Blog

  • කොළඹ – තීරණාත්මක පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම අද.. වෙන්න යන දේ මෙන්න…

    කොළඹ – තීරණාත්මක පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම අද.. වෙන්න යන දේ මෙන්න…

    කොළඹ දිස්ත්‍රික්කයේ තීරණාත්මක පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම අද (26) සිට සිදු වීමට නියමිතයි. ඒදෙහිවල ගල්කිස්සමොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහ නගර සභා තුන සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවයි..
    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම මහ නගර සභා තුනේ බල අරගල සිදුවීමට වැඩි හැකියාවක් පවතින බවයි.

    ඒ අතරින් දෙහිවල ගල්කිස්සසහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහ නගර සභා දෙකේ සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි කර ගැනීමට කිසිඳු පක්ෂයකට නොහැකි වීම ඊට හේතුවී තිබෙනවා. එම මහ නගර සභා දෙකේම තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ මුළු ආසන සංඛ්‍යාව 38ක්. එය බෙදී ගියේ එක්සත් ජාතික පක්ෂයට 12ක්ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 16ක්එක්සත් ජනතා නිදහස් සන්ධානයට 4ක් සහ ජනතා විමුක්ති පෙරමුණට 3ක් වශයෙන්.

    දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මුළු ආසන සංඛ්‍යාව 48ක්. එය බෙදී ගියේ එක්සත් ජාතික පක්ෂයට 19ක්ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 19ක්එක්සත් ජනතා නිදහස් සන්ධානයට 6ක් සහ ජනතා විමුක්ති පෙරමුණට 4ක් වශයෙන්.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් මුලූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 35ක්. ඉන් 18ක්ම හිමිවූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 12ක් හිමිවුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 5ක් හිමිවූ අතර ජනතා විමුක්ති පෙරමුණට හිමිවූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 3ක්.

    මොරටුව මහ නගර සභාවට අයත් මුලූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 48ක්. එය ඛෙදී ගියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 23ක්එක්සත් ජාතික පක්ෂයට 16ක්එකසත් ජනතා නිදහස් සන්ධානයට 04ක්ජනතා විමුක්ති පෙරමුණට 04ක් හා ජාතික ජනතා පක්ෂයට එක් මන්ත්‍රීධූරයක් වශයෙන්.

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම පළාත් පාලන ආයතන 4හි බලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයද සූදානමින් පසුවන බවයි.

    අප කළ විමසීමකදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කළේ කිසියම් පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ඉල්ලා සිටින්නේ නම් කොන්දේසි මත සහාය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බවයි.

    ඉකුත් සතියේද පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීමේදී බල අරගල සිදුවුණා. ඒ අතරින් කැපී පෙනුණේ එක්සත් ජාතික පක්ෂයට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගත් ගාල්ල සහ මීගමුව යන මහ නරග සභාවල බලය පහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කිරීමයි.

  • කෝටි ගණනක් වටිනා ජනපතිවරුන්ගේ ආරක්ෂක රථ මහ මුහුදට බිළිදෙන දවස මෙන්න…

    කෝටි ගණනක් වටිනා ජනපතිවරුන්ගේ ආරක්ෂක රථ මහ මුහුදට බිළිදෙන දවස මෙන්න…

    ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ  ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම අද (26) සිදු වනවා.

    මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති බව සඳහන්. වසර ගණනාවක් පැරණි මෝටර් රථ අලූත් වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම ද මෙලෙස මුහුදේ ගිල්වා දැමීමට ප්‍රධාන හේතුවක් වනවා.

    එම කටයුතු සිදුවන්නේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්. බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදු තීරයේදී එම කටයුත්ත සිදු කිරීමට නියමිත බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස් රණසිංහ පවසන්නේ.

    මෙලෙස ගිල්වා දැමීමට නියමිත මෝටර් රථ සංඛ්‍යාව 07කට ආසන්නයි. ඒවා නාවික හමුදාව වෙත ලබා දෙන්නේ ජනාධිපති කාර්යාලය මගින්.

    මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. මෙවැනි වාහන ඉවත් කිරීමට ඇති හොඳම ක්‍රමය මෙය බවත් මීට පෙර ද මෙවැනි කටයුතු සිදු කර ඇති බවත් ප්‍රකාශ කෙරුණා.

    අමෙරිකානුබ්‍රිතාන්‍යරුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද මීට පෙර ගිල්වා දමා තිබෙනවා. මෙය ලෝකයේ පිළිගත් නීතියක් බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස.එස් රණසිංහ සඳහන් කළේ.

    මීට අමරතව එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබූ වෙලින් නම් වූ නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට නියමිතයි. මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා මිල ගණන් කැඳවූ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඊට හිමිවී ඇත්තේ අඩු ලන්සුවක්. එම නෞකාව ඉකුත්සමයේ නාවික හමුදාවද භාවිත කළ අතර මේවනවිට එහි කල්ඉකුත් වී ඇති බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. එබැවින් නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබෙනවා.

    මෙලෙස ගිල්වා දමන ප්‍රදේශයේ කොරල් පර පද්ධතියක් හා මත්ස්‍ය ගහනයක් නිර්මාණය වීමටද මෙය හේතුවක් වන බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස් එස් රණසිංහ අප වෙත වැඩිදුරටත් කියා සිටියේ.

  • මර්වින් සිල්වාගේ පුත් මාලක යුග දිවියට..! දේශපාලන ප්‍රභලයින් සමඟ සැමරුවේ මෙහෙමයි..!

    මර්වින් සිල්වාගේ පුත් මාලක යුග දිවියට..! දේශපාලන ප්‍රභලයින් සමඟ සැමරුවේ මෙහෙමයි..!

    හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පසුගිය දා යුගදිවියට පිවිසුනා. ඒ ඉරාණ ජාතික තරුණියක් වන oorea සමඟින්. Mount Lavinia හෝටලයේදී පැවති ඔවුන්ගේ මංගල උත්සවය සඳහා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රභල දේශපාලන චරිත රැසක්ද සහභාගී වී සිටියා.

    එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • ”පොඩි කාලෙම මම කට ඇරුණු මිනියක් ඇලෙව්වා.” – මිණී එම්බාම් කරන නුවන්ගේ සංවේදි කතාව.

    ”පොඩි කාලෙම මම කට ඇරුණු මිනියක් ඇලෙව්වා.” – මිණී එම්බාම් කරන නුවන්ගේ සංවේදි කතාව.

    ටී.ජී. නුවන් නම් කියලා කියන්නෙ අවුරුදු 33 ක තරුණයෙක්. හැබැයි අනෙකුත් තරුණයින්ට නොමැති අසීමිත වූ අත්දැකීම් සමුදායක් නුවන්ට තියෙනවා. කුඩා කාලයේ සිට මල්ශාලාවක සේවය කරමින් ලබා ගත් ඔහුගේ ඒ අත්දැකීම් සමුදාය හා ජීවිත කතාව ගැන ඔහු පුවත්පතකට කියලා තිබුණෙ මේ විදියට.

    කොහොමද මේ රස්සාවට ආවෙ?

    ඉස්කෝලේ හය වසරෙදි වගේ තමයි මම මිනී කපන රස්සාව පටන් ගන්නේ. පටන් ගත්තා කියලා කිව්වට ඒක මෙහෙම කතාවක්. කඹුරුපිටියේ  අපේ ගෙවල් ළඟ දුරින් ඥාතියකු වන මගේ යාලුවෙක් හිටියා. ගමෙන්ම ඒ ගෙදර විතරයි මෝටර් සයිකලයක් තිබුණේ. ඉතින් මම ඕක පදින්න ආසාවට පයින්ම ඒ ගෙදරට හැමදාම වගේ යනවා. ගෙදර කිව්වට ගෙදරයි ගමේ මල් ශාලාවයි දෙකම එකතැන තමයි තියෙන්නෙ. එහෙම ගිහින් තමයි මම මේ රස්සාව පටන් ගන්නේ.

    මෝටර් බයිසිකල් පැදීමයි මේ රස්සාවයි අතර සම්බන්ධෙ මොකක්ද?

    මම බයිසිකල් වගේම වාහන පිස්සා. ඉතිං බයිසිකලේ පදින ගමන් ආසාවට මල් ශාලාවේ හර්ස් එකටත් යතුර දාලා එහෙට මෙහෙට පොඩ්ඩක් පැද්දා. ඔය අතරෙ ළඟපාත මළගෙදරක් වුණාම මම තමයි මිනී පෙට්ටිය හර්ස් එකේ දාගෙන අරගෙන යන්නේ. ආයෙ මරණෙ කනත්තට ගෙනියනකොටත් මම හර්ස් එක අරගෙන යනවා. මට ඒක අල්ලල ගියා. පොඩි ලොකුකමක් ගෞරවයක් ලැබෙනවා වගේත් ඒකෙන් දැනුණා. පොඩි වයසනෙ. ඉතින් මහ කෙරුම්කාර වැඩක් වගේ තමයි මට ඒක දැනුණෙ.

    බයිසිකල් ආසාවෙන් පස්සෙ හර්ස් එකේ ආසාව ආව කියමුකො. ඒත් මේ රස්සාවට ආසාව ආවෙ කොහොමද?

    ඔය අතරෙ ඉතින් පෙට්ටිය ගෙට ගන්න, පොල්තෙල් පහන්, තිරරෙදි දාන වගේ වැඩත් ගැම්මට කළා. මුළු මළගෙදරම මගේ අතේ වගේ තමයි දැනුණෙ පොඩි එකා වුණාට. මළ ගෙදර වුණත් ඒක මට පොඩි උජාරුවක් කොටින්ම කිව්වොත්. මම ඉතින් මලගෙදර සංවිධායක වගේ ගිහින් අහනවා ආදාහනය කරනවද, භූමදානය කරනවද වගේ දේවල්. ඒ අහලා මම කෙරුමා වගේ මල ගෙදර වැඩ කරන දවසට ඇවිල්ලා පෙට්ටිය කනත්තට ගෙනියන්නෙ. ඔය අතරෙ දවසක් මගේ ලොකුකම පෙන්නන කියල හිතාගෙන මිනිය තියලා මල් ශාලාවට ගියා. දවසකට පස්සේ  ආයෙ මෝටර් බයිසිකලෙන් මළ ගෙදරට ආවා අර ලොකුකම පෙන්නන්න. මළ ගේ ඇතුළට ඇවිත් ලොක්කා වගේ ඇහුවා ඔක්කොම හරි නේද, අපි ඔක්කොම බලාගන්නවා බය වෙන්න එපා කියලා. එකපාරටම ඒ මිනිස්සු කිව්වා අනේ මල්ලි ආව එක හොඳයි බලන්නකො මිනියෙ කට ඇරිලානේ ඒක වහල දෙන්න කියලා. මම එදා තමයි මුලින්ම මිනියක් ඇල්ලුවේ. මම බය වුණා නම් බය වුණෙත් එදාම තමයි.

    ඊට පස්සෙ?

