ඔහු රජය වෙත අවධාරණය කර සිටියේ ඒ වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යංශය සති දෙකක කාලයක් සඳහා තමන් වෙත බාර දෙන ලෙසයි.

විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින් මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත අතර හදිසි නිතිය යටතේ ඔවුන්ව කිසිදු නඩු විභාගයකින් තොරව ජිවිතාන්තය දක්වා වුවද සිරගත කල හැකි බව අප සිදුකල විමසුමකදි නීති විශාරදයෙක් අපට පැවසීය…

60000 කට අදික තරඟකරුවන් ප්‍රමාණයක් සහභාගී වූ දිශානති දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වූ යූත් විත් ටැලන්ට් තරඟාවලියේ අවසාන මහා තරඟය මාර්තු මස 10 වන සෙනසුරාද දින රාත්‍රී 7. 00 ට ආරම්භ වන බවත් එම තරඟය නැරඹීමට සියළු දෙනාටම තමා ආරාධනා කරන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ මහතා පවසයි.
https://www.facebook.com/supirigossip1/videos/1612495618786038/

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ඇතුව රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවට මාධ්‍ය හමු තබමින් නාලිකාවල පැය ගණන් කා දමමින් විමල් සහ අපාය සහය මිතුරා ඉටුකර ඇත්තේ රනිල් මහින්දට දුන් කොන්ත්‍රාත්තුවේම කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.
පසුගිය සතිය තුලම මාර්තු 06දින රනිල්ට එරෙහිව විශ්වාසභංගය භාරදෙන බව කියමින් විමල් සහ ගම්මන්පිල රනිල්ට එරෙහිව එජාපය තුලින්ම මතුවු රනිල් විරෝධය ඩොසර් කිරිමට කටයුතු කර ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.
රනිල්ට එරෙහිව විශ්වාසභංගයට හෝ ගා ඒකාබද්ධය අත්සන් තබන බව් කිවත් ඊයේ වනවිට අත්සන කර ඇත්තේ 8 දෙනෙකු පමණක් වන අතර එම 8 දෙනාම විමල්ගේ එහෙයියන් මෙන්ම් 2020 ජනපති අපේක්ෂකයෙකු විමේ සිහින දකින ප්‍රසන්න රණතුංග පමනී.
විමල් සහ රනිල් අතර ඩිල්
Excusive: විමල් රහසේම රනිල් හමුවෙයි… 2020දි විමල්,නානසාර,ගම්මන්පිල,ඩිලන්ත හරහා හමන රනිල්ගේ “ගෝඨ සුළඟ”
2015දී බැසිල්ට භාර දුන්න කොන්ත්‍රාත්තුවම අග්‍රාමාත්‍යවරයා විමල්ට භාර දි ඇති අතර ඒ අනුව මහින්ද,බැසිල් කපා ගෝඨා 2020දි ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරිමට කටයුතු කිරිම එම කොන්ත්‍රාත්තුව වේ.
ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ඇතුව රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවට මාධ්‍ය හමු තබමින් නාලිකාවල පැය ගණන් කා දමමින් විමල් සහ අපාය සහය මිතුරා ඉටුකර ඇත්තේ රනිල් මහින්දට දුන් කොන්ත්‍රාත්තුවේම කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායකයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුලින් නැගි ආ කැරැල්ල මෙන්ම ඒ සමග වෙගයෙන් ඉදිරියට ආ විශ්වාසභංගයේ ගමන අඩාල කිරිමට මෙම උපක්‍රමය භාවිතා කල බව මේ වනවිට තහවුරු වි තිබේ.
රනිල්ට එරෙහිව විශ්වාසභංගයෙන් මහින්ද අවුල් වු හැටි..
රනිල්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා මහින්දගේ විජයරාම නිවසේ පවත්වා ඇති අතර එහිදි මහින්ද එම සාකච්ඡාව සදහා සහභාගි වු එහෙයීයන්ට අනතුරු ඇගවිමක් කර තිබේ.
