Blog

  • ෆේස්බුක් ඇතුළු සමාජජාල මර්දනය දිගටම සිදුකිරීමට ආණ්ඩුව සැරසෙන බවට හෙළිදරව්වක්!

    ෆේස්බුක් ඇතුළු සමාජජාල මර්දනය දිගටම සිදුකිරීමට ආණ්ඩුව සැරසෙන බවට හෙළිදරව්වක්!

    වත්මන් විසින් ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කරමින් සිදුකිරීමට යන දේශපාලන සැලැස්මට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් අරඹන බව එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

    එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    “සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් – වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

    රටේ සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට යහපාලන රජය විසින් ගනු ලැබූ තින්දුව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

    එය මේ රටේ දැනට ඔඩු දුවමින් පවතින ජාතිවාදි ව්‍යසනය නතර කිරීමට ඇති හොඳම විසදුම නොවේ. ආණ්ඩුවට පාලනය කළ නොහැකි ලෙස සමාජ මාධ්‍ය ජාලාවන් හරහා ජාතිවාදය පැතිර යනවා නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම ජාතිවාදය පතුරුවන ජාතිවාදී ගෝත්‍රිකයින් හඳුනා ගෙන ඔවුනට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එයට අවශ්‍ය තරම් වන නීති ප්‍රතිපාදනයන් දැනටමත් ලංකා නීතිය තුළ අන්තර්ගත බව ආණ්ඩුවට අපි මතක් කර දීමටද කැමැත්තෙමු.

    එසේ තිබියදි රටේ සියළුම දෙනාට බලපාන ලෙස මෙලෙස සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් එය රටේ පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ව්‍යාංග වශයෙන් අහිමි කිරීමක් බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

    මෙතෙක් රටේ පැවති සියළුම ආණ්ඩු පාහේ තම නොහැකියාව වසා ගැනීමට විකල්ප මාධ්‍ය වාරණය සක්‍රියව ක්‍රියාත්මක කළ අකාරය පිළිබඳව අත්දැකිම් අප සතුව ඇත. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල විරුද්ධ හා විකල්ප මත දැරූ වෙබ් අඩවි තහනම් කිරීම හා එම මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම හරහා තම නොහැකියාව වසා ගැනීමට කටයුතු කළ ආකාරය සුලභ විය. නමුත් මෙහිදි හාස්‍යජනකම සිදුවීම වන්නේ රාජපක්ෂ පාලනය තුළ සිදුවු එවැනි ක්‍රියාකාරකම් නැවත සිදුනොවන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණෙන මෛත්‍රි – රනිල් පාලනය මෙලෙස වෙබ් අඩවි පමණක් නොව සමස්ථ සමාජ මාධ්‍ය ජාලාවම අවහිර කිරීමයි. එය ඉගුරු දී මිරිස් ගත්තා වැනි ය යන ප්‍රස්ථා පිරුල සාක්ෂාත් කරනු ලබයි.

    එසේම මෙයින් මුළු මහත් රටේත්, රටින් පිටත ජීවත් වන අපේම ජනතාව මුහුණදෙන සන්නිවේදන දුෂ්කරතාවය අතිවිශාල වන අතර එයින් සිදුවන සමාජීය බලපෑම ගණනය කළ නොහැකි එකකි. තවද ව්‍යාපාර ඇතුළු රටේ ආර්ථිකයට මෙමඟින් සිදුවී ඇති හානිය මෙතෙක් යැයි රජය විසින් ගණනය කිරීමට අපොහොසත්ව ඇත.

    මෙහිදි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙසට අපට හැගි යන්නේ ආණ්ඩුව තම මර්දනකාරී වැඩපිළිවෙළට අවශ්‍ය පූර්වාදර්ශය මෙම තහනම තුළින් පරිපූර්ණ කිරීමට උත්සහ ගන්නා බවයි. යම්හෙයකින් ඉදිරි මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණයේදි ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය විකල්ප මතධාරාවක් සමාජ මාධ්‍ය ජාලාවන් හරහා නිර්මාණය වන අවස්ථාවකදි එය මැඩපැවැත්වීමට මෙම වාරණය උපයෝගී කරගත හැකිදැයි අත්හදා බලනු ලබන පෙර පරීක්ෂණයක් ලෙසට මෙම දින කිහිපය යොදා ගන්නා බවට අපගේ මතය වේ.

    තවදුරටත් ආණ්ඩුව මෙලෙස ඉදිරියට කටයුතු කරනවා නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන්නෙමු. එහෙයින් මෙලෙස ව්‍යංගකාරි විසඳුම් සෙවීමට නොගොස් සමාජය තුළ පැන නැගි ඇති සැබෑ ගැටළුව හදුනාගෙන එයට අවශ්‍ය විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු.

    සුවින් වගාරච්චිගේ,
    කැදවුම්කරු

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රී ලංකාව
    இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
    National Movement of Web Journalist- Sri Lanka.”

     

    [googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2018/03/Press-stament-11-03-2018.pdf” width=”600″ height=”600″]

  • තෙල්දෙනියේදී මියගිය කුමාරසිංහගේ ඥාතීන් මුළු රටෙන්ම ඉල්ලන ඇසට කදුළු එන ඉල්ලීම මෙන්න…

    තෙල්දෙනියේදී මියගිය කුමාරසිංහගේ ඥාතීන් මුළු රටෙන්ම ඉල්ලන ඇසට කදුළු එන ඉල්ලීම මෙන්න…

    සිය ඥාතියාගේ මරණය හේතුවක් කර ගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන ලෙස, තෙල්දෙණියේදී සිදු වූ පහරදීමෙන් මියගිය ලොරි රථ රියදුරු කුමාරසිංහගේ ඥාතීහු ගැටුමට සම්බන්ධ වී සිටින සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිති.

    සිය ඥාතියාගේ මළ සිරුර නගරයට රැගෙන යෑමට විවිධ අය ඉල්ලා සිටි නමුත් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේද අනුශාසනා මත තමන් ඊට එකඟ නොවූ බවද සැකකරුවන්ට එරෙහිව අධිකරණය මගින් නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔවුහු ප්‍රකාශ කරති.

    ‘අපි ඉල්ලන්නෙ මේ සිද්ධිය හින්දා අපේ මිනිස්සු ඇණකොටා ගන්න එක නතර කරන්න කියලා. මේකෙන් පස්සෙ කීදෙනෙක් නැති වුණාද? ඒ මරණවලට කවුද වගකියන්නෙ?’ මියගිය එච්.ඩී. කුමාරසිංහගේ සොහොයුරු එම්. ජයන්ත පවසයි.

    ‘දැන් ඔය හොඳටම ඇති ගහමරා ගත්තා. අපි ඉල්ලන්නෙ පුළුවන් නම් මේ ළමයින්ට සාධාරණයක් කරන්න.’ සොහොයුරිය නන්දාවතී මැණිකේ ප්‍රකාශ කරයි.

    ‘මොනවද දැන් මේ වෙන්නෙ? අපේ පුතා අපිට නැති වුණා. දැන් බලන්න, කී දෙනෙකුගෙ ළමයින්ට තාත්තලා දකින්න නැද්ද? ඒ තාත්තලා හිරේ ගිහින් තියෙන්නෙ මොනවටද? අනුන්ට ගහලා. මේවා නවත්තන්න කියලා ඉල්ලන්න විතරයි අපිට පුළුවන්.’ මියගිය කුමාරසිංහගේ මාමා වන ආර්. පියදාස කියයි.