    ඊට පස්සෙ මිනිය එහෙම දාල යන්නත් බෑ. දාල ගියොත් ආයෙ මට හර්ස් එක එලවන්න මල් ශාලාවෙන් ඉඩ දෙන්නෙත් නෑ. ආසාව එක පැත්තකින් අනික් පැත්තෙන් දැන් මිනිය අල්ලන බයයි අප්පිරියාවයි. මොනව කරන්නද  ආසාවට ඉඩ දුන්නා. සුපර් ග්ලූ ගම් එකක් ගේන්න කියලා අහක බලාගෙන එ ක අතක ඇඟිලි තුඩුවලින් අල්ලලා අර මිනියෙ කට ඇලෙව්වා. හැබැයි ඒකත් එක්කම මළ මිනී ගැන තිබුණ බයයි අප්පිරියාවයි නැති වුණා.  මම ඉස්පිරිතාලෙට ගිහින් මෘත ශරීර ගේන්න පටන් ගත්තා. මරණ එහෙ මෙහෙ කරන්න උදව් කළා. මුල්ම කාළෙ මිනී අල්ලන්න අකමැති වුණත් පස්සෙ  මම ටික ටික මරණ අතපත ගාන්න ගත්තා ඒ පොඩි වයසෙදිම. මිනී එම්බාම් කරනවා බලන් ඉන්න පුරුදු වුණා. එහෙම හිටපු මට එම්බාම් කළාට පස්සෙ කැපුම් මහන්න දුන්නා. මම වැඩේ අල්ලගෙන යද්දි ෆෝමලීන් ගහන්න දුන්නා. එහෙම එහෙම මම අවුරුදු තුනක් වගේ යද්දී එම්බාම් කරන්න පුරුදු වුණා. මම බලන් ඉඳලා, අත්දැකීම් විඳලා තමයි පුරුදු වුණේ. මට මේකට ගුරුවරයෙක් හිටියෙ නෑ.  දැන් නම් මම මිනියක් මගේ ඔඩොක්කුවෙ වුණත් දාගෙන යනවා.

    එතකොට ඉස්කෝලේ ගමන?

    මම  ගියේ තිහගොඩ පළල්පිටිය  ඉස්කෝලේට. උදේට ඉස්කෝලේ ‍යනවා හවසට මල් ශාලාවට යනවා.  සල්ලිත් පොඩ්ඩ පොඩ්ඩ අතපත ගාන්න ලැබුණා ඒ එක්කම. හය-හත වසර වගේ ඉන්නකොට කඹුරුපිටියෙ වැලිගම මල් ශාලාවෙ එම්බාමර් වුණා. ඒ කාෙල මුලින්ම එක මිනියකට රුපියල් තුන්සිය පණක්, හාරසීයක් වගේ ලැබුණා. අන්තිමට මේකට තියෙන ආසාවට ඉස්කෝලේ ගමන නතර වුණා. දහය වසර වෙනකම් විතරයි ගියේ.

    ගෙදර අය මේ වැඩේට කැමති වුණාද?

    අපෝ මොන පිස්සුද, අපේ තාත්තා මට ගහලා මාව ගෙදරින් එලෙව්වා. ඉස්කෝලේ ගමන නතර වුණේ ඒකත් එක්කම. උදේට ඉස්කෝලේ ගියාට හවසට මල් ශාලාවට යනව කියලා ගෙදරින් දැනගෙන හිටියෙ නෑ. අපේ අම්මගෙ ගම විල්පිට. මම එහේ යනවා කියල තමයි මල් ශාලාවට ගිහින් ඉන්නේ. කොහොම හරි තාත්තට මේක ආරංචි වෙලා තිබුණා. තාත්තා මට බැණලා ගැහුවා ඕක නතර කරපන් කියලා. මම එහෙම්ම අකුරුගොඩ අපේ ගෙදරින් එළියට බැහැලා පයින්ම කිලෝමීටර් හයක් ගෙවාගෙන කඹුරුපිටියේ  මල් ශාලාවට ආවා. එදා  ඉඳලා මම එම්බාමර්.

    ගෙදර අය ආවෙත් නැද්ද එක්කන් යන්න?

    දවස් දෙකකට පස්සේ තාත්තා ආව මාව එක්කන් යන්න. මම තාත්තට ලොකු කතාවක් කියලා නොගිහින්ම හිටියා. ඊට පස්සෙ තාත්තා මාව තේරුම් අරගෙන වෙන්න ඇති මුකුත්ම නොකියා යන්න ගියා. පස්සේ මම සතියකින් ගෙදර ගියා තාත්තවයි අම්මවයි බලන්න.

    ඔය පොඩි කාෙල වුණු දේවල්වලින් පස්සෙ අද ගෙවෙනෙ ජීවිතේ කොහොමද?

    මම කලින් කිව්වනෙ ඒ කාෙල එක මිනියකට තුන්සිය පණහක් වගේ ලැබුණා කියලා. මම ආසාවට මේක කළා. ලැබුණ කිව්වට එහෙමම ඒ ගාණ ලැබුණෙත් නෑ ඇත්තටම. හිතුන හිතුණ වෙලාවට තමයි සල්ලි ගෙව්වෙ. දැන් මාතර ටවුමෙ ලොකු මල් ශාලාවක මම ඉන්නේ. දැන් එක මිනියක් එම්බාම් කරන්න ලැබෙන්නෙ එක්දාස් දෙසීයයි. ඒකත් ඉතින් හරිම අමාරුවෙන් වගේ තමයි මුදලාලිලා දෙන්නේ. සල්ලි පැත්තෙන් එහෙම වෙද්දි මට දැන් වයස තිස්තුනයි. මම මට පුලුවන් හොඳම විදියට මිනියට අවසන් ගෞරවය ලැබෙන විදියට මගේ රාජකාරිය අකුරටම කරනවා. ඕක තමයි ජීවිතේ ඉතින්.

    මාතරට එන්න කළින් දිගටම මාකඳුරෙ මල් ශාලාවෙමද වැඩ කළේ?

    මම මාකඳුරෙ අවුරුදු දහතුනක් වගේ හිටියා. මගේ වගේ තමයි මම ඒකෙ හිටියේ. සල්ලි එද්දි පිස්සු ඔලුවට එනවනේ. ඉතින් කොල්ලො බජාර් එකත් වැඩි වුණා. මම මල් ශාලාව අතෑරලා ආවා. ඇවිත් කාලයක් එක එක ඒවා කළා. දැන් මාතර ටවුමෙ මේ මල් ශාලාවෙ අනුන්ගෙ යටතේ වැඩ. එහෙම තමයි ජීවිත වෙනස් වෙන්නෙ.

    බය වුණු, අමතක  නොවෙන සිදුවීම් ඕන තරම් ඇති නේද?

