Blog

  • වැරදිකරුවන් රැක්කොත් රජයට එරෙහිව නැගී සිටීමට සුදානම් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

    වැරදිකරුවන් රැක්කොත් රජයට එරෙහිව නැගී සිටීමට සුදානම් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

    වත්මන් පාලකයින් දූෂිත, මිනීමරු වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

    වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අසාර්ථ වී ඇති බවත්, එයට ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිව යුතු බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැඩිව අවධාරණය කර සිටී.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් ඇතැම් අය මහින්ද පාලනයක් නැවත ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඔවුන් පසුගිය වසර 3 පුරාම එය ඉටු කළ බවත් සඳහන් කළ ඇමතිවරයා නායකයන් ඒවා සම්බන්ධයෙන් තීරණ නොගන්නා බවත් පැවසීය.

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරය ලබාදෙන ලෙසට යහපාලනයට ලැදි අතිබහුතර ජනමතයක් ගොඩනැගී තිබුණද, වත්මන් ඩීල් දේශපාලනය හේතුවෙන් එය ඔහුට නොදී මඟ හැරි බව ප්‍රසිද්ධ රහසකි.

  • අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් අගමැතිවරයාව සැකයි…

    අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් අගමැතිවරයාව සැකයි…

    පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායකයන් මෙසේ අදහස් පල කලහ.

    නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා

    මේ සියවසේ නෙවෙයි ලංකා ඉතිහාසයේම වෙච්ච විශාලතම තක්කඩිකම නැත්නම් හොරකම බැදුම්කර වංචාව සිදුවුනේ අපි ජීවත්වෙන  මේ කාලයේදීයි.  එහි අර්ජුන් මහේන්ද්‍රන් නැමැති සාධකය මිනිසුන්ගේ අවධානයෙන් ඉවත්කරන්න රජය විසින් විවිධ උත්සාහයන් දරමින් සිටිනවා. අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමේදී දිගින් දිගටම විවිධ පාර්ශවයන් අගමැතිවරයාට චෝදනා ගෙන ආවා ඔහුව පත්කරන්නට එපා කියලා.

    නමුත් ඒ දිනවල නම් අගමැතිතුමන් ප්‍රසිද්ධියේ එතුමන් වෙනුවෙන් පෙනී සිටියා. මීට පෙර අවස්ථාවක අර්ජුන් මහේන්ද්‍රන් විදේශගත වීම පිළිබදව  පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්‍රශ්නකල අවස්ථාවේදී එතුමන් කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් තමාට හමුවූ අවස්ථාවේදී විදෙස්ගත වී එන බවට පැවැසූ බවයි. අර්ජුන් මහේන්ද්‍රන්  උදයංග වීරතුංග මෙන් පැන ගියේ නැති බවයි. එදා එසේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන කතා කල අගමැතිවරයා මෙදා අර්ජුන් මහේන්ද්‍රන් විදෙස්ගතවීමෙන් පසු පවසන්නේ මොනවාද?

    අපට මතකයි නුවර දිගන සිද්ධීන් අතරතුර ආණ්ඩුව අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය බලපවත්වන තැනට මේ රජය කටයුතු ක්‍රියාත්මක කලා.  අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට පිවිතුරු හෙළ උරුමය පලමු නඩුව ගේනවා. මොකද මේ වන විට අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වූ පුද්ගලයෙක්. මේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් අපට සැක අගමැතිවරයාවයි .

    ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා දැක්වු අදහස්.

    අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කරළියට ඇවිල්ලා තියෙන වෙලාවේ දැන් අලුතෙන්ම පටන් අරගෙන තියෙන මාතෘකාව තමයි අගමැතිතුමාට විශ්වාසය පල කිරීම. කිරි ඇල්ල ඇමතිවරයා කියන විදිහට පළමු විනාඩි 15 තුළ අගමැතිවරයාට විශ්වාසය පළ කරපු මන්ත්‍රී සංඛ්‍යාව 85ක් කියලා. එතැනින් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරුන්ගේ විශ්වාසය පල වේලා ද නැද්ද කියලා අද ප්‍රශ්නාර්තයක් බවට පත් වෙලා තියෙනවා. 85ට එහාට අගමැතිට විශ්වාසය පල කළේ නැද්ද?

    නමුත් පසුගිය වකවානුව තුල අගමැතිතුමා ගෙන ගිය වැඩ පිළිවෙළ අනුව නම් මේ රටේ ජනතාවට අගමැතිවරයාට විශ්වාසය පල කරන්නට හැකියාවක් නෑ කියන කාරණය අපි කියනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ 4වෙනිදා උදා වෙන්නේ අගමැතිවරයාගේ විශ්වාසය පල කිරීම කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා රකින්නේ ද? එක්සත් ජාතික පක්ෂය තම නායකයා රකින්නේ ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ආණ්ඩුව රකින්නේ ද? නොයසේ නම් මේ රටේ ජනතාවට කන් දෙනවා ද යන ප්‍රශ්නයයි අප්‍රේල් 04 වෙනිදා ට විසඳා ගත යුත්තේ.

    මෙබඳු සන්දර්භයක් තුල අපි පැහැදිලිව ම කියනවා  මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය 29%කට බස්සලා පල කරපු විශ්වාසභංගය, මේ රටේ ජනාධිපතිවරයා මෙතෙක් ආර්ථික කටයුතු පාලනය කරමින් සිටි      අගමැතිවරයාගේ ආර්ථික පාලනය සියතට ගෙන කරපු මෙහෙයුම තුල මේ රටේ ජනාධිපතිවරයාටත් මේ රටේ ජනතාවටත් එරෙහිව මේ රටේ පාර්ලිමේන්තුව ක්‍රියා කරයි ද කියන ප්‍රශ්නය අපි තුළ තියෙනවා.

