



සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබනු ලැබුවා.
ඒ, ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය විමසූ එම අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි අමාත්‍ය එස්.බී. දිසානායකගේ ඡන්දය ප්‍රකාශවීමත් සමඟයි.
එයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයට පැමිණ විරෝධතා පළ කළා.
ඔවුන් “කාගෙද මේ ඇඟිල්ල? එස්බීගේ ඇඟිල්ල” යනුවෙන් හඬ නගා ප්‍රකාශකරන්නට ද වූවා.
එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 51ක් සහ විපක්ෂව ඡන්ද 33ක් ලැබී තිබුණා.
ඒ පිළිබදව දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ල වූ අතර ඒ අනුවයි කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ.
කෙසේ වෙතත් නැවතත් පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සභාගර්භයෙන් පිටත්ව යාම නිසා සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත ඡන්දයකින් තොරව සංශෝධන සහිතව සම්මත වුණා.

මේ දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඝාතන සිදු කරමින්, කප්පම් ගනිමින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් පාතාලයේ ගෝඩ් ෆාදර් බවටව පත්ව සිටින්නේ ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තායි.
මේ පාතාල නායකයා බිහිකළේ LTTE සංවිධානය බවට පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ මාකඳුර නමැති ගම්මානයේ උපත ලැබූ මධුෂ්ගේ ඥාති සහෝදරියක් පොලිසියේ සේවය කර තිබෙනවා.
ඒ අතරතුර ඇය LTTE බුද්ධි අංශ සාමාජිකයකු සමග පෙමින් වේලි ඇත්තේ LTTE උපක්‍රමයකට හසු වෙමින්.
පොලිස් නිලධාරිනියගේ සහ LTTE සාමාජිකයාගේ පෙම දළුලා වැඩෙද්දී උපක්‍රමශීලි වූ LTTE සාමාජිකයා ඇය හරහා මධුෂ් LTTE සංවිධානයට බඳවාගෙන ඔහුට අවි පුහුණුව සහ අපරාධ සිදු කරන ආකාරය පිලිබදව පුහුණුව ලබාදෙන්නේ සැලසුම් කිහිපයක් අතැතිවයි.
නමුත් LTTE හරහා සියලු මිලේච්ඡ ක්‍රියා හුරු පුරුදු වූ මධුෂ් දකුණට පැමිණීමෙන් පසු LTTE සංවිධානයට වැඩ කරනවා වෙනුවට තමන්ගේම අපරාධ කල්ලියක් ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යොමු කළා.
ඔහුගේ මේ ක්‍රියාවට මහා ආශීර්වාදයක් බවට පත්වුණේ 2009දී LTTE සංවිධානය රජයේ හමුදාව විසින් විනාශ කර දැමීමයි.
එසේ නොවුනානම් මධුෂ්ගේ අවසානය LTTE සංවිධානය අතින් සිදුවීමට ඉඩ තිබුනා.
LTTEයේ අවසානයත් සමග දකුණේ අපරාධ රැල්ල ආරම්භ කරන මධුෂ්ගේ පළමු ඉලක්කය බවට පත්වුණේ දකුණු පළාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයකු වන ඩැනී හිත්තැටිය මහතායි.
එතැන් සිට පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයින්, හමුදාවෙන් පැන ගිය සාමාජිකයින් සහ විවධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සිය කල්ලියට බදවාගෙන මධුෂ් පාතාල ලෝකයේ රජ කරන්නට පටන් ගත් අතර පොලීසිය ඔහු පසු පස හඹා එන්නට පටන් ගැනීම නිසා ඩුබායි කරා පලා ගිය මධුෂ් එහි සිට මෙරට පාතාලය මෙහෙයවීම සිදු කරන අතර ඔහුට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර තිබෙනවා.
ඩැනී හිත්තැටිය ඝාතනයේ තවත් ප්‍රධාන සැකකරුවෙක් වූ හර්ෂ නමැති ඔහුගේ ගෝලයා පසුගිය වසරේදී රාජගිරිය ඔබේසේකරපුරදී ඝාතනය කරනු ලැබූ අතර එය සමයං කල්ලියේ වැඩක් බවට පොලිසිය සැක පළ කළේය.
ඉන්පසු වහාම ක්‍රියාත්මක වූ මධූෂ් සමයං ඝාතනය කළා.
ඔහු එයද සැලසුම් කරනු ලැබුවේ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් වීම විශේෂයකි.
එසේම මධූෂ් තොග වශයෙන් මෙරටට හෙරොයින් සැපයීමේ ජාවාරමක නිරතවන බැවින් එයට ද රංගජීව මහතා ඇතුළු කණ්ඩායම අභියෝගයක් වන බැවින් ඔවුන්ට ප්‍රහාරය එල්ල කල බවයි පැවසෙන්නේ.
පසුගියදා සිදු වූ කොස් මල්ලිගේ ඝාතනයද මධුෂ් කල එකක් බවයි වාර්තා වන්නේ.
මේ අතර ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිය 14 හැවිරිදි පෙම්වතිය හමුවීමට මධුෂ් පසුගිය දිනක හොර රහසේ මෙරටට පැමිණ ආපසු ගිය බවට වාර්තා පළවුණා.
ෆේස්බුක් හරහා ඩුබායි සිටින මධුෂ්ව හඳුනාගත් බවත් පසුගිය අප්‍රේල් මාසයේ ඔහු ලංකාවට පැමිණ තමන්ව හමුවී කොල්ලුපිටියේ හෝටලයක දින කිහිපයක් අඹුසැමියන් ලෙස ගත කළ බවත් එම දැරිය පොලිසියට හෙළි කර තිබුනා


නව පොලිස්පතිවරයා වශයෙන් එස්. එම්. වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී කලබල මැඬපැවැත්වීමේදී ඒ මහතා කළ සේවය සලකා බලා මෙම පත් කිරීම සිදු කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීම සඳහා නාමයෝජනා දීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවට ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂය, ඔහුට සහාය පළ කරන මන්ත්‍රිවරුන් 113 දෙනකුගේ අස්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ ආරම්භ කර තිබේ.
එම ලේඛනයට ඊයේ දිනය තුලදී එජාප මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පාර්ලිමේන්තුවේදී අත්සන් කර ඇති අතර විදෙස් ගතව සිටින මන්ත්‍රීවරුන් හා අද දිනයේදී පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රිවරුන් ඉදිරියේදී මෙයට අත්සන් කිරීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මෙම සහාය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ලබන 04 දා විවාදයට ගැනීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ එම යෝජනාව පරාජය කරන බවයි.