    පොඩි කාලෙ මුලින්ම අර කට ඇරුණු මිනිය ඇලෙව්වට පස්සේ මැරුණ මනුස්සයෙකුට  බය වෙලා නෑ කවදාවත්. හොල්මන් කියල දෙයක් දැකලා නෑ කවදාවත්. මමත් කැමැත්තෙන් ඉන්නවා එහෙම එකක් බලාගන්න. හොල්මන් තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් මම ඒ අය කියන ඕනම තැනකට,  ඕනම රෑක තනියම එනවා බලන්න. මගෙන්  බය ගැන ඇහුවොත් කතාව ඒක. සමහරු කිලි අහුවෙන කතාවල් කියනවා. පට්ටපල් බොරු කතා ඕවා.  අමතක නොවෙන කියලා දේවලුත් එහෙමට නෑ මේක දැන් සාමාන්‍ය දෙයක් නිසා මට. ඒත් එකපාරක් පැපොල හැදුණු මිනියක් එම්බාම් කළා. ඒකෙන් පස්සේ මට පැපොල හැදුණා. එදා ඉඳන් ලෙඩ වෙලා මැරෙන මිනී කපන්න පොඩ්ඩක් අකමැතියි.

    බොන්නම ඕනද මේ රස්සාව කරන්න?

    වැඩේ ඉවර වෙලා නම් ටිකක් බොනවා. මම බීලා කවදාවත් එම්බාම්  කරලා නෑ. එකක් බිව්වම අපි නෙමෙයි වැඩේ කරන්නෙ. වෙරිමත තමයි ඒක කරන්නෙ. අපිට ඕන විදියට ඒක වෙන්නෙ නෑ. දෙක පිරිසිදුව මේ වැඩේ කරන්න බැරි වෙනවා බිව්වාම. ඒක මටත් මැරුණ මනුස්සයටත් හොඳ නෑ. අනික වැරදි නහරයකට එහෙම බෙහෙත් වැදුණොත් ඔක්කොම අවුල් වෙනවා. මිනිය කළු වෙලා, සුදු මැලි වෙලා,  අඳුනගන්න බෑ වගේ දේවල් කියන්නෙ එහෙම වුණාම. මේක විද්‍යාවක්. එක අතකින් කලාවක්. මේක කරන්න සංයමයක් ඕන. මම එක දවසෙ මරණ දහය එම්බාම් කරලා තියෙනවා.  මල් ශාලාවෙ අයිතිකාරයා කෙළගාලා සල්ලි මිටිය ගණන් කරල සාක්කුවට දාගත්තට මට තමයි මිනියක් ලැබුණ වෙලාවේ ඉඳලා කනත්තට යනකම් ඒකෙ වගකීම තියෙන්නේ. බීලා කරන්න පුලුවන් වැඩක් නෙමෙයි මේක.

    එම්බාම් කරන්න අමාරු වුණු මරණ තියෙන්න ඇති?

    ඔව්. දැන් ඉන්නෙ මාතර නිසා කෝච්චියට පැන්න අයගෙ බොඩීස් ගොඩක් ගේනවා මගේ ලඟට. සමහර ඒවා පෝර උරවලට එකතු කරගෙන එන්නේ. හැබැයි මූණට ලොකු හානියක් වෙලා නැති නම් මම කොහොම හරි හදල ඥාතීන්ට බාරදෙනවා. ඒ වගේම හොස්පිටල් එක ලඟ නිසා මරණ පරීක්ෂණවලට කපාපු බොඩීස් ගේනවත් වැඩියි. ඒව කෑල්ලෙන් කෑල්ල මහලා ඥාතීන්ට පෙනිලා දුකක් හිතට නොඑන විදියට හදන්න ඕන. කකුල්වලට අත්වලට වගේම මූණට වෙන වෙනම ෆෝමලීන් ගහල වැඩ ගොඩක් කරන්න අමාරු වැඩක්. පොඩි අය ගෙනාවම නම් හිතට හරිම අමාරුයි. මම කරන්න අකමැතිම පොඩි අයගෙ එම්බාම්. ඕව තමයි අමාරු ඒවාට තියෙන්නෙ.

    එම්බාම් කරද්දි එක එක විදියෙ මරණ ෙග්නවා. ඒ අතරින් සැකසහිත ඒවා හමුෙවලා නැද්ද?

    වෙලාවකට අධිකරණ දොස්තර වගේ තමයි අපිත්. එම්බාම් එකට කපන්න කළින් කියන්න පුලුවන් මොනව වගේ ලෙඩක් හැදිලද මැරිල තියෙන්නෙ කියලා. පිළිකා හැදුණ අය එම්බාම් කරන එකත් සමහර වෙලාවට ටිකක් අමාරු වැඩක්. ඔය අතරෙ සමහර වෙලාවල් තියෙනවා කැපුවම අපිට ටිකක් සැක හිතෙන. අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කරලා එවන ඒවා ගැන  මාධ්‍යයකට සැක හිතෙන යමක් කියන්න මට අයිතියක් නෑ කියලා මම හිතනවා. ඒ කතාව මෙතනින් නතර කරමු.  ඒ මොනවා වුණත් මට මේ මිනිස්සු ඔක්කොම එකයි. මම හොඳට එම්බාම් එක කරල දෙනවා.

    මැරුණ මිනිස්සු එහෙම වෙද්දි ජීවත්වෙන මිනිස්සු ගැන මොකද හිතෙන්නෙ?

    මැරුණ මිනිස්සු අපි කරනදේ වෙනුවෙන් නිසොල්මන්ව ඉන්නවා. නමුත් ජීවත් වෙන මිනිස්සුන්ට අපි කරන සේවය ගැන කිසිම අගයක් නෑ. අපි ඒ අයගෙ ඥාතියෙක් මැරුණම කැත කුණු අතගාලා ශුද්ධ පවිත්‍ර කරනවා. පණුවෝ ගහපුව පවා අපි අපේ අත්වලින් ගෞරවයෙන් ශුද්ධ කරලා පෙට්ටියක ලස්සනට පිරිසිදුව තියනවා. අපේ පපු දනවා එම්බාම් එකේදි ෆෝමලීන් ගහද්දි. අපි පිච්චි පිච්චි තමයි මේක කරන්නේ. ඒත් ඒ වැඩේ කරගත්තට පස්සෙ අපි දිහා බලන්නෙ අප්පිරියාවෙන් වගේ. අත සෝදන්න සබන් කෑල්ලක් ඉල්ලුවම දෙන්නෙ වැසිකිළියෙ තියෙන සබන් කෑල්ලෙන් බාගයක් කඩලා. මූණකට සෝදගන්න දෙන්නෙ වැසිකිළි පනිට්ටුව. අපිට එහෙම පහත් විදියට සලකන්නෙ පණපිටින් ඉන්න මිනිස්සු. හැබැයි ඒ අතරිනුත් දුප්පත් මිනිස්සු එහෙම නෑ. මම මගේ අතේ වියදමින් එම්බාම් කරල අත පිහදාගෙන ආව වෙලාවල් තියෙනවා. ඒ මිනිස්සු අඩුම ගානෙ අහල තියෙනවා කහට එකක් බීල යමුද කියලා. තියෙන මිනිස්සු එහෙම හමුවෙලාම නෑ.

