Blog

  • කලහකාරීව හැසිරුණු 110 ක් අත්අඩංගුවේ

    කලහකාරීව හැසිරුණු 110 ක් අත්අඩංගුවේ

     පසුගිය දින 4ක දක්වා කාලය තුළදී කලහකාරීව හැසිරුණ, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සමාජ ජාල ප්‍රකාශ සිදුකළ හා ඇඳිරි නීතිය කඩකළ  සැකකරුවන් 110 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

    මෙලෙස අත්අඩංගුවට පත් පිරිස් අතර තෙල්දෙණිය හා අවට ප්‍රදේශවල කලහකාරී සිද්ධි ඇති කිරීමට කටයුතු කළ පුද්ගලයන් 10 දෙනෙකුද සිටින බවත් තෙල්දෙණිය හා ඒ අවට ප්‍රදේශවල තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන බවත්  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

  • රට ගිණි තැබූ මහා සොහොන් බලකායේ සිදුවීම ගැන මහ මොලකරු අමිත් නම් එක්කම සියල්ල වමාරයි….

    රට ගිණි තැබූ මහා සොහොන් බලකායේ සිදුවීම ගැන මහ මොලකරු අමිත් නම් එක්කම සියල්ල වමාරයි….

    මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එහි ප‍්‍රධාන සැකකරු හා තවත් නව දෙනෙකු හදිසි නීතිය යටතේ දින 14ක් රදවා තබාගෙන ප‍්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප‍්‍රධානියා වන අමිත් වීරසිංහ ඇතුළු තවත් 09 දෙනෙකි. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කලේ අත්අඩංගුවට ගෙන සිදුකල පළමු ප්‍රශ්න කිරීමේදීම අමිත් විසින් සිදුවීම සැලසුම් කල සහ මුදල් වියදම් කල විපක්ෂයේ ජනපති සිහිනය දකින මිනි මෝරන්ට සබදකම් කියන පුද්ගලයෙකු පිලිබදව සියල්ල හෙලිකල වගයි…

    මෙම පිරිස් විසින් ගැටුම් සදහා සැලසුම් කරන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක්ද ටූ ටියුබය තුල වෙයි.

    අමිත් වීරසිංහ නම් මෙම පුද්ගලයා කලකට  මහසොහොන් බලකාය නිර්මාණය කර ඇත්තේ ජනපති සිහිනය දකින අන්තවාදී විපක්ෂ ප්‍රබලයෙකුගේ කොන්ත්‍රාත් කිරීමට වන අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කලේ මහනුවර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුද  මෙම ගැටුමට සම්බන්ධ බවයි.

    ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මුස්ලිම් සහ බෞද්ධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි.

    ගිනිබත් කෙරුණු නිවසක් තුළ තිබී 24 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ මළසිරුරක් සොයා ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය, බෞද්ධ තරුණයෙක් ඔහු ළඟ තබා ගත් අත්බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගොස් ඇති බව සඳහන් කළේය.

    තවත් එකොළොස් දෙනෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්ඩකාරී ක්‍රියා හට ගැනුණේ දේශපාලන හේතුවක් මත පොහොට්ටුවේ ප්‍රාදේශීය ප්‍රබලයෙකු වන දෙදරු පියෙකු වූ එම්.ජී කුමාරසිංහ නැමැත්තෙකුට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී එජාපයට සබදතා ඇති  මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වීමත් සමගය.

     

  • ගිනි ගත් රටක ගිණි දැල් නිවන්න නීතිය හා සාමය සදහා ජනපතිගේ විශ්වාසනීය තේරීම රංජිත් මද්දුම..?

    ගිනි ගත් රටක ගිණි දැල් නිවන්න නීතිය හා සාමය සදහා ජනපතිගේ විශ්වාසනීය තේරීම රංජිත් මද්දුම..?

    මේ වන විට මහනුවර ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක සිදුවන කළකෝලහාල හේතුවෙන් රට පත්ව අරාජිකත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කරන ලෙස රජයට පක්ෂපාතී ජනමතයක් නිර්මාණය වී තිබුණද, ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ විශ්වාසනීය තේරීම බවට රංජිත් මද්දුම බණ්ඩාර පත් වෙමින් ඔහුව එම තනතුරට පත්කර ඇත.

    මේ අනුව නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව ඇත.

