Blog

  • අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට එජාපයේ බහුතරයක සහය ලැබෙන ලකුණු – සියල්ල එලියට..

    අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට එජාපයේ බහුතරයක සහය ලැබෙන ලකුණු – සියල්ල එලියට..

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩුව සුදානම් වනවා. 

    ඒ සම්බන්ධයෙන් පෙරේදා (20) පැවති කැබිනට් රැස්වීමේදී ද අවධානය යොමුව ඇතැයි සඳහන්. 

    මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් 55ක් ඇතුළත්. ඉන් 51ක්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිව් දෙනෙකු ද ඊට අත්සන් තබා තිබුණා. නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ යන නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් එම සිව්දෙනායි.
     
    එහෙත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවකුත් මේ දක්වා ඊට අත්සන් තබා නැති වුවත් අප කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ විශ්වාසභංගයට අදාළ ජන්ද විමසීමේදී ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනෙකු ඊට සහාය දක්වනු ඇති බවයි.

    කෙසේ වෙතත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද විශ්වාසභංග යෝජනාවට සහාය දෙන පිරිස පිළිබදව අදහස් පළ කළා. අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරනු ලැබු පවු සෝදා ගැනීම පිණිස මෙම විශ්වාසභංගය ගෙන ආ බවයි.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (22) පැවැත්වෙනවා. 

    ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එමෙන්ම පක්ෂයේ ප්‍රතිසංවිධානයට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද තවදුරටත් සාකච්ජා කරනු ඇති.
    මේ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක් රැස්වීමක් ද අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

  • පතාලයේ කොස් මල්ලිට වැඩේ දෙන්න රට ඉන්න මාකඳුරේ මදූෂ් ගහපු සූක්ෂම සැලසුම හෙළිවේ .!

    පතාලයේ කොස් මල්ලිට වැඩේ දෙන්න රට ඉන්න මාකඳුරේ මදූෂ් ගහපු සූක්ෂම සැලසුම හෙළිවේ .!

    පතාල සමාජික “කොස් මල්ලි” වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම පොලිසීය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව අතිශය සූක්ෂම සැලසුම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධ පතාල නායක මාකඳුරේ මධූෂ් විසින් කොස් මල්ලි නමින් හැඳින්වෙන පතාල සමාජිකයාගේ මරණය සැලසුම් කර තිබෙන බව හෙළිව තිබේ.  

    කොස් මල්ලි නම් මෙම පතාල සමාජිකයා ඝාතනය කිරීමට පෙර ඩුබායිහි සැඟවී සිටින දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ්, වයිබර් තාක්ෂණය ඔස්සේ කොස් මල්ලි සමඟ සම්බන්ධ වෙමින් තමා පොලිස් බුද්ධි අංශ නිලධාරියකු මෙන් පෙනි සිටිමින් කොස් මල්ලි සූක්ෂමව රවටා , ඔවුන්ගේ කල්ලියේ තොරතුරු සියල්ල ලබා ගෙන තිබේ.

    තමන් මේ කතා කරන්නේ වෙස් වලාගත් පතාල නායක මාකඳුරේ මදුෂ් සමග නොව , සැබැ ලෙසම පොලිස් බුද්ධි අංශයේ නිළධාරියෙකු යැයි රැවටුනු කොස් මල්ලි විසින් , පොලිස් රැහැනෙන් ගැලවීමට සිය කල්ලියේ සමාජිකයන් , ඔවුන් කළ අපරාධ , ඔවුන් නැවති සිටින ස්ථාන ආදි රහස් තොරතුරු සියල්ල පවසා තිබෙනවා.

    මෙහිදි මදුෂ් විසින් මොහොමඩ් රිස්කාන් ඝාතන සිද්ධියේ තොරතුරු විමසා ඇතැයිද පොලිස් පර්යේෂණවලදී හෙළිදරව් වී ඇත.

    ඉකුත් පෙබරවාරි මස 16 වැනි දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී ඝාතනය කළ මොහොමඩ් රිස්කාන්ගේ ඝාතන සැලසුම සහ ඊට සම්බන්ධ පාතාල සාමාජිකයන්ගේ විස්තර කොස් මල්ලිගෙන් මධුෂ් මේ ආකාරයට දැන ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    එම විස්තර සියල්ල දැන ගැනීමෙන් අනතුරුව ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල් හා ගස්ලබු වගාබිමක පිහිටි පොල් ගසක බැඳ සිටි කොස් මල්ලිට මාකඳුරේ මධුෂ් තමා බුද්ධි අංශ නිලධාරියකු නොවන බවත් තමා මාකඳුරේ මධුෂ් බවත් දන්වා තිබේ.

    තමාගේ සහෝදරයකු වන මොහොමඩ් රිස්කාන් ඝාතනය කිරීම නිසා මෙලෙස ඔහුව ගෝඨාභයගමට රැගෙන ආ බවත් අලුයම වන විට ඔහුව මෝටර් රථයකින් කොළඹට රැගෙන යන බවටද මාකඳුරේ මධුෂ් කොස් මල්ලිට පවසා ඇත.

    එම සංවාදය අවසන් වනවාත් සමඟම දැනට අත්අඩංගුවේ පසුවන දකුණේ පාතාල සාමාජිකයකු වන අමිල කොස් මල්ලිට ටී 56 ගිනි අවියක් භාවිතයෙන් වෙඩි ප්‍රහාර හයක් පමණ එල්ල කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අමිල සම්පත්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත එම ටී 56 වර්ගයේ ගිනි අවිය සහ ඊට යොදන උණ්ඩ 6ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ වන විට සොයා ගෙන තිබේ.

    කොස් මල්ලි ඇසුරු කරන කොළඹ සමාජ ශාලාවක කාන්තාවකගේ ඥාතියකු මාර්ගයෙන් මාකඳුරේ මධුෂ්ගේ සමීපතයකු වන ගෝඨාභයගම ප්‍රදේශයේම පදිංචි ලොකු අයියා විසින් ඉකුත් 6දා දින පොතුවිල් ප්‍රදේශයේ සැඟවී සිට කොස් මල්ලිව ඝාතනය සිදුකළ ප්‍රදේශයට සැලසුමක් හරහා කැඳවා තිබිණි.

    නවාතැන් පහසුකම් ලබා දෙන මුවාවෙන් කොස් මල්ලිව ගෝඨාභයගම ප්‍රදේශයට කැඳවා තිබිණි. පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මව ඝාතනය වීමෙන් සහ ඔහුගේ පියා ඉන් පසු මධුෂ්ව අතහැර යෑමෙන් පසු ලොකු අයියා නැමැත්තාද මධුෂ්ව රැක බලා ගෙන ඇති බවද පොලිසිය පවසයි.

