Blog

  • ගිනිදැල් ඇවිළුනු තෙල්දෙනියෙන් තවත් මනුෂ්‍ය ඝාතනයක්.. ඇත්ත කතාව මෙන්න..

    ගිනිදැල් ඇවිළුනු තෙල්දෙනියෙන් තවත් මනුෂ්‍ය ඝාතනයක්.. ඇත්ත කතාව මෙන්න..

    දිගනදී ඊයේ (05දා) දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමට අදාළව ගිනි ගත් නිවසක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවැරිදි අබ්දුල් බාසිත් නම් තරුණයෙකි. මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුවෙයි.

    සබැදි පුවත්….

    http://supirigossip.com/archives/15821

    http://supirigossip.com/archives/15818

    http://supirigossip.com/archives/15805

    http://supirigossip.com/archives/15795

    http://supirigossip.com/archives/15773

  • තෙල්දෙණියේ ගින්නෙන් කොළඹත් රත්වෙයි! මුස්ලිම් ජනතාව මහ රෑ මහපාරට ඇවිත් ඉල්ලපු දේ මෙන්න…

    තෙල්දෙණියේ ගින්නෙන් කොළඹත් රත්වෙයි! මුස්ලිම් ජනතාව මහ රෑ මහපාරට ඇවිත් ඉල්ලපු දේ මෙන්න…

    තමන්ගේ ජාතියට අයත් පිරිස් වෙනුවෙන් සාමය ආරක්ෂා කර දෙන ලෙසත් මහනුවරදී විශාල පිරිසක් පැමිණ නැවත කරදරයක් කරන්නට ආවොත් කරකියාගන්නට දෙයක් නැතිව අසරණ තත්වයට පත්වන බවත් දක්වමින් ඊයේ මහනුවරට ඇදිරි නීතිය දැමූ අවස්ථාවේ කොළඹ කොල්ලුපිටියේ මුස්ලිම් පල්ලිය ඉදිරිපිටට රැස්වූ මුස්ලිම් ප්‍රජාව අරලිය ගහ මන්දිරය දෙසට ගමන් කරමින් රජයට සිය ඉල්ලීම් ඉදිරිපත් කර සිටියා.

    මේ අතර මෙම උද්ඝෝෂණයෙන් පසුව මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිය හා සාමය ඇමති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග හදිසි සාකච්ඡාවක් ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී සිදු කර ඇති බවට වාර්තා පළවේ.

    මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

    පල්ලිය ඉදිරිපිටදී සිදු කළ විරෝධතාවයේ වීඩියෝව පහතින් 

    https://youtu.be/A8ZGKhNNfrk

  • තෙල්දෙනිය ජාතිවාදි ගිනි ඇවිළු ජනපති සිහිනය දකින කොන්ත්‍රාත්කරුවන්ගේ රෙජිමෙන්තුව මෙන්න..!

    තෙල්දෙනිය ජාතිවාදි ගිනි ඇවිළු ජනපති සිහිනය දකින කොන්ත්‍රාත්කරුවන්ගේ රෙජිමෙන්තුව මෙන්න..!

    පසුගිය 2015 ජනාධිපතිවරණයේදි රාජපක්ෂ රෙජිමේන්තුව දිනවිම සදහා ගෝඨාභය යටතේ රටේ ජනතවගේ ඡන්ද කොල්ල කැමේ මෙහෙයුමක් දියත් කර තිබු අතර එම මෙහෙයුමේ ජංගම ජාලය බාර නිලධාරී කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙස මේජර් චින්තක පෙරේරා කටයුතු කර තිබේ.

    රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස 2020 ජනාධිපති විමෙ සිහිනයේන් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදි හමුදා කල්ලියේ දෙදෙනෙකු මෙහෙයුම්කරුවන් ලෙස ක්‍රියාත්මක වන බව බුද්ධී අංශ අනාවරණය කර තිබේ.

    අම්පාර කාසිම් හෝටලයේ. “වද පෙති” සමග ආහාර ලබා දෙන බව පවසමින් අම්පාර ප්‍රදේශයේ ඇතිවු ජාතිවාදී සිදුවිම සම්බන්ධයෙන් සිදුකරන ලද පරික්ෂණ වලින් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති කරුණුවලට අනුව ගෝඨාගේ ජාතීවාදී කදවුරේ ගෝඨාගේ සමිපතම දෙදෙනෙකු වන රක්නා ලංකා හී අධ්‍යක්ෂක ධුරයක් ඉසිලු මේජර් චින්තක පෙරේරා සහ දැනට තෙල් සංස්ථාවේ සේවය කරන විශ්‍රාමික මේජර් ජනරාල් සොයිසා මේ පිටුපස සිටින බව අනාවරණය වි ඇත.

    ඔහුන් දෙදෙනා දැනට රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන ජාතිවාදී කණ්ඩායම් නියෝජනය කරන පුද්ගලයන් සමග මේ දෙදෙනම දුරකතන ඔස්සේ සමීප සබඳතාවයන් පවත්වා ඇති බව මේ වනවිට අනාවරණය වි ඇති අතර අම්පාර සිද්ධියට සම්බන්ධව කලබලකාරි තත්ක් ඇතිකිරිම සදහා හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබළෙකු යොදවාගෙන ඇති බවද මේ වනවිට තහවුරු වි තිබේ.

    මේ අතර කිසිදු පදනමක් නොමැතිව පසුගිය (පෙබරවාරි)22 වැනිදා මාර්ගයේ සිදුවු සිද්ධියක් පදනම් කරගමිනින් දෙපාර්ශ්වයක් අතර ඇතිවු ගැටුමක් නීතියද ක්‍රියාත්මක වෙමින් තිබියදි ගෝඨාගේ ජාතීවාදී කදවුරේ මේජර් ජනරාල් සොයිසා සහ මේජර් චින්තක ගේ මෙහෙය විම යටතේ “මහසොන්” බලකාය නමින් පෙනී සිටිමින් විදේශගත ගෘහ සේවිකාවන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචා කරමින් සිටින වෘත්තීයෙන් පෙදරේරුවකු වන අමිත් විරසිංහ නැමතී ජාතිවාදීය යොදවා ගනිමින් ගැටුම් ඇති කර ඇති බව ඒ සදහා සaජුවම මේජර් චින්තක පෙරේරා මැදිහත් වි ඇති බවත් දැනට තහවුරු වි තිබේ.