    ඒත් එහෙම මිනිස්සු වටින පෙට්ටි තෝරනවනේ?

    ඔය මොන පෙට්ටියත් ඇල්බීසියා තමයි. ඩයි එකෙන් තමයි ඕව බුරුත, නැදුන් වෙන්නෙ. සල්ලිකාරයන්ට මැරුණ මනුස්සයගෙන් පවා තමන්ගෙ තත්වෙ පෙන්නන්න ඕන. ඔච්චරයි ඕකෙ වෙනස. මගේ අම්මා තාත්තා මැරුණ දවසක මම එක දවසින් ඒක කරනවා. මම එම්බාම් කරලා, උත්සව තියලා බොරු වැඩ කරන්නෙ නෑ. මම හිතන්නෙ ඒක ඒ මිනිස්සුන්ට කරන අගෞරවයක් කියලා. ලොකුවට පෙට්ටි අරගෙන රටට ලෝකෙට පේන්න අවමගුල් කරලා, ලොකු වළවල් බැඳලා සොහොන් හදනවා. ටික දවසයි බල්ලො කකුල උස්සලා බුදියල ඉඳලා යනවා ඒව උඩ. ඕව බොරු වැඩ. මම මගේත්, මගේ දෙමව්පියන්ගෙත් සොහොන් බඳින්නෙ නෑ. වළ බඳින්නෙත් නෑ. ලොකු පෙට්ටි ගන්නෙත් නෑ. අපි අයිති මේ ලෝකෙට. ඉතින් අපි පොළවටම පස් වෙන්න ඕන. මගේ සහෝදරයා එක්ක මම කතා කරලා අම්ම තාත්තගෙ වැඩකටයුතු එදාට කරන්නෙ එහෙමයි.

    ඕව ගැන ඔහොම කතා කළාට තාම තරුණ වයසෙ ඉන්නෙ. බඳින්න එහෙම අදහසක් නැද්ද දැන්ම?

    ඒකටත් දෛවයෙ ලියවුණු කෙනා එන්න ඕන. මිනී අතපතගාන අපිත් එක්ක කෙල්ලො යාලු වෙන්නෙ නැහැනෙ. අපේ අතින් අල්ලන්නත් ගෑණු ළමයි බයයි අප්පිරියයි වගේ. බඳින්න වුවමනාවක් නැතුව නෙමෙයි. ඒකටත් වෙලාව එන්න එපැයි. බලමු එහෙම මට කැමති කෙනෙක් හමු වුණු දවසක.

    කසුන් පුස්සෙවෙල – රැස පුවත්පත

  • ශ්‍රී ලංකා හිටපු නායක මහේලගේ මිතුරන් පිරිසක් බීමතින් යකා නටපු හැටි මෙන්න…!

    ශ්‍රී ලංකා හිටපු නායක මහේලගේ මිතුරන් පිරිසක් බීමතින් යකා නටපු හැටි මෙන්න…!

    ශී‍්‍ර ලංකා කණ්ඩයෙමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන ඉකුත් දා කොළඹ 07 පිහිටි කී‍්‍රඩා සමාජයක  ගැටුුමකට මැදි වී ඇති බව වාර්තා වනවා.

    සිය මිතුරන් සමග සිටින අවස්ථාවේදී ඔවුන් සහ තවත් පාර්ශ්වයක අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වන අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස හා එම පාර්ෂවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

    විදේශීය ජාතිකයෙකු මහේල ජයවර්ධනගෙන් සමරු සටහනක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම ගැටුමට මුල පුරා තිබෙනවා.

    මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටද  තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් පසුව අදාළ කී‍්‍රඩා සමාජයේ නිලධාරීන් විසින් මෙම ගැටුම පාලනය කිරරීමට පියවර ගෙන තිබෙනවා.
  • අගමැති රනිල්ට පක්ෂයි ද? විපක්ෂයි ද ? ශ්‍රිලනිප තීරණය මෙන්න

    අගමැති රනිල්ට පක්ෂයි ද? විපක්ෂයි ද ? ශ්‍රිලනිප තීරණය මෙන්න

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය එළැඹෙන 04 දා ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා පක්ෂය කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් එයට අත්සන් තැබූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමබන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • දෙහිවල-ගල්කිස්ස බලයත් ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගයට.. තනතුරු බෙදුනු හැටි මෙන්න..

    දෙහිවල-ගල්කිස්ස බලයත් ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගයට.. තනතුරු බෙදුනු හැටි මෙන්න..

    දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ බලය මීට සුළු මොහතකට පෙර පැවති ඡන්ද විමසීමේදී එජාපයෙන් ගිලිහි තිබේ.

    ස්ටැන්ලි ඩයස් ඡන්ද 23ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ සුනේත්‍රා රණසිංහට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 21ක් පමණි.

    ඒ අනූව නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ ස්ටැන්ලි ඩයස් පත්ව ඇති අරත උප නගරාධිපතිවරයා ලෙස ශ්‍රිලනිපයේ කීර්ති උඩවත්ත පත් වී ඇත.

    මේ අනුව එජාපයේ සුනේත්‍රා රණසිංහ නගර සභාවේ විපක්ෂ නායකවරිය වනු ඇත.

