Blog

  • ජනපති මෛත්‍රී හා කු.පා.ම මහින්ද අතර දුරකථන සංවාද දෙකක්.. කතා කරපු දේවල් මෙන්න…

    ජනපති මෛත්‍රී හා කු.පා.ම මහින්ද අතර දුරකථන සංවාද දෙකක්.. කතා කරපු දේවල් මෙන්න…

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර දුරකතන සංවාද දෙකක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා වී ඇති බවයි වාර්තා වන්නේ.

    ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසුව රට තුළ ඇති වූ දේශපාලන තත්ත්වයත් සමග ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් සිදු කිරීමට ඇමතිවරුන් ප‍්‍රබල උත්සාහයකද නිරත වුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයේ කැබිනට් සංශෝධනයද මේ දක්වා සිදුවී නැහැ.

  • ශ්‍රී ලංකා – බංගලි තරගය අවසානයේ නායක මුෂ්ෆිකර් පෙනේ පිප්පුවේ කාටද ? ඇත්ත මෙන්න..

    ශ්‍රී ලංකා – බංගලි තරගය අවසානයේ නායක මුෂ්ෆිකර් පෙනේ පිප්පුවේ කාටද ? ඇත්ත මෙන්න..

    නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණයේ නියුමුවා වූ මුෂ්ෆිකර් රහීම් එවැනි ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළේ වත්මන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට එකටඑක කිරීමට බව බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (10) පැවැති තරගායේදී ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහරදෙමින් සිය පන්දුවාර 20 අවසානයේ රැස්කළ ලකුණු 214 පසුපස හඹා ගිය බංග්ලාදේශ පිල කඩුලු 5ක විශිෂ්ට ජයක් ලබා ගත්තේය.

    බංග්ලාදේශ පිලේ එම ජයග්‍රහණයට විශේෂයෙන් දායකවූයේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම්ය.

    ඔහු පන්දු 35කදී ලකුණු 72ක් නොදැවී ලබාගනිමින් බංග්ලාදේශයට විස්සයි 20 ඉතිහාසයේ වාර්තාගත ජයක් අත්කර දුන්නේය.

    මීට මාස කිහිපයකට පෙර බංග්ලාදේශ පිල දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ නායකත්වය දැරැවේ මුෂ්ෆිකර් රහීම්ය. එම සංචාරයේදී බංග්ලාදේශ පිලේ පුහුණුකරු වූයේ චන්දික හතුරුසිංහය.

    බංග්ලාදේශ පිල එම සංචාරයේදි අතිශයින්ම අසාර්ථක වූ අතර කණ්ඩායම තුළ ද ප්‍රශ්න රැසක් හටගත්තේය.

    එහිදී හතුරුසිංහ හා මුෂ්ෆිකර් අතරද මත ගැටුම් හටගත් අතර හතුරුසංහගේ පැමිණිල්ලක් මත බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් මුෂ්ෆිකර් නායකත්වයෙන් නෙරපන්නට කටයුතු කරන ලදී.

    ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා පිල පරාජයට පත් කළ අවස්ථාවේදී මුෂ්ෆිකර් නාග නැටුමක් රඟ දැක්වූයේද හතුරුසිංහට බව කියවේ.

    තරග ජයග්‍රහණයෙන් පසුව සිය හෝටලයට ගිය බංග්ලාදේශ පිල අද හිමිදිරි පාන්දර දක්වාම සාද පැවැත්වූ බවද මේ අතර අප වෙත වාර්තා වේ.

    මේ වන විට නිත්‍ය පුහුණුකරුවකු නොමැති බංග්ලාදේශ පිලේ වැඩි දෙනෙකුට හතුරුසිංහ අරහං බවද වාර්තා වේ.

  • ෆේස්බුක් තහනම ඉවත්වෙන දිනය ගැන ඩිජිටල් ඇමති හරීන් කියන අමුතු කතාව මෙන්න..

    ෆේස්බුක් තහනම ඉවත්වෙන දිනය ගැන ඩිජිටල් ඇමති හරීන් කියන අමුතු කතාව මෙන්න..

    සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම අද (12) දිනයේදී බොහෝ දුරට ඉවත්වෙනු ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “ වෛරී ප්‍රකාශ හා ළමා අසභ්‍ය දර්ශන සිංහලයෙන් පළවී ඇති හෙයින් ඒවා ඉවත් කිරීමට තරමක කාලයක් ගතව තිබෙනවා. ඒ වගේම එම සමාගම්වලට සිංහල භාෂාවෙන් පළවී ඇති දෑ පාලනය කරන්න ඔවුන්ට ප්‍රමාණවත් සම්පත් තිබී නෑ. ඒ නිසා අපි ඔවුන් සමග සාකච්ඡා කළා මෙවැනි පොස්ට් ඉවත් කරන්නේ කෙසේද කියා.” යැයි ප්‍රකාශ කළේය.

    මේ පිළිබඳව කටයුතු කිරීමට තම අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය පවරා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

  • බිරිද මදිවෙලා ගැහැණු 300 ක්( නිළියෝ 40ක්) එක්ක හිටපු කොළඹ කෝටිපති පුතාගේ කතාව මෙන්න

    බිරිද මදිවෙලා ගැහැණු 300 ක්( නිළියෝ 40ක්) එක්ක හිටපු කොළඹ කෝටිපති පුතාගේ කතාව මෙන්න

    ජීවිතය හදා ගැනීමට කොතරම් කලක් ගත උනත් ජීවිතය විනාස කරගැනීමට ගත වන්නේ එක තත්පරයක වැරදි සිතුවිල්ලක් පමනි.
    පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානය කුඩු නිසා වැනසුණු ජීවිත මෙන්ම වැරදි පුරුදු නිසා විනාස උනු ජීවිත යහමගට ගැනීමට හරි මග පෙන්වන වෙද පන්සලකි. පන්සලේ ජීවකයාණෝ කුප්පියාවත්තේ බෝදානන්ද හාමුදුරුවෝය.
    උන්වහන්සේ කුඩු බී විනාශ වූ තරුණ ජීවිත සුවපත් කිරීමට බෙහෙත් ගුලි, කසාය, අරිෂ්ට ලබා නොදෙති. මානුෂීය, සදාචාරාත්මක, සංස්‌කෘතික සහ ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ තුළින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විශෝධනය කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක්‌ සහ ආර්ථික ස්‌ථාවරත්වය තුළින් පුද්ගලයන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළැක්‌වීම මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයේ වෙදකමය. මේ කැසිනෝ සූදුවේ අන්තයට ගොස්‌ විනාශයේ පතුලට වැටුණු ව්‍යාපාරික තරුණයකු කියු සත්‍ය කතාවකි.
    “කැසිනෝ ගහලා දිනලා හිටපු සේරම සල්ලි පරාද වුණා. ඉඩම් ගන්න කියලා තාත්තාගෙන් සල්ලි ඉල්ලගෙන ඒවත් පරාද වුණා.
    තාත්තාගේ ලාච්චුවෙන් සල්ලි ටික ටික ඇදගෙන ගිහින් සෙල්ලම් කළා. අම්මගෙන් සල්ලි ඉල්ලගත්තා. මගේ බැංකු පොත්වල තිබුණු සල්ලිත් ටික ටික ගත්තා.

    ඒත් දිනුමක්‌ නෑ පරාජයම විතරයි. තාත්තා මට අරගෙන දීලා තිබුණ කාර් එකත් විකුණලා කැසිනෝ ගැහුවා.
    ඒ සල්ලිත් පරාදයි. මගේ ඔළුව කරච්චල් වුණා. සති ගණන් ගෙදර යන්නේ නැතිව කොළඹ යාළුවන්ගේ ගෙවල්වල, හෝටල්වල නතර වෙලා කැසිනෝ ගැහුවා.
    ඒ වෙනකොට කොළඹ කැසිනෝ ක්‌ලබ් මට ගෙදර වගෙයි.