    සංවිධානාත්මක පිරිසක් ඊයේ (4) රාත‍්‍රී 9.30ට පමණ තෙල්දෙණිය මොරගහමුල හන්දියේ වෙළෙඳසල් කීපයකට පහර දී එවාට ගිනි තබා තිබූ බැවින් අතිරේක පොලිස් කණ්ඩායම් එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැර වෙළෙඳසල්වලට පහර දුන් පුද්ගලයන් 24 දෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර එම 24 දෙනා අතර “මහසොන්” බලකාය නමින් පෙනී සිටින කණ්ඩායමේ 12 දෙනෙකු සිට ඇති අතර ඔහුන් පොලිසියට තර්ජනය කරමින් හමුදා ප්‍රධානින් කිහිප දෙනෙකුගේම නම් සදහන් කර තිබේ.

    පසුව පොලිසිය ඔහු පොලිස් මුලස්ථානයට රැගෙන ගොස් ඔහුන්ගේ ජංගම දුරකතන පරික්ෂා කිරිමේදි මේ පුද්ගලයන් සහ මහසොන්” බලකාය නමින් පෙනී සිටින කණ්ඩායම් අතර සමීප සබඳතාවයන් අනාවරණය කරගෙන් තිබේ.

    පසුව මේ වනවිට කරන ලද පරික්ෂණ වලදි අම්පාර සිද්ධිය සම්බන්ධයෙන් සහ තෙල්දෙණිය සිදුවිම සම්බන්ධයෙන් රහස් පොලිසිය,බුද්ධි අංශ සහ හමුදා බුද්ධි අංශ එක්ව පුලුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.

    කවුද මේ මේජර් චින්තක පෙරේරා සහ මේජර් ජනරාල් සොයිසා

    පසුගිය 2015 ජනාධිපතිවරණයේදි රාජපක්ෂ රෙජිමේන්තුව දිනවිම සදහා ගෝඨාභය යටතේ රටේ ජනතවගේ ඡන්ද කොල්ල කැමේ මෙහෙයුමක් දියත් ර තිබු අතර එම මෙහෙයුමේ ජංගම ජාලය බාර නිලධාරී කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙස මේජර් චින්තක පෙරේරා කටයුතු කර තිබේ.

    විපක්ෂයට එල්ල කරන ප්‍රහාර ආදී සියළු මැර ක්‍රියා සදහා මෙම කණ්ඩායම් යොදවාගත් අතර ඒ සඳහා ඩිෆෙන්ඩර් ආදී පහසුකම්ද සපයා තිබුනා.

    රාජපක්ෂ රෙජීමයට පක්ෂපාතී පුද්ගලයන්, ඥාතීන් සුදුසුකම් රහිතව තනතුරුවලට පත්කළ අතර වැරදි කළ පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්කොට තමන්ට අවශ්‍ය ආකාරයට ඔවුන් හැසිරවීමට හා නොයෙක් දූෂණ, වංචාවලට හා නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම ගෝඨාභය රාජපක්ෂගේ පිළිවෙත වු අතර එහිදි ගෝත්‍රික රාජපක්ෂලාගේ යටතේ විශ්‍රාමික මේජර් ජනරාල් සොයිසා කටයුතු කල අයෙකි.

  • සැත්කමේ මුදල් ගෙවාගන්න බැරුව ඉන්දියාවේ හිරවෙලා ඉන්න පුංචි සිංහල කෙල්ලට හයියක් වෙමු..

    සැත්කමේ මුදල් ගෙවාගන්න බැරුව ඉන්දියාවේ හිරවෙලා ඉන්න පුංචි සිංහල කෙල්ලට හයියක් වෙමු..

    රෝහල් ගාස්තුව ගෙවා ගැනීමට නොහැකිව පිටරටක තනිවුණ පුංචි පවුලක් ගැන සංවේදී කතාවක් අපට අසන්නට ලැබුණි.

    ඔවුන් අපෙන් ඉල්ලා සිටියේ ඒ කතාව රටට කියන ලෙසයි.

    සනුකි සෙහෙත්මා බණ්ඩාර නම් 7 හැවිරිදි ඒ පුංචි දියණිය මාස 4 ක් තිස්සේ මව්රට දකින්නට පෙරුම් පුරමින් සිටි.

    ඇය මේ වන විට සිටින්නේ, ඉන්දියාවේ නාරායන් හෙල්ත් රෝහලේ තැලිසීමියා ප්‍රතිකාර ඒකකයේ ය.

    මහනුවර දිස්ත්‍රික්කයේ අංකුඹුර එගොඩවත්තේ පදිංචි සිසිර ප්‍රදීප් වීරසිංහ දියණියගේ පියා ය.

    ඔහු වෘත්තියෙන් පොලිස් කොස්තාපල්වරයෙකි.

    සිසිරගේ සහ දිලානි මල්ලිකා කුමාරිගේ එක ම සම්පත වූයේ පුංචි සනුකි යි.

    ඇයට මාස 3 සපිරෙන විටම තැලිසීමියා රෝග ලක්ෂණ ඇති වූ බව මව්පියන් අප වෙත පැවසුවේ ය.

    වෛද්‍ය පරීක්ෂණ ගණනාවකින් පසු ඇය තැලිසීමියා ආසාධිතයෙකු බව තහවුරු වූ අතර එතැන් පටන් මව්පියන් වැඩිපුර කාලයගත කළේ රෝහල්වලයි.

    පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් සහ මහනුවර මහරෝහලේ රුධිර පාරවිලයන ඒකකවලින් සනුකිට අවශ්‍ය රුධිරය ලබා ගැනීම මාසයකට වරක් කළ යුතු විණි.

    අවුරුදු 6 සපිරෙන විට අංකුඹුර ප්‍රාථමික පාසලට ඇතුළත්ව සම වයසේ දරුවන් මෙන් අධ්‍යාපනය හැදෑරුවත් ඇය වරින් වර රෝගී වූයේ මව්පියන් අසරණ කරවමිනි.

    වෛද්‍යවරුන් නිර්දේශ කළේ, ඉතා ඉක්මණින් ඇටමිදුළු බද්ධ කළ යුතු බවයි.

    ඉන්දියාවේ නාරයන් හෙල්ත් රෝහල, සනුකිගේ රුධිරයට ගැලපෙන ඇටමිදුළු මුලින් ම සොයා ගත්තේ ය.

    එහෙත් ඒ සඳහා අවශ්‍ය වූ මුදල රුපියල් ලක්ෂ 65 කි.

    විවිධ අරමුදල් හා ධානපතීන්ගේ උපකාරයෙන් එම මුදල සොයාගත් මව්පියන් ඇය සමග ඉන්දියාවට ගියේ පසුගිය ඔක්තොම්බර් 19 වන දාය.

    ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් 08 වන දා සිදු කළ සැත්කම සාර්ථක විය.

    නමුත් දියණියගේ පියා පැවසූවේ, සැත්කම වේලාවේදී ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් වැඩිපුර ප්‍රතිකාර ඇයට කරන්න සිදුවීමෙන් මසකට වැඩි කාලයක් රෝහලේ නතරවී සිටිමට සිදු වූ බවයි.