     

    සබැදි පුවත්….

    http://supirigossip.com/archives/15944

    http://supirigossip.com/archives/15938

  • හිටිහැටියේ මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය දීපු එක ගැන ෆොන්සේකා කියන අමුතු කතාව මෙන්න…

    හිටිහැටියේ මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය දීපු එක ගැන ෆොන්සේකා කියන අමුතු කතාව මෙන්න…

    නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි වීම තමා පුදුමයට පත්වන බව බව  ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
    අද(08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර සිටියේ නව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩ බාර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්ය.
    රංජිත් මද්ධුමබණ්ඩාර මහතා තමාගේ හොඳම යහළුවෙක් බවත් අගමැති රනිල්ගේ නිර්දේශය මත ඔහුටවත් නිසි දැනුම් දීමක් නොකර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස පවසා අනතුරුව මෙම අමාත්‍යධූරය ලබා දී ඇති බවත් රටේ ආරක්ෂාවට කැමති සියලු දෙනා මෙම තීරණය නොපිළි ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
    මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය නිසි තැන නිසි නායකත්වයක් නොමැති කමින් ඇති වු බවත් තමා සිටියේ නම් කිසි දා එවැනි සිදුවීමක් ඇති නොවන බවත් රට තුළ සාමය ඇති කර තමාට පළපුරුද්දක් ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
    සුළු සිදුවීම් හේතුවෙන් හිත් රිදවීම් ඇති වුවද ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑමට සුදානම් බව ත් අවශ්‍ය වු විට නිවැරදි තීරණයන් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
    සබැදි පුවත්…

  • හිටිහැටියේ රංජිත් මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය ලබාදුන් තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න…

    හිටිහැටියේ රංජිත් මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය ලබාදුන් තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න…

    නීතිය හා සාමය අමාත්‍යධූරය හිටි හැටියේම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබාදීම පිලිබදව තිරය පිටුපස කතාව අපට වාර්තා වේ…
    අපට ලැබුණු විශ්වාස ආරංචි මාර්ග අනුව අපට වාර්තා වූ පුවත මෙසේය…
    අද උදෑසන හදිසියේම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවති අතර ඉන් පසුව හදිසියේම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස නිවේදනයක් ලැබී ඇත…
    ඒ අනුව එහි ගිය ඔහුට තමනට නිතිය හා සාමය ඇමතිධුරය ලබාදීමට සුදානම් වන බව දැනගැනීමට ලැබී ඇති අතර විනාඩි කිහිපයක් තුල ඔහුට එම ධුරයේ දිවුරුම් දීමට අවස්ථාව සලසා තිබීමද සුවිශේෂී සිදුවීමකි….
  • ජාතිවාදී සිදුවීමේ ආරම්භය ගැන ඔබ නොදත් සියලු තතු එලියට… මහනුවර අලුත්ම තත්වය මෙන්න…

    ජාතිවාදී සිදුවීමේ ආරම්භය ගැන ඔබ නොදත් සියලු තතු එලියට… මහනුවර අලුත්ම තත්වය මෙන්න…

    මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (07) සවස 4.00 සිට අද (08) සවස 4.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා පනවා තිබූ පොලිස් ඇදිරි නිතිය අද පෙරවරු 10.00 අවසන් කිරීමට තීරණය කෙරුණද යලිත් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළි පොලිස් ඇඳිරි නීතිය සවස 6.00 සිට පැනවීමට නියමිත බවද සඳහන්.
    ඒ අතර මෙම ජාතිවාදී සිදුවීම පසුපස සිටින පිරිස ජනතාව කුපිත කරවමින් අසත්‍ය ප්‍රචාර බෙදාහරිමින් තම මෙහෙයුම සිදුකල ආකාරය ගැන සදහන් පොස්ටුවක් අප වෙත ලැබී ඇත.

    විනාශ වූ සිංහල සහ මුස්ලිම් නිවාස රජයේ වියදමින් නැවත ඉදිකිරීමට පියවර…

    මේ අතර  මහනුවර සහ අවට ප‍්‍රදේශවල ඉකුත් දිනවල ඇතිවූ නොසන්සුන්තා නිසා හානිවූ නිවාස සහ වෙනත් ගොඩනැගිලි රජයේ වියදමින් පිළිසකර කර දීමට හෝ ඉදිකර දීමට රජය තීරණය කර තිබෙන අතර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙනු ඇති බවයි ජනාධිපති කාර්යාලයීය ආරංචි පවසන්නේ. 