    එච්.ඩී. කුමාරසිංහගේ ගෙදරට පේරකැටිය, පුස්ගෝවට යා යුතුය. ඒ කියන්නේ මහනුවරත් පසු කර, දිගනත් පසු කර, තෙල්දෙනියත් පසු කර තවත් කිලෝමීටර් විස්සක් පමණ ඇතුළට යා යුතුය. ඒ පාරේ පදිංචිකරුවන් හැර අන් කිසිවකු යන්නේ කලාතුරකින් විය හැක. ඇත්තටම ඒ මග දුෂ්කරය. කඳුකරය ලස්සන වුණත්, ඒ යටින් දිවෙන ඇත්ත විශ්වාස කළ නොහැකි තරම් තිත්තය.

    එච්.ඩී.කුමාරසිංහ යනු පසුගිය දින කිහිපයේ රට පුරා කතාබහට ලක් වූ කලහකාරී සිදුවීම් වලට මුල් වූ පුද්ගලයා ලෙස ඇතැමෙක් හඳුන්වන්නාය. මාධ්‍ය මගින් හිතෙන-හිතෙන දේ ලියමින්-කියමින් කළ විකාරයද මේ අත්තනෝමතික කලහකාරිත්වය අවුළුවන්නට සෑහෙන දායකත්වයක් ලබා දී තිබිණි.

    තෙල්දෙනිය නගරයේ ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුවා සිංහ මුදලාලිය. ඒ වගේම කුමාරසිංහ රියැදුරු රස්සාව කළ ලොරියේ අයිතිකරුවාද ඒ මුදලාලිමය. දවල්ට ගෙදර නැති, මහ රෑට ගෙදර එන කුමාරසිංහ ඔය කියන විදිහට මේ සිද්ධියට වගකිව යුතුද?

    කොළඹ සිට පෞද්ගලික සමාගමක කිරිපිටි තොගයක් පටවාගෙන එමින් සිටියදී තෙල්දෙනිය නගරයේදී ඔහුට පහර දී තිබේ. ලොරිය ඉස්සර කිරීමට එකවර ඉඩක් නොදීම ඊට ආසන්නතම හේතුව වී ඇතැයි ප්‍රකාශ වේ. මේ වන විට අදාළ පහරදීමට සම්බන්ධ වූ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    පුළුවන් නම් මේ ළමයි දෙන්නට සාධාරණයක් කරන්න
    එම්.ජයන්ත –
    මිය ගිය කුමාරසිංහගේ සහෝදරයෙක්
    ‘අපේ අයියා කාටවත් කරදරයක් නැති කෙනෙක්. කොටින්ම හරියට ඇහෙන්න කතා කරන්නෙවත් නෑ. එයා කාලයක් රට හිටියෙ. ඔය රස්සාවට යන්න පටන් අරන් දැන් අවුරුදු එකහමාරක් විතර ඇති. උදේ පාන්දර වැඩට යනවා. මහ රෑට ගෙදර එනවා. එයාට යාළුවෙක් ආශ්‍රය කරන්නවත් වෙලාවක් නෑ. ඒක හින්දා මට හොඳටම විශ්වාසයි, මෙතැන වෙන කිසිම පෞද්ගලික ප්‍රශ්න මොකුත් නෑ කියලා.  දැන් අපිට වෙන්න තියෙන දේ වුණා. අයියා අපිට නැති කළා. අපි ඉල්ලන්නෙ මේකට සම්බන්ධ අයට උපරිම දඬුවම් දෙන්න කියලා. පහුගිය දවස් ටිකේ ඒ ගැන අපිට සැකයක් තිබුණා. ඒත් දැන් මේක උසාවිය ඉදිරියේ තියෙන හින්දා සාධාරණයක් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.

    අපි ඉල්ලන්නෙ මේ සිද්ධිය හින්දා අපේ මිනිස්සු ඇණකොටා ගන්න එක නතර කරන්න කියලා. මේකෙන් පස්සෙ කීදෙනෙක් නැති වුණාද. ඒ මරණ වලට කවුද වගකියන්නෙ. අපේ පන්සලේ හාමුදුරුවොත් අපිට කිව්වෙ අයියාගෙ මිනිය කොහෙවත් ගෙනියන්න දෙන්න එපා කියලා. අපි අයියාව පවුලේ සුසාන භූමියෙ මිහිදන් කළා. අයියගෙ මිනිය ගේනකොටත් ප්‍රශ්න ආවා. දිගන ටවුන් එකේ මිනිය තියාගන්න හැදුවා. පොලිස් ජීප් එකක් ආපු හින්දා තමයි මිනිය ගෙදරට ගේන්න පුළුවන් වුණේ. නැත්නම් අයියගෙ මිනිය පාරවල් ගාණෙ කුණු කරයි.

    අපිට සල්ලි දෙන්න හැදුවා, අපි ලක්ෂ දෙකක් ගත්තා වගේ බොරු කතා මාධ්‍යවලිනුත් පැතිරෙව්වා. ෆේස්බුක් එකේ බොරු දැම්මා. අයියගෙ මළ ගෙදරට සෙනඟ ආවා තමයි. මේ දුෂ්කර පැත්තට කවදාවත් ආවෙ නැති අය අයියගෙ මළගෙදරට ආවා. ඒ ගොල්ලන්ගෙන් අපි සල්ලි ගත්තෙ නෑ. හැබැයි ඒ ගොල්ලො පස්සෙ අයියගෙ මිනිය අරන් යන්න ඉල්ලුවෙත් නෑ. සමහර මාධ්‍යවල ගියෙ අයියගෙ මිනිය ටවුන් එකට අරන් ගියා කියලා. හිස් පෙට්ටියක් මිනිය වගේ අරන් ගියා කියලත් බොරු කිව්වා. ඇයි මේ විදිහට මිනිස්සු ඇවිස්සුවෙ.

    මං ඉල්ලීමක් කරනවා, අයියගෙ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුගෙ වයස දහතුනයි. අනෙක් එක්කෙනාට එකොළහයි. පොඩි පුතාට ආබාධිත තත්ත්වයකුත් තියෙනවා. අම්මාට බෙහෙත් ගන්න මාසෙකට ලොකු ගාණක් යනවා. නංගි රස්සාවක් කරන්නෙත් නෑ. සහෝදර-සහෝදරියො විදිහට අපිට වුණත් උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඇත්ත කතාකරන්න ඕනනෙ.

    අයියා රට ගිහින් අවුරුදු හයක් හිටියා. ඒ හම්බකරපු සල්ලි ඔක්කොම වියදම් කළේ ඔය අසනීපවලට තමයි. ඒක නිසා අයියට උදව් කරන්න ඇත්තටම ඕනෙ නම් මේ ළමයින්ට උදව්වක් කරන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා.’