යම් හෙයකින් පාර්ලිමේන්තුවේ රනිල්ට එරෙහිව විශ්වාසභංගය ජයග්‍රහණය කිරිමට හැකි වුවහොත් වෙනත් අයෙකු අගමැති ලෙස නම් කිරිමට සිදුවන ඇති අතර ඒ සදහා හදිසියේ දිනේෂ් ගුණවර්ධන වැනි අයෙකු යෝජනා කිරිමට ශ්‍රිලනිප හෝ එජාප කණ්ඩායම් කටයුතු කලහොත් එය මාරාන්තීක විය හැකි බවයි මහින්ද පෙන්වා දි ඇත්තේ.
මහින්දගේ දිනේෂ් භීතිකාව ……..
“කොහෙවත් ඉන්න රිලව් ෆෝම් කරන්නේ නැතුව ඉන්නවා”බොරළුගොඩ සිංහයාගේ කතාවට මහින්දට මලපනී… 2019ට ඉස්සෙල්ලා ශ්‍රිලනිපය අල්ලන්න මහින්ද මෙහෙයුමක
විමල්ගේ අසීමාන්තික ඩිල් හමුවේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු ප්‍රියන්ජිත් විතාරණ facebook හී තැබු සටහනකි.
රනිල් ව්ක්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට එරෙහිව අද ගෙන ඒමට තිබූ විස්වාසබංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් කල් දමා ඇත.මීට පැය හත අටකට උඩදී ඒ සම්බන්ධව මගේ ස්ථාවරය හා මට ඇති සැකය මා විවෘතව ප්‍රකාශ කලේය.මා එය ප්‍රකාශ කලේ ඔවුන් සමග සිට මා ලද දේශපාලන අද්දැකීමෙන්ය.අද දින විස්වාසබංග යෝජනාව ගෙන එන බව කිව්වේ මා නොවේය.එය කීවේ වීරවංශ මහතා හා ගම්මන්පිල මගතායි.ඕනිම දෙයක් කලින් රටට ප්‍රකාශ කලයුත්තේ තමා බව මේ දෙදෙනාටම ඇති එක් දේශපාලන මේනියාවකි.
ඒ නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා ගැනසේම විස්වාසබංගය ගැනද එකගතාවක් නැතිව ප්‍රකාශ කර ඇන ගත්තේය.මා හට ඇති ප්‍රස්නය ඔවුන්ගේ ඇන ගැනීම නොවේ.රටේ උද්ගතවී ඇති හදිසි තත්වය හමුවේ නුගේගොඩ රැලිය කල් දැම්මා විය හැක.මාද එය අනුමත කරමි.නමුත් විස්වාසබංගය කල් දැම්මේ ඇයි?ඊට හේතුව කුමක්ද?පලමු කරුන ඊට අත්සන් කිරීම ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු ප්‍රමානයක් අදිමදි කිරීමද?unp යේ සටන unp යට වඩා විස්වාස ඒකාබද්ධයේ පිරිස වෙත ගෙන්වා වික්‍රමසිංහ මහතා ගේම ගසා ඇත.
මා කීවේ මෙම විස්වාසබංග යෝජනාව ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන් හා මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකර ඉදිරිපත් කිරීම පලක් නැති බවයි.එහි වාසිය යන්නේ වික්‍රමසිංහ මහතාටය.එසේ වනවා නම් ඉදිරිපත් කරනවාට වඩා නොකර සිටිම සුදුසුය.එසේ නම් ඒකාබද්දය තුල සිට මේ කකුල් මාට්ටු දාන්නේ කවුද?මා දිගටම කියන අප්‍රකාෂිත අසුද්ද සංධානය එයයි.