    ඒ හරහා ලොකු අයියා මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

    ඔහුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර ඝාතන සිද්ධියට කඹුරුපිටියේදී අත්අඩංගුවට ගත් අමිල සම්පත්, රාලහාමි ඇතුළු සැකකරුවන් සිවු දෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඊයේ කඹුරුපිටියේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් තිබේ.

    එම ඡායාරූපය සහ ඔහුගේ හිස කොටස හමු වූ ඡායාරූප පහතින්.

  • තරගයේ ආවේගයට විවේකාගාරයේ දොර කැඩු බංගලි නායක ශකීබ් ශ්‍රී ලංකාවට වන්දි ගෙවයි….

    තරගයේ ආවේගයට විවේකාගාරයේ දොර කැඩු බංගලි නායක ශකීබ් ශ්‍රී ලංකාවට වන්දි ගෙවයි….

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ හානි වූ ක්‍රීඩක විවේකාගාරයේ දොර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මුදල් ලබාදී තිබෙනවා. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් එක් ලක්ෂ 47,000ක්. 

    දොරට හානි සිදුව ඇත්තේ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් දොර විවෘත කිරීමට යාමේදී එය වේගයෙන් බිත්තියේ හැපීමෙන් බවයි අනාවරණ වුණේ. ක්‍රීඩක විවේකාගාරයට ආහාර සැපයූ හෝටල් සේවකයෙකු ලබාදුන් කටඋත්තරයක් මෙම කරුණු හෙළිකර ගෙන තිබෙනවා. ක්‍රීඩක විවේකාගාරයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් නොතිබූ බවද සඳහන්.
     
    නිදහස් කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී මෙම සිද්ධිය වාර්තා වුණා. 

  • ඉල්ලුම කඩාකප්පල් කරන්න රට යවන තේ වලට මුසු කරන ද්‍රව්‍යයක් ගැන සියළු තතු එලියට…

    ඉල්ලුම කඩාකප්පල් කරන්න රට යවන තේ වලට මුසු කරන ද්‍රව්‍යයක් ගැන සියළු තතු එලියට…

    තේවලට සීනි කලවම් කිරීමේ මහාපරිමාණ ජාවාරමක් තොරතුරු අණාවරණ වී තිබෙනවා. මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ දිවයින පුරා ක්‍රියාත්මක තේ කර්මාන්ත ශාලා 80කට ආසන්න සංඛ්‍යාවක මෙම කටයුත්ත සිදුවන බවයි. 

    ඒවා අතරින් 53ක් පිළිබඳ තහවුරු කළ වාර්තා ලබා ගැනීමට එම විමර්ශනයේ දී හැකි වී තිබෙනවා. 

    තේවලට සිනී කලවම් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ තේ පැකැට්ටුවේ බර වැඩිකර ගැනීමයි. එහෙත් එමගින් දීර්ඝ කාලීනව මෙරට තේ කර්මාන්තයට මෙන්ම තේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට ද හානි වන බවයි අප කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ. 

    මෙලෙස තේවලට කලවම් වී ඇති සීනිවල අඩංගු තෙත සහිත ස්භාවය හේතුවෙන් කල්යාමේදී එහි දිලීර හට ගැනීමේ අවදානමක් පවතිනවා. එසේ වුවහොත් ඒවා අපනයනයේදී ගැටළු මතු වීමේ ඉඩක් ඇති බවයි තේ ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයින් පැවසුවේ. 

    මේ සම්බන්ධයෙන් අප වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගෙන් විමසීමක් කළා.  අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කර්මාන්ත ශාලා 53ක් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් සමග ඉදිරියේ දී  සාකච්ඡා කර දැඩි ලෙස අවවාද කරන බවයි. එය නොතකා ඔවුන් ඉදිරියටත් කටයුතු කරන්නේ නම් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    ශ්‍රී ලංකාවේ සිට යවනු ලැබූ තේ බහාලූමක සිටි බව කියන කුරුමිණියෙකු හේතුවෙන් මෙරට තේ, තාවකාලිකව තහනම් කිරීමට පවා රුසියාව ඉකුත්දා පියවර ගත්තා. 

  • ජනපතිවරණයේදී සිදුවු දේ ගැන මම සමාව අයදිමි – ෆේස්බුක් අධිපතිගෙන් ආන්දොලනාත්මක ප්‍රකාශයක්

    ජනපතිවරණයේදී සිදුවු දේ ගැන මම සමාව අයදිමි – ෆේස්බුක් අධිපතිගෙන් ආන්දොලනාත්මක ප්‍රකාශයක්

    ඔබේ දත්ත ආරක්ෂා කිරීමට අපට වගකීමක් තිබෙනවා. නමුත් ඒ දේ අප විසින් සිදු නොකල නිසා අප ඔබට සේවය කිරීමට සුදුසු නැහැ. සිදුවූ දේ හරියටම අවබෝධ කර ගැනීමට සහ නැවත මෙවන් දේ සිදු නොවීමට මා වග බලා ගන්න වෙහෙසවී වැඩ කරන බවට ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය නිළ ෆේස්බුක් පිටුවේ දීර්ඝ සටහනක් තබමින් සිය සේවාදායකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. 

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී “කේම්බ්‍රිජ් ඇනලෙටික්” නම් බ්‍රිතාන්‍ය සමාගමක් විසින් ෆේස්බුක් ගිණුම් මිලියන 50 ක දත්ත අනවසරයෙන් පරිශීලනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පළමු වරට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    “මම ෆේස්බුක් ආරම්භ කළා. දවස අවසානයේදී අපගේ වේදිකාව මත සිදු වන දේ වලට අපියි වගකිව යුත්තේ. අපගේ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ගත යුතු දේ කිරීම ගැන මම බැරෑරුම්”. ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත ආරක්ෂා කිරීම සදහා නව ක්‍රියා මාර්ග කිහිපයක්ම ගන්නා බවට ඔහු මෙහිදී සදහන් කර සිටිනවා.

    ” ශුභාරංචිය අද සිට නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා වඩාත් වැදගත් ක්‍රියාමාර්ග අපි මීට වසර ගණනාවකට පෙර ගෙන තිබුනා. නමුත් අපිත් වැරැද්දක් කළා. ඒ වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්නට තිබෙනවා. අපි ඒ සඳහා පියවර ගනිමින් සිටිනවා ” යැයි ෆේස්බුක් නිර්මාතෘවරය සිය නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

    මාර්ක් සකර්බර්ග් සිය නිළ ෆේස්බුක් ගිණුමේ තබා තිබු සම්පුර්ණ නිවේදනය මෙතනින් :

  • අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයේදී ජ.වි.පෙ කරන්න යන දේ මෙන්න…

    අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයේදී ජ.වි.පෙ කරන්න යන දේ මෙන්න…

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන ඡන්ද විමසීමේදි ජනතා විමුක්ති පෙරමුණ ඊට පක්ෂව ඡන්දය ලබාදෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවා.