    හැම කැසිනෝ ක්‌ලබ් එකකම මට මෙම්බර් සිප් එක තිබුණා. මෙම්බර් සිප් එකක්‌ ඉෂූ කරන්නේ විශාල මුදලක්‌ පරාද වෙච්ච කෙනෙකුට තමයි. මෙම්බර් සිප් එකට හතරදෙනෙක්‌ අරගෙන යන්න පුළුවන්. ඒ යන හතරදෙනාටම කෑම, බීම සියල්ලම නොමිලේ.

    ඒ වෙනකොට කැසිනෝ ක්‌ලබ් අයිතිකාරයොත් මාව දැනගෙන හිටියා. ඒ දැනගෙන හිටියෙත් අපේ තාත්තාගේ නමින්. අපේ තාත්තා දකුණු පළාතට විතරක්‌ නෙමෙයි ලංකාවේම ව්‍යාපාරිකයන් අතර ප්‍රසිද්ධයි.
    අපේ තාත්තා හොඳට විනෝද වෙච්ච කෙනෙක්‌.

    ඒත් තාත්තා ඕවර් ගියේ නෑ.
    හැමදේම කළේ සීමා මායිම්වල ඉඳගෙන. ඒ වගේම තාත්තයි, මමයි හිටියෙත් යාළුවො වගෙයි.

    මම අවුට්‌ යනවා කියලා දැනගත්තට පස්‌සෙ තාත්තා මට නිතරම කිව්වේ ඔයාට ඩ්‍රින්ක් එකක්‌ දාන්න ඕන නම් අපි දෙන්නත් එක්‌ක සෙට්‌ වෙමු කියලයි. තාත්තා මත්පැන්වලට ලොල් නෑ.
    පාටිවලට ගිහාම අපි දෙන්නා එකට සෙට්‌ වෙලත් තියෙනවා.

    මම නයිට්‌ ක්‌ලබ් යනවා කියලත් තාත්තා දැනගෙන හිටියා. ඒත් කැසිනෝ යනවා කියලා දැනගෙන හිටියේ නෑ. දවස ගානේ මම බැංකු පොත්වලින් සල්ලි අදිනකොට ඒ බැංකුවලින් කතා කරලා තාත්තට කියලා තිබුණා.
    ‘ජයේ පුතා අවුට්‌ යනවා වගේ තේරෙනවා.

    දැම්ම කියලා හදාගත්තොත් හොඳයි’ තාත්තාගේ යාළුවො කිහිපදෙනෙක්‌ම එහෙම කියලත් තිබුණා. ඒ ආරංචිත් එක්‌ක තාත්තා ටිකක්‌ සැරෙන් මට කතා කරලා ‘අමාරුවෙන් ගොඩනඟාගත්ත ලෝකය විනාශ කර දාන්න එපා’ කියලා දොස්‌ කිව්වා. ඊට ටික දවසකට පස්‌සේ තාත්තා මට මංගල යෝජනාවක්‌ ගෙනත් ඉක්‌මනටම වෙඩින් එකත් ගත්තා.

    ඒත් මම හොයන සතුට, වින්දනය මගේ නෝනාට දෙන්න බැරි වුණා. මගේ නිශාචර ජීවිතයේ වෙනසක්‌ වුණේ නෑ. පෙරටත් වඩා වැඩි වුණා.

    අපේ කසාදයට වැඩි ආයුෂ තිබුණෙත් නෑ. කසාදය කැඩුණා කියලා මට දැනුනෙවත් නෑ. එතකොට මගේ ජීවිතය වෙලා තිබුණේ කැසිනෝ සහ ගෑනු.
    පවුලේ එකම පිරිමි දරුවා මමයි. මගේ අයාලේ යැම අපේ පවුලටම ලොකු බලපෑමක්‌ වුණා. තාත්තා ඒ ගැන ගොඩක්‌ හිතුවා. තාත්තා ව්‍යාපාර අතින් වගේම ශරීර සෞඛ්‍යය පැත්තෙනුත් වැටුණා. අන්තිමට තාත්තා හාට්‌ ඇටෑක්‌ එකකින් නැති වුණා. ඒ වෙනකොට මමත් නැත්තටම නැති වෙලා හිටියේ. කැසිනෝ යන්න තියා නයිට්‌ ක්‌ලබ් එකකටවත් යන්න සල්ලි තිබුණේ නෑ.

    අතේ සතේ නැති වුණහම රුපියලක්‌ දෙන්න බලු බල්ලෙක්‌ හිටියේ නෑ. තාත්තා නැති වුණා කියලා අම්මයි, මමයි ව්‍යාපාරවලට වැටෙන්න දුන්නේ නෑ. මම වගකීම කරට අරගෙන උනන්දුවෙන් ව්‍යාපාර බලාගත්තා. ඒ අතර සතියකට දවසක්‌ වගේ කැසිනෝ කල්බ් එකකට ගිහිල්ලා සෙල්ලම් කරලා ආතල් එකක්‌ අරගෙන ආවා. ඒත් වැඩිපුර සල්ලි ගෙනිච්ෙච් නෑ.
    ඔහොම යන අතරේ එක දවසක්‌ රුපියල් හැටදාහක්‌ ගෙනිහින් කැසිනෝ ගහලා ලක්‍ෂ විසිතුනක්‌ දිනුවා. ආයෙමත් මට හිතුණා වාසනා චක්‍රය ධනට කැරකෙනවා කියලා. ආයෙත් එක දිගට සෙල්ලම් කළා.

    අද පරාද නම් හෙට දිනුම්. ඔය විදිහට අවුරුද්දක්‌ දෙකක්‌ ගියා. රෑ කොහේ ගියත් එළිවෙනකොට මම ගෙදර ගිහින් ඔෆීස්‌ එකටත් ගියා.

    ව්‍යාපාර පැත්ත මම හොඳට බලා කියාගන්න නිසා රෑ ගමන්වලට අම්මත් වැඩිය සැර දැම්මේ නෑ. ජීවිතය බැලැන්ස්‌ එකේ ගෙවිලා ගියා.
    දවසක්‌ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌ මට කතා කළා කැසිනෝ සෙල්ලම් කරන්න සිංගප්පූරු යන්න. එතකොට දිනලා මගේ අතෙත් හොඳට සල්ලි තිබුණා.

    මම ගමනට කැමති වෙලා මට හිතවත් නිළියො දෙන්නෙක්‌වත් ගමනට එකතු කරගත්තා. සතියක්‌ විතර අපි සිංගප්පූරුවේ හිටියා. මගේ ලක්‍ෂ ගාණක්‌ ඉවර වුණා. ඒ ඇවිල්ල පරාද ගාන හොයන්න දිගටම මම කැසිනෝ ගහන්න ගියා. දවස්‌ එකහමාරක්‌ එක දිගට කැසිනෝ සෙල්ලම් කළා.

    ඒ ටිප් එකට ලක්‍ෂ පහළොවක්‌ පරාද වුණා. එදා පටන් ගත්ත පරාජය දිගටම පරාද වුණා. මගේ ඔළුව කම්මලක්‌ වගේ වුණා. ව්‍යාපාර පැත්ත බැලුවේ නෑ. මම ඉන්න තැන්වලට ඇවිත් මාව බදාගෙන අම්මා අඬලා තියෙනවා.

    ඒත් අම්මා කියන්නේ මොනවද කියලා මට තේරුණේ නෑ. ඉඳලා හිටලා ගෙදර ගියත් සල්ලි ඉල්ලලා අම්මාත් එක්‌ක රණ්‌ඩු වුණා.

    අම්මාට හොරෙන් තාත්තාගේ දේපළ විකුණලා කැසිනෝ ගැහුවා. ඔය විදිහට තාත්තාගේ දේපළවලිනුත් බාගෙට, භාගයක්‌ මම නැති කළා.
    ‘උඹ මාවයි, කෙල්ලවත් මරා ගන්නවා. පින් සිද්ධ වෙයි පුතේ උඹ ගෙදර එන්න එපා’ බැරි තැන අම්මා මාව ගෙදරින් පැන්නුවා.
    කැසිනෝ යන්න සල්ලිත් නෑ. අපේ හෝටලයේ කාමරයකට වෙලා දවස මුළුල්ලේ බිව්වා.