    පෙට්‍රල් බෝම්බ සමග පොහොට්ටුවේ මන්ත්‍රී ඇතුළු 18ක් අල්ලයි

    ජාතිවාදය ඇවිස්සෙන අයුරින් විහාරස්‌ථාන වලට සහ පල්ලි වලට පහරදීම සදහා රැගෙන යමින් තිබු පෙට්‍රල් බෝම්බ කිහිපයක් සමග පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඇතුළු  පුද්ගලයින් පිරිසක් අලවතුගොඩදී  පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව අපට වාර්තා වේ..

    ඇඳිරිනීතිය අස්සේ වැඩ දාන්න ගියපු 12ක් අත්අඩංගුවට

    ඇඳිරි නීති කොන්දේසි උල්ලංගනය කළ පුද්ගලයින් 12 දෙනකු ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර ලොහාන් රත්වත්තගේ සහ දිලුම් අමුණුගමගේ දේශපාලන සමීපතමයන්ද ඇතුළු මේ පිරිස දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ..
    සබැදි පුවත්….

     

     

  • රටම බලා සිටි නිතිය හා සාමය ඇමතිකම රනිල්ගේ නිර්දේශයෙන් රන්ජිත් මද්දුම බණ්ඩාරට…

    රටම බලා සිටි නිතිය හා සාමය ඇමතිකම රනිල්ගේ නිර්දේශයෙන් රන්ජිත් මද්දුම බණ්ඩාරට…

    නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    මෙම දිවුරුමි දෙන අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඕස්ටින් ප්‍රනාන්දු ද එක්ව සිටියා.

    මිට පෙර මෙම අමාත්‍යධුරය දරුවේ අගමැති රනිල් වික්‍රමසිංහයි.

  • සයිටම් වෛද්‍ය සිසුන්ගේ වියදම් රජයෙන් ලබාදීමට පියවර

    සයිටම් වෛද්‍ය සිසුන්ගේ වියදම් රජයෙන් ලබාදීමට පියවර

    සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පමණක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට නියමිත අතර ඔවුන්ගේ වියදම් රජයෙන් ලබා දීමට තීරණය කර තිබේ.

    ඒ අනුව සිසුන්ගේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධන හා පුනාවර්ථන වියදම් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පුනාවර්තන වියදම් මෙසේ ලබාදීමට නියමිත වන අතර සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් යෙදීම පිණිස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ  කමිටු වාර්තාව අනුව රජය මෙම තීරණය ගෙන තිබේ.

  • මහබැංකු හොරා ලෙස ඡෝදනා ලැබූ අර්ජුන් මහේන්දුන්ට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි

    මහබැංකු හොරා ලෙස ඡෝදනා ලැබූ අර්ජුන් මහේන්දුන්ට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය අදින් (08) අවසන් වේ.

    කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට බාර දීමට මෙතෙක් නොහැකි වූ අතර  ඔහු සිංගප්පූරුවේ රැදී සිටින බවට ලැබුණු තොරතුරක් මත කුරියර් සේවාවක් මඟින් සහ සීඝ්‍රගාමී තැපෑල ඔස්සේ සිතාසි යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

    සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවස වසා දමා ඇති බවට පසුව වාර්තා වූ අතර අදාල සේවාවේ නියෝජිතයා පසුගිය පෙබරවාරි මාසයේදී අදාළ සිතාසිය භාර දීමට ගිය අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයාට දුරකථන ඇමතුමක්ද ලබාදී ඇති අතර 
    එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමා පෙබරවාරි මාසය තුල යළි සිංගප්පූරුවට පැමිණෙන බවයි.

    කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිතාසිය සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කරමින් පෞද්ගලික ජංගම දුරකථනයට සහ විද්‍යුත් තැපෑලටද පණිවුඩ යොමුකර තිබේ.

  • වඳපෙති කියමින් රට ගිනි තියපු අම්පාරේ පරාටේ එක ඇතුලේ තිබුණු දේ ගැන රස පරීක්ෂක වාර්තාව මෙන්න.

    වඳපෙති කියමින් රට ගිනි තියපු අම්පාරේ පරාටේ එක ඇතුලේ තිබුණු දේ ගැන රස පරීක්ෂක වාර්තාව මෙන්න.

    අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.

    එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

    අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පිෂ්ඨ කොටස සොයා ගෙන ඇති අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ යවා තිබිණි.

    එම සිදුවීමෙන් පසු අදාල වෙළෙඳසැලට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණ අතර ප්‍රහාරයට සැකපිට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    එම සිඳු වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි.

    ව්‍යාජ ප්‍රකාශ පතුරවමින් කළබල ඇතිකිරිමට උත්සහ කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.