    ඉතින් මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැන තව කුමන කතා ද? එතුමා තමයි පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කෙරුවේ සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා වල ඡන්දය මාර්තු මාසයේ 31 වෙනිදා ට පෙර තැබීමට එතුමන් බලාපොරොත්තු වන බව. එතුමා දින වකවානු දුන්නා. එතුමා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළා. මාර්තු මාසයේ 22වෙනිදා වන විට පළාත් සභා සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න න්‍යාය පුස්තකයට ඇතුලත්වෙලා තිබුණත් මාර්තු මාසයේ 22වෙනිදා ඒ න්‍යාය පුස්තකය අනුව කටයුතු කළේ නෑ. අද මේ රටේ පළාත් පාලන ඡන්දය දවසින් දවස කල් දමලා වසර තුනකට ආසන්න කාලයක් මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවහිර කරපු මේ ආණ්ඩුව දැන් පාළාත් සභා සීමා නිර්ණය කිරීම හරහා පළාත් සභා මැතිවරණය තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කරමින් ඉන්න බව අපි මේ අවස්ථාවේ අපි සිහිපත් කරන් ඕනේ.

    අද ආණ්ඩුවේ පාර්ශව කරුවෙක් වෙච්ච මනෝගනේෂන් ඒවගේම රවුෆ් හකීම්,වැනි සුලු ජාතික පක්ෂ කණ්ඩායම් කිහිපයක්ම ප්‍රකාශ කරනවා පළාත් පාලන ආයතන වල අත්හදා බලපු මෙ නියෝජන ක්‍රමය අසාර්ථක බව. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දාහතේ කල්පනා කරමින් ප්‍රශ්න වල ගැටෙමින් කොහොල්ල බබෙක් වගේ ප්‍රශ්න වල එතෙමින් ඉන්නවා මේ පිහිට වපු ජනතා සභාවක් ඉදිරියේ දී සංස්තාපණය කරන්නේ කෙසේද කියලා. අද දිනන පැත්ත නෙවෙයි පරදින පැත්ත පළාත් පාලන ආයතන වල ආණ්ඩු පිහිටනවා.  පළාත් පාලන මැතිවරණය පළාත් පාලන ක්‍රමය අද මේ විකෘතියක් බවට තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රමය ඉදිරියට ගෙනියන්න එපා කියන කාරණය ආණ්ඩුවේ පාර්ශවකරුවනුත් විරුද්ධ පක්ෂයත් කරුණු දැක්වීම් මේ වේලාවේ දී සිදුවෙනවා.

    ඒ නිසා අපි ගෙදර යන ගමන් ඉන්න අගමැතිතුමාට කියනවා ඔබතුමා ගෙදර යන්න බලාපෙරොත්තුවෙන් ඉන්න වෙලාවේ ඔබතුමා පළාත් සභා ඡන්දය මාර්තු 31 වෙනිදා තියනවා කියලා කිව්වා. ඒකවත් හරියට කරන්න උත්සහ කරන්න සත්භාවයෙන් යුතුව කියලා.

  • රනිල් එලවන්න රංගේ සමඟ එජාප මැති ඇමති වරු 27ක්

    රනිල් එලවන්න රංගේ සමඟ එජාප මැති ඇමති වරු 27ක්

    අපේ‍්‍රල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය ලබා දීමට හෝ ඡන්ද විමසීමට නොපැමිණීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා ආනමඩුව ආසනය සදහා තේරී පත් වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාව අමතමින් කියා සිටියේය.

    අගමැතිවරයාට සහාය පලකරමින් අත්සන් කරන ලද යෝජනාවට තමන් අත්සන් නොකල බවත් කිරීමටද අදහසක් නැති බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශකර සිටින අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන තමනට කිසිදු විශ්වාසයක් නැති බවත් මින් පෙර කිසි දිනෙක එක්සත් ජාතික පක්‍ෂ නායකයෙකු මෙතරම් අපකීර්තියට ලක් වී නැති බවද පෙන්වා දෙයි.

     

  • මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පරයි… දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන්න

    මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පරයි… දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන්න

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු එම දඬුවමින් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය යළි අද(27)  විභාගය ගැනීමට නියමිතය.
    අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන , නලින් පෙරේරා සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් ඊයේද(26) විභාගයට ගන්නා ලදි.
    මෙහිදී  විත්තිකාර දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පර බැවින් මෙය සාධාරණ නඩු තීන්දුවක් නොවන බව කියා සිටි අතර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව මත මරණීය දණ්ඩනයක් පැනවීම නීතියට පටහැනි බවත් එම දඩුවම් අහෝසි කර විත්තිකරු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන මෙන්ද ඉල්ලා ඇත.

  • කොටිකාවත්ත මුල්ලේරියාවේ බල අරගලය විසදෙයි.. සුබ පතන්න සෝලංගඅාරච්චිත් එක්වෙයි..

    කොටිකාවත්ත මුල්ලේරියාවේ බල අරගලය විසදෙයි.. සුබ පතන්න සෝලංගඅාරච්චිත් එක්වෙයි..