    අද ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු මතම නොව, තම පක්ෂයටද අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් පදනම් කරගනිමින් ගැටළු ඇති බවයි වැඩිදුරටත් ඔහු පැවසුවේ. මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයකදී ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

  • අපි හැමෝම “බෙන්නු” සමගින් සමුගන්න ලෑස්ති වෙමු.. ලෝක විනාශය ගැන අනතුරු අඟවයි

    අපි හැමෝම “බෙන්නු” සමගින් සමුගන්න ලෑස්ති වෙමු.. ලෝක විනාශය ගැන අනතුරු අඟවයි

    ලෝක විනාශය ගැන කාලෙන් කාලෙට එක එක කතා එළියට එනවා. නැවතත් ප්‍රථීවියට එන ලොකු අනතුරක් ගැන නාසා ආයතනයෙන් අනතුරු ඇඟවීමක් සිදුකරලා.

    ටොන් 9 ක් බර දැවැන්ත උල්කාවක් එනවා කියලා නාසා ආයතනය කියනවා. මේ දැවැන්ත උල්කාව නම් කරලා තියෙන්නේ “බෙන්නු”කියලා.

    මේ “බෙන්නු” වායුගෝලයට ඇතුල් වුණොත් ගොඩනැගිලි පවා විනාශ වෙලා විශාල ව්‍යසනයක් වෙනවා කියලයි නාසා ආයතනය කියන්නේ.

    යම් හෙයකින් මේ උල්කාව ප්‍රථිවිය දෙසට ආවොත් න්‍යස්ඨික අවි යොදාගෙන වෙනත් දිශාවකට හරවන්න උත්සහ කරනවා කියලත් ඔවුන් කියනවා.

    කොහොම වුණත් මේ උල්කාව ප්‍රථිවියේ ගැටෙන්න තියෙන අවස්ථාව 2700 කට එකක්. 2135 දි තමයි මේ උල්කාව ප්‍රථිවියට ඒවි කියලා විශ්වාස කරන්නේ.

     

     

  • ප්‍රේමදාස පිටියේ දොර කුඩු කළේ නායක ෂකීබ් අල් හසන්…. අැත්ත හෙලිවු හැටි මෙන්න…..

    ප්‍රේමදාස පිටියේ දොර කුඩු කළේ නායක ෂකීබ් අල් හසන්…. අැත්ත හෙලිවු හැටි මෙන්න…..

    පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් බංගලිදේශය හා ශ්‍රී ලංකාව අතර නිදහස් කුසලාන තරගය අවසානය කිට්ටුව කලබලකාරී තත්වයක් ඇති කරන ලද සිදුවීමෙන් පසු ප්‍රේමදාස පිටියේ බංගලිදේශ කණ්ඩායම ලැගුම් ගෙන සිටි විවේකාගාරයේ වීදුරු දොර තරගය අවසානයෙන් පසු කුඩුකර විනාශ කර තිබුණි.

    මෙය සිදු කළේ බංගලිදේශයේ ක්‍රීඩකයින් බව තහවුරුවූ නමුත් කවුරුන් කළේද යන්න ඒ දිනයේ හෙළිව තිබුනේ නැත.

    සිද්ධිය ගැන තරග තීරක පරීක්ෂණයක් ඇරඹූ අතර ආසන්නයේ සිටි ආපන ශාලා සේවකයෙකු සාක්ෂි දෙමින් කියා තිබුනේ විදුරුව කුඩු කළ අය බංගලිදේශ කන්ඩායමට අයත් බව හදුනාගත හැකිවුවද කවුරුන්ද යන්න තමන්ට හරිහැටි නිශ්චය කරගන්නට බැරි බවයි.

    පසුව මේ සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරමින් අලාබය ගෙවන්නට බංගලිදේශ ක්‍රිකට් ආයතනය කල් ඇතිවම දැනුම්දුන් නමුත් විනය විරෝධී කටයුත්තට දායකවූයේ කවුදැයි ඔවුන්ද නම් කර තිබුනේ නැත.කෙසේ වෙතත් සීසීටීවී විමර්ශනයෙන් පසු මේ සම්බන්ධව දැන් කරුණු හෙළිව තිබේ.

    ඒ අනුව බංගලිදේශ නායකයා හැටියට එදින කටයුතු කළ ෂකීබ් අල් හසන් එය සිදු කර ඇති බව සීසීටීවී දර්ශන වලින් තහවුරුවී තිබේ.

    එදින අවසන් ඕවරයේ කලබල කරමින් විනිසුරුවන්ට අභියෝග කිරීම හා කණ්ඩායමේ පිතිකරුවන්ට උද්ඝෝෂණයකට බලකරමින් පිටියෙන් පිටතට එන්නැයි සංඥා කරමින් නීතිරීති වලට පටහැණීව හැසිරීම නිසා ෂකීබ් සහ අනවශ්‍ය ආරවුලකට යාම සම්බන්ධයෙන් නුරුල් යන ක්‍රීඩකයින් දෙපළට සියයට 25 ක තරග මුදල් දඩයක්ද මෙහිදී පනවා තිබුණි. 

  • මහින්දගේ පොහොට්ටුවේ සභාපතිකම් සල්ලිවලට විකුණලා….!

    මහින්දගේ පොහොට්ටුවේ සභාපතිකම් සල්ලිවලට විකුණලා….!

    ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවුල් පාලනය පෙරටු කොටගත් පක්ෂයක් බව එම පෙරමුණෙන් තලාව ප්‍රාදේශිය සභාව වෙනුවෙන් තේරි පත් වූ එච් එම් අබේරත්න පවසා සිටිනවා.

    ඊයේ (20) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පවසා සිටියේ මුදල් බලයට පළාත් පාලන ආයතන වල තනතුරු තෝරා පත් කරන බවයි.