අද වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කීවේ හදිසි නීතියේ ට්කට් එක වික්‍රමසිංහ මහතාට ඇදුනු බවයි. එය එක් විටක සත්‍යකි.හදිසිනීතියට මුවාවී වික්‍රමසිංහ මහතාට එරෙහි විස්වාසබංගයද කල් දැමීමේ වාසිය ඔහුටම හිමිවීය.වීරවංශ මහතාගේ කතාව අසත්‍ය වන්නේ හදිසිනීතිය දැමීම විස්වාසබංගට කිසිසේත් බල නොපාන නිසාය.එසේම නම් ගම්මන්පිල මහතා හරහා ඔහු යෙදූ උපක්‍රමයට කුමක්වීද?
ඔවුන්ට අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් විස්වාසබංගය පලමුව ඉදිරිපත් කරයි.පසුව ජන්දය විමසන අවස්ථාවේදී එජාපයේ හා ශ්‍රිලනිප සහයෙන් බහුතරය පෙන්වයි.
දැන් ඇන ගත් පසු දෙබෑයන් මෙසේ කියනු ඇත “කෙසේවෙතත් මෙම විස්වාසබංගය එක් පක්ෂයක සටනක් නොවන බැවින් සෑම පක්ෂයකම මන්ත්‍රීවරු කීපදෙනෙකුගේ හෝ අත්සකර ඉදිරිපත් කිරීමට අප තීරනය කලාය”කියාය.නැත්නම් එජාපයේ හා ස්‍රිලනිපයේ විසේෂ ඉල්ලීම පරිදි උපක්‍රමිකව කල්දැමූ බවයි.
ජානීපෙට නම් පියවරක් ඉදිරියට පියවර දෙකක් පසු පසට යන මාක්ස්වාදී නයාය ආදේශ කරගෙන හිත හදාගත හැකිය.
මෙවර වික්‍රමසිංහ මහතා ගැසුවේ සිය අලුත්ම තුරුම්පුවයි.එනම් නීතිය හා සාමය තුරුම්පුවයි.නිතිය හා සාමය පොන්සේකා මහතාට දෙනබවත්,දුන් සැනින් සියලූ වීරයන් කපෝති බවත්,බේරා ගැනීමට හෝ අවම වසයෙන් බැලන්ස් කරදීමට තමා සිටිය යුතු බවයි.එසේනම් ඔබලා මේ කරන්නට හදන්නේ වික්‍රමසිංහ මහතාගේ ගෙල පලමුව සිද දෙවනුව සියතින් තම ගෙල සිද ගැනීම බව සිය නියෝජිත්‍යා හරහා ව්ක්‍රමසිංහ මහතා ඔවුන්ට වටහා දී හමාරය.ඉන් පසුව හිසේ සිට දෙපතුල දක්වා වෙව්ලමින් හදිසි නීතියේ පිහිටෙන් වැඩේ අකුලා ගත්තේය. ඒ නිසා හදිසිනීති ට්කට් එක කාට කාටත් වාසි සහගතය.මට ඔබලාගෙන් ඇසීමට ඇත්තේ තමන්ගේ නඩු හබ විසදා ගැනීමට අවස්ථා කීපයකදී රෑට රෑට රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා හමුවන අයගෙන් ඔහුට විරුද්ධ මොන විස්වාසබංගද කියාය?හොරු සමග ප්‍රසිද්ධියේම හෙලුවෙන් කියාය!!!!!
උපුටා ගැනීම ලංකා ලික්ස් වෙබ් අඩවිය….

කොළඹ නගර සභාවේ බහුතර බලය අත්පත් කරගත් එජාපයට නගර සභාවේ පාලනය බලය තහවුරු කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.
එයට හේතුව වී ඇත්තේ එජාප මන්ත්‍රී රවී කරුණානායකට අමාත්‍ය ධූරයක් ලබා නොදෙන්නේ නම් උතුරු කොළඹ ආසනය සදහා තේරී පත් වූ එජාප මන්ත්‍රීවරු 17 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කිරිමත් සමග ය.
මේ අනූව රෝසි සේනනායක මහත්මියට නගරාධිපති ධූරය අහිමි වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මේ තත්වය හමු වේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුණු මිලින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට නගර සභාවේ බලය පිහිටුවීමට හැකි වනු ඇත.

