොදත් තතු සියල්ල එලියට…

    අැත්තටම මන්ත්‍රි නාමල්ගේ පෙම්වතිය කවුද? ඔබ නොදත් තතු සියල්ල එලියට…

    මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැරීමත් සමග හැමෝම මේ ගැන කතාවෙන්න පටන් ගත්තේ මොවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් තිබෙන බවටයි..
    ඉතින් මේ සියල්ලටම පිළිතුරු දෙමින් මාධවී ඇන්තනී ඡායාරූප කිහිපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට යොදා තිබෙනවා.
    මේ එම ඡායාරූපයි.

  • පොලිසියට කාෙකා පෙන්නමින් කට්ටි පැනපු මහින්දගේ ඥාති උදයංග වීරතුංග අත්අඩංගුවට.

    පොලිසියට කාෙකා පෙන්නමින් කට්ටි පැනපු මහින්දගේ ඥාති උදයංග වීරතුංග අත්අඩංගුවට.

    රුසියාවේ හිටපු තානාපති සහ මෙරට විශාල මූල්‍ය වංචාවක් වූ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුවකු බව කියන උදයංග වීරතුංග ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (26) යළි අත්අඩංගුවට ගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචිමාර්ග සඳහන් කරයි.

    උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇවැස්ස මස්සිනා කෙනකු වේ.

    මීට පෙරද විශේෂ ගමන් බලපත්‍රය තහනමට ලක්වී තිබියදී ඩුබායි සිට ඇමරිකාව බලා යාමට සිටි ඔහු ඩුබායි ගුවන්තොටුපොළේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ වන විට උදයංග වීරතුංග වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම මත අධිකරණය මගින් ජාත්‍යන්තර පොලිසිය වෙත නිල් නිවේදනයක් පමණක් නිකුත් කර තිබිණි. ඒ අවස්ථාවේ උදයංග වීරතුංග මෙරටට ගෙන ඒම සඳහා පොලිස් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගියද ඒ වන විට ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වී තිබුණේ විදේශ ගමන් බලපත්‍රයේ තහනම නිස‍ා බැවින්  ඩුබායිහි ආරක්ෂක අංශ මගින් ඔහු මෙරටට බාරදී නොතිබුණි. අනතුරුව මෙරටට පැමිණි මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු උදයංග වීරතුංග වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරනු ලැබිණි.

    ඊ‍ට අමතරව උදයංග වීරතුංග මහා පරිමාණ මූල්‍ය වංචාකරුවකු ලෙස නම් කර ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයටද ඔහුගේ නම එකතු කරනු ලැබිණි.