    “මේ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දි වැඩිම ප්‍රතිශතය ගෙනල්ලා දීලා තියෙන්නේ මම. මාර්තු 15 වෙනිදා වෙනකම් නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ මගේ නම තමයි සභාපති තනතුර වෙනුවෙන් තිබුණේ. නමුත් ඒ තනතුර අද වෙනකොට ටී එම් ආර් සිරිපාලගේ පුතා වන ඉන්දික නුවන් කුමාරට. තත්ත්වය නිවැරදි නොකළොත් බරපතළ ප්‍රතිවිපාක ඊලඟ ජනාධිපතිවරණයෙත්, මහමැතිවරණයේත් දිත් විපාක විදින්න වෙයි. මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. පැහැදිළිවම මම සියළු නායකයන්ට මේ චෝදනා එල්ලකරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේකේ වගකීම ගත යුතුයි. ජී එල් පීරිස් මැතිතුමත් මේකට වගකිව යුතුයි. එස් එම් චන්ද්‍රසේනත්, එස් එම් රංජිත් ද මේ වගකීම දරන්න ඕන කියලා පැහැදිළිවම මම කියනවා. පැහැදිළිවම පොහොට්ටු පක්ෂය පවුල් පාලනය ක්‍රියාත්මක වන පක්ෂයක් කියලා මම වගකීමෙන් කියනවා.” ඔහු පවසා සිටියා.

  • අම්පාරෙන් කරලියට අාපු රටම සෙවූ “වඳ පෙත්ත” මෙන්න…!

    අම්පාරෙන් කරලියට අාපු රටම සෙවූ “වඳ පෙත්ත” මෙන්න…!

    “වඳ පෙත්තක්” මම මෙසේ පෙන්වා දෙමි.
    “FANTASY Pills”
    “Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ.මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.
    මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති “ඇපල්” වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe pain killer) ලෙසටය.උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි.එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.
    “අඩෝ ඇපලක් නැද්ද?”
    “මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ…ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්”
    “අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? –ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!”
    “අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්..”
    “අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..”
    “අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාවා…….අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී..”
    “මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්”
    “මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?”
    “අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න්/225 නැද්ද?”
    “අඩෝ කබරය යන්න වගේ එනවා…”
    එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ “ඇපල්” පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද? එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය. කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම “ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන්‍ ය. එයිනුත් දෙදෙනෙකු හෝ “ඇපල්” වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත. “ඇපල්” කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.
    කවුරුත් මේ පිළිබඳව කතාවක් නැත.කතාව කොහෙදෝ යන තම්බියෙක් කෑම එකට දාපු පැනඩෝල් පෙත්තක් ගැනය.එක රොත්තට එකතු වී කසු කුසුව මුස්ලිම් වඳ පෙත්තක් ගැනය.මෙය පැහැදිලි “මෝඩකම” නොවේද? රටේ සිටින උගත් යැයි කියාගන්නා, කටපාඩමින්, පොත් පත් වලින් දාර්ශනය(philosophy) ඉගෙනගත්තු අධිරැඩිකල්,අධිදේශමාපක,අධිජාතිවාදි,අධිසමාජවාදී,අධිලිබරල්වාදී අති පණ්ඩිත ෆේස්බුක් මගින් තම දර්ශනය ව්‍යාප්ත කිරීමට සෑහෙන වෙර දරන සෝශල් නැති සෝශල් මීඩියා පිලෝසොෆර්ස් ලා මෑකරල් හේනට පැනපු ගිරවු වගේ ඔහේ කෑ ගසන්නේ කිසිදු පදනමක් හරයක් නැති තුට්ටු දෙකේ සිදුවීම් අල්ලාගෙනය. උන් එසේ බයිලා කැලිප්සෝ ගසන විට මෙහේ සිංහල ජාතියේ අනාගත වංශයම කෙමෙන් කෙමෙන් පණ නැතිවී අකර්මණ්‍ය වී යන්නේය.උන් උන් එසේ නොදැකපු වඳ පෙත්තක් ගැන දැක්කා සේ පොර ටෝක්ස් ඉසූ කරන වේලාව තුල ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම “වඳ” භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න කෑගැහුවනම් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.
    නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය…
    මේ එකක් විතරයි …….
    උපුටාගැනීමකි
  • අවසන් නිමේෂයේ සියල්ල උඩුයටිකුරු කරමින් මහින්ද කර අරී… විශ්වාසභංගය අද භාරදෙයි…

    අවසන් නිමේෂයේ සියල්ල උඩුයටිකුරු කරමින් මහින්ද කර අරී… විශ්වාසභංගය අද භාරදෙයි…

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් භාර දුන් විස්වාසභංගය මීට ස්වලල්ප වෙලාවකට පෙර කතානායක කරු ජයසූරීය වෙත භාර දීමට කටයුතු කරන ලදි, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පනස් පස් දෙනෙක් මෙම විස්වාසභංගයට අත්සන් කර තිබුණා.

    කෙසේ වෙතත් මෙම විස්වාසභංගයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොතිබීම විශේෂත්වයක් ,

    විස්වාසභංගයට අත්සන් තැබු මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව පහතින් ,

     

  • ජේම්ස් පැකර් කැසිනෝ පාලනයෙන් ඉවත් වෙයි….! අැත්ත හේතුව මෙන්න…

    ජේම්ස් පැකර් කැසිනෝ පාලනයෙන් ඉවත් වෙයි….! අැත්ත හේතුව මෙන්න…

    ඔස්ට්‍රේලියානු කෝටිපති ජේම්ස් පැකර් (James Packer) සිය කැසිනෝ ව්‍යාපාර ලෝකයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
    ‘කැසිනෝ රජු’ මානසික ව්‍යාධියකට ගොදුරුවීම එම ඉල්ලා අස්වීමට හේතුව හැටියට දක්වා තිබේ.
    ජේම්ස් පැකර්ගේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් සිය සමාගමේ සියලු වගකීම්වලින් ඉවත්වීමට ‘පැකර්’ අදහස් කරන බව සඳහන් කළේය.
    චීනයෙන් පිටත ක්‍රියාත්මක වෙන විශාලතම කැසිනෝ ව්‍යාපාරය ලෙස ලැයිස්තුගත කරනු ලැබ ඇති ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ (Crown Resorts) ව්‍යාපාරයේ කොටස්වලින් 50% කට මඳකට අඩු ප්‍රමාණයක් ජේම්ස් පැකර් (James Packer) සතු වෙයි.
    ජේම්ස් පැකර් (James Packer) දෙවතාවක් දික්කසාද වූ තැනැත්තෙකි.
    සූදු ව්‍යාපාරයේ ධන කුවේරයකු වන ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් ගේ ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ සමාගම කොළඹ නගරයේත් කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ අතර, වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එය අවලංගු කළ බව එම සමාගම 2015 වසරේ ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කළේය.
    සුඛෝපභෝගී කාමර 450 කින් යුත් හෝටලයක් ඇතුළත් සංචාරක කලාපයක් ඉදි කරමින් කොළඹ නගරය කලාපීය ‘කැසිනෝ මධ්‍යස්ථානයක්’ බවට පත් කෙරෙන එම ව්‍යාපෘතියට කලින් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් බදු සහන ලබා දී තිබුණ බවට එකල වාර්තා පළවෙමින් තිබුණි.
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 29 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එම ව්‍යාපෘතියට කලින් රජය ලබා දී ඇති බදු සහන සංශෝධනය කරමින් ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ (Crown Resorts) කැසිනෝ ව්‍යාපාරය සඳහා දී තිබුණ අනුමැතිය අවලංගු කළ බව කියා සිටියේය.
    එම ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ඉල්ලමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් එම අවධියේ විරෝධතා ව්‍යාපාර දියත් කළහ.
    ඒ අනුව වත්මන් පාලනය බලයට පත්වීමත් සමඟ ගත් තීරණයක් අනුව ව්‍යාපෘතිය නතර කරන බව ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ සමාගමේ ප්‍රකාශකයෙක් විද්‍යුත් තැපෑලෙන් තහවුරු කළ බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේය.
  • අනුෂ්කා ගැබ් ගනී? කෝලිගේ ආන්දෝලනාත්මක ටිවිටර් සටහනට සුබ පැතුම් ගලා ගෙන එයි…