ශක්තිය පෙන්වීමට අවස්ථාවක්:
පාර්ලිමේන්තුවේ සභානායක, ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අසූවකට ආසන්න පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරමින් ඊයේ දිනයේම ලේඛනයකට අස්සන් කර තිබෙන බවයි.
තවත් හයදෙනකු අස්සන් කිරීමට නියමිත බවත් ඔවුන් විදේශගතව සිට පැමිණි පසුව මෙම ලේඛනයට අස්සන් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.
පක්‍ෂයක් විදියට එක්සත් ජාතික පෙරමුණට තම ශක්තිය පෙන්වීමට අවස්ථාවක් උදාවී තිබෙන බවත් මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් එම ශක්තිය පෙන්විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ලක්‍ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර යන අමාත්‍යවරුන්ද මෙහිදී විශ්වාසභංග යෝජනාවට මුහුණදීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් නියෝජිතයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත් වුණේ ඊයේ (22දා) දහවල් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01දීය.
”විශ්වාස භංගයේදී අගමැති සමඟයි”- තෙවරප්පෙරුම
බුලත්සිංහල එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අගමැති සමඟ හිටගන්නා බව සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවැසීය.
කුමන කලකිරීම් තිබුනද පක්ෂය අත නොහැර පක්ෂය රැකගැනීම සඳහා හැකි පමණින් දායකත්වය ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අගමැතිට තිබෙන හයිය පෙන්වන්න හොඳ අවස්ථාවක් – බාහු
ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගය හරහා පාර්ලිමේන්තුව තුළ තමාට ඇති බලය පෙන්වීමේ හැකියාව අගමැතිවරයාට ලැබෙන බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ වත්මන් පඬිවරයා ලෙස කටයුතු කරන විමල් වීරවංශ විසින් අගමැතිවරයාට එරෙහිව කෙතරම් චෝදනා කළද රනිල් වික්‍රමසිංහ යනු බටහිර බලවතුන් පසුපස දුවන පුද්ගලයකු නොවන බවද ඔහු සඳහන් කළේය.
පසුගිය දිනවලදී රට තුළ සිදු වූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටියේ විමල් වීරවංශගේ කණ්ඩායම බවද ඔහු සඳහන් කළේය.
‘නිදහසේ වේදිකාව’ පසුගියදා (20දා) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ කරන දේවල් ?
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එහිදී මෙසේද පැවසිය.
”දැන් ක්‍රියාත්මක කරන්න යන අධිකරණය වෙනස් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයෙන් ප්‍රබල නඩු විසඳුම් ඉක්මනින් ලබා දෙයි. ඒ අනුව දැන් ජාතිවාදය අවුස්සපු උදවිය, ඒ වගේම හොරකම් කරලා රටේ ධන නිධාන විනාශ කරපු උදවිය තමයි මූලික වශයෙන් මේවාට විරුද්ධ.
ඒ වගේම තමයි අද රටේ තියෙන ලොකුම දේ වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ එළවා දැමීමේ ව්‍යාපාරය. දැන් රනිල් එළවන්න ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් ගෙනැල්ලා තියෙනවා. විමල් වීරවංශ කියලා තියෙනවා ‘අගමැතිට එරෙහි විශ්වාසභංගයට 118කටත් වැඩියෙන් ඡන්ද ලැබෙනවා. බටහිර න්‍යාය පත්‍රය අවලංගු කරන්න නම් අගමැති එළවිය යුතුයි’ කියලා.
මම නම් හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මේ විශ්වාසභංගයට කැමැති ඇති. ඒකෙන් අගමැතිට පුළුවන් වෙනවා ඔහුට කොතරම් හයියක් පාර්ලිමේන්තුවේ තියෙනවාද කියලා පෙන්වන්න. ඒක චෙක් කර ගන්න මේ විශ්වාසභංගය ඔහුට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා.
පසුගිය දවස්වල මේ රටේ ඇතිවුණු කලබලකාරී සිදුවීම් පිටුපස්සේ ඉන්නේ කවුද කියලා බැලුවොත් විමල් වීරවංශලාගේ කණ්ඩායම තමයි ඒක පිටිපස්සේ ඉන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ කරන දේවල් තමයි මේ අය මේ රටේ කරන්නේ.
අපේ රටේ මේ තියෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරලා සෑම ජනකොටසකටම පිළිගන්න පුළුවන් සාධාරණ ව්‍යවස්ථාවක් හදා ගැනීම කියන එක බටහිරින් එන එකක් නෙවෙයි. ලෝකයේ වැඩ කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගෙන් එන එකක්.”

එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ ය. මෙන්දක ගෝටාබයට ‘ග්‍රවුන්ඩ් සිටුවේෂන්‘ කියාදීමට ගියේ නැත.
“මිනිහ කොහෙද අයිෂෙ යුද්ධ කළේ, සිංගප්පූරුවේ ඇද උඩද යුද්ධ කෙලේ? මමනෙ යුද්දෙ පටන් ගත්තෙ. හමුදා මූලාස්ථානය ආරක්ෂා කරගන්ඩ බැරි වුන ලෝකයේ එකම හමුදාපති,කොටි දෙනක් වද්දාගත්තා ගේ ඇතුලට, මට ගහන්ඩ ඕනෙ අයිෂෙ මඩු වල්ගෙන් ඔය මනුස්සය හමුදාපති විදිහට පත් කළාට “. මේ ගෝටාබය නිතර කියන සින්දුවක කොටසකි. එපමනක් නොව මාගල් මෙන් පොත් ලියමින් ගෝටා අපට කියන්නේ යුද්ධය කෙළේ තමන් බවය. යුව රජා නමින් සින්දුවක් හදා කීවේ ද යුද්ධය කෙළේ තමන් බවය.
කතා බහේ දී පවා අත පය රවුම් කරමින් අවධාරනය කරන්නේ යුද්ධය කෙළේ තමා බවය . මේ නිසා ගෝටාගේ යුද ඉතිහාසය පිලිබඳ හරි අවබෝධයක් ලබා ගැනීම කාට කාටත් වැදගත්ය.