  • “මගේ සිහින කුමාරිව මගේම උනා”- පුබුදු සහ මාෂි විවාහයෙන් පස්සේ කියන කතාව මෙන්න..

    “මගේ සිහින කුමාරිව මගේම උනා”- පුබුදු සහ මාෂි විවාහයෙන් පස්සේ කියන කතාව මෙන්න..

    පුබුදු චතුරංග කියන්නෙ තරුණ පරපුර ඉන්න බොහෝ දෙනාගේ ආදරය දිනාගනිපු රංගන ශිල්පියෙක්. තනිකඩ ජීවිතයට සමුදීලා පසුගියදා  යුග දිවියට පිවිසුනේ මාෂි සිරිවර්ධන සමඟින්.

    තනිකඩ ජීවිතේට සමුදීලා පුබුදුත් එහෙනම් මනමාලයෙක් වුණා නේද? 

    ඔව්, ඉතින් අපිට හැමදාම තනිකඩව ඉන්න බැහැනේ. ඕනම දෙයකට කාලයක් තියෙනවනේ. සුදුසුම කෙනා ලැබුණා නම් ඇයි තවත් බල බලා ඉන්නේ. මගේ සිහින කුමාරිව මගේම කරගන්නයි මට වුවමනා වුණේ.  අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කළා. ඒ ආදරයේ නීත්‍යානුකූල සහතිකය තමයි මේ විවාහය.

    කොහොමද දැන් ඒ විවාහයේ “මිහිර” අත්විඳින්නේ ?

    හරිම සතුටින් අපි දැන් ජීවිතය සැලසුම් කරනවා. මාෂී වගේ කෙනෙක්ව මගේ ජීවන සහකාරිය කරගන්න ලැබිමම මට සතුටක්. ඒ විදියට බලද්දී මම හරිම ලකී හස්බන්ඩ් කෙනෙක්. මාෂී මටම ගැළපෙන මටම ඉපදුණ කෙනෙක් කියලයි මම විශ්වාස කරන්නේ. ඇය ගොඩක් හොඳට මාව තේරුම් අරගෙන වැඩකරන හරිම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම රූපයෙන්, ගතිගුණ වගේ හැමදෙයකින්ම සම්පූර්ණ කෙනෙක්. ඇගේ අත ගන්න ලැබිම නිසා මම තවත් වාසනාවන්ත වුණා. අපි දැන් සතුටින් ජීවත් වෙනවා.

    පුබුදු – මාෂී විවාහ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් ලෙස සැලසුම් කර තිබුණා. 

    අපි හැම දෙයක්ම මුලින්ම ප්ලෑන් කළා. ඒත් අවසන් දවස ගැන පුංචි බයක් හිතේ තිබුණා. ඒත් අපි දෙන්නා හිතුවාටත් වඩා හොඳින් හැමදෙයක්ම කෙරුණා. අපේ තේමාව වුණෙත් ‘සිනමා’. ඒ තේමාව මගේ ආදර සහෝදර නළු නිළියෝ එකතු වෙලා තව තවත් ලස්සන කළා. රොෂාන්, සාරංග, ශලිනි, ඩිනක්ෂි, සචිනි ඒ වගේම චන්න, යශෝධා, සංගීතා කියන අපේ රටේ ජනප්‍රියම නළු නිළියන් එකතු වෙලා අපි දෙන්නටම දුන්න සප්රයිස් ඩාන්ස් එක නම් කියලා වැඩක් නැහැ. අදටත් හැමෝම කතා වෙන්නේ මේ සප්රයිස් ඩාන්ස් එක ගැන තමයි.

    පුබුදු චතුරංග වගේ අපේ රටේ ඉන්න ජනප්‍රියම කඩවසම් නළුවකුගේ බිරිඳ වෙන්න ලැබිම ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද? 

    මම පුබුදුට කැමති වුණේ ඔහු අපේ රටේ ඉන්න ජනප්‍රියතම කඩවසම් නළුවෙකු නිසා නමෛයි. පුබුදු හරිම මිත්‍රශීලී ඒ වගේම හරිම අවංක කෙනෙක් නිසා. එයා මාව ගොඩාක් හොඳින් තේරුම් ගත් කෙනෙක්. ඕනෑම දෙයක් එයා එක්ක කතාබහ කරලා විසඳා ගන්න පුළුවන්. එයා මට ආදරෙයි කිව්වෙත් කළුතර බෝධියේදී. හැම අවස්ථාවකම එයා මාව සතුටින් තියන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේ ආදරණීය සැමියෙක් ලැබිමත් මගේ වාසනාව කියලයි මට හිතෙන්නේ.

    පුබුදු නම් අපිට කිව්වේ මාෂීව යාළු කරගන්න එක නම් ලෙහෙසි වුණේ නැහැ කියලයි.

    (හිනා) ඔව්. ඉතිං ගැහැනු ළමයෙක් තමන්ගේ සහකරුවා තෝර ගන්නකොට හොඳට හිතලා බලලනේ ඒ තීරණේ ගන්නේ. ඉතින් මමත් මුලදී ටිකක් ගණන් ඉස්සුවා තමයි. අද මට හිතෙනවා මගේ ජීවිතේ ගත්ත වැදගත්ම තීරණේ හරියටම හරි කියලා. අපි දෙන්නටම ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.

  • සවස 06න් පසු රිසි සේ ගණිකා සැප ලබන්න මත්කුඩු උරන්න ඔබ යා යුතු කොළඹ තැන් ටික මෙන්න…

    සවස 06න් පසු රිසි සේ ගණිකා සැප ලබන්න මත්කුඩු උරන්න ඔබ යා යුතු කොළඹ තැන් ටික මෙන්න…

    සවස හයෙන් පසු අගනුවර ගණිකාවන්, කුඩුලෝලීන් සහ අපරාධකරුවන් වැඩිපුර ගැවසෙන බවට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

    මරදාන දුම්රියපල අසල, මෝදර, කෙසෙල්වත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, ගල්කිස්‌ස, බම්බලපිටිය යන පළාත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ගණිකාවන් ගැවසෙන බවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව හෙළිකරගෙන ඇති බවයි අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සිරිසේන හේරත්  ප්‍රකාශ කරන්නේ.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තුන්දහසක්‌ පමණ පුනරුත්ථාපනය කිරීමේදී මෙම තොරතුරු හෙළිකරගෙන ඇති අතර එම තොරතුරුවලට  අනුව ගම්බද පළාත් වලින් රැකියා සඳහා අගනුවරට පැමිණෙන තරුණියන් විශාල පිරිසක්‌ මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගණිකා වෘත්තියේ යොදවාගෙන ඇති බව  අනාවරණය කරගෙන තිබෙනවා.