    සබැදි පුවත්

    http://supirigossip.com/archives/15506

    http://supirigossip.com/archives/15594

    http://supirigossip.com/archives/15591

    http://supirigossip.com/archives/15661

    http://supirigossip.com/archives/15628

    http://supirigossip.com/archives/15708

    http://supirigossip.com/archives/15694

    http://supirigossip.com/archives/15678

    http://supirigossip.com/archives/15779

    http://supirigossip.com/archives/15770

    http://supirigossip.com/archives/15752

  • වේදිකා නාට්‍ය අතරතුර ටවර් රඟහලේ වහලය කඩාවැටේ… කුමාර තිරිමාදුර අනු නමයෙන් බේරෙයි

    වේදිකා නාට්‍ය අතරතුර ටවර් රඟහලේ වහලය කඩාවැටේ… කුමාර තිරිමාදුර අනු නමයෙන් බේරෙයි

    ජනප්‍රිය වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහතා ඉකුත් ඉරිදා සවස මරදාන ටවර් රඟහලේ වේදිකාගත කෙරුණු “අං ආවෝ” නාට්‍යයේ දර්ශනය රඟදැක්වූ අවස්ථාවේ එහි වහලයේ කොටසක් කඩා වැටී ඇති අතර ඒ මොහොතේ නාට්‍යයේ දරුශණයක් වෙනුවෙන් ඔහු බිම වැතිර සිටියදී මෙසේ වහලයේ කොටසක් කඩා වැටී ඇත. ඔහු බේරී ඇත්තේ අනූනවයෙන් බවද වාර්තා වේ.

    හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ජනසතු කරණ ලද මේ රඟහල කලකින් ප්‍රතිසංස්කරණය කර නැති බවද පැවසේ..

  • ජාතිවාදය අවුලවමින් ගෙවල් කුඩු කරන කල්ලියේ වීඩියෝ කරලියට… රටේ අලුත්ම තත්වය මෙන්න…

    ජාතිවාදය අවුලවමින් ගෙවල් කුඩු කරන කල්ලියේ වීඩියෝ කරලියට… රටේ අලුත්ම තත්වය මෙන්න…

    පටු දේශපාලනික අරමුණක් උදෙසා අහිංසක මිනිසුන්ට පහරදෙමින් ජාතිවාදය නමැති ගිනි දළු අවුලවමින් රට යලිත් වාර්ගික අර්බුදයකට තල්ලු කිරීමේ උත්සයක නිරතවන කල්ලියක බිම් මට්ටමේ සාමාජිකයන්ගේ වීඩියෝ අපට මේ වන විට ලැබී ඇත…

    කටකතාවලට රැවටෙන්න එපා – බුද්ධිමත්ව කටයුතු කරන්න – රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමි

    කටකතාවලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
    මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් මේසේ පැවසීය.
    මේ අතර ජාතිවාදී කෝලහාල කිසිසේත්ම රටකට හිතකර තත්ත්වයක් නොවන බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල  නාහිමින් පවසයි.
    පවතින තත්ත්වයන් වර්ධනය වීමට ඉඩ නොදී සියලු දෙනා සාමකාමීව කටයුතු කරන ලෙස මල්වතු මහා නාහිමි ප්‍රකාශ කර ඇත.
    ආගමික නායකවරු ජනතාව අමතමින් පල කල අදහස් 

    භික්ෂුවකට තුවාලයි කී කතාවේ ඇත්ත එළියට! – මහා නායක හිමියෝ සියල්ල පහදති…

    මහනුවර අවට හටගත් ගැටුම්වලින් භික්ෂූන් වහන්සේ නමක් තුවාල ලබා ඇති බවට පැතිර යන පුවත ව්‍යාජ එකක් බව රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමි පවසයි..

    නැග එන ජාතිවාදයට විරුද්ධව සනත්, මහේල සංගා ප්‍රහාරයේ | VIDEO

     අම්පාරෙන් පටන්ගෙන මහනුවර දක්වා පැතිර ගිය මුස්ලිම් විරෝධී කැරලිකාරිත්වයෙන් කම්පාවට පත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායකයන් තිදෙනෙක් ජාතිවාදයට එරෙහිව විරෝධය පල කර තිබේ.

    සනත් ජයසුරිය, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් ශූරයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තම අදහස් පළකර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අන්තර්ජාල සේවා සඳහා තහංචි පැනවීමත් සමගය.

    මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත බව සනත් ජයසූරිය පවසයි.