මහනුවර සිදුවීම්වලට විරෝධය පාමින් කලහකාරී පිරිසක් අම්පාර, කල්මුණේ, සමන්තුරෙයි. ප්‍රදේශවල විරෝධතාවල නිරත වෙමින් බස් රථවලට පහර දීමේ සිද්ධියකින් පසුව පාසල් නිමා වී නිවෙස්වලට යාමට නොහැකිව සිටි පාසල් ළමුන් එකසිය විස්සක් හා ගුරුවරුන් පිරිසක් සිමෙන්ති කන්ටේනරයක නංවාගෙන ආරක්ෂිතව නිවෙස් කරා රැගෙන යාමට ප්‍රදේශයේ දෙමළ තරුණයන් කටයුතු කර ඇත.
කල්මුනේ ආර්, කේ. එම්, දෙමළ විද්‍යාලය, නාවලර් දෙමළ විදුහල. කල්මුණේ වෙස්ලි විද්‍යාලය හා තවත් පාසල් කීපයක දරුවන්ට පාසල නිමා වී නිවසට යෑමට බස් රථ මාර්ගයේ නොමැති වීම නිසා යතුරුපැදිවල නැගුණු දෙමළ තරුණයන් පනහක පමණ කණ්ඩායමක් කන්ටේනරයක් රැගෙන විත් මෙම ළමුන් ආරක්ෂිතව නිවෙස්වලට ගෙන ගොස් ඇත.
ඊයේ (6 දා) අලුයම 5.00 ට පමණ අම්පාර, මරදමුණේ, සමන්තුරේ, අක්කරෙයිපත්තු, අට්ටාලච්චේන, කළ්මුණේකුඩි ඇතුළු ප්‍රදේශවල පල්ලි වටා එක්රැස් වුණු කලහකාරී කණ්ඩායම් මාර්ගයේ ටයර් පුළුස්සා බස් රථ අටකට පහර දී අලාභහානි කර ඇත.
මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය දෙමළ පුවත්පතක මාධ්‍යවේදියකුටදී බස් රථයෙන් බස්සවා පහර දීමට උත්සාහ ගනිද්දී පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මැදිහත් වී මාධ්‍යවේදියා ආරක්ෂිතව මුදාගෙන ඇත.
මාර්ගයේ බස් රථ ධාවනය අඩාළ වීමත් සමග පාසල් නිම වී නිවෙස්වලට යාමට නොහැකිව සිටි දරුවන් කටේනරයක් තුළ ආරක්ෂිතව මරඳමුණේ. කල්ලාර් ෆීලවනේ කලාවකුඩි ප්‍රදේශ දක්වා රැගෙන ගොස් නිවෙස්වලට ඇරලවා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය මාර්ගවල ආරක්ෂාව තහවුරු කර කලහකාරීන් විසිතුන් දෙනකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර දී ඇත. කල්මුණේ නට්ටච්මුනනේ ප්‍රදේශයේ වෙළෙඳසල් දෙකක් හා නිවසක් ද කලහකාරී පිරිස් විනාශ කර ඇති බව ආරක්ෂක අංශ කියයි.

Breaking News Update………………………..
විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින් මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කළ හැරි බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඔවුන් සමඟ පොලිස් කණ්ඩායම් තුනක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද එම ප්‍රදේශයට පිටත් කර ඇතැයිද ආරංචි මාර්ග සදහන් කරනවා.
ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිස්පතිවරයා මෙම කණ්ඩායම් පිටත් කර හැරි බව පොලිස් මූලස්ථානය පවසනවා.
මේ අතර සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්වති රහස් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ.
ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් දැඩිව අධීක්ෂණය කරන බවයි. ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර පතුරුවා හරින පුද්ගලයින් හඳුනා ගැනීම එහි එක් අරමුණක්. එවැනි පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමටද හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අවස්ථාවක සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ අප පොලීසියෙන් විමසීමක් කළා.