    දැන් ඔය හොඳටම ඇති ගහමරා ගත්තා
    – නන්දාවතී මැණිකේ –
    මිය ගිය කුමාරසිංහගේ සොහොයුරියක්
    ‘අපේ අයියා කාටවත් කරදරයක් කළේ නෑ. අයියා මැරුවා කියලා දැනගත්තට පස්සෙ අනෙක් අයටත් කේන්ති යන්න ඇති. ඒත් දැන් ඒ සිද්ධි ඔක්කොම ඉවරයි. අයියගෙ හත් දවසෙ බණ අද රෑට. දැන් ඔය හොඳටම ඇති ගහමරා ගත්තා. අපි ඉල්ලන්නෙ පුළුවන් නම් මේ ළමයින්ට සාධාරණයක් කරන්න. ඒ ගොල්ලන්ට බෙහෙත් ගන්න සෑහෙන ගාණක් යනවා. ගෙදර වියදම් තියෙනවා. ඔය ඔක්කොම කළේ අයියගෙ මාසෙ පඩියෙන්. මේ ගේ තාම හදලා තියෙන්නෙ බාගෙට. පුළුවන් නම් මේ ප්‍රශ්න විසඳලා දෙන්න.   අපේ අයියාගෙ ලොකු චේන් එකක් තිබුණා. ඒක හොරෙන්ම පන්සලට පූජා කරලා. එයා ඒ වගේ කෙනෙක්. හිත හරි හොඳයි. ළමයින්ටත් කිසි අඩුපාඩුවක් කරන්නෙ නෑ. පුළුවන් විදිහට හැමදේම කළා. දැන් කවුද ඒවා කරන්නෙ. මේ ළමයි දිහා බලන්න. ඒ ගොල්ලන්ට අසනීප තියෙනවා. ඒවා හොඳ කරන්න බෑ කියලා දොස්තර මහත්තුරු කියලා තියෙන්නෙ. කවුද මේ ළමයි බලාගන්නෙ. අයියාට මේ අපරාදෙ කරපු අය එක්ක මටත් ලොකු තරහක් තියෙනවා. ඒත් මොනවා කරන්නද.’


    තව ළමයින්ට තාත්තලා නැති කරන්න එපා
    – ආර්. පියදාස –
    මිය ගිය කුමාරසිංහගේ මාමා
    ‘මොනවද දැන් මේ වෙන්නෙ. අපේ පුතා අපිට නැති වුණා. දැන් බලන්න, කී දෙනෙකුගෙ ළමයින්ට තාත්තලා දකින්න නැද්ද. ඒ තාත්තලා හිරේ ගිහින් තියෙන්නෙ මොනවටද. අනුන්ට ගහලා. මේවා නවත්තන්න කියලා ඉල්ලන්න විතරයි අපිට පුළුවන්. අපි මේ ගම්වල මිනිස්සු. අපි කියන ඒවා කවුද අහන්නෙ. පුතාගෙ මළගෙදරට ආපු සිය ගාණක් සෙනඟ දැක්කා. ඒත් ඊටපස්සෙ ඒ අය නෑ.
    මුල් දවස් දෙකේ ගෙදරට පොලිසියෙන් ආරක්ෂාවත් දාලා තිබුණා. දැන් ඒවාත් නෑ. හැමදේම ඔහොම තමයි. අපි ගැන බලන්න ඉන්නෙ කවුද. පොලිසිය ලොකු අයගෙන් කප්පම් ගන්නවා, අපිට කොහෙන්ද කප්පම් දෙන්න හයියක්. මං බලාගෙන ඉද්දිම සමහරු පොලිසියෙ මහත්තුරුන්ටත් හයිපාට් දැම්මා. අපි පොලිසි ගාණෙ ගිහිනුත් නෑ. යන්න ඕනෙකමකුත් නෑ. මං කියන්නෙ මේ සේරම බොරු වැඩ. අපිට අපේ පුතා නැති වුණා තමයි. මේ ළමයි දෙන්නට තාත්තා නැති කළා වගේ තව ළමයින්ට තාත්තලා නැතිකරන්න එපා. ඒක සහගහන අපරාධයක්.’

  • ජුනියර් සුපර් ස්ටාර් ෆයිනල් එකේ ඇත්තටම මොකද උනේ? රටම කතාවෙන ඇත්ත කතාව මෙන්න….

    ජුනියර් සුපර් ස්ටාර් ෆයිනල් එකේ ඇත්තටම මොකද උනේ? රටම කතාවෙන ඇත්ත කතාව මෙන්න….

    රටම කතාවෙන ජුනියර් සුපර් ස්ටාර් අවසාන මහා තරගයේ ආන්දෝලනාත්මක ප්‍රතිපලය පිටුපස ඇති ඇත්ත කතාව මේ වනවිට අපට ලැබී ඇත.

    විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව සදහන් වන්නේ ඉදිරියෙන්ම සිටින තරු 03 අභිබවා පසුපසින් නිහඩව  සිටි තරුවක් එකපාරටම තරුව කිරීම පසුපස මුල්‍යමය ගණුදෙනුවක් ඇති බවයි.

    සුමිරක අදිප ජනප්‍රියම තරුව බවට පත්වීමත් අවසාන ප්‍රතිපලය අනුව ඔහු තරගයේ සමස්ත ප්‍රතිපල අනුව තරගයේ සිවුවැනියා වීමත් රටේම අවධානය දිනා සිටි ඉෂිනි තමොද්‍යා තෙවෙනි ස්ථානයට පත්වීමත් පසුපස යම්කිසි හෙළි නොවූ කතාවක් ඇති බව අපට වාර්තා වේ.

    එස්.එම්.එස් ජනතා මනාපය බල්ලාට දමා විනිසුරුවන්ගේ තීරණ සහ අභිලාෂ මත තමනට අවැසි අයවලුන් තරු පුටු වලට ගෙන ඒම රියලිටියදැයි මේ පිලිබදව අප සිදුකල විමසීමකදී ජනතාව අපෙන් ප්‍රශ්න කර සිටියා…

  • චීනයේ බුකිය නැති හින්දා සාමකාමිලු – බය නැති මෝඩ අගමැති රටට කියපු ගොබ්බ කතාව මෙන්න…

    චීනයේ බුකිය නැති හින්දා සාමකාමිලු – බය නැති මෝඩ අගමැති රටට කියපු ගොබ්බ කතාව මෙන්න…

    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි. රටෙහි ඇතිවූ අර්බුධකාරී තත්වය මෙම රැස්වීමේදී විශේෂ මාතෘකාවක් විය.

    මෙහිදි අමාත්‍ය පී. හැරිසන් කීවේ  “නුවරට බස්‌වලින් සෙනඟ ඇදලා කලබල කරවලා තියෙන්නේ සිවුරු ඇඳ ගත්ත අය කියලයි කියන්නේ… ඒත් සිවුරු දාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු ද කියලා පොලීසියයි ජනතාවයි දෙගොල්ලම විමසිලිවත් වෙලා බලන්න ඕන…” ලෙසය.
     
    “සමාජ වෙබ් අඩවි නවත්තපු එක ගැන අපි ටිකක්‌ කල්පනා කරන්න ඕන. මේවයින් හුඟක්‌ දෙනෙක්‌ වැඩ ගන්නවා. සීමිත පිරිසක්‌ තමයි මේවා නරක දේවල් වලට යොදා ගන්නේ. ඉතින් මේ සීමිත දෙනාගේ වැඩ නිසා මුළු රටකම ඉන්න ජනතාවට තමන්ගේ අයිතියක්‌ අහිමි වුණා.” නවීන් දිසානායක පුළුල් විග්‍රහයක්‌ කරන්ට පටන් ගත්තේ ය.
     
    “ඒවාට දින කීපයක තහනමක්‌ දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්‌බුක්‌ නිසා සිදුවන හානිය තහනම හරහා වලකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක්‌ දී තිබෙනවා” යෑයි අගමැති කීය.
     
    “ජර්මනිය පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්‌ස්‌ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්‌ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා” අගමැතිවරයා ප්‍රකාශ කළේය.
     
     “මේ ගිනි නිසා අගමැති හා ආණ්‌ඩු මාරුවයි විශ්වාසභංගයයි ගැන දැන් ආරංචියකුත් නෑ. ඒකාබද්දෙ කණ්‌ඩායම් රැස්‌වීමකදී වීරවංශ විශ්වාසභංගය ගැන කතා කළාම රැවුල ගිනි ගත්ත වෙලාවෙ සුරුට්‌ටු පත්තු කරල ලැඡ්ජ වෙන්න එපා කියල මහින්ද කෑගහල කියලත් ආරංචියි. පී. හැරිසන් කීවේ එවැන්නකි”
     

  • එජාපය ඉන්නවා මහනුවර සිදුවීම පසුපස –  ජනපති මෛත්‍රී සාක්ෂි සහිතව හෙළිකරපු හැටි මෙන්න.!