    “ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනු දැකීම පිළිකුල් සහගතය, ඔක්කාරය දනවන සුළුය. මම මෙය දැඩිසේ හෙලා දකින අතර  වරදකරුවන් යුක්තිය හමුවට පමිනාවය යුතුය. මේ දුෂ්කර අවස්ථාවේ ඥානාන්විතව එක්ව සිටින ලෙස මම ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටිමි,” යි සනත් ජයසූරිය ට්විටර් පණිවිඩයකින් ආයාචනා කර තිබේ.

    සදාචාරාත්මක වශයෙන් ශ්‍රී ලාංකිකයන් බිඳ වැටී ඇතිදැයි කුමාර් සංගක්කාර විමසා සිටී.

    ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකිනෙකා කෙරෙහි වූ ගැඹුරු ආදරය පිළිබඳ දැක්ම, අඥාන බවින්, වෛරයෙන්, වර්ගවාදයෙන් හා බියෙන් වැසෙන්නට නොදෙන ලෙස කුමාර් සංගක්කාර ඉන්ස්ටග්‍රෑම් වීඩියෝ පණිවිඩයකින් ඉල්ලා සිටී.

    ප්‍රචණ්ඩ ක්‍රියා වලට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධයෙන් තරාතිරම නොබලා  පියවර ගැනීමේ අවශ්‍යතාව  මහේල ජයවර්ධන විසින් පල කොට තිබේ.

    “මෑත සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා මම දැඩි ලෙස හෙලා දකින අතර ඊට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව ජාතිය ආගම හෝ වර්ගය නොතකා යුක්තිය ඉටු කළ යුතුය. අවුරුදු 25 ක් දිග්ගැස්සුනු සිවිල් යුද්ධයක් මැද වැඩුනු මට ඊළඟ පරම්පරාවත් ඒ අත්දැකීම විඳිනු දකින්නට අවශ්‍ය නැත,” යි මහේල ජයවර්ධනගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

    අඹතැන්නත් ගිනිගනී – ඇත්ත කතාව මෙන්න (PHOTOS)

     

    අද දින, කටුගස්තොට හා අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගිනි තැබීම් සිදු වී තිබෙන අතර මුහුණු වසාගෙන පිටතින් පැමිණි පිරිසක් අත තිබු බෝම්බයක් ගම්වැසියන් වෙත එල්ලකිරිමේදී අඹතැන්න ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක් සිදුව ඇති බවට වාර්තාවන බව ද අපට වාර්තා වේ…

    එම සිදුවීම පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් අනෙකුත් ප්‍රදේශවල නීතිය හා සාමය ක්‍රියාත්මක බවත් අඹතැන්න සහ අකුරණ ප්‍රදේශයේ දේපල හානි රැසක් පිළිබඳව ද වාර්තා වෙනවා.

    එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක නිවාස සහ වාහනවලට පහරදීම්, ව්‍යාපාරික ස්ථාන ගිනිතැබීම් ආදිය සිදුව ඇති බව සඳහන්.

    අඹතැන්න ප්‍රදේශයේ ඡායාරූප පහතින්.

    දැන් ඔක්කොම එළිවෙමින් තියෙනවා” – රාජිත

    මහනුවර දිස්ත්‍රික්කය පුරා ම හමුදාව යොදවා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පවසයි.

     

    “මේ ප්‍රදේශය ඉතා විශාල ප්‍රදේශයක්. ඒ හැමතැනම හමුදා යොදවා තියෙනවා. මුළු නුවර ප්‍රදේශයේ ම ඊයේ රෑ වුනේ ඉන්සිඩන්ට් දෙකයි. ඒ වෙලා මොහොතකින් අපේ හමුදාව ඒතැන්වලට ගිහින් කළයුතු දේ කළා. අද උදේ සිදුවුණු යම් ස්ථානවල ඇතිවුණ දේ ඊට වඩා වෙනස් .මොකද ඒ අයට ඇටෑක් කරන්න යද්දී ඒ අයත් රෙස්පොන්ඩ් කරනවා”

    අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මේ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    රට තුළ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට නම් සිංහල හා මුස්ලිම් ජනතාව ඒගැන හිතලා කටයුතු බව ත් එහිදී විජේගුණරත්න මහතා සඳහන් කළේ ය.

    මේ අවස්ථාවෙ කතාකරන්න ඕනෑ මේක වැඩිකරන්න නෙවෙයි මේ තත්ත්වය අඩුකරන්න.අඩු කරන්න නම් අපේ ඉන්න සිංහල හා මුස්ලිම් ජනතාව ඒගැන හිතලා කටයුතු කරන්න ඕනෑ.