එහිදී පොලිස් මාධ්‍ය ප්රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ “සමාජ මාධ්‍ය ජාලා හෝ වෙනත් සන්නිවේදන ක්‍රම ඔස්සේ අසත්‍ය තොරතුරු, භීතිය, අප්‍රසාදය ඇතිවන ආකාරයට..ඒ වගේම සංහිඳියාවට බාධා එල්ල වන ආකාරයට එවැනි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම වැලැක්වීමට සුදුසු පියවර ගැනීමේ බලය රාජ්‍ය නිලධාරීන්ට වගේම ව්‍යවස්ථාපිත ආයතනවලටත් මේ යටතේ පැවරෙනවා.” යනුවෙනි.
මේ අතර වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍රයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ. ඒ සඳහා හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා හා පොලිස්පතිවරයාද පැමිණි බවද වාර්තා වුණා.
මහනුවර අන්තර්ජාලය අත්හිටුවයි……
මේ අතර ඩයලොග් ආයතනය විසින් සිය නිල ටුවිටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අන්තර්ජාල ප්‍රවේශ හැකියාව සීමා කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම අදාළ සේවා සැපයුම් ආයතන වෙත දැනුම් දුන් බව පැවසුවද මේ වනවිට රට පුරා ප්‍රදේශ රැසක මෙම අවහිරතාවය ඇතිවී තිබේ.
රටපුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇති අතර සමාජජාල හරහා ගැටුම් උත්සන්න වීමට අනුබල දෙන ආකාරයේ අදහස් හුවමාරුවීම් සිදුවන බැවින් එය වැලැක්වීමට රජය මෙම පියවර ගෙන තිබේ.
මහනුවරට යලිත් ඇදිරි නීතිය
මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනු ඇති බවයි.
මේ අතර එම ප්‍රදේශවලින් සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වෙන බවද සඳහන් කළා.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි නමැත්තාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා තිබූ නඩු පහටම ඔහු වරද පිළිගත් අතර, එක් නඩුවකට රුපියල් 1,000 බැගින් නඩු පහට රුපියල් 5,000ක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියම කළාය.
වත්කම් හෙළිකළයුතු රාජ්‍ය නිලධාරියෙකු වන යුද හමුදා මේජර්වරයෙකු ලෙස කටයුතු කරමින් 2010 වසරේ සිට 2014 වසර දක්වා වසර පහක කාලයක් සිය වත්කම් හෙළි නොකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පහක් පවරා තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත්කරමින් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනාවලට ඔහු වරද පිළිගන්නේ යැයි පැවසූහ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එක් චෝදනාවකට රුපියල් 1,000 බැගින් චෝදනා පහට රුපියල් 5,000ක දඩ නියම කළාය.

අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් සුරක්‍ෂා රක්‍ෂණාවරණය යටතේ ඊයේ (06දා)දිනය වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන් බවට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව දැනුම්දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ගෙවීගිය මාස 05ක කාලය ඇතුළත රක්‍ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් 6,600 ක් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බවත් පාසල් සිසුන් ලක්‍ෂ 10කට මේ වනවිට සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයට අදාළ රක්‍ෂණ කාඩ්පත ලබාදී තිබෙන අතර, මාර්තු මාසය අවසන්වනවිට සිසුන් ලක්‍ෂ 20ක් දක්වා මෙම කාඩ්පත ලබාදීමට අපේක්‍ෂිත බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන සුරක්‍ෂා සිසු රක්‍ෂණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ පාසල් 11,242ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්‍ෂ 45කට ආසන්න පිරිසකට සෞඛ්‍ය රක්‍ෂණාවරණය හිමිවෙයි.
මේ යටතේ පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000ක් දක්වාද, රෝහල්ගත වීමකදී රුපියල් 100,000ක් දක්වාද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී රුපියල් 100,000ක් දක්වා මෙන්ම පාසල් දරුවෙකුගේ මව හෝ පියා හදිසියේ මරණයට පත් වූ විටදී රුපියල් 75,000ක වන්දි මුදලක්ද ලබා දෙයි.