    එජාපය ඉන්නවා මහනුවර සිදුවීම පසුපස – ජනපති මෛත්‍රී සාක්ෂි සහිතව හෙළිකරපු හැටි මෙන්න.!

    මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල හටගත් නොසන්සුන්තාවය රටෙහිම අවදානය දිනාගත්තා. මෙම සිදුවීම පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වා තිබුණා. එම සංවාදය පහතින් ,

    ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, මුලින්ම අම්පාරේ නොසන්සුන්තාවයක්‌ ඇතිවුණා. ඊට සතියකට පසු මහනුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවයක්‌ ඇතිවුණා. මේ සිද්ධි දෙක මේ රට යළිත් වර්ගවාදී ගින්නක දහනය කරවීම සඳහා හොඳටම ප්‍රමාණවත්. විශේෂයෙන්ම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව රැස්‌වී තිබෙන අවස්‌ථාවක මෙවැනි සිද්ධි ඇතිවීම හේතුවෙන් ජාතික වශයෙන් පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන් ද මේ රට අපකීර්තියට ලක්‌වෙනවා. රාජ්‍ය නායකයා ලෙස ඔබ මේ තත්ත්වය ඇතිවීම දකින්නේ කොහොමද…?
     
    පිළිතුර – අම්පාර සිද්ධිය පැහැදිලිවම සැලසුම් කරලා කරපු වැඩක්‌. ඒක අහඹු සිදුවීමක්‌ හෝ හදිසියේ ඇතිවුණු තත්ත්වයක්‌ නෙවෙයි. කලින් සංවිධානය කරපු සිදුවීමක්‌. 
     
    මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ රියෑදුරෙකුට පහරදීම කලින් සංවිධානය වෙච්ච එකක්‌ නෙවෙයි. මුස්‌ලිම් තරුණයෝ තුන්දෙනෙක්‌ හොඳටම මත්පැන් පානය කරලා, ත්‍රීවීල් එකක යනකොට, තවත් වාහනයක ගැටුණා. මේ තරුණයන් තිදෙනා අනෙක්‌ වාහනයේ රියෑදුරුට ගැහුවා. දවස්‌ කීපයකට පස්‌සේ ගුටි කෑ තරුණයා රෝහලේදී මිය ගියා. එතන වැරැද්ද ඒගොල්ලන්ගේ.
     
    මට පේන විදියට අම්පාර සිද්ධියත්, රියෑදුරුගේ මරණයත් යන දෙකම එකට තියලා, අවසනාවන්ත තත්ත්වයක්‌ දක්‌වා එය යම් පිරිසක්‌ විසින් එය සංවිධානය කළා. අම්පාර සිද්ධිය සංවිධානය කරපු පිරිස, මේ ප්‍රශ්නය මහනුවරටත් ගත්තා කියලයි, මම විශ්වාස කරන්නේ. එක පැත්තකින් මේකේ අන්තවාදීන්ගේ ක්‍රියාකලාප තියනවා. තවත් පැත්තකින් ආණ්‌ඩුවට විරුද්ධව දේශපාලන බලවේගවල පසුබිමකුත් තියනවා. එයට හේතු සාක්‌ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක්‌ ගත්තහම පෙනෙන දෙයක්‌ තමයි තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක්‌ තියෙනවා ඡන්ද ලකුණක්‌ තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට ගහලා තියෙනවා. 
     
    කුලියාපිටියේ මුස්‌ලිම් කඩ දෙකකට පහර දුන්නා. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් තරග කරපු අපේක්‌ෂකයෙක්‌, ඔහුගේ වාහනයෙන් ගිහින් එම පහරදීම කර තිබෙන බව පරීක්‌ෂණවලදී හොයා ගෙන තිබෙනවා. සමහර දේවල් පැහැදිලිවම, දේශපාලන පසුබිම්වලින් ආණ්‌ඩුවට විරුද්ධව සිද්ධ කරපුවා බව මේ සාධක වලින් පෙනෙනවා. සමහර අය දේශපාලන පසුබිමක්‌ නැතිව අන්තවාදී විදියට හිතන අය. මේ තත්ත්වය තුළ තමයි මේ ප්‍රශ්නය වර්ධනය වුණේ… 
     
    මහනුවර ප්‍රදේශයේ කලබල කරන අයට විශාල වශයෙන් අරක්‌කු, කසිප්පු ඒ ගම්වලටම ගිහිල්ලා දෙන වැඩපිළිවෙළක්‌ තිබිලා තියෙනවා. රජයේ නිලධාරීන්, පොලීසිය, හමුදාව, ස්‌වාමීන් වහන්සේලා ඒ අය කියන්නේ මේ විදිහේ පහරදීම් කරන අයව ගිහින් හම්බ වුණාම, ඒ කවුරුත් එක්‌ක කතා කරන්න පුළුවන් හොද සිහියෙන් හිටියේ නැහැ, කියලයි. 
     
    ප්‍රශ්නය – තත්ත්වය සාමාන්‍ය කිරීම සඳහා ආණ්‌ඩුව ගත් ක්‍රියාමාර්ග අතර සමාජ මාධ්‍ය ජාලා තහනමක්‌ ද ක්‍රියාත්මක කළා. එවැනි පියවරක්‌ ගැනීමට හේතුවූ කාරණා පැහැදිලි කළහොත්…
     
    පිළිතුර – අන්තවාදී පිරිස්‌ සමාජ වෙබ් අඩවි පාවිච්චි කෙරුවෙ ඉතාමත්ම පහත් විදියට. මේ ගැටුම වර්ධනය වෙන්න මූලික වශයෙන්ම සමාජ වෙබ් අඩවි හේතු වුණා. ඒ නිසා තමයි අපි ඒවා නියාමනය කරන්න පටන් ගත්තේ. ජාතික ආරක්‌ෂාව සම්බන්ධයෙන් තිබෙන නීති රීති යටතේ එවැනි ක්‍රියාමාගර් ගැනීමේ බලය රජයට තිබෙනවා. කැබිනට්‌ මණ්‌ඩලය සාකච්ඡා කරලා, ජාතික ආරක්‌ෂක මණ්‌ඩලය සාකච්ඡා කරලා, සමාජ වෙබ් අඩවි තාවකාලිකව වාරණය කිරීම සඳහා පියවර ගැනීමට රජයට සිදුවුණා. 

  • ලංකාවේ ඇතිවූ උණුසුම් තත්වය ගැන ජනපති මෛත්‍රී ඉන්දියාවේදී කියපු දේ මෙන්න…

    ලංකාවේ ඇතිවූ උණුසුම් තත්වය ගැන ජනපති මෛත්‍රී ඉන්දියාවේදී කියපු දේ මෙන්න…

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (11) අන්තර්ජාතික සුර්ය බලශක්ති එකමුතුව අමතනවා. එය පැවැත්වෙන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි. 

    ඊට සහභාගී වීම සඳහා ඊයේ (10) ඉන්දියාව බලා ගිය ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය ජනාධිපති රාම්නාද් කෝවින්ද් සමග ද්වී පාර්ශවික සාකච්ඡාවල ද නිරත වුණා.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සමස්ත ලෝකයම බලශක්ති අර්බුදයකට හා ගෝලීය උණුසුම ඉහළයාම පිළිබඳ බරපතල ගැටළුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ මෙවැනි සමුළු පැවැත්වීම ඉතා කාලෝචිත බවයි.