ගෝටාස් වෝර් පළමු අවධිය 1983 – 91
ලුතිනන් වාස් ගුණවර්ධන මරණයට පත් කරමින් උතුරේ ගරිල්ලා සටන තීරණාත්මක ලෙස ආරම්භ වන්නේ 1983 වසරේදී ය. මෙම කාලයේ ඉන්දියාවේ අනුග්‍රහය යටතේ දෙමළ සන්නද්ධ කල්ලි ගණනාවක් ක්‍රියාත්මක විය. ප්ලොට්, ඊරෝස් , ඊපීආර්එල්එෆ්, ඊපීඩීපී, ටෙලෝ, එල්ටීටීඊ වැනි සංවිධාන ඒ අතර ප්‍රමුඛ විය. ඔවුන්ගේ ගිනි බලය ටී-56, එල්.එම්.ජී, ලෝකල් බිම් බෝම්බ, ආර්.පී.ජී වැනි සාමාන්‍ය ආයුධ කිහිපයකට සීමා විය. 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේය. ඒ අනුව ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටට පැමිණුනි . 1990 තෙක් ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. 1987 -90 කාලය තුල උතුරු නැගෙනහිර ආරක්ෂාව භාර වූයේ ඔවුන්ට ය. එල්ටීටීඊය ඔවුන් සමග ද යුද වැදීමට තීරණය කිරීමෙන් පසු යුද්ධ කෙළේ ඔවුන් ය.
1987 – 90 කාලයේ ජ.වි.පෙ දෙවන කැරැල්ල ක්‍රියාත්මක විය. ඒ අනුව උතුර ඉන්දියන් හමුදාවටත්, දකුණ ලංකාවේ හමුදාවටත් බාර විය. දකුණේ ගමක් ගමක් පාසා හමුදා කඳවුරු බිහි විය. 87-90 කාලයේ ගෝටාබයද මාතලේ ඇතුලු කඳවුරු ගණනාවක සේවය කළේය. ජේ.වී.පී මර්දනයට ගෝටා කළ සේවය කොතෙක්ද යත් මාතලේ ගෝටාගේ කඳවුරට අල්ලපු වැටෙන් සමූහ මිනී වලක් මතු විය. ජේ.වී.පී භීෂණ සමයේ ගෝටාබය කළ තවත් වික්‍රමයක් හමුදාව තුල ප්‍රචලිතය. ඒ කාලයේ ප්‍රේමදාස රජයට එරෙහිව මහින්ද රාජපක්ෂ ජිනීවා මානව හිමිකම් සමුලුවකට ගියේය. රජයේ හමුදාව බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බවට පැමිණිලි කළේය. සිය චෝදනා ඔප්පු කිරීමට ඡායාරූප සිය ගණනක් ඉදිරි පත් කළේය. එම ඡායා රූප බොහොමයක් ගෝටාබය අයියාට ලබා දුන් ඒවා විය. එකල එය රණවිරුවන් පාවා දීමක් වූයේ නැත.
ගෝටාබය කෙතරම් කයිවාරු ගැසුවද ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැකිය. ඔහු යුද්ධ කළා යයි කියන කාලයේ පැවතියේ අවිධිමත් සන්නද්ධ අරගලයකි. සතුරාට කාල තුවක්කු නොතිබිණි, යුධ ටැංකි නොතිබිණි. මිසයිල නොතිබිණි. නාවික බල ඝනයක්, ගුවන් හමුදාවක් නොතිබිණි. මරාගෙන මැරෙන එකා දෙන්නා සිටියත් ඒකකයක් නොතිබිණි, බුද්ධි අංශයක් නොතිබිණි. අවි ප්‍රවාහනයට නැව් නොතිබිණි. ගෝටාගේ සමයේ ක්‍රියාත්මක වූයේ සිල්ලර අවි වලින් සන්නද්ධ වූ ත්‍රස්ත කල්ලි කිහිපයකි. ඔවුනොවුන් මරා ගැනීමම සුලබ දසුනක් විය. ගෝටාගේ කාලයේ පැවතියේ ‘සූපිං ගරිල්ලා‘ සටනක් මිස යුද්ධයක්ද නොවේ. අනෙක් සංවිධාන පරයා එල්.ටී.ටී.ඊ සංවිධානය නැගී සිටින්නේ 90 දශකයේය. එම කාලයේදී ගෝටා යුධ බිමේ සිටියේ වසරක් පමනි.
1991 වසරේ නොවැම්බර් මස පලමු වැනි දින සෞඛ්‍යය හේතු දක්වා ගෝටාබය විශ්‍රාම ගත්තේය. සෞඛ්‍ය හේතු ලෙස කීවේද මානසික ආබාධයක් තිබෙන බවකි. මේ අනුව ගෝටා යුද්ධයට දායක වූ කාලය ගණන් බැලිය හැකිය. යුද්ධය 83 ජූලි ආරම්භ වන අතර 87 ජූලි මසදී විරාමයක් ලබයි (83-87=4) . 1990 වසරෙ ඉන්දීය හමුදාව පිටව යන අතර යලිත් යුද්ධය ආරම්භ වෙයි . 1990-91 අතර වසරක කාලයක් ගෝටාබය යලි යුධ බිමේ සිටියි . ඒ අනුව ගෝටා උතුරේ යුද්ධයට දායක වූ මුලු කාලය වසර 5 ක් පමනි. මේ අතර තුරද සැලකිය යුතු කාලයක් සාමකාමී ප්‍රදේශ වල ගත කළේය. මෙහෙයුම් වලට සක්‍රීයව දායක වූ කාලය ඉතා අල්පය. ඒවායෙනුත් බොහොමයක ‘බුල කෙලා‘ තිබුනි. ‘කෙලූ බුල‘ පිලිබඳ ලිඛිත වාර්තා ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවට ඇතුල් කර තිබුනි. නමුත් අද ආරක්ෂක අමාත්‍යංශයේ ඇති ගෝටාගේ පෞද්ගලික ලිපි ගොනුව ඔරිජිනල් එකක් නොව එඩිට් කළ එකකි. මානසික ආබාධයකට කියා විශ්‍රාම ගත් ලිපිය එහෙම දැන් එහි නැත.