    මෙලෙස පුනරුත්ථාපනය ලබන පිරිස අතර රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික  අංශවල සේවය කරන උසස් නිළධාරීන්ද සිටින බව සඳහන්. එසේම පාසල් වියේ දරුවන් පවා මත්ද්‍රව්‍ය අලෙවියට සම්බන්ධවී සිටින අතර රුපියල් 600 ක මත්කුඩු පැකට්‌ එක රුපියල් 800 ක්‌ වැනි මුදලකට විකුණා විශාල ලෙස ලාභ ලැබීමට ඔවුන් පුරුදු වී සිටින බවද සඳහන් වෙනවා.
     

  • එජාපය දිනූ දෙහිවල ගල්කිස්ස සුනේත්‍රාට කොකා පෙන්නයි

    එජාපය දිනූ දෙහිවල ගල්කිස්ස සුනේත්‍රාට කොකා පෙන්නයි

    එජාපය විසින් ජයග්‍රහනය කරන ලද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ.

    ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද(26) පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත් නිසාවෙනි.එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සුනේත‍්‍රි රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක් පමණි.

     

  • පාසල් උත්සව වලට දේශපාලකයින් ගෙන්වීමට නියෝග

    පාසල් උත්සව වලට දේශපාලකයින් ගෙන්වීමට නියෝග

    කොළඹ කලාපයේ කළාපයේ පළාත් සභා පාසල්වල පවත්වන විශේෂ උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් වැනි පොදු උත්සව අවස්ථා සඳහා එම පාසල පවතින ප්‍රදේශයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර දී අරාධනා කරන්න යැයි  කොළඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන් සිල්වා මහතා විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් පවසා ඇත.

    එසේ පැමිණෙන මන්ත්‍රීවරුන්ට නිසි ගෞරව දක්විම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා විශේෂ අවධානය යොමුකරන ලෙසත් එම ලිපියේ දැක්වෙයි

    1

  • සති දෙකක් අතුලත පුද්ගලික රෝහල් වල මිල නියාමනය කරනවා

    සති දෙකක් අතුලත පුද්ගලික රෝහල් වල මිල නියාමනය කරනවා

    පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන මිල ගණන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    පෞද්ගලික රෝහල්වල මිල ගණන් නියාමනය කිරීම සිදුව ඇත්තේ එක්‌ එක්‌ රෝහල් සිය සේවාවන් සඳහා රෝගීන්ගෙන් එකිනෙකට වෙනස්‌ මිල ගණන් අයකර ගැනීම නිසා බවත් මෑතකදී එක්‌තරා පෞද්ගලික රෝහලක්‌ හෘද සැත්කමක්‌ සඳහා රෝගියකුගෙන් රුපියල් ලක්‍ෂ 23 ක්‌ අය කරගෙන තිබූ බවත් ඇමැතිවරයා කියයි.

    එසේ වැඩි මුදලක්‌ සැත්කම සඳහා අයකර ගත්තද එම රෝගියා සැත්කමින් පසුව මිය ගොස්‌ ඇති අතර සැත්කම සිදු කළ වෛද්‍යවරයා තමන්ට හිමි මුදල ලබා නොගත් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

     

  • රිමාන්ඩ් කර සිටින මහසෝන් බලකායේ සුවදුක් බලන්න ඥානසාර හිමි බන්දනාගාරයට යයි

    රිමාන්ඩ් කර සිටින මහසෝන් බලකායේ සුවදුක් බලන්න ඥානසාර හිමි බන්දනාගාරයට යයි

    මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්‌ඩායමේ සුවදුක්‌ විමසීම සඳහා පෙරේදා (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක්‌ අනුරාධපුර බන්ධනාගාරය වෙත වැඩම කළ අතර ඔවුන්ගේ සුවදුක්‌ විමසීමෙන් අනතුරුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.