    සමස්ත ශ්‍රි ලංකාවේම අවධානය දිනාගත් ප්‍රාදේශිය සභාවක් වන කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස හිටපු මන්ත්‍රිවරයෙක් වන පොහොට්ටු පක්ෂයේ රංගජිව ජයසිංහ මයා එ්කමතික ඡන්දයෙන් තේරි පත්වී අැති අතර උප සභාපතිවරයා වශයෙන් හිටපු මන්ත්‍රිවරයෙක් වන ඉදුනිල් ජගත් කුමාර පත්වී අැත…

    කෙසේ වෙතත් විශේෂ අාරාධිතයෙකු ලෙසින් අභිනව සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට සුභ පැතීම සදහා පාට පක්ෂ පසෙකලා කොලොන්නාව ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගඅාරච්චි මැතිතුමාද එම අවස්ථාවට සහභාගී වි අැත…

  • “වසර ගණනාවක් බැලමෙහෙවර කල සුරතලාට කාලකණ්නි අමනුෂ්‍යයෙක් දීපු දඩුවම මෙන්න..

    “වසර ගණනාවක් බැලමෙහෙවර කල සුරතලාට කාලකණ්නි අමනුෂ්‍යයෙක් දීපු දඩුවම මෙන්න..

    මුහුණුපොතේ දකින්න ලැබෙන සමහර ඡායාරූප හදවත මොහොතකට නතර කරනවා.
    ඒ තරමටම ඒ ඡායාරූප හිතට දැනෙනවා.
    මේ ඒ විදිහේ ඡායාරූපයකට ලියැවුණු අපූරු සටහනක්…

    පුංචි සන්දියේ සෙල්ලම් කරපු හැටී
    මතකයි ඔබ සමග දුව පැන හිටිය හැටී
    ඉල්ලුවේ ආදරය පමණයි ළඟ දැවටී
    අද මං දැක්කේ ඔබගේ රළු හිතේ හැටී

    මිනිසුන් නපුරු බව මං ඇසුවත් පෙරදා
    නැහැ මං හිතුවේ ඔබ ඒ වාගෙයි කිසිදා
    කිව්වා නම් යන්න කියලා ඔබ හැරදා
    නැහැ මේ දුක විඳින්නේ නම් මා කිසිදා

    මේසා දඬුවමක් දුන්නේ ඇයිද මට
    දැනුනේ නැත්ද කිසිම දුකක් ඔය හිතට
    ඔබගේ බත් පිඩක් කෑ ඒ වරදකට
    ඇයි මා ඇදන් ගියේ මේ ලෙස මරැ කටට

  • ලංකාවේ වැඩිම මුදලක් අය කරන කොල්ලෝ ෆෝම් කරන  Hotම Hot නිළියන් 5 දෙනා මෙන්න…

    ලංකාවේ වැඩිම මුදලක් අය කරන කොල්ලෝ ෆෝම් කරන Hotම Hot නිළියන් 5 දෙනා මෙන්න…

    ලංකාවේ මියුසික් විඩියෝ වල රංගනය යෙදෙන නිලියන් හට කොච්චර ගෙවීම් කරනවද කියලා හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ලංකාවේ වැඩිම මුදලක් මියුසික් වීඩියෝ එක්කට අය කරන නිලියන් 5 දෙනා අතර පළමු වැනියා ඕශාදී හිමාෂා වේ.

    ඕශාදී හිමාෂා.

    මියුසික් වීඩියෝ කලාවට නැතුවම බැරි චරිතයක් බවට ඇය දැනටමත් පත් වී හමාරය..ආශාවරි යන අනුවර්ත නාමයෙන් හදුන්වන ඇය මේ නිහඩ බවයේ ,දුකක් දැනෙන්න එපා වැනි ජනප්‍රිය ගීත වලට රංගනයෙන් දායක වී ඇත..ඇය රූප රචනයකට රංගනයෙන් දායක වීම සදහා රු.200000-250000ක මුදලයක් ලබා ගනී..

    ටීනා ශෙනල්.

    නිරූපිකාවක් ලෙසින් සිට මියුසික් වීඩියෝ කලාවට පැමිණි ඇය දැනටමත් ලංකීය තරුනයන්ගේ සිත් වසගයට ගෙන ඇත..ඊට හේතුව ඇය රඟපනා ගොඩාක් රූප රචනා වැඩිහිටියන්ට පමණක් වීමයි..කෙසේ වෙතත් එක් රූප රචනාවක් සඳහා ඇය රු.175000-190000ක මුදලක් ගනු ලබයි

    පියුමි හංසමාලි.

    වැඩිම මුදලක් ගනු ලබන නිළියන් අතර තෙවෙන ස්ථානය පියුමිට හිමිය..ඉරාජ් නිර්මාණය කල දැනුනා ගීතයට රංගනයෙන් දායක වූ ඇය වික්ටර් රත්නායක මහතාගේ දෙවෙනි බිරිදගේ චරිතය මවා පෑවේය..අදටත් ඒ මියුසික් වීඩියෝ වට විවේශන වැඩිය..ඇය රූප රචනාවක් සදහා රු.160000-180000ක මුදලක් අය කරයි. ඒ වගේම දැන⁣ට වැඩිම සංඛ්‍යාවක් instragrm හරහා ෆලෝව් කරන පුද්ගලලයන්ගෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය ඇයයි.

    පියුමි ශීනායක

    මෑත ඉතිහාසයේ නැගී ආ නිලියක් ලෙස නම් කරන්න පුලුවන්..චමු ශී නිර්මාණය කරපු ප්‍රේම සටන රූප රචනාවෙන් ජනප්‍රියත්වයට පත් වූ ඈ රූප රචනයකට දායක වීමට රු.140000-175000 ක මුදලක් ලබා ගනී..විශේෂත්වය වන්නේ ඇය රංගනයෙන් දායක වන්නේ ඔහුගේම සැමියා සමගය.

    අමන්දා සිල්වා.