ගෝටාබය ජනපති අතින් ආර්.එස්.පී සහ ආර්.ඩබ්.පී පදක්කම් ලබා ඇත. දිවි පරදුවෙන් සතුරාට ලය දුන් විරුවන් හමුදාව තුල නොමැත්තේ නොවේ. සංග්‍රාමික පදක්කමක් සඳහා මූලික නිර්දේශය ඉදිරිපත් කරන්නේ කඳවුරු අණ දෙන නිලධාරියා තුලිනි. දෙවැනුව අණදෙන රේඛාව හරහා ආරක්ෂක අමාත්‍යශංයට ලඟා වෙයි. සංග්‍රාමික පදක්කම ජනපති විසින් පිරිනැමුවද ඔහු ඒ පිලිබඳ හාංකවිසියක් නොදනී. ජනපති රබර් මුද්‍රාවක් පමණි. කඳවුරු අණදෙන නිලධාරියාගේ කොළඹ නිවසට බුරුත ගස් කැපීමට ගොස් තුවාල ලැබූ අයෙකුට සංග්‍රාමික පදක්කමක් පිරිනැමූ අවස්ථාවක් මා සියැසින් දැක ඇත. ගස් කැපීමට ගොස් තුවාල වූ හමුදා සාමාජිකයාට කොටි ගැහුවා යයි කියා අණදෙන නිලධාරියා වාර්තාව සකස් කර තිබුනි. ආර්.එස්.පී සහ ආර්.ඩබ්.පී විවාදාත්මක වූ අවස්ථා එමටය.
ගෝටාස් වෝර් දෙවන අදියර 2005-2009
ගෝටාබය ආරක්ෂක ලේකම් ධූරයට පත්වන්නේ 2005 වසරේදීය. ඒ අනුව ගෝටාගේ යුද්ධයේ දෙවන අදියර 2005-2009 කාලය තුල විහිද යයි. 2006 අප්‍රියෙල් 25 සරත් ෆොන්සේකා බෝම්බ ප්‍රහාරයට ලක්වන අතර, යලි සේවයට පැමිණෙන්නේ 2006 ජූලි මස 12 දිනය. ෆොන්සේකා ඇඳ උඩ සිටියදී ගෝටාබය යුධ පෙරමුනට නායකත්වය දෙන්නේ මෙකල්හි ය. එම කාලය මාස දෙක හමාරක් තුනක් පමන වෙයි. මෙම කාලය තුල ගෝටාබයගේ අණින් ක්‍රියාත්මක වූ පූනානි මෙහෙයුම අමතක කළ නොහැකිය. එම කාලයේදී 23 වන සේනාංකාධිපතිව සිටි දයා රත්නායක මහතා හදිසි අනතුරකින් රෝහල්ගතව සිටි අතර තනතුරේ වැඩ බලන ලද්දේ කර්නල් එම්. ජයවර්ධනය.
පූනානි ප්‍රදේශයේ කොටි කඳවුරක් ඇති බවට තමාට තොරතුර ඇති බව ගෝටාබයට වාර්තා කළේ කර්නල් ජයවර්ධන ය. ගෝටාබයගේ උපදෙස වූයේ ට්‍රක් රථ දෙකකින් හමුදා පිරිස් ගෙන ගොස් මඩකළපුව – පොළෙන්නරුව මාර්ගයේ 43 සැතපුම් කනුව අසල බස්සවා හිමිදිරියේම ‘ඇඩ්වාන්ස්‘ කරන ලෙසය. එහිදී භූමියේ තත්වය පිලිබඳව කර්නල් ජයවර්ධන, ගෝටාබය ට විස්තරයක් කළේය. හිමිදිරියේ ‘ඇඩ්වාන්ස්‘ කිරීම අනතුරු දායක බව පෙන්වා දුන්නේය. කර්නල් ජයවර්ධන වෙත බැණු වැදුණු ගෝඨාභය කීවේ ”තමන් ග්‍රවුන්ඩ් එක හොඳින් දන්නා බවය”. පසලොස් වසරකට පෙර ගෝඨාභය දැන සිටි ‘ග්‍රවුන්ඩ් සිටුවේෂන්‘ එක අනුව ගෝටාබයට පින්සිදු වන්නට ක්‍රියාන්විතයේ යෙදුණු හමුදාවේ සෙබලු 28 දෙනෙකු මිය ගිය අතර 4 දෙනෙකු අද දක්වාම අතුරුදහන් ය.
එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ ය. මෙන්දක ගෝටාබයට ‘ග්‍රවුන්ඩ් සිටුවේෂන්‘ කියාදීමට ගියේ නැත. ගෝටාබය කියන විදිහටම යුද්ධ කළේය. නමුත් මාවිල්ආරුව විවෘත කර ගැනීමට ගෝටාබයගේ අණ යටතේ වූ ක්‍රියාත්මක වූ සීමිත මෙහෙයුම් 12 ක් සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. මැරුම් කෑ සෙබළුන් ගණන 38 කි. මාවිල්ආරුව විවෘත කර ගත හැකි වූයේ ෆොන්සේකා යලි සේවයට වාර්තා කිරීමෙන් පසුවය. ගෝටාබයගේ යුද සැලසුම් කුණු කූඩයට විසිකළ ෆොන්සේකා යුධ පෙරමුනට සෘජුවම අණ දුන්නේය. ෆොන්සේකාගේ අණ යටතේ ක්‍රියාත්මකවූ ‘ඔපරේෂන් වෝටර් ෂෙඩ්’ මගින් 2006 අගෝස්තු 11 දින මාවිල් ආරු සොරොව්ව විවෘත කෙරිණ.
2005- 2009 යුද්ධය අතර තුර ගෝටාබය යාපනයට ගොස් තිබුනේ සිව් වතාවකි. දෙවතාවක් නැගෙනහිරට ගියේය. මෙම සංචාරයන්ද ඉදිරි ආරක්ෂක වළල්ලට නොව මෙහෙයුම් මූලස්ථාන වලට සීමා වූ ඒවාය.
යුද්ධයට සමගාමීව අවි ආයුධ මිලදී ගැනීම සම්බන්ධව ගෝටා තනි අතේ ගේමක් ගැසුවේය. ලංකා ලොජිස්ටික් යනු ඔහු ඇටවූ වෙස්මුහුනකි . යුද්ධය අවසානයේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට කොළඹින් දුන් ඉඩම් හුදු සේවය ඇගයීමක් නොව අල්ලසකි. හමුදා මුලස්ථානයට එල්ල වූ ප්‍රහාරය සමබන්ධව ගෝටා කියන කථාව හරසුන්ය. ලොව හමුදා මූලස්ථාන හමුදාපතිවරුන් සමගම ප්‍රහාරයට ලක් වූ අවස්ථා ඉතිහාසයේ එමටය. කොටින්ම ඇමරිකාවේ පෙන්ටගනයට පවා ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කෙළේය. කෙසේ වුවද හමුදා මූලස්ථානය ආරක්ෂා කර ගැනීමට නොහැකි වුනි යයි ෆොන්සේකාට චෝදනා කරන ගෝටා අවසානයේ එකී කොළඹ පිහිටි හමුදා මූලස්ථානයම පිට රටකට විකුණා දැමුවේය. අදත් හමුදාව තැන තැන නන්නත්තාරව සිටින්නේ ය.