    අනුෂ්කා ගැබ් ගනී? කෝලිගේ ආන්දෝලනාත්මක ටිවිටර් සටහනට සුබ පැතුම් ගලා ගෙන එයි…

    බොලිවුඩයේ ජනප්‍රිය යුවළක්වන සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ ඔහුගේ බිරිඳවන බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මාට පසුගිය දිනක සමාජ මාධ්‍ය මිතුරන්ගෙන් සුබ පැතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒ අනුෂ්කා ගැබි ගෙන ඇති බවට උපකල්පනය කරමින්.

    මෑතකදී විරාට් කෝලි විසින් සිය ටිවිටර් ගිණුම හරහා පළ කර තිබූ අදහසකට අනුව ඔවුන් මෙලෙස උපකල්පනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

    ඒ අනුව ඔහු පවසා තිබුණේ මෙවැන්කි..”There’s a lot that’s happening right now. Fill you guys in real soon!” යනුවෙනි.

    මෙම අදහස කියවූ ඔහුගේ සමාජ මාධ්‍ය මිතුරන් අනුෂ්කා ගර්භනී තත්වයට පත්ව ඇති බවට උපකල්පනය කරමින් අනාවැකි කීමට පටන් ගෙන තිබුණා.

    කෙසේ වෙතත් මෙය උපකල්පනයක්ම පමණක් බවත් අනුෂ්කා ගැබ් ගෙන නොමැති බවත් ඉන්දීය මාධ්‍යවල පළවී තිබෙනවා.

    එහි ඡායාරූප පහතින්…

     

  • ශලනිලා සාරංගලා Hot ඩාන්ස් දාපු දින්ක්ෂිගේ උපන්දින සාදයේ ඔබ නොදුටු ඡායාරූප මෙන්න

    ශලනිලා සාරංගලා Hot ඩාන්ස් දාපු දින්ක්ෂිගේ උපන්දින සාදයේ ඔබ නොදුටු ඡායාරූප මෙන්න

    දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රූපවාහිණියට ළබැඳි චරිතයක්. සිනමාවෙන් ද ඇයගේ සුවිශේෂී දක්ෂතා දකින්න ලැබෙනවා. කලා පවුලකට සම්බන්ධ ඇයගේ උපන්දිනය පසුගිය දිනෙකට යෙදී තිබුණා.

    කලා ලොවේ ජනප්‍රිය තරු රැසක් ඒ සඳහා සහභාගී වුණා. ඒ වගේ ම එහි දී ඔවුන් දිනක්ෂි ව පුදුමයට පත් කරන්නත් කටයුතු කරලා තිබුණා.

    එහි ඡායාරූප පහතින්…..

    SHARE
  • වයස 22දී මගේ ජිවිතේ අපායක් කළේ ඔහුයි හිටපු ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන්ගේ පෙම්වතිය කියයි

    වයස 22දී මගේ ජිවිතේ අපායක් කළේ ඔහුයි හිටපු ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන්ගේ පෙම්වතිය කියයි

    හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ පාලනය යටතේ ගෙවුණු 1998 වසර ඇමරිකානු ඉතිහාසයේ සටහන් වන්නේ ව්‍යසනකාරී සමයක් ලෙස ය. ඒ සාමාන්‍යයෙන් එවන් අර්බුදයකට හේතුපාදක වන ආකාරයේ ත්‍රස්ත ප්‍රහාරයක්, බෝවන රෝග වසංගතයක ව්‍යාප්තියක්, ස්වභාවික ආපදාවක්, යුදමය වාතාවරණයක් හෝ වෙනත් එවැනි භෞතිකමය විනාශකාරී තත්ත්වයක් නිසාවෙන් නොවේ. ජනපති බිල් ක්ලින්ටන් කේන්ද්‍රකර ගත් අපවාදයක් නිසාය. භෞතික වශයෙන් අලාභ හානි සිදුනොවුණද ත්‍රස්ත ප්‍රහාරයකට හෝ ස්වභාවික ආපදාවකට වඩා ප්‍රබල ලෙස එය ලෝක බලවතා කැළඹීමට සමත් විය. ඉන් හටගත් ආන්දෝලනය කෙතරම් දරුණු වුවාද යත් ජනපති ක්ලින්ටන් බලයෙන් පහා කිරීමට දෝශාභියෝගයක් ගෙන ඒම දක්වාවූ අන්තයකට එය විහිද ගියේය.

    මාස දහතුනක කාලයක් පුරා ඇමරිකාව වෙළාගෙන තිබූ මෙම ‘අවාසනාවන්ත බන්ධනයෙන්‘ එල්ලවූ බලපෑම අදටද පහව ගොස් නැත. එවක් පටන් ගෙවුණු විසි වසර තුළදී, ‘ඇය‘ පවසන ආකාරයට එම අපවාදය පිළිබඳ මාධ්‍ය ඔස්සේ අවම වශයෙන් එක්වරක් හෝ සඳහන් නොකෙරුණු දිනයක් නැත. ඇය ක්ලින්ටන්ගේ ජනපති ධුරය තර්ජනයට ලක් කිරීමට හේතුවූ අපවාදය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ තැනැත්තියයි. ඇය ‘මොනිකා ලෙවින්ස්කි‘ ය. ධවල මන්දිරයේ සේවයේ නියුතු ළාබාල නිලධාරිනියක ලෙස, ලෝක බලවතා වූ, වයස අවුරුදු විසිහතකින් වැඩිමහලු තමාගේ ප්‍රධානියා සමඟ අනියම් පෙම් දමක පැටලී ලෝකයෙන් ගැරහුමටත්, අපවාදයටත් ගොදුරුවූ තැනැත්තියයි.‍