    එහිදී ලක්ෂ 65 ට අමතරව තව ත් ලක්ෂ 57 ක් ගෙවීමට ඔවුන්ට සිදු විය.

    මේ හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පුංචි දියණියට තවමත් නිවසට එන්නට හැකි වුයේ නැත.

    ගෙදර යාම, පුංචි සනුකි දිවා රෑ දකින සිහිනයකි.

    රැකියාවෙන් පමණක් දරු පවුල රකින සනුකිගේ පියාට ද අමතර රුපියල් ලක්ෂ 57 රෝහල් ගාස්තුව යනු මහමෙරකටත් වැඩි බරකි.

    දැරියගේ පියා අවසානයේ සියලු දෙනා ඉල්ලා සිටියේ, තම පුංචි දියණියට මව් රටට පැමිණිමට පුළුවන් කෙනෙක් සිටි නම් උදව් උපකාර කරන ලෙසයි.

  • වඳ පෙති සිදුවීම එක්කම කරලියට ආපු බාල වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ජාවාරමේ ඇත්ත මෙන්න..

    වඳ පෙති සිදුවීම එක්කම කරලියට ආපු බාල වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ජාවාරමේ ඇත්ත මෙන්න..

    මේ වන විට ලාංකීය සමාජය තුළ ඇති වී තිබෙන්නේ මහත් කලබගෑනියකි.
    ඒ මුස්ලිම් කඩ වල සිංහලයන් වඳ කිරීම වෙනුවෙන් වඳ පෙති දමා කෑම දෙන බව විශ්වාස කරන පිරිසක් විසින් කරගෙන යනු ලබන මහා කලබගෑනියක් නිසාය.
    මේ වන විට ලංකාවේ නොව ලෝකයේ කිසිම තැනක මිනිසුන් වඳ භාවයට පත් කිරීමට සමත් ඖෂධයක් සොයාගෙන නොමැති වුවත් එවැන්නක් තිබේ යයි කියන අමනයන් පිරිසක් මේ කලබගෑනිය ඇති කරමින් සිටිති.

    දේශපාලකයන් තම පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය උත්සන්න කිරීමට වරින් වර එක එක ‘ඉවෙන්ට්’ සොයා ගන්නා අතර මේ වඳ පෙති ඉවෙන්ට් එකද එවැනිම උපක්‍රමයකි.

    ඒ ගැන දැන් සමාජයේ විවිධ මත නිර්මාණය වෙමින් තිබේ.

    එහෙත් මේ කියන්නට යන්නේ ජනතාවට වඳ පෙති භීතිකාව පෙන්වමින් ලෝකයේ කොහේවත් නැති සෞඛ්‍ය ආරක්ෂාවක් ගැන ජනතා අවධානය යොමු කරවන දේශපාලකයන්ම තමන්ගේ මඩිය තර කර ගැනීමට ඇත්තටම ජනතාවගේ සෞඛ්‍යය අවදානමට හෙළන මහා ජාවාරමක් පිළිබඳවය.

    කෙටියෙන්ම කියනවානම් ලංකාවේ සෞඛ්‍ය සේවය ජාවාරමක් කරගෙන සිටින දේශපාලකයන්, වෛද්‍යවරුන් සහ මුදලාලිලා පිරිසක් විසින් තම ජාවාරම් වෙනුවෙන් ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය අනතුරට හෙළා ඇති ආකාරය පිළිබඳවය.

    ලංකාවේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේ රටේ දුගී දුප්පත් ජනතාව කඳුළු දහදිය හෙළා උපයන මුදලින් අය කරන බදු මුදල් වලිනි.

    රෝහලේ සනීපාරක්ෂක කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා සියල්ලන් වෙනුවෙන් වියදම් කරන්නේත්, රෝහල් නඩත්තු, ඖෂධ, වෛද්‍ය උපකරණ ඇතුළු සියල්ලක්ම වෙනුවෙන් වියදම් කරන්නේ මේ ජනතා මුදල්ය.

    නමුත් අද රටේ පවතින ජාවාරම්කාරී ඖෂධ සමාගම් ඉතා අසාධාරණ ලෙස එම මුදල් යටිමඩි ගසා ගන්නේ ඉහළ සිට පහළට වගකිවයුත්තන් සියල්ලන්ගේම ආශිර්වාදය මධ්‍යයේය.

    මේ ජාවාරම්කරුවන් විසින් සිදු කරන එක් ප්‍රධාන ජාවාරමක් වන්නේ වෛද්‍ය රසායනාගාර උපකරණ ගෙන්වීමයි. ඒ හරහා ජාවාරම සිදු කරන්නේ මෙසේය.

    ඇමෙරිකා එක්සත් ජනපදයෙහි කාර්මික හා විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට හා විනාශ කිරීමට විවිධ ආයතන වලට පවරා ඇත. ඒවා අතරිනුත් වෛද්‍ය රසායනාගාර හා ශල්‍ය උපකරණ විනාශ කරන විශේෂයෙන්ම වෙන් වූ ආයතන තිබේ.

    ඔවුන්ට විශේෂ අවසරපත් ද ලබා දී ඇත්තේ මෙම උපකරණ පරිසරයට විෂ පමණක් නොව විවිධ රෝගාබාධයන් ප්‍රචාරණය කිරීමට රුකුල් දෙන බැවිනි.

    මෙයින් එක් සමාගමක් ලෝකයේ ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික් වෛද්‍ය උපාංග නිෂ්පාදන ආයතන විසින් නිෂ්පාදනය කර ඇමෙරිකාවේ රෝහල් වලින් ඉවත් කළ උපකරණ නැවත සකස් කොට තුන්වන ලෝකයේ රටවලට විකුණා ලාබ ලබයි.

    ඔවුන් අපෙන් අයථා ලෙස උපයා ගන්නවාට අමතරව ඔවුන්ගේ ලෙඩ රෝග අපට නොමිලේම ලබා දෙයි. ඒ අනුව මේ මගින් එබෝලා වැනි රෝගාබාධ අප රටට පහසුවෙන් පැමිණිය හැකිය.

    මෙම උපකරණයන් නැවත සකස් කළ (Republish) උපකරණ ලෙසට මුල් ලියාපදිංචි සමාගම් නාමයන්ට මුවා වී පැමිණේ. මෙරට සමාගම් මේවා රජයේ හා පුද්ගලික රෝහල්වලට විකුණයි.

    ටෙන්ඩර් හරහාත් නිල හා නොනිල ගනුදෙනු හරහාත් මෙය සිදුකරයි.

    අන්තර්ජාලය තුළ http//www.diamonddiagnostics.com/English/index.htm මගින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගත හැකිය. මෙය සාපාරාදී අපරාධයකි.