    ගංජා බිව්වා. තනිකරම පිස්‌සෙක්‌ වුණා. ඒත් අම්මා නැති වෙලාවට හෝටලයේ මැනේජර්ට සත්තමක්‌ දාලා කීයක්‌ හරි කඩාගෙන සතියකට සැරයක්‌ වගෙ කැසිනෝ ගියා.

    ගෙනිච්ච සල්ලි පරාද වෙලා උදේට ගෙදර යන්න සල්ලි නෑ. ගාලු පාරේ යන බස්‌කාරයො සේරම වගේ මාව හොඳට දන්නවා. බස්‌ එකේ ආවා කියලා ඒ අය මගෙන් සල්ලි ගන්නේ නෑ.

    මම හිඟමනටම වැටුණා. සල්ලි ඉල්ලගෙන අම්මා එක්‌ක නිතරම රණ්‌ඩු වුණා. ඔය දේවල් ගැන ආරංචි වෙලා අපේ මාමා කෙනෙකුගේ පුතෙක්‌ මට කතා කරලා මේ පන්සලට අරගෙන ආවා.

    එයා මගදි තමයි මෙහෙම තැනකට යනවා කියලා කිව්වේ. අකැමැති නම් වාහනයෙන් බැහැලා යන්න කියලත් මට කිව්වා. පස්‌සේ අපි තේ බොන්න පැල්මඬුල්ලේ නතර කරලා. එතැනදී කල්පනා කර, කර එක දිගට මම සිගරට්‌ තුනක්‌ බිව්වා. අයියත් බලාගෙන හිටියා මොනවත් කිව්වේ නෑ.
    ‘මට නැති වෙන්න දෙයක්‌ නෑ ලැබෙන්න දේකුත් නෑ.

    අයියා කියන පන්සලට ගිහිල්ලා හරි නැවත ජීවිතය හදාගන්නවා’ කියලා හිතාගෙන මම කැමැත්තෙන්ම මෙතැනට ආවා.
    මේ පන්සලට එනකොට මට අවුරුදු විසිඅටට ලැබුවා විතරයි.

    ඒ වෙනකොට නයිට්‌ ක්‌ලබ්, කැසිනෝ යන්න පටන් අරගෙන අවුරුදු හයයි. ගෑනු තුන්සීයක්‌ එක්‌ක විතර ඉඳලා තියෙනවා.

    රටවල් හයකට ගිහිල්ලා තියෙනවා. එංගලන්තයට හැරෙන්න අනිත් හැම රටකටම ගියේ ගෑනු අරගෙන. ලංකාවේ නිළියො තිහ, හතළියක්‌ එක්‌ක විතර ඉඳලා තියෙනවා.

    කැසිනෝ ගහලා පරාද වෙච්ච මුදල කියන්න බෑ. නැත්තටම නැති වුණා. ගෙදර හිටියත් පාන්දර දෙක, තුන වෙනකම් නින්ද යන්නේ නැති ගානට නිශාචරයෙක්‌ වුණා.

    දැන් මම මෙතැනට ඇවිත් මාස හයකට වැඩියි. මම මෙතැනට එනකොට තනිකර පිස්‌සෙක්‌. දැන් ඒ පිස්‌සුව හොඳයි.
    මම ධනාත්මකව වෙනස්‌ වුණා. පහුගිය කාලේ කරපු දේවල් ගැන මතක්‌ වෙනකොට දැන් ලැඡ්ජ හිතෙනවා. ආයෙමත් මම ඒ පිස්‌සු ලෝකයට වැටෙන්නේ නෑ.

    නැවත මම ජීවිතය පටන් ගන්නවා. ඒත් මම නැති වෙච්ච දේවල් හොයන්න යන්නේ නෑ.

    එහෙම වුණොත් මම ආයෙත් නරකාදියට වැටෙනවා. මට තාත්තා වගේ ව්‍යාපාරිකයෙක්‌ වෙන්න බැරි වුණත් මගේ අම්මාගේ හිත සතුටු කරන තරමේ ව්‍යාපාරිකයෙක්‌ වෙන්න උත්සාහ කරනවා.

    ඒ මොනව කරන්නත් යාළු මිත්‍රයන්ගෙන් ඈත්වෙලා උපාධිය සම්පූර්ණ කරලා ටික කාලයකට රට ගිහිල්ලා ඉඳලා එන්න ඕනා. මම මොන දීපංකරයක ගියත් මේ පන්සලත් එක්‌ක තියෙන බැඳීම නැති කරගන්නේ නෑ. මෙතැන, මේ පවුල නිසා තමයි අද මම ජීවිතය තේරුම් අරගෙන ඉන්නේ.
    මම සමාජයට කියන්නේ නයිට්‌ ක්‌ලබ්, කැසිනෝ පැත්ත බලන්න එපා ඒව තියෙන්නෙ අපිව විනාශ කරන්න මිසක්‌, ඇති කරන්න නෙමෙයි. මිහිපිට මායා ලෝකය ඒවා තමයි.

    ඒ මායා ලෝකවල ඉන්න ගෑනුත් මාර දූතිකාවන්. උන්ගේ මායා දැලේ පැටලුණොත් රීරි මාංශම උරා බොනවා.

    අවුරුදු දාහත, දහඅටේ කොල්ලෙක්‌ ගියොත් ගියාමයි. ගොඩඒමක්‌ නෑ. විනාශය නියතයි. ඒ ගෑනුන්ගේ ජොබ් එක. දත් ගැලෙව්ව තරමට ඒ ගෑනුන්ගේ පොකට්‌ පිරෙනවා.

    ඒ මායා ලෝකයේ සරන අයට ඕක තේරෙන්නේ නෑ. මමත් හොඳටම රැවටිලා විනාශම වුණා.
    අනිත් එක යාළුවො වැඩි වෙනවා කියන්නේ විනාශයේ මුල. මාත් එක්‌ක කෑව, බිව්ව ආතල් ගත්ත කිසිම යාළුවෙක්‌ අද මම උන්නද මාළාද කියලා බලන්නේ නෑ. ඉඳලා හිටලා හරි මෙතැනට ඇවිත් මාව බලලා යන්නේ අම්මා විතරයි. මගේ අම්මා අදටත් මට ආදරෙයි.

    මට දුක මගේ ජීවිතය, සල්ලි, පවුල් ජීවිතය නැති වෙච්ච එක ගැන නෙමෙයි, මගේ තාත්තා නැති වෙච්ච එකයි. තාත්තා ප්‍රාර්ථනා කරපු පුතා වෙන්න බැරි වෙච්ච එක ගැනයි. තාත්තා මගේ දිහා බලාගෙන ලොකු සිහින මැව්වා.

    ඒත් ඒ සිහින බොඳ වෙලා හිත් වේදනාවෙන් තාත්තා නැති වෙලා ගියා. ඒ පාපය මම විඳගන්නවා. මම මෙතැනට ආවේ පෙර පිනකට.

    මේ වෙනකම් ඒ මායා ලෝකයේ හිටියා නම් බීලා බීලා ගෑනියකුගේ ඇඟ උඩ මැරිලා. මාව මෙතැනට ගෙනාපු අපේ අයියට පින්සිද්ධ වෙනවා.
    ජීවිතය බිඳුණු හැටි සහ දැන් පිරියම් කරගන්නා ආකාරය විධුර හොඳින් විස්‌තර කළේය. එහෙයින් ඒ කතාවට අටුවා ටීකා එකතු කිරීමට අවැසි නැත.

    අපේ ප්‍රාර්ථනාව විධුර අසීරුවෙන් අවබෝධ කරගත්ත සත්‍ය ලෝකයෙන් නැවත මායා ලෝකයට නොවැටී ජීවත්වනවා දැකීමයි.

  • පස්සෙන් ආපු කොල්ලො ගැනයි බදාගෙන ඉඹින එක ගැනයි Hot & Sexy ගයත්‍රී කියන කතාව මෙන්න..

    පස්සෙන් ආපු කොල්ලො ගැනයි බදාගෙන ඉඹින එක ගැනයි Hot & Sexy ගයත්‍රී කියන කතාව මෙන්න..

    ගයත්‍රී ඩයස් කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න  ප්‍රවීණ රංගන ශිල්පිණියක් වගේම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණියක්.