    හිටපු ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන් හා මොනිකා ලෙවින්ස්කි අපවාදය ලොවට හෙළිකළ ‘ස්ටාර් විමර්ශනය‘ කරළියට පැමිණ හරියටම විසි වසරක් සම්පූර්ණ වන්නේ මෙම මාසයේදී ය. විසි වසරක් ගෙවුණද අදටත් ක්ලින්ටන්- ලෙවින්ස්කි අපවාදය ජගත් මාධ්‍යන්ට උණුසුම් පුවතකි. ලෙවින්ස්කි පවසන පරිදිම එම සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය විසින් සඳහන් නොකළ දිනයක් තවමත් උදාවී නැත. එම අපවාදය කරළියට පැමිණි මුල් දින දහයේදී පමණක් ‘ද වොෂින්ටන් පෝස්ට්‘ පුවත්පත ඒ සම්බන්ධයෙන් ලිපි එකසිය විසිපහක් පළකොට තිබිණි. ප්‍රසිද්ධියේ ලෝකයාගෙන් ගැරහුමටත්, අපහාසයටත් ලක්වීම නිසාවෙන් හටගත් මානසික ආතතිය හේතුවෙන් ලෙවින්ස්කි පුරා වසර දහසයක් ලොවෙන් සැඟවී හුදකලාව සිටියාය.

    මාධ්‍ය විසින් ඇගේ ආත්ම ගෞරවය කීතුකර දැමු එම චිත්ත ව්‍යසනකාරී සමයේදී ඇගේ ළඟින්ම සිටියේ ඇගේ මව, පියා ඇතුලු පවුලේ සමීපතමයින් පමණි. 2014 වසරේදී ඇය පළමුවරට ‘වැනිටි ෆෙයාර්‘ සඟරාවේ ලිපියක් පළ කරමින් සිය වේදනාකාරී අත්දැකීම පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමට පෙළඹුණා ය. එම අපවාදය කරළියට පැමිණ විසි වසරක් සම්පූර්ණ වන මෙම මාසයේදී යළිත් ඒ පිළිබඳ විවරණයක යෙදීමට වඩාත්ම සුදුසු කාලය එළැඹ ඇති බවට සැකයක් නැත. ඒ එම යටගියාව සම්බන්ධයෙන් ලෙවින්ස්කි ලබාගෙන ඇති පරිණතභාවය නිසා පමණක්ම නොව ‘MeToo’ ව්‍යාපාරය කරණකොටගෙන ලිංගික අපයෝජනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් ලෝක ප්‍රජාව අතර වර්ධනය ඇති සහයෝගීතාවද නිසාය. පසුගියදා මොනිකා ලෙවින්ස්කි වැනිටි ෆෙයාර් සඟරාවේ පළකළ ලිපියකින් එම අපවාදයෙන් විසි වසරකට පසු ආත්ම හා සමාජ විවරණයක යෙදුණේ ‘MeToo’ ව්‍යාපාරයෙන් දළුලා ඇති ජාත්‍යන්තර උද්යෝගය එඩියක් කර ගනිමිනි.

    පසුගිය වසරේ නත්තල උදාවට පෙරදින රාත්‍රියේදී ලෙවින්ස්කි කිසිදා බලාපොරොත්තු නොවූ ආකාරයේ අත්දැකීමකට මුහුණ දුන්නාය. ඊට වසර දහයකට පෙර ඇය ඊට මුහුණ දුන්නා නම් ඇය පැන දුවන්නට බෙහෙවින් ඉඩ තිබිණි. සිය මවුපියන් සමඟ මෑන්හැටන් නුවර ග්‍රැමර්සි උද්‍යානයේ පැවති කැරොල් ගායනයකට සහභාගිවී රාත්‍රී භෝජනයට අසළවූ අවන්හලකට ගොඩවැදුණු ඇගේ දෙනෙත් එක්වරම නතරවූයේ ‘ඔහු‘ වෙතය. මෙවැන්නකට තමා පෙළඹේයැයි කිසි දිනක නොඇදහු ලෙවින්ස්කි ‘ඔහු‘ හමුවට ගොස් කතා කළේ විශ්වාසයකින් තොරවය. කිසිදා මුහුණට මුහුණ හමුව නොතිබුණද අසා හා දැක තිබු දේ ඇසුරින් තමා කළ හඳුනාගැනීම නිවැරදි බැව් ඇයට තහවුරුවූයේ තමා ‘කෙන් ස්ටාර්‘ ලෙස ඔහු තමා හඳුන්වා දුන් විටය. කෙන් ස්ටාර් යනු බිල් ක්ලින්ටන් ජනපතිවරයා බලයෙන් පහා කිරීම දක්වා අන්තයකට රට ගෙන ගිය ආන්දෝලනයට මුල්වූ ‘ස්ටාර් විමර්ශනයේ‘ පුරෝගාමියා ය.

    “අපි දෙන්නගේ ප්‍රේමයේ අපවාදය ජාත්‍යන්තරය හමුවට ආවේ ඔහු නිසයි…එතකොට මගේ වයස අවුරුදු 22යි. මගේ ජිවිතේ අපායක් කළේ ඔහුයි…අපි දෙන්නගේ ප්‍රේම සම්බන්ධය ගැන ධවල මන්දිර නිලධාරියකු වූ කෙන් ස්ටාර්ගේ කාර්ය මණ්ඩලයට ඒ සඳහා එෆ්.බී. අයි. ආයතනයේ සහාය නොමඳව ලැබුණු ලැබුනා කියලා මට මතකයි.. මාව පෙන්ටගනය අසළවූ හෝටලයකට බලහත්කාරයෙන් අරගෙන ගිහින් විමර්ශයට සහාය නොදැක්වුවහොත් වසර විසිහතක් සිරගෙට යවන බවට තර්ජනය කළා..”

    ඇය එසේ කියන්නීය.