    හදිසී නීතිය ක්‍රියාත්මකව ඇති මොහොතකදී ත් මෙවන් ක්‍රියා සිදුවන්නේ, කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය.

    අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.

    ”ඇදිරි නීතිය ඊයේ රෑ තිබුණා. සිදුවීම් දෙකයි වුණේ, අද උදේ අයින් කළා. මේ දැම්මේ පොලිස් ඇඳිරි නීතිය. දැන් ඒ වෙනුවට රජයෙන් නිකුත් කරන ඇඳිරි නීතිය දාලා ප්‍රදේශය පාලනය කරන්න කටයුතු කරනවා”

    මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද කැබිනට් හමුවේදී ප්‍රශ්න කෙරිණ.

    කැබිනට් හමුවේදී මාධ්‍යවේදී නැගූ පැනයන්ට සම කැබිනට් ප්‍රකාශකවරයා ලබා දුන් පිළිතුරු පහතින්…..

    මාධ්‍යවේදී පැනය : ඊයේ අග්‍රමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කියනවා පොලිස් බුද්ධි අංශවල ක්‍රියාත්මකවීම අඩුමට්ට පැවතුනා ඒකයි මේවගේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුව කියලා?

    අමාත්‍ය රාජිත සේනාරත්න: ඒක නිසා තමයි හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරලා තියෙන්නේ.

    මාධ්‍යවේදී පැනය  : මේ වන කොට ආරක්ෂක අංශවල මැදිහත්වීම ගැන ඔබතුමාල තෘප්තිමත් ද ? ඒක ඉස්සරහට වැඩිදියුණු කරන්න මොක ද කරන්නේ.

    අමාත්‍ය රාජිත සේනාරත්න: සියලුම දේවල් කරන්න වෙන්නේ ආරක්ෂක අංශ නේ.අවුරුදු 30 යුද්ධයක් අවසන් කළේ ආරක්ෂක අංශනේ. ඒ නිසා අපිට විශ්වාස තියන්න වෙනවා ආරක්ෂක අංශ කෙරෙහි

    මාධ්‍යවේදී පැනය : මේකට මැදිහත්වීම් කරන කල්ලි කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කරන්නේ කොහොම ද ඔවුන් අත්අඩංගුවට ගන්නේ කොහොමද?

    අමාත්‍ය රාජිත සේනාරත්න: දැනට ඒ පිළිබද වාර්තා එමින් තියෙනවා.මොකද සිද්ධියක් වුණාම එකපාර තේරෙන්නේ සිද්ධියට පිටුපස හිටපු අය එන්නේ නෑ.එදාට අත්අඩංගුවට ගනනේ සිද්ධියට සම්බන්ධ අය.ඒ අයගෙන් ප්‍රශ්න කලාම තමයි එළිවෙන්නේ කවුද ඒ අය මෙහෙව්වේ. කවුද ඒ අයට බස් අරන් දුන්නේ.දැන් කියමින් තියෙනවා ඒ අය. දැන් නොයෙකුත් අයගේ නම් එළිවෙමින් තියෙනවා.

    මාධ්‍යවේදී පැනය : ඇමතිතුමා ඒ දේශපාලඥයින්ගේ නම් ද?

    අමාත්‍ය රාජිත සේනාරත්න: මන්ත්‍රීවරයෙක් හා මන්ත්‍රීවරයෙක්ගේ ලේකම්වරයෙක්ගේ. ඒ එක්කම තියෙනවා අනිත් අය ප්‍රදේශිය සභා මන්ත්‍රීවරු. මේ ප්‍රධානම සිද්ධින්වලට තවත් දිස්ත්‍රික් සංවිධායකවරයෙක්ගේ නමක්. තවත් ඒම පක්ෂයට සම්බන්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්. මේ විදිහට නම් එළිදරව් වෙමින් යනවා. පරීක්ෂණ දිගටම කරනවා. ඒ අයගේ කටඋත්තර අනුව තවත් අය අත්අඩංගුවට ගන්නවා. සමාජ වෙබ් අඩවි පිළිබඳ වාර්තා වෙනවා.කවුද ඒව මෙහෙයවන්නේ කියලා. එකෙන් කොටසක් ආණ්ඩුවට විරුද්ධව තව කොටසක් ජාතිවාදය ප්‍රචාරය කරන්න. මේ ඔක්කොම එළිවෙමින් තියෙනවා.