    මෙම ජාවාරම සිදුකරන සමාගම කොළඹ කොටුවේ පිහිටා ඇත. එම සමාගම බෙහෙත් ගෙන්වීමත් මේ සමඟ සිදුකරයි. ඒ සමාගම් පිළිබඳව සියලු තොරතුරු අප සතුව පවතියි.

    මේ මගින් ලෝකයේ ව්‍යාප්තව පවතින භයානක ලෙඩරෝග ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් පවතියි. මෙම කල් ඉකුත් වූ මැෂින් වල මූලික උපාංග ඉවත් නොකරයි.

    එහි පවතින සිරින්ජ, පරණ රසායන අසුරුම්, රුධිර සාම්පල ඇසුරුම් අලුත්වැඩියා නොකර ගෙන්වීම සිදු කරයි. එක්තරා පෞද්ගලික රෝහලකදී මෙය අනාවරණය විය.

    එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට සිදු කරන ලද්දේ එය ඉවත්කර වෙනත් රසායනාගරයක ස්ථාපිත කිරීමයි.

    විශේෂයෙන්ම එබෝලා රෝගීන් සම්බන්ධ පරීක්ෂණ එම රටවල් වලදී මෙම උපකරණ වලින් සිදු කරයි. මේවා අපේ රටට පැමිණෙන්නේ හොර රහසේ ලියකියවිලි වෙනස් කොට හා අදාළ නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙන්ය.

    එයට අමතරව වෛද්‍ය උපකරණ රෝහලකට ගෙන්වීමට තීරණය කරන කමිටු වල නිලධාරීන්ද මේවාට වගකිව යුතුය. ඉතා මෑතකදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අවශ්‍යව තිබූ හෝමෝන රෝග නිමානය කරන උපකරණයක් සඳහා ටෙන්ඩර් කැඳවිණි.

    එහිදි රටේ නමගිය විවිධ සමාගම් ටෙන්ඩර් පත්‍රිකා සම්පූර්ණ කර ඉදිරිපත් කළහ. මෙහිදී ජයවර්ධනපුර රෝහලේ

    ඉහළ පෙළේ වෛද්‍යවරියක් විසින් තමන්ට දොලපිදෙනි ලබා දුන් ආයතනයට අදාළ වන පරිදි ටෙන්ඩර් පෙරසැකසුම් වාර්තාව සැකසීය.

    මෙහිදී ඇයට විදේශීය සංචාර හා වෙනත් වරදාන ප්‍රදානය කරන ලදී. 2014 මැයි මාසයේදී ගල්කිස්ස හෝටලයකදී මැය ඇතුළු පවුලේ සාමාජිකයන් උදෙසා සාදයක් පවත්වන ලදී.

    මෙම උපකරණය ඉක්මනින්ම අකර්මණ්‍ය වූ අතර එය නැවත සකස් කිරීමට ගිය ඉංජිනේරුවන් මෙහිදී අයථා ක්‍රියා සිදු වී ඇති බව පෙනී ගිය නිසා ඒ පිළිබඳ දැනුම්වත් කිරීමේදී මෙම වෛද්‍යවරිය එම ඉංජිනේරුවන්ට දිගින් දිගටම බාධා කිරීම් සිදු කර තිබේ.

    මෙය එක් සිදුවීමක් පමණි. එවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ලංකාවේ විවිධ ප්‍රදේශ වල රෝහල් වලින් වාර්තා වෙමින් තිබේ.

    අනුරාධපුර රෝහලට 2012-13 වර්ෂවලදී ගෙන්වන ලද Bio Chemistry Analyzer උපකරණය එයින් එකකි. එහි එවකට සිටි ගණකාධිකාරීවරයාට හා තවත් නම හෙළිනොවූ අයවලුන් කීප දෙනෙකුට මුදල්, විදේශ සංචාර හා මත්පැන් සාජ්ජ පවත්වා මෙම උපකරණ රෝහලට ලබාදී තිබේ.

    කුරුණෑගල රෝහලටද මේ අයුරින් උපකරණයක් විකුණා ඇත. මෙසේ රෝහල් වලට මිලදී ගත් උපකරණ වල සීරියල් අංක පවා අප සතුව තිබේ.

    මෙසේ ගෙන් වූ අනුරාධපුර රෝහලේ උපකරණයේ පළමු ප්‍රතිස්ථාපනය දිනයේදීම අක්‍රීය විය.

    පසුව ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය මත එය ප්‍රතිස්ථාපනය කළත් එය අලුත් උපකරණයක් නොවේ.

    නමුත් ඔවුන් ටෙන්ඩරයට ඇතුළු කරන දත්තවල සටහන් කරන්නේ මෙම උපකරණය අලූත් එකක් බවයි. එහිදී ඔවුන් හුවමාරු කරගත් චෙක්පත් සහ ලිපි අප සතුව පවතී.

    අනුරාධපුර රෝහලට මෙම උපකරණය ලබා දීමේදී එවකට එයට මැදිහත් වූ වෛද්‍යවරියට ඉතා ඉහළ පගාවක් ලබා දී ඇති අතර ඉන්පසු ඇය කුරුණෑගල රෝහලට ගියවිට තවත් එවැනි උපකරණයක් කුරුණෑගල රෝහලට ද මිල දී ගන්නා ලදී.

    ඉන් පසු ඇය කළුතර රෝහලට මාරු වී ගිය අතර නැවත කළුතර රෝහලටත් එවැන්නක් මිලදී ගන්නා ලද අතර ඇය මාරු වී යන සෑම රෝහලකම මේ අයුරින් මැෂින් ඉතා පහසුවෙන් ස්ථානගත වෙයි.

    මේ අයුරින් පෞද්ගලික රෝහල් කිහිපයකටද මෙවැනි වෛද්‍ය උපකරණ විකුණා ඇත. හේමාස් රෝහල, ඩෙල්මන් රෝහල, මීගමුව හේමාස් රසානාගාරය, කළුතර පිලිප්ස් රෝහල, බණ්ඩාරවෙල හියුස් රසායනාගාරය ඒ අතරින් කිහිපයකි.

    මෙම රසායනාගාර උපකරණ ලංකාවට ගෙන්වන්නේ ලියා පදිංචි වී ඇති සමාගම් වලින් පමණි. වෙනත් බාහිර අයට මේවා ගෙන්වීමට හැකියාවක් නැත. මෙවැනි වෛද්‍ය උපකරණ වල වටිනාකම රුපියල් කෝටි ගණනකි.

    මේවා ගෙන්වීම සඳහා දැනටමත් ලංකාවේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන පනත මගින් ප්‍රතිපාදන ඇතත් මෙම සමාගම් ඉහත කී උපකරණ ගෙන්වනු ලබන්නේ එම නීතිරීති සියල්ල උල්ලංඝනය කරමිනි.