එමෙන්ම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 100,000ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50,000 සිට රුපියල් 100,000ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමි වේ.
දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම මේ වනවිට ක්‍රියාවට නැංවෙමින් පවතී.

ලංකා ගුරු සේවා සංගමය නියෝජනය කරමින් සමුළුවට සහභාගි වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාට මෙක්සිකෝවේ පැවැති ලෝක ගුරු සම්මේලනයේ 18 වැනි සමුළුවේදී ඉදිරි වසර 04ක කාලයක් සඳහා නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේදී සභාපති තනතුර හිමිව ඇත.
පසුගිය 04 වැනිදා සහ 05 වැනිදා මෙම සමුළුව පැවැති අතර රටවල 40කට වැඩි ප්‍රමාණයක ගුරු සංගම් මෙම සම්මේලනය නියෝජනය කරන ලදී, මෙවන් සමුළුවක ප්‍රධාන තනතුරක් හිමි වූ පළමු අවස්ථාව මෙය බවද ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.

ඊයේ දිනයේදී අලුත්ගමගේ මහතා අධිකරණයට කැඳවා තිබීම හේතුවෙන්ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට තිබූ අයිතිය දරුණු ලෙස උල්ලංඝනය වී තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(06දා)පැවසීය .
මීට පෙර කථානායකවරයා හමුවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව අවස්ථා දෙකකදී සාකච්ඡා කර තිබෙන බවත්,කථානායකවරයා අදාළ බලධාරීන්ට මේ බව දන්වා තිබූ බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කල අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සිදුවූ ආකාරයට ඉදිරියේදී අනෙකුත් මන්ත්‍රීවරුන්ටද මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවන බවත්,කථානායකවරයා මේ සඳහා මැදිහත්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, මේ සතිය පුරා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණයට හමුවට යෑමට සිදුව තිබෙන බවත්,මෙය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රශ්නයක් පමණක් සිතා කටයුතු නොකළයුතු අතර, මෙය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම එල්ලවන බරපතළ ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතුබවත්ය.
වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ, ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට සහභාගි වීම සඳහා මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත්,එසේ තිබියදී නඩුව අසන බවට විනිසුරුවරයා පවසා තිබෙන බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ, තමන් ඒ පිළිබඳ සොයා බලන බවයි.

https://www.facebook.com/supirigossip1/videos/1612261688809431/
.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් අපට පැවසීය.
අද රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් එම පොලිස් නිලධාරියා කීවේය.
පොලිසිය අහසට වෙඩි තබද්දී පිරිස පලා ගිය බව කී පොලිස් නිලධාරියා තුවාලකරුවන් සිටීද යන්න ගැන මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසීය.
හදිසි නීතිය යටතේ කළබලකාරී තත්ත්වයන් පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවටම බලය ලබා දී ඇති බවද, මේ යටතේ අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබා ගැනීමට පවා නොහැකි බවද කී උසස් පොලිස් නිලධාරියා සාමකාමීව නීතියට අනුකූලව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අවධාරණය කළේය.
මේ අතර අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකුගේ උදර ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් ඔහු මේවන විට රෝහල්ගත කර ඇති බවටත් වාර්තා පළ වෙනවා.
නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි කොටස මේ වන විට ක්‍රියාත්මක වන බවත්, එහි පස් වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති බව ද ගුණසේකර මහතා කීවේය.