    ක්ලින්ටන් ජනපති ධුරයෙන් පහ කිරීමට ඔහු ගෙන ආ චෝදනා වූයේ අධිකරණයට බාධා කිරීම හා ලෙවින්ස්කි සමඟ අනියම් සම්බන්ධයක් පැවැත් වූයේ නැති බව කියමින් ජනපති ලෙස දුන් දිවුරුමට බොරු කිරීමය. ඔහු සිය ආධිපත්‍යයෙන් ත්‍රස්ත කළේ ලෙවින්ස්කි පමණක් නොවේ. ඔහු ඇගේ මව, පියා, නැන්දණිය ඇතුලු පවුලේ සාමාජිකයින්ද එම අපවාදයේ ශාපයට ඇද දැමුවේය. එවන් කඨෝර පුද්ගලයකු ‘මනුෂ්‍ය ජිවියකු‘ ලෙස ලෙවින්ස්කි පළමුවරට හඳුනා ගත්තේ එදිනය. ඒ එදින කෙන් ස්ටාර්ද එහි පැමිණ සිටියේ ඔහුගේ පවුලේ සාමාජිකයින් සමඟ බැවිනි. විසි වසරකට පෙර සිදුවූ දෙය ගැන කණගාටුව පළ කරන බවක් ඇඟවූවද කෙන් ස්ටාර් කිසිවිටෙක ලෙවින්ස්කිගෙන් සමාව ඉල්ලා සිටියේ නැත. විසි වසරකට පෙර සිටි කෙන් ස්ටාර්ට වඩා අද සිටින කෙන් ස්ටාර්ගේ වැඩි වෙනසක් සිදුව නැති බව ඇය වටහා ගත්තාය. නමුත් එදා බියෙන් හා ලජ්ජාවෙන් ලෝකයෙන් මුලුගැන්වුණු මොනිකා ලෙවින්ස්කිට වඩා අද එම අපවාදයෙන් පන්නරය ලබා, එහි අලු දූලි මතින් නැඟී සිටින මොනිකා ලෙවින්ස්කි බෙහෙවින් ශක්තිමත් බව එම සිදුවීම ඇයට අවබෝධ කෙරෙව්වාය. එම ශක්තිය ඇයට ලබා දුන්නේ ‘සැටනික් වර්සස්‘ ලියා මරණ තර්ජනයට ලක්වූ සුප්‍රකට සම්මානනීය ලේඛක ‘සල්මන් රුෂ්ඩිගේ‘ දැක්මය.

    “තමාගේ ජිවිතය පුරා බල පවත්නා කතාව මතත්, එය යළි පැවසීමටත්, ඒ ගැන නවතාවයකින් සිතන්නටත්, එය බිඳ දමන්නටත්, ඒ දෙස උපහාසයෙන් බලන්නටත්, කාලයත් සමඟ එය වෙනස් කිරීමටත් බලයක් නැත්තෝ සැබවින්ම දුර්වලයන් ය. මොකද එයාලට බැහැ අලුතින් දෙයක් හිතන්න“

    විසි වසරක් ලෙවින්ස්කි ගතකළේ මෙම සත්‍යතාව පිළිගනිමින් එය සිය ජීවිතයට බද්ධ කරගැනීමටය. එය ඇයට කිසිසේත් පහසු නොවීය. මහජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීම හා කොන්කිරීමට ලක්වීම නිසාවෙන් ඇය අත්විඳි චෛතසික කම්පනය ඇය ‘පශ්චාත් කම්පන ආතතිමය සංකූලතාවේ‘ ගොදුරක් බවට පත් කළේය. නමුත් එම මානසික රෝගයත් සමඟ ඇය අත්විඳි කම්පනය ජාතික වශයෙන් ඇමරිකාව අත්විඳි කම්පනයක ක්ෂුද්‍ර නියෝජනයක් විය. ඉන් විසි වසරකට පසු ජනපති ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ගෙවෙන දෙවන වසරේදී ඇමරිකාව මුහුණ දෙමින් සිටින තත්ත්වයේ එදාට වඩා වැඩි වෙනසක් සිදුව නැත. එකම දෙය එදා ක්ලින්ටන්-ලෙවින්ස්කි අපවාදයෙන් ඇති කළ කම්පනය තරම් කම්පනයක් අද ‘බිල් කොස්බි-අයිල්ස්-ඕ රෙයිලි-වෙයින්ස්ටයින් හා ස්පේසි‘ යන පුද්ගලයන් කේන්ද්‍රකරගත් ලිංගික අපචාරවලින් පිරිපුන් මෙකල ඇති නොවීමය.

    වෙබ් අඩවි ජාල හඳුන්වාදී වසර පහකට වඩා ගතව නොතිබුණු එම යුගයේදී ලෙවින්ස්කි-ක්ලින්ටන් අපවාදය අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කිරීමට තීරණය කළේ නියෝජිත මණ්ඩලයේ රිපබ්ලිකන් පාක්ෂික අධිකරණ කමිටුව විසිනි. එවිට කෙන් ස්ටාර් කොමිසම විසින් එකී තොරතුරු ඔවුන් අතට පත්කොට ගතව තිබුණේ දෙදිනක් පමණි. අන්තර්ජාලය නැතිව වුවද ඒ වන විටත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කරුණු හා මතවාදත්, ප්‍රවෘත්ති හා ඕපාදූපත්, පෞද්ගලිකත්වය හා මඩගැසීමත් අතර වෙනසක් නැතිවන තරමට සත්‍ය විකෘතිකොට තිබිණි. එහෙව් තත්ත්වයකදී මෝඩමයක් ඇති ඕනෑම අයකුට අන්තර්ජාලයට පිවිස තමාගේ අතිශයින්ම පෞද්ගලික ‘කුණු කන්දල්‘ බාගත කිරීමට ලැබීම ලෙවින්ස්කිට ගෙනදුන් කම්පනය අමුතුවෙන් කිව යුතු නොවේ. සිය සැමියාගේ අනඟ රැඟුම් එළිවත්දී හිටපු රාජ්‍ය ලේකම්වරියවූ හිලරි ක්ලින්ටන් ආත්ම ගරුත්වය රැකගත්තේ එම සමස්ත සිදුවීම ‘දක්ෂිණාංශිකයන්ගේ දැවැන්ත කුමන්ත්‍රණයක්‘ ලෙස හුවා දක්වමිනි.