    ලෝකයේ කොතැනක හෝ භාවිතා කළ වෛද්‍ය රසායනාගර උපකරණ ලංකාවට ගෙන්වීම එම පනතට අනුව සපුරා තහනම්ය. එහෙත් සියලු ලියකියවිලි වෙනස් කර ඔවුන් විසින් සාදන නිෂ්පාදන සහතික ඉදිරිපත් කරනු ලබන අතර ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී ගෙන්වන ලද කිසිවක් වෙනත් රටක භාවිතා කරන ලද ඒවා යයි සඳහන් නොවේ.

    වඳ පෙති පෙන්වා ජනතාව මුළා කරමින් තම පැවැත්ම සකසා ගන්නා පාලකයන්ගේ දේශපාලනයට කඩේ යනවා වෙනුවට ඇත්තටම ජන ජීවිතය අනතුරේ හෙළන මෙවැනි ක්‍රියාවන් පිළිබඳව අවධානය යොමු කිරීම සහ ඊට එරෙහි වීම මෙරට බුද්ධිමත් ජනතාවගේ වගකීමකි.

    උපුටා ගැනීම ලංකා ලීක්ස් වෙබ් අඩවියෙනි…

  • රටම උණුසුම් වූ මොහොතක අද පාර්ලිමේන්තුවේදී පුටු මාරුවක්… ඇත්ත කතාව මෙන්න…

    රටම උණුසුම් වූ මොහොතක අද පාර්ලිමේන්තුවේදී පුටු මාරුවක්… ඇත්ත කතාව මෙන්න…

    කැබිනට් සංශෝධනයෙන් පසු පළමු වරට අද (06) දිනයේ පාර්ලිමේන්තුව රැස්වනවා. කැබිනට් සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සිදුවූ ආසන මාරුවද අද දැකගත හැකි වනු ඇති.

    ඒ අනුව, 55 වන ආසනයේ සිටි රවීන්ද්‍ර සමරවීර අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම හේතුවෙන් අද 49වන ආසනයට පැමිණෙනවා.

    නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී 83වන ආසනයේ සිටි අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම හේතුවෙන් 72වන ආසනයට පැමිණෙනු ඇති. 

    නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී 82 වන ආසනයේ සිටි හර්ෂද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම හේතුවෙන් අද 71 වන ආසනයට පැමිණීමට නියමිතයි.

    පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුව සිටියදී 99 වන ආසනයේ සිටි ජේ. සී. අලවතුවල ද අද දිනයේදී  93 ආසනයේ අසුන්ගනු ඇති. 

    මේ අතර, අමාත්‍යවරුන්ගේ ආසන වෙසන් වීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට 49 වැනි ආසනයේ සිට 50 වන ආසනය දක්වා යාමට සිදුව තිබෙනවා.

  • තෙල්දෙණිය උණුසුම් කළ මනුෂ්‍ය ඝාතනයේ ඇත්ත හේතුව මුල සිට අගට මෙන්න…(Photo/Video)

    තෙල්දෙණිය උණුසුම් කළ මනුෂ්‍ය ඝාතනයේ ඇත්ත හේතුව මුල සිට අගට මෙන්න…(Photo/Video)

    රටම කතාවෙන දේශපාලන අරගලයකින් ආරම්භ වූ තෙල්දෙණිය සිදුවීමට මේ වනවිට විවිධ අන්දමේ අර්ථ කතන ලැබෙමින් තිබෙන මොහොතක එම සිදුවීම පිලිබදව හැමෝම සගවන ඇත්ත කතාව  අපට වාර්තා වන ආකාරයට මෙසේය…..

    මෙම සිදුවීමට පදනම් වී ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් සහ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අතර සිදුවු ගුටි බැට හුවමාරුවක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..  නමුත් ජාතිවාදී මුහුණුවර මතුකිරීම සදහා එය යටපත් කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් ඇත.

     

    පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරන කාල සමය තුල සිදුවු සිදුවීමක අළු යට තිබු ගිණි පුපුරු යලි මතුවීමක් ලෙස මෙම සිදුවීම හැදින්විය හැක.

    මෙහිදි මැතිවරණයට පෙර පොහොට්ටු පාක්ෂිකයන් පිරිසක් සමග තිබු ආරෝවක් යලි මතුවී වචන හුවමාරුව දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

    ගැටුම ආරම්භයේදී එම ස්ථානයේ සිටි පොහොට්ටු සාමාජිකයන් ගැටුම වර්ධනය වෙත්ම එම ස්ථානයෙන් පලා යත්ම තනිවු එක් තරුණයෙක්ට එජාප පාක්ෂිකයන් පිරිස පහර දී ඇත.

    මෙය කිසිසේත්ම ජාතිවාදි ගැටුමක් නොවුවද කල දුටුකල මලමිණි අතරින් හෝ බලය ලබාගැනීමට උත්සහ දරන ප්‍රදේශයේ සිටින පොහොට්ටු නායකයාගේ සහ 2020 ජනපති සිහිනය දකින අන්තවාදි දේශපාලන නායකයෙකුගේ අවශ්‍යතාවය මත මේ වනවිට එම සිදුවීමට ජාතිවාදි මුහුණුවරක් ලබාදීමට දේශපාලන වාසි ගැනීමට උත්සහ දරන බඩගෝස්තරවාදින් කිහිපපොලක් කටයුතු කර ඇත.  

    උද්ගතවු මෙම තත්ත්වයත් සමග පොහොට්ටු පිලේ අන්තවාදි සාමාජිකයන්  මහනුවර – මහියංගණ මාර්ගයේ, තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් ඇතුළු මුස්ලිම් ව්‍යාපාර කිහිපයකට ඊයේ රාත්‍රියේ ගිනි තබා තිබෙන අතර එහි විශේෂත්වය වන්නේ ඊට යාබදව පිහිටි පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කල මුස්ලිම් අපේක්ෂකයාගේ ව්‍යාපාරික ස්ථානයට සහ නිවසට කිසිදු හානියක් සිදුනොකිරීමට මොවුන් ක්‍රියාකර තිබීමය…

    මේ අතර මියගිය තරුණයාට පහර දුන් බව කියන පස් දෙනෙකු සහ ගැටුමේ මොලකරු ලෙස හැදින්වෙන පොහොට්ටු පක්ෂයේ ප්‍රදේශයේ සම්බන්ධිකාරකවරයෙකු මේ වන විට පොලිසියට බාරවී ඇති බවට ද වාර්තා පල වෙනවා.

    ඒ අතරම වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කර ඇත.

    කෙසේ වෙතත් ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

     

    අනතුරුව  ප‍්‍රදේශයේ ඇතිව තිබෙන කලබලකාරී තත්වයක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර අද පෙරවරු 06.00 වන තෙක් මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබිණි..

    මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනය පහත දැක්වේ.

     

     

    ‍ප්‍රදේශයේ මුස්ලිම් වෙළදසැල් වලට අලාභහානි සිදුකර ඇති අයුරු…

     

     

    මේ අතර නුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (06) දිනයේ වසා තැබිමට තීරණය විය…

    නගරයේ කඩ සාප්පු ගිනි තියන අවස්ථාවේ දර්ශන

    මහනුවර දිගන ප්‍රදේශයේ අද දින සිදු ව ඇති සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙන අතර ජනාධිපතිතුමා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී තිබෙන්නේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

    සාමය රැකෙන පරිදි කටයුතු කිරීම සියලූ දෙනාගෙන් වගකීමක් බව මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තෙල්දෙණිය ප‍්‍රදේශයේ හටගෙන තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබ (05) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    රට තුල ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සියළු පාර්ශ්වයන් බුද්ධියෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සඳහන් කළේ.

    විවිධ පාර්ශ්වයන්ගේ නොයෙකුත් මත පැවතියත් සන්සුන්ව කටයුතු කිරිමට වග බලාගත යුතු බව ද ඔහු කියා සිටියා.

    https://www.facebook.com/supirigossip1/videos/1611153778920222/

     

  • නීතිය හා සාමය ඇමති ෆොන්සේකා… මහින්දගේ ඩීල් නිසා මුලදි බෑ කියු රනිල් අවසානයේදි එකගවෙයි..

    නීතිය හා සාමය ඇමති ෆොන්සේකා… මහින්දගේ ඩීල් නිසා මුලදි බෑ කියු රනිල් අවසානයේදි එකගවෙයි..

    අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත යොමුකර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    එක්සත් ජාතික පක්‍ෂය විසින් මෙම නම යෝජනා කර ඇත්තේ එජාපය සහ ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුමට අනුවයි.එම ගිවිසුමට අනුව නීතිය හා සාමය අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට අයත් වෙයි.
     
    සරත් ෆොන්සේකා මහතාගේ නම යෝජනා කලද එම පත් කිරීම කෙරෙන්නේ ජනපතිගේ ජපාන සංචාරයෙන් පසුව බව දැනගන්නට ඇත. ලබන 12 වැනි දා ජපානයට යන ජනපති නැවත ශ්‍රී ලංකාවට එන්නේ 15වැනිදාය.
     
    පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ නීතිය හා සාමය අමාත්‍යංශයටය.

  • දේශපාලන ගැටුමක් නිසා සිදුවු ඝාතනයක් නිසා ජාතිවාදි ගිනිදැල් ඇවිළුනු තෙල්දෙනියේ අලුත්ම තත්වය මෙන්න…

    දේශපාලන ගැටුමක් නිසා සිදුවු ඝාතනයක් නිසා ජාතිවාදි ගිනිදැල් ඇවිළුනු තෙල්දෙනියේ අලුත්ම තත්වය මෙන්න…

    දිගන ප‍්‍රදේශයේ ඇතිව තිබෙන කලබලකාරී තත්වයක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

    තෙල්දෙනිය නගරයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදා ඇති අතර ගමනාගමනයද සීමා කර තිබේ.

    තෙල්දෙනිය නගරයේ ජනතාව විසුරුවා හැරීමටද පොලීසිය කදුලු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

    මෙම තත්වය නිසා මහනුවර-මහියංගනය මාර්ගයයේ වාහනධාවනයට දැඩි බාධා එල්ල වී ඇත.

    තෙල්දෙණිය නගරයේ දී පසුගිය 22 දා පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් මෙම ගැටුම්කාරී තත්වය මතුව ඇති අතර තෙල්දෙණිය ප‍්‍රදේශයට විශාල ජනකායන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

    ප‍්‍රදේශය තුල විරෝධතා පෙලපාලි පැවැත්වීම තහනම් කර ඇත.

    හෙට පෙරවරු 06.00 වන තෙක් මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

    මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනය පහත දැක්වේ.

     

    අපට වාර්තා වන ආකාරයට මෙම සිදුවීමට පාදක වු සිදුවීම මෙසේය…..

    මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව මේවන විට උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වන අතර එයට පදනම් වී ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් සහ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අතර සිදුවු ගුටි බැට හුවමාරුවක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..  

     

    පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරන කාල සමය තුල සිදුවු සිදුවීමක අළු යට තිබු ගිණි පුපුරු යලි මතුවීමක් ලෙස මෙම සිදුවීම හැදින්විය හැක.

    මෙහිදි මැතිවරණයට පෙර පොහොට්ටු පාක්ෂිකයන් පිරිසක් සමග තිබු ආරෝවක් යලි මතුවී වචන හුවමාරුව දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

    ගැටුම ආරම්භයේදී එම ස්ථානයේ සිටි පොහොට්ටු සාමාජිකයන් ගැටුම වර්ධනය වෙත්ම එම ස්ථානයෙන් පලා යත්ම තනිවු එක් තරුණයෙක්ට එජාප පාක්ෂිකයන් පිරිස පහර දී ඇත.

    මෙය කිසිසේත්ම ජාතිවාදි ගැටුමක් නොවුවද කල දුටුකල මලමිණි අතරින් හෝ බලය ලබාගැනීමට උත්සහ දරන ප්‍රදේශයේ සිටින පොහොට්ටු නායකයාගේ සහ 2020 ජනපති සිහිනය දකින අන්තවාදි දේශපාලන නායකයෙකුගේ අවශ්‍යතාවය මත මේ වනවිට එම සිදුවීමට ජාතිවාදි මුහුණුවරක් ලබාදීමට දේශපාලන වාසි ගැනීමට උත්සහ දරන බඩගෝස්තරවාදින් කිහිපපොලක් කටයුතු කර ඇත.  

    උද්ගතවු මෙම තත්ත්වයත් සමග පොහොට්ටු පිලේ අන්තවාදි සාමාජිකයන්  මහනුවර – මහියංගණ මාර්ගයේ, තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් ඇතුළු මුස්ලිම් ව්‍යාපාර කිහිපයකට ඊයේ රාත්‍රියේ ගිනි තබා තිබෙන අතර එහි විශේෂත්වය වන්නේ ඊට යාබදව පිහිටි පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කල මුස්ලිම් අපේක්ෂකයාගේ ව්‍යාපාරික ස්ථානයට සහ නිවසට කිසිදු හානියක් සිදුනොකිරීමට මොවුන් ක්‍රියාකර තිබීමය…

    මේ අතර මියගිය තරුණයාට පහර දුන් බව කියන පස් දෙනෙකු සහ ගැටුමේ මොලකරු ලෙස හැදින්වෙන පොහොට්ටු පක්ෂයේ ප්‍රදේශයේ සම්බන්ධිකාරකවරයෙකු මේ වන විට පොලිසියට බාරවී ඇති බවට ද වාර්තා පල වෙනවා.