    ශ‍්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට පුළුල් වැඩපිළිවෙලක් සකසා ඇති බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී ඉන්දීය ජනාධිපතිවරයා හමුවේ කියා සිටියා.

    ඇතැම් අන්තවාදී පිරිස් රට තුළ කළහකාරී තත්වයන් ඇති කරමින් සංහිඳියාව පලූදු කිරීමට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

    කෙසේ වෙතත් පසුගිය දිනවල ශ‍්‍රී ලංකාවේ ඇතැම් ප‍්‍රදේශවල පැවති කලහකාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී ප‍්‍රකාශ කළා. ඉන්දීය සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. 

  • පොඩි මාලියි – ලොකු මාලියි ගැටුණු ලංකා 20-20 අවසන් මහා තරගයේ රස මුසු තැන් මෙන්න…

    පොඩි මාලියි – ලොකු මාලියි ගැටුණු ලංකා 20-20 අවසන් මහා තරගයේ රස මුසු තැන් මෙන්න…

    අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේදී සී.සී.සී. පිල පරදා ලකුණු හයක තියුණු ජයක්‌ ලැබීමට එන්.සී.සී. පිල සමත් විය. 
     
     පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පිති ප්‍රහාරය දියත් කළ එන්.සී.සී. පිල ලබාගත් ලකුණු 183 ට පිළිතුරු ලෙස සී.සී.සී. පිලේ සියලු දෙනා ලකුණු 177 කට දැවී යද්දී පන්දුවාර 19.3 ක්‌ අවසන්ව තිබුණි.
     
     මෙම තරගයේ කාගෙත් කතාබහට ලක්‌වූ පන්දු යවන්නන් දෙදෙනා වූයේ ලසිත් මාලිංග සහ ඔහුගේ ඉරියව්වට සමානව පන්දු යවන 23 හැවිරිදි නුවන් තුෂාර කෙරෙහිය. 
     
     මාලිංග එන්.සී.සී. පිල නියෝජනය කරමින් පන්දුවාර හතර තුළදී ලකුණු 36 ට කඩුල්ලක්‌ දවා ගත් අතර ඔහුගේ ඉරියව්වට සමාන පන්දු යවන සහ “පොඩි මාලි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නුවන් තුෂාර සී.සී.සී. පිලට වෙනුවෙන් පන්දුවාර හතර ලකුණු 32 කට යවමින් කඩුලු හතරක්‌ බිඳ දැමීය. නුවන් තුෂාරගේ පන්දු හමුවේ නිරෝෂන් දික්‌වැල්ල, මහේල උඩවත්ත, ඇන්ජලෝ පෙරේරා සහ චතුරංග ද සිල්වා යන ප්‍රබල පිතිකරුවන් දැවී ගියහ.
     
     තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා මාලිංග
     
     ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වූ ලසිත් මාලිංග මෙවර පළමු පෙළ තරගවාරයේදී තරග අටකට ක්‍රීඩා කරමින් කඩුලු කඩුලු 17 ක්‌ දවා ගෙන තිබේ. එහිදී ඔහුගේ කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍යඨ 11.35 ක්‌ ලෙස සටහන් වන අතර පන්දුවාරයකට දළ ලකුණු 6.61 ලෙසින් සටහන් වේ. මාලිංග සමග කඩුලු ලබා ගැනීමෙන් සමතැන සිටින චතුරංග සිල්වා කඩුලු 17 ක්‌ දවා ගත්තද කඩුලු ලබා ගැනීමේ දළ ලකුණු වේගය අනුව ඔහු දෙවැනි තැනට පත්ව තිබේ.
     
     අවසන් මහා තරගයේ ලකුණු තත්ත්වය
     
     එන්.සී.සී. පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 183 යි. (නිරෝෂන් දික්‌වැල්ල 00, භානුක රාජපක්‌ෂ 79, මහේල උඩවත්ත 68, නුවන් තුෂාර 32/4 යි.
     
     සී.සී.සී. පන්දුවාර 19.3 කදී සියල්ල දැවී ලකුණු 177 යි. (සචිත් පතිරණ 47, අශාන් ප්‍රියංජන 29, වනිදු හසරංග 42, ලසිත් මාලිංග 36/1, ළහිරු කුමාර 31/3)

  • අනියම් පෙමට රස වැටි ගෙදර යන ගමන් 05 වසරේ කෙල්ලට අතවර කල සල්ලාලයා මෙන්න..

    අනියම් පෙමට රස වැටි ගෙදර යන ගමන් 05 වසරේ කෙල්ලට අතවර කල සල්ලාලයා මෙන්න..

    සිය මවගේ අනියම් සැමියා විසින් අතවරයට ලක්වූ බාලවයස්කාර දැරියක් පිළිබදව අවාසනාවන්ත පුවතක් අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    මෙම දැරියගේ මව සිය අනියම් සැමියා සමග එකම නිවසේ ජීවත්ව සිට ඇත. මෙම පුද්ගලයා විවාහකයෙකු වන නමුත් සිය විවාහ බිරිඳ අතහැර මෙලෙස මෙම කාන්තාව සමග ජීවත්ව සිට ඇත.

    මෙම සිදුවීම සිදු වූ දිනයේ අවුරුදු 10 ක්‌ වූ දැරිය ශිෂ්‍යත්ව පන්ති සදහා සහභාගී වී ඇත. 
     
    එම අමතර පංතියට සහභාගි වූ දැරිය නිවසට කැඳවා ගෙන ඒමට යතුරුපැදියෙන් ගොස්‌ ඇති සැකකරු එම දැරිවිය යතුරුපැදියේ නංවාගෙන නිවසට පැමිණෙන අතර ප්‍රදේශයේ අතහැර දමා ඇති අන්නාසි වගා බිමකට කැඳවා ගෙන ගොස්‌ අතවරයක්‌ සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය කර ගෙන තිබිණි.
     
     දැරිවිය නිවසට කැඳවාගෙන ඒමට ප්‍රමාද වීම ගැන සොයා බැලීමට දැරියගේ මව එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගැනීමේදී එම ඇමතුම් විසන්ධි කිරීම පිළිබඳව සැක සිතී අසල්වාසීන්ට දන්වා ඒ පිළිබඳ සොයා බැලීමට යැමේදී ප.ව. 5.00 ට පමණ දැරිවිය යතුරුපැදියේ නංවාගෙන පැමිණ ඇති අතර ප්‍රමාද වීමට හේතුව දැරියගෙන් විමසීමේදී සිද්ධිය පිළිබඳව ඇය පවසා තිබේ.
     
     මේ සම්බන්ධයෙන් විමසිලිමත් වූ දැරිවියගේ නිවස අවට පදිංචි අසල්වාසීන් 119 හදිසි ඇමතුම් මාර්ගය ලබාදුන් ඇමතුමක්‌ මත ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන්ට සැකකාර පුද්ගලයා නිවස තුළදී කොටු කර ගැනීමට හැකිව තිබේ.

  • ලකුණු කැපුණු මහින්ද ලකුණු දාගන්න මහනුවරට…  කටින් පැන්න දේකින් රෙදි ගැලවිලා..

    ලකුණු කැපුණු මහින්ද ලකුණු දාගන්න මහනුවරට… කටින් පැන්න දේකින් රෙදි ගැලවිලා..

    පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇතිවූ තත්වය පිළිබද සොයා බැලීමට මහින්ද රාජපක්ෂ  මහනුවරට ගොස් තිබුණා.