යුධ නිමාවත් සමගම මිලිටරියට අමතරව ගෝටා සිවිල් සේවයට පිවිසෙන අතර එම කතාව මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න
උපුටා ගැනීම – Lanka Leaks

හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර නමැත්තා මහින්ද රාජපක්ෂගේ නම විකුණමින් මහින්ද රාජපක්ෂට සතයක් හෝ ලබා නොදී විවිධ පුද්ගලයන්ගෙන් විවිධ අවස්ථාවලදී රුපියල් කෝටි ගණනක මුදල් අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි හෙළිදරව් වීම නිසා ඔහුව මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
උදිත ලොකු බණ්ඩාර මහින්ද සමග හමුවීමක් යොදා ගැනීම සඳහා පවා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන තිබේ.
මේ නිසා උදිතව මහින්දගේ පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉවත් කර හපුතලේ පොහොට්ටුවේ ආසන සංවිධායක ලෙස පත් කර මහින්දගේ ආසන්නයෙන් ඉවත් කර ඇත.
පසුගිය මැතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මධූෂා රාමසිංහ නමැති නිළියට පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ලබා දීම සඳහා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා යැයි නම සඳහන් වූයේ ද උදිත ලොකු බණ්ඩාරගේ නම ය.
මහින්ද රාජපක්ෂ යනු තමන්ව විකුණා යමෙක් මුදලක් ලබා ගත්තද ඉන් කොටසක් තමන්ටත් ලැබෙනවා නම් ඒ ගැන ගැටළුවක් ඇති කර නොගන්නා ජාතියේ චරිතයකි. සජින් වාස් ගුණවර්ධන දිගු කාලයක් මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස කටයුතු කෙළේ ඒ ධර්මතාවය අනුදැන සිටි නිසාය. මහින්දගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වූ චමල්ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙන් උදිත ලොකු බණ්ඩාර ද තනියම කෑමට ගොස් වැඩේ අනාගෙන තිබේ. ශෂීන්ද්‍ර ද මහින්දගේ පුද්ගලික ලේකම් ධූරය දරා ඊට කෙළවා ගත්තේ තනියම කෑමට යෑමෙන් සහ නිසි ලෙස මහින්දට කුට්ටිය බෙදමින් සිටි සජින් වාස්ට කැපිල්ල දැමීමට යෑමෙන් අනතුරුව ය.
මහින්ද ඈත් කිරීමත් සමග උදිත, ගෝඨාභය රාජපක්ෂ වෙත කිට්ටු වී ඇතැයිද දැන ගන්නට තිබේ. මෙහි දැක්වෙන සේයාරුව ඊට සාක්ෂි සපයයි.
(ලංකා ඊ නිව්ස්)


“HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය හිමිකර ගත් කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල වාර්ෂිකව ලබාදීමට අබාන්ස් පෞද්ගලික ආයතනය මේ වසරේදීත් කටයුතු කරනු ලැබුවා.
මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල 2016 වසරේ මාර්තු මාසයේ සිට වාර්ෂිකව ලබාදීමට එම ආයතනය ඉදිරිපත් වුණා.
ඒ අනුව 2018 වසර සඳහා වන කුලී මුදලට අදාළ චෙක්පත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.
සමාජ සංවේදී සිදුවීම්වලදී මානුෂීයව මැදිහත්වීම පිළිබඳ පුද්ගලිකවම එම ආයතනයට තමා ස්තූතිවන්ත වන බව මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
“HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය හිමි කර ගත් කුලියාපිටිය දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා ඔහු දැනට ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ පාසල ආසන්නයෙන්ම නිවසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සෘජු උපදෙස් මතයි.
(මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා ද එක්ව සිටියා.)

ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පසුගියදා රත්තපුර කුරුවිට ප්‍රදේශයේ පිහිටි මෙත්තාරාම විහාරස්ථානයේ සිටින 325කට වාර්ෂයක් සඳහා අවශ්‍ය පාසැල් පොත් හා උපකරණ බෙදා දෙනු ලැබුවා.
එම විහාරස්ථානයේ වාර්ෂික ශිෂ්‍යනායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මෙම පරිත්‍යාගය සිදුකල අතර මෙම දහම් පාසැලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් වැඩි පිරිසක් සමෘද්ධිලාභී පවුල්වල සිටින ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසුන් පිරිසක්.
ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මාලිංග විසින් මෙම පරිත්‍යාගය සිදුකළ අතර ඊට අමතරව මේ වන විට මාලිංගේ පෞද්ගලික මුදලින් නව දහම්පාසැලක්ද ඉදිකිරීමේ කටයුතු හොරණ ප්‍රදේශයේ ආරම්භ වී තිබෙනවා.
ඒ සඳහා ඔහු ලක්ෂ 100ක මුදලක් මේ වන විටත් වෙන්කර ඇති අතර අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් සමන්විත මෙම දහම්පාසැල නුදුරේදීම සිසුන් වෙනුවෙන් ලබාදෙන්නට සූදානම් බවයි දැනගන්නට ලැබෙන්නේ.





ගාල්ල මහ නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්දයෙන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂකයා ජය ගනු ලැබීය.
ඒ අනුව ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.
එහිදී පැවති රහස් ඡන්දයෙන් පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ඡන්ද 20ක් ගත් අතර එජාපයෙන් ඉදිරි්පත් කල අපේක්‍ෂක ජිලිත් නිශාන්ත ලබා ගත්තේ ඡන්ද 11ක් පමණි.
ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය දුන්නේ නැත.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී එජාපය මන්ත්‍රී ආසන 14ක්, පොහොට්ටුව මන්ත්‍රී ආසන 13ක්, ශ්‍රීලනිපය 03ක්, ජවිපෙ 03ක් හා සෙසු පක්‍ෂ මන්ත‍්‍රී ආසන 02ක් ලෙස ආසන බෙදී ගියේය.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව අත්සන් කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර නොමැති බව පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසනවා.
ඊයේ (22) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා මේ බව පවසා සිටියා.