    “අපි ඉතා වගකීමෙන් කියනවා දැන් වත් මේ රට තුළ ගොඩනැගෙමින් තියන බරපතළ ගණයේ සංස්‌කෘතික ආක්‍රමණය නතර කරන්න කියලා. සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාව වහාබ්වාදී අන්තවාදයට ගොදුරු වෙමින් සිටිනවා. සාම්ප්‍රදායික කතෝලික ජනතාව ක්‍රිස්‌තියානි මූලධර්මවාදයට ගොදුරු වෙමින් සිssටිනවා. මේ රටේ හින්දු බෞද්ධ ජනතාව වහාබ්වාදී අන්තවාදීන්ට හා ක්‍රිස්‌තියානි මූලධර්මවාදීන් යන දෙපිරිසටම ගොදුරු වෙමින් සිsටිනවා. ඒ නිසා තැන්තැන්වල විශාල ආතතියක්‌, විශාල අවිශ්වාසයක්‌, මේ ආගමික කොටස්‌ අතර ගොඩනැගෙමින් තිබෙනවා. අවාසනාවකට මේවා පාලනය කිරීමට හරි හමන් වැඩපිළිවෙලක්‌ නොමැති කම ගැන අපි ජාතියක්‌ විදියට කනගාටුවනවා. කොයි තරම් කාලයක්‌ එකිනෙකාට වෛර කරමින් අපි මේ ගමන යන්නද? එකිනෙකාගේ මුහුණ නොබලා විරසකව ද්වේශයෙන් අපිට මේ ගමන යන්න බැහැ. සිංහල, දමිළ හා මුස්‌ලිම් භේදයක්‌ නැතිව මේ රටේ පරිසරයක්‌ හදන්න, මේ අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය පැත්තකට දාලා රටක්‌ හැටියට එකට හිටගන්න පුළුවන් පරිසරයක්‌ තමයි අප නිර්මාණය කරගත යුතු වන්නේ, එහෙම නොමැති වුව හොත් මේවා කෙළවර වෙන්නේ මහා ගැටුම් මැදින්. තෙල්දෙනිය හා මහනුවර ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වලට මහසෝන් බළකායේ අමිත් විරසිංහ වත් අනෙක්‌ තරුණයින් වත් නෙවේ අත්අඩංගුවට ගන්න ඕනේ, මේ රටේ නිදහසින් පසුව ගෙවුණු වසර 70 ක කාලය තුළ මේ රටේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා රටේ වාර්ගික සංහිදියාව ඇති කරන්න. ජනවර්ග අතර ඇතිවෙලා තියෙන මේ ඝට්‌ටනය ඒ වගේම වාර්ගික කොටස්‌ අතර ඇතිවෙලා තියෙන ආතතිය දුරලන්න පමණක්‌ නොවෙයි, මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන්නත් මෙරට කරවපු සියලු පාලකයෝ අසමත් වුණා. එවැනි වටපිටාවක රටේ ඇතිවන බොහෝ නොසන්සුන්තාවලදී ජාතික සංවිධාන වෙනත් ආවේගකාරී තරුණ කොටස්‌ විවිධ කණ්‌ඩායම් සිතනව ජාතිය වෙනුවෙන් අපි කුමක්‌ හරි කරන්න ඕන කියලා. ඔවුන් යම් යම් දේ කරනවා ඉතින් අවසානයේදී ඒ අය අපරිමිත ලෙස අදුරදර්ශීව මේ කටයුතුවලට අත පෙවීමේදී නීතියේ රැහැනට හසු වෙනවා. අවසානයේදී ඒ අයගෙ දෙමම්පියන් හා ඒ පාර්ශ්වයන් පීඩාවට පත් වෙනවා.

    තෙල්දෙණිය හා මහනුවර ඇතිවූ සිද්ධීන් වලදී අපි දැක්‌කා පාලනයකින් තොරව මේ රටේ පොලීසිය හැසිරිච්චි ආකාරය, අපි ඉතා පැහැදිලිව කියනවා මේ මහනුවර සහ තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන්වලට මේ රටේ අගමැතිවරයා සෘජු ලෙස වගකිව යුතුයි කියා. ඒ සිද්ධිය වෙනකොට අගමැතිවරයා තමයි මේ රටේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා. තෙල්දෙණියේ සිට දිගන බලගොල්ල දක්‌වා කිලෝ මීටර් දා හතක ප්‍රමාණයක දේපළවලට හානි කරමින් පිටස්‌තර ප්‍රදේශවලින් පැමිණිs කණ්‌ඩායම් පහරදි තිබෙනවා. නමුත් අත්අඩංගුවට අරන් තියෙනවා මේ කිසිම දේකට සම්බන්ධ නැති මේ ඇවිලෙන ගින්න නිවන්න මැදිහත් වුණු තරුණයින් කීප දෙනෙක්‌. ඔවුන් බන්ධනාගාර ගත කරලා තිබෙනවා. විලි වසා ගන්න බොහොම ලැඡ්ජා සහගත ක්‍රියාවලියක ආණ්‌ඩුව නිරත වනවා. අපි මේ රටේ ජනාධිපතිවරයාට කියනවා මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා.”

  • 2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි

    2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි

    මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝදි ආණ්‌ඩුව ලංකාව දෙස වපරැසින් බැලූ බවයි. 

    කෙසේ නමුත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව ලංකාව සමඟ හොඳ සබඳතාවයක්‌ තිබූ බව රාජපක්‍ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදී අරුන් ජනවර්ධන් සමඟ ප්‍රකාශ කර ඇත.

     

  • කූඹියෝ ටෙලි නාට්‍යයේ “ජෙහාන්” දේශපාලකයන් ඉදිරියේ කිව්ව පට්ට කතාව

    කූඹියෝ ටෙලි නාට්‍යයේ “ජෙහාන්” දේශපාලකයන් ඉදිරියේ කිව්ව පට්ට කතාව

    2018 වසරේ ජනප්‍රියම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ කූඹියෝ ටෙලි නාට්‍යයේ “ජෙහාන්” දේශපාලකයන් ඉදිරියේ කිව්ව පට්ට කතාව

  • එක දිගට එක වෙච්ච දෙවෙනි ඉනිම පරදා කූඹියෝ 1 වෙයි… අනුහස් පරාද වෙද්දී දෙවුමි ජයගනී…..

    එක දිගට එක වෙච්ච දෙවෙනි ඉනිම පරදා කූඹියෝ 1 වෙයි… අනුහස් පරාද වෙද්දී දෙවුමි ජයගනී…..

    ටෙලි නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා ඇගයෙන 14 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ රඟහලේ දී  පැවැත්විණි.

    ටෙලි නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍යයට අදාළ සියලූ ක්ෂේත්‍ර ඇගයීමට ලක්කර මෙවර සම්මාන උළෙලේ දී සම්මාන 53 ක් ප්‍රදානය කෙරුණු අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා, නිළිය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහ වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව සඳහා වන සම්මාන මෙහිදී ප්‍රදානය කෙරේ.

    ඒ අනුව 2017 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස සම්මාන දිනා ගත්තේ ස්වාධීන රුපවාහිනීයේ විකාශය වූ කූඹියෝ ටෙලි නාට්‍යය වන අතර එහි ජෙහාන්ගේ චරිතය නිරුපනය කල තුමිදු දොඩම්තැන්න ජනප්‍රියම නළුවා සම්මානය දිනාගැනීමට සමත්විය…

    කෙසේවෙතත් සුපුරුදු පරිදිම දෙවෙනි ඉනිමේ දෙවුමි මෙවරත් ජනප්‍රියතම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර විය..