    මෙහිදි මල්වතු හා අස්ගිරි අනුනායක හිමිවරුන් ඇතුල් ප්‍රධාන මුස්ලිම් මවුලවිවරුන් එක්ව ගැටලුව පිළිබද සාකච්ඡා කිරීමට මහින්ද  ක්‍රියා කර තිබුණා.

    මෙම සාකච්ඡාවේදී සිදුවීම ඇතිවීම පිළිබදව අදහස් දක්වා සිටි මහින්ද පවසා සිටියේ ‘ ‘අපේ කාලයේ ඕවා ආපුවාම මම පොලිසියට බලය දුන්නා තත්වය පාලනය කරන්න.. වෙඩි තියලා ඒක අපි පාලනය කරා.. රටේ හැම සිදුවීමක්ම අපි පොලිස් බලයෙන් පාලනය කළා.. හානි වෙන්න ඇති. එත් මේ පාර නිතිය හා සාමය ඇමති රනිල් සහ පොලිස්පති දෙන්නම එකයි.. මෙයාලා දෙන්න මේකේ අසාර්ථකයි..” යැයී සදහන් කර සිටියා.

  • හරසර පිළිගැනීම මැද ජනපති මෛත්‍රී අසල්වැසි ඉන්දියාවට…..

    හරසර පිළිගැනීම මැද ජනපති මෛත්‍රී අසල්වැසි ඉන්දියාවට…..

    නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  (10) පස්වරුවේ නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉන්දියාවට ළඟා වුණා. 

    ජාත්‍යන්තර සූර්යය බල ශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගී විම සඳහායි ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේ. ඉන්දීය විදෙශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුචිගන් ශාම් විසින් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගෙන තිබෙනවා. 

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වරද එම අවස්ථාවට එක්වුණා. 

  • අන්තරේ ලහිරුලා මුනිවත රකිද්දී සරසවි සිසුන්ට පහරදුන් රඹුක්වැල්ල පුතා නිදහසේ ගෙදර යයි..

    අන්තරේ ලහිරුලා මුනිවත රකිද්දී සරසවි සිසුන්ට පහරදුන් රඹුක්වැල්ල පුතා නිදහසේ ගෙදර යයි..

    මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. 

    නාවල ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහරදීම සහ බීමතින් රිය පැදවීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විසින් ඊයේ (09) ඔහු අත් අඩංගුවට ගනු ලැබුවා.

    කෙසේ වෙතත් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශ්වයන් සමථය පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු නොවු අතර බීමතින් රිය පැදවීමේ චෝදනාවට එරෙහිව ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙනවා.

    ඒ අනුව අද (10) දින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

  • මහ සොහොන කාගේද? සියල්ල එලියට… ඇමති චම්පික මාධ්‍ය අමතද්දී කටින් පැනපු දේ මෙන්න..

    මහ සොහොන කාගේද? සියල්ල එලියට… ඇමති චම්පික මාධ්‍ය අමතද්දී කටින් පැනපු දේ මෙන්න..

    අම්පාරේ ඇති වූ වඳපෙති පිළිබඳ ක්‍රියාවලිය ව්‍යාප්ත කරනු ලැබුවේ රාජපක්ෂ හිතවාදීන් විසින් බවත් එමගින් ජාතික රැල්ලක් ඇති කර මුස්ලිම් ජනතාවගේ සහ දමිල ජනතාවගේ ශක්තියෙන් මෙම ආණ්ඩුව පවතින බව පෙන්වමින් සිංහල ජනතාව තුළ අනාරක්‍ෂිත හැඟීමක් ඇති කර, සිංහල ජනතාවගේ බහුතරය දිනා ගැනීමේ උත්සාහයක රාජපක්ෂවරුන් නියැලූන බවද සඳහන් කළේය.

    කරුණු කිහිපයක් පිළිබඳව අවධාරණය කරමින් මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදුවීම වලක්වාගැනීමටත්, මෙවැනි සිදුවීම් හරහා දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන කුමන්ත‍්‍රණකාරී, අත්වල ලේ තැවරුණු, ලේ ගොහොරුවේ ලැග බලයට ඒම සඳහා පාරවල් කැපීමට වැර වෑයම් දරණ වංචනික දූෂිත පිරිස්වල කුමන්ත‍්‍රණකාරී තත්වය අනාගතයට ගෙන නොයන ලෙසයි අමාත්‍යවරයා සදහන් කළේ.

    අත් අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කර, එමගින් කවර ආකාරයක පිරිස්ද, ආගමික නායකයින්, දේශපාලකයින් සම්බන්ධදැයි සොයා බලා විමර්ශනය කර ඒ සියළු දෙනාට දඬුවම් ලබාදිය යුතු බවත් දඬුවම් ලබා නොදීමෙන් සිදුවෙනුයේ තාවකාලික සාමය යට යමින් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදුවිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    මෙවැනි වංචනික ප‍්‍රචාර මගින් එනම් මෑත කාලයේ සිදුවූ එක්තරා සිදුවීමක් වන දියතලාවේ බස් රථයේ සිදුවූ පිපිරීමත් සමග එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් නිකුත් කළාය කියන මාධ්‍ය නිවේදනයක් සමග රාජපක්ෂ මහතාගේ අසූචි වලේ ලැගලා ඉන්න පොහොට්ටුවේ නයකයින්ය කියා ගන්න දේශපාලන සූකරයින් විසින් විශාල ලෙස රට ගිණි තියන්න සැදු බවත්, කොටි ත‍්‍රස්තවාදීන් නැගිටින බවත්, ආණ්ඩුව කොටි ත‍්‍රස්තයින් හුරතල් කරන බවටත්, රණවිරුවන්ගෙන් පලි ගැනීම සඳහා එම සිදුවීම සිදුර කර ඇතිබව ප‍්‍රකාශ කරමින් රටගිනි තැබීම සඳහා විශාල ප‍්‍රයත්නයක් යෙදූ බවයි.

    අද එය ආරක්‍ෂක අංශ සෙබලෙකුගේ පෞද්ගලික සිදුවීමක් බවට අද ඔප්පු වී ඇත. එම සිදුවීම මුල් කර ගනිමින් රටේ ජනවාර්ගික ගැටුමක් ඇතිකිරීමට කටයුතු කළ සූකර දේශපාලනඥයින් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කුමක්දැයි චම්පික රණවක මහතා ප‍්‍රශ්න කර සිටී.

    එමෙන්ම සිදුවීම නැවත නැවත වර්තා කරමින් මේ රට ඇවිලවීමට කටයුතු කළ මාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුව ගවන්නා පියවර ගැන ද අමාත්‍යවරයා ප‍්‍රශ්න කරයි.

    අම්පාරේ ඇති වූ වඳපෙති පිළිබඳ ක්‍රියාවලිය ව්‍යාප්ත කරනු ලැබුවේ රාජපක්ෂ හිතවාදීන් විසින් බවත් එමගින් ජාතික රැල්ලක් ඇති කර මුස්ලිම් ජනතාවගේ සහ දමිල ජනතාවගේ ශක්තියෙන් මෙම ආණ්ඩුව පවතින බව පෙන්වමින් සිංහල ජනතාව තුළ අනාරක්‍ෂිත හැඟීමක් ඇති කර, සිංහල ජනතාවගේ බහුතරය දිනා ගැනීමේ උත්සාහයක රාජපක්ෂවරුන් නියැලූන බවද සඳහන් කළේය. ඒ සඳහා සූකර දේශපාලකයින් විවිධ තුරුම්පු එකින් එක පසුගිය කාලයේදී පාවිච්චි කළ බවත් එහි ප‍්‍රතිපලයක් ලෙස අම්පාරේ සිදුවීම හැඳින්විය හැකි බවත්, ඒ පිළිබඳ රස පරීක්‍ෂක වාර්තාවේදී එය පිටිගුලියක් බව අනාවරණය වූ අතර එමගින් ජීවිතවලට, දේපලවලට, සමාජයට සිදුවූ හානිය දස දහස් ගණනක් බව ද පෙන්වා දෙන ලදි. එම සිදුවීම ඇවිලවීම සඳහා නොයෙක් අයුරින් උපකාර කළ සියළු දෙනාට, අත් අඩංගුවට ගත් පිරිස් සඳහා ඇප ලබාදීමට කටයුතු කළ අය පිළිබඳවත් වහාම සොයා බලා කටයුතු කළයුතු බවද සඳහන් කරයි.