    ඉන් අනතුරුව ගෙවුණු දශක දෙකක කාලය ලෙවින්ස්කි ගතකළේ බිඳී විසිරුණු ආත්මය සුවපත් කර ගැනීමටය. පවුලේ සාමාජිකයින්ගේ හා මිත්‍ර සහාය කොතෙකුත් ලැබුණද ඇයට දැණුනේ පුදුමාකාර තනිකමකි. ඊට ප්‍රධානම හේතුව වූයේ එම වේදනාකාරී සිදුවීමට මුල්වූ, කලකදී ඇය සමඟ අතිශයින්ම සමීප ලෙස සබඳකමක් ගෙනගිය එම පුද්ගලයාද ඇය අත්හැර දැමීමය. මෙබදු සිදුවීමකදී හුදකලා කිරීම යනු පැමිණිලිකාර පාර්ශ්වය සතු ප්‍රබලම අවියකි. එසේ වුවද මෙම සිද්ධිය අද වැනි කාලයක සිදුවූවා නම් තමා මෙතරම් හුදකලා නොවන බැව් ලෙවින්ස්කිට විශ්වාස ය. ඒ ‘MeToo’ ව්‍යාපෘතියත් සමඟ ලිංගික අපයෝජනයට ලක්වූ කාන්තාවන් අප්‍රමාණ සංඛ්‍යාවක් එකිනෙකාගේ සහාය පතා පෙරට පැමිණෙන්නට පටන් ගැනීමෙන් ඇතිව තිබෙන ප්‍රබෝධය නිසාවෙනි. එලෙස විශාල පිරිසක් තම තමන්ගේ කතා ප්‍රසිද්ධියේ බෙදාහදා ගැනීමට ඉදිරිපත්වීම නිසා එය මහජන මතයක් ගොඩනැඟීම දක්වා දුරදිග යාමට ඉවහල්ව තිබේ. පසුගිය දිනකදී ‘MeToo’ ව්‍යාපාරයට පුරෝගාමී වූ කාන්තා නායිකාවක විසින් ලෙවින්ස්කිට එදා විඳි තනිකම පිළිබඳව අවංකවම කණගාටුව පළකොට තිබුණාය. එදා 1998 වසරේදී තමාට පිළිලයක් වූ අන්තර්ජාලයේම සුළුදරුවකු බඳුවූ සමාජ මාධ්‍ය ජාල අදවන විට තමා වැනි මිලියන සංඛ්‍යාවක්වූ කාන්තාවන්ගේ ගැලවුම්කරුවකු බවට පත්ව තිබීම ලෙවින්ස්කි දකින්නේ ජයග්‍රහණයක් ලෙසය. අද සමාජ මාධ්‍ය ජාල සතු මෙම බලය ඇය හඳුන්වන්නේ එදා තමා වැනි වින්දිතයන්ට අහිමි, එහෙත් ජනපති හා ඔහුගේ අතකොලුවලටත්, කොංග්‍රසයටත්, අභිචෝදකයින්ට හා මාධ්‍යවලට සීමා වූවක් ලෙසය.

    ‘MeToo’ ව්‍යාපෘතිය හුදෙක් ලිංගික අපයෝජනයන්ට ගොදුරුවූ කාන්තාවන් නියෝජනය කෙරෙන්නක් වන බැවින් ලෙවින්ස්කිගේ ධවල මන්දිර අත්දැකීමට එහි තැනක් නැති බව ඇතමුන්ගේ අදහසයි. නමුත් ලෙවින්ස්කි පවසන පරිදි එය ‘බලයෙන් අයුතු ලෙස අයථා ප්‍රයෝජන ගැනීමක්‘ බව ප්‍රතික්ෂේප කළ නොහැක. 2014 වසරේදි ප්‍රථම වරට ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරමින් ඇය තරයේම කියා සිටියේ බිල් ක්ලින්ටන් හා තමා අතර වූයේ දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව හටගත් සම්බන්ධයක් බවයි. අපයෝජනයක් සිදුවූවා නම් එය සිදුවූයේ සියල්ල හෙළි වීමෙන් පසු ඔහුගේ තනතුර හා තත්ත්වය රැක ගැනීමේ අරමුණින් ඇය පිට වරද පැටවීමේදීය. ‘MeToo’ නිසා නොවේ නම් හතළිස්හතර වන වියේදී වුවද එම සිදුවීම සම්බන්ධයෙන් තමාගේ මතය වෙනස් නොවන්නට බෙහෙවින් ඉඩ තිබූ බව ඇය පිළිගන්නීය. දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව එවැනි සම්බන්ධයක් ඇතිවු බව ඇය කියා තිබිණි. නමුත් ලොව ප්‍රබලම ජනපතිවරයා හා සිය පළමු රැකියාව ලෙස ධවල මන්දිරයේ සේවයට පැමිණි තමා අතර තත්ත්වයෙන් හා බලතලවලින් තිබු අහසට පොළව වන්වූ පරතරය, ඇගේ පාර්ශ්වයෙන් එකඟතාවක අවශ්‍යතාව නිෂේධ කරන්නට ඇති බවද ඇය පිළිගන්නීය.

    ‘MeToo’ යනු මොනිකා ලෙවින්ස්කි වැනි පුරුෂාධිපත්‍යය විසින් යට ගසන්නට උත්සාහ කළ දහස් සංඛ්‍යාත කාන්තාවන්ගේ නැඟී සිටීමේ සංකේතයකි. එය එලෙස බලහත්කාරයෙන් නිහඬ කෙරූ ඇය වැනි කාන්තාවන්ගේ එඩිතර ආත්ම ශක්තියේ හඬයි. ‘MeToo’ හි නැඟි සිටිම මෙම පුරාණ මෙක්සිකානු කියමනේ සත්‍යතාව කදිමට ඔප්පු කරන්නකි.

    “ඔවුන් අප වළලන්නට උත්සාහ කළා. නමුත් එයාලා දැනන් හිටියේ නැහැ අපි රෝපණය වන්නට පෙරුම් පුරන බීජ කියලා“

  • Irajගේ ගිනියම් රෑ උණුසුම් කල කිරිල්ලී – චමත්කාගේ විවාහ ගිවිසගැනීමේ විශේෂ අවස්ථා මෙන්න..

    Irajගේ ගිනියම් රෑ උණුසුම් කල කිරිල්ලී – චමත්කාගේ විවාහ ගිවිසගැනීමේ විශේෂ අවස්ථා මෙන්න..

    ඔයාලට මතක ඇති ඉරාජ්ගේ ගිනියම් රෑ. මෙහි රංගනයේ යෙදුනු චමත්කා ලක්මිණි පසුගිය කාලයේ ලංකාවේ තරුණ පරපුරේ වැඩිම ආකර්ෂණයක් ලැබූ කෙනෙක් වුනා. අද අපිට වාර්තා වෙන්නේ පසුගිය දිනක හොර රහසේම විවාහ ගිවිස ගෙන ඇති බවටයි. වැඩි සද්දයක් නැතිව සිදුවුණු මෙම ගිවිසගැනීම මාධ්‍ය වලින් වසන් කිරීමට ඔව්න් වග බලා ගෙන තිබුනා. පෞද්ගලිකත්වය සියළුම දේට වඩා වටිනා නිසාම මෙසේ සිදු කරන්න ඇති බවටයි අපි විස්වාස කරන්නේ. අපිට ආරංචි විදිහට ලබන වසරේ චමත්කා ගේ විවාහය සිදුවීමට නියමිතයි. තුන්මුල්ල අපි, චම්ත්කාට ඇයගේ මේ අළුත් ජිවිතයට සුභපතනවා.

    ගිවිසගැනීමේ චයාරුප පහතින් බලන්න,