    අන්දෝලනාත්මක වීඩියෝ රැසක්ම නිෂ්පාදනය කරපු ඉරාජ්ගේ වස්සානයේ හීනයේ රංගනයෙන් දායක වු ඇය රු.140000 – 160000 පමණ මුදලක් ගනු ලබයි..වස්සානයේ හීනයේ රූප රචනාවෙන් ජනප්‍රියත්වයට පත් වීමට ඇයට හැකි විය..එම රූප රචනාව you tube සමජ ජාලය හරහා විශාල වශයෙන් පැතිර ගියේය.

  • සර්පයෙකු බේරාගන්න ගිහින් පිටුපසින් පැමිණි යතුරුපැදිකරු, කාරයේ වහලය උඩින් බැස්ස හැටි..!

    සර්පයෙකු බේරාගන්න ගිහින් පිටුපසින් පැමිණි යතුරුපැදිකරු, කාරයේ වහලය උඩින් බැස්ස හැටි..!

    මාර්ගය හරහා යමින් සිටි සර්පයෙකු බේරාගැනීම සඳහා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පසුපසින් පැමිණෙන යතුරු පැදියක් මෝටර් රථයේ පිටුපස ගැටී යතුරුපැදිකරු මෝටර් රථයේ වහල උඩට විසික් වීමෙන් සිදුරු අනතුරක් මෝටර් රථයේ සවිකර තිබු Dashcamහි වීඩියෝගත වී තිබුනේ මෙලෙසිනි.

     

  • රාජපක්ෂ තුරුලේ සිටින මිනීමරු ධනසිරිගේ පැටිකිරිය එලියට – පොලිසිය ඔබ තවමත් නිදිද?

    රාජපක්ෂ තුරුලේ සිටින මිනීමරු ධනසිරිගේ පැටිකිරිය එලියට – පොලිසිය ඔබ තවමත් නිදිද?

    දෙහිවල, ගල්කිස්ස මහ නගර සභා බලප්‍රදේශයේ විවිධ ව්‍යාපෘති සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා එම මහ නගර සභාවේ නගරාධිපති සිටි ධනසිරි අමරතුංග මහතා විසින් විවිධ අවස්ථාවල අල්ලස් ලබාගෙන ඇති බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

    ගල්කිස්ස හෙජාස් ජාත්‍යන්තර පාසලේ ගුරුවරු පිරිසක් විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අංක ACC/BC/2015/161 යටතේ ගොනුකර ඇති මෙම පැමිණිල්ලට අනුව නගරාධිපතිවරයා විසින් එම පාසලේ පාලන අධිකාරයෙන් වරින් වර අල්ලස් ලබාගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

    දෙහිවල සරණංකර පාරේ ඉදිකරන ලද හෙජාස් ජාත්‍යන්තර පාසලේ නව සිව් මහල් ගොඩනැගිල්ලක සැලසුම අනුමත කරදීමේදී මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂගේ රුව ප්‍රදර්ශනය කිරීම සඳහා දැන්වීම් පුවරු සැකසීම වෙනුවෙන් පිලිවෙලින් රුපියල් ලක්ෂ පහක (රු. 500,000) සහ රුපියල් ලක්ෂ දහයක (රු. 1,000,000) මුදලක් එම පාසලේ විදුහල්පතිගෙන් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

    මෙම ගනුදෙනු, පාසලේ අධ්‍යක්ෂවරු දෙදෙනාගේ හා විදුහල්පතිනියගේ බැංකු ගිනුම් පරීක්ෂා කිරීමෙන් අණාවරණය කර ගත හැකි බවද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිස වෙත ලබාදී ඇති ලිපිගොනුවේ තවදුරටත් වාර්ථා වේ.

    නගරාධිපතිවරයා විසින් බල ප්‍රදේශයේ පුද්ගලයන්ගේ කටයුතු කර දිම වෙනුවෙන් අල්ලස් ලබා ගනිමින් සහ දේශපාලන කටයුතු කිරීම සඳහා තනතුර භාවිතා කර මුදල් ලබා ගනිමින් සභාපති තනතුරේ ගෞරවයට හානි වන අයුරින් කටයුතු කර ඇති බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම වෙත යොමුකර ඇති ලිපි ගොනුවේ නිරීක්ෂණවල ඒ බව සඳහන් වේ.

    මේ අතර 2004 වර්ෂයේ දෙහිවල මස්කඩ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් නගරසභා භූමිය තුලදීම පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා සෘජුවම සම්බන්ධ යැයි හෙළිදරව් වුයේ බොහෝ කලකට පෙරයි.

    එමෙන්ම 2004, 2005 සහ 2006 වසර වලදී දෙහිවල ගල්කිස්ස ආශ්‍රිත ප්‍රදේශවල සිදුවූ දේශපාලන ඝාතන කිහිපයකටම ධනසිරි අමරතුංග සම්බන්ධ බව වැඩිදුරටත් අනාවරණය වී ඇත. එකල දී මේ පිළිබඳව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත නමුත් එම පරීක්ෂණ සියල්ල තම මුදල් බලය මත යට ගසා ගැනීමට ධනසිරි සමත්ව ඇත්තේ තමන් සතු දේශපාලන හිතවත්කම්ද ප්‍රයෝජනයට ගෙන බව සියලුදෙනා දන්නා රහසක්…

    ධනසිරි අමරතුංගට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණවලදී, රහස් පොලිසියට අනාවරණය වී ඇත්තේ, මිනී මැරුම්වලට අමතරව ඔහු විසින් අයථා ආකාරයට විශාල ධනයක් උපයා ඇති අතර එම ධනය යොදවා, දෙහිවල කඩවත පාරේ සුඛෝපභෝගී මැදුරක්ද, හැටන් මස්කෙලියේ විශාල වතුයායක හෝටලයක්ද, ඉදිකර ඇති ආකාරයයි.