පාර්ලිමේන්තුවේ විවාදය ලබන 4 වෙනිදා කියලා පක්ෂනායක රැස්වීමේදි කියලා තියනවා. ඇයි තවමත් ඔබතුමාගේ පක්ෂයේ මතය ඉදිරිපත් වුණේ නැත්තේ?
“ඇයි අපි අපේ මතය වේලාසන කියන්න ඕන. ඇයි ඔබතුමාට ටීවී එකේ දාගන්න ඕන නිසාද?”
නිදහස් පක්ෂයේ 4 දෙනෙක් අත්සන් කරලා තියෙද්දි ඇයි ඔබතුමා ප්‍රකාශයක් නිකුත් කරන්නේ නැත්තේ පක්ෂයේ මහලේකම් විදියට මේ හතරදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා ද කියලා?
“මට එහෙම තනි ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ. මේක පක්ෂයක්නේ.”
දැන් ඔබතුමාලා මේ හැම පාරම විනය කඩපු අයට එරෙහිව පියවරක් ගත්තේ නෑ?
“අපිට ඕන විදියට, පක්ෂයට ඕන විදියට හැසිරෙනවා මිසක්. මාධ්‍යයට ඕන විදියට අපි හැසිරෙන්නේ නෑ.”
විශ්වාසභංග යෝජ්නාව කොච්චර සාර්ථකයි කියලා හිතනවා ද?
“ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට ඒ තීරණාත්මක මොහොතේ ගන්න තීන්දුව මේ රටට බලපානවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා පක්ෂේ එක්ක සාකච්ඡා කරලා මේ රට වෙනුවෙන් ගන්න පුළුවන් හොදම තීන්දුව ගන්න.”

වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ පාසල් සිසුවියක නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ලැයිස්තුගත මන්ත්‍රීවරියක සේ කටයුතු කිරිමට තෝරාපත් කරගෙන තිබේ.
එක්සත් ඡාතික පක්ෂය යටතේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඇය නාත්තන්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුහා තෙන්නකෝන් මෙනෙවියයි. මේ වන විට දහඅට වන පසුවන ඇය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබයි. මෙම වසරේ අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයටමුහුණ දීමට ද ඇය මේ වන විට සූදානමින් සිටී.
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ දී තෙන්නකෝන් මෙනෙවිය කුඩාවැව කොට්ඨාසයට තරග කළ නමුත් ඇයට සිය ජයග්‍රහණය පිණිස අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබාගත නොහැකි විය.
එහෙත් ඇය විසින් ලබාගෙන තිබු ඡන්දවල ප්‍රතිශතය මත ඇය ලැයිස්තුවෙන් තෝරා ගත් මන්ත්‍රීවරියක ලෙස පත් කිරිමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කිරීම නිසා ඇයට මන්ත්‍රීධුරයක් හිමි වී ඇත.
කුඩාවැව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාලිත තෙන්නකෝන් හා මාරාවිල බාලිකා මහ විදුහලේ ගුරුවරියක සේ කටයුතු කරන නිලම්බිකා තෙන්නකෝන් ඇගේ දෙමාපියන්ය.මන්ත්‍රී සිසුවිය මෙසේ පවසා තිබේ.
‘තාත්තාගේ දේශපාලන කටයුතු අනුව මමත් දේශපාලනය කරනවා. මගේ දේශපාලන කටයුතු මගේ පාසලේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධාවක් කර ගන්න මම ඉඩ තිබීබේ නැහැ. මාගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීමටයි.
මගේ අරමුණ මා උපන් දේශයට යම් සේවයක් කරන්නයි. විශේෂයෙන්ම මෙම මැතිවරණ සමයේ දී ගෙයින් ගෙට ගොස් ජනතාව මුණ ගැසුණු අවස්ථාවේ දී අපේ ගමේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හඳුනා ගත්තා. දැන් පක්ෂය මාවත් මන්ත්‍රීවරියක සේ පත් කර ඇති නිසා මගේ අරමුණ අර මම හඳුනා ගත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පියවර ගැනීමයි. ගමේ ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි.අපේ ගමේ වැඩි දෙනකු පදිංචිච සිටිනුයේ පුත්තලම් ඇළත් ඉල් පාරත් අතර රක්ෂිතයේ කුඩා පැල්පන්වලයි. ඔවුන්ට පදිoචියට ස්ථිර තැනක් ලබා දිය යුතුයි. මෙහිදී මා නිතර දිරීමත් කරණ මගේ ගමේ හා අවට ජනතාවට මම ස්තුතිය පුද කරනවා‘

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග සම්බන්ධකම් පවත්වමින් අඹුසැමියන් ලෙස හැසිරුණු ලාබාල දැරියක් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, ඇය මධුෂ් සමග අඹුසැමියන් ලෙස සිටි ස්ථානය වෙත රැගෙන ගොස් එම ස්ථානය හඳුනාගන්නා ලෙසත්, මධුෂ් සමග දුරකතන සංවාද පැවැත්වූ ජංගම දුරකතය පොලිස් භාරයට ගන්නා ලෙසත් කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ නියෝග කර තිබෙනවා.
කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ දැනට පරිවාස ගතකර සිටින 14 හැවිරිදි දැරියක් පිළිබඳවයි මෙලෙස පරීක්ෂණ කිරීමට නියෝග කර තිබුණේ.
නාවික හමුදා භටයින් දෙදෙනෙකු විසින් ඇයව බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක් තුළදී දූෂණය කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත ඇයව අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට පත්කර නාවික හමුදා භටයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැර තිබෙනවා.
පසුව මෙම දැරියව දෙමව්පියන් විසින් භාර නොගැනීම හේතුවෙන් පරිවාසගත කර ළමා නිවාසයක් කරා යොමුකර සිටියදි සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම හේතුවෙන් මානසික වෛද්‍ය අංශය වෙත යොමුකර තිබුණා.
එහිදි ඇය විසින් මානසික වෛද්‍යවරයෙකු ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ෆේස්බුක් හරහා ඩුබායි සිටින මධුෂ්ව හඳුනාගත් බවත් පසුගිය අප්‍රේල් මාසයේ ඔහු ලංකාවට පැමිණ තමන්ව හමුවී කොල්ලුපිටියේ හෝටලයක දින කිහිපයක් අඹුසැමියන් ලෙස ගත කළ බවත්ය.