ජීවිත හානි සිදු කිරීම, තුවාල සිදු කිරීම, ලිංගික හිංසනය, දේපොළවලට හානි කිරීම, කොල්ලකෑම, ජාතීන් අතර පවතින සමගියට බාධා වන ආකාරයේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, එවැනි කතා දේශන පැවැත්වීම, එවැනි ලිපි පල කිරීම, එවැනි තත්ත්වයක් ඇති වන ආකාරයට සමාජ මාධ්‍ය භාවිත කිරීම ආදිය මෙම රෙගුලාසි යටතේ ගැණෙන වැරදි බවට ප්‍රකාශයට පත් කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එවැනි වරදකදී ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඬුවම පනවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
එම වරදවල් සිදුකිරීමට තැත්කිරීම හා කුමන්ත්‍රණය කිරීමද මේ යටතේම වරදක් වන අතර එවැනි වැරදි වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ට පවරා ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හැකිතාක් ඉක්මණින් ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දිය යුතු බව ද ප්‍රකාශ කළේය.
‘‘ එලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ යුතුයි. සැකකරුවන්ගේ වරදේ සංකීර්ණභාවය සැලකිල්ලට ගෙන පොලිස් භාරයේ වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාවක් තිබේනවා නම් එම සැකකරුවන් දින 14ක් නොඉක්මණ කාලයක් රඳවා ගැනීමට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවරා තිබෙනවා. මේ යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන සැකකරුවන්ට අධිකරණයෙන් ඇප ලබා දිය යුත්තේ සුවිශේෂී හේතු තිබේ නම් පමණයි. සුවිශේෂී හේතු නොතිබුණොත් නඩු විභාගය අවසන් වන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ තැබිය යුතුයි. ‘ යැයි ද පොලිස් මාධ්‍ය ප්රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය.
භීතිය හා අප්‍රසාදය ඇතිවන ආකාරයට සහ සංහිඳියාවට බාධා ඇතිවන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීමට සුදුසු පියවර ගැනීමේ බලය රාජ්‍ය නිලධාරින්ට මෙන්ම ව්‍යවස්ථාපිත ආයතනවලටද බලය ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
‘මෙම හදිසි නීති රෙගුලාසි උල්ලංඝණය වීම වැලැක්වීමට නෛතික වගකීමක් පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත්, රාජ්‍ය නිලධාරීන්ටත් වෙනත් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවල නිලධාරීන්ටත් මේ යටතේ පවරා තිබෙනවා. අද සවස හදිසි අවස්ථාව ප්රකාශයට පත් කිරීමත් සමඟම ජනාධිපතිවරා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට නියෝග මාලාවක් නිකුත් කළා. වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම බලතල උපයෝගී කරගෙන රටේ ඇතැම් ස්ථානවල උද්ගතවී ඇති සාපරාධී වාතාවරණයන් සමනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම, මෙම හදිසි අවස්ථා රෙගුලාසි සාමකාමී මහජනතාවගේ ජනත ජීවිතයට අවම බාධාවක් වන ආකාරයෙන් හා සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන පරිද්දෙන් සද්භාවයෙන් ක්‍රියාත්ම කිරීම, මේ යටතේ සාපරාධී ක්‍රියා සිදුකරන තැනැත්තන්ට එරෙහිව ඔවුන්ගේ තත්ත්වය හෝ තරාතිරම, ජාතිය හෝ ආගම, දේශපාලන පක්ෂපාතීත්වය කෙරහි අවධානයක් යොමු නොකර විෂයානුබද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ආදී වශයෙන් නියෝග මාලාවක් තිබෙනවා. ‘ යැයි ද රුවන් ගුණසේකර මහතා කීවේය.
පවතින තත්ත්වය රජය විසින් විටින් විට නිරීක්ෂණය කරන බව ද, තත්ත්වය සමනය වී මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත වූ සැනින් හදිසි අවස්ථාව ඉවත් කිරීමට අපේකෂා කරන බවත්, මේ වන විට අපේකෂාව දින හතක කාලයකට ප්‍රකාශයට පත් කිරීම බව ද , හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආරක්ෂක අංශ ප්‍රධානීන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
යම් ස්ථානයක සාපරාධි ක්‍රියාවන් සිදුවන්නේ නම් හෝ සිදු කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු දන්නා සියලු දෙනාම මෙම රෙගුලාසි අනුව එම තොරතුරු ප්‍රමාධයකින් තොරව ළඟම පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට දැන්වීමට නීතිමය වගකීමක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කළේය.