    ඇගේ ජීවිතේ පුද්ගලික තොරුතුරු කිහිපයක් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා. ඒ මෙන්න මේ විදිහට…

    ගැටිස්‌සිකාලේ

    ඒ කාලේ මම හරි දඟයි. මොකක්‌ හරි හිතුවක්‌කාරකමක්‌ දඟ වැඩක්‌ කොහේ හරි වුණොත් මොකක්‌ හරි නැති වුණොත් ඉස්‌සරහින්ම ඉන්නේ මම. ඉතිං ඒකාලේ මාව සහ මගේ යාළුවන්ව හැඳින්වුණේ දඟකාර චරිත විදිහට තමයි.

    පාසල

    පාසලේ අපි හතර පස්‌ දෙනෙක්‌ එකටම හිටියා. කොච්චර දඟ කරත් අපි හතර පස්‌දෙනා තමයි පන්තියේ පළවැනි දෙවැනි ස්‌ථාන පිළිවෙළට අරගත්තේ.

    ඉස්‌කෝලේදී ක්‍රීඩා කෙරුවා. පෙරදිග අපරදිග තූර්යවාදක කණ්‌ඩායම් දෙකේම මම හිටියා. පාසලේ මම හරිම ජනප්‍රිය චරිතයක්‌.

    කරපු කියපුවා

    මම පාසල් ජීවිතෙන් සමුගන්න ගමන්ම වගේ විවාහ වුණා. ඉතිං මට පාසලෙන් පස්‌සේ ලොකුවට යාළුවෝ ඇසුරු කරන්න එහෙ මෙහෙ යන්න ඉඩ ලැබුණේ නෑ. නමුත් කරපු කියපු ඔක්‌කොම තියෙන්නෙ පාසල් කාලේ තමයි.

    ඒ කාලේ අපි ආසම දේ තමයි පාසලෙන් එහා පැත්තේ පන්සල් වත්තට පැනලා තැඹිලි කඩාගෙන බීපු එක තමයි.

    යාළුවෝ

    මම පාසල් හතරක ඉගෙනගෙන තියෙනවා. ඉතිං ඒ පාසල් හතරෙම මට යාළුවෝ හිටියා. මට හොඳටම මතක තම් තමයි රසිකා ප්‍රියදර්ශනී. පින්තු තමයි අපි කිව්වේ. තව මතකයි ශ්‍රියානි ප්‍රියංකා නමුත් අද මට ඒගොල්ලන්ව හම්බුවෙන්නෙ නෑ. මම තෝරගත්ත ක්‍ෂේත්‍රයත් එක්‌ක ඒගොල්ලන්ව මට මග ඇරුණා.

    කල්ලි ගැහුණු තැන්

    එහෙම විශේෂ තැනක්‌ නෑ. නමුත් ස්‌කූල් කට්‌ කරලා යාළුවන්ගෙ ගෙවල්වල යන්න අපි හරි ආසයි.

    පන්තියේ යාළුවෙක්‌ අසනීප වුණොත් අපි අනිවාර්යයෙන්ම එයාව බලන්න යනවා.

    ගිය ගමන්ම මම කරන්නෙ එයාව බදාගෙන ඉඹින එක තමයි. ඒ මටත් ලෙඩේ බෝ කරගන්න. එතකොට ස්‌කූල් කට්‌ කරන්න පුළුවන්නේ. ඔහොම වැඩ තමයි ඉතිං අපි කෙරුවේ.

    පටබැඳි නම්

    මම තූර්යවාදක කණ්‌ඩායමේදී වාදනය කෙරුවේ ගැටබෙරය! ඉතිං මට “ගැටබෙරේ” කිව්වා. මට මතකයි ඉස්‌කෝලේ යන කාලේ අරලිය පත්තරේ මගේ කවරයක්‌ ගියා. ඉතිං එදා ඉඳන් කොල්ලෝ “නිළිය” කිව්වා. ඒ වගේම ඉස්‌කෝලෙකට මම අලුතින් ගිහාම මාව රැග් කරා! කොල්ලෝ ටොෆි ගේන්න කිව්වම මම “බන්ටි” ටොෆි ගෙනාවා. එදා ඉඳන් “බන්ටි” කිව්වා.

    බලාපොරොත්තු

    ඒ කාලේ මට තිබුණු ලොකුම බලාපොරොත්තුව තමයි නිළියක්‌ වෙන එක. ඒ නිසාම පාසලෙන් අස්‌වෙච්ච ගමන්ම මට රඟපාන්නත් අවස්‌ථාව ලැබුණා.

    විනෝදාංශ

    මගේ ලොකුම විනෝදාංශය තමයි ක්‍රිකට්‌ ගැහිල්ලයි ගස්‌ නැගිල්ලයි.

    ඊට අමතරව මම කවි ලියන්න හරිම ආසයි. ඒ කාලේ ලියපු කවි හුඟාක්‌ තියෙනවා මං ගාව. මම හිතාගෙන ඉන්නේ ළඟදීම ඒ කවි ඔක්‌කොම එකතුකරලා පොතක්‌ එළිදක්‌වන්න..!

    gayathri පිරිමි ළමයි

    ඉස්‌කෝලේ යන කාලෙනං ඉතිං කොල්ලො හුඟාක්‌ මගේ පස්‌සෙන් ආවා.

    මමත් කැමතියි ඉතිං එහෙම හැමෝගෙම ආකර්ශනය දිනාගන්න. මගේ කොන්ඩෙත් ඒ කාලේ හුඟාක්‌ දිගයි.

    මම ඉතිං ඕනවටත් වඩා හිතලා තමයි ඒ කාලේ හිටියේ. හැබැයි කොච්චර කොල්ලෝ මගේ පස්‌සෙන් ආවත් මම කිසිම කෙනෙක්‌ එක්‌ක යාළු වුණේ නෑ. මම හරි ආඩම්බරෙන් හිටියේ කොල්ලෝ පස්‌සෙන් එන එකට. ඉස්‌කෝලේ කෙල්ලො ඉතිං මාත් එක්‌ක හරිම ඉරිසියයි! ඒ කරපු දේවල් මතක්‌ වෙනකොට දැන් හිනාත් යනවා.

    දෙමව්පියෝ

    මගේ දෙමව්පියෝ දෙන්නා එහෙම සැර පරුෂ අය නෙමෙයි. හැබැයි ඉතිං මම කරන සමහර දඟ වැඩවලට අම්මා මට ගහන්න එළවනවා. ඒ වෙලාවට මම කරන්නේ ගහකට නගින එක.

    මට මතකයි මම දවසක්‌ අම්මා ගහන්න එලවන් එද්දී පොල් ගහක භාගයකට වඩා නැග්ගා. ගෙදරත් මම ඉතිං දඟ මල්ලක්‌ තමයි.

    ගුරුවරු

    ගුරුවරුන්ගෙන් මට හොඳට මතකයි සුබසිංහ ටීචර්ව. ඊට අමතරව තව ගුරුතුමෙක්‌ හිටියා විද්‍යාව උගන්නපු රාමනායක කියලා. හරිම වසයි. දවසක්‌ රැස්‌වීම ඉවරවෙලා මම පුටුව ගෙනිච්ෙච් නෑ කියලා මගේ ඔළුවට වේවැලෙන් ගැහුවා. ඒ ගහපු පාර තාමත් මට මතකයි.

    අහල පහල අය

    අහල පහල අය අතරත් මම ඉතිං හොඳ හිත දිනාගෙන හිටියා. අපි රාගම ඉන්න කාලේ මම ඔන්චිල්ලාවක්‌ පැදලා ඒක කඩාගෙන ගිහින් එහා ගෙදර කුණු ගොඩට වැටුණා අද වගේ මතකයි.

    හැමෝම මට ආදරෙයි. ටිකක්‌ නරකට තියෙන්නෙ මගේ දඟ වැඩ තමයි.