ඔහු විසින් තමන්ට මිල අධික සුවඳවිලවුන් සහ තවත් වටිනා තෑගි රැසක් ලබා දුන් බවත් ඇය පවසා තිබෙනවා.
තමන් මැයි මාසයේ පරිවාසගතවීමෙන් පසුවත් ඔහු සමග ජංගම දුරකතනයෙන් කතා බහ කළ බවත් බන්ධනාගාරගතව සිටින ඉරාක ජාතික හෙරෝයින් ජාවාරම්කරුවන්ගේ ජංගම දුරකතනවලින් තමන්ට කිහිප වතාවක් ඔහු කතා කර ඇති බවත් තවදුරටත් පවසා තිබෙනවා.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් කොල්ලුපිටිය පොලිසියට සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පිටපත් ලබා දී ඇති අතර ඒවා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය දී තිබුණා.

පාතාල නායක ඩුබායි මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සැඟවී සිටියදී මධුෂ්ගේ ගෝලයන් සිව් දෙනකු කොටු කළ පොලිස් මෙහෙයුමට ඔත්තුව දුන් බවට සැකකොට කඹුරුපිටිය ගතාර ප්‍රදේශයේ පිහිටි එම නිවෙසට යාබද නිවසේ පදිංචි පොලිස් සැරයන්වරයකු පවුල් පිටින් මරාදමන බවට මාකඳුරේ මධුෂ් දුරකථන මගින් ඩුබායි සිට කළ මරණ තර්ජනයක් පිළිබඳව පොලිස් පරීක්ෂණ ඇරඹී තිබේ.
මෙම සිද්ධියට මුහුණ පෑ කටුවන පොලිසියේ සේවයේ නිරත පොලිස් සැරයන් සිල්වාගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂාව පතා ඔවුන් පදිංචි නිවසින් තාවකාලිකව ඉවත් කිරීමට ද මේ වන විට කටයතු යොදා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.
“උඹ තමයි මගේ එවුන් අල්ලන්න ඉන්ෆොමේෂන් දීලා තියෙන්නේ. මම උඹවත් මරනවා. උඹේ පවුලේ ඔක්කොම මරනවා. වයසට ගියත් උඹ ඉන්න තැනකට හොයාගෙන ඇවිල්ලා මරනවා.” යැයි මාකඳුරේ මධුෂ් ඩුබායි සිට ලබාදුන් දුරකථන ඇමතුම් කිහිපයකින් පොලිස් සැරයන්වරයාට තර්ජනය කර ඇත.
මාකඳුරේ මධුෂ් අවස්ථා කීපයකදීම පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකථනයට හා කටුවන පොලිසියේ දුරකථනයට ඩුබායි සිට කතා කර මෙසේ තර්ජනය කර තිබේ.
කඹුරුපිටියේ ගතාර ප්‍රදේශයේ පිහිටි මාකඳුරේ මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදී පාතාල සාමාජිකයන් සිව් දෙනකු ඉකුත් 17 දා අත්අඩංගුවට ගත්තේ කඹුරුපිටිය පොලිසියේ ස්ථානාධිපති ඕ.යූ. ජයශාන්ත මහතාට ලද තොරතුරක් මතය.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඉකුත් 07 දා අලුත්කඩේ උසාවිය අසලදී සොයාගත් සමයංගේ පාතාල කල්ලියට අයත් කොස් මල්ලී හෙවත් ශාන්ත කුමාරගේ ගෙල කොටසට අයත් කඳ කොටස අඟුණකොළපැලැස්සේ කෙසෙල් ඉඩමක වළදමා තිබියදී පසු දිනම (18) සොයා ගැනීමට හැකි විය.
පදලංගල, කුට්ටිගල, සියඹලාණ්ඩුව, බුද්දම හා ගතාර ප්‍රදේශයේ පදිංචි මෙම පාතාලයින් සතුව තිබි ඔවුන් පැමිණි වාහනයට සවිකිරීමට ගෙනැවිත් තිබූ ව්‍යාජ අංක තහඩු දෙකක් ද සොයාගෙන තිබිණි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණු දිනයේම මාකඳුරේ මධුෂ් විසින් පොලිස් සැරයන් සුනිල්ට කතා කර සිව් වතාවක් තර්ජනය කර තිබේ. පොලිස් සැරයන්වරයා කටුවන පොලිසියේ සිට කඹුරුපිටිය පොලිසිය බලා රාජකාරියකට පිටත් කර යැවූ අවස්ථාවේත් කඹුරුපිටිය පොලිසියේ සිටියදීම මාකඳුරේ මධුෂ් විසින් කතාකර ඇත.
“මම දන්නවා උඹ දැන් ඉන්නේ කඹුරුපිටිය පොලිසියේ කියලා. දීපන් ඔය ෆෝන් එක කඹුරුපිටිය ඕඅයිසිට” කියමින් මාකඳුරේ මධුෂ් යළිත් තර්ජනය කර ඇත.
“තමුසේ බයික් එකෙන්නේ වැඩට එන්නේ. මම එන පාරත් දන්නවා” යැයි ද මාකඳුරේ මධුෂ් තර්ජනාත්මක දුරකථන ඇමතුම්වලින් දන්වා ඇතැයි පොලිස් පොත්වල මේ සම්බන්ධව සටහන් යොදා ඇත.
මෙම තර්ජනය හේතුවෙන් පොලිස් සැරයන්වරයාගේ පවුලේ අය ආරක්ෂාව පතා ආරක්ෂිත තැනක රැඳවීමට තංගල්ල පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ නියෝග මත කටයුතු යොදා ඇත.
මේ සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ද විමර්ශන ඇරඹී ඇත.
මාකඳුරේ මධුෂ් මෙම පොලිස් නිලධාරියා යන එන තැන් හා කඹුරුපිටිය පොලිසියට පැමිණි මොහොත පවා සොයාගෙන දුරකථන ඇමතුම් දී ඇති බවත්, මධුෂ්ගේ ඔත්තුකරුවන් යොදවා එම කටයුතු කරගෙන යන බවත් අනාවරණය වී ඇත.
මාකඳුරේ මධුෂ් විසින් මීට පෙර තම කණ්ඩායම්වලට එරෙහිව විමර්ශන කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට පිළියන්දලදී වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ අතර මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල් දාස් ගුප්තාට මරණ තර්ජනය කිරීම සම්බන්ධව ද විමර්ශන සිදු කෙරිණි.