    ඒ අතරම වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කර ඇත.

    කෙසේ වෙතත් ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    ප්‍රදේශයේ මුස්ලිම් වෙළදසැල් වලට අලාභහානි සිදුකර ඇති අයුරු…

    https://www.facebook.com/jabeer.raazimuhammadh/videos/10214574222804696/

    https://www.facebook.com/jabeer.raazimuhammadh/videos/10214574797419061/

    https://www.facebook.com/jabeer.raazimuhammadh/videos/10214574555293008/

     

    මේ අතර නුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට(06) දිනයේ වසා තැබෙන බව අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

    නගරයේ කඩ සාප්පු ගිනි තියන අවස්ථාවේ දර්ශන

    මහනුවර දිගන ප්‍රදේශයේ අද දින සිදු ව ඇති සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.

    ජනාධිපතිතුමා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී තිබෙන්නේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

    ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැලැක්වීම සඳහා ද සියලු පාර්ශවයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස්දී ඇති ජනාධිපතිතුමා ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

  • වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවරට හෙට උදේ 06වන තෙක් ඇදිරි නීතිය..

    වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවරට හෙට උදේ 06වන තෙක් ඇදිරි නීතිය..

    මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

    මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.

    කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේය.

    හෙට(06) පෙරවරු 6 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම කාලය තුළ නීති විරෝධීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි.

  • ශ්‍රිලනිපය මැතිවරණයෙන් පසු බැස්සේ ඇයි? වැරදුනේ කොතනද? මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..

    ශ්‍රිලනිපය මැතිවරණයෙන් පසු බැස්සේ ඇයි? වැරදුනේ කොතනද? මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..

     මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකළ හොරකම් වලට නිතිය ක්‍රියාත්මක නොකර ඔහුව හුදෙක් දැඩි විවේචන වලට ලක්කිරිම තුලින් මතුවු ජන අප්‍රසාදය ඉකුත් මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පරාජයට හේතුවක් වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර පවසනවා
    .

    ඔහු කියා සිටියේ පහසුවෙන් දඩුවම් ලබාදිය හැකි රාජපක්ෂ රෙජිමයේ දුෂණ වංචා වලට පවා දඩුවම් නොදි ඒවා යටපත් කිරිම මගින් පහසුවෙන් විසඳුම් ලබා දිය හැකිව තිබූ ගැටළුවලට පවා එජාපයේ බලපෑම මත ආණ්ඩුවට විසදුම් විසඳුම් ලබාදීමට නොහැකි වු වගයි…..

    එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “අපිට ජයග්‍රහණ බොහොමයක් අත්පත් කරගන්න බැරි වුණා. හොරු අල්ලන්නේ නැතිව අපි මහින්ද රාජපක්ෂට චෝදනා කර කර හිටියා. එජාපය ඩීල් හින්දා හොරු අල්ලන වැඩේදි කකුලෙන් ඇද්දා.  ඒ එක්කම එජාපයේ ඔළුවක් නැති නායකයෝ වේදිකාවල තප්පුලමින් කියපු මහින්දට ජම්පර් අන්දන කතා..ප්‍රජා අයිතිය අහෝසි කරන කතා.. එක්ක අපිට එන්න තිබුණු වාසිය නැතිවෙලා අපිට අවාසි වුණා මැතිවරණ ව්‍යාපාරයේදී.” යනුවෙනි.

    පළාත් පාලන ආයතනවල කටයුතු සිදු කරන ආකාරය දෙස එක්සත ජනතා නිදහස් සන්ධානය නිහඬව බලා සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේ වීරකැටිය ප‍්‍රදේශයේදී පැවැති උත්සවයකදීයි.

  • අගමැති ගැන ශ්‍රිලනිපයෙන් ඉදිරිපත් වු යෝජනා 03ක් ගැන ජනපති සුහදශීලි ස්ථාවරයක…

    අගමැති ගැන ශ්‍රිලනිපයෙන් ඉදිරිපත් වු යෝජනා 03ක් ගැන ජනපති සුහදශීලි ස්ථාවරයක…

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    ඒ, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවයි. එහිදී, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම ඉදිරිපත් කරන යෝජනා 3 සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මීට පෙර ප‍්‍රකාශ කළේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉවත් කළ යුතු බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ බහුතරයකගේ විශ්වාසය දිනා ගත හැකි අයෙකු අග‍්‍රාමාත්‍යධූරයට පත් කිරීම තවත් යෝජනාවක්. එසේ නොමැතිනම් බහුතරය පෙන්වා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමටයි යෝජනා කර ඇත්තේ. 

    එම යෝජනා කෙරෙහි නම්‍යශීලී ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට ජනාධිපතිවරයා එහිදී එකඟ වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

  • ජාතිවාදයෙන් රට ගිනිගත් මොහොතේ වාසිය ගන්නේ කොහොමද? රාජපක්ෂවරු විශේෂ සාකච්ඡාවක..

    ජාතිවාදයෙන් රට ගිනිගත් මොහොතේ වාසිය ගන්නේ කොහොමද? රාජපක්ෂවරු විශේෂ සාකච්ඡාවක..

    ජාතිවාදයෙන් රට ගිනිගත් මොහොතක රාජපක්ෂ පවුලේ සාමාජිකයින් තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.

    රටේ ජාතිවාදය අවුලුවා ජාතිවාදි ගැටළු නිර්මාණය කර වෛරි පසුබිමක් තුල ජාතිවාදි වාසිය ලබාගැනීමට  ගෝඨාභය 2020දි ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරිම සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාවේදී අවධානය යොමුව තිබූ බවයි දේශපාලන ආරංචි පවසන්නේ. ‍

    මෙහිදි ජාතිවාදය අවුලුවමින්  මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකිරිම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පැවරිමට තීරණය කර තිබෙනවා.

  • වඳ පෙති නිසා රට ගිනි ගනිද්දි මහින්දගේ ගෙදර මන්ත්‍රිලට සැරටම පාටි.. ආපු අය සහ හේතුව මෙන්න..

    වඳ පෙති නිසා රට ගිනි ගනිද්දි මහින්දගේ ගෙදර මන්ත්‍රිලට සැරටම පාටි.. ආපු අය සහ හේතුව මෙන්න..

    වඳ පෙති නිසා රට ගිනිගෙන තිබු මොහොතක පසුගිය දිනෙක ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ සාදයක් මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේදී පැවැත්වුනු බව අපට වාර්තා වේ..

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට පෙර වට දෙකකින් පළාත් පාලන නියෝජිතයන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.

     ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම පැමිණ සිටි එම සාදය ආරම්භ වූයේ සවස හයයි තිහට පමණය. සාදයේදී මේසයෙන් මේසයට ගිය මහින්ද ඔවුන් සමග සුහදව කතා කිරීමට අමතක කළේ නැත. 

    සාදය ආරම්භවී පැය තුනක් පමණ යන තෙක් මහින්ද මන්ත්‍රීවරු සමග ගත කළේය. රාත්‍රී නමයට පමණ වාදක මඩුල්ලක් විසින් සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුවේය. එහිදී මුලින්ම ගීත ගායනා කිරීමට පැමිණියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය. ගුණදාස කපුගේගේ දවසක් පැල නැති හේනේ ගීතයෙන් ආරම්භ කළ විමල් එක දිගට ගීත දහයක් පමණ ගැයුවේය. විමල් ගීත ගායනා කිරීම අවසන් කළේ ඔහුගේ දියණිය සමග දම්පාටින් ලා සඳ බැසයනවා ගීතය ගායනා කරමිනි.

    මේ වන විට පියල් නිශාන්ත මන්ත්‍රීවරයාත් සංගීත කණ්ඩායම අසලට ගොස් සිටියේ ගීතයක් ගායනා කිරීමටය. එහෙත් විමල් මයික්‍ර‍පෝනය අතහරින පාටක් පෙනෙන්න තිබුණේ නැත. ගීත ගායනා කිරීමට ගිය පියල්ට සිදුවූයේ බොංගෝවක් වාදනය කරමින් විමල්ට සහාය දීමටය. විමල් මයික්‍ර‍පෝනය අතහැරීමෙන් පසුව පියල් සුපුරුදු පරිදි කුණ්ඩුමනී ගීතය ගැයුවේය. ඔහු කුණ්ඩුමනී ගීතය ගායනා කරන විට පවිත්‍රාත් කාංචනත් වේදිකාව අසලට වී නර්තනයක යෙදුනේය. එහෙත් සැමගේ සිත් ගත්තේ සාදය ආරම්භයේ සිට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා නැටු නන්ස්ටොප් නැටුමය.

    විශේෂ සිදුවීම වන්නේ වෙනදාට මෙවැනි සාදවල ඉදිරියෙන්ම සිටින ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සාදයට පැමිණ නොසිටීමය..

  • ශ්‍රී ලංකා කණ්ඩායමට නව පෙනුමක්

    ශ්‍රී ලංකා කණ්ඩායමට නව පෙනුමක්

    නිදහස්කුසලාන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙට දින (6) ආරම්භ වේ.

    තරඟ 06කින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම නව මුහුනුවරකින් පිටියට පිවිසෙන බව සඳහන් වේ.

    නිදහස් කුසලාන තරඟාවලිය සඳහා පමණක් විශේෂ කණ්ඩායම් නිල ඇඳුමක් නිර්මාණය කර ඇති අතර90 දශකයේ අග බාගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුමට සමාන වන අයුරින්නිදහස් කුසලානයේ නිල ලාංඡනය ද එක්කර නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

    මේ අතර ඉන්දීය සහ බංගලාදේශ කණ්ඩායම් ඊයේ (4) රාත්‍රියේ දිවයිනට පැමිණෙනු ලැබුවා.

     

  • මුල මැද අග නොදැන රටම ගිනියම් කළ තෙල්දෙනිය මනුෂ්‍ය ඝාතනය පිටුපස ඇති ඇත්ත කතාව මෙන්න..

    මුල මැද අග නොදැන රටම ගිනියම් කළ තෙල්දෙනිය මනුෂ්‍ය ඝාතනය පිටුපස ඇති ඇත්ත කතාව මෙන්න..

    මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව මේවන විට උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වන අතර එයට පදනම් වී ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් සහ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අතර සිදුවු ගුටි බැට හුවමාරුවක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.. 

    පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරන කාල සමය තුල සිදුවු සිදුවීමක අළු යට තිබු ගිණි පුපුරු යලි මතුවීමක් ලෙස මෙම සිදුවීම හැදින්විය හැක.

    මෙහිදි මැතිවරණයට පෙර පොහොට්ටු පාක්ෂිකයන් පිරිසක් සමග තිබු ආරෝවක් යලි මතුවී වචන හුවමාරුව දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

    ගැටුම ආරම්භයේදී එම ස්ථානයේ සිටි පොහොට්ටු සාමාජිකයන් ගැටුම වර්ධනය වෙත්ම එම ස්ථානයෙන් පලා යත්ම තනිවු එක් තරුණයෙක්ට එජාප පාක්ෂිකයන් පිරිස පහර දී ඇත.

    මෙය කිසිසේත්ම ජාතිවාදි ගැටුමක් නොවුවද කල දුටුකල මලමිණි අතරින් හෝ බලය ලබාගැනීමට උත්සහ දරන ප්‍රදේශයේ සිටින පොහොට්ටු නායකයාගේ සහ 2020 ජනපති සිහිනය දකින අන්තවාදි දේශපාලන නායකයෙකුගේ අවශ්‍යතාවය මත මේ වනවිට එම සිදුවීමට ජාතිවාදි මුහුණුවරක් ලබාදීමට දේශපාලන වාසි ගැනීමට උත්සහ දරන බඩගෝස්තරවාදින් කිහිපපොලක් කටයුතු කර ඇත 

    උද්ගතවු මෙම තත්ත්වයත් සමග පොහොට්ටු පිලේ අන්තවාදි සාමාජිකයන්  මහනුවර – මහියංගණ මාර්ගයේ, තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් ඇතුළු මුස්ලිම් ව්‍යාපාර කිහිපයකට ඊයේ රාත්‍රියේ ගිනි තබා තිබෙන අතර එහි විශේෂත්වය වන්නේ ඊට යාබදව පිහිටි පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කල මුස්ලිම් අපේක්ෂකයාගේ ව්‍යාපාරික ස්ථානයට සහ නිවසට කිසිදු හානියක් සිදුනොකිරීමට මොවුන් ක්‍රියාකර තිබීමය…

    මේ අතර මියගිය තරුණයාට පහර දුන් බව කියන පස් දෙනෙකු සහ ගැටුමේ මොලකරු ලෙස හැදින්වෙන පොහොට්ටු පක්ෂයේ ප්‍රදේශයේ සම්බන්ධිකාරකවරයෙකු මේ වන විට පොලිසියට බාරවී ඇති බවට ද වාර්තා පල වෙනවා.

    ඒ අතරම වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කර ඇත.

    කෙසේ වෙතත් ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    සබැදි පුවත්

    http://supirigossip.com/archives/15795

    http://supirigossip.com/archives/15805

    http://supirigossip.com/archives/15818

    http://supirigossip.com/archives/15821

    http://supirigossip.com/archives/15824