    ජාතිවාදය වපුරන මිනිස්සුන්ට පහරදෙන අයවලුන්ට මරණිය දණ්ඩනය දෙන්න සියල්ල සුදානම්…

    ජාතිවාදය වපුරන අපරාධකරුවන්ට   මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමට රජය අනුමැතිය ලබා දෙන්නේ නම් තම දෙපාර්තමේන්තුව ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම්ව සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළ අංගසම්පූර්ණ එල්ලුම් ගසක් තිබෙන බවද එය ඕනෑම අවස්ථාවකදී ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් ප්‍රතිසංස්කරණය කර ඇති බවද ඒ මහතා කීය.

    සබැදි පුවත්….

    http://supirigossip.com/archives/15907

    http://supirigossip.com/archives/15904

    http://supirigossip.com/archives/15891

    http://supirigossip.com/archives/15873

  • සාමය ගැන කතා කරන ඤානසාර හිමිත් ගෝටාගේ ජාතිවාදී සිදුවීම් පසුපස… ලික්වූ වීඩියෝව මෙන්න..

    සාමය ගැන කතා කරන ඤානසාර හිමිත් ගෝටාගේ ජාතිවාදී සිදුවීම් පසුපස… ලික්වූ වීඩියෝව මෙන්න..

    අන්තවාදී ගෝටාව බලයට ගෙන ඒම සදහා රට පුරා ජාතිවාදී ගැටුම් ඇතිකරමින් සාමය සංහිදියාව විනාශ කිරීමට වෙර දරන  සොහොන් පිල්ලිය සහ සාමය ගැන මාධ්‍යයේ වහසි බස් දොඩන බොදු බල සේනාව අතර සම්බන්ධය හෙළිවන සියල්ලන්ගේ රෙදි ගැලවෙන වීඩියෝවක් අපට ලැබී ඇත…

  • අන්තවාදී ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ජාතිවාදයේ පියා ඥාණසාර සහ බලල් අත රනිල්..

    අන්තවාදී ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ජාතිවාදයේ පියා ඥාණසාර සහ බලල් අත රනිල්..

    තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

    ජාතිවාදය පතුරුවමින් සිංහල -මුස්ලිම් ගැටුම්කාරි තත්ත්වයක් ඇතිකරමින් සිටින ගෝඨාභයගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ඇති බලල් අත අගමැතිකම සහ පක්ෂ නායක කම රැක ගැනිම සදහා පිදුරු ගහේ පවා එල්ලිමට සුදානමින් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරනවා.

    පක්ෂ නායක කම රැක ගැනිමට නොහැකිව කූජීව සිටින අගමැතිවරයා සිය අගමැතිකම සහ පක්ෂ නායකත්වය රැක ගැනිම සදහා රටේ ජනතවගේ මතය වෙනත් මගකට යොමුකිරිම සදහා

    අගමැතිකම රැක ගන්න ජාතිවාදයෙ පිහිට පතයි….

    අම්පාර සිදුවිම ගෝඨාගේ රෙජිමෙන්තුව හරහා ක්‍රියාත්මක වු සැනින් ඒ හරහා තමන්ගේ අගමැති කම මෙන්ම තමන්ට එරෙහිව පක්ෂයෙන් මතුව තිබේන නායකත්ව අර්බුදයට විසදුම් සේවිම සදහා අගමැතිවරයා කටයුතු කල අතර ඒ සදහා ඇති හොදම ව්සදුම රටේ ජාතිවාදී ගැටුමක් ඇතිකර ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනිම දන්නා රනිල් මේ වනවිට ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව හරහා සටන දියත් කර ඒ වටා තවත් ජාතිවාදි රූකඩයන් කිහිපයක්ම එල්ලිමට කටයුතු කරමින් සිටි.

    රටේ ජාතිවාදයේ පිං පියා ලෙස හැදින්වෙන,ගෝඨාගේ සංඝ ජාතිවාදි හමුදාවේ ප්‍රධානියෙකු වන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිද මෙම මෙහෙයුම පසුපස සිටින අතර ඥාණසාරගේ න්‍යායාචාරවරයා ලෙස කටයුතු කරන ඩිලන්ත විතානගේ නැමැත්තා 2016 වසරේ සිට මහ බැංකු කොල්ලකරු රවිගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර ඔහු හරහ ඥාණසාර නටවමින් සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

    රනිල් ගලවා ගැනිමේ ඩිල් එක පසුපස මෙම කණ්ඩායම් ඇති බවට තහවුරු වන ආසන්නතම සිදුවිම නම් අම්පාර සිද්ධිය සිදුවු වහාම දිගන රිය අනතුර සහ පහරදිම සම්බන්ධයෙන් වු තොරතුරුද් සහිතව ඩිලන්ත රනිල්ව හමුවිම වන අතර නීතිය දෙකට තුනට නමන පොලිස්පතිවරයාද එම හමුවට එක්ව තිබිමයි.