කළුතර එතනමඩලදී පාතාල නායක සමයං ඇතුළු කණ්ඩායමක් රැගත් බන්ධනාගාර බස් රථයට පහරදී පාතාලයින් හා බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසකට චෝදනා එල්ල වූ මාකඳුරේ මධුෂ්ට දැනට ජාත්‍යන්තර පොලිසියේ නිල් නිවේදනය නිකුත් කර තිබේ.

ක්‍රිකට් කණ්ඩායමක් විදියට බංගලාදේශ කණ්ඩායමේ පැහැදිලි වර්ධනයක් පහු ගිය කාලේ දකින්න ලැබුන කියන එක ගැන කවුරුවත් විවාද කරන එකක් නෑ.හැබැයි ඒ වර්ධනය ප්‍රතිවාදීන් පහලට දාල සමරන්න ඕන තරම් ලොකු වර්ධනයක්ද කියලනම් ප්‍රශ්නයක් තියනවා.බංගලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ජයග්‍රහණයන් වලදී හැසිරෙන විදිය ගැන හොඳම උදාහරණයක් අපිට නිදහස් කුසලානේදී දකින්න ලැබුනා.
නිදහස් කුසලාන තරඟාවලියේ අවසාන තරඟයට සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකාව පරදවපු බංගලියන්ගේ මේ විදියේ හැසිරීමක් අපි මුලින් දැක්කේ බංගලාදේශයේදී අවසාන වුන ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් තරඟාවලියේදී.ඒ තරඟාවලියේ ටෙස්ට් තරඟාවලියේ පලවෙනි තරඟයේ ශතක ලබාගත්ත මොමිනුල් හක් තමන්ගේ ශතකය සමරුවේ සතුටට වඩා කෝපයක් පිට කරන විදියට.මේ විදියට සතුටු වුන මොමිනුල් ඒ තරඟයේ ඉනිම දෙකේම ශතක ගත්ත,ඒක වාර්තාවක්,ඒ කියන්නේ බංගලාදේශ වාර්ථාවක්.මේ විදියේ දක්ෂකමක් පෙන්නපු පලවෙනි බංගලාදේශ පිතිකරුව තමයි මොමිනුල්.
හැබැයි වාර්තාව තිව්වට පස්සේ බංගලාදේශයේ මාද්‍ය වගේම මොමිනුල් හැසිරුනේ ඒ වාර්තාව තියපු ලෝකයේ පලවෙනි ක්‍රීඩකය හැසිරෙන විදියට.අපි සොයල බැලුව ඇත්තටම මොමිනුල් මෙහෙම හපන් කමක් කරපු පලවෙනි පිතිකරුවද කියල,ඒ බලද්දී තේරුනේ මේ දක්ෂතාවය මීට කලින් අවස්ථා 82 කදී පිතිකරුවෝ පෙන්නලා තියනවා.
1909 දී ඕස්ට්‍රේලියාවේ වරන් බ්‍රඩ්ස්ලේ කියන ක්‍රීඩකය තමයි මේ හැකියාව ටෙස්ට් තරඟයක මුලින්ම පෙන්නලා තියෙන්නේ,ඒ කාලේ වෙද්දී මොමිනුල් තියා මොමිනුල්ගේ සීයවත් ඉපදිල නැතුව ඇති.
ඊට පස්සේ අපි බැලුව මොමිනුල් වාර්තාව පිහිටවල අපේ අයට පෙනේ පිප්පුවේ අපේ අය මේ වාර්තාව මීට කලින් පිහිටවල නැද්ද කියල ඒ බලද්දී අපිට හමු වුනා අපි ටෙස්ට් වරම් ලබපු 1982 අව්රුද්දේම අපේ දුලිප් මෙන්ඩිස් මේ වාර්තාව පිහිටවල තියනවා කියල.දුලිප් මේ වාර්තාව තියල තියෙන්නෙ ඉන්දියාවේ චින්නසාමි ක්‍රීඩාංගනයේදී ඉන්දියාවට එරෙහිව තිබුන ටෙස්ට් තරඟයකදී.
ඊට පස්සේ බලාගෙන යද්දී අපිට හමුවුනා ලංකාවේ වර්තමාන ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහත් මේ දක්ෂතාව පෙන්වල තියනවා කියල ගුරා මේ දක්ෂතාවය පෙන්වල තිබුනේ වේගවත් තණතිලි තියන ආසියාවේ පිතිකරුවෝ හැමදාම අසරණ වෙන නවසීලන්තයේදී ,1991 දී තමයි ගුරා මේ විදියට ඉනිම දෙකේම ශතක අරගෙන තියෙන්නේ.
ඊට පස්සේ 1997 අව්රුද්දෙ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු අරවින්ද පාකිස්ථානය සහ ඉන්දියාවට එරෙහිව අවස්ථා දෙකක ශ්‍රී ලංකාවේ SSC ක්‍රීඩාංගණයේදී මේ හපන් කම කරලා තිබුන.
අරවින්දගෙන් පස්සේ 2009 අව්රුද්දෙ තිලකරත්න දිල්ශාන් මේ විදියට ටෙස්ට් තරඟයක ඉනිම දෙකේම ශතක ලබාගෙන තිබුනේ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව තිබුන තරඟයකදී බංගලාදේශයේ චිතගොං ක්‍රීඩාංගනයේදී.
ඊට පස්සේ නැවත 2013 වසරේදීයි 2014 දියි බංගලාදේශ කණ්ඩායමට එරෙහිවම කුමාර සංගක්කාර මේ විදියට ඉනිම දෙකේම ශතක ලබාගෙන තිබුන.ඒ එක තරඟයක සංගා ලබා ගත්ත ශතකයක් සංගා නතර කරලා තිබුනේ ලකුණු 319ක් ලබාගෙන.
ඔන්න ඔය විදියට තමයි බංගලාදේශ ක්‍රීඩකයාගේ වාර්තාවේ තියන වටිනාකම අපිට සංසන්දනය කරන්න වෙන්නේ.හැම වෙලාවෙම ඉහලට එන්න එන්න උඩඟු නොවී නිහතමානී වෙනවනම් බංගලාදේශ ක්‍රීඩකයන්ට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලත් හිතන එක හොඳයි,ඒ වගේම තමන් ඉන්න තැනත් හොඳට අවබොද කරගෙන වැඩ කලොත් තමන්ට යන්න අවශ්‍ය තැනට ඔවුන්ට යන්න පුළුවන් වෙයි කියලත් කියන්න පුලුවන්.