  • තෙල්දෙණියේ සිංහලයාගේ මරණය සැකයි; CID පරීක්ෂණ; මහසෝනා බලන්න ඥාණසාර හිමි යයි..

    තෙල්දෙණියේ සිංහලයාගේ මරණය සැකයි; CID පරීක්ෂණ; මහසෝනා බලන්න ඥාණසාර හිමි යයි..

    (ලංකා ඊ නිව්ස් -2018.මාර්තු.26, පෙ.ව.5.45) මහනුවර ඇවිලී ගිය ජාතිවාදී ගැටුම් වලට මුල් වූ තෙල්දෙණියේ දී මුස්ලිම් තරුණයන් තිදෙනෙකුගේ ප්‍රහාරයෙන් මිය ගියා යයි කියන තෙල්දෙණියේ කුමාරසිංහ තරුණයාගේ මරණය සැක සහිත යැයි රහස් පොලිසිය විසින් ඒ පිලිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    මුස්ලිම් බීමත් ත්‍රීවීල් තරුණයන් සහ කුමාරසිංහ අතර ගෝරියෙන් පසු කුමාරසිංහ රෝහල් ගත වී ඇත්තේ ඔහු විසින්ම පොලිසියට පැමිණ ඒ පිළිබඳ පැමිණිල්ලක්ද දැමීමෙන් අනතුරුවය. ඒ පෙබරවාරි 22 දා ය. ඒ අවස්ථාවේ දී ඔහුට මාරාන්තික ප්‍රහාරයක් සිදුව නොතිබි බව පොලිසිය කියයි. තෙල්දෙණිය රෝහලට ඇතුලත් වන ඔහු ඉන් දින කිහිපයකට පසු හදිසියේම රෝගී තත්ත්වය උත්සන්න වී යැයි පවසමින් මහනුවර රෝහලට මාරු කරන අතර ඔහු මිය යන්නේ මාර්තු 3 වෙනිදා මහනුවර රෝහලේ දී ය. තෙල්දෙණිය රෝහලේ දී ඔහු හොඳින් නිවසින් ගෙනා කෑම පවා අනුභව කළ බව දෙමාපියෝ පවසති.

    මෙම මරණය පිලිබඳව රහස් පොලිසියට සැක කටයුතු කාරණා රාශියක් හෙළි වී ඇති නමුත් මේ අවස්ථාවේ දී ඒවා හෙළි කිරීම පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බැවින් පසුවට කල් දමමු.

    මෙම තරුණයා අමු ජාතිවාදී භික්ෂුවක් වන මඩකලපුවේ මංගරාමයේ සුමනරතනගේ ඥාතියෙකු බව මේ වන විට හෙළි වී තිබේ. මරණයත් සමග මඩකලපුවේ සිට තෙල්දෙණියට පැමිණි සුමනරතන ජනතාව ප්‍රකෝප කළ බවට සාක්ෂි තිබේ.

    කුමාරසිංහ මිය යෑමත් සමග ඔහුට පහර දුන් සීසීටීවී දර්ශන සහිත වීඩියෝ ප්‍රදර්ශනය කරමින් ප්‍රථමයෙන්ම ජනතාව කුලප්පු කර ඇත්තේ දෙරණ සහ හිරු රූපවාහිනී නාලිකා වේ.

    අත් අඩංගුවට පත්ව ඇති මහනුවර ප්‍රහාර සැලසුම් කළ පුද්ගලයන්ගෙන් මේ වන විට කරගෙන යන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් ගිරවුන් මෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් කර ඇත. ඒ අනුව කුමාරසිංහගේ මරණය 3 වෙනිදා සිදුවීමට පෙර ඔහු රෝහලේ සිටියදීම මුසල්මානුවන් ඉලක්ක කළ ප්‍රහාර සැලසුම් කර ඇති බව හෙළි වී තිබේ.

    මෙම ප්‍රහාර සැලසුම් කළ වුන් අතර ලොහාන් රත්වත්ත සහ දිලුම් අමුණුගම ගේ නම් මේ වන විට හෙළිදරව් වී ඇත. 


    මේ අතර දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්ඩායමේ සුවදුක් විමසීමට ඊයේ (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තිබිණ. ජනාධිපති සිරිසේන සමග ජපානයට ගිය ඥානසාර යලි ලංකාවට පැමිණ සිටී.

     

  • අවිනීතව හැසිරුණු බංගලියන්ට දිල්ශාන් හිටියනම් කරන දේ අමු කුණුහරුපෙන්ම මෙන්න…

    අවිනීතව හැසිරුණු බංගලියන්ට දිල්ශාන් හිටියනම් කරන දේ අමු කුණුහරුපෙන්ම මෙන්න…

    ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායම් දෙක අතර කලකට ඉහතදී තිබුණේ දැඩි මිත්‍රත්වයකි. දෙරටේ ප්‍රේක්‍ෂකයෝ අතරද එලෙසය. බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයෝ තම මව් රටෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායමට සහාය පළ කළහ. සමහරු බංගලි ක්‍රීඩකයන්ගේ දක්‌ෂතා ඉතා ඉහළින් වර්ණනා කළහ. එකල එම ජාතික කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූයේ චන්දික හතුරුසිංහය. ඔහු වසර කිහිපයක්‌ ඇතුළත බංගලි ක්‍රිකට්‌ කණ්‌ඩායම සිටි තැනින් පියවර කිහිපයක්‌ ඉදිරියට ගෙනාවේය.