    දිගන සහ මහනුවර ප‍්‍රදේශයන් හි ඇති වූ ගැටුම් කාරී තත්වය පිළිබඳව ගැනීමේදී මහසෝන් බලකාය කියා එකක් තිබෙන බවත් එහි නායකයින් ජාතික හෙළ උරුමයේ නායකයින්ට සම්බන්ධ බව බංකොලොත් රාජපක්ෂවාදීන් ප‍්‍රකාශ කරන බවද මහසොහොන් බලකාය වේවා, වීරවංශ බලකාය වේවා, රාජපක්ෂ බලකාය වේවා මේ පිටුපස සිටින්නේ කවුරුන්ද කියා සොයා බලා අවශ්‍යය නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ප‍්‍රකාශ කරයි.

    විශේෂයෙන්ම ලංකා සී නිවුස් එක පිළිබඳව පොලිස්පතිතුමා දැනුවත් කර තිබෙන බවත්, ඒ පිටුපස සිටිනුයේ උප්පැන්නයක්, හැඳුනුම්පතක්, ගුවන් ගමන් බලපත‍්‍රයක් නැති උපන් ගෙයිම වංචනික දේශපාලනඥයෙක් මේ පිටුපස සිටින බවත් මරණ ගෙවල් වල මරණ යට ගැහුවා සේ මේවා යට ගහන්න කටයුතු නොකරණ ලෙසද මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බව පොලිස්පතිතුමා වෙත දන්වා යැවූ බවද සඳහන් කළේ ය.

    සයිබර් ත‍්‍රස්ත‍්‍රවාදීන් සම්බන්ධයෙන් ද රජය පියවර ගත යුතු අතර සර්ව පාක්‍ෂික සමුළුවක් හා සර්ව ආගමික සමුළුවක් තියන ලෙස රජයට යෝජනා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර විදේශ රටවල තානාපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටි බව ද සඳහන් කළේ ය. මෙම ක්‍රියාවන් අවුලූවන සහ ක්‍රියාත්මක කරන පිරිස් පිළිබඳව වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බවද සඳහන් කරයි.

    හදිසියේ මෙවැනි පහරදීම් සිදු කිරීමට හේතුව 2019 ජනාධිපති සිහිනය බොඳව යෑම බව පවසන අමාත්‍යවරයා 2010 මෙන් සිංහල බහුතරය දිනා ගැනීමට බැරි බව මේ වන විට පැහැදිලි වී තිබෙන නිසා තමන්ට රටේ ජාතික ඡන්දයෙන් තිබෙන්නේ 39% ක් බව අප රට ඉදිරියේ ඔප්පු කිරීම නිසා අපේක්‍ෂා බංගත්වයට පත් ව ඇති බව ද සඳහන් කළේ ය.

    එබැවින් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන ශක්තිමත් චරිතවලට රාජපක්ෂවරුන් බියට පත් වී සූකර දේශපාලනඥයින් ලවා පහරදීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව තමන් ආඩම්බර වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිම ජන කණ්ඩායමක් නැවත වතාවක් රාජපක්ෂවරුන්ට රැවටීමට නොහැකි බවත්, පසුගිය මැතිවරණවල ඡන්ද ප‍්‍රතිපල විශ්ලේෂණය කිරීමේ දී මහින්ද සුළඟ බැහැගෙන යන බවත්, මාධ්‍ය සුළඟක් පමණක් ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

    දැන් ඔවුනට ලේ වැගිරීමක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ජනතාව තවදුරටත් නොරැවටෙන බවත්, අලූත්ගම සිදුවීම ගැන මුල සිටම පරීක්‍ෂණ කටයුතු සිදුකරන අතර එම කි‍්‍රයාවන් සඳහා මූල්‍යමය අනුබලයන් දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සත්‍ය හෙළිකිරීමට කටයුතු කරන බවයි. එසේ නොමැති වුව හොත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර මෙම සැකය ඉදිරියටත් පවතින බවත් මහසොහොන් බලකාය කවුද? ඒ සඳහා අනුබල දෙන දේශපාලනඥයින් කවුරුන්ද, ඝාතන කල්ලි කණ්ඩායම් රටට වහාම ඉදිරිපත් කිරීම රජයේ වගකීම වන බවද සඳහන් කරන අමාත්‍යවරයා මෙවැනි ජාතිවාදී, ආගම්වාදී අරගල නැවත සිදු නොවන්නට සියලූ දේශපාලන පක්ෂ මෙන්ම සෑම ආගමික සංවිධානයක්ම ඒකාබද්ධ විය යුතු බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

    උපුටා ගැනීම – ලංකා ලීක්ස් 

  • ජනප්‍රියම තරුව සුමිරක අදීප… ජන මතය පරදා  60% විනිසුරුවන්ගේ තීරණයෙන් කිරුල රොවෙන් අර්ල්ට.

    ජනප්‍රියම තරුව සුමිරක අදීප… ජන මතය පරදා 60% විනිසුරුවන්ගේ තීරණයෙන් කිරුල රොවෙන් අර්ල්ට.

    සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසාන මහා තරගයේදී එස්.එම්.එස් මනාපයෙන් ජනප්‍රියතම තරුව බවට පත්වෙද්දී 60% විනිසුරු මතවාදයෙන් සමස්ත තරගයේ කිරුළ දිනා ගැනීමට රොවෙන් අර්ල් සමත් විය.

    ඒ, රත්මලාන ස්ටයින් මැදිරියේදී 10 දින රාත්‍රියේ පැවති අවසාන මහා තරගයේදීය.

    තරගකරුවන් විශාල පිරිසක් අතුරින් මෙවර සිරස ජූනියර් සුපර් ස්ටාර් තරගයේ අවසන් මහා තරගයට රොවෙන් අර්ල් සමගින් සුදුසුකම් ලබා ගත්තේ ඉෂිණි තමෝද්‍යා, පින්සර මධුභාෂණ හා සුමීරක අදීප යි.

    අවසන් මහා තරගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර උත්කර්ෂවත් අංග රැසකින් ද එය සමන්විත විය.

     

     

  • මහ මග මහ දවල් වැඩ පෙන්නු රාජපක්ෂ කදවුරේ හයිය ගත්ත මැර මන්ත්‍රි පක්ෂෙන් දොට්ට….!

    මහ මග මහ දවල් වැඩ පෙන්නු රාජපක්ෂ කදවුරේ හයිය ගත්ත මැර මන්ත්‍රි පක්ෂෙන් දොට්ට….!

    බස් රථ රියැදුරෙකුට පහර දීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි එම් කේ කසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සඳහන් කරනවා.

    සීදුවේ දි අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරසිටියා.

    “එම මන්ත්‍රිවරයා ඇත්තටම  ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අපේ කණ්ඩායම නෙමෙයි නියෝජනය කරන්නේ. අනික් පැත්තේ කණ්ඩායම. මන්ත්‍රිවරයෙක් මොන පක්ෂයේ වුවත් ඒ වගේ ප්‍රචන්ඩකාරි ක්‍රියාවක නිරත වීම අනුමත කරන්නේ නැහැ.”