මෙම සිදුවීම් මාලාවේදී පොලිසිය රාජකාරි පැහැරහැරියේයැයි එල්ලවෙන චෝදනා ගැන මාධ්‍යවේදියෙකු විමසූ අතර ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා කීවේ එවැන්නක් තහවුරු වන්නේ නම් ඊට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බවයි. ඇඳිරිනීතිය තිබියදීත් ඊයේ රාත්‍රී කඩ කිහිපයකට පහරදීම සම්බන්ධයෙන් විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ සුළු සිද්ධි කිහිපයක් වාර්තා වූ නමුත් ඇඳිරිනීතිය නිසා දරුණු තත්ත්වයන් ඇති නොවී පාලනය කර ගත හැකිවූ බවයි.
ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගැටුම් ඇති කර ගැනීම සියලු ජාතීන්ගේ විනාශයට හේතු විය හැකි බවත් මේ මොහොතේ සැවොම ඒ බව සිහියේ තබා ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය අනුනායක හිමිවරු පැවැසූහ.
වසර 30 ක යුද්ධයකට මැදිව කටයුතු කළ අපි දැන් ඉන් නිදහස්ව සාමයෙන් සමඟියෙන් ඉන්නවා. දැන් එය ආරක්ෂා කර ගැනීම පිණිස සහයෝගයෙන් ක්‍රියා කිරීමට සෑම ජාතියකටම වගකීමක් බවද අනුනාහිමියෝ පැවසූහ. දැන් ඇතිවි තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ගනිමින් ඉදිරියට සාමකාමී ලෙස අප ජීවත් වන්නේ කෙසේද කියල සාර්ව ආගමික නායකයින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බවත් නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ මෙසේ කීහ.
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානු යන සියලු ජාතීන් මෙරට තුළ සාමයෙන් හා සමඟියෙන් ජීවත් විය. එය මතුවටත් ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි සියලු ආගමිකයින් කල්පනා කර බැලිය යුතුයි.
බෞද්ධයින් ලෙස අප දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන උතුම් කරුණු අනුගමනය කරන පිරිසක්. ඒවා සංහිඳියාව සඳහා නියම මඟ පෙන්වීමක්. ඒත් ජාතිය පදනම් කර ගනිමින් සිදු වන්නේ නම් එය අප සියලු දෙනාගේ විනාශයට හේතුවනු ඇතැයිද පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ සඳහන් කළහ.

වීඩියෝව සඳහා පහළට යන්න
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අසළ මේ වනවිට උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා.
ඒ ක්‍රීඩාංගණයට අසලට රැස්වූ තව්හීද් ජමාත් සංවිධානය විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙන්.
තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ගැටුමට විරෝධය පා එම සංවිධානය මෙලෙසට විරෝධතාවයේ යෙදෙන බව ඔවුන් පවසනවා.
මෙම නිසාම මේ වන විට ක්‍රීඩාංගණයට ආරක්ෂාවක් සපයා තිබෙන අතර ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටත ආරක්ෂාව තර කර තිබෙනවා.
ක්‍රීඩාංගණයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ ද කැඳවා ඇති අතර වීඩියෝව පහතින්.

වෛරයෙන් වෛරය නොසංසිදේ – සංහිදියාව සුරකින්න යැයි ජනපති මෛත්‍රී මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින් ප්‍රකාශ කල අතර රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වන් හේතුකොට ගෙන රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන බවද එතුමා විසින් මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කර තිබේ.
සමාජයේ ඇතිව තිබෙන අපරාධකාරී කොටස් පාලනය කිරීමට හා මතුව තිබෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පොලීසියට හා ආරක්ෂක අංශයන්ට බරතල පවරා දී ඇත.
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම හදිසි අවස්ථාව ප්රකාශයට පත් කිරීම සඳහා හේතු කොටගත් කරුණු කිහිපයක් ද දක්වා ඇත.