  • ආණමඩුවේ ඇවිලෙන්න ගිය ජාතිවාදී ගින්න නිවන්න පක්ෂ විපක්ෂ සෙට් එකම එකතුවෙච්ච හැටි මෙන්න…

    ආණමඩුවේ ඇවිලෙන්න ගිය ජාතිවාදී ගින්න නිවන්න පක්ෂ විපක්ෂ සෙට් එකම එකතුවෙච්ච හැටි මෙන්න…

    ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට ඊයේ (11) පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

    ඊයේ අලුයම 2.00ට පමණ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

    පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබූ අතර
    රාත්‍රි 8.00 ට පමණ වන විට යළි එම ආපන ශාලාව විවෘත කිරීමට පවා හැකි වී තිබේ.

    මෙම අවස්ථාවට මහා සංඝරත්න, ස්ලාමීය ආගමික නායකයින්ද, ජල කළමණාකාරන රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රියංකර ජයරත්න, ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර යන පිරිසද එක්ව සිටියේ ය.

    කවුරුන් විසින් සිදු කළත් මෙම ක්‍රියා හෙළා දකින බවත්, ජාතිවාදී ගිනි දැල් වැපුරවීමට ඇතමුන් ගන්නා ක්‍රියාවන්ට ආණමඩුව ජනතාව හොඳ පිළිතුරක් ලබා දී ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශණ සිදු කර අතර ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළද සැළක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශනද ඊට උපයෝගී කරගෙන විමර්ශන කටයුතු සිදු කෙරුණි.

    ඊට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 19 – 25 අතර වියේ පසුවන්නන් වේ.

  • ළමා දූෂකයෙකුත් පාසල තුළ තියාගෙන පිස්සු නටන ගම්පහ යශෝධරා බාලිකාවේ නිරුවත එළියට!

    ළමා දූෂකයෙකුත් පාසල තුළ තියාගෙන පිස්සු නටන ගම්පහ යශෝධරා බාලිකාවේ නිරුවත එළියට!

    ගම්පහ යශෝධරා දේවි බාලිකා විදුහල බස්‌නාහිර පළාතේ තවත් එක්‌ දීප්තිමත් පාසලකි. සෑම අංශයකින්ම දක්‍ෂතා දක්‌වන සිසුවියෝ රැසක්‌ එහි අධ්‍යාපනය හදාරති. අතීතයේද එලෙසය.

    දශක ගණනාවක්‌ පුරාවට රටට වැඩදායී පුද්ගලයන් බිහිකළ මෙම ජනප්‍රිය පාසලේ මෑතකාලීනව අර්බුද රැසක්‌ හටගෙන තිබේ. එයට ප්‍රධාන හේතුව වනුයේ වර්තමාන විදුහල්පතිනියගේ සහ සහකාර විදුහල්පතිනියගේ ඇතැම් ක්‍රියා කලාපයන් බව සමහර පාසල් සිසුවියෝ, ආදි සිසුවියෝ සහ දෙමාපියෝa චෝදනා කරති. පහතින් පෙළ ගැසෙන්නේ ඔවුනට එල්ලවන චෝදනා කිහිපයකි.

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී (2017 සහ 2018 වර්ෂවල) සියලුම ගනවල අක්‍රමිකතා රැසක්‌ සිදුවී තිබේ. වර්තමාන විදුහල්පතිනිය චක්‍රලේඛනවලට පිටින් ගොස්‌ තමන්ට රිසි අයුරින් ළමුන් කිහිප දෙනෙක්‌ ඇතුළත් කරගෙන තිබේ. එම නිසා මෙම නීති විරෝධී ක්‍රියා කලාපය පිළිබඳ පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ගිණුම් කාරක සභා, පෙත්සම් කාරක සභා සඳහා ද පැමිණිලි කර ඇත. මේ වන විටත් ඒ සඳහා පරීක්‍ෂණ සිදු වෙමින් පවතී.

    නීති විරෝධී අයුරින් ළමුන් ඇතුළත් කරගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිෂන් සභාවට සහ මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කිහිපයක්‌ කර තිබේ. මේ වන විටත් ඒවා විසඳමින් පවතින නමුත් කිසිදු සාධාරණ ප්‍රතිඵලයක්‌ ලැබී නොමැත.

    සහකාර විදුහල්පතිනියගේ දියණියක්‌ පාසලේ දහවැනි ශ්‍රේණිය සඳහා ඇතුළත් කරගෙන ඇත්තේද නීති විරෝධී අයුරින්ය. තවද ඉහළ පොලිස්‌ නිලධාරියකුගේ දියණියක්‌වද අට ශ්‍රේණිය සඳහා ඇතුළත් කරගෙන ඇත්තේ කුමන පදනමක්‌ මතද යන්න දැඩි ප්‍රහේළිකාවකි.

    මූල්‍ය වංචා රැසක්‌ද මෙම පාසල තුළ සිදුවී ඇතැයි කියති. පාසල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්‌ෂ තුනක වංචාවක්‌ සිදුවී ඇති අතර අද වන තුරු ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක්‌ සිදුවී නොමැත. තවද ආදි ශිෂ්‍ය කාර්යාලය වසරකට ආසන්න කාලයක සිට වසා දමා තිබේ. එහෙත් පුදුමය වනුයේ එම වසා ඇති කාර්යාලයටත් රුපියල් 43,000 ක දුරකථන බිලක්‌ ගෙවා තිබීමයි.

    පාසල තුළ තිබෙන ආපන ශාලාව අවුරුදු දෙකකට බාහිර පාර්ශ්වයකට කුලියට දී ඇතත් එයින් ලැබුණ ආදායම වශයෙන් සඳහන් කර ඇත්තේ රුපියල් 10,000 කි. බොහෝ අය චෝදනා කරන්නේ එම ආපන ශාලාවෙන් පාසලට ලැබිය යුතු ආදායම නිසියාකාරව නොලැබෙන බවයි.

    පාසලට ෆොටෝ කොපි යන්ත්‍රයක්‌ ලැබී තිබුණේ පරිත්‍යාගයක්‌ වශයෙනි. එහෙත් එම යන්ත්‍රය මිලට ගැනීමටද රුපියල් 75,500 ක මුදලක්‌ වියදම් වූවා යෑයි සඳහන් කර ඇත්තේ කුමන හේතුවක්‌ මතද යන්න පොඩි ළමයකුටද වුවද තේරුම්ගත හැකිය.

    පාසල් පහසුකම් ගාස්‌තු වශයෙන් වසරකට රුපියල් 500 ක මුදලක්‌ එකතු කළත් කිසිදු පහසුකමක්‌ ළමයින්ට ලබා නොදෙන බවට බොහෝ දෙමාපියෝ චෝදනා කරති. හදිසියේ සිසුවියක්‌ අසනීප වූ අවස්‌ථාවකවත් පාසලේ දුරකථනය භාවිතා කිරීමට සහකාර විදුහල්පතිනිය ඉඩ නොදෙන බවට චෝදනා එල්ල වෙති. එසේ වුවත් ගුරු දිනය සඳහා රුපියල් 77800 ක මුදලක්‌ වියදම් කර ඇත්තේ ළමා සුබසාධනය ගැන ශතපහකටවත් මායිම් නොකර බව සමහර ආදි සිසුවියෝ චෝදනා කරති.

    පළමු පන්තිය සඳහා ළමයකු ඇතුළත් කර ගැනීමේදී පහසුකම් ගාස්‌තු සහ අනිවාර්යයෙන්ම ගෙවිය යුතු මුදල්වලට අමතරව වෙන කිසිදු මුදලක්‌ අයකර ගැනීම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් මෙම විදුහලේ විදුහල්පතිනිය පළමු ශ්‍රේණිය සඳහා ළමයකු ඇතුළත් කර ගැනීමේදී එක්‌ ආදි ශිෂ්‍යාවකගෙන් රුපියල් 30,000 ක මුදලක්‌ අයකර ගනී. මෙම හේතුව නිසා සමහර ආදි ශිෂ්‍යාවන්ට සුදුසුකම් තිබුණත් මුදල් නොමැතිකම නිසා තම දරුවා පාසලට ඇතුළත් කිරීමට නොහැකි වේ.