    චන්දික හතුරුසිංහ එරට ක්‍රිකට්‌ පුහුණුකරු තනතුරෙන් ඉවත් වී මෙරට ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමත් සමඟ සියල්ල කණපිට හැරුණි. බංගලි ක්‍රීඩකයෝ සහ ප්‍රේක්‍ෂකයෝ බහුතරයක්‌ අප සමඟ නිස්‌කාරණයේ අමනාප වූහ. ඔවුන්ගේ ප්‍රධාතනම හතුරා බවට පත්වූයේ චන්දික හතුරුසිංහයි. එහෙත් හතුරුසිංහ එම ක්‍රිකට්‌ කණ්‌ඩායමට කිසි දිනක හතුරුකමක්‌ කර නොමැත. සිදු කළේ සේවයක්‌ පමණි.

    සිතින් හතුරුවී සිටි බංගලි ක්‍රීඩකයෝ එළිපිටම තම හතුරුකම් පෙන්නන්නට පටන් ගත්තේ පසුගිය ජනවාරි මාසයේ සිටය. මෙරට ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම ජනවාරි මාසයේදී බංග්ලාදේශය බලා පිටත්වූයේ ටෙස්‌ට්‌ සහ තුන්කොන් එක්‌දින තරගාවලියක්‌ සඳහා සහභාගි වීම සඳහාය. එහිදී බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකයා වියරුවෙන් මෙන් මාධ්‍යවලට පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට අමතක නොවන පාඩමක්‌ උගන්වන බවය.

    තත්ත්වය එලෙස තිබියදී දෙරට අතර පැවති ටෙස්‌ට්‌ තරගයකදී පන්දුවට පහර දෙමින් සිටි ලක්‌ශාන් සදකැන් එල්ල කළ පහරක්‌ ඔහු ආසන්නයේම පන්දු රකිමින් සිටි ක්‍රීඩකයාගේ පාදයේ වැදුණි. අත්වැරදීමකින් සිදුවූ එම සිදුවීමට ලක්‌ශාන් සදකැන් තම මහත්මා ගතිය පෙන්වමින් ඔහුට සමාවන්න යෑයි පවසා පිටට තට්‌ටුවක්‌ද දමා තව මොනවාදෝ පැවසීමට සැරසුණේය. ඒ සමඟම කඩුලු රකිමින් සිටි මුෂ්පිකර් රහීම් පැමිණ ලක්‌ශාන් සදකැන් පසෙකට තල්ලු කරමින් ඔහුට මොනවාදෝ පැවසුවේ ලෝකයටම තමන්ගේ ගුණමකුකම පෙන්වමින්ය.

    එදින සිටි විස්‌තර විචාරකයෝ පවා එම සිදුවීම දැඩි ලෙස විවේචනය කළහ. ඒ අතර තවත් අවස්‌ථා ගණනකදීම සමහර බංගලි ක්‍රීඩකයෝ මෙරට ක්‍රීඩකයන්ට විවිධ කෙණෙහිලිකම් කළහ. එහෙත් මෙරට ක්‍රීඩකයෝ තඹ සතේකටවත් ඒවා මායිම් නොකර සිනාමුසු මුහුණින් යුතුව ක්‍රීඩා කළහ.

    ටෙස්‌ට්‌ තරගාවලිය අවසන් වී පටන්ගත් එක්‌දින තරගයකදී අපූරු සිදුවීමක්‌ සිදුවිය. පන්දුවට පහර දෙමින් සිටියේ ධනුෂ්ක ගුණතිලකයි. පිටිය සිසාරා හතරේ සීමාවෙන් එපිටට පහරවල් කිහිපයක්‌ එල්ල කළ ඔහු බංගලි ක්‍රීඩකයන්හට දැඩි පීඩනයක්‌ එල්ල කරමින් සිටියේය. ඒ සමඟම නොසිතූ අවස්‌ථාවක උඩ පන්දුවක්‌ දී ඔහු දැවී ගියේය. බංගලි ක්‍රීඩකයෝ සහ ප්‍රේක්‍ෂකයෝ ඉතා ඉහළින් එම අවස්‌ථාව සැමරූහ. ඒ අතර නස්‌මුල් ඉස්‌ලාම් අත්දෙක ඉහළට ඔසවා අමුතුම ආකාරයේ නයි නැටුමක්‌ ඉදිරිපත් කළේ සමාජ අවධානයද ඒ දෙස යොමුකර ගනිමින්ය.

    එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ ධනුෂ්ක ගුණතිලකද නස්‌මුල් ඉස්‌ලාම්ට නොදෙවැනි නයි නැටුමක්‌ ඉදිරිපත් කළේය. එලෙස පටන් ගත් නයි නැටුම බංගලි ක්‍රීඩකයෝ අවස්‌ථා කිහිපයකදීම අපට පෙන්නූහ. සමහරු පවසන්නේ එලෙස ඔවුන් නයි නැටුම පෙන්වන්නේ චන්දික හතුරුසිංහ මුල් කරගෙන බවයි. ඒ සමඟම බංගලි ක්‍රීඩකයෝ එන්න එන්නම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට එදිරිවාදිකම් දැක්‌වූහ. ඔවුහු අප සමඟ තරග කළේ පුදුම වෛරයකිනි.

    මෙරට පැවැති නිදහස්‌ කුසලාන තරගාවලියේ දී ඔවුහු ඒ බව තවත් ඔප්පු කර පෙන්වූහ. එහිදී දෙරට අතර පැවැති පළමු තරගයේ දී බංගලි ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළහ. එහෙත් ඔවුන් ඒ ජයග්‍රහණය සැමරුවේ මහත්මා ගතියකින් තොරව ඉතාමත් වියරු ආකාරයෙන්ය. මුෂ්පිකර් රහීම් යළිත් නයි නැටුමක්‌ පෙන්වමින් පිටිය මැද හැසිරුණේ සිහිය විකල් වූ පුද්ගලයකු මෙන්ය.