    අම්පාර සිදුවිම අහබු සිදුවිමක් ලෙස ආරම්භ වුවද තෙල්දෙණිය සිදුවිම අම්පාර සිදුවිම හේතු කරගමින් සිය දේශපාලන පැවැත්ම සදහා භාවිතා කිරිමට රනිල් කටයුතු කර තිබේ.

    තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

    තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික ගැටුමක් ජාතිවාදී කෝලාහලයක් බවට පත්කිරීම පිටුපස චීවරධාරීන් කිහිපදෙනෙකු සිටින බවට බුද්ධි අංශ අනාවරණය කර තිබේන අතර ආරක්ෂක ප්‍රධානින්ට ලබාදුන් රහසිගත වාර්තාවක් හරහ පෙන්වා දි ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් සහ ඔහුන් සමග සමීප සබඳතාවයන් පවත්වන පිරිස් දිගන සිද්ධිය ගැටුමක් දක්වා ගෙන යැමට දායකත්වය ලබාදි ඇති බවයි.

    ඒ සදහා viber,whatsapp වැනි සමාජ ජාලා සන්නිවේදන යොදාගෙන ඇති බවත් ඊට ආදාළ සාක්ෂි රැසක්ද එම වාර්තාව සමග ලබාදි තිබේ.

    බලය වෙනුවෙන් ජාතිවාදය ඇවිලිමේ අපකීර්තිමත් ඉතිහාසය

    රනිල් වික්‍රමසිංහ 1983 ජුලි කලබල අස්සේ බියගම ආසනයේ දමිල ජනතාවට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් මෙහෙයවු බවට චොදනා ඇති අතර යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය රාජන් වුල්ෆ් මහතාද එම චොදනාවම රනිල්ට එරෙහිව සිදුකර තිබේ.ඒ අනුව තමන්ගෙ බලය පවත්වාගෙන යෑම සදහා විස්වාසභංගය මෙන්ම පක්ෂ නායකත්වයට එරෙහිව නැගි එන බලපෑම මේ හරහා වෙනත් මගකට යොමුකිරිමට කටයුතු කර තිබේ.

    උපුටා ගැනීම ලංකා ලීක්ස් වෙබ් අඩවිය….

    සබැදි පුවත්…

    https://www.facebook.com/supirigossip1/posts/1612489725453294

  • රට ගිනි තියන ජාතිවාදී සිදුවීම් අස්සේ ජනපති මෛත්‍රී මහනුවරට ගිහින් කරපු දේ මෙන්න…

    රට ගිනි තියන ජාතිවාදී සිදුවීම් අස්සේ ජනපති මෛත්‍රී මහනුවරට ගිහින් කරපු දේ මෙන්න…

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර බලා ගොස් ඇති බව වාර්තාවනවා.

    ආරක්ෂ අංශ සහ ආගමික නායකයන් අතර ඔහු සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇති බව සඳහන්.

    කෙසේ වෙතත් අද පස්වරු 4 සිට පැය 24ක කාලයක් බලපැවැත්වෙන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට නැවතත් ඇඳිරි නීතිය පැනවූ බව පොලීස් මාධ්‍ය ප්‍රකාශවරයා පවසනවා.

    එමෙන්ම වහා බලපැවැත්වෙන පරිදි පොලිස් නිළධාරීන්ගේ නිවාඩුද අවලංගු කොට තිබෙනවා.

  • බොරු පතුරන්න එපා – කෙසෙල්වත්තෙන් හමුවූ මිනිස් හිස අංගොඩ කොස් මල්ලිගේ..

    බොරු පතුරන්න එපා – කෙසෙල්වත්තෙන් හමුවූ මිනිස් හිස අංගොඩ කොස් මල්ලිගේ..

    අද (07) උදැසන කොළඹ, කෙසෙල්වත්ත බණ්ඩාරණායක මාවතේ තිබි පොලිසිය විසින් සොයා ගත් මිනිස් හිස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංච් ශාන්ත කුමාර හෙවත් “කොස් මල්ලි” ගේ බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

    පසුගිය පෙබරවාරි 16 වනදා එම ප්‍රදේශයේදිම සිදුවු මනුෂ්‍ය ඝාතනයකට “කොස් මල්ලි” යන අය සමිබන්ධ බවට පරික්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොටිඨාෂය අනාවරණය කර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.