    රුපියල් 4221996.00 ක මුදලක්‌ 2017.12.31 දිනට පාසල් ආදි ශිෂ්‍ය ගිණුමේ තිබිය යුතු වුවත් එදිනට තිබුණේ ලක්‌ෂ හතකට ආසන්න මුදලක්‌ බව සඳහන් වේ. ඉතිරි ලක්‌ෂ 35 ක මුදලට කුමක්‌ සිදුවූවේ දැයි යන්න දන්නේ කිහිප දෙනෙක්‌ පමණි. තවද එක්‌ වරක්‌ හිටපු භාණ්‌ඩාගාරිකවරියට පුද්ගලික හේතුවක්‌ මත රුපියල් 125,000 ක මුදලක්‌ එම ගිsණුමෙන් ලබාදී ඇත.

    පසුව ඒ ගැන විමසීමේදී විදුහල්පතිනිය පවසා ඇත්තේ අත්වැරැද්දක්‌ නිසා එය සිදුවූ බවයි. වගකිවයුතු නිලධාරිනියක්‌ වන ඇය අතින් මෙවැනි බරපතළ ගණයේ අත්වැරැදි සිදු වෙනවා නම් පාසලේ පරිපාලන කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න විශාල ප්‍රහේළිකාවකි.

    ජනවාරි 28 වැනි දින මෙම විදුහලේ අයවැය වාර්තාව ඉදිරිපත් විය. එහි ගැටලු සහගත තැන් බොහොමයක්‌ තිබුණු බවට සමහරු චෝදනා කරති. එසේම එම අයවැය වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක්‌ සකසා ඇති නිසා සමහර දෙමාපියන්ට එය කියවා තේරුම් ගැනීමටද නොහැකි වී තිබේ.

    පාසලේ මූල්‍යමය ගැටලු එසේ තිබියදී පරිපාලන ගැටලු රැසක්‌ තිබෙන බවටද චෝදනා එල්ල වී තිබේ.

    පසුගිය වසරේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයක්‌ ලෙස යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයද නම්කර තිබිණි. එසේ නම්කර තිබියදීත් 2017.12.10 වන දින පස්‌වරු 5 සිට රාත්‍රී 10 පමණ දක්‌වා එම පාසලේ ප්‍රධාන ශාලාවේ සහ භූමිය තුළ විදුහල්පතිතුමියගේ උපන්දින සාදය පවත්වා තිබේ. එම සාදය සඳහා ගුරු භවතුන් සහ ඇගේ හිතවතුන් පිරිසක්‌ සහභාගි වී තිබිණි. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයක්‌ තුළ තම බලය පතුරුවමින් මෙවැනි උපන්දින සාද පැවැත්වීම කෙතරම් අනූන ක්‍රියාවක්‌ද යන්න එම විදුහල්පතිනියට නොතේරුණේ මන්ද යන්න අපටද විශාල ප්‍රහේළිකාවකි.

    පාසලේ ගුරු භවතුන්ද දෙවිදියක සැලකුම් ලබන බව කියති. තමන්ට පක්‍ෂපාතී අයට කිසිදු හිරිහැරයක්‌ සිදු නොකරන අතර ඇයගේ සමහර ක්‍රියා කලාපයන් හෙළා දකින ගුරු භවතුන්ට විවිධ කෙණෙහිලිකම්වලට මුහුණපෑමට සිදුවේ. එයට හොඳම උදාහරණය වනුයේ දැනට ප්‍රාථමික අංශය භාරව සිටින නියෝජ්‍ය විදුහල්පතිනිය කිසිදු හේතුවක්‌ නොමැතිව ඉවත්කොට එම අංශයද විදුහල්පතිනියගේ යටතටම ගැනීමටය. එලෙස ඉවත්කර ඇත්තේ විදුහල්පතිතුමියගේ සමහර අත්තනෝමතික ක්‍රියා කලාපයන්වලට ඇය එරෙහි වීම නිසාය. තවද පරිපාලන නියෝජ්‍ය විදුහල්පති, අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටද කිසිදු වගකිවයුතු රාජකාරියක්‌ ඇය පවරා නොමැත.

    පාසල් බස්‌රිය, දුම්රිය ආදී ප්‍රමාදවීම් නිසා නිසි වේලාවට පාසලට පැමිණීමට නොහැකි වන සිසුවියන්ට සහකාර විදුහල්පතිනිය ලබා දෙන්නේ දැඩි දඬුවම්ය. සමහර අවස්‌ථාවලදී එම සිසුවියන් ලවා වැසිකිළි පවා සෝදා ගනිති. එයට අමතරව දරුවන්ගේ මානසික මට්‌ටම ගැනද නොසිතා ඉතා පහත් ආකාරයෙන් ඔවුනට බැණ වදිති.

    සහකාර විදුහල්පතිනියගේ අඬන්තේට්‌ටම් ඉවසා ගැනීමට නොහැකිව තවමත් එක්‌ සිසුවියක්‌ අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබති. තවද සිසුවියන් නොකරන වැරැදිවලට බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන පරුෂ වචනයෙන් බැණ දැඩි දඬුවම් පමුණුවති. මෙම තත්ත්වය මත පාසලට කීර්තියක්‌ අත්කර දුන් දැරියක්‌ දැන් පාසලට පැමිණීමට බියෙන් නිවසට වී සිටියි.

    වරක්‌ මෙම පාසලේ සමහරු ගුරු භවතුන්ගේ දඬුවම් ඉවසා ගැනීමට නොහැකිව සිසුවියක්‌ දුම්රියට පැන සියදිවි නසා ගත්තාය. තවද වෛද්‍යවරියකගේ දියණියක මානසික ආබාධයකින් පෙළෙන්නේද සමහර ගුරු භවතුන්ගේ තාඩන පීඩන නිසාය. මල්වැනි ළමුන්ට සුළු වරදකට පවා දැඩි දඬුවම් දීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

    අධ්‍යාපන චක්‍රලේඛවලට අනුව උසස්‌ පෙළ සිසුන්ට දින දෙකක අධ්‍යයන චාරිකාවකට සහභාගි විය හැකිය. එහෙත් කිසිදු හේතුවක්‌ නොමැතිව එම චාරිකාව දින එකකට පමණක්‌ සීමා කර ඇත්තේ සිසුවියන්ගේ බලවත් අකමැත්ත මතය. සමහර විට විදුහල්පතිනිය එය එක්‌ දිනකට සීමාකර ඇත්තේ ළමයින්ගේ ආරක්‌ෂාව ගැන සිතා වන්නට පුළුවන. එහෙත් පාසලේ අනෙක්‌ බොහොමයක්‌ කටයුතු අකාර්යක්‍ෂම ආකාරයට සිදුවන විට ළමයින්ට හිමිවිය යුතු දෑ මෙලෙස කප්පාදු කිරීම කෙතරම් අසාධාරණද?

    තවද මෙම පාසලේ වාණිජ අංශයේ විදුහල්පතිනියට හිතවත් එක්‌ ගුරුවරයෙක්‌ ඔහුගේ පෞද්ගලික පන්තියට සහභාගි වෙන සිසුවියක්‌ නිසා පාසලේ දී සමහර පාඩම් ඉගැන්වීමෙන් වැළකී සිටී. ඒ සමඟම ඔවුනට සැර පරුෂ ලෙස බැණ වදිමින් පවසන්නේ තමාගේ පෞද්ගලික උපකාරක පංතියට සහභාගි වන ලෙසයි. එලෙසම ඔහු කිහිප වරක්‌ වාර පරීක්‍ෂණ සඳහා පාඩම්වලට අදාළ සීමාව ඉක්‌මවමින් ප්‍රශ්න පත්‍ර සාදා දරුවන් අපහසුතාවට පත්කර තිබේ. සිසුවියන්ට මෙතරම් කෙණෙහිලිකම් කරන මෙම ගුරුවරයා ගැන කොතරම් පැමිණිලි කළත් විදුහල්පතිනිය මේ වන තුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැත.