    පසුගිය 16 වැනිදා නිදහස්‌ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයක්‌ පැවතිණි. අවසන් මහ තරගයට සුදුසුකම් ලබන්නේ එම තරගයෙන් ජය ගන්නා කණ්‌ඩායමයි. එම නිසා කණ්‌ඩායම් දෙකටම එය වැදගත් තරගයක්‌ විය. මෙම තරගාවලිය සඳහා සහභාගි නොවූ බංගලි කණ්‌ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන්ද මෙම තරගය සඳහා විශේෂයෙන්ම කැඳවා තිබිණි.

    ෂකිබ් අල් හසන් දක්‍ෂ ක්‍රීඩකයකු වුවත් විනය අතින් ඉතා පහත් තත්ත්වයේ සිටින අයෙකි. වරක්‌ ඔහු තරගයක පරාජය ඉවසා ගැනීමට නොහැකිව තමන් හැඳ සිටි කලිසම කැමරාව ඉදිරිපිට ගලවා තම අවයව ලෝකයටම පෙන්වූ ගෝත්‍රික ගණයේ අයෙකි. එමෙන්ම රූප රාජිනියක්‌ දූෂණය කළ වේග පන්දු යවන්නෙක්‌ද එම කණ්‌ඩායමේ සිටී.

    එවැනි ගෝත්‍රික ගණයේ ක්‍රීඩකයන්ගෙන්ද සමන්විත බලඇණියක්‌ සමඟ ඔවුහු එම තරගයට සහභාගි වූහ. එහෙත් තරගයේ අවසන් පන්දු ඕවරයේ දී යළිත් ෂකිබ් අල් හසන් සහ තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ තම රට ගැනවත් නොසිතා ගෝත්‍රිකයන් මෙන් හැසිරුණහ.

    විනිසුරු තීරණයට අවනත නොවෙමින් ෂකීබ් අල් හසන් ඇතුළු කිහිප දෙනෙක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවට උචිත නොවන අයුරින් හැසිරුණහ. ඔවුන්ගේ එම නොහොබිනා හැසිරීම් නිසා තරගය මඳ වේලාවකට නතර කිරීමටද සිදුවිය. අවසානයේ ඉහළ නිලධාරීහු කිහිප දෙනෙක්‌ගේ මැදිහත්වීමෙන් පසු තරගය යළි ආරම්භ කළහ. එහිදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගය ජයග්‍රහණය කළහ.

    ගෝත්‍රිකයන්ටත් අන්ත වූ සමහර බංගලිදේශ ක්‍රීඩකයන් එම ජයග්‍රහණය සැමරුවේ ඔවුන්ගේ විවේකාගාරයේ තිබූ වීදුරු ආදිය කුඩු කරමින්ය. එතැනත් මුල්තැන ගෙන කටයුතු කර තිබුණේ ෂකීබ් අල් හසන්ය. විවේකාගාරයේ සියලුම වීදුරු කුඩු පට්‌ටම් කරමින් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පමණක්‌ නොව තම මව් රටේ නමද ඔවුහු කෙළෙසා ගත්හ.

    එම සිදු වීමෙන් පසු බොහෝ ක්‍රිකට්‌ විචාරකයන් පැවසුවේ ශකීබ් අල් හසන් ඇතුළු විනය විරෝධී ලෙස හැසිරුණ සියලු ක්‍රීඩකයන්ට දැඩි දඬුවම් අයි.සී.සී. ය විසින් ලබාදිය යුතු බවයි.

    මේ අතර එම සිද්ධිය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙක්‌ මෙන්ම නායකයෙක්‌ව සිටි තිලකරත්න දිල්ශාන් පවසා සිටින්නේ ද මහත්වරුන්ගේ ක‍්‍රීඩාවට බංගලාදේශයේ හැසිරීම යෝග්‍ය නොවන බවයි

    එදා ග්‍රවුන්ඩ් එකේ හිටියාද?
    නෑ.

    එතකොට මේ සිද්ධිය දැක්‌කේ?
    මං ටී.වී. එකෙන් තමයි මේ සිද්ධිය දැක්‌කේ.

    මේ සිද්ධිය ප්‍රවීණ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ විදිහට ඔබ දකින්නේ කොහොමද?
    ක්‍රිකට්‌ හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා. ඉතින් එදා වෙච්ච සිද්ධිය ක්‍රිකට්‌ වලට එතරම් හොඳ නෑ කියලයි මට හිතෙන්නේ.

    ඒ ප්‍රශ්නය ඇතිවෙන්න යම් දෝෂයක්‌ සිදුවුණාද?
    කණ්‌ඩායම් දෙකම ඒ වෙලාවේ හිටියේ ජයග්‍රහණය කිරීමේ අපේක්‌ෂාවෙන්. මං දැක්‌ක විදිහට නම් එතැනදි මිස්‌ටේක්‌ එකක්‌ වුණා.

    බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම?
    තරගයකදී ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. තරගයෙන් පස්‌සේ ඒ දේවල් තියාගන්න හොඳ නෑ. එතනින් පස්‌සේ වැඩේ ඉවරයි. ඒත් බංග්ලාදේශ ක්‍රීඩකයින් ඩ්‍රේසිං රූම් එකට හානි කරලා තිබුණ ඒවානම් අනුමත කරන්න බැහැ.

    බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ලැබුණු දඬුවම ප්‍රමාණවත් කියලා හිතනවද?
    තරග තීරක තමයි ඒ සඳහා මොකක්‌ද කරන්නේ කියලා තීරණය කරන්නේ. නමුත් මගේ පෞද්ගලික මතය නම් මීට වඩා දඬුවම වැඩි වෙන්න තිබුණා කියන එකයි.