    අනුමත කරන්නේ නැහැ විතරද පක්ෂෙන් ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද? ජනතා නියෝජිතයන් මේ විදියට හැසිරුවාම කොහොමද සාමාන්‍ය ජනතාව හසුරුවා ගන්නේ?

    “ඒ පිළිබඳව පක්ෂෙට වාර්තාවක් ඉදිරිපත් වේවි. ඊට පස්සේ පක්ෂේ ඒ පිළිබඳව තීරණයක් ගන්නවා. දැනටමත් ඔහුව අත්තඩංගුවට ගැනීමක් සිද්ධ කරලා තියනවා. නීත්‍යානුකූල කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව මේ වගේ කාර්යයන් ගැන පක්ෂේ විසින් විනය ක්‍රියාමාර්ග ගන්නවා.”

  • සිංහලයෝ වඳවෙන කතාව බොරු – දිනෙන් දින ඉහලට..! – ඇත්තම කතාව දත්ත එක්ක මෙන්න..!

    සිංහලයෝ වඳවෙන කතාව බොරු – දිනෙන් දින ඉහලට..! – ඇත්තම කතාව දත්ත එක්ක මෙන්න..!

    සිංහල – බෞද්ධ ජන අනුපාතයට සාපේක්ෂව මුස්ලිම් ජන අනුපාතයේ අධික වර්ධනයක් පවතින බවට ඇතැම් කණ්ඩායම් කරනු ලබන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් සිංහල ජනතාවගේ වර්ධන වේගයේ කිසිදු අඩුවීමක් නොමැති බවත් ජන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි.

    1911 දී සමස්ත ජනගහනයෙහි ‘සිංහල’ ප්‍රතිශතය 66.13ක් වූ අතර එය 2012 වනවිට 78.88 දක්වා වර්ධනය වී තිබෙන්නේ 12.75කිනි. 1911දී 5.70ක අගයක් ගත් ‘මුස්ලිම්’ ජන ප්‍රතිශතය 2012 වනවිට 9.23ක් වී තිබේ. එම අගයද 3.53ක සාමාන්‍ය වර්ධනයකි.

    එසේම 2012 සංගණනයට අනුව මෙරට බෞද්ධ ජන ප්‍රතිශතය 70.1කි. එය 1881 මුල්ම ජන සංගණනයේ සිට මේ දක්වා වාර්තා වූ ඉහළම අගයයි.

    ජනගහනයේ ඓතිහාසික දත්ත පරීක්ෂා කිරීමේදී 1881 සිට 1946 දක්වා සිංහල හා බෞද්ධ ජන සංයුතිය සුළු වශයෙන් අඩුවැඩි වුවද 1953 සිට 2012 දක්වා එය නොකඩවා ඉහළ යන ප්‍රවණතාවක් දක්නට ලැබේ.

    ජන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ නිල දන්ත අනුව 2017 වසර සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 20,876,917කි. ජනගහනයේ වර්ධනය අනුපාතය 0.913ක් වේ.

    ජනගහනයේ වාර්ගික අනුපාතයන් අවරෝහණ පිළිවෙළින් සිංහල 74.9, දෙමළ 11.2, මුස්ලිම් 9.2 උඩරට දෙමළ 4.2, වෙනත් 0.5 ලෙස සඳහන් වෙයි.

    සිංහල ජනගහන වර්ධනයේ වේගවත් බිඳවැටීමක් ඇති වී සිංහලයන්ට සංඛ්‍යාත්මකව ලැබි ඇති විශාලත්වය නැති කොට මුස්ලිම් ජන සංඛ්‍යාව සාපේක්ෂව විශාලතම ජන වර්ගය බවට පත්වන ආකාරයේ අතිවිශාල වර්ධනයක් ඇතිව තිබේ යැයි ඇතැමුන් කරන ප්‍රචාරයන්හි කිසිදු සත්‍ය පදනමක් නැති බව මේ අනුව පැහැදිලි වේ.

    මිහිරාන් කරුණාරත්න
    – Lakbima

  • ලොවම කතාවෙන සරාගී නිළි සනී ලි‍යෝන් මවක් වෙයි.! ඇත්ත මෙන්න…

    ලොවම කතාවෙන සරාගී නිළි සනී ලි‍යෝන් මවක් වෙයි.! ඇත්ත මෙන්න…

    බොලිවුඩ් රංගන ශිල්පිණි සනී ලියෝන් මවු වරම් හිමිකර ගෙන තිබෙනවා. මෙතෙක් කල් සනි ලියෝන් මවු වරම් හිමි නොවූ අතර සනී ලියෝන්  සහ ඇගේ සැමියා ඩැනියෙල් වෙබර් ඔවුන්ගේ පළමු දරුවා දරුකමට ලබාගත්තේ පහුගිය ජුලි මාසයේදීයි. ඇය මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ උපත ලැබූ හුරතල් දැරිවියක්. නිශා කෝර් වෙබර් යන නමින් ලියාපදිංචි කෙරුණු ඒ දැරිය සනී භාරයට ගන්නා විට ඇයගේ වයස අවුරුද්ද්දකුත් මාස නවයක් වුණා.

    නමුත් සනී ලියෝන් මීට වසරකට පෙර කියා තිබුණේ තමන් නිළියක නිසා ගර්භණිසමයක් ගත කිරීමට සිය රැුකියාවේ ස්වභාවය විසින් තමන්ට විවේකයක් ලබානොදෙන බවයි. ඒ කියමන විශාල පිරිසක් අතරේ විවේචනයටත් ලක්වුණා.

    නමුත් දරුවන් ගැන ඇති ස්නේහය නිසාම නිශාට අමතරව තවත් දරුවන් තමාට වුවමනා බව ඇය කල්පනා කර තිබුණා.

    සනී ලියෝන්ගේ සහ ඩැනියෙල් වෙබර්ගේ ජානවලින් දරුවෙකු බිහිකරන්නට ඔවුන් ගත් උත්සාහයේ සාර්ථක ඵලය පසුගිය සතියේ ඔවුන්ගේ දෝතට තිළිණ වුණා. ඒ පිරිමි පුතුන් දෙදෙනෙකු හැටියටයි. පවුලට පුතුන් දෙදෙනෙකු එකතු වූ සුබ ආරංචිය සනී ලියෝනි සිය පුද්ගලික ඉන්ස්ටර්ග‍්‍රැම් ගිණුමේ පළ කර තිබුණේ මේ වැකි කිහිපය සමගයි.

    ”මේවා දෙවියන්ගේ සැලසුම්.. 2017 ජුනි 21 වැනිදා තමයි අපි දැන ගත්තේ අපේම සුසංයෝගයෙන් දරු සම්පතක් ලබන්න අපට හැකියාවක් පවතිනබව. ඇත්තටම නිෂා අපි අතරට ඇවිල්ලත් තවම ඉතාම ටික දවසයි. අපේ කුඩා පවුල දැන් එකවර විශාල වුණා. ඒ අප අතරට පැමිණි නිවුන් පුතුන් දෙදෙනෙකු නිසයි. අශේර් සිං වෙබර් සහ නෝවා සිං වෙබර් සිගිත්තන් ලොකු පවුලක් පිළිබඳ අපේ හීන සැබෑ කළා. ඔවුන් ඉපදී තවම ටික දවසක් වුණාට ඔවුන් අපේ හීන ලෝකවල ඉපදුනේ මීට අවුරුදු ගණනාවකට කලිනුයි.”