    පාසලේ හිටපු බැඩ්මින්ටන් පුහුණුකරු ඉවත්කර අධික මුදලකට නව පුහුණුකරුවකු බඳවාගෙන තිබේ. එම පුහුණුකරු මීට පෙර දැරියක්‌ දූෂණයට ලක්‌ කිරීමේ චෝදනාවකට ලක්‌වූ අයකු බවද සඳහන් වේ. ඒ සමඟම ඔහුගේ සිරුරේ පච්ච කිහිපයක්‌ද කොටා ඇති බව සඳහන් වේ. සමහර දෙමාපියන් තම දරුවා බැඩ්මින්ටන් ක්‍රීඩාවට කැමැති වුවත් එයට සහභාගි නොකරවන්නේ මෙම පුහුණුකරුගේ තරම හොඳින් දන්නා නිසාය. එවැනි පුහුණුකරුවකු මෙවැනි බාලිකා පාසලකට බඳවා ගත්තේ කුමන හේතුවක්‌ මතද යන්න බොහෝ අයට ගැටලුවකි.

    ගම්පහ යශෝධරා දේවි බාලිකා විදුහල තුළ මෙතරම් අක්‍රමිකතා රැසක්‌ සිදු වෙමින් සහ සිදුවී තිබියදීත් ඒ ගැන වගකිව යුතු නිලධාරින් සියලු දෙනාව දැනුවත් කර තිබියදීත් මේ වන තුරු විදුහල්පතිනිය සහ චෝදනා ලැබූ අදාළ ගුරු භවතුන් පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක්‌ පවත්වා නොමැත්තේ දේශපාලන හේතුවක්‌ මතද යන්න සමහරු චෝදනා එල්ල කරති. මේ වගකිවයුතු නිලධාරීන් වෙත කෙරෙන කාරුණික ආයාචනයයි. පක්‍ෂ පාට නොබලා මෙම විදුහල ගැන විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු කරන්න. එසේ නොකළහොත් හෙට දිනයේ රට භාර ගන්නට සිටින එම සිසුවියන්ට මහත් අසාධාරණයක්‌ සිදුවනු ඇත.

    ගයාන් සමරසිංහ
    (දිවයින)

  • නිදහස් කුසලානය Hot කරපු ඉන්දීය නිවේදිකාවගේ ඔබ නොදුටු අලුත්ම ඒවා මෙන්න…

    නිදහස් කුසලානය Hot කරපු ඉන්දීය නිවේදිකාවගේ ඔබ නොදුටු අලුත්ම ඒවා මෙන්න…

    මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගමාලාවේ තරග අතරතුර නිවේදිකාවක් ලෙස කටයුතු කරන තරුණියක් මෙරට ක්‍රිකට් රසිකයන් අතර අවදානයට ලක්ව තිබෙනවා.

    ඇය අර්චනා විජයා . ඉන්දියානූ රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් කටයුතු කරනා අර්චනා , ඉන්දියානු ප්‍රිමියර් ලීගයේද නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. අර්චනාගේ ඡායාරූප කිහිපයක් පහතින් ,



  • දින කිහිපයක බුකි තහනමත් එක්ක බුකිය ගිනිගත්ත හැටි මෙන්න…

    දින කිහිපයක බුකි තහනමත් එක්ක බුකිය ගිනිගත්ත හැටි මෙන්න…

    ෆේස්බුක් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි තහනම දිගටම පවත්වා ගැනීම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි තුලින්ම දැඩි විරෝධයක් එල්ලව තිබුණා. ෆේස්බුක් තහනම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වල පළව තිබු නිර්මාණ කිහිප‍යක් පහතින් , 

     



    \


     

  • අහිමි වූ බුකිය යලි දිනාගන්න පාට පක්ෂ නැතුව බයික් පදින තරුණයෝ කරන්න යන දේ මෙන්න…

    අහිමි වූ බුකිය යලි දිනාගන්න පාට පක්ෂ නැතුව බයික් පදින තරුණයෝ කරන්න යන දේ මෙන්න…

    රජය විසින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය තහනම් කිරීම තමන්ගේ මානව හිමිකම් කඩවීමක් යැයි පවසා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කටයුතු කර තිබේ.

    එම සංගමයේ සභාපති විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් සිදුවීම පිළිබදව පැමිණිලි කර තිබේ.

    එම ලිපිය පහතින් ,

    ”පසුගිය 7 වැනිදා උදැසන සිට ලංකාවේ සිදුවන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණය මගින් මිලියන 4.5 ඉක්‌මවූ සමාජ ජාලා භාවිත කරන පුරවැසියන්ගේ මානව හිමිකම් කඩ කිරීමක්‌ සිදුකර ඇති බැවින් නිතිය හා සාමය ඇමතිවරයාට හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව මා විසින් ජිනීවා හි පිහිටි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පැමිණිල්ලක්‌ කිරීමට 2018.03.09 දින පියවර ගනු ලැබීය.

    මානව හිමිකම් උල්ලංඝනය කරන පුද්ගලයන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නීති ප්‍රතිපාදන අවම වීම නිසා හා විධිමත් පැමිණිලි විභාගයකට ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක්‌ නොමැති නිසා අදාළ පැමිණිල්ල කවුන්සලය වෙත ගෙන ඒමට තීරණය කළෙමි.

    තහනම තුළින් නිදහසේ අදහස්‌ ප්‍රකාශ කිරීමට හා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරනා ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙනා ජගත් මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වන වගන්තිය සම්පූර්ණයෙන්ම රජය  කඩ කර ඇති බවට මම චෝදනා කරමි.

    තෙල්දෙණිය හා රට තුළ ඇතිවන ජාතිවාදී සිද්ධීන් වලට මුල රජයේ දුර්වලතා හා පොලිසියේ දුර්වලතා බවද මා එහිදී පෙන්වා දෙයි. රජය විසින් සමාජ වෙබ් අඩවි තහනම් කිරීමෙන් එම සංවිධානාත්මක කණ්‌ඩායම් හට වාසියක්‌ සිදුවූ බවද මා එහිදී පෙන්වා දෙයි. මන්ද පරිගණකය පිටුපස සිටි ෆේස්‌බුක්‌ වීරයන් තහනම නිසා කුපිත වී පාරට බැස්‌සේය.”

  • පාට පක්ෂ අදාළ නෑ.. බුකියේ නිදහස අපිට දෙන්න – නිදහස් කුසලානයටත් බුකි නිදහස ඉල්ලා පුවරු…

    පාට පක්ෂ අදාළ නෑ.. බුකියේ නිදහස අපිට දෙන්න – නිදහස් කුසලානයටත් බුකි නිදහස ඉල්ලා පුවරු…

    නිදහස් කුසලාන 20 20 තරගාවලියේ ඊයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගයට පිවිසියා.තරගය අතරතුර ක්‍රීඩාංගනයේ සිටි පිරිසක් ෆේස්බුක් තහනම පිලිබදව පුවරු කිහිපයක් අතේ තබාගෙන සිටින ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් මේ වන විට සමාජ ජාලා තුල සැරිසරමින් පවතිනවා.

    එම පුවරු තුලින් ඔවුන් ප්‍රදර්ශනය කර තිබුනේ පිරිසිදු මුහුණු පොතක් අවශ්‍ය බවත් හැමෝම ජාතිවාදීන් නොවන බවත්ය.”අපි ෆේස්බුක් වලටයි ආදරේ,ආන්තවාදයට නොවේ.

    ෆේස්බුක් තුල ජාතිවාදය පතුරවන්නන් අත්අඩංගුවට ගැනීම පිළිබදවද ඔවුන් එම පුවරු තුලින් ප්‍රකාශ කර තිබුනේ එවැනි අය අත්අඩංගුවට ගෙන පිරිසිදු මුහුණු පොතක් නැවතත් ලබා දෙන ලෙසයි.නරක දෙයට නොව හොද දෙයට පමණක් ෆේස්බුක් භාවිතා කරමු යන දෙයින් ඔවුන් ජනතාවටද පණිවිඩයක් ලබා දී තිබෙනවා.

  • ජාතිවාදීන් ගිණි තැබූ මුස්ලිම් හෝටලය සංහිදියාවෙන් එක දවසින් යලි විවෘත කරයි..!

    ජාතිවාදීන් ගිණි තැබූ මුස්ලිම් හෝටලය සංහිදියාවෙන් එක දවසින් යලි විවෘත කරයි..!

    අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ.
    අළුයම 2.15 ට පමණ යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත. 
    ඒ සමග දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන් එක්ව අද දවස තුළම එම හෝටලය කලින් තිබුණ තත්වයට පත් කර එය විවෘත කරන බව කියා සිටියහ. 
    ඒ අනුව ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් හෝටලය ප්‍ර‍තිසංස්කරණය කිරීමට එක්වූහ.
    පාර්ලිමේන්තු මන්ත්‍රී,රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ දේශපාලන පක්ෂවල සභිකයින්, පොලීසිය සහ ආගමික නායකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    Image caption යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙයි
    “රාත්‍රී හතට පෙර අපි මේ ආපන ශාලාව නැවත විවෘත කරනවා. ආනමඩුව නගරයේ තියෙන එකම මුස්ලිම් හෝටලය මෙයයි. අපි හැමදාම සාමයෙන් ජීවත් වූ පිරිසක්” එම මෙහෙයුමට එක්ව සිටි පුද්ගලයෙක් කියා සිටියේය.
    . 
    ගින්න නිවා දමා හෝටලය කලින් පැවති අයුරින් සකස් කිරීමට පියවර ගත් ඔවුහු පස්වරු පහ පමණ විට විනාශයෙන් සියයට හැත්තෑපහකට වැඩි වැඩ කොටසක් නිම කිරීමට සමත් වූහ.
    ප්‍ර‍හාරයට පැමිණි යතුරුපැදි කරුවන් ගේ දර්ශන සීසීටීවී කැමරාවන්ගේ සටහන් වී ඇති බව ද තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වයි. 
    ගින්නෙන් ඇති වූ අලාභය ස්ථිර වශයෙන් තක්සේරු කර නොමැති බව හෝටල් හිමිකරු ප්‍රකාශ කළත්, බැලූ බැල්මට රුපියල් ලක්ෂ පනහකට ආසන්න අලාභයක් සිදුව ඇති බවක් එම අලාභය දුටු පුද්ගලයෝ පවසති.
    එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළද සංගමය’ විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම කාගේත් පුදුමයට හේතු විය. 
    Image caption අළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යයි සැළකෙයි.
    හෝටලයට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීමට ක්‍රියා කරන බවත් එම ස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේය.
  • දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. මහින්දගෙන් අමුතු කතාවක් (Video)

    දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. මහින්දගෙන් අමුතු කතාවක් (Video)

    වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

    ෆේස්බුක් පාලනය කිරීමක් උවමනා බවත් කී ඇමතිවරයා එය තහනම් කිරීමට වඩා පාලනයක් බවත් කීය.

    දියුණු රටවල් ෆේස්බුක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් හොදම උදාහරණය චීනය බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

  • රට වැනසූ ජාතිවාදී  ගැටුම් වලට 230ක් අත්අඩංගුවට… ඔවුනට වෙන්න යන දේ මෙන්න…

    රට වැනසූ ජාතිවාදී ගැටුම් වලට 230ක් අත්අඩංගුවට… ඔවුනට වෙන්න යන දේ මෙන්න…

    පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු නොසන්සුන්කාරි තත්වයත් සමග පුද්ගලයින් 161 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය සදහන් කරන්නේ මෙම පිරිසට අමතරව අම්පාර, මොරටුමුල්ල, බදුල්ල, මාවතගම, කුරුවිට හා කල්මුණේ ප්‍රදේශයන් හිදි තවත් පුද්ගලයින් 69 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුනා.

    මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබුනේ පසුගිය 06 වෙනිදා සිට  (11) වනදා උදෑසන දක්වා වු කාලයේදි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සදහන් කරනවා.

  • ශ්‍රී ලංකාවේ බුකි තහනම ඉවත්කරන්න ඇමරිකාවත් කරලියට……

    ශ්‍රී ලංකාවේ බුකි තහනම ඉවත්කරන්න ඇමරිකාවත් කරලියට……

    ශ්‍රී ලංකාවට පනවා ඇති සමාජ ජාලා වෙබ් අඩවි තහනම කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට විදෙස්  රාජතාන්ත්‍රිකයන් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ලක් රජය විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලියෙන් මෙරට ජනතාව මෙන්ම විදේශීකයන් ඇතුළු විදෙස්  රාජතාන්ත්‍රිකයන් ද පීඩාවට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් සිය ට්වීටර් පිටුව මගින් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ජාල මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගන්නා විද්‍යුත් සන්නිවේදන ක්‍රමවේදයක් බවයි.

    වෙනස් වන ලෝකයේ සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුකර මහඟු සේවාව අගය කළ යුතුව ඇති අතර එහි ඇති හොඳ සහ නරක යන දෙකම සමසේ වටහා ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    මෙවැනි මාධ්‍යයන් ඔස්සේ ප්‍රචණ්ඩත්වය පතුරවන්නන් සහ එය දැක නොඉවසිල්ලෙන් කටයුතු කරන පිරිස් ඊට වගකීව යුතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවිවලට කිසිවක් කිරිමට නොහැකි බව ද ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් ශ්‍රී ලංකා රජයට කරුණු පැහැදිළි කර දී තිබෙනවා.

    එමෙන්ම වෛරයෙන් පිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් රජය අවදානය යොමු කර ඔවුන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරිම මිස තවදුරටත් සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරිම සාධාරණ නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    පසුගිය දින කිහිපය පුරා මහනුවර සහ අම්පාර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය හමුවේ එය පාලනය කිරිම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නීති ක්‍රියාත්මක කළ අතර සමාජ ජාල මාධ්‍ය සියල්ල තාවකාලිකව අවහිර කර එහි භාවිතය සීමා කිරිමට කටයුතු කළා.

    මේවන විට දිවයිනේ ගැටුම් පැවති ප්‍රදේශවල තත්ත්වය සාමකාමී වුවද සමාජ ජාලා සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තීරණය ඉවත් කිරිමට මෙතෙක් කටයුතු නොකළ අතර රටතුල සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කළ හැකි ද යන්න පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජය කරුණු සොයා බලමින් සිටින බවයි සඳහන්.

  • අවහිර කරපු බුකියට මොකද වෙන්නේ?  විශේෂ සාකච්ඡාවක් අද….

    අවහිර කරපු බුකියට මොකද වෙන්නේ? විශේෂ සාකච්ඡාවක් අද….

    ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතයි.

    එහිදී මෙම අවහිරතා ඉවත් කරන්නේද? නැතහොත් තවදුරටත් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. 

    ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජජාලා වෙබ් අඩවිවලට පිවිසිම අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කළේ ඉකුත් 7 වැනිදා සිටයි.

    ඒ, මහනුවර ප‍්‍රදේශයේ පැවති තත්ත්වය සැළකිල්ලට ගනිමින්. ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය තොරතුරු පතුරවාහැරීම වැලැක්වීම එහි අරමුණ වුණා. කෙසේවෙතත් ආණ්ඩුව පසුව ප‍්‍රකාශ කළේ මෙම තහනම පැය 72 ක කාලයක් සඳහා පමණක් පැනවූ බවයි. එහෙත් එම කාලය දැන් අවසන් වී තිබෙනවා. 

    කෙසේවෙතත් සමාජජාල මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය කටයුතු කරනු ඇත්තේ රට තුළ ජාතිවාදී, ආගම්වාදී හා අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇති බවට ආරක්‍ෂක අංශ රජයට වාර්තා කිරීමෙන් පසුව බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ වනවිට පනවා ඇති තහනම කඩිනමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවටද වාර්තා වුණා. 

    මේ අතර සමාජජාල මාධ්‍ය මෙන්ම මෙරට මාධ්‍ය සඳහා ද නීති පද්ධතියක් හදුන්වා දිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඒ සදහා ජාත්‍යන්තර රටවල ආදර්ශය ගත හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

    මේ අතර අන්තර්ජාලය භාවිත කරමින් ජාතීන් අතර අසමගිය ඇතිවන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා ලබන 22 වැනිදා තෙක් මාකොළ තරුණ රැදවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට අධිකරණය ඊයේ (11) නියෝග කළා.