    ඔබ මේ වගේ අවස්‌ථාවක හිටියනම්?
    මම හිටියනම් මටත් කේන්ති යයි. ඒත් එවලෙට විතරයි. අපිටත් එහෙම දේවල් වෙලා තියෙනවා. මැච් එකෙන් පස්‌සේ අපි ආයිත් කතා කරලා ඒක අමතක කරනවා. මොකද අපි ආයෙත් කවදා හරි ඔවුන් එක්‌ක ක්‍රීඩා කරන්න ඕනේ. තරහ දිගටම අරන් යන්න හොඳ නෑ.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය?
    අපේ ප්ලේයර්ස්‌ලා හොඳට හිටියා. විරුද්ධ ක්‍රීඩකයින් හැසිරුණ ආකාරයට තමයි අපේ ප්ලේයර්ස්‌ලා දෙන්නෙක්‌ වගේ හැසිරුණේ.

    මේ ඇතිවෙච්ච ප්‍රශ්නයෙන් ඔබ හිතන විදිහට මොකක්‌ද ගතයුතු දේ?
    මේක පාඩමක්‌ කරගෙන ඉදිරියට යන්න ඕනේ.

  • මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලට අාපු ලංකාවේ Hotම Hot තරු හැඩවුණු හැටි මෙන්න..

    මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලට අාපු ලංකාවේ Hotම Hot තරු හැඩවුණු හැටි මෙන්න..

    2017 රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

    විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙවර සම්මාන රාත්‍රීයේදීත් දක්ෂයන් අතරින් අති දක්ෂයන් විශාල ප්‍රමාණයක් ඇගයීමට පාත්‍රවුණා.

    ඒ අතර මෙවර රයිගම් සම්මාන උළෙලට කලා ලොවේ සුපිරි තරු හැඩවෙලා තිබුණේ මෙන්න මේ විදිහට..

                                   

     

    SHARE
  • “අම්මෝ මේකෙ බර” – පිට පිටම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ දෙව්මි වේදිකාවේ දී කියපු කතාව…

    “අම්මෝ මේකෙ බර” – පිට පිටම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ දෙව්මි වේදිකාවේ දී කියපු කතාව…

    2017 මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ නයනතාරා වික්‍රමාරචිචි විසිනි.

    ඇය පසුගිය 2016 රයිගම් සමාන උළෙලේදීද වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය රංගන ශීල්පිණිය ලෙස සම්මානයට පාත්‍රවිය.

    ඒ හැරුණු පසු තවත් සමිමාන උළෙලවල් දිව්ත්වයකදීම ඇය පිටපිටම ජනප්‍රිය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

    මෙවර ඇය ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ සිව්වැනි වතාවයි.

    ඉතිං ජනතාවගේ මනාපයෙන් කිරුළු පැළඳී ඇය සිය සමිමානය ද අතැතිව අදහස් පළ කර තිබුණේ මෙන්න මේ විදිහට..

    වීඩියෝව පහතින්..

  • කුපාම මහින්දගේ නිවස පිහිටි තංගල්ල නගර සභාවේ බලය එජාපයට..

    කුපාම මහින්දගේ නිවස පිහිටි තංගල්ල නගර සභාවේ බලය එජාපයට..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවස පිහිටි තංගල්ල නගර සභාවේ බලය එජා‍පයට හිමි ව තිබේ.

    ඒ අනූව නව නගරාධිපතිවරයා ලෙස රවිදු වෙදආරච්චි පත් වී ඇති බව වාර්තා වේ.

    ඒ සඳහා අද (26) පැවැති ඡන්දයෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂක විමල් හේවාදුනුවිල  ඡන්ද 7ක්ද එක්සත් ජාතික පක්ෂයේ රවිඳු වෙදආරච්චි  ජන්ද 7ක් ද ලබා ගෙන තිබේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවන්රු දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී තිබේ.

    මුල් අවස්ථාවේ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සම වීමෙන් කුසපත් ඇදීමෙන් රවිඳු වෙදආරච්චි  සභාපති ධූරයට පත්වන ඇත.

  • පොදුජන පෙරමුණ දිනූ අරණායක ප්‍රාදේශිය සභාවේ බලය එජාපයට…

    පොදුජන පෙරමුණ දිනූ අරණායක ප්‍රාදේශිය සභාවේ බලය එජාපයට…

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් අරණායක ප්‍රාදේශීය සභාවේ බලය අද (26) පැවති ජන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ.

    ජන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට ජන්ද 16ක් හිමි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත්තේ ජන්ද 14කි.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නම යෝජනා කළ නිහාල් සෙනවිරත්න සභාපතිවරයා ලෙස තේරීපත්ව තිබෙනවා.

  • මෙගා ස්ටාර් 2 කෙල්ල නටන්නේ අමු හෙළුවෙන්.. ඔබ නොදුටු දසුන ස්කෑන් කලාවගේ මෙන්න..

    මෙගා ස්ටාර් 2 කෙල්ල නටන්නේ අමු හෙළුවෙන්.. ඔබ නොදුටු දසුන ස්කෑන් කලාවගේ මෙන්න..

    2002 කොටට ඇදන් නිවුස් කිව්වා කියල ජනමාධ්‍ය අමාත්‍යංශය පවර ගත්ත රටක් මේක 

    2018
    මෙගා ස්ටාර් 2 (දෙක) දැක්කද .

    ස්කෑන් කලාවගේ ඔය තියෙන්නේ 
    රේනෝ (නමක්) ඔයානම් අනේ මන්ද 

    https://youtu.be/5jaEfgvwAqw?t=35m35s